පොඩ්ඩිට සල්සා නටන්න ආසාවක් මුලින්ම ආවේ අරුනිගේ පෝස්ට් එකක් දැක්කට පස්සේ. මොනදේ ගැන උනත් කලින් දැන ගන ඉන්න එක ඇඟට හොඳයි කියලා හිතුන හන්දා පොඩ්ඩි ගියා චුට්ටිව මුන ගැහෙන්න එයාලගේ සුපුරුදු කෝපි කඩේට. චුට්ටි මේ ලඟදි ඉඳන් නැටුම් පංති යනවා. චුට්ටිත් ලස්සන කෙල්ල. අත්තම්මාගේ පරම්පරාවේ ජාන ගිහින් තියන විත්තිය බැලූ බැල්මට පේනවා. දැක්ක හැටියේ බර වැඩිවෙන ජාතියේ කේක් කෑල්ලක් කමිනුයි එයා හිටියේ. ලඟ මේසේක හිටපු උත්තම පුරුෂයෝ දෙන්නෙක් චුට්ටි දිහා බලාගන (කේක් කෑල්ලටද දන්නෙත් නෑ. පව්…) එයාලගේ සුපුරුදු පැනි හැලීම කරමින් උන්නා.
'හා, හා, මගේ කේක් කෑල්ලට අත තියනවා එහෙම නෙමේ. ඕනම නම් තව කේක් කෑල්ලක් ගෙන්න ගමු' පොඩ්ඩිගේ අතට ගහන ගමන් එයා කතා කලා. 'දැන් මොකද මේ හදිසියේ සල්සා නටන්න හිතුනේ' එයා කතා කරන්නේ හරියට මෑතදී විභාගේ පාස් කරපු ලෝයර් කෙනෙක් වගේ.
පොඩ්ඩි කට ඇරියා විතරයි. 'මම දන්නවා. මම දන්නවා. ඒකෙන් කමක් නෑ' එයා කීවා. 'දැන් මොනවද දැන ගන්න ඕනි'. 'සල්සා නටන හැටි' පොඩ්ඩි කීවේ අහිංසක විදියට. 'එතනට හැන්ඩි කොල්ලොත් එනවද?'
චුට්ටිගේ සීනු හිනාවට, පැනි පෙරපු කට්ටියටත් හිනා. හරියට ලෝකේ තියන හොඳම විහිලුව ඇහුවා වගේ. 'කියලා වැඩක් නෑ. වැඩිපුර එන්නේ නාකි අංකල්ලා. හැන්ඩියෝ බලන්ට ඕනි නම් හවස 8.30 න් පස්සේ තියන one hour social එකට යන්න ඕනේ.’ පොඩ්ඩි එයාට කියලා ගෙන්න ගත්තු කේක් කෑල්ල කන ගමන් චුට්ටි තවත් මොනවදෝ කියනවා ඇහුනා. පොඩ්ඩිට ඉතින් කන සිහියට වඩා තව සිහියක් තියන එකක්යැ.
යන්තමට ඇහුනේ මෙන්න මේ වගේ වචන..” Beginner’s free classes, Latin American, Ball-room dancing, intermediate, progressive, new vogue dancing, dancing shoes, හරි කුකුළා.” එතකොට නම් පොඩ්ඩි ඔලුව උස්සලා බැලුවා. 'හරි කුකුළා' කියලත් සල්සා තියනවද? අන්තිමට ඔන්න ඊලඟ සෙනසුරාදා දෙන්නා හම්බවෙන්න කතා කරගත්තා පන්තිය ලඟදි.
පොඩ්ඩි නං එදා ඇඳගන ගියේ ට්‍රැක් පෑන්ට්ස්. නටන්න ලේසිවෙයි කියලා හිතුන හොඳ දුවන්ට අඳින සපත්තු දෙකකුත් දාගන. එතන හිටපු අය දැක්කාම පොඩ්ඩිට හිතුනේ ආපහු ගෙදර දුවන්ට. හරියට මඟුල් ගෙවල්වල යන්ට වගේ තමා එයාලා ඇඳලා හිටියේ. චුට්ටිත් ඉන්නවා කොට ගවුමක් කාරිය දාගන. පොඩ්ඩි දැක්ක හැටියේ එයා ඔලුවේ අතගහගත්තා. 'මට අමතක උනානේ. හරි කමක් නෑ' ඔන්න පන්තිය භාර සර්කාරයටත් (අවුරුදු හතලිස් ගානක තරුනයෙක්) පොඩ්ඩිව අඳුන්නලා දුන්නා.. අප්පේ එයාට තිබුනු සතුට හරියට කාලෙකින් පවුලේ කෙනෙක් හම්බ උනාවගේ. අත මිරිකපු මිරිකිල්ලට පොඩ්ඩිට හිතුනේ ඉස්පිරිතාලේත් යන්ටවෙයි කියලමයි. සර් පොඩ්ඩිගේ පාට්නර් වෙන්ට කැමැත්තෙන් ඉදිරිපත් උනා. එයා තාම දැනගෙන හිටියේ නෑ පොඩ්ඩිට කොච්චර හොඳට කකුල් පාගන්ට පුලුවන්ද කියලා.
ඔන්න ඉතින් සංගීතෙත් පටන් ගත්තා. ඌහ්...කට්ටිය ඇඹරෙනවා. අර මොනවද ඕනි උනාම පොඩි එවුන් දඟලන්නැහැ දඟලනවා. ඉස්සරහට පස්සට බොහොම ලාලිත්‍යයෙන් යනවා. හිටපු ගමන් පිරිමියා ගෑනුකෙනාව බිමට දාන්ට හදනවා වගේ පේනවා.පොඩ්ඩිට හිතුනේ සමහර ගෑනු ලමයින්ගේ කකුල් ගැලවිලා යයි කියලයි, මෙහෙම නැටුවොත්. හරියට අවුස්සපු කඩි රෑනක් වගේ. එක යුද්ධයයි. අනේ පොඩ්ඩි නම් හැරෙන හැරෙන පාරට වැටෙන්ට යනවා. අර අහිංසක මනුස්සයාගේ කකුල් එදා රෑ ඉදිමෙන්ටත් ඇති පාගපු පෑගිල්ලට. සර්කාරයාගේ පොඩ්ඩි අල්ලගනමයි හිටියේ. නැත්නම් වැටිලා එක ජරමරයයි. සංගීතය ඉවර උනාම මිනිහා හොඳ හුස්මක් හෙලුවා. ඒ උනාට පොඩ්ඩිගේ පිටට තට්ටු කරලා එයා කීවේ පොඩ්ඩිට හොඳට නටන්ට පුලුවන් බවයි. අපොයි සල්සා මෙහෙම නම් අර බූරාගේ එක තැන කකුල් නවන නැටුම කොහොමට ඇද්ද? පොඩ්ඩිට හිතුනා.
ඔන්න ඊලඟට බෝල්-රූම් ඩාන්ස් මියුසික් එකක් පටන්ගත්තේ සර්කාරයා පොඩ්ඩිගේ සල්සාවලට බයවෙලාද දන්නෙත් නෑ.. පොඩ්ඩිව අල්ලගත්තේ වයස 60 ක විතර අංකල් කෙනෙක්. අනේ එයා නම් හිනා උනු ගමන්මයි. පොඩ්ඩිව අල්ලගෙන හිටියේ ආය අත අරින්න නම් නෙමේ වගේ.. චුට්ටි ගේ පාට්නර් නම් ලස්සන කොල්ලෙක්. හරියට එඩ්වර්ඩ් කලන් වගේ. පොඩ්ඩිට ඊරිසියාවේ බෑ. චුට්ටි එයා දිහා බලලා කින්ඩි (තේරුම අහගන්ට බැරි උනා) හිනාවක් දැම්මා. පොඩ්ඩිට් නටාගන යන ගමන් එයාලා පැත්තටමයි ඇදුනේ කතා කරන්නේ මොනාද කියලා අහගන්ටත් එක්ක. වයසක අංකල් එයාව වෙන පැත්තකට ගෙනියන්ට හදනවා. මෙයා යන්නෙම එඩ්වර්ඩ් කලන් පස්සේ. හිටපු ගමන් අංකල් නගුට පෑගුන බලු පැටියෙක් වගේ 'කීං කීං' ගෑවා.
'ඔයා හරි ලස්සනයි' එඩ්වඩ්, චූට්ටිට කියනවා පොඩ්ඩිට ඇහුනා. 'ඉතින් ඒකද ඔයා ඔය හිනාවෙන්නේ?' ඒ චූට්ටි. මල ජුලියයි අත්තම්මා අපේ පරම්පරාවේ ගෑනු ලමයින්ට හරියට මායම් හැට හතර උගන්නලා නැති හැටි. පොඩ්ඩි හිතුවේ එහෙම හැසිරෙන්නේ පොඩ්ඩි විතරක් කියලයි. 'නෑ ඔයා ඒ ගැන දන්නේ නෑ ඒකයි මට හිනාගියේ' කලන් කීවා. චුට්ටි බැස්සියක් වගේ ඇස් ගැහුවා. එයාට ඒක තේරුනේ නෑ.
'මම එඩ්වර්ඩ් කලන් වගේද?' අර මෝඩයා ආයම අහනවා. පොඩි නිහඬතාවක්. පොඩ්ඩිගේ හාර්ට් එක 'ගිඩි...ගිඩි' ගෑවා. 'හ්ම්...ඒවගේ තමයි' ඔන්න පොඩ්ඩිට හුස්ම වැටුනා. 'එයාටත් නහයක්, කටක්, ඇස් තියනවා. ඔයාටත් තියනවා' චුට්ටි කියන්නේ ඇසුත් කරකව, කව. උප්ස්..අංකල් 'ඌයි' කීවා. පොඩ්ඩි දැම්මා අර ලස්සන හිනාව 'සොරී' 'ඉට්ස් ඕකේ මයි ඩාර්ලින් ගර්ල්..." අංකලුත් මාර හිනාවක් දාලා කියනවා.
'ඒ උනාට දකින හැම ගෑනු ලමයම කියන්නේ එහෙමයි'. සුද්දා උනාට මෝඩකමට බෙහෙත් නෑලුනේ. ඇත්තටම එයා ටිකක් ඒ වගේ තමයි. ඇඟේ ලේ කලඳක් නෑ වගේ සුදු පාට. තොලුත් රතු පාටයි. හැබෑට වැම්පයර් කෙනෙක්ද දන්නෙත් නෑ.
එයා දිහා බලන් යන ගමන් තමන් කොහෙද යන්නෙ කියලා පොඩ්ඩි බලන් හිටියේ නෑ. 'දඩන් බිඩින් ඩොන්' කියලා ගිහින් දොරක හැප්පෙනකල්. බලනකොට අංකල්ගේ නලලේ ලොකු ගෙඩියකුත් ඇවිත්. අනේ ඒත් හිනාවෙනවා. මේ පිරිමින්ට උම්මා සීයක් දුන්නත් වටිනවනේ පොඩ්ඩි හිතුවා.
මෙන්න අන්තිමට සර් දුන්න ලෙක්චර් එක.
' සල්සා වගේ නෙමේ බෝල් රූම් . බෝල් රූම් ඩාන්සින් වලදි ගයිඩ් කරන්න ඕනි එක්කෙනෙක්. බොහෝ වෙලාවට පිරිමියා තමයි ඒක කරන්ට ඕනේ. එතකොට එයාගේ පාට්නර්ට එයාව ෆලෝ කරන්න ලේසී. වැඩිය නටන්ට බැරි උනත් ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය තැන්වලදි චූටි පුෂ් එකක් දුන්නම හරි. එතකොට නැටීම පහසුයි. ඕනවට වඩා පුෂ් කරන්නත් නරකයි. තමන් දන්නවා කියලා හිතාගන අනෙක් කෙනාව ගයිඩ් කරන්නත් නරකයි. දෙන්නාගේ තේරුම් ගැනීම උඩ තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ නැටුමක් ඉදිරිපත් කරන්ට පුලුවන් වෙන්නේ.’
පොඩ්ඩිට මොහොතකට හිතුනේ සර් කතා කරන්නේ විවාහය ගැන කියලා. විවාහයට අදාල කරලා බැලුවොත් ඒක සත්‍ය නේද?
හැබැයි එදායින් පස්සේ පොඩ්ඩි නැටුම්වලට ගියේ නෑ
“We're fools whether we dance or not, so we might as well dance.”
~Japanese Proverb~
// දෙන්නාගේ තේරුම් ගැනීම උඩ තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. //
ReplyDelete//පොඩ්ඩිට මොහොතකට හිතුනේ සර් කතා කරන්නේ විවාහය ගැන කියලා.//
වෙන කිසිවක් කියන්න ඕන නෑ. පොඩ්ඩිගේ අවබෝධ කරගැනීමේ හැකියාව මේකෙන්ම පේනවා.
කතාව පසුපස ඇති ආදරශය නම් හරි වටිනවා පොඩ්ඩියේ.
මේ ඒක නෙවේ කොල්ලෝ කෙල්ලො දිහා බලන් පැනි හලනවා විතරද? කෙල්ලෝ කොල්ලෝ දිහා බලන්නේම නැද්ද?
බුදු අම්මේ නැටුම් වලට ගියාම තියෙන කරදර , අහනකොටත් බයයිනේ .මම නැටුම් පන්තියකට ගියොත් අනිවාර්යෙන්ම පාට්නර්ව ඉස්පිරිතාලේ ගෙනිහින් තමා නතරවෙන්නේ. මාත් දන්නවා පොකු චුට්ටිනම් හොඳට නටන්න දන්නව කියලා.කෝ ඉතින් හම්බවුන වෙලාවකවත් ටිකක් කියල දෙනව නම් අනිත් අයගෙ කකුල් නොපාග ඉන්න පුලුවන් නැටුම් පන්තියකට ගිහිල්ල.
ReplyDeleteසමහරු නම් අර එක එක නැටුම් නටනවනේ කකුල් නව නවා ඒත් ඉතින් නිකමටවත් මට කියල දීලා නැහැනේ.
එඩ්වඩ් කලන්. අනේ ඊලඟ Twilight ෆිල්ම් එක කවදා එයිද දන්නෙ නෑ. ඔයා මගෙ පරන ලව් එකක මතකය ඇවිස්සුවා පොකූ. අනේ එඩ්වඩ් ...
ReplyDeleteදැන් පොඩ්ඩිට එඩ්වඩ් කලන්ට පැනි හලන්න පුලුවන් අර කොල්ලො දෙන්නා චුට්ටිට පැනි හැලුවම ඒක වැරදියි.
ReplyDeleteඕකනෙ කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ නේ. ඔන්න ඕක තේරුම් ගන්න උත්සහ කොරන්නා ලමයා
පොඩ්ඩිට සල්සා හරි යන්නෙ නෑ. බ්‍රසීලියානු සම්බා නැටුම්නම් ගැලපෙනවා ( දයාවතී වගේ පස්ස ගස්ස ගස්ස යන නැටුමක් )
ReplyDeleteදේශීය ගරායක් නැටුම ගැන මොකෝ කියන්නෙ
දන්න වෙස් නැටුම කරගෙන හිටියනං ඉවරයිනේ!
ReplyDeleteපොඩ්ඩි අක්කි,
ReplyDeleteආයෙත් නෑටුම් පන්ති එන්න. මේපාර මන් ඔයාට Edward Cullen එක්ක නටන්න දෙන්නම්. ඔයා අවෙ නෑහෑ කියල Dancing Sir Upset.
චුට්ටී
####චුට්ටි ගේ පාට්නර් නම් ලස්සන කොල්ලෙක්. හරියට එඩ්වර්ඩ් කලන් වගේ.###
ReplyDeleteඈත්තටම පොඩ්ඩියෙ ඔය අපේ අර අමරසිරි කලන්සුරිය ගෙ මල්ලි කෙනෙක්ද?
###දන්න වෙස් නැටුම කරගෙන හිටියනං ඉවරයිනේ###
ක.කා ගෙ නම් කටේ මොනවහරි දාන්න ඕන කියපු දේට.
පොඩ්ඩිට හරියන්නෙ "සලු පාලිය"
ඔය සල්සා ගැන නම් මම දන්න ඉටිගෙඩියක් නැතෝ. මම දන්නෙ මෙන්න මෙහෙම නටන්ට විතරයි ඔන්න.
ReplyDeleteඇගේ සුමුදු සුරත සමඟ මගෙ අතැඟිලි පැටලිලා,
මගේ සුරත ඇගෙ බඳ වට ඈ මා වෙත ලංවෙලා,
හිසේ ගැල්වු විලවුන් සුවඳින් මා හද මත්කලා,
නිලේ දිලෙන නෙතුයුග රහසක් පවසයි කොඳුරලා,
මියුරු සත්සර නදට පා තබමු රඟහලේ,
සයුරු රල පෙරලෙනා සේ රඟමු නිදහසේ,
අඳුරු දුරු කරන්නට සඳ පහන දැල්වෙතේ,
සොඳුරු ඔබෙ දෙතොල සිපගනිමි මගෙ මිහිරියේ,
සෙනෙහසේ ගීතයට පා තබමු අප දෙදෙන,
හද පිරුණු ආදරය හැමදාම අලුත්වන,
ප්‍රේමයේ රංගනය කිසිදිනෙක නිම් නොවෙන,
ජීවිතේ හැමදාම රඟමු අපි මේ ලෙසින,
Anyone who says sunshine brings happiness has never danced in the rain. ~Author Unknown
Dancing is moving to the music without stepping on anyone's toes, pretty much the same as life. ~Robert Brault
අනේ පොඩ්ඩි අක්කා ඔයයි, චුට්ටියි මාව දාලා ඩාන්සින් ක්ලාස් ගිහිල්ලනේ, අනේ ඊලඟ පාර මාව දාල ගියොත් නම් මම තරහම තරහයි ඔන්න හොඳේ.
ReplyDeleteඅනේ මගේ ඉන්ටර්නෙට් ප්‍රොබ්ලම් එකක් ඒ නිසාමම මෙහෙම දාන්නේ.
අන්ශු
@අන්ශු,
ReplyDeleteඊයේ දවසම එහෙම ප්‍රශ්නයක් තිබුනා. අද නම් එහෙම ප්‍රශ්නයක් නෑ.
@චුට්ටි,
ReplyDeleteඅර අද එවපු පින්තූරවලට මොනාද කියන්නේ??? අත්තම්මා ඇහුවේ මම නෙමේ.
@ප්‍රියන්ත,
ReplyDeleteඔයාට විතරයි මේකෙන් කියන්ට හදන කතාව තේරිලා තියෙන්නේ. බලනවා, බලනවා. පැණිත් හලනවා. කවුද ඉතින් නෑ කීවේ.
@නීතා,
ReplyDeleteඅපට වගේ නෙමේ ඔයාට ඉතින් නොමිලේ නැටුම් ඉගෙන ගන්ට පුලුවන්නේ. කකුල් පෑගුනත් ඒවාට බෙහෙත් කරන අයත් ඉන්නවානේ.
@පිණි බිඳු,
ReplyDeleteඅනේ මමත් එයාට හරි ආදරෙයි. ඉතින් මොකද කරන්නේ???:DDD
@නිශ්,
ReplyDeleteකවුද අනේ වැරදී කීවේ. පොඩ්ඩි කියලා තියෙන්නේ වෙච්චදේ විතරනේ.
චැහ් මටත් කියන්ට එපායෑ මාත් එනවනේ සල්සා පාරක් දාන්න....!!!! ඔයා මොන එහෙකටද ට්‍රැකින් කිට් එකක් ඇඳන් ගියේ ඇබිත්ත්ං සාය කෑල්ලක් තිබ්බම ඇති මයෙ හිතේ...... :පී
ReplyDelete@මකරා,
ReplyDeleteපොඩ්ඩි ඊලඟට යන්නේ 'සම්බා' පන්ති. ඒත් මට හිතෙන හැටියට නැටුම් නටන්න වැඩිය කවුරුත් කැමති නෑවගේ. මට පේන්නේ පිරිමි වැඩිපුරම කැමති බැනුම් අහන්ට.:D
@කතන්දර,
ReplyDeleteඒකනේ. අනෙක 'හැංගි, හැංගි වෙස්මූනු බැන්ඳට නටන්ට වෙන්නේ එලියෙලුනේ'.
@තරු,
ReplyDeleteමම හිතන්නේ 'කලන්' අමරසිරි කලංසූරියගේ කිරි අත්තා. (කවුද අප්පා මෙයා)
දෙන්නද හැලපයක් කාගෙද කටේ ඔබන්ට ඉල්ලුවා නේද?
ඔයා 'සලු පාලි' දවසක් නටලා පෙන්නන්ටකෝ. ඊට පස්සේ බලන්ට බැරියැ.
@කවිකාර,
ReplyDeleteකවිකාරටත් ලස්සන නැටුම් කවි අදහස් පහල වෙලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ පැණි අදහස් කියලා...:D
@මනේකා,
ReplyDeleteඊලඟ දවසේ ඔයා අනිවාර්යයෙන් ගෙනියනවා මනේකා. අර අංකල්ලා ඉන්න ගානට ගෑනු ලමයි මදි.
අපරාදේ ගෙදර චූටිම චූටි සාය පොඩිත්තක් තිබුනත් එක්ක. ඒත් ඉතින් ඒක ඇන්ඳානම් කැඩෙන්ට තිබුනු බඩු ගැන පොඩ්ඩක් හිතන්ටකෝ.:D
චිකේ අංකල්ලා එක්කනම් නටන්න මට බෑ මං හිතුවේ අර එඩ්වඩ් කලන් අය්යා එක්ක පොඩ්ඩක් ඩාන්ස් කරන්න.....!
ReplyDeleteඒක නම් හැබෑව තමා.... ඒත් ඉතිං රෝමෙට ගියාම රෝමන් කාරයා වගේ ඉන්න එපායෑ!!!!
ආත්තම්මට කියන්න පින්තුරෙ හොදයි කියල. පොඩ්ඩි අක්කි මගෙත් එක්ක පොඩි ගමනක් යන්න එනවද?
ReplyDeleteචූට්ටි
@චූට්ටි,
ReplyDeleteඕන තැනක එන්නම්. කොහෙද පැටියෝ යන්න ඕනි. කලනුත් එනවද???
@මනේකා,
ReplyDeleteඅවුලක් නෑ. චුට්ටි කැමති වෙයි ඔයා කලන් එක්ක ඩාන්ස් කරනවට. චූට්ටි හොඳ ලමයා නිදාගත්තාම...:D
@නීතා,
ReplyDeleteඅත්තම්මාට පනිවිඩයක් දෙන්ට. චුට්ටි පින්තූරෙට කැමතී කියලා.
මම ඒත් මෙච්චර එඩ්වඩ් කලන් ගගා කියන නිසා බෑලුවා මොකාද මේ කියලා.
ReplyDeleteහරියට හරි ... සලු පාලියෙ "ඉන්ග්ලිෂ් වර්ෂ්න්" එක තමයි.
ඌ වෑම්පයර් එකෙක්ම තමයි.
ෂික්.... ඒ වගේද ල0කා කොල්ලො.
උඩරට නැටුම් ඉගෙන ගත්තනම් හරිනේ!
ReplyDeleteඅන්තිම කෑල්ල තමයි හොඳම . දහමින් සෙමින් විවාහ නැටුම නටන්නත් ඉතින් පිරිමියා ගයිඩ් කරන කොට අපි ෆලෝ කරන්න වෙනවමයි. උන්දැත් හරියට නැටුම දන්නැත්නම් කකුල් පෑගිලා ඔලු පැලිලා තමයි ඉවර වෙන්නේ.
ReplyDeleteඇයි පොඩ්ඩි බෙලි ඩාන්ස් ට්‍රයි කලේ නැතෙයි .තව ඔය සම්බද මොකක්දත් තියෙන්නේ..මටත් දන්නෙම නැති කර්මාන්තයක් නේ නැටුම් ..
කලන් ඉන්න remember me චිත්‍රපටිය දැන් පොඩ්ඩකට කලින් බැලුව . ටිකක් දුකයි .
මේ ජපන්නුටත් කට තියාගෙන ඉන්න බෑනෙ. හරි, අපි මෝඩමයි කියමුකො, ඒත් ඒක ප්‍රසිද්ධියෙ කියන්න ඕනමද? හුහ්, ඒ මදිවට තව නටන්නත් කියනව!
ReplyDeleteඅනේ කුමාරිහාමි...ඔය නොදන්න නැටුම් කොරන්න ගිහින් වරිගෙ නහගන්නේ නැතුව හිටිය නම් ඉවරයිනේ...අත්තම්මට හොරෙන් නේද ගියේ?
ReplyDeleteගෑනු ළමයි උපතින්ම නර්තනයට දක්‍ෂයි ! කොයි කෙල්ලගෙත් ඇඟේ නැටුම ගැබ් වෙලා තියනවා . සමහරු පොඩි කාලෙම ඒබව අඳුනගන්නවා අඳුනගෙන ලෝකෙටම පේන්න ලස්සනට නටනවා .
ReplyDeleteසමහරු හැකියාව තිබ්බට සබකෝල ගතිය වැඩියි .. ඒවගේ අය වැඩිය එළිපිට නටන්නේ නෑ .. නටද්දී වෙස්මූනකුත් දාගෙන තමා නටන්නේ ..හැබැයි ඉතින් නටාගෙන යනකොට සමහර වෙලාවට පාට්නර්ලව චේන්ජ් කරනවා ..කොයිතරම් ඔපාට්නර්ලා ගණනක් චේන්ජ් කරනවාද කියන එක නැටුම සහ නටන වේදිකාව මත තමයි තීරනය වෙන්නේ ! නටාගෙන යන අතරේ සමහර අයගේ වෙස්මූණ ගැලවෙලා වීසි වෙනවත් එක්කලු ! එහෙම අයට අඹසරණයි ලු !
ගෑනු ළමයෙකුගේ හැසිරීම සහ ඇඟපත දිහා බලලා දක්‍ෂයෙකුට කියන්න පුළුවන් කෙල්ල අනාගතයේදී හොඳ නැට්ටුක් කාරියෙක් වේවිද නැද්ද යන්න ..
කතාවකුත් තියනවනේ වන්නම් 64ක්ම නටන්න ගෑනු අය දන්නවාය කියලා ..
@පොඩ්ඩි: ඈ බොලේ, ඒපාර මොකද්ද මේ නටන්ඩ හදන නෙයියාඩගම?? මනේකයි පොඩ්ඩියි අනිත් කට්ටියයි අර කොට සාය කෑලි ඇඳගෙන ගියාම කැඩෙන්ඩ තියෙන බඩු නෙවෙයි... මට මතක් වුණේ පාරෙ හැප්පෙන වාහන ගාණ ඕං!!!
ReplyDelete@මනේකා: ආ බං නංගියෙ උඹ එහෙනං මේකටයි අර අපේ ගෙදර ඇවිත් මගෙ පාටි පොරොක් එක ඇඳල එහාට මෙහාට කැරකුනේ නේද??
නැටුම කියන්නෙ විවාහයට සමාන දෙයක්ද ......
ReplyDeleteහරියට බැලුවොත් වෙන්නත් පුලුවන් .......
පොඩ්ඩියේ ලියන්නට පොතක් ඇති කතාවක්, පුද්ගලිකයි රහසිගතයි හින්දා ලියන්නේ නැහැ.
ReplyDeleteකෙටියෙන් කිව්වොත් කාලයක් පට්ට ඩාන්සින් පිස්සෙක් වී හිටි මට සිද්ද වෙච්ච දෙයක් නිසා අද නැටුමුත් අමතකයි. ඉස්සර ෆිට් එකේ කෙට්ටුවෙන් හා සැහැල්ලුවෙන් හිටි මට, අද කෑම වැඩි නිසා නටන්නට බැරි වී ඇත. ඉතින් හිතා ගන්නකො වෙච්ච සංගෙඩිය.
ඔයා ඇයි නැවැත්තුවේ. දිගටම යන්න. පාට්නර් නිතර මාරු කරන්න. [:)]
[[පොඩ්ඩිට මොහොතකට හිතුනේ සර් කතා කරන්නේ විවාහය ගැන කියලා. විවාහයට අදාල කරලා බැලුවොත් ඒක සත්‍ය නේද?]]
කොහෙත්ම නැහැ නංගි. විවාහය පෙනුමෙන් පමණක් මේ වගේ. ඇතුලෙන් වෙන්නේ අනික් පැත්ත. අනික හොඳ ඩාන්සින් පෙයා එකක් අතරේ වැඩි ගැප් එකක් තියෙන්න බැහැ. බැඳ ගත්තු බොහෝ ජෝඩු අතරෙන් මගේ පරණ බෙන්ස් කාරෙක අරන් යන්න පුළුවන් කිව්වේ අපේ ඩාන්සින් සර්. [අපි දෙන්න තවම ඒ ගැන විශේෂයෙන් හිතා ගැප් අඩු කරගෙන ඉන්නවා].
පොඩ්ඩියට හොඳ නැට්ටුක්කාර කාලයක්. නවත්තන්න එපා නංගි. ජයවේවා.
@තරු,
ReplyDeleteඅපොයි ලංකාවේ කොල්ලෝ එඩ්වඩ් කලන් ලඟින්වත් තියන්ට පුලුවන්ද?
@පූසා,
ReplyDeleteලංකාවේ නැටුම් ඔක්කොම ඉවර කරලානේ මේ නැටුම් ඉගෙනගන්ට ආවේ!!!:D
@ bindi,
ReplyDeleteඔන්න ඉතින් මගේ ඔලුවට තවත් අදහසක් දැම්මා. හපොයි. belly dancing!
ඒ ෆිල්ම් එක තාම බැලුවේ නෑ. ඉක්මනින් බලන්ට ඕනි.
@D.G.M බස්සා,
ReplyDeleteඇයි බස්සෝ එක තැනකට වෙලා 'හූම් හූම්...' කිය, කියා ඉන්නේ නැතුව ටිකක් නටපුවාම මොකෝ. ඊලඟ දවසේ අපිත් එක්ක නටන්ට යමු???
@ශාන්,
ReplyDeleteඅත්තම්මාට හොරෙන් ගියබව ඔයා දැන ගත්තේ කොහොමද?
අපේ වරිගේ නම් ඔය මොන නැටුම නටලාවත් විනාශ කරන්ට බැරිවෙයි ශාන්. ඕන්නම් අත්තම්මාගෙන් අහලා බලන්ට.:D
පොකු ප්‍රධාන නැට්ටුක්කාරයගෙ සද්දයක් නැත්තෙ මොකෝ දන්නෙනැහැ නේද?
ReplyDelete@සඳරූ,
ReplyDeleteමායම් 64ක් තියනබව නම් දැනගන හිටියා. වන්නම් 64ක් තියනබව දැනගන හිටියේ නෑ. ඒක නෙමේ සඳරූ සමහර පිරිමින්ට මායම් 64ක් නෙමේ 164 ක් පෙන්නලත් මදි. ඒ මොකද අනේ.
හා මට තව කියන්ට අමතක උනා. ඔයාව අර කාරෙකේ ගම වටේ ගෙනියනවා විතරක් නෙමේ ඔයාට ඒ කාරෙක එලවන්ටත් දෙනවා.:DDD
@hansakinkini,
ReplyDeleteහැබෑට මනේකා ඒ ඇඳගන ආව කොටම, කොට සාය ඔයාගෙද? හපොයි ජනූ මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඒ වගේ ඇඳුම් අඳිනවා කියලා.
පොකු මේ සිරා අයියගෙ සද්දයක් නැත්තෙ මොකෝ දන්නෙ නැහැ නේද? හැංගි හැංගි වෙස් මූණු බැන්ඳට නටන්න වෙන්නේ එලියෙ කියල එයා දන්නේ නැතිව ඇතිනේ?
ReplyDelete@ සඳරූ,
ReplyDeleteවන්නම් 64 ක් තියෙන්නෙ කොහෙද මලේ? වන්නම් තියෙන්නෙ 18 යි නෙව.
අපෙ අත්තම්ම මට ඒ දවස්වල කිව්වෙ " හුහ්, ඒකි දහ අට වන්නමම නටාපු තේ උඩිච්චියක් නෙව, මයෙ සත්තරං පුතා එහෙම ඒකිට අහුවෙනව නෙවෙයි ඔන්න "කියලයි.......හෙහ්, හෙහ්,
@පොඩ්ඩි: නෑ අනේ බලන්ඩ මේ මනේක මගෙ පාටි ෆ්‍රොක් එකේ අඩියක විතර කෑල්ලක් කපාගෙන ගිහින් තමයි මනේක ඔය සාය හදාගෙන තියෙන්නෙ
ReplyDelete@රවි අයියා
ReplyDeleteහා හා, ඉන්නකො මං ගිහිං කියන්න අපෙ අරුන්දතී අක්කට!!!
කට්ටිය දැකල නැ නේද මකරෙක් බෙලි ඩාන්ස් (Belly Dance) නටනවා. ආ මෙන්න බලා ගන්න. හිනාවීම තහනම්
ReplyDeleteBelly Dance Part - 1
Belly Dance Part - 2
අනේ මකර පැටියො ඔයයි මමයි දන්න බෙලි ඩාන්ස්, බැරි වැඩ නොකර ඉන්න අතක් පයක් උලුක්කු උනොත් ගෙදර අයත් නැතිවෙලාවෙ.
ReplyDelete@කල්හාර දිසානායක,
ReplyDeleteමමත් හිතුවේ එහෙම තමයි. ඒත් කට්ටිය කියනවානේ නෑ කියලා.:D
@Sujeewa Kokawala,
ReplyDeleteඅනේ ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට. කතාව රහසිගතයි කීව හන්දා අහන්ටත් බෑනේ. රහසිගත ඒවා තමා රසවත්. :D
ඉතින් ඇයි ජිම් ගිහින් ඇඟ කෙට්ටු කරගන්ට තිබුනනේ ඩාන්ස් කිරිල්ල නැවැත්තුවාම. මොකක්ද අර බෙන්ස් කතාව මට තේරුනේ නෑ.
මමත් හිතාන ඉන්නේ දිගටම නටන්ට තමයි. පාට්නර් ඉතින් ඩාන්සින් වලදි අනිවාර්යෙන් මාරු කරන්ට වෙනවනේ.අපට ඕන උනත්, නැතත්...:D
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteබුදු නෑනේ, උඹ අක්කණ්ඩිට ගතු කියන්ඩෙයි තනන්නෙ?
අඩේ, බං මේ සහතිකමයි, දෙයියම්පල්ල, ඔය කවි ලිව්වෙ ඒ මහගෙ ගැන හිතාන තමයි.
ඒත් ඔය අම්මණ්ඩි ඕක කොහොම බාරගයිද කියන එක තමයි මට තියෙන පුරස්නෙ.
බොලායෙ අක්ක ගැන ඉතිං දන්නව නෙව.......හෙහ්, හෙහ්,........කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කියල දෙයක් තියන මනුස්ස පරාණයක් නෙවෙයි නෙව,
@සිත්තමී,
ReplyDeleteහා...හා...මොනවද දැන් ඔය කියන්ට හදන කේලම්???
@ රවි අයියා
ReplyDeleteකවි ටිකනං ඉතිං අරුන්දතී අක්කා ගැන හිතං තමා ඉතිං ලියන්ට ඇත්තේ කියාලා කොහොමත් හිතුණා, මොකෝ අයියණ්ඩි වෙන කා එක්කවත් නැටුමට ගියේ නෑ නෙව? හැබැයි ඉතිං ඕං අර අත්තම්මගෙ පිටිං දාලා කියලා තියෙන කතාව තමා හරි නැත්තෙ... අයියණ්ඩිලගෙ අත්තම්මා අපෙ අක්කට හරීම ආදරෙයි, අත්තම්මා ඔහොම කතාවක් කවදාවත් කියන්නෙ නැති වග මටනං හොඳ හැටි විස්සාසයි... එහෙමත් නැත්තං - මේ අපෙ අරුන්දතී අක්කණ්ඩි ගැන නෙවෙයිවත්ද කියලා තියෙන්නේ...
@ පොඩි කුමාරිහාමි
ReplyDeleteගතු කියන්ට ගියේ අර අපෙ අරුන්දතී අක්කට එයැයිගෙ මනමාල ඇත්තම එක එක කයි කතන්දර කියන හන්දා... පොඩ්ඩිගෙ කලිං කතාවකටත් මට උත්තර දෙන්න තියෙනවා.
/* අපොයි ලංකාවේ කොල්ලෝ එඩ්වඩ් කලන් ලඟින්වත් තියන්ට පුලුවන්ද? */
අපොයි ලඟින් තියන්නේ මොකටද, ඊට ගොඩක් උඩින් ඉන්න අය ලංකාවේ ඉන්නවනේ පොඩ්ඩියේ.
@සිත්තමී,
ReplyDeleteඒකනේ මේ කොහොම හරි ලංකාවේ කොල්ලෙක්ම අල්ලගන්ට තනන්නේ ඒක තේරෙන්නේ නැද්ද?
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDelete/ එහෙමත් නැත්තං - මේ අපෙ අරුන්දතී අක්කණ්ඩි ගැන නෙවෙයිවත්ද කියලා තියෙන්නේ... /
පිස්සුය නඟේ?, උඹලයෙ අක්ක ගැන නෙවෙයි ඔය කිව්වෙ......හෙහ්, හෙහ්,
උඹලයි අක්කට අපෙ අත්තම්ම ආදරෙයි, ඔය කියැව්වෙ ඔය දන්නෙ නැද්ද......හෙහ්, හෙහ්,....... මම ඔය පොඩි එකා කාලෙ තිබිච්චි පලහිලව්වකට,
@නීතා,
ReplyDeleteනැට්ටුක්කාරයා නං මේ ඉන්නවා.. ඒ වුනාට මේ දවස්වල නටන්ට බෑ මෙයා, පොළොව ඇදයි..
[[කතාව රහසිගතයි කීව හන්දා අහන්ටත් බෑනේ. රහසිගත ඒවා තමා රසවත්.]]
ReplyDeleteරහසිගතයි කිව්වට කියෙව්වම ටිකක් අහුවෙනවා වගේ.
[[ඉතින් ඇයි ජිම් ගිහින් ඇඟ කෙට්ටු කරගන්ට තිබුනනේ ඩාන්ස් කිරිල්ල නැවැත්තුවාම.]]
මේ අද උදෙත් ඕක පටන් ගන්න උන්නේ. කෙරුනේ නැහැ.
ඩාන්සින් යන කාලේ මේ වගේ නෙවෙයි, නැචුරල් වැඩක් නේ. යකඩ කෑලි එක්ක විහිළු කරනවා ට වඩා ආතල් එක වැඩියි. අපි ආයිත් යනවා පුංචි එකී තව ටිකක් ලොකු උනාම.
[[මොකක්ද අර බෙන්ස් කතාව මට තේරුනේ නෑ.]]
ක්ලාස් එකේ ඉන්නවා එක එක ජෝඩු. සමහරු පාට්නර්ස් ලා. සමහරු වෙන්ඩ ලවර්ස්, සමහරු ලවර්ස්, එයිනුත් සමහරු මැරිඩ්.
දන්නවනේ ලැටින් බෝල්රුම් වලට හෝල්ඩ් කරන විදිහ. මැරිඩ් අය එහෙම අල්ලන්නේ නැහැ. දෙන්න වෙන වෙන ම හිටගෙන අත් අල්ලන ඉන්නවා වගේ ඉන්නේ. නො වෙයිට් ට්‍රාන්ස්ෆර්. මැද්දේ හෙන ගැප් එකක්. සර් කියන්නේ සර්ගේ පරණ තඩි කාරෙක ඒ ගොල්ලන් අතරෙන් යවන්න පුළුවන් කියලා. [බෙන්ස් ම ද මතක නැහැ ඇත්තටම]. සමහරු බැන්දම තමන්ගේ අනිත් බාගෙට ආදරය ප්‍රකාශ කරන්න බයයි ද කොහෙද?
[[මමත් හිතාන ඉන්නේ දිගටම නටන්ට තමයි. පාට්නර් ඉතින් ඩාන්සින් වලදි අනිවාර්යෙන් මාරු කරන්ට වෙනවනේ.අපට ඕන උනත්, නැතත්...:D ]]
ඕකනේ මාත් කර කර හිටියේ. ඒ වුනාට හැමදාම ඔහොම වෙන්නේ නැහැනේ. ඒකයි මට වුනේ.
@ Buratheno
ReplyDeleteපොළොව ඇදයි අරව මේව කියල බැහැ ඔයාටත් ඔන්න නටන්න වේවි. මට කියලා දෙන්න වේවි කියලා නේ මග අරින්නේ.( මට නටන්න බැහැකියලා ඉතින් ඔයා දන්නවනේ ඒ නිසා ඔයත් එක්ක නටන්න ඇවිල්ල කකුල් පාගාවි කියල බයයි නේද? )
මගෙ කෙල්ලත් ඕවට හරි ආසයි. එයාගෙ විශ්වවිද්‍යාලෙ ඕවත් උගන්නවලුනෙ. ලකුනු එහෙමත් ලැබෙනවා.
ReplyDeleteඔයාගෙ blog එක දිගටම කියවනවා. ශෛලියට කැමතියි
සමාවෙන්න වන්නම් සහ මායම් මට පොඩ්ඩක් පැටලුනා ..
ReplyDeleteපොඩි කුමාරිහාමි කියලා තියන දේවල් සේරම හරි මම කට වැරදීමකින් මොනවා හරි වැරදි දෙයක් කීවානම් සමාව ඉල්ලනවා .
පො:කූ හරි පිරිමි ඔහොම්මයි ! කෙල්ලෝ පවූ !
ඉතින් මට කාර් එක එලවන්න දෙනවා නේද ?
ඉන්නකො මම සල්සා, සම්බා ඔක්කොම ඩාන්සිං ඉගෙන ගන්නවා.එතකොට මටත් ඩාන්ස් කරන්න කවුරුහරි අඬගහවිනේ!
ReplyDeleteඅන්ශු
@ඊමේල් කවිකාරී ,
ReplyDeleteඔයාට ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට. මොනවද ඔය උගන්නනවා කීවේ? බ්ලොග් ලියන හැටිද?
@සඳරූ,
ReplyDeleteකොල්ලන්ගේ වචනවලින්ම කීවොත්
අනිවා ඩෙෆා,:D
@Sujeewa Kokawala,
ReplyDeleteකරුනු පැහැදිලි කරලා දුන්නට ගොඩාක් ස්තූතියි.
මට තියන බය තමා එක්කෙනා එක්ක, එකම ඩාන්ස් එක නටා ගන ගියාම ඒක කොයි වෙලාවක හරි එපාවෙයිද කියලා.
@බූරා,
ReplyDeleteපොලව කෙලින් කිරීමේ කටයුතු වහා ආරම්භ කොට තිබේ.
@අන්ශු,
ReplyDeleteඊලඟ පාර එක්කගන යන්නම්. තරහාගන්ට එපෝ...
@නීතා,
ReplyDeleteහපොයි ඔය පොලව ඇදයි කියන්නේ නටන්ට බැරි උදවිය. අපිට දැන් වෙන්නේ පොලවේ ඇද අරින්ට. ඒක ගෝලාකාරයිනේ ඒ හන්දා හරියට අඩිය තියන්ට බැරිව ඇති. ඔයා දන්නවද පිරිමින්ට වැඩිය බල කරන්ට හොඳ නෑලුනේ. ඕනවට වඩා කරදර කරනවට එයාලා කැමති නෑලු. මතකද කවුදෝ දවසක් කීවා. මට හිතෙන්නේ පන්ති යන එක හොඳයි ඔය ඔක්කොමට වඩා. දැන් ඉතින් සමහරවිට කවුරු හරි දුවගන එයි අනේ මගේ මැනික මම ඔයාට උගන්වන්නම්. ඔය පොකු ඊරිසියාවට කියන කතා ගනන් ගන්ට එපා කියලා.
ඔය සිරිබිරිස් ගොය්යා ඉන්නවා නේද හරි හොරා රෑට රෑට වෙන ගෑනු ලමයින්ගේ බ්ලොග්වල හැලප හොය, හොයා රවුම් ගහනවා. ඒකයි සද්ද නැත්තේ. දයාවතී පොඩි සැරයක් දැම්මා නම් හරි. අපි කියන දේ අහන්නේ නෑ. අනේ මට නම් දැන් මේ වලව්වේ පිරිමි ටික එපාවෙලා අය්යෝ.
[[මට තියන බය තමා එක්කෙනා එක්ක, එකම ඩාන්ස් එක නටා ගන ගියාම ඒක කොයි වෙලාවක හරි එපාවෙයිද කියලා]]
ReplyDeleteමුලින් කලේ එක එක පාට්නර් ලා එක්ක එකම නැටුම් ටික නැටීම. පස්සේ වුණේ නටන කෙනා පර්මනන්ට් වෙලා ජිවිතේ රඟහලේ විවිධ භූමිකා බර ගනනක් සෙට් වීම.
ඔය අව් අස්සේ ඩාන්සින් යන්න වුනෙත් නැහැ. ඔක්කොම නැටුම් එතනින් ඉවර වුනා.
හැමදාම එකම විදිහට ඉඳලත් බැහැනේ නේද?
මම නම් නටන්නේ පන්ති ගිල්ල ඉගෙන ගෙන නෙවේ . රිදම් එකත් මගෙ , මූමන්ට්සුත් මගේ , ස්ටෙප්සුත් මගෙම විදියට ඒව ඉතින් කිසිම පොතක පතක නතුව ඇති . පාර්ට්නර්ස්ල හිටියත් නැතත් ඔනෙ පාටියක මම නටනවා මගෙ විදියට හි හී
ReplyDeleteපොඩ්ඩි අක්කි අවිත් ගියාම පාලුයි. අපි නටපුව මතක් වෙනව. මට අමතක වුනානෙ අහන්න, අපි දෙන්න යමුද Malaysia
ReplyDeleteචුට්ටි
අය්යෝ බ්ලොග් ලියන හැටි නෙවේ නටන්ට අනේ! නටන්ට උගන්වන්වා කිව්වෙ.
ReplyDeleteඔයාලට වගේ තමා නාකි සීයලා තමා උගන්වන්ඩ ඉන්නෙත්.Cha-Cha, Samba, Swing, Tango, Waltz, Foxtrot මෙකී නොකී සියලු අඩව් කස්තිරං ඔක්කොම.
ක්‍රෙඩිට් වැඩිකරගන්න පුලුවන් තව විනෝදජනක ක්‍රමයක් මේක එයාලට.
හැබැය් එක වෙනසකට තියෙන්නෙ ලස්සන ලතින් කොල්ලොත් යුනි එකේ ඉන්නවා එයාලත් ප්‍රැක්ටිස් කරන්න එනවා. මම පින්තූර දක්කනෙ. හරි හැඩය්.