පොඩ්ඩි දැකපු මලී අහිංසක විදියට හිනා උනත්, ඒ දෑස්වල දිලිහුනේ කඳුලු බිංදු දෙකක්. ලඟදිම බිහි කරන්ට ඉන්න දරුවෙක්ගෙන් පිරුනු කුසයි, ඒ දරුවගේ කිරිවලින් පිරුනු ළය මඬලයි, වෙහෙසට පත් මුහුනයි දැක්කාම පොඩ්ඩිගේ හදවත් හෝස් ගාලා පත්තු උනා.
'මයෙ මැනිකේ ගෙට එන්ට' ඈ පොඩ්ඩිට කීවා. පොඩ්ඩි ගේ ඇතුලට ආවේ සීරුවෙන්. ඒ එක්කම සුදු බන්ඩෙත් කොහේදෝ ඉඳන් මතු උනා.
'මලියේ මම ගෙහුන් එඤ්ඤං...' ඔහු පොඩ්ඩිටත් හිනාවක් පාලා, මලීගේ බිමට නැමුනු හිසට අත තිබ්බා. ඇගේ චීත්ත පොටේ එල්ලිලා හිටපු පොඩිත්තිගෙත් හිස අතගාලා එලියට බැස්සා.
ආව, ගිය විස්තර කතා කරලා මාලී තේ කෝප්පයක් හදන්ට උයන ගේ පැත්තට ගියාම පොඩ්ඩිත් ඒ පස්සෙන් ඇදුනා. පොඩ්ඩි උයනගේ ලොවි බංකුව උඩ වාඩි උනේ මලී කෑගහද්දියි.
මාත එක්ක අඹ කොටු පැන්න කෙල්ල නේද මේ කියලා කාලෙකට පස්සේ ගමට ආපු පොඩ්ඩිට නම් තාම හිතාගන්නවත් බෑ. 'මොකද මලී උනේ' පොඩ්ඩි ඇහුවා.
මලී ඒක නෑහුන ගානෙට කේතලේ ලිප තියලා ගිනි මෙලෙව්වා. දුම් ගැහුනු බිත්ති, පැත්තක ගොඩ ගැහුනු දර ඉපිල්, කනාටු පොල් ගෙඩි දෙක තුන, බිම වැතිරිලා අලස ලෙස හිටපු හිරමනේ , බිත්තියේ එල්ලුනු කුල්ල, කිරි ගොට්ට....”මේ අපි පොඩිකාලේ මවපු සුර ලෝකෙද?” පොඩ්ඩි හිතුවා.
'මේ බරෙන් නිදහස් නම් මට කිසි කරදරයක් නෑ මයෙ මැනිකේ' මලී කීවේ පොඩ්ඩිගේ හිත දැක්කා වගේ. 'මෙහෙම පෙනුනට මට කිසිදෙයකින් අඩු පාඩු නෑ. ලොකු බන්ඩය්යා හොඳ ගොවියා. අපට අවුරුද්ද පුරා කන්ට, වී, හාල් පොල් ඇතිපදම් තියනවා. සුදු බන්ඩෙත් අතපය මහන්සිවෙලා හම්බ කරනවා. අපි ඒකෙන් ඉතිරි කලමනා පිරිමහ ගන්නවා...'
'මොකද මලී ඇත්තටම උනේ?' පොඩ්ඩි ආයම ඇහුවා... තේ කෝප්පයට සීනි දිය කරමින් හිටපු මලීගේ දෑසින් කඳුලු හැලුනේ 'ගොඩ, ගොඩ' ගාලා.
'සුදු බන්ඩෙයි, මායි ආලේ බැඳුනේ හීන් සන්දියේ ඉඳන් කියලා මයෙ මැනිකේ දන්නවනේ. අපේ අප්පච්චි ඒ ගැන කතා කොරගන්ට එයාලගේ මහ ගෙදර ගියාම තමා කියලා තියෙන්නේ ලොකු පුතාටත් එක්ක සහේට ගේනවා නම් මඟුල කෙරන බව.’
සිරිමලී කඳුලු පිස්සා හැට්ට අතින්. 'ඉස්සල්ලාම මම බෑ කීවා. අපිට තිබුනා ගමෙන් ඈත පලාතකට පැනලා යන්ට. ඒත් ඒකට සුදු බන්ඩේ කැමති උනේ නෑ. ලොකු බන්ඩය්යා කියන්නේ දෙවියෙක්. හරිම ඉවසීමක් තියන , කරුනාවන්ත කෙනෙක්. එයා මේකට කැමති උනේ ගෙදරින් බල කරපු නිසා. අපේ මඟුල්දා එයා ගමෙන් පිට උනා. ආපහු ආවේ කාලෙකට පස්සේ. එතකොට සුදු බන්ඩා ගෙදරින් පිට උනා...'
මලී තේ කෝප්පේ දෑතින්ම පොඩ්ඩිට පිලිගැන්නුවා.
'දැන් ඔය ඉන්නේ?' පොඩ්ඩිගේ ප්‍රශ්නය තේරුම් ගත් මලී එයාගේ කුස දැඩි සෙනෙහසකින් පිරිමැද්දා. 'සුදු බන්ඩගේ. මේ හීන් එකී ලොකු බන්ඩය්යගේ'
'ඉතින්?' පොඩ්ඩිට අහන්ට ඕනි උනු ප්‍රශ්න එකක්වත් මෙතනදි කටට ආවේ නෑ.
'ගෑනියෙකුට ඔය දේ දැනගත්ත හැකි පොඩි මැනිකේ'ඔන්න ඒවෙලාවේ නම් මලීගේ මූනට නැගුනේ අර පරන පුරුදු දඟකාර හිනාව.
'අන්න අප්පච්චි එනවා...' පොඩිත්ති එලියට දුවනවත් එක්කම පොඩ්ඩිත් නැගිට්ටා. තෙත කොන්ඩේ උරිස්ස මත මුදලා දාගන හිටපු ලොකු බන්ඩාගේ අහිංසක හිනාව දැකපු පොඩ්ඩිගේ හිත ආපහු හෝස් ගාලා ගියා.
පොඩ්ඩි ඉතින් ගෙදර ගිය හැටියේ දහ අතේ කල්පනා කලා.
'ඇයි අත්තම්මේ මේ එක ගෙයි කෑමක් කියලා එකක් තියෙන්නේ' ඈ අත්තම්මාගෙන් ඇහුවේ බැරිම තැන.
'ඔය ඉස්සර කාලේ මිනිස්සු තමන්ගේ වස්තු සම්බාරේ පිටට යන්වට කරපු දේවල් නොවැ' අත්තම්මා පැවසුවා.
'ඒ උනාට ඒක ගෑනු ලමයෙකුට කරන කොච්චර ලොකු අසාධාරනයක්ද?'
පොඩ්ඩි ඇහුවේ තරහෙන්.'ඕවා කාලයක් තිස්සේ මිනිස්සු පුරුදු කරන් ආපු දේවල්. කාලෙන් කාලෙට වෙනස්වෙන සිතිත්වල හොඳ , නරක අපට මෙහෙම මනින්ට බෑ පොඩ්ඩියේ. එවා හරි, වැරදි කියලා තීන්දු කරන්ට අපට පුලුවන්කමකුත් නෑ. අයිතියකුත් නෑ. ඒවා කාලයම විසඳලා දාවි'
අත්තම්මා දෑස් පලල් කරලා පොඩ්ඩි දිහා බැලුවා. 'මොකද පොඩ්ඩියේ මේ එක ගේ දීග කෑමක් ගැන හිතන්නේ? මයෙ මැනික එකගේ දීගෙක යන්ටවත් ලෑස්ති වෙනවද?' අත්තම්මා ඇහුවේ විහිලුවට..
'මම බඳින්ට ඉන්න කෙනාට බැඳපු නැති සහෝදරයෝ නෑ...'
'මම බඳින්ට ඉන්න කෙනාට බැඳපු නැති සහෝදරයෝ නෑ...'
දුවගන එන අත්තම්මාගෙන් ගැලවෙන්ට පොඩ්ඩිත් දීවා. අප්පච්චිට තේ කෝප්පයක් ගෙනියමින් හිටපු අම්මගේ ඇඟේ නොහැපී පොඩ්ඩි බේරුනේ අනු නවයෙන්. 'මොකද පොඩ්ඩි මේ දැඟලිල්ල?' අම්මා සැරකලා. 'මේ අත්තම්මා මාව එකගෙයි දීගෙක අරින්ට ලෑස්තිවෙනවා' පොඩ්ඩි කෑගෑවා...
අනේ අසරන අම්මා අතේ තිබ්බ තේ කෝප්පේ බිම වැටිලා කුඩුවෙලා ගියා.
මේ ඉතින් දීග යෑමනේ. බින්න බහින එක ඊට එහා.
"the binna husband should take care to have constantly ready at the door of his wife"s room, a walking stick, a talpot (a palm leaf used as an umbrella) and a torch, so that he may be prepared at any hour of the day or night, and whatever may be the state of the weather or of his own health, to quit her house on being ordered."
John D"oyly මෙන්න මෙහෙම කියලා තියනවා. හපොයි ඉතින් තල් අත්තයි, හුලු අත්තයි අල්ලගන හිටියේ ඒ කාලෙනේ. දැන් ඉතින් ඕනම නම් ටෝර්ච් එකකුයි, කාරෙකුයි අරන් දෙන්ට බැරියැ. කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්.
ඔයිට එහානේ කුස රජ්ජුරුවෝ කරපුදේ. අඹුවක් ගන්ට ඕනි හින්දා පබාවතී බිසවගේ ගෙදර ගිහින් උයන ගෙයි, අස්ව ගාලෙයි, වැඩ කලා. දර දිය ඇද්දා. අන්න නියම පිරිමි. එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී...
"In this country, even the greatest hath but one wife, but a woman often has two husbands." …Robert Knox….
කතන්දරේට විස්තර හොයලා දුන්නු අහවලාටත් ගොඩාක් ස්තූතියි....

ඒ පාර මොකාටද මේ එන්න හදන්නේ... බ්ලොග් අවකාශෙ ඉන්නවද බැන්දෙ නැති අයියා මලෝ.... එහෙනම් අදම අයැදුම් කරන්න....
ReplyDeleteපිඟන් කෝප්ප, හෝදලා පිරිමිකම පෙන්නන්ට පුලුවන්ද ඈ? නොක්ස් ලොක්ක කියල තියෙන විදිහට ඒ දවස් වල ලංකාවෙ කාන්තා විමුක්තිය දෝංකාර දිදී තිබිල තියෙන්නෙ. හරියට ලුවී වැන්ඩස්ට්‍රාටන්ගෙ ෆිල්ම් එකක් වගේ තියෙන්ට ඇති නේ?
ReplyDelete@පොකු,
ReplyDeleteඔයාගේ සිතුම් පැතුම් ඒ ලෙසම සඵල වී , පිඟන් කෝප්ප, ඔයාගේ කිලිටු ඇඳුම් සියලු දේම සෝදා ගත හැකි , නියම අය්යා ,මලෝ පිරිමින් දෙදෙනෙක්ම ලැබේවාය් පතමි.
එතකොට හැබැයි එක්කෙනෙක් අර කොටු කොටු වැඩේ කරන කොට.
අනිත් එක්කෙනාට පිඟන් කෝප්ප හෝදන්න පුලුවන්.
හැබැයි , ඔය වගේ පෝස්ට් දාන්නෙ බලාගෙන, අර එක දවසක් ආපු ලොකු නිලමෙය්, පොඩි නිලමෙයි ආයි ඒවී Proposal එකකුත් අරගෙන.:-D
ජයසේන ජයකොඩි මැතිතුමාගේ නවකථාවකුත් තිබුනා. මාලඟ පොත තියනවා. නම මතක නෑනේ වෙලාවට. කාලෙකින් බලල නැහැ. ආයිත් බලන්න හිතුනා. වෙලාව මදි. පොඩි කුමාරිහාමි නඟාගේ මේ කථාවත් නැවත මාව ඒ පොතට අරන් ගියා. සාර්ථක නිර්මාණයක්.
ReplyDeleteකවදත් වගේ ලස්සන කතාවක්. මං හිතන්නේ දැන් නම් ඔය එකගෙයි කෑම නෑ වෙන්න ඕන. මට මතක විධියට මේ වගේ කතාවක් අක්කණ්ඩිගේ පුලිනතලාව බ්ලොග් එකෙත් ලියලා තිබුනා.
ReplyDeleteඅදත් වෙනස් ආකාරයක කතාවක් පොඩ්ඩියේ..
//'ගෑනියෙකුට ඔය දේ දැනගත්ත හැකි පොඩි මැනිකේ'//
ReplyDeleteපොඩ්ඩි දන්නවද හතර හිනා ගැන ..ටිකක් හොයලා බලන්නකො..
//අන්න නියම පිරිමි//
හඃ..එහෙනම් කුස රජ්ජුරුවො තමයි නියම පිරිමියා......
පොඩ්ඩිට කුස රජ්ජුරුවො හොයා ගන්න නම් වැඩිය අමාරු වෙන එකක් නැහැ.....හැබැයි ඉතින් පබාවතී කෙනෙක් තමයි ප්‍රශ්ණෙ....
මොකද මන්ද පොඩ්ඩ් අක්ක මේ දවස්වල ලියන්නෙ අමුතු අමුතු දේවල්මයි...
ReplyDeleteමොකද්ද මේ විපිරියාසෙ හැබෑට???
පහුගිය දොහක අනර්කලී - සලීම් පෙම් පුරාණය
අද එකගෙයි කෑමක්....
@ මහ වෙදනා:අයිය කියන පොත බැද්දෙගෙදර හරි අඹු දරුවො හරි වෙන්ඩ ඕනෙ මහිතෙ
@ ප්‍රියන්ත අයියා: එකගෙයි කන සිරිත නං දැන් නෑ වෙන්ඩ ඇති
ඒත් තාමත් අපේ ගම්වල කසාද බැඳල ඉන්න ගෑනු මිනිස්සු වෙන වෙන සම්බන්ධකම් පවත්වනව...
එව්ව දුර දිග ගිහිං පවුල් පවුල් අතරෙ ගෑනු කොන්ඩ වලු පටලගෙන පිරිමි උදලු යකඩ ඉනිඋස්සගෙන පාරවල් දිගේ කුණුහබ්බ කියාගෙන, දෙස් දෙවොල් තියාන තමයි යන්නෙ ඇවිලෙන්ඩ ගිහාමත්
හැබැයි ඉතිං ඔය ආරෝවල් බොහොම ටික දොහයි තියෙන්නෙ...
ගුටි කෙලි ගහ මරාගැනිලි අවසානෙ දරුවොත් ලැබෙනව....
එක පවුලෙ වෙනස් වෙනස් විදියෙ ළමයි ඉන්නව තමන් වගේ එක ළමයෙක්වත් නැති මින්ස්සුන්ගෙ ගෙවල්වලට අල්ලපු ගෙවල්වල ඉන්නව ඒ මනුස්සය වගේ ළමයි...
ඔන්න ඔය ආකාරයි ඉතිං එව්ව...
අනේ මමනම් ගෙදරට නාකි උනත් ඔය වැඩේටනම් කැමති නෑ..
ReplyDelete.
ජයයසේන ජයකොඩි මහතාගේ "බැද්දෙ ගෙදර " නවකථාව පසුව ටෙලි නාට්යකට ගැහුවා සුදත් රෝහන මහතා. හරි රසවත් ටෙලි කතාව.. හිනා වෙලා පනගියා. ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්නේ මෝඩ චරිතෙකට.
බැහැගෙන යන ගින්දරපාට හිරුගෙ හෙවනැල්ල වැටිල මූදත් ගිනිගන්නව වගේ.තමුන්ගේ හදවතත් ඒවගේ ගිනිගන්නව කියල මනේකට හිතුන. මූණ දිගේ ගලාගෙන යන කඳුලු පිහගන්නවත් මනේකට ඕනෙකමක් නැහැ.මූද දිහා රත් පැහැ ගැන්වුන ඇස් දෙකකින් බලා ඉන්න කණිෂ්කගෙ මූණ දකිනකොට මනේකට තවත් දුක හිතුනා.
ReplyDelete// ඔය ඔයාගෙ අන්තිම තීරනයද කණිෂ්ක ? මනේක ඇහැව්ව බැගෑපත්ව, කණිෂ්කට පුලුවන් උනානම් ඒ මොහොතෙම මැරෙන්න ඒක මේ දුකට වඩා සැපයි කියලා කණිෂ්ක හිතුවෙ.//
තේරුම් ගන්න වස්තුවෙ ඔයාට බොරුවක් කරන්න හිතුව නම් මම අම්මයි අප්පච්චියි එක්කල අපි ගැන කතා කරනවද? මම යුනිවර්සිටි ඉන්න දවස්වල අප්පච්චි අසනීප උන වෙලාවේ නැන්දම්මට අපේ ඉඩ කඩම් ටික උගස් කරලා තියෙන්නෙ කවද හරි අපිට බේරගන්න පුලුවන් බව දන්න නිසා. අයියා හැමදාමත් නැන්නදගෙ දුව මුතු මැණිකෙට ආදරේ කලා. මම නම් හැමදාම එයා ගැන හිතුවෙ මගෙ නංගි කෙනෙක් කියලමයි. අපි දෙන්නට කලින් ඒ දෙන්නගෙ කසාදෙ කරන්න කියන්න අප්පච්චිලා නැන්දම්මව හම්බ වෙන්න ගිහින්. ඒත් නැන්දම්ම කියලා අපි දෙන්නටම මුතු මැණිකෙව දෙනවනම් මිසක් අයියට විතරක් බන්ඳල දෙන්න බැහැ කියල.නැන්දම්මගෙ තීරනයට විරුද්ධ නම් අපේ ඉඩකඩම් ටික විකුණනව කියල.අපේ නැන්දම්ම හරිම දැඩි තීරණ ගන්න කෙනෙක්, හරියට පිරිමියෙක් වගේ.මුතු මැණිකෙයි අයියයි දෙන්නත් හරිම හිතේ අමාරුවෙන් ඉන්නෙ.
මගේ තීරණය මොකක්ද කියල තමා හැමෝම බලා ඉන්නෙ.ඉඩකඩම් ටික පිට මිනිස්සුන්ට විකිණුනොත් අප්පච්චියි, අම්මයි දෙන්න ජීවත් වෙන එකක් නැනැ මනේකා. මේ විදිහේ දුකක් ඔයාට දෙන්න වෙනව කියලා දන්නව නම් කවදාවත්ම මම ඔයාට ආදරෙයි කියන්නෙ නැහැ, ඒ ආදරේ මගේ හිතේම තියාගන්නව මිසක්.මම ඔයාට එක පොරොන්දුවක් වෙන්නම් " මම කවදාවත්ම මුතු මැණිකෙත් එක්ක එකතුවෙන්නෙ නැහැ කියල" හැබැයි ඔයත් මට පොරොන්දු වෙන්න ඕනේ හොඳ කෙනෙක බඳිනව කියල.කණිෂ්ක මනේකගෙ ඔලුවෙ අත තියාගෙනම කිව්ව.
"මට දැන්ම පොරුන්දුවෙන්න බැහැ කණිෂ්ක. මම උත්සාහ කරන්නම්" කණිෂ්කගෙ ඇස්දෙකත් කඳුලින් පිරිලා. ඔහු ආදරෙන් මනේකගෙ හිස සිපගත්ත. මනේකත් ඔහුගෙ උණුසුමින් මිදෙන්න ලෝබවුනා. අවුරුදු හතරක් සරසවියේ තමාගෙ හෙවනැල්ලවගේ ඉඳන් ආදරෙන් බලාගත්ත කණිෂ්කව දකින අන්තිම දවස අදනේ කියල හිතෙනකොට.....
ඔයා හෙට උදෙන්ම නුවර යනවද?
ඔව් මම ගියාට ඔයාව අමතක වෙන්නෙ නැහැ , මට දුක සැප දන්වන්න ඔනේ........
මුලු මුදු වෙරළම අඳුරින් පිරිලා , උඩරටටම ආවේණික වුනු විවාහ සිරිතක් නිසා අපූරු පෙම් යුවලක් අද වෙන්වුනා....
හැබැයි ඉතින් පොල් ගෙඩියට, කොස් ගෙඩියට මිනීමරා ගන්න සහෝදරයො ඉන්න එකේ මෙහෙම තමුන්ගෙ බිරිඳව බෙදා ගත්ත සහෝදරයොත් ඒ කාලෙ හිටියනේ.දැන් නම් ඔය සිරිත අහන්න ලැබෙනව අඩුයි.
@ගිම්හානි,
ReplyDeleteඇයි, අය්යට ඉන්න ඉන්ද්‍රජිත් නාවින්න. ඌත් මරු.
මතකද මඟුල් දවසෙ ඌ කොහෙද හිටියෙ.
හේනේ හැ0ගිලා..... :-)
පොඩ්ඩිගේ කතාවේ හීනියට වගේ කොටු පනින කතාවක් දාලා තියෙන කොට මට හිතුණා මොකක් හරි කොටු පනින වැඩක් තමාය මේ කියලා.
ReplyDeleteමේක ගෑනු එළිපිටම කොටු පැනිල්ලක් ද?
මේකත් නොලියාම බෑ.
ReplyDeleteමං එකගෙයි කෑම ගැන කතාවක් ලියලා දැන් මාස තුනක් විතර ගියා. අත්‍යවශ්‍ය වීඩියෝ ක්ලිප් එකක් හොයනවා, හොයනවා තාම හම්බ වුනේ නෑ.
කවුරුත් මෙතනදි අර අහිංසක ගෑනු ලමයට වෙච්ච කරදරේ ගැන හොයන පාටක් පේන්නේ නෑනේ.
ReplyDelete" උඹව කවදා හරි අර කැලේ ඉන්න නරි රාළට දෙනවා කැලේටම වෙලා ඉන්න" කියල අත්තම්ම පොඩ්ඩිට කියල තියෙනවනෙ. ඒ නරියට බැඳපු නැති සහෝදර නරි නැද්ද හැබෑට. මම හිතන් හිටියෙ එයාට නරි මල්ලියෙක් ඉන්නව කියලනෙ
ReplyDelete@කතන්දර,
ReplyDeleteඕකට උඩරටම වෙන්න ඕනද? පිටරටක එකක් හරියන්නෙ නැද්ද? :-D
අනේ මන්දා පොඩ්ඩි අක්ක දවසින් දවස අමුතු කතා ලියනවා.සමනලී මේ අහිංසක ගෑනු ලමය කිව්වෙ කාටද? මලීටද? මලීව බලාගන්න නම් දෙන්නෙක්ම ඉන්නෙ.
ReplyDeleteමේ මොකද දැන් නීතා සිරාවෙලා වගේ.පොඩ්ඩි අක්ක ටිකක් අහලා බැලුවෙ නැද්ද?කොහොම හරි කමක් නැහැ දැන් ඔය කසාද බැඳිල්ල (එක ගෙයි කෑමද මොකක්ද ) නැහැ නේ පොඩ්ඩි අක්කෙ.
@ අන්ශු,
ReplyDelete//සමනලී මේ අහිංසක ගෑනු ලමය කිව්වෙ කාටද? මලීටද? මලීව බලාගන්න නම් දෙන්නෙක්ම ඉන්නෙ.//
මොන සැපද? නේද?
මට ඔය වගෙ ............ එකක් නැහැනෙ..
නැත්නම් එක්කෙනෙක්ට දෙනවා සපත්තු පොලිෂ් කරන්න, තව එක්කෙනෙක්ට ඇඳුම් මදින්න...හැම වැඩේම දෙන්නව හවුල් කරගෙන කරන්න තිබුනා.
නීතාට නම් මොකක්ද වෙලා තමයි.
එයාගෙ සලීම්ත් මේ ටිකේ පේන්න නැහැ, ඒකද මන්දා කලා නිර්මාණ බිහිවෙන්නෙ හිටු කියලා...
සුදුබණ්ඩෙ මහ නෝංජලයෙක්නෙ.. ඇයි උන්දැට කටක් ඇරලා කියන්න බැරිවුනාද මේ වැඩේට අකැමැතියි කියලා..
ReplyDelete// ලොකු බන්ඩය්යා කියන්නේ දෙවියෙක්. හරිම ඉවසීමක් තියන , කරුනාවන්ත කෙනෙක්. එයා මේකට කැමති උනේ ගෙදරින් බල කරපු නිසා. අපේ මඟුල්දා එයා ගමෙන් පිට උනා //
ඉතිං එහෙම ගමෙන් පිටවෙච්ච බුවා මොකටද ආයෙ ආවෙ..??
@තරු,
ReplyDeleteඋම අහුවෙයන්කො මට.. :)
//@තරු,
ReplyDeleteඋම අහුවෙයන්කො මට.. :) //
හුටා... සලීම් ඇවිත් නෙ..
නෑ මලේ මම කීවේ, පාලුව ,තනිකම වගේ ඒවටත් කලා නිර්මාණ බිහි වෙනවනෙ.
ඒකය් මම කියන්න තැනුවේ...
අපොයි දෙවියනේ එක පිරිමියෙක්වත් විශ්වාස කරන්න බැහැ කිව්ව පොඩ්ඩි ට මක් වෙලාද . මන් නම් සම්පුර්ණයෙන්ම විරුද්ධයි . අනේ පොඩ්ඩි එක්කෙනෙක් හොඳටම ඇති. දැන් ඔය සිරිත තිබ්බේ අපේ රටේ විතරද .ඕක හොඳ පිරිමි දෙන්නෙක් නම් හොඳයි .වසවර්තියෝ දෙන්නෙක් සෙට් වුනොත් කොහොමද .
ReplyDeleteඔයාටත් බ්ලොග් ලියන්න උදව් කරන අහවලෙක් ඉන්න එක මට සතුටක් . ඔය අර අයිස් ක්‍රීම් එපා කිව්ව කෙනා නෙවේනේ නේද
ReplyDeleteහා,හා නෝනෙ, එහෙම කියාන්ට එපා. අල වගේද ගෝවා. මං මගේ අත්තටු දෙක ඔට්‍ටු අල්ලනවා, ඔය අකමැතියි කියන කස්ටිය, එක දෙක වෙලා ලැබෙනවට අකමැති වුනොත්?
ReplyDeleteහීන් මැණිකෙ, ටිකිරිටයි , අදිරිටයි කිව්වෙ මේං මෙහෙමයි:
"ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මගෙ නෙවද
සෙල්ලම් කරමු, ඇයි මේ කලබල මොකද"
කියමින් සැනසුවා, සුමිහිරි බස් බොළද
හැබැයි ගොයියෝ, මට ඔය හවුල් වියාපාරෙකට කතා කලොත් නං, මං දානව උන්දැගෙ පරිප්පුවට මී පාසානං
ඉස්සර කාලේ පිරිමි ගහන ඉතාමත් ඉහල අගයකයි ඉඳලා තියෙන්නේ ඒක නිසා ගෑනු අයට තිබුනේ පුදුම ඉල්ලුමක් ඒ ඉල්ලුමට සරිලන සැපයුම දීගත නොහැකු වූ නිසා . පිරිමින්ට සිදු වුණා ගෑණු අය ගාව බැල මෙහෙවර කරන්න .. මතකද අර කාල ගෝල කියන කෙනා අවුරුදූ හතක් දුකීන මෙහෙවර කලා !
ReplyDeleteඅද කාලේ වෙනස් .. ඒකාලේ කරපු බැල මෙහවර වල සැර වැඩි හින්දම අද කාලේ වෙනකොට එක පිරිමියාට කාන්තාවෝ 3 පරිදි අනුපාතය අඩු වෙලා ..හ්ම්..
ඉතින් අද කාලේ කාන්තාවොන්ට සිද්ද වෙනවා තම්න්ගේ සුදුසුකම් පෙන්වලා කොහොම හරි තමන්ගේ පිරිමියාගේ හිත දිනා ගන්න . දෑවැද්ද එහෙම දීලා තමා අද කාලේ පෑහෙන්න වෙන්නේ . කන්දක් නැග්ගම පල්ලමක් තියේ ..
එක ගෙයි කෑම ඇත්තටම කීවොත් අපේ ගම්මාන වල ඉස්සර තිබිලා තියනවා .. ඒකාලේ සැලකුවේ පුරුශයන් ගොඩකට බාරී වීම කාන්තාව ලද භාග්‍යක් කියලා ..මම මේක කලිනුත් කියලා ඇති . දෙන්නෙකුට නෙවේ පවුලේ පිරිමි 10 හිටියොත් 10දෙනාටම එක බාරියක් ගෙන ඒන අවථා පවා තිබ්බා . එහෙම ගේන කෙල්ලට ෆුල් සැලකිලි ..
ඔයා ගේ දැන් පෝස්ට් වලට මගේ බොක්ක කූල් වෙලා යනවා ..නියමයි පොඩ්ඩි ..
ReplyDeleteඅනේ මන්දා කොලුවෝ, භාග්‍යක්මද කියලා.
ReplyDeleteඔය මහා භාරත කතාවෙ පංච පාන්ඩව සොහොයුරන්ගේ බිරිඳ ද්‍රෞපදී ගෙ නම කිසිම ගෑණු ලමයෙකුට තියන්නෙ නෑ, කියලයි මම නං අහලා තියෙන්නෙ :)
@තරු අය්යා, අන්ශු,
ReplyDeleteමලී අහිංසකයි නේන්නම්. තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් කැප කිරීමක් නෙමේද එයා කරලා තියෙන්නේ? තමන් අකැමති කෙනෙක් එක්ක ඉන්න වෙනවා කියන එක ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. තමන්ගේ නිදහස ගැන කතා කරන්න අයිතියක් නොතිබුනු ඒ වගේ ගැහැනියකට අනුකම්පා කල යුතු බවයි මට නම් හිතෙන්නේ.
අනේද, කියන්නෙ , බස්සෝ!
ReplyDeleteආන්න, ඒකටත් එක්ක, අර නිදා ගන්න ඇඳුම පිටින් පාටි වලට ගිය "එවරෙඩි පූසා" - Hugh Hefner. ඔය කස්ටිය යස අගේට ,දාන්නෙ තාමත් ඒ නම ලමයින්ට.
-අලි මොටා-
පව් වැඩේ ලොකු බන්ඩය්යටයි සුදු බන්ඩය්යටයි බාගයයි...මලීට දෙකයි.. ඔන්න ම්ලිටත් අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම් සාදරනයක් තියනවා.. (පොඩ්ඩි සාදාරනය කරන්න යන්න ඕනේ නෑ....)
ReplyDeleteහොද කතාවක්..හික්..තවමත් මේ කරමෙ තියෙනව..වගකීම් එනකොට මාරු..මේ කත් කියවල බලන්න..තනියම ලියන සහෝදරියක්..
ReplyDeletehttp://malmiart.blogspot.com/2011/09/blog-post_5985.html
http://sithuwilisuwadakakulu.blogspot.com/
ඉස්සර කාලේ පිරිමි වැඩි කමක් තියෙන්න ඇති කොහොමද ආයේ ගෑණු වැඩි වීමක් උනොත්,,,හරි ශෝක් එකට තියෙයි නේ
ReplyDeleteකුමක් ලියන්නදැයි නොතේරේ...
ReplyDeleteමට නම් හිතෙන්නේ ..අදත් ඔය දේම කෙරෙනවා... එක ගෙයි නොවුනත්...
පොඩ්ඩි ගේ කතාව මේ ගැන කරන පාර්ශ්වීය විග්‍රහයක් හෙවත් වලව්වේ උපන් නගරයේ හැදුනු කුමාරිහාමි ගේ දුරදක්නයට අහුවන දර්ශනයක් [ඔන්න දැන් දිග පටලැවිල්ලක් ඇද ගන්න එපා හරිද?]
ReplyDeleteමේක එක එක විදිහට එන්ජෝයි කල, දුක් වින්ද මෙන්ම නොකර බැරි නිසා කල අයත් ඉන්න ඇති.
සමාජයේ මේක සිදුවන්නේ ඇයි කියන එකට වඩා ප්‍රායෝගික උත්තරයක් දෙන්නේ සුදු සෙවනැලි චිත්‍රපටිය. මෙව්වා තීන්දු වෙන්නේ පෝරු උඩම නොවේ. එතනම පෙන්නනවා අයියා මල්ලිට වඩා බලවත් වෙන හැටි වගේම ඔය කියන තරම් මේක සුන්දර නැති බවත් [කොයි කාටත්]
අයිරාංගනී සේරසිංහ ඉන්න සැමියන්ගේ අම්ම ගේ චරිතය ලේලියට කියන පහත දෙබස් ගන්න [හරියටම හරි වචන නොවේ].
"ඒකී හොඳ කිරි වැස්සියක්. තව පැටවූ හැදිය හැකි"
මඩවල එස් රත්නායකගේ සිරා නවකතාවක් තිබ්බා මට දැන් නම අමතක [පුස්තකාලේ ඉන්ඩෙක්ස් කිහිපයක්ම මෙහි සැරි සරණ නිසා ඕක හොයා ගන්න ලැබෙයි]. ඒක ගෙයි කෑම ගැන මේ පොත සුවිශේෂියි. පළමුව මේ කතාව අයිති වෙන්නේ වත්මන් යුගයට. දෙවනුව මෙහි මල්ලි දන්නේ නැහැ "අක්කා" ගෙනාවේ ඔහුටත් එක්ක බව. ඔහු හොරෙන් හොරෙන් ඇයගේ හැඩ බලනවා. අපේ රටට ආවේනික දෙයක් කලින් නොකියන කම හින්දා මේ කතාව කෙලින් කියන්නත් නැහැ. කෙල්ල මේක හෙමින් ඔහුට හඟවනවා. ඒත් ඇත්ත තේරුනාම ඔහු කරන්නේ පලා යන ඒක. මෙන්න මේ කතාව හරිම තාත්වික එකක්.
උපන් පරිසරයේ නොතිබ්බට ඉහත කතා දෙක කියවා/බලා ඇති හන්දයි කිව්වේ ඔබේ දැක්ම දුරස් කියලා.
එතකොට මේ ඒක ගෙයි කන එකට විස්සෝප උන සුද්දා අද නිදහස් සබඳතා, කාර් පූල්, සමලිංගික විවාහ [අම්මලා හෝ තාත්තලා ම දෙන්නෙක් සෙට් උනාම පොඩි එවුන්ට කොහොමද ආතල් එක] වගේ අනිකුත් විවිධ හා විපරීත [සාපේක්ෂ අර්ථයෙන්] දේවල් වලට ශේප් එකේ ඕකේ කියන්නේ ඇයි? මේ සුද්දගේ රියක්ෂන් එක උන්ට නොතේරෙන ඕන දෙයක් ගැන ඌ දෙන රියක්ෂන් එක නේ, ඕකේ ඇති තේරුමක් නැහැ. ඕකම තමයි අපි උඩුකය නිරුවත් වීමටත් ඌ කිව්වේ. "බුදුන්" කියා මිසදිටු දෙයියෙක් ගැනත් නොක්ස් කාරයා කියන්නේ.
චීනයේ ටිබෙට් ආසන්න ගමක පවුල් තියෙනවා පියා කියන සංකල්පය අහිමි. දරුවන් හදන්නෙ මවගේ මුල් පවුල්. ඒ පවුල් වල පිරිමි උපයා ගත යුතුයි අක්කලාගේ නංගිලාගේ [පියා දන්නේ නැති] දරුවන් වෙනුවෙන්. ඒ වෙනුවට ඒ අයට වෙන ගෑනුන්ට දරුවන් හදා දෙන්න පුළුවන් නිර්නාමිකව. අතිශයින් මාතෘ මූලික වූ මේ සමාජය තුල කැමති කෙනෙකුට කැමති කෙනෙක් එක්ක ඉන්න තියෙන නිදහස සුරකින්නේ මේ ආකාරයටයි.
අප එහි උපන්නා නම් අපට තාත්තා කියන වචනය වත් තේරෙන්නේ නැහැ. තාත්තෙක් වෙලා ඒ ගැන පුදුම සතුටකින් ඉන්න මට හිතෙයි මොන කරුමයක් ද කියලා. හැබැයි ඒ ගමේ උන්ට එහෙම හිතෙයිද?
පොඩ්ඩි මේ කතාව ගැන ලියලා අමුඩ ලේන්සුව ගැන නොලියා ඉන්න එක නම් අතිශයින් ම අසම්පුර්නයි.
@සුජීව,
ReplyDelete// ඔන්න දැන් දිග පටලැවිල්ලක් ඇද ගන්න එපා හරිද? //
අනේ එහෙම කියන්නෙ ඇයි..?? අපි පොඩි පටලැවිල්ලක් දාගමු කම්මැලිකම යන්ටත් එක්කලා.. :)
// ඒකී හොඳ කිරි වැස්සියක්. තව පැටවූ හැදිය හැකි //
මේ කිරිවැස්සිට තමන් ආදරය කරන කෙනත් එක්ක (දෙන්නෙක් එක්ක නොවේ) පැටවු ටිකක් හදාගෙන ආදරෙන් ජීවත්වෙන්න අයිතියක් නැද්ද..?? මටනං හිතෙන්නෙ එකගෙයි කෑම වගේම බහුභාර්‍යා සේවනයත් "ස්ත්‍රිය වනාහි දරුවන් වැදීමටත් ගෙදරදොර වැඩපල කිරීමටත් යොදාගත හැකි මෙවලමක්ය" කියලා හිතපු ආදි කාලෙ මනස්ගාතයක් මිස අනිකක් නොවේ.. පොකු මේ දීලා තියෙන case study එකම ගන්න බලන්න, මලීට තමන් ආදරය කරපු සුදුබණ්ඩත් එක්ක දීග කන්න අයිතියක් නැද්ද..??
අමුඩ ලේන්සුව ගැන කතාවක් හෝ ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් හෝ එන්නෙ නෑ නෙවැ මේ ක්‍රමේ නොතිබුනානං.. :)
ෂ... විශිෂ්ඨ රචනයක්....
ReplyDelete@සුජීව
ReplyDeleteඔයා කියන මඩවල එස්. රත්නායකයන්ගේ කතාව මම කියවල නෑ. හැබැයි ඔය ටිබෙටය අසල තියෙන මාතෘ මූලික සමාජය පිලිබඳ වාර්තා වැඩසටහනක් බලල තියෙනව. මගේ නං අදහස මිනිස් සමාජයට වඩාත්ම ගැලපෙන ජීවන රටාව එයයි කියල. ඉතිහාසයේ එක්තරා අවධියක ලෝකයේ මාතෘ මූලික සමාජ සුලබව තිබිල තියෙනව. කෘෂිකාර්මික සමාජයේ ආරම්භක අවධිය මං හිතන්නෙ. ඉතිහාසඥයෝ කියන්නේ ඒ අවධි බොහොම සාමකාමී කියලයි. බුරාල සුජීවල මටවඩා ඔය ගැන දන්නවා ඇතිනේ.
ඔය එකගෙයි කෑම ගැන කියන කළා කෘති දෙකක් මෙන්න.
ReplyDelete* කේ. ජයතිලකයන්ගේ එක ගෙයි අවුරුද්ද නමැති කෙටි කතාව
* කුමාරි මුණසිංහගේ වෙරළු මල් පිපිලා ගීතය
අය්යා හරි මල්ලි හරි ගේ ඇතුලේ ඉන්නවා නම් අමුඩ ලේන්සුව දිරා උඩින් දාල තියෙනවා. එතකොට එයා පල්ලම් බැහැල වෙල පැත්තේ ගිහින් රවුමක් දානවා.. අය්යාගේ බත්මුලේ යටින් ඒක කරෝල කැල්ලක් හංගලා මල්ලිගේ එකෙත් ඒකම කරනවා. දෙන්නම හිතන් ඉන්නේ එයා වැඩිය ආදරේ මෙයාටයි කියලා. ඔහොම යනවා ඉතින්.. මොකද පොඩ්ඩී දැන් මෙවුවම ලියන්නේ ?
ReplyDeleteහප්පා! මේ සඳරු මලයත් දන්නා දේවල්!
ReplyDelete@අභීත
ReplyDeleteඅය්යෝ අභීත... කතාව සම්පූර්නයෙන් වැරදියට තේරුම් අරගනනේ. ගමට ගිය වෙලාවේ දැක්ක දෙයක් ගැන කතා කලා විතරයි.
එක්කෙනෙක් හොයාගන්ට බැරි කල කොහොමද අනේ දෙන්නෙක් හොයා ගන්නේ….:D
@මුහුදු,
ReplyDelete'බලකාමය' වගේ ෆිල්ම්ස් ගැන වෙන්ටැති ඔය කතා කරන්නේ නේද?
“Real Men Cook” කියන එක අහලා නැද්ද? ඔය ලොකු හෝටල්වල ඉන්න දක්ෂ ඔක්කොම පිරිමි Chefs ලා. ගෑනුන්ගේ සියුමැලි අත් කැපෙන්ට ඉඩ නොදී පිරිමි උයන හැටි බලා ඉන්ට ලස්සනයි. ඒකෙන් පිරිමිකම වැඩිවෙලා පෙනෙනවා කියලයි මට හිතෙන්නේ.
ඔය නොබැඳපු , උයන්ට බැරි පිරිමි කරුනා කරලා දැන්ම පන්ති යන්ට පටන් ගත්තොත් හොඳයි…:D
@තරු,
ReplyDeleteපොකු කොතනවත් එක ගෙයි දීග කෑම සඳහා බලා ඉන්න හැටියක් මේකෙන් පේනවද? එයා මේ ගැන විරුද්ධවනේ කතා කරලා තියෙන්නේ?
හැබැයි ඉතින් කවුරු හරි ගෙදර වැඩට සහාය දෙන්ට ඉන්නවනම් ඒකේ වැරැද්දක් නෑ…:D
@වෙද ගෙදර මහ වෙදනා,
ReplyDeleteගොඩාක් ස්තූතියි මෙච්චර වැඩ ගොඩාක් තියාගන මේ පැත්තේ එනවට. අර ජනු පහල කියලා තියන ජසේන ජයකොඩිගේ 'අඹු දරුවෝ' කියන පොත ලංකාවට ගිය වෙලාවක කියවලා තියනවා. ඒ පොතේ ලස්සන කියන්ට මට නම් වචන නෑ. හරියට අපි ඒ කතාවේ චරිත එක්ක ජීවත් වෙනවා වගේ.
මේ කර්තෘ දැන් භාවනාව සහ ආගමික කතා ලියන පැත්තට බරවෙලාද? නැත්නම් ඒ වෙන කෙනෙක්ද? එයා ලියපු 'පිච්ච මල ' වගේ නවකතාවක නමක් මතකයි.
@ප්‍රියන්ත,
ReplyDeleteහැමදාම ඇවිත් මාව දිරිගන්වනවට ඔයාට ගොඩාක් ස්තූතියි. 'පුලින තලාවට' ගිහින් බලන්නම්.
හපොයි ඒක දැන් නැති එක ලොකු දෙයක්…:D
@Luckey,
ReplyDeleteදන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්ටකෝ 'හතර හිනා' ගැන.:D
මේ පැත්තේ නම් ඕන තරම් 'පබාලා' ඉන්නවා. 'කුස'ලා තමයි නැත්තේ. ඇයි ඔය පැත්තේ ඒ වගේ අයගේ අතිරික්තයක් එහෙම තියනවද?...:)
@hansakinkini,
ReplyDeleteගෑනුන්ගේ හිත් දේශගුනේ වගේ කියනවනේ. ඒක වෙන්ටැති ජනූ. අනෙක කට්ටිය ඉල්ලන්නේ අමුතු, අමුතු ඒවනේ. ඉතින් අමුතු, අමුතු ඒවා ලියන්ට වෙනවා. මේ පෝස්ට් එකට වස්තු බීජය හිතේ තැන්පත් කලේ අපේ කවිකාර. 'නරකද මයෙ මැනිකේ එක ගෙයි කෑම ගැනත් ලීවොත් කාරිය' කියලා දවසක් කීවනේ. ඕක ඉතින් හිතේ පැහව, පැහවා තිබුනා. හිටපු ගමන් එලියට පැන්නා. අර උඩින් එතුමාගේ නම දාන්ට වටිනවානේ. ලියන වෙලාවේ හරියට කෑමක් බඩට වැටිලා නොතිබුන හන්දා ඒක අමතක උනා. අනේ ඉතින් එතුමාට නිවන්…… නෑ නෑ මේ කල පින් බලෙන් උපදින ආත්මයක් පාසා නංගිලා පිරිලා ඉන්න ලෝකෙකම ඉපදෙන්ට ලැබේවා කියලා පතමු…:))
මේ බ්ලොග් යායේ දකිනදේ ඒ විදියටම කියන්ට පුලුවන් (බය නැතුව ) එක්කෙනෙයි, දෙන්නයි. ඉන් එක්කෙනෙක් තමා ඔයා. ඔය ගමේ විස්තර ඔක්කොම එලි කරලා තියෙන්නේ...ඔහොම සාමදානෙන් ඉන්ට පුලුවන් කොච්චර දෙයක්ද?
මම මේ කල්පනා කරන්නේ එක ගෙයි දීග කන අයට බාල්දි කොච්චර ඕන වෙයිද කියලා....:D:D:D
@ගිම්හානි,
ReplyDeleteඅනේ මාත් නම් කීයටවත් නෑ ගිම්හානි… ඒ මොන කැත වැඩක්ද? :)
ඔය කියන ටෙලි ඩ්‍රාමා එක බලලා නෑ.:(
@නීතා,
ReplyDeleteලස්සන කෙටි කතාවක් ලියලා තියෙන්නේ. ගම්වල ඇර නගරවල ඔය චාරිත්‍රේ තාම වෙනවද කියලා හිතන්ට අමාරුයි. දුර බැහැර ගම්වල නම් තාම ඇති.
දැන් මනේකා දුවගන එයිද දන්නේ නෑ ඔයා එක්ක ඔට්ටුවෙන්ට…:D
@කතන්දර,
ReplyDeleteබලාගන යනකොට ඒ කාලේ එලියෙම තමා පැනලා තියෙන්නේ නොක්ස් ඉතින් බොරු කියයිද?
'සොයන්නාට සම්බවේවිලුනේ' තව ටිකක් හොයලා බලන්ට….:D
@සමනලී,
ReplyDeleteඔන්න සමනලීට විතරක් යාන්තම් තේරිලා…:)
@අන්ශු,
ReplyDeleteඒ කසාද ක්‍රමේ නැති එකමයි කාරියනේ. මලී පව් කියලා හිතෙයි හොඳට කල්පනා කරලා බලපුවාම. නීතාට පොඩ්ඩක් පාඩුවේ ඉන්ට දුන්නාම හරි යයි. ඔය සලීම් ඇවිත් කියලා තරු අය්යත් කියන්නේ.....:)))
@බූරා,
ReplyDeleteඒ කාලේ ලමයි ඉතින් දෙමව්පියන්ගේ වචනෙට ඉහලින් යානේ නෑ නොවැ. දැන් කාලේ එහෙමද වචනයක් පිටවෙන්ට බෑ ලමයි නෙමේ හැමකෙනාම එන්නේ ඇඟට....:)
ඒ හන්දා තමා සුදු බන්ඩා ආපහු ගමට ආවේ. එයාගේ හිතෙත් මලී ගැන හීන් කැමැත්තක් තිබුනද දන්නෙත් නෑ. කැමැත්තෙන්ලුනේ හැමදේම පටන් ගන්නවා කියන්නේ....:D:D:D
@බින්දි,
ReplyDeleteබින්දිටත් කතාව තේරිලා නෑනේ. පොඩ්ඩිට වසවර්තියෝ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්වත් එපා. කතාවක් කීවා විතරයි අනේ.
//ඔයාටත් බ්ලොග් ලියන්න උදව් කරන අහවලෙක් ඉන්න එක මට සතුටක්//
හපොයිද කියන්නේ?
@D.G.M. බස්සා,
ReplyDeleteසාමාන්‍යෙන් ඉතිහාසේ දිහා බලපුවාම සිදුහත් කුමරාගේ ඉඳන් මේ කාලේ දක්වාම ඔය දෙකේ ඒවට වැඩියෙන් කැමති ඉතින් පිරිමි ලමයි තමයි. මම කියන්නේ සඛ්‍යා ලේඛන දිහා බලපුවාම.
දැන් බස්සෝ මීයන් අල්ලන්නේ මී පාසානම් දාලද? ගෙනාපු මී පාසනම් කාරිය ලඟ ඉතුරුවෙලා තියනවද?
හප්පා බයේ බෑ...:D
@සඳරූ,
ReplyDeleteඔය අනුපාතය දැන් ක්‍රමයෙන් වෙනස් වේගන යනවා. මට මතකයි අරුනි නෝනා ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා වගේ. විශේෂයෙන් ආසියාතික රටවල පිරිමි උපත් ප්‍රමානේ වැඩිවීගන යනවා. ඉතින් ඉස්සරහට ඔය කියන දෑවැදි පිරිමින්ටත් ලෑස්ති කරගන්ට වෙයිද දන්නේ නෑ...)
එක පිරිමියෙක් එක්කත් ඉන්ට බැරි එකේ දහයක් . බුදු ..අත්තම්මේ මෙන්න බලන්ටකෝ මේ සඳරූ කියන කතා...:)
කූල් වෙලා යනවනම් හොඳයි අනේ...ස්තූතියි එහෙම කීවට. විශේෂයෙන් ඔයා වගේ ලස්සනට ලියන කෙනෙක්.
@අලි මොටා,
ReplyDeleteඅලි මොටත් ඉතින් බස්සාට පන්දම අල්ලනවනේ. ඔය ද්‍රෞපදී කියන නම ලමයින්ට තියන්නේ නැත්තේ ඒක පොඩි ලමයින්ට කියාගන්ට බැරි හන්දා මිසක් වෙන හේතුවක් නිසා නෙමේ. අනෙක තමා කොල්ලන්ගේ හිනාව ඉවසන්ට බැරි එක...:)
@Tanikada Jeewithe,
ReplyDeleteඅපොයි පොඩ්ඩි නම් පැත්තේ යන්නේ නෑ. පොඩ්ඩිට ඉතින් නරියා ඉන්නවනේ....:D
@Lalit Udawela,
ReplyDeleteගොඩාක් ස්තූතියි ලලිත්. ගිහින් බැලුවා ලින්ක් එක. මම දැක්කා වලව්වේ කට්ටිය ඒ පැත්තේ ගිහින් තියනවා.
@ItalyDilan,
ReplyDeleteඅපරාදේ දුකේ බෑ කියන්ටත්. ආපහු පිරිමි වැඩිවීගන එනවා. මම දැක්කා කොහෙද කියලා තියනවා ගෙයක්, කාරෙකක් තව මොන, මොනවද එකතු කරන්ට ඕනි කියලා . සමහරවිට ඉස්සරහට ඕවා දෑවැද්දටත් ඕනි වෙයි.:D
@නදුන් උයන,
ReplyDeleteඇත්තම තමයි. අපි මේ පරන සම්ප්‍රාදායික දේවල් ගැන විවේචනය කරනවා ඒවා වෙන නමකින් ඇත්තටම සිද්ධ වෙද්දි....
වෙනදා එක කමෙන්ටුවක් දාන මං මේ පෝස්ට් එකට නොදැනුවත්වම වාගේ කෙමෙන්ටු දෙකක් ම දැම්මේ ඇයි කියලායි මං මේ කල්පනා කරන්නේ.
ReplyDeleteවරදවා වටහා ගන්න හෙම කාරි නෑ, අවසර.
වලව්ව ගැන දෙපාරක් කල්පනා කර, කර හිටියද දන්නේ නෑ. අනෙක ඉතින් බස් රේඩියෝ එක අහන් හිටපු වෙලාවත්නේ....:)
ReplyDeleteපොඩ්ඩගේ දෙමව්පියොත් දේපල බෙදිලා යන එකට අකමැති කට්ටියනම් වැඩේ අලගෙඩියක් වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩියි.
ReplyDeleteසිරිත් විරිත් දෙකෙන් විරිත් හලන්න පුලුවන්, හණමිටිය ඔලුවෙන් අයින්කරපු දෙමව්පියන් ඉන්න දූලට නම් මේ ගැටලුව එන්නෙම නැති වෙයි.
ඒක නෙමේ අපි ලග තියෙනවා පොඩ්ඩි පොඩි කාලේ බිත්ති වල බලිකුරුටු අඳින වෙලේ ගත්තු පින්තුරු ටිකක්. බලන්ඩ ලැස්ති වෙලා ඉන්ඩ..... නීතක්කටත් කියන්න.
@පොකු,
ReplyDelete//පොකු කොතනවත් එක ගෙයි දීග කෑම සඳහා බලා ඉන්න හැටියක් මේකෙන් පේනවද? එයා මේ ගැන විරුද්ධවනේ කතා කරලා තියෙන්නේ?//
'මම බඳින්ට ඉන්න කෙනාට බැඳපු නැති සහෝදරයෝ නෑ... මේක කීවෙ දුකෙන් වගේනෙ, ඒකයි එහෙම කීවේ,
දැන් තේරුනා, ඔයා හොයන්නෙ Husband කෙනෙක් නෙවේ servant කෙනෙක් නේද? :-)
ඔන්න එකෝමත් එක රටක හිටියා අයියා මලෝ දෙන්නෙක්. මේ දෙන්නට වයස අවුරුදු අටක් දහයක් විතර කාලෙදි අම්මයි අප්පච්චියි මේ දෙන්නට කතා කරලා දුන්නා පොඩි පැලයක් මිදුලේ හිටවන්න කියලා. දෙන්නත් එක්ක පැලේ හිටෙව්වා මිදුලේ කෙළවරක. එක්කෙනෙක් හැමදාම පැලේට වතුර දානවා, අනිත් කෙනා පෝර දානවා. බොහොම ආදරෙන් පැලේ රැක බලාගත්තා සතෙකුටවත් ලං වෙන්න නොදී. පැලේ ටික ටික ලොකු වෙන කොට දෙන්නට හරි සතුටුයි. හොඳට පෝර වතුර වැටිලා පැලෙත් හරි ලස්සනයි.
ReplyDeleteටික දවසකින් මේ පැලේ ලස්සන මලක් හැදුණා. අයියා මලෝ දෙන්නට හරි සතුටුයි. 'මං වතුර දාලා පරිස්සමෙන් බලාගත්ත නිසා තමයි ඔහොම ලස්සනට මලක් පිපුණේ, ඒ මල මගේ.' මල්ලි කිව්වා. 'එහෙම වෙන්නෙ කොහොමද? මමත් පෝර දාලා, කුරුමිණියෙක්වත් වහන්න නොදී බලාගත්තේ, ඔය මල අයිති මටයි.' අයියා කිව්වා. ඔන්න පොඩි විරසකයක් පටන් ගත්තා. රණ්ඩුව ටිකක් දුර ඇදිලා ගියා. 'ඒ මල මගේම තමයි. අර දැක්කද, මගේ පැත්තට තමයි හැරිලා ඉන්නේ...' අයියා අන්තිමට කිව්වා. අයියා එක්කත් පැලේ එක්කත් තරහා වෙච්ච මල්ලි යන්න ගියා. එදායින් පස්සේ එයා පැලේට වතුර දැම්මේ නෑ. දවසක් දෙකක් බලන් ඉඳලා, පැලේ මැලවිලා යන හැටි දැක්ක අයියා එයාම පැලේට වතුර දාන්න පටන්ගත්තා. ඒත් කළින් දෙන්නම එකතු වෙලා බලාගත්තු විදියට පැලේ හොඳින් බලාගන්න අයියට තනියම අමාරු උනා. ගහ කළින් තරම් ලස්සනට හැදුණේ නෑ. බලාගෙන ඉන්න බැරිම තැන අයියා ආපහු මල්ලි එක්ක කතා කරලා යාළු කරගත්තා. ඊට පස්සෙ දෙන්නත් එක්කම ආයෙත් ගහට සාත්තු කළා. ඒත් මල්ලිගෙ හිතේ කළිං තරම් පැහැදීමක් නෑ.
ඔන්න ටික දවසකට පස්සේ පැලේ තවත් මලක් හැදුණා. ඒ මල හැදුනේ වෙනින් අත්තක. ඒ නිසා ඒ මල එයාගෙ පැත්තට හැරිලා ඉන්නවා කියලා මල්ලි ඒ මල අයිති එයාටයි කිව්වා. එදා සැරේ අයියා වාද කරන්න ගියෙ නෑ. ඒත් එයාගෙ හිතේ පොඩි ඉරිසියාවක් ආවා, පැලේ එයාට විතරක් අයිති නැති නිසා. දෙන්නගේම පැලේට තියෙන සැලකිල්ල අඩු උනා.
පැලේ කොහොම හරි ටික ටික ලොකු වෙලා ගහක් උනා. ගහේ පිපුන මල්, පළතුරු උනා. අයියා මලෝ දෙන්නම ඒ පළතුරු කෑවා. ඉස්සර වගේම වතුර පෝර දැම්මා, ඒත් කළිං තරම් ආදරයක් ගහට නෑ. ඒත් ගහ ඒ දෙන්නටම කිසිම වෙනසක් නොකර හිටියා. දෙන්නටම එක වගේ රස පළතුරු, සෙවණ දුන්නා.
දැන් මේ අයියා මලෝ දෙන්නත් ලොකුයි. එයාලා මේ ගහේ ඇට ගෙනිහින් හිටවලා ලොකු වතු දෙකක් වවලා බොහොම සාර්ථකව ව්‍යාපාර කරගෙන යනවා. ඒ ගස් වලට සෑහෙන්න සැලකිලි කරනවා. මේ ගහට මුල් දවස් වලදි සැලකුවටත් වඩා. ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන්, අයියා මලෝ දෙන්නාගේ දියුණුව ගැන සතුටු වෙමින් ඒ ගහ අදටත් ඒ මිදුල කෙළවරට වෙලා බලාගෙන ඉන්නවා.
-----------
අනේ කාටහරි මේක 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ කතාවක් කියලා හිතෙනවනම් මෙහෙම කතාවක් මං කිව්වෙ නෑ කියලා හිතන්නන්න හොඳේ. පොඩ්ඩි අක්කාගේ ලිපිය කියෙව්වහම මගේ හිතට ආපු කතාන්දරෙයි ලිව්වේ.
මඩවල රත්නායක ගේ නවල් එක "සිත නැති බඹලොව" විය යුතුයි.
ReplyDelete@පොඩ්ඩි
ReplyDeleteදැන් ජයසේන ජයකොඩි මහතා ජීවතුන් අතර නෑ . පසුගිය වසරේ අන්ත්‍රා උනා.
@පොඩ්ඩි, බුරෝ, පොත්, සරත්, සඳරු,
ReplyDelete[[// ඒකී හොඳ කිරි වැස්සියක්. තව පැටවූ හැදිය හැකි //
මේ කිරිවැස්සිට තමන් ආදරය කරන කෙනත් එක්ක (දෙන්නෙක් එක්ක නොවේ) පැටවු ටිකක් හදාගෙන ආදරෙන් ජීවත්වෙන්න අයිතියක් නැද්ද..??]]
සුදු සෙවනැලි කතාව හුදු ආදර කතාවකට වඩා සංකීර්ණයි. බුරා ෆිල්ම් එකවත් බලලා නැද්ද? [මටත් පොතනම් කියවන්න උනේ නැහැ]
මේ ගැහැණියට ආරච්චිල අතවර කරන්න ආ නිසා ඇයගේ සැමියා ඔහුව කපා මරා දානවා. පොර ජීවිතාන්තෙට හිරේ. 48 කැරැල්ලෙන් පලා ගොස් ඉන්න ඔහුගේ මල්ලි ගෙදර එනකොට පිරිමියෙක් නැති ගෙදර [විවාදාත්මක එහෙත් අතීත සත්‍යයක්] ඉන්න පොඩි එවුන්ට කන්න බොන්නවත් නැහැ. මල්ලි ගෙදර හදලා ගොවිතැන් කරලා උන්ට පන ගන්නේ. එතකොටයි අම්මා මේ යෝජනාව ගේන්නේ.
පස්සේ රැජිනගේ උපන්දිනේට නිදහස ලබලා අයියත් ගෙට ගොඩ වදින කොට "වැස්සි' ආයිත් ගැබ්බරයි.
[[මටනං හිතෙන්නෙ එකගෙයි කෑම වගේම බහුභාර්‍යා සේවනයත් "ස්ත්‍රිය වනාහි දරුවන් වැදීමටත් ගෙදරදොර වැඩපල කිරීමටත් යොදාගත හැකි මෙවලමක්ය" කියලා හිතපු ආදි කාලෙ මනස්ගාතයක් මිස අනිකක් නොවේ..]]
ඔය විවාහය කියන්නෙත් එහෙම්ම මල කෙහෙම්මමලක් තමයි. ආදරේ නම් මොකද පොතේ ලියන්න අවශ්‍ය? ඔය කාලෙම හිතලා තියෙනවා පිරිමියා වනාහි ගොවිතැන් බත් කර හරි හම්බ කරන ජීවියෙකි කියාත්. මා දන්නා තරමින් වික්ටෝරියානු ක්‍රමය එන්න පෙර ලංකාව කාන්තා පීඩක දේශයක් නොවේ. හැබැයි ඉන්දියානු මුස්ලිම් හා වික්ටෝරියානු ක්‍රම තුල ගැහැණිය පමණක් පසුගාමී කුණු මුල්ලක්. අපේ ගැහැණු බොහොම ශක්තිමත්. උන්ව පස්සට දාන්න අමාරුයි. අනුලා රජින දන්නවනේ [පොඩ්ඩි නරකද අනුලා ගේ කතාව ගැන අලුත් අදහසක් ලිව්වොත් - එයාට දොස් කියන තරම වැඩි නැද්ද?].
[[පොකු මේ දීලා තියෙන case study එකම ගන්න බලන්න, මලීට තමන් ආදරය කරපු සුදුබණ්ඩත් එක්ක දීග කන්න අයිතියක් නැද්ද..??]]
අයිතිය කියන්නේ මොකද්ද බුරා? සියල්ල කාලානුරුපි නොවේද? මේ වගේ දේවල් සාමාන්ය් කාලෙක ඔබ කියන අයිතිය මිනිසුන් ගණන් ගනියි ද? කොටින්ම සුදු බණ්ඩා හෝ මලී වත්.
[[අමුඩ ලේන්සුව ගැන කතාවක් හෝ ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් හෝ එන්නෙ නෑ නෙවැ මේ ක්‍රමේ නොතිබුනානං.. :) ]]
අමුඩ ලේන්සුව කියන්නේ සේමෆෝර් එකක් [පරිගණක බසින්]. අහුබුදු දන්නවා නම් කියයි ඕකත් මේ හෙලයගෙන් හොරකම් කල සංකල්පයක් කියලා.
[[ඉතිහාසයේ එක්තරා අවධියක ලෝකයේ මාතෘ මූලික සමාජ සුලබව තිබිල තියෙනව. කෘෂිකාර්මික සමාජයේ ආරම්භක අවධිය මං හිතන්නෙ. ඉතිහාසඥයෝ කියන්නේ ඒ අවධි බොහොම සාමකාමී කියලයි]]
මාතෘමූලික හැම සමාජයකම තාත්තා ඇනොනිමස් නැහැනේ. ගැහැණුන් පිරිමින්ට වඩා හිතා බලා සෞම්‍ය තීරණ ගන්න අය [හුරේ පොඩ්ඩි]. පිරිමින් වගේ කලබල දරදඬු තීරණ ගන්නේ නැහැ. සාමකාමී එහෙත් සෙමින් දියුණුවන ක්‍රමයක් බිහිවෙන්න පුළුවන්. අනතුරට පෙර වැළැක්වීම කියන ක්‍රමය මං වෙන තැනක ලිව්වේ. මෙලෝ හත්තිලව්වක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් අතපය කැඩෙන්නේ ත් නැහැ.
[[ඔයා කියන මඩවල එස්. රත්නායකයන්ගේ කතාව]]
දන්නා තරමින් මේක "සිත නැති බඹලොව". එක ගෙයි කන එක ගැන කොන්ටෙම්පොරරි විවරණයක්. නොවරදි කියවන්න.
[[අය්යාගේ බත්මුලේ යටින් ඒක කරෝල කැල්ලක් හංගලා මල්ලිගේ එකෙත් ඒකම කරනවා. දෙන්නම හිතන් ඉන්නේ එයා වැඩිය ආදරේ මෙයාටයි කියලා. ඔහොම යනවා ඉතින්.]]
මෙව්වත් විනෝදජනක ඇතැයි මට හිතේ, හැබැයි ඔක්කොම එව්වා හැමෝටම ෆන් නොවේ. එක ගෙයි කන එක නැති වුන එක නම් හොඳයි.
[[ඒකාලේ සැලකුවේ පුරුශයන් ගොඩකට බාරී වීම කාන්තාව ලද භාග්‍යක් කියලා ..මම මේක කලිනුත් කියලා ඇති . දෙන්නෙකුට නෙවේ පවුලේ පිරිමි 10 හිටියොත් 10දෙනාටම එක බාරියක් ගෙන ඒන අවථා පවා තිබ්බා . එහෙම ගේන කෙල්ලට ෆුල් සැලකිලි .. ]]
සමාජය් සලකන සමාජය පූජනීය කරන බහු පාර්ශ්ව සේවනයකට අකමැති වෙනවට වඩා කැමති අය වැඩියි නේද? මේක කෙල්ලගේ අභාග්‍යයක් කියා හිතන්නේ අප දකින කෝණයෙන්. අපි ඉන්න විදිහ යුනිවර්සල් හරි දෙය නොවේ. ඒ කට්ටියට අනුව එයාල හරි.
[[ගමේ ගිය පාර]]
පොඩ්ඩියේ මේවා තවම වෙනවද? මං හිතුවේ නම් මේවා ඉවරයි කියලා. තවම උඩරට නීතියෙන් මීට ඉඩ කඩ නම් තිබේ කියා හිතන් ඉන්නෙ.
දැනටමත් කොමෙන්ට් කීපයක සඳහන් වුනා වගේ ලංකාවෙ නොයෙකුත් කලා මාධ්‍ය වලින් කතාකරන්න හේතු වෙන්න ඇත්තෙත් මේකෙ තියෙන සංකීර්න බව නිසා සහ හුඟාක් වෙනස් කෝන වලින් මේක දිහා බලන්න පුලුවන් නිසා.. බ්ලොග් එකක නම් මේ ගැන කතා කරනව දැක්කමයි... ඒ ගැන පොඩ්ඩිට සැලියුට් එකක්...
ReplyDelete.........
මම සබරගමුවෙ, අපේ පලාත්වල අපේ පරම්පරාවට කලින් පරම්පරාව දක්වාම මේ සිරිත තිබුන... මම ඒ වගේ පවුල් ගැන හොඳින් දන්නව... එක පොදු ලක්ෂණයක් තමා අනෙක් පවුල් වලට වඩා වැඩි දරුවන් සංඛ්‍යාවක් මේ පවුල් වල ඉන්න එක... සබරගමුවෙ අපිට කලින් පරම්පරාවෙ පවුලක දරුවො පහක් හයක් කියන එක සාමාන්‍ය ගානක්, ඉතින් මේ පවුලක සාමාන්‍යයෙන් ලමයි නවයක් දහයක් ඉන්නව එහෙම බැලුවහම මේ පොදු බිරිඳට ඒ අතින් සෑහෙන කරදරයක් තිබිල තියෙනව... අම්ම කෙනෙකුට දරුවන් කරදරයක් කියල කියනව නෙමෙයි.. ජීවිත කාලය අවුරුදු අසූවක් කියල ගත්තත් ඒකෙන් අටෙන් පංගුවක් ගැබ්බරව ඉන්නව කියන එක ...ඒ මිසක් මේ පවුල්වල අය ඉතා සාමාන්‍ය විදිහට සතුටෙන් ඉන්නව....
.............
@ සුජීව
//තවම උඩරට නීතියෙන් මීට ඉඩ කඩ නම් තිබේ කියා හිතන් ඉන්නෙ.//
සුජීව , මගේ අවබෝධයේ හැටියට කවදාවත් [ සුද්දගෙ කසාද නීතිය ආ දා ඉඳන් ] මේක නීත්‍යානුකූලව සිද්ධ වුණ දෙයක් නෙමෙයි... උඩරට නීතියෙන් උනත් දෙන්නෙක් සමග විවාහ වෙන්න එක කාන්තාවකට බැහැ... සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ බාල සහෝදරයා නීත්‍යානුකූලව කාන්තාව ආවාහ කර ගැනීම...
මේක වැරදි අවබෝධයක් නම් දන්න ඇත්තෝ නිවැරදි කරත්වා...
- සපතේරු උන්නැහේ
පොඩ්ඩි දැකපු කෝණයට වඩා වික්ටීම් භාවය වැඩි නේද නීතා දකින කෝණයේ. [නීතගේ කොමෙන්ට් කතාව දැක්කේ දැන්].
ReplyDeleteඅනේ මේ නීතා මැට්ටි හා බුරා මැට්ටා [වචන දෙක ෆිට් එක නිසා ලිව්වේ] කවදා තමන්ගේ බ්ලොග් ලියයිද? අඩු ගානේ දෙන්නටම එකක් වත් :). මුන් දෙන්නට කියලා වැඩක් ඇද්ද?
එහෙම කිව්වම මතක් උනේ. බොරු කොමෙන්ට් බ්ලොක් එකක් දා ගෙන හරි මාත් මක්ක හරි ලියන්ට එපයි. මගෙනුත් යමක් ලැබෙයි එහෙනම්.
පොඩ්ඩි - මම දන්නා චෙෆ්ල හෝටලේ ඉව්වට මොකද, ගෙදර ආවම වයිෆ් ට කියල තමයි උයාගෙන කන්නෙ. වළල්ලක් දාපු අතකින් උයපු ඒවයෙ රස ඒගොල්ලොත් දන්නව මයේ හිතේ.
ReplyDelete//ඔය නොබැඳපු , උයන්ට බැරි පිරිමි කරුනා කරලා දැන්ම පන්ති යන්ට පටන් ගත්තොත් හොඳයි…// - හොඳමයි පොඩි මැණිකේ!
@සුජීව,
ReplyDelete// අයිතිය කියන්නේ මොකද්ද බුරා? සියල්ල කාලානුරුපි නොවේද? මේ වගේ දේවල් සාමාන්ය් කාලෙක ඔබ කියන අයිතිය මිනිසුන් ගණන් ගනියි ද? කොටින්ම සුදු බණ්ඩා හෝ මලී වත් //
ඉතිං ඒක නෙවෙයිද මෙතන තියෙන ඛේදනීයම දේ..?? තමන්ට හිමිවිය යුත්තේ මොකක්ද කියලාවත් නොදැන (දැනගත්තත් වෙන කරන්න දෙයක් නැතිකමට, ඊට එරෙහිවෙන්න බැරිකමට) සමාජයට අනුරූපීව ජීවත්වන්නට සිදුවීම..
ඇත්ත, මම සුදුසෙවනැලි බලලා නෑ..
@බුරා
ReplyDeleteඑක නොවේ ප්‍රශ්නේ. "තමන්ට හිමිවිය යුත්තේ මොකක්ද" කියන ඒකට නිරපේක්ෂ හරි උත්තරයක් නැති කම. මොකද අපි ජීවත් වෙන්නෙත් සමාජයට අනුරූපීව තමා.
මා සුදු සෙවනැලි හා මඩවල රත්නායකයන්ගේ පොත් [සිත නැති බඹලොව] සඳහන් කලේ වඩාත් තාර්කික, වඩාත් ප්‍රායෝගික හේතු මත සිදු වන එක ගෙයි කෑමක් වඩාත් තාත්විකව නිරුපනය කරන නිසා. එමෙන්ම එක ගෙයි කෑම නරක දෙයකි යන ප්‍රී ජජ්මන්ට් එකෙන් නොලියු නිසා. මේ දෙන්නම අපට කතාවක් කියනවා විනා තීන්දුවක් දෙන්නේ නැහැ.
පොඩ්ඩි ගේ අහිංසක කතාව හයිජැක් කළා ද මන්දා. මේ කතාව කතාවක් හැටියට ගත්තොත් මලීට වන්නේ ලොකු අසාධාරණයක්. එමෙන්ම සුදු බන්ඩාටත්.
ReplyDelete@ Sujeewa Kokawala,
ReplyDeleteහැම දෙයක් දිහාම එක එක්කෙනා එක එක විදිහට බලන්නේ ඒ නිසයි මා අතින් එහෙම කතාවක් ගොඩ නැගුනේ.ඒ කතාව ගැන අවධානයක් යොමු උන එක ගැන සතුටුයි.
දුකකට තියෙන්නේ ඔය වාගේ විවාහයක් කර ගත්ත ගෑණියෙක්ට තමුන්ගෙ සතුට ගැන නොහිතා අනිත් අයව සතුටින් තියන්න වෙනවා.සැමියන් දෙන්නටම ආව තේව කරන ගමන් ළමයි හදන්නත් ඕනේ.ඒ කාලේ ගෑණු උදවිය ඉවසීමෙන් වැඩ කල නිසා හොඳයි, දැන් වගේ නම් හොඳ හොඳ ප්‍රශ්න මතු වේවි.
කමෙන්ට් එකක් දානව වගේ සරල නැහැ බ්ලොග් එකක් කරණ එක. ඒකයි ඒ ගැන හිතුවෙවත් නැත්තෙ.
@ Buratheno,
ReplyDeleteඔන්න සුජීව මහත්තයගෙන් හොඳ අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා, බ්ලොග් එකක් පටන් ගන්න බලන්න....
@සුජීව,
ReplyDelete// දුකකට තියෙන්නේ ඔය වාගේ විවාහයක් කර ගත්ත ගෑණියෙක්ට තමුන්ගෙ සතුට ගැන නොහිතා අනිත් අයව සතුටින් තියන්න වෙනවා.සැමියන් දෙන්නටම ආව තේව කරන ගමන් ළමයි හදන්නත් ඕනේ //
මෙන්න මට කියන්නට අවශ්‍ය දේ නීතා කියලා තියෙනවා.. සමාජයට අනුරූපී වුවත් (පැරණි සමාජයට) මේ වගේ දෙයක් කාන්තාවක් දරාගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට නෙවෙයිද..?? මේක මගෙ කරුමෙ කියලා හිත හදාගත්ත වෙන්න බැරිද..?? එලියට පෙනුන සතුට මිස ඇගේ හිත ඇතුලෙ තිබුන දුක දැක්කෙ කවුද..??
මම මේ ළඟදි දිගින් දිගටම මේ එකගෙයි කෑම කතා කියෙව්වා. ඔන්න දැන් නම් මටත් ඉන්ටරෙස්ටින් වගේ... බලාගෙන ගියාම ඔය ෆෙරාරි එකක් ලම්බොර්ගිනි එකක් හෙම අයියටයි මල්ලිටයි තියෙනවා නම් මම කැමති නොවී ඉන්නේ මොකටෙයි?
ReplyDelete@කතන්දර, බලන්න Beutiful සීරිස් වල ඇති. එතනත් වැඩි හරියක් එකගෙයි කෑමනේ වෙන්නේ...
@බුරා/නීතා;
ReplyDeleteඅත්තිතයේ සියලු කාලවලට ද වලංගු පරිදි මේක තනිකර දුකක් කියන එකනම් මට පිළිගත නොහැක.
ඉස්සර කාලේ තනි මිනිහෙක් බැන්දත් දුසිමක් විතර හදනවා. කොහොමත් එකෙක් දෙන්නෙක් මැරෙනවත් එක්ක.
ඔය කාලේ දරුවන් සංඛ්‍යාව තීන්දු වන්නේ ගැහැනියගේ කැපෑසිටිය මත මිස මිනිස්සු ගණන මත ම නොවේ නේද? ඔය චින්තනය ඉතින් තනි මිනිහා හිටියත් පොදුයි නේ. හුඟක් ගැහැණු කරලා තියෙන්නේ පෝලිමේ ළමයි හැදීම නේන්නම්.
අදටත් ඇතැම් මුස්ලිමුන්. ලේඛිකා නලිනිගේ "සිත්ති නෝනා" මගේ ඔලුවෙන් අහක් කරන්නට ඩොක්ට නලිනිටවත් [විෂය පිළිබඳව හැදෑරු] බැරි වනු ඇත.
පුරාන කාලේ උනාට දැන් ඔව්වා නෑ නොවෑ.. පොඩ්ඩි අක්කට එක ගෙයි දිගේ යන්ට වෙන්නේ නැතිවෙයි.. :)
ReplyDeleteමා එක්ක අමනාපෙන් ද මන්දා... වෙච්චි සන්තෑසිය ලොකු අයියා අතේ කිවා එව්වනේ මම, අඩුවක් නැතිව මම මගේ යුතු කම කොලා ඊට එහා මක් කරන්නදෑ... තරා ගන්ට කාරි නැතුවා...:)
@සුජීව / බුරා
ReplyDeleteසුජීවගෙයි බුරාගෙයි වාදෙට එකතු කරන්ඩ දෙයක් මටත් තියෙනවා. ඒ තමා ස්වභාවයෙන්ම මිනිසා (මිනිසා යන හැඳින්වීමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අයත් බව සලකන්න.) එක් ලිංගික සහ කරුවෙකුට පමණක් සීමා නොවීම. (By nature Humans are not monogamous.) බහු පුරුෂ හෝ බහු භාර්යා සේවනය (polygamy ) මිනිසුන්ට සම්භවයෙන්ම උරුම වෙලා තියෙනවා.
Monogamy (එක භාර්යා/ පුරුෂ සේවනය) පිළිබඳව Friedrich Engels මෙසේ කියනව.
"සියලු සුචරිතයන්ගේ මුදුන් මල් කඩ ඒක භාර්යා සේවනය නම්, සුචරිතවත් භාවයේ ඔටුන්න හිමි වනුයේ පුරුක් පණහේ සිට දෙසීය දක්වා ඇති, ඒ හැම පුරුකකම ස්ත්‍රී ලිංගය හා පුරුෂ ලිංගය බැගින් යුත් පටිපණුවාටය. ඌ මුළු ජීවිත කාලයේදීම මේ හැම පුරුකක් තුලින් වෙන වෙනම සංසර්ගයේ යෙදෙයි."
@සිතුවිලි යාළුවා
මෙවර ඔබේ ප්‍රබන්ධය නම් විශිෂ්ටයි. මගේ සුභ පැතුම්.
හීන් මැණිකෙ මගෙ කියමින් කී ටිකිරී
ReplyDeleteබණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරී
පත් වූ කීප වේලාවක මේ ළදැරී
ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද
වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද?
සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද?
කියමින් සැනහුවා කියමින් බස් බොළඳ
සුදෝ සුදු - කේයස්
@පොත්ගුල්ලා,
ReplyDeleteස්වභාවයෙන්ම උරුම වුනාය කියලා අපි ඒ උරුම වුන හැම දේම කරන්න යන්නෙ නැහැ නේද..?? මේක ඇවිල්ලා ethics පිළිබද ප්‍රශ්නයක් නේද..??
හිරු සඳු එකවර දෙපස නැඟී................
ReplyDelete" වහාම දින කීපයක් නිවාඩු දමා ගෙදර එන්න "
අප්පච්චිගේ විදුලි පණිවිඩය ලැබෙන විට මම මේ දිනවල නිම කරමින් සිටි ව්‍යාපෘති වාර්තාවේ ලිවීමට ඉතිරිව තිබුනේ සමාලෝචනය පමණි.
එබැවින් එදින අඟහරුවාදාවක් වුවද, දින තුනක් නිවාඩු දමා කාර්යාලයෙන් බැහැරව යාමට ලොක්කාගෙන් බාධාවක් නොවීය.
මහනුවර කරා දුම් රියේ එන තුරුත්, මහනුවර සිට හුන්නස්ගිරිය පාරේ අපේ ගම කරා දිනකට එක් වරක් දිවෙන බස් රථයේ අතුරු සිදුරු නැතිව පිරීගිය මිනිස් පොදිය තුල සිරවී ගෙනත් මම අසාර්ථක උත්සාහයක යෙදුනේ අප්පච්චිගේ මේ හදිසි කැඳවුමට හේතුවක් සිතා ගැනීමටය.
දුම්බර කඳු වලල්ල අසල දුෂ්කර ගම්මානයක ප්‍රභූ පැලැන්තියක උපත ලද මට සිටියේ එක් වැඩිමහල් සොහොයුරකු පමණි. මට වඩා වසර අටකට පමණ පෙර උපත ලද හෙතෙම වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවූයේ පාරම්පරික වතු පිටි රැක බලා ගැනීමෙහි පූර්ණ කාලීනව යෙදුනේය.
කුඩා කල සිට ඉගෙනීමේ සමත් වූ මම මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධියක් ලැබ ගත්තේ අගනුවර පෞද්ගලික ආයතනයක රැකියාව කලෙමි.විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ පෙම්වතිය ද අගනුවරම රජයේ ආයතනයක රැකියාවක යෙදුනු අතර ලබන වසරේදී අපි විවාහ වීමට තීරණය කොට තිබිණි.
දස හැවිරිදි වියේ සිට පමණ නිවසින් පිටමංවූ හෙයින් අප්පච්චි, අයියා සහ මා අතර වූයේ දුරස් වූ සබඳතාවයකි. නිවසේ මා හා සමීප වූයේ අම්මා පමණකි.මා උසස් පෙල ඉගෙනුම ලබද්දී අම්මා ද හදිසියේ මියගියහෙයින් ඉන්පසු මම ගෙදර පැමිණියේද බොහෝවිට සය මසකට පමණ එක් වරකි.
අවසන් වරට මා නිවසට පැමිණියේ මීට සය මසකට පමණ පෙර අයියාගේ විවාහ මංගලෝත්සවය සඳහාය.
අයියා කැන්දාගෙන ආ මනාලිය සැතපුම් දොළහකට පමණ දුරක පිහිටි අම්මාගේ පාර්ශ්වයෙන් අපට දුරින් ඥාතීත්වයක් ද ඇති අප සේම ප්‍රභූ පැලැන්තියේ යුවතියක් වූ අතර සිත් ඇදගන්නා රුවින් යුතුවූවාය.
ඈ මා ඇමතුවේ " පොඩි අයියා" යනුවෙනි.
විවාහ මංගල්‍යයෙන් පසු සතියක් පමණ මම නිවසේ රැඳී සිටි අතර ඒ කාලය තුල තුල නෑනා මා හා බොහෝ සමීප වූවාය. අසල නගරයේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් වී සිටි ඇය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ලකුණු කිහිපයක් පමණක් මද වීම පිළිබඳව අදටත් පසු තැවිලි වන බව පමනක් නොව පාසල් සමයේ ඇගේ පැවති පෙම් සබඳතාවයක් ගැනද මා හා පැවසුවේ මා බොහෝ කලක සිට හඳුනන්නෙකු සේ සලකමිනි.ඇය ඇත්ත වශයෙන්ම ඥාතීත්වය අනුව අක්කා වුවද ඇය මට වඩා මාස දෙකක් බාල බවද මම දැන ගත්තේ මේ කතා බහ අතර තුරදීය.
ඇය බොහෝවිට නිවසේ ඉදිරිපස මගේ කාමරයේ පොත් රාක්කය අතපත ගාමින් පොත් පිළිබඳව මා හා දොඩමළු වෙමින් ගතකල අතර ඈ හා ගතකල කාලය මසිතට අමුතුම ආනන්දජනක හැඟීමක් ගෙන ආ බව පැවසීමට මම මැළි නොවෙමි.
ඇය මගේ කාමරයෙහි තනිව නිතර ගත කිරීම පිළිබඳව මා සිත යම් චකිතයක් වූ වද අයියා හෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් වල එල්බ ගත් අප්පච්චී හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම මගේ විශ්මයට හේතු විය.
අවසන මා කොළඹ ඒමට පිටත් වූ දින ඈ මගේ දෙපා වැඳ නැගිට සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.ඒ මට විශ්මයක් වූ නමුදු වඩාත් මා විපිලිසර වූයේ "අඬන්න, එපා, දුව....අයිය ඉක්මනටම ආයෙ ඒවි නෙව " යනුවෙන් ඇගේ හිස අතගාමින් අප්පච්චී පැවසූ වදනිනි.
මුල්කාලයේ මසකට වරක් ගෙදර පැමිණ යන ලෙස අප්පච්චී ලියුම් කිහිපයකින් ඉල්ලා සිටියද සුපුරුදු ලෙස ඒ ඉල්ලිම ඉටු කිරීමට නොව පිළිතුරු ලිපියක් ලිවීමට පවා මම අතපසු කලෙමි. ඉන්පසු අප්පච්චිගේ ලියුම් නතර වූ අතර සය මසකට පසුව මේ විදුලි පණිවිඩය ලැබෙන තෙක් කිසිදු ප්‍රවෘත්තියක් නිවසින් මා හට නොලැබිණි.
අවසන කෙඳිරිගාමින් පැමිණි බස් රිය නිවෙස අසල නැවතුමට ලඟාවිය. මම ගමන් මල්ලද ඔසවාගෙන පඩි පෙල නැඟ ආලින්දයට ගොඩ වූයෙමි. කිසිවෙකු එළිපෙහෙලියේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ල බිම තැබූ මම සැමදා මා ප්‍රිය කරන ඇඳි පුටුවේ දිගාවී අසල තිබූ ප්‍රවෘත්ති පත්‍රයකින් පවන් සලා ගනිමින් මුහුණ පුරා ගලන දහදිය නිවා ගන්නට වෙර දැරුවෙමි.
එක්වරම දැනුනු විලවුන් සුවඳක් නිසා හිස හරවා බැලූ මට දක්නට ලැබුනේ සාලයට පිවිසෙන දොර උළුවස්සට හේත්තු වී මුව පුරා පැතිරුණු සිනහවකින් යුතු නෑනාය. ස්වල්ප මොහොතකට පෙර ස්නානය කල බව ඇගේ දිගු කෙස් වැටියෙන් තවමත් බේරෙන දියබිඳු කියා පෑවේය.
" ආ...අයිය කොයි වෙලාවෙද ආවෙ?"
" මේ ආව විතරයි"
" මම දැන ගත්ත අයිය අද එයි කියල " ඈ නෙත්කොනින් මා දෙස බලමින් පැවසුවාය
" ඒ කොහොමද එහෙම හිතුවෙ?" මම ඈ දෙස බලා සිනාසෙමින් ඇසුවෙමි. රුවැති යුවතියක හා අල්ලාප සල්ලපයෙහි යෙදීමට මැළි වන්නේ කවර නම් තරුණයාද?.......මේ මගේ අයියාගේ භාර්යාව වුවද සැබැවින්ම රූමත් යුවතියක් නොවේද?
ReplyDelete" මම දන්නවනෙ" ඈ තොඳොල් වෙමින් පැවසුවාය.
" ඉන්න,මම මේ බෑග් එක අයියගෙ කාමරෙන් තියන්න......" ඈ ඉදිරියට පැමිණ නැවී බෑගය ඔසවා ගත්තාය.
මමද ඈ පසුපස කාමරයට ඇදුනෙමි." අයිය, මට මොනවද කොළඹින් ගෙනාවෙ? " බෑගය ඇඳ මත තබා ආපසු හැරෙමින් ඈ ඇසුවාය.
" ම්ම්ම්...ඔයාට....." එක්වරම පිළිතුරක් දීමට මට නොහැකිවූයේ ඇත්ත වශයෙන්ම ඈ වෙනුවෙන් කිසියම් දෙයක් මිළයට ගත යුතුයැයි කිසි විටෙක මට හැඟී නොගිය බැවිනි.
ඒ සමඟම කුසගිනි දැනුනහොත් අනුභව කරන්නෙමැයි සිතා නුවරින් මා මිලයට ගත් චොක්ලට් දෙක මගේ මතකයට නැඟිනි.බසයේ අතුරු සිදුරු නොමැතිව සෙනඟ පිරී සිටි බැවින් චොකලට් පිළිබඳ මතකයක් වත් මා හට නොතිබිණි.
" ආ...ඉන්න " මම බෑගයෙන් චොක්ලට් දෙක ගෙන ඇය අත තැබීමි.
" මම දන්නවනෙ, අයිය මට මොනව හරි ගෙනෙනව කියල......" මුව පුරා සිනාසුනු නෑනා, " ඉන්න අයියට මූණ සෝද ගන්න මම වතුර දාන්නම්" කියමින් උයන ගෙය දෙසට ගියාය.
" එපා නංගි නාගන්න ඕන...මම ළිඳට යන්නම්. "
" ඉන්න, මම එහෙනම් එන්නම් බාල්දියයි සබනුයි අරගෙන "
" එපා පිස්සුද?.....මම අරන් යන්නම්, කෝ දෙන්න සබනුයි බාල්දියයි........"
ළිඳෙන් විඩාව පහව යන තෙක් සීතල වතුර නෑමෙන් පසු, මම කාමරයට එන විට කාමරයේ මේසය මත වැලිතලප පිඟානක් සහ උණු තේ කෝප්පයක් විය.
වැලිතලප සහ තේ කෝප්පයද රැගෙන ආලින්දයට ගිය මම නැවත මගේ සුපුරුදු පුටුවේ හිඳගතිමි. ඇයද පැමිණ මා අසලම හිඳ ගත්තී කොළඹ ජීවිතය පිළිබඬ මගෙන් නොයෙකුත් දේ විමසුවාය......
" මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල" ...එක් වරම ඈ විමසුවේ නෙත් කොනෙන් මා දෙස බලමිනි.
" මොකෝ නැතුව" මම ඈ දෙස එලෙසම බලමින් පැවසුවෙමි.
ඇගේ දෑස විශ්මයෙන් විශාල විය..." අයිය බොරුමයි කියන්නෙ......"
ඒ සමඟම අප්පච්චි ආලින්දයට ගොඩ වූයෙන් නෑනා නැඟිට උළුවස්සට හේත්තු වූවාය.
" පොඩි පුතා කොයි වෙලාවෙද ආවෙ?.....මොකද ලමයො ලියුමකට උත්තර නෑ.....ගෙදර එන්නෙ නහැ.....ඔහොම පුළුවන්ද දැන් ......වගකීමක් කරට ගන්ඩ එපාද?" පුටුවේ හිඳගත් වහාම අප්පච්චීගෙන් උපදෙස් මාලාවකි.
" ඇයි ඔය අයිය ඉන්නෙ " මම ගනනකට නොගෙන වැලිතලප කෑල්ලක් හපන අතර පැවසුවෙමි.
" මොකක්?.....අයිය ඉන්නෙ.....එහෙම කියල හරියනවද?......මෙව්ව ඔක්කොම කවද හරි උඹල දෙන්නටම තමයි........" අප්පච්චි පැවසුවේ නෑනා දෙස ද බලමිනි
මා හිස හරවා ඈ දෙස බැලූ විට ඈ මා වෙත මද සිනහවක් පෑවාය.
ReplyDelete" මොකද අප්පච්චි, මේ හදිස්සියෙ මට එන්න කිව්වෙ?"
" මොනවද ආයෙ හදිස්සි?......උඹ මංගල්ලෙං පස්සෙ මේ පැත්ත පළාතෙ ආවෙ නෑ....එහෙම පුලුවන්ද?........."
" මම ඉතිං ඉස්සරත් එහෙමනෙ......මම කොහොමත් වැඩිය ගෙදර එන්නෙ නැහැනෙ,"
" ඒ ඉස්සරනෙ....ඒ වගේ බෑ දැන්....පොඩි පුතේ මේක හොඳට අහගනින්..........."
අප්පච්චි හමුවීමට කුමන හෝ කාර්යයකට පැමිණි ගැමියකු නිසා කථාව එතැනින් නතර විය.
" අප්පච්චි මොනව කියන්ට හදනවද මම නං දන්නෙ නෑ"
මම ඈ දෙස බලමින් පැවසූයෙමි. ඈ කිසිවක්ම නොදොඩා මා දෙස නොබලාම මිදුලේ අව්වට හේබා වීගිය බුලත් මැස්ස දෙස බලා උන්නීය.
රාත්‍රී ආහාරයෙන් පසු අයියා නැඟිට සිටියේය. " මල්ලි එහෙනම් නිදා ගන්ට.ගමන් මහන්සියත් ඇතිනෙ......මම යනව දෙණියෙ තේ කෑල්ලට....අද රෑ එහෙ පැලේ නිදියනව.......වල් ඌරොන්ගෙන් බේරෙන්ට බෑ......."
විදිලි පන්දම තුවක්කුව සහ පොරෝනයක් ද රැගෙන අයියා පිටත් ව ගියේ නෑනාගේ හිස අතගාමිනි.
ඉදිරි කාමරයේ ඇඳේ දිගාවුනු මම අලුත් කොට්ට උරයෙන් සහ ඇඳ ඇතිරිලි වලින් නැඟෙන තාන් සුවඳ පපුව පුරා විඳ ගනිමින් විවර වූ ජනේලයෙන් පැතිරෙන සඳ එළියේ ආස්වාදය විඳිමින් අරමුනක් නැති කල්පනා රැහැනේ වෙලෙමින් පසුවුනෙමි.
මට නින්ද ගොස් තිබිනිද යන්න හරි හැටි මතකයක් නැත.කිසිවකු ඇඳ මත හිඳ ගනු දැනී එක්වනම කෙලින් වී හිඳ ගතිමි.
පපුව පුරා විහිදීගිය පිච්ච් මල් සුවඳක් ද සමඟ කාමරයට විහිදුනු සඳ එලියෙන් මා දුටුවේ දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නෑනාය.
" වසන්ති මොකද මේ?" ....මුල් වරට මම ඈ ඇගේ නමින් ඇමතීමි.
" මට මෙහෙම කරන්ට එපා මගෙ රත්තරං.....ඇයි මට මෙහෙම කරන්නෙ?......මම මොන වරදක් කලාටද?........මට මේ දුක් දෙන්නෙ?" ඈ මා වෙතට වාරුවී මගේ පපුවට මුහුණ තද කරගත්තීය.
මම ඇය ඉවතට තල්ලු කර දමා ඇඳෙන් නැගිට ගතිමි.
" මොකද මේ පිස්සු හැදීගෙන එනවද?........අර අප්පච්චිත් එහා කාමරේ......දැන් ඇහැරිලා ආවොත් එහෙම.....මෙතන මම දන්නෙ නෑ මොනවයින් මොනව වෙයිද කියල......."
ඇය කෙලින් වී ඇඳෙහි හිඳ ගත්තීය.
" අප්පච්චි මොනව හිතන්නද?.......ඔයා හිතන්නෙ අප්පච්චි තකහනියක් ටෙලිග්‍රම් ගහල ඔයාව ගෙන්න ගත්තෙ මොකට කියලද?" ....ඇගේ හඬෙහි වූයේ නොරිස්සුමකි.
" මොකටද?" ......මම විදහාගත් දෑසින් ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි.
" මොකටද?.......ඔයා මට විහිළු කරනවද?......මම දීග ආවෙ අයියයි ඔයයි දෙන්නම එක්ක බව දන්නෙම නැද්ද?" ඈ බෙහෙවින් විශ්මයට පත්වී ඇති බව ඇගේ විදහාගත් දෑස කියාපායි.
ReplyDeleteමොකක්?.........ඔයාට පිස්සුද වසන්ති?......නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද?...........මොකක්ද මේ විකාරෙ?
" පිස්සු මට නම් නෙවෙයි ඔයාට......මම දීග ආවෙ ඔය දෙන්නම එක්ක......එහෙමයි අපෙ අප්පච්චිල ඔයාලගෙ අප්පච්චි එක්ක කතා කරල ස්ථිර කර ගත්තෙ....."
" එතකොට අයිය?......අයියත් මේක දන්නවද?" මම සවන් අදහා ගනු නොහැකිව ඇසුවෙමි.
" මොකෝ නොදන්නෙ?.....ඔයා හිතන්නෙ අයිය ඔය අද ගියෙ තේ කෑල්ලට ඌරො එන නිසාය කියලද....ඒකෙ ඉන්නව මුරකාරයෙක්,"
" දෙයියෝ සාක්කි......මට නම් මේ කතාව විශ්වාස කරන්ටත් බෑ......ඇයි දෙයියනේ මේ වගෙ දෙයක් කතා කරනකොට, මගෙ ජීවිතේටම බලපාන දෙයක් ගැන තීරණයක් ගන්නකොට, කිසි කෙනෙකුට නිකමට වත් හිතුනෙම නැද්ද මගෙනුත් මේ ගැන ඇහුව නම් හොඳයි නේද කියල......ඔක්කොමල එකතු වෙලා මා ගැන තීරණ අරන් තියනව මම කිසි දෙයක් දන්නෙ නෑ....මමත් මනුස්සයෙක් නේද.....මටත් හිතක් පපුවක් තියනව නේද?......මා ගැන තීරණ ගන්ට මටත් අයිතියක් තියනව නේද කියල හිතන්ට තිබුන නේද? "
ආවේගශීලී බව වැඩි නිසාම එක තැනක හිඳීමට අපහසු වූයෙන් මම මෙසේ පැවසුවේ කාමරය පුරා ඇවිදිමිනි. නොදැනුවත්වම මගේ හඬද උස්ව තිබිනි.
" කෑ ගහන්ට එපා අයියා, අප්පච්චිත් ඇහැරලා එයි."
" ඉතින් ආවාවෙ.....එයා එක්කතමයි මට තියෙන්නෙ මේ ගනුදෙනුව බේරගන්ට," එසේ පැවසූ නමුදු මම කට හඬ බාල කලෙමි.
" අයිය අර ගෑණු ළමයෙක් ගැන කිව්වෙ ඇත්තටමද?" වසන්තී ඇසුවේ ඇසෙන නෑසෙන ස්වරයකිනි.
" ඔව්" මම ජනෙලයෙන් ඉවත බලාගෙන පැවසුවෙමි.
කොට්ටයට හිස තබා මුනින් තලා වූ ඇය සෙමින් ඉකි බිඳින්නට වූවාය.
කොතෙකුත් ඇගේ හැඬුම අසා සිටිය නොහැකිවූ මම ඇඳේ ඈ අසල වාඩිවී ඇගේ හිස පිරිමදින්නට වීමි.
එක වනම හිස ඔසවා මා වැළඳ ගත් ඈ මගේ පපුවට මුහුණ තද කරගෙන හඬන්නට වූවාය. ඇගේ කඳුලින් මා හැඳ සිටි කමිසය තෙත් වනතෙක් හැඬූ ඈ හිස ඔසවා කඳුළු පිරි දෙනෙතින් මා දෙස බැලුවාය.
" අයිය මේ මංගල්ලෙට මම කැමති උනේ අයිය නිසා......ඒත් ඒක දැන් හීනයක් විතරයි......මට ඒ වාසනාව නෑ.....කමක් නෑ අයිය, මම හිත හදා ගන්නම්, මේක මගේ ලැබීම. නලලේ කොටපුදේ වලක්වන්ට කාටවත් ම බැහැනෙ. මේ තමයි මගෙ නලලෙ කොටල තියෙන දේ...මම ඒක පිළිගන්ටම එපාය....."
සෙමින් ඇඳෙන් නැගී සිටි ඈ කඳුළු පිසදමා හැර ලිහුනු වරලස සකස් කර ගනිමින්, කාමරයෙන් පිටවීමට සෙමින් සෙමින් පිය මැන්නාය. හිරකරගත් ඉකියක් වරින් වර මගේ සවන් පාරවා ලමින් ඇසිණි.
" වසන්තී" මම සෙමින් ඇය ඇමතීමි......කාමරයේ දොරටුව අසලට ළඟාවී සිටි ඇය එකෙනෙහිම නතරව සෙමෙන් හිස හරවා මා දෙස බැලුවාය.
සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.
අනේ පව්..........
ReplyDelete@ Ravi
ReplyDeleteමල කෙලියයි මහ රජ කිව්වලු!
මාර නිර්මාණය නොවැ රවි ගොයියෝ, මේක.
කියවන කොට නිකං කිචි කැවෙනවා වගේ එකක් දැණුනා.
ඇත්තටම!
බලමු, මේක කියවන අය මොනවා නොකියයිද කියලා!
අම්මපා රවියෝ , ඇස් වහක් කටවහක් නෑ, උඹ ලියන ඒවා එක හුස්මට කියවන් යන්න පුලුවන්,
ReplyDeleteපොඩ්ඩිගෙ පෝස්ට් වලට හොඳම Backup දෙන්නෙ උඹ තමයි.
ඔන්න දැන් "සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත" නැවත වාරයක් දිග අරින්න කාලය ඇවිත් ,
ලියන්න බලන්න මෙම කතාව වසන්තිගෙ ඇහින් දැකපු විදිය.(මනමාලිව බලන්න ආපු දවසෙ ඉඳලම නම් ගොඩක් හොඳයි )
මොකද පොද්දී අක්කා එකපාරටම අකගෙයි කෑමක් ගැන මතක් උනේ.
ReplyDeleteඅර කිව්වත් වගේ දේපල පිට යන හින්දා වෙන් ට එකගෙයි කෑමක් කියලා එකක් තියෙන්නේ.
ඉස්සර එහෙම දෙයක් තිබ්බට අද කාලෙට එක වලංගු නැහැනේ.
අක්කට නම් ලොකු හාමු මහත්තයා හොද වලව්කාර මනමාලියෙක් හොයා දෙයි. එතකොට බැරිය අයිස්ක්‍රීම් උම්මා දෙන්න. හික්ස් :)
" අයිස්ක්‍රීම් උම්මා " අක්කගෙන්ම තමා ඔය වචනේ අල්ල ගත්තේ. හික්ස් :)
කියවන්න එන්න පරක්කු උනේ විභාගේ තිබ්බ හන්දා :(
හෙන ගහපිය, ගණන් බලාපිය. මේක නං නියම, පැණි බේරෙන කතාවක් , කවිකාර මුදියන්සේ. මට නිකං විච්කිච්චාවක් තියෙනව තමුන්නාන්සෙ මේ එක ගෙයි කෑම , ප්‍රමෝට කරනව වත්ද කියලා?
ReplyDeleteඒ ඔක්කොම පැත්තක තියලා , මට තියෙනවා චෝදනාවක් කරන්න. ඇයි මේ හැමෝම එක ගෙයි කෑම ගැන විතරක් කතා කරන්නෙ. අර බින්න බැහැපු අසරණයාට වෙච්චි සැන්තෑසිය , ඇයි කාටවත් නොපෙනෙන්නෙ? ඇයි එයා ඔටුවෙක්ද? අනේ පිං ඇති මහතුනේ,ඒ අසරණයා ගැනත්, ඔය මාගල් සයිස් එකේ කතාවත් ලියලම දාන්ට :)))
රවිගෙ කතාව නිසා කියන්න හිතං හිටපුවත් අමතක උනා!
ReplyDelete"සැමියන් දෙන්නටම ආව තේව කරන ගමන් ළමයි හදන්නත් ඕනේ"
කැමැත්තෙන් එක්කෙනෙකුට වඩා ඇඳට ගන්න ගෑණු කොයිතරම්ද? දවල්ට දෙන්නෙකුට ආවතේව කරනව වගේම ලැබෙනකොටත් දෙන්නෙකුගෙන්ම සියළු සැලකුම් ලැබෙන එක නොවින්දාමද?
"කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්"
"එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී."
කුමාරිහාමිගෙ ටේස්ට් එක ඕකනම් ඉතින්, හරියන්නෙ පිලිපීන් කාරයෙක්ම තමයි!
මට හිතාගන්න අමාරුම කෑල්ල තමයි මේ "ඕනම නම් ටෝර්ච් එකකුයි, කාරෙකුයි අරන් දෙන්ට බැරියැ" කියන එක. මොකද තල් අත්තයි හුළු අත්තයි බින්නෙට එන මිනිහම අරන් එනව මිස දෑවැද්දට දෙන සිරිතක් මම අහල නැති නිසා (මෙයා මොකාටද මේ අඳින්න හදන්නෙ)!
"ලමයාගේ පියා ලමයව එහෙම ආදරෙන් වඩාගන්න කොට බිරිඳට අඬන්නද කියන්නේ?:D "
ReplyDeleteමෙන්න කුමාරිහාමිට හතරහිනාව තේරුණ විදිය. මේ කමෙන්ට් එක මා ලියූ හතර හිනාවට ඔබ දැමූ එකකි!
@ රවි අයියා,
ReplyDeleteගැහුවා නේද ආයෙම හයේ පාරක් , අනේ ඇත්තමයි කොළඹ කෙල්ලෙක් ඉන්නව කියල නිකම් හිටිය එක තමා පුදුමේ :)
හුටා, කුමාරිහාමි පැණි පාරක් දාලා මේකව චන්ද පොලට දක්කන් ගියාම, මං හිතුවෙ , "හපොයි කැලේ රජාට ගිය කල, ඔය දපනෙ වැටුනෙ, සාය කෑල්ලට" කියලයි. මේං බොලේ, ඒ වංගියෙ, මේකා හපාකන්ට තිබා ගත්තෙ නැතෑ :)))))
ReplyDelete- වලව්වෙ අලි මොටා -
සුපිරි කතාවක් රවී. බෙහෙවින්ම රස වින්දා. ඔයිට වඩා දිගට ඇදිලා ගියාට මඩවල රත්නායකයන්ගේ සිත නැති බඹ ලොව [මා මෙහි නිතර සඳහන් කල] කතාවේ තියෙන්නෙත් ඔන්න ඔය සිද්ධියමයි. එකෙත් දෙවෙනි කොලුවට කියලා නැහැ. කෙල්ලට තමයි ඒ කොන්ත්‍රාත් එක බාර දෙන්නේ [පිරිමි කමටත් නින්දාවක් මේ සමහර පිරිමි, දෙයක් කියන්න වචන නැතුව බිම වලවල් හාරන]. කොහොම හරි ඉවර වෙන්නේ ඌ ගෙදරින් පැන යාමෙන්.
ReplyDeleteමට දුක මේ ඔක්කොම කරන්නේ හද්දා මුකලානක තියෙන අක්කර කිහිපයක් වෙනුවෙන්.
@රවී
ReplyDeleteමේ පාර නං රවී ලියපු කතාව මගේ ඇටමිදුළු වලටත් දැනුනා.
මගෙන් ලකුණු 100%ක්.
@බුරා
ethics කියන්නෙත් සම්මුති නේද? බහු පුරුෂ/ බහු භාර්යා සේවනය සමාජ සම්මතයක් හැටියට පිළිගත් අවධියකුත් මානව ඉතිහාසය තුල තිබුන. එකල එසේ කිරීම ethics වලට පිටින් යාමක් කියල හිතන්ඩ නැතුව ඇති. ඒ කොහොම උනත් අදට වලංගු සමාජ හරයන් බිඳ දැමිය යුතුයයි ඉන් මම අදහස් කරන්නේ නෑ.
//කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්.....අඹුවක් ගන්ට ඕනි හින්දා පබාවතී බිසවගේ ගෙදර ගිහින් උයන ගෙයි, අස්ව ගාලෙයි, වැඩ කලා. දර දිය ඇද්දා. අන්න නියම පිරිමි. එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී...//
ReplyDeleteකව්ද කියලා තිබුනා මේක විශිෂ්ඨ රචනයක් කියලා. හරී, රචනෙ නං විශිෂ්ඨයි තමා, ඒත් මේක නං භයංකාර කියමනක්. දැං එතකොට ඔය පලාතෙ "පිරිමිකම" මනින්නෙ ඔහෙම වෙන්ටෑ?
@Observer,
ReplyDeleteThank you....:D
@සරත් ලංකාප්‍රිය,
ReplyDelete//අය්යාගේ බත්මුලේ යටින් ඒක කරෝල කැල්ලක් හංගලා මල්ලිගේ එකෙත් ඒකම කරනවා. දෙන්නම හිතන් ඉන්නේ එයා වැඩිය ආදරේ මෙයාටයි කියලා//
අනේ පව් නේද සරත්, දෙන්නගෙම ආදරේ තියාගන්ටනේ එහෙම කරන්නේ... අහිංසක ආදරයක් මැවිලා පේනවා.
//මොකද පොඩ්ඩී දැන් මෙවුවම ලියන්නේ ?//
පොඩ්ඩි ඉතින් ආදරේ ගැනම හිතනකෙනානේ ඒ හන්දා වෙන්ට ඇති…:D:D:D
@සුජීව,
ReplyDeleteදිග කමෙන්ට්ස් ගොඩාක් දාලා. දවස් දෙකක් ගෙදර නැතුව හොඳට කාලා බීලා ඇවිත්, ඒවට උත්තර ලියන්ට ඔලුව දානකොට හිතුනේ මොකකද දන්නවද? එක්කොත් කියන්නේ නෑ.
//වලව්වේ උපන් නගරයේ හැදුනු කුමාරිහාමි ගේ දුරදක්නයට අහුවන දර්ශනයක්//
ඔයා කියන්නේ ඇහෙන් දුටු දේකට වඩා ෆිල්ම් එකක් බැලීමෙන් ප්‍රාගෝගික දැනීමක් ලැබෙනවා කියලද? මට හිතෙන්නේ ඔයා පොත් බැලීමෙන් හා චිත්‍රපටි නැරඹීමෙන් ලැබුනු අත්දැකීමට වඩා වෙනත්ම අත්දැකීමක් පොඩ්ඩිට ලැබුනා කියලයි. ගැහැනියකට ආදරය කරන කෙනා සමග නිදහසේ ජීවත්වෙන්ටවත් නැති තරම් අපේ සමාජය අකාරුනිකද කියන ප්‍රශ්නය තමා එතනදි පැන නැග්ගේ....
//ආදරේ නම් මොකද පොතේ ලියන්න අවශ්‍ය?//
මේ අදහසට නම් පිරිමි කොහොමටත් එකඟ වෙයි. 'දියට දාපු ඉබ්බෙකුත් ඇන්නෑවේ කීවලු'නේ....
//පොඩ්ඩි දැකපු කෝණයට වඩා වික්ටීම් භාවය වැඩි නේද නීතා දකින කෝණයේ.//
නීතා කතා කරන්නේ ආදරයෙන් පැරදුනු චරිතයක් ගැන. පොඩ්ඩි කතා කරන්නේ ආදරය හන්දා සමහර විට මුලු ජීවිතේම දුක් විඳිනා ගැහැනියක් ගැන….???
//හුඟක් ගැහැණු කරලා තියෙන්නේ පෝලිමේ ළමයි හැදීම නේන්නම්.//
මෙහිදී ලමයි හැදීම ගැන පවා තීරණයක්ගන්ට ඔය කියන මැසිමට අයිතියක් තිබුනේ නෑනේද?
@සපතේරු උන්නැහේ,
ReplyDeleteමම හිතන්නේ මේ ගැන ලිපි කිහිපයක් පල උනා කියලයි. බලන්ට නම් අවස්තාවක් ලැබුනේ නෑ.
//මේ පවුල්වල අය ඉතා සාමාන්‍ය විදිහට සතුටෙන් ඉන්නව....//
ආසියාතික ගැහැනුන්ගේ මම දකිනා ලක්ෂනයක් තමා, මොන තරම් ආදර සම්බන්දකම් තිබුනත්, විවාහයෙන් පස්සේ ස්වාමි පුරුෂයාට ආදරෙන් ඉන්න එක. සමහරවිට මීට හේතුව ඒක වෙන්ටැති.
//උඩරට නීතියෙන් උනත් දෙන්නෙක් සමග විවාහ වෙන්න එක කාන්තාවකට බැහැ...//
ප්‍රශ්නය ටීජී වෙත යොමු කරමු…:)
@පොත්ගුල්ලා,
ReplyDeleteකියලා තියන පොත් දෙකින් එකක්වත් කියවලා නැහැ.
//"සියලු සුචරිතයන්ගේ මුදුන් මල් කඩ ඒක භාර්යා සේවනය නම්, සුචරිතවත් භාවයේ ඔටුන්න හිමි වනුයේ පුරුක් පණහේ සිට දෙසීය දක්වා ඇති, ඒ හැම පුරුකකම ස්ත්‍රී ලිංගය හා පුරුෂ ලිංගය බැගින් යුත් පටිපණුවාටය. ඌ මුළු ජීවිත කාලයේදීම මේ හැම පුරුකක් තුලින් වෙන වෙනම සංසර්ගයේ යෙදෙයි."//
මේ ඉතින් එක තැනත්තෙකුගේ අදහසක් පමනයි නේද?
//බහු පුරුෂ හෝ බහු භාර්යා සේවනය (polygamy ) මිනිසුන්ට සම්භවයෙන්ම උරුම වෙලා තියෙනවා.//
මේ මොන විදියට කතා කලත්, තමන්ගේ ස්වාමි පුරුෂයා හරි බිරිඳ ගැන කතා කරනකොට කවුරුත් මේ ගැන හිතන්නේ නෑ නෑනේද?
//බහු පුරුෂ/ බහු භාර්යා සේවනය සමාජ සම්මතයක් හැටියට පිළිගත් අවධියකුත් මානව ඉතිහාසය තුල තිබුන.//
මේ වගේ සම්මුති තිබුනොත් අනේ අපොයි....:D:D:D
@බූරා,
ReplyDelete//තමන්ට හිමිවිය යුත්තේ මොකක්ද කියලාවත් නොදැන (දැනගත්තත් වෙන කරන්න දෙයක් නැතිකමට, ඊට එරෙහිවෙන්න බැරිකමට) සමාජයට අනුරූපීව ජීවත්වන්නට සිදුවීම..//
100% එකඟයි. ඒ දේ කඩා බිඳදාන එක තියෙන්නේ කාන්තාව අතේ…))
@නීතා,
ReplyDeleteදෙන්නා එකතුවෙලා බ්ලොගයක් කරනවා නම් මෙන්න නියම නමක්.
බූරතීනෝ වෙනුවට බුරනීතෝ....හී හී හී හී....
@රංගි,
ReplyDeleteහොඳ අදහසක් කියලා දැනීගන එනවානම් පොඩි ට්‍රයි එකක් දීලා බලන්ට. කාර් එකට දෙකක් තව ඔය නොයෙකුත් දේවල් ලැබෙයිනේ....:D:D:D
@සුජීව,
ReplyDelete//අනේ මේ නීතා මැට්ටි හා බුරා මැට්ටා//
හොඳම කමෙන්ටුවට දෙන තෑග්ග ඔබට දීමට තීරනය කලා….:D:D:D
@මකරා,
ReplyDeleteමොකද මේ හිටපු ගමන් 'සුදෝ සුදු' මතක් උනේ?...:D:D:D
@රවි,
ReplyDeleteපොඩ්ඩි හිතාගන හිටියේ කවිකාරට හොඳටම ලියන්ට පුලුවන් ඓතිහාසික පෙම්කතා කියලයි. දැන් බලාපුවාම ඕන පෙම් කතාවක් ලීව හැකිනේ රස පිරිච්ච.
//පොඩ්ඩිගෙ පෝස්ට් වලට හොඳම Backup දෙන්නෙ උඹ තමයි.//
තරුගේ මේ කතාව ඇත්ත තමා කියලයි පොඩ්ඩිටත් හිතෙන්නේ. මේ කතාව දකින කල් මොකක්දෝ ලොකුම අඩුවක් තිබුනා. ඔන්න ඒ අඩුව හරියට ඉරු දුටු අඳුර සේ පහවෙලා ගියා.
හොඳම තැනට ඇවිත් කතාව නතර කරලා. දැන් ඉතින් අපි හිතාගන්ට ඕනි ඇත්ත ආදරේ තියන ඔය කියන පොඩි අය්යා පහුවදා උදෙන්ම නැගිටලා කොලඹ යන එක හරි ආසාවන්ටම වහල් උනු ඒ තැනැත්තා වසන්ති හා ප්‍රේමයෙන් බැඳෙන බව. පුදුම ගැටලුවකට නේ අපිත් අහු උනේ…:D
දැන් ගෑනු ලමයි දෙන්නෙකුට, වසන්තිගෙයි, අර කොලඹ පෙම්වතියගෙයි කතා ලීව හැකි. හැබැයි ඒ ඉතින් කතා ලියන ගෑනු ලමයි දෙන්නට පොඩ්ඩි නම් අහුවෙන්නේ නෑ….:D
@ඉන්දික උපශාන්ත,
ReplyDeleteමම මේ බලාන හිටියේ මොකද පරක්කු කියලා. පැනි ටිකක් කාලාම ඉමුද සිංහයෝ.... මෙන්න ඔයාට උත්තර...:)
//කැමැත්තෙන් එක්කෙනෙකුට වඩා ඇඳට ගන්න ගෑණු කොයිතරම්ද//
පොඩ්ඩි කතා කරන්නේ ඒ වගේ ගෑනු ගැන නෙමෙයිනේ.
//මොකද තල් අත්තයි හුළු අත්තයි බින්නෙට එන මිනිහම අරන්
එනව මිස දෑවැද්දට දෙන සිරිතක් මම අහල නැති නිසා//
ඇයි ඉතින් ඒ අයටත් දෑවැදි දුන්නොත් මොකද වෙන්නේ. දැනටත් හුඟක් අය දෑවැදි හොයන එකේ. පව්නේ...:D
//මේ කමෙන්ට් එක මා ලියූ හතර හිනාවට ඔබ දැමූ එකකි!//
ඉතින්....:D:D:D
@මධුරංග,
ReplyDeleteවිභාගේ හන්දා වලව්ව පැත්තේ එන්ට පරක්කු උනාට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නෑ.
අයිස්-ක්‍රීම් කන්ට කැමති නැති උනාට ඔයාගේ හිතේ තියෙන්නෙම අයිස්-ක්‍රීම් උම්මා ගැනනේ…:D:D:D
තව රස උම්මා ජාතිත් තියනවලු. ඔය, එක, එක්කෙනා කියලා තිබුනේ. පැනි, එතකොට චොක්ලට් වගේ....ඉන්නකෝ උම්මා ගැන රස පෝස්ට් එකක් දානකල්…:D
@සිත්තමී,
ReplyDeleteහරිම ලස්සනයි අද කතාවත්. අන්න තරුගෙන් හොඳ යෝජනාවකුත්. ඔයාගේ කතාව 'කොහෙද යන්නේ මල්ලේ පොල්'වලට වඩා හොඳ පාඩමක් අපට කියලා දෙනවා. පොඩ්ඩිගේ හිතට වැටුනු ඒවාම තව අයගේ හිතටත් වැටෙන්ට ඇති කියලා හිතනවා.
@D.G.M. බස්සා,
ReplyDelete//දැං එතකොට ඔය පලාතෙ "පිරිමිකම" මනින්නෙ ඔහෙම වෙන්ටෑ?//
ඔව් කියමුකෝ....ඉතින් බස්සෝ?
@බුද්ධි,
ReplyDeleteපොඩ්ඩි නම් කොහොමටත් මුකුත් අල කරගන්නේ නැතිවෙයි.
මේ දවස්වල එයා පරිප්පු කනවා. චූටි මහත්තයාගේ පෝස්ට් සියල්ල කියවමින්….:D:D:D
@මුහුදු,
ReplyDelete//වළල්ලක් දාපු අතකින් උයපු ඒවයෙ රස ඒගොල්ලොත් දන්නව මයේ හිතේ.//
ඉතින් එයාලට පුලුවන්නේ වලලු දාගන උයන්ට. …:D
පොඩ්ඩිට දැන් නම් අයිඩියා එකක් තියනවා අහවල්ලුන්ට උපන් දිනවලට දෙන්ට ඕනි මොනවද කියලා….:D:D
//හොඳමයි පොඩි මැණිකේ!//
අනේ හැබෑටම මෙහෙමත් හොඳ පිරිමි ලමයි ඉන්නවනේ මේ ලෝකේ…:D:D:D
ලැබුවාවූ සාහිත්‍ය මාසයේ සිංහල බ්ලොග් කෙත අස්වද්දන්නට මේ අලුතෙන් පටන්ගන්න යන "බුරනීතෝ" බ්ලොග් එකට වලව්වේ හැමෝගෙන්ම හදපිරි සුබපැතුම්
ReplyDelete( මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැනිවීමකි )
.@ කතන්දර,
ReplyDeleteකිචි කැවිල ගියා නෙවද......හෙහ්, හෙහ්.....ස්තූතියි කතන්දර.
.@ Tharu,
ඔබටත් ස්තූතියි තරු.......ඔබගේ දිරි ගැන්විමට ඇත්තටම ස්තූතියි...එයින් තමයි මම පන්නරය ලබන්නෙ.....ස්තූතියි ආයෙමත්,
.@ D.G.M. බස්සා,
/ මට නිකං විච්කිච්චාවක් තියෙනව තමුන්නාන්සෙ මේ එක ගෙයි කෑම , ප්‍රමෝට කරනව වත්ද කියලා? /
හෙහ්....හෙහ්.....මොකෝ නරකද?......ඒකෙත් තියනව අමුතු මෙව්ව එකක්.......
@ ඉන්දික උපශාන්ත,
/ රවිගෙ කතාව නිසා කියන්න හිතං හිටපුවත් අමතක උනා! /
ඉන්දික,...... ප්‍රශංසාවක් හැටියට බාර ගන්නම්........හෙහ්, හෙහ්,
.@ neetha,
/ අනේ ඇත්තමයි කොළඹ කෙල්ලෙක් ඉන්නව කියල නිකම් හිටිය එක තමා පුදුමේ :) /
අපොයි....දැන් කවුදෑ එහෙම කතාවක් කිව්වෙ?......මම නම් කිව්වෙ නෑ ඔන්න,
ඔයාගෙ කතාවත් ලස්සනයි නංගි......එන්න එන්නම හොඳ වෙනවා......හෙහ්, හෙහ්, ස්තූතියි නංගි පැසසුමට,
.@ Sujeewa Kokawala,
/ සුපිරි කතාවක් රවී. බෙහෙවින්ම රස වින්දා /
බොහොමත්ම ස්තූතියි සුජීව,
@ පොත් ගුල්ලා,
/ මේ පාර නං රවී ලියපු කතාව මගේ ඇටමිදුළු වලටත් දැනුනා /
ස්තූතියි පොත්,
.@ Podi Kumarihami,
ReplyDeleteස්තූතියි පොඩ්ඩි,
එක ගෙයි කෑම මගෙත් බොහොම සිත්ගත් විෂයයක්.....මම හිතනව දැනට වසර පණහක් පමණ එපිට වෙනතෙක් උඩරට පිටිසර ගම්මාන වල විශේෂයෙන් මේ සිරිත පැවතුනාය කියල......අනික මම දන්න විදිහට එකගෙයි කෑමේදි කිසිම විටක ඒ අදාල කාන්තාව ගමේ අනෙකුත් ගැහැණුන් අතර අවඥාවකට භාජනය වෙලා නම් නැහැ,ඒ වෙනුවට ඇත්තටම නම් වෙලා තියෙන්නෙ ඊර්ෂ්‍යාවට ලක් වීමයි.
/ Polyandry is the least frequent system of marriage, or stable sexual relationships, within human society. George Peter Murdock’s World Ethnographic Sample (Coult 1965) recorded only four societies where polyandry is practiced, less than one percent of the total number of societies in the world. Most commonly practiced between brothers, it is called fraternal polyandry. If the men are not related, it is non-fraternal polyandry. /
/ Perhaps the next best documented society that had polyandry was the Sinhalese in Sri Lanka. They euphemistically referred to the practice as eka-ge-kema or "eating in one house." The practice is no longer legal, although it is possible that it may still survive in some remote areas. It did not occur in the Aryan tribes in the Vedic age, but only among the non-Aryan or Pandavas. The earliest documentation is of a queen of the region in the fourteenth century, where we find her calling herself the chief consort of the two brother kings named Perakumba. Every aspect that is recorded is remarkably similar to the better known Tibetan form of polyandry. These people are related to tribes in the area inhabited by the Toda, and they are documented as having arrived from the north, so it is possible that the practice was brought from there./
උපුටා ගැනීම - - http://www.newworldencyclopedia.org/entry/Polyandry
මම දන්නා තරමින් උඩරට කසාද නීතිය අනුවත් එකගෙයි කෑම නීත්‍යානුකූල නැහැ. එකගෙයි කෑමකදි නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වෙන්නෙ වැඩිමල් සහෝදරයා.දරුවන්ගෙ පියා හැටියට ඔහුගෙ නම තමයි උප්පැන්න සහතිකයෙ සඳහන් වෙන්නෙත්.
අවසාන වශයෙන් ඔබට නැවත වරක් බොහොමත්ම ස්තූතියි ප්‍රශංසාවට.......ඒ වගේම මේ ටිකත් කියන්ටම ඕන.....ඔබ ලියන කතාව කියවන විටම් මගෙ හිතේ මැවෙන චිත්ත රූප අකුරු වලට පෙරළීම විතරයි මම කලේ....ඒකෙන් කියන්නෙ මම ලියපු කතාව රසවත් නම් එහි ගෞරවය කොටසක් අනිවාර්යයෙන්ම පොඩ්ඩිටත් හිමියි.
සුජීවට කියනව
ReplyDelete“දවස් දෙකක් ගෙදර නැතුව හොඳට කාලා බීලා ඇවිත්, ඒවට උත්තර ලියන්ට ඔලුව දානකොට හිතුනේ මොකකද දන්නවද?”
සිංහයට කියනව
“මම මේ බලාන හිටියේ මොකද පරක්කු කියලා”
පොඩි contradictory ගතියක් තීනව නේද?
“පැනි ටිකක් කාලාම ඉමුද සිංහයෝ” ඇහුවට තරහ වෙන්න එපා. ඔය පැණි කොහෙන් ගලන ඒවද?
“පොඩ්ඩි කතා කරන්නේ ඒ වගේ ගෑනු ගැන නෙමෙයිනේ.”
කව්ද කිව්වෙ කුමාරිහාමි ඒ වගේ අය ගැන කිව්ව කියල? මං ඇහුවෙ එහෙව් අයත් හිඟ නැතැයි කියන්නෙ සෑහෙන තරමක් උන්දැල වෙනස් රසට ආස එක වෙන්නැතිනෙ. ඉතින් එහෙව් චාන්ස් එකක් කාගෙත් සම්මුතියෙන් ලැබෙන කොට ඒක එන්ජෝයි කරන්නෙ නෑ කියලම ඇයි හිතන්නෙ?
“ඇයි ඉතින් ඒ අයටත් දෑවැදි දුන්නොත් මොකද වෙන්නේ. දැනටත් හුඟක් අය දෑවැදි හොයන එකේ. පව්නේ...:D”
බින්නෙට එන මිනිහටත් දෑවැද්ද දෙනව. ඒත් එන මිනිහ තමංගෙම ගෙදරින් තල් හුළු අතු අරන් එන්නෙ ගියාට ඉන්න ලැබෙයිද කියල විස්වාස නැති හින්දයි. දැං කුමාරිහාමි මේ දේවල් මිනිහට තමංගෙ වියදමෙන්ම අරං දෙන්න හදන්නෙ ගේන එකාව වැඩිකල් තියා නොගෙන එලවන අදහසින් වෙන්ට එපැයි, නැත්තං වෙන අහවල් එකකටද? එතකොට ගේනකොටම එලවන අදහස ඔළුවෙ තීනව කියන්නෙ ට්‍රයල් ඇන්ඩ් එරර් කොන්සෙප්ට් එකට බඳිනව කියන එකද?
“@Luckey,
දන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්ටකෝ 'හතර හිනා' ගැන.:D”
ගෑණු ඔහොමම තමයි. මේ කියනව මේ වෙනස් කරනව. ලකීට උඩ අරහෙම කියල පහල මට මෙහෙම කියනව...!
“//මේ කමෙන්ට් එක මා ලියූ හතර හිනාවට ඔබ දැමූ එකකි!//
ඉතින්....:D:D:D”
@ සිංහයා
ReplyDeleteමම ඕක කියවලා කොමෙන්ට් එකකුත් දාලා ගියා...ඒත් මට පස්සෙ ඔබේ බ්ලොග් එක මග හැරුනා...මට හොයා ගන්න බැරුව හිටියෙ මම ඕක කියෙව්වෙ කොහෙන්ද කියලා...ඔන්න මම සැහැල්ලුව මගෙ රීඩරෙන් එල්ල ගත්තා ආයෙ නොවැටෙන්නම...
මෙව්වා කියවලා අපිටත් ආදර්ශ ගන්න හිතෙයිද මන්දා...
ReplyDeleteඑල පෝස්ට් එක! කතාව ලස්සනට ගොඩනඟලා තියෙනවා...
ReplyDeleteමං හිතන්නේ මේ වෙනකොට නම් ඔය වැඩේ වෙන එක නතර වෙලයි තියෙන්නේ. හැබැයි ලංකාවේ තාමත් ගොඩක් අය නොදන්නා අති පිටිසර ගම් තියෙනවා. මේ ගම්වල ළමා වයසෙදිම සිදුවෙන විවාහයන් බහුලයි... මේ චාරිත්තරෙත් සිද්ධ වෙනවා වෙන්න පුලුවන්!
//කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්.....අඹුවක් ගන්ට ඕනි හින්දා පබාවතී බිසවගේ ගෙදර ගිහින් උයන ගෙයි, අස්ව ගාලෙයි, වැඩ කලා. දර දිය ඇද්දා. අන්න නියම පිරිමි. එහෙම තමන්ගේ පිරිමිකම පෙන්නන්ට පුලුවන් පිරිමින්ට ගෑනු හරිම කැමතී...//
ReplyDelete//කව්ද කියලා තිබුනා මේක විශිෂ්ඨ රචනයක් කියලා. හරී, රචනෙ නං විශිෂ්ඨයි තමා, ඒත් මේක නං භයංකාර කියමනක්. දැං එතකොට ඔය පලාතෙ "පිරිමිකම" මනින්නෙ ඔහෙම වෙන්ටෑ? //
අනේද කියන්නෙ.... ඒ කියන්නෙ පිටකොටුවෙ නාට්ටාමිලා තමයි හොඳම පිරිමි ටික.
ඔන ඉතින් පොඩ්ඩි අක්කා උම්මා ගැන අල්ලගෙන මාව බයිට් කරන්න හදනවා. මම නම් ඔය කියන උම්මා එකක්වත් දන්නේ නෑ. මම් පොඩි එකා වෙච්චි මේ ගැන කෝම දැනගන්නද.
ReplyDeleteඑහෙනම් අක්කා උම්මා ගන පොසෙට් එකක් දාන්නකෝ. අනිවා කියවන්න එනවා.
ප.ලි. - ඉහත මම් දැමු කමෙන්ටුවේ මනමාලි කියන තැන මනමාලයා විය යුතු ලෙස නිවැරදි කරමි. ගූගල් ලාගේ කන්වර්ටර් එකට පිස්සු හැදුන වෙලාවක ලියපු නිසා අකුරු වැරදීම් උනා.
පොඩි කුමාරිහාමිනේ ඇතුළු යාළුවෝ හැමෝම වෙත,
ReplyDeleteමම මුලදිම දාපු කොමෙන්ටුව ඇරුණහම මේ ලිපියට තවත් නිර්මාණ එකතු කරන්න මගේ බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. මොකද, කළින් මාතෘකා තරම් මේක මගේ හිත කතා කරවන්න මේ මතෘකාව සමත් උනේ නැති නිසා. ඒත් යාළුවන්ගේ දැඩි ඉල්ලීම නිසා මට ඒ ගැන නොහිතා ඉන්න බැරි උනා. ඒත් කියන්නම ඕනේ, කළින් පෝස්ට් දෙකේදී තරම් මගේ හිත ඇතුළෙන්මනම් මේ කතාව ලියවුනේ නෑ.
@ පොත් ගුල්ලා,
ස්තූතියි ඔබේ ප්‍රශංසාවට යාළුවේ.
@ රවි අයියා,
මෙන්න මෙහෙම දෙයක් රවි අයියා වළව්වේ කළින් පෝස්ට් එකේදි මට කිව්වා නේද.
"මම ඇත්තටම කතාවක් ලියල දාල බලා ඉන්නෙ ඔයාගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද කියල......"
ඒ අවසරය මත තමයි මම මේ කතාවත් ඔයාගේ කතාව පදනම් කරගෙන ලිව්වේ. ඒ අවසරය ගැන ගොඩාක් ස්තූතියි රවි අයියේ. ඒ අවසරය ඕනෑම මොහොතක ඉවත් කරගෙන ඒ ගැන මා හට දැනුම් දීමට ඔබ හට පූර්ණ බලතල ඇත.
-------------------------
කඳුළු පිසිමින් කාමරයෙන් පිටත් වන්නට හදද්දී ඔහුගේ ඇමතුම ඇසුනෙන් වසන්තී ආපසු හැරුණාය. ඔහු තමා දෙස බලා සිටි ආකාරය තුළ කෝපයත්, කළකිරීමත් සමග මුසු වූ අනුකම්පාවක්ද තවත් විස්තර කළ නොහැකි ආකාරයේ හැඟීම් සමුදායක්ද තිබූ බව ඇයට සිතුණි. මොහොතක් වේලා ඈ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු තමා අසළින් පැමිණ හිඳගන්නා ලෙස ඇයට පැවසුවේය. බිමට යොමාගත් දෑසින් යුතුව ඔහුට කීකරු වූ වසන්ති ඇඳ මතින් හිඳගත් සැනින් ඔහු සිය කටහඬ අවදි කළේය.
ReplyDelete"ඇයි නංගි මේ වගේ දේකට කැමති උනේ?"
"මේ වගේ දේකට කිව්වේ?"
"මේ වගේ විවාහ යෝජනාවකට?"
වසන්ති හෙමිහිට හිස ඔසවා ඔහු දෙස බලා නැවතත් බිම බලාගත්තාය. "මං කළිනුත් කිව්වේ... පොඩි අයියා නිසා..."
"එහෙමයි කියලා මෙහෙම දෙන්නෙක් එක්ක එන එක..."
"ඒ අපේ පරම්පරා වල පැවතගෙන ආපු සිරිත් විරිත්නේ පොඩි අයියේ... මමයි කියලා ඒ ගැන මොනවා කරන්නද?"
"පරම්පරාව!" ඔහු තොල් මැතිරුවේ කෝපයෙනි.
තවමත් වේලී නොතිබූ ඇගේ දෑස් තුලින් නැවතත් කඳුළු ගලා හැලෙන්නට විය. "අයියා කේන්ති ගන්න එපා... මං යන්නං..." ඇය නැගී සිටියාය. එහෙත් ඇගේ අතින් අල්ලා නැවතත් ඇඳ මත වාඩි කරවූ ඔහු දිගු දේශනාවකට සූදානම් විය.
"මං ඔයත් එක්ක කේන්තියෙන් මේවා කියනවා නෙවෙයි වසන්ති... අපි මිනිස්සුනේ... අපිට හිතලා බලලා වැඩ කරන්න මොළයක් තියෙනවනේ... පරම්පරාවෙන් පැවතගෙන ආවයි කියලා මේ හණමිටි විකාර අදහස් අපිත් ඔළුව උඩ තියං ඉන්න ඕනෙද? මේ ඉඩ කඩං අයියටයි මටයි කියලා වෙං කරලා බෙදන්න බැරිනං ඔක්කොම අයියටම ලිව්වට මට කමක් නෑ. ඒත් ඉඩ කඩං බෙදන්න බැරි කමට තමංගේ ජීවිතේ බෙදාගන්න ඉන්න කෙනාව තව කෙනෙක් එක්ක බෙදාගන්න පුළුවන්ද?"
වසන්ති පිළිතුරු දීමට පෙර මඳ වේලාවක් නිහඬව සිටියාය. "පොඩි අයියේ... අයියා පේරාදෙණියෙ ගිහිං ඉගෙනගෙන, කොළඹ රස්සා කරනවා - අපිට වඩා රටේ ලෝකේ දේවල් ගැන ගොඩාක් දැනුම් තේරුම් ඇති... ඒත් මං උපන් දා ඉඳං ගමෙන් පිට අඩියක් තියලා නෑ... අපේ ගමේ, පරම්පරාවේ පැවතෙගෙන ආපු දේවල් තමා මට උරුම... අප්පච්චිලගෙ බහට උඩිං යන්නෙ කොහොමද මං? කාරි නෑ, අයියට කැමැත්තක් කරන්න.. අයියගෙ අර කොළඹ ගෑණු ළමයත් එක්ක - " වසන්තිට එතැනින් එහාට වචන ගලපාගන්නට නොහැකි විය. දෑතේ මුහුණ හොවාගෙන හඬන්නට වූ ඈ දෙස ඔහු මොහොතක් වෙලා බලාගෙන සිටියේය. එතෙක් වේලා වළාකුළු අතර සැඟව හුන් සඳ නැවතත් මතු වූයෙන් සඳ එළිය කවුළුව තුළින් කාමරයට ඇතුල් විය. ඔහුගේ දෑස් මොහොතකට ඈ වෙත නතර විය. ඔහුගේ නිහඬතාවය හමුවේ හිස එසවූ වසන්ති ඔහුගේ දෑසේ වූ බැල්ම දැක නැවතත් බිම බලාගත්තාය. එයින් දැහැනෙන් මිදුන ඔහු ඇඳ මත වූ පොරවනය ගෙන ඇගේ උරහිස මතින් දමා කවුළුව වෙත ගියේය.
ReplyDelete"නංගි හිතන්නේ මට මේ දේවල් එපා උනේ කොළඹ ගියාට පස්සේ කියලද?" වසන්ති නිහඬවම බලා සිටියාය. "නෑ නංගි... මට මේ දේවල් වල කිසිම තේරුමක් නැති බව තේරුනේ ඊට හුඟාක් කළින්..." ඔහු ආපසු හැරී කාමරේ වූ පොත් රාක්කය දෙස බැලුවේය. "පේනවද මේ පොත් රාක්කේ? මේක මට කළිං පාවිච්චි කරපු කෙනා දැං මෙහෙ නෑ..."
"අයියලගෙ අම්මද?"
ReplyDelete"නෑ," ඔහු හිස සැලුවේය. "ඔයා කිව්වා නේද පරම්පරාව ගැන? මේ පරම්පරාවත් එහෙම තමයි. අපේ අම්මත් මෙහෙ ඇවිත් තියෙන්නේ ඔයා මෙහෙ ආපු විදිහටම තමයි..."
"කෝ එතකොට - " වසන්ති අසන්නට ගිය දෙය නො අසා නතර වූවාය.
"ඒක දිග කතාවක් නංගී..."
"කමක් නෑ, අයියා කැමතිනම් කියන්න..."
ඔහු නැවතත් දිග සුසුමක් හෙලුවේය. අනතුරුව කවුළුවෙන් පෙනෙන සඳ රැස් දෙස බලාගෙන මතකයේ ඈතට පියමං කළේය.
"අපේ බාප්පාව මංවත් අයියවත් ඇහැට දැකලා නෑ... ඒත් මේ රාක්කේ පුරෝලා තාමත් තියෙන්නේ වැඩිහරියක් බාප්පගේ පොත්... සෑහෙන වටින පොත්... බාප්පා බොහොම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක්, නුවර පත්තර කන්තෝරුවක වැඩ කළේ. ඒත් පුළුවන් හැම වෙලාවෙම ගෙදර එනවා. ඒ තරමට බාප්පා ගමට ආදරෙයි.. ගමේ යාළුවොත් එක්ක ඇළේ දොළේ පැනලා නාන්න, කැලෑ පීරන්න, එල්ලේ ගහන්න... ඕවට හරි ආසයි බාප්පා. ඊටත් වඩා බාප්පගේ හිත ගමේ රැඳිලා තියෙන්න හේතුවක් තිබ්බා. සිරිමලී නැන්දා. ඒ කාලෙ මෙහෙ උයන ගෙයි වැඩ කළ ඩිංගිරි අම්මගේ දුව. බාප්පගේ හිත තදින්ම පැහැදිලා තිබ්බේ සිරිමලී නැන්දා ගැන, නැන්දත් එහෙමයි. ඒත් දෙන්නට දෙන්නා ඒ ගැන හරියකට කතා බහ කරලා තිබ්බේ නෑ. මොකද, සීයට ආරංචි උනොත් එහෙම විසුමක් වෙන්නෙ නැති නිසා. ඔය අතරේ තමයි අම්මව මෙහෙට තීන්දු වෙලා තියෙන්නේ. ඒත් බාප්පා ඒ ගැන දන්නෙ නෑ - කසාදේ දෙන්නටමයි කියලා. මං වගේම තමයි. ඒත් ගමේ ඔක්කෝම ඒ ගැන දැනගෙන හිටියා. බාප්පා එදා සැරේ ගමේ එන්න ලෑස්ති වෙන්නේ සිරිමලී නැන්දා එක්ක කතා කරලා බහක් තීන්දු කරගන්න හිතාගෙන. වැඩ රාජකාරි හින්දා කොහොමහරි බාප්පට ගමේ එන්න ලැබුණේ හරියටම මගුල් දවසෙමයි. එච්චර දවස් නෑවිත් හිටියේ බාප්පා ඒ මංගල්ලෙට අකමැත්තෙන් කියලා හිත හදාගෙන හිටපු සිරිමලී නැන්දා බාප්පා ගුරුපාර දිගේ වළව්ව දිහාවට යනවා දැකලා ඉහිලුම් නැතිව මැහිතෙල් කුප්පිය කටේ හලාගෙන. ඩිංගිරි අම්මත් එදා මෙහෙ. උත්සවේ ඉවර වෙලා බාප්පා සිරිමලී නැන්දව බලන්න එද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. බාප්පා ආපහු වළව්වට එන්නේ පිස්සු වැටිලා වගේ. ඒත් සිද්ද වෙච්ච දේට හේතුවක් බාප්පා ඒ වෙනකොටත් දන්නෙ නෑ. දවස් ගානක් රස්සාවට යන්නෙත් නැතිව නොකා නොබී ඉඳලා. අම්මත් මෙහෙ ආපු දා ඉඳං ඉඳලා තියෙන්නේ ඇඬූ කඳුලෙං. අපෙ අම්මා එහෙ ගමේ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්. ඒ ඉස්කෝලෙට අළුතෙන්ම පත් වෙලා ආපු මුල් ගුරුතුමා අම්මා එක්ක බොහොම හිතවත්. අම්මත් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ ඒ මනුස්සයට. අන්තිමට අම්මලගේ වළව්වට මේ ගැන ආරංචි උනාම බොහොම තදින්ම විරුද්ධ වෙලා, හේතුව මොකද මුල් ගුරුතුමෙක් උනත් අඩු කුලේකලු. කාට කියන්නද මේවා. බලන්න මේ විකාර දේවල් නිසා ජීවිත කීයක් අවුල් වෙලාද කියලා. අන්තිමේදී බාප්පා සිරිමලී නැන්දා එහෙම දෙයක් කරගන්න හේතුව දැනගෙන. මං ඔයාගෙන් මේ ගැන දැනගත්තා වගේ නෙවෙයි බාප්පට ගම්මුන්ගෙන් ආරංචි වෙලා තියෙන්නේ. බාප්පගේ හිතේ ඇති වෙච්ච කේන්තිය කොච්චරක්ද කියනවනං පිහියක් අරගෙන අපෙ අම්මට අනින්න හදලා 'තෝ නිසා තමයි මගෙ මලීව මට නැති උනේ' කියලා. අම්මගෙ කෑ ගැහිල්ලට දුවගෙන ආපු අප්පච්චියි සීයයි බාප්පට හොඳටෝම ගහලා. එදා රෑ බාප්පා මෙහෙන් යන්න ගිහිං, අදටත් කිසිම ආරංචියක් නෑ..." ඔහු කතාව නිම කළේ නැවතත් දිගු සුසුමක් හෙළමිනි.
ඔහුගේ වදන් සිත තුළට ධාරණය වන තෙක් මොහොතක් නිහඬව සිටි වසන්තීද සුසුමක් පිට කළාය. "පොඩි අයියා කොහොමද මේ සේරම දැනගත්තේ?"
"මං පේරාදෙණි යන්න කළිං ගෙනියන්න හොඳ පොත් තෝරගන්න බාප්පගෙ පොත් රාක්කෙ ඇවිස්සුවා. එදා මට හම්බුනා බාප්පගේ අත් අකුරින් ලියපු පොතක්. ඒකේ තමයි සිරිමලී නැන්දගෙ එහෙම විස්තර තිබ්බේ. එදා මං ඒක අම්මට පෙන්නුවා. අයියයි, අප්පච්චියි එක්ක වගේ නෙවෙයි මං අම්මා එක්ක හරි එකතුයි. කතාවෙ ඉතුරු ටික අම්මා තමයි මට කිව්වේ." කවුළුව වෙතින් මෑත් වූ ඔහු කළුවරේම පොත් රාක්කය වෙත ගොස් ඉහළම තට්ටුවේ කෙළවරක වූ පොතක් අතට ගත්තේය. "අම්මා අසනීපෙන් ඉන්න කාලේ මේක මට ආපහු දුන්නා. බාප්පා නවත්තපු තැන ඉඳං අම්මා ලියලා තියෙනවා." ඔහු සඳ එළියට අල්ලා පොතේ පිටු පෙරළුවේය. "තව හිස් පිටු තියෙනවා." ඔහු එය ඈ වෙත දිගු කළේය. "නංගි මේක තියාගන්න. බාප්පයි අම්මයි ලියලා තියෙන ඒවා කියවන්න. ජීවිතේ ගැන තේරුම් ගන්න."
වසන්තී වෙව්ලන දෑතින් පොත අතට ගත්තාය.
"මං හෙට උදේම ආපහු යනවා නංගී. මං එනකල් කෙනෙක් බලං ඉන්නවා. අපේ ජීවිතත් අවුල් කරගෙන එයාගෙ ජීවිතෙත් අවුල් කරන්න මට බෑ. අයියා ඔයාට ගොඩක් ආදරෙයි. එයා ඔයාව හොඳට බලාගනියි..." වසන්ති නැගී සිටියාය.
"සතුටින් ඉන්න නංගි..." ඔහු කවුළුව වෙත හැරුනේ ඈ හා දෙඩීමට තවත් කිසිවක් නොමැති බව හඟවමිනි. ජීවිත කිහිපයක සටහන් ලියැවුනු පොතද තුරුළු කරගෙන ඇය සෙමින් දොර වෙත ඇවිද ගියාය. "අයියත් සතුටින් ඉන්න," දොරින් පිට වන අතරේ ඈ සිහින් හඬින් පවසනු ඔහුට ඇසුණි.
රවි නතර කරපු තැනින් සිතුවිලි පටන් ගන්නවා කිව්වම මම හිතුවෙ ඒක වැඩිහිටියන්ට පමණයි කියලා...බයෙන් බයෙන් කියවන්න ගත්තෙ.:D
ReplyDeleteමේ කතා දෙක නම් හරිම අපුරුයි...
මං නං පොඩ්ඩි ගේ කතාව බලපු වෙලේ ඉඳන් බලාගෙන ඉන්නේ රවී සහ සිතුවිලි ගේ කතා දෙක කොයි වෙලේ එයිද කියලා!
ReplyDeleteමේ මගේ හතරවෙනි කමෙන්ටුවයි!
වැඩි ද මන්දා? දෙකක් ඇති නේද?
@ සිතුවිලි,
ReplyDeleteහෙහ්...හෙහ්, උඹ එක්ක නම් බෑ බොල......මට මයෙ පාඩුවෙ ඉන්ඩ දෙන්නෙම නැද්ද හැබෑට?...........දැන් ඉතිං උඹ නවත්තාපු තැන ඉඳං බාප්පගෙ කතාව ලියාපල්ලකො......එක්කොත් ඕන නෑ......මේක මේ සංසාර චක්කරේ වාගෙ ඉවර වෙන කෙලියක් නෙවෙයි...........ඔය ඇති,
ලස්සනම ලස්සනයි නංගි කතාව......
මම මේ කතාව කියෙව්වට කොමන්ට්ස් කියෙව්වේ නෑ නේ...
ReplyDeleteබලාන ගියාම මෙහෙනේ කතා තියෙන්නේ.
පොකු අනේ තරහා වෙන්න එපා. මම ඔය එක ගෙයි කෑම කියලා හිතාගෙන හිටි එක නෙමෙයි නේ මේකෙන් කියවෙන්නේ. අනික මට ආරංචි උනා මේවගේ විවාහ ලංකාවේ නීතියෙනුත් තියෙනවා කියලා. අර අපේ නීති උපදේසිකාව තමයි කිව්වේ. බොරු වෙන්න බෑ නේ ඉතින්. මට මේ කාර් දෙකක් ගෙවල් දෙකක් යොට් දෙකක් කියලා හිතුවට මේ විවාහේ එහෙම වෙන්නේ නෑ නේ. ඔන්න මට නම් බෑ ඒක හින්දා එක ගෙයි කෑම කරන්න. ( ඔන්න ලස්සන කොල්ලෙක්වත් උනා නම් අතාරින එකක් නෑ)
කොහොම උනත් මේක නිකම් විශ්ව විඩ්‍ද්‍යාලයක් වගේනේ. දැනුම ගොඩක් වැඩි කරගත්තා මේක කියවලා.
සිතුවිලිගේ ඌන පුරනයත් ලස්සනයි.
ReplyDeleteකතන්දර
ReplyDelete+1
ඊයෙ දවල් මම බ්‍රෙක්ෆ්ස්ට් එක අරගෙන කොහොඹ ගහේ අත්තකට වෙලා පොඩි ඇලට් එකක් දාන්ට ලෑස්ත් වුනා. " බෑහ්..බෑහ්.." ගගා මරලතෝනි තියාගෙන , කකුල් තුනෙන් නොන්ඩි ගගහා දිව්වෙ ටොමියා. ඒ එක්කම වලව්වෙ කුස්සියෙන් මතු වුන මැණිකා, අතේ තිවුන පොල් බෑයෙන් ටොමියට මරු පහරක් එල්ල කලා. ඔලුව පාත් කරලා ඒකෙන් බේරිච්ච ටොමියා දිව්වෙ ඒ පොල් බෑවත් කටින් එල්ල ගෙනයි. " වරත්තු බල්ලා", මැණිකා දෙස් දෙවොල් තියන්ට ගත්තා," කොච්චර කන්ට දුන්නත් , මූ නෙමෙයිනෙ හොරාකන එක අත්හරින්නෙ?"
ReplyDelete"මොකක්ද බං මේ කරන අලුගුත්තේරු වැඩේ", මං දවසක් ටොමියාගෙන් ඇහැව්වා. " උඹ දන්නවෑ, ඒකෙ තියෙන ආතල් එක", ඌ කියාපි, "කුස්සියෙ හට්ටියක්, මුට්ටියක් පෙරලල, හොම්බ ඔබල, කරවල කෑල්ලක් ඇදගෙන යනවා වගේ සැපක් කොයින්ද?"
ඔය කතාවම, මට කිව්වෙ දැං බැඳලා බොහෝම සාමකාමීව පවුල් ජීවිතේ ගෙනියන මගේ මිත්තරයෙක්. එයා එහෙමටම සෙල්ලක් කාරයෙක් නෙමයි, ඒත් බඳින්ට ඉස්සෙල්ලා එයාගෙ වෙන්ට හාමිනේ එක්ක ඔය කොටුවක්, දෙකක් පැනලා තියනවා. එයා කිව්වෙ ඒ ගැනයි.
මේ එකගෙයි කෑමත්, ටැබූ/ පැණි මාතෘකාවක් වෙලා තියෙන්නෙ මේ කියන හොරා කෑමේ "ආතල්" එක නිසාද? නැත්නම් ඔය ඉස්සර කාලෙ තිබ්බයි කියන ලිංගිකත්වය විවෘත සමාජයට සුද්දා ගෙනාපු වික්ටෝරියානු සංස්කෘතික පොලෝසිය , පොල්ල දාපු නිසාද? ඒ කොහොම වෙතත්, අපේ යටත් විජිත කාලෙ පූර්ණ ලිංගික නිදහස තිබ්බෙ එක්තරා පංතියකට විතරයි කියලයි මං අහල තියෙන්නෙ?
ගහේ අත්තට වෙලා, තනි කකුලෙන් අඩනින්දෙ හිටපු මට හිතුනෙ ඕං ඕවයි. සස්, බස් ගාන සද්දයක් ඇහිලා මම පහත බැලුවා. හුටා, මේ අසමත්ජාති බලු නකුටා යනව නේද, ලැජ්ජා නැතිව ආයෙ කුස්සියට රිංගන්ට?
@ D.G.M. බස්සා,
ReplyDeleteඇයි බොල අඩ නින්දෙන්ද කොහේද උඹ ඔක්කොම පටලාගෙන නෙව,
ඔය උදාහරණ දෙකම හරියන්නෙ නෑ නෙව "හොරා කෑම" ගැන කතා කොරනව නම්.......
යාලුව කොරල තියෙන්නෙ උයල පිහල, දීසි වලට කාරිය දාල මේසෙට වඩම්මල ඒ චාරිත්‍රානුකූලව ආහාර අනුබවයට ඉස්සර....එතකල් ඉවසන්ට බැරුව, හෙමින් සැරේ වට පිට බලල කුස්සියට රිංගල හැලියටම අත දාල මස් කෑල්ලක්, බතල අල ගෙඩියක් කාගෙන කාගෙන යනව වගෙ වැඩක් නෙව. ඒත් අමතක කරන්ට එපා ඒ තමන්ගෙම කුස්සියෙ.......
ඊළඟට එකගෙයි කෑම කොහොමද බොල හොරා කෑමක් වෙන්නෙ?.........ඒක සමෝසමේ අයිය මලෝ සුහදව බෙදාගෙන කෑමක් නෙව......එතන හොරා කෑමක් කොහෙත්ම නෑ.
බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමා, මුදියන්සේ. ඕං මට මතක් වුනා, සුද්දට පංදන් නො-අල්ලා තානාන්තරක් ගත්ත, පහල වලව්වක රටේ මහතැන් කෙනෙක්ගෙ කතාවක්.
ReplyDeleteදවසක් උදැහැනක්කෙ, වලව්වෙ මැණිකෙ , දෙස් දෙවොල් තිය තියා, රටේ මහතැනව දෙහි උල, උල නාවනවලු. වෙලා තියෙන්නෙ, මහතැන රාත්තිරි ජාමෙ ගම් මැද්දට රිංගලා තමන් නොගැලපෙන තැනකින්( ගැලපෙනව නං කාරි නැ, මහෙ හිතේ:) ) හොරා කාලා ඇවිල්ලා.
හරී, හොරා කෑමක් නොවුනත්, හොරෙන් වගේ නෙව කන්නෙ. ආන්න , ජන්සන්- කික් එක තියෙන්නෙ එතන වෙන්ටෑ. බෙදාගෙන කනව නං, එක මෙසෙ ඉඳගෙන දෙන්නටම කන්ට තිබුන නෙව? ඔය කොහොම කිව්වත් මේක උගුරට හොරා බෙහෙත් කෑමක්- සම්මතයට පිටින් යෑමක්, කියලමයි මට නං හිතෙන්නෙ.
පොඩ්ඩි කතන්දර ලොකු ප්‍රශ්නයක් අහලා.
ReplyDeleteඑතන සඳරු මතු කල කතාවකින් මට පහල වූ අදහසක්.
"ඒ කියන්නේ අර හැමදාම කවියට සින්දුවට කතාවට නැගෙන, පෙම්බර සැමියා රෑ පැල් රකිද්දී පෙම්බර බිරිය දුකේ හඬමින් රැය පහන් කරන දුක්බර කතාවට එක ගෙයි කෑම පිලියමක්. අඩේ මට මේ සිද්ධියේ තියෙන ළඟ සම්බන්ධය පෙනුනේ දැන්. දෙන්නට පුළුවන් මාරුවෙන් මාරුවට ඉන්න. කුඹුරත් කෙල්ලත් දෙන්නම තනි නොකර.
ඒ කියන්නේ අපේ රටේ රෑ පැල් රකින ගොවි සමාජ වල මේ වගේ සම්බන්ධකම් වඩාත ප්‍රායෝගික වූ බවයි."
අනේ සෑර්, තරහා වෙන්ට එපා, මේවා ඇහිලා, මයෙ හොඬවැල කසන්න තිබා ගත්තා නෙව :)
ReplyDeleteමෙන්න එකගෙයි කෑම සාධාරණීකරනයට හේතු:
1. පවුලේ දේපල බෙදී යාම
2. රෑ පැල් රකින ගොවි සමාජවලට හිස් තැන් නොතියා, නියමෙට ප්ලග් වීම ( නිකංවත් මහගෙට නිවනක් , ඉස්පාසුවක් දෙන්ට එපල්ලා- උපරිම කාර්යක්ෂමතාවය)
3. නිතරම අයියා, හෝ මල්ලී ගෙදර සිටීම නිසා , උපරිම ආරක්ෂාව.(හොර වාහෙට නිකංවත් චෑන්ස් එකක් නැත)
4. දවසක් ඇර දවසක් අයියා-මලෝට නිවාඩු ( මහෙගෙට අඹ සරණයි)
-වලව්වේ හස්ති රාජ-
[[මෙන්න එකගෙයි කෑම සාධාරණීකරනයට හේතු]]
ReplyDeleteඑක ගෙයි කෑම සාධාරණය කරලා නැහැ නේද කවුරුත්? ඔබ මේ කියන්නේ එක ගෙයි කෑම සිද්ධ වෙන්න හේතු උන කාරනා. එක සාධාරණ ද කියලා අපට කියන්න බැහැ. ඔය හැම සංස්කෘතික රාමුවක් ම [ඒක විවාහත් ඇතුළුව] අසාධාරණ කම් වලින් ගහනයි.
ආන්න එහෙම කියන්නකො, සෑර්. දැං ඒ කියන්නෙ, සෑර් මේ බහු-විවාහ කියන සංකල්පය හරියි කියන්නෙ නෑ කියන එකනෙ.
ReplyDelete//ඔය හැම සංස්කෘතික රාමුවක් ම [ඒක විවාහත් ඇතුළුව] අසාධාරණ කම් වලින් ගහනයි//
අමූලික ඇත්ත. ඒකනෙ අපි එයාලට සමතැන දීලා තියෙන්නෙ. දැං බලාන්ට, එයාල ගෘහ මුලික කමටත් කටුව ගහන්නනෙ හදන්නෙ.
-වලව්වේ හස්ති රාජ-
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteකථාව නම් ලස්සනයි,
ඒත් කරපු වැඩේ කැතයි.
මමයි ආරාධනාව කරේ.මගේ නම ගාවලවත් නැහැනෙ...
කැචයි හොන්ජේ......... :-(
@තරු
ReplyDeleteඅනේ අර කතාවට කළින් උඩින්ම දාපු මුල්ම ආමන්ත්‍රණය පොඩ්ඩි අක්කයි, මට ඒ ආරාධනාව කරපු ඔක්කොටෝමයි තමයිනේ දැම්මේ. ඔයාගෙයි ඒ අනිත් අයගෙයි ආරාධනාව හින්දම තමයි මම මේක ලිව්වේ. ස්තූතියි ඒ ගැන. නැත්තන් අර මුලදිම දාපු කතාවෙන් නතර වෙන්න හිතාගෙන හිටියේ. සමාවෙන්න දුක හිතුණනම්. හිතා මතා මග ඇරියේ නෑ.
කතාවට පස්සේ ඒ ගැන අදහස් දක්වලා තියෙන යාළුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඉදිරි පෝස්ට් වලදිත් පොඩ්ඩි අක්කාගේ අවසරය මත මම මේ වගේ ඔයාලත් එක්ක එකතු වෙන්නම්කෝ.
[[සෑර් මේ බහු-විවාහ කියන සංකල්පය හරියි කියන්නෙ නෑ කියන එකනෙ.]]
ReplyDeleteඅපට නුහුරු සමාජයක කරන දේවල් වල හරි වැරැද්ද කියන්න අපි කව්ද?
ප්‍රාණඝාතය අපි ඒ හැටි අනුමත කරන දෙයක් නොවෙයි නේ. සමහරු හිතනවා වෙජිටේරියන් වීම උසස් දෙයක් කියලා [පෙර දිග මෙන් ම බටහිරත් - වේගන් කියලා රැල්ලක් යන්නේ].
හැබැයි එස්කිමෝ වරුන්ට මේ ධර්මය අදාලද? ඔවුන්ට වෙජිටේරියන් වෙන්න කොහොමත් බැහැ. ප්‍රාණඝාතය නරකයි වේගන් වීම යහපත් කියන කතාව මත එස්කිමෝ ක්‍රියාකාරකම් මැනිය හැකිද? එහෙම මනින්න අපි උන්ට වඩා ලොක්කන් වෙන්නේ කොහොමද?
මෙ කිව්වේ කිසිම මෝරල් අගයක් අපට නැහැ, ඕනෑම දෙයක් සංස්කෘතිය අස්සේ දාලා තිබ්බොත් විවේචනය කරන්න එපා කියා නොවේ. මිනිස් බිලි පූජා, කාන්තා පීඩනය, ළමා විවාහ [ලංකාවේ විතරක් නොවේ, ඇමරිකානු මෝමන් අන්තවාදීන් අතරත් සිදු වන], ඩේන්මාකයේ ෆෙරෝ දිවයිනේ වාර්ෂිකව කරන "මුහුද ලේ ගන්වන" තල්මස් ඝාතනය [මරන්නේ කන්න නොවේ ජොලියට - එකවර තල්මසුන් සිය දහස ගණනක් කපොඅලා කොටලා මරනවා] වගේ දේවල් නිරපේක්ෂව වැරදියි කියා අපට හිතන්න පුළුවන්.
එහෙත් මේ බහු සම්බන්ධ අද සමාජයේත් හොරෙන් වෙන අතරේ එක ගෙයි කෑමකට විතරක් තීන්දුවක් දෙන්න අපට බැරි බවයි කිව්වේ. අනික තුන්දෙනාම කැමති නම් අපිට මොකෝ.
එක ගෙයි කෑම අපවාදයට ලක් කල වික්ටෝරියානු චින්තනය බොහොම පසුගාමී [කාන්තා පීඩක] ක්‍රමයක් බවත්, අපේ රටේ උන් වැඩි හරියක් තවම හිතන්නෙත් බෞද්ධ සහ ලාංකික ක්‍රිස්තියානි හර පද්ධතිය ගොඩ නැගෙන්නේත් මේ මත බවත් නොකියාම බැහැ.
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteදැන්නම් දුක අඩුයි :-)
ඇත්තටම අර ක.කා ද? කොහෙද කිවුවා වගේ , පොඩ්ඩිගෙ පෝස්ට් එකක් කියවල අපි ඊට පස්සෙ බල ඉන්නෙ ,රවි ගෙයි, ඔයාගෙය් පිළිතුරු ටික එනකම් තමයි.
හරියට පොඩ්ඩි හදන , මාලු හොද්දට, පදමට,ලුණු/ඇඹුල් දෙක ඔය දෙන්න ගෙන් වැටෙනවා වගේ තමයි.
නැත්නම් ඉතින් හොද්ද ගැන හිතන්න පුලුවන්නෙ. :-) .(පොඩ්ඩි තරහ වෙන එකක් නැහැ මෙහෙම කීවට , රොස් වුනත් එයාගෙ හොදි රහාහාහාහාහාහායියියියි )
// දෙන්නා එකතුවෙලා බ්ලොගයක් කරනවා නම් මෙන්න නියම නමක්.//
ReplyDeleteබූරුනිතො කිව්වම බ්ලොග් ඒක නීතගේ විතරයි වගේනේ.....
This is for you Poddi Akka...
ReplyDeleteYou are the one who inspired me
Me and my words
For all the creations
I've placed on 'Walawwa'
So, all those lovely comments
Are belonged to you, not me...
Please accept my heartfelt gratitude
And sincere thanks
For making me happy and proud
Of being a member of
'Poddi's Walawwa'...
Thank you very much!!!
//අපට නුහුරු සමාජයක කරන දේවල් වල හරි වැරැද්ද කියන්න අපි කව්ද//
ReplyDeleteඅම්මපා, සෑර්ගෙ කටේ මසුරං දාන්න වටින කතාව. පොඩි පරහකට තියෙන්නෙ, මේක අපිට හොඳට පුරුදු සමාජයක් වීම තමයි. අර මෝ'මන් කස්ටියට අන්තවාදීන් කිව්වෙ ඇයි, සෑර්?
-වලව්වේ හස්ති රාජ-
පොඩ්ඩි වලවුවේ පස්සේ අලියට පන්ති තියන එකට සමා අවසර.
ReplyDelete@හස්ති;
මෝමන් අන්තවාදීන් කිව්වේ අද කාලේ "ලුනුවිල නගරේ" ඉන්න සාමාන්‍ය මෝමනුන් නොව වොරන් ජෙෆ් වැනි අන්තවාදීන් පස්සේ යමින් අවු 12 පුංචි ඒකියන් බුරුතු පිටින් විවාහ කරගෙන උන් සමග රමණයේ යෙදෙමින් "ලෝකයේ පව් සමා කරවන" කාලකන්නින් ය.
සුද්දා එන්න කලින් ලංකාව අපිට හුරු සමාජයක් නොවේ. අද කාලෙත් මේ වගේ දේවල් වෙනවානම් පමණයි ඔබ කියන විදිහට විරුද්ධ වෙන්න ඕනේ. මං දන්නේ නැහැ අද මෙහෙම වෙන බවක්. අහලවත් නැහැ.
ReplyDelete@ පොකූ,
ReplyDeleteඔයා නැති වෙලාවෙත් කට්ටිය වලව්වට ඇවිත් යන එක කොච්චර හොඳද. ඒකෙන්ම පෙනෙනවා වලව්වට එන හැමෝගෙම එකමුතුකම.
@ Tanikada Jeewithe
ReplyDeleteපොකූ කියල තියෙන්නෙ බූරුනිතො කියල නෙවෙයි අනේ , බූරනීතෝ කියල.
@නීතා.
ReplyDelete"නිරබූතෝ" කියල දැම්මොත් මොකද?
නිකන් "අලීබූතෝ" වගේ ප්‍රසිද්ධ වෙයි .. :-)
@තරු,
ReplyDeleteඅමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්ට දෙයක් නෑ බං.. අපි කොහොමත් ප්‍රසිද්ධ උදවිය තමා.. :p
@ තරූ,
ReplyDeleteහොඳ වැඩේ ඇද්ද අහගත්තා :)
@ නීත
ReplyDeleteඒක තමා මම බැලුව වලව්වේ මොනව හරි ප්‍රස්නයක්වත්ද කියල...
හැබැටම දැන් කුමාරිහාමි වලව්වේ නැත්ද? අයෙත් අර නරියවත් ඇවිල්ල අරන් ගියාද දන්නේ නෑ
@ඉන්දික උපශාන්ත, (සිංහයා )
ReplyDeleteතියනවා නේන්නම්. සුජීවගේ කමෙන්ට්ස් දැක්කාම මොනවා ලියාගන්ටද කියලා කල්පනාවත් නැතුව ගියා.
ඔයා කමෙන්ට් එකක් දායි, දායි කියලා බල, බලා හිටියා. මම ඉතින් හිතට එනදේ කියන කෙනෙක්නේ. ඉතින් ඒක කියලා දැම්මා.
වලව්ව් වත්තේ කිතුල් පිරිලා. ඔය සිරිබිරිස් පේන්ට නැත්තේ කිතුල් පැණි හදන හන්දා. එයා ඒ එක්කම රාත් මදිනවද කොහෙද? ඒකනේ හිටපු ගමන් අලි මොටත් රා බීගෙන ඔය කියවන්නේ....ඉතින් ඔයා පැණි ටිකක් කෑවා කියලා අඩුවක් වෙන්නේ නෑ සිංහයෝ බයවෙන්ට කාරි නෑ...:)
අනෙක් ගෑනු ගැන කියන්ට පොඩ්ඩි නම් දන්නේ නෑ. හැබැයි එයා නම් බැඳ ගත්ත බෙරේ ගහලම නවතින කෙනෙක්. බිම තියන කෙනෙක් නම් නෙමේ….:D
@prasanna86k ,
ReplyDeleteඅපොයි එපා...ඔය කතා නම් ආදර්ශෙට ගන්ට එපා....:D
@ගීතක - ඇත්ත කතා...!!!,
ReplyDeleteඇවිල්ලා එල පෝස්ට් කීව එකම මදෑ…:D
ඇත්ත කතාවක්නේ....:D
@මධුරංග,
ReplyDelete//මම් පොඩි එකා වෙච්චි මේ ගැන කෝම දැනගන්නද.//
හපොයි....මෙන්න තවත් ඇත්ත කතාවක්!!!
//ගූගල් ලාගේ කන්වර්ටර් එකට පිස්සු හැදුන වෙලාවක ලියපු නිසා අකුරු වැරදීම් උනා.//
උම්මා පෝස්ට් එක ගැන හිත, හිත හිටපු හන්දා නෙමේ නේ…:D:D:D
@සිත්තමී,
ReplyDeleteමේ විදියට ඇවිත් ලස්සන කමෙන්ට්ස්දාලා පොඩ්ඩිවයි, අනෙක් යාලුවන්වයි සතුටු කරනවාට ඔයාට කොහොම ස්තූති කරන්ටද මන්දා. මම හැමදාම කියන කතාවක් තමයි ඔයාලගේ කමෙන්ට්ස් හන්දා වලව්වට මෙච්චර සෙනඟ යන, එන, බව. ඔයාලා නැත්නම් මට මේක තනියම නඩත්තු කරන්ට බෑ. කරන්ට උවමනාවකුත් නෑ.
ඒ මදිවට කවිත් ලියලා. පොඩ්ඩි කවි ලියන්ට දන්නෙත් නෑ…:(
බලන්ට කොච්චර අය බලා ඉන්නවද ඔයාගේ කතා කියවන්ට. සිත්තමියේ ඔයා හැමදාම මේ වගේ ඇවිත් අපි හැමෝගෙම හිත් සතුටු කරයි කියලා හිතනවා.
ඔයාට මොන විදියට ස්තූති කලත් ඒ මදි. කියන්ට තියන්නේ ඔයාගේ ගෙදර කියලා හිතාගන ඇවිත් වලව්වේ පදිංචි වෙන්ට කියලයි….:D
කතාව වෙනදා වගේම ලස්සනම ලස්සනයි. පොඩ්ඩිත් ඉතින් පොඩි ලමයින්ට තහනම් දේවලුත් ඇද්දෝයි ආසාවෙන් තමා කියවගෙන ගියේ...ඒත් ඉතින් අය්යෝ....:D:D:D
@රංගි,
ReplyDeleteකාර් නැති උනත්, ලස්සන කොල්ලෝ දෙන්නෙක් උනොත් කොහොමද?...:D:D:D
@D.G.M.බස්සා,
ReplyDeleteකාලා, බීලා ඇස්වහගන නිදාගන්නේ නැතුව බස්සත් හරි දේවල් තමා බලලා තියෙන්නේ…:D
ඔය ටොමියා ඔහොමමයි හොරා කන්ට හරි හපනා. අහක බැලුවද කාගේ හරි කුස්සියක.
අයිතිකාරයා බිරානේ….:D:D:D
@සුජීව සහ හස්තිරාජ,
ReplyDeleteඔය දෙන්නා ඇති තරම් පන්ති පවත්වාගන්ට. කොච්චර පන්ති තියලා වාද කලත් අවසානෙදි කියන්ට තියෙන්නේ මෙන්න මේ දේයි.
1. එකගෙයි කෑමට ගෑනු ලමයි කැමති නෑ.
2. භාර්යාවෝ දෙන්නෙක් ඉන්නවට පිරිමි කැමති.
@කතන්දර,
ReplyDeleteකවුද අනේ කමෙන්ට්ස් ගනින්නේ. ඇවිල්ලා දාලා යනවා මිසක්...:)
@ POKU
ReplyDelete1. එකගෙයි කෑමට ගෑනු ලමයි කැමති නෑ.
එක ගෙයි බැරිය.....(ගෙවල් දෙකක නම් සළකා බැලිය හැක )
2. භාර්යාවෝ දෙන්නෙක් ඉන්නවට පිරිමි කැමති
එක ගෙයි නම් නෙවෙයි...ගෙවල් දෙකක නම් සළකා බැලිය හැක
වලව්වෙන් කෙරෙන විශේෂ නිල නිවේදනයයි.
ReplyDeleteවලව්වේ අරක්ෂක අංශය භාර 'මහමුදලි' තනතුර දරන බූරා....හෙවත් ගහගන්නා රාල, හෙවත් ඇලපාත නිලමේ හෙවත් බූරතීනෝ....(දන්නා හැටියට එය තාම බූරනීතෝ ලෙස වෙනස් කර නොමැත ) විශේෂ ආරක්ෂ පුහුණුවක් සඳා එන සතියේ විදේශ ගතවනු ඇත. ඔහුගේ සටන් ක්‍රම දැන් කල් පැන ඇතැයි කියා මෙම ගමන පිලියෙල කර ඇත්තේ මහ වලව්වේ මහ මැණිකේ බවත්, ඔහුගේ ගමන්, බිමන්, ඉඳුම්, හිටුම් හා කෑම් බීම් යන සියල්ලටම යන වියදම වලව්ව මගින් දරනු ලබන බවත් කරුනාවෙන් සලකන්ට. (තරු සෑම වියදමක්ම සඳහා රිසිට් අවශ්‍ය බව ඔහුට වහාම දන්වා යැවිය යුතුයි. )
ඔහුගේ පුහුනුව ගතවන කාලය සති තුනකි.
ඔහුගේ තාවකාලික වෙන්වීමෙන් ඇඬෙන ගෑනු ලමයින්හට නොමිලේ ලේන්සු වලව්ව මගින් සපයනු ලැබේ. ඒ සඳහා කට්ටිය නීතාගේ අලුත්ම ඇම්බ්‍රොඩර් වැඩ දැමූ ලේන්සු අවශ්‍ය නම් ඒ බව ඉතා ඉක්මනින් දන්වන්ට. (නීතා පසුගියදා මේ පිලිබඳව විශේෂ පුහුනුවක්ද ලැබුවාය )
බූරාගේ ජංගම දුර කතන නොම්මරය අවශ්‍ය ගැහැනු ලමයි කරුනාකර හැකි ඉක්මනින් පොඩ්ඩි අමතන්න.
නොම්මරය දීම සඳහා ඔබගේ අනන්‍යතාවය ඔප්පු කලයුතුය. මේ සඳහා පාස්- පෝර්ට් නම්මර ඇතුල් කිරීමට වග බලාගත යුතුය.
ඔහුගේ ජංගම දුර කතනය නොලැබීමෙන් වන සිත් තැවුල් හා සිය දිවි හානි කරගැනීම් සඳහා වලව්ව වග කියනු නොලැබේ.
ස්තූතියි……:D:D:D
අම්මෝ මෙන්න ඒකාබද්ධ .. ප්‍රහාරයක්..
ReplyDeleteමටත් හොඳ වැඩේ , පවුල් ස0ස්ථා වල දේවලට හොම්බ දාන්න යනවට. :-)
@Tanikada Jeewithe,
ReplyDeleteඅපොයි මේ ඉන්නවා. මෙච්චර සෙනඟක් වට කරගන ඉන්දැද්දි නරියා කොහොමද පොඩ්ඩිව ගෙනියන්නේ?...:D
@තරු,
මොකද හැබෑටම උනේ???...:D
You can watch the teledrama "Baddegedara", from the link http://www.youtube.com/watch?v=SpUTAKILDeQ&feature=related
ReplyDelete@Nuu,
ReplyDeleteThanks Nuu....:D:D:D
කෝ දැන් මේ පැත්තට කවුරුත් එන්නේ නැද්ද? අද වලව්ව පාලුයි වගේ. කට්ටිය නිවාඩු ගිහින්ද?
ReplyDelete@ පොකූ,
ReplyDeleteඔයාගේ විශේෂ දැණුම් දීම බලන්න ලැබුණේ ඊයේ රෑ. මම අනුරාධපුර වන්දනාවේ ගියා. වලව්වට එන යන අය සැමටම සෙත් පැතුවා. විශේෂයෙන්ම අපේ පුංචි නිකීතාව මතක් කරලා සෙත් පැතුවා.
දැන් මේ අපේ ආරක්ෂක මුදලිතුමාගේ විදේශ සම්ප්‍රාප්තිය ( ඒ වචනේ එතනට ගැලපෙනව නේද? ) නිසා කාට හරි තාවකාලිව ආරක්ෂා කටයුතු බාර දෙන්ට වෙයි නේ? අනිත් එක බැරිවෙලාවත් ඔය ඇවිදින රටවල්වල හුරුබුටි කෙලි පොඩ්ඩියො ඉන්නවනෙ ,ඉතින් එතුමා කාව හරි තෝරා ගත්තොත් ආයේ වලව්වට එන්ටත් කම්මැලි හිතේවි. ඒ නිසා පොකූ අපි කට්ටිය ආරක්ෂක ක්‍රම ටිකක් ඉගෙන ගනිමු.
කොහොම උනත් මුදලිතුමාට සුභ ගමන් , ඒ වගේම සතුටින් නිවාඩුව ගත කරන්ට ලැබේවා !!!!!!!
@නීතා;
ReplyDeleteඕක ෂුවර් නැති බුවා හොඳේ. ඔය යන තැන් වල... දන්නවනේ ඉතින්...