ඈ මාලිගාවට ඇතුල් උනේ බියෙන්. එහිවූ උස්
දොරටු, විශාල කවුලු, දිලිසුනු
පහන්, කැටයම් කල පියගැට පෙලවල්, මදින ලද
පොලව මේ සියල්ල ඈ තුල ඇති කලේ චකිතයක්. ඈ හා ගමන් කල සේවිකාවන් දෙසවත් ඇය හිස
ඔසොවා බැලුවේ නෑ. ඒත් දෙපස උන් සේවිකාවන් දෙදෙනා දුටුවේ , වර්ණනා කල නොහැකි ඇගේ රූසපුවයි. එය
අතට අසු කරගත නොහැකි සුවඳක් වගේ. හිමින් සැරේ ඇවිත් සිරුරෙහි වැදී සිහිලක් දී යන මඳ නලක් වගේ. ඉර
නැග එන වෙලාවට ආලෝකමත් වීගෙන එන අහසක් වගේ. ඈ කෝමලයි. ඇගේ ගමන සිදු උනේ ලතාවකට.
ඇගේ දෑස, ඇගේ මව
සමාන කලේ නිල් මහනෙල්වලට. එහි වූයේ මුවැත්තියකගේ බඳු බැල්මක්. ඇය ඇගේ සොහොයුරිය
තරම් රන් පැහැ උනේ නෑ. එලලු පාටයි. ඇය 'කතී' නමින් හැඳින් උනේ ඒ
හන්දා වෙන්ට ඇති.
මාලිගාව තුල, විවිධ රූබර
යුවතියන් උන්නත් මේ වාගේ අහිංසක තැනැත්තියක් සේවිකාවන් දැක තිබුනේ නෑ.
කිසිදා කිසිවෙකුගෙන් කිසිදු සේවයක් නොගත්
ඇය සේවිකාවන් ඇගේ සිරුර කිරි දියෙන් දොහා, සඳුන්
කල්කයෙන් ඔපගන්වා, රුව සරසනතුරු නිහඬව
බලා උන්නා. ඇගේ හද ගැහුනේ ඔහු හමුවනතුරු. ඔහු ලංකා දීපය එක්සත් කල වීර රජ කෙනෙක්.
ඒත් ඇය වැනි සාමාන්‍ය කෙල්ලෙකට දැක්වූ
ආදරය සැබෑවක්බව ඔහු මුලු ලෝකයටම ඔප්පු කලා.
ඔහුගේ මව , මුලු දිවයිනම හිස
නැමු ඒ වීර කාන්තාව තමා දෙස නෙත් යොමාගෙන, පුත්‍රයාට අද දහවල කල ඇමතුම ඇය අමතක කලා. 'පුත හෙට උදෑසනින්
ඔබ ආපසු දකුණ බලා පිටත් වේය යුතුයි. එහි වැසියන් නොසන්සුන්බවට රාවයක් පවතිනවා......' ඇය , ඔහුගේ මෑණියන්
පාමුල වැඳ වැටෙනවිට මවගේ අත ඇගේ හිස ස්පර්ශය කලේ නෑ. යාන්තමට හිසට උඩින් නතර වූවා
විතරයි. ඒ වීර මව ඉපිද
උන්නේ රට දැය රකින්ටයි. ඈ මෙන්
සැමියාට ආදරය කිරීම සඳහා නොවේ.
ඇගේ සිතුවිලි බිඳ දමමින්, ඔහු යහන් ගැබ කරා
ආවේ සුපුරුදු ගමනින්. ඒ සිනාව වෙනදා වගේමයි. වෙනසකට වූයේ ඔහු ඇඳ සිටි අඳුම්
පැලඳුම්. ඔහුගේ තුරුලට වැදුනු ඇයට ඔවුන්ගේ වෙනසත්, තමා උන්නේ
මාලිගාවකද යන්නත් අමතක වූවා.
ඒත් මාලිගාවේ උනත් ගෙවන ජීවිතය රෝස මල් යහනාවක් නොවේ කියන එක තේරෙන්ට
ඇයට වැඩි කල් ගියේ නෑ. මාලිගාවේ උත්සව සභාවලදී ඈ හැමවිටම හිටියේ පසුපසින්. රජ
කුලයක් කෙනෙක් නොවූ නිසා රජු අසලින් හිඳ ගැනීමට ඇයට වරම් තිබුනේ නෑ. ඔහුත් දැඩි
මතයක එල්බගෙන හිටියේ වෙනත් බිසවක් අග මෙහෙසිය තනතුරට ගත්තෙත් නෑ. මහා විහාරයේ සංඝ
පරපුර ඇයට අකැමති වූයේ ඒක හන්දා වෙන්ට ඇති.
මේ කාලය තුල එක රැයක මව්
බිසව ඔවුන්ගේ නිදියහන කරා පැමිණියේ ඔවුන් දෙදෙනාම පුදුම කරවමින්.
'පුත...ඔබ අනෙක් මෙහසියන් අමතක කර දමා
ඇතිබවක් පෙනෙනවා ...' ඇය පැවසුවේ අහිංසක කතීගේ හදවත දෙදරවමින්. ඔහුගේ දෙනෙතට නැගුනු සංතාපය
ඇයට දරාගත නොහැකි වුනා. 'ඒ රජ කුමරියන්ගේ දෙමව්පියන්ට අපි වගකිවයුතු වෙනවා. 'වහාම ඔවුන් කරා යෑමට සූදානම් වෙන්ට.'' ඈ කතී දෙස බැලුවේවත් නෑ.
'ඔබට මගෙන් අවසරයි ස්වාමීනී...' ඇය කීවේ ඔහුට පිටුපාගෙන. ඔහු කුටියෙන්
නික්මෙන තුරු ඇය උන්නේ දෑස් තදින් වසාගෙන. හැඬුම තද කරගෙන. යහනට වන් ඇයට මැවී
පෙනුනේ ඔහුගේ දෑස තවත් දෑසක් දිහා බලා ඉන්නා අන්දම. තවත් දෑතකට ඔහු මැදිව ඉන්නා
හැටි, තවත් කෙස් රොදක් ඔහුගේ ඇඟිලි තුඩුවලට
මැදිවෙන හැටි. ඔහුගේ දෙතොල ඒ දෙතොල වෙත නැමී යන සැටි. ඒ දෙතොලේ තමාට පමණක් වෙන්වූ
සිනාව තවත් කෙනෙක් වෙනුවෙන් ඇඳෙන හැටි. ඔහුගේ උණ්සුම් සුසුම් වෙනත් අයෙකුගේ
උණුසුම් සුසුම් හා එක්වෙන අන්දම. එකිනෙකා හා වෙලෙන ඔවුන්ගේ සිරුරු....රෑ
එලිවෙන්තුරු ඇය ඉකිබින්දා. සඳ බැස යද්දී, ඇගේ දෑසෙහි කඳුලු අවසන් උනා. උදෑසනම ආපසු යහනට
ආ ඔහු දෙස ඈ නැවත බැලුවේ නෑ. නිදි නොලබා රාත්‍රියේ ඉතිරිය ඔහු ගත කල
බව ඇය දුටුවේ නෑ. ඊලඟ දවස එච්චරම අමාරු වූයේ නෑ. ඒත් වෙන
ලඳකගේ ගතෙන් උණුසුම්වූ ඒ ගතට නැවත් ඈ ලංවූයේ හදවතින් නම් නොවෙයි.
ඔහු ඇයට ආදරය කලේ අවංකවම. ඇගේ අවිහිංසක සිනාව විඩාපත් ඔහුගේ හිත
නිතරම පුබුදු කලා. තමා කල මහා විනාශය ගැන තමා කෙතරම් කම්පාවන්නේදැයි ඔහු පැවසුවේ
ඇය හා පමනයි. දාගැබ් තනා, වෙහෙර,
විහාර සාදවා, දන් පින් කරන්නට ඔහුව පෙලඹවුයේ ඇයයි. ඔහුගේ
හිත නිසසල කිරීමට පුලුවන් වූයේ ඇයට පමනමයි.
ඇය ක්‍රමයෙන් තමාගෙන් ඈත්වෙනු ඔහු බලා සිටියා.
තමාට ලැබුනු පුත් කුමරුට ඈ බොහෝසේ ආදරය කලේ මේ නිසාම වෙන්ටැති.
ඒ තමාගේම කොටසක්වූ හන්දා වෙන්ටැති. ඔහුත් ඇය වගේමයි. සෞම්‍යයයි. ප්‍රියජනකයි.
සංගීතයට කැමතියි. ඔහුගේ වස්දඬු රාවය මාලිගාවේ හැමෝම ප්‍රිය කලා.
තමාට මෙන්ම ඔහුටත් ඉදිරියට ප්‍රශ්න රැසකට මුහුන දෙන්ට වෙන්බව ඈ
දැනගෙන උන්නා.
'මා ඔබේ අග මෙහෙසිය නොවෙන හන්දා පුත්
කුමරුට සිහසුන හිමිවෙන්නේ නෑ නේද?' ඇය ඔහුගෙන් ඇසුවා. ඔහු පිලිතුරු දුන්නේ
කල්පනාකාරීව. 'තිස්ස සිහසුනට ආශා කරනවා. ඒත් පුත්
කුමරුගේ කැමැත්තක් අපට කල හැකි.'
තමාගේ පුතුන් හට අනෙකුන්ගෙන් අතවර වෙනවාට
ඈ කැමති වූයේ නෑ. ඒ හන්දයි ඔහු වන දෙවඟනක් බඳු අශෝකමාලාව කැඳවා ආවිට ඈ
තමන්ගේ ආශීර්වාදය ඔවුන්ට දුන්නේ. අශෝකමාලා හැබෑ රූමතියක්. දැක්ක මොහොතේ සිටම කතී
ඇයට තමාගේම දරුවෙකුට මෙන් ආදරය කලා.
'ඈ රොඩියක්.' පුන්නා ඇගේ දාසිය බියෙන් පැවසුවා. 'රජුතුමා දැනගත්තොත්, අපි හැමෝටම මැරුම් කන්ට වෙයි' ඇත්තෙන්ම මෙවන් අවස්ථාවක රජ අණ වූයේ
මරණ දණ්ඩනය. ඒත් රජතුමා තමා හන්දා එවැනි දෙයක් නොකරන බව ඇය සහසුද්දෙන්ම දැන උන්නා.
ඇය තමා අතවු සියලුම රත්තන් පලඳනා ගලවා අශෝකමාලා අතට දුන්නා. 'ඔබ දෙපල මෙහි නොරැදී, කොහේ හෝ දුර පලාතකට යන්ට'
අඳුරේ ආපහු මාලිගාවට ඇදෙන ඇගේ ජායාව කිසිවෙකු දුටුවේ නෑ.
'මොනවා? රොඩීයක් එක්ක' ඔවුන්ගේ පලා යෑම
ඇසූ, ඔහු පය තදින් පොලවේ ගැසුවා. යුව රජුගේ
මුහුනේ වූ සිනාව දැක්කේ ඇය විතරක් වෙන්ට ඇති. 'අද සිට මේ මාලිගයේ දොරට ඔහුට වැසේවි.
ඔහු රජ කුමරෙක් නෙමේ. සැඩොලෙක්' ගර්ජනා කල ඔහු අසුනෙන් නැගී සිටියේ කිව නොහැකි
තරම් කම්පනයකින්.
කතී අභයගිරි විහාරයට ඇදුනේ හිත සනසා ගන්නට. ඈ ක්‍රම, ක්‍රමයෙන් භාවනා ප්‍රගුණ කලා. එහි ප්‍රතිපලයක්
වූයේ ඈ ආශ්‍රම ගත වීමෙන්. රජු රාත්‍රියට වැව් ජලය කලඹා මතුවෙන නාග කන්‍යාවකට ආදරය
කරන බවක් ඇයට පැවසුවේ පුණ්ණායි. ඒ ආදරයට බාධාවක් වූයේ ඇයයි. ඇගේ වනගතවීම ඉක්මන් කල
එක හේතුවක් ඒ වෙන්ටැති.
ඈ අතීතයෙන් හිත අහකට ගත්තේ නිවුනු හැඟීමකින්. වැව් තලය වසා පිස එන, සුළඟ ඇගේ ගත සිසිල් කලා. ඈ පෙනුනේ පිට
දී සිටි මහ නුගේම කොටසක් වගේ. පරිසරය හා ඇයත් දෙකම් එකක් වූවා හා සමානයි.
'මෑනියනි..මෑණියනි' ඒ ඇසුනේ ඇගේ ආවතේව සඳහා ඇයත් සමග
මාලිගාව අත් හැර පැමිණි පුණ්ණායි
ඈ දෑස් ඇරියේ සෙමින්. 'පුණ්ණා...'
'ඔවුන් මෙහි ඇවිත්...ඔවුන් මෙහි ඇවිත්' ඇගේ හඬේ වූයේ කලබලයක්. ඒ සමගම තමා දෙසට
එන තරුණ යුවල ඈ දුටුවා. ඔවුන් තාමත් නොසැලෙන ආදරයකින් සිටිනා බව පෙනුනේ ඔවුන්ගේ
හැසීරීමෙන්. එකිනෙකා දෙස බලා කල සිනාවෙන්. ඇස්වලින් කල කතාවෙන්. දෙදෙනා ඇයට නැමී
වැඳ ආචාර කලා.
'මෑණියනි. අපි ඔහු ඔබ වෙත ගෙනාවා. අපිට
ඔහු රකින්නට බෑ. ඔහු රැකිය හැක්කේ ඔබට පමණයි. තිස්ස යුව රජුට සමහර රට වැසියන් කැමති
නෑ. මොහු ගැන තොරතුරු දැනගත්තොත් රටේ ලොකු කැළඹීම් ඇතිවෙන්ට බැරි නෑ.'
ඔවුන් දෙදෙනා පිටුපසින් මෑත් වූයේ තමාගේ පියාට වඩා තමාගේ
මුත්තණුවන්ගේ කපාපු පලුවක් බඳු පුත් කුමරෙකුයි. කිරි දත් විහිදා ඔහු පෑවේ ඒ
සිනහවමයි. ඇගේ හිත මොහොතකට නතර උනා. සිඟිත්තා ඇගේ අත අල්ලාගෙන ඈ දිහා බලා උන්නේ
එදා රාහුල කුමරු බුදු හිමියන්ගෙන් දායාද ඉල්ලුවා වාගේමයි.
ඇය ඔහු හා සිනාසුනේ ඒ සියල්ල ඔහු වෙත දීමට සූදානමින්.....
Dr. S.
Paranavithana, commissioner of Archeology. He discovered interesting and
valuable evidence in pre-Christian Brahami inscription, which can be ascribed
to the first, second or third centuries BC. The inscription is on a rock bolder
at the ancient Vihara at Kossagama Kanda near Maradankadawala in the
Anuradapura district. The inscription as translated by Dr. Paranavithana reads
as follows:
By Kati
the charming wife of the great king Gamini Abaya, dear to the gods has the
convent of Milaka Tisa being caused to be established.
And
other wonderful fact discovered by Dr. Paranavithana is that the rock
inscription of queen Kati is in the form of a Sinhalese Gee (verse). Therefore
the very first known Sinhala Gee is found in Katie’s inscription. She may not
have composed the Sinhala verse in the middle of the second century B.C. But it
must have had her approval. Therefore we may assume that Sinhala poetry started
from the middle of the second century B.C. and that too by a queen.
The name
Kati is certainly common enough name that seems to justify the popular
tradition that Dutugamununu’s queen was not of Royal blood. Her non appearance
at Dutugamunu’s Royal functions cannot be fully explained due to the absence of
evidence but the inscription proves that her name was Kati, that she was
charming, and that she was a very pious lady who established the convent of
Milaka Tisa.
//They
do not love that do not show their love. The course of true love never did run
smooth. Love is a familiar. Love is a devil. There is no evil angel but Love……..William
Shakespeare//
ඔබ ගාමිනීද? නැත්නම් සාලියද?
ඔබ කවුරුන් වුවත් මගේ මේ පිදුම ඔබටයි……

සංවාදයට හොඳ මාතෘකාවක් සමග පෝස්ට එකක් දමා එයට හොඳ සංවාදයක් යන වෙලාවේ පොඩ්ඩි අලුත් පෝස්ට් එකක් දැම්මේ ඇයි. කලින් එකත් එක්ක තව ගොඩක් කතා කරන්න තිබුනා...
ReplyDeleteප්‍රියන්තටත් තියෙන ප්‍රශ්ණ!
Delete@ප්‍රියන්ත,
Deleteඒ පෝස්ට් එක සංවාදයට ලක් උනා ඇති කියලා හිතුනා :)
මගේ පුරුදු ලියවිල්ලට ආවා නම් හොඳයි කියලත් හිතුනා.
බොහොම අගේ ඇති සිතිවිල්ලක් පොඩ්ඩි...
Delete:D:D:D
Deleteකතීට වුනේ ඒකයි එහෙනම්! මේ ගැන වැඩි විස්තර කොහෙන්ද හොයා ගත්තෙ... ඉතිහාස ග්‍රන්ත වලිනුත් මැයව හලලා නේද තියෙන්නෙ.....
ReplyDeleteඅද කතාව නම් ඉතා හොදයි.
ඉතිහාසඥයෝ කීපදෙනෙක් ආවොත් කතීට වෙච්ච දේ ගැන ඇත්ත දැනගත්ත හැකියි. මට නම් වැදගත් ඒ ටික. මේකෙන් වෙන දෙයක් ගැන කියන්න හදනවද කියලා ඒක පාර තේරෙන්නෙ නෑ. බලමු නැවත වතාවක් හිමීට කියෝලා....
කතී නෙමෙයි එයා ගේ නම කළුමැණිකා. ජනකවි පවා තියෙනවා නේද?
Deleteමම දන්නෙත් කලු මැණිකා කියලා තමා. ඒත් මේ ලිපියෙ උන්දැ ගැන මම නොදන්න වැඩි විස්තර තිබ්බ හන්දා මම හිතුවා කතී කියලත් කියනවා ඇති කියලා.
Deleteකකා කතී නාමයට රපි කොයිට්ස් අරගෙන නැ නේද තාම? :P
@බුද්ධි,
Deleteනෑ. නෑ. කෙලින්ම කතාවම විතරයි. වෙන මුකුත් කියන්නේ නෑ. මටත් ආසයි එයා ගැන දන්න අය ඉන්නවා නම් විස්තර දැනගන්ට. ඉතිහාසේ මෙයා ගැන කතා කරන්නේම නැති තරම්.
@කතන්දර,
Deleteබුද්ධිගේ එකේම ඔයාට ලියන්ට කලින් ඒක පබ්ලිශ් උනා. කතී කියන්නේ කලු කියන එකටමලු. දැව කියන තේරුමකුත් එනවා. ඒකෙන් කියන්නෙත් දුඹුරු පැහැය වෙන්නට ඇති. කලු මැණිකා තමයි.
දැක්කද කතී කිව්වම කකාට තදවුන හැටි :-)
Deleteකලුයි කීව හන්දා වෙන්ටැති. කකාගේ කතී කලු නෑ. එයා පැණි පාටයි. :D
Deleteකතී = පැණි පාටයි
Deleteමම = කතීගෙ පාටයි
මම = යුරෝ දෙකේ වීරයා
-------------
යුරෝ දෙකේ වීරයා = පැණි පාටයි :P
=============
ඊලඟට යුරෝ දෙකේ වීරයා පැණි බෙදයි. :D
Delete@ Podi Kumarihami
Deleteමට මේ කමෙන්ට් එක දැක්කාම මේක නිකමට වගේ හිතුනේ. හරි වෙන්නත් පුලුවන්.
පාලි වචනයක් තියෙනවා "ඛත්තිය" කියලා. ඒකත් රජුට භාවිතා වන වදනක්. ක්ෂේත්‍රයන්ට අධිපති කියන අර්ථය තමා ඒකෙන් එන්නේ. ක්ෂත්‍රීය කියන වචනේ හැදෙන්නේත් ඒකෙන් තමා.
"කතී" කියන වචනය එන්න ඇත්තේ "ක්ෂත්‍රීය කුලේ ස්ත්‍රිය" කියන අර්ථයෙන් වෙන්න බැරිද ??
මීවනපලානේ ජයරත්න හරි සිංහල ගැන දන්න කෙනෙක්ට මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් වේවි
සිංහල දන්න කීප දෙනෙක් ඉන්නවා. නිදිද දන්නේ නෑ. වැඩද දන්නෙත් නෑ. ඔයා කියන දේ හරියන්ට පුලුවන්. කතී කියන එක බහුල නමක් කියලා කියනවා ඒ කාලේ. අපේ ඉතිහාසේ කාන්තා නම් අතුරින් මා නොදැකපු එකම නමත් මේක වෙන්ටැති.
Deleteමීවනපලානේ ජයරත්න මහත්තයා මේ පැත්තේ එයිද?:D
ඔය 'කතී' කියන හෙල නම තමා මේ බටහිරයො 'කැතී' කියලා හරවෙගන තියෙන්නෙ.. බලාගෙන ගියාම මුන්ට නම් අරන් තියෙන්නෙත් අපේ හෙල යක් පරපුරෙන්නෙ.. ;)
Delete@ Podi Kumarihami
Deleteමේත් සෙල්ලිපි නාම ටිකක්
මහරජ ගාමිණී තිස්සගේ බිසව වූ කිතක උපාසිකාව
මහරජ ගාමිණී අභයගේ බිසව වූ කණ කුමරිය
@ හසිත
Deleteබොහොම ස්තූතියි විස්තරයටයි, ලින්ක් එකටයි, නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා.
@ හසිත,
Delete'ගාමිණී අභය' කිවුවහම අපට රජවරු කිහිපදෙනෙක් ගැනම හිතන්න පුළුවන් නේද.?? මේ නම වළගම්බා රජතුමාත් භාවිත කලා නේද (වට්ඨගාමිණීඅභය)..?? ඉතිං මෙහෙම බැලුවම අපි හරියටම කොහොමද කියන්නෙ කොස්සගාමකන්ද සෙල්ලිපියේ කියැවෙන්නෙ දුටුගැමුණු රජුගේ බිසවක් ගැනයි කියලා..??
@ Buratheno
Deleteසමාවෙන්න ඒක කිව්වාමයි මාත් දැක්කේ.
අවසන් උපුටා ගැනීම වුණු "මහරජ ගාමිණී අභයගේ බිසව වූ කණ කුමරිය" කියන උපුටා ගැනීම සංශෝධනය වෙන්න ඕනේ. මිහින්තලෙන් හම්බුණු ඒ සෙල්ලිපියේ තියෙන විදිහට තේරුම වෙන්නේ "ගාමණී අභයගේ බිරිඳ වූ කණ කුමරිය" කියලා.
ඔබ අහපු ප්‍රශ්නෙට මම දන්නා විදිහට පිළිතුරක් දෙන්නම්.
සෙල්ලිපියක අක්ෂර රටාව අනුව වගේම ඒ ස්ථානය සම්බන්ධව හම්බවෙන සාහිත්‍ය මුලාශ්‍ර වගේ කරුණු කීපයක් පදනම් වෙනවා සෙල්ලිපියකින් කියවෙන රජුව හෝ ඒ කරුණු පිළිබඳව වැටහීමක් ගන්න.
ගාමණී අභය කියලා සෙල්ලිපි දෙකේම තිබුණාට ඒ දෙකේ රජතුමාගේ නම සඳහන් වෙන්නේ ආකාර දෙකකට.
කොසවකන්ද සෙල්ලිපියේ තියෙන්නේ මේ විදිහට
"මහරජහ ගාමණී අභය දේවානම්පියස"
ඒකේ තේරුම දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභය කියන එක.
අනික් ලිපිය වෙන මිහින්තලා ලිපියේ තියෙන්නේ ගාමණී අභය කියලා විතරයි. "දෙවියන්ට ප්‍රිය වූ" කියන යෙදුම භාවිතා කරලා තියෙන්නේ මුල් යුගයේ රජවරු. ඒ වගේමයි අක්ෂර රටාවත් පාදක කරගෙන වෙන්න ඕනේ ඒක දුටුගැමුණු රජතුමාගේ කියලා නිර්ණය කරලා ඇත්තේ.....
මට සෙල්ලිපි සම්බන්ධව ලොකු අවබෝධයක් නැති නිසා මට වැටහෙන විදිහට තමා මේක කිව්වේ. තව ප්‍රශ්න තියෙනවා නම් කියන්න සෙල්ලිපි ගැන හදාරන කෙනෙක්ට කියලා පිළිතුරක් ලබාදෙන්න පුලුවන් වේවි
සෙල්ලිපි ගැන මා අසා හා කියවා ඇති දේ අනුව සෙල්ලිපියක කාල නිර්ණය සිදුවන්නෙ ඒක ලියන්න යොදාගත් අක්ෂර රටාව (ඔබ කියනවා සේම) හා භාෂා විලාසයයි.. බ්‍රාහ්මීය අක්ෂර වර්තමාන සිංහල අකුරු බවට පරිවර්තනය වෙද්දි සිද්ධවුන වෙනස්කම් මත එය මොන කාලවකවානුවකට අයත්ද කියලා කියන්න පුළුවන් වුනත් ඒ කාලවකවානුව විශාලයි නේද.?? හෝඩියක අකුරු වෙනස් වීම අවුරුදු 10-20කින් වෙන දෙයක් නෙවෙයි නේ, අඩුගානෙ අවුරුදු 100-200ක්වත් යනවා නේද.??
Deleteදුටුගැමුණු රජු හා වළගම්බා රජු අතර එතරම් විශාල කාල පරාසයක් නෑ නේද.?? වළගම්බා කියන්නෙ සද්ධාතිස්ස රජුගේ සිවුවෙනි පුතා..
ස්තූතියි දන්නා දේ කියා දෙනවාට.!!
@ Buratheno
Deleteඔව් ඔබ හරි දුටුගැමුණු සහ වළගම්බා අතර කාල පරාසය අවුරුදු 57 ක් පමණ වෙනවා.
මම හිතන්නේ දෙදෙනා අතර වෙනස හඳුනාගන්න අර කලින් කිව්ව "දෙවනපිය" විරුදය වගේම මේ කාරණයත් පාදක වෙන්න ඇති.
වළගම්බා රජතුමාට මහාවංසය තුළ භාවිත වෙන නම තමා වට්ට ගාමිණී අභය කියන එක. ඒ වගේමයි තවත් භාවිතා කරන නමක් තමා "පිතිරාජ". ඒකට හේතුව තමා තමන්ගේ සොයුරා වුණු ඛල්ලාටනාගගේ පුතා වුණු මහාචූලී කුමාරයාව තමන්ගේ පුතෙක් විදිහට රජතුමා හදාගන්න නිසා.
අනුරාධපුර දක්ඛිණ ථූපයෙන් හමුවුණු සෙල්ලිපියක "පිතමහරජ" නමින් රජෙක් ගැන සඳහන් වුණා. සාහිත්‍ය මූලාශ්‍රත් එක්ක පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ පිතමහරජ කියන්නේ වළගම්බා රජතුමා කියලා.
ඒ හැරෙන්න "වට්ටගාමිණී අභය" හරි ගාමිණී අභය නමින් වළගම්බා රජතුමාට අයත් සෙල්ලිපි තියෙනවාද කියලා නම් මම දන්නේ නැහැ...
හසිතගෙයි, බූරාගෙයි දෙබසෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පරණවිතාන මහත්තයා මරදන්කඩවල ආසන්නයෙන් හොයාගත්තු නටබුන් වලින් නම් කියන්නේ එය හදවලා තියෙන්නේ ගැමුණු රජතුමාගේ ප්‍රිය බිරිඳ කතී කියලා නේද?
Deleteදෙන්නාටම ගොඩක් ස්තූතියි.
හසිත විෂයයක් හැටියට පුරා විද්‍යාවත් හදාරනවද?
@ Podi Kumarihami
Deleteමම විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී හදාරපු විෂයන් තුන තමා ඉතිහාසය, පුරාවිද්‍යාව සහ සමාජ විද්‍යාව. ඊට පස්සේ දෙවෙනි වසරේ ඉදලා ඉතිහාසය විශේෂවේදී පාඨමාලාව තෝරගත්තා. ඒක නිසා ඉතුරු අවුරුදු තුනම ඉගෙන ගන්නේ ඉතිහාසය විතරයි. ඒ අවුරුදු තුන ඉවර වෙන්නත් තව අවුරුදු එක හමාරක්ම තියෙනවා :)
ඒ ටිකත් ඉක්මන්ට ඉවර කරලා, ඉතිහාසේ අපි කවුරුත් නොදුටු තැන් ගැන පර්යේෂණ කරන්ට. අපි උදව් කරන්නම්.:)
Deleteපුරා විද්‍යාවත් තවටිකක් ඉගෙන ගත්තානම් හොඳ පුරා විද්‍යඥයෙක් වෙන්ට තිබුනා.
හසිත තමන් කරන විෂයට ආදරෙන් හා ආශාවෙන් එය කරනබව පේනවා. සමහරු යමක් ඉගෙන ගන්නේ ඒක ඉවර කරන්ට ඕනි නිසානේ. ඔයා නම් එහෙම පෙනෙන්නේ නෑ.
ඔයාට සුබ පතනවා.
@ Podi Kumarihami
Deleteස්තුතියි. පොඩි කාලේ නම් කැමැත්ත තිබුණේ පුරාවිද්‍යාඥයෙක් වෙන්න. දැන් කැමැත්ත තියෙන්නේ ඉතිහාසඥයෙක් වෙන්න. ඒ වුණත් පුරාවිද්‍යාව ගැනත් පුලුවන් විදිහට ඉගෙන ගනිමින් ඉන්නේ........
පුරාවිද්‍යාඥයින්ට ගෑණු ළමයින් වැඩිය කැමැතියි.. ඒ මොකද දන්නවද.?? යම් දෙයක් පරණ වෙන්න වෙන්න තමා පුරාවිද්‍යාඥයින්ට වටින්නෙ, ඒකයි.. :D
Delete@ Buratheno
Delete+++++++
මීවනපාලනේ රාජපක්‍ෂ මේ ගැන මොනවා නොකියයිද?
ReplyDeleteඑයා කියයිද? එයා මේ ගැන විස්තරයක් දුන්නොත් නම් හොඳයි. :)
Deleteඕහ්.... පුදුම ලස්සන ප්‍රබන්ධයක් ටිකක් කල්පනා කරල තව කමෙන්ට් එකක් දන්නම්කෝ ...
ReplyDeleteකතාවක්ම ලියන්ට බලන්ට. :D
Delete"ආදරය යනු මහ පුදුමාකාර අත්දැකීමකි.වර්ණයෙන් එය පිරිසිදු ජලයේ පාට ය.එහෙත් සියලුම වර්ණ ඒ තුල තිබේ.එය අල්ලාගත නොහැකිය ය.එහෙත් සියලුම අල්ලා ගැනීම් ඒ තුල තිබේ.එය ඒ තරමටම මහා සිරගෙයකි."
ReplyDelete-මහරජ ගැමුණු-
-ජයන්ත චන්ද්‍රසිරි-
මට මේ පෝස්ට් එක කියවනකොට මුලින්ම ඔලුවට ආවේ ඔය ටික..
//"ආදරය යනු මහ පුදුමාකාර අත්දැකීමකි.වර්ණයෙන් එය පිරිසිදු ජලයේ පාට ය.එහෙත් සියලුම වර්ණ ඒ තුල තිබේ.එය අල්ලාගත නොහැකිය ය.එහෙත් සියලුම අල්ලා ගැනීම් ඒ තුල තිබේ.එය ඒ තරමටම මහා සිරගෙයකි."//
Deleteඇත්තටම දුටුගැමුණු එහෙම කීවලුද? :)
කතී පහත් යයි සම්මත කුලයක තැනැත්තියක් නෙවේ නේද? ඕනනම් එයා අගමෙහෙසිය කරගැනීමේ හැකියාව රජුට තිබුන. අශෝකමාලගෙ කේස්එක නැතිවුනානම් සාලියට අවුලක් නැතුව රජකම ගන්න තිබුන නේද?
ReplyDeleteනෑ රාජ්. එයා ගොවි කුලයේ කෙනෙක්. රාජ පරම්පරාවකට අයිති කෙනෙක් හා විවාහ වුනොත් හැර රාජාභිෂේක ලබන්ට බැරිලු. ඒ මොනවා උනත්, අශෝකමාලා හින්දා සාලියට රජකම ලැබෙන්නේ නෑමයි. :)
Deleteමම නම් කියවා තියෙන්නේ..
ReplyDeleteසාලිය නාග කන්යාවගේ දරුවෙක් කියලයි.
එක එහෙම නෙමේද?
කලු මැනිකාට දරුවෝ සිටියා කියලා ලියවිලා තියනවද?
ගැමුණු කුමරාගේ බිරිඳ කලු මැණිකා බවට සාධක තියෙනවා. කතී....කියලා කියන්නේ කලු මැණිකාට. සාලිය නාග කන්‍යාවකගේ දරුවෙක් කියලා ලියවිලා තියෙන්නේ කොහෙද?
Delete'නාග කන්යා' කියල පොතක් කිවෙව්ව මතකයි.එක ප්‍රබන්දයක්ද කියන්නම් දන්නේ නෑ.
Deleteකලුමැනිකාගෙ දරුවන් ගැන සන්දහනක් නැහ නේද?
ගැමුණු කුමරා ගෙවි ලියක් බැඳගත් බවත්, සාලියට රජකම නොලැබෙන්ට එක් හේතුවක් මව සාමාන්‍ය පවුලකවීම බවත් සඳහන් වෙනවා. ඒ දෙක එකතුකලාම උත්තරේ සාලියගේ මව කලු මැනිකාබව තමා මගේ අදහස.:)
Deleteඋඩ දාලා ඇති ප්‍රණවිතාන මහතයා හොයාගත්තු සෙල් ලිපියක් ගැන. ඒකේ සඳහන් වෙනවා ගැමුණු රජුගේ භාරයාව වන කතී විසින් එය කරවන ලද බව. කලු යන්නට තවත් වචනයක්ලු කතී....
මේ ගැන දන්න තවත් අය ඉඳී. එයාලගේ අදහසුත් බලමු.
අනේ මංදා මම දන්නේ චිත්‍රා විතරයි අර උන්මාද එක්කෙනා අනේ...
ReplyDeleteඔයා දන්නේ හොඳම එක්කෙනානේ :D
Deleteඋන්මාද විත්රසේනව දන්නවාද?
Deleteහපොයි ඔව්. අර චිත්‍රලා හැමෝම කලන්තේ දාලා වැටුනේ. :D
Deleteදැන් කව්ද ගාමිණි...කව්ද සාලිය....
ReplyDeleteහිහ් හී ඇයි අනේ ඔච්චරටම මතක නැද්ද ? ඔයා සාලිය , ඔයාගෙ තාත්ත ගාමිණීනේ:)))))
Deleteහී හී....කොහෙන්ද මාලුවෝ ලංකා ඉතිහාසය ඉගෙනගත්තේ? මෙහෙ ඉඳලත් අපි දන්නවා සාලිය කවුද කියලා. එයා ලංකා ඉතිහාසයේ හිටපු හොඳම පෙම්වතා. හරියට ඔයා වගේ...:)
Deleteදැන් තේරෙනවද? පුතා ඔයා නම් ඔයා සාලිය නම් ඉතුරු ටික හිතා ගත්ත හැකිනේ....:D
දුටුගැමුණු රජතුමාගේ භාර්යාව ගැන මහාවංශයේ සඳහන් වෙන්නේ නැති තරම්. මොකක් හරි අවුලක් තිබිලා තියනවා එයා එක්ක. එයා දුප්පත් ගෙවි ලියක් හන්දා හාමුදුරුවරු එයා ගනන් ගත්තේ නැතුව ඇති.
ReplyDeleteඑයා අහිංසක විදියට පැත්තකට වෙලා ඉන්ට ඇති. අර රජ පවුල්වල කට්ටිය ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන හාමුදුරුවරුන්ට ගමන්, බිමන් යන්ට අශ්ව කරත්ත අරං දුන්නද දන්නේ නෑ. :)
Deleteදුටුගැමුණු රජතුමාව හොඳටම විස්තර කරලා බිසව ගැන හංගන්න හේතුව කුහක කම. . . හුඟක් කාලෙකට පස්සේ හරි අපි අද එයා ගැන කතා කරන එක හොඳයි
Deleteඅනේ කලු මැණිකා ගැන හරි දුක හිතෙනවා පොඩ්ඩි අක්ක ඔයා ලියල තියෙන විදිහට . එයාගෙ "කතී " කියන නම අදයි ඇහෙව්වේ .
ReplyDeleteඒක ඇහුනාම මගේ ඔලුවට අර 'කතී වෙණ මීයනද' මොකක්ද ඔලුවට එනවා. :D
Deleteමටත් අර ගුත්තිලේ කතී වෙණ මීයන මතක් උනා :)
Deleteමේ ෆොටෝ එකේ ඉන්නේ කළු මැණිකා වෙන්න බෑ, මෙයා රන් මැණිකා ද නැත්තං හින්දුස්ථාන් මැණිකා ද?
ReplyDeleteක.කා ට නම් මේක නැගලා ගිහින් වගේ , දැනටම කමෙන්ට්ස් 5ය්
Delete@කතන්දර,
Deleteඑයාගේ කලු පාටකුත් තියනවා. කලු මිශ්‍ර රන්වන් පාටකුත් තියනවා. ඉතින් අපි ඉන්දියන්කාරයන්ගෙන් පැවතගෙන හන්දා ඒ මිශ්‍රනයකුත් තියනවා කතන්දර...:)
@තරු,
ඔන්න ඔහෙ කමක් නෑ තරු අය්යා. එයා නිවාඩු පාඩුව අද බ්ලොග්වල ඇවිදිනවා වගේ.:)
කතී කියලා තියෙනවනේ!
Deleteදැන් මං කතන්දර පෝස්ට් කිරීම සතියකට හතරේ සිට දෙකක් (හෝ තුනක්) දක්වා අඩු කරලා නිසා වෙලාව තියෙනවා.
Delete@කකා,
Deleteකතන්දර අඩුකිරීම පිළිබඳව අපගේ විරෝධය... :-(
කමෙන්ට්ස් වැඩිකිරීම සම්බන්ධව අපගේ ප්‍රණාමය.. :-)
ගැමුණු රජගේ බිසව ගැන කියවෙනවා හරි අඩුයිනේ. වජිරදේවිත් කල්පනා කලා, අපේ රටේ වීර පුරුෂයෙක්ගේ හිත ගත්ත කලු මැණිකට ලැබෙන සැලකිල්ල හරි අඩුයි කියලා. ගැමුණු කුමාරයා කිවුවාම වජිරදේවිගේ හිතේ නම් මැවෙන්නේ, උස මහත ගාණට තියෙන නියම ආරෝහ පරිණාහ දේහයක් තියෙන පුරුෂයෙක්. කලු මැණිකත් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. කලු වුණාට නියම ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරුණු කෙනෙක් වෙන්න ඇති.. රජ මාලිගාව හැදුණු ඔතෑනි කෙල්ලෙක් නම් කීයටවත් වෙන්න බෑ. නිදහසේ ඇලෙන් නාලා, ගස් වල ගෙඩි කඩන් කාලා නිදහසේ ජීවත් වුණු කෙනෙක් වෙන්න ඕනේ..
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම කෙනෙක් වෙන්ට ඕනි කියලයි. අහිංසක මුවෙක් නිදැල්ලේ දුව පනින කොට කොයි වගේද? අන්න ඒ වගේ ඇති. හංග ගත්තු දඟකාරකමක් ඒ අහිංසකකම තුල තියෙන්ට ඇති. අහිංසක යුවතියන් කොහොමත්, පිරිමින්ගේ හිත ඇදගන්නා බව කියනවානේ. :)
Delete@ වජිරදේවි,
Deleteහිත ඇතුළෙන් නිකං 'ටොයිං' ගෑවේ නැද්ද..?? :)
මට නිකන් ගීතා කාන්ති ජයකොඩිව මතක් වුනේ
Deleteටොයිං ටොයිං
සහතිකයි.. 'ටොයිං.. ' ගෑවා!! රජ ගෙදරකට නැතුව කොයි ගෙදරට දීග ගියත් ඉහ ගහගෙන ඉන්න අමාරුයි නොවැ! ඉතින් මේ වගේ තත්වයක් එක්ක කලු මැණිකාට තිබුණු එකම සැනසීම ගැමුණු රජතුමාගේ පපුව ඔලුවේ තියාගෙන හයියෙන් හුස්ම හෙලන එක විතරයි වෙන්න ඇති..
Deleteඔයා ගේ පොස්ට් වලින් මට මෙතුවක් හොඳම එක මේක. :)
ReplyDeleteස්තූතියි නිරෝ...මට නම් හොඳම 'සත් සියක් මල්දම් ගොතා ...' කියන පෝස්ට් එක. ඒකත්, මේකත් ලීවේ එච්චර දුරට හිතලා නෙමේ. ඒත් ඒ චරිත තුල ජීවත් වෙලා තමයි ලීවේ. ඒ හන්දා හොඳයි වගේ පේනවා ඇති. :)
Deleteහරිම ලස්සනයි කතාව... කොයි තරම් ආදරයක් ලැබුණත් තමන්ටම හිමි නෑ කියල දැනෙන එක නම් හරිම වේදනාවක් නේද? කොහොම උණත් පියපුතු දෙපළම සැබෑ ප්රේමමවන්තයො...
ReplyDeleteඉතිහාස කතාව සුන්දර කතාවක් විදියට නිර්මාණය කරල තියෙනවා... හරිම අගෙයි...
ඒක තමා ලංකාවේ ගොඩක් සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ ඉන්නේ.:)
Deleteසාලිය, අශෝකමාලා දෙන්නා නොහිටියා නම් ලංකාවේ හොඳම ප්‍රේම කතාව මේක වෙන්ට ඉඩ තිබුනා.
නිර්මානයක් තමා. සාලියලාට ලමයි ඉන්න බවක් කියවෙන්නේ නෑනේ.
හ්ම්ම්ම්ම්....කොත්මලේ ජනවහරේ තියෙන්නේ රන් මැණිකා කියලා නේද...?
ReplyDeleteඅක්කට කිව්වම කුමාරයා බදින්න කියලා ගෙදර හරක් බලා ගන්න එක බඳින්න බෑ කියලා අක්කා කිව්වා කියලා තමයි මම නම් අහල තියෙන්නේ.ඊට පස්සේ නංගි කැමති වෙලා තියනවා.අක්කා තමයි කළු මැණිකා නංගි රන් මැණිකා.........
එහෙමද?
කතී කියන නම් හන්දා තමයි මේ අවුල. බැඳේ රන් මැණිකා නම් එයා කලු පාට උනේ කොහොමද? පහල හසිත හොඳ කමෙන්ටුවක් දාලා තියනවා. ඒකේ වැඩි විස්තර ඇති.:)
Delete@පොඩ්ඩි,
ReplyDeleteමම අහලා තියෙන්නෙත් කලු මැණිකා කියන නම තමයි.
මම පොතක කියෙවුවා ඔය ලස්සන ආදර කථාව..
ගැමුණු කුමාරයා ඔය ගම ගෙදරට සම්බන්ද වෙන හැටි, කලු මැණිකා මුල ඉඳලම එයාට ආදරෙන් ලං වුනු සැටි.මුල ඉඳලම රන් මැණිකා වෙනස් කම් කරපු විදිය.
මඟුල් ඇතා ගැමුනු කුමාරය කුඹුරෙ ඉන්දෙද්දි එතෙන්ට ඇවිත් එයාට දන ගහල වැඳපු විදිය ... ඔය ඔක්කොම ලස්සනට ඒ පොතේ කියෙවුවා.
හැබැයි ..කළුමැණිකාට අවසානයේ මොකෝ වුනෙ කියලා නම් මම කියන්න දන්නෙ නැහැ.
මාත් අහලා තියෙන්නේ ඒ කතාව. අක්කා ටිකක් පාට හන්දා නංගිට වඩා ආඩම්බර උනා කියලත් අහලා තියනවා.
Deleteඑයාගේ අන්තිමේ ගැන තමයි ඔය කියලා තියෙන්නේ. මහණවෙලා එයාම ඉදි කල ආශ්‍රමයේ මරණයට පත්වෙන්ට ඇති.
ඔය පොතම වෙන්නැති මමත් කියවල තියනවා.කවුරු නමුත් ලස්සනට ලියපු පොතක්.ඔකේ අන්තිමට කළු මැණිකව මාලිගාවට ගෙනියන්න ගැමුණු කුමරු කතා කලත් ,ප්‍රදාන සෙනෙවියා ඒකෙ නොගැලපීම කියනව. ඒත් එවලෙ කුමරු පොරොන්දු වෙනව ඇයව පසුව ගෙනියනවා කියල.ඒවගේම පෙරහරකින් තමයි කළු මැණිකව එක්කගෙන යන්නෙ.
Deleteමොන තරම් ලස්සන ආදර කතාවක්ද? අහන කොටත් ආදරේ හිතෙනවා. ඒ අතින් ගැමුණු කුමරු හරි අවංකයි. ඒත් ඉතින් රටක් රකින එකයි, ආදරේ කරන එකයි දෙකක් නේද?
Deleteමේ මට ඊයකින් ලැබුනු ගැමුණු රජුගේ (පොතකින් උපුටා ගන්නා ලද්දක් ) කියමනක්.
"මිනිසකුට රජකු විය හැකිනම්, රජකුටද මිනිසකු විය හැකිය. මිනිසකුට මිනිසකු විය නොහැකි නම් ඔහුට රජකුද විය නොහැකිය." :D
අනිවා කම්මල...ඒක තමය් පොත..
Deleteඔය පොතේ නම මට මතක හැටියට "මන්ද කළූ පින් නොකලේ" වෙන්ටැති.. එහෙම නං මාත් ඕක කියෙවුවා වගේ මතකයි..
Deleteයකෝ ඕක තිබුනෙ අපේ පුස්තකාලෙ.. :-)
Deleteමම ඕක කියෙවුවෙ අපේ ඉස්කෝලෙට එන්නත් ගොඩාක් කලින් මචං.. :)
Deleteඅපේ අම්ම සතියකට සැරයක් මාව අල්ලගෙන ඔලුවෙ උකුණො ඉන්නවද කියල බලනව.. මං අකමැතිම වැඩක් තමයි ඕක.. ඉතිං අපේ අම්ම මාව රඳවගන්ඩ දාපු උපක්‍රමේ තමයි අක්කෙ ඔය වගේ ඉතිහාස කතා ජන කතා කවි, වගේ දේවල් කිය කියා මේක කරන එක... මං කලු මැණිකගෙ කතාව ඉස්සෙල්ලාම අහල තියෙන්නෙත් අම්මගෙන්!!
ReplyDeleteලස්සන ලියවිල්ලක්!!
ඔන්න ඔයා දැන් මං ඔයාගෙ ආස කරපු රිද්මයට අනුගත වෙමින් ඉන්නව කියල මට දැනෙනව!!
ඔහොම යං
නිකමට හිතුණ ප්‍රථම පුරුෂයෙන් නැතුව උත්තම පුරුෂයෙන් ලියවුණා නං තව ලස්සනවෙයිද කියලත්.. ඒ ඉතිං මට හිතෙන හැටිනෙ...
අපේ අත්තාම්මා තමයි ඔය රජ කතා, ගම කතා කියලා දෙන්නේ. උකුණෝ??? පොඩ්ඩි නම් ඇඳන් උඩ උඩ පැන, පැන, ඔය ඔක්කොම රඟපාමින් තමා කතා ඇහුවේ.:)
Deleteඋත්තම පුරුෂයෙන් ලියන්ට මටත් හිතුනා. ඒ පාර ඒකටත් වෙන මොනවා හරි හිතෙයිද දන්නේ නෑ කියලා ඉතින් ඔය විදියට ලියලා දැම්මා. ඒත් ලියන වෙලාවේ කතී තුල හිටියේ නම් පොඩ්ඩි.:)
ස්තූතියි ජනුවේ.
ගැමුණු කුමාරයා කොත්මලේ ඉන්න කාලේ 'රන් මැණිකා' හා 'කළු මැණිකා' දෙන්නත් එක්කම ෆ්ලර්ට් කලාලු. හැබැයි ගැමුණු කුමාරයා ලව් කලේ කළු මැණිකාටලු. දෙන්නගේ දෙමව්පියෝ ..ඌරුපැළැස්සේගෙදර ගමරාළ සහ ගමහාමිනේ .... දෝණියන්දෑලා දෙන්නාගෙන්ම කැමැත්ත අහුවාලු කරකාර බඳින්න. මොකක්දෝ හේතුවකට කළුමැණිකා කැමැත්ත දීලා නැල්ලු. අන්තිමට රන්මැණිකා කරකාර බන්දලා දුන්නාලු.
ReplyDeleteඔන්න ඔහොමලු අනුරාධ සෙනෙවිරත්න 'කොත්මලේ' පොතේ කියලා තියෙන්නේ!
බලනකොට කතා කිහිපයක්ම තිබිලා නේද? ජන කතා ආශ්‍රිතව තමයි මේ කතා ගොඩක් හැදෙන්ට ඇත්තේ. කොත්මලේ පැත්තේ මේ පරම්පරාවලින් එන අය තාමත් ඇති සමහර විට. :)
Deleteමේ කතාවෙ කොලම් චිත්‍රකතාවක් "දිවයින" ඉරිදා පත්තරේ ළමා පිටුවවෙ සතිපතා පලවෙනවා.
Deleteහොයලා බලන්ට ඕනි. ඔන්ලයින් බලන්ට පුලුවන්ද?
Deleteලස්සනම කතාවක් මේක ඇහුවෙ අදමයි..ගෙදර ගිහින් ආයෙමත් කියවල බලන්නම් නිවිහැනහිල්ලෙ.....
ReplyDeleteනිවී හැනහිල්ලේ කියවලා බලන්ට. සමහරවිට අතීතයේ අහපු කතා මතක් වෙන්ට බැරි නෑ.:)
Deleteමට මතක විදිහට නම් කොත්මලෙන් දුටුගැමුණු කුමාරයා සරණ පාවා ගන්නේ රන් මැණිකා කියන කොත්මලේ තමන් නැවතිලා හිටිය ගෙදර ගමරාලගේ බාල දුව. ඒක නිසා තමා අර කවිය කියන්නේ "කළු මැණිකේ නුඹ පිං නොකළ මන්ද" [මට මතක විදිහට ඒ පදේ කිව්වේ]
ReplyDeleteඒ රන්මැණිකාගේ පියා රජතුමාගේ මාමා කෙනෙක් වුණු ගිරිඅබා කුමරු කියලත් කියවෙනවා. එහෙම නම් ඇයත් ක්ෂත්‍රීය බව පැහැදිලියිනේ.
එතකොට පොඩි කුමාරිහාමි උපුටා දක්වපු කොසවකන්ද සෙල්ලිපියේ තියෙන්නේ මේ විදිහට
"මහරජහ ගාමණී අභය දේවානම්පියස රමණි බරිය මිලක තිස විහරෙ කතිය" විදිහට. ඒ අනුව මහරජ ගාමිණී අභය ගේ රමණීය අග මෙහෙසිය වූ කතී කියලා ගන්න පුලුවන්.
ඒ වගේමයි තවත් සෙල්ලිපියකින් [මට නම මතක් වෙන්නේ නහැ] රජතුමාට "රජිතා" නමින් තවත් බිසවක් සිටි බවත් කියවෙනවා.
ඒ වගේමයි ජනකතාවල කියවෙන විදිහට නාගලොවින් ගෙනාපු ද්‍රෝණයක් පමණ වෙන සර්වඥ ධාතු රුවන්මැලි සෑයේ තැන්පත් කරපු නිසා නාග ලොවින් නාග කන්‍යාවියන් දාගැබ වඳින්න පැමිණිලා තියෙනවා. නා රජතුමාගේ දියණිය මේ විදිහට ආපු අවස්ථාවක රජතුමා ඇයව රඳවා ගෙන බිසවක් කරගත් බවත් කියවෙනවා. රජතුමාගේ මරනයට හේතුව වෙන්නේ ඇය නිසා සිදුවෙන සිද්ධියක්
රන් මැණිකාගේ කුලය ගැන ප්‍රශ්නය ගත්තොත් විජයගේ ඉදන් පැවතුණු සිරිතක් විදිහට රාජාභිෂේකය සඳහා සම කුල බිසවක් සිටිය යුතු වුනා. ඒක නිසාමයි මදුරා පුරයෙන් ක්ෂත්‍රීය කන්‍යාවන් ගෙන්වන්නේ.
ඒ නොමැති නම් රාජාභිෂේකය නොපවත්වන තත්වයක් තමා තිබුණේ. ඒක නිසා මගේ අදහස වෙන්නේ දුටුගැමුණු රජතුමා අභිෂික්ත රජෙක් වෙන නිසා [මහරජ, දේවානම්පිය වැනි විරුද නාම භාවිතා කලේ අභිෂික්ත රජුන්] ඔහුගේ අග බිසවත් ක්ෂත්‍රීය අයෙක් විය යුතුමයි. ඒ වගේමයි සාලිය කුමරුටත් රාජ්‍යත්වය සඳහා අවස්ථාවක් උදා වුණා කියලා වංස කතා දක්වන නිසා සාලිය උභය කුල පාරිශුද්ධ කුමාරයෙක්. අග බිසව වුණු ජන කතාවල විදිහට නම් රන් මැණිකා, සෙල්ලිපිවල විදිහට නම් කතී ක්ෂත්‍රීය කුමරියක්.
අනෙක් අතට සාලිය රාජ්‍යත්වය ප්‍රතික්ෂේප කරපු කතාව සළකලා බැලුවොත් මම හිතන විදිහට දුටුගැමුණු ඇවෑමෙන් රාජ්‍යත්වය කොහොමත් සාලියට හිමිවෙන්නේ නැහැ. එය හිමිවන්නේ තිස්සට.
සොයුරන් කීප දෙනෙක් සිටිද්දී මුල් වටයේ සොයුරන් අතරේත් ඊළඟ වටයේ වැඩිමහල් සොයුරාගේ දරුවන් ආදී වශයෙන් තමා රාජ්‍ය උරුම වෙලා තියෙන්නේ.
උදාහරණ විදිහට දේවානම්පියතිස්සගේ සොයුරන් අතරේ රජකම යාම, වළගම්බාගෙන් පසුව වැඩිමහල් සොයුරාගේ පුතා මහාචූලිට රාජ්‍ය හිමිවීම වගේ සිද්ධි දක්වන්න පුලුවන්.
මේක හැඳින්වුණේ "පුබ්බ චාරිත්ත මග්ග" යනුවෙන්. ඒක උල්ලංඝණය වුණු අවස්ථාවක් තමා මහා විජයබාහු ඇවෑමෙන් සොයුරු ජයබාහු රජ වෙන විට මාපා තනතුරේ හුන් මහා විජයබාහු පුත් වික්‍රමබාහුට ඈපා තනතුර හිමි නොවීම.
ඒක නිසා සාලියට දෙවෙනි වටයේ රජකම හිමිවෙන බව මගේ විශ්වාසයයි. නමුත් සාලියගේ අභිෂේකයේදී මතුවෙන ගැටලුවක් තමා සම කුල බිසවක් නොමැතිවීම. ඒ වගේම ඒ විවාහයේ දරුවන් චණ්ඩාල මිශ්‍ර නිසා "සූර්ය වංශික" සංකල්පයට බාධාවක්.
ඒක නිසා මම හිතන්නේ සාලිය ඉතාමත් නුවණක්කාර විදිහට තමන්ගේ රාජ්‍යත්වය ඉවත දාලා රට පත්වෙන්න තිබුණු වියවුල් සහගත තත්වයක්න් මිදෙව්වා කියලා. සාලිය අශෝකමාලා යුවළ තන්තිරිමලයට වෙලා පින්දහම කරලා මිය පරලව ගිය ආකාරයට බලයට කෑදරව දඟලන බොහෝ දෙනාට හොඳ පාඩමක්
සාලිය සම්බන්ධව සංවාදයක් ගිය තවත් ලිපියක් තමා මේ. මේකත් කියවලා බලන්න.
http://rajaus.blogspot.com/2012/07/blog-post_03.html
කරුණු ඉදිරිපත් කරද්දී එහෙම් මෙහෙම් කිව්වා වගේද මන්දා නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්නකෝ :)
මට නං තේරුනා.... ආං ආගිය කතා වලනං ලිහාගන්ඩ දෙයක් තියෙනවා අපට...!
Deleteඅම්මෝ හසිත මේ පෝස්ට් එක ලියන්ට තිබුනේ ඔයාට. වැදගත් විසතර ගොඩාක් තියනවනේ. මුල ඉඳන් ආයම කියවලා බලන්ට ඕනි. වටිනා කරුනු හුඟක් තියනවා. නොතේරෙන තැනක් තිබුනොත් අනිවාර්යයෙන්ම ආපහු අහන්නම්.
Deleteකතී කියන්නේ කලු හෝ දුඹුරු පැහැය යන තේරුම තියන වචනයක් හන්දා එයා රන් මැණිකා වෙන්ට බෑද කියලා හිතෙනවා. ගැමුණු කොච්චර හොඳ රජ කෙනෙකු උනත්, අනිවාර්යයෙන් තවත් බිසෝවරු ඉන්ට ඇති. ඒ වගේ බිසෝවරුන් ගොඩකට මැදි උනු ගැමි යුවතියකගේ ආදර කතාවකුයි මට කියන්ට උවමනා උනේ.
හසිතට ගොඩාක් ස්තූතියි.:)
දුටුහැමුණුලා, සාලියලා ගැන මං ලියන්න ගිහින් නං හොඳට අහ ගත්තා පරපුරේ කෂ්ටියගෙන්.
Deleteමෙන්න මේක බලන්න අවශ්‍ය නං.
http://kathandara.blogspot.com.au/2009/11/blog-post_30.html
@ හසිත,
Deleteටැන්කියු විස්තරේට.. උඹෙන් තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා බං අපට.. :)
@ Buratheno
Deleteස්තුති ඔබටත්. අපි හැමෝම හැම දෙනාගෙන්ම ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම නෙලුම් විලේ ඔබ කරන සංවාදවලින් අපිත් කොච්චර නම් දේවල් ඉගෙන ගන්නවාද
හසිත - බුරා දෙන්නගෙන්ම ඉගෙනගන්න දේවල් අපට තියෙනවා.... :)
Deleteමට හරි ආසයි ඉතිහාසෙටත්, පුරා විද්‍යාවටත්. මේ විෂයයන් හදාරන්ට ඇත්නම් කියලා දැන් හිතෙනවා.
Deleteමේ දෙන්නාගේ කතා අහනකොට ඒ ආසාව තව වැඩි වෙනවනේ.:)
ස්තූතියි හසිත මල්ලි.ගොඩක් විස්තර දැන ගත්තා.
Deleteකළු මැණිකා ගැන වැඩි දුර විස්තර දන්නේම නැති තරම්, ලිවීම කවදත්වගේ ලස්සනයි කුමාරිහාමි. මම හිතන්නේ නිර්මාණාත්මකම ලිපි වලින් එකක්. ඒත් මම හිතනවා සාලිය-අශෝකමාලා ගැන වෙනම ලිපියක් ලියනවනම් හොඳයි කියල (කලින් ලියල නැත්තම්). :)
ReplyDeleteහිරණ්‍යයගේ අගැයීම් මම කවදත් අගය කරනවා. ඒ වගේම විවේචන, විමර්ශන හැමදේම.:D
Deleteසාලිය-අශෝකමාලා ගැන ලියන්ට ඉඳගත්තේ. හිතට ආවේ කතී ගැන. මම එයා වගේ යන හැඟීමක් හිතට ආවා. ඉතින් ලියාගන, ලියාගන ගියා.:)
ලංකාවේ ඇති ජනප්‍රියම ආදර පුවත සාලිය+අශෝකමාලා ..... ඒ ගැන මොනවා නමුත් ලීවා නම් මතකයි.
පොඩ්ඩිට ආවේනික රටාවට අද කතාව ලියලා. ඔයා ලියල තියෙන විදියට කතී හොඩක් හොද කෙනෙක් වගේ . හොද ඉවසිලිවන්ත, කාරුණික කෙනෙක් වෙන්ට ඇති .
ReplyDeleteතමන් ආදරේ කරන කෙනාගේ ආදරේ තවත් ගෑනුන් අතරේ බෙදිල යන විට ඇය දුක් උන හැටි
අපිට හිතට දැනෙන විදියට හරි අපූරුවට සඳහන් කරල තියනව .
එයා එහෙම කෙනෙක් වෙන්ට ඕනේ. සාලියට තිබුනේ සෞම්‍ය ගතිගුණ ඒවා පියාගෙන් එන්ට විදියක් නෑ. ඔහු සංගීතය ප්‍රිය කලාලු. ලස්සන අගය කරන්ටත් දන්නා කෙනෙක් වගෙත් පේනවානේ. ඒ වගේම හොඳ ආදරවන්තයෙක්. හොඳ ආදරවන්තයෙක් වෙන්ට හැම කෙනෙකුටම බෑ. :D
Delete//ඔබ ගාමිනීද? නැත්නම් සාලියද?// නෑ මම ජාලිය! :D :D
ReplyDeleteමේක කියෙව්වම මට නං හිතුනෙ තාත්ත කරපු වැඩේ පුතා නොකළ නං ඌ නොට්ටිගෙ පුතා වෙනවනෙ කියල.
ඔන්න කතන්දරට ලින්ක් එකක් දානව නං තව පොයින්ට් එකක්!
අද පොඩ්ඩි කලින්ම උත්තර දානව වගේ. ඔහොම තමයි ගෙම්බොන් ව කන්න ඕනෙ :D :D
ජාලිය කියන්නේ වෙස්සන්තර රජ්ජුරුවන්ගේ පුතා කියලා මුහුදු දන්නවද? ඔයත් තාත්තා වගේ නම් ඉතින් දාන පාරමිතාව පුරන්ට වෙයි.
Deleteහැබැයි ගෑනු ලමයි කැමති සාලිය වගේ පිරිමි ලමයින්ට.:)
මමත් හිතුවා ගෙම්බන් මෙහෙම කෑවොත් මට හෙට ලේසිවෙයි කියලා. බොහොම ස්තූතියි ගෙම්බන් කෑම ගැන කියලා දුන්නට. දැන් මගේ මේසේ පුරා කොල ඉහිරිලා....:D
පාළොස්වක පෝය පහුවෙලා ටික දොහක් ගිහින් නිසා ආකහේ තිබුණේ මලානික හඳක්. විවරවූ විශාල කවුලුව අසල යහනේ සිටි රජුගේ දෙඇස් වෙනදාට වඩා ප්‍රාණවත් බවක් දකින්ට ලැබුණේ දාවල රුවන්මැලි සෑයේ පිංකම අවසන්වූ පසු බව දේවියගේ පෙනුනා.
ReplyDeleteදේවිය ..... කඩහඬේ දුර්වල බවක් තිබුනත් රජුගේ ගැඹුරු හඬ කාමරය පුරා පැතිරුනා.
ස්වාමිනී ඔබට පිපාසය දැනේද? ...දේවිය රජුට තවත් සමීප උනා.
නැත , මට අපදෙදෙනාගේ පෙර දවස් මතකයට ආවා.ඔබට මතකද මා ඔබේ අප්පුච්චාගේ කුඹුරුවල මෙහෙවර කල හැටි ,ඔබ මට ළෙන්ගතුව සැලකූ හැටි,අප දෙදෙනා ආදරෙන් බැඳුනු හැටි.
ඔව් ස්වාමිනී ඔබ මා ඇකයේ හිසතබාගෙන වෙහෙස නිවන විට මගුල් ඇතු පැමිණ ඔබතුමා ඉදිරියේ දනනැවූ හැටි . ඔබතුමා මටවූ පොරොන්දුව පරිදි මා රජ මාලිගයට කැඳවාගෙන ඇවිත් ඔබගේ බිසව කරගත් හැටි.අගමෙහෙසිය නොවූවත් මා ඔබගේ බිසවවීම මට මහත් සතුටක්.
මා දන්නවා දේවිය ඔබ මට ආදරය කල තරම. මා හොඳ පියෙකු නොවුනා නොවේ, සාලියගේ ප්‍රේමයට අනුමැතිය දීමට නොහැකිවීම මටත් දුකක්. ඔහු අශෝක මාලා සමග හොඳින් වසනවා නොවේද?
ඔව් ස්වාමිනී ඔවුන් පසල් දනව්වක සුවසේ වසන බවට තොරතුරු ලැබුණා.
ඔබට පුතු දැකුමට නොසිතේද දේවිය ?
ඔහු මගේ පුතු බව ඇත්ත ස්වාමිනී ,මා ඔහුට ආදරය නැතුවා නොවේ . එහෙත් ඔහු දැකීමටත් පළමුවෙන් මා ඔබට ආදරය කලේ . ඔහු පෙම්කළ තැනැත්තිය සමග ඔහු සතුටින් සිටියාවේ.මා සැමදා ඔබ ළඟ සිටිනවා.
දේවිය එදා ඔබ ඇකයේ හිස තබාගත් විලස මා හිස ඔබ ඇකයේ තබාගන්න.
අහෝ ස්වාමිනී මහ වෙදණා පැවසුවේ ඔබව සෙලවීමට හොඳ නැති බවයි.
ඔහු මහ වෙදණා බව ඇත්ත එහෙත් මා තවම මහ රජුයි, මා කියන්න කරව.
ආදරයෙන් රජුගේ හිස තම ඇකයේ තබාගත් දේවිය ඔහුගේ දෙනෙතේවූ ආලෝකය දුටුවා.
දේවිය මා පුතු මාසමග අමනාපෙන් ඇද්ද ?
නැත ස්වාමිනී ඔහු තවමත් ඔබට ආදරෙයි, ගෞරව කරනවා . මට ඒ බව දන්වා හසුන්පතක් එවා තිබුණා.
ඔබ මා සතුරු කමක් කරතැයි සිතා මේ සියල්ල වසන් කලා නොවේද දේවිය. රජු පැවසූයේ මද සිනාවක් සමග.
නැත ස්වාමිනී ඔබේ කෝපය අවදිවූවොත් යැයි සිතා මා ඒ බව නොපැවසූවේ.මා පුතුට ඔබ දැකීමට එන ලෙස පවසා හසුන් පතක් යවන්නම්,
මට ඔහු දැකීමට අවශ්‍ය උනත් ඊට කාලයක් නැහැ , එම නිසා මා ඔහුට ආශීර්වාද කළ බව පවසන්න.
එවන් කතා නොපවසන්න ස්වාමිනී, දැන් ඔබට සුවයි. මා පුතුට ඔබ ආශීර්වාද කල බව දන්වන්නම් . ඔබතුමා දැන් සැතපෙන්න.
ම හිස පිරිමදින්න සොඳුර එවිට මට සුවසේ සැතපෙන්න හැකි.
දේවිය රජුගේ හිස පිරිමදින විට ඔහුගේ දෑස් සෙමින් පියවුනා.ඇඳ වියලට බරවී සිටි දේවියත් නින්දට වැටුනා. සියොතුන්ගේ ගී රාවයෙන් සීතල සුළඟින් , හිමිදිරියේ අවදිවූ දේවිය දුටුවේ රජතුමා කලුරිය කර ඇති බවයි.
ප.ලි. රජුගේ අවමඟුල් උළෙලට පසුදින හිමිදිරියේම ගැමිලියකගේ ඇඳුමින් සැරසුනු කාන්තාවක් රජමැදුරින් නික්මෙනු කිසිවකු දුටුවේ නැහැ.
කතා සරිත් සාගරේ!
Deleteවා..වා....මෙන්න කථා...
Deleteනියමයි නීතා..
පවු ඇත්තටම කලු මැණිකා එහෙම මාලිගයෙන් පිටවෙන්න ඇති පසුවදාම.
මගේ කියලා කෙනෙක් නැති වෙච්චදාක අපි හැමෝම කරන්නෙ එතැනින් පිටවන එක තමයි.
මම මේ කම්පනා කරේ , රවියත් ඇවිත් ඉන්න එකේ උගේ කතාවය් , සිත්තමීගෙ කථාවයි , නීතාගෙ කථාවට එකතු වුනාම ,,,ආයේ දෙකක් නෑ සුනිල් ආරියරත්න මහත්තයා ෆිල්ම් එකක් ගහනවා ගහනවමයි.
අහලා තියෙනවද මේ කතාව.?? සෝමදේව තවුසා කතා සරිත් සාගරය මුලින්ම ලියන්නෙ පෛශාච බාසාවෙන්.. මේ වෙනුවෙන් කැලේ ගස්වල කොල හත්ලක්ෂයක් වැයවුනා කියලයි කියන්නෙ.. මේ ලියැවුනු කතාවත් අරගෙන සෝමදේවයන්ගේ ගෝලයො දෙන්නෙක් යනවා රටේ රජතුමා මුනගැහෙන්න, ගිහින් අවසර ඉල්ලනවා රජතුමා හා රාජ්‍යසභාව ඉදිරියේ මේ කතාව ඉදිරිපත් කරන්න.. ඒත් මේක ලියැවිලා තියෙන්නෙ තුට්ටු දෙකේ භාෂාවක් වන පෛශාචයෙන් නිසා (මේ කාලෙ වැඩ්ඩා සංස්කෘත) රජතුමා කැමැතිවෙන්නෙ නෑ ඒක අහන්න.. ගෝලයො දෙන්නව මාළිගාවෙන් පන්නලා දානවා.. මේක අහන සෝමදේවයන් කලකිරෙනවා.. එයා ගිනිගොඩක් ගහලා එක එක කොලයේ තියෙන ශ්ලෝකය ගායනා කරමින් මේ කොල එකින් එක පුච්චනවා.. මේ මිහිරි ගායනයෙන් වශිවෙන කැලේ සත්තු සෝමදේවයන් වටා රැස්වෙලා ඒක අහගෙන ඉන්නවා, කෑමට බීමටවත් යන්නෙ නැතිව.. ටික දවසකින් කැලේ දඩයමේ එන රජතුමා දකිනවා කැලේ සත්තු නෑ කියලා.. ඒක හොයාගෙන යනකොට හම්බවෙනවා සෝමදේවයන්ව.. රජතුමා වහාම තවුසාගෙන් සමාව ඉල්ලලා කියනවා කොල පුච්චන එක නවත්තන්නයි කියලා.. ඒත් මේ වෙනකොට කොල ලක්ෂ හයක් පුච්චලා ඉවරයි.. ඉතිං අද අපට කතාසරිත් සාගරය කියලා තියෙන්නෙ අර ඉතිරිවුන කොල ලක්ෂය විතරලු.. :)
Delete@ Buratheno
Deleteකතා සරිත් සාගරය ගැන අදමයි \ඇහුවේ. තව විස්තර ටිකක් කියමුකෝ බලන්න
මුලින්ම මට වුන පැටලුමක් අරින්නම්.. ඔය කොල පුච්චන්නෙ සෝමදේවයන් නෙවේ, සෝමදේවයන් කරන්නෙ මේ කතා සංස්කෘතයට පෙරැලීම පමනයි.. ඒක මුලින්ම පෛශාච භාෂාවෙන් ලියන්නෙ ගුණාධ්‍ය කියන තවුසා, 'වෘහත් කතා' නමින්..
Deleteමේකෙ මූලික කතාව වෙන්නෙ උද්‍යාන රජුගේ පුතා වන නාරාවහනදත්තගේ වීර ක්‍රියා හා ජීවිත කතාව.. ඒ අතරට එකතුවෙන කතා-පරි කතා-අනුකතා නිසා මේක විශාල කතාසාගරයක් වෙනවා.. මේකෙ එන සමහර කතා අපට හමුවෙනවා පංචතන්ත්‍රයේ හා වේතාල කතාවලත් (කතාතරංගණීය)..
ලින්ක් ටිකක් දාන්නම්, ඔන්ලයින් කියවන්න හෝ බාගන්න.. අවාසනාවට මේකෙ සිංහල පරිවර්තනයක් ජංජාලෙ නෑ.. මම පුංචි කාලෙ සිංහල පරිවර්තනය පොතක් විදියට කියෙවුවා, දැන් ඉතිං ඒ වගේ පොත් හොයාගන්න එක කළුණික හොයනවා වගේ වැඩක් නේ..
1. Volume I
2. Volume II
3. Volume III
4. Volume IV
5. Volume V
6. Volume VI
7. Volume VII
8. Volume VIII
9. Volume IX
10. Volume X
නීතාගේ කතාවෙන් ඇවිත් තියෙන්නේ කතා සාගරයක්ම. ඒ ගැන මාත් ඇහුවමයි. හැබෑට බූරෝ ඔයා දන්න ජාති. කට්ටිය එක්ක වටවෙලා ගිණි මැලයක් ගහගෙන, මේ කතා ටික අහන්ට තිබුනානම් කියලා හිතෙනවා.
Deleteනීතාගේ කතාවේ ලස්සනම අවසානය. ඇත්තටම ඉතිහාසයේ එන දේවල් මොන විදියට සිද්ධ උනාද කියලා අපි කවුරුත් දන්නේ නෑනේ.
මදෑ කතා සරිත්සාගරේ ගියදුර..... :D
Deleteචෑ, බලාගෙන ගියාම , රජ වෙන එකත් මහ පණයන වැඩක් නෙව. කවදාවත් SPBR කෙනෙක් වෙන්න බෑ. සම්මතය කඩා ගෙන ගියොත් , සාලිය වගේ පන්නනව. මට ඕක නිකමට හිතුන අර ගොයියා "රාජ සම්පත් ලැබේවා" කියල කියන්නෙ අපට කෙලවන්න බව :)
ReplyDelete"මිනිසකුට රජකු විය හැකිනම්, රජකුටද මිනිසකු විය හැකිය. මිනිසකුට මිනිසකු විය නොහැකි නම් ඔහුට රජෙකද විය නොහැකිය."
Delete"They do not love that do not show their love."
ReplyDelete- Two Gentlemen from Verona, Act 1, Scene 2 -
Julia says this to Lucetta. She means that she doesn't believe Proteus loves her because he has said nothing about it.
ළමයා ළමයා.. පොඩ්ඩක් හිතන්න ගැමුණු කුමාරයත් සාලිය වගේ රජකම එපා කියලා කතීත් එක්ක පැත්තකට වෙලා ආදරෙන් හිටියානං අපේ රටේ ඉතිහාසෙ කොච්චර වෙනස්වෙන්න තිබුනද කියලා.. ජීවිතේ සමහර අවස්ථාවල් එනවා අමාරු තීරණ ගන්න සිද්ධවෙන, විශේෂයෙන්ම රජ කෙනෙකුට.. එයාට තමන් ආදරේ කරන බිසව ගැන විතරක් හිතලා තීරණ ගන්න බෑ, ඊට වඩා පුළුල් පරාසයකින් හිතන්න වෙනවා.. එතකොට යම් යම් කැපකිරීම් කරන්න වෙනවා.. ඇත්ත, මේක අසාධාරණයි තමා, ඒත් ජීවිතේ කවදද සාධාරණ වුනේ..??
හෑ, ඒ වංගියෙ මේකා දුටුගැමුණුට කඩේ යනව නේද ? :)
Deleteබුරාගෙ කතාවට මාත් එකඟයි. සාලිය වගේ සංවේදී කෙනෙක් රජකමට ගැලපෙන්නෙ නෑ. අපි මේ කතා කරන්නේ සියවස් ගණනාවක ඉහත තිබුණු සමාජ ක්‍රමයක, ව්‍යාකූල අවධියක් ගැනයි. සාලිය රජ වුනා නං, එයා දුර්වල රජෙක් වීමටත්, රාජධානිය බිඳ වැටීමත් ඉඩතිබුනා
Delete@බූරා,
Delete//සමහර අවස්ථාවල් එනවා අමාරු තීරණ ගන්න සිද්ධවෙන, විශේෂයෙන්ම රජ කෙනෙකුට//
හහ්...රැජිනක් එහෙම මෙහෙම දෙයක් කලොත් එහෙම මොනදේවල් නම් අහන්ට වෙයිද? :)
//පොඩ්ඩක් හිතන්න ගැමුණු කුමාරයත් සාලිය වගේ රජකම එපා කියලා කතීත් එක්ක පැත්තකට වෙලා ආදරෙන් හිටියානං අපේ රටේ ඉතිහාසෙ කොච්චර වෙනස්වෙන්න තිබුනද කියලා//
ඒක ඉතින් ඇත්ත. ඒත් ඉතින් ඕනෑම තැනක දුක් විඳින්ට සිදු වෙන්නේ ගෑනුන්ටනේ. ඒකත් ඇත්ත.
@ටොමියා,
දීකිරට ඉතින් බළලුත් සාක්කිලු. :D
// ඒක ඉතින් ඇත්ත. ඒත් ඉතින් ඕනෑම තැනක දුක් විඳින්ට සිදු වෙන්නේ ගෑනුන්ටනේ. ඒකත් ඇත්ත. //
Deleteඔයා කොහොමද කියන්නෙ මේ සිදු වීම් නිසා දුටුගැමුණු දුක්වින්දේ නැහැ කියලා..?? තමන් ආදරය කල/කරන ගැහැණිය රජ මාළිගාව තුළ තනිවෙලා කියලා දැනගෙනත්, තව දාහක් ප්‍රශ්න/රාජකාරි හමුවේ ඇය වෙනුවෙන් කාලය ටිකක් මිඩංගු කරන්න බැරිවෙනකොට ඔහුට දුකක් දැනෙන්න නැතිද..!? ගෑණු හැමවෙලාවෙම හිතන්නෙ හිත් රිදෙන්නෙ එයාලගෙ විතරයි කියලා, දුක දැනෙන්නෙ එයාලට විතරයි කියලා.. ඇයි පිරිමි කියන්නෙ රොබෝලද..??
//තව දාහක් ප්‍රශ්න/රාජකාරි හමුවේ ඇය වෙනුවෙන් කාලය ටිකක් මිඩංගු කරන්න බැරිවෙනකොට ඔහුට දුකක් දැනෙන්න නැතිද..!?//
Deleteහිතෙන්ට ඇති. ඇත්තටම බූරෝ පිරිමි ගෑනුන් ගැන මෙහෙම හිතනවද? දන්නේ නැති හන්දයි අහන්නේ....:)
//ඇයි පිරිමි කියන්නෙ රොබෝලද..??//
අපෝ නෑ. පිරිමි කියන්නේ බබාලා...හී හී...
හුහ්! මයෙ කට අවුස්සගන්ටයි තනන්නෙ ඔය.. :P
Delete:D:D:D
Deleteමේ කතාවෙ ඇත්ත නැත්ත තෝරා බේරා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි නේද? අදාල මූලාශ්‍ර වන ජනකතා, මහාවංශය , ඔය කොයිවයෙත් අතිශයෝක්තිය, ආරළු-බුරුළු ඇති නේද? ඔය නාග කන්‍යාවගේ කතාවත් එහෙම එකක් කියලයි පේන්නෙ.
ReplyDeleteතව ඉතිං දුටුගැමුණු රජතුමාගෙ පැටිකිරිය කියනවා නං, රුවන්මැලි සෑය නම්කලේ රත්නමාලි දෙව්දුව වෙනුවෙන් කියලයි අහල තියෙන්නෙ. එතනත් මොකක් හරු හුටප්පරයක් නැති වෙන්න බෑනෙ. දුෂ්ථ-ගාමිණී කියන්නෙ රජ බඹරෙක්ද , නැත්නම් රාජ සම්මතය ගොදුරක් වු තවත් එක සැබෑ පෙම්වතෙක්ද?
එතන වුන එකම දේ තමයි,පශ්චාත් යුද තත්වය.යුද්දයෙන් අවතැන් විම!
Deleteදැන් ඔය උඩහත් වෙලා තියෙන්නෙ,
යුද්දෙන් පස්සෙ, තම්න්ගෙ ඉඩම් රජ ගොල්ල අල්ලගෙන,මුල් අයිති කරුවන්ට කරන්න දෙයක් නැති වෙලා - මැනික් ෆාර්ම් වලට වෙල ඉන්නේ.ඕකම තම්යි එදත් වෙල තියෙන්නේ.
'නුබේ නමින් සෑය බදිමි' කියලා රැවට්ටුවා
ටොමීට බෝ පැලෙන් උත්තර ලැබිලා. ගැමුණු රජ නරක කෙනෙක් කියලා හිතන්ට බෑ. අර ගැමි ලිය රජ මාලිගයට ගෙන ගිය එකෙන්ම තේරෙනවා ස්ථිර ප්‍රතිපත්ති තිබුනු කෙනෙක් බව.
Deleteකාලයට, සම්මතයට, අසුවු මිනිසෙක් ලෙස ඔහු හැඳින්වීම වැරදි නෑ.
ඔන්න මීවන අයියගෙන් කන්න යන්නෙ. රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමාගේ වැඩක් නෙමේ කියල ඔප්පු කරල තියෙන්නෙ.2012.12 12 පස්සේ ධවල රතෙන් යන්නද කල්පනාව. කට කට ..ටෝමියෝ
Deleteඅසීමාන්තික ආදරයක් (Unconditional Love ) නැති කෙනෙකුට තමන්ට හිමි ආදරය තව අය අතරේ බෙදිලා යන එක ඉවසීමෙන් නමුත් දුකින් බලන් ඉන්න බෑ. ඒ ගුණාංගය වර්තමානයේ නම් ඇත්තේම නැති ගානයි කියලයි මට නම් හිතෙන්නෙ..නමුත් අතීතයේ මේ වගේ කතා ගොඩක් තියෙනවා.. වර්තමානයේ මන් එක්ක බැරි නම් මරාගෙන කනවා..මරා ගෙන මාත් මැරෙනවා.. මොකක් වෙනුවෙන්ද ආදරය වෙනුවෙන් !
ReplyDeleteඕනෙම දෙයක් ගැන අද මිනිස්සු හිතන්නේ ඔය විදියට. ඉතින් ආදරය ගැන කුමන කතාද?
Deleteඔය කියන අන්දමේ ආදරයක් ලැබෙන්ට ඉතින් පූරුවේ කරපු පිං තියෙන්ටත් ඕනේ ඇතිනේ.
අනේ මහතුනේ මට වන් දුක බලලා
ReplyDeleteඋඩු බුරන්ට දෙන්නෑ මයෙ කට බැඳලා
අනිත් එවුන් කමෙන්ට් කොටති හිටු කියලා
මගේ විතරක් කවුන්ට් කලේ ඇයි ඔහෙලා :(
බය නැතිව බුරහන් බන්. අපි ඔය අනුන්ගෙ වතුවලත් සද්දෙ දැම්මෙ පහුගියටිකේ..
Deleteතැන්කූ කිව්ව. ඔන්න එහෙනං බිරුව ඈ :)
Deleteබුරන්ට ටොමී බුරන්ට...බල්ලො බුරන්නෙ නැතුව වෙන අහවල් දෙයක් කොරන්ටද??
Deleteහ්ම්ම්..මට අශෝකමාල ගැන නම් ආත්තම්ම කියල දීල තිබුන..අනේ පව් එයා..අර සිංඳුව 'චන්ද්‍රලේඛගෙ' ඒකත් හරිම ලස්සනයි නේද? 'අශෝකමාලා මමයි ....'
ReplyDeleteකෝම උනත් පොඩ්ඩි ආයෙමත් රජකාලෙ කතාවක් කියවන්න ලැබුන එකට සතුටුයි ගොඩාක්..මේක හරීම ලස්සනයි.....:)
කිරිල්ලිට ගොඩක් ස්තූතියි කිරිල්ලියේ. ඔය සිංදුව මම අහලා නෑනේ.
Deleteමේ අර 'මලී' කියන ටෙලිඩ්‍රාමා එක ඇත්තටම හොඳයිද?
ඔය සිංදුව නෙට් එකේ හොයනකොට එන්නෙම අර රී-මික්ස් කරලා විනාස කරපු වර්ශන් එක (අර බස් රේඩියෝවෙත් නිතරම ඇහෙන්නෙ).. ඉතිං මං වැඩේ අතෑරලා දැම්මා.. :(
Deleteමට හිතෙන්නේ ඔයා මේක දාලා තියෙන්නේ වැරදි තැන.:)
Deleteනෑ ළමයා නෑ.. නියම තැන.. මම කියන්නේ "අසෝකමාලා මමයි ස්වාමිනී අසෝක මල් වනයේ" කියන, චන්ද්‍රලේඛා පෙරේරා ගයන සිංදුව ගැන.. :P
Deleteමම හිතුවේ අර බින්දි කීව සිංදුව ගැන කියලා...:)
Deletethanks.
Podi Kumarihami@.......
Deleteසින්දුව අහන්න ලස්සනයි.මලී දැන් යන්නෙ 372 කොටස....මම හැමදාම බලනව දැන්..ඇත්තටම ලස්සනයි..හැබැයි කතාව ඇදගෙන යනවා නම් තමයි.
Buratheno@...
Deletehttp://www.youtube.com/watch?v=ZmVkYTwoX1s
මේක බලන්න.හැබැයි මේකෙත් චන්ද්‍රලේඛම සිංදුව කාල දාල.....
ඕකත් මම දැක්කා YouTube එකේ හොයද්දි.. චන්ද්‍රලේඛාගෙ පරණ සිංදු ඔක්කෝම වගේ තියෙනවා, මේක විතරක් නෑ.. චන්ද්‍රලේඛා මේ දවස්වල කොහොමත් කරන්නෙ එයාගෙ පරණ සිංදු ටික කන එක තමා.. :(
Deleteමේකෙ Remix වර්ශන් එක ඇහෙනකොට මට යකා නගිනවා.. අසෝකමාලාව නිකංම නිකං ජිප්සි කෙල්ලක් ගානට දාලා තියෙන්නෙ.. "I am your Gipsy Girl" කියලා කෑල්ලකුත් තියෙන්නෙ.. ඕක ඇහෙනකොට මගෙ හිතේ මැවෙන්නෙම තද ලේ රතුපාටයි-කහපාටයි මික්ස් වෙච්ච දිග සායක් ඇදපු, ඒ වගේම ලේන්සුවක් ඔලුවෙ ඔතාගත්ත කොණ්ඩෙ ක්‍රේල් ජිප්සි කෙල්ලක්.. හරියට අර ඇටමැස්සා එකේ 'සීටා රෙනි' වගේ.. :)
ඓතිහාසික යුග කතා සහ චරිත වල වඩා වැදගත් වන්නේ එයින් කියවෙන සර්වකාලීන ධර්මතාවයන්. ඒ පොදු ධර්මතාවයන් එක් යුගයකට හෝ කාලයකට සීමා නරන්න පුළුවන් කමක් නැහැ. ඒ යුග කතා කාලීනය. අතීතය, වර්තමානය, සහ අනාගතය යන කාලාත්‍රයටම අයත් මේ පුවත් යමෙකු ආදරයෙන් වැළඳගන්නේ ඒ එහි ඇති පොදු ධර්මතා නිසාය.
ReplyDeleteඒ නිසා ගැමුණු - කතී ( කලු මැණිකේ) සහ සාලිය - අශෝක මාලා යන මේ ඓතිහාසික පුරා වෘත්ත ඒ කාල තුනටම පොදු ය. ඒවා වඩාත් මානුෂීය මට්ටමේ හැඟීම් ය.
ගැමුණු - කතී ( කලු මැණිකේ) සහ සාලිය - අශෝක මාලා යන මේ ඓතිහාසික පුරා වෘත්ත අතිශය රමණීය වන්නේ ආදරය පූජාසනයක් කර ගත් ඓතිහාසික පුරාවෘත්ත වන බැවිනි. මේ සියලු චරිත පිරිපුන් සුවඳ විහිදුවන ආදරයේ දෙවොල් බඳුය.
ඉඳුරන් පිනවිම ස්වකීය ජීවිත පරමාර්ථයන් කරගත් අතීත රජ පෙලපත්වල රජවරු අතර ඔවුන්ගේ ප්‍රේමණිය හැඟීම් ලේඛණ ගත වූයේ කලාතුරකිනි. රට ජාතිය සහ ආගම පිලිබඳ ඓතිහාසික යුග පුවත් තුළ ලියැවෙන්නේ ඔවුන්ගේ වික්‍රමාන්විත ක්‍රියාදාමයන් වූ නිසාම වික්‍රමාන්විත සිංහයෙක් බදු වූ ගැමුණු චරිතය තුළින් කළු මැණිකා කෙරෙහි තිබූ ඔහුගේ ආදරය අන් සියල්ලම අභිබවා නැගි සිටිනු ඇති බව මට සිතේ. ඒ නිසාම ගැමුණු තුළ සිටි වික්‍රමාන්විත සිංහයාට වඩා ඔහු තුළ සිටි අතිශය සියුම් ආදරවන්තයා ට මම ප්‍රිය කරමි.
ක්‍රි.පූ. 3 වන සියවසට පෙර විසූ බොහොමයක් රජවරු තම අගමෙහෙසිය තනතුරට ඉන්දීය වංශවත් කුළ කාන්තාවක් පත්කර ගත්තේ ඔවුන්ගේ රාජ වංශය ආරක්ෂා කර ගැනිමට. ඒත් ඓතිහාසිකව දුටු ගැමුණු මේ චින්තනය වෙනස් කර තම අගමෙහෙසිය තනතුරට උඩරට සිංහල ගැමි ගොවි කාන්තාවක සරණ පාවා ගැනීම එකල ඉතිහාසය ලියූවන්ට එතරම් වැදගත් කාරණයක් ලෙස නොපෙනුනේ ඇය සිංහල උඩරට කාන්තාවක විමත්, ගැමුණු රජු එතෙක් පැවත ආ ඓතිහාසික සම්ප්‍රදාය වෙනස් කිරිමත් බව මට හැඟේ. මෙය අද දවසේද දැකිය හැකි ධර්මතාවයකි.
නිදසුනක් ලෙස අපේ ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් විවාහ කරගෙන සිටින්නේ සිංහල නොවන ලංකික කාන්තාවන්. ඒ ක්‍රීඩකයෙකු සිංහල තරුණියක හා විවාහ වූයේ නම් ඇය පිළිබදව හෝ ඇයගේ චරිතය පිලිබදව සමාජයෙන් බාහිරින් එල්ලවන බලපෑම සුළුකොට තැකිය නොහැක .මන්ද එය ඒ විවාහට දික්කසාදයකින් කෙළවර කරවිමට තරම් මේ සමාජය අකාරුණික වන නිසා.
ඒ අතින් ගැමුණු මේ චිරාගත සම්ප්‍රදායෙන් බැහැරව ලාංකික උඩරට කුල කාන්තාවක් සරණ පාවා ගැනිමත්, සාලිය විසින් අසෝකමාලා සරණ පාවා ගැනිමත් සුලුකොට තැකිමට හැකියාවක් නැහැ. එය ඓතිහාසිකව සිංහල රජ පෙළපතේ හැරවුම් ලක්ෂයකි. එය අපේ වර්තමානයට සහ අනාගතයට පරමාදර්ශයක් සැපයූ සිද්ධි දෙකකි. මට දැනෙන හැටියට ලාංකික සැබෑ චින්තනය බිහි කරන්නේ ගැමුණු සහ සාලිය විසින්. ඒ නිසා මුල් වරට ලාංකික කුල කාන්තාවට නිසි ගෞරවය ලැබිය යුතු තැන එතැනය. අපේ ඉතිහාසය විසින් හිතාමතා බැහැර කර ඇත්තේද ඒ සිංහල කුල කාන්තාවගේ අභිමානවත් අතීතයයි.
අසෝක මාලා කුලයෙන් පහත් වුවත් ඇය ලාංකික කාන්තාවක්. මොකද කෙනෙකුගේ කුලය හෝ තත්වය හෝ රැකියාව හෝ අදාල නොකර සාලියගේ ආදරය ඇයට හිමිවන නිසා. ඒ ඔහු තුල ඇති අතිශය මානුෂිය හැඟීම නිසා. අවශ්යස වී නම් සාලියට ඇය සිය අන්තඃපුර කාන්තාවක බවට පත්කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට හොදටම ඉඩ තිබුණා.
එය එසේ නොවූයේ නම් අද අපට ඉසුරුමුණි පෙම් යුවල හමුවන්නේ නැත. තිසා වැව පාමුල රන්මසු උයන ඉදිවන්නේද නැත. ගී සින්දු ලියැවෙන්නේ ද නැත. ඒ නිසා සාලිය - අශෝක මාලා යන මේ ඓතිහාසික පුරා වෘත්තය කියන්නේ එයයි.
ඓතිහාසිකව ගත් කළ ගැමුණු සහ සාලිය තුලින් විකසිතවන ප්‍රේමය හරියටම නිල් දිය පිරි පොකුණක නෙළුම් කැකුලු දෙකක් වගේ කියලා මට හිතෙනවා. ඒ නිසා මා ආදරය කරන්නේ ඔවුන්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා අභිබවා නැගි සිටින මේ ඓතිහාසික ගැමුණු සහ සාලිය චරිත යුගලයේ ඔවුන් දෙදෙනා සතු වූ අතිශය මානුෂිය ප්‍රේමය පිලිබද සංකල්ප නිසාය.
කාලෙකට පස්සෙ හිතට දැනෙන විදින්න පුළුවන් පෝස්ට් එකක් ලියල තියෙන නිසා තමයි මේ ටික ලියන්න හිතුනේ. මේක සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා, මළ ගිය ඇත්තෝ එහෙමත් නැත්නම් විලාසිනියකගේ ප්‍රේමය වගේ කෘතියක ගොඩ නැගෙන, දකින්නට ලැබන භාෂා ව්‍යවහාරයකින් රසවත් ආකාරයෙන් ඉතිහාසය, අතීතය, වර්තමානය සහ අනාගතයට ගලපනවා. විය යුත්තේද එයයි.
දයාගේ කමෙන්ට් එක දැක්කාම මොනවා කියන්ටද කියලා හිතාගන්ටත් බෑ. :)
Delete//මේක සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා, මළ ගිය ඇත්තෝ එහෙමත් නැත්නම් විලාසිනියකගේ ප්‍රේමය වගේ කෘතියක ගොඩ නැගෙන, දකින්නට ලැබන භාෂා ව්‍යවහාරයකින් රසවත් ආකාරයෙන් ඉතිහාසය, අතීතය, වර්තමානය සහ අනාගතයට ගලපනවා. විය යුත්තේද එයයි.//
මෙන්න මේ ටිකට නම් (ඒ පුද්ගලයන් අසලින් යන්ට බැරි උනත් ) ගොඩක් ස්තූතියි.
//ඓතිහාසිකව ගත් කළ ගැමුණු සහ සාලිය තුලින් විකසිතවන ප්‍රේමය හරියටම නිල් දිය පිරි පොකුණක නෙළුම් කැකුලු දෙකක් වගේ කියලා මට හිතෙනවා. ඒ නිසා මා ආදරය කරන්නේ ඔවුන්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා අභිබවා නැගි සිටින මේ ඓතිහාසික ගැමුණු සහ සාලිය චරිත යුගලයේ ඔවුන් දෙදෙනා සතු වූ අතිශය මානුෂිය ප්‍රේමය පිලිබද සංකල්ප නිසාය.//
මටත් හිතෙන්නේ මේ විදියටමයි.
මට හැමදාම තිබුනු සහ අදටත් තියෙන විශාල ගැටලුවක් තමා ගැමුණු වැනි රජෙකුගේ භාර්යාවකට ඉතිහාසය තැනක් නුදුන්නේ ඇයි කියන එක. කීප පාරක්ම ලියන්ට හදලත්, එක පාරම හිතට ආපු හිතුවිල්ලක් හන්දා ලීවේ. මේ චරිතයකට ආරූඨ වෙලා ලියන එක ලේසී. කතීට සිදු උනු අසාධාරණය ගැන ඇහට කඳුලුත් ආවා ලියන ගමන්.:)
මේකෙ එහෙම පිටින්ම තියෙන්නෙ Women's Lib කේස් එකක්නෙ. නඩු දාන්න තියෙන්නෙ කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්දව. :(
ReplyDeletehenryblogwalker the Dude
ඒ කාලේ නඩු දැම්මට වැඩක් නෑ. නඩු ඇහුවෙත් රජතුමානේ. :(
Deleteහැබෑමයි. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ,.. මම කියන්නෙ රජතුමාගෙ....
Deletehenryblogwalker the Dude
හී... හී... ඔව් ඔව් අද වගේ කාලෙක නම් බලන්ට තිබුනා.
Deleteමම රන් මැණිකාගෙ කතාවක් නම් අහලා තියනවා. කතී කියන්නෙත් එයාමද? මේ ගැන තව ටිකක් නිවී හැනහිල්ලේ කියවන්නම හිතුනා. (සිත අවුල් වෙව්චි මේ වහේ වෙලාවක නම් බෑ)
ReplyDeleteඉතිහාසයේ රජ පරපුරවල් වල තවත් පැතිකඩක් පෙන්නන පෝස්ට් එකකනෙ පොඩ්ඩි අද දාල තියෙන්නේ
හුටා! උඹ යනවද? ;(
Deleteමට පෝස්ට් එක කියෙව්වාමයි නෙව තේරුනේ. සුභ ගමන් සහෝ. 3G වලින් හරි බ්ලොග් එක කොටලා මෙගොඩ තොටුපොලේ ඉන්න අපිව එගොඩ කරන්න වරෙන්
@තොටියා,
Deleteඔව් තොටියෝ...ඉතිහාසේ කාටවත් නොපෙනෙන එහෙම නැත්නම් හොයාගත්තු නැති තැන් හොයලා බලන්ට තමයි මගේ ආශාව. ගෑනු ගතිය වෙන්ට ඇතිනේ.:)
තොටියා ගියාම තොටුපොල පාලුවෙයි. ඒත් ඇවිත් යන්ට නොවැරදීම. හැබැයි ලියන්ට අලුත් දේවල් ගොඩක් හොයාගන්ට පුලුවන් වෙයි. එක අතකට ඒකත් එකක්.
@ටොමි: අදමයි දන්නේ ටොමියත් තොටුපොළ පැත්තට ගොඩ වෙනවා කියලා.:) හැකි විදියට ඉස්සරහටත් එගොඩහ යන්ඩ එන්නම්කෝ.ස්තූතියි සහෝ
Delete@ පොඩ්ඩී: ඔව් ඔව් ඔය අහුමුළු අවුස්සන එක ගෑනු ගතිය තමා. හැබැයි ඉතින් මේවගේ දෙයක්නම් ඇවිස්සුවත් කමක් නෑ ඉතින්...
ඔන්න පොඩ්ඩි වෙනුවෙන් සින්දුවක්..සුනිල් මාලේවන ගයන මේ ගීය කලින් බලලා තියනවද දන්නෑ. බලන්නකෝ ඔයාගේ පෝස්ට් එකට කොතරම් දුරට අදාලද කියලා...
http://www.youtube.com/watch?v=GsKRozQs--E
අදාළයි. අදාළයි. ලස්සනම ලස්සන සින්දුවක් තොටියෝ. මම මේ දෙවෙනි පාරට බලන ගමන්.:)
Deleteතොටියට ගොඩාක් ස්තූතියි හොයලා දුන්නට. බලාගෙන යනකොට පිරිමිත් හොයන ජාති තියනවනේ.:D
මේ විදිහට කියෙව්වාම නම් කතාව නිකම් හිංදි චිත්‍රපටියක් වගේ පොඩ්ඩි..
ReplyDeleteගැමුණුත් මේ විදිහටම හිතුවද දන්නෙ නෑ කතී ගැන..
අනිත් අතට සාලිය අශෝකමාලා සමඟ රජ සැප අතෑරලා ගියේ අම්මා විඳි දුක් තමන්ගේ පෙම්වතියට විඳින්න වෙන නිසා වෙන්නත් ඇති නේද?
Deleteමේ විදියට සිංහල ෆිල්ම් එකක් හැදුවා නම් හරි නේද? ආදර කතා දෙකම ඇතුල් කරලා. ගාමිනී රජු ගැන කරපු සිංහල ෆිල්ම් එකක් නම් තියනවද ?
Deleteඅපොයි රජෙක්ට ආදරය කරනවා කියන්නේ මහා දුකක් . අර අසරණ කේට් කෙල්ල විලියම්ව බැඳ වෙලාවෙත් මට හිතුනේ ඒකයි. කෙල්ලෙක්ට වෙන්න පුළුවන් ලොකුම අපරාධයක් . මට මතක් වුනේ අර සින්දුව
ReplyDelete'' මාගම් පුරේ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ
පෙම් කෙරුවාට බයයි දැන්නම් මගේ හිතට අනේ ''
''ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ
මගේ නැහැ ආදරයක් වෙන ළඳකට නුඹට වගේ ''
ජෝතිපාලකියන්නේ .ගායිකාව කවුද මතක නැහැ .
ඉතින් පොඩි ඔයා හරි ලස්සනට ලියල තියෙනවා . මට හරිම දුකක් දැනුනා ඇය ගැන .යුද්ධෙන් පිඩාවට පත් වෙච්ච රටක් ගොඩ නගද්දී රජතුමාට පෞද්ගලික ජිවිතයේ මනාපකම් වලට ඉඩ දෙන්න ඉඩක් නැති වෙන්න ඇති. ඔහුත් පව් නේද . ලොකු දේවල් කල මිනිස්සුන්ගේ හදවත් වලත් කොච්චර කඳුළු තියෙන්න ඇත්ද .
ඔව් බින්දි. රාමායණය කියවනකොටත් සීතාට උනු අසාධාරණකම් වෙලා තියෙන්නේ රාම එයාගේ රටවැසියන් සහ රට ගැන මුලින් හිතපු හින්දා බව පේනවනේ. ගෑනු අය වගේම පිරිමිනුත් දුක හිතේ තියාගන ඉන්ට ඇති. එයාලා හැඟීම් පෙන්නන ජාතියකුත් නෙමේනේ නේද?
Deleteඅර සිංදුව හරි ලස්සන පාටයි. ඔක අහන්ට ක්‍රමයක් තියෙනවද? බූරාගෙන් ඇහුවා නම් ඔය ගායිකාවගේ නම කියයි.:)
හරියන්නෑ, මට ඔහොම සිංදුවක් මතක නෑ.. (හුහ්! මං සර්වඥ කියලා හිතුවද.?)
Deleteඑහෙනම් අර උඩ කියලා තියෙන්නේ මොන සිංදුව ගැනද?
Deleteසර්වතෝභද්‍රවත් නෙවෙයිද :)))
Deleteකෝ මේ දොඩන් අය්යා .දයා දන්නවද දන්නේ නැහැ
Deleteඇත්තටම දයා දන්නවා ඇති. කවුද දොඩන් අය්යා???
Deleteදොඩන් අයියා කියන්නෙ අපේ 'සිංදු කඩේ තිසා භයියා'.. උන්දෑ මේ දවස්සොල මිසින්.. :(
Deleteප්‍රේමයේ මුල් අදියර - කොත්මලේ කඩදොර කඳු පාමුලදී ඇය හිස තම උර මත හොවා ඔහු කියූ කවිය......
ReplyDeleteසෙනෙහස සොඳුර ඔබ වෙත පිදු හද සපිරි,
කඩදොර කඳුවැටිය සදිසිය නිල දැවටී,
නෙතුඅග රැඳෙන කඳුලක සිසිලස දැනුනි,
සසරක පැතුම හදවත ගැස්මෙක රැඳුනී,
මාගම අතැර ආයෙමි සිත් බිඳුනු නිසා,
පායන සඳ රැසින් ගනඳුර මැකුනු නියා,
පීදෙන ගොයම සේ නුඹ හසරැලින් දිනා,
පේමය විඳිමි නුඹ පිදු අන් කිසිත් එපා,
ප්‍රේමයක අවසානය? - රුවන්වැලි සෑය පෙනෙන තෙක් මානයේ මරණ මංචකයේ හිඳ හුදකලාව ඔහු කියූ කවිය -
උපතින් උරුම විය රට දැය රැකගන්ට,
ඉරණම නියම විය බැඳි පෙම ගිලිහෙන්ට,
සෙනෙහස එසඳ හඳ බැඳි නුඹ නමින් ලෙද,
කෙලෙසක මකා දමනෙම් මම් මා පියඹ,
දැය රැක ගැනුම මේ බවයෙදි උරුමය වී,
පෙම පුද කලෙමි ඒ වෙනුවෙන් සිත් තැවුලී,
මතු අත් බවේ නුඹ වෙනුවෙන් ඉපිද යලී,
සෙනෙහේ සපිරි වත ළඳ මම සිඹින්නෙමි.
ඈ ඔහුට දෙන්නට ඇත්තේ මේ වගේ උත්තරයක්ද...??
Deleteපිදුයෙන් සෙනෙහෙ එදවස මා හද ගුලි වී
නොතැවෙන් රජුනි නැත නුඹ හට පවු සිදු වී
නැතියෙන් බිඳක් මුත් ඒ සෙනෙහස අඩු වී
හමුවෙන් මතුත් යළි නුඹ මගෙ හිමි සඳ වී
රවිගෙන් කාලෙකට පස්සේ කවි ටිකක්. ලස්සන කවි. මට හිතුනේ අර පරණ වලව්වට ගොඩ වැදුනා වගේ. අපි ඒ කාලේ පහුකරගෙන ගොඩක් දුර ඇවිත්. ඒත් ඒ කාලේ හිතට දැනුනු අහිංසක සතුට, විනෝදය දැන් කොහේ ගිහින්ද කියලා තේරෙන්නේ නෑ. කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙලා. හැමදේම දිහා වපර ඇහැකින් බලන දුෂ්ට සමාජෙක අපි අද ඉන්නේ.
Deleteමට හිතයි ආපහු ඒ වලව්වට යන්ට.:)
බූරාගේ උත්තරෙත් ලස්සනයි.
@ Buratheno,
Deleteනෑ බං මට හිතෙන්නෙ මෙහෙම උත්තරයක් වෙන්න ඕනෙ දෙන්න ඇත්තෙ........කොහොම උනත් කොන්ද පණ තියෙන ලලනාවක් නම් මෙහෙම තමයි කියන්න ඕනෙ...හෙහ්, හෙහ්,
රට දැය සමය රැකුමට නුඹෙ උරුමෙ නිසා,
මගෙ හද කඳුලු පිසදා සමු දුනිමි එදා,
අද ලක රජුය වැජඹෙන රන් කිරුළ දරා,
සෙනෙහේ එදා බැඳි අමතක කලේ කිමා,
කොත්මල නිම්නයේ නුඹ වෙත බැඳි සෙනෙහේ,
පෙර අත් බවේ පැතුමක් මැකුණේ මෙලෙසේ,
දිය පිට ඇඳි ඉරකි මා වෙත පෑ ලීලේ,
නොපතමි නුඹේ සෙනෙහේ යලි මතු සසරේ,
You two bit slimy shit.......I hate you....Once I loved you with all my heart & even more...I let you go to fulfil your destiny hoping one day you would come back to me and we would be together forever ...and my solemn wish was non other than to spend with you every moment left for me in this samsara.....But you were so heartless selfish & cruel...you very conveniently forgot all about me....just like that...huh?
Rata jathiya eh?.....Grand mothers cloth....My only wish is never to see your face again until I die and even beyond......
@ Poddi
හෙහ්, හෙහ්, කාලය කියන්නෙ ගලායන ගඟක් බං...එකම තැනට දෙපාරක් බහින්ට බෑ....අපි කැමති උනත් නැති උනත් ඒක එහෙමයි....අනේ අප්පේ ඒ කාලෙ මෙහෙමයි කියල අතීතාවර්ජනයේ යෙදෙන එක තමයි කොරන්ට පුළුවන්....:) :)
Time is a flowing river going downstream constantly, you can never step in to the identical place again ever.
ලොව සසල කල, ස්ත්‍රී සිත් වසඟ කල, ආදරයෙන් ජන හිත් මන්මත් කල මේ වගේ පෙම් කතාවකට , රවි කියලා තියන දෙයක්!!!
Deleteදුකේ බෑ අප්පා....:(
//මට හිතයි ආපහු ඒ වලව්වට යන්ට.:)//
Deleteඒ කියන්නෙ අපි නැති වලවුවක්ද ? ඉහි ඉහි...
හිටහල්ලකො මම ඇනෝලට කියන්න.
different thinking Ravi..අමුලික ඇත්ත . and welcome back
Delete@තරු අය්යා,
Deleteඅපොයි නෑ. ඔයාලා ඔක්කොම ඉන්න වලව්වක් ගැන මම කතා කලේ.:)
@ Bindi,
DeleteThanks Bindi....yes, swimming upstream against the tide & thinking out of the box....my favourite pastimes ...heh, heh,
@රවි,
Deleteඋඹට අපිව මතකත් නැහැ වගේ නේද? කොහෙද උඹ මෙච්චර කල් ගිහින් හිටියෙ? (මම මේක මේ අහන්නෙ උඹෙන් දෙවෙනි වතාවට ).
@පොඩ්ඩි,
Deleteමම හිතුවෙ සින්නො ඉන්න ජුන්නො නැති වලවුවක් ගැන මේ කියන්නෙ කියල.
@ Tharu,
Deleteඅනේ මොකෝ මතක නැත්තෙ?....මතකයි..මතකයි...
දෙවෙනි වතාවට කියන්නෙ කලිනුත් මෙහෙම ඇහුවයි?....අඩේ දැක්කෙ නෑනෙ...සාතිශය කණගාටුව සමඟ සමාධිය භජනය කරන සේක්වා!!!
ගිහිල්ල හිටියෙ නම් ඔන් වැකේෂන් ටු ශ්‍රී ලංකා......මාසයක් විතර :)
නියමයි....
ReplyDeleteඉතිහාසෙනුත් අමතක කරලා දාපු කෙනෙක් ගැන ඔයා මෙහෙම ලියපු එක නම් වටිනවා. ලියපු විදියත් ලස්සනයි. කති ගැන දුක හිතෙන විදියට ලියලා.
ඉතිහාසේ අමතක කරලා දාපු කාන්තාවෝ බොහොමයි. විහාර මහා දේවී ගැන උනත්, (රටට මෙච්චර සේවයක් කරපු ) සඳහන් වෙලා තියෙන කරණු හොඳටම මදි.:)
DeleteKathee kiwwama msn baluwe kawuda kiyala. Habai adai danne ayawa e namin amathapu bawa. Nathnam Gamini ge birinda Kalumanika bawa danimi.
ReplyDeleteKathawa kiyawaddi duka hithuna. Gamini thamage bisawata (Kathee) ta kochchara aadarey karala thibunada kiyala?
Godak Honda lipiyak,
Oyage ratey hithawathie,.
මගේ රටේ හිතවතීට මේ විදියට ඇවිත් මාව උනන්දු කරවලා යනවට ගොඩක් ස්තූතියි. මමත් මුලින් ඔය විස්තර දැනගෙන හිටියේ නෑ. ආසාවට කියවලා දැන ගත්තට පස්සේ තමා ලියන්ට හිතුනේ.
DeleteReal Time Unicode Converter-UCSC-University of Colombo ගිහින්,
SinGlish(Phonetic)transliterated-Sinhala Unicode ගියා නම්
ඔයාට සිංහලෙන් ටයිප් කරන්ට පුලුවනි. ඒකත් වෙලා තියනවනම් කරලා බලන්ට.:)
මට එවන්නකො මම සිංහලෙන් ගහල එවන්න..:-)
Deleteකුමාරියෙක්ට උදවු කරන්න ලැබෙනවා කියන්නෙ ලේසි දෙයක්ද?
පුංචි කාලෙ බත් කවන්න කියන කතන්දර ගොන්නෙ ඔය කළු මැණිකාගේ කතාවත් තිබුන. ඔයා ලස්සනට ලියල අපි නොදන්න ඇගේ ජීවිතේ ගැන.
ReplyDeleteමට එයා ගැන ලියන්ට ආසා හිතුනා රෝස් කුමාරි. ගොඩක් වෙලාවට නොදන්න කතා ගැන තමයි අහන්ට ආසා හිතෙන්නේ.:)
Delete\\ඒ රජ කුමරියන්ගේ දෙමව්පියන්ට අපි වගකිවයුතු වෙනවා.\\
ReplyDeleteMy mind ran away to a conversation happened less than 24 hours ago. As my boss walked in to me I just raised eyebrows as whether there is any issue on the final minutes of office time. but, gently, her voice did flow like this.
"review date of our compliance policy was june 30th. We need to update it before anybody jump at us"
appointment to the compliance unit in Sri Lanka's biggest bank made me feel interesting than challenging.
In this cruel world compliance is more important than values... And it seems it was the case from the inception of the human society.
Hope my job isn't challenging as king Dutugemunu.....
ඉංගිරීසියෙන් ටයිප් කලාට සමා වෙන්න...
//Hope my job isn't challenging as king Dutugemunu.....//
DeleteI hope so too….:)
නැත්නම් අර ලස්සන අක්කාටයි, අර චූටි පැටව් දෙන්නාටයි යන කලදසාව මොකක්ද?:D
ලස්සනයි පොඩ්ඩි අක්කේ...ඔයා ලස්සනට ලියනවා..
ReplyDeleteපමා වුනා එන්ට..සමාව දෙන්ට බට්ටිට...
පමා උනාට සමාව ඉල්ලන්නේ මොකටද අනේ. ඔයා ආවානේ.
Deleteස්තූතියි බට්ටිට.:)
මෙන්න මං ආසම කතා පොඩ්ඩිගෙ.කතාවෙන් වගේම කමෙන්ට් වලිනුත් ගොඩක් දේවල් දැන ගත්තා.
ReplyDeleteපොඩි කාලේ ඉඳන් හිතේ ඇඳිලා තිබුනු රූපයක් තමා ඔය අකුරු කලේ. ඒක කලේ ආසාවෙන්. ඒකෙන් මොනා හරි ප්‍රයෝජනයක් උනා නම් සතුටුයි.:)
Delete"ගාමිණී..."
ReplyDeleteමාළිගා බරාඳයේ ගැඹුරු කල්පනාවක ගැලී ගමන් කරමින් සිටි ඔහු එක් වරම ආපසු හැරුණේය. ඇය ඔහු පසුපසින් එමින් සිටි බවක් දකිනු තබා බරාඳය දෙපස සිට ඔහුට ආචාර කළ මුර සෙබළුන්ට ප්‍රතිචාර දැක්වීමට තරම් හෝ ඔහු නිසි අවධානයකින් නොසිටි බව ඇයට වැටහුණි. උදෑසන රාජසභාවට පැමිණි මොහොතේද ඔහුගේ මුහුණේ දිස් වූ බැරෑරුම් කල්පනාකාරී බව, වේදනාකාරී බව ඔහුගේ මුහුණේ එවෙලේද දිස් විය.
"මෑණියනි!" ඔහු හිස නමා ඇයට ආචාර කළේය.
"නුඹ රාජසභාවෙන් පිට වූ මොහොතේ පටන් මා නුඹ පසුපසින් ආවා."
"මා දුටුවේ නැහැ මෑණියනි, සමාවන්න." ඇගේ දෑස් මගහරිමින් ඔහු තෙපළේය. "නමුත් කා අතේ හෝ පණිවිඩයක් එවුවානම් මා පැමිණෙනවානේ ඔබ හමුවීමට. ඇයි මේ ලෙසින් කරදර වුනේ?"
පිළිතුරු දීමට පෙර ඇය වඩාත් ඔහු වෙත ලං වූයේ අසළ සිටි මුර සෙබළුනට ඔවුන්ගේ කතාබහ නෑසෙන පරිද්දෙනි. "මට උවමනා වුනා නුඹව නිරීක්ෂණය කරන්නට."
ත්‍රිවිධ රත්නය හැරුණු කොට ඔහුගේ හිස බිමට නැඹුරු කරන්නට සමත් එකම සාධකය වූයේ හෙළයේ මහා වීර කාන්තාව වූ විහාර මහා දේවිය පමණි. නිරුත්තරව බිම බලා සිටිනා ඔහු දෙස මොහොතක් බලා සිටි ඇය බරාඳයෙන් නික්ම මලින්, දිය සීරාවෙන් ගැවසීගත් උයනට පිවිස එහි වූ ශෛලමය අසුනක් මත හිඳගත්තාය. සිය මෑණියන්ගේ නිහඬ ආඥා පිළිබඳව හොඳින් දැන සිටි ගාමිණීද ඈ වෙත පැමිණ ඒ අසළින් අසුන් ගත්තේය.
"නුඹේ සිත පෙළන යම් කරුණක් ඇති හැඩයි පුත ගාමිණී..." සුසුමක් හෙළා ගල් අසුනේ ඇන්දට බර දුන් ඔහු වේදනාවෙන් රැළි ගැන්වුනු සිය නළල පිරිමැද්දේය. "ඊයේ රාත්‍රිය පිළිබඳවද?" ඔහුගේ නිහඬතාවය හමුවේ ඇය යළිත් විමසුවාය. නළල පිරිමදිමින්ම දෑස් පියාගත් ඔහු සෙමින් හිස සැලුවේය. "ඔබ නොකළ යුතු කිසිවක් කළේ නෑ."
"නමුත් මා ඇගේ සිත බින්දා."
"කතී?"
ඔහු යළිත් හිස සැලුවේය. "මා ඇයට ද්‍රෝහී උනා."
"ඔබ මහරජ කෙනෙක්. ඈ එවන් දේ බලාපොරොත්තු විය යුතුයි."
"ඇයි ඔබ - " ගාමිණී මැඩගත් ආවේගයෙන් යුතුව කතා කළේය. "ඇයි මෑණියනි ඔබ මෙතරම් ඇයට අකමැති?"
පළමුව පුදුමයෙන් පිරී ගිය විහාර මහා දේවියගේ මුහුණ අනතුරුව මඳ සිනහවකින් එළිය විය. "ඇයි ඔබ හිතන්නේ මා ඇයට අකමැති බවක්?"
"එසේ නැතිනම් ඇයි ඇය මේ මාළිගාව තුළ හුදෙකලාව හිඳින්නේ? ඇයි මා හට ඈ සමග ඉන්නට - ඈ සමග පමණක් ඉන්නට ඉඩ නොදෙන්නේ? ඇයි ඊයේ රාත්‍රියේ මා අන් තැනැත්තියක වෙත පිටත් කර හැරියේ. මෑණියනි, ඔබ දන්නවා මා ඔබට කිසි විටෙක අකීකරු නොවෙනා බව. නමුත් ඒ හේතුව නිසා මගේ කතී මේ මාළිගාව තුළ තව තවත් අසරණ වෙනවානම් - " ඔහු කියන්නට ගිය දෙය නොකියා නතර කළේය.
ReplyDelete"මා ඔබට ඒ මොහොතේම පැවසුවා ඔබ ඔවුන් වෙත යා යුතු හේතුව. එසේම ඔබත් දන්නවා ඒ සියල්ල එසේ සිදුවන්නට හේතුව. ඔබ මේ හෙළ ද්වීපයේ මහ රජ. ඒ බව අමතක කරන්න එපා ගාමිණී."
"ඒ බව අමතක නොකර සිටින්නට මට මාගේ කතීව අමතක කරන්නට වෙනවානම් මට එය කළ නොහැකියි." ඔහු මුරණ්ඩු ස්වරයෙන් පැවසීය. "ඔටුන්න තිස්සට බාර දී මා ඈ කැටුව නැවතත් ඌරුපැලැස්සටම යනවා නැවත නො එන්නටම."
විහාර මහා දේවියගේ සිනහව පුළුල් විය. "ඌරුපැලැස්සේ ගම්වාසීන්ට ඔබ තව දුරටත් ගුත්තා නොවෙයි පුත, මහරජ ගාමිණී අභය."
"ඇයට සැපතක් නොලැබෙන මාළිගයක් තුළ මට විසිය නොහැකියි." අනතුරුව ඔහු කිසිවක් සිහිපත් වූ ලෙසින් කතා කළේය. "මා මාළිගයෙන් පිටමන්ව සිටි අවදියේදී මා සමග සිටියේ ඇයයි. ඇය ආදරය කළේ මහරජ කෙනෙකුට නොවෙයි, සාමාන්‍ය ගැමියෙකුට. ඇය ආදරය කළේ රාජ සම්පත් වලට නොවෙයි මට. ඇගේ අක්කණ්ඩිය පවා කාත් කවුරුවත් නැත්තෙකු ලෙසින් මා හෙළා දැක කතා කරද්දී මා සමග සිටියේ රන් මැණිකා පමණයි මෑණියනි, මගේ කතී පමණයි. මේ සිටිනා අනෙක් එක් කුමාරිකාවක් හෝ ආදරය කරන්නේ මේ රාජ සම්පත් වලට නොව, මා හට බව ඔබට නිසැකවම පැවසිය හැකිද මෑණියනි? පවසන්න මට." ඔහු ඉල්ලා සිටියේය.
විහාර මහා දේවිය සුසුමක් හෙලුවාය. අසුනේ අත්වාරුව මත වූ පුතුගේ වමත පිරිමදිමින් ඇය කතාකරන්නත පටන්ගත්තාය. "පුත ගාමිණී, ඔබේ සන්තාපය මට වැටහෙන්නේ නැතිව නොවේ. කතී ගැන ඇත්තෙන්ම මම ගැහැණියක්, බිරිඳක් විදිහට හොඳ පැහැදීමකින් ඉන්නේ. ඈ ගැන මගේ අකමැත්තක් නැහැ. ඔබ සාමාන්‍ය මිනිසෙකු වුනානම්, ඌරුපැලැස්සේ ගම ගෙදර ගුත්තා ලෙසින්ම සිටියානම් ඔබට කතීට වඩා හොඳ බිරිඳක් ලැබෙන්නේ නැහැ. ඇයයි සැම අතින්ම ඔබේ ගති පැවතුම් වලට, ඔබේ රුචි අරුචිකම් වලට, ඔබේ සිතුවිලි ආකල්ප වලට ගැලපෙන බිරිඳ. නමුත් පුත, ගුත්තා ලෙසින් ගත කළ ඒ ජීවිතය ඔබේ ගමනේ එක් සන්ධිස්ථානයක් පමණයි. ඔබට එතැන නැවතී සිටින්නට බැහැ. රජෙකු වශයෙන් වගකීම් සභාරයක් දරන්නටයි, යුතුකම් රාශියක් ඉටු කරන්නටයි ඔබ මගේ කුසින් එළිය දුටුවේ. මේ රට එක්සේසත් කරන, සබුද්ධ ශාසනය රැක ගන්න වගකීම තිබෙන්නේ ඔබේ අතේ මා ආදර පුතනුවණි."
"නමුත් දැන් එළාර කෙනෙකු නැති බැවින් මා තවත් කුමට ඒ ගැන වද වෙන්නද මෑණියනි?"
"සතළිස් වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් හෙලූ ඒ තර්ජනය ඔබ ඉවත් කළ බව සැබෑය ගාමිණී. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නැහැ, තර්ජනය ඉවත් කළා සේම එහි චිරස්ථිතිය උදෙසාද කටයුතු කළ යුතුයි.
"ඉදින් මහා ථූපය?"
"එවන් දෑ තව තවත් කළ යුතුයි. මහා ථූපය ගැන කී විට මට සිහිපත් වුනේ, පුත, තිස්සයන් පැවසුවා ඊයේ ඒ අසළදී නුඹලාට බාල වියේ මිතුරියක මුණ ගැසුණු වග?"
"එසේය මෑණියනි, උත්තරා මුණ ගැසුණා."
"නා රජුන්ගේ දියණිය?"
"එසේය. ථූපයට මුල් ගල් තැබූ පුවත අසා එය බලන්නට ආ බව පැවසුවා."
"ප්‍රවේශමෙන් ගාමිණී, ඈ අතිනත් ගත්තේ ඉතා දරුණු නාග රාජයෙකු සමග."
"ඈ සතුටු උනා මා හා තිස්ස දැකීමෙන්. මා කතීටත් ඈ ගැන පැවසුවා." ඔහුගේ මුහුණ නැවතත් අඳුරු විය. "මෑණියනි, මගේ රාජ්‍යත්වය සම්බන්ධයෙන් ඔබ පැවසූ සියල්ල නිවැරදියි. නමුත් ඇයි කතී මෙලෙසින් දුක් විඳිය යුත්තේ?"
"මෙහි හිඳීම ඇයට දුකක් නොවේ."
ReplyDelete"යුද්ධය පැවතුණ වසර ගණනාව පුරා මා හට ඇගෙන් ඈත්ව ඉන්නට සිදු වුනා. දැනුදු එලෙස හිඳින්නේ කෙසේද? මා හුදෙකලා වූ මොහොතේ මා සමග සිටි ඇයව මෙලෙස තනි කරන්න බැහැ මට."
"ගාමිණී, සම්බුද්ධ ශාසනයේ පැවැත්මට, අප ජාතියේ ආරක්ෂාවට නුඹ රාජ්‍යත්වයේ රැඳිය යුතුයි. නමුත් ඇය, ඌරුපැලැස්සේ ගුත්තාගේ බිරිඳ වන්නට සෑම අතින්ම සුදුසු ඇය, මහර ගාමිණී අභයගේ අග මෙහෙසිය වන්නට තරම් පින් කොට නැහැ." එම වදන් ගාමිණීගේ දෙසවනට යවුලකින් අනින්නාක් බඳු වේදනාවක් ගෙන ආවේය. ඔහුගේ හදවත පැලී යන තරම් වේදනාවකින් පෙලෙන්නට විය. විහාර මහා දේවිය තව දුරටත් කතා කළාය. "රජ පෙළපතකට අයත් නොවන ඇය නුඹේ අග මෙහෙසිය වීම සම්ප්‍රදායට පටහැනියි. එය රට දැය වෙනුවෙන් නුඹ කරන්නට සූදානම් වන මෙහෙයට බාධාවක්."
ගාමිණී වේදනාව පිරි දෑසින් සිය මව දෙස බලා සිටියේය. ඈ පවසන සෑම වදනක්ම සත්‍යය බව ඔහු දනියි. රට දැය වෙනුවෙන් තමා තුළ වූ වගකීම ඔහු හොඳ හැටි දනියි. රාජ්‍යත්වයේ කිරුළ, ඌරු පැලැස්සේ මහ ගොවි රාළගේ හිසේ බැඳි රෙදි කඩට වඩා බෙහෙවින් බරැති බව ඔහු දනියි.
"මා ඈ හා කතා කරන්නම්." මෑණියන්ගේ වදන් පෙළින් ඔහුගේ සිතුවිලි දැහැන බිඳ වැටුනි. "එපා," ඔහු එක්වරම කීවේය. සිය මෑණියන්ගේ වදන් අසරණියගේ සිත තවත් පාරවනු ඇතැයි ඔහුට සිතුණි. ඔහුගේ සිතැඟි වටහාගත් විහාර මහා දේවිය යළිත් සිනාසුණාය. "බිය වන්නට හේතුවක් නැහැ ගාමිණී, මා ඇගේ සිත රිදවන්නේ නැහැ. ඇය බුද්ධිමත්. ඈ මෙය තේරුම් ගනීවි."
"නැහැ," ඔහු තොල් මැතිරුවේය.
"ඔබත් පැමිණෙන්න මා සමග. ඔබ දෙදෙනාටම පවසන්නට යමක් තිබෙනවා." විහාර මහා දේවිය නැගී සිටියාය. ගාමිණීද ඈ අනුව නැගිට කතී සොයා යහන් ගැබ වෙත ඈ සමග පිය මැන්නේය. පෙරදින රාත්‍රියේ සිය මෑණියන්ට කීකරුව කතීගෙන් සමුගෙන නික්ම ගිය මොහොතේ පටන් මෙතෙක් ඔහු ඈ හමුවට ගියේ නැත. ඔහුගේ සිත පසුතැවිල්ලෙන් පිරී තිබුණි. වරදකාරී හැඟීමෙන් යුතුව එතෙක් ඈ හමුවට නොගොස් සිටියද ඈ තමා දැකගැනීමේ උවමනාවෙන් යුතුව සන්තාපයෙන් පසු වනු ඇති බව ඔහුට එක්වරම සිහිපත් විය. ඔහුට තමා අසළින් පැමිණෙන මෑණියන් අමතක විය. ඉක්මන් ගමණින් යහන් ගැබ වෙත ඇවිද ගිය ඔහු කුටිය සිසාරා දෙනෙත් යැව්වේය.
ඇය කවුළුව අසළ සිටගෙන සිටියාය. එදා මෙන්ම සුන්දර, අවිහිංසක ඇය. "කතී..." ඔහුගේ හදවතේ වූ වේදනාව කටහඬට මුසුව ඈ ආමන්ත්‍රනය කළේය. එම ඇමතුම ඇසෙන්නටත් පෙරම ඈ හැරුණේ ඔහුගේ පා හඬ ඇසීමෙනි. අන් රාජකීය ලඳුනට මෙන් ඈ අසළ පරිවාර කාන්තාවන් නොවීය. විසල් මාළිගාව තුළ ඈ සිටියේ හුදෙකලාවමය. නිදි වර්ජිතව හඬමින් ගෙවූ රැයක ලකුණු ඇගේ මුහුණේ විය. ඉක්මන් ගමණින් ඈ වෙත පැමිණි ගාමිණී ඈ තුරුළු කරගත්තේය. "කතී... ඔබ ලඟට නැවත එන්නට මේ තරම් ප්‍රමාද උනාට සමාවෙන්න. මට උදෑසනින්ම රාජ සභාවට යන්නට වුනා. ඊයෙ රාත්‍රියේ - ඊයෙ රාත්‍රියේ ඔබ වෙතින් යන්නට සිදු උනා මගේ මෑණියන්ට කීකරු විය යුතු නිසා. නමුත් මා අදිටන් කරගෙන සිටියේ ඔබට ද්‍රෝහී වන යමක් කරන්නේ නැති බවට. නමුත් - නමුත් කතී -- මට ඔබට බොරු කියන්නට බැහැ... මාදිනී හමුවේ මගේ පාලනය ගිලිහී ගියා. මට සමා-" කතී සියතින් ඔහුගේ මුව වැසුවාය. සසල වූ හදවත නිසල කර ගැනීමට මොහොතක් බිම බලාගත් ඇය කඳුළු පනින්නට නොදී වළක්වාගත් දෑස් ඔහු වෙත නැවතත් යොමු කරමින් ආයාසයෙන් මඳ සිනහවක් මුව'ගට නගාගත්තාය. "ඔබ මේ රටේ මහ රජු." ඇගේ සිත අතීතයට දිව ගියේය.
"අයියණ්ඩි, ආං බලන්ට ගිරා රෑනක් කුඹුරට පාත් වෙනවා." "නියර දිගේ ඔහොම දුවන්ට එපා මෝඩියෙ, කකුල ලිස්සලා වැටෙයි! මඩ නාගෙන තමයි පොළේ යට වෙන්නෙ!"
එදවස් කෙතරම් සොඳුරුද, සැහැල්ලුද. නමුත් දැන්? දැන් ඔහු මේ රටේ මහ රජු. තමා ඌරුපැලැස්සේ මහගමරාළගේ දුව කතී. තවමත්. ඈ කිසි දින රජසැප පැතුවේ නැත. සිය උකුලේ හිස තබා නිදා සිටි පෙම්බරයා රටේ මහ රජු ලෙසින් කිරුළු පලඳින්නට යන වග ඇසී ඈ සිහිසුන්ව වැටුනේ එබැවිනි.
සෑහෙන්න පමා වෙලා වගේ....
ReplyDeleteඇත්තටම කතාව කියෙව්වම මොනා කියන්නද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ.හිමින් සැරේ කොමෙන්ට් කියෙව්වමම නොදන්නා බොහෝ දේ දැනගත්තා....
මොනව උනත් රජෙක්ගේ බිරිඳක් වෙනවා කියන එකනම් අමුම අමු කරුමයක් වගේ කියලා තමා මට එදා ඉඳන්ම හිතුනේ...
මතකද මේ ෆිල්ම් එක anna and the king
සියමේ රජ කෙනෙක් පිළිබඳ කතාවක්.වෙනත් තරුණයෙක්ට ආදරය කරපු සුරූපි තරුණියක්ව බලෙන් රජ ගෙදරට අරගෙන ඇවිත් තමන්ගේ බිසවක් කරගන්න එක කොයිතරම් නම් කැත වැඩක්ද... එහෙම අතුරු කකාවක් ඒ ෆිල්ම් එකෙත් තිබුනා.
එක අතකට මේ කතාව මතුකරපු එකත් හොඳයි.මොකද අද ලංකාවේ හිටියනම් අහන්න ලැබෙන්නේ කොහේ හරි ඉන්න මන්තිරියෙක් ගෙදරකට පැනලා ගෙදර ඉන්න බාලවයස් දැරියක්ව පැහැරගෙන ගිහින් දවස් ගනන් අතවර කරපු සිද්ධි...
තව ටික කාලයක් යද්දි ලංකාවේ දේශපාලුවෝ ටික සුරූපි තරුණියෝ සේරම තමන්ගේ ආසාවන් සංසිඳුවන්න බලහත්කාරෙන් තියාගත්තොත් පුදුම වෙන්න දෙයක් නෑ.හොරෙන් හොරෙන් වුනත් එහෙම වෙනවා ඇති අදටත්....
හැබැයි මෙතනත් ලාවට වගේ මම දෙයක් දැක්කා...
//ඒ රජ කුමරියන්ගේ දෙමව්පියන්ට අපි වගකිවයුතු වෙනවා. 'වහාම ඔවුන් කරා යෑමට සූදානම් වෙන්ට//
අම්මා නෙමේ දෙයියෙක් ඇවිත් කිව්වත් තමන් ආදරේ කරන කෙල්ලව අමතක කරලා වෙන කෙනෙක් ලඟට යනවනම් ඌ ඇත්ත ආදරවන්තයෙක් නෙමෙයි.කවුරු කිව්වත් තමන්ගේ මතය ක්‍රියාත්මක කරන්න කොන්ද පනක් තියෙන්න ඕනේ රජෙක්ට.රජෙක් නොවුනත් පිරිමියෙක්ට ඒ හැකියාව තියෙන්න ඕනේ...
හැබැයි ඉතින් අමතක කරන්න බෑ මේ කතාවත්.ගැහැණු හිටිය අන්තපුර පිරිමි රජවරු ඉද්දි තිබුනා වගේම ගැහැණු රජවරු ඉද්දි පිරිමියෝ පිරුණු අන්තපුරත් තිබුනනේ... මතක හැටියට නම් අනුලා බිසවට තමා හිටියේ...
"කතී, මා වැඩි වෙලා ඈ ලඟ රැඳුනෙ නෑ. ඉතිරි මුළු රැයම මම ගත කළේ විහාර මන්දිරයේ. මට නැවත ඔබ ලඟට එන්නට හිත එකඟ කරගන්නට බැරි උනා."
ReplyDeleteඇය නැවතත් සිනහවක් මුහුණේ පැලැඳගත්තාය. "ඔබ වරදක් කළේ නෑ." කොත්මලේ සිටියදී ඔහු වරක් පන්සලේ හමු වූ තරුණියක හා සිනාසුණු දිනෙක තමා ඔහු හා අමනාප වී සිටි අයුරු ඇයට සිහිපත් විය. "එන්න එහෙම එපා ලඟට! අර හිනාවෙච්ච එකීවම ගෙහුං බැඳගන්න එකයි ඇත්තේ!"
එම මොහොතේ විහාර මහා දේවිය ඔවුන්ගේ යහන් ගැබට පිවිසියාය. ගාමිණීත් කතීත් වහා ඉදිරියට පැමිණ ඇගේ දෙපා නැමැද අසුන් පැනැවූහ. "මෑණියනි, සමාවන්න, මට ඉක්මණින්ම කතී දැකගන්නට උවමනා වූ නිසා ඔබ එන තෙක් රැඳුනේ නෑ." ගාමිණී කියා සිටියාය.
"මා පැවසූ දෑ ගැන ඔබ ඇයට කීවාද?"
"තවම නැහැ."
"හ්ම්, ඉඳගන්න." ඇය දෙදෙනා දෙසම බලා කීවාය.
ගාමිණී සිය මව අසළින් අසුන් ගත් අතර, පහත් අසුනක් අසළක නොවූයෙන් කතී බිම වාඩි වූවාය. "කතී, මෙහෙන් වාඩි වෙන්න," ගාමිණී තමා අසළින් වූ හිස් අසුන පෑවේය, "මේ රාජ සභාව නෙවෙයි."
"මෙතැන පහසුයි රජතුමනි," කතී හිස බිමට යොමාගෙන පිළිතුරු දුන්නාය.
ගාමිණීද නැගිට ඈ සමග බිම වාඩි වන්නට සූදානම් වුවද "ගාමිණී!" යනුවෙන් ඇසුණු මෑණියන්ගේ අවධාරණාත්මක ඇමතුම හේතුවෙන් නතර විය. "මෑණියනි, මම මගේ පියාණන්ටනම් බොහෝ වර අකීකරු වී තිබෙනවා. නමුත් මා ඔබට අකීකරු වීමට කැමති නෑ. මා වෙනුවෙන් මෙතරම් කැපවීමක් කරන කතී වෙනුවෙන් මේ සුළු දෙය කරන්නට මට ඉඩ දෙන්න," ඔහු ඉල්ලා සිටියේය. මෑණියන්ගේ නිහඬ බව හමුවේ ගාමිණී කතී අසළින් බිම හිඳගත් පසු විහාර මහා දේවිය කටහඬ අවදි කළාය.
"ගාමිණී මගේ කුස තුළ පිළිසිඳගන්නට පෙර මා බැහැදකින්නට ගියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේ සංසාර ගමන කෙටි කරගැනීමේ පූර්ණ අධිෂ්ඨානයකින් පසු වූයේ. නමුත්, මා උන්වහන්සේට ආරාධනා කළා කළු්‍රිය කිරීමෙන් පසුව මගේ පුතු ලෙස ඉපදෙන්නට. මේ රට ජාතිය වෙනුවෙන්. උන්වහන්සේගේ ගමන මඳකට කල් දමන මෙන්. ඒ ගමන් මග මතු පරම්පරාව වෙනුවෙන් රැකගත යුතු හේතුව නිසාවෙන්. දෙතුන් වරක් ඇයැදීමෙන් පසුව උන්වහන්සේ ආරාධනය පිළිගත්තා." ඇය ගාමිණී වෙත හිස හැරවූවාය. "ඒ ඔබයි ගාමිණී."
විස්මයෙන් දෑස් අයාගත් කතී ගාමිණී දෙසට හැරී දොහොත් මුදුන් දී වැන්දාය. තමා පිළිබඳව මෙතෙක් නො අසා තිබූ කතාන්දරය ඔහුද අසා සිටියේ පුදුමයෙනි.
"ඔබ ගාමිණී අභය ලෙසින් මගේ කුසේ පිළිසිඳගත්තේ යම් අරමුණකින් පුත. එයට පරිභාහිර යමක් සිදු වුවහොත් ඔබේ ගමනට එය බාධාවක් වනවා සේම, එම ගමන් මගෙන් ඉවතට ඔබව ඇදගත් මමද මහා පවුකාරියක වනු ඇති." ඒ අසා සිටි කතීගේ දෑසින් සට සට ගා කඳුළු කඩා හැලෙන්නට විය. "ඔබට මා පවසන්න වැටහෙනවා නොවෙද කතී?" ඒ දුටු විහාර මහා දේවිය ඇසුවාය.
"එසේය දේවීන් වහන්ස. මා එතුමන්ගේ ගමනට බාධාවක් වන්නේ නැහැ. එසේ වුවහොත් ඒ පව මට කිසිදා ගෙවා නිම කරන්නට නොහැකි වේවි."
ReplyDelete"කතී..." ඔහු වේදනාබර හඬින් ඈ ඇමතුවේය.
ඇය කඳුළු සලමින්ම ඔහු වෙත හැරුණාය. "ඔබතුමන්ගේ ගමන ඔබතුමන් යා යුතුයි. ඔබතුමන් රාජ්‍යත්වයට, සිහසුනට, කිරුළට සුදුසු දෑ කළ යුතුයි. නුසුදුසු දැයින් අත්මිදිය යුතුයි." අනතුරුව ඇය ඔහු දෙස බලා සිනහවක් පෑවාය. "මා ගැන දුක් වන්න එපා. ඔබතුමන්ගේ ගමනට බාධාවක් නොවී හිඳිනා පිනෙන් මටද මේ සසරින් එතෙර වීමට ඉඩ ලැබේවා කියලා මම පතන්නම්."
"කතී..." ගාමිණී කතා කළේ අපහසුවෙනි. විහාර මහා දේවියගේ මුහුණද අනුකම්පාවෙන් හා සෙනෙහසින් පිරී තිබුණි. "ඔබට ගෙදර යන්නට උවමනාද? ආපසු? ඌරු පැලැස්සට?" ගාමිණි ඇසුවේ මාළිගය තුල හුදෙකලා වීමට වඩා ඇයට එය සැනසීමක් වනු ඇතැයි සිතාය. නමුත් ඇගේ කඳුළු සැලීම එක් වරම වැලපීමකට පෙරලුනි. නොදැනුවත්වම ඇගේ දෑත් ඇගේ උදරය වටා වෙලී ගියේය. ගාමිණී සිය මවගේ මුහුණ දෙසද, ඇය සිය පුතුගේ මුහුණ දෙසද බැලුවෝය. "කතී..." ගාමිණී සෙමින් ඇගේ දෙවුරින් අල්වා තමා වෙත හරවාගත්තේය. ඔහුගේ අත අල්ලාගත් ඇය එය රැගෙන තම උදරය මතින් තබාගන්නා අතරේ ඉකි ගසමින් වැළපෙන්නට විය. ගාමිණීගේ දෑස් විසල් විය. ඔහු සිය මෑණියන්ගේ මුහුණ දෙස බැලුවේය. අනතුරුව යළිත් කතී දෙස බැලුවේය. "ඇයි මට කිව්වෙ නැත්තෙ?" ඔහු මෘදු හඬින් ඇසුවේය.
කාරුණික සිනහවකින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි විහාර මහා දේවිය නැගී සිටියාය. "කමක් නැහැ. අපි මේ ගැන වෙන වෙලාවක කතාබස් කරමු එහෙමනම්." ඇය ඔවුන්ගේ යහන් ගැබෙන් නික්ම ගියාය.
ගාමිණී කතීව නැගිටුවාගත්තේය. "මාව ගමේ යවන්ට එපා - මට ඔබතුමන්ගේ මෙහෙකාරියක් වෙලා හරි ඔබතුමා ලඟම ඉන්ට දෙන්ට..." ඇය ඉකි ගසමින් හඬා වැටුනාය.
"මොනවද මේ කියන්නේ? කතී... මා දිහා බලන්න..." ඔහු ඇගේ නිකටින් අල්ලා මුහුණ තමා වෙත හරවාගත්තාය. "නගා මුළින්ම කැමති දුවෙකුටද පුතෙකුටද?"
ඇගේ දෑස් විසල් විය. ඌරු පැලැස්ස ගම්මානයේදී පෙම් බැඳි ඒ තරුණයා අද රටක් දිනූ රජ කෙනෙකි. එහෙත් ඔහු තුළ සිටි තම ආදරවන්තයා තවමත් එලෙසමය. එහෙත් ඔහු වෙනුවෙන් තමා තුළ ඇති වගකීම ඇයට සිහිපත් විය. "මේ විහිළු කරන්ට වෙලාවක් නෙවෙයි. මව් දේවීන් වහන්සේ කීව දේවල් අහන්න ඕනෙ."
"ඒත් ඒවා මගෙ කතීට දරාගන්න අමාරු වෙයි."
"මං ඉවසන්නම්. සතුටින් ඒවා දරාගන්නම්. ඔබතුමා වෙනුවෙන්, අපි වෙනුවෙන්, මේ දරු පැටියා වෙනුවෙන්." ඇය මහත් සෙනෙහසින් සිය උදරය මතින් අත තබාගත්තාය. මේ භවයේදී මට ඔබවහන්සේගේ සෙවණේ ඉන්ට දෙන්ට. ඒ ඇති. ඊලඟ භවයෙදි අපිට අපේම විතරක් වෙන්ට පුළුවන් වේවි."
ගාමිණී ඈ දෙස බලා සිටියාය. එම අපරිමිත සෙනෙහස හමුවේ තමා කිනම් රජෙකුදැයි ඔහුට සිතුණි. ඔහු ඇගේ නළලත සිපගත්තේය. "දැන් දෙන්න මං අහපු එකට උත්තරේ."
ඇය ඔහු දෙස හිස ඔසවා බැලුවාය. යළිත් බිම බලාගත්තාය. "මට ඕනෙ අයියණ්ඩි වගේ පුතෙක්." ඌරු පැලැස්සේ ගුත්තාට පෙම් බැඳි කතී පිළිතුරු දුන්නාය.
Mey vidiyatama, kathawa mula indanma liyanna barida? Nodanna dewal godak Dana ganna puluwan.
Delete@සිත්තමී,
Deleteහරිම අපූරු සටහනක්!!! මට නම් විස්තර කරන්ට වචනත් නෑ ඔන්න. එච්චරටම ලස්සනයි.
කතීගේ චරිතය මවලා තියන විදියට හරිම ආදරේ හිතෙනවා. නීතා කියනවා වගේ ඇස් වලට කඳුලු ඉනුවා අන්තිමට. ආදරයක් වෙනුවෙන් ගැහැනියකට මොන තරම් කැපකිරීම් සිදු කරන්ට වෙනවද? ආදරේ කියන්නේ කොයිතරම් විශ්මිත දෙයක්ද කියලා මේ තාම කල්පනා කරනවා...:)
=========
ReplyDeleteයාළුවනේ, මම අහලා තියෙන්නේ ගැමුණු කුමාරයා එක්ක කොත්මලේදී හාද උනේ රන් මැණිකා කියලා. එයාගෙ අක්කා කළු මැණිකා කාත් කවුරුවත් නැති කෙනෙක් කියලා ගුත්තාට එහෙමත් නැත්ත්තං හිද්දලයාට පරිභව කරද්දි රන් මැණිකා තමයි ගුත්තාගේ හිත හදලා තියෙන්නේ. 'මහරජ ගැමුණු' පොතේ තියෙන්නෙත් ඒ විදිහට. ඒ පොතට අනූව කතී කියන්නෙ රන් මැණිකාගේ හැබෑ නම. රන් මැණිකා, කළු මැනිකා කියන්නේ ගමේ මිනිස්සු එයාලට කතා කරපු විදිහ.
පොඩ්ඩි අක්කගෙ මේ ලස්සන ලියමන කියෙව්වහම මට කොච්චර වැඩ තිබ්බත් මේක නොලියා බැරි උනා. කතීගේ රජ වාසල ජීවිතය ගැන අක්කා මේ කියනකල් මම වැඩි දෙයක් දැනගෙන හිටියේ නෑ. ගොඩක් ස්තූතියි අපිව ඒ ගැන දැනුවත් කළාට. වටින කමෙන්ට් වලිනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේ මට මේ ගැන හම්බ උනු පුවත්පත් ලිපියක්.
නීතා අක්කේ, ඔයාගේ කතාව හරිම ලස්සනයි. සමාවෙන්න ඔයාගේ කතාව ලඟින් නැතුව මෙහෙම මෙතන ඒ ගැන අදහස කියනවට. කමෙන්ට් ඔක්කොම කියෙව්වේ මේල් එකෙන්. වළව්වට ගොඩ වෙන්නේ මේ හරිම හදිසියකින්, ඒකයි. පොඩ්ඩි අක්කාගේ ලියමනකට ඔයා එකතු කරපු හොඳම කතාව. ඒ අවසානයට මමත් කැමතියි. තව ඉස්සරහට ඔහොම ඒවා තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙන්න ඕනේ.
@සිතු,
Deleteමේ ඇවිත් ඉන්නෙ , ඔයා විතරයි අඩුවට හිටියේ.
ආයෙ ලියන්න දෙයක් නැහැ සුපිරි...
සමහරුන්ට නම් හොඳයි කියලා කීවට සද්දයක් වත් නැහැනෙ..
සමාවෙන්න සමාවෙන්න, ස්තූතියි බොහොමත්ම කතාව අගය කලාට , ඒත් ඒක කියන්න පමාඋනානේ :)
Delete@ සිත්තමී,
ReplyDeleteමගේ කතාව ලස්සනයි කියල දැනුන එක ගැන සතුටුයි, ඒත් ඔයාගේ කතාව කියවනකොට මගේ ඇස් වලට කඳුලු ආවා. හරිම තාත්වික විදිහට ලියල තියෙනවා.මේ ඇත්තමයි ,ඔන්න බොරුවක් එහෙම නෙවෙයි.මාලිගාවක හෝ පැල්පත හෝ වෙසෙන ගැහැණු හිතකට ආදරය අහිමිවේවි කියල හිතෙනකොට දැනෙන දුක වේදනාව කොයිතරම්ද?
පොඩ්ඩ් ගේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .. යම් තරමකට දැනගෙන හිටියට ඔයතරම් විස්තර දැනගත්තේ මේකෙන්..
ReplyDeleteගොඩාක් ස්තූතියි ඇවිත් හැමදාම වගේ කියවනවට. ඔයාලා කියවනවා කියලා දන්න හන්දා තමා ලියන්ට හිතෙන්නේ.:)
Delete