Tuesday, 12 June 2012

ගිම්හානයක කතාවක්!!!




මේ සිද්ධිය සිදු වෙලා ගොඩක් කල්. 

 

එක්තරා ගිම්හාන නිවාඩුවකට පොඩ්ඩි පුරුදු පරිදි අත්තම්මා ලඟට ආවා. මේ නිවාඩු කාලවල එයා කරන එක වැඩක් තමා ගමේ රවුම් ගහන එක. තනියම නෙමේ. නීතත්, අංශුත් එක්ක. එහෙම කරක් ගහද්දි තමා මුලින්ම මේ කියන, ගැහැනියව දැක්කේ. ගමේ ලමයි එයාට කීවේ 'මන්තරකාරි' කියලා. එයාගේ ගේ ඉස්සරහින් තනියම කවුරුත් ගියේ නෑ. ඒ ගේ තිබුනෙත් තනි උනු මුල්ලක අතුපතර විහිදුනු ගස් ගොන්නක් මැද්දේ. ඒ පාරෙන් එහාට යන්ට තැනක් තිබුනෙත් නෑ. ගහේ මිදුලේ තිබුනා රූස්ස සියඹලා ගහක්. පැහුනාම පැණි රහ සියඹලා කරල් ඒකේ හැදුනා. ගමේ ලමයි ඒකට කීවේ 'සීනි සියඹලා' කියලා. තුන්දෙනා ගියේ ප්‍රසිද්ධ ඒ ගහ බලාගන්ටත් එක්කයි. ඒත් ඒකේ සියඹලා කාපු අය අර මන්තරකාරිට වශී වෙනවලු කීව හන්දා ඒක කෑමේ ආසාවක් කාටවත් තිබුනේ නෑ.

 

දිරා වැටෙමින් තිබුනු ගේ දැක්කාම පොඩ්ඩිට ආවේ අමුතුම හැඟීමක්. ගේ පිටිපස්සෙන් තිබ්බේ

කැලෑව. කැලෑවත් එක්කම වගේ ගේ තිබුනේ, හරියට කැලෑව ගේ ආක්‍රමනය කරන්ට හදනවා වගේ.

 

සමහර තැන්වල ජනෙල් පියන් කැඩිලා එල්ලෙනවා.  ඒවා කාඩ්බෝඩ් කෑලි දාලා වහලා තිබුනා. වීදුරු තිබුනු ජනෙල්වලින් දිස් උනේ, ඒවා මොනාදෝ හුමාලයකින් වැසී ගිය අන්දමක්. මුලු ගේම මේ දැන් කඩා වැටේදෝ කියලා පොඩ්ඩිට බයත් හිතුනා. එදා ටිකක් වැහිබර ගතියකුත් තිබුනු හන්දා ඒ පරිසරය පෙනුනේ තවත් අද්භූත විදියකට.

 

'මෙන්න අර සියඹලා ගහ' අන්ශු කීවා. තුන්දෙනාම කරල්වලින් බර උනු ගහ දිහා බලන් උන්නු හන්දා ඈ ඔවුන් දිහාට එනකල්ම, ඔවුන් ඇය දුටුවේ නෑ.

 

නීතාගෙ මුවින් සිහින් කෙඳිරියක් නිකුත් උනා. තුන්දෙනාම හැදුවේ දුවන්ට. 'පොඩි මැණිකේ' ඒ මහලු ගැහැණිය පොඩ්ඩිව ඇමතුවා. 

 

පොඩ්ඩි එක එල්ලේ ඈ දිහා බැලුවා. ඒ වගේ මහලු ස්ත්‍රියක් පොඩ්ඩි කවදාවත් දැකලා තිබුනේ නෑ. වයස  අවුරුදු 200 විතර වෙන්ට ඇති පොඩ්ඩිට හිතුනා. පුංචි  සුදු මල් වැටුනු, දිග ගවුමක් ඇඳලා සුදු කෙස් කළඹ කඩා දාලයි ඇය හිටියේ. හරියට අවතාරයක් වගේ.

 

තුන්දෙනා අත් අල්ලගෙනම ඈ දිහා බලන් හිටියා.

 

'ආදරේ කියන්නේ ඔය පොඩි මැණිකේ හිතන සෙල්ලම් දෙයක් නෙමේ' ඈ පොඩ්ඩිට පැවසුවා. ඒ එක්කම ඈ නතර නොවී, තමන් දිහාවට එනවා දුටු කෙල්ලෝ තුන් දෙනා දුවන්ට පටන්ගත්තා. දිවිල්ල නතර උනේ වලව්වට ආවාටත් පස්සෙයි.


'කොහොමද ඒ ගෑනු කෙනා මගෙ නම දන්නේ' පොඩ්ඩි ඇහුවා. 'මම ජීවිතේටම එයාව දැක්කාමයි'

 

'අනේ මන් දන්නේ නෑ' නීතා කීවේ බය උනු මූනෙන්මයි. 

 

අත්තම්මාගෙන් ඇහුවට හරි උත්තරයක් ලැබුනේ නෑ. 'පිස්සු ගෑනියෙක්නේ. මොකට ඒ ගැන හොයනවද?' අත්තම්මා කීවා.

 

'හපොයි මගෙ පොඩි මැනිකේ ඒ පැත්තේ යනවා එහෙම නෙමේ. ඒ පැත්තේ යන පොඩි ලමයි නැතිවෙනවා කියලා කාලයක් ගමේ කතා තිබුනා' මැණිකා කීවා. 'පිස්සු උලව්වක්' ඒ දයාවතී. කවුරුවත් ඇත්ත විස්තරයක් කීවේ නෑ.

 

'මට නම් ඉතින් මේ කවුද කියලා හොයාගන්ටම ඕනි. ' පොඩ්ඩි අනෙක් දෙන්නට කීවා. 'කරන්ට තියෙන්නේ එකම දෙයයි. ආය පාරක් ගිහින් එයාව හම්බ වෙමු'

 

'හපෝයි මට නම් බෑ' ඒ නීතා. 'බයගුල්ලි. ඒ අවතාරයක්වත්, පිස්සු ගෑනියෙක්වත් නෙමේ. මෙ අපි වගේ මනුස්සයෙක්' අංශූ කීවා. 'ඉතින් කොහොමද අපි ඒ ගෙදරට යන්නේ' නීතා ඇහුවා. 'අද ගමේ අර පිංකම්ක් තියනවානේ. අත්තම්මා ඒකට යයි. හඳත් තියන හන්දා අපි අද රෑ එහෙ යං. ' 'අම්මෝ මට බයේ බෑ' නීතා ආයෙම කීවා. තමන්ගේ ඇඟ කිළිපොලා යනවා වගේ පොඩ්ඩිටත් දැනුනා.

 

'කවුරු ආවත්, නාවත්, මම නම් යනවාමයි' පොඩ්ඩි තමාටම කියාගත්තා.

 

ඔන්න ඉතින් අඳුර වැටුනා. අත්තම්මා රෑ කෑම එහෙම කාලා මැණිකත්, පියසේනත් එක්ක පිංකමට ගියා. දයාවතී, අප්පුහාමි එක්ක මොකක් හරි ටෙලි ඩ්‍රාමා එකක් බලන්ට පටන් ගත්තා. එයලා හිතාගෙන ඉන්ට ඇත්තේ ගෑනු ලමයි තුන්දෙනා හොඳටම නිදි කියලා වෙන්ට ඇති.

 

ගෑනු ලමයි තුන්දෙනා හිමිහිට පහලට බැහැලා, එලියට පැන ගත්තා. අංශූ නම් දැක්කාම බය හිතෙන තරම්. කලු ඇඳලා. තුන්දෙනා හිමිහිට සියඹලා ගෙදර දිහාට පියවර මැන්නා. කවුරුත් වැඩිය කතා කලේ නෑ. හඳ එළිය යාන්තමට තිබුනා. අඳුර මැදින් බස්සෙක් කෑගෑවා. ගෙට ලංවෙනකොට හිමින් හමපු හුළඟ තද උනා වගේ පොඩ්ඩිට දැනුනේ. වටාපිටාවේ ගස් ඔක්කොම නැමුනේ ගේ පැත්තට. හරියට ගේ වට කරගන්ට වගේ. 'කවුද ඔත්තු බලන්ට එලියේ ඉන්නේ ' පොඩ්ඩි ඇහුවා.


'මම ඉන්නම්' නීතා කැමැත්තෙන් කීවා. ' කවුරු හරි දැක්කොත් මම එස්.එම්.එස් එකක් එවන්නම්. දෙන්නම එලියට පැනගන්ට'

 

'අත්තම්මා එහෙම මේවා දැනගත්තොත්' අංශු කීවේ, පොඩ්ඩි දොර අරින්ට හදනකොට. පුදුම වෙලාවට තමා මෙයාටත් අත්තම්මා මතක් වෙන්නෙ. ඉස්සරහ දොර යතුරු දාලා වහලා. කට්ටිය පිටිපස්ස පැත්තට ගියා.  පිටිපස්සා දොර නම් අබල, දුබලයි. ගාලා තිබුනු තීන්ත තැනින් තැන ගැලවිලා. පාරක් පයින් ඇන්නොත් ගැලවෙයිත් එක්ක. ඒ දොර නම් 'ක්‍රීස්' කියලා සද්දයකුත් නගාගනම, ඇරුනා. පොඩ්ඩි ඇතුල් උනේ ගැහෙන හදවතින්. එයා ලඟින්ම එන, අංශුගේ හුස්ම පොඩ්ඩිගේ පිටට දැනුනා. ගේ ඇතුලට හඳ එළිය වැටිලා තිබුනේ අකැමැත්තෙන් වගේ. දෙන්නා කුස්සිය පැත්තට එබිලා බැලුවා. ඒක නම් වෙනත්ම කාලෙක කුස්සියක් පොඩ්ඩිට හිතුනා. ඒ වගේ කුස්සියක් පොඩ්ඩි දැකලා තිබුනේ චිත්‍රපටවල විතරයි. දුඹුරු පාට රෙද්දක් එලපු මේසයක් එක් කොනක. ඒක් උඩ අතීතෙන් ආපු මල් වාස් එකක්. ඒකේ ඇතුලේ කෘතිම මලක්. ලී පොලවේ ඒ දෙන්නා ඇවිද්දේ හඬ නෑහෙන්නට. සාලයට යන තැන නගින්ට බය හිතෙන තරප්පු පෙලක්. අඩිය තිබ්බ හැටියේ කඩං වැටෙයි වගේ. සාලය පුරා තිබුනු ලීබඩුත් දුඹුරු පාටයි. පරන්, දූවිලි වැහුනු, මකුලු දැල් පිරුනු, ඒකේ බිත්තිවල පින්තූරු පුරවලා තිබුනා. එක පැත්තක තිබුනු ඔරලෝසුවේ වෙලාව හරියටම දොලහට නතරවෙලා. රෑද, දවල්ද කියලා හිතන්ට පොඩ්ඩි උත්සාහ කලේ නෑ.

 

'උඩට ගිහින් බලමුද' පොඩ්ඩි. අංශුගෙන් ඇහුවා.

 

'හපෝ මට බෑ අර ගෑනු කෙනා අපිව අල්ලගන්ට උඩ ඉඳන් බලා ඉන්නවා ඇති' පොඩ්ඩිගේ හදවත නතර වෙන්ට ආවා වගේ දැනුනේ. සුදු දිග ගවුමක් ඇඳගත්තු, මහලු ගැහැනිය, පැද්දෙන පුටුවක් ඉඳගෙන ඔවුන් එනතුරු බලා ඉන්නවා ඇයට මැවිලා පෙනුනා. පිටිපස්සේ දොරෙන් සද්දයක් ආවා. දෙන්නා එකතැන නතර උනා. නීතා ඇතුලට එනවා. මූන බයෙන් පිරිලා. 'ඇයි' කියලා අහන්ට කලින් පොඩ්ඩි නීතාට පිටිපස්සෙන් එන මහලු ගැහැනිය දුටුවා. 

 

'යමු සාලෙට' ගැහැනියගේ හඬ එදාට වඩා ශක්තිමත්. කට්ටිය සාලෙට ගිහින් අණ ලැබුනු තැන්වල වාඩි උනා.

 

'කට්ටිය එන්ට ඇත්තේ එදා මම පොඩි මැණිකෙට කීව කතාව මොකක්ද කියලා අහගන්ට වෙන්ට ඇති නේද?' තුන්දෙනාම ඔලුව වැනුවා.

 

'මගේ නම කුසුමා...පොඩි මැණිකෙගේ අත්තම්මා උගන්නපු ඉස්කෝලෙම තමා මම වැඩ කලෙත්' ඈ කතාව පටන් ගත්තා. 'අපිත් මේ ගමේ හිටපු ඔය රදළ කියන පෙලපතක උදවිය' ඇගේ මුවගට නැගුන හිනාව මූන්ට එකතු කලේ විකෘතිබවක්. 'ඒකේ වැඩ කරපු තරුන චිත්‍ර ගුරුවරයෙක් එක්ක මම හාද උනා. ඒ කාලේ ගම හොල්ලපු පෙම් කතාවක්'ඈ කතා කලේ ආයාසෙන්.

 

'එයා අල්ලපු ගමේ වලං හදන කුලේ උපන් කෙනෙක් වීම අපේ පෙමට හරහට හිටියා. අපි දෙන්නා හැදුවේ කාටත් නොකියා පැනලා යන්ට. ඒත් ඒකට දෛවය අපට ඉඩ දුන්නේ නෑ. අපි යන්ට හිතාන හිටපු දවසේ, උදේම ආරංචි උනා ඒ පවුලම ගමෙන් පිටවෙලා බව.' ගැහැනියගේ ඇහිපිය වේගෙන් සැලෙනු පොඩ්ඩි දුටුවා. බිය වෙනුවට ඇගේ හදවත ඇතුලේ පැන නැගුනේ අනුකම්පාවක්. 'ඒක කරවලා තිබුනේ මගේ පියා. එදා ඉඳන් මිනිස්සු කීවේ මගේ මොලේ හොඳ නෑ කියලයි. අපි ගෙදරින් යන්ට හැදුවේ මේ වගේ රෑක. මම තාමත් හඳ ඇති දවස්වල රෑට එලියට ගිහින් ඔහු එයිදෝ කියලා බලනවා...'

 

'ඒ පෙම කවදාවත් අපට හිමි නෑ'ඈ මිමිණුවා.

 

බියෙන්, තැතිගැන්මෙන්, රහසින් ගිය ගමනක් තුන්දෙනාම නිම කලේ බරවූ හදවත්වලින්. ඊට පස්සේ ඒ ගැහැනිය කිසිදාක හමු නොවූනත්, ඒ කතාව පොඩ්ඩිගේ හිතින් කවදාවත් නැති උනේ නෑ. 

 

හොඳම වැඩේ උනේ පහුවෙනිදාඒ ගෙදරට ගිය බවක් කීවේ නැතුව, ඒ කතාව අත්තම්මගෙන් අහන්ට ගිය වෙලාවේ.

 

'ඔය කියන්නේ අර කුසුමා ටීචර් ගැන වෙන්ට ඕනි. අහිංසක ගෑනි. ඒ කොල්ලා ගැන ගැන හිත, හිතාම ඉඳලා පස්සේ දිවි හානි කරගත්තනේ' නීතා හිටපු පුටුවත් එක්ක පෙරලිලා බිම වැටිලා ගිය විත්තියවත් පොඩ්ඩිට ඇහුනේ නෑ.

 

'එහෙමනම් ඒ ගෙදර ඉන්න වයසක කෙනා කවුද?' පොඩ්ඩි ඇහුවා. 'ඒ කුසුමාගේ නංගි කමලා. එයා තමා ගෙදරට අක්කගේ සම්බන්දේ ගැන කියලා ඒක කඩලා තිබ්බේ. අක්කා දිවි නහගත්තට පස්සේ නංගිට පිස්සු හැදුනා. දැන් එයා හිතන් ඉන්නේ එයා කුසුමා කියලා...අනේ සංසාරේ...'

 

පොඩ්ඩි අංශු දිහා බැලුවා. අංශු තාමත් බිම ඉන්න නීතා දිහා බැලුවා.

 

'අනේ සංසාරේ' මැණිකත්, අත්තම්මට අගුලුපත් තිබ්බා.

 

'ඒ පෙම අපට කවදාවත් හිමි උනේ නෑ' ඒත් තාමත් ඒ කටහඬ පොඩ්ඩිට ඇහෙනවා වගේ.

 

 

Its only when you have lost EVERYTHING, that you realize you had EVERYTHING.

 


223 comments:

  1. අම්මෝ...
    මේක හොල්මන් කතාවක් වගේනේ. ඒත් හරිම ලස්සනට ලියලා තියනවා.
    ආයිම කියවන්න ඕනි. හදිසියේ නේ කියෙව්වේ....

    ReplyDelete
    Replies
    1. ප්‍රියා අයියා අද එක වෙලා නේ ???

      Delete
    2. @ප්‍රියන්ත,

      කෝ ඉතින් තව පාරක් කියෙව්වද? :)

      @මධු,

      එකවෙලා වගේනේ. :)

      Delete
    3. හී හී දෙපාරක්ම කියෙව්වා....:D
      කතාව හොඳයි ඇත්තටම. මේක ඇත්තටම උන දෙයක්ද, නැතිනම් පොඩ්ඩිගේ තවත් නිර්මාණයක්ද. අර අවුරුදු 200ක් විතර වයස පෙනුමක් කීවාම මට හිතාගන්න බැරිව ගියා. අන්තිම කොටස එක්ක ගැලපෙන්නේ නෑ වගේ මුලින් හිතුනා. ඒත් ඉතින් ඒ පරිසරය සමග ගත්තාම පොඩ්ඩිට ඒ ගැහැනු කෙනා පේන්න ඇත්තේ අවුරුදු 200ක විතර කියා හිතෙන එකත් සාධාරණයි. කෙසේ වෙතත් එකිනෙකට වෙනස් ආකාරයේ පෝස්ට් දාන එකට මම ගොඩක් කැමතියි.
      @ මධුරංග
      එක උනොත් තෑග්ගක් දෙනවා කියලා පොඩ්ඩි දවසක් කීවා. මම මේ තෑග්ග ගන්න බලා ඉන්නවා...:DDD

      Delete
  2. ඔබට සියල්ල නැති වූ විට තමයි ඔබට දැනෙන්නේ ඔබට සියල්ලම තිබූ බව... සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මමත් ආසම කියමනක්...ස්තූතියි වෙනි :)

      Delete
  3. අද පොඩ්ඩි වෙනස් ආකාරයක කතාවක් ලියල . ගත යුතු ආදර්ශයකුත් තියනව එතන .
    …මේ වගේ දේවල් කලාම තමන්ගේ හෘද සාක්‍ෂිය දොස් කියන්න ගන්නවනේ . ඉතින් ඒක තමා ඇයටත් වෙන්න ඇත්තේ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්. මේක කර්මය පලදීමකුත් නේද? එම ආත්මයේම පල දෙන කර්ම.

      Delete
  4. ඈයි බොලේ, නෑට්ට කරේ තියන් දුවන් ආවත් බෑ නොවෑ එක ගන්ට. බුහ්! මම 4 :)

    ReplyDelete
    Replies
    1. හක්ක හක්ක හා.... අපිට ආරංචිය එද්දිත් කෝමත් 10 පැනලා ටොමියා. ඒ අපි නැට්ට නැතුවත් ඇවිදින්. බොලා ඒක කරේ තියන් එද්දි පෙරහැර ගිහින් ඉවරයි.

      Delete
    2. @ටොමි

      කොහේ ඉඳන්ද දුවගෙන ආවේ? :)

      @බුද්ධි,

      ලස්ස්න හිනාව...:)

      Delete
  5. "මැටි" කියන පොතෙත් මේ වගේ වළං හදන කෙනෙක්ගේ පුතෙකුයි වලව් පැළැන්තියේ දුවෙකුගෙයි ආදරයක් ගැන තිබුණා වගේ මතකයි.....

    කතාව ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. තාරකා වාසලමුදලිආරව්වි නෝනා නේද "මැටි" පොත ලියලා තියෙන්නෙ. මම "මැටී" කියලා පරිවර්ථන පොතක් අරගන්න ගිහින් ඕක වැරදිලා අරගෙන තියෙන්නෙ.... පොත හොඳයිද බලන්නවත් තාම කියෙව්වෙ නෑ. අතරින් පතර කියවද්දි තේරුනේ ඇලුමිනියම් බඩු හන්දා මැටි කර්මාන්තෙට වෙන දේ ගැනත් ලියවිලා තිබුනා කියලා.

      Delete
    2. @ බුද්ධි

      පොත හොඳා පොත හොඳා. ඔයා කියවලාම බලන්න අයියා :)

      Delete
    3. මම ලඟත් මැටි පොත තියෙනවා, කියවල බලන්න බුද්ධි ඒ කතාවත් ලස්සනයි.

      Delete
    4. මගෙ ලඟත් පොත තියනවා. තාම කියෙව්වේ නෑ.:(

      Delete
    5. හරි එහෙනං මමත් කියවන්නංකෝ.....! ඇඩෙයිද දන්නැ නේද?

      Delete
    6. @හසිත,

      මට ඔය ලස්සන සිංහල පොත් කියවන්ට හම්බ වෙන්නේ නෑනේ. හමබවෙනකොට අලුත් පොත් ඇවිත්.

      @නීතා,

      ලඟදි ගත්තු අලුත් පොත් ටික මට අරන් තියන්ට හොඳේ.

      @බුද්ධි, සමනලී,

      වෙලාවක ඔන්න ඔය පොත ඉක්මන්ට ඉවරකරලා දාන්ටලා. :)
      ඒ කරලා ඉවර කරපු පොත් ටික මට මෙහාට එවන්ට.

      Delete
  6. මාන්නක්කාර හැත්ත
    වලංවල කන්න හොදයි වලං හදන එකා එක්ක මගුලෙ යන්න තමයි බැරි...
    මං වලං හැදුව තැනක හිටියනං ඇලුමිනියං වලම කාපිය කියල වලං කස්ටිය එක්ක ලොකු වලව් වලට වලං නොදීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා...
    නැත්තං රුපියල් දහයෙ වලඳ වලව්වට දෙන්නෙ දාහට..

    ReplyDelete
    Replies
    1. @ amila chathuranga වලව් වලට වලං නොදීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා ++++++++++++++

      Delete
    2. අමිල චතුරංග,

      මේක සාපේක්ශයි මචන්, තමන් ඉන්න පැත්ත සාධාරණීකරණය කරන්න ගොඩාක් අය කැමතියි... පොඩ්ඩි මේ ලියලා තියෙන්නේ මීට අවුරුදු ගානකට කලින් කතාවක්... අපේ ගම්වල අපි පොඩි කාලේ මේ තත්ත්වය අපේ ගම්වලත් තිබුනා... ඒත් එන්න එන්න ඒක අඩු වෙනවා.... තමන් හිතන දේ ඒ විදිහටම වචන වලට පෙරලන්න එපා.. එතකොට යම් කොට්ඨාශයකට හිත රිදෙනවා... මම මේ අත්මයේ හොඳ කුලයක ඉපදී තියෙනවා.. ඒත් ගිය ආත්මයේ අඩු කුලයක ඉපදෙන්න ඇති.. එහෙම නැත්නම් බල්ලෙක් හරකෙක් වී ඉපදෙන්න ඇති.. මිනිස්සුන්ගේ ජන්මයට, එයාලගේ උත්පත්ති පුරුදු වලට දෙස් දෙවොල් තැබීමට වඩා සුදුසු ඉවසීම කියලයි මට හිතෙන්නෙ... මොකද උඹ පුනරුත්පත්තිය කියන සංකල්පය විශ්වාස කරනවානම් උබත් එක දවසක මෙහෙම හොඳ කුලයක ඉපදී වහල්ලුන්ට වද දිදී ජීවත් වෙන්න ඇති.. ඒ කාලෙ උන් උඹටත් මෙ විදිහටම බනින්න ඇති... මේ හැම දෙයක්ම සාපේක්ෂයි මචන්...

      සමහර විට උඹ මේකටත් ලොකු ටෝක් එකක් දෙයි.. :D

      Delete
    3. අභීත.
      "කුලය" කියන වචනයේ නොවෙයි නොගැලපීම් තියෙන්නෙ.ඒ අය ජීවත් වන,ඒ අයට හුරුපුරුදු සමාජයේ,දෙගොල්ලොන්ගෙ නොගැලපීමයි කියලයි මට හිතෙන්නෙ. අපේ පැත්තට ටිකක් කිට්‍ටුව එක්තරා කුලයක ගමක් තියෙනවා..ඒ අය සහජයෙන්ම නිතර පොඩිදේටත් කැති,පොලු ගන්න අය,කතාවිලාශයත් හරිම ඝෝෂාකාරියි..! මේ වගේ එක එක කුල වලට පොදු උන සමාජපරිසර තත්ව තියෙනවා.,හැබැයි දැන් මේ හැම දෙයක්ම මිශ්‍රවෙලා තියෙන්නෙ. පොදුවෙ හැම දෙයක්ම අඩුවැඩි වශයෙන් තියෙනව.

      Delete
    4. එකඟයි මචන්, (මචන් කිව්වට කමක් නැද්ද මන්දා.....)

      මේක කොයි රටකත්, කොයි ආගමකත්, කොයි ජාතියකත් පොදු ලක්ශණයක්. ඉතින් මොනා කරන්නද?

      Delete
    5. අභීත@... අභීත අයියගෙ උඩ කමෙන්ට් එකට මම ගොඩාක් කැමතියි...සත්‍යය සුන්දරයි..!!

      Delete
    6. අමිල කියලා තියෙන්නේ ඇත්ත උනාට වචන ටික නම් තද වැඩියි මයෙ හිතේ. කාගේ කාගේ හරි හිත රිදෙයිද දන්නේ නෑ.:)

      Delete
    7. @අමිල,

      මේකට වෙනම හොඳ උත්තරයක් දෙන්ට ඕනි. කල්පනා කරල ලියන්නම්.

      @අභීත, lelwala, ඊමේල් කවිකාරි, කිරිල්ලි, ටිකිරි,

      ඔක්කොමලාට වෙනම පිලිතුරු දෙන්නම්. :)

      Delete
  7. පොඩ්ඩිට හොල්මන් කතාත් ලියන්ඩ පුලුවන් නේ. මරු මේ කතාව. මට නම් හිතෙන්නේ නීතාගේ චරිතයයි පොඩ්ඩිගේ චරිතයයි මාරු වෙන්ඩ ඕන කියලා. මොකද අපී පොඩ්ඩි ඔයවගේ රහස් පරීක්ෂක ගමන් වලට සෑහෙන්ඩ බයයි නෙව !!!

    ඒක නෙමේ නීතයි අංශුයි කියලා කියන්නේ වලවුවේ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් දෑ. අදමයි

    ReplyDelete
    Replies
    1. මධුරංගට විතරයි තේරිලා තියෙන්නේ, මම නම් ඔච්චර බය නැහැ . පොඩ්ඩියි , අන්ශුයි තමා බයගුල්ලෝ :)

      Delete
    2. @මධු,

      හිතාගෙන ඇති පොඩ්ඩි බයයි කියලනේ. අංශූ කියන්නේ මගේ ඥාති සහෝදරියක්. නීතා හොඳම යාලුවෙක්. එයාලා නිතරම පොඩ්ඩි නිවාඩුවට ගියාම වලව්වේ ගැවසෙන උදවිය. එලෙව්වත් යන්නේ නෑ.

      අංශූ නම් ඔයාගේ අර යෝජනාවකට ඔය පැත්තේ ආවත් එක්ක. ඔයා වලව්වල කෙල්ලෝ එපා කීවානේ. අංශූ ලස්සන කෙල්ල. :)

      @නීතා,

      ඒ හරිය ඉතින් මොකට කියනවද? :)

      Delete
  8. කාලෙකින් කියවපු හොදම කතාවක්. ඔබ මේවා කොහොම ලියනවද මන්ද? හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහ වෙදනට. ලියන්නේ නිදාගන්ට ගියාම හිතින්. ඉතින් නැගිට්ට හැටියේ ඒවා ලියනවා. කොලයක්, පෑනක් අතට ගත්තට එකපාරට කරුණු මගේ හිතට ගලා ගෙන එන්නේ නෑ. :)

      Delete
  9. 'ආදරේ කියන්නේ ඔය පොඩි මැණිකේ හිතන සෙල්ලම් දෙයක් නෙමේ' අපි හැමදාම කියපු දේ අද මන්තරකාරි කියලා තියෙන්නේ අපූරුවට....

    ReplyDelete
    Replies
    1. ඉතින් එයා 'මන්තරකාරි' හන්දා බයේ කියන දේ පිලිගත්තා. :)

      Delete
  10. උම්මා දුන්නු හින්දා කියනවා කියලා හිතන්න එපා!

    මේක නියමෙට ලියලා තියෙනවා. එකාංගික ටෙලි නාට්‍යකට මරු! හැබැයි ලයිටින් තියෙන්ඩ ඕන නියමෙට. අර ගරා වැටුනු වලව්ව, හද එලියේ යන ගැල්ලමයිගේ මුණු එහෙම මරු එකට පෙන්නන්න.

    අන්තිමේ පොකුලා කතා කරලා තියෙන්නෙ හොල්මනක් එකක් ද කියලා හිතිලා නැවත ඒක විසඳන හැටිත් මරු.

    කොහොමහරි මරේ මරු!

    අද මම කීවැනිද? 69 ද?

    ReplyDelete
    Replies
    1. උඹ දැන් 69ටමයි කැමති නේද? ඒකත් නරක නෑ බුද්ධි මල්ලි....

      Delete
    2. @බුද්ධි,

      නෑ නෑ....මම නම් හිතන්නේ හේතුව අරක තමයි කියලා. අල්මයනු වැඩිවෙන තරමට කතාව හොඳ වෙනවා ඇති. හී හී. විහිලුවට හොඳේ.
      ලස්සන ටිකිරි කතා ලියන බුද්ධි වගේ කෙනෙක් මෙහෙම කීව එක ගැන ගොඩාක් සතුටුයි. ස්තූතියි හොඳේ.

      @අභීත,

      ඇයි 69 හොඳ ඉලක්කමක් නෙමේද?

      Delete
    3. @බුද්ධි,
      69 නම් කමක් නැහැ 96 කරගන්නෙ නැතුව, පරිස්සමින් කොල්ලෝ..

      Delete
  11. ඊයේ රෑ පොඩ්ඩී හීනෙන් දැකපු කතාව මෙන්න ලියලා .. දවල් බයේ දිවුව තුන්දෙනා රෑට එතෙන්ට බලෙන් ගිය එක තමයි අදහාගන්න අමාරු.. එත් ඉතින් හීනවල කොහෙද තර්කාන්විතකමක්.. හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඒක හරියට කුතුහලය උපද්දන දේවල් දැනගන්ට හිතේ ඇතිවෙන ආසාව. එහෙම නැත්නම් ස්වාභාවිකව අර මෙරු පහන් සිලට ඇදෙනවා වගේ බිය, ත්‍රාසය, වගේ දේවලට අපේ හිත්වල තියන ඇදීම. ෆිල්ම්ස්වල පේන්නේ නැද්ද ගෙවල් ඇතුලේ කවුරු හරි ඉන්න බව දැන, දැන කට්ටිය ඇතුලට යන්හැති. කවුරු හරි පන්නනකොට මුල් ඇදලා වගේ හිටගෙන ඉන්න හැටි.

      පොඩ්ඩිටත් එහෙම වෙන්ට ඇතිනේ. හොයන්ට හිතුනොත් මොනවා හරි එයා ලේසියෙන් අතාරින කෙනෙක් නම් නෙමේ. :)

      Delete
  12. ලස්සනයි කුමාරිහාමි, මුල් කොටසනම් ළමා කතාවකටත් හොඳයි. පරිසරය, කාලගුණය ගැලපෙන විදිහට යොදාගෙන තියනවා. දීර්ග ලීවිමකටත් සුදුසුයි.
    කතාව තුන්කොන් පෙමක්ද? කමලත් චිත්‍ර ගුරුවරයාට ආදරේ කළාද?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි. මටත් හිතුනෙම කමලාත් අර චිත්‍ර ගුරුවරයට ආදරේ කරන්ට ඇති කියලා. එයා මාර හැන්ඩ්සම් කෙනෙක්ලු. කොහොමටත් චිත්‍ර ගුරුවරයෙක්නේ. :)

      එහෙම නැත්නම් කුල මාන්නයෙන් හිස් උදුම්මාගත් සමහර තරුණියෝ ඒ කාලේ හිටියා. නොගැලෙපෙන තැන්වලින් කසාදයක් නොබැඳ ගෙදරට මහලු වෙවී. ඒ වගේ කෙනෙක් වෙන්ටත් බැරි නෑ.

      Delete
  13. ආදරයක් අහිමි උනාට පස්සෙ ඒකෙ වටිනාකම වැඩියෙන් පේනවා කියල මට නම් හිතෙන්නේ.අනේ ඇත්තටම තවමත් ලංකාවේ කුලබේදය තියෙනවනේ . මේ පරම්පරාවෙන් පස්සෙවත් ඒවගේ අදහස් නැතිවුනොත් හොඳයි. කොහොම උනත් හරිම ලස්සන කතාව. ටෙලි ඩ්‍රාමා එකක් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොන දේක හරි වටිනාකම පේන්නේ ඒක නැති උනාම තමා. ලඟ නැති උනාමත් එහෙමයි. නැත්නම් පොඩ්ඩි මෙච්චර ඔයා ගැනයි, අංශූ ගැනයි හූල්ල, හූල්ල ඉඳීද? ගෙදර ආවාම එලවාගන්ට විදියක් කල්පනා කරමින් ඉන්න කෙනා ....දැන් කොහොමද හී හී....

      Delete
  14. පොඩ්ඩි අද ලියල තියෙන්නේ "Horror Movie" තිර රචනයක් වගේ.කතාව , චරිත , පෙල ගැස්වීම, කතාව ගලාගෙන යාම, නියම තිර රචනයක්, ඒ විතරක් නෙවේ කුසුමගේ චරිතය, සියඹලා ගහ, පාලු ගෙදර, මේ කතාව පුරා අඳින්නෙ ඉතා මනරම් සිත්තමක්. කොටස් වශයෙන් ගත්තත් විනාඩි කීපයක කෙටි ‍චිත්‍රපටයකට හොඳ තිර රචනයක්.
    පොඩ්ඩි භාෂාවෙන් කරන හපන්කම අති විශිෂ්ඨයි. නිර්මාණාත්ම ලිවීම කිය්නේ මෙන්න මේ ලියන අකාරයටයි.
    පොඩ්ඩි කවදා හරි ෆිල්ම් ඩිරේකටර් වරියක වේවි වගේ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දයාට. ඔයා මගේ පෝස්ට් දිහා වෙනමම ඇහැකින් බලන කෙනෙක්. මම හරිම ආසයි ටෙලි ඩ්‍රාමා එකක්, හරි හොඳ චිත්‍රපටියක් හරි කවාදාක හෝ නිෂ්පාදනය කරන්ට. අධ්‍යක්ෂනයට තරම් අත්දැකීම හෝ හැකියාවක් මට ඇති කියලා මම නම් හිතන්නේ නෑ. එහෙම උනොත් තිර රචනය දයාට බාර දෙනවා. උපදෙස් ගන්ටත් පුලුවන් ගොඩක් දේවලට. හොඳ අධ්‍යක්ෂක කෙනෙක් අපි හොයා ගමු. මේ බ්ලොග් ලෝකෙම ඇති හොයලා බැලුවොත්.

      Delete
  15. හුඟ කාලේකින් පොඩ්ඩි හොඳ කතාවක් ලියල..නියමයි

    ReplyDelete
    Replies
    1. හොල්මන් කතා වගේ කතාවලට රාජ් කැමතී වගේ. :)

      Delete
  16. එක සැරයක් පිස්සු හැදිලා මදි.ආයෙ හැදෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මුලින් මටත් හිතුනේ එහෙමයි. :)

      අපි හැමෝම මනුස්ස හැඟීම් තියන අය. අපි කරන්නේ ඒ වෙලාවට අපිට හරි කියලා හිතන දේ. පව් කියලා ඉතින් පස්සේ හිතුනා.

      Delete
  17. ආදරේට කොහෙදෝ නැත්තේ බාධා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අත්දැකීම් තියනවද?

      ඒ උනාට පිරිසිදු ආදරේ ඕනිම බාධාවක් ජය ගන්නවලුනේ. :)

      Delete
  18. ආදරේ කරන එකත් සෙල්ලම් වැඩක් නෙවි නේද?
    පිස්සු හැදෙන්නැතුව බේරෙන්නත් ඕනෙනේ..ඔන්න ඔහොමයි මේ කතාව කියවලා මට හිතුනෙ..

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන එක සෙල්ලමක් නෙමේ. අනික් කෙනෙක්ගේ ජීවිතයක් එක්ක කරන ගනුදෙනුවක්. රූ හිතලා තියනවා හරි. පිස්සු නොහැදී බේරෙන්ටත් බලාගන්ට ඕනි. :)

      Delete
  19. මට මතක උනේ මට වෙච්ච සිද්දියක්
    අපේ "බාප්පා" කෙනෙක් නැති උනා කියලා අපේ ගෙදරට පණිවිඩේ ලැබුනාම මම මලගෙදරට ගියා අන්තිමේ මිනිය ලගට යනකොට මැරිලා හිටියේ "පුංචි " ,මිනියට ආචාරකරලා එලියට බහින කොට ඉස්සරහට හම්බ උනේ බාප්පව .....!@#$%^&*(

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා මමත් අහලා තියනවා. මෙහෙම වෙන්නේ පණිවිඩ දෙන කෙනාගේ අතපසුවීම් හන්දා. නිකං හිතන්ට ගෙට ඇතුල්වෙනකොට බාප්පා වැඳගෙන කාරිය එලියට ආවානම්. රොබින් ඇදගෙන වැටෙයි නේද? :)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  21. මේකනම් මරු.... වසීලිස්ස පොත මතක් උනා.. අර ආච්චි ගැන කියද්දි මතක් උනේ බාබායිගා යකින්නමයි...

    කුතුහලය ඇතිකරපු හැටි... නැතිකරපු හැටි අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මී ගොඩයට. හී හී...වසිලිස්සා පොත හොයාගෙන කියවන්ට ඕනි. කියවන්ට තියන පොත් ලැයිස්තුව දිගයි දැන්. :)

      Delete
    2. වසීලිස්සා නොකියවපු පොත් කියවන කෙනෙක් මොකටද? පොඩ්ඩි හෝඩිය අත ඇරලා කියවලා තියෙන්නේ.... :D :D

      Delete
  22. නියමායි.... එක හුස්මට මුල සිට අගට කියවාගෙන ගියා.. කුතුහලය තුළින් තව තව ඉදිරියට කතාව කියවන්න හිතෙන විදියට ලියලා... මැක්සා නිර්මාණයක් +++++++
    මේ එක නෙවි,පොඩ්ඩි පොඩි කාලෙත් ෆොන් තිබුනද හෑ? පොඩ්ඩි පොඩි කාලෙ කියන්නෙ ක්‍රි.පූ බර ගනන් වල නේද? ඔන්න පරෙයියෙක් අතේවත් පණිවුඩේ එවන්නම් කිව්වනම් පිළිගන්නවත් තිබුනා.. :P අර නීතා ඇස් ඇම් ඇස් කොටන්නම් කියපු කතාව නිසා ඇහුවේ.. හික්ස්ස්

    ReplyDelete
    Replies
    1. තොටියට ගොඩාක් ස්තූතියි තොටියෝ. හොල්මන් කතාවක් ලියමුදෝ කියලා හිතුනේ ඔයා ලියපු හොල්මන් කතාව දැකලයි.

      ඇයි අනේ ෆෝන් කියන ජාතිය පොඩ්ඩි ඉපදෙන්ටත් කලින් තිබුනේ. ඔයා ඉපදෙන කාලේ ෆෝන් කියන ජාතිය තිබුනේ නැද්ද? ඒ අපේ අත්තම්මලාගේ කාලේ. ඒ කියන්නේ ???? හී හී ....

      අපි ලොකු වෙනකොට මොබයිල් ෆෝන්ස් ඇවිත්. ඉතින් මේ කතාව චූටි ලමයින්ගෙම කතාවක් නෙමේනේ. :)

      Delete
    2. මම කිව්වේ පොඩ්ඩි පොඩිකාලේ ෆොන් තියෙන්නෙ ඇති. අර නොම්මර රවුම කරකවලා ඩයල් කරන ජාතිය .. හැක් හැක්.. හැබැයි ඒවයින් sms යවන්න පුළුවන් වුනාද කියන එක සැකයි

      Delete
    3. පොඩ්ඩි ටිකක් ලොකු වෙනකොට ඔය කොටන ෆෝන් ඇවිත් ඉවරයි අනේ. කතාව ඉතින් ඒ කාලේ වෙච්ච දෙයක්නේ. :)

      Delete
  23. මමත් ආසාවෙන් කියෙව්වා..කුතුහලයකුත් ඇතිකලා පුදුමාකාර විදියට...ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සිහින සිත්තමීට. ඔයාගේ නම හැදිලා තියෙන්නේ මගේ යාලුවන් දෙන්නෙක්ගේ නම් එකතුවෙලා. :)

      Delete
  24. හදිසියේ මාතෘකාව දැක්කේ "සම්භාහනයක කතාවක්" වගේ....! දඩි බිඩි ගාලා ඇවිල්ලා බලනකොට ෆුල් හොල්මන් කතාවක්නේ බොලේ....!

    නරකද පොඩ්ඩියේ ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන්න පටන් ගත්තනම්.....! මේ කතාව නම් සිරා....!

    ReplyDelete
    Replies
    1. //සම්භාහනයක කතාවක්" වගේ....//

      ඒවා තමයි ඉතින් පේන්නේ නේද? ඒක තමා දුවගෙන එන්ටත් ඇත්තේ.
      හී හී දුමී ෆිල්ම් එකක් හදනකොට කියන්ටකෝ. ලියලා දෙන්නම්.

      ගොඩාක් ස්තූතියි. ආවාටත්, කමෙන්ට් එකටත්. :)

      Delete
  25. නීතා SMS කරනවා කිවුවෙ අර වැඩ කරන්නැති ෆෝන් එකෙන්ද..!!?? :P

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද අනේ අලුත් අලුත් ෆෝන් :)

      Delete
    2. අර අටපිරිකරට ලැප්ටොප් පූජ කරන කස්ටියට කීව නං අරංදෙයි:)

      Delete
    3. @බුරා,

      ඒ ෆෝන් එකෙන්ම තමයි. නරකද ඔය පැත්තේ ලාබෙට තියන ෆෝන් එකක් අරගෙන යැව්වානම්. :)

      @නීතා,

      පොඩ්ඩක් ඉන්ට කොයි වෙලාවක හරි පින පලදෙයි. :)

      @ටොමි

      ලැප් ටොප් දන්දෙන අය? ඒ වගේ අය ඉන්නේ කොයි රටේද? :)

      Delete
  26. මැරිච්ච සීන් එක අහලා පුටුව පෙරලන් නොවැටුනානම් තමා පුදුමේ... මම හිතුවෙත් හොල්මං සීන් එකක් කියලා...

    මම මේක කියවලා ආයිත් කංපනා කලා කොමෙන්ට් එකක් කොටන්න කලින් අද මේ මොකෝ කොල්ලොන්ට මඩක් ගහලා නැත්තේ කියලා.... ආයෙ කියෙව්වා මෙව්වගේ කොල්ලන්ට මඩ ගහලා නැත්තම් ඉතින් පොඩ්ඩි අක්කා ලිව්ව එකක් වෙන්න බෑනේ..

    වැඩේ මාට්ටු.... කොල්ලා මෙච්චර කාලයක් ලව් කරලා කෙල්ලට නොකියා ගිය සීන් එකෙන් කොල්ලන්ට පහර ගහලා තියෙනවා.... හ්ම්ම්ම් හැබැයි ඉතින් තව කෙල්ලෙක්ම තමා ඒ කෙල්ලට ගේම දීලා තියෙන්නේ.ස්ත්‍රී පරාන වල හැටියක්මනේ ඔය... ආ නැද්ද

    කතාව සුපිරියි අක්කේ සිද්ධි මවලා තියෙන හැටි පට්ටයිනේ.... සිරාවටම අහන්නේ නරකද දුමි අයියා කිව්ව වගේ ස්ක්‍රිප්ට් එකක් දෙකක් ලිව්වොත්

    ReplyDelete
    Replies
    1. ඔයා පුටුවෙන් වැටුනා නම් ඔන්න කතාව හොඳයි. මම ඔය හැටි කොල්ලන්ට ගහන්නේ නෑ අනේ. ඔය ඉඳ හිටලා ඇත්තක් දෙකක් කියනවා ඇර. ඉතින් වැරැද්ද ඒ ගුරා අතේ නෙමේද හොඳයි. ඇත්තම ඇත්ත ආදරේ නම් ගමෙන් පලා යන්නෙ නැතුව මැරුනත් කමක් නෑ කියලා කුසුමාව හොයාගෙන ගෙදර එන්ට තිබුනානේ. හී හී....මේ කොල්ලෝ ඔහොමමයි අප්පා...ඉන්න තරමක් ඉන්නේ බයගුල්ලෝ.

      Delete
    2. අලේ මන්දා අක්කෝ කොල්ලෝ එහෙම බය නෑ කෙල්ල කෙලින් ඉන්නවානම්.... කෙල්ල වැනෙන චරිතයක් නම් ඉතින් කොල්ලා බයගුල්ලා වුනාට අවුලක් නෑ...

      රස්සාවක්වත් නැතිව තාම අවුරුදු 20 පන්නලත් නැති මම මගේ ආදරීගෙ ගෙදරටම තනියම ගිහින් අම්මලා තාත්තලා එක්ක කතා කරා.... ඒ විතරක් නෙමෙයි අම්මලගෙන් අහලා ආදරීව බෙහෙත් ගන්න පවා මම එක්කන් ගිහින් තියෙනවා එයාලට යන්න සල්ලි නැතිව ඉන්නකොට...

      ඉතින් කොහොමෙයි කියන්නේ කොල්ලෝ බයයි කියලා.....

      මෙහෙමයි හැබැයි යාළු වුනු අළුත අතින් අල්ලන්න නම් පට්ටම පට්ට බයයි... මම නම් දත්මිටි කාගෙන හිටියේ වෙව්ලිල්ල නවත්තගන්න...

      "එක මකුණයි ලමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ???"

      අපි බය නෑ හරිය.... කේලම් කියපු තමන්ගෙම නංගි ගැන මම කියපුවා ගානට ලිස්සලා ඇරියනේ අනේ අම්මපා....

      Delete
    3. මෙන්න ඉන්නවා නියම කොල්ලෙක්. අනික් අයත් මෙයා දිහා බලලා පාඩම් ඉගෙනගත්ත නම් හොඳයි.:)

      //රස්සාවක්වත් නැතිව තාම අවුරුදු 20 පන්නලත් නැති මම මගේ ආදරීගෙ ගෙදරටම තනියම ගිහින් අම්මලා තාත්තලා එක්ක කතා කරා.... ඒ විතරක් නෙමෙයි අම්මලගෙන් අහලා ආදරීව බෙහෙත් ගන්න පවා මම එක්කන් ගිහින් තියෙනවා එයාලට යන්න සල්ලි නැතිව ඉන්නකොට...//

      අනේ මේ ටික දැක්කාම මට ඇඬෙන්ටත් ආවා. ඔයා කොච්චර හොඳ ලමයෙක්ද?

      //මෙහෙමයි හැබැයි යාළු වුනු අළුත අතින් අල්ලන්න නම් පට්ටම පට්ට බයයි... මම නම් දත්මිටි කාගෙන හිටියේ වෙව්ලිල්ල නවත්තගන්න...//

      මේක නම් මට මවා ගත්තෑකි. හී... හී...

      දැන් දන්නවා. දැන් දන්නවා බය නැති කොල්ලෝ ඉන්නබව.

      මේ දැන් මේ කමෙන්ට් එක දැක්කට පස්සේ , කොල්ලෝ පෝලිමක් අපේ අප්පච්චි හම්බවෙන්ට එයිද දන්නේ නෑ නේද? :D:D:D

      Delete
    4. හික් හික් අප්පච්චිට බෙහෙත් කොටන තුවක්කුව ලෑස්ති කොරගෙන ඉන්න වෙයි වගේ එහෙනම්...

      පොකු අක්කෝ මතක ඇතිව ඔය අනන් මනන් අහුලන්න යනකොට පරිස්සමෙන් හරිය

      Delete
  27. හුස්ම ටික ආපහු පහලට දැම්මෙ කතාවෙ අන්තිමේදි...කියන්න වචන හොයා ගන්න බැහැ..මම ආශම විදියෙ,ලස්සනම කතාවක්..වචනෙන් වචනෙට හිතේ රූප මැවෙන විදියට ලියන්න පුලුවන් කෙනාට කියන්නෙ දක්ශ නිර්මාණශීලී ලේඛිකාවක් කියල...good luck poddi..!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කිරිල්ලිට. මේ වගේ බොහෝම සීරියස් කමෙන්ට් එකක් කිරිල්ලිගෙන් දැක්කමද මන්දා. දැනුනේ ඔයා මාවත් අරගෙන අර ඔයාගේ ගහ මුදුනට ගියා වගේ කිරිල්ලියේ. මෙතන ඉඳන් බලනකොට ලෝකේ හරිම ලස්සනයි. ඔයා ඔය තරම් සතුටින් ඇයි කියලා හිතාගන්ට පුලුවන් මෙතනට ආවාම.

      මාත් ආසම බය හිතෙන හොල්මන් කතාවලට. ඒත් ප්‍රශ්නේ ඊට පස්සේ නිදාගන්ට බැරි එක. :)))

      Delete
    2. ඔයාගෙ කතා කියවද්දි හැමදාමත් බොහෝම සීරියස් අදහස් හිතට එනවා..ඔය හැමෝම ලොකු උදවිය සීරියස් කමෙන්ට්ස් දාන නිසා මම ඉතින් ඔහේ කිචි බිචි කිචි බිචි ගාල යනවා....හෙ හේ ගහ මුදුනෙ ඉන්න මට අනිත් අයට වඩා ඈත පේනවා....:):)

      Delete
    3. ෂුවර්ද ඈත පේනවා කියලා.. නෑ මං මේ ඇහැවුවෙ සමහර උදවිය ඈත ‍පේනවා කියන්නෙ හඳ පේන නිසා.. හඳත් ඈතනේ තියෙන්නෙ.. :P

      Delete
    4. ඇයි ඔයාට ෂුවර් නැද්ද? ඔයාට ඈත බැලුවාම පේන්නෙ හඳ විතරද? පව් අනේ දුප්පත් පිනෝකියෝ..! :P

      Delete
    5. හපොයි නෑ හඳ විතරක් නෙ‍වෙයි, ඔයාට කියන්න මෙයා සමහර වෙලාවට තරුත් පේනවා.. ;)

      Delete
  28. මේ කුල කතාව අදටත් පොදුයි කියලා හිතෙනවා.. අපේ අක්කා කෙනෙක් යාලු වෙලා හිටියා බෝයි කෙනෙක් එක්ක..ඕක අපේ අය හොයලා බලද්දි එ එක්කෙනා බෙර හදන හරි ගහන හරි කුලේක පහත් කුලේක කියලා කැමති උනේම නැහැ..එ අක්කාත් අතැරියේ නැහ..කොහොම හරි ආදරේ ජය ගන්න තමාඅ බැලුවේ..හැබැයි වැඩක් උනේ නැහැ පැරදුනා.. එ අක්කාව වෙන කොහේද මන්දා ගෙනහුන් දාලා එක අමතකමත් කරොලා අද වෙන එක්කෙනෙක්ට බන්දලාත් දුන්නා..මේක වෙලා අවුරුදු දෙකක් විතර ඇති මයේ හිතේ...ඉතින් කොහොමද කියන්නේ මේ කුල මල දැන් බලන්නේ නැහැ කියලා..

    පොඩ්ඩියේ කතාව ලස්සනයි ..වෙනදාට ගේන එවාට වඩා අමුතුයි.එත් එ අමුතුව ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. නිම්ශාගේ කතාවට එකඟයි. මොනවා කීවත්, තාමත් මේ කුල භේදය කියන එක ලංකාවේ දකින්න ලැබෙනවා. මංගල යෝජනා තීරයේ තාම දකින්න පුලුවන් උඩරට රදළ කියලා හෙම. ඔය භේද නැත්නම් මේ වගේ දැන්වීම් තියෙන්න විදියක් නෑ මයෙ හිතේ. ඒ උඩ ආදරයකට බාධා කරන එක කොච්චර නම් මෝඩකමක්ද?

      Delete
    2. @නිම්ශා,

      වෙනසක් තිබුනා නම් හොඳමයි ඕනෙම දේක නේද? ඒක තමා ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ. හැම දෙනාම එකම දේ හිතුවොත් කෙරුවොත් ඒකේ ගතියක් නෑ. වේදනාව නැත්නම් සතුට කියන දේ හරියට තේරුම් ගන්ට බැරුවා වගේ.
      කුල ප්‍රශ්නය ගැන නම් පෝස්ට් එකක්ම දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. ලියන්ට තියෙන දේ ගොඩයි. අහන්ට තියෙනෙදේත් ගොඩයි. මම අකැමතිම දෙයක් දැන් කාලේ සිද්ධවෙන.

      @ටිකිරි,

      නිම්ශාට කීව දේම තමා ඔයාටත් කියන්ට තියෙන්නේ. වෙනම ලියලා බලමු. ස්තූතියි ටිකිරිට.

      Delete
  29. ලස්සනයි...
    නියමයි..
    සුන්දරයි...

    :-))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  30. මාත් කැමතිම ජාතියෙ කතාවක්. බොහොම හොඳට වනලා (පරිසරය) තියනවා.මං නං ඉතිං කොහොමත් ඔය වැනිල්ලට කැමති ෂතා නෙව, නැට්ට, දයාවතීගෙ වැනිල්ල ඔය කොයිකටත් කැමතියි :D

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් අයියා නම් දයාවතීට කැමැත්තෙන් හිටියා අපිට මතකයි. hikz.

      Delete
    2. හැබෑටම? :) එහෙනං උන්දෑ දයාවතී එක්ක හඳපානෙම යන්ට ඇති :D

      Delete
    3. ඒක තමා එයා දැන් පේන්න නැත්තේ. දුප්පත් දයාවතී:)))

      Delete
    4. මයෙ කට කහනවා කහනවා වගේ.. මං මේ කම්පනා කොරේ නරක දෙයක් මුකුත් කැවුනද කියලා.. :))

      Delete
    5. @ටොමි,

      හරි හරි අපි දන්නවා. ඒ කාලේ අපිත් හිටියනේ. :)

      @සමනලී,

      එයා දයාවතී අරගෙන පැන්නානම් අර වලව්වේ ඉන්නේ දයාවතීගේ හොල්මන වෙන්ට ඇති. එහෙම නැත්නම් එයාගේ නංගී වෙන්ට ඇති. :)

      @බූරා,

      අර නීතාට වගේ අසනීපයක්ද දන්නේ නෑ ඔයාගේ කට කහන්නේ :

      Delete
    6. මට හැදුනේ කට පරෙස්සම් කරගන්න බැරිඋන නිසා බඩේ අමරුවක්නේ. බඩේ අමාරුවට කට කහන්නෙ නැහැ. ඔය කට කහන්නෙ රැජින උපන්දිනේට කහඹිලියා කොල කැඳ එහෙම ඔය පැත්තෙ බෙදුවද දන්නෙ නැහැ :D :D :D

      Delete
    7. සිරිබිරිස් ගො‍ය්යා අර එ0ගලන්තෙන් ආපු කොල්ලා මැස්සො බීපු ගොයම් ගහක් වගේ කියපු දවස්වල ඉඳලම ආගිය අතක් නැහැනෙ.
      මට හිතෙන්නෙ දැන් ඇඟ වෙනස් කරන් එනව ඇති හෙහ් හෙහ් හෙහ්..

      Delete
    8. ඇඟ වෙනස් කරන්ට ගිහින් මොනවා කරගත්තද දන්නේ නෑ නේද? :D

      Delete
    9. අනේ මන්දා සිරිබිරිස් රොබෝ ටික්කොත් එක්ක වැඩ කරන්න ගිහින් රොබෝ ටික්කො සිරාව අමනුස්සයෙක් වත් කොලාද මන්දා......:D

      Delete
    10. එයත් රොබෝ කෙනෙක් වෙලාද දන්නේ නෑ. :D

      Delete
    11. ඔන්න බලහං සිරෝ උඹව රොබෝටික්කෙක් ගානට දාලා නෙවැ මුන්දැලා කතා කොරන්නෙ.. වටිනවද එහෙම කොරන්න මං අහන්නෙ..

      Delete
    12. Buratheno@. කවුද මෙයා සිරිබිරිස්?? මම එහෙම කෙනෙක්ව දන්නව ගොඩාක් කාලෙකට කලින් නම්..ඈ..හ්..!!

      Delete
    13. සිරිබිරිස් කියන්නෙ මෙයා ගජමෑන්ගෙ අයියා නේ.. :)

      Delete
    14. ඔන්න මම නම් කිව්වෙ අමනුස්සයෙක් කියලා හරිය

      ඔය රොබෝටික් කතාවලට මම නෑ සිරෝ......:D

      Delete
  31. පොඩ්ඩි අද වෙනස්ම කතාවක් ලියල..ලස්සනය්..ෆිල්ම් එකක් වගේ..හැබය් මම වැඩියෙන්ම කැමති පරිසරය සහ පසුබිම විස්තර කරලා තියන විදියට..මට මුල් ටික කියෝන කොට "Big fish " ෆිල්ම් එක මතක් උන..එකෙත් ඉන්නවා ඔය වගේ මන්තර කාරියෙක්..කමලගෙය් කුසුමගෙය් කතාව කියද්දී මතක් උන "The bengali night " ෆිල්ම් එක. එකෙත් අන්තිමට ඔය වගේ දුක කතාවක් වෙන්නේ හැබය් කුල නෙමෙය් ජාති .. බලල නැත්තන් බලන්න පොඩ්ඩි, hugh grant ඉන්නේ..හරි ලස්සනය්..

    ReplyDelete
    Replies
    1. "The Bengali night” කියන ෆිල්ම් එක බලලා තියනවා වගේ මතකයි. ආයම ගිහින් බලන්ට ඕනි. "Big fish " නම් බලලා නෑ. කොහේ ගියත් පරිසරය දිහා බලන හන්දා වෙන්ටැති පරිසරය ගැන වර්ණනා වෙන්නේ. මම කොහොමත් පරිසරයට ආදරේ කෙනෙක්.
      ගොඩාක් ස්තූතියි ඔයාට. :)

      Delete
  32. Replies
    1. You going to call the cops?

      Delete
    2. ඒ මුහුදු උඔ ඔලිම්පික් බලන්ඩ යන්නැද්ද? මට නං කීටැග් එකකුත් ලැබුනා....ෂා ඒකේ ලශ්ශණ...

      Delete
    3. මට නම් invitation එකක් හම්බ වෙලා තියෙන්නේ. යනවද නැද්ද කියලා හිතන ගමන්. :D

      Delete
    4. හපොයි එක පාරක් යාන්තන් බේරුනා
      මේ පාර කවුරු බේරගනියිද මන්දා:D

      Delete
    5. ඇයි ඔය දෙවිවරු ඉන්නේ....:D:D:D

      Delete
    6. බුද්ධි
      බොලාට කියන්ඩ ඔය ටිකට් විකුණන්ඩ පටන් ගන්න කාලෙම, මාස ගානකට කලින් අර අපේ බර උස්සන ගොයිය යන තරඟෙට ටිකට් ඉල්ලුව. කොඩියත් අරන් ගිහින්, හුරේ පාරක් දාල සප් එකක් දෙන්න බලන් හිටියෙ. කොහෙද, පොරව අයින් උනානෙ. :(

      පොඩ්ඩි
      ඔයා කවද්ද එන්නෙ? ඔය භුමි කම්පා, සුළි සුළං ගැන මිනිස්සුන්ව දැනුවත් කරල තියන්න ඕන නෙ. :D :D

      නිශ්
      දෙයියෝ බේර ගන්නකල් බලන් ඉන්නවලු :D

      Delete
    7. මුහුදු

      ඔව් බන් ත්‍රීහන්ඩ්‍රඩ් තර්ටි මිලියන් දෙවි දේවතාවුන් ගෙන් එක්කෙනෙක්ට හරි පෙනුනොත් වාසනව තමා.....:D

      Delete
    8. ඒ වුනාට බං ඔය ත්‍රීහන්ඩ්‍රඩ් තර්ටි මිලියන් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පවර් එක ‍මෙහාට වැඩකොරන්නෙ නෑ ‍නෙවැ.. ඒක නෙවැ පුරස්නෙ.. :))

      Delete
    9. Scotland yard එකටවත් කියල බලමු :D

      Delete
    10. උන්ටත් දැන් බජට් කපලා වැලේ වැල් නෑ නේද..?? මේ වගේ කේස්වලට අතගහන්න කැමැතිවේවිද දන්නෑ නේද..?? :D

      Delete
  33. මැක්සා කතාව අක්කේ. නියමෙට ගලපලා තියනවා. සුපිරි. මේවගේ හොල්මන් කතාවලට මම පට්ටම ආසයි. නීතා පුටුව පෙරලගෙන වැටුනාම මම හිතුවේ ඒ කුසුමාගේ අවතාරේ කියල.

    ReplyDelete
    Replies
    1. හී හී ඔයාගේ කමෙන්ට් එකට මට හොඳටම හිනා ගියා. ගොඩාක් ස්තූතියි සිතුම් මේ පැත්තේ ආවාටත්, ඔයාගේ කමෙන්ට් එකටත්.

      Delete
  34. පිස්සු හැදෙනවා....ලස්සනට ලියලා තියනවා......

    ReplyDelete
    Replies
    1. තරුවටත් ස්තූතියි. :)

      Delete
  35. ‍ගොඩක් බය වෙලා හිනා ගියා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් බය උනේ ඇයි? උදාහරණ සපයන්ට.
      හිනාගියේ ඇයි? උදාහරණ සපයන්ට.

      ග්‍රහලෝකාගාරය ඔයිට වඩා බය හිතෙන තැනක් නෙමේද? :)))

      Delete
  36. අපේ වීරවරියෝ තුන්දෙනා හිමිහිට සියඹලා ගෙදර දිහාට පියවර මැන්නා. කවුරුත් වැඩිය කතා කලේ නෑ. හඳ එළිය යාන්තමට තිබුනා. අඳුර මැදින් උලමෙක් කෑගෑවා.

    "බුදු අම්මෝ , ඒ මොකාද? " අංශු ඇහැව්වා."ඒ උලමෙක්, උලම කියන්නෙ බස්සෙක්, ප්‍රියා අයියා තමයි කිව්වෙ" නීතා කිව්වා. "මොකා උනත්, හරියට මර ල‍තෝනියක් වගේමයි" අංශු කිව්වා. 'කවුද ඔත්තු බලන්ට එලියේ ඉන්නේ ' පොඩ්ඩි ඇහුවා.

    'මම ඉන්නම්, කොහොමත් ඒක මගේ රස්සාවනේ' මෙච්චර වෙලා ලඟ ගහක වහලා හිටිය බස්සා කිව්වා. ගෙට ලංවෙනකොට හිමින් හමපු හුළඟ තද උනා වගේ පොඩ්ඩිට දැනුනේ. වටාපිටාවේ ගස් ඔක්කොම නැමුනේ ගේ පැත්තට. හරියට ගේ වට කරගන්ට වගේ.

    ඒත් එක්කම ගේ ලඟ පඳුරු ගොල්ලන් සර,බර සද්දයක් ආවා. "අර, අර අතන කව්ද ඉන්නවා, මනුස්සයෙක් නම් වෙන්න බෑ" ඒ නීතා. එතකොටම ඒ අමනුස්සයා පඳුරු බිඳගෙන අපේ වීරවරියෝ ඉදිරියට පැන්නා. ඒත් එක්කම කපාපු කෙහෙල් ගහක් බිම වැටෙනවා වගේ සද්දයක් ආවා., පස්සෙ බලනකොට හිටපු වීරවරියෝ තුන්දෙනා ගෙන් හිටගෙන හිටිය දෙන්නයි. නැට්ට වනාගෙන, වනාගෙන ආපු අමනුස්සයා "බුහ්" ගෑවා.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ආව හැටියේ මේකට උත්තර කතාවක් ලියනවා හොඳේ. හැබැයි අර වැටුනේ කවුද කියලා ලියලා නෑනේ. :)

      Delete
    2. //හැබැයි අර වැටුනේ කවුද කියලා ලියලා නෑනේ.// ඒක ඉතින් කියන්න දෙයක් නෑනෙ. දන්නෝ දනිති නෙ! :D :D

      Delete
  37. මොකද මන්දා මට ටොම් සෝයර් , හකල්බරි ‍ෆින් මතක් වුණානෙ.

    (හැමදාම පොඩ්ඩිගෙ කතා කියෙව්වාට කමෙන්ට් එකක් දාපු පළවෙනි හෝ දෙවෙනි දවස අද. මේ ලියන රටාවට මම කැමතියි)

    ReplyDelete
    Replies
    1. මට මතක තියන හැටියට දාන පලවෙනි කමෙන්ට් එක වෙන්ට ඕනි. ඔයාව දැකලා තියනවා තොටුපලේදී, කතන්දරලගේ ගෙදරදී සහ අස්වැන්නෙදී. ආදරෙන් පිලිගන්නවා වලව්වට.

      කමෙන්ට් එකටත් ගොඩාක් ස්තූතියි. :)

      Delete
    2. තොටුපළ ගැන කියල තියනව දැක්ක නිසා රූස් ගාල මෙතන්ට හබල් ගෑවා.බලනකොට අලූත් යාලුවො දෙන්නෙක් සැට් වෙලානෙ.. "හායි පොඩ්ඩි, දිස් ඉස් සිඳු. හායි සිඳු, දිස් ඉස් පොඩ්ඩි.. එහෙනම් දෙන්නා කතාකර ඉන්න. ඕන් අපි ගියා. හැබැයි දෙන්නා සන්ඩු වෙනව එහෙම නෙවි ඔන්..."

      Delete
  38. මේක රිපීට් ටෙලිකාස්ට් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග්කාස්ට්...

      Delete
    2. @කතන්දර,

      මේක කලින් තිබුනද? මම දැක්කේ නෑනේ. :D

      @බුද්ධි,

      :D:D:D

      Delete
  39. සොල්මන් කතාවක් නේ..

    කුල මල භේද ගැනනම් ඉතින් හැමදාම කතව නවතින්නේ එකම තැනක.. හැමෝම කැමති එවා අමතක කරන්න.. ඒත්..

    ReplyDelete
    Replies
    1. මොකෝ ඒත් කියලා නැවැත්තුවේ. පිරිසිදු ආදරේ හැම තැනම් ජය ගන්නවලු.බිඳෙන්නේ ස්ථිර ප්‍රේමය නෙමේ. ඔය කුල, මල වලට ඒවා නවත්තන්ට බෑ. :)

      Delete
    2. ඒත් කියලා නැවැත්තුවේ අක්කේ.. තාම මිනිස්සු පරණ මත එක්ක ජිවත් වෙන නිසා..

      එකගයි.. සැබෑ ආදරේකට ඕවා බාදා නෙමෙයි.. එහෙම භාදක බිදලා ජයගත්තු කතා අපි ඕන තරම් අහලත් තියෙනවනේ..

      Delete
  40. ලංකාවෙ තාම තියනවද කුලබේදය​...ලඟදි මගෙ හොඳ යාලුවෙකුගෙ අවංක ප්‍රේමයට බාධාවක් උනේ, උඩ රට පහත රට බේදය​.මං හිතෙන හැටියට බොහෝ දුරට මතු පරම්පරාව ඔය ප්‍රශ්නෙන් නිදහස් වෙ.කොහොම උනත් හරිම අපූරුවට කුතුහලයක් ඇතිකරමින් ඉතාමත්ම ලස්සනට ලියලා තියනව කථාව​,පොඩ්ඩි!:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔයාට. ඔව් කුල භේදය කියන එකත් තාම තියනවා මගෙ හිතේ. උඩරට, පහත රට භේදයත් තදින් තියන එකක් තමයි. මට හිතාගන්ට බැරි භූවිෂමතාවය කියන එක විවාහයකට බලපාන්නේ කොහොමද කියලා. :)

      Delete
    2. උඩරට උන්ට කන්දක් නගින්නම ඕනෙ, පහතරට උන්ට කදු අරහන්. ඉතින් එකෙකුට තට්ටු දෙකේ ගෙයක් ඕනෙ ,අනිකට තනි තට්ටුවේ ගෙයක් ඕනෙ. ඉතින් එක වහලක ජීවත් වෙන්න අමාරුයි.

      Delete
    3. මේ කතාව නම් ඇත්ත. හැබැයි දැන් කාලේ නම් මේ දෙගොල්ලන්ම වෙනස්වෙලා කියලා හිතෙන්නේ නැද්ද? පොඩ්ඩි හීන, බල, බලා ඉන්නේ තනි තට්ටුවේ ගේකට යන්ට. මොනවා හින්දවත් නෙමේ ලමයි එහෙම ඉන්න කාලෙක එයාලා බෙල්ල කඩාගනී කියලා බයේ. :)

      හැබෑට පහතරට අයට කඳු පෙන්නන්ට බැරිද? එහෙමනම් ඔය සිරීපාදේ නගින්ට එහෙම යන්නේ...:)

      Delete
  41. ගිම්හානයේ මැදියම් රැයක හොල්මන් වගේ කතාවක්!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. Midsummer Night's Dream කියවලා තියෙනවද? :)

      Delete
  42. ලස්සන ශෛලියකට ලියලා තියෙනවා. හරියටම ලමා කතාවක් වගෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔයාට. :)

      Delete
  43. ලස්සන කතාවක්..පොඩි හොල්මන් ගතියකුත් තියනවා...ඇත්ත එකක් නෙමෙයි නේද ? :)

    නපුරු වැඩ කරාම විඳවන්න වෙනවා තමා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත කතාවක්. පොඩ්ඩි බොරු කියන්නේ නෑනේ. හී හී...

      Delete
  44. පොඩ්ඩි අක්කේ, ලස්සනම ලස්සන කතාවක්... මට හිතාගන්න බෑ මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන ඔයා ලියපු එකක්ද, නැත්තම් තනිකරම ඔයාගෙ නිර්මාණයක්ද කියලා - කොහොම උනත් හරිම ලස්සනයි කතාවත්, ලියලා තියෙන විදිහත්.

    ඔන්න කතාව ඊයෙ මුලින්ම කියවගෙන ගියහම මට මුලින්ම හිතුණේ මෙන්න මේකයි:

    /*ඒකේ වැඩ කරපු තරුන චිත්‍ර ගුරුවරයෙක් එක්ක මම හාද උනා. ඒ කාලේ ගම හොල්ලපු පෙම් කතාවක්*/ හප්පොච්චියේ!!!!

    ඔහොම හිතිලා වෙන මුකුත් හිතාගන්න බැරුව මං මගේ අනිත් වැඩ කරන්න ගත්තා, පස්සෙ ආයෙ කියවලා ලොකු කමෙන්ට් එකක් දානවා කියලා හිතාගෙන. ම්හු, ඒත් කතාව හිතෙන් අහකට ගියෙම නෑ. මට වැඩ කරන්න නොදී ඔන්න අර ඔයාලා හැමෝම අඳුරන සිත්තමී ආවා මගෙ ඔළුවට. ඊලඟට ඉතිං එයා තමයි මේ කතාව ගැන කල්පනා කළේ. එයාට මුලින්ම හිතුනේ:

    "හපොයි මයෙ සිත්තරාව හෙම ඒ පළාතෙවත් එක්ක යන්න නරකයි..."

    ඔන්න ඉතිං ඔහොම හිතුණා විතරයි සිත්තමීගේ හිතට එක දිගට කතන්දරයක් ගලාගෙන එන්න පටන්ගත්තා. ඒක මං අද කොහොමහරි දාන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. හී හී...සිත්තමී බය උනාද? ඔයාගේ සිත්තරා ඔය වගේ කෙනෙක් නෙමේනේ.
      ගොඩාක් ස්තූතියි සිත්තමී...බලං ඉන්නවා ඔයාගේ රසවත් කතාවක් කියවන්ට.

      නිර්මාණයක් පමනයි. හැබැයි මේ වගේ වැඩ අනන්ත කරලා තියනවා...

      Delete
  45. මරු... ඒත් පුංචි අපි ටිකක් විතර භය වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. අනේ චූටි බබා...ලඟදිම මනමාලියෙකුත් ගේන්ට යනවානේද? :D

      Delete
  46. @පොඩ්ඩි,

    දුක්බර ලස්සන කතාවක්, මේ වගේම නොවුනත් මීට සමාන අත්දැකීමක් මටත් තියනවා.
    අපි 5වසර වගේ ඉන්න කාලේ අපේ දහම් පාසලේ උගන්නපු අක්ක කෙනෙක්ගෙ න0ගි කෙනෙකුත් ඔය වගේ නොගැලපෙන කුලයක කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා.මේ අක්කා කොහොම හරි ඒ කොල්ලට මෙයාගෙ න0ගිව එපා කෙරෙවුවා. අන්තිමේදි දවසක් න0ගි එයාගෙ කාමරේ එල්ලිලා මැරුනා.
    මේ අක්කට පිස්සු නම් හැදුනෙ නැහැ, ඒත් එයා ජීවිත කාලෙම අවිවාහකව ඉන්න තීරණය කළා.
    අනේ මන්දා මේ කුළ නම් මොනවද?
    එදා සුනාමි රැල්ලට ඇදගෙන ගියේ පහත් කුලවල අය විතරද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ කතාව අහනකොට ඇඟත් එක්ක හිරි වැටෙනවා. තමන්ගේ ලමයින්ගේ සතුට සලකන කිසිම දෙමව්පියෙක් මේ වගේ වැඩ නොකරයි කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වෙලාවට දෙමව්පියන් හොයන්නේ තමන්ට ගැලපෙන අය මිස තමුන්ගේ ලමයින්ට ගැලපෙන අය නෙමේ.

      කුල භේදය කරන්නේ හදාගත්තු දෙයක් ඔය උඩරට පහතරට භේදය වගේම. කලින් තිබුනු දේවල් නෙමේ.

      //එදා සුනාමි රැල්ලට ඇදගෙන ගියේ පහත් කුලවල අය විතරද?//
      හොඳ ප්‍රශ්නයක්!!!

      Delete
    2. දෙමවුපියොත් කමක් නැහැ, මේක කරේ එයාගෙ අක්කා. අක්කා දැන් වයසයි දැනටත් කවුරු හරි න0ගි ගැන මතක් කරොත් ඇස් දෙකෙන් කඳුලු වැටෙනවා.

      Delete
  47. හප්පා දෙතුන් පාරක්ම කියෙවුවා මේක නම් මේ පොඩ්ඩි ලියපු එකක් නෙවෙයි..

    කෝ මේකේ පිරිමින්ගෙ වැරැද්දක් කොතනකවත් නෑ නේ.
    අනික වැරදි වැඩේ කරලා තියෙන්නෙත් ගෑනු කෙනෙක්.

    පොඩිකුමාරිහාමිගෙ බ්ලොග් පෝස්ට් එකක් එහෙම වෙන්න පුලුවන්ද මන් අහන්නෙ.....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් දැන් චේන්ජ් වේගන යනවා. ඉස්සරහට පිරිමින්ට බනින්ටම වෙන්නේ නැතිවෙයි. දුකේ බෑ. :(

      Delete
    2. අනේ එහෙම කරන්න එපා..දුකේ බෑ...හිකිස්..!! :D:D

      Delete
    3. නිශ්,

      //කෝ මේකේ පිරිමින්ගෙ වැරැද්දක් කොතනකවත් නෑ නේ.//

      මොකෝ බන් නැත්තෙ. අර කියල තියෙන්නෙ ඉස්කෝලෙ මහත්තය දාල ගියැයි කියල. ඔය කිව්වට ඉතින් පොරට කරදරේ ඉවසගන්න බැරුව ගමෙන් ගියාද කව්ද දන්නෙ :D

      Delete
  48. බොරු කියන්න ඕනෙ නැහැ මම නම් බයයි. කතාව කියවනකොටත් මට හීන් දාඩිය දැම්මා. ඒ උනාට ලස්සන කතාව පොඩ්ඩි අක්කා.පව් වැඩේ නීතා :)

    ReplyDelete
    Replies
    1. බයගුල්ලි. නීතාත් බයගුල්ලියක් තමයි.:D:D:D

      Delete
  49. කවුරුත් කියන්න වගේ මටත් කියන්න තියෙන්නෙ මේ කතාව ටෙලියකටනම් අපූරුයි කියලා. හැබැයි තව ආලවට්ටම් ටිකක් එකතුකරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දෙන්නා පෙමින් වෙලිලා ගමේ කරක් ගහන හැටි, හඳපානේ ගව ගාල ලඟදි මුණ ගැහෙන හැටි. කොච්චර නම් ආලවට්ටම් දැම්ම හැකිද නේද? සුමිත්ගේ අදහස නරක නෑ. :D

      Delete
  50. හෑ, ගව ගාල ලඟදි? ඒ මොන ඈන්නෑවකටද? කිරි බොන්ට වෙන්ටෑ? :)

    ReplyDelete
  51. අපේ පොඩි මැණිකෙයි, නීතා නෝනයි, අන්ශු නෝනයි දවසක්දා රහසෙන්ම හොර ගමනක් ගිහින් කියලා අපි දැනගත්තේ පහුවදානේ. ඒ විස්තරේ ඇහැව්වාම මාවනං හීතල වෙලා ගියා. මෙච්චර කල් ගමේ උන්නට මං ඔය මන්තර ආච්චිගේ ගෙවල් දිහාවට අඩියක් තියලා නෑ. තුන් දෙනත් එක්ක බය නැතිව රෑ තිස්සේ තනියම ගිය හැටි! ලොකු මැණිකේ හෙම දන්නවනං මෙතන විසුමක් වෙන්නෙ නෑ. ඇයි අර ආරස්සක මණ්ඩලේ! උන්දැලාටවත් කියලා නෑ නෙව. ඉතිං උදැහැනැක්කේ ඔය විස්තරෙත් අහගෙන මං ආයෙම වේලාසන ගෙදර ආවේ එදා මයෙ සිත්තරා අපේ දිහා එන හන්දා.

    එදා අපෙ අප්පච්චිත් ගෙදර. සිත්තරා ආවට පස්සේ මාමලා බෑණලාගේ රටතොට විත්ති කතාබහයි, නැන්දම්මයි නෑනණ්ඩියි එක්කලා ඕපදූප කතාබහයි අහවර වෙලා එයැයිට මං එක්කලා කතා කරන්ට මතක් උනේ දවල් කෑමත් කාලා හමාර උනාට පස්සෙයි. මං ඉතිං මාසයක් පුරා කියන්ට හිතාන උන්නු එව්වා එක එක මතක් කරලා කියන්ට ගත්තා. මං උන්නේ අපේ මිදුලේ අඹ ගහේ බැඳලා තිබ්බ ඔංචිල්ලාවේ වාඩි වෙලා එහෙට මෙහෙට පැද්දි පැද්දි. අක්කයි මායි පුංචි සන්දියේ අප්පච්චි බැඳලා දුන්නු ඔංචිල්ලාවට අපි තාමත් ආදරෙයි. සිත්තරා වාඩි වෙලා උන්නෙ ගහ යට ලී බංකුවෙ. ඔය කතාබහ අතරෙදි වළව්ව ගැනයි පොඩි මැණිකෙලා ගැනයි කියද්දි මට එකපාරටම මතක් වෙලා උදේ දැනගත්තු කතාන්දරේ කිව්වා. මන්තර ආච්චි ගැන. සිත්තරාත් ඔළුව වන වන අහං උන්නා.

    "අපි යංකො එහෙ..." මං කතාව කියලා අහවර උනාම එයැයි කිව්වා.

    "කොහෙද?" මගෙ ඇස් දෙක ලොකු උනා.

    "ඔය කියන පරණ ගෙදරට..."

    "හපොයි බෑ!!!" මට මං එහෙ යනවටත් වඩා බය හිතුණේ සිත්තරාව එහෙ එක්ක යන්න. ඇයි මේක ඒ සන්දියෙ උන්නු සිත්තර ගුරුන්නාන්සේ කෙනෙක් හන්දා වෙච්චි හුටපටයක් නෙව. ඉතිං උන්දැය කියල රැවටිලා මයෙ සිත්තරාට හෙම බැල්ම දැම්මොතිං මොන දෙයියන්ට කියන්ඩද!

    "ඒ ගෑණු කෙනාට ඉතිං අක්කා නැති වෙච්චි දා ඉඳංම ඔහොම සිහිකල්පනාව නැද්ද?"

    මං හිතුවෙවත් නෑ සිත්තරාට මේ ගැන මේ හැටි උනන්දුවක් ඒවි කියලා. දන්නවනං මං මේ විස්තර කියන්නෙත් නෑ. දැං ඉතිං මක් කරන්ඩද. "වළව්වෙ අප්පුහාමි මාමා කිව්වා - උන්දැගෙ ගෙවල් තියෙන්නෙ ඔය කියාපු ගේ පේන මානේ - මුල කාලෙදි ඒ ගෑණු කෙනාට ඇත්තටම පිස්සු ගතිය තිබ්බලු. තනියම කියවනවා, හිටපු ගමං යටි ගිරියෙං කෑ ගහනවා, තමංගෙම අත පය තුවාල කරගන්නවා - ඔහොම දේවල්. ඒ මනුස්සයාව කීප විටක් ඉස්පිරිතාලේ එක්ක ගිහිං තියෙනවා. ටික දවසකින් ආයෙ හොඳ වෙලා කියලා එවනවා, ආයෙම වැඩි වෙලා ආයෙ එක්කං යනවා... ඔහොම ගිහිං හැබැයි දැනට අවුරුදු දහයක දොළහක විතර කාලේ ඉඳං ඒ තරං දරුණු නෑලූ - දැං තියෙන්නෙ සිහිකල්පනාව නැති කම විතරයිලු..." මං දැනං උන්නු සම්පූර්ණ විස්තරේම එයැයිට කිව්වා.

    "හ්ම්ම්..." ඔන්න ටිකක් වෙලා කල්පනා කළා. "මේ, අපි යංකො එහෙ..."

    "අනේ මට බෑ!!!"

    "ඔහොම ඉන්න, මං අප්පච්චිලාගෙං අහලා එන්නං..." සිත්තරා නැගිටලා ගේ ඇතුලට ගිහිං ඉක්මණටම ආයෙ ආවා. මූණෙ හිනා කටයි. "යං යං... අප්පච්චිලා හා කිව්වා....."

    මට විශ්වාස නෑ. "කොහෙ යනවා කියලද කිව්වෙ?" මං ඇහැව්වෙ නළලත් රැළි කරගෙන.

    "අප්පුහාමි මාමලාගෙ දිහෑ..."

    "හනේ හනේ!" මං ඔංචිලාවෙන් නැගිටලා ඉනට අත් දෙකත් තියාගත්තා.

    "ඉතිං මහ දුරක් නෑනේ එහෙ ඉඳං... යංකෝ..."

    "අනේ අයියේ දැං හැන්දෑ වෙන්නත් ආවා, මේ වෙලාවට ඒ පැත්තේ යන්න හොඳ නෑ..."

    "මොකද හොඳ නැත්තෙ? අර පොඩි මැණිකෙලා මහ රෑ ගිහිං ආවයි කිව්වේ... කෙල්ලො තුන් දෙනෙක් තනියෙං ගියානං ඔයාට මොකෝ මං එක්ක යන්න බය? යං යං බොරු නැතුව!"

    "මොකද ඔය හැටි ඕන කම?"

    "අපිත් ගිහිං කතා කරමු ඒ ගෑණු කෙනත් එක්ක. එහෙ ඇති පරණ ඇඳපු සිත්තර හිටං, මට බලත හැකි..." හපොයි!!! "මේ, ඔන්න ඔයා එන් නැත්තං මං තනියම යනවා හරිද!" කිව්වත් වගේ ඔන්න ගියා! කඩුල්ලත් පැනලා යනකල් මං බලං උන්නා දැන් නතර වෙයි, දැන් නතර වෙයි කියලා. ම්හු! මෙයැයි කොහොමත් ඔය අමුතු පහේ වැඩ වලට ආසයි නෙව. මාව අඳුනගත්තු මුල් කාලේ කරාපු විගඩං මට මතක නැතුවය! මං සැරයක් හැරිලා අපේ ගේ දිහාවෙ බැලුවා. ඊට පස්සෙ දුවං ගිහිං කඩුල්ලෙං පැනලා ඈත යන සිත්තරා ලඟට යනකල්ම දිව්වා.

    ReplyDelete
  52. මන්තර ආච්චිගේ ගේ දිහාවට ලං වෙන්න ලං වෙන්න මගේ හිතේ බය ටික ටික වැඩි උනා. "අනේ අපි ආපහු යංකෝ..." මං කිව්වෙ සිත්තරාගෙ කමිස අතිනුත් අදින ගමං.

    "මොකෝ ඔයාට බයද?" එයැයි ඒ ගමන ඇහැව්වෙ ඔලොක්කු හිනාවකුත් දාලා. මං බය මං ගැන නෙවෙයි එයැයි ගැනමයි කියලා තේරෙන් නැද්ද මන්දා!

    එතනිං එහාට සියඹලා ගහ පේන මානෙට එනකං මං නෙවෙයි 'හුම්' සද්දයක්වත් කළේ. ඒත් ඉතිං පළාතම අන්ධකාර කරගෙන, අපි එනකං මග බලං ඉන්න රාස්සයෙක් වගේ ඉස්සරහා පේන සියඹලා ගහ දැක්කාම මාව වෙව්ලන්න ගත්තා. මං ඇත්තටම බය වෙලා කියලා තේරුණ නිසාදෝ සිත්තරා හෙමින් සැරේ මයෙ අතින් අල්ලගත්තා. ඒ ගමන වෙව්ලිල්ල මදිවට මට හීන් දාඩියත් දැම්මා. මෙච්චර කාලෙකට මයෙ අතින් අල්ලලා තියෙන්නෙ කලින් වතාවක හෝ ගාන පොකුණ බලන්න ගියපු දොහේ විතරයි. අපි දෙන්නා වත්තට ඇතුල් උනා. කළින් වතාවේ පොඩි මැණිකෙලාටත් දැනුනා කිව්ව අමුතු හුළඟ අපි දෙන්නටත් දැනුනා. මං සිත්තරා දිහා බැලුවා. මෙන්න එයා හිනා වෙවී සියඹලා ගහ දිහාවෙ බලං ඉන්නවා. මං දැනගත්තා! මං දැනගත්තා!! මේ ගහේ සියඹලා කන අය මන්තරකාරිට වශී වෙනවලු. මෙයැයි කන්න කළින්ම වශී වෙලා. මට ඇඬෙන්න ආවා. "මොකද මේ?" එයැයි මයෙ දිහා බලලා ඇහැව්වා. ඊලඟට හිනා උනා. "බය වෙන්න එපා, මං ඉන්නවනේ..." එයැයි වැටිලා තිබ්බ සියඹලා කරල් දෙක තුනක් අහුලගෙන මට දික් කළා. "කමු.. මේ - මේ ජාතිය හරි රහයි... අපේ ගමෙත් තියෙනවා...." එයා කරලක් පලලා අරං සියඹලා කන්න ගත්තේ මං කතා කරගන්න බැරුව බලං ඉන්දැද්දි.

    එක පාරටම සියඹලා ගහ පිටිපස්සේ තිබ්බ පරණ ගෙයි දොරක් ඇරෙන සද්දෙ ඇහුණා. මං සිත්තරාගෙ ඇඟේ එල්ලුනා. එයාගේ අතේ ඉතිරි වෙලා තිබ්බ සියඹලා ටික උදුරලා අරං මං කටේ ඔබාගත්තා. වෙන දෙයක් දෙන්නටම වෙච්චදෙං. ඇරුණු දොර ලඟින් අඩි සද්දයක් ඇහුනා. මගේ වෙව්ලන අතත් අල්ලගෙන සිත්තරා ගහ යටින් එහාට උනා. දොරකඩ හිටගෙන හිටියෙ මන්තර ආච්චි! එයාව දැකලා සිත්තරාගෙ හිතත් ටිකක් එහෙට මෙහෙට වෙච්ච බව මට තේරුණා. ඉර බැහැගෙන යන වෙලාවට පැතිරෙන ගොම්මන් කළුවර ඒ වත්තට වේලාසනම ඇවිල්ලා වගේ. ගේ පිටිපස්සෙ තිබ්බ කැලෑව දිහාවෙන් ඒ වෙනකොටත් වවුලන් කෑ ගහන සද්දෙ ඇහෙන්න පටන්ගෙන තිබ්බෙ. මට එකපාරටම මතක් උනේ පොඩි මැණිකේ හැම තිස්සෙම කියන මිනිස්සුන්ගෙ ලේ බොන මනුස්ස පෙනුමක් තියෙන වවුලො ජාතිය ගැන. මන්තර ආච්චිගේ ඇස් දෙකේ තිබ්බෙ 'කවුද මගේ සියඹලා කෑවේ?' කියලා අහන්නා වාගෙ බැල්මක්. ඒ බැල්මට යටින් 'තව කාපල්ලා, තව කාපල්ලා' කියන්නා වගේ කපටි හිනාවකුත් මට පෙනුනා. මං හෙමීට හැරිලා ගේට්ටුව දිහාව බැලුවා. අනේ අපි හිටපු තැන ඉඳං ගේට්ටුව ලඟට දුර වැඩියි, අපි ලඟ ඉඳං මන්තර ආච්චි හිටපු තැනට දුරට වඩා. මං ආයෙම ඉස්සරහට හැරෙද්දි මන්තර ආච්චි අඩි දෙකක් අපි දිහාවට ඇවිල්ලා. මං සිත්තරා දිහාව බැලුවා. එයාටනං මෙහෙන් යන්න හිතක් නැද්ද කොහෙද. පරණ ගේ දිහාවයි, ගේ වටේ තිබ්බ පරණ තාලෙ ගස් දිහාවයි බල බල හිටියෙ. මං ආයෙ මන්තර ආච්චි දිහා බලද්දි එයා තව අඩි දෙකක් ලඟට ඇවිත්. මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. මං සිත්තරාව මුවා කරගෙන ඉස්සරහට අඩියක් තිබ්බා. මයෙ සිත්තරාව මං කාටවත් දෙන්නෙ නෑ! සිත්තරා පුදුම වෙලා මාව අහකට තල්ලු කරන්න හැදුවත් මං හෙල්ලුනේ නෑ. "පිස්සියෙ, මොකද මේ?" එයා පාත් වෙලා රහසෙන් මගෙන් ඇහැව්වා. මට කේන්ති ගියා. "මමද පිස්සි? අර ඉන්නෙ - " කියලා හැරෙන කොටම මන්තර ආච්චි මගෙ මූණ ඉස්සරහා. මං වැටෙන් නැතුව බේරුණේ සිත්තරා මාව අල්ලගත්තු නිසා.

    "ඔය ළමයා සිත්තරෙක් නේද?" මං ජීවිතේටම අහලා තිබ්බෙ නැති ඒ දිරාපත් වෙච්ච කටහඬින් මන්තර ආච්චි ඇහැව්වා. හරි, මේ මන්තරකාරියෙක් තමයි. නැත්තං කොහොමද දැනගත්තෙ -

    "ඔව් ආච්චි අම්මේ..." සිත්තරා උත්තර දුන්නේ මාව අල්ලගන්න ගිහිං බිම වැටිච්ච පින්සල්-පාට මල්ලයි, කොළ රෝලයි ආපහු ඇහිඳගන්න ගමන්. හරිනේ, ඒවා දැක්කාම ඕන කෙනෙක් දන්නවනේ මේ සිත්තරෙක් කියලා. මං යන්තං කෙළින් හිටගත්තා. ඒත් තාම වෙව්ලනවා.

    "මගෙ සිත්තරාව අඳුනනවද?" ඒ ගමන මන්තර ආච්චි ඇහැව්වෙ රතු පාට වෙච්ච හැන්දෑ අහස දිහා බලාගෙන.

    "අඳුනන්නෙනං නෑ.. ඒත් අපි ආවේ ආච්චි අම්මගෙන් ඒ විස්තර දැනගන්න තමයි..."

    මන්තර ආච්චි දිග හුස්මක් පිට කළා. ආපහු අර අමුතු හුළඟ සියඹලා ගහේ අතු වනාගෙන වත්ත හරහා ඇදිලා ගියා. "ගෙට ආවනං..."

    මං බැහැයි කියන්න ඔළුව වැනුවා. සිත්තරා මාවත් ඇදගෙන මන්තර ආච්චිගෙ පස්සෙන් ගෙට ගියා. ගේ සාලෙ මැද්දෙ ලන්තෑරුමක් පත්තු කරලා තිබ්බා. ඒකේ එළිය සාලේ තිබ්බ පරණ ලී බඩු වලට වැටිලා මතු කරාපු අඳුරු හෙවණැලි ඒ මේ අත හෙලවෙන දැල්ලත් එක්කම නැටුවේ අවතාර වගේ. මාව පුටුවකින් ඉන්දවලා සිත්තරා සාලෙ වටේම බිත්ති වල එල්ලලා තිබ්බු පරණ පින්තූර දිහා බලං ඉන්න ගත්තා. ඒ පරණ ගෙදර ඉස්සර ඉඳපු උදවියගේ පින්තූර. මන්තර ආච්චි තව ඉටිපන්දමක් පත්තු කරගෙන කාමරයක් ඇතුලට යනවා මං දැක්කෙ ඔය අතරෙදි.

    ReplyDelete
  53. "අනේ අපි ඉක්මණට පැනලා යමු..." මට ඒ වෙද්දිත් හිතුණේ අපි මන්තරකාරියෙකුට අහුවෙච්ච හිරකාරයො දෙන්නෙක් වගේ. සිත්තරාගෙන් සද්දයක් නැති නිසා මං එයැයි උන්නු දිහාව බැලුවා. මෙන්න, කවුදෝ ලස්සන ගෑණු ළමයෙක්ගෙ පින්තූරෙ ඉස්සරහා හිටගෙන භාවනා කරනවා! මං නැගිටලා ලඟට ගියා. මං ලඟට ආපු බව දැනිලා එයා හෙමිහිට ඔළුව මා දිහාට හැරෙව්වා. ඒත් ඇස් දෙක තාමත් පින්තූරෙ. "නගා... මේ කවුද?"

    මාත් හොඳට බැලුවා. "හරියටම කියන්ඩනං දන්නෙ නෑ - " මං ඊට එහා තිබ්බ රූපෙ දිහා බැලුවා. තවත් ගෑණු ළමයෙක්. කළින් පින්තූරෙ ඉන්න කෙනා තරම්ම ලස්සනක් නැති උනත් ඒ මූණු දෙක ටිකක් එක වගේ. "සමහර විට අර කතන්දරේ ඉන්න අක්කයි නංගියි වෙන්න ඇති මේ ඉන්නේ - කමලයි, කුසුමයි..." මං කල්පනා කරලා උත්තර දුන්නේ මන්තර ආච්චි එනවද කියලා හැරිලත් බලලා. එයා තාම කාමරේ මොනවදෝ අදින සද්දයක් ඇහෙනවා. අපි දෙන්නව උයලා කන්ඩ ලිප ලෑස්ති කරනවද දන්නෙ නෑ! ඔන්න මට හිතිච්ච එක! පුංචි සන්දියෙදි මන්තරකාරියෝ ඉන්න සුරංගනා කතා පොත් කියෝලා තියෙන්නේ මං විතරනෙ ඉතිං, සිත්තරාට පොත් අරහං - එයැයි ඔව්වා කියෝලා නෑ... "මේ අපි යං... දැං අම්මලා බයවෙලත් ඇති මෙච්චර පරක්කු මොකද කියලා..."
    සිත්තරා බර කල්පනාවක. ඒ කල්පනාවේ ඉඳගෙනම මං කියාපු කාරණාව ගැන වගේ වගක් නැතිව එයැයි කතා කළා. "නගා, මේ ඉන්න ආච්චි අම්මට අර දරුණු අසනීප ගතිය ඇරුණයි කිව්වෙ කොයි කාලෙද?" මේ මොන රහස් පරීස්සනයද්ද කියලා මං කටත් ඇරං එයැයි දිහාව බැලුවා. "කියන්න මට... මං මේ පින්තූරෙන් ඇඳපු චිත්‍රයක් දැකලා තියෙනවා මීට කළින්... ඒකයි ඇහැව්වේ...."

    "අවුරුදු දහයකට දොළහකට කළින්..." කාමරේ මොනවදෝ 'දඩස්' ගාලා වැටෙන සද්දයක් ඇහුනා. මට ඕන උනේ පුළුවං ඉක්මණට එහෙං යන්න. ඒත් සිත්තරා...

    "මගෙ ගුරුන්නාන්සෙගෙ ගෙදර මේ පින්තූරෙ ඉන්න ගෑණු ළමයා වගේම ඇඳපු චිත්‍රයක් තියෙනවා. ඒක ගුරුන්නාන්සෙගෙ ලොකු මාමා ඇඳපු චිත්‍රයක්... ඒ ලොකු ගුරුන්නාන්සේ නැති උනේ මීට අවුරුදු දොළහකට උඩදි..."

    "ඉතිං?" මට මේ හතරබීරි කතාවේ අගමුල ගලපගන්න බෑ.

    "මේ කතාවේ ඉන්න චිත්‍ර ගුරුවරයා ඒ ලොකු ගුරුන්නාන්සේ වෙන්න බැරිද?" පොඩි වෙලාවකට මයෙ දිහා බලපු සිත්ත්තරා ආයෙම පින්තූරෙ දිහාවට හැරුනා. "මයෙ ගුරුන්නාන්සේ කියලා තියෙනවා - ලොකු මාමා කවදාවත් බැන්දේ නෑලු... වතාවක් බඳින්න ලෑස්ති වෙලා උන්නට හදිසියෙම ගමෙන් යන්න උනාලු... නංගිලා දෙන්නයි අම්මවයි බලාගෙන ඉඳලා තියෙන්නේ ඒ ගුරුන්නාන්සේ, ඉතින් එයාලගෙ ආරක්ෂාවට ඒ තීරණේ ගන්න වෙලා.. පස්සෙ ගෑණු ළමයව එක්කගෙන යන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ, ඒත් ඊට කලින් ඒ ළමයා ජීවිතේ නැති කරගෙන - මේ කතාවෙ වගේමයි... ඒ ලොකු ගුරුන්නාන්සෙගෙ බාල නංගිගෙ පුතා තමයි මගේ ගුරුන්නාන්සේ..." මං පුදුම වෙලා සිත්තරා දිහා බලං උන්නේ ඒ කතාවයි, මේ කතාවයි ගලපගන්න හදන ගමන්.

    ඒත් අපි දෙන්නගෙම කල්පනාව බිඳලා දැම්මේ එකපාරටම එක පාරටම ඇහිච්ච කටහඬක්. "මේං ඇවිදිං බැලුවනං......" වතුර පැහිලද කියලද... මට ආයෙත් විකාර හිතෙන්න ගත්තා. ආපහු හැරිලා සද්දෙ ආපු දිහාව බලද්දි මගේ කටේ කෙලත් හිඳිලා. මන්තර ආච්චි විසාල කොල ගොඩක් උස්සගෙන ඇවිදිල්ලා කණප්පුව උඩ තිබ්බා. "මේ ඔක්කෝම එයා ඇඳපුවා..."

    ReplyDelete
  54. සිත්තරා විගහට එතනට ගියා. තව ඩිංගෙන් එයාගෙ ඇඟේ හැප්පිලා පරණ ඔරලෝසුවත් ඇද වෙනවා. ඒකට රිදෙන්න ඇති කියලා මං ඔරලෝසුව හෙමිහිට අතගාලා උඩ බැලුවේ වෙලාව දැනගන්න. දෙයියනේ!!! දොළහයි!!! පොඩි මැණිකෙලා එද්දිත් වෙලාව දොළහයි! හරි... හරි... මට මතක් උනා. ඔරලෝසුව නැවතිලා තිබ්බේ. පොඩි මැණිකෙත් රෑ දොළහද, දවල් දොළහද කියලා හිතන්න ගියේ නෑ කිව්වා... ඉතිං මං මොකටද හිතන්නේ. මාත් විගහට ගියා සිත්තරා සිත්තර බල බල හිටපු තැනට. "මේ... ඒවා තමයි....." කුඹුරු යායක ලස්සන සිත්තර ගොඩක් පෙන්නලා සිත්තරා මට රහසෙන් කිව්වා. මන්තර ආච්චිත් පැත්තකින් පුටුවක වාඩි වෙලා සිත්තර දෙක තුනක් වටේට තියාගෙන කල්පනා කරනවා. මාත් සිත්තරා ගාවිං ඉඳගෙන වැලමිටි දෙකත් මේසෙට තියාගෙන සිත්තර දිහා බැලුවා. හැබෑම ලස්සනයි. වැඩි හරියක් තිබ්බේ ගහ කොළ, දිය ඇලි එහෙම ඇඳපුවා. මයෙ සිත්තරා වැඩියෙන් අඳින්ට ආස මිනිස් රූප. මේ අතරත් මිනිස් රූප ඇඳපුවා කීපයක් තිබ්බා.

    "මේ ඉන්නේ මායි අක්කයි..." එකපාරටම උඩට මතු වෙච්ච සිත්තරයක් අතට ගත්තු මන්තර ආච්චි කිව්ව කතාවෙන් අපි දෙන්නම බිරාන්ත උනා. මේ ඉන්නේ නංගි, ඒත් එයා හිතං ඉන්නේ එයා අක්කා කියලා - එතකොට දැං මේ කිව්වෙ මොකද්ද... මන්තර ආච්චි ඒ පින්තූරෙ දිහා බලං හිටියා. වතුර හිඳෙන්න ලං වෙච්ච ලිං පතුලක් වගේ අන්දකාර වෙලා තිබ්බ ඒ ඇස් දෙක ආදරෙන් පිරෙන්න ගත්තා. "අක්කයි මායි එච්චරම කිට්ටු නෑ... ඒත් නොපෙන්නුවට මං අක්කටත් අක්කා මටත් හරිම ආදරෙයි... මං අක්කගෙ මේ රහස ගැන දැනගෙන හිටියෙ නෑ... මං දැනං හිටියනං එහෙම දෙයක් වෙන්නෙ නෑනේ...... කාමරේ අස් කරද්දි හම්බුණ මේවා එයා හංගලා තියාගත්තු ඒවා කියලා මං දැනං හිටියෙ නෑ.... අක්කා ලඟක හිටියෙත් නෑ අහන්න, මං ගිහිං ඇහැව්වෙ අම්මගෙන් - මේ මොනවද කියලා............" ඒ ඇස් දෙකේ කඳුළු පිරෙන්න ගත්තා. සිද්ද වෙලා තියෙන දේ තේරුං ගන්න මට ටිකක් වෙලා ගියා. "මගෙ අක්කට එහෙම උනේ මං හින්දා... මං හින්දා..... මං හින්දා....." මන්තර ආච්චි අත් දෙකෙන් ඔළුවට ගහගෙන ගහගෙන යන්න පටන්ගත්තා. සිත්තරා ඉක්මණට නැගිටලා මන්තර ආච්චිගේ අත් දෙකෙන් අල්ලගෙන මගේ දිහා බැලුවේ මොනවාහරි කරන්න කියනවා වාගෙ. මම වටපිට බලලා සාලේ කෙළවරේ පොඩි මේසයක් උඩ තිබ්බ ගුරුලේත්තුවෙන් වීදුරුවකට වතුර පුරවන් ඇවිත් මන්තර ආච්චිගේ මූණට ඉස්සා. ඊටපස්සෙයි එයාගෙ කලබලේ අඩු උනේ. සිත්තරායි මමයි ආයෙත් වාඩි උනා. මන්තර ආච්චිගෙ ඇස් වලට ආයෙත් අර පාළු ලිඳේ පෙනුම ඇවිත් තිබ්බා. "අපි දෙන්නා ගමෙන් යන්න හිටියේ නිකිණි මාසෙ පෝය දවසේ..." දැන් ආයෙත් කතා කරන්නේ අක්කා බව අපිට තේරුණා. "මාවත් එක්කගෙන, එයාගෙ අම්මයි නංගිලා දෙන්නයි එක්ක ගමෙන් යමු කියලයි කිව්වේ... ඒත් මං එදා රෑ බලං හිටියා හිටියා - එයා ආවෙ නෑ... පහුවදා බලනකොට මාව දාලා එයා පවුලෙ අයව විතරක් එක්ක ගිහිං...." මන්තර ආච්චි අඬන්න ගත්තා. ඊට පස්සෙ වතුර උගුරක් බිව්වා. මටත් වතුර තිබහා හැදිලා හිටියේ. සිත්තරානං මූණ අත් දෙකේ ඔබාගෙන ආච්චිගෙ මූණට එබීගෙන කතන්දරේ අහනවා. ඒ වෙලාවේ ආච්චිගේ අතේ තිබ්බේ 'කුසුමාවතී' කියලා යටින් ලියපු ගෑණු ළමයෙකුගෙ රූපයක්. ඒ අර බිත්තියේ ගහලා තිබ්බ රූපේ ඇඳපු එකක්. "මේ ඉන්නෙ මං... ඒ කාලේ...... එයා මේ වගේ දෙකක් ඇන්දා.. එකක් එයා ගාව තිබ්බේ...."

    ReplyDelete
  55. ඉස්සෙල්ලා අක්කගෙයි නංගිගෙයි චිත්‍රෙ දැකපු වෙලාවේ කතා කළේ හොඳ සිහිකල්පනාවෙන් හිටිය කමලා ආච්චි බව මට තේරිලා තිබ්බේ. ඒ වෙලාවෙදි හිත කලබල උනාට පස්සේ ආපහු එයා එයාගෙ අක්කා බව හිතාගෙන කතා කරන බවත් මට තේරුණා. සමහරවිට, අවුරුදු දොළහකට කළින් දරුණු අසනීප ගතිය සනීප වෙන්න කළින් ඇත්තටම එයාගෙ අක්කා එයා ලඟ ඉන්නත් ඇති. සිත්තරාගෙ ලොකු ගුරුන්නාන්සේ නැති උනාට පස්සේ - ඒත් මීට අවුරුදු දොළහකට කළින් - ඒ දෙන්නා ආපහු එකතු වෙන්න ඇති. ඒ දෙන්නා දැන් ඉන්න තැනක සතුටින් ඉන්නවා ඇති. දිග කාලයක් ඒ වගේ අසනීප ගතියකින් හිටියාම දැනෙන කම්පනය නිසා වෙන්න ඇති කමලා ආච්චිට තාමත් මෙහෙම වෙන්නේ. එයාගෙ හිතේ තාමත් පසුතැවිල්ල තියෙනවා, එයා හිතාමතා වරඳක් නොකළත් එයාටම සමාව දීගන්න බැරුව එයා ඉන්නේ.... සමහර විට - සමහර විට -

    මම සිත්තරා දිහා බැලුවා. ආච්චිගේ කතාව නතර වෙලා. සිත්තරා අක්කගෙයි නංගිගෙයි පින්තූරෙ දිහා බලාගෙන ඉන්නවා. එයා මගෙ දිහාවට හැරුණා. "අපි චිත්‍රයක් අඳිමු..." මං හිතපු දේම එයාටත් හිතිලා. අපි දෙන්නා ආච්චිව එක්කගෙන සෝල්දරේට නැග්ගා. සියඹලා ගහේ අතු වලට වැහිලා යට තට්ටුව කළුවර බංගලාවක් වගේ උනාට, සෝල්දරේට හොඳට හඳ එළිය වැටිලා තිබ්බා. ලෑල්ලක් හොයාගත්ත සිත්තරා ඒ උඩ කඩදාසියක් තියලා අඳින්න පටන්ගත්තා. ආච්චි ඒ ගාවම හිටගෙන බලාගෙන හිටියා. මගේ හිතේ බයක් තිබ්බෙ නෑ ඒ වෙද්දි, තිබුණේ කමලා ආච්චියි, එයාගෙ අක්කයි, අක්කා ආදරේ කරපු කෙනායි ගැන දුකකුයි ඒ හැම දෙනාටම දුක් වෙන්න සිද්ද උනු මිනිස්සුන්ම ඇති කරගත්තු බොරු මනස්ගාත ගැන තරහකුයි විතරයි. මං සඳළුතලේට යන දොර ඇරියා. දූවිලියි වේලිච්ච කොළ රොත්තකුයි එක්ක ගේ ඇතුලට ආවේ හීතල හුලඟක්. පල්ලෙහා ගම්මානේ හරි ලස්සනට ඒ සඳළුතලාවට පේනවා. මං ආපහු හැරිලා සිත්තරයි ආච්චියි දිහා බැලුවා. ආච්චි සිත්තරාගෙ ඔළුව අතගානවා. ඉස්සෙල්ලා අර කුසුමාවතීගේ පින්තූරේ තිබුණ හිනාව ඒ වෙලාවේ මම ආච්චිගෙ මූණේ දැක්කා. මමත් දොර වහලා ඇතුලට ආවා.

    පැන්සලෙන් ඇඳපු ලස්සන චිත්‍රේ සිත්තරා පැන්සලෙන්ම පාට කර කර හිටියේ. හඳ පායපු ලස්සන රැයක්. හඳ එළිය වැටිච්ච ගහ කොළ වලින් පසුබිම් වෙච්ච ලස්සන පරිසරයක්. ගලාගෙන යන දියපාරක් ලඟ අත් අල්ලගෙන ලං වෙලා ඉන්න ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි. ගෑණු ළමයා කුසුමාවතීගේ චිත්‍රේ ඉන්න ගෑණු ළමයා වගේ. ඒ චිත්‍රෙ ඒ වෙලාවෙ තිබුණේ ආච්චිගෙ අතේ. පිරිමි ළමයා - සමහරවිට සිත්තරා ලොකු ගුරුන්නාන්සෙගෙ මූණුවර මතකෙන් තරුණ පෙනුමක් දීලා අඳින්න ඇති. ඒ චිත්‍රේ මොකද්ද කියලා මට හොඳට තේරුණා. ඒක දැකලා මගේ ඇස් දෙකේ කඳුළුත් පිරුණා. මං ආච්චි දිහා බැලුවා. ඒ ඇස් දෙකෙත් කඳුළු පිරිලා. ආයෙම අර ආදරේ පිරිච්ච ලස්සන ඇස් දෙක. මූණ එළිය වැටිලා. සිත්තරා චිත්‍රේ ඇඳලා ඉවර කරලා ආච්චිගෙ අතට දුන්නා. වෙව්ලන අත් දෙකෙන් ඒක අතට ගත්තු ආච්චි හඳ එළියට අල්ලලා ඒ දිහා හොඳට බැලුවා. "ඒ දෙන්නා එකතු උනාද?" ආච්චිගේ කටහඬත් වෙව්ලුවා. මමයි සිත්තරයි දෙන්නම ඔළුව වැනුවා. "ඒ දෙන්නා දැං සතුටින් ඇති කොහේ හරි... ආච්චි අම්මට දුක් වෙන්න කාරණාවක් නෑ....."

    ReplyDelete
  56. ආච්චි චිත්‍රෙ බදාගෙන මහ හයියෙන් අඬන්න පටන්ගත්තා. ඒ අඬන්නේ සතුටට බව අපිට තේරුණා. "අපි යං..." සිත්තරා මට රහසෙන් කිව්වා.

    "කමක් නැද්ද ආච්චිව මෙහෙම දාලා ගියාට?" මට දුක හිතුණා.

    "කමක් නෑ... එයාට දැං සනීපයි..."

    අපි දෙන්නා හෙමීට තරප්පු පේළිය බැහැලා ගෙයිනුත් එළියට බැහැලා එන්න ආවා. හිතුඅට වඩා හොඳටම කළුවර වෙලා. මං හොඳටම කලබල උනා. "අනේ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි බැණුං අහන්න තමයි වෙන්නේ..."

    අපි අඩිය ඉක්මන් කරලා ගියා. යද්දි අප්පුහාමි මාමලාගේ කඩුල්ල ගාව හරි කලබලේ. මේං අරුන්දතී අක්කයි කවිකාර අයියණ්ඩියි එතන. අප්පුහාමි මාමයි නැන්දයි කොල්ලො කුරුට්ටො රෑනයිත් එතන. අපි දෙන්නව දැකලා කවිකාර අයියණ්ඩි ඔළුවෙ අත ගහගත්තා. "කොහෙද බං උඹලා දෙන්නා ගියෙ? මෙහෙ එනවා කියලා නේද ඇවිදිං තිබ්බෙ?" ඒ වෙද්දි අක්කා මයෙ ලඟට ඇවිදින් කනත් කරකෝලා ඉවරයි. මං එයැයිගෙන් කන ගලෝගන්න ඇඹරෙද්දි සිත්තරා බේගලයක් ඇද බෑවා, "අපි ගියා අයියේ අර පල්ලෙහා පරණ ගේ දිහාවෙ. කොහෙද, සියඹලා කන්න ගත්තට පස්සෙ දෙන්නට වෙලාව යනවා දැනුණෙත් නෑනේ..." අපෙ අක්කා මයෙ දිහාවට හැරුණෙ ඇස් දෙකත් ලොකු කරගෙන. "මෙයා...??? ඒ ගෙදරට ගියා...???" අක්කා දන්නවා මං බයගුල්ලි කියලා.

    අපි අප්පුහාමි මාමලාගෙන් සමු අරගෙන ආපහු එන්න පිටත් උනා. අයියණ්ඩිලා දෙන්නා පිටිපස්සෙන් බර කතාවක. අක්කයි මායි ඉස්සරහින්, අක්කා තාම ඔරෝගෙන. "අක්කෙ මේ..." මං එයැයිට ඇඟිල්ලෙන් ඇන්නා. කතා නෑ. "අක්කේ..."

    "මොකද?"

    "මේ, ඔන්න ඔයා එහෙම මගෙං මොකවත් හංගන්න එපා හරිද... මාත් එහෙමයි...."

    "මොකක්???"

    "දැං යංකො, මං ගෙදර ගිහිං කියන්නං..." මායි අක්කයි කොහොමත් යාළුයි, කොච්චරවාත් කොච්චි මිරිස් කරල් දෙක වගේ පැටලුනාට. ඒත් කෝකටත් මේ කතාව එයාට කියලා තියන්න ඕනෙ කියලා මං හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ එලස්!! කොහොමෙයි සිත්තමියෙ මෙවුවා ඔළුවට එන්නෙ..!? :))

      Delete
    2. හප්පා... කියන්න වදන් නෑ සිත්තමී...
      මම කියන්නද වැඩක්, ඔය පොඩ්ඩිට දාන කමෙන්ට්ස් ටිකම වෙනම බ්ලොගක් ඇරලා දාන්න. ඕන නම් නම දාන්න බැරියැ " පොඩ්ඩිට පිළිතුරු" කියලා.

      මම එහෙම කීවෙ මේ වගෙ ලස්සන නිර්මාණ වලට ඇත්තටම කමෙන්ට් එකක් කීවොත් ඒක මේ නිර්මාණ‍යට කරන නිග්‍රහයක්.

      Delete
    3. ගොඩක් ස්තූතියි බූරො අයියේ... මෙව්වා ඔළුවට එන්නෙ පොඩ්ඩි අක්කගෙ ලස්සන කතා කියෙව්වහම තමයි... :D :D :D

      Delete
    4. තරු අයියටත් ගොඩාක් ස්තූතියි. ඔයාලා හැමදෙනාම මුල ඉඳන්ම මම ලියන ඒවට ප්‍රශංසා කරලා මට ලියන්න තියෙන ආසාව තව තවත් වැඩි කළා. ස්තූතිය එක්කම ගොඩාක් පිං කියලත් කියන්නම්. වෙනම බ්ලොග් එකක් ගැන යෝජනාව ගැන හිතලා බලන්නම්කෝ. :)

      Delete
  57. මේකනම් සුපිරි සිත්තමියේ.. මටත් අහන්න තියෙන්නේ බුරතිනෝ ඇහැව්වා වගේ කොහෙන්ද අප්පා මෙව්වා ඔලුවට එන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙකුවිටත් ගොඩාක් ස්තූතියි. අන්න මං උත්තරේ බූරො අයියට දුන්නා. වළව්වේ මං ගොඩ කාලෙක ඉඳන් කතා ලිව්වා, ඒ හැම එකක්ම පොඩ්ඩි අක්කා ලියපු කතන්දර නිසා, සමහර වෙලාවට ඒවට රවි අයියා ලියපු කතන්දර නිසා මට ඔළුවට ආපු අදහස් වලින් ලිව්වේ. මම පටන් ගත්තු කාලෙට වඩා මේ වෙද්දි මගේ ලිවීම තරමක් පෝසත් වෙලා තියෙනවනම් ඒ මේ ආදරණීය වළව්ව නිසා.

      Delete
  58. පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාට එද්දි පෝස්ට් එක අමතකයිනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ඉතින්. අර පැත්ත බලලා මේ පැත්ත බලන කොට හැම දේම අමතක වෙනවා නේද? :D

      Delete
  59. නියමයි සිත්තමී , ඔන්න ඉතින් ඔයාගෙ කතාව කියෙව්වාම මටත් එකක් ලියන්නමයි හිතෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. එලකිරි, දැන් ඔයා ලියන්න ඔය කථාව සිත්තරාගෙ ඇහින්.. (ඇහින් කීවට අතින් ලියන්න අවුලක් නැහැ ...හෙහ් හෙහ් හෙහ්)

      Delete
    2. ගොඩක් ස්තූතියි නීතා අක්කේ. ඔයාගෙ ලස්සන කතාවත් මම කියෙව්වා. ජැන්ඩි පහේ සිත්තරෙක් නෙවැ ඒකෙ ඉන්නෙ. ලස්සන කතාව අක්කේ.

      Delete
  60. මහත්තයා මෙතනින් එහාට බස් එක යන්නෙ නැහැ, අපි ආපහු හරවල යනවා කොන්දොස්තර තැන ලොකු කැන්වස් බෑගයක් අතින් ගත් තරුණයාට පැවසුවා . හොඳයි අන්කල් මම එහෙනම් බහිනවා.
    මහත්තයා මොකද මේ ගමට ආවේ. මේ මනුස්සයටත් ඕනෙ නැති දෙයක් නැහැ වගේ.
    මම මේ චිත්රමයක් අඳින්න ආවා අන්කල්, යන්නම් එහෙනම්.
    රෑ උනා වැඩියි මහත්තයා පරෙස්සමින්. ඒ මහත්තයා හොඳ චිත්ර් අඳින්න නෙවෙයි , ටෙලියක රඟපාන්ට . කොන්දොස්තර ඩ්රතයිවර් කියනව ඇහුනාම තරුණයාගේ මූණේ කදිම සිනාවක් ඇඳුනා.

    බෙල්ල තෙක් වැවුනු මුදු මුදු කෙස් කළඹ , උඩුරැවුලත් යටි රැවුලත් යාන්තමට වැවිල ඔහුගෙ පැහැපත් මුහුණ තවත් එලිය කලා. තද නිල් ඩෙනිමට සුදු සහ තද නිල් ඉරි වැටුනු ටී කමිසය ඔහුට ඉතාමත් ගැලපුනා. එයටම ගැලපෙන තද නිල් කැප් එකක් පැලඳි තරුණයා ඔහුගේ කරේ තිබුනු කැන්වස් බෑගයෙන් ගත් කුඩා ටෝච් එකත් දල්වාගෙන ඉදිරියට පියමැන්නා.
    බසය නතර කලේ කුඩා කඩමන්ඩියක උනත් මේ වෙලාවේ පුංචි කඩ දෙකත් වසා දමා තිබූ අතර කැහැටු බල්ලෙක් පමණක් කඩ මැස්සක් යටටවී බිරීමට පවා උත්සායක් ගත්තේ නැහැ.
    සිහින් සුළඟක් සමග සිරිපොද වැස්සකුත් පටන් ගත්තා.අනේ මන්දා ( ප්ර් )වීණා කිව්ව විදිහට එයාගෙ අත්තම්මලගෙ ගමනෙ මේ . ව්ලව්වක් තියා මෙලෝ මනුස්සයෙක් පෙනෙන්නවත් නැහැ මේ පැත්තෙ.සිහින් සුළඟ සැඩ බවට පත් වෙන්නත් ඒහා සමග පොද වැස්ස තද වෙන්නත් පටන් ගත්තා. වෙලාව රාත්රීහ 8 බව අත් ඔරලෝසුවේ සටහන් උනා. ගුරු පාර දිගේ ඇවිදින ඔහුට මේ පාරේ මීට ප්ර්තම ඇවිද ඇති බ්වක් දැණුනා .එක්වරම ගැසූ අකුණක් නිසා ඔහු දුටුවේ පුංචි පොකුණක් ලඟ ඇති අතිපතර විහිදුන අඹ ගහක් , ගල් තලාවක්ද තිබූ බව ඔහු ඒ ක්ෂනයෙන්ම දුටුවා.

    හිතට දැනුනේ හරිම සුපුරුදු බවක් , ඇයි මේ ඔහුගේ කදිම මුහුණේ ප්රාශ්නාර්ථයක් මතුවෙලා. නැවත නැවතත් විදුලි කොටන්න පටන් ගත්තා. තරුණියකගේ සිහින් කොමළ සිනහ හඬක් සමග දෙදෙනෙකුගේ පා හඬවල්ද ඔහුට ඇසෙනව වගේ.
    මේක ඇත්තටමද එහෙමත් නැතිනම් හිතේ ඇතිවෙන දෙයක්ද ? මධුමතී ෆිල්ම් එකත් මතක් උන තරුණයට නැවත මද සිනහවක් පහල උනා.මේ පොකුණ , අඹ ගහ , ගල්තලාව ? පුංචි කාලෙවත් මෙහෙ ආවද කියල ගෙදර ගියාම අම්මගෙන් අහන්න ඔහු හිතාගත්ත. නැවත කෙටූවිදුලියත් අතේ තිබූ ටෝච් එකේ ආදාරයෙනුත් ඔහු දුටුවෙ ගස් ගොන්නකට මැදිවූ සාමාන්යා තරමේ ගෙයක්. ගේ වත්තේ ටිකක් ඈතට වෙන්න තිබූ අතර කඩුල්ල ආසන්නයේ තිබූ විශාල ගහ සියඹලා ගහක් බවත් ඔහුට පෙනුනා.මීට වඩා දුර යන්න අමාරුයි වගේ තදවෙන වැස්ස මෙන්ම සුළඟත් නිසා ඔහු සිතා ගත්තා. ගේ තුලින් දුබල ආලෝකයක චායාවක් පෙනුන අතර ගේ ආසන්නයට යනවිට සුළඟ සහ වැස්ස තවත් වැඩිවන නිසා ඔහු ඉක්මනින් නිවසවෙත දුවගියා.

    ඉදිරි දොරට කීප වතාවක් තට්ටු කල පසු දොරවෙතට ඇවිද එන සිහින් පාහඬක් සමගම කිරි කිරි හඬින් දොර විවර වුනා. හොල්මන්, භූත බලවේග ආදිය පිළිබඳව කවදාවත් විශ්වාස නොකල තරුණයා තමා ඉදිරියේ විදහාගත් සුදු කෙස් කළඹත්, සුදුමල් වැටුනු දිග ගවුමක් හැඳි දිරාපත් සිරුරින් යුතු කාන්තාව ඉදිරියේ ඔහු මදක් පසුබැස්සා.

    මට පාර වැරදුනා අම්මේ ඔහු සිහින් ස්වරයෙන් පැවසුවා.

    ReplyDelete
  61. ඇතුලට එන්ට මහත්තයා. ඔහු ගෙට ඇතුල්වන විට මහුලු කාන්තාවගේ ඇති පහනේ ආලෝකය තරුණයාගේ මුහුණටම පතිත උනා. සැනින්ම ඇයගේ ගතේ සිහින් වෙලීමක්, මුහුණේ විමතියක් සහිත සිනහවක චායාවක් ඇඳෙනු තරුණයා දුටුවා.

    අම්මා තනියමද මේ ගෙදර ඉන්නේ , අබලන්වූ පුටුවක වාඩිවෙමින්ම තරුණයා විමසුවා.ඔව් දැන්නම් මම විතරයි , ඉස්සර මායි , නංගියි, අම්මයි අප්පච්චියි හිටියා.අතීතය මෙනෙහි වීමෙන්දෝ ඇගේ වතෙහි කාරුණික බවත් සමග මුවෙහි සිහින් සිනාවක් ඇඳුනා.වැසි සහිත රෑක , පරණ ගෙයක් ඇතුලෙ මෙලොවට වඩා එලොවට කිට්ටුවෙලා ඉන්න මහලු කාන්තාවක් එක්ක තමාට ඉන්න උනබව කොළඹ ගියාම කිව්වම කවුරුත් පිලිගන්න එකක් නැහැ.

    මේ නිවස පැරණි මොකක්දෝ සමීප බවකුත් ඔහුට දැනුනා. මහත්තයට තේ ටිකක්. කරදරයක් නැත්නම් අම්මේ. මහලු කාන්තාව කුස්සියට ගිය අතරේ ඔහු බිත්තිය පුරා එල්ලා ඇති දුර්වර්ණවී ගිය චායාරූප එකින් එක බැලුවා. පැරණි තාලයට උඩරට ඇඳුමින් සැරසුනු යුවලක් ඔවුන්ගේ දරුවන් බව සිතතහැකි කුඩාවුන් දෙදෙනෙකුගේ චායාරූප පසුකල ඔහු නතරවූයේ රෙදි හැට්ට වලින් සැරසුනු තරුණියන් දෙදෙනෙකුගේ චායාරූපයක් ඉදිරියේය. මදක් අපහැදිලි නිසා ඔහු අතේ තිබූ ටෝච් එක දල්වා පිංතූරයට යොමු කලා.

    කෞමදී ?????? තමාට පෙනෙන්නේ සිහිනයක්ද ? සිංහල අවුරුදුදා රෙද්දකින් සහ හැට්ටයකින් සැරසුනු කෞමදී තමාව පුදුමයට පත් කල හැටි. එතකොට මේ පිංතූරෙ ඉන්න එක කෙල්ලක් කෞමදී වගේ උනේ කොහොමද? අනේ මන්දා ප්රෙශ්න වැලක්.

    දුම් දමන තේ බඳුනත් අතැතිව පැමිණි මහලු කාන්තාව දිහා බැලූ තරුණයා කව්ද අම්මෙ මේ ප්රමශ්නය නෑසුවත් , මමයි මගේ නංගියි මහත්තයා, ඇය එක්වරම කිව්වා.මේ ? ඔහු කෞමදීගේ පෙනුමට සමාන තරුණිතට ඇඟිල්ල දික්කලා. ඒ මම මහත්තයා.

    ගමේ ඉස්කොලෙට ආව චිත්රං ගුරුවරයට අපි දෙන්නම ආදරය කලා. ඒත් ඔහු ආදරය කලේ මට පහත් කුලයක නිසා අම්ම අප්පච්චි අපේ සම්බන්ධයට විරුද්ධ උනා.මාත් එක්ක ගමෙන් යන්න හිතා හිටිය ඔහුට අප්පච්චිලාගෙ තර්ජන නිසා මුලු පවුලම එක දවසක් රෑ ගමෙන් පිටවෙලා තිබුණා . දුක වැඩිකමට නංගි ජීවිතේ නැති කරගත්ත මහත්තයො, අම්මත් අප්පච්චිත් මලාට පස්සෙ මම තනිවුනා.නංගියි මායි චිත්රං අඳින්ට හැබෑ දස්ස‍යි. ඉන්ට මහත්තයා ඒ ගුරුතුමාගෙ චිත්රලයක් මාත් ඇන්ඳා. ඒ ගෙනෙන්නම්කෝ.

    ටික වෙලාවකින් ඇය දුර්වර්ණවීගිය කොලයක් අතැතිව තරුණයා ලඟට ආවා. ඇගේ දිරාපත් මුහුණේ නැගුනු සිනහව ඔහුට තේරුම් ගියේ චිත්රතය අතට ගත් පසුයි. බෙල්ල තෙක් වැවුනු කෙස් කළඹ , සිහින් මුහුන , ඝන ඇහිබඹ , යන්තම් වව තිබූ රැවුල. තමාට සමාන රූපයක් ඔහුට ලැබුනේ කොහොමද? තමාගේ අතේ සිහින් වෙව්ලීමක් සමග ඔහුට හීන් දාඩියක් දැම්මා. එතකොට මේන් ආත්මේ කෞමදේ මමයි වෙලා ඉන්නෙ මේ පින්තූරවල ඉන්න දෙන්නද? එක්වනම කෞමදී ඉක්මනින්ම දැක ගැනීමේ අශාවක් ඔහුට ඇතිඋනා. හැබැයි මේ ඉන්න අම්ම නම් කුසුම වෙන්න බැහැ එයාගෙ නංගි කමල වෙන්න ඕනේ. ඔහු තමාටම කියා ගත්තා.එහෙනම් මේ පුනුරුත්පත්ති කතාවක්ද? සිතට නැගෙන සිතිවි අතරේ ඔහු නිරුත්තර උනා.

    ReplyDelete
  62. මහත්තයා කොහාටද යන්නෙ කියල කිව්වෙ නැහැනෙ.
    " පලිපාන වලව්වට "
    මහත්තයා දැන් රෑ බෝවුන නිසා ඔය සෝපාවෙවත් නිදන්ට. උදෙන් යන්ට පුලුවනි. වෙහෙස නිස රාත්රිලය ඉතා ඉක්මනින් ගතවුනා. උදෙන් අවදිවූ ඔහු මහලු කාන්තාව දුන් තේ කෝප්පය පානය කොට යන්ට සූදානම් වූයේ තමාට සමීප කෙනෙක් අතහැර යන අන්දමේ සිතිවිල්ලකින්.
    මහත්තයා මේ දුටු ඒවා කාටවත් කියන්ට ඕනෙ නැහැ සිහින් සරින් පැවසූ ඇය තම්ම නොපෙනී යනතුරුම බලා සිටි බව වත්තේ ඈත කෙලවරට ගොස් හැරී බලනවිට පෙනුනා.

    හයියෙන් හයියෙන් කතා කරන කට්ටියකගෙ හඬ ඇසුනු ඔහු දුටුවේ වලව්වේ කට්ටියක් සමග තම සොයා එන ( ප්‍ර ) වීණාය. ඔවුන්ට එකතුවීම සඳහා ඉක්මන් ගමනින් ගිය ඔහු නැවත පිටුපස හැරී බැලුවත් ඒ පැරණි නිවස ගස්වලින් ආවරනය වී තිබුණා.

    කොහෙද හිටියෙ ඊයෙ රෑ අපි ඔක්කොම බයවුනා , පාර වැරදුන නිසා අර පරණ ගෙදර රෑ හිටියා. කට්ටියගේ ඇස් මවිතයෙන් පිරුනත් කිසිම කෙනෙක් වචනයක්වත් කතා කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කෝ දැන් මේකෙ තව කෑල්ලක් තියෙනවය..?? :)

      Delete
    2. පුලුවනි නම් තව ටිකක් ලියන්ට :)

      Delete
    3. @නීතා
      ෂහ්... පොඩ්ඩිගෙ අහවලා ඒ කියන්නෙ රන්ජන් රාමනායක වගේ එහෙනම්... මගේ බුර බුරා නැගෙන සන්තෝෂය පිලිගන්න...

      @බුරෝ
      උඹ අවුට යන්න එපා ක්‍රේල් කොන්ඩ ගැන කීවාම, ඔය නීතා කීවේ පොඩ්ඩිගෙ අහවලා ගැනනෙ, නැතුව නීතා කැමති විදිය නෙමේ... හෙහ් හෙහ් හෙහ්..

      අපේ රවි‍යට මක්කා වුනාද, ඌ හිටිය නම් එදා පොඩ්ඩිට මොකෝ වුනේ කියලා අජිනොමොටෝ දාලාම කියය්...හෙහ් හෙහ් හෙහ්..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @නීතා,

      මට පුළුවන්ද අනේ ඔච්චර අගේට ලියන්ට.. ඔයාම ලියාන්ටකෝ.. ;)


      @තාරාවා,

      හා හා, උඹ බිංදුවක්කත් ඒ ගැන වදවෙන්ට කාරි නෑ.. ඒවා අපි දෙන්නා බලාගඤ්ඤා.. :P

      රවියා මේ දවස්සොල සිරිලංකාවෙය කියාන්නෙ..

      Delete
    6. රන්ජන් රාමනායක...........:-o
      වෙන උදාහරණයක් තිබුනේම නැද්ද...:DDD

      Delete
    7. තරූට තේරෙන්නෙ නැද්ද ඒ කතාවෙ ඉන්න කොල්ලට කෙල්ලෙක් ඉන්නවනේ ( කෞමදී)

      Delete
  63. ඕහ් සිත්තමී අක්කා වගේ දැන් නීතත් කතා ගොතන්ට පටන් අරගෙන වගෙයි. ලස්සනයි , ලස්සනයි දෙන්නගෙම කතා :)

    ReplyDelete
    Replies
    1. අංශුවො, නරකද ඔයත් ඔය කතාවක් ලියාන්ට පට්ටාං ගත්තොත්.. ;)

      Delete
    2. ස්තූතියි අන්ශු නගේ. අර බූරො අයියා කියන්නා වගේ ඔයත් ලියන්න පටංගන්නකො ඉතිං. පොඩ්ඩි අක්කගෙ හැකියාව ඔයාටත් නැති වෙන්න බෑ, ඥාති සහෝදරීනෙ. :)

      Delete
  64. ප්‍රවීනා, ඔබගේ කතාවේ මුල් කොටසේදී මට මතක් උනේ රුසියන් සුරංගනා කතා. ලියල තිබුන භාෂාවට. කතාවේ අගදී මතක් උනේ ගීද මෝපසාන්ගේ කෙටි කතා. ඔබට හොඳට ලියන්න පුළුවන්.

    ReplyDelete
  65. ප්‍රවීනා, ඔබගේ කතාවේ මුල් කොටසේදී මට මතක් උනේ රුසියන් සුරංගනා කතා. ලියල තිබුන භාෂාවට. කතාවේ අගදී මතක් උනේ ගීද මෝපසාන්ගේ කෙටි කතා. ඔබට හොඳට ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කමෙන්ට් එකක්. මුලදි රුසියානු සුරංගනා කතා. ඊලඟට ගීද මෝපසාන්ගේ කෙටි කතා.

      අම්මෝ....චූටි පහේ නිහතමානී ආඩම්බරයක් දැනුනා.:D

      Delete
  66. සිත්තමීගෙයි, නීතාගෙයි කතා දෙකම නියමයි. බලාගෙන ගියම නීතා නෝනෙටත් යමක් කමක් තේරෙනවා නෙව? :p

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ ලියනවා ටොමියෝ :)))))

      Delete
  67. පසු වදන,

    චිත්‍ර ප්‍රදර්ශනකට චිත්‍රයක් ඇඳීමට ( ප්‍ර ) වීණාගේ ගමට ගිය අවස්ථාවේදී සිදුවු සිදුවීම තමා කුසුමා යැයි සිතා සිටින කමලා නම් මහලු අම්මාගේ ඉල්ලීම පරිදි කිසිවෙකුටත් නොපැවසුවෙමි. විදුලි එලියෙන් දුටූ පොකුණ, අඹගසයටවූ ගල්තලාවපසුබිම්කොට ආදරයෙන් වෙලුන තරුණ යුවලක් රැගත් චි ත්‍රයක් ඇඳි මාහට එම චිත්‍ර තරඟයේ පළමු ත්‍යාගය හිමිවූ අතර, එම ප්‍රදර්ශනය පැවති දිනවල මා සම කෞමදීද සිටි බැවින් සැමදෙනාගේම අදහසවුයේ එම චිත්‍රයට නගා ඇත්තේ අපදෙදෙනා බවයි.

    ඒ මහලු මව විසින් කුසුමා ඇඳි චිත්‍ර ගුරුවරයාගේ පිළිරුවත්, චිත්‍ර ගුරුතුමා ඇඳි කුසුමේගේපිළිරුවත් තවමත් මාසතුව ඇත. ( ප්‍ර )වීණාගෙන් දැනගත් පරිදි චිත්‍ර ගුරුතුමාගේ නම මහීපාල වන අතර දෛවයේ සරදමකට මෙන් මගේ නම් මහීන්ය.මා ඇඳි චිත්‍රයේ මහීපාල + කුසුමේ දෙදෙනා හෝ මහීන් + කෞමදී දෙදෙනාගෙන් කවුරු සිටියත් ඒ එකම යුවලක්බව මට හැඟේ........

    ReplyDelete
  68. ඔන්න ඔහොම එන්නකෝ :)

    ReplyDelete
  69. පොඩි විවේකයකදී හදිසියෙන් කියෙව්ව්වේ. ඒ වෙලාවේ මූන හිනාවෙන් පිරිලා ගියා.

    ඔය විදියට ලියන්ට හැමදාම හැකි වේවා සිත්තමීට. ඒවගේම ඒවා කියවන්ට අපිටත් වාසනාව ලැබේවා.

    වෙන මොනවද ගොඩාක් ලියන්ට හිතා හිටියත්, හදිසියට ඒ එකක්වත් හිතට එන්නේ නෑ.:)

    ReplyDelete
  70. නීතාගේ කතාව කියවපුවාම හින්දි ෆිල්ම් එකක් මතක් උනා. අර පසු වදනත් හරි ලස්සනයි. මුල් කතාව කියවපුවාම කතාව ඉවර නෑ වගේ දැනුනා. පසු වදන කියෙව්වාම ඒ අඩුව සම්පූර්න උනා.

    ගෙදර ආවාම ආයම හොඳට ඉඳගෙන කියවන්නම් හොඳේ.:)

    ReplyDelete