Sunday, 20 May 2012

පති කුලයට



'රං බංඩා මාමේ! අපි ගිහින් එන්නම්' බුලත් කහට බැඳුනු රං බංඩා මාමාගේ දත් වහල්ල එලියෙට පනීදෝ කියලා පොඩ්ඩිට හිතුනේ ඒ හිනාව දැක්කාමයි.

'ඔයා මොකද ඒ මනුස්සයට එහෙම කීවේ' ඔහු ඇසුවේ නොරිස්සුම හඬකින්.

'ඇයි අද අපි දවසම මෙතනද ඉන්නේ? මෙලහකට ඔයාගේ අම්මට තරහා ගිහිල්ලත් ඇති'

'හුහ් ඔය සමහරුන්ට වගේ අපේ අම්මට තරහා යන්නේ නෑ'

කාරය යලිත් ඉබි ගමනින් ඇදෙන්ට පටන් ගත්තා.

'මේ පාරට අන්තිමට තාර දැම්මේ කවදද?' පොඩ්ඩි ඉස්සි, ඉස්සි පාර දිහා බැලුවේ පාර දිහා.

'මම දන්නේ කොහොමද?'

ගේ තිබුනු කඳු ගැට්ටට කාරෙක ගන්න කොට යට වැදිලා ආව සද්දෙට පොඩ්ඩිගේ හදවතත් මොහොතකට නතර උනා වගේ උනා. දෑවැද්දට අප්පච්චි දුන්නු අලුතම කාරෙක. මුන්දැට ගානක්වත් නෑ.

පුංචි කොක්කු පැටව් වගේ කෙලි පොඩිත්තියෝ ටිකක් ගේ ඉස්සරහ හිටගෙන මොනවද කියනවා.

'ඒ ජයමංගල ගාථාද?' පොඩ්ඩි ඇහුවේ රහසින්.

'ෂ්....ඒ අම්මලාගේ ඉස්කෝලේ ලමයි. සිංදුවක් කියන්නේ'

 

අම්මා පොඩ්ඩි අතට මලක් දැම්ම වතුර වීදුරුවක් දුන්නා. පොඩ්ඩි ඒක බීගෙන, බීගෙන ගියා. වෙලාවට. වතුර තිබහේ හිටියේ. වටා පිටාවේ හිටපු උදවිය මූනෙන්, මූන බලාගත්තා. 'හා... හා... යං ගෙට' අම්මා කීවා.

'දණ ගහල අම්මට වඳින්ට' ඔහු මිමිණුවා. මේ කෙහෙල්මල් ඇඳුමත් එක්ක දණ ගහන්නේ කොහොමද? පොඩ්ඩි නුහුරුවට නැමිලා වැන්දා.

අම්මෝ කෑම මේසේ දිග. ඒක වටේ හිටපු උදවිය නම් හිටියේ කන්ට වගේ පොඩ්ඩි දිහා බලාගෙන. කෑම ගොඩයි. කතා මහ ගොඩයි.

කවුද මාමා කෙනෙක් මෙහෙම කියනවා.

'පතිනියක් කියන්නේ, තමන්ගේ ස්වාමි පුරුෂයා ආදරෙන් රැක බලාගන්න කෙනෙක්. එයාගේ සැප දුක් බලන කෙනෙක්. එයාගේ කෑම, බීමද, ලෙඩට දුකටද, ....' කතාව අහගෙන ඉන්න ඔහුගේ මුවේ නැගෙන මදහස පොඩ්ඩි දැක්කා. සපත්තුවේ උස අඩිය කොහොම එයාගේ කකුල හොයාගත්තාද දන්නේ නෑ. 'ඌහ්' ඔහු කීවා. පෝරුව උඩ අර නිළමේ සූට් ගහගෙන ඉන්නකොට මෙයා හිටියේ මෝල් ගහක් ගිල්ලා වගේ. කිසි හිනාවක් තිබුනේ නෑ මූනේ ඒ වෙලාවේ.

මාමා තාම කතා කරනවා. පොඩ්ඩි උඩ බැලුවා. තද සුළි, සුළඟක් ආවොත් ටෙන්ට් එකත් එක්ක ඔක්කොම ගහගෙන යයිද? නෑ හය්ය ඇති. පොඩ්ඩි හිතුවා.


'දුවට මහන්සිද?' අම්මා අහනවා.

'නෑ නෑ. අපි කාරෙකේනේ ආවේ' ඔහු කියනවා.

ආයම සපත්තුව ඉස්සෙන්ට හැදුවත් පොඩ්ඩි බලෙන් වගේ ඒක බිමට තියලා තද කරගත්තා.

යාන්තම් ඔක්කොම ඉවරවෙනකොට කලුවර වැටෙන්ටත් ලඟයි.

පොඩ්ඩිලාට ඉන්ට ලැබුනේ ඔහු ඉස්සර ඉඳන් හිටපු ඉස්තෝප්පු කාමරේ. ඇඳ දැක්ක හැටියේ පොඩ්ඩිගේ ඇස් උඩ ගියා.

'මේක ඩබල්ද? සින්ගල්ද?'

'ඔක ඩබලුත් නෙමේ. සින්ගලුත් නෙමේ. මේ ගමේ මාමා කෙනෙක් හැදුවේ'

'හපොයි' පොඩ්ඩි තමාටම කියාගත්තා.

'අපි ළිඳට ගිහිං වොශ් එකක් දාගෙන එමු'

'ළිඳට?' 'ඔව්. ඔව්. අතින් වතුර ගන්න ලිඳක් පහල තියනවා...' ඉතින් ගල්, මුල් පෙරලගෙන, ඔහුගේ අතේ එල්ලීගන පොඩ්ඩි ලිඳට ගියා. 'අනේ මෙතන ඇඳුම් මාරු කරන්නේ කොහොමද? සබන් ටිකක්වත් ගාගන්නේ කොහොමද? ' පොඩ්ඩිට ඇඬෙන්ටත් ආවා.

ගෙදර යමින් හිටපු සිරියාවතී, ඒක දැකලා පොඩ්ඩිට නාගන්ටම උදව් කලා. පොඩ්ඩි ගෙදර ගියා එයත් එක්කම. අම්මා කිරි වීදුරු දෙකක් කාමරේට ගෙනාවා. 'දුව, පුතාට කියන්ට දොරවල් ලොක් කරලා නිදාගන්ට කියලා'

'හොඳයි අම්මා...'

ඔන්න යාන්තම් ඔහු ආවා. එක හුස්මට කිරි වීදුරුව තනියම බීලා දැම්මා. මාර රොමැන්ටික් කෙනෙක්.


'කෝ පොඩ්ඩක් එහාට වෙන්ට' පොඩ්ඩි ටිකක් එහාට උනා.

ඔහු ඉතින් පොඩ්ඩිගේ කර වටේ අත දාලා පොඩ්ඩිව තුරුල් කරගත්තා. 'හරි සුවඳයි. ඔන්න  උම්ම්ම්මා දෙනවා' ඔහු පොඩ්ඩිගේ ඔලුවට උම්ම්මා දුන්නා. පොඩ්ඩි හිනා උනා. 'මේ ඒක නෙමේ' 'ඔව්' පොඩ්ඩි කීවා.

'කවුද අර හිටපු මහත එක්කෙනා. අර කතාවක් එහෙම කලේ'

'ආහ් ඒ මාමා කෙනෙක්'

'එතකොට අර හීනි උස, සුදු එක්කෙනා '

'ඒ යාලු මාමා කෙනෙක්'

'අම්මා හරියට ඇඬුවා නේද?' 'හ්ම්'

'අත්තම්මත් ඇඬුවා නේද?' 'හ්ම්'

'අප්පච්චි නම් ඇඬුවේ නෑනේද?' 'හ්ම්'

'ඔයා අඬපු තරම්. මම හිතුවේ ඔයා මා එක්ක එන්නෙත් නැතිවෙයි කියලා(පොඩ්ඩි වැඩිය ඇඬුවේ නෑ මේකප් හේදිලා යයි කියලා බයෙන්. ඒතකොට පින්තූරු කැත වෙනවනේ).

දඩාස්....!!!

පොඩ්ඩි නැමිලා, ගෙම්බා වගේ බිම වැටිලා ඉන්න ඔහු දිහා බැලුවා.

'ඕහ්...සොරි. ඔයා බිම වැටුනද?'

'කමක් නෑ. කමක් නෑ. ' ඔහු ආපහු ඇඳට නැග්ගා.

'ඉතින් කියන්ටකෝ අර අරයා කවුද? වෙඩිම හොඳට තිබුනා නේද? ආපු ගනන හොඳටම ඇති නේද? කෑම රසයි නේද? හෝටලෙත් මාර ලස්සනයි නේද?'

පොඩ්ඩිට ඔහුගේ කටහඬ ඇහුනේ ඈතින් වගේ. ඒක ක්‍රමයෙන් නැතිවෙලා යනවා පොඩ්ඩිට දැනුනෙත් නෑ. පොඩ්ඩි හීනෙන් හිනාවෙන ගමන් දිගටම නිදාගත්තා.

 

(පිදුම: ලඟදීම පති කුලයට යාම සඳහා ඇඟිලි ගනින චුට්ටිට) 

 

 

A honeymoon is a short period of doting between dating and debating.

 

 

 

 




228 comments:

  1. මේක නම් හීනයක් වෙන්ට ඕනේ..... :-}

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් දන්නවනේ...:D

      Delete
  2. බැඳපු අලුත ඔහොමත් නිකම්ම නිදාගන්න යන සිරිතක් තියෙනවද? :D

    ReplyDelete
    Replies
    1. ආනේ මුහුදු ඕවා දැනගන්න , කවදද බැන්දේ :)

      Delete
    2. ඇ...මුහුදු මේයා හොඳම හරියට එද්දි කතාව ඉවර කරලනේ...

      Delete
    3. ඔය පොඩ්ඩි, ඇස් අඩවන් වෙලා ,ඈතට පාවෙලා ගියා වගේ කියලා කියල තියෙන්නෙ නිදා ගත්තා කියලා නෙවේ බොලවු..

      Delete
    4. මෙහෙමනෙ ජයලලිතා මැඩම් , දැන් ඔය කහඹිලියා ගෑඋනාම කසනව කියල දැනගන්ට කහඹිලියා ගෑවිලම තියෙන්න ඕන නෑනේ!! :D :D

      බුද්ධි,
      ඒක තමයි. කිරි වීදුරුවත් බීල සෙට් වෙද්දි මම හිතුව වැඩේ හරි තමා කියල. කොහෙද !

      තරු
      අම්මප මටත් ඒක මීටර් උනේ දැන් නෙ! :D

      Delete
    5. @මුහුදු,

      //බැඳපු අලුත ඔහොමත් නිකම්ම නිදාගන්න යන සිරිතක් තියෙනවද? :D//
      නිකම්ම නිදාගන්න සිරිත කීවේ මොකක්ද? :D

      @නීතා,

      ඔව් නේද නීතා නැත්නම් කොහොමද ඔච්චර දේවල් දන්නේ නේ:D

      @බුද්ධි,

      එතනින් එහා ලියන්ට වෙන්නේ බැන්දට පස්සේ. එතකොට ඉතින් මේක වැහිලා තියෙයිද දන්නේ නෑ.:D

      @තරු,

      ඔව් ඔව් නිදාගෙනම නෙමේ. හීන දකිනවලු.:)))

      Delete
    6. මේක වහන්ඩ දෙයක් නෑති වෙයි...ඉතුරු ටිකට ඉතිං කෝමත් කොටු වැටෙනවනේ..හෙහ් හෙ....

      Delete
    7. කොටු කියන්නේ ලොකූ කොටුවක් වැටිලා මේක වැහිලා යයි බුද්ධි. දුකේ බෑ.:(

      Delete
    8. අඬන්න එපා අනේ..... කෝ ඔය කඳුලු පිහි ගන්ඩ.... ඉන්ඩ මං ඔයාට දෙන්නං, ඔයා මට එදා දුන්නු ලශ්ශණ පොඩි ලේන්සුව....!

      Delete
    9. මම හිතුවේ ඔයා මාව මතක් වෙන්ට ඒක තියාගනී කියලා ඉහි ඉහි.....:)

      Delete
    10. මං හිතුවා අන්තිමේ ඔයා ලේන්සුවක් දීලා සේප් වෙයි කියලා...... අයියෝ වැඩැල්ලෑ.....:P

      Delete
    11. ඇයි අනේ යුරෝපෙන්ම ගෙනාපු , ලස්සන සිනිඳු, සේද, මල් මහපු, සුවඳ කවපු ලේන්සු පොඩිය. වෙනකාටවත්ම ජීවිතේට ලේන්සුවක් දීලා නෑ ඔයාට ඇර. :D

      Delete
    12. ඒකත් එහෙමද, ඇඩෙනවා අනේ කියන කතාවලට. මං කොච්චර වැරදි විදිහට ද ඔයා ගැන හිතාගෙන ඉදලා තියෙන්නෙ. දවසක් මම දැක්කා කොටුවෙ පෙට්ටි කඩේකත් තියෙනවා ඔය විදිහෙ ලේන්සුවක්... ඒකයි මට පැටලුනේ... ඔං ඉතිං මට ආයි ඇඩෙනවා..... තව ලේන්සුවක් නැද්ද අර ජාතියෙම...

      Delete
    13. //යුරෝපෙන්ම ගෙනාපු , ලස්සන සිනිඳු, සේද, මල් මහපු, සුවඳ කවපු ලේන්සු පොඩිය//

      බුද්ධියෝ අහුවෙන්ට නම් එපා ඔව්වට. පෙට්ටි කඩවල විතරක් නෙවේ, පේමන්ට් එකෙත් තියෙන්න ඇති. දැක්කනෙ දවසක් මුන්දෑ මට ෂර්ට් එකක් දෙන්නං කියල අන්තිමට පාන්කඩයක්වත් හම්බුනේ නෑ නෙව.

      Delete
    14. @මුහුදු
      ඔයාට ඕනෙනම් පරිප්පු ගෝනියක් එවත හැකි. මෙහෙ තීනවා australian lentils කියල පරිප්පු ජාතියක්. ඔයා පරිප්පු ටික කාල ගෝනියෙන් ඇඳුමක් මහ ගන්ට.
      - අමා

      Delete
    15. ඔයාට පරිප්පු හොද්දක්වත් හදාගන්න බැරිද මෙයා? මොනව කරන්නද, මම රෙසිපි එක එවන්නං ට්‍රයි එකක් දීල බලන්නකො.

      හන්දියෙ කඩෙන් පාන් බාගෙකුත් ගෙනත් ඒකත් එක්ක කන්ඩ!

      Delete
    16. හා අනේ එහෙනං එවන්ටකෝ රෙසිපිය විජහට! හිකිස්
      (මුහුදුට තරහ ගියාද මන්ද විහිළුවට? තරහ ගන්ට එපා ඔයා තවත් ටිකක් නාකි වේවි)

      ප ලි : පාන් බාගයක්? අයියෝ එච්චර කන්ට නම් බෑ. පාන් පෙති දෙකක් තිබ්බනම් ඇති

      Delete
  3. පොඩ්ඩිටත් පේන හීන..
    මේක කියවලා චුට්ටි තාම බය වෙලා ඇති..
    ළඟදිම පති කුලයට යන චුට්ටිට අපෙන් සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. චුට්ටි බයවෙන්ට ... හපොයි බලන්ට ඕනි හනිමූන් ගෙනියන්ට එකතු කරන ජාති. මුකුත්ම නෑ. හී හී...මට ගුටිකන්ට වෙයිද දන්නේ නෑ විහිලු කරලා.

      Delete
  4. අපොයි අපොයි පොඩ්ඩිත් දකින හීන. මං මේ කල්පනා කලේ පොඩ්ඩි කීවෙනි පාරටද කසාද බඳිනවා හීනෙන් දැක්කේ කියලා. ඔය කීවාට එයා පොඩ්ඩිට ගොඩක් ආදරේ ඇති. ගමවල හැටි ඔහොම තමා. ආදරේ හිත යට තියන් ඉන්න අය තමා ගොඩක් ඉන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ප/ලි
      චුට්ටිට ඇඟිලි මදිවෙයිද දන්නේ නෑ ඇඟිලි ගණින්න.....:DDDD

      Delete
    2. පොඩ්ඩි ඉතින් හීනෙන් හත් අට පාරක් බැඳලා ඇති. ඒක මොකක්ද?

      අනේ පොඩ්ඩිට නම් ඔය හිතේ තියාගන ඉන්න ආදරවලින් නම් වැඩක් නෑ. ආදරේ තියෙන්නේ පෙන්නන්ට. ආදරේ නොපෙන්නන කෙනෙකුට පොඩ්ඩි ආදරේ නෑ.

      පොඩ්ඩිට ඕනේ හැමදාම නිදන්ට කලින් 'මම ඔයාට ආදරෙයි සුදු...' කියන කෙනෙක් හී හී....

      මේ දවස්වල චුට්ටි අපේ ඇඟිලිත් පාවිච්චි කරනවා ගණන් කරන්ට.:)

      Delete
  5. හුටා.. චුට්ටි පිලිවෙලක් වෙන්නද යන්නෙ ? කවුද පොර ? එදා අර kidnap කරපු අහින්සකයද?

    හික් හික්.. පොඩ්ඩි මේ කථා කොහොම ලියනවද මන්ද? ලෙසටම ලියලා තියනවා.
    හොඳටම ෂුවර්ද තාම බැඳලා නැහැ කියලා ?

    අනිකවා කෙසේ වෙතත් අර ලිඳේ ප්‍රශ්නෙට නම් මමත් මුහුණ පෑවා.
    පස්සෙ අපේ තරු නෝනාව සතුටු කරන්න යස අගේට තිබ්බ ලිඳ වටේ ඔලුවෙ උසට තාප්පයක් බැන්දා වටේටම්...හෙහ් හෙහ් හෙහ්

    ප.ලි
    ආ.. තව දෙයක්. මනමාලයෙක්ට හනිමූන් එපා වෙන්නෙ, කොන්ඩෙ තියන කටු ටික ගලවන්න ගියාම. පොඩ්ඩිගෙ නම් කොන්ඩෙ කොටයිනෙ නේද??

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙ තියන කටු ටික ගලවන්න ගියාම. // කටු ගහලා ඒ උඩට ජෙල් ඉහලා‍ කොන්ඩෙ කොන්ක්‍රීට් කොල්ලානෙ සැලුන් එකෙන් එවන්නෙ.... අනිත් ඔක්කොම දේවල් ගලවන්ඩ යන වෙලාවත් හරි කොන්ඩෙ කටු ගලවන්න යන වෙලාවත් හරි.... නේද තරු!

      Delete
    2. අප්පට සිරි, ඒ කියන්නෙ උඹටත් ඒ අත්දැකීම තියනවා..
      අනේ... වනේ වන හතුරෙකුටවත් ඔහොම දුකක් වෙන්න එපා කියලා පතන්නෙ..

      Delete
    3. තරු,

      ඔව් ඔව් ඒ කිඩ්නැප් කරපු අහිංසකයා තමයි. එයා මේ දවස්වල උයන්ට ඉගෙන ගන්ට කියලා පන්ති යනවා.:D

      ඔය ඔක්කොම යාලුවන්ගේ අත්දැකීම්වලින් හොරකම් කරපුආ. පොඩ්ඩිටත් දැන් මේ මඟුල් ගැන ලියලා නිකං, බැඳලා, බැඳල වගේ තමා තේරෙන්නේ.:)

      ඒ උනාට මම අහලා තියන විදියට පිරිමි කැමති ගෑනුන්ගේ කොන්ඩා දිගට තියනවටලු. ආරංචි එහෙම තමයි. පොඩ්ඩි දැන් කොන්ඩේ ටික, ටික වවනවා. එහෙමවත් කරලා බලන්ට.:(

      Delete
    4. @බුද්ධි,

      කොච්චර විතර වෙලා ගියාද බුද්ධි? මම ඇහුවේ කටු ටික ගලවන්ට.:D

      Delete
    5. ගලෝන වැඩ කරද්දි කව්ද අනේ ඔල්ලෝසු තියාගන්නෙ.... !

      Delete
    6. ඔන්න ඔයා මට හොඳ එකක් මතක් කලා. චුට්ටිට කියන්ට ඕනේ මතක් කරලා ඔරලෝසුව අතේ බැඳන් ඉන්ට කියලා. :D

      Delete
    7. වැඩැන්නෑ..... කොල්ලා මුලින්ම ගලවන්නෙ ඔල්ලෝසුව...හෙහ් හේ.....

      Delete
    8. ඊලඟට ............?????????????
      මම නම් ඉතින්......හික් හික් ලැජ්ජය් වගේ..


      සපත්තු දෙක බන්ස් .....සපත්තු දෙක..
      බලහල්ලකො මුන්ගෙ තියන මෙවුවා එක..

      Delete
    9. බුහ්හහ් හා.....

      Delete
  6. මේක දැකලා පණ යන්න හිනා උනා.... මේ සමහර දේවල් ඇත්තටම මටත් වෙච්චි ඒවා.... අනේ ඇත්තමයි පොඩ්ඩියේ කොහොම දකින හීන ද මේ....?

    ReplyDelete
    Replies
    1. ඔය පාරේ කතාව සහ ලිඳේ කතාව මගේ යාලුවෙකුගේ අත්දැකීම්. අර ලංකාවේ මඟුල් ගෙවල්වල කතා නම් අහං ඉන්ට හරි කම්මැලියි අය්යෝ. ඒවා හිතින් දැම්මා.

      ඔයාට ඒවගේ උනා කීවේ අරයව ඇඳෙන් පහලට තල්ලු කලාද? :D:D:D

      Delete
    2. මගුල් සබාවෙ කතා යනකොට මාත් ඔහොම තමා හිටියෙ... ඒත් පොඩ්ඩිගෙ කතාවෙ ඉන්න කෙනා වගේ නෙවෙයි අපේ උන්නැහේ.... අරුන්දලා දෙන උපදෙස්වලට මට වැළමිටෙන් ඇන ඇන හිටියෙ හිනාව කාගෙන... සබාව මැද මට හිනා යයි කියල බයටත් එක්ක තමයි මං අහළ පහළ තිබුණු සැරසිලි දිහා බල බල හිටියෙ....

      අඩේ නෑ අප්පා... කවුද බොලේ ඔහොමදාට ඇඳ පල්ලට දාන්නෙ... පස්සෙ එහෙම කරන එක වෙනම දෙයක්... ;D

      ඒක කියනකොට මතක් උනේ..... ළඟින් නිදා ගත්තොත් හීනෙන් පයින් ඇනලා නෝනව ඇඳ පල්ලට දාන කෙනෙක් ගැන ආරංචි උනා මේ ඊයෙ පෙරේදා... ටිකක් කලින් ආරංචි උනා නම් හොඳ මඩ හට්ටියක් යවන්න තිබ්බා.... දැන් ඉතින් හොඳ නෑනෙ... :D

      Delete
    3. //අඩේ නෑ අප්පා... කවුද බොලේ ඔහොමදාට ඇඳ පල්ලට දාන්නෙ... පස්සෙ එහෙම කරන එක වෙනම දෙයක්... ;D//

      හී හී පොඩ්ඩි නම් ඉතින් ඔය පස්ස ගැහිලි නෑ. බිමට දාලාමයි වැඩ පටන් ගන්නේ.:D

      Delete
    4. ඒ කීවේ මොන වැඩද පොඩ්ඩි යේ? :D

      Delete
  7. පොඩ්ඩි ඉතින් හැමදාම ඔහොම තමා . කුතුහලය අවුස්සල නිකම් ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික ලියන්ට ඉතින් දැනගෙන ඉන්ට එපැයි. :D

      Delete
  8. චුට්ටි කියන්නෙ කව්ද කියලා මම දන්නෙ නෑ. සමහර විට චුට්ටි මාව දන්නෙත් නැතිවැති. කොහොම උනත් ළගදී පතිකුලයට යන්න ඉන්නවා නම් මමත් සුබ පැතුවයි කියන්ඩ.

    පොඩ්ඩිගේ හීන හැබෑ වෙලා ඔය ගමන යන දවසට කලින්දාට මේ බ්ලොග් එකේ අහවලාගේ පොටෝ එකක් දාන්න....

    ReplyDelete
    Replies
    1. මටත් අමතක වුනා.. චුට්ටිට මමත් සුභ පැතුවා කියන්නකො.
      ඉතින් වෙඩින් එකේදි පොඩ්ඩි කියන්නෙ මේ සින්දුවද?
      http://www.youtube.com/watch?v=yYzFBgP2Suw

      Delete
    2. @බුද්ධි,

      අනිවාර්යයෙන්ම. එයාගේ ලස්සන ෆොටෝ එකක් ලැබෙන කල් මේ බලා ඉන්නේ.:)
      චුට්ටි වෙනම ඔයාලට ස්තූති කරයි. එයා පෝස්ට් එක සහ කමෙන්ට්ස් කියවනවා.

      @තරු අය්යා,

      හපොයි සිංදුව කියන කෙනා දැකලා මම බය උනු තරම. යාන්තම් චතුරිකා දැකලා තමයි හිත හැදුනේ. බයවෙන්ට කාරි නෑ. පොඩ්ඩිට එහෙම වෙන්නේ නෑ අය්යේ.:)

      Delete
    3. අය්යෝ ඔයා ෂානිකා ව දන්නෙ නැද්ද අප්පා..එයාව දැකල ඔහොම නම්, අපිව දැකලා කොහොම බය වෙයිද?

      Delete
  9. අදයි මේ පැත්තට ආවේ

    ඒ ඇවිල්ලත් කියවන්න උනේ රසය මරපු කථාවක්නේ...

    ReplyDelete
    Replies
    1. ඔයාව වලව්වට ආදරයෙන් පිලිගන්නවා.
      ඇයි රසය නැති උනේ එකපාරම නින්දට වැටුනු හන්දද? :)

      Delete
  10. හේ හේ පොඩ්ඩි අක්කාගේ හීනේ කවදද සැබෑ වෙන්නේ කියන්ටකො බලන්න

    ReplyDelete
    Replies
    1. ඉහි...ඉහි...ඒක අහනකොටත් මට ඇඬෙනවා අනේ. චුට්ටිත් ලඟදි බඳිනවා. හී හී....

      Delete
  11. පිට ගෙදරකට ගිහින් තනිවෙන කෙල්ලෙක්ට හිතෙන දේවල් මෙහෙම කියන්න බෑ පොඩ්ඩි.. අලුත් පරිසරේකට හුරු වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.. හම්මේ...හරි හමන් තැනක් සෙට් වුණොත් ගොඩ! මොළේ අමාරුකාරයෝ ඉන්න තැනක් නම් ඉතින් බුදු සරණයි!

    ReplyDelete
    Replies
    1. ඉන්ට. මම ඔයාට ලස්සන උත්තරයක් ලියනවා...:D

      Delete
    2. වජිරදේවී,

      ඔයාගේ කතාව සම්පූර්න ඇත්ත. ඔයාගේ කමෙන්ට් එක කියවලා බැලුවට පස්සේ මට මැවිලා පෙනුනු දර්ශන කීපයක් මේ.:D

      මුලුතැන් ගෙයි වැඩ පල කරන සිරියාවතී එහි තේ සාදමින් සිටිනා ඔහුගේ මව දැක:

      'ලොකු නෝනා මොකද හප්පච්චියේ මේ උදෙන්ම නැගිටලා. දැන් මදැයි අර අලුත් නෝනා කාමරේට තේ එක එනකල් බලා උන්නා. නෝනා ආපහු ඇඳට ගියා නම්. ඔය කකුල් අමාරුව තියෙද්දි ඇවිදින්ටත් හොඳ නෑනේ. කෝ දෙන්ට ඔය තේ දෙක මම ගෙනිහුන් දෙන්ට. අනේ දැන් කාලේ හැදෙන ළමිස්සියෝ. තේ එකක් හදාගන්ටවත් දන්නවද දන්නේ නෑ. නෝනාට කියන්ට නෝනේ මම ඊයේ ගියානේ තේ දෙක අරගෙන. ඒ නෝනා, අපේ චූටි මහත්තයාගේ ඇඟ උඩ කකුලුත් දාගෙන නිදන්නේ. හප්පච්චියේ අපේ කාලේ නම් ඔය වගේ සිරිත් තිබුනද? අපි ස්වාමි පුරුෂයො ගෙට ගන්නේ කකුල් දොවලා. අර ඇඳගෙන ඉන්න ඇඳුම මොකක්ද හැබෑට. ඒවා ඇඳුම්ද? හොඳට ඇඟ වැහෙන දිග ගවුමක් ඇන්ඳාම මොකද වෙන්නේ රෑකට. අඩු ගානේ මදුරුවො කන්නේ නෑ.'

      ළිඳ ලඟ : 'හපොයි බං සිරියාවතී. කවුද අර ඒරොප්පෙන් ඇවිත් ඉන්න නෝනා. මේ ලිඳ ගාව ජවුසං නටනවා කියන්නේ දිය රෙද්දක්වත් ඇඳගන්ට දන්නේ නැතුව. හැබෑට බොලං ඔය ඒරොප්පේ උදවිය නාන්ට අඳින්නේ මොනවද?'

      අල්ලපු ගෙදර නෑනා: 'මම එයාට කොච්චර රහ කෑම ජාති නම් හදලා දුන්නද? දැන් ඔය ඇවිත් ඉන්න උඩැක්කියට හරියට බතක්වත් උයාගන්ට බැරිලු. මගෙත් එක්ක ඔච්චර ආදරෙන් හිටපු මගේ සුදු අය්යට ඔය ගෑනි මොනවා හරි දෙන්ට ඇති. නැත්නම් හරියට කතා කරගන්ටවත් බැරි ගෑනියෙකුට, ඔය වගේ අහිංසකයෙක් අහුවෙයිද? මම ඒ දවස්වල එයාට හදලා දුන්නු කෑම තොගේ එයා කාපු හැටි දැක්කාම මම හිතුවේ එයා මාව සහේට ගනී කියලමයි. ඉහි ඉහි ඉහි ඉහි’

      Delete
    3. පොඩ්ඩි ගේ කටේ දාන්ට හිතෙනවා ඩොලර් දෙකක්!
      මෙන්න තව එකක්:
      ගෙදරට නාකි උන පුංචි අම්ම -
      අනේ අක්කේ අර ලේලි පොඩ්ඩ මක්කයි දවසෙම කොම්පීතරේ අස්සේ ඔලුව ඔබාගෙන කරන්නේ? ඕවා මොටද ගෑනුන්ට? ඒ මදිවට ඒකෙ තියෙන එක එක ජවුසන් අපේ සුදු පුතාට පෙන්න පෙන්න කැකිරි පලනවා. ඊයේ මට ඇහුන මොකද්ද බොලොග් කෙරුවාවක් ගැන කතාව. අපේ සුදු පුතා ටත් පටන් ගන්ට ලු බොලොග් කෙරුවාව. අපේ පුතා මක්කය ඔය අවුවේ පිච්චි පිච්චි බොලොග් ගල් තනන්නට යන්නේ? අනේ අම්මේ මම ජීවත් උනානේ මේවා දකින්න. අනේ අපි මලක් වාගේ හදපු අපේ දරුවා!

      - අමා

      Delete
    4. මේ කතාවට නම් අමාට උම්මා එකක් දෙන්ට වටිනවා. මට අමතක උනානේ සම්පූර්නයෙන් බ්ලොග් කිරිල්ල ගැන. කොහෙද හැමෝටම වගේ මගෙත් සිහිය තිබුනේ අර ඇඳ ගැන.:)))

      ආ... අමතක වෙන්ට කලින් උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....ඔන්න ලොකු එකක්ම.:D

      Delete
  12. හික් හික් හික්....පොඩ්ඩි අක්කත් දකින හීන.....දැන් කවද්ද ඔය හීනේ හැබැ වෙන්නේ.....

    ඇ අක්කේ මොකැයි අර හින කුමාරයා ගෙම්බෙක් වගේ බිම වැටුණේ හැබැට....?


    චුට්ටිව නොදන්නවා උනාට පතිකුලයට ගොස් අරඹන නව දිවියට මගෙනුත් සුභපැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. ලඟදි නම් සැබෑ වෙන්නේ නැතිවෙයිද දන්නේ නෑ. :(

      පොඩි ඇඳන්වල නිදනකොට ඔහොම තමා. හිටපු ගමන් බිම වැටෙන්ට ඉඩ තියනවා.:)

      චුට්ටි වෙනම ඔයාලට ස්තූති කරයි.

      Delete
    2. ඔන්න මන් ප්‍රාර්ථනා කරනවා ඒ හීනේ ඉක්මණටම සැබැ වෙන්න කියලා....ඒත් කුමාරයා බිම වැටෙන කොටස නැතුව......හික්ස්.....

      Delete
    3. මම නම් ඉතින් කැමතිම ඒ කොටසට හී හී....

      Delete
  13. හපොයි මේකා දකිනකොට බය හිතෙන්වනේ අප්පා...හික් හික්...කොහොම උනත් ඇත්ත කතාව...:D (දැන් මේ පොඩ්ඩි බැදලද?)
    ඇගිලි ගනින චුට්ටිට අලුත් ජීවිතේට හදවතින්ම සුබපැතුම්..!!!

    ReplyDelete
  14. පොඩ්ඩි මනමාලයගේ ගෙදර යන දවසට අපිත් එනවා ඔන්න. බලමු ලමයගේ කයිවාරුව එදාට.:)

    ReplyDelete
    Replies
    1. බලමු. බලමු. මෙයාලා කොහොම ඉඳීද දන්නේ නෑ අනෙක් අයට ඔහොම කීවට. :D

      Delete
  15. සිහිනයක්ද? සැබෑවක්ද?? සැබෑවූ සිහිනයක්ද??? සිහිනයක් වූ සැබෑවක්ද???

    ඉංගිරිසියෙන් කියලා තියනදේ නම් ඇත්ත!

    ReplyDelete
    Replies
    1. සැබෑ කරගන්ට උත්සාහ දරන සිහිනයක්...:)

      Delete
  16. ඇදෙන් වැටෙන්න ඇත්තේ, පයින් ගහල වෙන්න ඇති. ලොකු ඇදක් ඕනේ කියල කලින් දවසක කියල තිබුන වගේ මතකයි.
    ප;ලි - මේවා බදින්න ඉන්න කෙනාට අනතුරු ඇගවීම් වෙන්න ඕනේ.ලොකු ඇදක් නැත්තම් බිම තමයි.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා පොඩ්ඩි අක්කා පයින් පාරක්වත් දීලද දන්නේ නැ කියලා......හික්ස්

      Delete
    2. @කම්මල,

      පොඩ්ඩි ඉතින් දැක්කේ පොඩි ඇඳක්...පයින් ගැහැව්වා වගේ මතක නෑ. හැබැයි අර අඬපු කතාව කීව පාර නම් තල්ලු කලා වගේ යාන්තම් මතකයි.:)

      @සිතුවිලි,

      එහෙමත් කරනවද තමන්ගේ දෙවියන්ට හී හී....

      Delete
    3. @පොඩ්ඩි,

      **එහෙමත් කරනවද තමන්ගේ දෙවියන්ට හී හී....**
      හෙහ් හෙහ් හෙහ්... මේක දැක්කම මට කාලෙකට ඉස්සර ආපු ඊමේල් එකක් මතක් වුනා, ඒකෙ තිබුනෙ ල0කාවේ විවිධ පලාත්වල කාන්තාවන් ආදරේ (ඇත්තටම ඊට එහා ගිය දෙයක්) කරන කොට තමන්ගෙ සැමියට අමතන විදිය.

      බැලුවම කථාව 100% ක් හරි.

      Delete
    4. තරු ඒ කොහොම වචන සෙට් එකක්ද කියල බ්ලොග් එකේ දාපන්කෝ :

      Delete
    5. @කම්මල,

      හික් හික්, මෙතන 18 ට අඩු අයත් එනවනෙ බන්, ඒ නිසා නොදා ඉඳිමු.
      ඒකේ නුවර පැත්තෙ කාන්තාවන් ඔය පොඩ්ඩි කියපු වචනෙත් එක්ක තව වචන 2-3ක් කියනවා ඒකය් මට හිනා ගියේ... :-)

      Delete
  17. අපිත් දැන් දින ගනින්නට පටන්ගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්තද පිනිබිඳු. කවදද කියලා අපටත් කියන්ට. ඔයාට අපි හැමෝගෙම සුබ පැතුම්!!!

      Delete
  18. A honeymoon is a short period of doting between dating and debating.

    සහතික ඇත්ත!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියන අය කියන ඒවා ඉතින් ඇත්ත කියලා පිලිගන්ට එපායැ. නේද? :D:D:D

      Delete
  19. //A honeymoon is a short period of doting between dating and debating// මේක කියපු කෙනා ගෙනන් කටෙ මසුරන් දාන්න ඔනෙ අප්පා..පොඩ්ඩිගෙ පරන කතාවල චුට්ටි හිටිය මතකය්..එයාට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. කෝ කෝ මසුරන් තියනවානම් පොඩ්ඩිගේ අතට දීලා හිටින්ට. රත්තරන් බඩුත් මඟුලට කලින් හදව ගන්ට එපැයි නේද? :D

      Delete
  20. තව ටිකක් පහුවෙලා එන්නම් . අපේ ගෙදර එක්කෙනා කියෝලා ගියාට පස්සේ D .

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ එයා බ්ලොග් කියවන්නේ නෑ නේද? :)))

      Delete
    2. එයා තමයි මට බ්ලොග් හඳුන්වා දුන්නේ .

      Delete
  21. ඔය කියන ඇඳ සිංගල්වලට වඩා ලොකු ඩබල්වලට වඩා අඩු ගමේ හදපු එකක් නං, එතකොට මෙට්ටේ? ඒකත් ගමේ එකක් වෙන්නැති නේද?
    එහෙම නැතුව අපේ සයිස් එකට කඩේ මෙට්ට නෑ!

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි ඉතින් හීනවල හැටි ඔහොම තමා කතන්දර. අපට ඕනි විදියටම පේන්නේ නෑනේ. මම කොච්චර වීරිය කලාද ඉතිරි ටික බලාගන්ට. ඒත් නින්ද ගියානේ. :D:D:D

      Delete
    2. @ක.කා,

      ඇයි බන් ඔය කොහු මෙට්ට තියෙන්නෙ , සයිස් එක කීවම හදලා දෙනවා.හැබැය් පොඩ්ඩිට නම් ඉස්පිරින්ග් හයි කරපු එකක් තමයි හරියන්නෙ.

      Delete
    3. ඕක බුරු ඇදක පෙරලි පෙරලි දැකපු හීනයක් වෙන්නැති? ඩබලුත් නෙමේ සින්ගලුත් නෙමේ , ගමේ කෙනෙක් හදපු එකක් නේ.

      Delete
    4. බූරු ඇඳක දැකපු හීනයක් වෙන්නේ කොහොමද කම්මලේ...හීනේ දෑක්කේ අර තුන්දෙනෙකුට නිදන්ට පුලුවන් ලොකු ඇඳේ ඉඳලානේ...:D

      Delete
  22. එතකොට පොඩ්ඩි කැමති මෙහෙමයි... හ්ම්ම්ම්ම් අවුලකුත් නැ ඉතින්.... ඉක්මනටම මේක වෙනවා නම්..... ඒත් අර ඒ කොල්ලා ගැන නම් දුකායි වගේ.. ඇයි දන්නේ නැ ඉතින්

    ReplyDelete
    Replies
    1. දැකපු හීනයක් ගැනනේ ලියලා තියෙන්නේ දේවක. ඇයි ඒ කොල්ලා ගැන දුක හිතෙන්නේ?:)

      Delete
    2. // ඒත් අර ඒ කොල්ලා ගැන නම් දුකායි වගේ.. ඇයි දන්නේ නැ ඉතින්//

      ඒක තේරුං ගන්ට ඒතරම් අමාරු නෑ නෙව. ඉස්සරත් එයා ගෙම්බා, ඉස්සරගට ඌ ගෙඹි දෙයියා. කොහොමත් උන්දෑ බිම. කොහෙන් කැපුවත් රාත්තලයි.

      //දඩාස්....!!!
      පොඩ්ඩි නැමිලා, ගෙම්බා වගේ බිම වැටිලා ඉන්න ඔහු දිහා බැලුවා//

      Delete
    3. දේවා මොකෝ කොල්ලො ගැන දුක් වෙන්නෙ සාමාන්‍යයෙන් කොල්ලො දුක් වෙන්නෙ කෙල්ලො ගැනනෙ....:D:D

      Delete
  23. මේ දවස්වල කියවන්නෙ The Complete Sherlock Holmes, සේලොක් හොලමස් ගොයිය නිගමන වලට එන්නෙ විද්‍යාමාන සාධක ආශ්‍රයෙන්....පැහැදිලිව පේන්ට තියන සාධක ඒ වගේම පාත්‍ර වර්ගයාගෙ කියුම් කෙරුම් හැසිරීම් ආශ්‍රයෙන් උපකල්පනය කරනව ඉතාම නිරවද්‍ය ලෙස මිනිසුන් සහ ගැහැණුන් කුමන ආකාරයේ අයද කියල

    පොතක් කියවන අතරතුර ඒකෙ චරිත වලට ආරූඪ වෙලා ඒවයෙ ජීවත් වෙන එක මගෙ පොඩි කාලෙ ඉඳල පුරුද්දක්...අවුරුදු දහයෙ වගෙ කාලෙදි රොබින් හුඩ් කතාව මම කියෙව්වෙ පේර කෝටුවක් නවල හදාගත්තු දුන්නකුත් කරේ දාගෙන...හෙහ්, හෙහ්,

    ගොළු හදවත එතනින් ගිහාම දෝන කමලාවතී....ඔය පොත් කියවල වෙච්චි වින්නැහිය මෙහෙම කියන්ට බෑ...වෙලාවක පෝස්ට් එකක් ලියලම කියන්නම්....හෙහ්, හෙහ්,

    හරි, හාව පඳුර වටේ කැරකුණා ඇති දැං...බහිමු මාතෘකාවට...සේලොක් ගොයිය ආරූඩ වෙලා ඉන්න නිසා මමත් කලා මේ මහගෙගෙ පෝස්ට් එක ගැන පොඩි පහේ අද්දියනයක් කොරන්ට... ඒ කිව්වෙ දත්ත ආශ්‍රයෙන් නිගමන වලට එලඹීමක් වගෙ දෙයක් කියලත් කිව්වැහැකි......මෙන්න මෙහෙමයි ඒ නිගමන සහ ඒ සඳහා එළඹිමට හේතු වූ කරුණු කාරණා....

    මේ අම්මණ්ඩි පුරුස පක්සයට පුදුම ආදරයක් තියෙන්නෙ...මෙයයිට පිරිමි නැතුවම බෑ...ඒත් පෙන්නන්ට හදන්නෙ පිරිමි එක්ක පුදුම තරහක් තියෙන්නෙ...පිරිමි ඕනම නෑ මට...මට ඕනනං තනියෙං ඉන්නත් පුලුවං...බ්ලා, බ්ලා, බ්ලා...

    අර පිරිමින්ට තියන ආදරේ වැඩිකොමටමයි මුන්දැ ඔය කොයි වෙලෙත් රටේ නැති එව්ව කියල පිරිමිංට අපහාස කොරන්නෙ....

    දැං ඔය හිතෙ පිරිල තියන ආදරේ තමයි මේ කියන්නෙ...

    / ඔහු ඉතින් පොඩ්ඩිගේ කර වටේ අත දාලා පොඩ්ඩිව තුරුල් කරගත්තා. 'හරි සුවඳයි. ඔන්න උම්ම්ම්මා දෙනවා' ඔහු පොඩ්ඩිගේ ඔලුවට උම්ම්මා දුන්නා. පොඩ්ඩි හිනා උනා. /

    ඒ එක්කම මතක් වෙනව අඩේ මෙහෙම බෑ..මගෙ ලොකුකමත් ටිකක් පෙන්නන්ට ඕන කියල...:) :)

    මේ පෙන්නන්නෙ ඒ ටික...

    / පොඩ්ඩි නැමිලා, ගෙම්බා වගේ බිම වැටිලා ඉන්න ඔහු දිහා බැලුවා. /

    අන්තිමට මේ මගෙ හිතේ තියන ආසාවල් ගැනයි මේ කියන්නෙ කියන එක හංගන්නත් ඕන...මේ කියන්නෙ ඒ සංසිද්ධිය.

    / (පිදුම: ලඟදීම පති කුලයට යාම සඳහා ඇඟිලි ගනින චුට්ටිට) /

    ඔය තත්වෙ අසනීපයක්මත් නෙවෙයි...ඒත් විජහට බේතක් හේතක් නොගත්තොත් තත්වෙ දරුණු වෙන්ට බොහෝම ඉඩ කඩ තියනව...

    විභේදිත පෞරුෂත්වය ( Split Personality ) කියන්නෙ මේ තත්වය දරුණු උනාම...

    කියවල ඇතිනෙ Dr. Jekyll And Mr. Hyde කතාව...සිංහලෙං දවල් මිගෙල් රෑ දනියෙල් කියන්නෙත් ඕකටම තමයි,

    නොවරදින ප්‍රතිකාරයක් කියල තියෙන්නෙ එකෝම එකයි...හෙහ්, හෙහ්, කියන්ට ඕන නෑනෙ ..හිතාගන්ට පුලුවනි නේද?.

    ReplyDelete
    Replies
    1. පන්ඩිතයන්ට ඒදන්ඩේ යන්ටත් බෑ කියනවනේ නේද? :D

      ඔච්චර විශ්ලේෂණය කරන්ට දෙයක් නෑ. පොඩ්ඩි ඉතින් පිරිමින්ට හරි ආදරෙයි. පිරිමින්ට විතරක් නෙමේ. ගෑනු අයටත්, ලමයින්ටත් ආදරේ. ඔයාව නම් ෂර්ලොක් ගොය්යා අහලකින්වත් තියන්ට බෑ. බොරුනේ කියලා තියෙන්නේ.

      / ඔහු ඉතින් පොඩ්ඩිගේ කර වටේ අත දාලා පොඩ්ඩිව තුරුල් කරගත්තා. 'හරි සුවඳයි. ඔන්න උම්ම්ම්මා දෙනවා' ඔහු පොඩ්ඩිගේ ඔලුවට උම්ම්මා දුන්නා. පොඩ්ඩි හිනා උනා. /

      ඉතින් මේක ස්වභාවික දෙයක්නේ.
      / පොඩ්ඩි නැමිලා, ගෙම්බා වගේ බිම වැටිලා ඉන්න ඔහු දිහා බැලුවා. /
      මේක ලොකුකමට කියපු දෙයක් වෙන්නේ කොහොමද? ඇඳ පොඩී කියලා කලින්ම කියලා තිබුනන්නේ.

      / (පිදුම: ලඟදීම පති කුලයට යාම සඳහා ඇඟිලි ගනින චුට්ටිට) /
      චුට්ටිගේ වෙඩිම ලඟයි. ඕනේ නම් ඉන්විටේෂන් එකක් එවන්නම්.

      එක පාරක් පොඩ්ඩි දීග ගියොත් වලව්ව පැත්තේ ආය එන්නේ නෑ කියලා අඬලා යනවා. සමහර වෙලාවට මඩ ගහනවා. මේ හැසිරීමට කියන නම මොකක්ද?
      විභේදිත පෞරුෂත්වය ( Split Personality ) ආන්න හරි...:D:D:D
      ඔය ගොඩාක් කියවන අයට හැදෙන ලෙඩක්ලු ඒක....

      Delete
  24. ඔය නිනදට යද්දි හිතේ තියාගෙන යන දේවල් තමයි ඉතින් හීනෙන් පේන්නේ.. :)

    එකහාමාරේ ඇද ඉතින් දෙන්නෙක්ට ඇති වෙයියැ..

    හැබැයි මට මතක් උනේ ලගදි ෆේස් බුක් එකේ ගිය ෆොටො එකක්.. ඒකේ තිබුනේ ටයිටැනික් කතාවේ රෝස් මුහුදු වතුරේ පාවෙමින් ඉන්න ලෑල්ල.. ඒකේ ඉඩ නැති නිසානේ ජැක් මැරුනේ.. ඒත් කට්ටියක් ඒ සමානම ලෑල්ලක දෙන්නෙක්ට හොදට ඉන්න පුළුවන් කියලා විවිධ ඉරියවු වලින් පෙන්නලා තිබුනා..

    එකහමාරේ ඇදටත් ඒ සංකල්පයම තමයි දන්න වෙන්නේ.. බිම නොවැටී ඉන්න නම්.. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉතින් කලිනුත් කියලා තියනවනේ. ඔය බාග ඇඳන්වල නිදලා එයාට පුරුදු නෑ. ගෙනියන කෙනෙක් ඔක්කොමට කලින් ලොකු ඇඳක් හදලා ඉන්න එකයි.:)

      ෆේස් බුක් එකේ ඒ කතාව මම දැක්කේ නෑ.

      Delete
  25. මේ කියන චුට්ටිට මගෙන් සුබ පැතුම්!

    කුමාරිහාමි ඔය කියන කුලයට යන්නේ කවද්ද එතකොට?

    ReplyDelete
    Replies
    1. තාම හරියට දන්නේ නෑ හිරණ්‍ය. :D

      Delete
  26. හම්මේ මගෙ හිත ගත සීතල වෙලා ගියා..කන්දෙක කීන් ගෑවා....බැලින්නම් මේක ඇත්තක් නෙවේ..පොඩ්ඩි බැඳල නැහැ...බුදු සරණයි ගෙඹි කුමාරයෝ...! :D:D:D

    ReplyDelete
    Replies
    1. දැන් ඔය කීං ගාන ඒවා ගෑවේ ගෙඹි කුමාරයා ගැන දුක හිතිලද? :D:D:D

      Delete
  27. අඩේ ඔන්න මේ විස්ලේසනේකට ගෙහුං හිට අර කෙල්ලට සුබ පතන්ඩත් බැරි උනා නෙව....සමා වෙන්ට හොඳේ..

    මේ අර හිමාලයෙ එහෙමත් ගිය Cutti මද? නැත්නං වෙන එක්කෙනෙක්ද?

    කවුරු හරි කමක් නෑ..ඔන්න මගේ සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. මේ ඒ කුට්ටිම තමා. අර එකතු කරනවයි කීවෙ ලණු, ගෝනි, ක්ලෝරෆෝම් එහෙම වෙන්ටෑ?

      ඒ කොහොම වෙතත් ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

      Delete
  28. මේක හරියට කොමඩි ටෙලි නාට්‍යයක තිර රචනයක් වගේ. සිද්ධි ජවනිකා මැවෙන්නම ලියල තියෙනවා.
    "අම්මා පොඩ්ඩි අතට මලක් දැම්ම වතුර වීදුරුවක් දුන්නා. පොඩ්ඩි ඒක බීගෙන, බීගෙන ගියා. වෙලාවට. වතුර තිබහේ හිටියේ. වටා පිටාවේ හිටපු උදවිය මූනෙන්, මූන බලාගත්තා."

    මට මේ කොටස මැවෙනවා හිතේ.
    "අතින් වතුර ගන්න ලිඳක් පහල තියනවා...' ඉතින් ගල්, මුල් පෙරලගෙන, ඔහුගේ අතේ එල්ලීගන පොඩ්ඩි ලිඳට ගියා."

    මේ ටික කියවනකොට රෝහන බැද්දගේ මහත්තයාගෙ මගෙ රත්තරං හෙලේනා ගීය මතක් වෙනවා . මොනව ළුුනත් පොඩ්ඩිගේ භාෂා භාවිතය සහ භාෂාව හැසිරවීමත් නිර්මාණාත්මක සිතුවිලිත් මසුරං වටිනවා.

    ReplyDelete
    Replies
    1. දයානන්දට ගොඩක් ස්තූතියි. පොඩ්ඩි මේ කල්පනා කරන්නේ මගේ අරමුණු සමහර අයට විතරක් මෙච්චර හොඳට තේරෙන්නේ කොහොමද කියලයි. සමහරවිට සාහිත්‍යය ගැන දන්නා හන්දද? රස විඳීමේ වෙනසක් නිසාද? මේ වගේ කමෙන්ට් එකක් දැක්කාම හිතේ සතුටක් දැනෙනවා.:D

      Delete
  29. හි හි...මම හිතුවා තව තව දේවලුත් ලියයි කියලා...:)) හරිම ලස්සනයි කතාව. මට මැවිලා පෙනුනා...

    ReplyDelete
    Replies
    1. ලියන්ට නම් ආසයි. මවා ගැනීමේ ප්‍රශ්නයක් තමා තියෙන්නේ. ඉතින් ඇස් වහලා අලියාගේ ඇහැ තිබ්බා වගේ තියෙයිද දන්නේ නෑ ඒවා ලියන්ට ගියොත්.:D

      Delete
  30. දැන් හීන දැක්කා ඇතීතීතීතීතී

    ReplyDelete
    Replies
    1. ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..........:)

      Delete
  31. ලගදිම ඩබල් ඇදකට යන්න වේවි ,නැත්නම් 2න්නාගෙන් එක්කෙනෙක් කොන්ද කඩා ගන්නවා සුවර්

    ReplyDelete
    Replies
    1. තාම හීනයක් විතරනේ. එක්කොත් යන තැනකට පොඩ්ඩිගේ ඇඳ ගෙනියනවා. :D

      Delete
  32. කියන්න තියෙන ඔක්කෝම කස්ටිය දැනටමත් කියලා තියෙන නිසා මං කට වහගෙනම ඉන්නං... :D

    Wishing all the best for your new life Chutti..!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි නැහැනේ මොනා හරි කියලම යන්න :)

      Delete
    2. @බූරා,

      මෙන්න කියන්ට දෙයක් නැති කට වහගන ඉන්න කෙනෙක්. ජීවිතේට බූරා කට වහගන ඉන්නවා දැක්කාමයි.:D

      @නීතා,

      නේද නීතා? :)))

      Delete
  33. හැමදාම ඇදෙං වැටෙන්ට ගියොත් ඔය මගුල වැඩිකල් කන්නෙ නැහැ හීනෙන්වත්

    ReplyDelete
    Replies
    1. මඟුලත් කඩං වැටෙයිද? :D:D:D

      Delete
  34. ලස්සනට ලියලා තියනවො.එහේම කියලා මම යනවො. මගේ කට හොද නැතො

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මොනවා හරි කියලමයි යන්ට තිබුනේ.

      //මගේ කට හොද නැතො//

      ඔයා ඔහොම කීවට අපි හරියට දන්නෙත් නෑනේ. කොහොමද ඉතින් පිලිගන්නේ....:)))

      Delete
  35. පොඩිකුමාරිහාමි: ඔයා හිතන්නෙ මගෙ කොන්ඩෙ කිතුල රෑනක් වගෙ ලස්සනයි කියලද?
    ගෙඹි නිලමේ: හ්ම්ම්හ්..
    පොඩිකුමාරිහාමි: ඔයා හිතන්නෙ මගෙ තොල් නා දලු වගේ කියලද?
    ගෙඹි නිලමේ: හ්ම්ම්හ්..
    පොඩිකුමාරිහාමි: ඔයා හිතන්නෙ මග් දත් මුතු කැට වගෙයි කියලද?
    ගෙඹි නිලමේ: හ්ම්ම්හ්..
    පොඩිකුමාරිහාමි: ඔයා හිතන්නෙ මගෙ ඇස් මිණි කැට වගෙ කියලද?
    ගෙඹි නිලමේ: හ්ම්ම්හ්..
    පොඩිකුමාරිහාමි: ඔයා හිතන්නෙ මගෙ හම විල්ලුද වගෙයි කියලද?
    ගෙඹි නිලමේ: හ්ම්ම්හ්..
    පොඩිකුමාරිහාමි: කොච්චර ලස්සන දේවල්ද ඔයා කියන්නෙ. ඔයා නම් නියම පෙම්වතෙක්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගෙඹි නිලමේ:: ඔයාගේ කොන්ඩේ කිතුල් රෑනක් වගේ
      පොඩිකුමාරිහාමි:: මොකක්ද කිතුල් රෑනක් කියන්නේ.
      නි: පෙන්වයි.
      පො. හපොයි ඒකේ කැත
      නි: ඔයාගේ තොල් නාදලු වගේ.
      පො: මොනවද නාදලු
      නි: පෙන්වයි.
      පො: මේ ගහේ දල්ල වගේද? බලන්ටකෝ ඒක මඩ පාටයි. මම ආසම නැති පාටක්.
      නි: ඔයාගේ දත් මුතු කැට වගේ
      පො: මොනවද අනේ මේ කියන්නේ? මුතු කැට දත්වලට තිබ්බොත් මම කෑම ටිකක්වත් කන්නේ කොහොමද?
      නි: ඔයාගේ ඇස් මිණිකැට වගේ
      පො: හපොයි ඒ කියන්නේ මගේ ඇස්, අඳුරේ දිලිසෙන, කිසිම හැඟීමක් නැති ඒවා කියන එකද ?
      නි: ඔයාගේ හම විල්ලූද වගේ.
      පො: ඒ කියන්නේ මගේ හම රෙද්දක් වගේ කියලද?
      ඔයා නම් නියම පෙම්වතෙක් නෙමෙයි. :(

      Delete
    2. මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් ගැන කාටහරි සාරාංශයක් ඕන නම් ඔය උඩ තියෙන පොඩ්ඩිගේ කොමෙන්ට් එක කොපි කරලා තියාගන්ට .........................

      Delete
  36. මම හිතුව මෙයා වැඩේට සෙට් වෙලා කියලා..

    ‍බුකියේ එන්ගේජ් කියල තිබ්බ නොවැ.. බයත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. ‍//බුකියේ එන්ගේජ් කියල තිබ්බ නොවැ.. බයත් හිතුනා..//
      ඇයි ඉතින් ඔයාට බය හිතුනේ? :)))

      Delete
  37. සිහින සැබැ වේවා..! හරිම ලස්සනයි කතාව :)

    ReplyDelete
    Replies
    1. ෆාතිමාට ගොඩාක් ස්තූතියි ආවටත්, කතාව රස වින්දටත්.:)

      Delete
  38. අනේ දෙයියනේ මෙහෙමත් හීන...:D

    චුට්ටිට සුභ මංගලම් කීවා...

    ReplyDelete
    Replies
    1. ඇයි බය හිතෙනවද? :D

      Delete
  39. චුට්ටිට මගේ සුබ පැතුම්....................!

    චුට්ටිගෙ මනමාල මහත්තැන්ට දෙයියන්ගෙ පිහිටයි ..........!:D

    හීන බලන කෙනාට ඔය තැනයි පරිසරෙයි වෙනස් උනාට එකම හීනේ නෙව පේන්නෙ...:P

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. පොඩ්ඩි කොච්චර නම් තැන් මාරු කරලා බලන්ට ඇත්ද? ඒත් ඔය වගේ හීනේමනේ පේන්නේ...:D

      Delete
  40. ම්ම් වෙඩිං නේද...
    සුද්දො ගියා ඒත් සමහර සුද්දගෙ නැටි කෑලි මෙහෙ ඉතිරි වෙලා..
    ඉස්සර මගුලක් කියන්නෙ පස්ට සිම්පල් දෙයක්..ඒත් අද ඒක කැමරා ශිල්පීන් සහ වැඩිහිටියන් විසින් අධ්‍යක්ෂණය කරන නාට්ටියක්..
    අර පීඩනයට පත්වුන මනාල කපල් එක දහ දුකක් විඳිනවා..එහෙං යාලුවො..අනික් පැත්තෙං නෑයො..
    තව ඉතිං මනාලියන්ට අන්දන කේක් ලස්සන කරන අය..සහ තව ඕගනයිසර්ස්ල...
    මට නං වෙඩිං වලට වඩා දාහෙං සම්පතයි රෑ පානෙ යන එක..
    ඒත් ගෑනු ලමයි කැමති නෑනෙ..එහෙම ගිහිං පොටෝසොප් වලිං ඇල්බම් හදනවට..සිහ්..

    ReplyDelete
    Replies
    1. //මට නං වෙඩිං වලට වඩා දාහෙං සම්පතයි රෑ පානෙ යන එක..//

      ඉතිං දැන් කල්පනාව හඳ පානේ යන්ටද?
      පව් අර ගෑනු ළමයා...:D

      Delete
  41. මෙහෙම දකින එව්ව හීන විතරක් වුණොත් හොඳා ගොයියො... නැත්තං මෙහෙම හැමදාම පයිං ගහල මනුස්සය ඇඳෙං බිමට දැම්මොත් නං ඕං පවුල් කාල හමාරයි!!

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්කම පැදුරෙ දොය්ය ගත්ත නම් හරි. වැටෙන්න තැනකුත් නැහැනෙ.

      Delete
    2. පැදුරෙන් වැටෙන්න තැනක් නෑ නේන්නං. බිංදුවටම වැටුනට පස්සෙනේ පැදුරට වැටුනා කියන්නෙ...හෙහ් හේ.... ඉස්පිරිං මෙට්ටෙක තියෙන ලොකුම වාසිය තමා 1-2 අනුපාතය. අපේ කැපවීම 1 ක් නම් මෙට්ටෙන් දෙකක් ලැබෙනවා...හෙහ් හේ.....

      Delete
    3. විභව ශක්තිය-----> චාලක ශක්තිය-----> XXXXX ශක්තිය -----> ජෛව ශක්තිය (දස මසකට පසු )... :P

      බුද්ධියො උඹත් එහෙනම් දන්නවා වෙනස.

      Delete
    4. ඒකනෙ මමත් කිව්වෙ

      Delete
    5. එක කතිරෙකට එක අකුර ගානේ දාලා දන්න වචන සේරම මතක් කොලා ම්හ්..... එතෙන්ට කැපෙන වචනයක් එන්නෙම නෑ කියහංකෝ.....!

      Delete
    6. @බුද්ධි,

      මම ඔය X තුනක් ගහන්න ගිහින් ,වැඩියෙන් වැදිලා බන්... හෙහ් හෙහ් හෙහ්..

      අර රවියා කීව වගේ විශ්ලේෂනාත්මකව බැලුවොත්, ඇඳ කියන භාන්ඩය පොඩ්ඩිගෙ විවාහ ජීවිත‍යට ගොඩක් critical වගේ.

      නිර්දේෂය:-
      පොඩ්ඩි පාවිච්චි කරන සියලු ඇඳවල් වල කකුල් 4ම කපා දැමීමට මෙයින් නිර්දේශ කරමි.

      Delete
    7. මම ඔය X තුනක් ගහන්න ගිහින් ,වැඩියෙන් වැදිලා බන්... හෙහ් හෙහ් හෙහ්..// සිකේ උඔ වගේ මිනිහෙක්!! මම හරි වචනයක් එන්නෙ නැති තැන වචන දෙකක් එක්කහු කොල්ලා අලුත් වචනත් හදලා දාලා බැලුවා..... අෆරාදේ මගේ කලාඥානේ....!

      Delete
    8. @බුද්ධි,

      ඒ වචන ටික මට එවහන්කො...

      Delete
    9. සභාවේ සිනා .

      Delete
    10. දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ 'මනමාලයෙක්' නෙමේ. 'මංගල යහන' නේද?:D:D:D

      (මෙහි අන්තර්ගත සමහර කමෙන්ට්ස් නම් තේරුනේ නැත.)

      Delete
    11. @ජනු,

      අනේ පොඩ්ඩි නම් පයින් ගැහුවේ නෑ අය්යෝ...:D:D:D

      එයා හීනෙන්වත් එහෙම කරන කෙනෙක් නෙමේ. අර ඇඳ නිසාමයි එහෙම උනේ. සම්පූර්න වැරැද්ද මනමාලයාගේ. හා නැද්ද? ඔය ඕනේ නැති කතා නොකියා, සද්ද නැතිව නිදාගත්තා නම් ඉවරනේ.:)))

      Delete
  42. ඕහ් චුට්ටියො ඔයත් එහෙනම් අමාරුවෙ වැටෙන්න නේද හදන්නේ :)

    මගෙනුත් " සුබ පැතුම් "

    ReplyDelete
    Replies
    1. චුට්ටි නම් අනිවාර්යෙන් අමාරුවේ වැටෙන්නේ නෑ. :D

      Delete
  43. අපොයි පැණි හඳෙන් බැහැල මහගෙදරට යනවා කියන්නේ ඉතින් .....හැබැයි මනුස්සයෝ ඉන්න තැනක් නම් අවුලක් නැහැ . මටත් ඔය නැන්දම්මට වඳිද්දී හරි වැඩක් වුනා . අර ඔලුවේ ගහල තිබ්බ හඳ බිමට වැටුනනේ . කවුද ඒක අහුලලා දුන්න .

    ReplyDelete
    Replies
    1. බින්දුමතී අක්කා, ගෙදෙට්ට යද්දිම හඳ වට්ටගත්ත ද? අනේ සංසාරේ.....!

      Delete
    2. ඔව් අප්පා මාලම කීයක්ද . එව්වා පැටලුම අරින්නයි ..හය්යෝ . ඒ මදිවට අනික් පැත්තේ නැයෝයි..මෙයයිගේ අම්ම තාත්ත දෙන්නගෙම කන්තෝරු වල අයයි. එච්චරක් නම් බැරිය . නෑනා පොඩියගේ යාළුවො ටිකත් ඇවිත් . හැම එකාම බලන් ඉන්නේ මනමාලි දිහානේ . හැබැයි හවස 5 විතර වෙද්දී සේරම එහාමෙහා වෙලා ගෙදර අය විතරයි . ඊට පස්සේ බොහොම සාමානයයි. මගුලෙන් පස්සේ නෑයෝ බලන්න යන එක ගැන ඊ ළඟ හීනෙන් පෙනෙයිද දන්නේ නැහැ පොඩිට.

      මෙයා බඳින දාට අපි හැමෝම සල්ලි දාල ලොකු ඇඳක් හදවමු . අනේ අසරණ ගෙඹි කුමාරයා කොන්ද කඩා ගන්න කලින්

      Delete
    3. අන්න.. හොඳ අදහස, අර ටවර් හෝල් එකේ ස්ටේජ් එක සයිස් එකක් හදමු.. දෙන්නත් එක්ක පෙරලි ඉන්නෙ නැතැයි..
      ඕන නම් වටේට කණු දාලා ලණුත් අදිමු .

      WWF Ring එක වගේ තියෙයි ..හෙහ් හෙහ් හෙහ්

      Delete
    4. @බින්දි,

      මොකක්ද අනේ ඔලුවේ ගහලා තිබුනු හඳ?

      //මගුලෙන් පස්සේ නෑයෝ බලන්න යන එක ගැන ඊ ළඟ හීනෙන් පෙනෙයිද දන්නේ නැහැ පොඩිට.//

      මෙන්න මෙයා මට හොඳ අදහසක් දුන්නා.:)))

      //මෙයා බඳින දාට අපි හැමෝම සල්ලි දාල ලොකු ඇඳක් හදවමු . අනේ අසරණ ගෙඹි කුමාරයා කොන්ද කඩා ගන්න කලින්//

      හා හා අරං දෙන්ටකෝ ඇඳක්. හිතාගෙන හිටියේ පොඩ්ඩි නිදන ඇඳ ගෙනියන්ටයි. ඒත් ඉතින් ඇඳවල් තිබුනා කියලා වැඩිවෙන්නේ නෑනේ. හිතුනු, හිතුනු තැන නිදාගත්ත හැකි.:D

      Delete
    5. අර ටවර් හෝල් එකේ ස්ටේජ් එක සයිස් එකක් හදමු..//

      ඇත්තටම තරු මම උඔගේ අදහසට ගරු කරනවා. ඒත් ටවර් හෝල් එකේ ස්ටේජ් එකට උඔ වැරදිලා හරි නැගලා තියේනං දන්නවා ඇති එකට අඩිය තියද්දි "ඤර, ඤර" ගාලා සද්දක් එනවා. ඉතින් ඒ විදිහෙ ඇඳක් හැදුවොතින් කුමාරිහාමිලාගෙ මානසික මෙව්වා එකට ඒක කරදරයක් වෙන්ඩ තියෙන ඉඩ වැඩියි.

      අනික් අතට ටවර් හෝල් ස්ටේජ් එක වගේ නෙමේ එයිට වඩා ලොකු සුගතදාස ක්‍රීඩාංගනේ වගේ ඇඳක් හැදුවත්, අන්තිමේ ඒ දෙන්නා කිට්ටුවට එන්ඩම එපැයි. කුමාරිහාමිගේ හීනෙත් ඒකමනේ. ඉතින් හින හැබෑ වෙන සංතෝසෙට කුමාරිහාමි හැරිලා "ගිස්බන්ගේ සුදු වෙළඹ ව‍ගේ" පයින් පාරක් ඇන්න හැටියේ, ඒක පිළිගන්න රාළහාමිගේ භාව කම්පනය එහෙම්පිටින් ම ඉවර වෙලා යනවා.

      ඒ හින්දා මං යෝජනා කරනවා ටවර් හෝල් සයිස් මෙට්ටයක් සෑදීම පලරහිත දෙයක් ය කියලා. ස්තුතියි!

      Delete
    6. කොහොම හරි ඇඳක් නොදී ගැලවෙන්ට ක්‍රමයක් හදාගත්තා නේද? :D

      Delete
    7. බුද්ධි,

      මම ඒ යෝජනාව ඉස්තිර කරනවා!

      Delete
    8. මුහුදු, තරු වෙනුවෙන් මුහුදු ඒ යොජනාව ස්ථිර කරන්න නොබිවය පෙරට ඒම ගැන මගේ බලවත් මෙව්වා එක. :D

      Delete
  44. හරිම භයානකයි නේ. මගේ ඇඟත් හිරි වැටුන මේක කියවල!!

    ReplyDelete
    Replies
    1. හපොයි එච්චර බයවෙන දේවල් තිබුනද? :D

      Delete
  45. පොඩ්ඩි අක්කගේ අපිටත් මැවිලා පේන තරම් ලස්සනට ලියපු ලස්සන හීනේ ගැන කියෙව්වහම මගේ හිතේ ඔන්න කතාන්දරයක් ඇඳෙන්න ගත්තා. ඉස්සර කාලේ බැඳපු ජෝඩුවක් ගැන. අර කරත්තෙන් මනමාලිව කැන්දන් එන කාලේ. ඉතිං ඕක මේ ඊයෙ ඉඳං ලියනවා, තාම ඉවරයක් නෑ. ඉතිං ඕක ඉවර වෙලාම කියන්ට හිටියොත් මට චුට්ටිට සුභ පතාගන්නත් බැරි වෙයි කියලා හිතුණ හන්දා ඕං ආවා.

    චුට්ටිටත්, චුට්ටාටත් ජය සිරි මංගලම්! වාසනාවන්ත සුභ අනාගතයක් වේවා!

    යුවති පති ලෙසින් නව මඟක පා නගන්නට
    පතමි සුභ පැතුම් පොදි අසිරි මල් පිපෙන්නට
    එක්ව අතිනත් බැඳන් වැට කඩුළු බිඳින්නට
    ලැබේවා සුභ හෙටක් සිනාවෙන් පිරෙන්නට

    ReplyDelete
    Replies
    1. @සිත්තමී,

      සිත්තමීගෙ කවිය ඇත්තටම මඟුල් ගෙදරක නව යුවලකට ආසිරි පතන්න නියමයි.
      ඔන්න මම කොපි කරගත්තා , හොඳ තනුවක් දැම්මම ආයෙ නියමෙට තියෙයි.

      Delete
    2. @සිත්තමී,

      සිත්තමීගේ කතාව කියවන්ට පුදුම ආසාවකින් ඉන්නේ.:D

      චුට්ටිට ලීව කවි ටික මාර ලස්සනයි. අර තරු අය්යා කියලා තියනවා වගේ, නව යුවලකට ආසිරි පතන්ට නියමයි.

      Delete
    3. @ තරු අයියා

      ගොඩාක් ඉස්තූතියි තරු අයියේ.

      @ පොඩ්ඩි අක්කා

      ඔන්න බලං හිටපු එක මං දැන් පල්ලෙහයින් පබිලිස් කොරන්ටයි හදන්නේ.

      Delete
  46. අනේ මට චුට්ටිට සුභ පතන්න බැරි උනානේ, පොකූගෙ මේ කතා බලනකොට කරන්න ඉන්න සමහර ඒවත් අමතක වෙනවා :)

    චුට්ටිගේ නව දිවියට මගෙනුත් *උණුසුම් සුභ පැතුම්*

    ReplyDelete
    Replies
    1. //පොකූගෙ මේ කතා බලනකොට කරන්න ඉන්න සමහර ඒවත් අමතක වෙනවා :)//

      :D:D:D

      Delete
  47. පොඩ්ඩිගෙ හීනෙ ඇතුලේ අද කාලේ ගෑන්ළමයින්ගේ හීන එක මිටියට තියෙනවා.
    -ඇටෑච් බාත්රූම
    -අලුත්ම පන්නයේ ගෙයක්
    -නවීන ගෘහ භාණ්ඩ
    -හොද මහා මාර්ග ආසන්නයෙ නිවසක් වීම
    -ලස්සන ඇල්බමයක්
    -ලස්සන ඇදුම්

    හරි පුදුමයි හනිමුන් යන්න වෙන රටක් හිතුවෙ නැති එක.සමහර විට ඒ ඔයා ඉන්නෙම ලංකාවෙන් පිට නිසා වෙන්න ඇති.ලංකාවේ ගැනු ළමෙක් දැක්ක නම් ,අනිවා හනිමුන් එක රටපිට.

    මේ හැමදේම අන්තිමට තමයි “ ආදරය “

    නියමයි පොඩ්ඩි.......... නියමෙට ලියල තියෙනවා.

    ඔයා දැන් එන්න එන්න ලස්සනට ලියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි වත්.

      ඔයා කොච්චර ලස්සනට කමෙන්ට් කරනවද කියලා ඔයා දන්නේවත් නැතුව ඇති. අර මහ වෙදනා කියලා තියනවා වගේ ඔයා තමයි අපට ඉන්න දක්ෂම බ්ලොග්කාරිය. ඒක සම්පූර්ණ ඇත්ත.

      අනෙක් කාටවත් නොපෙනුනු පැත්තක් ඔයාට පෙනිලනේ. ගෑනු ලමයින්ගේ හිත්වල ඒ දේවල් ඇති කියලා ලියනකොට මගේ හිතට අදහසක් ආවේ නෑ. යාලුවෙක්ගේ අත්දැකීමක් තමා කතාවට එකතු කලේ. එහි ගැබ්වෙලා ඇති රසවත්කමත්, උපහාසයත් තමයි මම දැක්කේ.

      පිටරටට වඩා කොච්චර ලස්සන තැන් අපේ රටේ තියනවද කියලා ඒ ගෑනු ලමයි දන්නේ නැතුව ඇති.:(

      Delete
  48. හනෙ අප්පේ පන බයේ බැලුවෙ... දැන්නන් බඩත් රිදෙනවා....
    එල කතාව ඈ...

    ReplyDelete
    Replies
    1. ඇයි ලඟදි බඳින්ට හිතාගෙන ඉන්නවද? එහෙනං ඉතිං බඩ ටිකක් රිදුනට කමක් නෑ. :D

      Delete
  49. වළ ගොඩැලි ගහන ගුරු පාරේ ගැස්සෙමින් පැද්දෙමින් ඇදී යන ගැල් පෙරහැරකි. මල් ලියකමින් සැරසුණු දෙවන ගැල තුළ වූයේ අළුත විවාපත් වූ මනාල යුවලයි. පෙරමුණේ වූ ගැල තුල මනාලයාගේ මව් පියන්ද, පසුපසින් වූ සෙසු ගැල් තුළ මනාලයාගේ බාල සොයුරා ඇතුළු ඥාතීන් පිරිසද, මනාලියගේ මව්පියන් විසින් ලබාදෙන ලද දායාදයන්ද විය.

    මනාලියගේ දෑස් යොමුව තිබුණේ උකුල මත වූ තම දෑත් වෙතය. සැබැවින්ම කිවහොත් වම'තේ පැලැඳ හුන් රන් මුදුව වෙතය. දෙපෝයකට පෙර සිය බාල සොයුරියන් හා වෙල් ඉපනැල්ලේ ඇවිද ගොස් කටත් මුහුණත් දම් පැහැ ගැන්වෙන තුරු දැං බෝවිටියා රස බලා වැහි මන්දාරමේ නිවෙසට දුව ආ මොහොතේ අත්තම්මාගෙන් ලැබූ තරවටුව ඇයට සිහිපත් විය. "අනේ අනිච්චං, දීගෙක යන්ඩ ඉන්න ලමිස්සියෙක් නේද මේ?" ඇය අන්දමන්දව බැලුවේ සිය මව දෙසය. "දරුවො, අනිද්දා දිහාට කාණ්ඩයක් එනවා, ඔය නැටිල්ල පැත්තක තියලා අර කපු ඔසරිය හෙම අරං මැදලා කරලා ලෑස්ති වෙලා හිටියනං..." මව කීවේ එපමණකි. එළැඹුණු දිනට පසුදා ඔවුහු පැමිණියහ. බුලත් හෙප්පුව දෝතින් දරා ඔහු අභියසට ගිය ඇය හෙමිහිට දෑස් පියන් ඔසවා බැලුවාය. එදින ඈ ඔහු දෙස බැලූ පළමු සහ අවසාන වතාව එය විය. ඇගේ සිත තුළ සිටි සිහින කුමරාගේ රුව ඔහු අසළකවත් නොවීය. ගෙවී ගිය දින සති පුරා ඈ බලා සිටියේ වැඩිහිටියන් ඇගෙන් කැමැත්ත අකැමැත්ත විමසන තුරුය. ඇගේ අකැමැත්ත ප්‍රකාශ කිරීමටය. එහෙත්...

    දෙතුන් වරක් හඬගෑ මවගේ ඇමතුම ඇසී ඇය මව සොයා යන විට ඈ සිටියේ බරැ'ති සාරියක් ඇඳ මත අතුරා එහි හැඩ බලමිනි. දොර රෙද්ද අතරින් එබුණු ඈ දුටු මව හිස වනා ඈ ලඟට කැඳවූවාය. "මේක හොඳද බලන්න දූ."

    "මොකද්ද අම්මා මේ?"

    "මගේ මගුල් සාරිය. ඇයි මතක නැද්ද, අර සාලෙ පින්තූරෙ තියෙන්නෙ..."

    "ඔව්මයි, මට අඳුනගන්න බැරි උනා..." ඇයද ඇඳ අසල බිම දණගසාගෙන එහි රේන්ද සැරසිලි මතින් අතැ'ඟිලි ගෙන ගියාය.

    "ඔයාටත් මේක ලස්සනට තියෙයි." මව ඈ දෙස බලා කීවේ ආදරයෙනි.

    "මට?" ඇගේ දෑස් විසල් විය.

    "ඔව්... දැං ඔයාගෙ කසාදෙටත් ලෑස්ති වෙන්න එපැයි..."

    "මං කාවද බඳින්නේ?"

    "ඇයි අර එදා මෙහෙ ආවෙ ඒ උදවිය?"

    ඇගේ මුහුණ හැකිළුනි. "අනේ අම්මා... මම ඒ මනුස්සයට කැමති නෑ..."

    "ඒ මොකද? මොකද්ද ඒ ළමයගෙ අඩුපාඩුව? කච්චේරියෙ වැඩ කරන්නේ, දැන උගත් කමයි, හැදිච්ච කමයි අඩුවක් නෑ ඒ ළමයගෙ. කේන්දරත් හොඳ හැටි පෑහෙනවා... ලබන මාසෙට නැකත් බලලත් ඉවරයි ළමයෝ..."

    "අනේ, මගෙං අහන්නෙත් නැතුව?"

    "වැදගත් පවුල් වල හැදිච්ච ගෑණු ළමයි අම්මා අප්පච්චිගෙ කීමට පිටිං යන්නෙ නෑ... ඇරත් ඔයා ඒ ගැන වචනයක්වත් කිව්වෙ නැති නිසා අපි කොහොමත් හිතුවෙ අකමැත්තක් නැතුව ඇති කියලා..."

    තමා ඒ ගැන වචනයක්වත් නොකීවේ තමාගේ හැදිච්ච කම නිසාම නොවේද? වැඩිහිටියන් අසන තෙක්ම තමා ඒ ගැන කියන්නට බලා සිටියේ වැදගත් පවුලක සිරිත එයයැයි තමා සිතූ නිසා නොවේද. තමා ඔහුව දුටුවේද එකම එක් දිනක් පමණි... ඇයට හැඬුම් එන්නට විය.

    "හ්ම්, හ්ම්, ඔය මදෑ. පවුලෙ ලොකුම ගෑණු දරුවා වෙච්චි, නංගිලාටා ආදුරුසයක් වෙන්ඩ එපැයි..." කතාව නිමා කළ මව ඇයව මංගල සාරිය සමග තනි කොට කාමරයෙන් පිටව ගියාය.

    ReplyDelete
  50. පසු දින ඇගේ වැඩිහිටියන් ඔහුගේ ගම් රටවල් බලා ගියේ කරත්තයක් පුරවා බඩු පටවාගෙනය. ඇගේ වැඩිමහළු නැගණියන් දෙදෙනාද ඒ සමග ගිය අතර ඇය බාල නැගණිය හා නිවසේ තනි විය. බලාගත් අත බලා සිටිනා අක්කණ්ඩිය තම සෙල්ලම් වලට ඈඳා ගැනීමට ගත් කිසිඳු උත්සාහයක් සාර්ථක නොවූ තැන තනිවම දොඩමින් සෙල්ලම් කරන්නට වූ නැගණිය දෙස බලා හිඳිද්දී ඇගේ දෑසට යළිත් කඳුළු ගලා එන්නට විය. නිවසේ උදවිය යළි පැමිණියේ බොහෝ රෑ බෝ වීය. කිසිවෙකුත් ඈ හා ගමන් විස්තරය කියන්නට පෙළඹුනේ නැති අතර, ඒ පිළිබඳව විමසා සිටින්නට ඈ තුළද උවමනාවක් නොවීය. නැගණියන් දෙදෙනා හෝ තමා හා යමක් පවසාවියැයි ඈ තුළ සුළු බලාපොරොත්තුවක් වුවද ඔවුන්ද ඈ මග හැර තමන්ගේම කතාවක නිරත වූහ. 'ඒ දෙන්නත් එයාට කැමති නැතුව ඇති... මට ඒ වගේ තැනකට යන්න වෙනවට ඒ දෙන්නටත් දුක ඇති...' ඇය තනිවම කල්පනා කළාය. ඉතිරි දින කිහිපය ඈ ගෙවා දැමුවේ දංගෙඩියට නියම වූ සිරකාරියක ලෙසිනි.

    කරත්ත රෝදය ගලක් මතින් ඇදී ගියෙන් ගැස්සුණු ඇය යළි පියවි ලෝකයට ආවාය. තමා වෙතටම යොමු වී ඇති දෙනෙතක රශ්මිය වැදීමෙන් තම දකුණු පස කම්මුල රත් පැහැ ගැන්වීගෙන එන බව ඇයට දැනුණි. ඇය යටැසින් එම මුහුණ දෙස බැලුවාය. එතෙක් වේලා කරත්තය පැද්දෙන තාලයට නැලැවෙන ඇගේ දකුණු කනේ පැලැඳි රන් තෝඩුව වෙත යොමු වී තිබූ ඔහුගේ දෑසද ඒ මොහොතේ ඈ වෙත යොමු විය. ඔහු පෑ හෘදයාංගම සිනහවෙන් ලැජ්ජාවට පත් ඇය යළිත් බිම බලාගත්තාය. එදින උදෑසන පෝරුව අසළදී එම මුහුණ ඈ දුටුවේ දෙවන වතාවටය. රැකියාවෙන් පමණක් නොව පෙනුමෙන්ද සාම්ප්‍රදායික ලිපිකරුවෙකුම වන් වූ ඔහුගෙන් දිස් වූයේ බැරෑරුම් වැඩිහිටියෙකුගේ තලත්තෑනි ස්වභාවයකි. මුල් දිනයේ හරි හැටි දැක බලාගන්නට නොහැකි වූ ඔහුගේ මුහුණ දෙස ඇය වඩාත් උවමනාවෙන් බැලුවාය. තමා සිතූ තරම් වරදක් එහි නැත. සැබැවින්ම, ජාතික ඇඳුම හැඳ සිටි ඔහු වෙතින් මුල් දින නොදුටු අපූර්වත්වයක් දිස් විය. උත්සවය නිමා වන තෙක් කාලය පියාඹා ගියේ ඇයටත් නොදැනීමය. සිය පවුලේ උදවියගෙන් සමුගන්නා මොහොතේ, ඈ කිසි දිනෙක නො එලඹේවායි පැතූ මොහොතේ, තම හදවත පැලී යනු ඇතැයි ඇයට සිතුණි. අම්මාගේත්, අප්පච්චිගේත් දෙපා නැමැද හැඬූ කඳුලින් යුතුව ඔවුන්ගේ ආශිර්වාදය ලබාගෙන නිමවූ සැණින් ඈ වෙත දිව විත් සිරුරේ එල්ලුනු නැගැණියන් තිදෙනාගෙන් ඈ සමුගත්තේ මහත් අපහසුවෙනි. වැළඳගැනීම්, සිපගැනීම්, රහස් කෙඳිරිලි, අවවාද, නෝක්කාඩු සියල්ලම නිම වී තමා නැගණියන්ගෙන් සමු ගෙන පැමිණෙන තෙක් ඉවසීමෙන් පසෙකට වී බලා සිටි ඔහුද ඔවුන් තිදෙනාගේ හිස් අතගා යමක් පවසනු ඈ කඳුළු අතරින් බලා සිටියාය.

    "දැං අහක බලාගෙන හිටියට මොකද, පෝරුව උඩදිනං මයෙ දිහා කන්න වගේ බලං හිටියෙ..." කන ලඟින්ම ඇසුණු එම වදන් පෙළින් ඇය තිගැස්සී ගියාය. අනතුරුව විළියෙන් රතු වූ මුහුණින් යුතුව ඉදිරිය බැලුවේ ගැල පදවන්නාටද ඔහුගේ වදන් ඇසුණේදැයි දැන ගැනීමටය. එහෙත් ඔහු කිසිවක් නෑසුණ ලෙසින් සිය කටයුත්තේ නිරත වෙයි. ඇය නැවතත් ඔහු දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූවේ කවට සිනහවකි. තමා සැබැවින්ම ඔහු කී අයුරින් හැසිරුණේද? වස ලැජ්ජාවකි. එසේම මේ ඔහු තමා අමතා කළ පළමු ප්‍රකාශය බවද ඇයට සිහිපත් විය. දිනය පුරාම ඔහුගේ කටහඬ ඇසුණද, ඒ තමනට සුභ පතන්නට ආ නෑදෑ හිතමිතුරන් හා කතාබස් කිරීමේදී පමණක් විය. තමන් අමතා කළ මුල්ම ප්‍රකාශය මෙවන් සරදමක් වීමෙන් ඇය මඳක් උරණ වූවාය. ඒ සමගම කරත්ත රෝදය තරමක් විශාල වලක වැටී ගොඩ ආවේය. ඈ නොවැටී සිටියේ ඉතා අපහසුවෙනි.

    "පාර හොඳටම සවුත්තු වෙලා නේද මාමේ?" ඔහු ගැල පදවන්නාගෙන් එසේ අසමින් ඈ සිටි අසුනට මාරු වූවේය.

    "ගන්ඩ දෙයක් නෑ පුංචි මහත්තයෝ, සේරෝම හේදිලා - " ගැල් කරුවාට කතාව අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත. පිටුපස ගැල දෙසින් ඇදී ආවේ මහා සිනා හඬකි. "පොඩ්ඩක් ඉවසං ඉන්ඩෝ - තව ටික දුරා...යි..." ගැල් කරුවාද පිටුපස හැරී බලා සිනාසෙමින්ම යළිත් ඉදිරියට හැරුණේය.

    ඇගේ මුහුණ යළිත් විළියෙන් බර විය. "යන්ඩ අතනට..." ඇය බිම බලාගෙනම ඇසෙන නෑසෙන හඬින් කීවාය.

    "ඇයි? ආයෙ වැටෙන්ඩ ගියොත් මං අල්ලගන්නං."

    "අර පිටිපස්සෙ කට්ටිය කෑ ගහනවා..."

    "ඒ ගොල්ලො කෑගැහුවට මොකද? උන්ට ඔළුවෙ අමාරුව..."

    "යන්ඩ අතනට..." ඇය යළිත් ඉල්ලා සිටියාය.

    දෙතොල් තද කර පියාගත් ඔහු සිය පුරුදු අසුන වෙත ගියේය. යළිත් පිටුපස ගැල වෙතින් මහා සිනාහඬක් ඇසුණි. "අයියෙ මොකෝ??? එළෙව්වදෝ???"

    ReplyDelete
  51. ඔහු ඔරවාගත් මුහුණින්ම කරත්තය පිටුපස අව් වැසි ආවරණයට සවි කොට ඇති පැලැල්ල ඇද දැමුවේය. පසු පස ගැල වෙතින් කෑ කොස්සන් සිනා හඬත් හූ හඬත් නැගී එන්නට විය. ඇයට ඔහු පිළිබඳව දුක සිතුණි. ඔහු තමාගේ විවාහක සැමියා නොවේද. තමා අසළින් හිඳ යෑමට ඔහුට සෑම අයිතියක්ම ඇත. සිය නෑදෑ හිතවතුන්ගේ කොළොප්පම් ඔහුට ඉවසිය හැකිනම් තමා ඒ පිළිබඳව කලබල වූයේ ඇයි. ඇයට තමා පිළිබඳවම කෝපයක් පහළ විය. ඇය සෙමින් ඔහු දෙස බැලුවාය. "තරහද?" ඔහු ඈ දෙස වරක් බලා කට කොණකට සිනාවක් නගා නැවත ඉවත බලාගත්තේය. ඔහු තමා පිළිබඳව කළකිරී ඇත. මෙලෙසින් ඔහුගේ නිවසට යා නොහැක. ඔහුගේ මව්පියන් කුමක් නොසිතාවිද. ඇගේ හදවත බියෙන් තැතිගෙන ගැහෙන්නට විය. එම තැතිගැන්මත් සමගම ඇය ඔහු හිඳ සිටි අසුනට මාරු වූවාය. ඔහු පුදුම වී ඈ දෙස බැලුවේය. "තරහා ගන්න එපා." ඇය බිම බලාගෙනම මිමිණුවාය. එහෙත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. සිනහවකින් එළිය වැටී තිබූ ඔහුගේ පිටුපස පැලැල්ලේ හිඩැස් අතරින් දිස් වූ ආකාශය වෙත යොමු වී තිබුණි. එම සිනහව ඇගේ සිත සැනසෙන්නට ප්‍රමාණවත් විය.

    මඳ වේලාවකින් හොඳින් හරි බරි ගැසී ඈ දෙසට හැරුණු ඔහු අසුනේ ඇන්ද මතින් සිය සුරත තබාගත්තේය. "ඉතිං... මට කියන්න ඔයා ගැන..." ඔහු ඉල්ලා සිටියේය.

    "මොනවද මං ගැන කියන්නෙ?" සබකෝලය මඳින් මඳ පළවා හරිමින් සිටි ඇය පෙරට වඩා කුළුපග ලීලාවකින් කතා කළාය.

    "හැම දෙයක්ම..."

    "ම්...." ඇය මඳක් කල්පනා කළාය. "හරි එහෙනං... මගේ නම සෙව්වන්දි. මගෙ වයස විසි එකයි. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. මගේ ගම - "
    එම තොරතුරු සියල්ලක්ම ඒ වන විටත් දැන සිටියද ඔහු ඇයට බාධා නොකර අසා සිටියේය. එම කතා බහ බොහෝ දුර ඇදී ගියේය. ගැල ගැස්සී යන වරක් පාසා ඔවුන්ගේ උරහිස් එකිනෙක ස්පර්ශ වූ අතර නැවතත් ගැල් රෝදය වළක වැටුණු මොහොතක අසුනේ ඇන්ද මත වූ ඔහුගේ සුරත ඇගේ උරහිස වටා තදින් වෙළී ගියේ ආරක්ෂාකාරී හැඟීමකින් යුතුවය. සැබැවින්ම එම ශක්තිමත් සුරතෙන් ඇයට සුරක්ෂිත බවක් දැනුණි. තමා ආගන්තුක නිවෙස තුල හුදෙකලාව අසරණ වනු ඇතැයි එතෙක් ඈ තුළ පැවැති බිය කෙමෙන් කෙමෙන් දුරු වන්නට විය. ගමනාන්තයට ලඟා වන තෙක් ඔහුගේ සුරත ඇගේ උර මතම රැඳී තිබුණි.

    නතර කළ ඔවුන්ගේ ගැල පසු කොට වත්ත තුළට ඇතුල් වන සෙසු ගැල් වෙතින් නැවතත් සමච්චල් සිනා හඬ ඇදී ආවේය. නව යුවළට ගැලෙන් බැසීමට අවසර ලැබුණේ මනාලයාගේ මව පිච්ච මල් සහිත වතුර වීදුරුවක් සමග ආලින්දයේ සූදානම් වූවාට පසුවය. රතිඤ්ඤා හඬ කන් බිහිරි කරවමින් දසත පැතිරෙද්දී කරත්තයෙන් බට ඔහු ඇයටද ඉන් බැසීම සඳහා සහය වූවේය. එය තම නිවෙස මෙන්ම පැරණි, තරමක් විශාල නිවහනක් බව ඇය දුටුවාය. සිනාමුසු මුහුණින් පෙර මග බලා සිටි ඔහුගේ මව දුටු ඇගේ නෙතට කඳුලක් උනා ආවේ ඇගේ මව සිහිපත් වීමෙනි. මේ වන විට ඔවුන් තමා නැති පාළුවෙන් කල් ගෙවනවා විය යුතුය. පොල් තෙල් පහන දල්වා, කිරිබත් කැපීමෙන් අනතුරුව කෙළින්ම රාත්‍රී ආහාර ගැනීමට සිදු වූයේ හිරු බැස ගොස් ඒ වන විටත් හෝරා තුනක් පමණ ගතව ගොස් තිබූ නිසාවෙනි.

    "එළියෙ සංගීත මඩුවක්ද?" ආහාර ගන්නා අතරවාරයේදී ඇය ඔහුගෙන් විමසා සිටියේ මිදුලේ වූ මණ්ඩපය තුලින් ඇසෙන්නට වූ බෙර නාද හා ඒ වටා එක් රොක් වෙමින් සිටි අමුත්තන් පිරිස නිසාය.

    "හ්ම්... අපේ ගමේ මඟුලක් උනහම ඔහොම තමයි..." ඔහු පිළිතුරු දුන්නේය.

    "එහෙනං අද නිදාගන්න වෙන්නෙත් නෑ," ඇය කීවේ මහත් වෙහෙසකාරී බවකිනි. උදෑසන සිට බරැති ආභරණ වලින් සැරසී හිඳීමට සිදු වීමද, දීර්ඝ වූ ගැල් ගමනද නිසා ඇය හෙම්බත්ව සිටියාය.

    "අද කොහොමත් නිදාගන්ට වෙන්නෙ නෑ තමා!" ඔහු ඇඟට පතට නොදැනී දුන් පිළිතුරෙන් රතුව ගිය මුහුණ පිඟාන වෙතම යොමාගත් ඇය ඉන් අනතුරුව නිහඬවම සිටියාය.

    ReplyDelete
  52. ආහාර ගෙන අවසන්ව ඔවුන් දෙදෙනා හිඳ සිටි තැනට පැමිණි ඔහුගේ මව මනමාලියගේ හිස අතගාමින් තම පුතු අමතා කතා කළාය. "ලොකු පුතේ, මේ දරුවට මහන්සිත් ඇති. උදේ ඉඳංම මෙහෙමනේ. උඩට එක්කං ගියානං. ඇඟපත හෝදගෙන, ඇඳුම් හෙම මාරු කරගෙන ආයෙ ඕනනම් එන්න බැරියෑ පහළට."

    "අපි උඩට යන්න කියලා තමයි හිත හිත හිටියේ අම්මේ. මෙයාට විතරක් නෙවෙයි, අච්චර දුර කරත්තෙ ඇවිත් මටත් මහන්සියි." ඔහු පිළිතුරු දුන්නේය.

    මවගෙන්ද, සංගීත මණ්ඩපයේ ගීතයක් ඇරඹීමට සූදානම්ව සිටි අප්පච්චීගෙන්ද සමුගෙන ඔවුහු මිදුලේ සාදයට රැස්ව සිටි හිතවතුන්ගෙන් අපහසුවෙන් ගැලවී උඩු මහළ වෙත ගියෝය.

    ඔහුගේ තුදුස් හැවිරිදි බාල මලණුවන් කාමරයට එබෙන විට එතුල සිටියේ ඈ පමණි. තෙත කොණ්ඩය පිසදමමින් සිටි ඇය ඔහු දැක සිනහවක් පෑවාය. "ආ මේ ඉන්නේ... අපි අහරෙ හැමතැනම හොයනවා... කෝ මනමාල මහත්තයා?" ඔහු කාමරය තුළට පිවිසෙමින් ඇසුවේය.

    "අයියා පල්ලෙහාට ගියා මල්ලි නාගෙන එන්න..."

    "එහෙනං ඔයා යං සිදුවක් කියන්න..."

    "අනේ බෑ මල්ලි, මහන්සියි..."

    "මේ, ඔන්න මං අක්කට රහසක් කියන්න අක්කා මොනවද මට දෙන්නෙ?"

    "මොකද්ද රහස?"

    "අපෙ අයියා ගැන..."

    "අයියා ගැන?" ඇය පුදුමයෙන් යළිත් ඇසුවාය.

    "ඔව්... ඉතිං කියන්න මට මොනවද දෙන්නෙ?"

    ඇය කණ්ණාඩි මේසය මත වූ සිය වළල්ලක් රැගෙන ඔහු වෙත පෑවාය.

    "ඒයියා, මට මොකටද ගෑණු ළමයි දාන වළලු. කමක් නෑ, මේ මුල්ම වතාව හන්දා මං අක්කට නොමිලේම රහස දෙන්නංකෝ. ඔන්න ආයෙනම් බෑ හරිද?"

    "හරි ඉතිං මොකද්ද රහස?"

    "අපේ අයියා තේ බොන්න හරිම ආසයි. හැබැයි සීනි නැතුව තමයි බොන්නෙ."

    "ඇත්තමද?"

    "ඇත්තමයි!" පොඩි එකා පැවසුවේ අවංක මුහුණකිනි.

    ඇය නිහඬව කල්පනාවක ගැලුණාය. "ආ, ඔහෙ හිටපිය! උඹ අහු වෙනකං තමයි මං හිටියෙ!" එක් වරම ඇසුණු කටහඬින් ඇගේ කල්පනාව බිඳ වැටුණි. හැරී බැලූ ඇය දුටුවේ වැඩිමහල් සොයුරාගේ අතට හසු වූ සිය කන බේරාගැනීමට ඇඹරෙන මලණුවන්ය. "මොනවද අර කරත්තෙ එන ගමං කිය කිය කෑ ගැහැව්වෙ? කොහෙන්ද ඕවා ඉගෙනගත්තෙ?"

    "බණ්ඩාර අයියලානෙ කෑ ගැහැව්වෙ.. මං මොකවත් කිව්වැයි?" පොඩි එකාගේ මුහුණ බෙරි වී ඇත.

    "ඔය මල්ලිට යන්න අරින්නකෝ, පව්නේ..." ඇගේ බසින් ඔහු සොයුරාගේ කන අතහැරියේය.

    "අක්කා විතරයි හොඳ.. අපරාදෙ මට - "

    "දුවන්නයි කිව්වෙ මෙතනිං මගෙං ගුටි නොකා!!!" මිමිණීම නැවැත්වූ පොඩි එකා එසැණින් අතුරුදහන් විය.

    දොර වසා දමා සිනාසෙමින් පැමිණි ඔහු අතේ වූ උණු වතුර බඳුන මේසය මතින් තැබුවේය. "මොනවද මිනිහා කියන්නෙ?"

    "මුකුත් නෑ." ඇය ඔහු මේසය මතින් තැබූ උණු වතුර බඳුන දෙස බැලුවාය. "අරකෙ මොනවද?"

    "අම්මා දුන්නා උණු වතුර, තේ බොන්න ඕනනං කියලා."

    ඇයට ඔහු පුදුම කරවන්නට අවස්ථාව ලැබී ඇත. "මං තේකක් හදන්නද?"

    "නිකං තේකක් තිබ්බනං හොඳයි. ඔය මේසෙ උඩම ඇති තේකොළ එහෙම." ඔහු නැගිට සඳළුතලය වෙත ඇරුණු කවුළුව වෙත ගියේය. ඈත කඳු පෙළ මතින් නැගී ආ සඳ නිල් අහස එළිය කරමින් බැබළෙමින් ඇත. ඇය විගසින් තේ කෝප්පයක් සාදා ඔහු වෙත ගෙන ආවාය. ඇයට සිනහවක් පා කෝප්පය අතට ගත් ඔහු ඉන් උගුරක් පානය කළේය. එසැනින් ඔහුගේ මුහුණ වෙනස් විය. ඇගේ මුහුණද වෙනස් විය. "ඇයි?" ඇය ඇසුවාය. හිස වනා සිනාසුණු ඔහු කෝප්පය ඔසවා අඩිය දෙස බැලුවේය. "ඇයි රස නැද්ද?" ඇය දෑස් විසල් කරගෙන ඇසුවාය.

    "නැහ්, ඔයා බොන් නැද්ද?"

    "මං මේ වෙලාවට තේ බොන් නෑ."

    "හ්ම්," ඔහු කට පිච්චෙන අතරම තේක බීගෙන බීගෙන ගියේය. "කවුද කිව්වෙ මං සීනි බොන්නෙ නෑ කියලා, මල්ලිද?" ඔහු හිස් කෝප්පය ඈ අතට දෙන ගමන් ඇසුවේය.

    "ඔව්," ඇය මඳ අස්වැසිල්ලක් ලබමින් පිළිතුරු දුන්නාය.

    "මං දැනගත්තා."

    ReplyDelete
  53. කෝප්පය සෝදා තබා ඇය යළිත් ඔහු අසළට ආවාය. පහළ මිදුලේ සංගීත සාජ්ජය ජයටම කෙරීගෙන යන හඬ ඇසුණි. "ඔයාට මහන්සිද?" ඔහු ඇසුවේය. ඇය විඩාබර සිනහවක් පෑවාය. "එන්ඩකො, යං එළියට." ඔහු සඳළුතලයට යොමුව තිබූ දොර විවර කරගෙන පිටතට ගියේය. ඇයද ඔහු පසුපසින් එහි ගියාය. කඳු තලය පිටුපසින් දිස් වන පුර පෝය හඳ මනස්කාන්ත දර්ශනයක් විය. පහළින් පෙනුන වෙලද සඳ එළියෙන් නැහැවී ගොස් තිබූ අතර ඉන් ඔබ්බෙහි වූ පන්සලේ දාගැබ කිරි සුදු පැහැයෙන් බැබළෙන අපූරුව ඇගේ සිත වසඟ කළේය.

    "හඳ හරිම ලස්සනයි නේද?" ඇගේ මුහුණේ ඉරියව් පිරික්සමින් සිටි ඔහු ඇසුවේය.

    "ඔව්, පෝයනෙ."

    "ගිය පෝය දවසෙත් මං ඔයාව දැක්කා..." ඔහු රහසක් හෙළි කළේය.

    "ඒ කොහෙදිද?" ඇය පුදුම වී ඇසුවාය.

    "මං ඔයාව බලන්න ආවා.. ඔයගොල්ලන්ගෙ ගමේ...."

    "බොරු..." ඇය අවිශ්වාසයෙන් යුතුව කීවාය.

    "ඇත්ත. පන්සලට වෙලා මං බලං හිටියා ඔයා එනකල්."

    "ඉතිං කතා නොකළේ?"

    "ඒක හොරෙන් ආව ගමනක්නේ. ඉතිං කොහෙ කතා කරන්නද?"

    "ඉතිං ඇයි එහෙම ආවෙ?"

    "නිකං..." ඔහු මඳක් නිහඬව සිටියේය. අනතුරුව සත්‍යය හෙළි කළේය. "එදා ඔයගොල්ලන්ගෙ ගෙදර කට්ටිය එන දවසෙ මං හිතං හිටියේ ඔයත් එයි කියලා. පස්සෙයි දැනගත්තේ සිරිතෙ හැටියට මනමාලි එහෙම එන්නෙ නෑ කියලා. ඒත් මට ඔයාව දකින්නම ඕන උනා, ඒ නිසා පෝය දවසෙ පන්සලට ආවා."

    ඇය විස්මයෙන් දෑස් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියාය. "එතකොට එදා රෑ කොහෙද හිටියෙ?"

    "පන්සලේ." ඔහු සිනාසී පිළිතුරු දුන්නේය.

    ඇය කුමක් සිතන්නටදැයි නොදැන සුසුමක් හෙලුවාය. "ඉතිං ගෙදරට එන්න තිබ්බනේ? ඒ වෙද්දි මේ ඔක්කොම තීන්දු වෙලානෙ තිබ්බේ."

    "ගෙදර ඇවිත් ඔයාගෙ ආඩම්බර බලන්න!" ඔහු සමච්චල් හඬින් කීවේය. "මුල් දවසෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ තියෙන ආඩම්බර කමට!" ඇය පසුතැවිලි සහගත මුහුණින් බිම බලා සිටියාය. "ඔන්න ඔයාට ඇත්තම කියන්න මට මේ මගුල එපා කියලා මං හිටියේ එදා ඔයාගෙ නංගිලා දෙන්නා එක්ක කතා කරනකල්." ඔහු තවත් රහසක් හෙළි කළේය.

    ඇය වහා හිස එසවූවාය. "නංගිලා දෙන්නා??? මොනවද ඒගොල්ලො කිව්වේ?"

    ඔහු හඬ නගා සිනාසුණේය. "ඇයි මොකද, හිතං හිටියේ ඔත්තුකාරයෝ හම්බුනේ ඔයාට විතරයි කියලද?"

    "මට කිව්වෙවත් නෑනේ එ දෙන්නා ඔහොම කතාවක්."

    "ආ, ඒවට මං පගාව දීලා තියෙන්නෙ."

    "මොනවද ඒ ගොල්ලො කිව්වෙ?"

    "කිව්වා... ම්...... අක්කට ගස් නගින්න පුළුවං කිව්වා..." ඇය දෑතින්ම ඇරුණු මුව වසාගත්තාය. "තව... කැලේ ඇවිද ඇවිද ඉන්න ආසයි කිව්වා... පොතක් අතට ගත්තොත් වෙන වැඩක් ගැන සිහියක් නෑ කිව්වා... වැස්සෙ තෙමෙන්න, මඩේ නටන්න ආසයි කිව්වා........ තව....." ඇගේ මුහුණ දුටු ඔහු නැවතත් සිනාසුණේය. "මොකද බොරුද?"

    "ඉතිං ඕවා අහලද එපා වෙලා හිටපු මඟුල ඕනෙ උනේ?"

    "නැත්තං???" ඔහු යළිත් සිනාසුණේය.

    පොතකින් හෝ මෙතෙක් කල් හමු වී නොතිබූ මෙම අරුම පුදුම සැමියා පිළිබඳව ඇය පුදුමයෙන් කල්පනා කරමින් "මං අල්ලගන්නංකො දෙන්නව ගෙදර ගියාම!" යැයි ඇය මිමිණුවාය.

    ReplyDelete
  54. සිනාසුණු ඔහු කතාව වෙනස් කළේය. "ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා, යමුද?"

    "කොහෙද?"

    "වෙලෙන් එගොඩහ."

    "හෙට යං."

    "දැං තමයි ලස්සන, හඳ පායපු වෙලාවට."

    "ඉතිං කොහොමද දැං යන්නෙ, රෑ වෙලානේ?"

    "හඳ එළිය ඇති ඔය ටික යන්න."

    "පල්ලෙහා සෙනග බලයි අපි මේ රෑ කොහෙ යනවද කියලා."

    "ඉතිං කවුද ඉස්සරහෙන් යන්නෙ. මෙතනින් පැනලා යමු." ඔහු සඳළුතලය අසළ වූ විසල් කොස් ගස පෙන්නුවේය.

    "ගහ දිගේ?"

    "ඔව්. ගහ දිගේ බිමට බැහැලා තාප්පෙට නැගලා පනිමු." මේ කතා කරන්නේ තමා හා විවාහ වූ, බැරෑරුම් වැඩිහිටි බවකින් යුතු කච්චේරියේ ලියන මහත්මයාමදැයි ඇයට මොහොතකට සැකයක් ඇති විය. "මොකද කියන්නේ? යංද?" ඔහු නැවතත් ඇසුවේය.

    "මේ පැත්තට කවුරුවත් ආවොත්?"

    "කවුරු එන්නද? ඔක්කොමල්ලා ඉස්සරහා මිදුලෙ. මේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නෙ නෑ." ඔහු සඳළු තලයේ කෙලවරට ගොස් පා වහන් යුවල ගලවා බිමට දමා කොස් ගසට ගොඩ විය. "මගෙ පස්සෙන් එන්න."

    ඇයද ඔහු අනුගමනය කරමින් පැලැඳ සිටි සෙරෙප්පු කුට්ටම බිමට දමා ප්‍රවේශමෙන් අත්තකට ගොඩ විය. එවන් ක්‍රියා සැබැවින්ම ඇයට නොපුරුදු නොවීය. එහෙත් ඇයට අදහාගත නොහැකි වූවේ තම සැමියාද එවන් දෑ වලට අනුබල දීම පිළිබඳවය. කොස් ගසෙන් බිමට බැස තාප්පය වෙත දිව ගිය දෙදෙනා එහි උස සිතින් මැන බැලූහ. දෙදෙනාගේම පාවහන් තාප්පයෙන් පිටට විසි කළ ඔහු ඇයට තම දණහිස මත නැගී තාප්පය මත හිඳ අනිත් පැත්තට පනින ලෙස සන් කළේය. ඔහු පැවසූ ලෙසින් තාප්පයට නැගගත්තද ඇයට ඉන් බැස ගැනීම අසීරු විය. ඉක්මණින්ම තාප්පයට නැගී අනිත් පසට පැනගත් ඔහු ඇයට නොබියව පනින ලෙස කීවේය. මේ වන විට තම සැමියා කෙරෙහි පූර්ණ විශ්වාසය ගොඩනගාගෙන සිටි ඇය දෑස් වසාගෙන ඔහු වෙත පැන්නාය. තණබිස්සේ පෙරළී ගිය දෙදෙනා දණිපණි ගා නැගිට දුහුවිලි පිසදමාගෙන පාවහන් පැලඳ ගත්තෝය.

    "අළුත ගෙනා මනමාලි තාප්පෙ උඩ නැගලා ඉන්නවා කවුරුවත් දැක්කනං තමයි වැඩේ," ඇගේ අත රැගෙන වෙල් යාය දෙසට දිව යන අතරේ ඔහු කීවේය.

    "අනේ එහෙනං අපි ආපහු යං..." මඳක් පසුබෑ ඇය ඉල්ලා සිටියාය.

    "යං යං, මං නිකං කිව්වේ." ඔහු ඇගේ අතින් අල්ලාගෙනම නියර දිගේ ඇවිද ගියේය. සඳ රැසින් නැහැවුනු වෙල් යාය ඉතාම සුන්දරව දිස් විය.

    "ගොඩක් දුරද?"

    "අර පේන්නෙ වෙලෙන් එහා ලන්දක්. අන්න ඒක මැද්දෙ ලස්සන විලක් තියෙනවා. එතනට තමයි අපි යන්නෙ..."

    "අනේ මේ රෑ ඔය ලඳු අස්සෙ යන්න බෑ, සත්තුත් ඇති..." ඇය ආපසු අතින් ඇද්දාය.

    "බය වෙන්න එපා, මෙතන මං නිතර එන තැනක්."

    වෙලෙන් එගොඩ වූ ඔවුහු ලන්ද මැදින් වැටී තිබූ අඩිපාර ඔස්සේ පියමං කොට එළිමහනකට පිවිසියෝය. ඔවුන්ගේ දෑස අභියස වූයේ පූර්ණ චන්ද්‍රයාගේ ඡායාව වැටී, ලෙල දෙන දිය රැළි මත පිපුණු කුමුදු මලින් පිරී ගිය විලකි. ඒ අසළ වූ ගල් තලාව මත ඇයට හින්දවුනේ ඉබේමය.

    "අනේ අපේ ගමේ නෑනේ මෙච්චර ලස්සන තැනක්!" ඇය සිහිනෙන් දොඩවන්නියක සේ මිමිණුවාය.

    "හඳ පිරිච්ච පෝය දාට තමයි මෙතන මෙච්චර ලස්සන," ඔහුද ඈ අසළින් වාඩි වෙමින් කීවේය.

    "මං හරිම ආසයි මේ වගේ පරිසරයේ ලස්සන දකින්න." ඇය ඔහු දෙස ස්තූති පූර්වකව බලමින් කීවාය.

    "ඒකනෙ මං මේ රෑම එක්ක ආවේ."

    "ගෙදර හිටියනං අර සාජ්ජෙත් එක්ක කනක් ඇහිල්ලේ ඉන්ඩ නෑ."

    "ඔයා සංගීතෙට ආස නැද්ද?"

    "ආසයි. ඒත් අද මේ මහන්සි වෙලා ඉන්න අස්සේ එච්චර සද්දෙ තියෙන කොට හරි අමාරුයි."

    "ඒක හරි." ඔහු දෙපයින් දිය කැලැත්තුවේය.

    "එපා, මාළු නිදි ඇති."

    "ඔයාටත් හිතෙන ඒවා." ඔහු සිනාසුණේය.

    "මෙතන පුරුදු තැනක් කිව්වෙ - හැමතිස්සෙම එනවද?" මඳ නිහැඬියාවකට පසු ඇය ඇසුවාය.

    "හැම පෝයටම වගේ එනවා."

    "කා එක්කද?"

    "තනියම."

    "තනියම?"

    "ඔව්, ඇයි?"

    "ඒ ඇවිත් මොකද කරන්නේ?"

    "ඔහේ හඳ දිහා බලාගෙන ඉන්නවා. සමහර දවසට මෙතනම නින්ද යනවා."

    "ගෙදර අය බය වෙන් නැද්ද?"

    "මුලම වතාවෙනං බය වෙලා හැම තැනම හොයන්න ගිහිං තිබ්බා. එතකොට මං අපෙ මල්ලිගෙ වයසෙ විතර ඇති. රෑ තිස්සෙ මේ කැලෑව අස්සෙ හිටියෙ කිව්වහම අප්පච්චි මාව කෝටු මස් කළේ නැති ටික විතරයි."

    ReplyDelete
  55. විලේ එහා ඉවුරේ සිටි මැඬියෙක් 'ටොක්' හඬින් දියට පැන්නේය. රැළි නැගී බොඳ වී ගිය සඳේ ඡායාව යළිත් එක් වී දිය තලය නිසල විය. ඇය ඈනුමක් හැරියාය. "නිදි මතද?" ඔහු ඇසුවේය. අනතුරුව ඇගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොසිට ඇගේ හිස ගෙන සිය උරහිසේ සතපවාගත්තේය. ඇයද සිය හිමියන්ගේ උණුසුමේ ගැලී ඔහුගේ හදවතේ රිද්මයට කන් දුන්නාය. ඔහු සෙමින් ඇගේ හිස අතගාන්නට පටන් ගත්තේය. "අපි අද මෙතනද ඉන්නෙ?" ඇය නිදිබර හඬින් විමසුවාය.

    "කොහොමද හොඳ?"

    "මෙතන හොඳයි." ඇය මුහුණ මඳක් ඔසවා ඔහු දෙස බලා මඳ සිනහවක් පෑවාය.

    ඈ වෙතින් මඳකට මිදුණු ඔහු විලට බැස කුමුදු මල් කිහිපයක් නෙලාගෙන දිය බේරෙන දෑත දෙපයින් යුතුව යළි ගොඩට ආවේය.

    "ඔය මොකටද?" ඇය ඇසුවාය.

    "ඉන්ඩකො ඔහොම." ඔහු එකින් එක මල් රැගෙන ඇගේ හිසේ පැලැඳුවේය. අනතුරුව පොඩි එකෙකු මෙන් සිනාසුණේය. ඇගේ හදවත ජීවිතයේ මෙතෙක් කල් නොලැබූ මිහිරියාවකින් පිරී යන්නට විය. වෙහෙස පළවා හැරි ඇයද ඔහු හා සිනාසුණාය.

    "සෙව්වන්දි..." ඔහු මුල් වරට ඇගේ නමින් ඇමතුවේය. එම ඇමතුම තුළ ගැබ්ව තිබූ විස්තර කළ නොහැකි හැඟීම් සමුදාය එම මොහොතේ ඔහුගේ දෙනෙත තුළින්ද ඇය දුටුවාය. "මට ආදරෙයිද?"

    ඇය විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. තමා ඔහුට අකැමැත්තෙන් සිටි සැටිත්, උදෑසන පෝරුව අසළදී ඔහු වෙතින් දුටු වෙනසත්, ගමන මුළුල්ලේ ඔහු හා කළ කතාබහත්, කාටත් හොරෙන් ඔහු තමා දකින්නට පැමිණ පන්සලේ රාත්‍රිය ගෙවූ දිනයත් ඇගේ මනසට එකින් එක යළි ඇතුල් විය. ඇගේ කැමැත්තක් නොවිමසාම වැඩිහිටියන් විසින් තීන්දු කෙරුණ මෙම විවාහය පෝරුව මතදී අතැඟිලි බැඳ චාරිත්‍රානුකූලව තහවුරු වී ඇත, නීත්‍යානුකූලව සටහන් වී ඇත. ඒ සියල්ල සිදු වූයේ එකිනෙකා කෙරෙහි බැඳුණු ආදරයකින් තොරව නොවේද. ඔහු මෙතරම් ආදරණීය, ප්‍රේමණීය පුද්ගලයෙකුයැයි ඇය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. තම අවංක කුළුඳුල් ආදරය තම සැමියා වෙත මෙලෙසින් පුද කරන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්දැයි ඇයට සිතුණි. ඇගේ විසල්ව තිබූ දෑසට කඳුළු උනා ආවේය. "ආදරෙයි...." ඇය යළිත් තම වමතේ පැලැඳි මුදුව දෙස බලා සිහින් හඬින් කීවාය.

    ඔහු ඇගේ නළලත සිපගත්තේය. විල් ඉවුරේ වූ විසල් තුරු බඳ වටා එතී ගිය ලතා මඬුළු සඳ එළියේ හිනැහෙනු ඇය දුටුවාය. සඳුගේ තනියට මෙන් කුඩා තරුවක් ඈත අහසේ දිලිසුණි. රැහැයියන්ගේ හඬ පරදා ඇසෙන් මැඬියෙකුගේ නාදයටත්, මඳක් ඈතින් එයට ලැබුණු පිළිතුරු නාදයටත් ඇය කන් දී සිටියාය.

    "ගෙඹි ජෝඩුවක් කෑ ගහනවා, ඇහෙනවද?" ඔහු ඇගේ කනට කොඳුරා ඇසුවේය.

    "හ්ම්, මාත් අහගෙන හිටියෙ." ඇයද එම ස්වරයෙන්ම පිළිතුරු දුන්නාය.

    ඇගේ නළලතට සිය නළලත හේත්තු කරගත් ඔහු යළිත් එම හඬට කන් දී සිටියේය. "දන්නවද ඒ කියන්නෙ මොනවද කියලා?"

    "ම්හ්," ඇහ හිස සෙමින් සෙලවූවාය.

    "පිරිමි සතා අඬගහනවා ගෑණු සතාට."

    "ඒ ඇයි?" එසේ විමසුවද ඇය පිළිතුර දැන සිටියාය.

    ඒ බව දත් ඔහු ඇයට පිළිතුරක් නොදී ඇගේ කම්මුලකට දිගු ආදරණීය හාදුවක් දුන්නේය. මොහොතින් මොහොත ඇගේ සිත තුළට එතෙක් කිසිදා නොපිවිසි හැඟීම් සහ සිතුවිලි ගලා එන්නට විය. මෙය ආදරයද? නැතහොත් නුහුරු පරිසරයක ලබන මෙම නුහුරු අත්දැකීමේ කැටි වූ මිහිරියාවද? එසේත් නැතිනම් මංගල රාත්‍රියට මුහුණ දීමට පෙර යුවතියකගේ සිත තුළ ඇති වන කැළඹීමද? ඇයට වැටහීමක් තිබුණේ නැත. "සද්දෙ නැවතිලා." ඇය මඳ අස්වැසිල්ලක් ලබාගන්නා අටියෙන් කීවාය.

    "ඔව්," ඔහු ඇගේ මුහුණ තමා වෙත හරවාගත්තේය. "ඒ දෙන්නා හම්බ වෙන්න ඇති."

    සඳ වළාවකින් වැසී හාත්පස අඳුරේ ගිලී ගියේය.

    ---------------

    පොඩ්ඩි අක්කගේ ලස්සන හීනෙයි, යටින් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන කාරණාව ගැනයි කියෙව්වහම මෙන්න මෙහෙම කතාවක් තමයි මගේ හිතේ ඇඳුනේ. ඒ ඇඳුන සිත්තම එහෙමම අකුරු කළා. මුකුත් අඩු කරන්න ගියේ නෑ, ඒකයි පරක්කු උනේ. කාලෙකට පස්සේ මේ තරං දිගට කතන්දරයක් ලියාගත්තේ. ස්තූතියි පොඩ්ඩි අක්කේ.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ සුපිරිම සුපිරියි සිත්තමී..

      Delete
    2. සිත්තමි නංගියේ කොහොම මෙහෙම ලියනවද හැබෑට?
      පොඩ්ඩි, සිත්තමි, නීතා .. මේ හැමෝම අද ලස්සනට ලියල. අපිට මෙහෙම ලස්සන කතන්දර දුන්නු ඔයාල කට්ටියට ලොකූ ඌ ඌ උම්මා එකක් මෙන්න!!!

      - අමා

      Delete
    3. @ අමා,

      මොකක්ද බං 'ඌ ඌ උම්මා' එකක් කියන්නෙ..!? ඒ උම්මා එක දුන්නාම 'ඌවා' වෙනවද.?? :)

      Delete
    4. නෑ නෑ ... හැබෑට එහෙම ඌවා වෙන ඒවත් තියෙනවා හැබැයි. මේ ...නෑ එක්කෝ ඕනේ නෑ
      -අමා

      Delete
    5. එයාගෙ දැං අමුතුම වචන තියෙන්නෙ. "පිටි උරේ", "ඌ ඌ උම්මා" :)

      කොහොම උනත් , සිතිවිලිගෙයි, නීතාගෙයි කතා නං ලස්සනයි. කතා ඇතුලෙත් කතා, ඒකත් නරකම නෑ, බලාගෙන ගියාම :D

      Delete
    6. @ Buro Ayya

      මෙන්න අයියටත් එහෙනම් සුපිරිම සුපිරි ටැන්කිව් එකක්! :D :D :D

      @ අමා අක්කා

      /*කොහොම මෙහෙම ලියනවද හැබෑට?*/

      වෙන කොහොම ලියන්නද අනේ, ඔයා අර හේවායයි රජ කුමාරියි ගැන ලියන්නෙ, ආං ඒ විදිහටම තමයි ලියන්නේ. කොම්පියුටරේ ඉස්සරහා කට බලියාගෙන ඇඟිලි ගෙවෙනකල් ටයිප් කොරලා. :D :D :D

      ඉස්තූතියි අක්කේ. මෙන්න ඔයාටත් එව්වා එකක්.

      @ ටොමී

      තැන්ක් යූ ටොමියෝ :D

      Delete
    7. ටොමීටත් මගේ කතාව ලස්සනට පෙනුනා ඈ.... ස්තූතියි හොඳේ.. :D

      Delete
  56. සිත්තමී....ඔයාගේ කතාව නම් ඉතින් මට කියාගන්ට දෙයක් නෑ. මට ඕනේ ඔන්න ඔය වගේ මනමාලයෙක්. රෑ තිස්සේ තාප්ප උඩින් පනින, අර හඳ එළියේ පොකුණු ලඟට ගිහින් තුරුල් කරන් ඉන්න...අනේ ඒ වගේ අය හැබෑවටත් ඉන්නවද? :D

    ඔයා හරිම දක්ෂයෙක් වචන් කීපයක් ඇහුනු පමනින් මේ වගේ කතාවක්ම ලියන්ට.
    මගේ පෝස්ට් එකට වඩා ඔයාගේ කමෙන්ට් එක හරිම අගෙයි. ස්තූතියි සිත්තමී...

    ReplyDelete
  57. සිත්තමීගේ කමෙන්ට් එක දැක්කාම මගේ හිතට ආවේ මේ වගේ කතාවක්.

    විවාහ උත්සවයෙන් පසුව මධුසමය බලා පිටත්වෙන මිනෝලිට දෙමව්පියන්ගේ අවවාද
    උවමනාවටත් වඩා වැඩිදැයි සිතුනා. මහීන්ටත් ඒවගේම බව ඇයට පෙනුන නිසා
    දෙදෙනාටම මද සිනා පහල වුනේ නොදැනුවත්වමයි. මෙවන් ගැලපෙන යුවලක් හුඟ
    දවසකින් නොදුටුබව පවසනු ඇසුනු, මිනෝලිගේ හිතේ සිහින් ආඩම්බරයක්ද
    ඇතිඋනා.මවත් පියාත් දමායාම දුකක් උනත් මධු සමයේ මිහිරි සිහිනය පිලිබඳ
    අශාවක්, කුතුහලයක් වගේම පොඩි බියකුත් මිනෝලිට තිබුණා. තමා සමග මහීන්
    සිටින නිසා ඇය සිත සැහැල්ලු කරගත්තා.
    පලමුදිනයේදී ලඟ තිබෙන හෝටලයක නතරවෙන ලෙස දෙමව්පියන් කල ඉල්ලීම
    නිසා අගනුවරට නුදුරු මුහුදුවෙරළ ආසන්නයේ හෝටලයකට ඔවුන් රැගෙන ගිය කාරය
    ලඟාවුනා. මහීන්ගේ මිතුරන්ද තවත් වාහනයක් පැමිණෙන අතර ඔවුන්ද රාත්‍රියේදී
    මේ හෝටලයේම නතරවෙන බව ඔවුන්ගේ කතාවෙන් මිනෝලිට වැටහුනා.වායුසමීකරනය කරන
    කාමරයතුලට පැමිණි මිනෝලිට දැනුනේ සැහැල්ලුබවක්. පළමුවෙන් බාත් රූම් එකට
    ගිය මහීන් නාගෙන පැමිණෙනු දුටු මිනෝලිට සියුම් ලජ්ජාවක්ද දැනුනා. මොකදමේ.
    මහීන්ගේ ආදර බර වදන් හමුවේ මිනෝලිගේ දෙනෙතෙහි කඳුලක් නැගුනා. ගිහින් වොෂ්
    එකක දාල එන්නකෝ. මිනෝලිගේ හිස සිපගත් මහීන් ආදරෙන් පැවසුවා..ඔයා වොෂ්
    දාලා එනකන් මම පහලට ගිහින් එන්නම් , අපේ කෑම කාමරේටම ගේන්න කිව්ව
    මම. මිනෝලි හිසවනා එය අනුමතකලා. නැවත වතාවක් මිනෝලිගේ දෙකොපුල් සිපගත්
    මහීන් මම ඉක්මනින් එන්නම් කියා එලියට ගියා.

    උණුසුම් දියෙන් නාගත් මිනෝලී රෝස පැහැගත් රාත්‍රී ඇඳුම නිසා වඩාත් රූමත්ව පෙනුනා. සයනයේ හාන්සිවීසිටි ඇයට වෙහෙස නිසා දෙනෙත් පියවෙන්න යද්දීම දොරටතට්ටුකරන හඬට මහීන් ඇවිත් කියල හිතල දොර ලඟට දුවගෙන ගියා. මැඩම් කෑම ගෙනාවා වේටරුත් කොලුගැටයෙක්.නිදන ඇඳුමෙන් නිසා මිනෝලිට ලැජ්ජාහිතුනා.ඇතුලට ගේන්න. කෑම ට්‍රේක තියල වේටරුත් කාමරෙන් ගියා. දොර වහල මිනෝලි ආයෙම ඇඳේ බඩගින්නකුත් තියෙනව තනියම කන එකත් හරි නැහැනේ , තමාටම හිතාගෙන ඇඳේ ඉන්නකොට නින්ද ගියේ වෙහෙස නිසාමයි. අපහැදිලි ගොරෝසු හඬකින් මිනෝලි කියල දොරට තඩිබාන හඬකින් මිනෝලි ගැස්සිල ඇහැරුනා . බයෙන් බයෙන් දොරට ලංවෙද්දි ආයෙම මිනෝලි කියන හඬ මහීන්ගේ බව ඇයට තේරුනා.හදිසියේමඔරලෝසුව දැක්ක මිනෝලිට වෙලාව රාත්‍රී එකත් පහුවෙලා නේද කියල පුදුමත්
    හිතුනා. දොර විවර කල මිනෝලිට දෑස් අදහා ගන්නත් බැරිතරම් . රත්පැහැගත් දෙනෙතින් කෝපයට පත්වූ මහීන් මිනෝලිව ඇතුලට තල්ලු කරමින් මහ හඬින් දොර වැසුවා..

    මේ ඉන්නේ මහීන්මද කිය හිතෙන තරම් මිනෝලි පුදුම වුනා . එකපාරක් කතාකලාම
    දොර අරින්න බැරිද ? මිනෝලිගේ අත ඇඹෙරන තරම් තදින් අල්ලගෙන මහීන් ඇයව
    ඔහුවෙතට ඇදගත්තා. මහන්සියට වෙන්න ඇති නින්ද ගියා. වෙනදට ඔහු පෙන්නන ආදරේ
    ? නිකමටවත් බඩගිනි නැද්ද ,ඔයා කෑවද මොන ප්‍රශ්නයක්වත් නැහැ . ඔහු තමාව
    ඇදල ගත්ත වෙගෙට මිනෝලි ඇඳ උඩට වැටුනා. මධුසමය පිළිබඳව තිබූ හීන යාලුවන්ගේ
    විහිලුකතා කුණාටුවකට ගහගෙන ගිහින්වගේ. මහීන්ගේ ගොරහැඩි හැසීරීම,මත්පැන්වල ගඳ පිළිකුල් සහගත බව දරාගත නොහැකිතරම් . මිනෝලිගේ හැම හීනයක්මසුණුවිසුනු වුනා.ඔහුගේ හැසිරීම නිසා තමා වේදනාවට පත්වීම මහීන්ට විනෝදයක්වුනා. අවසානයේදී අඩසිහියෙන් වගේ ඔහු තමාගෙන් ඈත්වී මහ හඬින් ගොරවමින් නිදාගත්තා.සිරුරේ වේදනාව තරම්ම බලව සිත්වේදනාවකින් මිනෝලි හඬන්නට වුනේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව..

    ReplyDelete
  58. ඇගේ හිත ඒ ලස්සන අතීතය වෙත ඇදිලා ගියේ ඉබේටම

    ලඟදීම එලැඹෙන විවාහ උත්සවයට සූදානම්වෙන රූමත් මිනෝලිට හිතේ සතුට නිසා වෙහෙසක් දැනුනේ නැති තරම්. කම්පියුටර් පාඨමාලාවක් හැදෑරීම සඳහා සතිඅන්තයේ උසස් අධ්‍යාපන ආයතනයකට බැඳුනු ඇයට සම වයසේ අයටත් වඩා රැකියාවන්හි නිරතවන අය වැඩිබව පෙනුනා. පන්තියේ සිටි කඩවම් මෙන්ම දඟකාරම සිසුවාවන මහීන් හැම යුවතියකගේම අවධානය සොරා ගත්තා. ඔහු තමාට පෙම් කරන බව පැවසීම මුලදී තමා විශ්වාස නොකල බව මතක්වී මිනෝලිගේ මුවෙහි මදහසක් නැගුනා.ඔහුගේ දඟකාර බවට තමා ආදරය කල තරම්...
    මිනෝලි රැකියාවක නිරත නොවූවත් වත් පොහොසත්කමින් නොඅඩු පවුලක දියණියක් නිසා මහීන්ගේ ගෙදරින් සහ මිනෝලිගේ ගෙදරින්ද මේ සම්බන්ධයට අනුමැතිය ලැබුණා. දෙදෙනා මුණ්ගැසී හයමාසයක් වැනි කෙටි කාලයකදී විවාහයට සූදානම්වන ඔවුන් දෙදෙනා ගැන හැම දෙනාම සතුටට පත්වුනා.මිනෝලීගේ සිතුවේ ජීවිතය ඉතාමත් සුන්දර ආදරයෙන්පිරි තැනක් කියලයි. දෙමව්පියන්ගේ අවසරය ලැබූ නිසා දෙදෙනාම චිත්‍රපටි නැරඹීමට , විනෝද ගමන් යාමට මිනෝලි ගියේ හරිම සතුටින්. මහීන්ගේ සමහර යාලුවන් තමාගේ හිතට හිතවතුන් ලෙස පිලිගැනීමට අකමැති උනත් මිනෝලි ඔවුන් ගැන මහීන් සමග විවේචනය නොකලේ ඔහුගේ හිත රිදේවි යන බයටයි.එහෙත් ඔවුන් මේ තරම් නොදැමුණු අයබව මිනෝලි හීනෙන්වත් හිතුවේ නැහැ.

    විවාහ දිනයේ මිනෝලිගේ රූමත්බව තවත් කැපී පෙනුනා, මහීන්ගේ කඩවසම් පෙනුමත් ඒවගේමයි. දෙදෙනාම පවුලේ එකම දරුවා නිසා විවාහ උත්සවය වඩාත් උත්කර්ෂවත් ලෙස සංවිධානයකර තිබුණා.සැමගේ ආශීර්වාදයෙන් මධුසමය බලා පිටත්වු ඔවුන්ගේ තනියට මහීන්ගේ හිතවතුන් කීපදෙනකුද එක්වුයේ දෙමව්පියන්ගේ අනුදැනුමද ඇතිවයි. මිනෝලි මධුසමය බලා පිටත්වූයේ ඇයගේ ජීවිතයේ වටිනාම දිනය
    කඳුලක් වේයැයි සිහිනෙන්වත් නොසිතායි.කඳුලින් ආරම්භවන මේ විවාහ දිවිය කොතෙක් දුර ගෙනයා හැකිවේදැයි මිනෝලිට සිතාගත නොහැකිවුනා.....

    පෙම්ලොවදී දුටු ඔහුමදමේ
    ඔහුටද මා අන්ධවුනේ
    යෞවනයේ දුටු ඔහුමදමේ
    ඔහුටද මා අන්ධවුනේ........

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නෙ අනිත් එක්කෙනා.. එලස්!

      Delete
    2. හිහ්..... :))))

      Delete
  59. ගෑනු ලමයින්ට ලස්සන අදහස් පහල වෙනවා විවාහය, පති කුලය, මධු සමය වගේ දේවල් කීවා.
    අමුතුම අදහසක් නීතා. හරිම ලස්සනයි. දිගටම මේ වගේ ලියන්ට.:)

    සිත්තමීටත් පින් මේ වගේ අදහස් අනෙක් අයට දෙනවට.

    ReplyDelete
  60. @සිත්තමී,

    ඔයාගෙ කමෙන්ට් එක නම් එළ කිරි. ටික දවසක් පරක්කු වෙලා හරි කමක් නැහැ ඔය වගේ ලස්සන කමෙන්ට් එකක් අපි වෙනුවෙන් ලියපු එක ගැන. ඔයාගෙ කථාව අනුව හොඳ /නරක කියලා අපිට අපේ සහකරු හෝ සහකාරිය වර්ග කරන්න කාලයක් ආශ්‍රය කරන්න ඕනම නැහැ. හැබැයි මට හිතෙන්නෙ ඒ වගේ එකෙනෙකාට ගැළපෙන, එකිනෙකාට ගරු කරන දෙදෙනෙක් හමුවන්නෙ පෙර කල පින් බලය අනුව තමයි.

    @නීතා,

    ඔයාගෙ කමෙන්ට් එක අපේ ඇස් ඇරෙවුවා, වසර ගනනාවක් ඇසුරු කරත් හරි මූන දැක ගන්න නම් එක වහලක් ‍යට එක රැයක් ගත කල යුතුමයි.

    මිනෝලිට වැරදුනෙත්, සෙව්වන්දිට හරි ගියෙත් ඒ පෙර කල පවු පින් අනුව තමයි.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් පරක්කු වෙලා හරි කමක් නැහැ ඔය වගේ ලස්සන කමෙන්ට් එකක් අපි වෙනුවෙන් ලියපු එක ගැන "ගොඩාක් ස්තූතියි" කියලා ලියන්න අමතක වෙලානෙ.

      Delete
  61. @ පොඩ්ඩි අක්කා

    ස්තූතියි පොඩ්ඩි අක්කේ.

    ඔන්න ඔයාගෙ ලිපියත් එක්ක සංසන්දනය කරලානම් ඔයා මේ දාලා තියෙන්නෙ බොරුවක්, හොඳද අක්කේ. ඔයාගෙ ලස්සන පෝස්ට් එක නිසයි මෙහෙම දෙයක් හිතට ආවේ. අනිත් එක, ඔයා වගේ ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න පුළුවන් කමයි දක්ෂ කම. මට බැරිම ඕකයි. ලියන්න ගත්තහම මාගල වගේ ලියාගෙන යනවා කියවන අයටත් එපා වෙන්න. ඔළුවට එන ඔක්කොම ඔබන්න ගිහින් කතන්දරේ මැද්දෙ හිස් තැන් ඉතුරු වෙනවා. මම මේ ලියපු එකෙත් එහෙම තැන් තියෙනවා අනේ.

    නීතා අක්කා ලියාපු එක ගැන මට පින් දෙන්න ඕන නෑ, ඒ ඔක්කොම පින් ඔබතුමීටම තමයි.

    @ නීතා අක්කා

    ඇත්තමයි, ඔය විදිහෙ දේවලුත් වෙන්න පුළුවන් තමා. පති කුලයට යන්න බලන් ඉන්න අයට පොඩ්ඩක් බය හිතෙන කතාන්දරයක් උනාට අක්කේ, ඒක තමයි යතාර්ථය. නිර්මාණය හරහා ඔයා කියවන අයගේ ඇස් අරවනවා ඇත්තටම අර තරු අයියා කියලා තියෙනවා වගේ. ලස්සනයි.

    @ තරු අයියා

    ඔයාටත් ගොඩාක් ස්තූතියි තරු අයියේ. ඒ වචන දෙක මුල කමෙන්ට් එකේ අඩුයි කියලා මට තේරුණේ ඔයාගෙ දෙවනි කමෙන්ට් එක දැක්කමනේ. බලන්නකෝ ඉතිං මගේ කියවිල්ලේ හොඳ කම තමයි. :D

    ReplyDelete
  62. @ තරූ
    බොහොමත් ස්තූතියි අගය කිරීම ගැන අපේ පොඩ්ඩිට පින්සිද්ද වෙන්න යන්තම් අදහස් ප්‍රකාශ කරගන්න ධෛර්‍ය සහ තැනක් ( නැත්නම් ඉතින් මම පත්තරවලට ලියන එකක්යැ ) ලැබෙනවා.ඒ නිසා ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනෙ පොඩ්ඩිටම තමා.

    ReplyDelete
  63. @ සිත්තමී,

    ඔයාගෙ කතාව නොදකින්න මටත් මේ වගේ කතාවක් ලියන්න අදහස් පහලවෙන්නෙ නැහැනේ.ඒ නිසා ඔයාටත් ස්තූතියි.

    ReplyDelete
  64. @ පොඩ්ඩි,

    හැමෝම ඔයාට පොඩ්ඩි කියද්දි මම විතරක් පොකූ කියන එක හරි නැහැ වගේ ඒ නිසා මාත් අද ඉඳන් පොඩ්ඩි කියනවා :D

    ReplyDelete
    Replies
    1. මේ ටික ඔක්කොම එක කමෙන්ට් එකකින් කියන්ට තිබුනා මගේ කමෙන්ට් ගාන වැඩි කරන්නේ නැතුව. :D:D:D

      Delete
  65. මේක කියවද්දී හිතුනේ ඇති යාන්තං මේ සැරේවත් පොඩ්ඩි පෙලවහක් කොරගෙන කියලා .කොහෙද අදත් ඉතින් කොල්ලෙක්ට ඇඳෙන් බිමට වැටෙන්න පයින් ගහලා හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කට්ටිය බලන් ඉන්නෙම අමාරුවේ වැටෙනකල් නේද? :D

      Delete
  66. පව් අප්පා..එයා. ජය...!

    ReplyDelete
    Replies
    1. කවුද අනේ පව්? :D

      Delete
  67. සමාවෙන්න ඕනෙ. මම දැනුයි දන්නේ ඔහු අපි හැරල ගියා කියල. පොඩ්ඩි ලිපියක් ලියල තිබුණත්, ඒ ඔහු කියල මම දැනගන හිටියෙ නැහැ. බුවාගෙ අඩවියේ කරක්ගහන කොට තමයි ඒ ඔහු කියල දැනගත්තෙ. (මම බ්ලොග් අවකාශයට අලුත්නේ)
    ඔහුට නිවන් සුව !

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අංකල්. ඒක අපිටවත් විශ්වාස කරගන්ට බැරි සිදුවීමක්.ඔහු නිවුනු තැනැත්තෙක්. ඔහුට නිවන් සුව පතනවා අපි හැමෝම. :(

      මම ඒත් බැලුවා අංකල් පේන්ට නැත්තේ මොකද කියලත්.

      Delete
    2. ඇයි කමෙන්ට්ස් වැඩි වෙනවට ඔයා බයද අනේ.... හී හී හී

      Delete
  68. මම තාප්පෙන් එහා පුවක් ගහෙ නැගල හැංගිල හිටියෙ, හීනෙ ඊලග කෑල්ල එනකම්.
    ඊට පස්සෙ මොනව හරි ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අංකල් හීනේ ඉතුරු කෑල්ල ලීවොත් කොහොමද? :D

      Delete
    2. අපිට ඕව මතක හිටින්නෙ නෑනෙ. ඇනෝ අන්ටිගෙන්වත් අහල බලමු.

      Delete
    3. අනේ අංකල් ලියමුකෝ:)

      Delete
  69. පොඩි කුමාරිහාමිගේ පොස්ට් එකට කමෙන්ට් එක කදිමට ගැලපීගෙන ආ වෙලාවේ කොහෙන්දෝ තවත් කතාවක් පාත් වුනානේ. මම තාමත් ඉන්නේ අර හඳ එලිය වැටුනු විල් තේර ගාව අරයව තුරුලු කරගෙන. එහෙම එකක් කියවං යත්දී තමාව එතනට ආදේශ කරන එක වලක්වන්න බෑ.

    මෙන්න මම ලියන්න හිතපු කමෙන්ට් එක : අද උදේ මම මගේ දු පොඩ්ඩට කවදාවත් නැතුව සැර වුනා. හොම් වර්ක් ගොඩක් අතපහු කරලා. හවසට කාටූන් බලනවා. අද මගෙත් එක්ක ඉස්කෝලෙට යද්දි ගියේ බිම බලාගෙන. මම කොතරම් සිප ගත්තත්, ඇගේ හිතට ආ දුක තුනී වෙලා නෑ. වෙනදා මගේ මුහුණේ වෙනස් වන පුංචි ඉරියව්වකට පවා කඳුළු පෙරාගෙන අඬන එකී අද කලකිරුණු ස්වභාවයෙන් හිත දැඩි කරගෙන ඉන්නවා. මගේ හිත ගිනි අරන් හිටියේ. මගේ හිතේ ගොඩාක් දුකක් තද කරගෙන ඇවිත් තමයි ඔයාගේ මේ කතාව කියවන්න ගත්තේ. මගේ හිත උදුර ගත්ත තැන තමයි.

    //'අප්පච්චි නම් ඇඬුවේ නෑනේද?' 'හ්ම්'
    'ඔයා අඬපු තරම්. මම හිතුවේ ඔයා මා එක්ක එන්නෙත් නැතිවෙයි කියලා' //

    ඒ අප්පච්චි ඇඬුවෙ නැති වුනාට මට හිතා ගන්න පුළුවං හිතේ තද කරන් හිටිය දුක.

    මේ අවස්ථාවට මූණ දෙන්න මම හරි බයෙන් ඉන්නේ. තාම මගේ දුවට අවුරුදු හතක් වුනත්. මේ දිනය කවදා හරි උදා වෙනවා නේද කියල හිතනකොට හරි දුකක් දැනෙනවා. නන්නාඳුනන තැනකදි මේ කෙල්ල කොහොම හැසිරෙයිද කියලා. අර "පුංචි දවස් වල නින්දට යද්දී" කියන සිංදුවේ මේ වචන ටික ටයිප් කරන ටිකටත් මගේ ඇස් දෙක තෙත් වෙලා.

    ReplyDelete