'තීව වධකයා ලවා හිස් ගසා දම්මන්ටයි වටින්නේ' පියරජු, ඇගේ දිගු කෙහෙ වැටියෙන් අල්වා, ඇයව බිමට තල්ලු කලේ, විස්තර කල නොහැකි තරමේ කෝපයකින්. ඔහුගේ රකුසු මුහුන දැක්කාම ඇගේ හදවත නැවතුනා කියලා කුමාරිට හිතුනා. හරියට අමනුස්සයෙක් වගේ. මව් බිසව නම් ළය මැදට ගහ ගනිමින් කලේ, නොනවත්වාම හඬන එකයි. 'මේකිව දීපල්ලා මස් වැද්දට' ඔහුගේ හඬ මාලිගාව පුරා ගිගුම් දුන්නා. රජ අණට වැඩි අණක් මේ ලොව තවත් තියනවාද?
අහස කඩා හැලෙන්ට වගේ වැටෙන ධාරානිපාත වර්ෂාවත්, අකුණු කෙටිල්ලත්, ගස් ඇඹෙරන හඬත්, කුමාරිට ඇහුනේ නෑ. ඊට වඩා ලොකු කුණාටුවක් ඇගේ හිත පුරා, වේගයෙන් පැතිරෙමින් තිබුනා.
පහුවදාට පහන් වෙනකොට ඊයේ රෑ කුණාටුව සංහිදිලා...මාලිගාවම නිහඬයි. හරියට අවමඟුලකට සූදානම් වෙනවා වගේ. කුමරිය පැලඳගෙන හිටපු ආභරණ එකින් එක ගැලෙව්වේ කිරි මව විසින් . ඇගේ උඩුකයේ, වස්ත්‍ර ඉවත් කරනවා දුටු මව්බිසව සිහිසුන්ව බිම පතිත උනා. නවාගත් හිසින් යුත් කුමාරි, මාලිගාවේ පිටුපස දොරින් රජ ගෙයින් නික්මුනා. අලි, ඇතුන් පිරිවරාගෙන, පැමිණි රාජ කුමාරයෙක් එක්ක යන්ට තිබුනු ගමනක් නේද මේ? කිරි මවගේ දෑසිනුත් ගලා හැලෙන් කඳුලු දුටු කුමාරි හිත තද කරගත්තා. තමන් කරනලද පව්වලට වන්දි ගෙවිය යුත්තේ තමාමයි ඈ හිතාගත්තා.මාලිගාවේ මිදුල උඩින් ඇවිදගෙන ගිය කුමාරි දිහා කවුරුත් ඇහැක් උස්සලා බැලුවේ නෑ. ළමා වියේ සමනලියෙක් මෙන් එහේ, මෙහේ දුව පැනගිය, යොවුන් වියේ , යෙහෙලියන් සමග හිසේ ගැසීමට මල් නෙලූ,, ගී ගැයු, ඒ රාජකීය උයනේ ගස් වැල් පවා පාත්වෙලා තිබුනේ හරියට ඇගේ නික්මීම ගැන සෝකෙන් වගේ. කුරුල්ලන් පවා නිහඬව , කම්පාවෙන් මේ සිද්ධිය දිහා බලා උන්නා. උන් වෙනදා වගේ කීචි, බීචි ගෑවේ නෑ.
මස් වැද්දා ඇතුල් නුවර වාහල් දොරකඩ ලඟ ඈ එනතුරු, ඇණ තියාගන බලා උන්නා. ගොරෝසු, හැඩිදැඩි පුද්ගලයෙකුවු, ඔහු අතවූයේ පුරුදු දුන්න හා ඊතලය. ඉනේ දවටගන හිටි අමුඩ කෙටියේ, කෙටේරියකුත් දකින්ට ලැබුනා. කෙතරම් දරදඬු පුද්ගලයෙක් උනත්, ඔහු කුමාරි දිහා නිකමටවත් ඇස් උස්සලා බැලුවේ නෑ. ඈ පසුපසින් හිමිහිට ගමන් කලා විතරයි.
රජ ගෙදරට හැමදාම වගේ දඩමස් සැපයුවේ මේ උන්දෑයි. කවුද දන්නේ දඩමස් හිඟ උනාම රාජ උදහසට බයේ, මේ උන්දෑ කැලේ හිටපු කොලු ගැටයෙක් මස් කරලා ගෙනාපු බව. ඒ ළපටි මසට කුමාරි ගිජු උනා. තව, තවත්, ඒ මසම ගේන්ටැයි මස් වැද්දාට වධ කලා. රාජ උදහසට වඩා තවත් දෙයක් මේ ලෝකේ තියනවද? ඔහු ඒ දේ කලේ තමන්ගේ පණ කෙන්ද රැක ගන්ටයි. රජ මාලිගාවේ කරණවෑමියට තමයි, ඔහුගේ නැති උනු පුතාගේ ඇඟිල්ලක් මස් හොද්දේ තිබිලා අහුවුනේ. ඒ වෙනකල් මේ සිද්ධිය කවුරුත් දැන හිටියේ නෑ. මස් වැද්දා කීවේ කුමාරි ඒ මසම ගේන්ට කීව බවයි. වැරැද්ද කා අත උනත්, දැන් සිදු උනු දේ , සිද්ධ වෙලා අහවරයි.
ඈ හරිම සුරූපී තරුනියක්. ඒ වගේම හරිම මුරන්ඩුයි. දඟකාරයි. කාටවත් බයත් නෑ. ඒ පලාතෙම හිටියේ නෑ ඇයවගේ සුන්දර යොවුන් දැරියක්. ඇගේ ලස්සන දේහය දිහා කෙලින් බලන්ට නිර්භීත උනු කෙනෙක් හිටියෙත් නෑ. ඇගේ ඒ ස්වභාවය තමා මේ වෙලාවේ ඇයට ඇගේ හිත ගලක් කර ගැනීමට පිහිට උනේ.
ඔවුන් ගිය වැදි ගම්මානයේ ඇත්තන්ට නම්, සතුටේ ඉහිලුම් නැතුවා. එදා රෑම කාලි මාතාවට පූජාවක්. කාලි අම්මන්ගේ ගෙල වටේ තිබුනු මිනී ඔලු හැබෑ ඒවද බලන්ට කුමාරි වෙහෙසුනේ නෑ. ඇගේ පා ලඟ හැලී තිබුනු රතු පැල්ලම්, මිනිස් ලේද කියලා බලන්ටත් ඇයට ඕනේ උනේ නැහැ. ගිණි මැලේ නිවිලා යනකල් වැද්දන් නැටුවා. ඔවුන් නැටුවේ එක්තරා තාලයකට. කොල අතුවලින් වැහුනු ඔවුන්ගේ උඩුකය ගිනි මැලයේ එලියෙන් දිලිසුනා. නායක මස් වැද්දා නම් ගලින් නෙලපු පිලිමයක් වගේ ඇවිලෙන ගින්න දිහා බලන් උනා. කුමාරිත් හිටියේ ගිණි මැලය ලඟින්ම ඉඳගෙන. වාතය පුරා පැතිරිලා තිබුනේ මස් පිච්චෙන සුවඳත් එක්ක මිශ්‍ර උනු, ගස් කොලන්වල නැවුම් සුවඳක්. ගිනි දලු බුර, බුරා නගිනකොට, දර කෝටු පුපුරන හඬ ඈට ඇසුනා. ඒ එක්කම වදුල තුල තිබුනු සීතල ගින්නෙන් පහවෙලා ගියා.
රෑ කලුවර හිමින් සැරේ පහවෙද්දී, මහලු ගැහැනියක් කුමාරිව අඳුරු ගුහාවක් තුලට කැන්දාගෙන ගියා. එදා ඉඳන් ඇයව බලාගත්තේ ඒ ගැහැනියයි. මස් වැද්දාව සහේට ගැනීමට අවශ්‍ය දිය ලණුව තනනා අන්දම කියලා දුන්නෙත් ඇයයි. ගහක පට්ටයක් සූරා, ඉතා සීරුවෙන් එය නිම කල කුමාරි එය මස් වැද්දාගේ ඉනෙහි දැවටීමෙන් ඔහුව තම සහකරු කරගැනීමට කැමැත්ත දෙනු ලැබුවා.
මේ දෙදෙනාගෙන් පැවත එන පරපුර තමා අද 'රොඩී' මිනිසුන් ලෙස ලංකාවේ හඳුන්වනු ලබන්නේ.
මෙහි සඳහන්වන කුමරිය, 12 ශත වර්ෂයේ ජීවත්වූ, 1 පරාක්‍රමබාහු රජතුමාගේ දියණියවු රත්නවල්ලි කුමරියයි. රැහේ අය ඇයව 'නවරතන් වල්ලි' ලෙසිනුත් හඳුන්වනු ලැබුවා. රොඩී තරුනියන් මෙච්චර ලස්සන උනේ රත්නවල්ලි කුමරිය නිසා බවට කතාවකුත් තියනවා. සාලිය කුමරා හා එක් උනු, අශෝකමාලාත් රොඩී තරුනියක්.
මෑත කතාව: 1910දී ලංකාවේ විසූ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක්, අද 'ගාලු මුවදොර හෝටලය' නමින් හැඳිවෙන තැන තම නිවහන ඉදිකර තිබෙනවා. එහි වැඩ කල රොඩී තරුනියක් හා පෙමින් වෙලුනු ඔහු ඈ හමුවීම සඳහා නිවසේ උමගක් ඉදිකලාලු. ඔහු නැවත, සිය රට බලා යද්දී, ඇයට කැමති දෙයක් ඉල්ලන්ට කී වෙලේ ඇය මේ නිවස ඉල්ලාවියැයි ඔහු හිතුවාලු. ඒත් ඈ ඉල්ලා ඇත්තේ, තමන්ගේ ජාතියේ ගැහැනුන්හට උඩුකය වැසීමේ නිදහස. ඉන් පස්සේ ඔහු එම නිදහස රොඩී ගැහැනුන්ට දීපු බවකුත්, නිවහන විකුණූබවකුත් කියැවෙනවා.
ඉහතින් දැක්වෙන ජායාරූපය සත්‍ය රොඩී තරුනියකගේ ජායාරූපයක්. සාස්තර බලන, ගී ගයන, මන්තර, ගුරුකම් ප්‍රගුන කර ඇතැයි බොහෝ අය හිතන, මේ රූබර ගැහැනුන් කවදා හෝ ඔබේ මිදුලකට පැමින ඇද්ද?
Fair of face like the full blown lotus
Thy rosy lips match the red lilies
Thine eyes blue as the induvara flower
With swelling swanlike breasts;
Shine resplendent
The livelong day,
Rodi girl; the full moon over Ratnapura sky
(Kavsangarava. 1928).
(රොඩී තරුනියකු ගැන ලියැවුනු කවියකි.)

මොනා කියන්නද මන්දා හරිම දුක්මුසුයි, ඒත් රත්නවල්ලි හරිම නිර්භීත බව පේනවා.
ReplyDeleteඒ කාලෙත් ගෑනුන්ට කතා කරන්ට නිදහසක් තිබිලා නෑ. :D
Deleteඒත් ඔයවගේ හිත ධෛර්යමත් කාන්තාවෝ ඉඳලා තියනවා.
සමහර ඉතිහාස සිද්ධි ගැන පොඩි සැකයක් ආවත් කතාව නම් පෙර සේම සුන්දරයි.
ReplyDeleteපොඩ්ඩි ඔයාගේ ඉතිහාසය මත කරන නිර්මාණ පොතක් හැටියට එලි දක්වන්න.
ස්තූතියි සුජීව. පොඩි නෙමේ ලොකු සැක ගොඩක් මට ආවා. :D
Deleteපලමුවන කථාවත් දෙවන කථාවත් දෙකම සංවේදී .
ReplyDeleteලස්සන රොඩී කෙල්ලන් සමහර වෙලාවට යනව දැකල තියනවා පාරේ සාස්තර කියමින් .
මෙයාලගේ ජීවිත අලලා ලස්සන සිංහල චිත්‍රපටියකුත් තිබුනා .
එහෙම සිංහල ෆිල්ම් එකකුත් තිබුනද? බලලා නෑ. ආසයි බලන්ට. පුලුවන් නම් ඒකේ නම හොයලා දෙනවද ගිම්...:)
Deleteඒකෙ නමත් 'හුලවාලි' තමා.. :)
Deleteoops.....:D
Deleteකතන්දරේ කොහොම උනත් පොඩ්ඩිගේ මේ ලියවීමේ හැකියාවට නම් සම්පූර්න ලකුනු.
ReplyDeleteකොහොම හරි ගැහැනුන්ට අසාධාරනයක් උනා කියලා හිතෙන විදිහට වචන ටික ගලපලා තියෙන්නෙ ඔය
පලි
මේ අර රොඩී තරුනියකගෙ පිංතූරේ සවුත්තු වුනෙ නැති එකක් හොයා ගන්න බැරි උනාද?
කතාවක් කීවේ. ඒකෙන් වෙන දෙයක් පේනව නම් ඒ ඇත්ත වෙන්ටැති නේද? ඉතිහාසය දිහා බැලුවත් පේන්නේ ගෑනුන්ට වෙච්ච අසාධාරණකම්ම තමයි.
Deleteඔන්න සවුත්තු නොවෙච්ච පින්තූරයක් දැම්මා. අවුරුදු 18ට අඩු නම් කරුණාකරලා කතාව විතරක් කියවන්ට, පින්තූරේ දිහා නොබලා...:D
අද නං ලියල තියෙනව පිරිමින්ට තලුවට කමක් නෑ කියල හිතෙන විදිහට. විශිෂ්ටයි පොඩ්ඩි !!! :)
ReplyDeleteස්තූතියි කොල්ලකාරයට. :D
Deleteඅක්කා ලඟකදි ලියපු හොඳම ලිපිය. අති සාර්ථකයි! මගේ සුභපැතුම් අක්කේ. ආයෙ එන්නං ඉක්මණින්ම.
ReplyDeletethanks Sittamee. ආය එන්ටකෝ ඉක්මනින්. :D
Deleteපොඩ්ඩිව නරියට දුන්න වෙලේ නම් පොඩ්ඩිව බේර ගන්න බවුවො, පූවො, හාවො, මකරු එහෙම හිටියා. රත්නවල්ලි පවූඌඌඌඌඌඌඌඌඌ
ReplyDeleteමෙන්න රත්නවල්ලි ගැන ලස්සන සින්දුවක්
http://hadageepotha.blogspot.com/2010/08/blog-post_12.html
රත්නවල්ලි පවූඌඌඌඌඌඌඋ නේන්නම්. ඒ කාලේ මකරු හිටියෙත් නෑනේ, රත්නවල්ලිලාව බේරගන්ට. සිංදුවට ගොඩාක් ස්තූතියි...:D
Deleteමෙච්චර ලස්සන සිංහල සිංදු තියනබව මම දැනගෙන හිටියේ නෑ.
http://suniledirisinghelyrics.blogspot.com/2010/12/blog-post_5103.html
ReplyDeleteමේ ඉන්නේ වර්තමාන රත්නවල්ලි කෙනෙක්.....
රොඩී කුලයේ කෙල්ලෙක් සාත්තර කියන්න ආපුහාම ඉස්සර අම්මලා අපිව ගෙට දානවා එයාලා වශී ගුරුකම් කරනවා කියලා... වශී ගුරුකම් කරපුහාම මොන වගේද බලන්න අපි ගේ පිට පැත්තෙන් ගිහින් ඉන්නවා එයාලට පේන්න....
ඒත් ඉතින් කරපු ගුරුකමක්වත් වෙච්ච වශියක්වත්නම් නෑ..
අභියව වශී කොරගන්න....හෙහ් ..හෙහ්.. රොඩී කෙල්ලොන්ට නුල් බඳින්ට වුනේ නැතුව ඇති යාන්තං
Deleteඅභීත ඉතින් වශීවෙලා බලන්ට ආසාවෙන් හිටියද? :D:D:D
Deleteනියම ලිපියක් පොඩ්ඩී . . .හරිම අපූරුයි . . .
ReplyDeleteස්තූතියි දුකා. :D
Deleteකතාව නම් අපූරුයි පොඩ්ඩි.....ඒත් කරුණු කීපයක් නිවැරදි කිරීමට මට අවසර...
ReplyDeleteඅර ලොකු හාමුදුරුවො කිව්ව කතාව මට මතක් උනේ...හෙහ්, හෙහ්,....'' වැඩේ නම් අපූරුයි, පොඩි නම, ඒත් ************** "
ඔය කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරය සර් තෝමස් මෙට්ලන්ඩ් .....ලංකාවෙ හිටියෙ 1805 - 1811 කාලෙදි. අනික ඒ ප්‍රේම කතාවෙ කථා නායිකාව රොඩී තරුණියක් නෙවෙයි පෘතුගීසි සම්භවයක් ඇති ඈ නමින් ලොවීනා.
අනික් කාරණේ ඔය ඉඳි කරපු නිවහන ගාළු මුවදොර හෝටලය නෙවෙයි , ගල් කිස්ස හෝටලය....Mount Lavinia කියන නම ආවෙත් Lovinaගෙ නමින්.
ආයෙම කියන්න ඕන....පොඩ්ඩි, කතාව ලියල තියනව නම් හරිම අපූරුයි......
රවි, ඔයාට උත්තරේ සිත්තමීගේ ලින්ක් එකේ තියන ලිපියෙන් බලාගත්තෑකි. එතකොට ඉතින් පොඩි නමත් හරි ලොකු නම.
Deleteස්තූතියි රවි නොදන්න දේවල් ගොඩාක් කියල දෙනවටත්, ඒ ගැන හොයන්ට අපිව උනන්දු කරවනවටත්.
රත්න වල්ලි ගැන නම් කතාව ලස්සනට ලියලා තියනවා. දෙවෙනි කතාව නම් රවි අයියා කියන එක හරි වෙන්න ඕනි. Mount Lavinia නම ආවේ Lovinaගෙ නමින් බව මාත් අසා තිබෙනවා.
ReplyDeleteඅර රොඩී තරුණියගේ රූපයේ උඩුකය නිරාවරණය කර ඇති ඒවා සයිබරයේ තියනවා. එය ඒ ආකාරයෙන්ම දැමීවේ වරදක් මා නම් දකින්නේ නෑ.
මම සමහර කමෙන්ට්ස් වලට කලින් උත්තර නුදුන්නේ කරුනු හොයාගෙන ඒ ගැන කියන්ටයි. ස්තූතියි ප්‍රියන්ත කතාව ලස්සනයි කීවට.
Deleteඔන්න කියපු හන්දා පින්තූරෙත් වෙනස් කලා.
පහල තියනවා සිත්තමී එවපු ලින්ක් එකක් සහ වෙනී එවපු ලින්ක් එකක්. ඒ කතා කියවලා බලන්ට. කමෙන්ට් එකට උත්තර දෙන්ට පරක්කු උනාට තරහා වෙන්ට එපා. මම ඉස්සෙල්ලාම දන්න ඒවට තමයි උත්තර බැන්ඳේ.
ලස්සනට ලියල තියෙන්නේ මේ...
ReplyDeleteහුලවාලි කියන්නේ මොකක්ද?
කතාව නම් හොඳටම හොඳයි...හැබැයි රොඩී පටන්ගත්තේ රත්න වල්ලි ගෙන් නම්, සාලිය ගේ කාලේ රොඩී ල ඉන්ට විදිහක් නෑනේ. මොකෝ සාලිය හිටියේ රත්නවල්ලිට කලින්.
අමා, සාලියගෙ කාලෙ රොඩී කුලයක් තිබුනෙ නෑ මම දන්න විදිහට. අශෝකමාලා ඇවිල්ල සැඩොල් කුලයෙ....මේ කුල දෙක පටලවගෙන තමයි ඔය අවුල ඇතිවෙලා තියෙන්නෙ.......මමත් අහල තියන විදිහට රොඩී කුලය පටන් ගත්තෙ රත්න වල්ලි කුමරිය ගෙන් තමයි.......කාලෙකට ඉස්සර මම වැඩ කරපු කිට්ටුවක තිබ්බ රොඩී කුප්පායමක්....ඔවුන්ගෙ තලකොල වලින් හදාපු නිවහන් සමූහයට කියන්නෙ කුප්පායම කියලයි. ඒ එක තැනක ඉන්න පුලුවන් උපරිම දවස් හතයි.ඒ රැහේ නායකය මා එක්ක හොඳට හිතවත් උනා. දන්නවනෙ ඉතින් මත්පැන් වලට කරන්න බැරි දෙයක් නෑ කියල. ඒ මනුස්සය කියාපු දෙයක් තමයි " මහත්තය දන්නවද, අපේ රජ ලේ තියනව කියල, අපි පැවතගෙන එන්නෙ රජ්ජුරුවන්ගෙන්"
Deleteමාත් අහලා තියෙන්නේ රවි අයියා කියන විධියට. අශෝකමාලා චන්ඩාල කුලයේ (සැඩොල්). රත්නවල්ලිය පිළිවඳ කතාව නම් මට හරියටම මතකයක් නෑ.
Deleteහෝව් හෝව් හෝව්.. ඔන්න රවි අයියත් පටලවාගෙන නෙවැ.. ඔයා ඔය කියන්නෙ රොඩී අය නෙවෙයි, අහිගුණ්ඨිකයො ගැන.. එයාලට තමා ඔය එකතැන දවස් 7කට වඩා ඉන්න බැරි සීන් එක තියෙන්නෙ.. රොඩී අය එහෙම නෙවෙයි, එයාලගෙ වෙනමම ගම් තියෙනවා ස්ථිර පදිංචියට..
Deleteබූරා ඔයා දන්න හරි කතාව අපට බලාගන්ට එක්ක ලියලා දැම්මොත් මොකද වෙන්නේ....පින්සිද්ධ වෙනවා. :D
Deleteමම කියන්න ගිය කථාව බූරා කියලා.... රොඩී කුලයේ අය ජීවිකාව කරගත්තේ ස්වයං රැකියාවලින් කියලයි ආරංචි.. රජ පවුලට අවශ්‍ය පං නිර්මාන ඔක්කොම මෙයාලා අතින් නිර්මාණය උනා කියලත් කියනවා... නිරවද්‍යතාවය ගැන සැකයි... නමුත් මෙයාලා වෙනුවෙන්ම වූ ගම්මාන ඇති කරලා තියෙනවා... කුලයෙන් උසස් වූවන්ගේ ගම්මාන අසලින්ම මෙම ගම්මාන පිහිටවලා තිබිලා තියෙන නිසා ගොඩාක් බැලමෙහෙකම්වලට රොඩීන් යොදාගත්තා කියලා විශ්වාස කරන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ....
Deleteඅයියෝ ඔන්න ඉතිං ඔයත්.. :)
Deleteඅර රොඩින් පටන්ගන්නෙ රත්නවල්ලි කුමාරිගෙන් කියන කතාව තමා මාත් අහලා තියෙන්නෙ.. ඒක එයාලගෙ ප්‍රවාදයක් පරම්පරාවෙන් එන.. මම කිවුවෙ රවි අයියා කියපු අර රොඩී කුප්පායමේ දවස් 7 සීන් එක ගැනයි..
මේ ගැන අපි කාලෙකට කලින් තිස්ස අයියගෙ හද ගී පොතේ බොහොම අපූරු කතිකාවක් කලා.. මෙන්න මෙතනින් ගිහින් බලන්න කමෙන්ට්ස් ටික..
ගාතා අසන්නට වර රත්නවල්ලියේ
පහල තියෙන දුකාගේ කමෙන්ට් එකේ මෙන්න මෙහෙම පේලියක් තියෙන්නේ ඔය..
Delete//වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ....\\
පං නිර්මාණ ගැන වෙන්න ඇති මයේ හිතේ....
බටපොතු ආශ්‍රිත වට්ටි පෙට්ටි විවීම එයාලට උරුමවුන කර්‍මාන්තයක් නේද.. පං නෙවෙයි, පං කියන්නෙ තණකොල වගේ ජාතියක්නෙ..
Delete@ Buratheno,
Deleteඅඩේ බූරා මලේ කතාව ඇත්ත නෙව...අර මම කියපු කට්ටිය රොඩී කියලයි අපි ඒ දවස්වල හිතුවෙ.
අඩේ අරූ මගෙ අරක්කුත් කෙලල ඇරල මට පචයක් ඇරිය වත්ද?....නැත්නම් ඩෝප් මරගාතෙ මට ඇහුනෙ එහෙමද?...නෑ. ඒ දෙකම වෙන්න බෑ...මට හොඳට මතකයි ඒක එහෙම කිව්ව.
සමහරවිට මෙහෙම වෙන්නත් පුලුවන්. ඔය අපි හිටියෙ නැගෙනහිර පළාතෙ මායිමේ නෙව.දකුණු ඉන්දියාවෙන් ආපු පරවර් කියල කුලයක් නැගෙනහිර මුහුදුබඩ පදිංචි වෙලා තියනව පෘතුගීසි කාලෙ.සමහරවිට මේ මම කියන්නෙ ඒ අය ද දන්නෙ නෑ. මොකද ඒ හරියෙ අහිගුණ්ඨිකයො නම් හිටියෙ නෑ මම දන්න විදිහට. අනික මේ මිනිස්සු ජීවත් උනේ දඩයමෙන්.
John Still ඉංග්‍රීසි ජාතිකයගෙ Jungle Tide කියන පොතෙයි මේ විස්තරේ තියෙන්නෙ......ලින්ක් එකක් හොයාගන්න බැලුව හරිගියේ නෑ.
අහිකුන්ටිකයෝ මුලින් පටන් ගෙන තියෙන්නේ හංගේරියාව පැත්තෙන්. මේ ජන කොට්ඨාසේ මුල් නම 'රෝමා'. එයාලා තමා හැම රටකටම පැතිරිලා ගියේ. එයාලා කුලයකට අයිති නෑ. ජන කොටසක් විතරයි. රොඩී අය මේ අය එක්ක හාමු වෙලා ඇති. ඒත් දෙගොල්ල දෙකොටසක්.
Deleteඅමා, මම ඉතිහාසය දන්න කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවාම, එයා කීවේ මේ වගේ කතාවක්. ඔය කුල දෙකම එකක්. ඒත් නීච කුල ලෙස සලකපු හන්දා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ තමන්ගේ දුව රොඩියට දීලා තියෙන්නේ. රාජ කුමාරියක් සම්බන්ඳ උනු හන්දා රොඩී ජාතිකයන්ගෙන් මේ ජනප්‍රවාදය ආවද දන්නේ නෑ.
Deleteසෝපාක හිටියේ පැරණි ඉන්දියාවේ. එයත් සැඩොල් කුලයේ නේද? මේ කුල ක්‍රමය අපට ලැබුනේ බුද්ධාගමත් එක්ක. ඉතින් ඔය නීච කුලවල අදහස ඒවායින් ලැබුනාද කියලා අපි දන්නෙත් නෑනේද?
උදේ ඉඳන් බිසි මේ ගැන කරුනු හොයලා. මෙතනින් පන්නපු දාට තමා පොඩ්ඩිටත් ඔය රැහැනට වැටෙන්ට වෙන්නේ.:D
රොඩී සැඩොල් කුල පටලවුම කියා දුන්නට ඔයාල හැමෝටම ස්තුතියි!
Deleteකෝ අනේ එත් කව්රුත් හුලවාලි කියන්නේ මොකද්ද කියල නෑනේ? :( පොඩ්ඩි?
ම්ම් කුල ක්‍රමේ බුද්ධාගමත් එක්ක ලැබුන වෙන්ට බෑ. බුද්ධාගමේ කුල නෑ. ඕක හින්දු ආභාෂ නිසා වෙච්චි දෙයක් වෙන්ටෝනේ.
බුද්ධාගම ලංකාවට ගෙනාපු කාලේ තමයි ඔය ඒ ආපු උදවිය අතර හැම දේම කරන කෙනෙක් ඉඳලා තියෙන්නේ. යම් කාර්යක් බාරගෙන හිටපු. (රාජකාරියක් ) ඒත් එක්ක තමා කුල ක්‍රමය බිහි උනා කියන්නේ.
Deleteඒක බුද්ධාගමට සම්බන්ඳ නැති උනාට කට්ටිය ආවේ ඉන්දියාවෙන්නේ.
හුලවාලි කියන්නේ රොඩී කෙල්ලට. ඉතින් ඔය දුක මූන නැති කරලා හිනාවෙන්ට හොඳ ලමයා වගේ...:D
රවී අයියා කියල තියෙන කතාව තමයි මාත් අහල තියෙන්නෙ. මොනා උනත් පොකූ මේ යන පැත්ත නම් මම හුඟක් කැමති පැත්තක්. ඉතිහාසෙ කුණු කන්දල් අවුස්සන එක. තව ලියමු හොඳේ..
ReplyDeleteහී...හී...ඔයා කියලා තියන කතාව ඇත්ත. නොකියවෙන, නොපෙනෙන පැති දිහා බලන්ට මම ආසයි. විශේෂයෙන් ඉතිහාසයේ.
Deleteරත්නවල්ලී දෝ යෞවනියේ උඹ
ReplyDeleteපහන් තරුව උනු ගාඩි රැහේ
හීන් සිනිඳු වැරහැලි සේලේ මල්
පරවී යනවා දූ විල්ලේ . .
දුර ඇවිදින අතරේ සංසාරේ
-කරුනාරත්න දියුල්ගනේ-
එක පාරටම මතක් උනේ මේ සින්දුව . . බලද්දී තිසාගේ හදගී පොතේ වත් කොමෙන්ටුවක් විදිහට මේ ගීතයේ මේ කොටස දාලා තිබ්බා . .
_____________________
ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා
රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ
මම තුන්පත් රටා බ්ලොග් එකට මේ රත්නවල්ලි ගැන ලියුව කතාව වෙනස් . . . මේ තියෙන්නේ තුන්පත් රටා බ්ලොග් එකෙයි මගේ බ්ලොග් එකේ ඒ ලිපිය ආපහු දාපු එකේයි ලින්ක්ස් . . .
ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ . . . !
පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !
දුකා, ඔයාගේ ලිපියත් කියෙව්වා. මේ සිංදුවත් ඇහුවා මාර ලස්සනයි. මම හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා මේ ලස්සන සිංදුව අහන්ට කියලා. ඒ එක්කම දුකාගේ පෝස්ට් එකත් කියවන්ට. ඒකේ කියවෙන්නේ වෙනත්ම විදියක කතාවක්.
Deleteඔයාට ගොඩාක් ස්තූතියි.
පොඩ්ඩී ඒක ජන ගීයක් . . .!
Deleteකතාව ලස්සනට ලියල තියෙනවා
ReplyDeleteඇත්තටම රොඩී ගෑනු අය අතරේ ගොඩක් ලස්සන අය ඉන්නවා තමයි
සුදු වැද්දා පොතේත් මේ විදිහම කතාවක් තියෙනවා, පොඩ්ඩි බලල තියෙනවද
ගෑනු කොහොමත් ලස්සනයි අනේ.:D
Deleteසුදු වැද්දා බලලා නෑ. ඔක්කොමලාම ඒ ගැන කතා කරන හන්දා හොයාගන බලන්ට ඕනි.
"දියුල්ගනේ" නෙමේ "දිවුල්ගනේ" වෙන්න ඕන හොඳේ
ReplyDeleteකතාවනං අපූරුයි කුමාරිහාමි.
ReplyDeleteඅර හෝටලේ කතාව මම දන්න විදියටනම්, තෝමස් මේට්ලන්ඩ් හැදුවෙ එයාගෙ ලැවිනීයා නම් බර්ගර් පෙම්වතිය සඳහා. ඒකෙ හදපු උමග අදත් තීනව වර්ථමාන ගල්කිස්ස හෝටලයෙ මේන් කිචන් එක එහෙම නැත්තං ( ඉස්සර ) ප්‍රසිද්ධ ලිට්ල් හට් නයිට් ක්ලබ් එක තිබ්බ හරියෙ යට.
රොඩී උපත රත්නවල්ලි නෙමෙයි. එහ්ම උනානම් සාලියට රොඩී කෙල්ලෙක් ලැබෙන්න විදියක් නැහැනෙ. ඒ ඉතිහාස කතාව කොහොම වෙතත් බලං උන්න වගේ ලියපු විදිය තමයි අපූරු!
කමෙන්ට් එක දාල බලනකොට මෙන්න රවී විස්තරේ කියල ගිහිනුත් ඉවරයි!
DeleteHere within the portals of this house, King Tom first set eyes on a beautiful mestizo dancer, Lovina Aponsuwa, the half Portuguese and half Sinhalese lead dancer of her father's dancing troupe. As she danced before him, enticing him with her long flowing jet black tresses and fixing his attention with her large, expressive, hazel brown eyes, King Tom was mesmerised. He fell instantly in love with Lovina, for nowhere had he seen such perfection, such beauty, and such grace. Lovina and her dance troupe became regular performers at the Governor's house. Flattered by the attentions of this high-ranking official, Lovina, the lowly dancer was further elated when, as a token of his growing affection, she learned that he was to name his grand country mansion Mount Lavinia, after her.
Deletehttp://www.mountlaviniahotel.lk/front/history_main.php
සිත්තමී මේ ගැන අපූරු ලිපියක් හොයාගෙන, ලින්ක් එක දීලා තියනවා පහලින්. මම ඒ ගැන හිත, හිතා ඉන්නකොට තමයි එයා ඒක එවලා තිබුනේ. බලාගෙනයනකොට මමත් වැරදි නෑ. :D
Deleteගොඩක් ස්තූතියි සිංහයාට විස්තර හොයලා දුන්නාට.
නෑ, වැරදියි. තැන් දෙකකදි. එක, ගාළු මුවදොර හෝටලය කියන්නෙ 1806දි හදපු GALL FACE HOTEL මිස පස්සෙ හෝටලයක් වෙච්චි ගල්කිස්සෙ මහ හෝටලය යැයි නම් තැබූ මේට්ලන්ඩ් බංගලාව නොවෙන එක.
Deleteදෙක, ඔය පළමුවන ප්‍රාක්‍රමබාහු රජුගෙ දූය කියල වෙන මූලාස්‍රවලින් පැහැදිලි කෙරිල නෑ. ඒ නිසා මේ රොඩීන්ගෙ උපත පළවෙනි පැරකුම්ගෙන් ද නැත්තන් ඉන් පස්සෙ ආපු වෙන පැරකුම් කෙනෙක්ගෙන්ද කියල හරි තොරතුරක් නෑ.
( සිංහයයි පොඩ්ඩියි දෙපැත්තෙ, සිංහයා ආන්තිකයි - සුජීව ):D
මං එන්නද බොට ගල් ගහන්න.. :)
Deleteඉතිහාසයෙ කියවෙන දූලා හිටියෙ I පරාක්‍රමබාහුට හා VI පරාක්‍රමබාහුට විතරයි නේද..?? අනිත් අයටත් දුවලා ඉන්න ඇති, ප්‍රසිද්ධ නොවුනට.. අනිත් කාරනේ රොඩින්ගෙ උපත කියලා මේ පැරකුම් සීන් එක ගත්තට ඊට කලින් ඉදන්ම මෙහෙම කුලයක් තියෙන්න ඇති, රජ්ජුරුවන්ට අමුතුවෙන් කුලයක් හදන්න ඕන වෙන්න නැතුව ඇති.. හැබැයි ඉතිං මේක විශේෂ අවස්ථාවක් නිසා (රජකුමාරියක් කුලේට පෑහීම), මෙයාලා කතාව ගොතන්න ඇති කුලේ පටන් ගත්තෙ මෙතනින්ය කියා, ඇයි එතකොට රාජ ලේ වලින් එනවා කියලා කියන්න පුළුවන්නෙ..
පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින්බැඳෙන්න ඇති.
ReplyDeleteමේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති.
කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.
නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.
රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති.
එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති.
තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.
කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති . . >>>
ඔය රොඩී අයම කියනකොට තමන් එන්නෙ රත්නවල්ලිගෙ පරපුරෙන් කියල, ආයි ඒ අයම කියනව ආනන්ද හාමුදුරුවන්ට වශී ගුරුකම් කලෙත් තමන්ගෙම පරපුරයි කියල. ඒ නිසා රොඩී පටන්ගත්ත තැන මෙතනයි කියපු එක කතා රසේට බාධාවක්දෝ කියලත් හිතුන.
Deleteමේ කුල ක්‍රමය පටන් ගත්තේ ඉන්දියාවෙන්. රත්නවල්ලි කියන්නේ 1 පරාක්‍රමබාහු රජතුමාගේ දුවක් නම්, ඉතින් එයාට ඉන්දියාවේ නෑකම් තිබුනානේ. අනෙක පඬුවස්දෙව් බැන්දේ සිදුහත් කුමාරයාගේ පරම්පරාවේ කෙනෙක් කියලත් කියනවානේද? ඉතින් මෙයාලා ඉතිහාසේ ඈතට ගිහින් ඒ නෑකම් ගැන කියනවාද කියලා කවුද දන්නේ?
Deleteමම කියන්නෙ ආනන්ද හාමුදුරුවන්ට වශී ගුරුකම් කලේ "රොඩී" නම්, ඒ වනකොටත් ඒ කුලේ පැවති එකක් වෙන්න ඕන. එහෙනම් රත්නවල්ලි කතාව හෝ එයින් රොඩී ආරම්භ වූ කතාව යන දෙකම හෝ එකක් බොරු!
Deleteරත්නවල්ලි නම අහල තිබ්බට මේ කතාව අහල තිබ්බේ නැ. ස්තුති poddita නොදන්න කතා කියල දෙනවට., මට තව කතවක් මතක් උන ඔහොම කුමාරියෙක්ව වැද්දට දීපු.. සුදුවැද්ද පොතේ තිබුනේ .. එකත් හරි ලස්සන කතාවක්..
ReplyDeleteමට දැන් මේ පොත බලන්ට හරිම ආසයි හැමෝම ඒ ගැන කතා කරන හන්දා.
Deleteපරණ දේවලට මම කොහොමත් ආසයි. ඒකයි පරණ ඉතිහාස කතා අවුස්සලා, හොයලා බලන්නේ. :D
පොඩ්ඩි පරණ දේවල් වලට ආසඊ කිව්වේ එතකොට ගෙම්බත් ඇන්ටික් ගෙම්බෙක්ද දන්නේ නැ
Deleteපොකු අද කතාව ට ගොඩක් කැමතියි... අමතක වෙලා ගිය - දන්නේ නැති අපේ ඉතිහාසේ මතක් කරන්න මේ වගේ ඒවා ලියවෙන්නේ ඕනේ. සමහර දේවල් 100% හරි නැති උනත් dialogue එක වැදගත් නේ ..
ReplyDeleteරොඩී ගෑනු අය ලස්සනයි කියල මාත් අහල තියෙනවා. පිට රටවලින් ලංකාවට ආපු අයත් කියල තියෙනවා ලු ඒක. අර Elephant walk පොතෙත් මේ තියෙන්නේ රොඩී ගෑනු ළමෙක් ගැන...
'Wilding had seen the beauty of women in the sophisticated centre . . . Now in the hills of Ceylon there stood before him the loveliest creature of them all. Here was innocence.'
ස්තූතියි නිරෝෂිනී. සම්පුර්නයෙන් එකඟවෙනවා කතාවට.
DeleteRobert Standish කියලා තියෙන්නේ ඇත්ත. මම ඔය 'රොඩී' ගෑනු ලමයින්ගේ පින්තූරු හොයනකොට දැක්ක දෙයක් තමා එයාලගේ අහිංසකකම. කැමරාවට මූන දෙන්නේ පින්තූරේ ගන්න කෙනා ගැන සම්පූර්න විශ්වාසය තියලා බව එයාලගේ මූනේ ඉරියව්වලින් පේනවා.
"Here was innocence." very true...:)
I wish to register my strong protest against your ugly graffiti over that beautiful photo.
ReplyDeleteAmen to that! :D
Deleteමේ කියන රොඩී තරුනියව එම ආන්ඩුකාරයා විසින් ලැවීනියා නමින්ලු හැදින්වූයේ. කන්දක පිහිටි ගෙයක විසූ ලැවීනියා තරුණිය නිසාලු මවුන්ට් ලැවීනියා නමින් එම පෙදෙස හැඳින්වූයේ. කෙසේ හෝ මෙය ඉතාම අනුවේදණීය කථාවක්. මේ හොටලය සාදා තිබෙන්නේ ඉතාමත් සවිශක්තියට ඔතැනම සාදා තිබූ ඇලමාර්ගයක් වසා දැමීමෙන්. එම ඇල තමයි අද නව පාර්ලිමේන්තුව අසල කථානායක් නිළ නිවසට පසෙකින් ඉතාම කුඩාවට ගලා යන්නේ. පෙර එය ඉතා පලල් නැව් පවා යන එන කෘතිම දිය පහරක්. එම වරාය තමයි කොන්තගම්තොට නමින් දැන් තිබෙන්නේ.
ReplyDeleteමෙම කථාව මගේ මිතුරෙක් චිත්‍රපටියකටත් නැගීමට සූදානමින් සිටිනවා. මේ ගැන වැඩි විස්තර ඔබ දන්නවානම් මට ලබා දෙන්න. එය ඔහුට වැදගත් වේවි. නැතහොත් මම ඔහුව ඔබට සම්බන්ධ කරන්නම්.
මහ වෙදනා කීව විස්තර මම දැනගෙන හිටියේ නෑ. ඒ ගැන ෆිල්ම් එකක් හදනවානම් කොච්චර එකක්ද? මම නම් ගොඩක් විස්තර දන්නේ නෑ. බූරා නම් විස්තර දන්න බව පේනවා. එයාගෙන් තමා අහලා බලන්ට වෙන්නේ.
Deleteගොඩක් ස්තූතියි විස්තරයට.
අපේ ගම පැති වල නම් තාමත් රොඩී අය ඉන්න ගම් කියල වෙනම ගම් තියනවා. ඉස්සර මේ අය තැන්තැන් වල ගියත් පසුකාලීනව ගොඩක් අය ගම් වශයෙන් පදින්චිවුනා. අපි පොඩි කාලෙ නම් මේ අයගේ නම් කියපු ගමන් රොඩී කියල හඳුනාගන්නවා. ඒත් දැන් ගොඩක් අය නම් වෙනස්කරලා නිසා නමින් හඳුනාගන්න බෑ. අලුත්ම පරම්පරවෙනම් කොහොමත් එහෙම වෙනසක් නෑ. කොටින්ම කියනවානම් මම දන්න දොස්තරලා පවා ඉන්නවා දෙමවුපියෝ රොඩී වුන. තව අවුරුදු 15 ක් 20 ක් යනකොට රොඩී කියන්නේ තවත් එක ඉතිහාසයක් වියහැකි වුනත් ගැටලුව තියෙන්නේ මේක විකුණගෙන කන පිරිසකුත් ඉන්න එක. අර රොඩී දැහැන නීච කුල වශී ගුරුකම් කියකියා ලක්ෂ ගණන් සල්ලි හම්බකරන කට්ටිය.
ReplyDeleteඔයා ඔය මුලින් කියලා තියන ගම් ගැන මමත් අහලා තියෙනවා. හැබැයි එයාලා දත් දොස්තරලා වෙන්ට තරම් ඉගෙනගන අනෙක් අයත් එක්ක මිශ්‍ර වෙලා ඉන්න බවක් දන්නේ නෑ. එහෙම වෙලා තියනව නම්, ඉතින් අර රජ ගොල්ලන් විහින් තමන්ගේ බලය පෙන්නන්ට කරපු මෝඩ වැඩවල කෙලවරක් අපි දැකලා කියලා සතුටු වෙන්ට පුලුවනි.
Deleteහැබෑට ඒ පරම්පරාවක කෙනෙක්ගෙන් එයාලගේ අතීතය අහගන්ට තිබ්බානම් නේද?
හැමදෙනාගේම බලවත් ඉල්ලීම පිට ඔන්න රොඩී කෙල්ලගේ නියම ජායාරූපය පල කලා. :D:D:D
ReplyDeleteසික් දැන් මේ බ්ලොග් එක අපි වගේ පොඩි ළමයින්ට බලන්න බැරි තැනක් වෙලා. මෙහෙම පෝස්ට් වලට පිංතූර දානවද? අඩුම ගානෙ 18 පලස් කියලාවත් දාන්න ඕනී නේද?
Deleteඋඩ පින්තූරය ඇතුළු ලංකාවේ පැරණි ගොඩක් පින්තූර තියනවා "මෙතනින් යන්න."
Deleteඔය පින්තූරෙ ඉන්නෙ ඇත්ත රොඩී කෙල්ලෙක්ද? ඔය පින්තූර සෙට් එක ගැන පොඩි විවාදයක් තීනව. පොඩ්ඩක් හොඳට ( අර පපුව නැතුව අනික් හරිය සහ මුහුණෙ හැඟීම්, පිටිපස්සෙ වෝල් පේපර් එක එහෙම ) බැලුවොත් වෙනස තේරෙයි.
Deleteකවුද දන්නේ නෑ සවුත්තුවෙලා නැති පින්තූරයක් ඉස්සල්ලාම ඉල්ලුවේ නේද නිශ්....:D:D:D
Deleteසිංහයෝ, එහෙම එකක් පේනවා නම් තමයි. ඒත් රොඩී කෙල්ලෙක්ගේ තියන අහිංසකකම මේ මූනේ මට පේනවා. වෝල් පේපර එක පස්සේ දැම්මා කියලා හිතමු. :D
Deleteප්‍රියන්ත ස්තූතියි ලින්ක් එකට. :D
Deleteමටත් මේ රොඩී , සැඩොල් කියන කුලවල් දෙක පැටලුනානේ. කොහොමහරි පොකූ අපට මේ වගේ දේවල් ලියන නිසා අලුත් දැනුමක් ලබා ගන්න පුලුවන් වෙනවා.
ReplyDeleteසුදුවැද්දා කතාවේ රජතුමා තමුන්ගෙ ලේලිය වැද්දට පාවා දෙන විදිහත් පොකූගේ රත්නවල්ලි කතාව කියවනකොට මතක් වෙනවා.
කරුණා කරලා ඔය පොත් දෙක කවුරු හරි අතේ මට එවන්ටෝ. ඔන්න නැත්නම් මම බූරාගෙන් පොත් ඉල්ලගන්නවා...:D:D:D
Deleteසුදු ගෝනා මා ගාව තිබේ. ඔයාට දෙන්නත් පුළුවන්. ඔයාට දෙන්නත් කැමතියි.
Deleteහැබැයි ඒක තියෙන්නේ ලංකාවේ. අපි දෙන්නම ඕස්ට්‍රේලියාවේ. ඉතින් මොකෝ කරන්නේ :D :D
ලංකාවට ආවාම ගමු. එහෙම හොඳද? නැත්නම් ඔයා ගිය වෙලාවක ගේන්ට. එතකොට පෝස්ට් කරවා ගත්තෑකි. නැත්නම් මම ගිය වෙලාවක් මම ගිහින් ගන්නම්.
Deleteහොඳ ලමයෙක් අප්පා....:D:D:D
ඕකට ලංකාවට යන්නම ඕනයැ.. සරසවි බුක්ෂොප් එකේ තියෙනවා අලුත් ප්‍රින්ට් එක.. නීතට කියන්න අරගෙන ඔයාට පෝස්ට් කරන්න කියලා.. :)
Deletehttp://www.sarasavi.lk/wild-white-boy.html
මම දන්නෙ නෑ එයාලා ලංකාවෙන් පිට ඩිලිවරි කරනවද කියලා.. මටත් එකක් ගන්න ඕන.. :(
ඔය වැඩේ නම් කරනන් එපා
Deleteපොතට 250 තැපැල් ගාස්තු 2100 සේරම 2350
මෙහේ ඉන්න කාට හරි අරන් එවන්න කියන්න ඒත් අඩුම ගානේ තැපැල් ගාස්තුව 500 කට වඩා යයි
@බුරා
Deleteමචෝ ඔන්න එක්කෙනෙක් උඹෙන් පොතක් ඉල්ලන්න බලන් ඉන්නවලු
ස්ත්‍රී රතනං
පුස්තක රතනං
පරහස්ත ගතං
ගතං ගතං
තමයි ඔං :D :D
මම ආසාවෙන් කියෙව්ව පොස්ට් එකක්
ReplyDeletethank you. :D
Deleteමෙච්චර ලස්සනට ලියන්න පුළුවන් එකෙක්නේ.. කුණුහබ්බ ලියන්නේ.. ළකුණු 100%
ReplyDeleteකවුද අනේ කුණුහබ්බ ලියන්නේ? :D:D:D
Deleteකතාව මනරම්! පින්තුරෙ නං ප්‍රියංකරයි!
ReplyDeleteමනරම්: සිත් අලවන සුලු
Deleteප්‍රියංකර: නෙත්, සිත් පිනවන
තේරුම් හොයාගත්තේ 'නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය' පොතෙන්. සිරි ලියනගේගේ. මම මේ කල්පනා කලේ ඔයා මෙච්චර හොඳට සිංහල දන්නේ කොහොමද කියලයි.
1. සිත්ගන්නා
2. නෙත්, සිත් පිනවන.
බලාගෙන ගියාම, හරියට හරි නේන්නම්.
නංගි දැන්වත් දැනගත්තොත් හොඳයි අපි කව්ද කියලා....
Deleteහැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ඕස්ටම්ප් (ඉස්පෙලිං හරි නේද:P) එකෙන් එලියට යන්ඩ දාන බෝලෙත් බැට් එකේ යට දාරෙ වැදුනම විකට් ගලෝගෙන යනවා. වැරැද්ද බැට්ස්මන්ගෙ උනත් ලකුනු යන්නෙ බෝලර්ට. බොරුනං බූරාගෙන් අහන්ඩ පොඩ්ඩක්.....
අදත් ඉතින් පිරිමින්ට යන්තම් බැස්ටිය දීලා නමුත් ලස්සනට කතාව ලියලා තියනවා . රොඩී කාන්තාවෝ ගැන මගේ හිතේ නම් තියෙන්නේ මහ අමුතුම හැඟීමක් එයැයිලට යන්තර මන්තර හොඳ හැටි පුලුවන් කියලා අහලා තිබුන නිසායි ඒ
ReplyDeleteඅද නම් මොන රොඩීද ඔවුවා ඉතින් තිබුනේ ඉස්සර ඒත් ඉතින් ඔය මන්තර වැඩෙ නිසා බලෙන් රොඩී කම ඈඳගත්ත උදවියත් ඉන්නවා ..
කුල නම් ඉතින් එමට තියනවා රොඩී , සැඬොල් , කරා , බෙරවා , පදු , ඒත් ඒ ඉස්සර
කතාව ලස්සන නම් එච්චරයි. මගේ හිතෙත් එයාලා ගැන තියෙන්නේ අමුතුම හැඟීමක්. ඒක අපේ හිත්වල්ට අතුල්වෙලා තියෙන්නේ අපි අහලා තියන කතා හන්දා වෙන්ට ඇති.
Deleteඊලඟට කියලා තියෙන දේවලට සම්පූර්නයෙන් එකඟයි.
ඔය මුල හරියේ තියෙන ටික මන් කියවලා තියෙනවා මොකේද මන්දා සුදු වැද්ද පොතේද සුදු ගෝනා පොතේද මන්දා
ReplyDeleteමුල හරිය නිකන් සුදු වැද්දා එකේ සීන් එකක් වගේ.මොනවා වුනත් නියම කතාව...
Deleteමටත් මතකයි සුදු ගෝනා පොතේ තිබ්බා වගේ
Deleteකතාව නං තියෙන්නෙ සුදුවැද්දා පොතේ තමා.. රාජසිංහ රජ්ජුරුවන්ගෙ ලේලි නාලිනි කුමාරි සෙල්ලා කියන මස් වැද්දාට දෙන සීන් එක.. ඒ වුනාට එතන වෙන්නෙ වෙනමම දෙයක් නේ..
Delete@ Buratheno,
Deleteසුදු ගෝනා, සුදු වැද්දා....වන සරණ, මැකීගිය දඩමං......ශෙහ්, පිස්සු හැදෙන පොත් නෙවද බූරා මලේ.....ආර්. එල්. ස්පිට්ල් ගෙ ලිවිල්ලට හපන් ඒ. පී. ගුණරත්නගෙ පරිවර්තනය....සුදු වැද්දගෙ නම මතකද?.....හෑන්ස් වැන් ඩි මිර්....උන්දැගෙ වැදි කෙල්ල රනී.....අර පෘතුගීසි සහ ලන්දේසි කපිතාන් වරු දෙන්න මතකද?
This comment has been removed by the author.
Deleteඑඩ්මන්ඩ් වෑන් ස්පියර්වෙල්ට් හා ගැස්පා පිගේරා.. :)
Deleteපෘතුගීසි කපිතාන් ගැස්පා, ලන්දේසි කපිතාන් එඩ්මන්ටන්.
Deleteආනේ අපි දෙන්නම එක පාරම ඇවිත් :D
Deleteමල්ලි හරි මල්ලි...මතක ශක්තිය අන්තිම ඉහලයි..නීතා නම් මම හිතන්නෙ පොත පෙරලලයි කියන්නෙ ...හෙහ්, හෙහ්,
Deleteහරි තව ප්‍රශ්නයක්.....මේ ප්‍රශ්නය හෑන්ස්ගෙ ඇතා සම්බන්ධයෙනි....මරණ දඬුවමට කැපවූ හෑන්ස් නිදහස් කරගනුයේ මේ ඇතා විසිනි. බූරා.... මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය.....හෑන්ස් ගේ ඇතාගේ නම කුමක්ද?
@ neetha,
Delete/ ආනේ අපි දෙන්නම එක පාරම ඇවිත් :D /
ඒක කිව්ව ලස්සන...නිකං පලයං නීතො අපිට සුදු ලූණු පොඩි කරන්නෙ නැතුව.....දෙන්න කතාවෙලා එක පාරම උත්තර දීල එහෙම.....දැන් කියනව....ආනේ.........හෙහ්, හෙහ්,
හෑන්ස්ගේ ඇතාගේ නම දීකුද් නේ..
Deleteඑකපාර කතා වෙලා ආවෙ නැහැ රවි අයියා, එහෙම නම් ඒ කමෙන්ට් එක දැක්ක ගමන් මම පුදුම වේවිද :)
හුහ් අපි කිව්වොත් ඉතින් පොත බලලනෙ.. :D
@ neetha,
Deleteඅඩේ නීතො උඹ පුදුමත් උනාය බූරගෙ කමෙන්ට් එක දැකල?....හෙහ්, හෙහ්,
හරි, හරි, එව්ව ගනන් ගන්න එපා...මම ඔය කට තියාගෙන ඉන්ට බැරිකමට කියන එව්ව නෙව.....
ඔව් අසන්නනි, ප්‍රියාදර නරඹන්නනි....මා ඇසූ පැනයට පිළිතුරු දීමෙන් වැලකී මිස්ට බූරා මහතා අන්ත්‍රස්දාන වී ඇති බවකුයි පෙනී යන්නේ...එහෙත් අවුලක් නෑ...නීතා තරුණ නෝනා මහත්මිය නියම සිහල කුළ කතකගේ එඩිතර විලාශයෙන් ඉදිරිපත් වී බූරා මහතා වෙනුවට නිවැරදිව පිලිතුරු ලබා දුන්නා. ඔව්...හරියට හරි...හෑන්ස් ගේ ඇතාගේ නම දිකුද්....
දෙන්න ඇයට වේගවත් අත්පොලසන් නාදයක්.....හුරේ.....
මෙන්න සුදු වැද්දා කතාව ආශ්‍රයෙන් අසන ඊලඟ පැනය....
ඔව් නීතා නෝනා මහත්මිය ඔබටයි මේ පැණය... නාලිනී කුමරියගේ පෙම්වතාගෙ නම කුමක්ද?
සුදු ගෝනා පොතේ.............හෑන්ස්ගේ මුල්ම යාලුවා කවුද???
Delete''බිම්බි''
අඩේ මං නැති ටිකට මෙතන දැනුම මිනුම තරගයක් ගොහිල්ලා නෙවැ.. සොරි වෙන්ටෝනැ රවි අයියා, මං වැඩට ගියා නෙවැ.. හරි දැන් මොකද්ද ඔය අහන අමාරු පුරස්නෙ.?? නාලිනී කුමරියගේ පෙම්වතාගෙ නම තමා 'නීල'..
Deleteඅනිත්, පුරස්න ටිකටත් මේගමන්ම උත්තර දෙඤ්ඤං.. හෑන්ස්ගෙ ඇතා 'දිකුද්', වැදිරි 'බිම්බි', අදුන් දිවියා 'දීයා', මුගටියා 'ටිකී'.. තව සත්තු ඉන්නවද..?? එතකොට වැදි රැහේ නායකයා තමා 'රන්දුනා', රන්දුනාගෙ දුව 'රනී', පුතා 'පෙමා'.. තවත් අහන්ට පුරස්න තියේය..??
උඹට කියන්න රවි අයියෙ, ඔය පොත මං පොඩි එකා කාලෙ දවස ගානෙ කියවනවා, එච්චරට ආසයි.. අපේ තාත්තා මං ඉපදෙන්ටත් කලින් අරගත්ත පොතක් ඕක, ලේක්හවුස් එකෙන් ගහපු, ලස්සන චිත්‍ර එහෙම තිබ්බ එලම ප්‍රින්ට් එකක්.. මයෙ මෝඩකමට පස්සෙ කාලෙක යාළුවෙකුට කියවන්න දීලා ආයෙම ලැබුනෙ නෑ නෙවැ.. මට ඕක මතක් වෙන ගානට මටම තලාගන්ට හිතෙනවා පොල්පිත්තකින්.. ඒ වගෙ පොතක් නං ආයෙ හොයාගන්න ලැබෙන්නෙ නෑ, අලුතෙන් ගහන පොත් ඔක්කොම බාල කොලිටි නේ..
@ම,
Deleteමුලින් කට්ටිය 'සුදු වැද්දෙක්' ගැන කතා උනා. මෙතනට එනකොට ඒක 'සුදු ගෝනා' වෙලා. දැන් හරි කතාව මොකක්ද? :)
@නිසූපා
Deleteඔය පොත බලලා ඉවර කරනකල් මට නින්ද යන එකක් නෑ.:D
@ගිම්හානි,
Deleteඅපොයි දෙය්යනේ පොත් දෙකක්ද?
@නීතා,
Deleteඔය පොත් දෙක ඔයා ලඟ තියනවද? :(
අනේ ආයිබෝං අපිවත් අමතක නොකර "සුදු අලියා" ගැනත් පොඩ්ඩක් කතාකරන්ට
Delete-අලි මොටා -
පළමුවෙනි පොත 'සුදු ගෝනා', ඒකෙ දෙවන කොටස තමා 'සුදු වැද්දා' කියන්නෙ.. සුදු වැද්දා පොත තමා වඩා රසවත් හා වැදගත් විස්තර තියෙන්නෙ..
Deleteඅනේ පව් අපේ අලි මොටා. හැබෑට 'සුදු අලියා' කියලා එහෙම පොත් නැද්ද?:D
Delete@ නීතා,
Deleteපොත් ණයට දීමෙන්, පොතුත් මිතුරාත් නැති වේ... (කඩෙන් අරන් දුන්නාට කමක් නැත.)
Jeew, මෙහෙමත් ඊරිසියාවක්...:D:D:D
Delete@ Buratheno,
Deleteබූරා මල්ලි,
මේ නාලිනී මාලිගාවෙන් පිටුවහල් කරන්නෙ අර මුද්ද හෑන්ස් ට දුන්නු එක අහුවෙලා නේද?.....එතකොට සෙල්ලා ඕකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?.....මතක නෑ බොල...අවුරුදු කීයක්ද?...හෙහ්, හෙහ්,
හෑන්ස්ට මුද්දක් දුන්නෙ නැහැ , නාලිනී හෑන්ස්ව කපිතන්ලගෙ නිල නිවාසෙ ඉන්නවා දැකල හොරෙන්ම ගිහින් කතාකරනව. ආපහු එනකොට වලල්ල වැටිල. හෑන්ස් කපිතාන්ල දෙන්නත් එක්කල පැනල ගිය එක ගැන හොයද්දි නාලිනී සෙල්ලා එක්ක කතා කල බවත්, බිම වැටිල තිබ්බ වලල්ලෙනුත් (වලල්ල රජතුමා තෑගි දුන්න එකක්) නිසා නාලිනී හෑන්ස් පැනල ගිය බව දන්න විත්තිය ඔප්පු වෙනවා,සෙල්ලා නාලිනීව අඳුන ගන්නව තමුන් එක්ක කතා කලා කියලා.
Deleteනැතෝ.. මෙන්න මෙහෙමයි වෙන්නෙ..
Deleteහෑන්ස් රෑක හොරෙන්ම එනවා අර කපිතාන්ලා දෙන්නව කන්දෙ නුවරින් පන්නගෙන යන්න.. නාලිනි අහම්බෙන් හෑන්ස්ව දැකලා යනවා කතාකරන්න, එහෙම ගිහින් එද්දි එයාගෙ අතේ තියෙන වලල්ල වැටෙනවා.. පහුවදා ලෝකෙ ගිනිඅරං හොයනකොට තමා ඔය වලල්ල හම්බවෙලා නාලිනිව සීන් එකට පටලැවෙන්නෙ.. සෙල්ලා ඔය මුකුත් නොදැන පුරුදු විදියට මස් අරන් එනවා මාළිගාවට.. කපිතාන්ලගෙ පැනයෑමට සෙල්ලාව තමා මුලින්ම සැක කරන්නෙ, මොකද බුවා තමා පාරවල් ගැන දන්නෙ.. ඒත් පස්සෙ අහුවෙනවා හෑන්ස් ආපු බවත්, නාලිනි ඒක දැක්ක බවත්.. මේ හින්දා තමා එයාව වැද්දට දීලා පිටුවහල් කරන්නෙ..
මේ වැඩේ හරියන්නෙ නෑ.. ආයෙමත් කමෙන්ට් දෙක එකටම වැටිලා.. :D
Delete@ නීතා, & Bura...
Deleteහරි, හරි, මට පැටලිලා....මුද්දක් දෙන්නෙ සුදු ගෝනා පොතේ....ඒකෙ තියනව නේද හෑන්ස් මරණයට නියම වෙච්ච දවසට කලින් දවසෙ නාලිනී වෙස් වලාගෙන ගිහිල්ල හෑන්ස්ට බලගතු මුද්දක් දෙනව.පහුවදා හෑන්ස් ව මරන්ට එන්නෙ කවුද?...හෙහ්, හෙහ්, හෑන්ස් ගෙම අලියා...දිකුද්.....දිකුද් හෑන්ස් ව අඳුන ගන්නවා ඉව කරල...ඊට පස්සෙ ඇත්ගොව්වව මරල දාල හෑන්ස් ව නිදහස් කරගෙන යනව කැලේට...
මාස් තුනකට පස්සෙ හෑන්ස් ආපහු එනව කපිතාන්ල බේරගෙන යන්ට..එතකොට තමයි ඔය වළලු සීන් එක....හරි හරි...
අර කලින් මුද්දෙ සීන් එක රජ්ජුරුවන්ට අහු උනාට ඒ වෙලේ රජ්ජුරුවො නාලිනීට සමාව දෙනව ....එහෙම නේද?
යේෂ්.. ඒම තමා ෂීන් එක වෙන්නෙ.. ඒකයි දෙවෙනි වතාවෙ කලින් එකේ ඇරියසුත් අල්ලලාම නාලිනිට පනිෂ් කරන්නෙ..
Delete@ බුරා,
Deleteමේ මලේ..උඹ ගාව තිබ්බෙ අර තැඹිලි පාට කවරෙ තියන සුදු වැද්දා පොතද?....දිකුද් හොඬවැලෙන් හෑන්ස් ව උස්සං යන සීන් එකක් තියෙන්නෙ....හප්පා, කොහොමද ඒ පොත් වල චිත්‍ර?....පණ පිහිටුවල වගෙ නේද? දෙවෙනි රාජසිංහ ගොයිය ඇඳල තිබ්බ හෙණ පත රැවුලකුත් එක්ක......මම ඒ දවස් වල රජ්ජුරුවන්ට මාර බයයි......හෙහ්, හෙහ්,
ආය මතකද හෑන්ස් හිටවපු කොටේක බැඳල ඉන්දැද්දි ඇතා හොඬ වැල එහෙම උස්සං මරන්ට එන චිත්‍රය.....
අන්තිමට රනී නියඟලා කන්ට හදන සීන් එකකුත් තියනව නේද හෑන්ස් එයාව දාල ආපහු ඕලන්දෙට යයි කියල....ඒත් ඊට කලින් සර්පයෙක් දෂ්ඨ කරපු නිසා වෙලාවට රනීට නියඟලා කන්ට බැරි වෙනවා,
ෆාදර් කෙනෙකුත් අන්තිමටම සෙට් වෙනව නේද?
මේ කතා දෙකේ චරිතත් ඇතුලත්ව ප්‍රධාන වශයෙන් කපිතාන් ගැස්පර් සහ එඩ්මොන්ඩ් සහ ඔවුන්ගේ ආදරය ඉනෙස් ගැන ලියවුන වීර දීවය්න පොත කියෝලා තියෙනවද? එකත් හරිම ලස්සනෛ මන් නම් ආසම ඒකට. සුදු වැද්ද සහ වීර දීවය්න පොත් 2 කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැ.
Deleteඅපට බැහැ අයියෝ ඔය කට්ටිය බොරු කියනවා, කපිතාන්ල දෙන්නත් එක්ක හෑන්ස් පැනල ගිය වෙලාවේ නාලිනී සෙල්ලගෙන් කැලේදි හෑන්ස්ව හම්බ උනාද කියල අහනවා. ඒ බව කියන්නෙ හෑන්ස්ට සෙල්ලා උදව් කලාද කියල රජ්ජුරුවො අහනකොටයි. සෙල්ලා දන්නෙ නැහැ නාලනී කව්ද කියලා. මාලිගාවෙ ඉන්න ඔක්කොම කාන්තාවො පෙන්නල අන්තිමට රජ්ජුරුවො තමා නාලනීටත් එන්න කියන්නෙ. ඒ වෙලාවෙ සෙල්ලා අඳුන ගන්නවා මාලිගාවෙදි කතාකලේ නාලනී බව.
Deleteපරන සුදු වැද්දා පොත තැඹිලි පාටයි, සුදු ගෝනා පොත කොල පාටයි. අලුත් පොත් දෙකම එක පාටයි
@රවි අයියා,
Deleteආන්න හරි, ඒක තමා පොත.. ඒ චිත්‍ර ගැනනං කවර කතාද.. උඹ ඔය කියන රජ්ජුරුවො ඇඳලා තියෙන්නෙ නාලිනි කුමාරිව වැද්දට දෙන සීන් එකේ තමා.. මතකද, රජ්ජුරුවො ඉණට අත් දෙකත් තියාගෙන රකුසු මූණ දාගෙන ඉන්නවා, නාලිනි කුමාරි බිම බලාගෙන ඉන්නවා.. එතකොට මතකද අර හෑන්ස් නයාට වතුර පොවන සීන් එක එහෙම.. ඔය චිත්‍ර තාමත් හිතේ ඇඳිලා තියෙනවා බං පණපිටින් වගේ..
@නීතා,
ඉතිං ඔයා පොත බලාගෙනනෙ කතාව කියන්නෙ.. මම මේ කියන්නෙ අවුරුදු 20කටත් එහා කියවපු මතකෙන්.. ඔයා ඔය කියන එක හරි, ඒ කෑල්ල මට මතක් වුනේ ඔයා කිවුවට පස්සෙ.. :)
@ නීතා,
Deleteඅම්මට හුඩු , නීතො, ඇත්ත තමයි දැන්නෙ බොලේ මතක් වෙන්නෙ...හෙහ්, හෙහ්, ස්තූතියි හොඳේ.....
@ බූරා,
උඹ මලේ අවුරුදු විස්සයි, මම මේ කියන්නෙ අවුරුදු තිස් පහකට එහා මතකයක්...හෙහ්, හෙහ්, නරකම නෑ නේද?
නයාට වතුර පොවන සීන් එක නම් මරු......අන්තිමට මතකද සෙල්ලා මැරෙනව..නාලිනී හාමතේ වැටිල ඉඳල රෑ තිස්සෙ හූ කියනව සෙල්ලා කියල දීපු විදිහට. ගැස්පයි එඩ්මනුයි හිතන්නෙ ඒ උලමෙක් කියල.....ඒත් හෑන්ස් ට පොඩි සැකයක් මතු වෙනව ඒ උලමෙක්ගෙ හඬක් නම් නෙවෙයි කියල. පහුවදා හෑන්ස් යනව ඒ හඬ ආපු දිහාව හොයාගෙන. එතකොට තමයි නාලිනී හම්බ වෙන්නෙ....හෙහ්, හෙහ්, කිසිදා නොමැකෙන මතකයන් මල්ලි....
දැන් පොත බලාගෙන නෙවෙයි අනේ ටික දවසකට කලින් ( ගිය අවුරුද්දේ ) මම පොත් දෙක කියෙව්වා.
Deleteඅනිත් ඒවා වගේ නෙවෙයි මේ කතා හොඳට මතක තියෙනවා.. :D
මේ කතාව නම් හරිම ලස්සනයි පොඩ්ඩි. කලින් අහලාවත් නෑ. ඔය කියන මිනිස්සු දැකලා තියනවා ගමේදි. ඒ ගෑනු උදවිය ලස්සනයි තමා. කොහෙද අපේ ගෙවල්වල අය බය කරනවනේ. ඒ හන්දා හරියට බලාගන්න විදියක්වත් නෑ.
ReplyDeleteමම නම් අහලා තිබුනා අත්තම්මාගෙන්. එයා තමා ඔය පරණ කතා කියලා දෙන්නේ.
Deleteලස්සනට ලියල තියෙන්නේ ........... හරිම ලස්සනයි පොඩ්ඩි...... Congrats
ReplyDeletethanks කවිකාරි...:)
Deleteඅටමස්තානෙට යන කාර් පාක් එකේ කට්ටිය ඉන්නව, බලෙන් සාස්තර කියන්නෙ. එතන ටොයිලට් එකට යන්නත් එයාලට රු/= 10 ක් හෝ 20 ක් දෙන්න ඕනෙ. එයාලගෙ ක්‍රියා කලාපෙ නං කිසිම සුන්දරත්වයක් පේන්න නෑ
ReplyDeleteමම හිතන විදියට මේ අය දැන් ඔය දෙමළ, සිංහල, අය එක්ක (තමන් ඉන්න පලාත්වල හැටියටා මිශ්‍ර වෙලා ඇති. ලස්සන නොපෙනෙන්නෙත් ඒ හන්දා වෙන්ටැති. එයාලා කොහොමත් ආඩම්බරයිලු.
Deleteමම පින්තූරේ දැක්ක ගමන් බැලුවේ අපේ ඔබා මාමා කොමෙන්ට් කරන්න පරක්කු මොකෝ කියලා ඕං දැනුයි කතාව කියවන්න හදන්නේ(වෙනදට මෙහෙම පෝස්ට් වලට මුලින්ම එන්නේ ඔබා මාමානේ)
Deleteඔබා මුත්තෙ,
Deleteරු/= 10 ක් කියලා ලියන්නෙ ඔහොම නෙමේ, මෙහෙමයි රු.10/-.... (දැං මොකද කියන්නෙ)
බලාගෙන යනකොට මොඩ්ල් කෙනෙක්ටත් වඩා ලස්සනයිනේ ඒ ෆොටෝ එකේ ඉන්න රොඩී කෙල්ල :-)
ReplyDeleteටිකක් ඊරිසියා හිතුනද?
Deleteදැන් නම් රැකියාවට රොඩී වෙන අයත් ඉන්නවා නේ ඕනාතරම්,,අනික දැන් රොඩී කෙල්ලෝ ඒ තරම් ලස්සනත් නෑ,,මන්තර ,ගුරුකම් උනත් හරියට බෑ,,අත බලලා පට්ට පල් බොරු කියන්නේ,,,ගල්කිස්සේ හෝටලේ කතාව නම් මම අහලා තියනවා..අදටත් ඒ ගෑණු කෙනා හොල්මන් කරනවා කියලා කියන්නේ,සුද්දා ගියාට පස්සේ එයා දිවිනසා ගත්තලු
ReplyDeleteඔන්න ඩිලන් තවත් පෝස්ට් එකකට හොඳ කතාවක් මතක් කලා. ලියන්ට කලින්ම මගේ ඇඟ හිරි වැටෙනවා කතාව ගැන ගහලා.:D
Deleteමට හම්බ උනා අපූරු ලිපියක් තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා ගැන. ඒකේ තියෙන්නේ රවි අයියා ඇතුළු අනිත් කට්ටිය කියපු කතාන්දරේ තමයි. ඒ එක්කම ඒ කතාවේ තියෙනවා පොඩ්ඩි අක්කා කියපු විස්තරයත්. පිය පාර්ශවයෙන් පෘතුගීසි සම්භවයක් තිබුණු ලොවීනාගේ මව අඩු කුලයක් විදිහට ඒ කාලේ සම්මත උන කුලයක බවත්, ඒ කුලයේ කාන්තාවන්ට උඩු කය ආවරණය කිරීමේ අයිතිය ලබා දුන්නේ ලොවීනා බවත් ඒ ලිපියේ තියෙනවා.
ReplyDelete"...According to folklore, it was Lovina who won the right for the women of her caste to wear a garment to cover their upper body, as they were prohibited to do so..."
ඈ උඩ රූපේ ඉන්නේ රොඩී කෙල්ලෙක්ද? මං උන්නා සීගිරි ලලනාවකගේ සැබෑ ඡායාරූපයක් කියලා :D
ReplyDeleteඑතකොට ඔහොමද රොඩී කෙල්ලන්ට ඇඳූම් අඳීන්න වරම් ලැබුණේ? මම නම් මීට කලින් ඔහොම කතාවක් අහලා නෑ. ඉතිහාස කතා එක එක තැන් වල එක එක විදිහයි. මම අහලා තියෙන විදිහට සුද්දා ලංකාවට එන්න කලියෙන් අපේ රටේ ගැහැණු කට්ටිය උඩුකය වැහෙන්න ඇඳූම් ඇන්දේ නැතිලු. සුද්දා ආවයින් පස්සේ තමයි සේරම වෙනස් වෙලා තියෙන්නේ.
උසස් කුලවල කතුන් උඩු කය වැසෙන්න ඇඳුම් ඇන්දා. පහත් කුලවල අයටයි මේ තහනම තිබුනා කියන්නේ.
Deleteපිරිමින්ට රැව්ල කපන්නත් රජුගේ අවසර ගන්න ඕනි නේද...
පූසා,
Deleteසීගිරි ලලනාවකගේ හැබෑ පින්තූරයක් ගන්ට, ඒ කාලේ කැමරා තියෙන්ට නැතුව ඇති.:D නැත්නම් ඉතින් ඔය පවුරේ ඇන්ඳ ඒවට වඩා හොඳ, හොඳ ඒවා හොයාගන්ට තිබුනා. අර ප්‍රියන්ත කියනවා වගේ සුද්දන් එන්ට කලින් අපේ රටේ කට්ටිය උඩුකය වහලා ඇඳුම් ඇන්ඳා. පහත් කුල කියලා රජවරු නම් කරපු කට්ටියට ඒ වරම තිබුනේ නෑ.
සීගිරි චිත්‍ර දිහා බලන්ට. සුදු අයගේ උඩුකය වහලා. නිල් අයගේ නෑ. ඒ අය දාසියෝ කියලයි කියන්නේ. මේ මම කියන කතාවක් නෙමේ හොඳේ. ඉතිහාසේ තියන කතා.
ප්‍රියන්ත,
Deleteඔව්. එහෙම කතාවකුත් තියනවා. රැවුලෙන් හොඳ පුරුෂභාවයක් පෙන්නුම් කරනවලු. අදටත් බොහොමයක් ද්‍රවිඩ පිරිමි උඩු රැවුල වවන්නේ මේ හේතුව නිසා.
හපොයි...:D:D:D
මගේ ඉතිහාසේ ගැන දැනුම නම් අන්තිමයි. මම නම් ඉතිං ඔය ගිය දේ ගියාවේ කියලා හිත හදාගෙන ඉන්න මිනිහනේ!
Deleteකොහොම නමුත් රැවුල වවන්න ඕනේ කියලා හිතුනා :D
සීරීගි අප්සරාවෝ උඩුකය නිරාවරණය කරලා නෑ කියලාත් කියනවා. හොඳට බැලුවොත් කුමාරි හාමිටත් පෙනෙයි උඩුකය නිරාවරණය කරපු රූප වලට ඉදිරියෙන් කලු ඉරක් ගිහිල්ලා තියෙනවා.ඒ ඒගොල්ලන් ඇන්ද ඔරිමජිනල් සිල්ක් රෙද්ද. ඒක කලාත්මකව පෙන්නන්නයි එහෙම කරලා තියෙන්නෙ. උඩුකය වැහෙන්න හැට්ට ඇඳලා ඉන්නෙ සේවිකාවෝ.. එයාලගෙ ඇදුම ඔරිමජිනල් නෑ. ඒවා ලෝකල් ඒ හින්දා විනිවිද පේන්නැ.
Deleteඒ මොනවා උනත් උඩුකය නිරාවරණය කරලා තියෙන අතිශය කලාත්මක නිර්මාණයක් තමා සීගිරි චිත්‍ර. එව්වයේ උඩුකය දැක්කා කියලා කිසිම වැරදි හැගීමක් එනවද, කොච්චර බලාගෙන හිටියත්.......
රත්නවල්ලී ගැන
ReplyDeleteරසවතිය බ්ලොග් එක ලියන හෂිත කියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්
"රත්න වල්ලි (රත්නමාලි>රුවන්මැලි) මේ තමා අන්තිම මාතෘමූලික දේවතාවි. ඇය මිනී කන්නියක් කරපු එක විජාතික කුමන්ත්රණයක් වෙන්න බැරිද? එතකොට ගැමුණුට වෙහෙරක් හදන්න ඇය උන්නු තෙළඹුව ම කපන්න උවමනා උනේ ඇයි?"
ඉතිහාසය ගැන කතා අහන්න අවුස්සනවනම් හෂිත තමයි හොඳ ම පෙට්ටගම . . .
මේ දවස්වල කුවේනි ගැන ලිපි පෙලක් ලියනවා රසවතියේ . . . ගිහින් බලන්නලා . . .
රත්නවල්ලි හා රත්නමාලි දෙන්නා එක්කෙනෙක් වෙන්න බෑ දුකෝ.. අපි මේ ගැන තිස්ස අයියාගෙ බ්ලොග් එකෙත් කතා කලා මතකයි.. රත්නමාලි හෙවත් ස්වර්ණමාලි කියන්නෙ නං minor goddess කෙනෙක් තමා..
Deleteබූරාගේ කතාවට එකඟයි.
Deleteඇත්ත නැත්ත කෙසේ වෙතත් කවදත් වගේ කතා රසයෙන් උපරිමයි . ඔය වශී ගුරුකම් හෙම කරන්න එයාල දක්ෂයි නේද .
ReplyDeleteඑහෙමලු. ස්තූතියි බින්දිට.:D
Deleteපොඩ්ඩි කොච්චර ලස්සන දෙවල්ද ලියන්නේ ? ඔයා ලියන විදියට කාටවත් ලියන්න බෑ.
ReplyDeleteයතාර්තවාදියා ඔයාගෙ කුමරිහාමි ලිපිය විවේචනය කරල තිබ්බා. මෑන් ගැන
මම දන්නව. අන්තිම පේළියට වල් කතා ලියල කැපිච්ච එකෙක්. ඔයාගෙ ඒ ලිපියට
වඩාත් ප්‍රසිදිධිය ලැබුන මෑන් කල වැඩෙන්. ඔයා දිගටම ලියන්න. අප්[ඉ දිගටම
ඉන්නවා ඔයත් එක්ක.
madhushi herath
ගොඩක් ස්තූතියි මධුෂිට...:D
Deleteමම නම් කවුරු මොනවා කීවත් ගනන් ගන්න කෙනෙක් නෙමේ. මම හිතන්නෙම නිහාල්ට කතාව හරියට තේරිලා නෑ කියලයි.
ගාඩි වංශයට අයිති එක කුලයක් තමයි රොඩී කියන්නෙ. ලංකාවෙ තියන එකම කාන්තාවට මූලිකත්වය දෙන ජන කොටස වෙන්නෙත් රොඩී ජනයා. මම අහල තියන විදියට රත්නවල්ලී කුමාරිව කරකාර ගන්න වැද්දා එයාව කැන්දගෙන වැද්දගෙ ගමට යන්නෙ නෑ . . . හේතුවතමයි රාජ අන. රාජ අනට අනුව ඔවුන් දෙදෙනාට ස්ථිර නිවසක් සැදීම වගේම ස්ථිර රැකියාවක් කිරීමත් තහනම් වෙනව. ඒ නිසා තමයි අදටත් රොඩී ජනතාව ස්ථිර රැකියා නොකරන, ස්ථිර වාසස්ථානයක් නොමැති අය වෙලා තියෙන්නෙ.
ReplyDeleteතවත් හොඳම දෙයක් තමයි . . . රොඩී ජනයාගේ අහංකාර කම. ඒකට එකම හේතුව ඔවුන් රජ කුමරියකගෙන් පැවතෙන්නන් වීමයි. දන්නවද රොඩී ජනතාව අයිති වෙන ගාඩි කුලයට වෙනමම භාශාවක් තියන බව ??? ඒ භාශාව තමයි "ආටි".
කියන්න දේවල් ගොඩක් තියනව රොඩී ජනතාව ගැන . . . බොහෝ දුරට ඒ විස්තර ලබන මැයි මාසෙ දිහාට ලිපියක් විදියටම දාන්නං (මැයි මාසෙ වෙනකං කල් ගන්න පොඩි හේතුවක් තියනව).
අන්තිමටම . . . . ලංකාවෙ පහත්ම කියල සලකන ගාඩි වංශයෙත් පහත්ම කියල සලකන ජන වර්ග 2ක් ඉන්නව. රොඩී සහ කින්නර. ඔවුන දෙකොටස අතර හැමදාම "තමන් උසස්" යයි කියාගැනීම සඳහා තරඟයක් තියනව . . . . අපේ ගම් පලාත් වල වැඩිහිටියන් ඒ ගැන කිවුවෙ . . . . . "රොඩියා දැක්කම කින්නරය ගොම්බෙට්ටක් උඩ හරි නගිනව" කියල
හරිම ලස්සන විස්තර ටිකක්. ඇයි මැයි මාසේ වෙනකල් නොඉඳ ඒක දාන්නේ නැත්තේ අපිට බලන්ට. ඒත් ලංකාවේ මේ මිනිස්සුන්ට වෙන්වුනු ගම් තිබ්බේ නැද්ද? මම අහලා තියන විදියට තිබුනා. තැන්, තැන්වල ගියේ අහිකුන්ටිකයෝ....
Deleteහ්ම්ම් දුක හිතුනා
ReplyDeleteමටත්...:)
Deleteරොඩී මිනිස්සු යන්ත්‍ර මන්ත්‍ර වලට ගොඩක් දක්ශයි. ඔය රොඩී දැහැන කියලා මන්ත්‍ර ක්‍රමයක් ගැන මම් අහලා තියෙනවා.
ReplyDeleteමොනා උනත් ඒ කුමාරි පවු !
ඇයි මේ කෙල්ලන්ට වෙච්ච අසාධාරණ ගැනම ලියන්නේ ? ඔයා වජිරදේවි දෑ!!
කෙල්ලෝ නිසා පිරිමින්ට වෙච්ච අසාධාරණත් ලියන්ට.
මතක් කරලා දෙන්ටකෝ මධුරංග ඒ වගේ කතාවක්...:D
Deleteබලාගෙන වජිර දේවිට ඇහෙයි.:D:D:D
ලිපිය හොඳයි :) - මේක ඉතිහාස කතා ගුලාවක් වෙයි ද?
ReplyDeleteපින්තූරෙ ලස්සනයි ;) - මේක මාතලන් මාමගෙ මෙව්ව එක වගේ වෙයි ද?
මා කියවා ඇති පොත් වලත් තියන විදිහට උඩරට යුගයේ සුද්දන් එනවිටත් කුලීන නැති ගෑණුන්ගෙ උඩුකය නිරුවත්,
වලව් ආදී පවුල් වල ගෑණු විතරයි උඩ කෑල්ල වැහුවෙ,
අසනීප වුනාම වහන්න පුළුවන්,
ඒත් කුලීනයෙක් පාරෙදි මුණ ගැහුනොත්,
"අනේ හාන්දුරුවනේ, අසනීපයි" වගේ කියන්න ඕන,
කොහොමවුනත් පිරිමින්ගෙ නම් කොණ්ඩෙ රැවුල කැපුවෙ පෞර්ෂය නැති කරල තේ වතු වල වැඩට ගන්නලු,
නැත්තතං අපෙ මිනිස්සු කොණ්ඩෙ රැවුල වවල හිටියේ,
පිරිමිත් කොණ්ඩෙ බැන්දා...
ඉතිහාස කතා ගුලාවක් වෙන්නෙත්, අර මොකක්ද කියලා තේරෙන්නේ නැති මෙව්ව එකක් වෙන්නෙත් නෑ. :D
Deleteඔයා ඉතින් ඔක්කොම ටික හරියට කියලා මිහිරි. සුද්දෝ එනකොට උඩුකය වැහෙව්වේ කුලීනයෝ. කුලහීනයෝ නෙමේ. දැනුත් අපේ රටේ පිරිමි රැවුල සහ කොණ්ඩය දෙකම වවනවා. කොණ්ඩේ දිග පිරිමි ලමයි හරි ලස්සනයි...:D:D:D
හ්ම්......ඇත්තටම උනු දෙයක් ලස්සනට ලියලා...
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාට.
Deleteමස් වැද්දගේ කතාව මීට පෙර මමත් අහල තියනවා.. පන්සිය පනස් ජාතක ජාතක කතාවල එන එකක්ද මන්දා..
ReplyDeleteගාඩි කුලය ගැන නේ"හුලවාලි" චිත්‍රපටය හැදුවේ.ඒකෙ ලස්සන ගී කීපයක්ම තිබුණා. "කුල ගෙදරින්" බන්දුල විජේවීර ගැයූ ගීයත් සුනිල් එදිරිසිංහ ගැයූ "කුඩා ගමේ" ගීයත්. ඔය චිත්‍රපටයේ තිබුණා.
මේ කතාවේ රත්නවල්ලි පරපුර ගැන පසු කාලෙයේ ගී කීපයක්ම ලියැවුණා
" රත්නවල්ලි පරපුරට උරුම වුණු
පින්න මලක් වන් පිපුණු කැලේ
රැයේ හමා එන රුවේ අසිරිදැක
ගාඩි සිනා සිත මෝදු කෙරේ..
මෙය කළකට ඉහතදී රජරට ගුවන්විදුලියේ ජනප්‍රිය ගීයක්.
දැන් කල්පනා කරලා බැලුවාම, මේ හැමදේකටම බෞද්ධ ඉතිහාසෙන් එන ඒවාවල සම්බන්ධකමකුත් ඇති කියලත් හිතෙනවා. 'සෝපාක' කියන්නේ සැඩොල් කුලයේ ලමයෙක් නේද?
Deleteඔය සිංදුව අහලා බලන්නම්. ෆිල්ම් එකත් කොහොම හරි බලන්ට ඕනි.
ඔයාට ගොඩක් ස්තූතියි.
හුලවාලි චිත්‍රපටිය ටිකක් මතකයි, ඒ උනාට අන්තිමට මොනාවුනාද කියල නම් මතක නැහැ. කාලෙකට කලින් නම් ටී වී එකේ පෙන්නුවා..
Deleteලොවීනා එහෙම නැත්නම් ලැවීනියා ව දාලා යන්න උනා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට එංගලන්තයට.. ආපහු එයි කියලා බලා ඉඳලා ඉඳලා ලැවීනියා ඔය හොටෙල් එක ළඟ තියෙන පර්වතයෙන් මුහුදට පැනලා මැරුනලු.. දුක නිසාම ලෙඩ වෙච්ච මේට්ලන්ඩ් පස්සෙ මිය ගිහින් තියෙනවලු. ඕක මහා දිග මවුන්ට් ලැවීනියා හෝටලේ ඉතිහාස කතාව, හෝටලේ කාර් පාර්ක් එක උඩ තියෙන පාසල තමයි ලැවීනියා හිටපු ගේ කියන්නෙ. එයාගෙ අවතාරෙ දැකපු ළමයි ගුරුවරු තවම ඉන්නවා.මන් කියෙව්වෙ පත්තරේ තිබ්බ ලිපියකින්.
ReplyDeleteඅනේ මට ඒ ලිපිය හොයලා දෙන්ට බැරිද? ඔය කතාව මම අහලා තිබුනේ නෑ.
Deleteඕකනෙ ඉතින් වැඩේ. ඔය ෆොටෝ එකේ ඉන්නවා වගේ කෙනෙක් කවදාවත් අපේ ගෙමිදුලට ඇවිල්ල නෑනෙ. :D
ReplyDeleteඔයා ඉන්න හන්දා ආවේ නැද්ද දන්නේ නෑ. අපරාදේ...:D
Deleteහප්පේ මේ විදියට නං ආවොත් සාත්තර කියන්න වැඩක් නෑ කියලා..
ReplyDeleteහී හී...සාස්තර අහගන්ටවත් කට්ටියට සිහිය තියන එකක් නෑ.
Deleteලස්සන කතාවක් පොඩ්ඩි..අපේ ආත්තම්ම ඉස්සර කතා කියල දෙද්දි ඔහොම එකක් කිව්ව අනේ මට දැන් මතක නැහැනෙ....
ReplyDeleteඔයාගේ අත්තම්මා මගේ එක්කෙනා වගේමයි...:D
Deleteහරිම වටිනා විස්තරයක්..රත්නවල්ලි ගෙන් රොඩී පරපුර පැවතෙනවා කියලා මාත් අහල තියනවා...එතකොට රොඩී කියන්නේ "චණ්ඩාල" කියන එකමද? මොකද අශෝක මාලා චණ්ඩාල/සැඩොල් කුලයේ ලු නේ...
ReplyDeleteමේ දෙක ගැන නම් හොයලා බලන්ට ඕනි සයුරි. මමත් හිතාගන හිටියේ එකක් කියලයි.
Deleteඔන්න ඉතිහාසේ දන්නවා කියලා මම හිතන කෙනෙක් කීවේ එකම කට්ටියක් කියලයි. :D
Deleteතැන්කු පොඩ්ඩි ඒ ගැන හෙව්වට :) මටත් හිතුනා ඕක.."ගාඩි" කියන්නෙත් එයාලටම වෙන්න ඕනේ...ඔන්න මට තව ප්‍රශ්නයක් ආවා..."අශෝකමාලා රොඩී නම්, රොඩී මිනිස්සුන්ගේ මුල රත්නවල්ලි වෙන්න විදියක් නෑ නේද? පරාක්‍රමබාහු රජතුමාට ගොඩක් කලින් නේ සාලිය හිටියේ.." ඒ කාලෙත් මේ කියන කුලය තිබුනද දන්නේ නෑ...පස්සේ රත්නවල්ලි එලෙව්වෙත් ඒ කුලයටම ද දන්නේ නෑ නේ...
Deleteමොනව උනත් මේ සාහිත්‍යමය ඉතිහාස කතා බලන්න මම හරි ආසයි..විශේෂයන්ම ඔයා ලියන එව්වා..
ඔන්න මමත් ඇඩ් එකක් දානවා. 'අප්සරාවෝ' පෝස්ට් එකට කතන්දර අලුතින් එකතු කරලා තියන 'අප්සරාවන්ගේ ගීතය' කරුනාකරලා හැමදෙනාම අහලා බලන්ට. ඔයාලගේ දවස ඉතාම රසවත් වේවි...:D:D:D
ReplyDeleteමාත් අහල තියෙන හැටියට ඔය අන්තිම කතාව සම්බන්ද මවුන්ට් ලැවීනියා හෝටලයට. ඒ උමග දැනට වහළලු තියෙන්නේ..
ReplyDeleteපහල තියන සිත්තමීගේ කමෙන්ට් එකෙන් ඒ විස්තර බලන්ට ලිපියක් හොයා ගත්තෑකි.
DeleteI posted this same comment yesterday, but for some reason it was not published. I got to know only now, so I'm posting it again.
ReplyDeleteමට හම්බ උනා අපූරු ලිපියක් තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා ගැන. ඒකේ තියෙන්නේ රවි අයියා ඇතුළු අනිත් කට්ටිය කියපු කතාන්දරේ තමයි. ඒ එක්කම ඒ කතාවේ තියෙනවා පොඩ්ඩි අක්කා කියපු විස්තරයත්. පිය පාර්ශවයෙන් පෘතුගීසි සම්භවයක් තිබුණු ලොවීනාගේ මව අඩු කුලයක් විදිහට ඒ කාලේ සම්මත උන කුලයක බවත්, ඒ කුලයේ කාන්තාවන්ට උඩු කය ආවරණය කිරීමේ අයිතිය ලබා දුන්නේ ලොවීනා බවත් ඒ ලිපියේ තියෙනවා.
"...According to folklore, it was Lovina who won the right for the women of her caste to wear a garment to cover their upper body, as they were prohibited to do so..."
OMG...මේ කතාව අහපුවාම මගේ ඇඟේ හිරිගඬු පිපුනා. හපොයි කොච්චර ලස්සන, ඒත් දුක්මුසු ආදර කතාවක්ද? රවිගේ උත්තරේ දැක්කාම, මගේ හිතට ඔය අදහසත් ආවා. මෙහෙම වෙන්ටත් බැරි නෑ නේද කියලා.
Deleteස්තූතියි සිත්තමී මේ ලිපිය හොයලා දුන්නාට. උඩින් කමෙන්ට් එකක් දාපු වෙනී කියන්ට ඇත්තේ ඔය ලිපිය ගැන වෙන්ට ඕනි. ඔයා ඊයේ පෝස්ට් කරලා තිබුනු කමෙන්ට එකයි, බුද්ධිගේ කමෙන්ට් එකකුයි ස්පෑම් වෙලා තිබුනා. Sorry.:(
http://www.divaina.com/2010/11/07/nimna04.html මේක එකක්.. ලිපියක් තව තිබුනා.
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=995733
Deleteමෙන්න සම්පූර්ණ කතාවම
ඔයාට ගොඩාක් ස්තූතියි. :D
Deleteපොකූ රොඩී කුලෙයි, සැඩොල් කුලෙයි දෙකක්නෙ. එතකොට අහිගුන්ඨිකයො මොන ගනේටද වැටෙන්නේ? එයාල වෙනමම කට්ටියක්ද?
ReplyDeleteසුදු ගෝනා , සුදු වැද්දා පොත් දෙකම මාලඟ තියෙනවා. හැබැයි යාලුවෙක්ගේ :)
අන්න මම ඒකට උත්තරේ රවිට ලීවා. අහිකුන්ටිකයෝ කියන්නේ වෙනම ජාතියක් මිසක් කුලයකට අයත් කට්ටියක් නෙමේලු. රොඩී සහ සැඩොල් අය එකමලු. මගේ ගුරුතුමා තමයි ඔහොම කියලා දුන්නේ. හරිද, නැද්ද කියන එක ගැන නම් දන්නේ නෑ.
Deleteපොත් ඔයාගේ නෙමේද? අපරාදේ???...:(
සෑහෙන්න සාමකාමීයි වට පිටාව :)
DeleteTG,
Deleteඒකනේ, හොඳ ළමායි ඔක්කෝම එකතුවෙලා පොත් කියවනවා.. :)
TG,
Deleteමම හිතුවේ කොහේ හරි ගිහිං කියලයි. :D
බූරා,
Deleteනිදාගත්තම කට්ටිය පොත් කියවන වෙලාවටත් වඩා හොඳයිලු. :D:D:D
මාත් හරි ආස දෙයක් තමා ඉතිහාසය අවුස්සන එක.....
ReplyDeleteලස්සනට ලියලා තියනවා පොඩ්ඩි....
(ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඕවගේ)
ලස්සන කතාවක් මම හිතුවේ නෑ මෙහෙම දුක්ඛිත කතාවක් තියෙන්න ඇති කියලා.මෝඩ රජෙක් නිසා වෙච්චි සන්තෑසියක් දුක හිතුනා අර කුමාරිකාව ගැන.....හීනීයට කොල්ලන්ට මඩ ගැසීමට ඇති හැකියාව නැවත වතාවක් ඔප්පු කරලා තියෙන එක දක්නට ලැබෙනවා ඒ වුනාට මෙතන ගහපු මඩට විරුද්ධ වෙන්න හිත දෙන්නේ නෑ....එල එල
ReplyDeleteහරි වැඩේ තමා ඉතිහාසේ දන්න කතා ඔක්කොම කල්පනා කරලා බැලුවා. හැම එකකින්ම වගේ පිරිමින්ට මඩක් වදිනවා. මම මේ කල්පනා කලේ ඉතිහාස කතා ලියන එක අත් අරිමුද කියලා. :D:D:D
Deleteපෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවල ඉවර වෙද්දී මට කියන්න දෙයක් නෑනේ අක්කෙ... ලස්සනයි කියල කියනවා හැබැයි!!! ජය වේවා... :9
ReplyDeleteස්තූතියි ඒ ටික ඔක්කොම කියවලා බැලුවට...:D
Deleteඔයාටත් ජය වේවා...
මෙමරි එකෙන් ඩිලීට් වෙලා යන දෙයක් නැවත මතක් කරලා දුන්නාට ටැන්කු කිව්වා....
ReplyDeleteඉස්සර මට මතකයි රොඩී ගැහැණු ගෙවල් වලට එනවා හවරි හදලා දෙන්ට.
රොඩී සමාජය ගැන සෑහෙන්ට පොතුත් ලියවිලා තියනවා මගෙ හිතේ. රොබර්ට් නොක්ස් තමයි ඉස්සරලාම මේ ගැන ලියලා තියෙන්නේ.
රොබර්ට් නොක්ස්ගේ පොත කියවලා තියනවා ඉස්සර. හැබෑට ඇවිත් හවරි හදලා දෙනවද? ගුරුකම් දන්න එකේ කොන්ඩේ එහෙම අරන් ගියොත් තමා වැඩේ නේද?:D
Deleteඅඩේ මරුණෙ... පොරිසාද මතක් උණා.. ජාතක කතාවක හිටියෙ
ReplyDelete