බිම වැටී උන් දැරිය ඇගේ දෑත් මුදාගන්ට
දැඟලුවා. ඇගේ දෑත් හා පා රෙදි පටිවලින් බැඳ දමා තිබුනා. කට කොනකින් සුදු පැහැති
සෙම ධාරාවක් ගලාගෙන ආවා.
'මට යන්ට දීපල්ලා...මට යන්ට
දීපල්ලා...' ඈ හිස දෙපැත්තට ගසා ගනිමින් කෑගෑවා. ඒ වගේ ඇඟ
කිළිපොලන හඬක් පොඩ්ඩි කවදාවත් අහලා තිබුනේ නෑ.
'අනේ වෙද මහත්තයෝ මගෙ කෙලීට
බෙහෙතක් කලා නම් ' ඇගේ අම්මා යැයි කිව හැකි මැදිවියේ
ගැහැණියක්, ඉතා අසරණ ලීලාවෙන් අසල උන් මිනිසකු දෙස
බැලුවා. ඔහු උගුරේ රැල් බුරුල් හැරියේ බොහොම උඩඟු ලීලාවකින්.
‘Oh my god!!! What's
Happening…?’ අංශු ඇසුවේ දෑතින් මුව වසා ගනිමින්.
'ඕකට
තමා යකා ගහලා කියන්නේ' පොඩ්ඩි පැවසුවා.
'යකා
ගහලා නෙමේ...යකා ආවේස වෙලා' අසල අප දෙස බලා උන් තරුණයෙක්
නිවැරදි කලා.
'ඇත්තටම යක්කු ඉන්නවද?'
අංශු ඇසුවේ ආපසු නිවෙස
වෙත පියවර මනිනා ගමන්.
මදැයි හවස වෝක් එකක් යන්ට ආවා. දැන්
ඉතින් යක්කුන්ට බය හන්දා ආපහු වලව්වට යනවා.
'යක්කු කියලා ජාතියක්
ඉස්සර කාලේ හිටියනේ. මේ කියන යක්කු ගැන නම් මම දන්නේ නෑ. ඉතින් නොදන්න හන්දා, එහෙම ඒවල් සිද්ධවෙන්නේ නෑ කියන්ටත් බෑ' පොඩ්ඩි
ඇයට කීවා.
නිදන්ට ගියාමත් පොඩ්ඩිගේ හිත පිරී
තිබුනේ ඒ දැරියගෙන්. ඒ එක්කම පොතක කියවලා තිබුනු කොටසකුත් හිතට නැගුනා.
//කුට්ටි කැපිය හැකි තරම් කලුවර ඒ රාත්‍රිය හරිම මූසලයි. ඈතින් උඩුබුරනා හිවලෙකුතේ හඬ ඇහුනේ ඇඟ කිලිපොලවමින්. හුලඟට ගස් කොළන් ඇහේ ඇඹරුනේ, ඇගේ හිත ඇතුල කියාපාන්ට වගේ. වේගයෙන් දිව ගිය ඇයගේ, කටු අකුල් වලට සීරුනු දෙපාවල වේදනාව ඇයට දැනුනේ නෑ. ඈ ගියේ ඇයට අසාධාරණයක් සිදුකල ඒ මිනිසුන්ට සාප කරන්ට. දැඩිව වැවුනු ගස් ගොන්නක් අතරවූ, කුඩා දේවාලය තුලට ගිය හඬා වැලපෙමින් ගිය ඇය කඩා වැටුනේ කුණාටුවකට අහු උනු ගහක් බිමට පාත්වෙන්නාක් වගේ. තාමත් ලාවට දැල්වෙන පහනේ ආලෝකයෙන්, එහි උන් ගැහැනු දේව, ප්‍රතිමාවේ කරවටාවූ, හිස් කබල් කල මාලයත්, ලේ වැගිරෙන එලියට දැමූ රතු දිවත්, කැපී පෙනුනා. ඒ කාලි මාතාව.
'මෑනියනේ මට විනකල, මගේ දරුවන් අනාත කල, මගේ පරම්පරාව විනාශ කිරීමට යන ඒ නිර්ලජ්ජිත පුරුෂයාටත්, ඔහුගෙන් එන පරපුරටත් ශාපවේවා...ඔවුන් ජීවිත කාලය තුලම තිරිසනුන් මෙන් හැසිරේවා. එකිනෙකා කපාකොටාගෙන මියේවා....ඔවුනට ශාප වේවා. ශාප වේවා....' ඈ වනය දෙදරවා යන හඬින් විලාප නැගුවා…//
මේ කියවුනේ යක්ෂ කුමාරිකාවක් ගැන.
ඒ යක්ෂයින් හා අද කතා කරන යක්ෂයින් අතරේ සම්බන්ධයක් තියනවද?
හොඳම වැඩේ තමා ලංකාඉතිහාස පොතක් කියවලා බලන එක. ඉතින්
රෑ තිස්සේ සද්ද නොකර පහලට ගිහින් අප්පච්චිගේ පොත් රාක්කයෙන් පොතක් හොයා ගත්තා.
මෙන්න පොතෙන් හොයා ගත්තුවා.
මුලින්ම මිනිස්සු විශ්වාස කරලා
තියෙන්නේ රාක්ෂයන් ගැන. ඉන්දියාවට ආපු ආර්යයන් තමා මේ විශ්වාස ගේන්නේ. එයාලා කියන
විදියට රාක්ෂයන් එක, එක වේශයන්
මවාගෙන මිනිස් සිරුරට ආවේස වෙනවා. එතන ඉඳන් ඒ මිනිසාව හසුරුවන්නේ අර රාක්ෂයනුයි.
මහා බ්‍රහමයා තමයි ලෝකය මවන කොට
ජලාශ මවලා, ඒවායේ ආරක්ෂාවට
රාක්ෂයින් මවලා තියෙන්නේ.
අදටත්,
ගෑනු ලමයින්ට ලිඳක් ලඟට හෝ ඔයක්, දොලක්,
වැවක් ලඟට තනියම යන්ට නොදෙන්නේ ඒ හන්දා වෙන්ටැති.
'නෑ
නෑ ගොම්මන් වෙලාවට ගෑනු ලමිස්සියෝ ඔය වතුර තියන තියන තැන්වල යන්ට නාකයි. ගොපල්ලත්
එලියට බහින වෙලාව' මැණිකා කීපාරක් නම් ඔය මන්තරේ ජප කරලා ඇද්ද? ගොපල්ලා
නම් බටනලාවක් අරගෙන, හරක් මඩු ගානේ රස්තියාදුවෙන
කෙනෙක්ලු. එක විදියකට පොතක් කියවන්නෙත් කොහොමද? ඔලුව
හැරෙන, හැරෙන අත දුවනවා.
ඉන්දීය ග්‍රන්ථ
වන 'රාමායණය,
මහා භාරතය ' වගේ කතාවල සඳහන් වෙන විදියට
මේ රාක්ෂයින් ලංකාව කියන දූපතට ඇවිත් එහි පදිංචි වෙලා තියනවා. කුවේර කියන ධනයට
අධිපතියා ඉඳලා තියෙන්නේ ලංකා දූපතේ, ත්‍රිකූට කියන පර්වතේ
උඩ හදලා තිබුනු 'ලංකාපුරය' කියන
නගරයේලු. (ඒක හදලා තියෙන්නේ ලේසි පාසු කෙනෙක් නෙමේ. 'විශ්වකර්ම ' දිව්‍යපුත්‍රයා. එයාගේ දියණියවන
මන්දෝදාරි තමා රාවණාගේ අගබිසව.) රාවණා එයාගේ වස්තුවයි,
අර දඬු මොනර වාහනෙයි කොල්ල කෑවලු.
කොල්ලකාලා සීතාව
පැහැර ගෙන ආවට පසු උනු විපත්තිය දන්නවනේ. එයාගෙන් පස්සේ රට භාර වෙලා තියෙන්නේ 'විභීෂණ ' කියන
රාක්ෂයට. එතනින් පස්සේ ලංකාවේ හිටපු රාක්ෂයින් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
හැබැයි එතන ඉඳන්
සඳහන් වෙනවා යක්ෂයන් ගැන. අර උඩින් සඳහන් කරපු පොතේ කොටස ඔලුවට ආවේ මතක් උනේ ඒ හන්දයි.
ජනෙල් පියන්
පතක්, බිත්තියේ
දඩාස් ගාලා හැපෙන සද්දෙට පොඩ්ඩි උඩ ගිහින් බිම වැටුනේ නැතුව විතරයි. දවාලේ ඇරපු
ජනේලය වහන්ට අමතක වෙලා. ජනේලෙන් එයා අඳුරින් වැහුනු ලෝකය හරිම අද්භූතයි. ඉඳහිට
ඇහෙන බස්සෙකුගේ හඬ උනත් ඇහෙන්නේ මහා අමුතු විදියකට. ඉස්සර කාලේ මිනිස්සු බය උනු එක
අහන්ට දෙයක්ද?
පොඩ්ඩි ආපහු
පොතට ඇස් යොමු කලේ කෝකටත් වට පිට බලමින්.
ලංකාවට පසු
කාලෙක ආපු වෙලෙන්දෝ එහි හිටපු යක්ෂ ගෝත්‍රිකයන් ගැන සඳහන් කරන්නේ අර රාක්ෂයින් වගේ
නෙමෙයි. භයානක, මිනී කන, ජාතියක් හැටියටයි. මේ සමහර වෙලාවට
වෙලඳාම එයාලා අතට ගන්ට කරපු බොරුවක් වෙන්ට බැරි නෑ.
බුදුහාමුදුරුවෝ
ලංකා දීපයට ආවලු යක්කුන්ගේ ගැටුමක් සමථයකට පත් කරන්ට. බුදුහාමුදුරුවෝ එනකොට ලංකාවේ හිටපු
යක්ෂයින් ගැන දීපවංශයේ සඳහන් වෙන්නේ මෙහෙමයි.
‘at that time the
ground of Lanka was covered with great forests, and full of horrors: frightful.
Cruel, blood-thirsty Yakkhas of various kinds, and savage, furious, and pernicious
Pisachas ( a lower form of demon) of various shapes and full of various
(vicked) thoughts , had all assembled together. I shall dispel the Rakkhasas
and put away the Pisachad; men shall be masters (of the island )’
(I, pp. 46 ff.,
Oldenber’s translation)
හපොයි බය
හිතෙනවා. අර රාක්ෂයන්ගෙන් ඉතිරි උනු කොටස ගැන වෙන්ට ඇති මේ කියන්නේ. පොඩ්ඩිට නම්
හිතුනේ එහෙමයි.
උතුරේ හිටපු නාග
ගොත්‍රිකයෝ පහලට එලවපු මිනිස් කොටසක් විදියටත් මේ යක්ෂයන් හැඳින්වෙනවා.
යක්ෂ කියන නම්
හැදුනු හැටි ගැන හොඳ අර්ථ කථනයක් දෙනවා එච්. නෙවිල් මහත්තයා.. (මියගිය ) එයා කියන හැටියට ආදිකාලීන වැසියන්
දඩයක්කාරයෝ හන්දා නිතර ඊතල භාවිතා කරලා තියනවා. 'ඊයක්'
කියන එක තමා පසුව ' ඊයකා’ වෙලා, ‘යකා' බවට
පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ අදහස නම් නරක නෑ. එහෙම නම් යක්කු කියලා බයවෙන්ට දෙයක්
නෑනේ.
පොත කියවන ගමන්
යක්කුන්ගෙන් කරදරයක් නැතුව පොඩ්ඩිට එහෙමම නින්ද ගිහින්.
පහුවදා අර ගෙදර
තොවිලයක්ලු. යක්කු ටික ඔක්කොම එලවනවලු.මහසෝනා, රීරි යකා, සහ කලු
යකා.
'මහසෝනා
හරි ලොකු සද්දන්ත එක්කෙනෙක්. තනියෙන් අහුවෙන කෙනාගේ පිටට හොඳ පාරක් දුන්නාම තමා
මනුස්සයා ලෙඩ වෙන්නේ...' මැණිකා කියනවා. 'රීරි යකා කියන්නේ ලේ පිපාසෙන් ඉන්න යකෙක්. ඉපදුනු වෙලාවේ අම්මාගේ කිරි
බොමින් හිටපු අහවල් එකත් ගලවගෙන, අම්මා මරාගත්තයි කියන්නේ'
'එතකොට
අර කලු යකා...' අංශු අහනවා.
'එයා
ඉතින් බැල්ම දාන්නේ නොබැඳපු ගෑනු දරුවන්ට' දයාවතී කියනවා.
'හවසට
යමුද?' අංශු අහනවා.
'හපොයි
මට නම් බෑ ' පොඩ්ඩි කීවා.
එදා රෑ නම්
කාටවත් නින්ද ගියේ නෑ බෙර හඬයි, යටි උගුරෙන් හූකියලා කෑගහපු හඬවලුයි හන්දා.
A Prayer:
Rise, Agni, drive off those who fight
against us: make manifest thine own celestial vigor.
Slacken the strong bows of the demon
–driven…
Destroy the cursing Rakshasas.
(In the fourth hymn of Book iv of the Rig-Veda (Griffith’s translation )

රීරි යකා මම අපායෙ සින්දු කියන්නා...
ReplyDeleteගරා යකා මම ගහ යට සොමියෙ නටන්නා...
කව්රුත් නලවන සොමි පොර මම මහසෝනා..
ඔය කව්රුත් ආදරෙ මම පොඩ්ඩි මස්සිනා...
ගයාලා.... වයාලා... යමාරේ දමාලා...
අද කාල නටමු ඩිඟිසි ඩිඟාරේ..
අපි තාම ඉන්නෙ සොමියෙ අපායේ! :D :D :D
මල්ලි සිංදුව පොඩ්ඩක් වැරැදියි..
Deleteරීරි යකා මම අපායෙ සින්දු කියන්නා...
ගරා යකා මම දහ අට සන්නි නටන්නා...
ඔබ සැම අදුනන සොමි පොර මම මහසෝනා..
ඔය කව්රුත් ආදරෙ මම ඔඩ්ඩි මස්සිනා..
පොඩ්ඩි මස්සිනා හී හී හී
Delete"අද කාල නටමු" නෙමෙය් බන් "හැඩ දාලා නටමු ඩිඟිසි ඩිඟාරේ.."
Deleteඔව් අයියා ඕකෙ පොඩ්ඩි ඔඩ්ඩි වෙන්ට ඕන. :)
Deleteප්‍රින්ටින් මිස්ටේක් එකක්. ඉතුරු පද ටික මම බට්ට කාලෙ ඉඳන් කියන්නෙ ඔහොමයි :)
අද නම් මුහුදු කමෙන්ට් එක ලියනකොට පොඩ්ඩි ගැනමයි හිත, හිතා ඉඳලා තියෙන්නේ. ඒකනේ ඔඩ්ඩි පොඩ්ඩි වෙලා තියෙන්නේ. hikz
Deleteහොඳම කොමෙන්ට් එකේ තෑග්ග මුහුදුට. :)
Deleteඩිගිසි ඩිඟාරේ වෙයි යකින්නක් වගේ කෙල්ලෙක් බැඳගත්තොත් හී හී හී
Delete@මුහුදු,
Deleteමුහුදුගේ කමෙන්ට් එක හරිම ලස්සනයි. දකින, දකින වෙලාවට හිනා යනවා. මේක නම් හොඳම හොඳ තෑග්ගක් දෙන්ට වටිනා කමෙන්ට් එකක්. ටිකිරිත් කියලා තියනවා හොඳම කමෙන්ට් එක කියලා. බලන්ටකෝ වැටිලා තියන කමෙන්ට් ගොඩ සහ ගෑනු ලමයින්ගේ කමෙන්ට්.:)
අන්න නීතා කියලා තියනවා ඔයා යකින්නක් වගේ කෙල්ලක් බඳින්ට යනවා කියලා. හැබෑද? :D:D:D
අපේ කට්ටියත් හදන සිංදු !!!
හික් හික්... නීතා, බුරාට දාන්න ඕන කමෙන්ට් එකක් , මුහුදුට දාලා... (මාගේ බුර බුරා නැගෙන ස0වේගය )
Deleteබුදු අම්මෝ. මට නම් බයායායායායායි.....:D
ReplyDeleteයක්කු කියන්නේ නොපෙනෙන කොට්ඨාශයක්නේ. සමහර විට යක්කු ජීවත් වෙන්නේ මිනිසුන්ගේ සිත් තුළ පමණක් වෙන්න පුළුවන්. ඇත්තටම ඉන්නවා වෙන්නත් පුළුවන්. හරියටම මේ ගැන කියන්න මට නම් අදහසක් නෑ.
Deleteඒ කෙසේ වෙතත් පොඩ්ඩි ලස්සනට කතාවක් ගලපා ලියා තිබෙනවා. එක් පෝස්ට් එකක කතා කළ දෙයක් තවත් එකකදී කථා නොකිරීම නිසා මේ බ්ලොග් එක හැමදාමත් අලුත් වෙනවා. පොඩ්ඩිගේ තවත් අපූරු නිර්මාණයක්.
නොදන්නා කමටයි අහන්නේ දැන් ඔය කීව යක්කු ලංකාවේ අයද, ඔය රටේ යක්කුන්ගේ ගැනත් දවසක පෝස්ට් එකක් දාන්නකෝ...:DDD
ප්‍රියන්ත හොඳ ප්‍රශ්නයක් අහලා තියනවා. මේ රටේ නම් අපේ රටේ යක්කු වගේ යක්කු ජාතියක් ගැන කතා කරනවා අහලා නෑ. හැබැයි හිටියත් ඒ යක්කු නම් අනිවාරයයෙන්ම සුදු ඇති.:)
Deleteහැබැයි මේ අය හොල්මන්, අවතාර කතා විශ්වාස කරනවා. විස්තර හොයලා බලලා 'සුදු යක්කු' කියලා පෝස්ට් එකක් දාන්නම්කෝ. :D
හිකිස්....
ReplyDelete:D:D:D
Deleteයක්කු... අනේ මන්දා.. හුඟක් විස්තරනම් කියවලා තියනවා.. ඒත් තාම එකෙක් වත් දැකලනම් නෑ..
ReplyDeleteහැබැයි එක එක යක්කු ගැන හරි ලස්සන ප්‍රවාද තියනවා... ඒවානම් කියවන්න ආසයි
දන්න දේවල් ඔයා කියලා නෑනේ. :D
Deleteයක්කු!!! මට මේක කියෙව්වාම ආයෙමත් මතක් වුණේ අර පලිඟු මැණිකෙ කතාව
ReplyDeleteපොඩ්ඩි අක්කට මතකද සූරසේනෝ!!!!!!!!! මහසෝන එනෝ!!!! කියල සිරිල් වික්‍රමගේ මාම කෑ ගහන හැටි!!!!
මටත් ඒක මතක් උනා..
Deleteමේ පොඩ්ඩියේ ඔය ඊරි යකා කියන්නේ වැම්පයරයන්ගේ ලංකාවේ වර්ෂන් ඒක වෙන්න බැරිද? මට නිකමට හිතුනා..
Deleteහැබය් ඉතිහාස කතා කොහොම කිව්වත් මන් නම් ආස නෑ ලංකාවේ හිටියේ යක්කු කියනවට..ඔය හතරවටේ මේ දවස්වල තියෙන රාවණ පිස්සුව එක්ක කියනවා නේද රාවණ රජ්ජුරුවෝ ආඊ නැගිටිනවා කියල,, නැගිට්ටෝත් අහගන්න බැරියය්..
මට නම් මතක් වුනේ සැලිනාවතීට යකෙක් ගහලා කෑගහන වෙලාවෙ, ඒක රැකෝඩ් කරන්න සූරසේන කැසට් එකත් අරන් ගිහින්. තව පොඩ්ඩෙන් යකා සැට් එක ගිලිනෝ කියලා කෑගහන් ආපු සීන් එක. :-)
Deleteඅනේ මම නම් බලලා නෑ. අම්මට යාලුවෙක් දීලා 'දඬු බස්නාමානය' යි, අර කවුද හොඳ නැන්දම්මා කෙනෙක් 'මාලු ඇඹුල් ටියල් ' කියලා කතා කරන එකයි නම් බැලුවා. :D
Deleteඅපොයි පොඩ්ඩි අක්කේ මම නම් බය මේ පන පිටින් ඉන්න යක්කු වර්ගයට තමයි...නැද්ද ඒ යක්කු එලවන්න දන්න හොද කට්ටඩියෙක් එහෙම....
ReplyDeleteහී හී ඔය පැත්තෙන් තමා හොයාගන්ට වෙන්නේ. දන්න තරමින් මේ පැත්තේ කට්ටඩියෝ නෑ. :)
Deleteපොඩ්ඩි අප්පච්චිගෙ පොත් රාක්කෙන් ගත්තු පොත මොකද්ද?
ReplyDeleteH. Parker ගේ Ancient Ceylon කියන පොත. ඒක හරිම පරණ පොතක්. First published in 1909. මම හිතන්නේ අප්පච්චිගේ, අප්පච්චිගේ පොතක්.
Delete:)
ReplyDelete:D
Deleteපොඩ්ඩියේ ඔය පොත මොකක්ද හැබෑට... දැන ගනන් ගොඩක් දේවල් තියෙනවා වගෙයි.
ReplyDeleteයකෙක් කිවුවාම මට නම් මැවෙන්නේ..හොඳ කාල වර්ණ, හැඩි දැඩි..අයෝමය ශක්තියක් තියෙන උත්තුංග දේහධාරි පුරුෂයෙක්.
හිත ඇතුලෙන් නිකම් 'ටොයිං!!!' ගෑවද මන්දා!! :D
Handsom yakek
DeleteHandsome sexy යකෙක්
Delete@වජිරදේවී
Deleteපොතේ නම මෙන්න. H. Parker ගේ Ancient Ceylon. ඒ පොතේ ගොඩක් විස්තර තිබුනා. අර ප්‍රිය පුරුෂයා මතක් වෙනවා ඇති ඔය 'ටොයිං' ගාන්නේ...:D
බින්දි & තරු,
හැන්ඩ්සම් යකෙක් හා.....හ්.....ඒ මදිවට සෙක්සිත්....හී හී...
ටොයි0! ටොයි0!!
Deleteපොඩ්ඩි, ඔන්න ඇවිල්ල ආතල් මාතෘකාවකට.
ReplyDeleteරාක්ෂ කියන වචනය තේරුම් ගන්න නම්, ඊට අදාල තවත් වචන දෙකක් තියනවා අධ්යෂයනය කරන්න. හැබැයි මම කතා කරන්න උත්සහ කරන කාරණය තේරුම් ගන්න ටිකක් කැප වෙන්න වෙයි.
රාක්ෂ, මනුෂ්ය , දේව කියන්නෙ එකිනෙකට සම්බන්ධ වචන තුනක්. ඒ විදිහට වර්ග කෙරෙන්න, ගති පැවතුම් උඩ මිසක් වෙනත් කිසිවක් හින්ද නෙමෙයි. මේ ගැන අධ්යනයනය කරන්න ඕනෙ නම් භගවත් ගීතයේ 7 වන පරිච්ඡේදය කියවිය යුතුමයි.
උත්පාද ,තිථි භංග කියන්නේ, රජස්, සාත්වික සහ තමස් කියන ගුණයන් නිසා සිදුවන දෙයක්. මේ තුන් ගුණය කියන්නේ මේ ලෝකෙ පැවතිම, උත්පාදනය සහ විනාශය කියන කරුණු තුන සමබර කරන්න. අපිත්, ඕනැම අවස්ථාවක මේ තුන් ගුණයන්ගෙන් යුතු වෙනවා පමණක් නොවේ, ඕනැම අවස්ථාවක මින් එක් ගුණයක් අපි තුලින් කැපී පෙනෙනවා. ඒ කැපී පෙනෙන ගුණය අනුව තමයි අපේ වර්තමාන ක්රිලයා පටිපාටිට තීරණය වෙන්නේ.
දේව කියන්නෙ උසස්ම මිනිස් ගුණයෙන් යුතු අය. පරිත්ය්ග ශීලී, ලෝකෝත්තර දැනුමෙන් පොහොසත් අන් අයට උපදෙස් දෙන්න තරම් උගත්. කරුණාවන්ත, අන් අයගේ දුක බෙදාගන්නා ස්වභාවය. මේ අය දෙවියන් හෝ නිවනට සමීපයි. හොඳින් මතක තියායන්න, දේව කියන වචනයට තේරුම් දෙකක් තියනවා. ඒ වගේම දේව සහ දෙවිියන් කියන්නෙ එකක් මෙමෙයි දෙකක්.
මනුෂ්යන කියන්නේ මේ ලෝකෙ සැප සම්පත් භුක්ති විඳින එක. ඒ ගැන මම කියන්න ඕනෙ නැහැනේ.
රාක්ෂ කියන්නෙ, මේ ලෝකෙන් ඔබ්බට දැනුමක් නොලබපු අය. ඒ අය පවතින අනන්ය තාවය ගැන හුගක් සැලකිලිමත් වෙනවා. වෙනස් වෙන්න අකමැතියි. බයයි. ඒ නිසාම එකිනෙකාට සතුරු වෙනවා. ඒ අනුව සමාජය කොටස් වලට කැඩෙනවා. තමන් අයිති කොටස කැඩෙනවාට බයයි. ඒ අය ක්රිවයාත්ම වෙන්නෙ භය උඩ. හැම වෙලාවෙම හිතන්නෙ අනන්යඩතාවය නැති වෙයිදෝ කියල. අනන්යෙතාවය නැතිවෙන එක ස්වභාවිකයි කියල ඒ අය දන්නෙ නැහැ. හරිම ප්රාිථමික අවධියක ඒ අය ඉන්නෙ.
මිනී මස් කනවා කියන එකෙන් අදහස් කරන්නෙ, ඇත්තටම මස් කනවා කියන එක නෙමෙයි. ඒ අයට ඕනැම විනාශයක් කරන්න පූලුවන් ඒ අයගෙ භය නිසා.
ඒ වගේම රාක්ෂ ගෝත්රිඑකයින්, අන් අයගෙ දියුණුව ඉවසන්නෙ නැහැ. හදි හුනියම් කරන්න හරි දක්ෂයි. තමන්ගෙ සීමා ගැන දන්නෙ නැහැ. උදාහරණයක් කියනවා නම්, අන් අය සතු වස්තු වලට ආශා කරනවා. ඒව තමාට අයත් සීමා වලින් ඔබ්බෙ තියෙන්නේ කියන එක ගැන අවභෝධයක් නැහැ. ඒනිසා හොරකම් කරනවා. මංකෙල්ල කනවා.
අපි සේරම මේ තුන් විධිහටම ක්රි යාත්ම උනත්, එක ස්වභාවයක් හැම විටකම කැපී පෙනෙනවා. යහපත් අය වැඩි කාලයක් දේව විදිහට ක්රි යාකාරකම් කරන අතරෙ, ඉතාමත් සුලු කාලයක් මනුෂ්යක වධිහට ක්රිකයාත්මක වෙනවා. රාක්ෂ විධිහට ක්රි කාකාරී වෙන්නෙ නැති තරම්.
රාක්ෂයෝ හැම විටකම මාරා ගන්නවා. ස්ත්රී දුෂණය, හොරකම්, බලය සඳහා මරාගැනීම්, අන් අය අභිභවා යැමට උත්සහ කිරීම, විරුද්ධ වාදින් විනාශකිරීමට පෙළඹීම් වාගෙ නොයෙක් දේවල් වලට ඒ අය පෙළඹෙනවා.
මෙම කාරණය බොහෝ කාලයක් මහන්සියෙන් සහ කැපවීමෙන් අධ්ය යනය කල යුතු දෙයක් මිස මේ වාගෙ කොමෙන්ට් එකකින් අවභෝධ කරගත හැකි දෙයක් නෙමෙයි.
මෙම කරුණු අවභෝධ කරගැනීමත් සමගම ඔබලා ලෝකෝත්තර වශයෙන් ඉහලට යනවා. පුලුවන් නම් අධ්යබයනය කරල බලන්න. මේ ලෝකෙ ලස්සන බලන්න පුලුවන් එතකොට.
හ්ම්...බොහොම අගේ ඇති පැහැදිලි කිරීමක්. එතකොට අපි හැමෝගාවම ඔය කියපු ගතිගුණ තුනම තියනවා , අඩු වැඩි වශයෙන් කියල නේද කියන්නෙ? එතකොට අපි එව්වා පාලනය කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට, මට හිටපු ගමන් හපා කන්ට හිතෙනවා කියමුකො, ආන්න මගේ රාස්ස ගතිගුණේ මතුවුනා.
Delete//රාක්ෂයෝ හැම විටකම මාරා ගන්නවා. ස්ත්රී දුෂණය, හොරකම්, බලය සඳහා මරාගැනීම්, අන් අය අභිභවා යැමට උත්සහ කිරීම, විරුද්ධ වාදින් විනාශකිරීමට පෙළඹීම් වාගෙ නොයෙක් දේවල් වලට ඒ අය පෙළඹෙනවා//
හුටා! මටත් ඕක නිකමට හිතුනා, අපේ ගම් තුලානෙ ගොයියලා " මේ යක්කු ටික රට කනවා" කියන කොට
// එතකොට අපි එව්වා පාලනය කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට, මට හිටපු ගමන් හපා කන්ට හිතෙනවා කියමුකො, ආන්න මගේ රාස්ස ගතිගුණේ මතුවුනා. //
Deleteඒකට බං ඉතිං වැඩි වැඩියෙන් මං වාගෙ දේවතාවන් ආස්සරේ කොරාන්ට ඕන.. එතකොට ඔය රාස්ස ගතිගුණ ඉබේම යටපත්වෙලා යනවා.. ;)
හෑ, ඉස්සර කෙලපි-පුත්‍රයා, දැං ඒ ගමන දේවත්වයට ප්‍රමෝෂන් එක්ක ලැබුනද? :)
Deleteප්‍රමෝෂන් එකක් ලැබිල නෙවෙයි , අරගෙන :)))))
Delete@ ටොමී,
Deleteඇයි බොලං, ඔය සිරි මුඛෙන්ම නේද කිවුවෙ "අම්මපා බං උඹ නං දෙයියෙක්" කියලා.. :)
@ඇනෝ අංකල්,
Deleteහොඳ පැහැදිලි කිරීමක්!!!
ගොඩාක් ස්තූතියි.
ගුරුවරු පවා අපිට දෙවියන්ට වගේ සැලකුවෙ.
Deleteඉස්සර අපි පන්තියට ඇතුල්වෙනකොටම අපේ ටීචර් ලත් කියනවා.
" අනේ දෙවියනේ තෝ මේ පාරත් මගේ පන්තියට වැටිලද?"
දැන්නම් තොවිලයක් කරන්නම වෙනවා වගේ. ඇත්තටම පොඩ්ඩියේ යක්කු , ප්‍රේත, කුම්භාන්ඩ, ආදී පිරිසක් ලෝකයේ ඉන්නවා. විශේෂයෙන්ම බුදුන් කාලයේ උන්වහන්දේ දෙශනාකල බොහෝ පිරිත් සහ සූත්‍ර දේශනාවන්හි මේ බව සඳහන් වෙනවා.
ReplyDeleteමෙකල වුනත් එවැනි අය පියවි ඇසට පෙනෙන හෝ නොපෙනන ස්වභාවයෙන් සිටිනවා. හැබැයි ඒ අපාගාමී වූ පිරිස් පියවි ඇසට පෙනුනත් නොපෙනුනත් ඕනෑම කෙනෙකුට තමන්ගේ සිතුවිලි සහ ක්‍රියාවන් ශක්තිමත් නම් ළංවෙන්න වත් කරදර කරන්නවත් බැහැ. ඒක බලපාන්නෙ තම තමන් උපයාගත් ආගමික ශක්තීන් මත කියලයි මට හිතෙන්නෙ.
මනසින් දුර්වල නම් ක්‍රියාවෙන් දුර්වල නම් එවැනි අමනුස්ස දෝශ දැඩිව බලපානවා.ඒ නිසා බුදුන් වහන්සේ වදාල "ධම්මෝ බවේ රක්ඛති ධම්ම චාරී, චත්ථානං මත්ථානං යථා වස්ස කාලේ, ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ න දුක්ඛන්තිං ගච්ඡන්ති ධම්මචාරී"
"ධ්ර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි. ඒ වැස්ස කලෙක මහා කුඩයක් වගේ ඒ ආනිසංසයෙන් ධර්මයෙහි හැසිරෙන්නා සතර අගතියට නොවැටෙයි කිසි කලෙක"
අන්න ඒ බුදුන් වදාල ධර්මය විතරක් හිතේ තිබ්බා නම් ඒ ඇති. ඔය සියලුම අමනුස්ස දෝශ භංගයි. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
දයා හොඳට බුදු දහමත් දන්න කෙනෙක්නේ. ඕනෑම තැනක පිහිට ලැබෙන්නේ ධර්මයෙන්ම තමා.
Delete//"ධ්ර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි. ඒ වැස්ස කලෙක මහා කුඩයක් වගේ ඒ ආනිසංසයෙන් ධර්මයෙහි හැසිරෙන්නා සතර අගතියට නොවැටෙයි කිසි කලෙක"//
මේ ටික හරිම ලස්සනයිනේ.
//දැන්නම් තොවිලයක් කරන්නම වෙනවා වගේ//
මේක කරලා තියෙන්නෙත් එක්තරා විදියක තොවිලයක් තමා.:D
හි හි...
ReplyDeleteයක්කු..
යක්කු කියන්නේ හූ.. හූ.. කියලලු...:D
Deleteඔඩ්ඩි .. පොඩ්ඩි වුනාද බන්??
ReplyDeleteහුටා.. මේක එන්න ඕන මුහුදුගෙ කමෙන්ට් එකට යටින්
Deleteමුහුදුගේ සිංදුව දැක්කාම ඔක්කොම අමතක උනා නේද? :D
Deleteහරිම අගේ ඇති පෝස්ටුවක්.. ඔබ මේ වගේ ප්‍රබන්ධ ගොතන ආකාරය අපූරුයි... සිංහල බ්ලොග් වංශ කථාවේ මා දුටු සුපිරිතම බ්ලොග් පෝස්ට් එකක් තමයි මෙය... දිගින් දිගටම මෙවැනි ලිපි ලියන්නට ලැබේවා... ඔබේ බ්ලොගය සිංහල බ්ලොග් පාඨකයන්ගේ වාසනාවට පහළ වූවාක් සේ හැඟේ... කාලයක් ලංකාව පුරා පතලව තිබූ මතයන් අමුතුම ආකාරයෙන් ඉදිරිපත් කරන හැටි අපූරුයි... ඉතා විශිෂ්ඨ රචනයක්.. හොඳ සංවාදයක් ගොඩ නගාවි බ්ලොග් අවකාශය තුළ.. මෙවැනි ලිපි තවත් ලියන්නට උණුසුම් සුභ පැතුම් මගෙන්.....
ReplyDeleteඅභීතයත් හපන්න බැරි උන අත ඉඹින්න හදනවා වගෙයි.
Deleteඅභීත අය්යාට ගොඩක් ස්තූතියි. :)
Deleteමටත් නම් බයයි , බයයි වාගේ ටිකක් කල්පනා කරලම කමෙන්ට් එකක් තව දාන්නම්කෝ ....
ReplyDeleteබයවෙන්ට දෙයක් නෑ අනේ. මොනාට බයවෙන්ටද?
Delete'යකාට බය නම් සොහොනේ ගෙවල් හදයිද' කියන කතාව අහලා තියනවද? :)
පොඩි කාලේ අපිව බය කලේ යක්කු ගැන කියලනේ . දැන් නම් යකෙක්ටවත් බය නැහැ කිව්වට කට්ට කළුවරේ මහා රෑක තනියම පාලු පාරක තනියම යන්න වුනොත් ...ඊ ඊ අම්මෝ !!! ඉස්සර තෙල් කෑම කාල ඒ කෑම ඔතාගෙන යද්දී යකා ගහනවා කියල අඟුරු කැල්ලක් තියනවා බත් මුලට . මට හිතෙන්නේ හදිසියේ ඇති වෙන හර්දයබාධ වෙන්න ඇති යකා ගහනවා කිව්වේ . අනේ මන්ද කැළණි පන්සලේ තියෙනව ඔය යක්කු ඉන්න පින්තුරයක් . මොනවා කරන්නද යක්කු භූතයෝ අතර ඉහ ගහන ඉන්න ඉගෙන ගන්න එක තමා කරන්න ඕන . ඉස්සරත් ගම් වල මිනිස්සු එහෙම උන්නනේ
ReplyDeleteබත්මුලට අඟුරු කෑල්ලක් තියලා ඔතනවා කියන එක අදමයි ඇහුවේ. ඒ කියන්නේ බත් මුලේ පැත්තකින් අඟුරු කෑල්ලක් තියනවද?
Delete//මොනවා කරන්නද යක්කු භූතයෝ අතර ඉහ ගහන ඉන්න ඉගෙන ගන්න එක තමා කරන්න ඕන . ඉස්සරත් ගම් වල මිනිස්සු එහෙම උන්නනේ//
දැන් කාලෙත් එහෙම තමයි ඉතින් ඉන්ට වෙන්නේ. :)
දෙවියෝ සහ භූතයෝ - ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් :D
ReplyDeletehttp://www.mediafire.com/?4vh2yommitk
ස්තූතියි කියවලා බලන්නම්.:)
Deleteනියමයි. හොය හොය හිටිය පොතක් :)
Deleteමම නම් තාම යක්කු දැකලා...ඔය කියන්නේ කියන තරමට යක්කු කලු නැ කියලාත්..ඇත්ත වෙන්ටැති..දැකලා නැනේ..
ReplyDeleteදකින්ටත් නොලැබේවා කියලා හිතනවා නිම්ශා...:)
Deleteමට නම් හිතෙන්නේ යක්කු ඔය කියනවාට වඩා කලුයි කියලා...:D
@පොඩ්ඩි,
ReplyDeleteඒ කියන්නෙ දැන් ඔය පහුගිය ටිකේ සම(හරක්) කට්ටිය ඔය තිරිසන්නු වගේ හැසිරුනේ.. ඔය කුවේනිගෙ සාපය නිසාද???
කොයි හරක්ද? කොහෙද? :D:D:D
Deleteඑයාලා කියන විදියට රාක්ෂයන් එක, එක වේශයන් මවාගෙන මිනිස් සිරුරට ආවේස වෙනවා. එතන ඉඳන් ඒ මිනිසාව හසුරුවන්නේ අර රාක්ෂයනුයි.//
ReplyDeleteපන්සිල් රකින ගැණු පිරිමි ගාවට ඔය කිසිම අමනුස්සයෙක් කිට්ටුවෙන්ඩත් බයලු.
තව ගොඩක් දේවල් කියන්න ආවේ. කොහෙද අර පලවෙනි කොමෙන්ට් එක කියෙව්වා විතරයි හිතේ ගොඩනැගිච්ච භාව මෙව්වා එක එහෙම්ම හේදිලා ගියා නොවැ.....!:D
//තව ගොඩක් දේවල් කියන්න ආවේ. කොහෙද අර පලවෙනි කොමෙන්ට් එක කියෙව්වා විතරයි හිතේ ගොඩනැගිච්ච භාව මෙව්වා එක එහෙම්ම හේදිලා ගියා නොවැ.....!:D//
Deleteහී හී....මටත් උනේ ඕකමයි. කමෙන්ට්ස් වලත උත්තර ලියාගන්ටත් බෑ ඒක මතක් වෙනකොට.
යුනිවසිටි භාෂාවෙන් යක්කු කියන්නේ කෙල්ලන්ටයි!
ReplyDelete@ කතන්දර
Deleteනිකම් කෙල්ලන්ට නෙමෙයි නේද කැත කෙල්ලන්ට නේද යකා කියන්නේ ??
@කතන්දර,
Deleteකොල්ලන්ට කියන්නේ මොකක්ද?
@හසිත,
එතකොට ලස්සන කෙල්ලෝ?
යක්කුත් නරකම නෑ
ReplyDeleteදෙවිවරුනේ වෙනස පෙන්නලා දෙන හින්දද? :)
Deleteමාත් හිතන්නේ පොඩ්ඩි මනසින් දුර්වල වුනාම තමා මේ ඔක්කොම යක්කු වැහෙන්නෙ .
ReplyDeleteහොද ලිපියක්.
මටත් හිතෙන්නේ එහෙම තමයි ගිම්හානි.
Deleteස්තූතියි අදහසට.:)
ඔන්න වල්ව්වට ගොඩ වැදුනා අපිත්.... බුදු අම්මෝ බයත් හිතෙනවා.
ReplyDeleteවටිනා අදහසක් ලස්සනයි.
පොඩ්ඩි නම් හිතුවේ මහ වෙදනා මොන යකෙකුටවත් බය නෑ කියලයි.:)
Deleteපොඩ්ඩි හොද මාතෘකාවක් කථාකරල තියෙන්නේ.. වටිනා අදහසක් . ඇනෝ අංකල් කියලා තියෙන්නේ ගණ සම්බන්දයෙන් නේද
ReplyDeleteමමත් රක්ෂ ගණ තමයි ..ඇනෝඅන්කල් කියන සමහර දේටනම් එකග වෙන්න අමාරුයි... මොකද මමත් ඔය සම්බන්දයෙන් ගොඩක් උනන්දුවෙන් හොයල තියෙන නිසා.
ඇනෝ අංකල් කියලා තියෙන්නේ ගණ සම්බන්ධයෙන් තමයි. අන්න පහල ඔයාට උත්තරයක් දීලා.:)
Deleteමටත් ඉස්සර පොත් කියවලා බය වෙන පුරුද්දක් තිබුනා... :D
ReplyDeleteඅම්මෝ පොඩ්ඩි ඩ්‍රැකියුලා පොත බලලා බය උනු තරමක්!!!
DeleteRise, Agni, drive off those who fight against us: :)
ReplyDeleteකොහෙද ඒක කරගන්ට විදියකුත් නෑ මේ වැස්ස වලාහක දෙය්යො හන්දා. :)
Deleteයකා වැහෙන කතානම් ඇත්ත කියල හිතනවා. එහෙම වුනාය කියන මිනිස්සු කීප දෙකෙන්ම දැකල තියනවා, එත් ඔප්පු කරන්න තමයි බැරි. මොකද එහෙම වෙන්නේ මොකක් හරි කායික මානසික ව්‍යාධියක ප්‍රතිපලයක්ද කියල කියන්න බැරි හින්ද. යකා වැහිලම බලන්න වෙනවා මොනවගේද කියල.
ReplyDeleteඅනේ යකෙක් වැහිලා බලන්ට නම් හිතන්ටත් එපා. මෙහෙම එක, එක අය කියන කතා විතරක් අහගෙන ඉම්මු.:)
Deleteඇත්තටම යක්කු දැකලා නෑනෙ මමත්තේත් ඉතින් මනුස්ස වෙසින් සමහර ව්එලාවට යක්කු පෙනී ඉන්නවා කියලාත් හිතිලා නැත්තෙමත් නෑ......
ReplyDeleteහොද ලිපියක්!!
යක්කු පේන්නේ මනුස්ස ගන අයටලු. ඇත්තද දන්නේ නෑ. පේන්නේ නැති එක හොඳයි. දැක්කොත් බය වෙන හන්දා. නපුරු මිනිස්සු දැක්කාම කොච්චර බය හිතෙනවද. ඉතින් යකෙක් දැක්කොත් කොහොම හිටීද? :)
Deleteයක්කු පහනෙන් තමා පන්නන්න ඕනෙ . . .
ReplyDeleteනෑ. නෑ. ඒගොල්ලන් එලවන්නේ ගිනි පන්දම් වලින්නේ.
Deleteපන්දම ??? හී,හී, පන්දම නෙමෙයි මයෙ නැට්ට:)))
Deleteඑයැයිගෙ හිංගල මලකඩ කාල බං, තේරිල නෑ
"යකාගෙ පහණ" කීව නම් ටිකක් තේරෙය් මයෙ හිතේ... හෙහ් හෙහ් හෙහ්
Deleteඕනමැන්ටල්, තරු,
Deleteහැක් හැක්! අඩේ කොහින්ද බංලා ඔච්චර වචන පෙරලි හොයා ගන්නෙ... මං දල්ලෙ දෙක තුනයි... ඒවත් ධාතුසේන රජ සමයේ එව්වා....
පොස්ට් වලින් ඈත්තටම අමුතුම ගනයේ ලිපියක් කියලා මටත් හිතුනා.. එක පාර ඉතින් මේ වගේ පොස්ට් එකක් තේරුම් ගන්න නම් අමාරුද මන්දා ආයේ කියවන්න ඔනා.. අර පොතේ නම කියන්න පුලුවනිද අපිටත් දෑන ගන්න
ReplyDeleteවෙලා තියන වෙලාවක ආපහු කියවලා බලන්ට එහෙනම්. :)
Deleteපොතේ නම: Ancient Ceylon
කර්තෘ: H. Parker
යක්කු කියල ජාතියක් ඉන්නව හැබැයි ඒ අය මැරුනට පස්සෙ යක්කු වෙන අය.ඒ යක්කු තමයි මිනිස්සුන්ට වැහෙන්නෙ.බුදුහාමුදුරුවො ලංකාවට වඩිනකොට හිටියෙ යක්ෂ ගෝත්‍රිකයො.එයාලට තඩි බඩකුයි ලොකො දළ දෙකකුයි තිබුනෙ නෑ(මම දන්න විදියට ).අනිත් එක තමයි මහා බ්‍රහ්මය ලෝකය මැවුව කියන එක,ඒකත් වැරදි මතයක්.මට මතක විදියට දීඝ නිකායෙ සූත්‍රයක ඒ ගැන හොඳට පැහැදිළි කරල තියනව.
ReplyDelete@ කස්ස
Deleteඒ ගැන තියෙන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ
ඔව් නේද? ඒ යක්කුයි මේ යක්කුයි දෙජාතියක්.
Deleteඔය රාක්ෂ එහෙම නැත්නම් රකුස් කියන අයත් එහෙමයි.
රකුස් = රැක් + කුස් = කුස රැක ගත්(ගොවි තැන් කළ) අය
@කස්ස,
Deleteයක්ෂ, රාක්ෂ ගෝත්‍රවල මිනිස්සු වෙනස් තමා. ඒකම තමා මමත් කියන්ට හැදුවේ. සමහර අය මැරුනට පස්සේ යක්කු වෙනවද? ඒ කියන්නේ එයාලට වෙනම ලෝකයක් තියනවද? නැත්නම් මනුස්ස ලෝකෙම අපට නොපෙනෙන්ට ඉන්නවද? ඒ ගැන වැඩි විස්තර දැනගන්ට කැමතී.
හසිතටත් ස්තූතියි සූත්‍රේ ගැන කියලා දුන්නට.
@සයුරී,
ඒ අරුත් දැක්වීම අහලා තිබුනේ නෑ. ඒ කියන්නේ යක්ෂයෝ කියන්නේ දඩයක්කාරයෝ. රාක්ෂයෝ කියන්නේ ගොවියෝ.
ඒව ගැන කියනවනම් අනන්තවත් කතා තියනව,සමහර අය නම් මේව විශ්වාස කරන්නෙ නෑ..හබැයි...
Deleteකියන්ටකෝ බලන්ට එකක්, දෙකක්. අහන්ට ආසයි. :)
Deleteකෙනෙක් මැරුනම උපදින විදි ටිකක් තියනව.
Deleteමැරුන කෙනා එක්කො දිවිය ලෝක වල උපදින්න ඕනෙ,
දිවිය ලෝක 6 යේ හරි(චාතුර්මහාරාජික,තාවතිංසය,යාමය,තුසිතය(මෙකෙ තමයි මෛත්‍රී බෝදිසත්වයි ඉන්නේ,නිර්‍මාණරතිය,පරණිම්මිතවසවත්තිය(මෙකෙ තමයි වසවත්ති මාර ඉන්නේ))
රූපාවචර බ්‍රහ්ම ලෝක 11හරි (බ්‍රහ්මපාර්සද්‍යය,බ්‍රහ්මපුරෝහිතය,මහාබ්‍රහ්මය/පරිත්තාභ,අප්පමාණාභ,ආබස්සර/පරිත්ත සුභ,අප්පමාණ සුභ ,සුභකින්භ/වේහප්ඵල,අසංඥසත්වය)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5 හරි (අවිහ ,අතපප,සුදසස,සුදසසී,අකණිටඨ(මේ තැන්වල උපදින්නෙ අනාගාමී අය.මෙයාල ආපහු කාමාවචර ලෝක වල උපදින්නෙ නෑ. මේ ලෝක වලින් එකකදි පිරිනිවෙනව )
අන්තිමට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හරි (ආකාසානඤචායතනය,විඤඤාණඤචායතනය,ආකිඤචඤඤායතනය,නෙවසඤඤානාසඤඤායතනය)
නැත්තම් ආපහු මනුස්ස ලෝකෙ උපදිනව.
එහෙම උපදින්නත් පින් නැති උනොත් මැරුන කෙනාට සතර අපායට තමා යන්න වෙන්නෙ.
තිරිසන් ලෝකය,ප්‍රේත ලෝකය, අසුර ලෝකය සහ නිරය.
නිරයෙත් කොටස් ගොඩක්ට කැඩෙනව, කරල තියන පවු වල ප්‍රමාණයට
නිරය(සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,මහා තාපය,අවීචිය(මේ අපායවලුත් තව පොඩි කොටස් වලට බෙදෙනව )
මනුස්සයෙක් මැරුනම උපදින්න පුලුවන් තැන් තමයි මේ.ඔය ප්‍රේත සහ අසුර ලෝක වල ඉන්න අය තමා මම දන්න විදියට අපිට බකට් අදින්නෙ.
වැඩි විස්තර ඕනෙ කිවුවනෙ, ඔන්න.මේව මමත් ඉගෙන ගත්ත දේවල්.කියවගන්න බැරිවුනොත් මම දන්නෙ නෑ.මේ බුදු බණ.
මේ විස්තරය මම කිහිපතැනක කියෝලා ඉගෙන ගෙන තිබුනා. මේ මම දැක්ක සරළම පැහැදිලි කිරීම. නියමයි!
Deleteබුද්ධ රශ්මි බ්ලොග් එකේ ඇති මෙම ලිපියෙන් සහ මෙයින් ඉදිරියට ඇති ලිපි වල මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවනි.
http://www.budurashmiya.net/2010/05/blog-post_22.html
වටින ලිපියක්..... "හොල්මන්"කියන්නේ මනස සෙලවෙන/හොලවන කියන තෙරුමයි... යක්කු වැහෙනව කියන්නේ මානසිකව බියවිම නිසා ඇතිවන ආතතියක්..........මම නම් මහ රැත් කනත්තවල් වලට ගිහින් තියෙනව ....තාම දැකපු යකෙක් නම් නැහැ.....
ReplyDeleteහොල්මන කියන්නේ සැලෙන මනස තමයි. පොඩි කාලේ ඉඳන් අහපු දේවලින් තමා මෙහෙම සිද්ධවෙනවා ඇත්තේ වැඩිපුරම.
Deleteකනත්තේ ඉන්නේ මළගිය උදවියනේ. යක්කු නම් එහේ ඉන්ට විදියක් නෑ.:)
මං නං බය නැතෝ..... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔය යක්කු වැහිච්චි අය ගැන නම් හොඳ රසබර අත්දැකීම් මට තියනවා. වෙලාවක ඒ ගැන ලියන්නම්. ල0කාවෙ හිටියායැයි කියපු යක්කු ගැන මමත් හිතන්නේ ඔවුන් අපි හිතන හුදෙක් යකුන් නොව යකුන් ඇදහූවන් පිරිසක් කියලායි. ඔවුන්ටත් හොඳ ශිෂ්ටාචාරයක් තිබෙන්න්ට ඇති.ලිපියේ අගට වෙන්නට පොඩි මන්තරයක් වගේ එකකුත් තියෙන්නෙ. පොඩි තොවිලයක් කරල යක්කු ටික එලවල අළුතින් වැඩ පටන් ගන්න ඉක්මනටම හිතපු එකත් හොඳා තමා එක අතකට
Delete@අඩවි රජ.
Deleteරජවරුන්ට ඉතින් යක්කුත් බයලුනේ. :)
@තොටියා,
යක්කු වැහුනම ඉකමනින් කරන්ට ඕනිත් ඒකයි. කට්ටියවම එලවා දාලා, සුපුරුදු විදියට වැඩ පටන් ගන්න එක.
අර පහලින් තියන මන්තරේ බොහොම බලගතුයි.:)
ඔය දන්න කතා ටික ඔක්කොම ලියන්ට. හිල්ඩා කතාව නම් මතක් වෙනකොටත් තාම බය හිතෙනවා.
අපි යක්කු බැඳගෙන වැඩගත්ත උදව්ය හරිය!
ReplyDeleteහී හී හැබෑට. බයේ බෑ.
Deleteඉස්සර පොඩිකාලෙ ගෙදරින් බැනුම් අහගෙන තොවිල් බලන්න යන පුරුද්දක් තිබුනා හරිම ආසා හිතෙන දෙයක් එ කාලෙ දැන් වගේ මුදල් බලාගෙනම නෙවේ තොවිල් කලේ ..., යක්කු ගැන විවිධ අර්තකතන එතනදි විස්තර කරනවා මට මතකයි..ඔවුන් නිසා හැදෙන ලෙඩ වගේ දේවල් හරි මිහිරි ,බය හිතෙන විධියට කවියෙන් තමා කියන්නෙ....
ReplyDeleteඒත් දැන් එහෙම තොවිල් නැහැනෙ...!!
ඒ දැකපු තොවිල් ගැන මතක නම් විස්තර ලියන්ටකෝ. නැති වෙලා යන දේවල් රැකගන්ට පුලුවන් එහෙමයි.:)
Deleteඔය නොපෙනෙන යක්කුන්ට වඩා දෙපා යක්කු කොච්චරනම් බයානකද නේද ?
ReplyDeleteමේ සති අන්තයට දහ අට සන්නිය බලන්ඩ යන්න කියලා. මේ පෝස්ට් එක හොද පූර්ණිකාවක් වෙයි ඒ ගමනට !!!
ReplyDeleteහැබෑට මොකෑ මේ කොල්ලන්ව පතුරු ගහලා කෙල්ලන්ව මුරුංග අත්තේ තියන්ට තනන්නේ ??
බැලුවට පස්සේ ඒ ගැන ලියන්ට හොඳේ.
Deleteකොහෙද කෙල්ලෝ මුරුංගා අත්තේ තියලා තියෙන්නේ. අර බය උනු කෙල්ල හිටියෙත් බිමනේ. :)
මේ පෝස්ටුව කියැව්වෙ රාත්තිරියේ... මල ගෙදරකට යන්නත් තියෙනවා... දැන් යන්න බෑ හෙට යනවා කියලා හිතුනා... කුමාරිහාමි මගෙ ඉසව්වට ගාටන්නෙ නැතුවා ?
ReplyDeleteඇයි මේක කියවලා බය හිතුනද?
Deleteසිරාගේ ඉසව්වටත් එන්නම්....:)
බය වෙන්ඩ ඕනා යක්කුන්ට නෙවේ ජීවත් වෙන අපි අතරම ඉන්න මිනිස්සුන්ට!!!!
ReplyDeleteපොඩ්ඩියෝ කාලෙකින් මේ පැත්තේ ආවේ... කමෙන්ට් නොකලට තරහ නෑනේ... එග්සෑම් නිසා බිසී වෙලා උන්නේ.....
අනේ පොඩ්ඩි නම් පොඩ්ඩක්වත් තරහා නෑ. විභාගේ වැඩ ටික හරියට කරගත්තා නම් ඒ ඇති.
Deleteබයවෙන්ට ඕනි මිනිස්සුන්ට බව නම් සහතික ඇත්ත. :)
'යකා ඔය හිතන තරම් කලු නෑ' යන කියමනේ සැඟවී ඇති වර්ණබේදවාදයට මගේ බලවත් විරෝධය!
ReplyDeletehenryblogwalker the Dude
පොඩ්ඩි අක්කෙ ඩූඩ් අයිය පර්සනලි අරන්ද මන්ද ඒ කතාව?? හි හි
Deleteහහ් පර්සනලි සුදු එකී. කිරි බෝතල් වලටත් විරුද්දයි!
Deletehenryblogwalker the Dude
අන්න හරි !! කතා කරහන් ඩූඩ් !!!
Delete@Dude,
Deleteසුදු යක්කු කවුරුත් දැකලා නෑනේ. සමහරවිට දකින්නේ රෑ කාලයට නිසා කලු පාටට පේනවා ඇති.:)
@ජනූ,
අරගෙන. අරගෙන. පේන්නේ නැද්ද? :D
@මධූ,
Deleteඇයි මධූ ඔයා කලූද? :D:D:D
කොහෙන් කොහෙන් හරි මේවාට දුලානි අනුරාධා සෙට් වෙනවා නේද :P
ReplyDeleteඑයා හොඳ නිළියක් නේද? ඒක හන්දා වෙන්ට ඇති. :)
Deleteභූතයෝ ගැන කෙසේ වෙතත් යක්කු ගැන නම් විස්වාසයක් නෑ පොඩ්ඩි අක්කේ
ReplyDeleteමටත් කියන්ට තියෙන්නේ එච්චරයි අනේ. :)
Deleteකාළෙකට ඉස්සර ගමේ අත්‍යාවශය පුද්ගලයෙක් වූ ගුරුන්නාන්සෙ, නැත්නම් කට්ටඩි රාළහාමිට ගමේ මිනිස්සු දැක්වූයේ භය මිශ්‍ර ගෞරවයක්. ගමේ වෙද මහත්තයා ශාරීරික ව්‍යාධිවලට බෙහෙත් කල අතර, ගුරුන්නාන්සෙ බෙහෙත් කලේ මානසික ව්‍යාධි වලට විය හැක. කොණ්ඩ දෙනියේ හාමදුරුවන් ගැන කියවෙන කතාවල, යකුන් බැඳ වැඩගැනීම ගැන කියවෙනවා කියලයි මට මතක. අද නං මේවා හුදු ව්‍යාපාර බවට පත්වෙලා තියනවා. එදා ඇති පදං පාළු අඳුරු තැන් තිබුණ ගමේ, අද යක්කුන්ට ඉන්න හිටින්න තැනක් තියා කන්ට පිදේනි තට්ටක්වත් නෑ.
ReplyDeleteමේවා වල ඇත්ත නැත්ත කෙසේ වෙතත්, මේ කතා හැමදාම මගේ හිතේ ඇතිකලේ චමත්කාරයක්. -භීෂණ රසය කියන්නේ ඒකට වෙන්න ඇති. හොල්මන් කතා කියන්න ඕනෙ ගිනි උඳුනක් ගාවට වෙලා, උණු කෝපි කෝප්පයක් බොන ගමන් කියලා මං කොහේද දැක්කා. ඒත් අපේ හොල්මන් කතා තමයි සුපිරි. සඳරූ ඒවගේ ඉස්තරම් කතා කිපයක්ම ලිව්වා. ඒ කතාවල පරිසරය වැනිල්ල තමා සුපිරි. එයා වනල ඉවර වෙනකොට, අපිත් හිතින් නිකම්ම එතන.
සඳරූ නම් ඒ සබ්ජෙක්ට් එකට දෙය්යා...
Deleteඌ ලියන විදියට අපිත් නුග ගහ ගාව ඉන්නව වගේ තමයි දැනෙන්නෙ.
බලපු නැති අය එකක් බලන්නකො..
http://hisahasa.blogspot.com/2011/08/blog-post_26.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FkRHzW+%28%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%83%29
@ටොමියා,
Deleteමේ කතා කරලා තියන්නේ අපේ පැරණි සිංහල සංස්කෘතිය ගැන. ඒ කාලේ මොකක්දෝ කියාගන්ට බැරි ලස්සනක් තියනවා. අද මේ තත්වය දකින්ට නෑ. හැමෝම (පරිසරයත් එක්කම ) වෙනස් වෙලා.
සඳරුගේ හැම ලිපියක්ම ලස්සනයි.
@තරු,
ගොඩක් ස්තූතියි ලින්ක් එකට. මම හිතන්නේ සඳරුගේ ලිපි නොකියවපු කෙනෙක් නැතුව ඇති.
මමත් ජීවිතේට දැකලා නෑ නේ ඔය කියන යකෙක්. ගොම්මන් වෙලාවට එලියට යන්න එපා කියලා අපේ අත්තම්මත් කියනවා. තෙල් කෑම කාලා අවුවේ යන්න එපා කියලත් කියනවා. අනේ මන්දා....
ReplyDeleteතෙල් කෑම කාලා අවුවේ යන්ට එපා කියන එක නම් අහලා තිබුනේ නෑ. කාපු හැටියේ අවුවේ යන්ට හොඳ නැති වෙන හේතුවක් ඇති සමහර විට.
DeleteMaath Ithin welawakata yakek wage thamai,,,
ReplyDeleteHonda lipiyak,, eth bayai wage,,,
හපොයි. කුමාරිට තරහා යනවද? ඒත් අපි බය නෑ. හී හී...
Deleteදැන් පොඩ්ඩි අක්කා බය මොන යකාටද?
ReplyDeleteරීරි යකාට. එයා ලේ උරලා බොනවලු. :)
Deleteයක්කු ,හොල්මන් කියල දේවල් නෑ කියල කොච්චර කවුරු කිව්වත් රාත්‍රී කාලයට තනියම එළියෙ ඇවිදිනකොට හිත යටින් අපි ඔය කියන ඈයො ගැන බයෙන් ඉන්නවනෙ..:) හිත හිත හැම දේටම මුල් වෙන්නෙ අපේ මේ හිත...:D
ReplyDeleteපොඩ්ඩිට නම් මතක් වෙන්නේ අවතාර. යක්කු මතක් වෙන්නේ නෑ.:)
Deleteයක්කුකෙසේවෙතත් තොවිල්නම්,ඇතිපදම්දැකලඇති...
ReplyDeleteකොච්චර එකක්ද? හැමෝටම ඔය වගේ දේවල් බලන්ට ලැබෙන්නේ නෑ. :)
Delete@Chami4U
ReplyDeleteඇනෝ අංකල් කියලා තියෙන්නේ ගණ සම්බන්දයෙන් නේද
මමත් රක්ෂ ගණ තමයි ..ඇනෝඅන්කල් කියන සමහර දේටනම් එකග වෙන්න අමාරුයි... මොකද මමත් ඔය සම්බන්දයෙන් ගොඩක් උනන්දුවෙන් හොයල තියෙන නිසා.
නක්ෂත්රය වල එක් වර්ග කිරීමක් තමයි දේව, මනුෂ්ය්, රාක්ෂ කියන්නෙ. දේව ගණ වුන පමණින් කෙනෙකුගෙ ගති ගුණ දේව නොවිය හැකියි වගේම, රාක්ෂ ගණයේ උන පමණින්ම කෙනෙක් රාක්ෂ ගති ගුණයෙන් යුතු නොවිය හැකියි.
එකග වෙන්න අවශ්යි නැහැ. ඒත් තේරුම් ගන්න උත්සහ කරන්න. ප්රයමයෙන්ම අපි ගාව තියන රාක්ෂ ස්වභාවයෙන් ඒ කියන්නෙ තමස් ස්වභාවයෙන් (Ignorance) මිදෙන්න ඕනෙ.
ඊට පස්සෙ මනුෂ්යය ස්වභාවයෙන් (Passion), ඊටත් පස්සෙ දේව (Goodness) ස්භාවයෙන්. එතකොට සියලු ගුයෙන් තොරයි. නිර්ගුණ කියන්නෙ ඒකට.
හොඳින් මතක තියාගන්න, ඉදිරියට ගියොත් විතරයි කොතෙක් ගිහිල්ල තියනවාද කියල ආපහු හැරිල බලන්න පුලුවන්. ඒ කියන්නෙ (අපහාසයක් විධිහට හිතන්න එපා) රාක්ෂ තත්වයෙන් මිදුනට පස්සෙ විතරමයි ඒකෙ සැබැ තත්වය තේරුම් ගන්න පුලුවන්. එතෙක් ක්රෝිධය, වෛරය, ඊර්ෂ්යාමව වාගෙ දේවල් සාධාරණිය කරන්න උත්සහ කරනවා.
පොඩ්ඩි නම් දේව ගන. අපරාදේ මම හිතුවේ ඒ ගනේ අයගේ ඒ ගුන වැඩී කියලනේ. :)))
Delete@ටොමී
ReplyDeleteවලක්වා ගැනීම නේද ?
අන්න බලන්න ඒකෙත් හැටි. පළමු දේ තමයි තමන් පිළිබඳව අවභෝධයක් ලැබීමට තරම් තිබෙන හැකියාව. ඒක තමයි මුල.
මග පෙන්වීමක් අවශ්යැයි. ඒ මග පෙන්වන්නා තමාට වඩා දියුණු අයෙක් මිස, තමාගේ තත්වගේ හෝ තමාටත් වඩා විනාශකාරී අයෙක් නොවිය යුතුයි.
දෙවැන්න තමයි ඒ වාගෙ පරිසර වලින් ඉවත් වෙන එක. සිතේ විනාශකාරී සිතුවිලි ඇති කරන දේවල් වලින් හැකි තරම් ඉවත් වෙන්න ඕනෙ.
සමහර ජන කොටස් මේකට ඉතාමත් විශේෂිත ක්රවමයක් භාවිත කරනවා. තමස් ස්වභාවය හෙවත් රාක්ෂ ස්වභාවය කියන්නේ භංග හෙවත් Destructive Energy එක. ඒක විනාශ කරන්න, ඒකම භාවිත කරනවා. උදාහරණයක් විදිහට මේ ශක්ති තුන (රජස්, දේව, තමස්) තමයි පිළිවෙලින් උත්පාද, තිති භංග කියන සිදුවීම් වලට හේතු වෙන්නෙ. මේකම තමයි බ්රජහ්ම විෂ්ණු ශීව කියන්නෙ. ඒ පුරුෂ න්යාිය. ඒකෙම ස්ත්රීි (ශක්ති) න්යායය තමයි සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී කියන්නෙ.
මේ පාර්වතී කියන ශක්තියේ තවත් ස්වරුපයක් තමයි දුර්ග කියන්නෙ.දුර්ග කියන්නෙ දුර් ගති (අප තුල තිබෙන) කියන එක. දුර්ගති වල තිබෙන විනාශකාරී ස්වභාවයම භාවිත කරල අපගේ දුර්ගති විනාශ කරන එකම තමයි දුර්ග දේවිය වන්දනා කරපුහම වෙන්නෙ.
මේක ඉතාමත් ප්ර භල දෙයක්. තාන්ත්රී ක සාශ්ත්ර්ය හැදිල තියෙන්නෙ මේකෙන්. හැම ආගමකටම සම්බන්ධ තාන්ත්රීතක කොටසක් රහසිගතව භාවිත වෙනවා. උදාහරණක් වශයෙන් බුදුහාමුදුරුවෝ වැළඳගත් ස්ත්රීැ රුපයක් දැකල තියනවද ? ඒකෙ නියම අර්තය ඒක. ඒව ගැන නොදත් අය ඒවට කලබල වෙනවා අපහාස කරනවා කියල.
පොඩ්ඩි එලවන්ට ඉස්සර මම යනවා ඕං.
ඇනෝ අංකල්, මේ කියපු ටික මාර ඉන්ටරෙස්ටින් නේ.. තැන්කූ! ඔය ගැන තව කියවන්න ලින්කුවක් දෙන්ට බැරිද?
Deleteඇනෝ අංකල් මෙතන කියලා තියන අදහස් ටික වටිනවා. දැන් අපට මග පෙන්නන්නෙක් ඉන්නවනේ. ඉතින් අංකල්ම කියලා දෙන්ටකෝ.
Delete//බුදුහාමුදුරුවෝ වැළඳගත් ස්ත්රීැ රුපයක් දැකල තියනවද ?//
නෑනේ.
එලවන්නේ නෑ. හැබැයි ඔක්කොම ජාති කියලා දීලාම යන්ට. :D
ලිංකුවක් ??? කියක් කියල දෙන්ටද ? සමහර ඒව සෘජුව කියල නැගැ. අවභෝධ කරගත යුතුයි. ඒකට කරන්නේ එකට අදාල ස්ත්‍රෝත්‍ර ගායනය. කොහොම උනත් දුර්ග චලිස කියල එකක් තියනවා. පටන් ගන්න හොඳ තැනක්.
Deletehttp://www.youtube.com/watch?v=87ZgDL2_zRA&feature=related
පුලුවන් නමී රූට කියවන්න. හැබැයි මතක තියාගන්න තුවාලයක් සුද්ද කරනකොට මුලදි රිදෙනවා. ඇතු ඉන්න යකා දැන් ඉන්නෙ නිදාගන. එයා අවදිකරල එයත් එක්ක සටන්කරන එකට මෙයා උදවි කරයි.
පුලුවන් නමි මෙ පොත කියවන්න ටික ටික. මධ්‍යම රාත්‍රියෙ නමි වඩා හොඳයි.
http://books.google.com.au/books?id=XrAIJR37dJoC&pg=PA44&source=gbs_toc_r&cad=4#v=onepage&q&f=false
පොඩ්ඩි හොඳ මාතෘකා ටිකක් පටන් ගන්නකො. මාත් ඇවිල්ල ඔය මොනව හරි කියන්නම්.
Deleteඅට සෘග් වේදයේ අග්නි මන්ත්‍රය නම් හරි හොඳයි. තේරුම දන්නවද ?
ඒ ගැන කියලා දෙන්ට වෙනවා අංකල්ට. ඒකෙන් සතුරන් මැඩලන්ට පුලුවන් නම් හොඳයි...:D
Deletehttp://www.google.com.au/search?q=tantric+buddha&hl=en&prmd=imvns&source=lnms&tbm=isch&sa=X&ei=2jj-T4mkI7CuiQf6qZ3mBg&ved=0CE0Q_AUoAQ&biw=1752&bih=955
Deleteඅංකල්ට ස්තූතියි links වලට.. කියවලාම බලන්නම්කෝ..
Deleteපොඩ්ඩිට සතුරොත් ඉන්නවද ?
Deleteසතුරො මරල දාන්කට කියල කියලනේ කියන්නෙ. ඒකට ඔය මන්ත්‍රය හොඳයි. මෙන්න මේ සතුරන් තමයි මැරෙන්නෙ.
කාම, කෝධ,ලෝභ,මද, මෝහ වාගෙ සතුරො. අභ්‍යන්තර සතුරෝ. ක්‍රෝධය කියන සතුර මරල දැම්මහම බාහිර සතුර ඉබේටම නැති වෙනවා. මෙන්ම මේ සතුරන් තමයි යක්ක හරි යක්ෂ හරි කියන්නෙ.
අග්නි කියන්නේ ආලෝකය සහ තාපය දෙකේම එකතුවක්. මෙකෙන් තාපය ඉවත් කරල ආලෝකය විතරක් භාවිත කරල අභ්‍යන්තර සතුරු මරන්න කියල තමයි කියන්නෙ.
ලොකුම සතුර තමයි මද. මාන්නය. ඒකෙන් මත් උනහම නන්නත්තාරයි. ඔය අවසාන සිල්පදය අර හවසට මත් වෙන එක නෙමෙයි. ඇත්ත මත්වීම කියන්නෙ පවතින තත්වයෙන් මත්වීම. පේනවා නේද ඒකෙන් මත්වෙලා සමාජයට වෙලා තියන විනාසෙ ?
යක්කු නිසා දෙවියො අඳුරා ගන්න ලේසියි..ඒ නිසාම මන් නම් යක්කුන්ට කැමතී...
ReplyDeleteඔන්න ඒක අහපුවාම මගේ හිතෙත් යක්කු ගැන කැමැත්තක් පහල උනා. :D
Deleteයක්කු කියන්නෙ අපිම තමයි. එකනෙ අපි "කොහෙද යකෝ යන්නේ " " නිකම් හිටපන් යකෝ " කියල නොහිතම කියන්නෙ. පොඩි කාලෙත් කියන්නෙ මේකනම් යක්ස පැටියෙක් කියල.
ReplyDeleteයක්සනියෝ උනත් එහෙමනෙ සුබාවික ලස්සන කොච්චර තිබුනත් මේකප් එක දාල යක්ස පෙනුම ගන්න ම නේ try එක
මටත් කතාවක් මතක් උනානේ. යක්ෂයාගේ 'කම්මල' හී හී...
Deleteහ්ම්... යක්කු... යක්කු ගැන මම දන්නෙ මොනවද... ම්හු! ඒ හැටි දෙයක් දන්නෙ නෑ. යකෙක් කිව්වහම මගේ හිතේ මැවෙන්නේ පන්සල් චිත්‍ර වල දැකලා තියෙන ආලවක යක්ෂයාව. මාර පරාජයේ දැක්වෙන මාර සේනාව. තව බලි තොවිල් ශාන්ති කර්ම වගේ දේවල් වලදි දකින්න ලැබෙන යක්ෂ මූණු. ඒ නිසා මට යක්ෂයා කියන්නේ සංස්කෘතික චරිතයක් වගේ තමයි දැනෙන්නේ. යෙකෙක් ගැන හිතුවට බයක් දැනෙන්නේ නෑ.
ReplyDeleteතව කට්ටියක් ඉන්නවනේ හොල්මන් අවතාර කියලා. ප්‍රේත කියන කොටසට වැටෙන කට්ටිය. අන්න ඒගොල්ලො ගැනනම් අරවාගේ සාමකාමී රූපයක් මවාගන්න අමාරුයි. හොල්මන් චිත්‍රපටි බලලද මන්දා, ඒ උදවිය ගැන කියවන කොට, අහනකොටනම් හිතේ ගැස්මක් ඇති වෙනවා. දැකලනම් නෑ :). ඒත් කොයි වෙලේ හරි පෙනෙයිද කියලා පාළු කළුවර අහුමුළු දිහා තනියම ඉන්න වෙලාවට ඇහැ යවන්නෙ ටිකක් බයෙන්.
රාක්ෂස, යක්ෂ ගෝත්‍ර වලට අයත් වෙලා හිටිය මෙහෙ ඉස්සර හිටපු උදවියනම් මනුෂ්‍යයොම කියලා තමයි මගේ අදහස. ඒ ගෝත්‍ර වලට ඒ නම් ලැබෙන්න ඇත්තේ එයාලගෙ කර්මාත නිසා. ඒ බව මම පොත් වලත් කියවලා තියෙනවා. ඒ ඇරෙන්න දියුණු මනසකින්, දියුණු තාක්ෂනයකින් අපිට හිතාගන්න අමාරු දේවල් කළා වෙන්න පුළුවන්.
ඔන්න ඔච්චරයි මං යක්කු ගැන දන්නේ. ඊලඟට මේ තමයි මට හිතෙන දේ.
යක්ෂයොත් දෙවි වරුත් මිනිසුන් අතරම ඉන්නවා. ලොව්තුරා බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් ඇරුනහම අනිත් හැම කෙනෙක් ලඟම යක්ෂ ගුණ දේව ගුණ අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහරුන්ගේ දේව ගති විතරක් ඉස්මතු වෙලා පේනවා, සමහරුන්ගේ යක්ෂ ගති විතරක් ඉස්මතු වෙලා පේනවා. තවත් සමහරුන්ගේ එක එක වෙලාවට තමන් තුළ ඉන්න යක්ෂයාත්, දෙවියාත් මාරුවෙන් මාරුවට මතු වෙනවා - ඒ ඒ අවස්ථාවේ හැටියට. තමන් තුළ ඉන්න යක්ෂයාව පාලනය කරගන්න පුළුවන් කෙනා තමයි ඉක්මණින්ම අර උතුමන් වැඩිය නිවන් මාර්ගයට පිවිසෙන්නේ - ජයගන්නේ. අමාරුයි, ඒත් බැරි නෑ.
වෙනස් ලිපියක් පොඩ්ඩි අක්කේ. ඒත් හරිම වටිනවා. වටින දේවල් කතා බහ වෙන්න පුළුවන් මාතෘකාවක්.
@සිතු,
Deleteසිත්තරාට තරහ ගියාම යකෙක් වගේ නෙවේද? :-)
අයියෝ නෑ තරු අයියේ, එයාට තරහා යන්නේ යකෙක් වගේ නෙවෙයි පොඩි ළමයෙක් වගේ. යකෙක් වගේ කෑ ගහලා බනින ගෝරනාඩු කරන කෙනෙක් නෙවෙයි එයා. පොඩි ළමයෙක් වගේ තරහ වෙලා, කතා නැතුව, හිනා වෙන්නැතුව සද්දයක් නැතුව ඉන්නවා. :) ඒත් එහෙම උනාම තමා වැඩියක්ම හිතට අමාරු :(
Deleteනෑ....... අම්මපා..
Deleteඑහෙනම් මම වගේම තමයි...
( හොඳ වෙලාවට අපේ වයිපරේ මේ බ්ලොග් බලන්නෙ නැත්තේ ) හෙහ් හෙහ් හෙහ්
@සිත්තමී,
Deleteඔයාගේ යක්ෂ, රාක්ෂ ගැන අදහස්වලට එකඟයි. පෝස්ට් එකෙන් කියන්ට ගිය එක් අදහසක් තමා යක්ෂයන් ගෝත්‍රයක් බව.
අන්තිමට කියලා තියන කොටස ගැන සඳහන් කලොත්, මිනිසුන් අතර දෙවියනුත්, යක්ෂයනුත් ඉන්නවා. ඇත්ත. සමහර අය අතරේ මේ ගතිගුන අඩු, වැඩි වශයෙන් තියෙනවා. ඒකත් ඇත්ත. ඒත් පිලිගන්ට බැරි සමහරු කෙලින්ම යක්කු වගේ වෙන්නේ ඇයි කියලා.
වෙනදා වගේම බොහොම කල්පනාවෙන් ලීව හොඳ කමෙන්ට් එකක්. :)
@තරු,
කීවත් වගේ හොඳ වෙලාවට තරු අක්කා මේ බ්ලොග් කියවන්නේ නැත්තේ. :D
සිතුවිලි කවි පොත්,
ReplyDeleteමොකද නම ඔය තරම් දිග ?
ඔයාගෙ කොමෙන්ට් එකේ අන්තිම ඡේදය හරියටම හරි. පොඩි නිවැරදි කිරීමක්.
බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේ කියන අය තුල කිසිම ගුණයක් නැහැ. ඒ අය නිර්ගුණයි. ඒ අය දේව කියන තත්වයටත් වඩා ඉහලයි. උදාහරණයක් වශයෙන් කරුණාව මෛත්‍රීය කියන්නේ දේව ගුණයක්. ඒත් ඒකත් හැගීමක්. අර කියන කට්ටියට එහෙම හැගීම් නැහැ. ගුණයෙන් වියුක්තයි.
ඊ ලගට,රාක්ෂ ගති අය තුල දේව ගති නැති තරම්. මොකද එතනින් එහා ලෝකයක් ගැන ඒ අය දන්නෙ නැහැ. නමුත් මනුෂ්‍ය ගති අය අතරේ, රාක්ෂ ගති තියෙන්න පුලුවන්. දේව ගති ඈති අය අතරේ මනුෂ්‍ය සහ රක්ෂ ගතිත් ටිකක් තියෙන්න පුලුවන්. නමුත් කැපී පෙනෙන්නෙ දේව ගතිය.
උදාහරණයක්. කලු සහ සුදු විතරක් පේන අයට වර්ණ ගැන උගන්නන්න පුලුවන්ද ? බැහැ. රාක්ෂ මෙන්න මේ වගේ. තමන්ගෙ ඉන්ද්‍රියයන්ට ප්‍රත්‍යක්ෂ නැති නම් ඒ අය පිළිගන්නෙ නැහැ. නමුත්, වර්ණ අන්ධ නොමැති අය, මේ කාරනේ පැහැදිලිවම පිළිගන්නවා. මෙන්න මේ වාගෙ තමයි ඔය කියන ආධ්‍යාත්මික වර්ධනය.
@ඇනෝ අංකල්
Delete/*මොකද නම ඔය තරම් දිග ?*/
:) :) :) මොනවා කරන්නද මාමේ, මට නමක් ඕනෙයි කියලා හිතිච්ච වෙලාවේ හිතිච්ච නම නෙව ඔය. වළව්වට ගොඩවැදුනට පස්සේ මෙහෙ පොඩි මැණිකේ මට ලස්සන කෙටි නමක් දුන්නනේ 'සිත්තමී' කියලා. ඒ නමින් මට කතා කරන්නකො, එතකොට හරි. :)
ගොඩාක් ස්තූතියි මාමගේ පැහැදිලි කිරීමට. මම 'යක්ෂයොත් දෙවි වරුත් මිනිසුන් අතරම ඉන්නවා' කියන එකෙන් කියන්න හැදුවේ හොඳ ගති ගුණ සහ නරක ගති ගුණ තියෙන අය ගැන. මාමා කියලා තියෙනවා තරම් ගැඹුරට හිතුවේ නෑ. 'බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේ කියන අය තුල කිසිම ගුණයක් නැහැ. ඒ අය නිර්ගුණයි.' කියන එකට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මගේ කමෙන්ටුවෙන් ඊට වඩා වෙනස් අදහසක් කියවුනානම් සමාවෙන්න. ගොඩාක් ස්තූතියි මනුෂ්‍ය, යක්ෂ, රාක්ෂ, දේව අයගේ ගති ගුණ ගැන වෙන් වෙන්ව පැහැදිලි කරලා දුන්නාට.
ඔන්න මට ප්‍රශ්නයක් ආවා.. බුදුවරු තුළ කරුණාව කියන ගුනය නැත්තං එයාලා කොහොමද අන් අයට පිහිට වෙන්නෙ.!? දැන් අපි අහලා තියෙන්නෙ බුදුහාමුදුරුවො මහාකරුණාවෙන් ලෝකය දිහා බලලා සුනීත, සෝපාක වගේ අයට පිහිටවෙන්න ගියා කියලනේ.. ඉතිං කරුණාවක් නැත්තං ඇයි එහෙම ගියේ.?? එයාලා තමන් ගාවට එනකං ඉන්න තිබුනනේ.. මෙතන ටිකක් පැහැදිළි මදි..
Deleteපොඩ්ඩි යකින්නියො ගැන ලියල නැහැනේ , මෝහිණී කියන්නෙත් යකින්නියක්ලුනෙ. එයා පොඩි ළමයෙක් වඩාගෙන පිරිමි කෙනෙක් මුන ගැහුනාම රෙද්දක් ඇඳ ගන්නතුරු බබාව අල්ලගන්න කියනවලු :) බලාගෙන මේ පිරිමි අය රෑට ගෑණු කෙනෙක් ළමයෙක් වඩාගෙන එනවා දැක්කොත් පැත්ත පලාතෙ ඉන්න එපා.
ReplyDeleteමම දැක්ක විහිලු කතාවක තිබුණා මෝහිණී පිරිමි කෙනෙකුට රෙද්ද අඳිනතුරු බබාව වඩා ගන්න කිව්වම , ඒ පිරිමිකෙනා කියනව ඔයා බබාව තියා ගන්න මම රෙද්ද අන්ඳවන්නම් කියලා. ඒ වැඩෙත් නරක නැහැ නේද :D
මෝහිණී ගැන සම්පූර්නයෙන් අමතක උනා. යකින්නක් කියලා අහලා තියෙන්නේ මෙයා විතරයි . :)
Deleteගෑනු ලමයින්ට යක්කු වැහුනට පිරිමි ලමයින්ට යක්කු වැහෙනවා අඩුයිනේද?
නීතා,
ReplyDeleteපැන්නට කමක් නැද්ද දන් නැහැ.
මෝහිණි කියන්නෙ, ඔය කියන වදිහෙ අවතාරයක් නෙමෙයි. මෝහිණි කියන සංකල්පය ආව පළමු තැන හොයා ගත්තොත්, ඔය ගැන පොඩි අවභෝධයක් ලැබිය හැකියි.
සුර සහ අසුරයෝ, අමෘතය හොයන්න යුද්ධ වදින කොට තමයි මෝහිණි පහල උනේ.
ඔන්න පොඩි උදව්වක් කළා. ඉතුරු ටික ඔයාටම බාරයි.
ඒ ටිකත් අංකල්ම කියලා දුන්නා නම්. ඒ කියන්නේ ඒ මෝහිණී දැන් ලංකාවේ මිනිස්සු බය කරමින්, (බිල්ලට ගනිමින්) ඉන්නවා කියන එකද? :D
Deleteසුරයොයි අසුරයොයි අමෘතය හොයන්න ක්’ෂිර සාගරය කැළඹුවා. එහෙම කලඹනකොට නොයෙක් නොයෙක් දේවල් ලැබුනා. ලක්ෂ්මී, හලාහල විෂ වගේ දේවල්. මේ අය තව දුරටත් කලඹල අවසානයේ අමෘතය හොයාගත්ත.
Deleteඊට පස්සේ දැන් අමෘතය සේරම කට්ටිය බොන්න ලැහැස්ති උනා. විෂ්ණු මේක දැක්ක. සාමාන්යේයෙන් අසුරයන්ට අමෘතය උරුම නැහැ. විෂ්ණු මෝහිණිගෙ ස්වරුපයෙන් ඇවිත් සුරයො සහ අසුරයෝ දෙකට බෙදල අමෘතය බෙදුවා. සුරයන්ට විතරයි අමෘතය දුන්නෙ. අසුරයන්ට නොදැනෙන්න. අසුරයන්ට දුන්නෙ වෙන දෙයක්.
කොහොම උනත් මෙ ට්රිරක් එක එක අසුරයෙක් දැනගත්තා. ඒ අසුරයා හෙමින් ගිහිල්ල සුරයන්ගෙ පැත්තෙ වාඩි වෙලා අමෘතය බීව.ඒ එක්කම විෂ්ණු දනගත්ත අසුරයෙක් කියල. එක පාරටම විෂ්ණු මෝහිණිගෙ ස්වරුපෙන් මිදිල, අතේ තියන සුදර්ශන චක්රනයෙන් අසුරයාට ගැහුවම, අසුරායාගෙ ඔලුව කඳෙන් වෙන් උනා. ඔලුව කොටස ඒ වෙනකොටත් අමෘතය බීල හිටපු නිසා, ඒ අසුරයා සදාකාලිව ජීවත් වෙනවා.
ඔන්න මෝහිණිගේ ආරම්භය. ලංකාවෙ මෝහිණි ගැන නම් දන්නැහැ. මම හිතන්නේ ඒක ගොතපු එකක් කියල.
http://www.youtube.com/watch?v=dZW9EIWf2qI
http://www.youtube.com/watch?v=chFXz8iz9IY
සුරයෝ කියන්නෙ ධර්මයේ හැසිරුන අය. අසුරයෝ කියන්නේ රාක්ෂ කියන එකමයි. අමෘතය කියන්නේ නොමැරී ඉන්ට බොන බෙහෙත. නිර්වාණය. මේක උරුම සුරයන්ට විතරයි. ඒකයි අසුරයන්ට දුන්නෙ නැත්තෙ. නමුත් අසුරයෙකුත් ඒක බීවා. ඒක තමයි අද දක්වාත් අසුරයෝ නොමැරී ඉන්නෙ.
මේ කතාවෙනුත් තේරෙන්නේ හොඳ හා නරක අතර කෙරෙන සටනක්. අංකලුත් දැන් අපිට කල්පනා කරලා ඇත්ත හොයා ගන්න හැටි කියලා දෙනවද මන්දා...:D
Deleteනොදන්න දෙයක් දැනගන්න ලැබුන එක ලොකු දෙයක් .
DeleteD D D
Delete@ Buratheno
ReplyDeleteඅනේ මේ නම කියවන්න බැහැ.
මේක නම් සිරාම ප්ර ශ්ණයක් පුතෝ.
අපි දන්න කරුණාව, මෛත්රිතය කියන්නෙ එක්තරා ආකාරයක හැගීම් කියන එක අප තේරුම් ගන්න ඕනෙ. බුදු හාමුදුරුවෝ හෝ රහතන් වහන්සේලා ලග තියන කරුණාව හැගීම් නෙමෙයි. මේක තේරුම් කරවන්න තව කරුණු ටිකක් කියන්න වෙනවා, අමනාප නැතිනම්. කල්පනාවෙන් අධ්යුයනය කරන්න.
කරුණාව මෛත්රිණය කියන කාරනා ගැන හෝ, එවැනි වෙන ඕනැම දෙයක් කතා කරනකොට, දෙන්නෙක් ඒකට මැදිහත් වෙනවා. ලබන්නා සහ ලබා දෙන්නා කියල. එක්කනෙක් කරුණාව ලබනවා, අනෙක් එක්කනා කරුණාව ලබා දෙනවා.
දකින්නා සහ දකින දෙය කියන්ණ දෙකක්. අසන්නා සහ අසන දෙක කියන්නේ දෙකක්. මෙන්න මේ කාරණයට කියනවා ද්වෛතය කියල. ඒ කියන්නෙ මේ ලෝකෙ සියලු දේවල් ද්වෛතයකින් යුක්තයි කියන එක.
නිවන කියල බුදු දහමෙන් හඳුන්වන පරමාර්ථ ධර්මය තුල අප්රමාණ වශයෙන් තිබෙන ස්වාවයන් තුනක් තියනවා. එකක් දැනුම, ඒකියන්නෙ ප්රඥාව. තව එකක් තමයි නොමැරෙන බව හෙවත්, ආහාර වලින් ස්වයංපෝශිත බව. මෙතන ආහාර කිවුවෙ, අපි කන කෑම නෙමෙයි. සදාකාලිකව ජීවත් වෙන්න අවශ්ය ජීවන ශක්තිය. එනිසා ඒ අය ආ මැරෙන්නෙ නැහැ. (ආය උපදින්නෙ නැහැ කියන සංකල්පය නිවැරදි නැහැ. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ ජය ගත්තෙ, උපත නෙමෙයි. මාරයා හෙවත් මරණය) මීලග එක තමයි සතුට. ඒ සතුට මේ අපි භුක්ති විධන සතුට නෙමෙයි. එයිට වඩා වෙනස් ගෑඹුරු දෙයක්. මේකට තමයි ප්රේමය කියන්නෙ. ප්රේමය කියන වචනය තුල, සතුට, ආදරය, කරුණාව, මෛත්රී ය කියන ගුණයන් සේරම තියනවා.
මෙම උසස් ආධ්යායත්මික තත්වය තුල මෙම කරුණු තුන වෙන් වෙන් වශයෙන් හොයන්න බැහැ. රහතන් වහන්සේ කෙනෙක් තුල, ප්රෙඥාව, සදාකාලික ජීවනය සහ ප්රේමය තියනවා කියල කිවොත් වචනාර්තයෙන් ඒක වැරදියි.
මෙතන සිද්ධ වෙන්නෙ, අපි රහත් වෙනකොට අපි ප්රනඥාව, ජීවනය සහ ප්රේමය කියන දෙයත් එක්ක Merge වෙනවා. ඒක බවට අපි පත් වෙනවා. මෙන්න මේ සංකල්පය ඉගනීමට භාවිත කරන නම තමයි non duel philosophy කියන වචනය. සර්ච් පාරක් දාල බලන්න. මේකට අද්වෛතා දර්ශනය කියලත් කියනවා.
ආපහු ගැටලුවේ මුලට. බුදුන් වහන්සේ කරුණාවන්තද ? නැහැ.
ප්රේ මය, ප්රුඥාව, ජීවනය කියන්න තුනකට බෙදන එකක් නෙමෙයි. එක නොපවතින දෙයක තිබෙන ස්වභාවයක්. ඒක බෙදන්න බැහැ. ඒකට සමහරු කියනවා Supreme consciousness කියලා. නැති නම් Divine consciousness කියලා.
අවසාන අවස්ථාවෙ වෙන්නෙ, ඒ කියපු දේවල් අපි ලබා ගන්න එක නෙමෙයි. අපි ඒක බවට පත් වෙනවා. අපි ප්ර්ඥාව ලබනවා නෙමෙයි. අපි ප්රඥාව බවට පත් වෙනවා. අපි ප්රේමය (කරුණාව මෛත්රිය) ලබා ගන්නවා නෙමෙයි. අපි ඒක බවට පත් වෙනවා. අපි කියන්න ප්රඥාව, ජීවනය, ප්රේ මය. එක ලබන කෙනෙක් සහ ඒක කියල දෙකක් නැහැ. අපි ඒක. අපි දැනටමත් ඒක. ඒක තමයි ද්වයිතයෙන් තොර වීම. සංකීර්ණ උනාට කමක් නැහැ කල්පනා කරන්න. ඔබ දැනටමත් ඒක !!
ඒ ස්වභාවය කියන්නේ කරුණාව, මෛත්රිය, වාගෙ වචන ගොඩකින් කියන ප්රේ මය, පරේඥාව සහ ජීවනය කියන එකෙන් සර්ව සම්පුණ දෙයක්. ඒකෙ ස්වභාවය විස්තර වෙනවා මේ විධිහට.
om purnam adah purnam
idam purnat purnam udachyate
purnasya purnam adaya purnam evava
අවසාන වශයෙන්, බුදුන් වහන්සේ කියන්නේ තව දුරටත් ඒක පුද්ගලයෙක් නෙමෙයි. ප්රතර්ණත්වය. ඒක පුර්ණත්වයෙන් පුර්ණයි. ඒක ප්රේමය.කරුණාව, මෛත්රීය, ජීවනය ඒ සේරම.
බුදුන් වහන්සේ අනුකමිපාව දැක්වුවා නෙමෙයි. උන්වහන්සේ අනුකම්පාව it self. කරුණාව දැක්වුවා නෙමෙයි. උන්වහන්සේ කරුණාව it self.
මෙන්ම මේ non duel nature එක තේරුම් ගන්න තමයි අපි උත්සහ කරන්න ඕනෙ.
නම කියවන්න අමාරු නං බුරම්පි කියන්න සෑර්. නැහ්නං , බුරාභිධාන කෙළඹිපුත්‍ර කිව්වත් කාරි නෑ :)
Deleteඒ නම කියවන්ට හරිම ලේසියි. බූරා...:)
Delete//බුදුන් වහන්සේ අනුකමිපාව දැක්වුවා නෙමෙයි. උන්වහන්සේ අනුකම්පාව it self. කරුණාව දැක්වුවා නෙමෙයි. උන්වහන්සේ කරුණාව it self.//
මේ ටික තේරුම් ගන්ට පුලුවන්.
ආදරය කරන වෙලාවක හිත ආරරෙන් පිරුන එතන වෙන මොනවත් නෑ ආදරේම විතරයි. මේ වගේම නොවුනත්, ටිකක් විතර ඒ වගේ වෙන්ට ඇති. :)
//එනිසා ඒ අය ආ මැරෙන්නෙ නැහැ. (ආය උපදින්නෙ නැහැ කියන සංකල්පය නිවැරදි නැහැ. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ ජය ගත්තෙ, උපත නෙමෙයි. මාරයා හෙවත් මරණය)//
එතකොට පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේට මොකද උනේ? අන්න ඒ ටික තේරුනේ නෑ. ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්ට අංකල්.
පොඩ්ඩි,
Deleteසිරා කතා කරල මමත් අර මාතරද කොහෙද කෙනා වාගෙ වෙයිදි දන්නැ.
නිකමට හිතමු, වහල තියන හිස් බෝතලයක්. ඒකෙ ඇතුලෙ තියන අවකාශයට හිතන්න පුලුවන් කියල. ඉතින් ඒ අවකාශය බෝතලෙත් එක්ක හිතාගන ඉන්නෙ එයා බෝතලය කියල. ඇතුලෙ තියන අවකාශය පිට තියන ආවකාශයත් එක්ක එකතු උනා කියල හිතමු. එතකොට එතෙක් එයා හිරවෙලා හිටි බවත්, දැන් නිදහස් බවත් තේරුම් ගන්නවා. එතකොට එයා එළියෙ ඉඳල බෝතලේ දිහා බලාගන ඉන්නවා. කාලෙකදි බොතලේ කැඩිල බිඳිල ගියාට, එයා නිදහස් නේද ? එයා විනාශ නොවන තත්වයට පත් වෙලා නේද ?
හපොයි දෙය්යනේ...ඔන්න දැන් නම් තේරුම් වීගෙන යනවා. :)
Deleteඅපේ බුරතීනෝ අයියට 'බුරුත ළමයා' කියලත් කියනවලු. :D :D :D
Deleteඇනෝ අංකල්ගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා. ගොඩක් ස්තූතියි. නිර්වාණය කියන දේ නිවුන පහන් දැල්ලක් වගේ විස්තර කරන්න අමාරු දෙයක් කියලත් මම අහලා තියෙනවා. පහන් දැල්ලක් නිවුනට පස්සේ ඒ දැල්ලට මොකද උනේ කියලා හිතාගන්න බෑනේ.
මට මේක කියවන්න ගත්තාම මුලින් හිතුනේ වෙන මොකක්දෝ සීන් එකක් ගැන.පස්සෙනේ සීන් එක මීටර් වුනේ...
ReplyDeleteයක්කු... ඕක සම්පූර්ණයෙන්ම මිථ්‍යා මතයක් කියන අදහසින් තමයි මම ඉන්නේ.හොල්මං සහ යක්කු කියන්නේ කොටස් දෙකක් කියලයි මම විශ්වාස කරන්නේ.යක්කු වැහෙනවා යක්කු ගහනවා කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික ව්‍යාධියක් විය යුතුයි.
මහාචාර්ය හරිස්චන්ද්‍ර දීපු දේශනයක් මම දැකලා තියෙනවා එතුමා මෝහන ප්‍රතිකාර වලින් තමයි මේ තොවිල් කරලා පන්නන්න ඕනෙයි කියන යක්කුන්ව පන්නන්නේ.මට හරියටම රචකයා මතක නැතත් ඒබ්‍රහම් ටී කොවුර් කියන කෙනා වෙන්ඩෝන ඔය යක්ෂ ප්‍රේත භුතාදි දේවල් මනසේ ඇතිවන කැළඹීමක් විදියට හැඳින්නුවේ....
//'මෑනියනේ මට විනකල, මගේ දරුවන් අනාත කල, මගේ පරම්පරාව විනාශ කිරීමට යන ඒ නිර්ලජ්ජිත පුරුෂයාටත්//
මම හිතුවත් වගේම අදත් පුරුෂ සංහතියට මඩක් ගහලා තියෙනවා.මෙතන මේ කියන්නේ විජය රජු ගැනද කියලත් හිතුනා.... කුවේණි සුද්ද කරන්න හදන එකට මාගේ බලවත් විරෝධය.විජය කියන එකාට වහ වැටිලා තමන්ගේ නෑදෑ පරම්පරාව පාවා දීපු එකීට විය යුතු දේ වෙලා තියෙනවා කියලා හිතන්නේ මම නම්....
හැම කෙල්ලෙක්ම හොඳත් නෑ හැම පිරිමියෙක්ම නරකත් නෑ.... ලෝක ස්වාභාවය ඒක වෙන්නැති.
තව ප්‍රශ්නයක් අහන්ටෝන.මේක මම පොඩි කාලේ ඉඳන් අහන ප්‍රශ්නයක්.ඔය පන්සල් වල චිත්‍ර වල තියෙන හැටියට යක්කු කියන්නේ මයිල් පිරිච්චි ලොකු ඇස් ඇති දිග දත් ඇති සෙට් එකක් නම් පුටුවකට මැණික් එබ්බෙව්වේ කොහොමද?? මම නම් හිතන්නේ මේ ගෝත්‍රයක්.ගොඩාක් දෙනා කියනවා අහලා තියෙනවා යක්කු කියන්නේ යකඩ මෙල්ල කරපු කස්ටිය කියලා.ඕකේ ඇත්ත නැත්ත මම නම් දන්නේ නෑ... ඒත් මං මේ ප්‍රස්නේ අහන්නම්..
කුවේණි රූප සුන්දරියක් වෙද්දි අනික් එවුන් මයිල් පිරුණු යක්කු වෙන්නේ කොහොමෙයි??
පොඩ්ඩි අක්කා පෝස්ට් එකක් ලිව්වොත් ඉතින් කොහේ හරි කොක්කක් එල්ලලා තියෙනවානේ.ඕං මේකෙත් හරි... ලස්සනට ලියලා තියෙනවා එල ඈ
//යක්කු... ඕක සම්පූර්ණයෙන්ම මිථ්‍යා මතයක් කියන අදහසින් තමයි මම ඉන්නේ.හොල්මං සහ යක්කු කියන්නේ කොටස් දෙකක් කියලයි මම විශ්වාස කරන්නේ.යක්කු වැහෙනවා යක්කු ගහනවා කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික ව්‍යාධියක් විය යුතුයි.//
Deleteඑකඟයි. ඒත් අපි නොදැකපු හන්දා යමක් නෑ කියන්ට හිත දෙන්නේ නෑ.:)
//තව ප්‍රශ්නයක් අහන්ටෝන.මේක මම පොඩි කාලේ ඉඳන් අහන ප්‍රශ්නයක්.ඔය පන්සල් වල චිත්‍ර වල තියෙන හැටියට යක්කු කියන්නේ මයිල් පිරිච්චි ලොකු ඇස් ඇති දිග දත් ඇති සෙට් එකක් නම් පුටුවකට මැණික් එබ්බෙව්වේ කොහොමද?//
මැණික් පුටුවකට සම්බන්ඳ නාගයෝ නේද? යක්කු නෙමේ.
//විජය කියන එකාට වහ වැටිලා තමන්ගේ නෑදෑ පරම්පරාව පාවා දීපු එකීට විය යුතු දේ වෙලා තියෙනවා කියලා හිතන්නේ මම නම්....//
ආදරය කියන්නේ ඔන්න ඕකට තමා...:)
//කුවේණි රූප සුන්දරියක් වෙද්දි අනික් එවුන් මයිල් පිරුණු යක්කු වෙන්නේ කොහොමෙයි??//
එයාලට කැමති වේශයක් ගන්ට පුලුවනිලු. යකින්නියන්ට විතරක් වෙන්ට ඇති. :)
ස්තූතියි ඈ...:D
//'එතකොට අර කලු යකා...' අංශු අහනවා.
ReplyDelete'එයා ඉතින් බැල්ම දාන්නේ නොබැඳපු ගෑනු දරුවන්ට' දයාවතී කියනවා.
'හවසට යමුද?' අංශු අහනවා.
'හපොයි මට නම් බෑ ' පොඩ්ඩි කීවා.//
හොඳ වෙලාවට පොඩ්ඩි ගියෙ නැත්තෙ..හික්ස්..
යක්කු ගැන කෙසේ වෙත්ත සුරංගනාවියො ගැන නම් මෙහෙම අදහසක් තිබුනා මම කියවපු පොතක...
//අපි හැමොටම අපිට උදව් කරන සුරංගනාවියො ඉන්නවා..එයාලා කොයි වගේද කියන එක තීරණය කරන්නෙ අපි මයි..උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් එයාලට ලස්සන රත්තරං පාට ලෝගුවක් අන්දලා මැජික් යශ්ටියක් අතට අරන් ඉන්න විදිහට දකින්න..නැත්නම් ලස්සන රෝස පාට බොස්තොරොක්ක ගවුමක් ඇඳලා පිහාටු තියන දකින්න පුළුවන්...//
මට හිතෙන්නෙ යකාගෙ හැටිත් වෙනස්වෙනවා අපි දකින්න කැමති විදිහට..
ඒක නම් ඇත්ත තමයි. මම නම් යක්කු දකින්නෙත් මිනිස්සු අතරේ. සමහරු අං තට්ටු පැලඳගත්තු ගමන්. සමහරු දත් විලිස්සගෙන. ඉතින් අපි රැවටෙනවා එයාලා හිනාවෙනවා කියලා.
Deleteඅර සුරංගනාවියන්ගේ අදහස හරි ලස්සනයි. මෑතකදී පොඩ්ඩිටත් තේරුම් ගියා මේ ලෝකේ එහෙම අයත් ඉන්න බව.:D
\\ඉඳහිට ඇහෙන බස්සෙකුගේ හඬ උනත් ඇහෙන්නේ මහා අමුතු විදියකට.\\
ReplyDeleteහප්පුත්තියේ... මැල්බෝන් වල බස්සොත් ඉන්නවද? :P
පොඩ්ඩිට කළුකුමාර දිස්ටිය වැටෙන්න ඔන්න මෙන්න වගේ (කළු කුමාරයා ගැන දැනගන්න අඩවි රජා අමතන්න http://harshana-bc.blogspot.com/2012/05/blog-post_22.html)
මෙල්බන් වල නෙමේ තොවිලේ දැක්කේ ලංකාවේදි. ඒත් මෙල්බන්වලත් ඔය කියන සත්තු ඔක්කොම ඉන්නවා. බස්සෝ, ගෙම්බෝ, උලමෝ....ඔක්කොම ජාතියේ. හැබැයි කලු යක්කු නෑ. :D
Deleteමෙල්බර්න් වලට මේ කාලෙ සිතලලු නේද ?
Deleteමෙල්බන් වල යක්කු ඇත්තටම නැද්ද? එහෙම නැත්නම් යක්කු කලු නැද්ද?
Delete@ඇනෝ අංකල්,
Deleteඔව්. මේ කාලේ සීතලයි.
@ස්කයියා,
ඇත්තටම යක්කු නෑ. කලු අය කොහොමත් නෑ.:)
කමෙන්ට් කියවලා ඉවරවෙනකොට මට හරි මහන්සියි :)
ReplyDeleteපොඩ්ඩක් ඈඳි ගන්ට. බ්‍රසීලයෙන් ගෙනාපු කෝපි එකක් හදලා දෙන්නම්.:)
Deleteදැන් මෙයා ඒ පාර යක්කු ගැන කියල අපිව බය කරන්නද හදන්නෙ?
ReplyDeleteමගේ අතුරුදහන් වීමෙන් පස්සෙ දාන පලමු කොමෙන්ට් එක මේක..ලොකූ වැරැද්දක් උනා මගෙන් සමාවෙන්න ඒකට.....ඔක්කොම යාලුවන්ට පනිවිඩ යැව්වා...:(:(
කෝ මට පණිවිඩේ ආවෙ නෑ නේ.. ;)
Delete@කිරිල්ලී,
Deleteඔයාව බය කරන්ටත් පුලුවනිද? හී හී...
යාලුවන්ට මොනවද කියලා ඇරියේ. මුකුත් හදිසියක්ද?
කාලෙකට පස්සේ දකින්ට ලැබුනු එක ගැන සතුටුයි.
@බූරා,
Deleteපව් දෙය්යනේ....:D
දෙවියො කොහොමද හලෝ පවු වෙන්නෙ.. පව කියන්නෙ දේව ගතියක් නොවේය, මා වැනි දේවතාවන් පවු කරන්නේ නැත.. :P
Deleteඅසව්...අසව්...කියන්ටද? :D
Deleteමේ කිරිල්ලි, අපි පණ දාගෙන ගහපු කමෙන්ට්ස් ඉස්සෙල්ලා Publish කරලා ඉන්නවද? යන තැනක් කියල යන්න එපැයි අපි මෙහෙ හෙවූවා. "රකුසා" ඉස්සුවද දන්නෙ නැහැනෙ,, :-)
Deleteපණිවිඩ ...ආහ්හ්හ් ... ඕඕඕවු ආවා ආවා 2ක්ම එවල තිබුනා තමය් ....හෙහ් හෙහ් හෙහ්
"අසවු අසවු" කිවුවට ඕක කාටවත් ඇහෙනවයැ.. "කියවවු කියවවු" නැත්තං "බලවු බලවු" කියන්ට.. :P
Deleteහම්මේ මේං ඇවිත්
DeleteBuratheno@... මගේ දයාබර යාලුවො මාව හොයල තියන තරම දැක්කෙ ඊයෙ හවස...ඇස් අදහා ගන්න බැරි උනා...මම වැරැද්දක් කලා කියල දැනුනෙ ඒ වෙලාවෙ..හැමෝටම මේල් යවන්න බැරි උනා..ඒත් හැමෝගෙන්ම සමාව ඉල්ලලා පෝස්ට් එකක් දාන්නම්...
ReplyDeleteTharu@....අනේ අයියෙ...අලුත් කොමෙන්ට්ස් 64 ක් තියනවා...මගේ යාලුවන්ගෙන්..මට පුදුම සතුටක් දැනෙන්නෙ.. ඒත් ඒවා තෝරල බේරල පල කරන්න ඕනෙ..මට ආදරේට ලියල දාපු ඒවා උනාට ඒවා සමහරුන්ට දිරව ගන්න බැරිවේවි...පොඩ්ඩක් ඉවසන්න හොඳේ??
ReplyDeleteඒකනේ අපි බැලුවා දාන දාන කමෙන්ට් එක "රකුසා" ගිල්ලද කියලා.
Deleteහරි එහෙනම් ගමන ගැන කියලා පෝස්ට් එකක්ම දාන්නකො.
ඔයා නැති අතරෙ මෙහෙ "ගිනි අවි සහ ගිනි කෙළි"
Podi Kumarihami@...ඊයෙ මුල්ම පනිවිඩය එව්වෙ ඔයාට..ඔයා නිදි.....
ReplyDeleteකිරිල්ලිට ගොඩක් ස්තූතියි කිරිල්ලියේ....ඔයා එනබව දන්නවා නම් ඇහැරගෙන ඉන්නවා අනේ:)
Deleteඔන්න මගෙ කෑම පැය මිඩංගු කළා පොඩ්ඩිගෙ යක්කු ගැන කියවන්න. ලස්සනට ලියල තියෙනවා.. ඒ වගේම ගොඩක් දේ ඉගෙන ගෙන මතකයේ තියා ගත යුතු දේත් තියෙනවා..
ReplyDeleteපින්තූරෙ මං හිතන්නෙ අබා මූවි එකෙන් වෙන්න ඕන ගත්තෙ. මගේ ඉස්සර විනෝදාංශෙ තමයි ඩීමන් ආනන්ද ගෙ මාරක කතා කියවන එක. පස්සෙ ඩ්‍රැකියුලා කියෙව්වා. පිට රට ඉන්න යක්කු තමයි. ඒ. :)