23 April 2012

කාමසූත්‍ර




මීට ගොඩක් ඉස්සර කාලවල, තාක්ෂණය අද වගේ දියුණුවෙලා තිබුනේ නැතිබව අපි කවුරුත් දන්නවනේ. ඉතින් මේ කාලේ ගෑනු ලමයෙක් දීග යනකොට, ආසියාතික රටවල, විශේෂයෙන් අපේ අල්ලපු රටේ, (ඒ කියන්නේ ඒ කාලයේ භාරතයේ) ගෑනු ලමයින්ට අවවාද හා උපදෙස් දීම සඳහා අම්මාගේ පාර්ශවයේ ඥාතිවරියක්, ලඟම යෙහෙලියක්, කිරි මවක් වගේ කෙනෙක් තෝරා ගත්තලු. සැමියා පිනවීම සහ විවාහයේ සතුට රැකගැනීමයි මෙහි අභිප්‍රාය උනේ.


පස්සේ කාලෙක 'වත්ස්‍යයාන' (Vatsyayana) නමැත්තා මේ සියල්ල එකතු කරලා පොතක් නිර්මානය කලා. ඒ පොත තමා අද අපිට 'කාම සූත්‍ර' කියලා දකින්ට ලැබෙන්නේ.
මේ පොතට අනුව, ආදර කිරීම කියන්නේ එක්තරා කලාවක්. හරියට රසවත් කෑම වේලක් පිලියෙල කරලා රස බලනවා වගේ වැඩක්. කියවගෙන යනකොට පොඩ්ඩිට නම් මතක් උනේ, ප්‍රංශ බොජුන් හලක්. ඒවායේ කෑම හරිම රහයි. කෑම ඉදිරිපත් කරලා තියනවා හරිම අපූරුයි. භාජන විශාලයි. කෑම වේලක් සඳා උපයෝගී කරගන්නේ බොජුන් හල තියන  රටේ හොඳ, අලුත් එලවලු, පලතුරු උනත්, නිර්මානය ප්‍රංශ ආකාරයට. ඒ වගේම මිලත් හරිම අධිකයි.

මේ අනුව 'ආදරය කිරීම' හදිසියේ කලයුතු දෙයක් නෙමේ. තමන්ගේ හදවතින්ම, ආත්මයෙන්ම කල යුතු දෙයක්. මේ වගේ ආදරය කරන අයගේ ආදර කතා තමා මුලු ජීවිත කාලය පුරාම පවතින්නෙත්, ඉතිහාස ගතවෙන්නේ, කවි, කතා ලියැවෙන්නේ. මිනිසුන් දිවි නහගන්නේ.
 
මේ පොතට අනුව ගැහැනු වර්ග හතරකට බෙදෙනවා. පද්මිනී, චිත්‍රනී, ශංකිනී, සහ හස්තිනී විදියට. මෙයාලගේ බාහිර ස්වරූපය වෙනස් වෙනවා වගේම මේ ගොල්ලන් ආදරය කරන විදියත් වෙනස්. 

මෙහි තරයේම පිරිමින්ට අවවාද කරනවා ආශ්‍රය නොකල යුතු ගෑනුන් ගැන. ඒ අය තමයි, ලාදුරු රෝගියෙක්, උමතු තැනැත්තියක්, කුලයෙන් පහ කල අයෙක්, ප්‍රසිද්ධියේ පිරිමින් හා හැසිරීමට ආශාව දක්වන්නියක්, ලඟම ඥාතියෙක්, ලඟම හිතවතියක්, තපස් දිවියක් ගෙවන්නියක්. නෑයෙකුගේ, යහලුවකුගේ උගතකුගේ හෝ රජ කෙනෙකුගේ භාර්යාවක්.

ඒවගේම පිරිමින් පිනවීම සඳහා කාන්තාවන් දත යුතු දෑද සඳන් වෙනවා. ගී ගැයීම, නැටීම, සංගීත භාණ්ඩ වැයීම, ලිවීම , ඇඳීම, ඇඳන් මනාව සැකසීමේ හැකියාව, ඒවා මලින් සැරසීමේ හැකියාව, ලෙමනේඩ්, සරුවත් වැනි බීම වර්ග සෑදීම, රහට කෑම පිලියෙල කිරීමේ හැකියාව, අත්කම් කිරීම, නිවසෙහි වැඩ ගැන දැනුම, ප්‍රහේලිකා විසඳීමට සම්ත්වීම, උද්‍යාන පාලනය, ලස්සනට පෙනී සිටීම, යුද්ධ, හා ආයුධ ගැන කතා කිරීමට හැකියාව, සමාජ ආශ්‍රය හැකිවීම, කවි ලිවීමේ හැකියාව, මුහුන බලා චරිතයක් තේරුම් ගැනීමේ හැකියාව, අමාරු වාක්‍ය ඛන්ඩ උච්චාරනය පුරුදු වීම, විලවුන් ඇඟ ගැල්වීමේ හැකියාව, වෙස් මාරු කිරීමේ දක්ෂතාව සහ මායම් වර්ග දැන සිටීම.

මේ පොත නම් අනිවාර්යෙන්ම පිරිමින් සඳහා ලිය උනු එකක් බව පොඩ්ඩි තීරනය කලේ මෙන්න මෙතනදී. මේ හොයන්නේ භාර්යාවක්ද නැත්නම්  Federal Bureau of Investigation (FBI) එකේ වැඩ සඳහා කෙනෙක්ද කියලත් පොඩ්ඩිට හිතුනා. අනෙක් අතට මේ වගේ දක්ෂ ගෑනියෙක් අනිවාර්යෙන්ම අර වාහනයක් අතින් අල්ලලා නතර කරන වර්ගයේ පිරිමියෙක් බලාපොරොත්තු උනොත් ඉතින් ඒකේ වරදක් පොඩ්ඩි දකින්නෙත් නෑ.
 
අනෙක තවත් කාරනයක් තමා පොතේ තිබුනේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අපි කරන දේවල්ම වර්ග කරලා. උම්මා දෙනවනම් ඒ දෙන විදිය, හා වෙලාව, වගේ දේවල් අනුව නම් කරලා. සමනල් , පැණි හාදු වගේ නෙමේ ඒ ජාති නම්. එච්චර සරලව පෙනුනේ නෑ. 

මේ ගැහැනු තමන්ගේ සැමියන්ට ප්‍රතිකාර කරන්ටත්, ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වර්ගත් දැනගත යුතුව තිබුනා. සැමියා මානසිකව වැටී සිටින්නේ නම් ඔහුට ධෛර්ය දීම , ඔහු ප්‍රබෝධමත් කිරීම හොඳ භාර්යවක්ගේ ලක්ෂන ලෙසයි මෙහි පෙන්වා දී තිබෙන්නේ.
මෙහි සඳන් වැදගත්ම දේ හැටියට පොඩ්ඩිට පෙනුනේ පිරිමින්ගේ නීරෝගිතාව, ශක්තිසම්පන්නබව රැකීම සඳහා එහිවු මන්ත්‍රය. එය 'කාම දේවතාවට' කරනු ලබන මන්ත්‍රයක්. උදේ හවහා මෙය කීම ගුණදායක් බවයි කියා තිබෙන්නේ.
 
Om (kleeng)
kama-devaya vidmahe pushpa-banaya dhimahi |
tanno 'nangah pracodayat ||

මෙය ඇත්තටම හින්දු ජාතිකයන්ගේ 'ගයාත්‍රි මන්ත්‍රය' හා සමානයි.
කියන්නේ මෙන්න මෙහෙම.
'ඕම් ක්ලීන්....
කාම දේවාය විද්මහේ,
පුෂ්ප බනාය ධීමහි
තන්නො'නන්ගහ් ප්‍රචෝදයාත්'
කට්ටිය ඕක පාඩම් කරගෙන , උදේ හවහා කියලා බලන්ට. 




Knowing love, I can allow all things to come and go, to be as supple as the wind and to face all things with great courage.My heart is  open as the sky…… Kama Sutra: A Tale of Love

ප/ලි: අද විශේෂ ස්තූතිය ලස්සන පින්තූරයක් හොයාදුන් බූරාට.











 

254 comments:

  1. මේක දැන් නිකන් වැල සයිට් එකක් වගේ වෙලා...

    ReplyDelete
    Replies
    1. වැල? පිස්සුද අයියා මේ සෞඛ්‍යය! :D

      Delete
    2. මුහුදු මේකටත් ලියන්ඩද අරින් එකක්!

      Delete
    3. ඇත්ත තමා බන් මුහුදුවෝ අපෝ අර උඩම තියෙන පිංතූරේ තියෙන එවුවා..
      අඩුම ගානෙ 18+ කියලවත් උඩින් දාන්න තිබ්බ නොවැ.

      Delete
    4. @පූසා
      ඈ බොල, උඹලගෙ සෞඛ්‍ය පාඩමේ පද්මිණී ල හස්තිනි ල හිටියද?

      @ බුද්ධි
      ලිව්වොත් පින්තුරත් එක්ක දාපන් :D

      @ නිශ්
      ඒක තමා බන්. අපි වගේ බෝ පැලත් මෙව්ව බලනව කියල මුන්දෑ හිතන්ඩ එපැයි

      Delete
    5. මුහුදු එක්කෝ ඒක පුරුද්දට යන නිසා මෙතනම ලියා දමන්නම්.
      -------------

      මේ බ්ලොග් අඩවිය හිමි කුමාරිහාමි‍ගෙන් අවසරයි, අනෙකුත් වැදගත් නොනාවරුන්ගෙන් හා මහත්තොරුන්ගෙන් අවසරයි, මා මෙතෙන්ට පැමිණියේ කුමාරිහාමි කියනා ලද "ප්‍රන්ස කෑම වට්ටෝරු" පොත ගැන මට ඇති අද්දැකීමක් විස්තර කිරීමටයි.

      බුද්ධි සහ ප්‍රන්ස කෑම ප්‍රිය යාලුවා.
      ------------------------

      ඉස්සර මගේ පුරුද්දක් තිබුනා පොත් කඩවල ගිහිං හිටගෙන පොත් කියෝන. මං කුරුලු හමුදාවේ ඉන්න කාලේ බස් එක හරි කෝච්චියට හරි වෙලාව හරියනකල් ගුණසේන එකට ගිහිල්ලා හිටගෙන පොත් කියෝනවා යමරෙට. පස්සේ හොඳයි කියලා හිතුනොත් අරගෙන යනවා. නැත්තං ඊලග දවසෙත් ඇවිදිං කඩේදිම පොත කියෝලා ඉවර කරලා දානවා.

      ඔය කාලේ අපේ යාලුවෙකුට කාම සූත්‍ර කේස් එකක් ආවා....!

      සහසුද්දෙන් කිව්වොත් මිනිහටත් ඕන වෙලා ප්‍රන්ස කෑම වේලක් කන්න අලුත් විදිහට. ඊලග සති අන්නෙ පොරට නිවාඩු ලැබෙනවා. ඉතින් මිනිහාට හෙන අහිංසක ආසාවක් ඇවිදින් තිබුනා ගැල්ලමය එක්කලා නෙක්ස්ට් වීක්නෙක්ඩ් එකේ අලුත් විදිහට ප්‍රන්ස කෑම හදලා රහ බලන්න.

      මිනිහා මේ වෙද්දි දන්න ශිල්ප ඔක්කොම දාලා කෑම හදලා කාලා තියෙන හන්දා අලුත් ක්‍රමයක් ගැන දන්නවද කියලා මගෙන් ඇහැව්වා. ආං එතකොට තමා පිංවතුනි මගේ මතකෙ දිව්වේ කාමසුත්‍ර පොතට, සොරි සොරි ප්‍රන්ස කෑම පොතට.

      මමත් "නොසැලෙන් මිත්‍රය" කියලා, පොරව රීගල් එක මෙහා පැත්තෙ තියෙන අර අලුතින් දාපු මහ පොත් කඩේට එක්කගෙන ගියා. මිනිහට ප්‍රන්ස කෑම කන අලුත් මැතඩ් කියලා දෙන්න. මම හිතුවේ පොත සල්ලි දීලා ගන්නෙ නැතුව අර පරණ ක්‍රමේට අනිත් පොත් කියෙව්වා වගේ හිටගෙන ම පොත පෙන්නලා කියලා දෙන්න. සල්ලි වලට ගන්න ගියොත් බර සල්ලියක් යනවනේ!

      මට මතක හැටියට ඔය පොතේ ප්‍රන්ස කෑම ගැන, හදන තැන ඉඳලා කන තැනට එනකල් විස්තර කියලා දෙනවා කිසිම දෙයක් හංගන්නෙ නැතුව.

      මම මග දිගට පොරට කිය කිය ගියා පොතේ තියෙන කෑම වට්ටෝරු වල වරුනේ. දැං අපි පොත් කඩේට ඇතුල් උනාම මෙන්න තඩි පොතක් තියෙනවා දිලිහි දිලිහි. බූරා මේ හොයලා දීපු පින්තුරේ වගේ එකක් මුල් කවරෙට දාලා කාරිය. මම නේද, වැඩ්ඩා වගේ ගියා පොත ගාවට නිකං පළපුරුදු චෙ‍ෆ් කෙනෙක් වාගේ.

      අවාසනාවක මහත. ඒ පොතයි තව ඒ වගේ පොතකුයි තිබුනෙ වීදුරු අල්මාරියක් අස්සෙ දාලා. ඒ මදිවට ඒක ලොක් කරලා. යතුර තියෙන්නෙ "මැනිජර් නෝනා" ලඟලු. එතෙන්ට ආපු පොත් ගන්න උදව් දෙන ගැල්ලමයා කිව්වා ඒක හිටගෙන බලන්න දෙන්නෙ නෑ, සල්ලි දීලා ගන්නවනම් විතරයි දෙන්නෙ කියලා.

      මං අරුගේ මූණ දිහා බැලුවා. මැලවිලා!! පස්සෙ අපි කොටුවට ගියා ගුනසේන එකට. එකේ නං අවුලක් නෑ පොත අතට ගත්තැකි. හැබැයි ඉටිකො‍ල බෑග් එකක දාලා සීල් තියලා. සීල් කඩන්න දෙන්නෙ ගන්නවනම් විතරලු ඕං :P

      මම ආයි අරුගේ මුණ දිහා බැලුවා. පොර නේද එකසිය ගානට තද වෙලා.මොකද මමත් හිතුවේ අනිත් පොත් වගේ මේකත් හිටගෙනම කියෝලා ඉවර කරන්න පුලුවන් වෙයි කියලනේ.

      මං ඇහැව්වා "දැං මොකද මචං කරන්නෙ?" කියලා.

      පොර ගත්කටටම ගුනසේන එක අස්සෙම කියලා දැම්මා නේද මෙන්න මෙහෙම.

      ඈ බං ප්‍රන්ස කෑම කන විදිහ බලාගන්න මෙච්චර කටු කන්නොනැයි! වරෙං යන්ඩ. කෑම හදන ආම්පන්න මගේ ලග තියේනං, අරුන්දෑ ගාව කලමනා තියේනං තවත් මොනාද, මෙදා පාර මං අලුත් විදිහේ කෑම "හිත හිතා" හදන්නෙ...... හරි ගියොත් උඔලටත් ඇවිදිං කියන්නං" කියලා.

      පස්සෙ අපි දෙන්නා රුපියල් පහේ ටිකක් එක්ක අරගෙන ආයි ආවා.

      සභාවෙන් අවසරයි මගේ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි!!!!

      Delete
    6. හිටගෙන මෙවූවා කරන එකත් කාම සුත්‍රයේ එක අ0ගයක් තමය්...හෙහ් හෙහ් හෙහ්

      Delete
    7. ටැස් කොරන්නෙ බලාගෙන කලවේ (thigh muscle) මස් පෙරෙලෙන්ට ඇහැක.:P

      Delete
    8. ඔවුවා ටැස් කොරන්න ගිහින් රණාලෙ වෙද මහත්තයා ගාව තමය් නතර වෙන්නෙ.

      Delete
    9. බුද්ධි අයියගෙ යාළුව නියම පොරක්නෙ... :)

      Delete
    10. @ මුහුදු,

      පද්මිණී ලා හස්තිනී ලා නං හිටියෙ නෑ, හැබැයි සෞඛ්‍යය උගන්නන්න අපට හිටියෙ බිංයකා මැඩම්, අහපං නිශ්ගෙන්.. :)

      Delete
    11. අඩෝව්... බිය0කා මැඩම්ට නම් මුකුත් කියන්න එපා... ඇය අපේ සිහින කුමරියයි.
      (අනේ දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ )

      Delete
    12. ටෙස්ටින් 1 .. 2 .. 3 ...

      හෆෝයි මගේ කොන්ද!!!!

      Delete
    13. @මුහුදු,

      මේ පාර නම් පලවෙනියට දෙන තෑග්ග දෙන්නේ නෑ.:)

      //අපි වගේ බෝ පැලත්//

      ඔය කොහේ තියන බෝ පැල ගැනද කතා කරන්නේ.

      @පූසා,

      පූසාට විතරයි කියන දෙයක් හරියට තේරෙන්නේ.P:)

      @නිශ්,

      මම ඔය පින්තූරේ දාලා තියෙන්නේ වැඩිම ගානේ අයට:)

      @බුද්ධි,

      කතාව කී ඔබටත් ඉතා ස්තූතියි. ගොඩාක් දේවල් දැනගත්තා.
      1. බුද්ධි පොත් සාප්පුවල්ට ගිහින් හිටගෙන පොත් කියවනබව
      2.එසේ හිතන, හිතන, කෙනාට හිටගෙන පොත් කියවන්ට දෙන්ට තරම් ලංකාවේ පොත් සාප්පු කාරයෝ මෝඩ නැතිබව
      3. ලංකාවේ රුපියල් පහට ටිකට් ගත හැකිබව.
      ස්තූතියි ආයම සැරයක් :D:D:D

      @විසිතුරු,

      බලාගෙන, බලාගෙන, 000 කෝල් කරන්ටද?

      Delete
  2. //අනෙක් අතට මේ වගේ දක්ෂ ගෑනියෙක් අනිවාර්යෙන්ම අර වාහනයක් අතින් අල්ලලා නතර කරන වර්ගයේ පිරිමියෙක් බලාපොරොත්තු උනොත් ඉතින් ඒකේ වරදක් පොඩ්ඩි දකින්නෙත් නෑ.//
    හී හී ආයිම පරණ තැනටම ඇවිත් වගේ.
    මට මතකයි ඉස්සර ෆිල්ම් එකක් තිබුනා කාම සූත්‍ර කියලා. අපිට ඒ කාලේ බලන්න යන්න දුන්නේ නෑ 18ට අඩුයි කියලා...:DDD

    ReplyDelete
    Replies
    1. දැන් මේවායින් පොඩ්ඩිට මොනාද පුළුවන්......?

      Delete
    2. අන්න වැදගත් ප්‍රශ්නයක් :D

      Delete
    3. මටත් කියෝපු ගමන් හිතට ආවේ ඔය පුරස්නෙ තමා

      හා හා කිවුවනම් බලන්න තමන්ට ප්ලුහන් දේ........

      Delete
    4. @ප්‍රියා, ගිම්...
      අනේ මම කොහොමෙය් ඕව දන්නෙ කියය්.

      Delete
    5. ප්‍රියා, ගිම් & තරු,

      //ගී ගැයීම, නැටීම, සංගීත භාණ්ඩ වැයීම, ලිවීම , ඇඳීම,//
      මේවා නම් පුලුවනි.

      //ඇඳන් මනාව සැකසීමේ හැකියාව, ඒවා මලින් සැරසීමේ හැකියාව,//
      ඇඳන් මනාව සකසන්ට කට්ටිය ඉන්නවා. ඒවා මලින් සරසන්නේ අහවල් එකකටද? ඒ හන්දා ඒක නම් දන්නේ නෑ.

      //ලෙමනේඩ්, සරුවත් වැනි බීම වර්ග සෑදීම//
      මේකත් සිම්පල් වැඩේ.

      //රහට කෑම පිලියෙල කිරීමේ හැකියාව, අත්කම් කිරීම, නිවසෙහි වැඩ ගැන දැනුම,//
      මේවා තමා බැරිම වැඩ. ඉතින් වැඩට කෙනෙක් ගත්තාම ප්‍රශ්නය ඉවරනේ.. අත්කම් ඔය ඕන තරම් සාප්පුවල තියෙන්නේ

      //ප්‍රහේලිකා විසඳීමට සම්ත්වීම,//
      ප්‍රහේලිකා නම් ඕනෑ තරම් දෙන්නම්.

      //උද්‍යාන පාලනය, //
      උයන් පල්ලෝ ඉන්නේ අහවල් එකකටද?

      //ලස්සනට පෙනී සිටීම, සමාජ ආශ්‍රය හැකිවීම, මුහුන බලා චරිතයක් තේරුම් ගැනීමේ හැකියාව, අමාරු වාක්‍ය ඛන්ඩ උච්චාරනය පුරුදු වීම, විලවුන් ඇඟ ගැල්වීමේ හැකියාව,//
      මේවා ගැන නම් බයවෙන්ටම කාරි නෑ.

      //යුද්ධ, හා ආයුධ ගැන කතා කිරීමට හැකියාව,//
      මේ සඳහා ආරක්ෂක භටයෝ සිටිති.

      //වෙස් මාරු කිරීමේ දක්ෂතාව සහ මායම් වර්ග දැන සිටීම.//
      හපොයි මෙහෙමත් දේවල් ප්‍රසිද්ධියේ කීව හැකිද? :D:D:D

      Delete
    6. ඔය ඔක්කොම කීවේ නිශ්ටත් එක්කමයි.:)))

      Delete
    7. මේවා ඔක්කොම දැක්කම මට නම් හිතෙන්නෙ පොඩ්ඩි ඉන්නෙ බකින්හැම් මාලිගාවෙ ඇනෙක්ස් එකකද කියලා..

      Delete
    8. ඇනේක්ස් එකක ඉන්නේ මොකටද අනේ. කෙලින්ම මාලිගාව දිහා බලන්ට.:D

      Delete
  3. කොල්ලන්ටත් තියෙනවා 'හස්තිනී' කියලා අවධියක්. මන් තාම ඉන්නෙ ඒ අවධියේ.

    ReplyDelete
    Replies
    1. දකුණු හස්තිනීද, වම් හස්තිනීද?

      Delete
    2. @අනුරාධ,

      පොත කියවලා බැලුවා නම්...:D

      Delete
  4. පොත් පත් බලලා අනිත් අයට උගන්වන්නෙ පරිස්සමින්.... අද්දැකීම් අරගෙන ඒවයින් කියලා දෙන්න.... පොතේ තියන දේ හරියි කියලා කොහොමද ඔයා දන්නෙ.....!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. //පොත් පත් බලලා අනිත් අයට උගන්වන්නෙ පරිස්සමින්.//

      බලන්නා දකින්නේ බලන ඇසිනි. මම දුටු දෙය ලීවෙමි. ඉගැන්වීමට කිසිදු උත්සාහයක් දරා නැත.

      //පොතේ තියන දේ හරියි කියලා කොහොමද ඔයා දන්නෙ.//

      ඒවා හරි කියලා කොහෙද අනේ කියලා තියෙන්නේ? :)

      Delete
  5. මතට තිත තියපු වෙලාවක කියවල බලල කොමෙන්ට් එකක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයා සාමාන්‍යයෙන් මතට තිත තියන්නේ කොයි වෙලාවටද?:)

      Delete
  6. කෝ හරිහමන් විස්තරයක් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මමත් ආවා හරි විස්තර දාලා ඇති කියාලා බලන්න. ඒ ගැන අද්දැකීම මම ලියලා ඇති මුල්ම කමෙන්ටුවේ උත්තරයක් හැටියට

      Delete
    2. සභාවෙන් අවසරයි, මේ දඩෝරියාටත් කතාවක් පැවැත් වීමට පොඩි වෑන්ස් එකක් දෙන්ටලා.නෝනාවරුනි, මහත්වරුනි මට මතක් වෙනවා බලාපු වේදිකා නාට්‍යක පොඩි කෑල්ලක්, නාට්‍යයේ නම නං මතක නෑ.

      කතාව කියන්නේ ගරාවැටිච්ච දේවාලෙක ඉන්න බංකොලොත් වෙච්චි දෙයියෙක්:

      දෙයියා: ඔහේට කියන්න මේ දේවාලෙට කෙනෙක් එන්නෙ එහෙමත් දවසක, ඒ ආවත් එන්නෙ අල්ලපු ගෙදර එකාට හෙණයක් ගස්සව ගන්න වගේ වැඩකට, කිසිම වාසියක් නෑ අපට. ඕං මේ ලඟකදි දවසක හැන්දෑකොරේ ආව අම්මණ්ඩි කෙනෙක් ලොකු පූජා වට්ටියකුත් අරගෙන, කෙලීගෙ විබාගෙ පාස් කරව ගන්ට. වැඩේ කරල දුන්නොත් රුවට රුවක් පූජා කරනවයි කීව නිසා මාත් සු‍ටුස් ගාලා ඒ කාරණාව ඉස්ට කොලා.

      මාත් ඉතිං දත මැදගෙන බලාගෙන හිටියා, රුවට රුවක් පූජා කරනවයි කීවට උන්දෑ ගෙනාවෙ කිකිළියෙක්. ඉතිං එදා හවස දේව පූජාවට චිකන් තිබුනා

      ප.ලි: ඔය අම්මණ්ඩි ඔහොම්මයි. හැම්, බේකන් වගේ හෙඩිම දැම්මට මොකද අන්තිමට දෙන්නේ "චිකන්" තමා.

      Delete
    3. මේ ටොමී..! පාන් කෑල්ලක් වත් නැතුව ඉන්න වෙලාවට කේක් හොයන්න එපා...හැම් බේකන් වල කොලෙස්ටරෝල්...චිකන් හොඳයි බල්ලන්ට....(මම නම් කන්නෙ පලතුරු විතරයි.)..හී..හී........!!

      Delete
    4. @ ටොමී,

      ඒ නාට්ටිය ඇවිල්ලා "දිවැස හෙලනු මැන" මනෝ, ජයශ්‍රී එහෙම හිටියෙ.. :)

      මතක නැද්ද මනෝ කියන මේ කෑල්ල..??

      පාළුව තනිකමයි හදවත රජයන්නේ..
      ළදකට පමණි එය සුව කල හැක්කේ..

      Delete
    5. @හරී,

      මම කීවේ මට ඕනි විස්තරේ. හී හී...

      @බුද්ධි,

      මම කීවේ මට ඕනි හරිය බුද්ධියෝ...මට තේරුනු හැටියට.:D
      @ටොමියා,

      නරක් වෙලා තියෙයි චිකන් කෑල්ලක්වත් හම්බ උනොත්:)))

      @කිරිල්ලී,

      කියලා තියෙන්නේ ඇත්තනේ.:D

      @බූරා,

      ඕවා කොහෙද අනේ සේව් කරගෙන ඉන්නේ:D

      Delete
    6. මගෙ Hard disk එකේ auto save option එක තියෙනවානෙ.. ඉතිං ඔය ඕනම අටමගලයක් ඒකෙ තැන්පත්වෙනවා.. වෙලාවක් ලැබුනහම අනවශ්‍ය ඒවා delete කරලා de-fragment කරලා ගන්නවා.. :D

      Delete
    7. බලාගෙන අනවශ්‍ය ඒවා කියල අවශ්‍ය ඒවත් ඩිලීට් කරගනීවිද මන්දා :D

      Delete
  7. හැටහතර මායාම් සධාරනීකරනය කොරල තියෙන්නෙ කාම සුත්තරෙ අල්ල්ගෙන.

    අනේ අනේ පොඩ්ඩියෙ...........................!

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ නෑ. අපි කීවේ පොතේ තිබුනු එක. බොරු නම් කියවලා බලන එකයි ඇත්තේ.:D

      Delete
  8. මේක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්..කොහොමද අප්පා ඔච්චර ජාති ඉගෙන ගන්නේ මට නම් හිතාගන්නවත් බැහැ.අනිත් එක හෙට අනිද්දා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන අය ඔය මන්තරේ පාඩම් කරගන්නව නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔයා සෑහෙන්ට බීවද? මේ මන්තරේ ගෑනු ලමයින්ටත් හොඳද කියලා ඇනෝ අංකල්ගෙන් අහන්ට බැරි උනානේ.:D

      Delete
    2. මොකෝ හොඳ නැත්තෙ ? සමහරු කියනවා බීජාක්ෂරය ඕම් කියන එක ගන්න කියල. සමහරු කියනවා ක්ලීම් ගන්න කියල.
      සැකයක් තියනවනම් බීජාක්ෂරය නැතුව කියවන්න. කිසි ගැටලුවක් නැහැ. තවත් ක්‍රමයක් තමයි, බීජාක්ෂරය හුස්ම ඉහලට අදින ගමන් ශබ්ද නැතීව කියවෙන්න ඇරල, ඉතිරි ටික හුස්ම හෙලන ගමන් ශබිදයෙන් (හෙමින් ) කියවන්න.
      මොනව උනත් අපේ ජීවන රටාව තුල මේවා භාවිත කරන්න කවුරුවත් හුරු වෙලා නැහැ. ඒ නිසා ඔයාල මේක කියවයිද කියල මට සැකයි.

      Delete
  9. අන්න වටින මන්තරේ...කරලා බලමු :පී

    ReplyDelete
    Replies
    1. ඔන්න රජෝ මන්තරේ...ඕක ලොකුවට ලියන් වරෙන් වැකේෂන් එකෙන් පස්සේ අපේ උන් ටිකට දෙන්න...( රොෂානයට නම් ඉංගිරිසියෙන් ලියලා දෙන්න වෙයි රජෝ)

      Delete
    2. @අඩවි රජා,

      ඔයා විතරයි මොලයක් ඇති කෙනෙකුට ඉන්නේ.:)

      @චමිල්,

      මෙයාටත් යමක් කමක් තේරෙනෙවා වගේ. :))

      Delete
  10. අදකාලෙ එවුන්ට නං කාම සූත්‍රය ඕන නෑ. උන්ට තියනව "නරක ඇමරිකා" වලින් පටන් ගත්තම ඕනතරම්, සයිබරේ!

    ReplyDelete
    Replies
    1. කාම සුත්‍ර 100%ක් අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියල හිතුනත් ඕකේ සමහර දේවල් තියනවාලු සැහෙන වැදගත් කමක් තියන (මම කියවල නැති නිසා දන්නේ නැ ) ,

      Delete
    2. නරක ඇමෙරිකා ගෙදර කලොත් පස්සේ දවසේ ඉඳන් නිදා ගන්න වෙන්නේ එළියේ.... :D

      Delete
    3. නරක ඇමරිකා හෙන ඒකාකාරියි! නැද්ද?

      Delete
    4. //නරක ඇමෙරිකා ගෙදර කලොත් පස්සේ දවසේ ඉඳන් නිදා ගන්න වෙන්නේ එළියේ.... :D//

      අත්දැකීමෙන්ද කියන්නේ ?

      Delete
    5. අත්දැකීමෙන්ද කියන්නේ ?//

      "බුවා, අද්දැකීම් තියෙන මිනිස්සු කතා කරන්නෙ අද්දෑකිම් වලින්මලු" කියලා කතාවක් තියෙනවා නේද?

      Delete
    6. @බුද්ධි :) , නරක ඇමරිකා නම් සිරාවටම ඒකාකාරියි තමා

      Delete
    7. බුවා,
      කරකෝලා ගැහුවද මන්දා? :D

      Delete
    8. රාජ් අයියා දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නෙ..

      Delete
    9. ඇත්තම කිව්වොත් ඔය කොයිඑකත් කාලයක් යද්දී ඒකාකාරියි තමයි. :P

      Delete
    10. නරක ඇමරිකා ඉස්සරනම් ඒකාකාරී.ඒත් තවමත් එකාකරිද?

      Delete
    11. කරුණාකරලා මේ 'නරක ඇමරිකා' කියන එක විස්තර කරලා දෙනවද? මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑ. දැන් ඉතින් 'බබා' එහෙම කියන්ට ඔට්ටු නෑ. දන්නේ නැති හන්දයි දන්නේ නෑ කීවේ.

      කොහොම උනත්, ගෙවල්වලින් එලියට දාන්ට තරම භයානක දෙයක් වෙන්ට එපැ‍යැ නේද?

      Delete
  11. අලේ මටත් ඔය පොත කියවන්න දෙන්නකෝ...........................

    ReplyDelete
    Replies
    1. 18+ නේ. එහෙනං ඉතින් නෙට් එකෙන් බාගන්ට. කවුරු හරි පිංවතෙක් මේ පොඩි ලමයට ඔය ලින්ක් එකක් පාස් කරනවද? :D

      Delete
    2. ආ මෙන්න, මෙතනින් ඔන්ලයින් කියවන්ට එහෙම නැත්තං මෙන්න මෙතනින් බාගත කරගන්ට pdf විදියට.. හැබැයි පස්සෙ කියාන්ට එපා අපි ඔය ළමයින්ව නරක් කොරා කියලා.. :D

      Delete
    3. මෙන්න බූරා පොඩි ලමයි නරක් කරනෝ...හී හී ...

      Delete
    4. අපි එහෙමයි, ඉගෙනගන්න ආස ළමයින්ට අත හිත දෙන්න කැමැතියි.. ;)

      Delete
    5. ආ අපි නොදන්න ළමයි .. හික්ස්

      Delete
  12. ඕන දෙයක් ටෙස්ට් නොකර යූස ්කරන්න හොද නෑ...
    ඔය මන්ත්‍රය රැකෝඩ් කරල වඳුරු කූඩුවක් ලග වඳුරන්ට ඇහෙන්ට නිතර දෙවේලේ සද්දෙන් දාන්ට ඕනි...
    ඒ බයිලා ඇසීමෙන් වඳුරන් කුල්මත් වෙයි නම් ප්‍රයිමේටාවන් වන අපිටත් සුදුසු වෙනවා....
    මීයො ගන්න බෑ උන් හැමතැනම දුවනවා..අධ්‍යනය කරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. හරිම වටිනා අදහසක්. කට්ටිය මේ ගැන හිතලා බලයි කියලා හිතනවා.:)

      Delete
  13. මේක කියෙව්වමයි මටත් හිතුනෙ FBI එකේ වැඩ කරන අයගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක අරන් බලන්න ඕන අර කිව්ව දේවල් තියනවද කියලා..නොතියෙන්න නම් විදියක් නෑ ඇත්තටම..මටත් හිතෙන්නෙ පොඩ්ඩිට හිතුන දේවල්මයි ඒ ගැන නම්..

    කිව්වත් වගේ මේ වගේ අපේ බලාපොරොත්තු කඩලා බිඳලා දාපු පෝස්ටුවක් ලියලා නිකම් ඉන්න බෑ..ඉතුරු කෑල්ලත් ලියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. //FBI එකේ වැඩ කරන අයගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක අරන් බලන්න ඕන//
      පොඩ්ඩක් බලන්ටකෝ රූ...:)

      //ඉතුරු කෑල්ලත් ලියන්න ඕන..//
      ඒ කෑල්ල ලියන්ට නම් සෑහෙන අත්දැකීම අවශ්‍ය වෙන හන්දා ඒක ලියන්ට වෙන කෙනෙකුට බාර දෙමු.

      Delete
  14. @පොඩ්ඩි,
    අර මධු සමය වගේ හතර අතට නෙලන්නම් කියල ආවට , අර කෙහෙල් කොට්ටා නෙලලා තියෙන්නෙ මදි නොකියන්න.
    ඒ නිසා මම වැඩිය සද්දෙ දාන්නෙ නැතුව මෙහෙම කියන්නම්..
    ඔය බුරා ඉන්නවා නේද? කරොත් ඔහොම වැඩක් තමය් කරන්නෙ.
    හොඳ හොඳ ඒවා ටික පොර ගාව හන්ගගෙන , චොර ෆොටෝ එකක් තම‍ය් ඔයාට දීලා තියෙන්නෙ.

    හැබැයි මෙහෙම වුනාද දන්නෙත් නැහැ, ඌ හොඳ ඒවා ඔක්කොම එවුවා,ඔයා ඒවා තනියම රස විඳලා, අපි ඔකඳ වෙයි කියලා බයේ චොරම එක දැම්මද මන්දා??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි රිප්ලය් දාන්නෙ අරාබි කෙරේමට ද?

      Delete
    2. ඔව් ඔව්...පොඩ්ඩක් ඉවසලා ඉන්ට. :D

      Delete
    3. හා.... ඉතින්... (:-(|)

      Delete
    4. //ඒ නිසා මම වැඩිය සද්දෙ දාන්නෙ නැතුව මෙහෙම කියන්නම්..//
      මේකට නම් ඉතින් පිං...

      //හොඳ හොඳ ඒවා ටික පොර ගාව හන්ගගෙන , චොර ෆොටෝ එකක් තම‍ය් ඔයාට දීලා තියෙන්නෙ.//
      වෙන්ටැති. වෙන්ටැති. :D

      //ඌ හොඳ ඒවා ඔක්කොම එවුවා,ඔයා ඒවා තනියම රස විඳලා, අපි ඔකඳ වෙයි කියලා බයේ චොරම එක දැම්මද මන්දා??//
      අපොයි මම එහෙමත් කරනවද? මාගේ මේ ව්‍යායාමය සකල ජනතාව වෙනුවෙන් කියලා ලියන ඒවයින් පේන්නේ නැද්ද? :)))

      Delete
  15. වැල සයිට් කියන්නේ මොකක්ද අප්පා! තේරෙන දෙයක් තේරෙන බාසාවකින් කීවානම් ඉවරනේ. මේක නම් ගෑනු ලමයින්ගේ ඇස් අරවන පෝස්ට් එකක් පොඩ්ඩි.

    ReplyDelete
    Replies
    1. වැල සයිට් කියන්නේ පිරිමින්ට ඕනේම දෙයක් ලියන්ට සහ ගෑනුන්ට මොනදේවත් ලියන්ට බැරි සයිට් එකක් වෙන්ට ඇති සමනලී.:D:D:D

      Delete
    2. හරියටම හරි...

      Delete
    3. ඒකත් මහා අසාධාරන සයිට් එකක්නෙ පොඩ්ඩි.අපිත් අපිටම කියල සයිට් එකක් හදා ගනිමුකො..'වරක සයිට්' කියල..කෝමද මගෙ අයිඩියා එක..???

      Delete
    4. වරකා වුනත් කාලයක් යද්දි වැල වෙනවා කිරිල්ලියේ.. :p

      Delete
    5. අපි ඔය එක, එක්කෙනාගේ කතා අහන්නේ නැතුව පටන් ගමු කිරිල්ලියේ...:)

      Delete
    6. අසරණයා විතරයි අපට සරණ වෙලා ඉන්නේ!!! ඒත් ඉතින් එයත් අසරණනේ.:D:D:D

      Delete
    7. "අපි ඔය එක, එක්කෙනාගේ කතා අහන්නේ නැතුව පටන් ගමු කිරිල්ලියේ...:)"

      මොකක්ද? වැල වරකා කරන වැඩේද? (:-})

      Delete
    8. වෙලාවට මේ දෙන්නා ලංකාවෙන් පිට ඉඳල ඔය වැල වරක සයිට් පටන් ගන්න යන්නෙ:P

      Delete
  16. පොඩ්ඩි ! නියම ලිපියක් !
    පොඩි නිවැරදි කිරීමක් සහ විස්තර ටිකක් කාම ගයත්රී් මන්ත්රනය ගැන. සාමාන්ය යෙන් ඕනැම ගයත්රීි මන්තරයක තිබෙන්නේ අක්ෂර 24 යි (මේ අක්ෂර ගණනය කරන්නෙ වෙනම ක්ර මයකට). ඒකට මුලින් ඕම් වගේ හරි ක්ලීම් හරි, (මෙම දෙකම තනි අක්ෂර) එකතු උනහම අකුරු 25 ක් වෙනවා. ඒ නිසා මේ මන්තරයේ අක්ෂර 25 වෙන විධිහට ක්ලීම් විතරයි භාවිත විය යුත්තේ. මීලගට, මන්ත්රටයේ තීයන වචන ප්රතමාණය 9 යි.
    ඒ අනුව මන්ත්රමය කියවන විටදි, වචන කැඩෙන විධිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද වචන ප්රනමාණය සහ අක්ෂර ප්රිමාණය අනුව කෙරෙන ගණිත සමීකරණය අනුව මන්ත්රම දේවතා (මෙහි කාම දේව) ඇති කරන බලපැම වෙනස් වෙනවා. ඒ අනුව හරියට නොකෙරුනෙත් සමහර විට නිවැරදි ප්ර‍තිඵල ලබා නොදෙන්න ඉඩ තියනවා. මෙම න්ත්ර යෙන් කෙරෙන්නේ, කාම කියන එකේ මතුපිට වෙනස් කිරීම ඒ කියන්නේ lustකියන එක Love තත්වයට වර්ධනය කිරීම සහ ඒ ආශ්රිමත ගැඹුරු ආධ්යා්ත්මික දැනුම ලැබීම. තව ගොඩක් තියනවා. සාමාන්යeයෙන් මේවගේ මන්තරයක් 108 වරක් කියවන්න ඕනේ අඩුම තරමින්.
    හොඳ ලින්ක් තියනවා කැමති කෙනෙකුට.
    http://9dozen.wordpress.com/tag/klim-kamadevaya-vidmahe-puspa-banaya-dhimahi-tan-no-nangah-pracodayat/
    http://www.eioba.com/a/1sr0/kamasutra-sex-handbook-spiritual-art-of-sexual-life-for-humanity
    ~ඇනෝ අංකල්

    ReplyDelete
    Replies
    1. අපොයි අංකල් හරි එක හදලා දාන්ටකෝ...

      ගොඩාක් ස්තූතියි ඒක පෙන්නලා දුන්නට. නැත්නම් කට්ටිය වැරදි මන්තර කියලා මොනවා වෙයිද දන්නෙත් නෑ.:)

      Delete
    2. kleem kama-devaya vidmahe
      pushpa-banaya dhimahi
      tanno nangah pracodayat

      Or,

      Om kama-devaya vidmahe
      pushpa-banaya dhimahi
      tanno nangah pracodayat

      මේ දෙකෙන් කැමති එකක් තෝරා ගන්න. ගැඹුරු ආධ්‍යාත්මික වෙනසක් තියනවා මේ දෙක අතර. නමුත් මම හිතනවා "Kleem" (Not Kleeng) බීජාක්ෂරය හොඳ ඇති කියල. ඒ කියන්නේ පළමු එක.
      කරනවනම් අඩුම තරමින් මාසයක් දිනකට 108 වර බැගින් අතේ ඇගිලිපුරුක් ගණන් කරල කරන්න. ප්‍රතිඵලත් කියන්න.

      Delete
    3. අපේ පිරිමි පාර්ශවයේ උදවිය මෙය කියවා වටහා ගන්නවා ඇති කියලා හිතනවා.
      අංකල්ට ගොඩාක් ස්තූතියි. :)

      Delete
  17. පිරිමින්ට කියල තියෙන්නෙ ආශ්‍රය නොකල ගෑනු ගැන විතරයි..එතකොට අපි ගෑනු දහසක් දේවල් දැන ගන්න ඕනෙ....එතකොට මොනාද ඔය පිරිමි කට්ටිය දැනගත යුතු දේවල්?????.......අසාධාරනයි...අසධාරනයි.......ෂැහ්..කාමසූත්‍රයත් අසාධාරනයි...!!

    ReplyDelete
    Replies
    1. අසාධාරණයි නේන්නම්. ඔය ටික කවුරු හරි දකී කියලා තමා පෝස්ට් එක දැම්මේ.:D

      Delete
    2. පිරිමින් දැනගතයුතු දේවල් නේද..!!?? මෙන්න මේ වගේ ඒවා...

      1. // ගී ගැයීම, නැටීම, සංගීත භාණ්ඩ වැයීම, ලිවීම , ඇඳීම // ගායනය වාදනය නැටුම් ලේඛන රසවිඳීමේ හැකියාව (ඒවා නීරස වුනත්)
      2. // ඇඳන් මනාව සැකසීමේ හැකියාව, ඒවා මලින් සැරසීමේ හැකියාව // මල් නොතැලෙන සේ ඇඳන් පාවිච්චියේ හැකියාව
      3. // ලෙමනේඩ්, සරුවත් වැනි බීම වර්ග සෑදීම, රහට කෑම පිලියෙල කිරීමේ හැකියාව // කෑම බීම රස විඳීමේ හැකියාව (නීරස වුනත්) හා බඩේ අජීර්ණ සාදාගැනීමෙන් වැළැකීමේ හැකියාව
      4. // අත්කම් කිරීම, නිවසෙහි වැඩ ගැන දැනුම // මේවා අගය කිරීමේ හැකියාව හා වැරැද්දක් ඇතොත් නොදැක්කා සේ සිටීමේ හැකියාව
      5. // ප්‍රහේලිකා විසඳීමට සමත්වීම // ප්‍රහේලිකා නිර්මාණ කිරීමට ඇති හැකියාව
      6. // උද්‍යාන පාලනය, ලස්සනට පෙනී සිටීම // (ලස්සන නැතත්) ලස්සන බව වැනීමට ඇති හැකියාව
      7. // යුද්ධ, හා ආයුධ ගැන කතා කිරීමට හැකියාව // යුද්ධ කිරීමේ හා ආයුධ භාවිතයේ හැකියාව
      8. // සමාජ ආශ්‍රය හැකිවීම // සමාජආශ්‍රය තුළින් මතුවන වලි බේරා දීමේ හැකියාව
      9. // කවි ලිවීමේ හැකියාව // කවි රසවිඳීමේ හැකියාව හා (කවි රස නැතිවුනත්)
      10. // මුහුන බලා චරිතයක් තේරුම් ගැනීමේ හැකියාව // මුහුනින් හැගීම් නොපෙන්වා සිටීමේ හැකියාව
      11. // වෙස් මාරු කිරීමේ දක්ෂතාව සහ මායම් වර්ග දැන සිටීම // මායම් අඳුනාගැනීමේ හැකියාව

      හම්මේ, බලාගෙන ගියාම අමාරු රාජකාරි තියෙන්නෙ පිරිමින්ටනේ..... Phew!

      Delete
    3. යුද්ධ ගැන හැකියාව ..එහෙනම් හමුදාවක පොලොසියක නැත්නම් පාතාලයේ වෙන්න එපැයි අද කාලේ .

      Delete
    4. ඇයි බින්දිට අමතකවුනාද ලොකුම යුද්ධෙ ගෙදර යුද්ධෙ කියලා.. :p

      Delete
    5. Buratheno@.....පිනෝකියෝල කියන ඒවා විශ්වාස කරන කිරිල්ලියෙක් නෙවේ මම.........

      Delete
    6. කවුද කිවුවෙ විශ්වාස කරන්නය කියලා.. ඔයා ඇහුව නිසා මං කිවුවා.. එච්චරයි.. :p

      Delete
  18. මම දන්නේ නෑ පොඩ්ඩි කසාද බැදපු කෙනෙක්ද නැද්ද කියලා... ඊටත් වඩා සරලව කිව්වොත් පිරිමියෙක්ව ඉතා ලඟින් ආශ්‍රය කරලා ඔය පොතේ තියෙන සබ්ජෙක්ට් ගැන ප්‍රායෝගික දැනුමක් තියෙන කෙනෙක්ද නැද්ද කියලා... මොනා වුනත් කමෙන්ට් එකක් හැටියට කියන්න තියෙන්නේ,

    "මේ පෝස්ට් එකේ තියෙන සබ්ජෙක්ට් එකට අදාලව ප්‍රායෝගික පාඨමාලාවල නොවැදගත්ම කරුණු ටික විතරක් පෝස්ට් එකේ සඳහන් වෙලා තියෙනවා කියලා විතරයි..."

    තව මීට වඩා තියෙනවා දේවල් ඕසෙට.....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔයාට ඔය වට රවුමේ යන්නේ නැතුව කෙලින්ම කමෙන්ට් එක දාන්ට තිබුනනේ.:)

      ප්‍රවීනා පලිපාන කියන්නේ, කසාද බැඳපු කෙනෙක්වත්, ඔය කියන අත්දැකීම් තියන කෙනෙක්වත් නෙමේ.

      පොත හොඳට කියවපු කට්ටිය ඉන්නවානම් අපි ඒ අය කියන දේවල් පිලිගන්ට කැමතී.

      Delete
    2. එතකොට ඔයා පොත කියවන්නෙ නැතිවද? post එක දැම්මෙ...
      (පාඨකයා නොමග යැවීමක්ද මන්දා?)

      Delete
    3. පොතේ ඔය කට්ටිය කෑගහන පැත්ත බැලුවේ නෑ අනේ. මට අවශ්‍ය කොටසක් බලලා ඒ ගැන ලීවේ. කවුරුත් නොමග යවලා නෑ.

      මට ‘’පාඨකයා’’ කියලා ලියන්ට බැහැනේ.:(

      Delete
    4. /* මේ පොත නම් අනිවාර්යෙන්ම පිරිමින් සඳහා ලිය උනු එකක් බව පොඩ්ඩි තීරනය කලේ මෙන්න මෙතනදී. */
      /* මට අවශ්‍ය කොටසක් බලලා ඒ ගැන ලීවේ. කවුරුත් නොමග යවලා නෑ. */

      තමන්ට අවශ්‍ය කොටසක් බලල සම්පූර්ණ පොත ගැන කීම දැනුවත්ව හෝ නොදැනවත්ව කියවන උදවිය නොමඟ යැවීමක් පොඩ්ඩි... මොකද ඔයාගෙ පෝස්ට් එක කියවන හැමදෙනාම ඔය පොත කියවලත් නෑ, ලින්ක් එක දුන්නට කියවන්නෙත් නෑ... එතකොට ඒ අය දකින්නෙ ඔයා පෙන්නන එක මිසක් ඇත්ත තත්ත්වය නෙමෙයි... පොත ගැන ඔයා පෙන්වන රූපය හිතේ තියන් ඉන්න කෙනෙක්ගෙන් තව කෙනෙක් ඇහුවොත් මේ පොත කොහොමද කියල, ඒ පුද්ගලය උත්තර දෙන්නෙත් මම නම් කියවල නෑ, ඒත් කියවපු කෙනෙක් දාල තිබුනෙ මේ වගෙ අදහසක් කියල...

      (අවුරුදු ගානක ඉඳන් පොත හාඩ් එකේ තිබුනට ඔය පොත මම කියවලත් නෑ..)

      Delete
    5. පොඩ්ඩි කරලා තියෙන්නේ ග්‍රන්ථ විවේචනයක් නෙමේ සාතන්. එයා සාරාංශයක් විදියට එයා දුටුව කොටසක් කියලා විතරයි. අනේ මේක කියවන කට්ටිය ඒක දැකලා නොමග ගියොත් ඒ හැම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. අර නොකියා ගිය හරිය ගැන කීවා නම් අනිවාර්යයෙන් සමහරු නොමග යනවා.:)

      //මොකද ඔයාගෙ පෝස්ට් එක කියවන හැමදෙනාම ඔය පොත කියවලත් නෑ, ලින්ක් එක දුන්නට කියවන්නෙත් නෑ...//
      මේකට නම් ඉතින් පොඩ්ඩිට දොස් කියන්ට බෑ නේද? ඔය සාතනුත් තාම කියවලා නැත්තේ.

      //ඒ පුද්ගලය උත්තර දෙන්නෙත් මම නම් කියවල නෑ, ඒත් කියවපු කෙනෙක් දාල තිබුනෙ මේ වගෙ අදහසක් කියල...//
      මෙහෙම කියන්ට පුලුවන් කෙනෙක් කවදාවත් අනුන් කීව පලියට දෙයක් විශ්වාස කරන එකක් නෑ.

      Delete
    6. පොතක් ගැන ලිවීමෙදි ඒක වර්ණනාවක් හරි විවේචනයක් හරි වෙන්නෙ ඉබේම... මේ පෝස්ට් එකේ කොතනකවත් පොඩ්ඩ් සඳහන් කරල නෑ මේක ලිව්වෙ පොතෙන් කොටසක් පමණක් කියවල කියන කාරණය... එතකොට කියවන කෙනා නිකම්ම ලියල තියෙන කාරණය සම්පූර්ණ පොතේ තියෙන කාරණා වලට ආදේශ කරනව... පොඩ්ඩිට කියන්න පුළුවන් එහෙම හිතුවොත් හිතන කෙනාගෙ වරද කියල.. ඒත් කවුරු හරි එහෙම නොහිත මෙයා ලියල තියෙන්නෙ කෑල්ලක් විතරක් කියවලද කියන ප්‍රශ්නය තමන්ගෙත් අහගත්තොත් මේ ලිපියෙ වැදගත් කමක් නැතුව යනව නේද?..

      * පොත කියවල නැති එකට හරි කියවන්න උවමනාවක් නැති එකට හරි පොඩ්ඩිට දොස් කියන්න බෑ නේද?... ඒක හරි. ඒත් එහෙම කෙනෙකුව අන්ධකාරෙකට ඇදල දාන එකත් හරි නෑ නේද?... අපි හිතමුකො මුහුද කවදාවත් දැකල නැති, ඒ ගැන දන්නෙ නැති කෙනෙක්ට සුනාමියයි ඒකෙන් වුන විනාසයයි ගැන කිව්ව කියල මුහුදෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජන, මුහුදෙ ලස්සන ගැන නොකිය... අහන මනුස්සය මුහුද ගැන මොන වගේ දෙයක් හිතාගනීද?...

      *//ඒ පුද්ගලය උත්තර දෙන්නෙත් මම නම් කියවල නෑ, ඒත් කියවපු කෙනෙක් දාල තිබුනෙ මේ වගෙ අදහසක් කියල...//
      මෙහෙම කියන්ට පුලුවන් කෙනෙක් කවදාවත් අනුන් කීව පලියට දෙයක් විශ්වාස කරන එකක් නෑ.// අහල ඇතිනෙ කාක්කො 7 දෙනෙක් වමනෙ කරපු කතාව... හැම මිනිහම එක වගේ නෑ පොඩ්ඩි..

      අන්තිමටම කියන්න තියෙන්නෙ අපි අපේම නිර්මාණයක් නැතුව පිට දෙයක් ගැන ලියන කොට කියවන අය සිහිබුද්ධියෙන් කියවන්න ඕන කියන මතේ නොඉඳ අඩුපාඩු අවම කරන් ප්‍රවේශමෙන් ලිවීම තමයි හොඳ කියන එක..

      ප.ලි : පොත ගැන විචාරයක් නෙමෙයි නම් ලිව්වෙ තමන් අදහස් කරපු කාරණාව හරියට ඉදිරිපත් කරල තියෙනවද කියල හිතල බලන්න.. (මේක මට පෝස්ට් එකක් ලියපන් ලියපන් කියනව ;) )

      Delete
    7. හපොයි මට තාමත් ඔයා කියන එක තේරෙන්නේ නෑ. මම ගොඩක් වෙලාවට පොත් වලින් සමහර චරිත අරගෙන කතා කරනවා. එතකොටත් ඒ මුලු පොතම ලීවේ එකේ වැරැද්දක් කවුරුත් දකින්නේ නැත්තේ මොකද? සුප්පා දේවී ගැන ලියනවා, කුවේණී ගැන ලියනවා. ඒත් මහාවංශය ගැන කතා කරන්නේ නෑ. එතකොට ඒකත් වරදක්ද? ඔය පොතේ තියන අනෙක් කොටස ලියන්ට බැරි හන්දයි ඒ ගැන ලියලා නැත්තේ. කීවත් වගේ ඒ ගැන විස්තර කරන්ට අත්දැකීම් තියන අය වෙන්ට ඕනි. මූද දැක්කේ නැති කෙනෙකුට මූදේ අවදානම ගැන කියලා ඒකෙන් පරිස්සම් වෙන්ට කියන එකේ වැරැද්ද මොකද? හොඳයි මට මූදේ ලස්සන පේන්නේ නෑ කියමු. එතකොට ඉතින් මම කොහොමටත් මූදේ ලස්සන ගැන කියන එකක් නෑනේ.

      මම උත්සාහ කලේ පොතේ එක පැත්තක් පෙන්නලා දෙන්ටයි. ඉතින් ඔයාට ඕනිම නම් අනෙක් හරිය බලලා, 'පොඩ්ඩිගේ අසම්පූර්න කතාව මින් සම්පූර්න කරමි' කියලා ලියන්ටකෝ.

      //ප.ලි : පොත ගැන විචාරයක් නෙමෙයි නම් ලිව්වෙ තමන් අදහස් කරපු කාරණාව හරියට ඉදිරිපත් කරල තියෙනවද කියල හිතල බලන්න.. (මේක මට පෝස්ට් එකක් ලියපන් ලියපන් කියනව ;) )//

      ඔව්. මම කියන්ට ගිය කාරනාව මම ඉදිරිපත් කරලා තියනවා. කාටවත් ඒක වැඩිය පෙනිලා නෑ. දෙතුන් දෙනෙකුට ඇරෙන්ට. මට ඕනි උනේ තාක්ෂනය නොදියුණු කාලේ ගෑනු ලමයින්ගේ අම්මලා එයාලව පිරිමියෙක් සතුටු කරවන හැටි දැනුවත් කරපු අන්දම සහ ඒ කරුනු පහු කාලෙක පොතකට නැගුනු හැටි කියන්ට. ඉතින් මම ඒ ටික කියලා තියනවා. ඒ සමගම පිරිමි ගෑනුන්ගෙන් මොනවද බලාපොරොත්තුවෙන්නේ කියන එක. ඒකත් ලියලා තියනවා. පොතේ අනෙක් කොටසේ තියෙන්නේ ප්‍රායෝගිකව ඒවා ක්‍රියාවේ යොදන හැටි. ඒ ටික දිහා මම බැලුවෙත් නෑ සාතන්!!!
      ඔයාට ඕනම නම් පෝස්ට් එකක් දාන්ට.:D

      Delete
    8. //මේක මට පෝස්ට් එකක් ලියපන් ලියපන් කියනව //

      ඇයි ඔයාට තනියම ලියන්න හොඳ මතෘකාවක් කල්පනාවෙන්නෙ නැද්ද ?

      Delete
    9. @පොඩ්ඩි: පොතක කොටසක් අරන් ලියන එකයි, පොතක තියෙන චරිතයක් තනි කරල අරන් ලියන එකයි දෙකක් කියලයි මම නම් දකින්නෙ... ඒකයි පොතෙන් කොටසක් කියවල මේක ලිව්වෙ කියන කාරණාව පෝස්ට් එකේ නොතියෙන එක අඩුපාඩුවක් විදිහට දැක්කෙ...
      අනෙක් කියන්න ගිය කාරණාව පළවෙනි පාරම කියවද්දි දැක්ක... ඒ වුනත් ඉතිං පොඩ්ඩි කතාවට අඩිතාලම දාපු පොත ලියවුන කාලය, සමාජ වටපිටාව, ලියල තියෙන්නෙ කා වෙනුවෙන්ද කියන වගේ හේතු කාරණා ගොඩකින් මතුකරන්න ගිය කාරණය යටපත් වෙලා හින්ද ඒ ගැන කිව්වෙ නෑ... :)

      ලියන්න හිතෙනව කිව්වෙ ඔය පොතේ තියෙන ඒව ගැන නෙමෙයි... :)

      @Anshu : ලියන්නෙ නම් තනියම... හැබැයි මාතෘකා නම් මතක් වෙන්නෙ නෑ... ඔය අහන දකින එකකින් තමයි මාතෘකාවක් ඔලුවට එන්නෙ... මාතෘකා කල්පනා කර කර ඉන්නවට වඩා ජීවත් වෙන ටික සතුටින් ඉන්න මම කැමතී...

      Delete
    10. එහෙනම් ඉතින් එක එක ඒවා ලිය ලිය කරදර වෙනවට වඩා නිකම්ම සතුටින් හිටියාම ඉවරයිනේ :)

      Delete
    11. මේ ළමයට තේරෙන්නෙ නෑනෙ ඉතිං... දකින එකක් ගැන ලියන්නෙ කමෙන්ට් එකක් දාන්නෙත් ඒකෙන් පොඩි ෆන් එකක් ගන්න හින්ද තමා...

      Delete
    12. සාතන්ට පින්තූරු දෙකක්නේ...:D

      Delete
  19. පොඩ්ඩි, මම ඔය පොත හොඳට කියවල නැහැ. උඩින් පල්ලෙන් බලනකොට ම සිහිය බුද්ධිය නැතිවෙලා, පොත පැත්තකින් තියල වෙන වෙන දේවල් වලට ගියා. ඒ දැනට අවුරුදු 30 කට විතර ඉස්සර. පස්සෙ කසාද බැන්ද. ඒ ජීව්තේ අවුරුදු 25 කට වඩා ගත කළා. ඔය කියන ප්‍රංශ කැම සේරම කන්ට ඔය පොත් ඕනෙ නැහැ. ඒව අපේ ඇග ඇතුලේ තියනවා. දැන් පොත බැලුවහම, නොකාපු කෑමක් හොයාගන්න පොතේ නෑ කියල තේරෙනවා. මොන පිටුව පෙරලුවත්, "ආ මෙක මම කාල තියනවනේ " කියල මතක් වෙනවා.
    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ සමහර කෑම තියනව මේ වයසට "දිරවන්නෙ " නැති. දැන් හන්දි එහෙම එහෙමට හයිය නෑනේ !
    ~ඇනෝ අංකල්

    ReplyDelete
    Replies
    1. ඇනෝ අංකල්ට තාමත් එල කොල්ලෙක් කියන ලේබලේ අලවන්න පුළුවන් :)

      Delete
    2. තැන්ක් යු පුතා ! හාමිනේත් කියනවා ඕක.

      Delete
  20. ඒ කියන්නෙ මගේ කුරුලු යාලුවගේ විකල්පය වැරදිමත් නෑනේද? ඇනෝ අංකල්.

    ReplyDelete
    Replies
    1. බුද්ධි පුතා, "කුරුලු යාලුවගේ විකල්ප" යට ලින්ක් එක දෙනවද ?
      ~ඇනෝ අංකල්

      Delete
    2. ලින්ක් දෙන්න දෙයක් නෑ ඇනෝ අංකල්. මේක මම බ්ලොග් එකේ ලියපු කතාවක් ‍නෙමෙයි. මේ කතාව තියෙන්නෙ මේ ලියුමේ පලවෙනි කමෙන්ට් එකට වැටුනු පස්වෙනි උත්තරේ හැටියට....! ඇනෝ අංකල්ගෙම ජාතියෙ පොරක්. කියෝලා බලන්න :)

      Delete
    3. ඇනෝ අංකල්, හිතට එකඟව, අවංකව තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තූති වෙනවා. :)

      Delete
  21. බුද්ධි පුතා,
    අයියෝ මම ඒක කියෙවුවනේ ! නියමයි. මමත් ඒ වගේ තමයි. මමත් හිටගන පොත් කියවපු මිනිහෙක්. හැබැයි ගෙදර.
    ඇහුවට කමක් නැත්නම්, ඔයත් මගේ වයසෙද ?
    ඇනෝ අංකල්.

    ReplyDelete
    Replies
    1. (පිලිතුරු පොඩි ඇඩ් එකකුත් සමඟ.)

      ඇහුවට කමක් නැත්නම්, ඔයත් මගේ වයසෙද ?//

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තොත් නං මම තාම අංකල් කෙනෙක් නෙමෙයි. හැබැයි කියන්ඩ දුකයි, අපේ නැදෑයින් සමහරකට තිබුනු විසේ හන්දා අඩු වයසින් බැඳගෙන එව්වොන්ට හම්බුවෙච්ච ළමයි හන්දා මම ඉස්කෝලෙ යන කාලේම මාමා කෙනෙක් උනා!

      ඒ ඇරුනම අංකල්ට මගේ වයස දැනගත්තැකි මගේ බ්ලොග් එක පරිශිලනය කලානම්. එතන ඇති මගේ සංචි පුන්දියේ ඉදලා අද දක්වා කතාව ලියුම් 100 කින්.....
      ස්තුතියි.
      මීට,
      යුරෝ දෙකේ වීරයා. (මගේ බ්ලොග් එක http://cyberyaya.blogspot.com/)

      Delete
    2. බුද්ධි පුතා,
      ඔයත් මගේ වයසෙද ?
      ඇනෝ අංකල්.

      :D

      Delete
    3. හික් හික්..... මේක තමයි දවසේ කියමන, ඇනෝ.මාමේ...
      ඕකා ඉන්නෙ 16...ය් මාසයය් වගේ හෙහ් හෙහ්...

      Delete
    4. ඔය සයිබර් යාය, මම හරිම ආස තැනක්. මම මනෝමයෙන් මගෙ පුංචි කාලෙට යනවා ඒක හරහ.
      අපි මාතෘකාවට බහිමුකෝ !. දැන් මාතෘකාව පොඩ්ඩිගෙ "කාම සුත්‍රය " නේ.
      ~ඇනෝ අංකල්.

      Delete
    5. අපි මාතෘකාවට බහිමුකෝ !. දැන් මාතෘකාව පොඩ්ඩිගෙ "කාම සුත්‍රය " නේ.//

      මනං කියන්නෙ මේ මාතෘකාවෙ බහින්ඩ දෙයක් නෑ! තියෙන්නෙ කරන්ඩයි. මැනුවල් එක කියොලා මැසිම ක්‍රියාත්මක කරනවා මිසක්කා, මැනුවල් එක කියලා දිදී ඉදලා හරියැයි යෑ....!

      අපිට නං කියලා දීලා තියෙන්නෙ මැනුවල් එක නැත්තං "හව් ටු ස්වීච් ඹ්ෆ් ද මැසින්" කියලා හොයාගෙන වැඩකරගෙන යන්ඩ කියලා. මොනා හරි උනොත් නිවා ගන්ඩ දන්නවනේ..:P

      Delete
    6. //පොඩ්ඩිගෙ "කාම සුත්‍රය "//

      Delete
    7. අර 100 පෝස්ට් එක කියවද්දි ඇත්තමයි බොල මට උඹේ වයස ගැන සැක පහල උනා. දැන් ඒ සැකේ තවත් වැඩි උනා බුද්ධියෝ

      Delete
    8. නිශ්,
      ඔන්න ඔය කතාව යට යන්ඩ ඇරලා නිකා ඉඳපං දැං.....:P

      Delete
    9. "හව් ටු ස්වීච් ඹ්ෆ් ද මැසින්" ද නැති නම් "හව් ටු ස්වීච් ඹන් ද මැසින්" ද ?
      අනො මන්දන් නැ ! මම හිතන්නේ දෙවනි එක කියල.
      කිවුවත් වගේ ඒක "ඕල්වේස් ඕඕන් නේ" නේද ? සමහර විට ස්වීච් ඹ්ෆ් ද මැසින්
      කියන එක හරි ඇති. !
      ~ඇනෝ අංකල්.

      Delete
    10. ඇත්ත තමා බන්

      මෙන්න මට මතුවූ තවත් ප්‍රස්න ටිකක්.

      මේ පෝස්ට් එකේ සඳහන් "ආදර කිරීම" හා කාම සුත්‍රය අතර ඇති සම්බන්දය කුමක්ද ?( මම අහල තියෙන කාමසුත්‍රය නම් ආදරය කිරීම ගැන උපදෙස් දෙන පොතක් නෙවි )
      එසේම
      "ආදරය කිරීම" හා ප්‍රංශ කෑම අතර ඇති සම්බන්දය කුමක්ද?
      තවද
      මේ පෝස්ට් එකේ "ආදරය කිරීම" කියන වචනය අර මොනවද කොමා දාලා හයි ලයිට් කර ඇත්තේ මන්ද?

      Delete
    11. අංකල් මැසිම ගැන කිසිම දෙයක් දැන ගන්න මැනුවල් එක නැත්තම්, මැෂිම ඹ්ෆ් කරන හැටියි දැන ගන්න ඕන. එතකොට කොහොම හරි ඔන් කරගත්තට පස්සෙ මොකක් හරි ජංජාලයක් වේගෙන එනව නම් ටක් ගාලා ඕෆ් කලෑකිනේ....තිත් දෙකයි පී.

      .........
      නිශ්,
      ප්‍රංස කෑම කියලා මටනං හිතුනේ, අර මගේ යාලුවා කියපු ප්‍රන්ස කෑම කියලයි. ඒකයි මම ඒ උදාහරනේම ගත්තෙ.:)

      Delete
    12. පොඩ්ඩි-------> ප්‍ර0ශ කෑම-------> ආදරය කිරීම ------> කාම සූත්‍ර----->ඊලඟට????

      Delete
    13. @නිශ්,

      //මේ පෝස්ට් එකේ සඳහන් "ආදර කිරීම" හා කාම සුත්‍රය අතර ඇති සම්බන්දය කුමක්ද ?( මම අහල තියෙන කාමසුත්‍රය නම් ආදරය කිරීම ගැන උපදෙස් දෙන පොතක් නෙවි )//

      පොඩ්ඩි මෙතන අදහස් කලේ love making කියන එක. ඒක තමා පාවිච්චි කල හැකි ලස්සනම සිංහල වචනය කියලා හිතුනු හන්දා. කාමසූත්‍ර කියන්නේ, a Tale of Love.

      //"ආදරය කිරීම" හා ප්‍රංශ කෑම අතර ඇති සම්බන්දය කුමක්ද?//

      ප්‍රංශ කෑම ලෝකයේ තියන රහම කෑම කියලා විශ්වාසයක් තියනවා. ඒ උදාහරණය බුද්ධිට නම් අගේට තේරිලා. නිශ්ට නොතේරුනේ මොකද?

      //මේ පෝස්ට් එකේ "ආදරය කිරීම" කියන වචනය අර මොනවද කොමා දාලා හයි ලයිට් කර ඇත්තේ මන්ද?//

      අර උඩ කියලා තියන හේතුව හන්දා.:)

      Delete
    14. @තරු,

      පොඩ්ඩි >>>

      >>>ප්‍රංශ කෑම රසය.

      >>>ආදරය කිරීම ජංජාලයකි.

      >>> කාමසූත්‍ර පොත බෝරින්ය.

      >>> ඊලඟට වෙනත් මාතෘකාවක් සොයමින් සිටිමි.

      Delete
    15. @සුදාර,

      පොඩ්ඩිගේ නෙමේ අනේ 'වත්ස්‍යයාන' (Vatsyayana)ගේ.:)

      Delete
  22. හුටා, නියම වලිය. තාම වෑඩ, මාත් එනකන් හිටපියෝ :))

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් උඹ විතරය් අඩු, උඹලගෙ නමින්ම Style එකක් තියන එකේ උඹේ අදහස් සෑහෙන්න වටිනවා.. (:-})

      Delete
    2. @ටොමියා,

      ටොමියට තියන හදිස්සියක්!:)

      @තරු,

      වැඩ කරන මිනිස්සුන්වත් අවුස්සනවනේ. :)

      Delete
  23. පොඩ්ඩිගේ ලිපිය සැලකිල්ලෙන් කියවූවා. නමුත් මම දන්න කාම සූත්‍ර ග්‍රන්ථය ගැන නෙමේ මේ ලියා ඇත්තේ කියලමයි මට හිතුනේ. මක්කා වුනාද? මේක ඔබේ වෙනදවගේ අතිඅනර්ඝ නිර්මාණයක්ද? ග්‍රන්ථය ගැන විවේචනයක්ද? කෙසේ වෙතත් කාම සූත්‍රයේ ඉතිහාසය සහ එහි අඩංගු දේ පිළිබඳ යම් ව්‍යාකූලතාවයක් මෙම ලිපියේ පෙන්වනවා.

    ස්ව නිර්මාණයක් ලෙස නම් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. මහ වෙදනව දැක්කේ ගොඩාක් කාලෙකින්. දැක්කට සන්තෝසයි.

      ඔය පොතේ ඉතිහාසය ගැන විස්තරයක් කරන්ට ගියේ නැත්තේ මට කියන්ට අවශ්‍ය උනේ පොතේ අඩංගු කරුනු කීපයක් විතරක් හන්දා. අනෙක අර පින්තූරු ගොඩාක් එක්ක තිබුනු කාරණා අධ්‍යයනය කරන්ට ගියෙත් නෑ ඒ ගැන ලියන්ට අවශ්‍යතායක් නොතිබුනු හන්දා. ඒ පොත නෙමේ කියලා හිතෙන්නේ ඒ හන්දා වෙන්ට ඇති.

      මහ වෙදනා පොත ගැන හිතන දේවල් සඳහන් කලා නම් වටිනවා. ගොඩාක් කමෙන්ට්ස් ඇත්තටම පොත ගැනවත්, මම කියන කරුනු ගැනවත් නෙමේ කියලා ඔබතුමාටත් පේනවා ඇති.

      Delete
  24. මට හිතෙන හැටියට නම් තමන්‍ට කෙල්ලෙක්/ කොල්ලෙක් තෝරගනිද්දි පොත් වල තියෙන දේවල් වලටවත්, අනුන් කියන දේවල් වලටවත් මුල් තැන නොදී තමන්ට ඕන දේවල් හරියට තේරුම් අරගෙන වැඩ කරන එකයි වටින්නෙ... (අත්දැකීම් තියෙන අය කියන ඒව අහක දාන්න කියල නෙමෙයි ඕන් කිව්වෙ.. වැරදියට තේරුම්ගන්න එපා)

    FBI එකෙත් වැඩකරන්න තරම් සුදුසුකම් තියෙන එක, පිරිමියට වඩා ගැහැණියකටම තමා වටින්නෙ... අනිත් අතට ඔය සුදුසුකම් බලල කසාදයක් කරගෙන, තමන්ගෙ ගෑණිව FBI එකේ වැඩට යවන්න කියල එහෙම නෑ නේද?... ;)

    ReplyDelete
    Replies
    1. //තමන්ට ඕන දේවල් හරියට තේරුම් අරගෙන වැඩ කරන එකයි වටින්නෙ...//

      පොඩ්ඩි නම් කොහොමත් අනුන් කියන දේවල් අහන කෙනෙක් නම් නෙමේ.

      //තමන්ගෙ ගෑණිව FBI එකේ වැඩට යවන්න කියල එහෙම නෑ නේද?//

      තිබුනද දන්නෙත් නෑ. පොඩ්ඩක් කියවලා බලන්ට ඕනි ආයම පාරක්. කියලා නොතිබුනත් අපේ පිරිමින්ට ඉතින් ඒ වගේ වැඩක් කරන්ට බැරි කමකුත් නෑ.:D:D:D

      Delete
  25. දෙය්යෝ සාක්කි .. මෙතන පෝස්ට් එක නම් බැරිය . චුටි මහත්තයාගේ උනන්දුව බලපල්ලකො . අද කෑම පැය ගත්තෙත් නැද්ද . මැරියන් නංගි දන්නවද වැඩට යනවා කියල බත් එකත් ඔතන් ගිහිල්ල ගෑල්ලමයින්ගේ බ්ලොග් වල මෙච්චර කොමෙන්ට් දානවා කියල . D

    මන් නම් ඔය පොත කියවල නැහැ . අනික ලෝකේ මෙච්චර දියුණු කාලෙක ..

    ReplyDelete
    Replies
    1. බින්දුමතී අක්කා, අෆෙත් අක්කා කෙනෙක් හිටියා ඔය ජාතියෙම. කොල්ල හැරුනත් ‍රපෝර්තු කරන. මට උන්දැ මතක්වෙලා ඇහැට කඳුලු ඉනුවා බින්දුමතී අක්කා හන්දා.

      අර "තරු"වත් දාන්නෙ එහෙනං දිගට හරහට කමෙන්ට් මක මකා මක මකා මක මකා. එව්වා පේන්නැ නේද?

      ඒ මොනා උනත් අනේ අද තමා මගේ සතුටුම දවස. හැබෑ ලෝකේ වගේමයි බ්ලොග් ලෝකෙත්, මං කැලේ පනියිද කියලා බලන්ඩ දැං ඉතිං අක්කා කෙනෙක් ඉල්ලවා. සන්තෝසයි...අප්පා....වාසනාවං ඉහි ඉහි...!!!!!!

      Delete
    2. මන් නම් ඔය පොත කියවල නැහැ . අනික ලෝකේ මෙච්චර දියුණු කාලෙක ..// ලෝකෙ මෙච්චර දියුණු වෙලා කාර් එකට කොච්චර කෑලි බෑලි ආවත් අක්කා චැසිය උඩ ඇංජිම තියලා තහඩු කවරේං වහලා එන මූලික විදිහ වෙනස් වෙලා නෑ නේද? :P

      Delete
    3. @බින්දි,

      අරෙහෙ, කෙහෙල් කොටුවෙ 100වෙනි පොස්ට් එකට දාපු කමෙන්ට්ස් පුස් කනවා, කිසි රිප්ලය් එකක් නැතිව.
      මූ මෙහෙ කාම සුත්‍රය හම ගහනවා...හෙහ් හෙහ් හෙහ්
      මට පේන්නෙ පොඩ්ඩි අර ඉනා බෙහෙතෙන් ටිකක් දීලා වගේ..

      Delete
    4. ඇයි බොල එහෙම පුළුවන්ද මේ උන්දලාට අපට කාම සූත්තරේ උගන්නන්ට ඉඩ අරින්න. එහෙව් එකේ අපේ ,හිටගෙන පොත් කියවන්ට දක්ස චුටි කො‍ටුවේ කෙහෙල් මහත්තයාට නහුතෙටම තදවෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
    5. @බින්දි,

      කාම සූත්‍රය ගැන කතා කලාම කට්ටියගේ උනන්දුව වැඩී. සමහරුන්ට කියලා තියනදේවල් හරියට පෙනිලත් නෑ. උදාහරණ ගැන තමා කතාව. මමත් හිතුවා කෑම පැයේ කන්ට නැතුව ඇති කියලා. නැත්නම් කන ගමන්, තනි අතින් ටයිප් කරන්ට ඇති.:)))

      @බුද්ධි,

      //දැං ඉතිං අක්කා කෙනෙක් ඉල්ලවා. සන්තෝසයි...අප්පා....වාසනාවං ඉහි ඉහි...!!!!!!//

      ඔය මදෑ ඉතින් ඇඬුවා. ඕක නවත්තන්ට. නැත්නම් බලාගෙන බලං ඉන්න අයත් අඬන්ට පටන් ගනී.:D

      @තරු,

      කියන්ට බෑ. පොඩ්ඩි ලඟ වට්ටෝරු රාශියක් තියනවා.:)

      @ටොමියා,

      //ඇයි බොල එහෙම පුළුවන්ද මේ උන්දලාට අපට කාම සූත්තරේ උගන්නන්ට ඉඩ අරින්න//

      කවුද දැන් ඔය සූත්තරේ උගන්නන්ට හැදුවේ. :)))

      Delete
    6. මටත් තන්තෝසේ බැරුවා . අපි එහෙමයි මල්ලිලා බලා ගන්නේ . දැන් ඉතින් නාඩ ඉන්න

      Delete
    7. ටොමියා,

      මේ නම යූස් කරලා බලන්ඩත් සිතේ -චුටි කො‍ටුවේ කෙහෙල් මහත්තයා-

      Delete
    8. චූටි කොටුවෙ කිවුවෙ පනින්නෙ චූටි චූටි කොටු නිසාද..!!??

      Delete
  26. පොත් කියවනවට වැඩිය දැන් ගොඩක් ජනප්‍රිය රූප මාද්‍යයෙන් දැන ගැනීමනේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම නම් කැමති කියවන්ට දිනේශ්. මම දැකලා තියෙනවා සමහර පොත් වලින් හදපු ෆිල්ම්ස්. ඒවායේ ගන්ට දෙයක් නෑ. පොත කොච්චර ලස්සනද කියලා හිතෙනවා.
      මේ පොතෙත් ෆිල්ම් එකකුත් තියනවා.

      Delete
  27. මම කාම සූත්‍රය දන්නෙ නෑ. මම දන්නෙ කරණීයමෙත්ත සූත්‍රය

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ හොඳම කමෙන්ට් එක...:D

      Delete
  28. මෙයා දන්නෙ දේවල්..

    මම කියන්නද? "අපි බදිමු"

    ReplyDelete
    Replies
    1. @සෑම්,

      මොනවද අනේ 'බදිමුද' අහන්නේ?:D

      @හරී,

      බිත්තරද වෙන මොනවාවත්ද දන්නේ නෑ නේද? බිත්තරයක් නම් යාන්තම් බැදගත්තහැකි.:)

      Delete
    2. මම නම් හිතන්නෙ පොටෙටෝ චිප්ස් ටිකකුත් බැදගන්න පුලුවන් ඇති :D

      Delete
    3. ඔය ගමන්ම මටත් පපඩම් ටිකකුත් බැදලා ගන්නවද..?? බයිට් එකට මුකුත් නැතුවයි හිටියෙ.. ;)

      Delete
  29. පොඩ්ඩිත් ඇදල අරන් තියෙන මාත්තුරුකාව බලපල්ලකෝ..... ;D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මොන සූත්‍රය උනත්, අසාධාරණ නම් ඒ බව කියන්ට එපා‍යැ...:D

      Delete
  30. දැන් දැන් අක්කටත් මොකද්දෝ වේගෙන එනවා... අනේ මන්දා... අපිටත් පිස්සු හැදෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයාට තාමත් පිස්සු හැදුනේ නැද්ද හී හී...
      පොඩ්ඩිට නම් මොකක්ද වෙලා තමා...

      Delete
  31. මේක හෙන බිසි එක්ස්ප්‍රස් ලයින් එකක්නෙ. FBI කියන්නෙ Female Body Inspector කියන එකයි. නැතුව අර අහවල් එක නෙවෙයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේකනෙ සෑර් කතාව, ඕක ඉන්තේරුවෙන්ම අර හැට හතර මායම් වලින් එකක්. ඉංදියාවෙ බමුණෙක් ලිව්ව පොතක් ගැන කිව්ව විතරයි, ඔය නෙලන්නෙ හතර අතට දුම්මල වරම ගත්ත හනුම වගේ. ඉතිං බිසී වෙන එක අහන්නත් දෙයක්ද. ඊට පස්සෙ ඇවිත් කොමෙන්ට් ගණන් කර කර අඬනවා :)
      කොහෙන් කැපුවත් රාත්තලයි නෙව!

      Delete
    2. @Dude,

      අපි නොදන්න ජාති කොච්චර නම් තියනවද? ස්තූතියි කියලා දුන්නට. දැන් ඉතින් ඔය 'බිසි එක්ස්ප්‍රස් ලයින් එක' මොකක්ද?:)

      ටොමියෝ,

      කවුද ඔය නෙලන කෙනා සහ අඬන කෙනා. මගේ සිංහල මෙච්චර පහලයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. ආපහු පන්ති යන්ට වෙයිද දන්නෙත් නෑ.:D

      Delete
  32. කුමාරිහාමි ,දැන් ඔය අහවල් පොත කියවන්න මහන්සි වෙන්නැතිව ඔයා කියපු විදිහට ප්‍රංශ කෑම වේලක් කෑවොත් ඔය කරුනු කාරනා ටික කිසි ගින්නක් නැතිව දැන කියා ගන්න ඇහැක් වේවිද.? කීයක් ගියත් ගාන නම් ප්‍රශ්ණයක් නෑ. [මොකෝ අපි සල්ලි නැති මිනිස්සුයෑ.]

    ReplyDelete
    Replies
    1. සල්ලි තියන අයට ඉතින් එහෙමත් කරලා බැලුවහැකි.

      //[මොකෝ අපි සල්ලි නැති මිනිස්සුයෑ.]//
      මොකෝ අපි නොදන්නවයෑ. විහිලුවට හොඳේ.:)))

      Delete
  33. ඔය පොත් පත් කියවන්න කාලේ නාස්ති කොරන වෙලේ තමන්ට උවමනා පදමට දෙන්නටම රස විඳින්න පුළුවන් වෙන විදිහට කෑමවේල හදා ගත්තම අහවරයිනෙ පොඩ්ඩි

    ආයේ, වෙන අයගේ රෙසපි මක්කටෙයි... ;)

    ReplyDelete
    Replies
    1. උයන්ට දන්නේ නැති අයට මොකද වෙන්නේ ලොකූ...පන්ති යන්ට වෙයිවත්ද? :D:D:D

      Delete
  34. ඈ... කාම සූත්‍රෙ තියෙන්නෙ මේවද.... ඒක පිරිමින් සදහා ලියවුන එකක්...??
    වෙන පොතක්වත් අහුවෙලාද.... ??

    ReplyDelete
    Replies
    1. නෑ. නෑ. වෙන දේවලුත් තියනවා. පොඩ්ඩි කියෙව්වේ එයාට අවශ්‍ය ඒවා විතරයි.:)

      ඔව් ඉතින්. පිරිමි සතුටු කරන විදිය කියලා දෙන්නේ පිරිමින් සඳහා ලියැවුනු එකක් කියන එකම තමයි නේද?:D

      Delete
  35. පොඩ්ඩි නම් එන පොට හොඳ නෑ වගේ. :) //මෙහි තරයේම පිරිමින්ට අවවාද කරනවා ආශ්‍රය නොකල යුතු ගෑනුන් ගැන//\\ඒවගේම පිරිමින් පිනවීම සඳහා කාන්තාවන් දත යුතු දෑද සඳන් වෙනවා\\ // පිරිමින්ගේ නීරෝගිතාව, ශක්තිසම්පන්නබව රැකීම සඳහා එහිවු මන්ත්‍රය//...බොලේ එතකොට කාන්තාවන්ට මොකද වෙන්නේ.. බලන්යන්කොට බහුකාර්ය රොබෝ ල ගැන සංකල්පය ජපනුන්ට කලින් හිතිලා තියෙන්නේ 'වත්ස්‍යයාන' ටද කොහෙද..
    අනේ ඉතින් ඔය කමන් අර අතින් කාර් නවත්තන උන්දැගේ කතාවත් update කලානම් හොඳය් නේද?

    ReplyDelete
    Replies
    1. බලන්ටකෝ මම කියලා තියෙන්නේ බොරුද කියලා. ඔය ටික අනෙක් අය වටහා ගනී කියලා තමා ඕක දැම්මේ. ඒත් බලන්ට මේ කට්ටිය ඒ දිහා බලලා තියන ඇහැ. හී හී..

      එනපොට හරි නැති බව පොඩ්ඩිටත් පේනවා.:)

      අනේ අර්ක ලඟදිම අප්ඩේට් කරන්නම් අප්පා...:(

      Delete
  36. ඔය කියන විදිහට පිරිමි අයට එක කාන්තාවකගෙන් ඔය ඔක්කොම ගුණාංග බලාපොරොත්තුවෙන්න නම් අමාරුයි. ඒ නිසා කාන්තාවො කීප් දෙනෙක්ව විවාහ කරගන්න වේවි මට හිතෙන විදිහට. ( හුහ් දැන් ඉතින් කට්ටිය මධු හිනා පෙර පෙරා එහෙට මෙහෙට ඇවිද ඇවිද කල්පනා කරාවි හොඳ චාන්ස් එක කියලා ) :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කට්ටිය සිහින මවනවා ඇති. ඔයානේ එයාලට අයිඩියාස් දෙන්නේ. :)

      Delete
  37. පොඩ්ඩි අක්කේ මම නම් මේ පෝස්ට් එක බැලුවෙ නැහැ ඔන්න හොඳේ :)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. නැත්නම් මොන ජංජාලයක් වෙයිද දන්නේ නෑ.:)

      Delete
  38. අයියෝ මම නම් අන්තිමට තිබ්බ පින්තුරේ විතරක් බැලුවා... ඔය සූත්‍ර ඕන නෑ අනේ දැන්මම.... අපි තාම චූටි ළමයි :))))

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි චූටි ලමයි ඉන්ට ඕනේ.:D

      Delete
  39. යන්තන් ඇනෝ අංකල්ගෙ profile එක හදා ගත්ත ඕං ! පොඩි ටෙස්ටින් පාරක් දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. පිරිමි ලමයි ඔක්කොමලාම පොඩ්ඩක් පරිස්සම් වෙන්ට. ඇනෝ අංකල් මාර හැන්ඩියෙක්...:D:D:D

      Delete
    2. ඇඟත් එක්ක හිරි වැටුනා මේක අහලා.
      අපි ඕවාට සම්බන්ද කරගන්න එපෝ.
      අපි නම් අහිංසක ලමයි හොඳේ....DDD

      Delete
    3. ප්‍රියන්ත අය්යේ, පොඩ්ඩි කියලා තියෙන්නේ ආයම ගෑනු ලමයි ඔයාලා දිහා බලන්නේ නැතිවෙයි කියන එකනේ. :)

      Delete
    4. අම්මප ප්‍රියා
      මේ අංකල් ඇනෝ මේ පොඩ්ඩි කියන කතාවේ තේරුම මොකක්ද?
      අපිට ඔයාගෙන් පලිස්සන් වෙන්න කියන්නෙ..
      ඔයා අහවල් පැත්තට බර එක්කෙනෙක්ද?:P:P:P

      Delete
    5. ඔන්න ඔන්න ටපලගෙන , ඇනෝ අන්කල් හැන්ඩියෙක් උනාම ගෑණු ලමයි එයා වටේටම කැරකේවි කියලයි පොකූ එහෙම කියල තියෙන්නේ :D

      Delete
    6. ඒකම තමා මාත් කීවේ. අහිංසක අපිට කෙල්ලෙක් හොයාගන්න නැති වෙයිද මන්දා කියන බයට. මෙයාලා මොනවාහරි වෙන දෙයක් ගැන කියනවාද මන්දා.....:P

      Delete
    7. @පොඩ්ඩි -
      වැරදියි ! ඕකෙ අනිත් පැත්ත තමා හරි. ඕං කිවුවා !
      @ප්‍රියන්ත-
      ඕකිගෙ මනස්ගාත ! උඹ බය වෙන්ට එපා "මගෙ කොල්ලෝ "
      සමනලී සහ නීතා-
      හරියටම හරි. දැනටමත් වැඩේ වෙලා. කෙල්ලො මං ගැනමයි කතාව
      නිශ්-
      ඔය පොඩ්ඩිට පිස්සු පුතා. උඹ බය නැතුව හිටපන්. ඔය ඊ ලග ලිපියට මාතෘකාවක් හදාගන්න දගලන්නේ.
      ප්‍රියන්ත-
      මට ඕව ආං බාං කරන්ට දැන් බැ පුතා !. ඒ නිසා එහෙම දෙයක් වෙන්නෙ නැ. උඹ ඇත්තටම අහිංසකද කියල මට පොඩි සැකයක් එනවhttp://priyantha-ab.blogspot.com.au/2012/01/sex-for-mind-or-body.html දැක්කම.

      Delete
  40. හෙහේ, කුමාරිහාමිගේ 'කාම සුත්‍රය' කියෙව්වම මට කාම දේවාල ගැන ලියන්න හිතුණා. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න පොඩ්ඩි අක්කේ මෙයාටත් මොකක්ද මතක්වෙලා :)

      Delete
    2. හා හා ලියන්ට. ලියන්ට. පොඩ්ඩි දන්නේම නැති මාතෘකාවක්!!! :D:D:D
      ඊට පස්සේ තව කවුරු හරි කාම දෙවිවරු ගැනත් ලියන්නේ නැතෑ.

      Delete
    3. @Anshu: ඔව් අනේ, මට කුච් කුච් හෝතාහෙය්, ඔයාට ඒ ගැන හොඳට තේරුණා නේද?

      @Kumarihami: ඔන්න එහෙනම් ලියනවලු...

      ඒක නම් ඉතින් හැමෝම ලියයි, මොකද හැමෝම හිතන් ඉන්නේ තමන් කාම දෙවිවරු කියලනේ. :D

      Delete
    4. සුනේත්‍රාගේ පොතක තිබුනා ඔය දේවාල ගැන විස්තරයක් . මන් හිතන්නේ ප්‍රේම පුරාණය පොතේ

      Delete
  41. මම දන්න // කුච් කුච් හෝතාහෙය් // එකක් නැහැ . ඕවගෙ තේරුම් ඉතින් බූරාගෙන් හරි , නීතගෙන් හරි තමා අහන්න වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. කවුද බොල බුරා..!!?? වැදගත් මිනිස්සුන්ට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්නවත් දන්නෑ අද කාලෙ කෙල්ලෝ..

      Delete
    2. සහතික ඇත්ත :D

      Delete
  42. /* .....නෑයෙකුගේ, යහලුවකුගේ උගතකුගේ හෝ රජ කෙනෙකුගේ භාර්යාවක්....*/

    අහන්නත් දෙයක්යෑ!

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් කොහෙද අනේ ගිහින් හිටියේ. පොඩ්ඩි අද රෑ ඔයාගේ බිත්තර හැදුවා. හැබැයි ආවේ රොටී හැඩේට. ඒ උනාට රහ හොඳයි.:)

      හදන ගමන් බිත්තර දෙකක්ම කුඩු උනා...:(

      Delete
  43. ayyooo mama hondatama parakkuine. oya potha maath kiyawala thiyanawa...:)

    ReplyDelete
    Replies
    1. ඔයත් කියවපු දේවල් බෙදා හදාගත්තානම්...:)

      Delete
  44. ඔක්කොම හොඳයි,, බැරිද ඔය පොත හොයලා දෙන්ඩ.. හි,හි ලොකු උදවුවක්....

    ReplyDelete
    Replies
    1. අන්න උඩින් 'තරූගේ ලෝකය'ට පිලිතුරක් විදියට බූරා ලින්ක් එකක් දීලා තියනවා. එතනින් ගිහින් බලන්ට. :)

      ඔන්න ලොකු උදවුවක් කලා.:D

      Delete
  45. වාත්ස්‍යායනගේ මේ පොත අවස්ථා කීපයකදීම සිංහලට පරිවර්තනය වුණා. බොහොම දෙනෙක් හිතන්නේ මේක අසභ්‍යයි කියලා. ඒත් මේක එහෙම එකක් නෙවේ.ඉතාමත් ‍ඓතිහාසික විද්‍යාත්මක අදහසක් මේ පොතෙන් ඉදිරිපත් කරන්නේ.
    මේ කෘතිය ඇසුරින් "මීරා නායර්" හදපු චිත්‍රපටය තමයි ලස්සනම ෆිල්ම් එක. කාලෙකට ඉස්සර ලංකාවෙත් ප්‍රදර්ශනය කළා

    ReplyDelete
    Replies
    1. මෙතෙක් වෙලා මම දැකපු ඒවායින් හොඳම කමෙන්ට් එකක්.:)

      මේ පොතේ නම දැකපු ගමන් ඒක අසභ්‍යයි කියලා තමා හැමෝම හිතන්නේ. සමහරු හිතනවා ඇති මේ වගේ මාතෘකා ගැන කතා කරන්නෙවත් ඇයි කියලා. මට උවමනා උනේ ඒ කාලෙදිත් ගැහැනිය සූදානම් වී තිබුනේ පිරිමියා වෙනුවෙන් කියන එක පෙන්නන්ට. හුඟාක් අය මේ වගේ පොත් විහිලුවට ගනන් ගන්නේ. මේ වගේ පොත් තියෙන්නෙත් කියවන්ට කියලත් සමහරුන්ට අමතක වෙනවා ඇති.

      ෆිල්ම් එක මාත් බැලුවා. ෆිල්ම් එකට නම් වැඩිය ආසා උනේ නෑ. ඔයා කියන්නේ අර රේඛා එහෙම හිටපු ෆිල්ම් එක නේද?

      Delete