ඔය මාතෘකාව සමච්චලයට ලක් කෙලේ ලංකාවෙන්
ටික කාලෙකට ඇවිත් හිටපු අපේ සිංහල
යාලුවෙක්. රාත්‍රී ආහාර ගනිමින්
හිටපු අප අතුරින්, මගේ යෙහෙලියන්
කීපදෙනෙක්ම ඔහු හා වාද කලත්, ඔහු
පැවසූ වදන් කීපයක් මගේ හිතේ තදින්ම
වැදුනා.
'මගේ අම්මා ගැමි
ගැහැනියක්. එයාගේ සතුට තමා ලමයින්ව හරියට හදන එක. එයාලව බලාකියා ගන්න එක. අපි
කොච්චර එපා කීවත්, වැඩට කවුරු හරි ගෙනත්
දුන්නත්, අම්මා උදේම නැගිටලා අපේ කෑම හදනවා. බත්
මුල් බඳිනවා. අපි යනකල්, එනකල් මග
බලා ඉන්නවා. අපි කාලා ඉවර වෙනකල් අපි කොච්චර කීවත් එයා කන්නේ නෑ. අපි නිදන්ට ගියාට
පස්සේ එයා නිදන්නේ. අපි හැමදාම උදේ නැගිටිනකොට එයා නැගිටලා. තමන්ගේ
පවුල, ගෙදර බලාගන්න එක තමා එයාගේ විමුක්තිය.
ඒකත් එක අතකට කාන්තා විමුක්තියක්ම නේද?’
‘ලොකු ගෙදරක, අතට පයට
වැඩකාරයෝ තියාගෙන, පුටුවක් උඩ
වාඩිවෙලා පත්තරයක් කියවන්ට හරි, දවස පුරා
ටීවී බලන්ට හරි කීවොත් හරි අපේ අම්මා බලයි මේ විකාරේ මොකක්ද කියලා. එයා හැදිලා
තියෙන්නේ අපේ දේ අපිම කරගන්ට ඕනි කියන පරිසරයක. නිකන් ඉඳලා එයාට පුරුද්දක් නෑ. ඔය
ලෝකේ පුරා ගෑනු කෑගහන 'කාන්තා
විමුක්තිය' ගැන එයාට කීවොත්
එයා හිනාවෙයි. 'අනේ පුතේ අද කාලේ
අයගේ විකාර' කියලත් කියයි.’
මගේ හිතට ආවේ 'ඒ කතාවත්
ඇත්ත නේද?' කියන එක.
'එකමත් එක කාලයක, ඈතම ඈත රටක
හිටියලු ආදරවන්තයෝ දෙන්නෙක්. මෙයාලගේ ආදරේ කොච්චර ලස්සනද කීවොත්, දෙන්නා
එකිනෙකාට කොච්චර ආදරේ කලාද කීවොත්, එයාලා
පහුකරගෙන යන තැන්වල ඉන්න හැමෝම, තමන්ගේ වැඩ
නතර කරලා එයාලා දිහා බලන් ඉන්නවලු. තමන්ගේ සැමියන් එක්ක වාද කරමින් ඉන්න ගෑනු
උදවිය හදිසියේම එයාලා වාද කලේ මොකටද කියලා අමතක වෙනවලු. පුංචි ගෑනු ලමයින්ගේ
කොන්ඩවල මකුලු පැටව් දාන්ට තැත් කරමින් හිටපු පුංචි පිරිමි ලමයි ඒ වෙනුවට එයාලගෙන්
හාදුවක් ගන්නවලු. සිත්තරුන් වැලපුනාලු ඒ ආදරේ සිත්තමකට නගන්ට බැරි එක ගැන. අහසේ
දේදුනු පෑව්වලු කිසිදාක පායපු නැති විදියට. ' මේ Samantha Van
Leer ගේ ‘Between the Lines’ කියන පොතෙන් කොටසක්. මේ කතාවේ ඉන්න
ආදරවන්තිය මම නම් එයාට වෙන විමුක්තියක් අවශ්‍ය වෙන්නේ නෑ කියලා තමයි කතාව කියවගෙන
යනකොට මට නම් හිතුනේ.
කතාවට අර සම්බෝලයි බතුයි කාලා කියමු
කියන්නෙත් මේ වගේ ආදර කතාවල වෙන්ට ඇති නේද? බලපු බලපු තැන්වල මල් පිපිලා පේන්නේ, වටපිටාවේ වර්ණ
වැඩියෙන් දකින්ට ලැබෙන්නේ, සමනල්ලු
ඇඟෙ හැපීගෙන යන්නේ, සුළඟේ පවා
මල් සුවඳ දැනෙනේ ඒ වගේ ආදරයක් හිතේ තියෙනකොට. ඒ වෙලාවකදී ගැහැනියෙකුට කාන්තා
විමුක්තියක් මතක් වෙයිද? (පොඩ්ඩිට
නම් ඔය එක විමුක්තියක්වත් මතක් වෙන එකක් නෑ, එයා හදන පොල් සම්බෝලයි, බතුයි කාලා , එයාගේ පුලුල් උරතලේ
මූණ හොවාගන ඉන්ට පුලුවන් නම්.)
ගෑනු කියන අය පිරිමි වගේ නෙමෙයි. අපි මොනවා
කීවත් සමාජයේ වැඩියෙන්ම ගැරහුම් ලබන්නේ ගැහැනිය. මානසිකව දුක්
විඳින්නේ ගැහැනිය.
මේ කියන ගැහැනිය මට හමු උනේ සාදයකදී. එයා
හිටියේ තනියම යම් බීමක් තොල ගාමින්. 'ඔය ඉන්නේ
අර ලඟදි ඩිවෝස් උනු අර අහවලා'
මගේ ලඟ හිටපු ගැහැනියක් කීවා. මම ආපහු අර
ගැහැනිය දිහා බැලුවා. එයාගේ මූනේ තිබුනේ විඩාපත් පෙනුමක්. එයා කවුරුත් දිහා බැලුවේ
නෑ. මට ඒ තැනැත්තිය වෙත යන්ට හිතුනේ ඉබේටම. 'ඇයි ඔයා මා ලඟට ආවේ. ගෑනු උදවිය මා එක්ක
කතා කරන්ට බයයි. මම එයාලගේ
මහත්තුරු, ආදරවන්තයෝ
හොරකම් කරයි කියලා. ' ඈ මට දිග
කතාවක් කීවා. 'දික්කසාද
වෙන ගෑනු දිහා මිනිස්සු බලන්නේ වපර ඇහැකින්. ගෑනියෙක් හරි හේතුවක් හන්දා
මිනිහෙක්ගෙන් වෙන් උනත්, එයා නරක
ගෑනියෙක්. සමාජයේ කවුරුත් එයා පිලිගන්ට කැමති නෑ. එයා දිහා බලන්නේ ඕනෑම වැරදි
වැඩකට ලෑස්ති, ගෑනියෙක්
දිහා බලන්නා වගේ. ගෑනු මේ වෙලාවලදි හරිම කෲරයි. ඒත් දික්කසාද උනු පිරිමි දිහා ගෑනු
බලන්නේ හරිම දුකෙන්. එයාට කෑම වේලක්
හදලා දෙන්ට, එයාට තව
කවුරු හරි හොයලා දෙන්ට ගෑනු උදවිය පොරකනවා.' ඇගේ කතාව දිහා බැලුවම ඒ වගේ අයට වැඩියම
නොසලකා හරින්නේ ගෑනු උදවියමයි. පිරිමි අනුකම්පාව පෙන්නලා එන්නේ එක දේකට. 'කඩවල මුදලාලිලා බඩු
නිකං දෙන්ට හදනවා. ගෙදරටම ගෙනත් දාන්ට හදනවා. ඔයා මේවා තේරුම් ගන්ට පොඩි වැඩී...' ඒ එයා කීව කතාව. මේ
කාන්තාවන් ඇත්තටම විමුක්තියක් ලබන්ට
ඕනේ අර විදියට එයාව කොන් කරන ගෑනුන්ගෙද?
අවස්තාවෙන් ප්‍රයෝජන ගන්ට එන
පිරිමින්ගෙන්ද?
තාමත් ඉන්දියාවේ සමහර පලාත්වල 'සති පූජාව' කියලා දෙයක්
තියනවා. ස්වාමියා මිය ගියාම බිරිය එයාගේ දර සෑයට පැනලා මිය යන. එහෙම අකැමති අයව
බලෙන් මේ සෑයට තල්ලු කරන අවස්තාවලුත් තියෙනවලු. අපේ කාන්තාවන්ට වඩා මේ ඉන්දීය
කාන්තාවෝ එයාලගේ සම්ප්‍රදායන් නිසා දුක් විඳින අය. මේ වගේ වැන්දඹු කාන්තාවන් ගනන්
ගන්නේ මූසල අය විදියට ගමනක් යනකොට මුණ ගැහෙනවට කවුරුත් කැමති නෑ. සමාජයෙන් කොන්
වෙනවා ඉබේටම.
ඉන්දියාවේ මෙවැනි කාන්තාවන් වාසය කරන
වෙනම ස්තාන පවා තිබෙනවා. සමහර ගෑනු ලමයි කුඩා කාලෙදිම වයසක මිනිසුන්ට විවාහ කරදීම
හන්දා මේ මිනිස්සු හදිසියේ මියගියාමත්,
විඳවන්නේ අර කුඩා ගෑනු ලමයි. මේ වගේ ගැහැනුන්ට
පිරිමියෙක් අනුකම්පා කලත්, ගෑනියෙක්
නම් ලේසියෙන් අනුකම්පා කරන්නේ නෑ.
මෙයාලගේ විමුක්තිය තියෙන්නේ කොහේද? අර සමාජෙන් කොන්
කරන ගෑනුන්ගෙන්, පිරිමින්ගෙන්
ගැලවීමද? නැත්නම්
කාන්තාවන් මෙවන් විපතට පත් කරලා තියන සම්ප්‍රදායික බැඳුම්වලින්ද? එහෙමත් නැත්නම්
මුලු මිනිස් සංහතියෙන්මද?
ඒ වගේම තමා, තමන්ට අමාරුවක්
හන්දා හදිසියේ කෑම වේලක් පිලියෙල කරන්ට බැරි උන හන්දා ගෙදර ඇවිත් බිරිඳට ගහන, වෙනත් ගැහැනුන් සමග
තමාගේ බිරිඳට පෙනෙන්නටම සම්බන්ධතා පවත්වන, දාසියන් වගේ උදේ හවහා වැඩ කරන තමන්ගේ භාර්යාවන්
කිසිදාක අගය නොකරන, බිරිඳ උපයන
මුදලින් මත්පැන් බී දරුවන්ට ගුටි බැට දෙන, අලස ලෙස පුටුවල වැතිරී දවස පුරා ටීවී බලන, කරුණාවන්ත
වචනයක් මුවින් පිට කිරීමට නොදන්නා,
ගල් වැනි
හදවත් ඇති, අධම , ස්වාමියන් හන්දා
සදාකාලිකව දුකෙන් වෙසෙන කාන්තාවන් හොයන විමුක්තිය.
සමහර තැන්වල දුප්පත්වෙලා ඉපදුනු පලියට
හාම්පුතාලා අතින් විනාශවෙන මල් කැකුලු වගේ ලමයි ඉන්නවා. අම්මලාට කරගන්ට දෙයක්
නැතුව තමන්ගේ ලමයි ගෙදර වියදමට සල්ලි හොයාගන්ට කල නොයුතු දේවල් කරද්දී, ඒවා දැක, දැක නොදැක්කා වගේ ඉන්ට වෙන අවස්තා තියනවා. මේ අම්මලාත් හිතෙන්
ප්‍රාර්ථනා කරනවා ඇති තමන්ගේ දරුවන්ට 'විමුක්තියක්' ලැබෙන්ට කියලා.
මේ ඇරුනුකොට තවත් විමුක්ති වර්ග හොයන කාන්තාවන් ඉන්නවා. ඒවා තමා නිවාඩු කාලවලට ලෝකේ වටේ තනියම සවාරි ගැසීමේ අයිතිය, යාලුවන් සමග සතියට දෙතුන් වරක් එලියට යෑමේ අයිතිය, සාරි ගැනීම සඳහා ඉන්දියාවේ යාමේ අයිතිය, අල්ලපු ගෙදර එක්කෙනාගේ වාහනයට වඩා ලොකු වාහනයක් ගැනීමේ අයිතිය, ඒ වගේම එයාලගේ ගෙදරට වඩා විශාල ගෙයක් හැදීමේ අයිතිය, වගේ ලොකු, ලොකු දේවලට සටන් කරන කොටසකුත් ඉන්නවා.
ඒ වගේම කරන්ට වැඩක් නැතුව නිකං කෑගහන්නන් වාලේ කෑගහන කොටසකුත් ඉන්නවා.
ඒ වගේම කරන්ට වැඩක් නැතුව නිකං කෑගහන්නන් වාලේ කෑගහන කොටසකුත් ඉන්නවා.
බලාගෙන යනකොට කාන්තාවන් එක්, එක්කෙනා හොයන
විමුක්තිය එක, එක වගේ.
ඉතින් කාන්තාවන් කොටසක් එකතුවෙලා හොයන 'කාන්තා
විමුක්තියට' මේ හැමදේම
අයිතිවෙනවද? නැත්නම්
එයාලා හොයන්නේ වෙනත් විමුක්තියක්ද?
විමුක්තිය කියන වචනේ තේරුම්
වහල්බවින් නිදහස්වීම, සතුරන් පලවා
හැර නිදහස් බව ලබා ගැනීම. එසේ නම් අප මේ කතා කරනා විමුක්තියෙන්, කාන්තාවන් කරන්ට හදන්නේ කුමක්ද? විමුක්තිය ඇත්තේ
අපි ලඟමයි. එය කාටවත් ලබා දිය හැක්කක් නෙමේ යන්න මගේ මතයයි. ඒ නිසා එය කාගෙන්වත්
අප ඉල්ලා හිටිය යුතු දෙයක් නෙමේ. අත දිගු කොට ලබා ගත යුතු දෙයක්.
කාන්තා විමුක්තිය විහිලුවක්ද?
හීනයක්ද? හැබෑවක්ද? හැබෑ කරගත්තු හැකි
හීනයක්ද?
ඒ එක්කම තවත් ප්‍රශ්නයක් හිතට ආවා.
පිරිමින්ට විමුක්තියක් අවශ්‍ය නැද්ද?
~The thing women have yet to learn is
nobody gives you power. You just take it. ~ Roseanne Barr

මෙයා දැන් ට්‍රැක් එක මාරු කරල වගේ. මම හිතුව අදත් පිරිමින්ට තලල ඇති කියල. ඒත් කියල තියෙන්නෙ වෙනම කතාවක්! :D :D :D
ReplyDeleteඋඹ ප්‍රියාට බඩේ පාර දෙනව නේද දැන් , හැමදාම එක වෙලා...හෙහ් හෙහ්
Deleteමම 2ද?
ආයෙත් අහල මාතෘකාව දැකල මමත් දෙන්නම් බැටේ කියල හිතන් ආවේ
Deleteසිහ් අපසාදේ:):)
සෑර්-ප්‍රියාගේ පලවෙනි තැන කොල්ලකාරයා විසින් කොල්ලකන ලදී :(
Deleteසෑර්-ප්‍රියා මේ දවස්සොල නිවාඩු ගොහිල්ලාලු.. :)
Delete@මුහුදු,
Deleteඔව් ඔව් ට්‍රැක් එක මාරු කරලා ටිකක් කල්. මෙහෙම ගිහින් කොහේ නතර වෙයිද දන්නේ නෑ.
පිරිමින්ට තලනවද කියලා බලන්ට කට්ටිය එන්නේ දුවගනනේ. :D
@තරු,
Deleteගානක් නෑ. ඔන්න උම්මා එකක් දෙන හන්දා දුවගෙන ආවා නම් ඒක වෙනම කාරනයක්...:D
@නිශ්,
මොනවහරි කියවගන්ටම තමයි බලන්නේ නේද?:D
@බූරා,& ටොමී,
Deleteප්‍රියන්තගේ තැන නැති වෙනවට කට්ටිය කැමති නෑ වගේ.:)
මේ විදිහට බලාගෙන යනකොට විමුක්තිය කියන එකත් පුද්ගලයාට අනුව වෙනස් වෙනවානේ..
ReplyDeleteමම හිතුවේ ඒක සංස්කෘතියට බද්ධ වුනු දෙයක් කියලා..හ්ම්..හිතන්න වටින දෙයක්..
සංස්කෘතියේ බලපෑමුත් සෑහෙන්ට තියනවා රූ.
Deleteඔව් විමුක්තිය තමන් සොයන නිදහස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
ReplyDeleteහැබැයි අන්තිමට ලැබෙන දේ එකයි නේද? මම කීවේ විමුක්තිය. :)
Deleteඔව් පොඩ්ඩි සමහර විට අපි අකමැතිම දේ තවත් කෙනෙකුගේ කැමතිම දේ වෙන්න පුලුවන් .
ReplyDeleteඒකනේ ගිම් සමහරු උයන්ට කැමති උනාට පොඩ්ඩි උයන්ට මෙච්චරම අකැමති...:)
Deleteසැමියා බිරිඳ ගේ දෙවියාය.
ReplyDelete(මේ පරණ චිත්‍රපටියක නමක්, මගේ අදහසක් නොවෙයි, හොඳේ!)
මම නම් හිතන්නේ සැමියා බිරිඳගේ මිනිහාය කියලයි :)
Deleteමාගේ බුර බුරා නැගෙන විරෝධය..
Deleteඒ කියන්නෙ ගැහැණු සැමියොත් ඉන්නවද?
සැමියා මෙලෝ රහක් නැතුව ඉන්න වෙලාවට සැමිය වගේ ගෙදර හැම වැඩක්ම කරන බිරිඳෑවරු ඕනෙ තරම් ඉන්නෙ හුහ්..
Delete"සැමියා බිරිඳගේ ටොමියාය" කියලා අදහසකුත් තියෙනවා බොහෝ බිරින්දෑවරුන් හිතාගෙන ඉන්නෙත් එහෙම තමයි. ඒත් සැමියා හිතුවොත් තමා ටොමියා නොවන බව එතැන් සිට ඇරඹෙන්නේ සංග්‍රාමයයි.
Delete@ තරූ
ගැහැණු සැමියොත් ඉන්නවා "තනි තටුවෙන් පියාඹන්නෙ" ඒ උදවිය තමයි. ඒකෙ වරදක් මමනම් දකින්නෙ නෑ. පිරිමින්ට බැණ බැණ වාත වෙවි ඉන්නවට වඩා ඒක හොඳයි.
හුටා! තෝව වහලෙ බාල්කයක එල්ලල බොක්සිං ගහනව කියලා කියපු හාදයෙකුත් ඔහොම "තනි තටුවෙන් පියෑඹීමක්" ගැන කිව්වා. අනේ පිං ඇති සෑර්, ඒ පියෑඹිල්ල ගැන අපට තේරෙන බාසාවෙන් කියන්ට
Deleteඕක හරියටම දැනගන්ට ඕන නං අසෝක හදගමගෙන්ම තමා අහන්ට වෙන්නෙ.. ;)
Deleteඔය සැමියගෙ කතාව මෙහෙමයි:
Deleteකන්තෝරුවක නෝනා මහත්මියක් කිව්වාලු" බලන්ට මෙයා, අපේ සැමියා , අද කිසිම දෙයක් කෑවෙ නෑ, දවසෙම බුදි, මට නං දුකේ බෑ" කියලා.
එතකොට එයාගෙ යාළුව " ඔයා නං සැබෑ බිරිඳක්. ඔයාගෙ මහත්තයා හරිම වාසනාවන්තයෙක්. ඕක තමයි ඇත්තටම ඇත්ත ආදරේ"
" පිස්සුද මෙයා. ඒ පොලොස් කොට්ටෝරුව ගැන නෙමෙයි, මං මේ කිව්වෙ මගේ බලු පැටියා -සැමී ගැන කියලා"
ආදර්ශය: මහත්වරුනි, ලෝකය විවිධයි, විෂමයි, බුබ්බුලාකාරයි :)
//ඕක හරියටම දැනගන්ට ඕන නං අසෝක හදගමගෙන්ම තමා අහන්ට වෙන්නෙ//
Deleteඇයි එයත් තනි තට්ටෙන් පියෑඹුවද? :)
@ප්‍රහාරක සුමිත් +++++++++++++++++++
Deleteඅල්ලපුගෙදර නෝනා මෙහා ගෙදර නොනාගෙන් ඇහැව්වලු මොකද්ද අර ඊයේ රෑ ඇහිච්ච භයානක සද්දෙ කියලා. මේ නෝනා කිව්වලු ආ අපේ මහත්තයගේ සරම ඊයේ උඩ තට්ටුවෙන් පහලට වැටුනානේ කියලා. එච්චර සද්දෙන්? අර නෝනා ඇහැව්වලු. "වැඩේ කියන්නෙ පස්සෙ බලද්දි.... සරම අස්සෙ අපේ මහත්තයත් හිටියනේ කිව්වලු"
Deleteබලන්ඩ නෝනලා මහත්තුරු ගැන හිතන හැටි...
@කතන්දර,
Deleteබිරිඳ සැමියාගේ දෙව්දුවය.:)
@නීතා,
නෑ නෑ දෙවියාය කියමු අනේ.:)
@තරු,
එහෙම අයත් ඉන්නවා නේද?
@සුමිත්,
Deleteමම හිතුවේ සැමියා බිරිඳගේ 'සැමී' ය කියලනේ.:)
@බස්සා & බුද්ධි,
ලස්සන කතා දෙක:)
@ස්කයියා,
දැන් සුමිත් කාටද ප්‍රහාර එල්ලකරන්නේ?
කාන්තා විමුක්තිය - හොඳට මාකට් කරන්න පුලුවන් වචන දෙකක්. ටිකකින් එඤ්ඤං කොමෙන්ට් කරන්න...
ReplyDeleteහොඳමයි.:)
Deleteඉස්සෙල්ල කිව්ව විදියෙ කෙනෙක් තමයි අපේ අම්මත්. දවස තිස්සෙ මහන්සිවෙලා ඉන්නකොට මම කියනව රෑට කඩෙන් කෑම ගේමු කියල. ඒත් කවදාවත් ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒත් නවීන කාන්තාව ටිකක් වෙනස්. පරම්පරා දෙකේ වෙනස නිසාද කොහෙද!
ReplyDeleteකාන්තා විමුක්තිය කියන්නෙ සරලව කිව්වොත් කාන්තාවට අවශ්‍ය ස්වාධීනත්වය ලබා ගැනීම. "පිරිමින්ගෙන් සිදුවන හිරිහැර" නම් වෙනම මාතෘකාවක්. එතනදි කාන්තාවට විතරක් නෙවේ පිරිමින්ටත් විමුක්තිය ඕන. මොකද කාන්තාවන් නිසා ගැහැට විඳින පිරිමිත් ඉන්නව.
රාජ් දක්වලා තියන අදහසුත් වෙනස්. හැබැයි ඇත්ත. කාලය අනුවත් මිනිස්සු වෙනස්වෙනවා. ඒ වගේම ගැහැනුන්ගෙන් බැට කන පිරිමිත් ඉන්නවා.
Deleteවෙනත් කෝණයකින් බලල තියෙනවා ...
ReplyDeleteහිතන්න අලුත් දෙයක් ..... ජය
ස්තූතියි ඔයාට.:)
Deleteහිතන්න වටිනා දෙයක් පොඩ්ඩි අක්කේ.
ReplyDeleteසමහර සම්ප්‍රධායික මතවාද වෙනස් කරන්න පුළුවන් වුනොත් හැමෝටම පොදුවේ විමුක්තියක් ලබාගන්න පුළුවන් වේවි.
ඒ වුනාට වැඩේ කියන්නේ ඔය මතවාද වැඩිපුර කරපින්නාගෙන ඉන්නේ කාන්තාවෝමයි.
මේ වගේ සාකච්ජාවකදී කොච්චර අදහස් නම් එකතු වෙනවද? ඔයා මෙතන කියලා තියෙනවා සමහර පරණ මතවාද වෙනස් නොකර අපි හොයන විමුක්තිය ලබන්ට බෑ කියලා. කොච්චර ඇත්තක්ද? අනෙක එය කෙරෙන්නි නැත්තේ ගැහැනුන් නිසාමයි කියලා ඒකත් ඇත්ත. පැරණි අදහස් හිස මුදුනේ තියාගත්, වැඩිහිටි අය අතින් තමා මේ දේ සිදුවෙන්නේ...:)
Deleteමේක නම් ආයම පාරක් කියවලා තමා කමෙන්ට් කරන්ඩ වෙන්නේ :)
ReplyDeleteමම දැක්කා පහල කමෙන්ට් කරලා. මම මේ ගෙම්බෙක් කනවා උදේ ඉඳන්. තාම කාලා ඉවර කරන්ට බැරි උනා. උඩහට යනවා . පහලට යනවා. තාම ඉවරයක් නෑ.:D
Deleteකාන්තා විමුක්තිය කිව්වම මට ඉබේටම මතක්වෙන්නේ අපට අර අයිතිවාසිකම් නහැ , මේ අයිතිවාසිකම් නැහැ කිය කිය රැඩිකල් විදිහට මුලු සමාජෙටම පෙනෙන්න දඟලන කාන්තාවො පිරිසක්. මේ අයගෙ ගෙවල් වලට ගිහින් බැලුවොත් ගෙදර අයට ලැබිල තියෙන විමුක්තිය මොකක්ද කියල බලා ගන්න පුලුවන්. දරුවන්ගෙ කෑම බීම ටික , එයාලගෙ අධ්‍යාපනය ඔක්කොම මග නතරවෙලා. අම්ම ගිහින් විමුක්තිය හොයන්න.( තාත්තට ගෙදර කාර්ය භාරයක් නැහැ කියනව එහෙම නෙවෙයි මේ. ) මේ සමාජෙ තමන්ගෙ ගෙදර දරුවො ගැනත් බලල විමුක්තිය ගැන කතා කරන කාන්තාවෝ නැතිව නෙවෙයි, බහුතරයක ඉන්නෙ අරවගේ පුහු ආටෝපෙට වැඩ කරන අය .
ReplyDeleteසමහරුන්ගෙ විමුක්තිය අනිත් අයට වඩා ඉහලින් ඉන්න එකනේ. මගේ යාලුවෙක් දවසක් වාහනයක් ගන්න හොයනවා, එයාගෙ අල්ලපු ගෙදර වාහනේ ජාතියෙ එකක් ඕනෙලු හැබැයි වෙන පාටක. ( හොඳ වෙලාවට යාලුවට මේ වාගෙ දේවල් කියවන්න ලැබෙන්නෙ නැහැ )
කොහොමත් ආසියාත්ක කාන්තාවන්ට විමුක්තියක් අවශ්‍යයි තමා, ඒත් සමහරු දන්නෙ නැහැ ජීවිතේ තමන්ට හරියටම අවශ්‍ය මොනවද කියල. පොඩ්ඩි කියනව වගේ ගැමි කාන්තාවෝ ගෙදර දොරේ වැඩ කටයුතු තමන් අතින්ම විය යුතුයි කියල හිතන එකේ වැරැද්දක්කුත් නැහැ. ඒ මොකද තාමත් ගම්වල ගෙදර ඉන්න සැමියා තමා රැකියාවන්වල යෙදෙන්නෙ. බිරිඳ රැකියාවකට ගිහින් පරක්කුවෙලා එනවට වඩා සැමියා ගෙදර එනකොට මුහුණ සෝදලා, පිරිසිඳු ඇදුමක් ඇඳලා , හිනාවකින් ඔහුව පිලිඅරගෙන රසවත් තේ එකක් ඔහුට දුන්නොත් ජීවිතේ මොනතරම් සුන්දරද කියල මට හිතෙන්නේ.
ඉන්දියාවේ සති පූජා සංකල්පය එන්න ඇත්තෙත් සැමියට ආදරෙන් හිටිය කාන්තාවක් ඔහු මියගියාම දරා ගන්න බැරි දුකෙන් ඔහුගෙ දර සෑයට පනින්න ඇති. ඊට පස්සෙ බමුණො ඒක චාරිත්‍රයක් කරගෙන.
කොහොම උනත් අපේ මල් කැකුළු වගේ කෙලි පොඩ්ඩියන්ව විනාශ නොකරන පිරිමින් මේ සමාජෙ හිටියොත් ඒ දරුවන්ගෙ මව්වරුන්ට ඉබේටම විමුක්තියක් ලැබේවි. අපේ කාන්තා විමුක්තිය ගැන පුරාජේරුවෙන් කතා කරන සමහර නෝනලා මේ වාගෙ වෙලාවට ඉදිරිපත්වෙලා දැඩි ඉල්ලීම් ( ස්ත්‍රී දූෂනයෙහි යෙදෙන පිරිමින්ට ප්‍රසිද්ධියේ කසපහර සහ මරණ දඬුවම් දෙන්න කියල ) ඉල්ලන්න බැරිද මන්දා.
කොහොම උනත් කාන්තාවො එක්කෙනෙකුට එක්කෙනෙක් විමුක්තිය හොයන්නෙ වෙනස් වෙනස් විදිහට කියල තමා මටත් හිතෙන්නේ ......
+++++++++++++++++
Delete//මේ අයිතිවාසිකම් නැහැ කිය කිය රැඩිකල් විදිහට මුලු සමාජෙටම පෙනෙන්න දඟලන කාන්තාවො පිරිසක්. මේ අයගෙ ගෙවල් වලට ගිහින් බැලුවොත් ගෙදර අයට ලැබිල තියෙන විමුක්තිය මොකක්ද කියල බලා ගන්න පුලුවන්// 100% එකගයි
Deleteඒත් මේක
//ස්ත්‍රී දූෂනයෙහි යෙදෙන පිරිමින්ට "ප්‍රසිද්ධියේ" කසපහර සහ මරණ දඬුවම් දෙන්න කියල\
මෙහෙත් ඉරානය සෞදිය වගේ ලේ දැකල අපි පව් කාරයින්ට දඩුවම් දුන්නා කියල අත පිහද ගන්න ඕනෙද?
ඒ උනාට ඒ අහිංසක දරුවන්ගෙ මුලු ජීවිතයම කඩා වැටෙනව. ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් ඒ ළමයි දුක් විඳිනවා. ඒ දරුවන්ගෙ දෙමව්පියන් විදින දුක ගැන තක්සේරු කරන්න පුලුවන්ද? ස්ත්‍රී දූෂනයට නම් දැඩි දඬුවම් දෙන්නම වෙනවා දැන් යන විදිහට . පත්තරයක් ගත්තොත් ඒ වගේ ආරංචි කීයක් තියෙනවද? ඔය විමුක්තිකාමී කාන්තාවන්ට ඕවා පේන්නෙ නැතිව ඇති මා හිතේ..
Deleteමේ අදහසට මුලුමනින්ම එකඟයි.
Delete@නීතා,
Deleteනීතාගේ දැකපු හොඳම කමෙන්ට් එකක්. මුලු හදවතින්ම ලියලා වගේ. ඔය සමහර විමුක්තිය සඳහා කෑගහන කාන්තාවන්ගේ නිවෙස් ගැන ඔයා කියලා තියන දේ ඇත්තයි.
//සමහරුන්ගෙ විමුක්තිය අනිත් අයට වඩා ඉහලින් ඉන්න එකනේ//
මෙය ගොඩක් වෙලාවට ආසියාතිකයන් අතර දක්නට ලැබෙන දෙයක්.
//කොහොමත් ආසියාත්ක කාන්තාවන්ට විමුක්තියක් අවශ්‍යයි තමා//
ඇත්තෙන්ම.
//( ස්ත්‍රී දූෂනයෙහි යෙදෙන පිරිමින්ට ප්‍රසිද්ධියේ කසපහර සහ මරණ දඬුවම් දෙන්න කියල ) ඉල්ලන්න බැරිද මන්දා.//
මෙය නම් අත්‍යාවශ්‍ය දෙයක් කියලා මටත් නම් හිතෙනවා.
@කවුළුව,
Deleteඅනුන්ගේ ලේ දැකලා සතුටු වෙන්ට අවශ්‍ය නැහැ. ඒත් තදබල දඬුවම් නොදී, මේ තත්වය යටපත් කල නොහැකි බවක් පේනවා.
ඔයා කියන දේවල් දිගේ හිතන්ට වටිනවා. මේ ප්‍රශ්නය උගත් කම පිලිබඳ ප්‍රශ්නයකුත් නෙවෙයි .. ඒ මොකද හද්ද පිටිසර ගම වල මම දැකල තියෙනවා ලස්සනට වගකීම් සහ පවුල් බර බෙදාගෙන සතුටින් සැනසීමෙන් ජීවත්වෙන පවුල්.. අර මගේ "ගුරුන්නාන්සේ" ඒ වගේ කෙනෙක්.. දුක් විඳින ගැහැණු ලෝකේ අනන්තයි.. මගේ උගත් මිත්‍රයෙක් හිටියා ඔහුටත් වඩා උගත් බිරිඳක් සමග.. මේ මනුස්සයා අර බිරිඳගෙන් වහල් සේවය තමයි ගත්තේ.. වැඩ ඇරිලා දෙන්නම ගෙදර ආවේ එකට.. මනුස්සයා සපත්තු කමිස ඔක්කොම සාලේ මැද ගලවලා දාලා ටීවී එකට හේත්තු වෙනවා නැත්නම් හාන්සියක් දානවා. අර ගෑනු මනුස්සයා කුස්සියට රිංගනවා. ඊට පස්සේ ඇවිත් අර මිනිහාගේ කුණු ගොඩවලුත් අයින් කරන්න ඕනා.. මොනවා හරි කීවොත් මිනිහා මුණ නරක් කරගෙන අඬන්න වගේ ඉන්නවලු ඉතින් අර මනුස්සය තනිවම බර අදිනවා. කොහේ හරි ගමනක් ගියොත් කුණුවෙන්න බීලා ඇඳුම් නැතුව කොහේ හරි අස්සක වැටිලා ඉන්නවා. එකෙත් ලැජ්ජාව අර මනුස්සයාට. එක වතාවක් අපි ට්‍රිපක් ගිහින් උඩ වලවේ.. එහෙ ඉතින් රෑට ගෑනු කට්ටියට එක කාමරයයිනේ. මේ යකා බීල යට ඇඳුම් පිටින් එකේ ඉඳලා. අපි මහ රෑ කැලේ දෙවනත් කරලා හෙවුවා. මං කියන්නේ අර ගැහැණු මනුස්සයා මෝඩ කම නිසා අර විදිහට මිනිහා එයාව සුරා කනවා කියලා. මං හිතන්නේ කාන්තා විමුක්තිය කියන්නේ පවුලක හැමදේම සාධාරණ විදිහට (දුක සැප බර සතුට ) බෙදාගෙන ජීවත්වීම කියලයි..
ReplyDeleteමෙතනට උගත්කමක් බලපාන්නේ නෑ. සමහර උගත් මෝඩයොත්, නූගත් නුවක්කාර මිනිස්සුත් ඉන්නවා.
Deleteඔයා කියලා තියන කාන්තාව නම් විමුක්තිය අත්‍යාවශ්‍ය කෙනෙක්. එයා බැඳලා ඉන්නේ පුදුම මනුස්සයෙක්නේ.:)
හ්ම්!!! දිග උත්තරයක් ලියන්ඩ හුස්මක් එහෙම අරන් ලෑස්ති වුණේ... ඒ වුණාට මේක ආයෙ පාරක් කියවන්ඩ ඕනෙ....සමහරවිට උත්තරේ පෝස්ට් එකක් කරන්ඩත් ඉඩ තියෙනව....
ReplyDeleteමට නං කාන්තා විමුක්තිය ගැන කතා කරන්ඩ ඇවිල්ල අපේ කැම්පස් එකේදි පච වෙලා ගිය නෝනෙක්ව මතක් වුණා!!
ඒ ඒ නෝන කාන්තා විමුක්තිය ගැන කතා කරපු හන්ද නෙවෙයි..
ඒ එන් ජී ඕ එකක් අටවගෙන කාන්තා විමුක්තියේ මුවාවෙන් එයා යන ගමන ගැන වැඩි දෙනා දැනගෙන හිටපු හන්ද වෙන්ඩ ඕනෙ...
මට හිතෙන්නෙ නං ගැහැණුන්ට ඕනෙ විමුක්තිය විවිධයි... ඒක වෙනුවෙන් සටන් කලාටම තෑග්ගක් වගේ ප්‍රදානය වෙන දෙයක් නෙවෙයි!!සමහර දේවල් කියෙනව ගැහැණු ඒ දිහා බලන විදිය අනුව විමුක්තියක් වෙන...
දැන් අර පොඩ්ඩිගෙ යාලුව එයාගෙ අම්ම ගැනම කිව්ව කතාව බලන්ඩකො.... ඒකෙ තියෙනව ලොකු තේරුමක්!!!
එහෙනම් ජනුවේ පෝස්ට් එකක්ම දාන්ට. එතකොට තව අදහස් ගොඩක් දැනගන්ටත්, සාකච්ජා කරන්ටත් පුලුවන් වෙයි. හැබැයි අර රහා ඉන්දියා ගමන ගැන කියලා ඉවරවෙලා හොඳේ. :)
Delete@පොඩ්ඩි,
ReplyDelete"ෂික් මොනවද අප්පා මේ ලියලා තියෙන්න, මෙලෝ රහක් නැහැනෙ.
කෝ මඩ , කෝ ඇනෝලා, කෝ චරිත ඝාතන.. ඒවා නැතුව මේ කාලෙ පෝස්ට් එකක් නැගලා යනවද?" ඔන්න ඔය වගේ ලියලා දාන්න හිතුනත්.
පස්සෙ මේකත් ලියන්න හිතුනා ..හෙහ් හෙහ් හෙහ්
විමුක්තිය කියන එකත් බලාගෙන ගියාම සාපේක්ෂයි නේද? මගේ විමුක්තිය ඔයාට හෙන වනයක් වෙන්නත් ඉඩ තියනවා.
හොඳම දේ තම තමන්ගෙ විමුක්තිය , අනිත් අය කුලප්පු නොකර තම තමාම ලබා ගන්න එක තමයි.
//(පොඩ්ඩිට නම් ඔය එක විමුක්තියක්වත් මතක් වෙන එකක් නෑ, එයා හදන පොල් සම්බෝලයි, බතුයි කාලා , එයාගේ පුලුල් උරතලේ මූණ හොවාගන ඉන්ට පුලුවන් නම්.)//
මගේ කට නලියනවා දැන්නම්.. අනේ බන් ඕන නම් දවස් 3ක් ඔහොම කාවි, 4 වෙනි දවසෙ කන්නෙ අර පුලුල් මොකක්ද තලය තමයි.
පොඩ්ඩි හිතන් ඉන්නේ පොල් සම්බෝලේ කියන්නේ ලේසි කෑමක් කියලය . පොල් ගාන්න ඕනය . ලුණු සුද්ධ කරන්න ඕනය . ඒ මදිවට පොල් ගණන්ය. හැමදාම පොල් සම්බෝල කන්න එයාට ලොකු රස්සාවක් කරන්න වෙනවාය . එතකොට එයා බිසිය . උරතලයත් නැත . සම්බෝලය හදන්න වෙන්නේ පොඩ්ඩි ටමය .
Deleteබුදු අම්බෝ කියන ටොම් පච.
Deleteඕදිරිස්ගේ හිරමණයක් ගත්තාම පටාස් ගා පොල් ගාගත හැක. උරතලයක් නැහ්නං හිරමන් තෙලේ උඩ හරි ඔලුව තබා ගත හැක. ජනූගේ නැන්දම්මාගේ පුරාණ රෙසිපියට අනුව බල්ලෙකුත් පොල් මැල්ලුම් කන දවස වැඩි ඈතක නොවේ :D
සම්බෝල සමග පරිප්පු, සම්බෝල සමග කරවල තෙල්දලා, සම්බෝල සමග මාලු බැදලා, සම්බෝලයි බතුයි විතරක් තිබුනත් ජීවිතේ සුන්දරයි. හැබැයි දැන් පොල් මිල තමා ඩුන්ඩි අවුලකට තියෙන්නෙ.....
Delete@තරු,
Deleteඇයි මඩ මදිද? හී හී...
අනික් අය කුල්ලප්පු නොකර විමුක්තිය ලබා ගැනීම මෙන්න වැදගත් කියමනක්.
ඇයි සම්බෝල කන එක එච්චර අප්පිරියා වැඩක්ද? මට නම් හැමදාම උනත් කෑව හැකි. හැබැයි බඩ නම් ටිකක් විතර දැවිල්ල අල්ලයි. මට මිරිස් කන්ට බෑ.:(
@බින්දි,
Deleteසම්බෝල හදන එක කෙසේ වෙතත්, කන එක අමාරු වැඩක් නෙමේ.:)
@ටොමී,
පොල් මැල්ලුම් හදන්ටද යන්නේ ...? :D
@බුද්ධි,
අනේ බුද්ධි ඕනි නැති රහා කතා නොකියා ඉන්ටකෝ.:)
'විමුක්තිය කියන වචනේ තේරුම් වහල්බවින් නිදහස්වීම, සතුරන් පලවා හැර නිදහස් බව ලබා ගැනීම. එසේ නම් අප මේ කතා කරනා විමුක්තියෙන්, කාන්තාවන් කරන්ට හදන්නේ කුමක්ද? විමුක්තිය ඇත්තේ අපි ලඟමයි. එය කාටවත් ලබා දිය හැක්කක් නෙමේ යන්න මගේ මතයයි. ඒ නිසා එය කාගෙන්වත් අප ඉල්ලා හිටිය යුතු දෙයක් නෙමේ. අත දිගු කොට ලබා ගත යුතු දෙයක්.'
ReplyDeleteමෙන්න මේ කොටසට මම එකඟයි ගොඩක්.
පෙම්වතුන් දෙදෙනා පිලිබඳ කතාව නම් මට අගේට මැවිලා පෙනුනා..හරි අපූරුයි!
පෙම්වතුන් දෙන්නා ගැන කියවපුවාම ඒ දෙන්නා ගැන කොහේ හරි ලියනවමයි කියලා හිතුවා. ඒ වගේ ආදරෙන් ඉන්න අය ගැන අනෙක් අයටත් කියලා දෙන්ට ඕනි.:)
Delete//(පොඩ්ඩිට නම් ඔය එක විමුක්තියක්වත් මතක් වෙන එකක් නෑ, එයා හදන පොල් සම්බෝලයි, බතුයි කාලා , එයාගේ පුලුල් උරතලේ මූණ හොවාගන ඉන්ට පුලුවන් නම්.)//
ReplyDeleteමටත් හැබැයි මේ කෑල්ල කියවනකොට හිනා ගියා, පොල් සම්බල් හදන්නෙත් අරයද?
ඌටම කියලා හදවගෙන
Deleteඌටම කියලා කවාගෙන
උගේම උර තලේ නින්දක් දාන්න හිතන් ඉන්නෙ.
හය්යෝ සංසාලේ.......
මිරිස් කැටියක් දාල හැදුවානම් අඬ අඬ දොයියයි..
Delete@නීතා
Delete//පොල් සම්බල් හදන්නෙත් අරයද//
මෙයා හිතං ඉන්නෙ එහෙමයි. බලමුකො හායි හූයි කිය කිය කී දවසක් කයි ද කියල!
දැන් ඔයා සම්බෝලෙට මිරිස් හැඳි කීයක් දාන්න හිතන් ඉන්නවද? :)))
Delete@ Ahawala
Delete//මෙයා හිතං ඉන්නෙ එහෙමයි. බලමුකො හායි හූයි කිය කිය කී දවසක් කයි ද කියල!//
අපටත් පොල් සම්බෝල පොඩ්ඩක් ඉල්ලගන්න පුළුවන් වේවිද දන්නෙ නැහැ :)
මමත් එක පාරයි ගෙදරදි සම්බෝලයක් හැදුවෙ . . . එදායිං මගෙ විමුක්තිය අහවරයි. දැං මම තමා සම්බෝල හදන්නෙ
Delete@ ඕනයා,
Deleteඅයියෙ මේක දැක්කම මට කතාවක් මතක් වුනා වැඩකරපු තැන ලොක්කා කියපු..
කවදාවත් ගෑණුන්ට කියන්න එපාලු උයන්න පුලුවන් කියලා. අඩුමගානෙ පොල් ටිකක්වත් ගාන්න පුලුවන් කියලා කියන්න එපාලු. එක දවසක් කළොත් හැමදාම ඒක බලාපොරොත්තු වෙනවලු. ඒක නිසා 'අනේ ඔයා කොහොමද මෙච්චර දේවල් තනියම ඉගෙනගත්තෙ. මට තාම තේරෙන් නෑ අනේ එක වැඩක්වත්' කිය කිය මුරුංගා අත්තෙ තිය තිය ඉන්නලු..
@ ඕනයා
Deleteහුදී ජනයාගේ හිතසුව පිණිස කල මේ හෙලිදරව්වේ ආනුභාවයෙන්, සසර වසනා තුරු මෙවන් විපතකට නැවත් පත් නොවේවා
@හරී
මේ වටිනා ගුරු උපදේශය ලිවූ උඹත්, උඹේ ලොක්කාත් එකවර බුදුන් දැක නිවන් දකීවා
@නීතා,
Deleteපොල් සම්බෝලත් හදන්නේ අරයම තමයි.:)
@තරූ,
මොකෝ අරයා ගැන අයියාට දුකද?:)
@සරත්,
හී හී එහෙමනම් වෙයි තමයි.:)
@අහවලා,
ඔන්න පොඩ්ඩිට විතරක් නෙමේ නීතාට සම්බෝල ඕනෙලු. බයවෙන්ට කාරි නෑ. පොඩ්ඩකින් අනික් කෙල්ලෝ ටිකත් පෝලිමේ එයි. ඒයි මේ ඔයාට පොල් සම්බෝල ඇර තව මොනවද හදන්ට පුලුවන්? :D
'ඇයි ඔයා මා ලඟට ආවේ. ගෑනු උදවිය මා එක්ක කතා කරන්ට බයයි. මම එයාලගේ මහත්තුරු, ආදරවන්තයෝ හොරකම් කරයි කියලා. '
ReplyDeleteඒ කතාව ඇත්තද?? මාත් හිතනවා හුඟක් ගෑනු උදවිය එහෙම හිතනව ඇති කියලා,
මමත් හිතන්නේ හුඟාක් දුරට ඇත්ත කියලා.
Deleteගෑණු පිරිමි හැමෝම පීඩාවට පත්කරන මේ කාලකණ්නි "විවාහය" අහෝසි කළ යුතුයි. (මේ කියන්නෙ ආණ්ඩුවේ ලියකියවිලි වල අත්සන් කරන එක)
ReplyDeleteඑතකොට කවුරුවත් කාගෙවත් අයිතිකාරයෝ නෙවෙයි.
ඔන්න සුමිත් ගුටි කන්නයි හදන්නේ . ඔය අත්සන් කිරිල්ල පටන් ගත්තේ පිරිමි විශ්වාස නැති නිසාය
Deleteමේ ලඟදි දවසක් ගුවන් විදුලි වැඩ සටහනකට ආව යුවලක්ගෙන් එයලාගෙ දරුවගෙ වයස ඇහැව්වම අවුරුදු 6යි කිව්ව. විවාහ වෙලා කොච්චර කල්ද ඇහැව්වම අවුරුදු 5ක් කිව්වා. විවාහය පමා උනේ ඇයි කියල ඇහැව්වම කිව්වෙ ළමයට ප්‍රශ්නයක් වෙන නිසා විවාහ උන බවත් එකතුවෙලා හිටිය කාලය අවුරුදු8ක් කියලයි. ඒ සැමියයි , බිරිඳයි දෙන්නම නීත්‍යානුකූල විවාහය ගැන විශ්වාසයක් නැති බවයි ඒ වෙලාවෙ කිව්වෙ...
Delete@සුමිත්,
Deleteසුමිත් වැඩේ තව බරපතල කරන්ටයි යන්නේ. අයිතිකාරයෙක් නම් අඩු ගානේ ලඟ ඉඳී. අයිතියක් නැත්නම් කොහේ ඉඳීද කියලා කවුද දන්නේ...:)
//අයිතිකාරයෙක් නම් අඩු ගානේ ලඟ ඉඳී//
Deleteහහ්, ඉඳීවි. මුළු ලෝකෙටම අණ බෙර ගහලා සුරංගනා මඟුලක් ගත්ත චාර්ලිස්-ඩයනා ලඟ හිටියද? වෙන, වෙන අය නං හිටියා
ඉන්දියාවේ ගෑනු අයට වෙන කරදර දිහා බැලුවම සෑහය පැනලා මැරෙන එක සැපයි !!!
ReplyDeleteමම් හිතුවේ පිරිමි අපිව පතුරු ගහලාය කියලා. බැලුවම තියෙන්නේ වෙනම කතාවක්. මේ විදිහට ලිව්වොත් අපිත් කැමතියි. :)
//ඉන්දියාවේ ගෑනු අයට වෙන කරදර දිහා බැලුවම සෑහය පැනලා මැරෙන එක සැපයි !!!//
Deleteමම නම් හිතන්නේ ජීවත්වෙන එක තමයි හපන්කම කියලා.
//මේ විදිහට ලිව්වොත් අපිත් කැමතියි. :)//
ඒකනේ ඉතින් ඒ විදියට ලියන්නේ. :D
අද නම් නියම විදිහට,සමබර විදිහට ලියලා තියෙනවා. :D
ReplyDeleteමාත් හිතන්නෙ කාන්තා විමුක්තිය එක එක්කෙනාට වෙනස්..
යන්තම් ඇති සමබරව ලියන්ට හිතුනානේ හී හී...
Deleteමුලින් කියලා තියෙන ගැහැණිය ගොඩක් දුරට අපෙ අම්මට සමානයි.... මේ ලිපිය කියෙව්වම මට ලොකු ප්‍රශ්නයක් මතුවුනා.ඇත්තටම විමුක්තිය කියන්නේ මොකකටද එතකොට?? කාන්තා සංවිධාන මොන එහෙකටද මෙහෙම විමුක්තිය ඉල්ලලා කෑ ගහන්නේ??
ReplyDeleteමට මෙහෙමත් හිතෙනවා වෙලාවකට...
දැන් හැම ගෙදරකම වගේ කෑම උයන්නේ වළං පිඟන් හෝදන්නේ කාන්තාවන්.ඉතින් එයාලට එව්වා නොකර ඉන්න ඕනේ නිසාද මේ විමුක්තිය ගැන කතා කරන්නේ??
මම දකින විදියටනම් ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්ට වෙන කිසිම දෙයක් වැදගත් නෑ දෙන්නගේ ආදරේ නොනැසී තියෙනවනම්.එහෙම ආදරෙන් ඉන්න දෙන්නෙක් කවදාවත් අනිකව තලා පෙලන්නේ නෑ කිසිම දේකදි.වලං පිඟන් හෝදනකොට උනත් කොල්ලෙක් ඇවිත් උදව් දෙනවනම් කෙල්ල කැමතියි කියලා මම දන්නවා.... එහෙම කොල්ලා උදව් කරන්න ආවම කෙල්ල එපා කියලා කියනවමයි ඉතින් එතකොට කොල්ලට ඕන්නම් ෂේප් වෙන්නත් පුළුවන්.
පුදුමයි පිරිමින්ගේ විමුක්තිය ගැනත් කතා කරලා තියෙනවා.ඇත්තටම එහෙම එකක් අමුතුවෙන් දෙන්න ඕනේ නෑ දැනටම දෙගොල්ලන්ටම විමුක්තිය තියෙනවා.
ඔයා මේ ප්‍රශ්නය මුස්ලිම් කාන්තාවන්ට අදාල කලොත් වෙනස්ම උත්තරයක් ලැබෙයි කාන්තා විමුක්තිය ගැන...
ම්ම් බොහෝ විට ඒක කාන්තා නිදහස කියලා කියන්න පුළුවන් වෙයි.තමන්ට කැමති ඇඳුමක් අඳින්න පලඳින්න කැමති දේවල් කරන්න වගේ දේවල්... ඒත් ඉතින් බෞද්ධයෙක් විදියට එයාල දුක්විඳිනවා කියලා හිතුවත් එයාලගේ ආගමේ හැටියට එයාලටත් විමුක්තියක් ඇති සමහර විට...
අදහස් දක්වන්න ගියාම තේරුණේ මේක සාපේක්ෂයි කියලයි.... ලස්සන වගේ තමා.කෙනෙක්ට සාපේක්ෂව ලස්සන කෙනෙක් තව කෙනෙක්ට සාපේක්ෂව අවලස්සන වෙන්න පුළුවන්....
//මම දකින විදියටනම් ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්ට වෙන කිසිම දෙයක් වැදගත් නෑ දෙන්නගේ ආදරේ නොනැසී තියෙනවනම්.එහෙම ආදරෙන් ඉන්න දෙන්නෙක් කවදාවත් අනිකව තලා පෙලන්නේ නෑ කිසිම දේකදි
Deleteනියම කතාව++++++++++++++++
දෙන්නම රස්සාවල් කරන ගෙවල් වල නම් වයිෆ් උයනවා හබී අස් කරනවා. බබාලත් ඉන්නවා නම් එක්කෙනෙක් ගෙදර වැඩ - අනිත් එක්කෙනා බබාලාගේ වැඩ.
//වලං පිඟන් හෝදනකොට උනත් කොල්ලෙක් ඇවිත් උදව් දෙනවනම් කෙල්ල කැමතියි කියලා මම දන්නවා.... එහෙම කොල්ලා උදව් කරන්න ආවම කෙල්ල එපා කියලා කියනවමයි ඉතින් එතකොට කොල්ලට ඕන්නම් ෂේප් වෙන්නත් පුළුවන්.//
මේ මල්ලි නම් ශේප් වෙලා යන්න වගේ හදන්නේ :D :D
මම නම් එපා කියන්නේ නෑ! :D
@ගැමියාගේ පත් ඉරුව,
Delete//මම දකින විදියටනම් ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්ට වෙන කිසිම දෙයක් වැදගත් නෑ දෙන්නගේ ආදරේ නොනැසී තියෙනවනම්.එහෙම ආදරෙන් ඉන්න දෙන්නෙක් කවදාවත් අනිකව තලා පෙලන්නේ නෑ කිසිම දේකදි
ෂෝක් මල්ලි කෙනෙක්.
මාත් මේ කියන්න හැදුවේ නිරෝෂිනී කියනවා වගේ මම නම් කොල්ලට හෝදන්න දීලා මම ෂේප් වෙනවා. දෙන්නා බෙදාගෙන, බදාගෙන ඔය වැඩ ටික කලාම ඉවරයිනේ. එතන තමා සැබෑ විමුක්තිය තියෙන්නේ :)))
@ගැමියා,
Delete//දැන් හැම ගෙදරකම වගේ කෑම උයන්නේ වළං පිඟන් හෝදන්නේ කාන්තාවන්.ඉතින් එයාලට එව්වා නොකර ඉන්න ඕනේ නිසාද මේ විමුක්තිය ගැන කතා කරන්නේ??//
හපොයි නෑ. දෙන්නම එකට එක සමාන පැය ගානක් වැඩ කරලා ඇවිත් ගෙදර වැඩපොල තනියම කරන්ට උනොත් එතන අසාධාරණයක් පේන්නේ නැද්ද? වඩා ශක්තිමත් පිරිමිලු. ඒත් ගැහැනිය වැඩිපුර මහන්සි වෙන්නේ ඇයි?
//එහෙම කොල්ලා උදව් කරන්න ආවම කෙල්ල එපා කියලා කියනවමයි ඉතින් එතකොට කොල්ලට ඕන්නම් ෂේප් වෙන්නත් පුළුවන්.//
මම නම් ජීවිතේට කරන්නේ නැති දෙයක් මේ.
//පුදුමයි පිරිමින්ගේ විමුක්තිය ගැනත් කතා කරලා තියෙනවා.ඇත්තටම එහෙම එකක් අමුතුවෙන් දෙන්න ඕනේ නෑ දැනටම දෙගොල්ලන්ටම විමුක්තිය තියෙනවා.//
ලංකාවෙද ගැමියෝ??? :D
//ලස්සන වගේ තමා.කෙනෙක්ට සාපේක්ෂව ලස්සන කෙනෙක් තව කෙනෙක්ට සාපේක්ෂව අවලස්සන වෙන්න පුළුවන්....//
මෙන්න මේ කතාව ඇත්ත.
අන්න අක්කලා දෙන්නෙක්ම කියනවා මල්ලි හරි ෂෝයිලු. :D
@නිරෝ,
Delete//දෙන්නම රස්සාවල් කරන ගෙවල් වල නම් වයිෆ් උයනවා හබී අස් කරනවා. බබාලත් ඉන්නවා නම් එක්කෙනෙක් ගෙදර වැඩ - අනිත් එක්කෙනා බබාලාගේ වැඩ.//
මෙහෙම තමා වෙන්ට ඕනි. හැබැයි දැන් කාලේ නම් පිරිමිත් තරමක් වෙනස් වෙලා නේද? මම කීවේ හොඳ පැත්තට. විශේෂයෙන් පිටරටවල ඉන්න උදවිය.:)
@ටිකිරි,
මාත් ඉතින් කියන්නේ ඕකම තමයි.:)
මල්ලි නම් ෂෝක් තමා. ඒත් උයන්නේ නැතිව මග ඇරලා යන්ට ට්‍රයි එකක් දෙනබව නම් පේනවා.:)
ඇයි හැබෑට කොල්ලෝ මෙච්චර කුස්සියේ වැඩට අකැමති?
Women's liberation ....."western idea adopted by dollar hunting ,upper middle class /elite class /Kadda speaking / divorced or unmarried/foreign educated /NGO women in Colombo.
ReplyDelete( From Sri Lankan Definition of Women's Liberation - Unpublished Author Anonymous )
Instead of getting hard ourselves and trying to compete, women should try and give their best qualities to men - bring them softness, teach them how to cry...
Delete(From Australian Definition of Women's Liberation):D:D:D
හොඳ ලිපියක්. සමහර වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නවා හැමදේම අපිට දෙනකන් බලන් ඉන්න. එහෙම සමහර කට්ටිය එකතු වෙලා එක එක විමුක්ති ඉල්ලලා කෑ ගහනවා. මගේ පෞද්ගලික මතේට අනුව නම් තවත් කවුරුත් ඔය විමුක්තිය දෙනකන් බලන් ඉන්න ඕන නැහැ. තමන්ට ඕන විමුක්තිය තමන් හොයා ගත්තහම හරි.
ReplyDeleteඇත්තටම පොඩ්ඩි කියනවා වගේ ගැහැණියම තමයි ගොඩක් වෙලාවට තවත් ගැහැණියෙක් දිහා පාට කණ්නාඩියක් දාගෙන බලන්නේ. ඒ පාට කණ්නාඩි අනිත් අයට විකුනන්නෙත් ඒ ගැහැණියමයි. හැබැයි තමන් දිහා කවුරු හරි පාට කණ්නාඩියක් දාගෙන බැලුවොත් ඒ වෙනුවෙන් කෑ ගහන්නෙත් ඒ ගැහැණියමයි.
ස්තූතියි Hush .
Deleteදෙගොල්ලන්ගේම හදාගන්ට දේවල් තියනවා. පිරිමි , ගැහැනු දෙපාර්ශවයම ඒක තෙරිඋම් ගන්න කල් කාටවත් විමුක්තියක් ලැබෙන්නේ නෑ.
සමහර අවස්තාවල ගෑනුන්, තවත් ගෑනියෙක් දිහා පාට කන්නාඩි දාගෙන බලන්නේ සමාජයේ වරද හන්දා වෙන්ට පුලුවනි. :)
මේක සාපේක්ෂයි නෙව.
ReplyDeleteකාන්තා විමුක්තිය කියන්නේ මට නම්, අනුන්ටත් කරදරයක් නැතිව, නිදහසේ ජීවත් වෙන්ට තියෙන එකයි.
එතකොට මොකද්ද 'නිදහසේ' ජීවත් වෙන ව කියන්නේ?
ඒ කිව්වේ මම ගැහැනියක් වීම නිසා ම විඳින්ට සිද්ද වෙන කරදර නැති වීම. විශ්ව විද්යාලේදී මයේ මුනට සමහර පිරිමි යාලුවෝ කියල තියනවා ගෑනුන්ට ගණන් බෑ - ගෑනුන්ට විද්‍යාව බෑ- ගෑනු රස්සාවල් කරන්ට ඕන නෑ - ඔය වගේ බයිලා. ඒ කිව්ව අයට මම පිළිතුරු දුන්නේ බෝඩ් උස්සන් පාරේ ගිහින් නම් නෙවි. එයාල මට බැරිය කිව්ව දේවල් කරලා පෙන්නලා.
හැබැයි සමහර දේවල් එහෙම ම බැහැ. උදාහරනෙකට ලංකාවේ පාරවල් වල අයිනේ ඉන්න රස්තියාදුකාරයෝ නිසා කාන්තාවන් ට නිදහසේ අවලම් කතාවක් අහන්ට නැතිව පාරේ යන්ට අමාරු අවස්තාවන් තියෙනවා. ඒක කාන්තාවක් වීම නිසා විඳින්ට වෙන කරදරයක්.
එතකොට ආසියාතික පිරිමියාට වඩා කාන්තාවට ලැබිල තියෙන රාමුව පොඩියි. ගැහැණිය පුරුදු වෙන්නේ පොඩි සන්දියේ ඉඳල 'පරිත්‍යාගය' ට මිසක් 'ගන්න' නෙවි. ඒක හැටියක්. ඒකම තමා කාන්තාවට හරහට හිටින්නේ. ඔෆිස් වල බලන්න වලදී එහෙම එක සමාන වැඩ ප්‍රමාණයක් කරන කොල්ලෙක් ඇනුවල් performance රිවිව් එකේදී තමන් ගැන හොඳ විශ්වාසෙකින් තමන් කරන වැඩේ ගැන කියනවා. එත් කෙල්ල ට එච්චර ආත්ම විශ්වාසෙකින් තමන් 'deserving' කියල කියාගන්ට බැහැ. මම දන්නේ නැහැ මේ ඇයි කියල. ගොඩක් කෙල්ලෝ සමහර අවස්තාවන් වලදී දේවල් ඉල්ලන්න මැලි වෙනවා. 'මට පුළුවනි' කියල නෙවි 'අනේ මට බැහැ' කියලයි හිතන්නේ...ඉතින් ඒ ආකල්ප තියෙන කල් 'විමුක්තිය' ක් ලැබෙන්නේ නැහැ.
මම හිතන්නේ විමුක්තිය ගෙදර පටන් ගන්න ඕනේ. දුලා ඉන්න දෙමව්පියෝ දුලට කියාදුන්නොත් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ට, පුතාලට කියා දුන්නොත් කෙල්ලෝ කියන්නෙත් තමන් වගේම හැකියාවන්, හැගීම් දැනීම් තියෙන අය මිසක් මෝඩ හෝ දුර්වල පාගා දැමිය යුතු අය නොවේය කියල, අන්න එතකොට විමුක්තිය ලැබේවි.
//ඔෆිස් වල බලන්න වලදී එහෙම එක සමාන වැඩ ප්‍රමාණයක් කරන කොල්ලෙක් ඇනුවල් performance රිවිව් එකේදී තමන් ගැන හොඳ විශ්වාසෙකින් තමන් කරන වැඩේ ගැන කියනවා. එත් කෙල්ල ට එච්චර ආත්ම විශ්වාසෙකින් තමන් 'deserving' කියල කියාගන්ට බැහැ//
Deleteහත් දෙවියනේ එන්නකො අපේ ඔෆිස් එකට , අයිස් කඳන් වගේ අවුරුද්ද පුරා ඉන්න කෙල්ලො Annual appraisal එහෙම ආවාම කොහොමද එයාලව Market කරගන්නෙ කියලා. ඒ දවස් වලට අඳින ඇඳුම් පවා සරාගී පැත්තට නැඹුරු වෙනවා. :-)
අනේ අහිංසක අපි මොනවා කරන්නද?
//මම හිතන්නේ විමුක්තිය ගෙදර පටන් ගන්න ඕනේ. දුලා ඉන්න දෙමව්පියෝ දුලට කියාදුන්නොත් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ට, පුතාලට කියා දුන්නොත් කෙල්ලෝ කියන්නෙත් තමන් වගේම හැකියාවන්, හැගීම් දැනීම් තියෙන අය මිසක් මෝඩ හෝ දුර්වල පාගා දැමිය යුතු අය නොවේය කියල, අන්න එතකොට විමුක්තිය ලැබේවි.//
Deleteමේ කතාව ඇත්ත කියල මාත් පිලිගන්නවා. පොඩි කාලේ ඉඳන් අම්මලා, තාත්තලා දූවරු මේ විදියට හැදුවානම් හරි. අපේ රටේ පිරිමි කාන්තා පක්ෂයට කිසිම ගරු කිරිල්ලක් නෑ. පේන්නේ නැතෑ ගවුමක් ඇඳන් තනියම පාරේ බැහැලා යනකොට අහන්න තියන කතා. අර ඉස්සර කාලේ වගේ නිදහසේ පාරේ බැහැලා යන්න ලැබෙන එකත් ලොකු විමුක්තියක් බලාගෙන ගියාම.
@තරු අයියා,
//අනේ අහිංසක අපි මොනවා කරන්නද?//:)))
@සමනලී,
Deleteනැතුව ඉතින් අපි අහිංසකයි නේන්නම්... මොකෝ අපි කොට කලිසම් කියලා අඳින්නයැ..ඕවට තරඟ කරන්න :-)
ඉතින් තරු අයියා ඔයාලගේ පිරිමි පරානම නේ 'සරාගී' විදිහට අඳින ගෑනුන්ට තැන දීල තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ වැඩ කරත් නොකරත් සරාගිව අඳින ගෑනිට පඩි දෙනවා කියන එකද? ඉතින් කවුද එහෙම පඩි දෙන්නේ? ගෑනු ද? නැත්නම් තවත් පිරිමිම ද? හිකිස් !!!
Deleteඕක මෙහෙමනේ මෙට්‍රොපොලිස් නෝනා සාපේක්ෂව කාන්තා බොස්ල අඩුයි නෙ අන්න එහෙම උනා නම් අපිටත් පොඩ්ඩක් ට්‍රයි කොරල බලන්න තිබ්බ. තනි තටුවෙන් පියාඹන පිරිමි බොසෙක් හිටිය නම් ඒත් ට්‍රයි එකක් දෙන්න තිබ්බා.......... :P
Delete@අමා,
Deleteඉතින් ඒකනෙ බන් මම මේ කියන්නෙ.
ඔයානෙ කීවෙ පිරිමි , පිරිමින් ට අදිනව කියලා..
ඔන්න "කොල්වින්" සංගමේ ලොක්කෙක් වත් ආවොත් නම් අපි ගොඩ...හෙහ් හෙහ්
ඔන්න ඉතින් තරු අයිය පටලෝගෙන. මන් ලිවුව එක ආයේ කියෝලා බලන්ට. කොහෙද මම කියල තීන්නේ පිරිමි පිරිමින්ට අදිනවා කියල? මම කියල තීන්නේ ගෑනු සමස්තයක් ඔෆිස් එකේදී තමන් ගැන ආත්ම විශ්වාසෙන් ඉස්සරහට ගිහින් කතා කරනවා අඩුය කියල. මම කියල තීන්නේ ගැහැණු අපි, අපි ගැන තියෙන විශ්වාසෙ අඩුය කියල මිසක්, පිරිමි න්ගේ වැරැද්දක් එතන කියල තීනවද?
Deleteඒ විශ්වාසය අඩු අය තමා 'වැඩ පෙන්නලා' appraisal ගන්නවා වෙනුවට 'ඇග පෙන්නලා' appraisal ගන්නෙ.. සමහර තැන්වල ඕකම අනිත් පැත්තටත් වෙනවා බොසා ගැහැණියක් නම්.. :D
Delete@අමා,
Deleteහුටා... මට ටැපලිලාද? සොරි වෙන්න ඕන.
@බුරා,
අනේ අපිට ගෑනු බොසෙක් කවද ඒයිද? :-)
//ගෑනුන්ට ගණන් බෑ - ගෑනුන්ට විද්‍යාව බෑ- ගෑනු රස්සාවල් කරන්ට ඕන නෑ - ඔය වගේ බයිලා.//
Deleteඔයා වෙනත් කාරනා වගයක් පෙන්නලානේ. දැන් අලුතින් හොයාගෙන තියන විදියට පිරිමින්ට වඩා ගෑනුන් හුඟක් දේවලට දක්ෂයි. හැබැයි උයන්ට දක්ෂලු පිරිමි. පොඩ්ඩි ඉතින් බොරුද කියන්නේ. ඒ රාජකාරිය එයාලා බාර ගත්තා නම් ඉවරනේ.
//ලංකාවේ පාරවල් වල අයිනේ ඉන්න රස්තියාදුකාරයෝ නිසා කාන්තාවන් ට නිදහසේ අවලම් කතාවක් අහන්ට නැතිව පාරේ යන්ට අමාරු අවස්තාවන් තියෙනවා. ඒක කාන්තාවක් වීම නිසා විඳින්ට වෙන කරදරයක්.//
සම්පූර්ණ ඇත්ත. මුකුත්ම නැත්නම් 'නංගී...මොන රටෙන්ද ආවේ ? ' කියලවත් අහනවා හී හී...
//'මට පුළුවනි' කියල නෙවි 'අනේ මට බැහැ' කියලයි හිතන්නේ..//
ගැහැනු පිරිමි දෙගල්ලන්ගේම ආකල්ප වෙනස් කරගන්නකල් දෙගොල්ලන්ටම විමුක්තියක් ලැබෙන එකක් නෑ.
//දුලා ඉන්න දෙමව්පියෝ දුලට කියාදුන්නොත් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්ට, පුතාලට කියා දුන්නොත් කෙල්ලෝ කියන්නෙත් තමන් වගේම හැකියාවන්, හැගීම් දැනීම් තියෙන අය මිසක් මෝඩ හෝ දුර්වල පාගා දැමිය යුතු අය නොවේය කියල, අන්න එතකොට විමුක්තිය ලැබේවි.//
හරියට හරි. නිවසින් තමයි මේ දේ පටන් ගන්ට ඕනි.
හොඳම ලිපියක් උනාට මේක මට නම් ඔලුවට හෙන බරයි අප්පා..
ReplyDeleteමම මේ හිතනවා..ඔව් ඒකත් ඇත්ත.හ්ම්ම්.හ්ම්ම් එහෙමත් ඇත්ත..ඔව්නෙ එහෙමත් හරි.. කාන්තා විමුක්තිය නේද..හ්ම්ම්ම්ම්ම්......
අයියෝ සංසාරේ....
හවස ගෙදර ගිහින් තව හොඳට කියවල හිතල බලන්නම්..දැන් නම් මම මඤ්ඤං වෙලා ඉන්නෙ....
හී හී...දෙවෙනි පාරට බලනකොට ටිකක් තේරුනාද?
Deleteකාන්තා විමුක්තිය?...මොන විකාරයක්ද ඔය කාන්තා විමුක්තිය කියන්නෙ?....මහ ලොකුවට ඔය ගැන කතා කරන කිසි කෙනෙක් ඔහොම විමුක්තියක් ඇත්තටම ඕනය කියල හිතනවද?....කෙහෙල්මල...ඕක නිකම් වචන දෙකක් විතරයි....බොරුවට උඩ දම දම ඉන්න නම් හොඳයි...සංවිදාන පිහිටුවාගෙන පෙලපාලි යන්න බෝඩ් උස්සාගෙන හංදි ගානෙ කෑ ගහන්න හොඳ මාතෘකාවක් විතරයි ඕක.....
ReplyDeleteඅපි මේ කරන ඔක්කොම ස්වභාව ධර්මයට යටත්....ස්වාභාවිකව යමක් නිර්මාණය වෙලා තියෙන්නෙ යම් දෙයකට යම් කාර්යයකට සුදුසු විදිහට...උචිත විදිහට ...කොච්චර උඩ පැන්නත් නැටුවත් ඒ ධර්මතාවට අපිට වෙනස් කරන්න නම් බෑ..නිකම් හති වැටෙනව විතරයි වෙන්නෙ...
දැන් බස් එකක් ගන්න...ඒක හදල තියෙන්නෙ කාර් එහෙකින් ඉටුකරගන්න ඕන කටයුත්තට නෙවෙයි. බස් එකක් නිර්මාණය කරල තියෙන්නෙ ඒ පරමාර්ථයට අවශ්‍ය විදිහටයි. එතකොට කාර් එකත් එහෙමයි....මොනතරම් දැඟලුවත් කාර් එහෙකින් බස් එකකින් ගන්න ප්‍රයෝජනේ ගන්න බැහැනෙ...ඔන්න ඔය ටික තේරුම් නොගන්න එක නෙව වෙලා තියන හෙණේ..
පූර්ව ඓතිහාසික යුගයෙ ඉඳල පිරිමියා තමයි ප්‍රධානියා. දඩයම් කිරීම, තම බිරිඳ සහ දරුවන්ට ආරක්ෂාව සැපයීම ...මේ කටයුතු භාර උනේ පිරිමියාට. ස්ත්‍රියට නියමිත කාර්යය උනේ දරුවන් වැදීම ආහාර පිසීම සහ වෙනත් ගෘහස්ත කටයුතු....අද කාලාන්තරයක් ගත උනා උනත් ඒ තත්වය අබමල් රේණුවකින් වත් වෙනස් වෙලා නෑ....ඒ Status Quo එක එහෙම්මම තමයි.නුදුරු අනාගතයෙදි වෙනස් වෙන එහෙකුත් නැහැ කියල මට හිතෙන්නෙ.
දරුවන් වැදීම ස්ත්‍රින්ගෙ කාර්ය භාරයක්ව පවතින තාක් තත්වය එහෙමම වෙයි. අනාගත්යෙ දවසක ජීව විද්‍යාත්මකව වර්ගයා පවත්වාගැනීම අතහැරල මිනිස්සු ක්ලෝනීකරනයෙන් වරණාත්මකව වර්ගයා පවත්වා ගැනීමට පටන් ගත් දවසක නම් සමහරවිට මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්...ඒත් බොහෝවිට එහෙමත් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ....
අනික් කාරනේ ඔය කාන්තා විමුක්තිය ගැන තියෙන ආකල්ප උනත් පුද්ගලයගෙන් පුද්ගලයට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්... ඔන්න මම ගැන පෞද්ගලිකව කිව්වොත් මම බොහොම කැමතියි කාන්තා විමුක්තියට...ඒ කිව්වෙ විමුක්තිය කියල එයාල අදහස් කරන්නෙ පිරිමින්ට කියල සාම්ප්‍රදායිකව වෙන් වෙච්ච කටයුතු කරන්ට අවස්තාව ලැබෙන එකනම් මම එක පයින් කැමතියි වැඩේට.
දැන් සාම්ප්‍රදායිකව වෙන්නෙ බොහෝවිට කාන්තාව ගෙදර ඉන්නව...පිරිමියා රැකියාවක් කරල ගෙදර අඩු පාඩු අවශ්‍යතා හොයල බලනව....වියදම් කරනව එහෙමනෙ...එතකොට ඒ වෙනුවට කාන්තාව රැකියාවක් කරල ඒ ආදායමෙන් ගෙදර දොර සියළු කටයුතු හොයල බලල අවශ්‍ය වියදම් කරනවනම් ...අනේ අනික් අය ගැන නම් මංදා මම සීයට දෙසීයක් කැමතියි ඒ වැඩේට...හෙහ්, හෙහ්,
දැන් මෙහෙමනෙ මෙ වැඩේ වෙන්නෙ. ලොක්කි ( ගෙදර ගෘහ මූලිකය එතුමිය උනහම ගරු නම්බු දීල කතා කොරන්න එපාය ...නැද්ද මං අහන්නෙ?) උදේම නැඟිටල බත කාරිය උයල තේ එහෙකුත් හදල දීල යනව රාජකාරියට. මම නවයට විතර නැඟිටල කාල එහෙම ඉඳගන්නව සාලෙ මයෙ සනීප පුටුවෙ. උදේ වරුව ටී වී එකේ බලනව ක්‍රිකට් මැච් එක...ඒ ගමන් ලාවට පොඩි එහෙකුත් ගන්නව.....දවල්ට කාල පොඩ්ඩක් නිදියනව ජොලියට වගේ....හවස නැඟිටල වොෂ් එහෙකුත් දාගෙන ආයෙම සැට් වෙනව ආතල් එකට. ඔය වෙනකොට එතුමී ඇවිල්ල රෑ කෑම ලෑස්ති කරනව. ඊට පස්සෙ රෑට කාල කාරිය නිදාගන්නව. ඔන්න ඔහොමයි මගෙ දින චරියාව....
ඔහොම ආතල් එකක් තියේනම් කාන්තාවන්ට විමුක්තිය නෙවෙයි ඕන එකක් බැරියැ දෙන්ට...හෙහ්, හෙහ්, මම නම් එවර් රෙඩී කාන්තා විමුක්ති සීන් එකට...ඕන වෙලාවක....අනෙ අම්මප...මේ ඇත්තමයි.
“She had once said that she believed the women's liberation movement of the sixties and seventies was actually a ploy by men to get women to do more.”
― J. Courtney Sullivan,
@රවියො,
Deleteඅම්මපා මටත් ඔය ගැන කම්පනා වුනේ නැහැනෙ.හැබැයි පොඩි කොස්සක්, අපේ ගෙදර කෙල්ලො දෙන්නවත් වයිපරෙත් එක්ක ඔපීසියටම යවල, එයා එනකොටම එක්කන් එන්න කීවනම් එළකිරි
ගෑණුන්ගෙ ලස්සන කැපිල පෙනෙන්නෙ මේ පුරුෂාධිපත්‍යය නිසයි. ඒ විතරක්ද .. ආරක්ෂාව.
Deleteරවි ගේ පිළිතුරට මා කැමතියි.
//පූර්ව ඓතිහාසික යුගයෙ ඉඳල පිරිමියා තමයි ප්‍රධානියා. දඩයම් කිරීම, තම බිරිඳ සහ දරුවන්ට ආරක්ෂාව සැපයීම ...මේ කටයුතු භාර උනේ පිරිමියාට. ස්ත්‍රියට නියමිත කාර්යය උනේ දරුවන් වැදීම ආහාර පිසීම සහ වෙනත් ගෘහස්ත කටයුතු....//
Deleteදැන් උනත් පිරිමි ඉතින් මේ විදියට අනික් හැමදේම සපයලා දෙනවා නම් ගෑනු උදවිය ඔය කියන දේවල් කලාට කමක් නෑ. ප්‍රශ්නේ එන්නේ එදා දඩයක්කාරයෝ කරපු දේවලුයි, එයාලගේ භාර්යාවන් කරපු දේවලුයි දෙකම ගෑනුන්ට කරන්ට සිදුවීමනේ.
//එතකොට ඒ වෙනුවට කාන්තාව රැකියාවක් කරල ඒ ආදායමෙන් ගෙදර දොර සියළු කටයුතු හොයල බලල අවශ්‍ය වියදම් කරනවනම් ...අනේ අනික් අය ගැන නම් මංදා මම සීයට දෙසීයක් කැමතියි ඒ වැඩේට...හෙහ්, හෙහ්,//
මෙන්න මෙතනින් පස්සේ සැමියාගේ රෝලේ කියන්ට ගිහින් පොඩ්ඩක් වරද්ද ගත්තා.හී හී හී හී....
ඕක එතකොට වෙන්නේ මෙන්න මෙහෙමයි.
පිරිමියා උදේ පහට විතර නැගිටලා, භාර්යාවට ගෙනියන්ට බත් උයලා, මුල් බැඳලා, උදේ කෑම එකක් ගෙදරදි කන්ට වෙලා නැත්නම් ඒකත් මුලක් බැඳලා දීලා, එයා යනකොට පසුගමන් කරලා, ගියාට පස්සේ රෙදි හෝදලා, ගෙවල් අස් කරලා, කඩේ ගිහින් ඇවිත්, ආපහු උයලා, නාලා කරලා, හුච්චකුවක් නැතුව වෙන ලස්සන ඇඳුමක් ඇඳලා, හවසට උණු තේ එකක් කාරිය හදාගෙන, හිනාමූනින්, පෙරමග බලා ඉන්න එක තමා එතකොට පිරිමියාගේ රාජකාරිය වෙන්නේ. :)
//ඔහොම ආතල් එකක් තියේනම් කාන්තාවන්ට විමුක්තිය නෙවෙයි ඕන එකක් බැරියැ දෙන්ට//
මෙහෙම ආතල් එකක් දැනුත් ගන්න එක මේ පිරිමින්ට තේරෙන්නේ නැති හැටි හැබෑට. :)
@ තරු,
Deleteරෝල් එක මාරු උනාම ලමයි බලන්ට වෙන්නේ පිරිමින්ට තරු අය්යේ.:)
@නිහාල්,
දීකිරට බළලුත් සාක්කිලු...:D
අනෙ මන්දා ඔය විමුක්තිද මොකක්ද එකා ඕක තමයි ....... ඒක්කො ඕන්නැහැ
ReplyDeleteඑහෙමත් කෙනෙක් ඉන්නවද?
Deleteදැන් ඉතින් කියන්ට ගත්තුදේ කියලම දාන්ට.:)
මට විමුක්තිය ඕනැ ලෙඩ වෙච්ච වෙලාවට, ගර්භාශය අයින් කල වෙලේ sick leave තිබ්බ නං කොච්චර හොඳද?
ReplyDeleteඒ වගේ වෙලාවකටත් විමුක්තිය ඕනි තමයි. දැන් අපි කවිකාරිගේ ඔක්කොම විස්තර දන්නවා. අල්ලපු ලේන් වල ඉන්න අයත් එක්කම. :D
Deleteවිමුක්තිය නේද..?? අර කියන්නා වගේ ඕක ඉතිං සාපේක්ෂයි නෙවැ.. මයි කාර් මයි පැස්ටෝල් කියලා තම තමා තමන්ගේ විමුක්තිය සලසා ගත යුතුයි නොවැ.. ඉස්සර කාලෙ එකේක අය තම තමන්ගේ විමුක්තිය ලබපු ආකාරය දැනගන්න කියවන්නකො 'තේරි ගාථා' හා 'තේර ගාථා'..
ReplyDeleteමේ ගිහිගෙයි සියළු දුක් උහුලපු ඉසිදාසියගේ විමුක්තිය..
සුදුසු කල නොවරදා-උවටැන්ද කොට සියලු
එළිපත ළඟදි හිමිහුගෙ-පා සෝදා ගෙට ගොස්
බැඳිලි ඇතිව වෙත යමි-කොස්‌ස කැඩපත
සුවඳ විලවුන්-හා අඳුන් ගෙන,
දැස්‌සක සේ හිඳ-සැමියා සරසමි සනසා
බත් පිස වළන් සෝදමි-පුතුට සලකන මවක සේ
මමද සලකමි සැමිහුට
මෙසේ බැඳී ඇලී-හිමිහුට බැල කරන නිතර
නිහතමාන සිල්වත් මට -කෝපයෙනි ඔහු කතා කරන්නේ
...
...
...
මම වැඳ මවුපියන්-හා සියලු නෑයන්
පැවිදිව සත් දිනකින්-තුන් විදු හා සැනසුමද ලැබීමි
මේ ගිහි ජීවිතයේ අපමණ සිටු සම්පත් අනුභව කළ සුජාතාවගේ විමුක්තිය..
හැඳ රෙදිපිළි පට විසිතුරු -සුවඳ සඳුන් ගා මැඩ ඇඟ
පැළඳ බරණ මල්දම් බර -යෙහෙළිනියන් පිරිවර කොට
කෑම බීම කැවිලි පෙවිලි -ගෙන්වාගෙන නික්‌ම ගෙයින්
ඇතුළු වීමි උයන තුළට -සනහන්නට සිත කය දෙක
...
...
...
දන්නා ලද සඳහම් ඇති මම-පැවිදි ව අනගාරික වීමි
තුන් විදු දනිමි වෙසෙසා-සස්‌න සම්බුදු නොසිස් වූවකි
පලි: තේරි ගාථා උපුටා ගැනීම් තේරි ගී (මාටින් වික්‍රමසිංහ) පොතෙනි.
මෙන්න බූරෝ පටාචාරාගෙන්...:)
Delete(I thought:)
"Plowing the field with plows,
sowing the ground with seed,
supporting their wives & children,
young men gather up wealth.
So why is it that I,
Consummate in virtue,
a doer of the teacher's bidding,
don't gain Unbinding?
I'm not lazy or proud."
Washing my feet, I noticed
the water.
And in watching it flow from high
to low
my heart was composed
like a fine thoroughbred steed.
Then taking a lamp, I entered the hut,
checked the bedding,
sat down on the bed.
And taking a pin, I pulled out the wick:
Like the flame's unbinding
was the liberation
of awareness.
චෑ, කිසිම ගතියක් නෑ අප්පා. මං නං කැමතිම නෑ මේ වගෙ ලිපි වලට. අපිට ඕනේ හිතන්න නෙමෙයි, හපන්ට . දැං බලාන්ට, හොද්දක් උනාම හොඳට ලුනු-ඇඹුල් තියෙන්න ඕනෙ නෙව, ආන්න ඒ වගේ :)
ReplyDeleteඉස්සර කාලෙ , මිනිස්සු කසාද බඳිනවට හිරයක් ගේනව කියල කිව්වා.ඒ කියන්නෙ කැමැත්තෙන්ම හිරේ යනවා කියන එකයි. හිරේ ගිය එකාට උයන්නයි, සම්බෝල හදන්නයි වෙනව නං , අනිවා ඌ ඉන්නෙ, හිරගෙදර උයන පාටියෙ. එතකොට දැං තේරෙනව නේද විමුක්තිය අවශ්‍ය කාටද කියල?
දැන් නම් හොඳටම තේරුනා ටොමියෝ...එයාලට සම්බෝල හදනවට වඩා දේවල් ඉගෙනගන්ට වෙනවා. නැත්නම් විමුක්තියක් ලැබෙන්නේ නෑ.:D
Deleteමාතෘකාව දැක්කම හිතුනෙ අදත් පොඩ්ඩි එක්ක ගහගන්න කට්ටිය එයි කියලා. හැබැයි අන්තර්ගතය වෙනස්... !! මැදහත් විචාරයක්.
ReplyDeleteගොඩක් කට්ටිය දුවගෙන ආවේ ගහන්ටලු. කියෙව්වට පස්සේ සද්ද නැතුව ආපහු හැරිලා ගිහින්...:)
Deleteහැමදාමත් මේ වැඩේ හරියන්නේ නෑ කියලා මේ පාර ඉතින් මැදහත් සිතින් බැලුවා...:)
මේකට කමෙන්ට් කරන්න කලින් ආයෙත් කියවන්න හිතුණා. ලිපිය ඒතරම් ස0කීර්ණයි.. කාන්තා විමුක්තිය කියන දෙය ගැන එක එක කෝණ වලින් බලලා... පොඩ්ඩි එක පාරටම දාර්ශනික වේගෙන එනවද කියලත් හිතුණා. "පිරිමින්ට විමුක්තියක් අවශ්‍ය නැද්ද?" කියන එකත් වැදගත් ප්‍රශ්නයක්..!! හී හී
ReplyDeleteදාර්ශනික වේගන එනවද දන්නේ නෑ කියලා ඔන්න පොඩ්ඩිටත් බය හිතීගන එනවා. ඊලඟ එක පැණි පෝස්ට් එකක් දැම්මා නම් හරි නේද?
Deleteවිමුක්තිය හොයන්ට ගෙදර දාලා එලියට යන්ත පුලුවනුත් පිරිමියෙකුට විතරනේ. :)
දෙදෙනාගෙ පාඩුවේ අදහස් විවෘතව තබාගෙන සහයෝගීව සිටිත් නම් විමුක්තියක සොයන්නට නොපෙල බෙනු ඇත.
ReplyDelete:)
ඇත්ත සෑම්...:D
Deleteමෙතනත් කතාව සාපේක්ෂයි නොවැ. මුලින්ම කිව්ව කතාව කියෙව්වාම මටත් හිතුණේ කාන්තාව මෙහෙකාරියක් කරලා කියලා ඒක දකින කාන්තා විමුක්ති සංවිධානෙක ලොක්කියෙක්ට කියන්න පුලුවන්නේ කියලා.
ReplyDeleteමොනවා වුණත් අවබෝධය හා විශ්වාසය තියෙනවා නම් එතන ඒ කාන්තා විමුක්තියවත් පිරිමි විමුක්තියවත් ඕනේ නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ...
ඒක මම අපේ ගෙදරින්ම ඉගෙන ගත්තු දෙයක්. අපේ තාත්තා තමා හැමදාම උදේට තේ හදන්නේ වගේම අම්මාගේ නංගීගේ ඇඳුම් පවා මදින්නේ. ඒ වගේමයි අනිවා සතියකට සැරයක්වත් රෑට කන්න ඉදියාප්ප හදන්නේත් තාත්තා.
ඒ වගේමයි මම දන්න මම හුඟක් ගරුකරන ගුරුවරු දෙපලක් ඉන්නවා. ඒ දෙන්නාගෙන් මිස් හුඟක් ක්ලාස් කරන කෙනෙක්. ඒක නිසා සර් තමා හුඟක් වෙලාවට දෙන්නාගේම ඇඳුම් පවා හෝදන්නේ. ඒ වගේමයි තේ හදන්න, කෑම උයන්න වෙන දේවල් පවා ඒ සර් කරනවා.
අන්තිම කතාව තමා මගේ හොඳම යාළුවාගේ ගෙදර තත්වය. එයාලගේ අම්මා තමා පොඩ්ඩී කිව්ව මුල් කතාවේ විදිහට සියලු දේම කරන්නේ. තාත්තා අර කලින් කතා දෙකේ වගේ දායකත්වයක් නැහැ. ඒත් ගැටලුවකුත් නැහැ.
ඉතින් ඒ කිසිම තැනක කාන්තා විමුක්තිය ගැන පුරුෂ විමුක්තිය ගැන හඬක් නැහැ. මොකද දෙන්න දෙමහල්ලෝ අවබෝධයෙන් ඉන්න නිසා.
හසිත දැකලා තියෙන්නේ විමුක්තිය ලැබූ පුද්ගලයන් කියලයි මට හිතෙන්නේ. කීවත් වගේ දෙන්නෙක්ගේ අවබෝධයක් තියෙන එක තමයි නිවැරදිදේ. නැත්නම් ගැමි පරිසරයක ජීවිතයක් ගැන නොදන්නා නාගරික කාන්තාවක් 'කාන්තා විමුක්තියක්' ගැන කතා කරන්ට ආවොත් එය විහිලුවක් වෙනවා.
Deleteහසිත දෙවිදියක ගෙවල් දෙකක් විස්තර කරනවා. මෙන්න මගේ හිතේ ඇඳුනු දර්ශනයක්!!!
සැමියා හා බිරිඳ ගෙදර එනවා. බිරිඳ ඇඳුම් මාරු කරන අතරේ, (එය වෙලා යන වැඩක් නිසා ) සැමියා තේ හදනවා. ඊට පසු, ඔහු උයනවා, ඇය ගෙවල් අස් කරන තුරු. (ලෝකයේ හොඳම කෝකියෝ පිරිමිලු ) ඉන්පසු දෙන්නා මේ දවස්වල විදුලිය නැති හන්දා ඉටිපන්දම් එලියෙන් කෑම කනවා...මාර romantic නේද? ඕනිම නම් ඉතින් කටක්, දෙකක් කවාගන්ටත් බැරියැ....:D:D:D
@ Podi Kumarihami
Delete"........ලෝකයේ හොඳම කෝකියෝ පිරිමිලු....."
ලොබ්සෑං රැම්පා කියන ටිබෙට් ලාමාවරයාගේ ස්වයං චරිතාපදානය "දිබබ චක්ඛු" නමින් සිරිල් සී. පෙරේරා සිංහලයට පරිවර්තනය කළා. මේ ඒ පොතේ ගත්තු කෑල්ලක්
"...... අපේ රටේ [ටිබෙට් රටේ] කෑම පිළියෙල කරන්නෝ පිරිමිය. ගැහැණු හොඳට සම්පා [ටිබෙට් රටේ ප්‍රධාන ආහාරය] හැඳිගෑමට හෝ නියම මිශ්‍රණය සෑදීමට නොදනිති. අරකෙන් ටිකක් හා මේකෙන් ටිකක් ගෙන ගුලියක් සාදා වැඩේ හරි යැතැයි ඔව්හු බලාපොරොත්තු වෙති. නමුත් පිරිමි ගෑණුන්ට වඩා දක්ෂයෝ වෙති. ඔව්හු ගෑණුන්ට වඩා මහන්සි වෙති. එහෙයින් පිරිමි ගෑණුන්ට වඩා හොඳට ආහාර පිසීමට සමත් වෙති. ගෑණු ධූලි පිස දැමීමට, ගේ දොර අතුපතු ගෑමට, කතා බහට සහ වෙනත් වැඩ කීපයකට සමත් වුවද සම්පා සෑදීමට සමත් නොවෙති......"
ඕන් එහෙමලු ටිබෙට් රටෙත් :D [දැන් කොහොමද නම් දන්නේ නැහැ. මේ කියන්නේ ටිබෙටය චීනෙන් අල්ල ගන්න කලින් කාලේ]
@ Podi Kumarihami
Delete"ඉන්පසු දෙන්නා මේ දවස්වල විදුලිය නැති හන්දා ඉටිපන්දම් එලියෙන් කෑම කනවා.."
ආහ් ඒ කාලේ ගියා දැන් ආයි පැය 24 ම රට විදුලි ආලෝකයෙන් බබළනවා :D
හා, ලොබ්සෑං රැම්පා - තෙවන ඇස.හොයන්න ඕනෙ ඔය කියන පොතත් :)
Deleteහරි පොත් සැට් එකම හොයා ගත්තා. මොන එකක්ද මන්දා සිංහලෙන් කියවනවා වගේ නෑ? ලොබ්සෑං රැම්පා ගැන තියෙන විවේචන අමතක කලොත්, තිබ්බතය ගැන ලස්සනටම ලියවිලා තියන පොත් ටික
Deleteලොබ්සෑම් රැම්පාට වගේ තුන් වැනි ඇහැ පාද ගන්න දොලක් ආවොත් මට කියාපං... ටොමියෝ.....පරාල ඇණයකුයි, බුරුමෙකිනුයි ඒක ලේසියෙන් කොලැකි....!!
Deleteඑහෙනං අර ග්‍රැෆික් මෙව්ව එකෙන් "පුරසිද්ද තුන්වෙනි ඇස පාදන්නෝ" කියල පොස්ටරේකුත් ඇඳලම හිටිය නං අගෙයි. මං මේ නොදන්න කමට අහන්නෙ, ඔය 'තුන්වෙනි ඇස" පෑදිල්ල ඉස්තිරි-පුරුස දෙපක්සයෙන කොලෑකිද? :)
Delete@ ටොමියා
Deleteලොබ්සෑං රැම්පාගේ කතාව දිබ්බ චක්ඛු කියලා සිංහලයට පරිවර්තනය කරන්න කලින් තෙවෙනි ඇස නමිනුත් සිංහලයට පරිවර්තනය වුණා. ඒත් තෙවන ඇස කෘතිය පරිවර්තනයට සාධාරණයක් ඉටු නොකරපු නිසාලු සිරිල් පෙරේරා මහත්තයා හමස් පෙට්ටියට දාලා තිබුණු [ඒ ඇයි කියලා තමන්ගේ පොතේදී එතුමා කියනවා] දිබ්බ චක්ඛු පරිවර්තනය ප්‍රකාශයට පත් කරන්නේ.
මාත් දවසක් මහජන පුස්තකාලයේදී තෙවෙනි ඇස පොත ටිකක් කියෙව්වා. ඒ පරිවර්තනය නම් එච්චර මගේ හිතටත් ඇල්ලුවේ නැහැ. මට මතක තියෙන එක කෑල්ලක් තමා තෙවෙනි ඇස පොතේ මෙයාගේ නම කියන්නේ "ටියුස්ඩේ ලොබ්සෑං රැම්පා" කියලා. ඒත් දිබ්බ චක්ඛුවේ කියන්නේ "කුජදින ලොබ්සෑං රැම්පා" කියලා
ආහ් තිබ්බතය ගැන පොත් කියවන්න මගේත් ලොකු කැමැත්තක් තියෙනවා. තව පොතක් තියෙනවා තිබ්බතය ගැන ලියවුණු. පොතේ නම Seven Years in Tibet ලියලා තියෙන්නේ Heinrich Harrer. හොඳ විස්තරයක් තියෙනවා ටිබෙටය ගැන. ඒකෙන් film එකකුත් හදලා තියෙන්නේ. ඒක බාගන්න ඕනේ කියන එක ආයි මේ කතාවෙන් මතක් වුනා.
ඒ ඇරෙන්න 14 වෙනි දලයි ලාමාගේ ජීවිත කතාව තියෙන "Kundun" කියන ෆිල්ම් එකත් ටිබෙටය ගැන අපූරු දේවල් කතා කරනවා. එතුමාගේ ජීවිත කතාව තියෙන පොතක් මම දවසක් මහජන පුස්තකාලයේදී කියෙව්වා. ඒකේ නම තමා මතක් නැත්තේ. තාම ඒක මම හොයනවා.
ඔයත් දන්න කියෙන ටිබෙටය ගැන පොත්, ෆිල්ම් තියෙනවා නම් කියන්න
@ බුද්ධි
Deleteකෙහෙල් කොටුවේ තෙවෙනි ඇස් පාදන්නෝ :D
@ ටොමියා
Deleteපොතේ තියෙන විදිහට නම් ඉස්සර කාලේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දිබ්බ චක්ඛුව තිබිලා තියෙනවා. ඒ කාලෙම දෙවියන් මිනිස්සුත් එක්ක මිශ්‍ර වෙලාත් ඉදලා තියෙනවා. ඒත් මිනිස්සු දෙවියන්ව මරලා දේවත්වයට පත්වෙන්න කරපු උත්සහය වටහා ගන්න දෙවිවරු මිනිස්සුන්ගේ දිබ්බචක්ඛුව වහලා දානවා.
ඒත් මිනිස්සු ස්වල්ප දෙනෙක් විතරක් දිබ්බ චක්ඛුව ඇතිව උපදිනවා. ඒත් ඒක විශේෂ ප්‍රතිකාරවලින් පාදා ගන්න ඕනෙලු.
මන් දැන් මොනවද කියන්නේ ....අර පොල්සම්බෝලෙයි උරතලෙයි කතාව ඇරුනම අනික්වා සේරම ඇත්ත .
ReplyDeleteඅපි එක එක්කෙනාට ඕන දේවල් වෙනස් . මගේ ඊශ්‍රායල් මිතුරියට ඕනේ ළමයි තුන් දෙනා මනුස්සයට දීල සතිඅන්තයේ ෂොපින් යන්න . දවසක් අපේ කෙල්ලෝ දෙන්නත් එහෙ දාල මාත් ගියා එයයි එක්ක . කෙල්ලෝ පහක් බලා ගත්ත මිනිහා කිසි අවුලක් නැතුව . ඉතින් මගේ යෙහෙළිය එයාට ඕන විමුක්තිය ලබාගෙන .
මන් දන්නා මුස්ලිම් ගැහැණු කෙනෙක් [ අප්‍රිකානු රටක ] ඉන්නවා . ඔලුව හෙම වහගෙන . සාමාන්‍යයෙන් මගේ චිත්ත සන්තානය පොඩ්ඩක් කම්පනය වෙනවා ගැනියෙක් ඔලුව හිටන් වහගෙන ඉඳිද්දී . අනේ පව් කියල හැඟීමක් ඇති වෙනවා. ඉස්සර නම් ගෑනුන්ට ඔලුව වහගන්න නීති දාපු උන්ට දඬුවම් දෙන තරමට සිතුවිලි උග්‍ර වෙනවා . දැන් එච්චර දුර යන්නේ නැහැ . ඒගොල්ලන්ට ඕන නම් එහෙම නැතුව ඉන්න ඒගොල්ල ඒක තීරණය කරන්න ඕන . හැබැයි අර පරණ පුරුද්දට චුටියට දුකක් ඇති වුනා මේ මනුස්සයා ගැන . මෙන්න මේ මනුස්සයා ඊ ළඟ දවසේ යනවා තඩි කාර් පතයකුත් එලවාගෙන . සාමාන්‍යයෙන් විදේශික පිරිමින් පවා වාහනයක් එලවන්නේ අඩුවෙන් . පොඩියක් හරි අනතුරක් වුනොත් විදෙස් අයට කරදර වෙන නිසා .
තව දවසක් සුපර් මාකට් එකේදී මනුස්සයෙක් හොර ඩොලර් මාරු කරන්න හදද්දී පිරිමි පවා කට වහන් හිටියා . මෙයා තමා ඉදිරිපත් වෙලා මේ මිනිහා හොරෙක්ය කියල අල්ල ගත්තේ . මේකෙන් මන් කියන්නේ ඔලුව වහපු හැමෝටම ව්මුක්තිය ඕන කියන මගේ මතය බිඳ වැටුන හැටි .
විමුක්තිය සාපේක්ෂයි .එතකොට මන් ..මන් තීරණය කරන්න ඕන මට ඕනේ මොනවද කියල . නැතුව වෙන කෙනෙක් මගේ විමුක්තිය තීරණය කරන්නේ කොහොමද . හැබැයි සැබෑවටම උදව් අවශ්‍ය ගැහැණු ඉන්නවා . තමන් දුක් විඳින බව දැන දැන හෝ නොදන්නා කමට දුක් විඳින . ඒ අයට තමන්ගේ විමුක්තිය සඳහා බාහිර උදව් ඕන වෙනවා
ඔය මුස්ලිම් ගැහනුන්ගේ කතාව මටත් දැනිලා තියනවා. මගෙත් එක්ක යුනි එකේ හිටි ගෑනු ලමයෙක් මෙහේ ඉන්න සුදු ජාතිකයින්ටත් වඩා ස්වාධීනයි. දෙමව්පියන් තෝරාලා දුන්නු කෙනෙක් හා විවාහ උනත්, එයාම ඔහු ගැන හොයලා බලපු හැටිත් මට තාම මතකයි. අන්න ගෑනු....:D
Deleteසමහර ගැහැනු උදවිය නොදැන දුක් විඳිනවා..සමහරු දැන දැන දුක් විඳිනවා. මීට හේතුව සමහරවිට අපේ සමාජ ක්‍රමයේ වැරැද්ද වෙන්ට පුලුවන්. අපි විශ්වාස කරගෙන ඉන්න සම්ප්‍රදායයන් හන්දත් මෙයාලා දුක් විඳින්ට පුලුවන්. විසඳීමට අමාරු ප්‍රශ්නයක්.බාහිර උදව් ඕනි. ඇත්ත. මුලිනම් සැමියාගෙන්. ගෙදරින්ම පටන් ගත්තානම් ලේසී...
//අර පොල්සම්බෝලෙයි උරතලෙයි කතාව ඇරුනම අනික්වා සේරම ඇත්ත //
මට නම් මේක තමා ඇත්තම ඇත්ත. :D
ලෝකේ කොච්චර වෙනස් වුනත් ආදරේ කරන කෙල්ලෝ කියන මේ පොල් සම්බෝල කතාව වෙනස් නොවෙන හැටි නේ පුදුමේ
Deleteඒ වගේම බඳින්ට පෙර මේ කියන පොල් සම්බෝල කතාව, බැන්ද ගමන් "වාෂ්ප" වෙන එක නොවැ ඊටත් වැඩිය පුදුමේ :)
Deleteහා, මං කියන්නෙ බොරුද නෝනේ?
කාන්තාවන්ට පමණක් නොව සියළු සත්වයන්ටම ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විමුක්ති මාර්ගය පමණි....
ReplyDeleteමා මෙම කොමෙන්ටුව මෙහි යොදනුයේ යම් අයෙකුට සත්‍යවූ විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය නම් ඊට යම් මගපෙන්වීමක් කිරීමටයි.
පොඩි කුමාරිහාමි විසින් මැයි 8 දා පළකරන ලද 'එහා ලෝකය...' පෝස්ටුවට neetha විසින් දමා ඇති කොමෙන්ටුවේ (neetha8 May 2012 22:48) සඳහන් රහත් තෙරණියක වූ කායිව් සිල්මාතාව පිළිබඳ වූ ග්‍රන්ථය පිළිබඳ මා විසින් අන්තර්ජාලයේ සොයා බලන ලදී. එහිදී ඒ ග්‍රන්ථය මෙන්ම එවැනිම වටිනාකමකින් යුත් මන් භූරිදත්ත මහ තෙරුන් පිළිබඳ ග්‍රන්ථයක් ද හමුවිය. රහතන් වහන්සේලා දෙනමකගේ සත්‍ය ජීවිත කථා ඇතුලත් මේ ග්‍රන්ථ යුගලයෙන් අප ගේ ජීවිතයට ලබා ගත හැකි දේ බොහෝ ය. විශේෂයෙන් කාන්තාවක් ලෙසට සිල් මාතා කායිව් උතුම් වූ විමුක්තිය ලබා ගත් ආකාරය කාන්තා විමුක්තිය කුමක්දැයි සොයන හැමටම හොඳ පිළිතුරකි. ඒ නිසා මේ ග්‍රන්ථය පිළිබඳ අදාල කොමෙන්ටුවේ සඳහන් කල neetha හට මම ස්තූතිවන්ත වෙමි. මට මතක හැටියට මා මෙම පෝස්ටුව බැලීමට පැමිණියේ එහි ඇති ඔබා මාමාගේ කොමෙන්ටුව ඔහුගේ අවසාන කොමෙන්ටුව යැයි පොඩි කුමාරිහාමි විසින් කොතැනක හෝ සඳහන් කර තිබූ නිසා ය. ඔබා මාමාටත් පින් අනුමෝදන් කරන අතර මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පොඩි කුමාරිහාමිටත් ස්තූතිවන්ත වෙමි. පහත ලින්ක් එක හරහා ඔබටත් මෙම ග්‍රන්ථයන් හි සිංහල PDF සංස්කරණයන් ලබාගත හැක. කෙසේ හෝ කාලය වෙන්කර මෙම අගනා ග්‍රන්ථයන් පරිශීලනය කර විමුක්තියේ මාවතට යොමුවීමට උත්සාහ කරනමෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
http://www.forestdhamma.org/books/sinhala/
'මයි චී කායිව්' ග්‍රන්ථයේ සංස්කරණය ලැබුනා. ඒක දැන් කියවාගෙන යනවා. හැබැයි ඒ සිල් මාතාව පෙර ආත්මවල ඉඳන් භාවනාව පුරුදු කරපු කෙනෙක් නේද? පොඩි කාලෙදි පවා පෙර ආත්ම ගැන කියන්ට ඇයට හැකිකම තිබුනා. ඈ නිකංම නිකං ගෙවිලියක් නම් නෙමෙයි. එහෙමනම් අපිට ඈ ගිය දුර යෑමට හැකිවේවිද? කොහොම නමුත් තාම එය කියවලා ඉවර කරලා නෑ. අගේ ඇති පොතක්. හැමෝම වාගේ එය කියවයි කියලා බලාපොරොත්තුවෙනවා. පොත හරිම රසවත්. කියවීම පහසුයි.
Deleteබුදු දහමෙහි එන විමුක්තියට වඩා වෙන විමුක්තියක් පිරිමි, ගැහැනු කිසිවෙකුටවත් ලැබිය හැකී කියලා මම හිතෙන්නෙත් නෑ.
ඔබට ගොඩාක් ස්තූතියි. නීතටත් පිං....:)
ඔබ දැක්වූ අදහස ඔස්සේ මෙතැනට එන ඔබගේ රසික සහෘදයින් සියලු දෙනාම මේ පොත් දෙකම කියවන්න හිත යොමුකරයි කියලා හිතනවා. ඇත්තටම නීතාගේ කොමෙන්ටුව නිසා කායිව් සිල් මාතාවගේ පොත හොයන කොට හම්බවුන පොත් දෙකෙන් මමත් ඉස්සෙලාම බැලුවෙ ඒ පොත. කාන්තාවක් නිවැරදි විමුක්තිය ලබන්නේ කොහොමද කියලා හරි අපූරුවට ඒකෙ පැහැදිලිව දක්වා තියෙනවා. ඊට පස්සෙ මන් භූරිදත්ත හිමියන්ගේ පොත මම තවම බලාගෙන යනවා. ඒකත් ඒ වගේම අපූරු ග්‍රන්ථයක්. හරිම ආසාවෙන් කියවන්න පුලුවන්. ඔබ ඒ පොතත් ඉඩ ලැබුන වෙලාවක කියවයි කියලා මම හිතනවා.
Deleteබුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන විදිහට නම් මනුෂ්‍ය ආත්මයක් (ගැහැනු හරි පිරිමි හරි) ලබාගැනීම හරිම දුර්ලභ කාරණයක්. ඒක හරියට කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකිනවා වගේ කියලයි උන්වහන්සේ දේශනා කලේ. ඉතින් අපි හැමදෙනාටම මේ දුර්ලභ අවස්ථාව ලැබිල ඉතාම දුර්ලභ වූ සද්ධර්මයත් ලැබිල තියෙන වෙලාවෙ පුළුවන් විදිහට ඒ විමුක්ති මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කළයුතුයි කියලයි මම හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකරල තියෙන විදිහට නම් ඒ ගමන කල්දැමීම එතරම් සුදුසු නැහැ. මොකද උන්වහන්සේ එක වෙලාවක තමන්ගේ නිය පිටට පස් ස්වල්පයක් අරන් පෙන්නලා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මේ ලෝකෙ ඉන්න සත්වයින් මහ පොලොවෙ තියෙන පස් වලට සමාන කලොත් ඒ අතරින් නැවතත් මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්නෙ මේ නිය පිට තියෙන පස් ස්වල්පය වගේ ඉතා සුළු පිරිසක් කියලා. අනෙක් අයගෙන් වැඩි පිරිසක් ප්‍රේත, තිරිසන්, නිරය ආදි ආත්මභාවයන් ලබනවා. ඉතින් අපි මේ ගමන් කරන සංසාරය ඒ වගේ බියකරු එකක්. ඒ සසර බිය දැනගෙන විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට ඔබ ඇතුළු සැමදෙනාටම හැකියාව ලැබේවා..
(අපාය, ප්‍රේත ලෝක, දිව්‍ය ලෝක ගැන විශ්වාස කරන්නෙ නැති අයටත් මේ සත්‍ය ජීවිත කථා ඇතුලත් ග්‍රන්ථ දෙක කියවලා ඒ ගැන විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන්)
මිනිසත් බව ලබාගැනීමේ දුර්ලභ කම ගැන තවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය අය පහත ලින්ක් දෙක බලන්න...
http://www.dinamina.lk/2010/07/14/_art.asp?fn=a1007142
http://www.dinamina.lk/2010/07/14/_art.asp?fn=a1007141
ඔබට ස්තූතියි..!
'මන් භූරිදත්ත' හිමියන්ගේ පොත, යාලුවෙකුගෙන් කාලයට ඉහතදී ලැබුනා. ඒක කියවන්ට ගත්තත්, අර පොත තරම්ම කියවගෙන යන්ට හිතුනේ නෑ. එක්කෝ පරිවර්තනයේ අඩුපාඩුවක් වෙන්ට පුලුවන්. නැත්නම් ගැහැනියකගේ කතාවක් හන්දා අනික් පොත අපිට වඩා සමීප කතාවක් විදියට දැනෙනවා වෙන්ටත් පුලුවන්.
Deleteඑයත් හිමිහිට කියවනවා. ඔබට ගොඩක් ස්තූතියි.
සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
Deleteපමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
රෝගාතුර වූ දරුවන් කෙඳිරි ගගා නිදියනවා
බිමත් වූ සැමිය තදින් අනෙක් පසින් ගොරවනවා
අප මෙන් වයසට යන ගෙයි බිත්ති පැලුම් ලොකු වෙනවා
රැය එළි වන විට මායිම ඉඩම වටේ කැරකෙනවා
දකින දකින හෑම පැත්තම
වේදනාව ගෙනෙනවා
දෑස් පියන් ඉන්න සිතෙයි
කුමට රූප පෙනෙනවා
හීන් සැරේ හදට වදින
ඇනුම් පදේ අමිහිරි තුඩ
කුමට සවන් අහෙනවාද
මෙතරම් පීඩා ගෙන එන
හොඳක් කළත් නැහැ නොව හොඳ
නරක කළොත් කොහොම වේයිද
ඇනුම් බැණුම් සවනත වෙත
නොඑන තැනක් ලොවේ ඇත්ද
අමිහිරි හඬ වළකා එන
මිහිරි හඬට පමණක් ඉඩ
දෙන්න නොහැකි මෙහෙම සවන්
යුගලක් ලෑබුණේ කුමටද
කයෙන් නැගෙන දාඩිය ගඳ
මුඛයෙන් එන දුර්ගන්ධය
නාස් පුඩින් රිංගන කල
පිළිකුල සඟවන්නෙ කොහොම
වත්සුණු කොතරම් ගෑවත්
සුවද පැනින් ගත තෙමුවත්
අසුචි ලේ පිරි කුණු කය
පොළවට පස් වෙලා යති
නිල මැස්සන් හට මිහිරි
ඉහඳ පණුවො රස කරති
නුවනෑත්තන් පමණක් මෙය
නුවනින් විමසා බලති
රසයට දිව මුළා වෙලා
පමණ ඉක්මවලා ගියා
කකුල් දෙකම කපල ගියා
දිවිය තිත්ත වෙලා ගියා
KFC,Mc Donald ලු
එකල කෑවේ තරු පහෙන් ලු
දිවට රහක් නැති කෑමක්
කෑවොත් දිරවන්නෙ නැහැලු
පොශ්ය කියල හිතපු කෑම
දැන් හරියට වස වගේලු
කුමට රසය දැනෙන දිවක්
ආයුෂ උදුරන් දුවාපු
දිවේ රැඳෙන නිමේශයට
වහල් වෙනවා හිත රසයට
අසුචි නොව හැම දෙයක් ම
උගුරින් පහළට ගිය විට
දරු පෑටවුන් තුරුළු කරන්
ඉහින් කණින් බර එල්ලන්
දාඩිය ගත තෙමා ගිහින්
කර ගැට පුපුරලා ගිහින්
ඔය අත් දෙක රිදිලා මදිද
කකුල් වලට බර නොදෑනිද
සන්සාරේ දුවන ගමන
තවමත් ඇති වෙලා නැතිද
ලෙඩ දුක් නැති කයක් එක්ක
යළි ඉපදීමක් සිතුවද
සන්සාරේ කොතරම් නම්
දුක් පීඩා විඳලා ඇතිද
දරුවන් මගේ සෙනෙහෙ වන්ත
නිවසින් පිටවී ගිය විට
කරදරයක් නොවී කිසිම
එනකන් යළි නිවස වෙතට
ගින්දර දෙයි හද පපුවට
නින්දක් නෑ දෙ ඇස් වලට
රෑ තුන් යම දොස් පවරන
අසහනයෙන් පිරි සෑමියව
නො එනව නම් යළි නිවසට
සැනසීමම වෙයි පපුවට
මෙතරම් බයකින් ජීවිත
ගෙවන්නෙ අද ඊයෙ සිටද
කොතරම් කාලයක් බයෙන්
සන්සාරේ ඈවිත් ඇද්ද
මේ ඇස කන නාසය දිව කයත් සමග දුවන මනස
දුක් පීඩා කරදර ගිනි දෙනවා නේද නිරතුරුවම
වසා දෙපස පිරි අසුචි මල්ලක් බඳු වු කයකට
කියා නැහැනෙ කිසි වෙනසක් උසස් පහත් කලු සුදු ලෙස
සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
නයනී රණසිංහ
Read more: http://sinhalabuddhist.com/2012/07/midenna/#ixzz21tlPldx7
Under Creative Commons License: Attribution
මේ නයනි ලීව කවි පන්තියක්ද? කමෙන්ට්ස් නයනිගෙන්ද? මොනවා උනත් කවි පන්තිය හරිම ලස්සනයි.
Deleteස්තූතියි ලින්ක් එකටත්.:)
මේක ලියල තියෙන්නේ නයනී රණසිංහ.සිංහල බෞද්ධයා වෙබ් සයිට් එකේ තමයි මම මේ කවි පන්තිය දැක්කේ. කාන්තාවක් මේ විදිහට ජීවිතය දිහා අවබෝධයෙන් බලල සැබෑ විමුක්තිය මොකක්ද කියල ලියල තියෙන දුර්ලභ විදිහෙ කවි පන්තියක් නිසයි මම මේක මේතන දැම්මෙ. කමෙන්ට් කරන මම නම් නයනි නෙවෙයි...
DeleteHarima lassana kavi panthiyak,,,
Deleteමේ ගැන කතා කරන ලොකු සංවිධාන ඇත්තටම ඒ දේවල් කරන්නේ කාන්තාවන් වෙනුවෙන් නෙවෙයි. මේක මේ විදියට කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ටිකක් ලොකු සිද්දියක්. කාන්තාවට නිදහස දෙන්න පුළුවන් පිරිමියාට කියල තමා මම හිතන්නේ.
ReplyDeleteහරියට හරි. කාන්තාවන්ට නිදහස දෙන්ට පුලුවන් පිරිමියෙකුට විතරමයි. මම පහල ඔය කතාවම කියලා තියනවා. සම්පූර්ණයෙන් එකඟයි.
Deleteකාන්තාවන්ට නිදහස සහ අයිතිවාසිකම් තියනව පිරිමින්ට හා සමානවම මේ රටවල නම්..මම හිතන්නෙ ආසියාතික රටවල තමා ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..
ReplyDeleteමොකක්ද අප්පා ඔය විමුක්තිය කියන්නෙ?..මොකක් උනත් ඕක නම් ලංකාවෙ ගැහැනුන්ට ලැබෙන්නෙ නැහැ ලෝක විනාශය දක්වාම කෑගැහුවත්.මට හිතෙන්නෙ එහෙම..අනේ මන්ද..
//මොකක් උනත් ඕක නම් ලංකාවෙ ගැහැනුන්ට ලැබෙන්නෙ නැහැ ලෝක විනාශය දක්වාම කෑගැහුවත්//
Deleteමටත් හිතෙන්නේ කිරිල්ලියේ...:)
දැන් ලංකාවෙ ඉන්න කාන්තාවන් ගැන මම කියන්න යන්නෙ නෑ.
ReplyDeleteඒත් අපේ කාලෙ නම්, උයන පිහින එක , රෙදි හෝදන එක , මැහුම් ගෙතුම් ගෑණුන් ගෙ වැඩ. එයාලා කවදාවත් කෙඳිරි ගෑවෙ නෑ. බැරි වෙලාවත් මගේම සරම මම හෝදනවා දැක්කොත් අපේ අම්ම කෑ ගහනව ඕක ඔහොම තියල යන්න කියල. කුස්සිය පැත්තට බැරි වෙලාවත් ගියොත් ගෑණු අස්සෙ රිංගන්න එනව කියනවා.
මට නම් මේව ඉතාම රසවත්. ඒ විතරක් නෙවි මම ඉගෙන ගත්තෙ මිශ්‍ර පාසලක. හැමදාම හවසට පන්තිය අතු ගාන්න ඕන. කෙල්ලො ටික කියනව පුටු ටික ඩෙස්ක් උඩට දාල ඔයාල යන්න කියල. කොච්චර රසවත් ද ?
හැබැයි මේකෙ නරක පැත්තකුත් තියෙනව. ඇමරිකාවට එන විට මට තේ කෝප්පයක්වත් හදා ගන්න බෑ. දැන් නම් මම හොඳ කෝකියෙක්.
සති පූජාව... ඒ කාලෙ ඉන්දියන් ගෑනු රස්සාවල් කළේ නැහැ. සැමියා මළාම ඈට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. සැමියා මළ ස්ත්‍රිය අසුබ ලකුණක්. ඒ නිසා ඇය තම සැමියා දැවෙන සෑයට පනිනවා.
කාන්තාව මේ විමුක්තිය ඉල්ලන්නෙ කාගෙන්ද ? පිරිමියා ගෙන්. පුරුෂාධිපත්‍ය ගැන පොඩ්ඩි නොකියා කියා තිබෙනවා. ඒක් නිසාමයි කාන්තාවගේ මුදු මෙලෙක් සුළලිත බව , ගැහැණුකම රැකිල තියෙන්නෙ.
ගැහැනියකට මුදු, මොළොක් විදියට සලකනවා නම් අපි පුරුෂාධිපත්‍ය කියන එක ඉහලින්ම පිලිගන්නවා.:)
Deleteඅම්මලා තමා පොඩි කාලේ ඉඳලම පුතාලාව නරක් කරන්නේ. හැම ගැහැනියක්ම අන්න ඒක නැවැත්තුවොත් ලොකු වෙනසක් දැකිය හැකිවෙයි.
//කුස්සිය පැත්තට බැරි වෙලාවත් ගියොත් ගෑණු අස්සෙ රිංගන්න එනව කියනවා.//
අම්මා දන්නවා ඇති පුතාගේ හැටි. හී හී...
මටනම් දැනුනේ අර මම වලවුවට ආපු මුල් කාලේ වගේ මේ වචන වල සැර නෑද්දෝ කියලා..
ReplyDeleteආපහු සැරවෙමු නේද දිනේශ්? :D
Deleteපොඩ්ඩි ලියල තියන කතාවට මාත් එකඟයි.හැමදේම වගේ විමුක්තියත් සාපේක්ෂයි.
ReplyDeleteරෝස කුමාරිට ස්තූතියි.:)
Deleteදෙතුන් පාරක් ඇවිත් කියවල බැලුවත් කියන්න කියල ඔලුවට එන්නෙ එකම දෙයයි.... කාන්තා වේවා, පිරිමි වේවා, විමුක්තිය කියන්නෙ විහිලුවක්... මම දන්න එකම විමුක්තිය නිවන් යෑම තමා...
ReplyDeleteඉහළින් යොදා ඇති මාගේ කොමෙන්ටුව ඔබහට වැදගත් වේ යැයි සිතමි...!
Delete@සාතන්,
Deleteඔයා හරි. සාතන් මෙහෙම කියනකොට මට හිනා යනවා. වෙන මොකකටවත් නෙමේ. ඔයාගේ නම හන්දා.:)
"Kantha Vimukthiya" ekaka ekenata sapekshawa wenas kiyala man hithanne. Mage mother-in-low Indian. Unda ge mahaththaya marunata sathipoojawak karey nam na... Ekama daughter -in-low wechcha mage waradi adu padu hoyamin yana agéta innawa... Onna unda ge "Vimukthiya "
ReplyDeleteMata mahaththaya gen awasara thiyenawa daruwoth ekka eliyata yanna. Habai unda wada arila gedara enakota api inna one gedara. Parakku ba... Onna mage " Vimukthiya " . Habai man inne sathuten..
Oyage ratey hithawathie ( dannam man inne wena rataka)... Vimukthiya ma thama,,,,
එහෙනම් ඉතින් ඔයාගේ නැන්දම්මගෙන් තමයි ඔයාට විමුක්තිය ලැබෙන්ට ඕනේ නේද? ඔයාගේ කතාවත් ලස්සනයි කුමාරි. ආසයි අහලා බලන්ට.:D
DeleteSathutui ehema kiwwamath. Dawasaka munagahila.. Plantiyak (Kiri chuttak dala) bona gaman kiyannamko...
DeleteOyage ratey hithawathie ...
//පිරිමින්ට විමුක්තියක් අවශ්‍ය නැද්ද?//
ReplyDeleteකුණුහරුප කියන සදාචාරාත්මක වචනයෙන් ඒක පාගා දමලා තියෙන්නෙ...
මේකෙන් තේරෙන්නේ මොකක්ද? :)
Deleteහොඳ ලිපියක් පොඩ්ඩි අක්කේ. මම ඔයාගෙ ලියමන කියෙව්වෙ ඊයෙ. සමාජය ගැනත් හිතලා වඩා හොඳ කමෙන්ට් එකක් දෙන්න ඒක ආපහු කියවන්න වෙයි. දැනට, ඊයෙ ඒක කියවද්දි මට මතක් වෙච්ච කරුණු ටිකක් මම කියන්නම්කෝ.
ReplyDeleteමට 'වෝටර්' කියන හින්දි චිත්‍රපටියයි, 'ඔෂීන්' කතා මාලාවයි මතක් උනා අක්කගෙ ලිපිය කියවගෙන යද්දි. ඒ නිර්මාණ වලින් අක්කා කියන්න හදපු කාරණා ගොඩක් දුරට කතා කරලා තියෙනවා. මේ දවස් වල ඔෂීන් ආපහු යනවා රූපවාහිනියේ. පොඩි කාලේ බලද්දි නොතේරුණු ඒවා, මතක නැති ඒවා දැන් ආයෙ බලන්න් පුළුවන්. ඒ කතා මාලාව කොයි තරම් පරණ උනත් ඒ අන්තර්ගතය හැමදාටම අදාළයි.
අර කියලා තිබුණ ලස්සන ආදර කතාව ඇත්තටම හරිම ලස්සනයි. එහෙම කතා වැඩි හරියක්ම අපි දකින්නේ ප්‍රබන්ධ කතා වල විතරක් උනාට ඇත්ත ලෝකෙත් එහෙම අය නැත්තෙ නෑ.
අර අක්කා කියලා තිබ්බේ එයාගෙ අතින් හදන පොල් සම්බෝලයි බතුයි කාලා එයාගෙ උරතලේ මූණ හොවාගෙන ඉන්න එකක් ගැන. ඕක මටනං අදාල වෙන්නේ මෙන්න මෙහෙමයි - එයා කන්න ආසම දෙයක් මගේ අතින්ම හදලා දීලා තරු පායපු ආකාසෙ යට ඉස්තෝප්පුව් පඩිය උඩට වෙලා එයා මං ආසම සින්දුවක් මුමුණද්දි ඇස් දෙක පියාගෙන එයා ලඟට වෙලා ඉන්න තියෙනවනං මට වෙන මුකුත් ඕන නෑ. :)
ඇත්තටම, මට මහන්සියි හරි උයන්න ගොඩක් වෙලා යනවා වගේ හරි දැනෙනවනම් මගෙ සිත්තරා අනිවාර්යෙන්ම මට උදව් කරන්න එනවා. එහෙම ආවාම මට හරි සතුටුයි. ලූනු සුද්ද කරන, පොල් ගානවට වඩා දෙයක් එයාට කරන්න වුනොත් වෙන්නේ එයාට කරවල කෑල්ලක් හරි, බිත්තරයක් හරි කන්න හිතුණොත් තමා. ඒ වගේ දේවල් එයාම හදාගන්නවා, මම ඒවා කන්නෙ නැති බව දන්න නිසා. උදව්වක් කළේ නැතත් මගේ තනියට කුස්සියට වෙලා වෙන වැඩක් කර කර හිටියත් මට සතුටුයි.
අපේ අම්මා ඇත්තටම මෙතන ගොඩක් යාළුවෝ කියලා තියෙන අම්මලා වාගේ අම්මා කෙනෙක්. අපේ අම්මා සතුට හොයාගන්නේ මැහුම් ගෙතුම් වලින්. වන්දනා ගමනක් ඇරුණහම අපේ අම්මා වෙන විනෝද ගමන් වගේ දේවල් ගිහිල්ලා සතුටක් ලබන්න හරිම මැළියි. අපේ අම්මා වගේම මම ලඟින්ම ආශ්‍රය කරපු අනිත් තැනැත්තිය අපේ ආච්චි - සතුට හොයාගත්තෙ අපේ මිදුලෙන්. වත්ත ලස්සන කරන එක තමයි ආච්චිගෙ සතුට උනේ. ඒ අතර අපේ තාත්තා, අපි පොඩි කාළෙදි අම්මට ගෙදර වැඩ වලට උදව් වෙච්ච හැටි මට තාම මතකයි. උදේට අපිට ඉස්කෝලේ ඉන්ටවල් එකට කන්න ගෙනියන්න පාන් කපලා හදලා දෙන්නෙ, අපේ කොණ්ඩෙ පීරන්නෙ තාත්තා. අපේ රෙදි හේදුවෙ, අයන් කරලා දුන්නෙ තාත්තා. අපි ටික ටික ලොකු වෙද්දි ඒ වැඩ වලට තාත්තට කරදර කරන්න ඕන උනේ නෑ. ගෙදර ඕනම බඩුවක් කැඩුනොත් හදන හැටි තාත්තා දන්නවා. පරිගණකය පාවිච්චි කරන හැටි, කැඩුනොත් හදන හැටි ගැන ඒ ගැන වෙනමම ඉගෙනගත්තු අපිට වඩා හොඳට තාත්තා දන්නවා. ගෙදර අළුත්වැඩියා කරද්දි වයරිං කරන්නෙත්, සීලිං ගහන්නෙත් අපේ තාත්තමයි. අපේ අම්මගේ හිතට ඒ කිසි දේක බරක් දැනෙන්නේ නෑ ඒ නිසා. ටිකක් සම්ප්‍රදායානුකූලවම විතරක් හිතන්න පුරුදු වෙලා තිබ්බත් ඒ වගේ අම්මා තාත්තා දෙන්නෙකුගේ දරුවෙක් වෙන්න ලැබුණ එක ගැන මට හරිම ආඩම්බරයි.
අක්කගෙ ලියමන ආයෙ වතාවක් කිය්වලා තව මොනවාහරි කියලා යන්න එන්නංකෝ. :)
සිත්තමී අද කියලා තියෙන්නේ විමුක්තිය ලබපු කාන්තාවන් දෙන්නෙක් ගැන. එක්කෙනෙක් ඔයා.
Delete//ඕක මටනං අදාල වෙන්නේ මෙන්න මෙහෙමයි - එයා කන්න ආසම දෙයක් මගේ අතින්ම හදලා දීලා තරු පායපු ආකාසෙ යට ඉස්තෝප්පුව් පඩිය උඩට වෙලා එයා මං ආසම සින්දුවක් මුමුණද්දි ඇස් දෙක පියාගෙන එයා ලඟට වෙලා ඉන්න තියෙනවනං මට වෙන මුකුත් ඕන නෑ. :)//
ආදරවන්තයෙකුට මීට වඩා අවශ්‍ය තවත් දෙයක් තියෙන්ට පුලුවන්ද? :)
//ඒ අතර අපේ තාත්තා, අපි පොඩි කාළෙදි අම්මට ගෙදර වැඩ වලට උදව් වෙච්ච හැටි මට තාම මතකයි.//
ඔයා තාත්තා ගැන සඳහන් කරලා තියන දේවල්වලින් පේන්නේ ඔයාගේ අම්මත් හරිම වාසනාවන්ත තැනැත්තියක් බවයි.
මේ වගේ අය පිරුනු ලෝකයක් තියනවා නම් 'කාන්තා විමුක්තියක්' හෙවීමට උවමනා වෙන්නේ නෑ. :)
ඉතාම සංකීර්ණ මාතෘකාවක්. කීපවතාවක් කියෙව්වත් මොන ආකාරයෙන්ද අදහසක් ඉදිරිපත් කරන්නෙ කියල කල්පනා කළේ.
ReplyDeleteලාංකික කාන්තා සමාජය තුළ කාන්තා විමුක්තිය කුමන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නෙ කියන එකත් තරමක සංකිර්ණ ප්‍රශ්ණයක්. ඒ නිසාම කාන්තා විමුක්තිය කියන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා.
ලංකාවෙ කුල්ටූර් සංස්කාතිය තුළ කාන්තා විමුක්තිය හොරොව්පතානෙ හෝ කැබිතිගොල්ලෑවේ ඉන්න ගැමි කාන්තාවකට ගැලපෙන්නෙ නෑ. එ නිසා කුල්ටූර් සංස්කෘතිය තුළ තියෙන කාන්තා විමුක්තිය ගැලපෙන්නෙ සුපිරි ජීවිත ගතකරන සුපිරි ජීවිත හෝ ඉහ මධ්‍යම පාංතික ජීවිත ගතකරන පිරිසකට පමණයි.
ඒත් පහල මධ්‍යම පාංතික හෝ පීඩිත පංතියේ ගැමි කාන්තාවක ඉල්ලන හෝ අපේක්ෂා කරන කාන්තා විමුක්තිය ඊට හාත්පස වෙනස් වූවක්. සමහර වෙලාවට ගැමි කාන්තාවක් හැනිදෑවට බීලා ගෙදර එන මනුස්සයා ගෙන් ඇණුම් බැනුම් නො අසා බේරී ඉන්න කල්පනා කිරිම හෝ දවසේ උපයන මුදලින් පවුලක් නඩත්තු කරන එක කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයට නොපෙනිමත් ගැටලුවක්.
01. විවාහය දික්කසාදයකින් කෙළවර වූ කාන්තාවකගේ තත්වය.
ලංකාවෙ සංස්කෘතිය තුළ ඇතැම් වෙලාවට living together වැනි සංස්කෘතියක් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක නොවුනත් මේවගේ ජීවිත ගතකරන පිරිසක් හමුවෙනව. ඒ වගේම දික්කසාදයකින් පසුව සමාජයට එන කොන්තිවකගේ තත්වය කොබඳු වේද? ඇය තම දෙමවිපියන්ගෙන අපේක්ෂා කරන ආරක්ෂාව වගේම සමාජයෙන් ඇයට හිමි නිසි තැන ලැබෙන්නේද යන්න ගැටලුවක්.
02.අවිවාහක කාන්තාවක දරුවකු බිහි කළ හොත් ඇයගේ තත්වය
විවාහය නීතිමය පදනමක් වුවත්, ආසියානු සමාජය තුළ අවිවාහක කාන්තාවක් දරුවකු බිහිකිරිමම ඇය සමාජයමය වශයෙන්, ශාරීරිකව මෙන්ම මානසික පීඩාවට පත්කරන්නක්. එපමණක් නොවෙයි. එසේ ඉපදෙන දරුවාගේ උප්පැන්නය පවා ලියවෙන්නෙ මේ සමාජය තුල දෙමව්පියන් අවිවාහක බවත් පියාගේ නම රහිතවත් . මේ කාරනාවත් කිසිවකු නොදකින මේසමාජයතුල සිදුවන දෙයක්.
03.ලිංගික අතවරයට පත්වන කාන්තාවන්ගේ තත්වය:
මේකත් විවාදාත්මක කාරණයක්. යම් අයුරකින් කාන්තාවක වැරදි හෝ නිවැරදි වුවත් එය ඇය වැරදි කාරියක් බවට පත්කර සමාජයෙන් පිටමං කිරීමට උත්සාහ කරන්නේද කාන්තා විමුක්තිය ක්‍රියාත්මක වන එකී සමාජය තුළ දීමය. මෙවැනි කාරනයකදී එසේ අතවරයට පත්වන කාන්තාවකට ගබ්සාවක් කරගැනිමට පවා නීතිමය අවහිර තා තිබුනය බලවත් සමාජ විරෝධයක් මධ්‍යයේ එම අයිතිවාසිකම නිතිගතවූයේ ඉතාමත් මෑතකදි. ඒවගේම අංගවිකල දරුවන් බිහිකිරීම පවා කාන්තාවකගේ විමුක්තිය සම්බන්ධයෙන් ගැටලු මතු කරනව. ඒ වගේම දරුවන් නොමැති කාන්තාවක දරුවකු අරන් හදා ගැනීම වැනි කරුනු කාරණා පවා අවධානයට යොමු විය යුතු කරුණුයි.
ඒ කොහොම වුණත් ඉන්දියාව, පාකිස්ථානය, සහ අරාබි රටවල කාන්තාවට වඩා ලාංකික කාන්තාව තරමක් ඉදිරියෙන් ඉන්නවා. එහෙම වුණත් ඉහත දැක්වූ කරුනු වගේම, ගෘහස්ත කාන්තා හිංසනය, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වැනි කරුණු කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඒ ගැටලු වලට විසඳුමක් සොයාගැනීමෙන් කාන්තා විමුක්තිය යන්න වඩාත් අර්ථවත් කර ගන්න හැකියි.
දයාගේ කමෙන්ට් එකෙන් හොඳ කරුණු කීපයක්ම ඉස්මතු වෙලා පේනවා.
Delete//ගැමි කාන්තාවක් හැනිදෑවට බීලා ගෙදර එන මනුස්සයා ගෙන් ඇණුම් බැනුම් නො අසා බේරී ඉන්න කල්පනා කිරිම හෝ දවසේ උපයන මුදලින් පවුලක් නඩත්තු කරන එක කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයට නොපෙනිමත් ගැටලුවක්.//
//දික්කසාදයකින් පසුව සමාජයට එන කාන්තාවකගේ තත්වය කොබඳු වේද? ඇය තම දෙමවිපියන්ගෙන අපේක්ෂා කරන ආරක්ෂාව වගේම සමාජයෙන් ඇයට හිමි නිසි තැන ලැබෙන්නේද යන්න ගැටලුවක්.//
//ආසියානු සමාජය තුළ අවිවාහක කාන්තාවක් දරුවකු බිහිකිරිමම ඇය සමාජයමය වශයෙන්, ශාරීරිකව මෙන්ම මානසික පීඩාවට පත්කරන්නක්//
//ලිංගික අතවරයට පත්වන කාන්තාවන්. වැරදි හෝ නිවැරදි වුවත් එය ඇය වැරදි කාරියක් බවට පත්කර සමාජයෙන් පිටමං කිරීමට උත්සාහ කරන්නේද කාන්තා විමුක්තිය ක්‍රියාත්මක වන එකී සමාජය තුළ දීමය.//
ඒවගේම තමයි දයා සඳහන් කර තිබෙන විදියට , මේ වගේ අතවරයක් නිසා දරුවෙක් ලැබීමට යන ගැහැනියකට එය නැති කරගත නොහැකිවීම (සමහරු මෙවැනි දරුවන් හැදීමට කැමති නැති හන්දා. එය පුද්ගලික් කැමැත්ත මත සිදුවෙන්නක්. මා එය අනුමත කිරීමක් මින් දැක්වෙන්නේ නෑ )
මේ නිසා පැහැදිලි වෙන කරුණක් තමයි හැමදේටම මුහුන දීමට සිදුවෙන්නේ ගැහැනියටම පමනක් බව. ඒ අසාධාරණයට සිදු කල හැකි දෙයක් තියනවද?
ගැහැනියගේ විමුක්තිය ඇත්තටම රඳා පවතින්නේ පිරිමියා අතද? :)
පොඩී...
Deleteලංකාවෙ මේවන විට ඉතාමත්ම මැතකදී ලංගිත අතවරයට පත් කාන්තාවකට ගබ්සාවක් කර ගත හැකි අයුරින් නිතිය සංශෝධනය වුණා. හැබැයි ඒක කරන්න පුළුවන්වෙන්නේ ඒබව කරුනු සහිතව ඔප්පු කළ හොත් පමණයි. එසේ නැතුව ඒය රහසක් වශයෙන් තබාලෙන ඉඳලා පසුව කරන්න බැහැ.
විශේෂයෙන් අපේ ආසන්න රටවල් එක්ක සසදන විට ලංකාව තරමක් ඉදිරියෙන් ඉන්නවා. ඒත් දකුනු ආසියාව තුල ක්‍රියාත්මක වෙන්නෙ පීතෘ මූලික සමාජ ක්‍රමයක් එතැනදී පිරිමියාට වැඩි බලයක් ගොඩ නැගෙනවා කියල මට හිතෙනවා. විශේෂයෙන් ලංකාවෙ කාන්තාවන් දැනුමෙන් සහ අවබෝධයෙන් උසස් මට්ටමක සිටින නිසා බෙහෝ ක්ෂේත්‍රනලදී කාන්තාවට මුල් තැන ලැබෙනවා.
වහේෂයෙන්ම ලංකාවෙ මැතිවරන වලදී කාන්තා නියෝජනය 20% කි පමණ ප්‍රතිශතයකින් ඉහළ දාන්න රජයන් කටයුතු කළා.ඒ අතින් ලංකාව ඉහළයි. අනෙක් අතට මේවන විට ලංකාවෙ ජනගහනයෙන් 53% ක් දක්වා කාන්තා ප්‍රතිශතය ඉහල ගිහින් ඒ නිසා කාන්තාවට නිසි තැන දෙන්නම වෙනවා
කාන්තා විමුක්තිය පවතින්නේ පිරිමියා අතමයි. මොකද මේක පීතෘ මුලික සමාජ ක්‍රමයක් නිසා. ඒත් කාන්තා සිමුහිකත්වය තුළම කාන්තාවලේ විමුක්තිය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග නියෝජනය කිරීම කාන්තාවගේ යුතුකමක්. ඒත් කාන්තාවන් අතර පවා එවැනි අරමුණු ක්‍රියාත්මක වෙන්නේ පටු ආකල්ප සහ මතවාද අතර විතරයි.ඒ නිසා වැඩි වාසි කාන්තා සාමූහිකය විසින්ම ගතයුතුයි.
ඒ වගේ නීතියක් සම්මත උනු දෙය අතවරයකට ලක් උනු ගැහැනියකට මොන යම් අයුරකින්ම සහනයක් ලබා දෙන්නක්. ඒ ගැන නම් සතුටුයි. නැත්නම් තමා වෛර කරන මිනිසකුගේ ලමයකු හැදීමෙන්, අම්මා මෙනම් ලමයාද අවසානයේ මානසික ලෙඩ්ඩු බවට පත්වෙන්ට ඉඩ තියනවා.
Deleteආසියාතික කාන්තාව අතින් ලංකාවේ කාන්තාවන් මොන තරම් ඉස්සරහින් හිටියත්, එයාලගේ ඇතැම් ආකල්ප වෙනස් කර නොගත්තොත් කාන්තාවන් ඉදිරියට යෑමක් සිදු වෙයි කියලා හිතන්ට අමාරුයි. අසරණවෙන ගැහැනියකට බොහෝ වෙලාවෙල වැරදි දකින්නේ තවත් ගැහැනියක්. මේ වගේ අදහස් වෙනස් කරගන්නා කල්, අපේ කාන්තාවන්ට විමුක්තිය කරා ලඟා වීමට නොහැකි වෙයි.
ඒවගේම පිරිමින්ගේ කරුනාව, ආරක්ෂාව වගේ ඔවුන්ව තේරුම් ගැනීමේ ශක්තියත් ගැහැනුන්හට අවශ්‍යමයි.
කාන්තා විමුක්තිය කිව්වම එක එක අදහස් හිතට එනවා. ඒත් හැමදෙනාම තම තමුන්ගේ ජීවිත අනුන්ට කරදරයක් නැතිව , හැමෝමත් සමග සතුටින් සාමාදානයෙන් හිටියොත් කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් විමුක්තියක් ලැබෙයි.
ReplyDelete( මගේ අදහස පණ්ඩිත වැඩිද මන්දා :) )
( මගේ අදහස පණ්ඩිත වැඩිද මන්දා :) )
Deleteචූට්ටක් විතර නේද? :D:D:D (kidding Anshuwo...)
ලුණුයි බතුයි කාලා පැල්පතක හරි අපි ඉදිමු කියලා කෙල්ලො කිව්වෙ ඉස්සර දැන් ඒ වගේ බොහොම ගැඹුරැ අධ්‍යාත්මික ආදර කථා ඇහෙන්නෙම නැති තරම්... වාහනයක / ගෙයක් /හොද රැකියාවක් තියෙනවා නම්, පවුල් පසුබිම කුමක් වුවත් පෙනුම කොච්චර කැත වුනත් කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් එයාට අකමැති වෙන්න හේතුවක් නෑ...
ReplyDeleteආර්ථික හේතුත් එක්ක විෂම වෙලා තිබෙන සමාජය ඇතුලෙ ආදරයත් දැන් විෂම වෙලා. යටගිය දවස අපේ කාන්තාවන්ට නිසි තැන ලැබුනෙ බෝඩ් අල්ලන් පිකටිං කරලා නෙමෙයි.
//වාහනයක / ගෙයක් /හොද රැකියාවක් තියෙනවා නම්, පවුල් පසුබිම කුමක් වුවත් පෙනුම කොච්චර කැත වුනත් කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් එයාට අකමැති වෙන්න හේතුවක් නෑ...//
Deleteඅපි දැන් මේ තත්වෙටත් ඇවිල්ලද? :(
//යටගිය දවස අපේ කාන්තාවන්ට නිසි තැන ලැබුනෙ බෝඩ් අල්ලන් පිකටිං කරලා නෙමෙයි.//
සම්පූර්ණ ඇත්ත.
තාමත් ලුනුයි, බතුයි, නෑ නෑ සම්බෝලයි බතුයි ගැන හිතන්නේ මම විතරක්ද? :D
මට මතක් උනේ වෝටර් ෆිල්ම් එක. වැන්දඹුවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවතුනු තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා ඒකෙන්.
ReplyDeleteඅර ඩිවෝස් වෙන ගෑනු / පිරිමි අය දිහා සමාජය බලන වෙනස් විදි ගැන කියපු කතාවනම් සම්පුර්ණ ඇත්ත. වැඩි හරියක්ම එහෙම කරන්නේ ගෑණු කියලා හිතෙනකොටත් කණගාටුයි.
//අර ඩිවෝස් වෙන ගෑනු / පිරිමි අය දිහා සමාජය බලන වෙනස් විදි ගැන කියපු කතාවනම් සම්පුර්ණ ඇත්ත. වැඩි හරියක්ම එහෙම කරන්නේ ගෑණු කියලා හිතෙනකොටත් කණගාටුයි.//
Deleteඒ තත්වය නැතිවෙන්ට අද කාලේ ගොඩක් අය හිතන විදිය වෙනස් කරන්ට වෙනවා සයුරි.
ගැටලුව විස්තර කරලා තියෙනවා නියමෙට, නමුත් විමුක්තිය සොයා ගන්න මාර්ගය ගැන පැහැදිලි විස්තර නෑ.
ReplyDelete"අපිට මෙහෙම වෙනවා අරහෙම වෙනවා" කියලා සෑහෙන වෙලාවක් ප්‍රශ්ණේ විස්තර කරන ආකාරය බලාගෙන සිටින කාන්තාවන් බොහොමයක් අන්තිමේ දී හෝ බලාපොරොත්තු වෙනවා මහපොලොවෙ පය ගහන අයට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් දැන් ලැබෙයි දැන් ලැබෙයි කියලා. ඒත් ඔවුන්ටත් ලැබෙන්නෙ "විමුක්තිය ඇත්තේ අපි ලඟමයි. එය කාටවත් ලබා දිය හැක්කක් නෙමේ. අත දිගු කොට ලබා ගත යුතු දෙයක්." වගේ උත්තර ම තමා.
මම මුලින්ම කිව්වා වගේ මේ මාතෘකාව නියමෙට මාකට් කලෑකි. සිංදු ලිව්වැකි. රචනා ලියලා දින්නැකි. පත්තර වල ලිපි ලිව්වැකි. සංවාද තිබ්බැකි. විවාද වලට මාතෘකා කරගත්තැකි. හැබැයි, විමුක්තිය හොයන අයට උත්තර නම් මේ එකකින් වත් ලැබිලා නෑ.
එහෙම උනානම් අපිට මේ පෙනෙන දේවල් වෙනස් වෙන්න එපැයි.
මට නම් හිතෙන්නෙ "විමුක්තිය ඇත්තේ අපි ලඟමයි. එය කාටවත් ලබා දිය හැක්කක් නෙමේ. අත දිගු කොට ලබා ගත යුතු දෙයක්." කියලා කිව්වට අත දිගු කරන්න තියා ඔලුව කෙලින් තියාගන්නවත් බැරි සමාජ වටපිටාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට මොකද වෙන්නෙ...?
මේ ලිපිය පොඩිකුමාරිහාමි ලිව්වෙ ඔය කියන ආකාරයේ කාන්තාවන්ට සැබෑ විමුක්තිය ලැබිය යුතුයි කියන සිතුවිල්ලෙන් නිසා එයට මගේ ප්‍රණාමය.!
[මේ මගේ පුංචි මොලේට තේරෙන හැටි! (මහ මොලේ හෙන බිසි මේ දවස් වල)]
ඊයේ පොඩි කමෙන්ට් එකක් දාලා, පස්සෙ මේක ලියන්න හිටියට 3.30 විදුලිය විසන්ධි කලානෙ. ඒකයි ඔන්න පරක්කු උනේ...
බුද්ධියො, ඔතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා නේද.?? තමාට අවශ්‍ය විමුක්තිය මොකක්දැයි නොදැන යන්නන් වාලේ විමුක්තිය සොයා ගොස් වල්මත් වීම.. අනිත් එක තමාගෙ උත්සාහයක් නැත්තං අනිකා කොච්චර උදවු කලත් ඒකෙන් ඵලක් වෙන්නෙ නෑ නේද.?? අපට නිවන් යන්න ඕන කම තිබුනට වෙන කාටවත් අපව නිවන් යවන්න බෑ නේද.?? අපි විසින්ම උත්සාහ දැරිය යුතුයි නේද.??
Deleteකතාව සහතික ඇත්ත. හොයන්නන් වාලේ හෙව්වත්, තමන්ට උවමනාවක් නැත්නම්, විමුක්තිය නෙමේ මොන දෙයක්වත් හොයාගන්ට බෑ.:)
Delete@බුද්ධි,
Delete//අත දිගු කරන්න තියා ඔලුව කෙලින් තියාගන්නවත් බැරි සමාජ වටපිටාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට මොකද වෙන්නෙ...?//
එතකොට ඉතින් අසාධාරණයට විරුද්ධව දෙගොල්ලන්ටම එක්ව නැගිටින්ට සිද්ධවෙනවා. කතාවක් තියනවලු නේද? 'ගහන්ට ගහන්ට වඳින කෙනත්, වඳින්ට වඳින්ට ගහන කෙනත් දෙන්නම මෝඩයෝ කියලා'.
//පස්සෙ මේක ලියන්න හිටියට 3.30 විදුලිය විසන්ධි කලානෙ. ඒකයි ඔන්න පරක්කු උනේ...//
මෙච්චර කරදර මැද්දෙත් ඇවිත් වටිනා කමෙන්ට් එකක් දැම්මට බුද්ධිට ගොඩාක් ස්තූතියි.:)
ඔය කාන්තා විමුක්තිය, අර විමුක්තිය, මේ විමුක්තිය හොය හොයා දගලන්නැතුව.. අර බුදුන් වදාල විමුක්තිය වෙනුවෙන් වෙහෙසුනා නම් හැමෝම ගොඩ. එහෙමනම් ආයෙ අමුතුවෙන් කාන්තා විමුක්තියක් ගැන කතා කරන්ඩ වෙන්නෙත් නෑ..
Deleteසෙන්නාගේ ඇත්ත කතාවට මොනවද තෑගි දෙන්නේ කියලා කල්පනා කරනවා...:D
Deleteහැමෝටම පිළිතුරු සති අන්තයේ දෙන්නම්.....:D
ReplyDeleteඅදහස් දැක්වූ හැමෝටම ගොඩාක් ස්තූතියි.
"එයා හදන පොල් සම්බෝලයි, බතුයි කාලා.එයාගේ පුලුල් උරතලේ මූණ හොවාගන ඉන්ට පුලුවන් නම්" වෙන මොන විමුක්තියද ඔය තියෙන්නෙ.
ReplyDeleteඒකනේ මමත් කීවේ.
Deleteඋර තලේ කෙසේ වෙතත් සම්බෝලයි, බතුයි තියනවානම් වෙන මොනවද? :D
නෑ මෙතන විශේෂ ඒක නෙමෙයි 'එයා හදන' කියන එක
Deleteඔව්. ඔව්. එයා හදන තමයි. මම ඉතින් සම්බෝල රහට හදන්ට දන්නේ නෑ. :D:D:D
Deleteමට මේක බර වැඩිද මන්දා
ReplyDeleteවැඩී වගේද? :)
Deleteවලව්වේ අපේ හොඳම හිතවතෙක්වන, ප්‍රියන්තගේ උපන්දිනය අදයි. ඔහුට ලැබුවාවු මේ වසර සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත එකක් වේවායැයි ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteසුබ උපන්දිනයක් ප්‍රියන්ත....:)
හැපි බර්ත් ඩේ වේවා ප්‍රියා.!! මොකද මේ දස්සොල හැංගිලා වගේ.. :)
Deleteසුබ උපන්දිනයක් ප්‍රියා සෑර්
Deleteප්‍රියන්ත අයියාට වාසනාවන්ත උපන් දිනයක් වේවා1!!
Deleteපමා උනාට සමා වෙන්න ඕනේ.
ReplyDelete" සුභම සුභ උපන්දිනයක් වේවා ප්‍රියන්ත!!!!!!!! "
මම මේ නිකමට අහන්නෙ ... කාන්තාවන්ට විතරක් වෙනම විමුක්තියක් ඕනැද... දෙගොල්ලම එකතු වෙලා එකම විමුක්තියක් හොයා ගත්තොත් නරකද...?
ReplyDeleteඒ අදහස තමා හොඳම....:)
Delete@ Priyantha,
ReplyDeleteසුබ උපන් දිනයක් ප්‍රියන්ත,
ලබන වසරේ නැවත හමුවන විට අසුගෙ ඔබ පසුපසින්,
හිඳින ඈ කවුරුන්ද සොහොයුර තරව ගෙන ඔබ දසරුවින්,
ලැබුවා වූ නව වසරට මගේ පැතුම එයයි සොහොයුර....:) :)
ප්‍රියන්තට ඉක්මනට හෙල්මට් එකක් ගන්ට වෙයි වගේ. :D:D:D
Deleteහෙල්මට් එකක් විතරක් මදි වෙයි.. මෙටලික් බොඩිආමර් සූට් එකක්ම ගත්තනං ඇගට ගුනයි.. ;)
Deleteකාන්තාවො විමුක්තියක් වෙනුවෙන් සටන් කරනව නම්, ඒ විමුක්ති සටන තියෙන්නෙ කාන්තාවන් එක්කමයි.. ඔබම කිව්වා වගේ හුගක් තැන්වලදි අසරණ වෙන කාන්තාවන්ව පිටු දකින්නෙ, පාගන්නෙ කාන්තාවන්මයි.. ඒකට උදාහරණ ඕන තරම් එදිනෙදා සමාජයෙන් ගත්තෑකි.
ReplyDeleteඇත්ත. ඒත් පිරිමින්ගේ සහයෝගය නැතිව මේ සටන දිනන්ට කාන්තාවන්ට බෑ.:)
Deleteඔන්න මං ආවා....:D
ReplyDeleteඋපන්දිනය මතක් කළ පොඩ්ඩිටත් සුබ පැතුම් එක්කළ හැමදෙනාටත් ගොඩක් ස්තූතියි.
කමෙන්ට් වැඩි නිසා කියවන්න කම්මැලියි.
විමුක්තිය යනු කිසියම් පීඩනයකින් කරදරයකින් නිදහස් වීමනේ.
ඉතින් එක් එක කාන්තාව ලක්වන පීඩාවන් කරදර එකිනෙකට වෙනස්. ඒ නිසා කාන්තා විමුක්තිය යන්න මෙයයි කියා පෙන්වා දෙන්න අපහසුයි. එහෙත් කාන්තා සංවිධාන නම් පොදුවේ පෙන්වා දෙන්නේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වන හිරිහැර වලින් බේරාගැනීම, ඒ වෙනුවෙන් සටන් කිරීම, සංවිධානය විම කාන්තා විමුක්තිය කියායි. කෙසේ වෙතත් විමුක්තිය යන්න නිසි ලෙස අර්ථ දක්වන්න අපහසු බවයි මගේ හැඟුම.
එමෙන්ම පිරිමින්ට විමුක්තියක් ඕනිම නැද්ද?
හොඳයි මේ පෝස්ට් එකත්.....:D
ප්‍රියන්ත කාලෙකින් දකින්ට ලැබීම ගැන සතුටුයි.:)
Delete//එහෙත් කාන්තා සංවිධාන නම් පොදුවේ පෙන්වා දෙන්නේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වන හිරිහැර වලින් බේරාගැනීම, ඒ වෙනුවෙන් සටන් කිරීම, සංවිධානය විම කාන්තා විමුක්තිය කියායි//
මේකත් ඉතින් එක හේතුවක් තමයි. :)
//එමෙන්ම පිරිමින්ට විමුක්තියක් ඕනිම නැද්ද?//
ඕනි. ඕනි. දැන්මම සටන් පටන් ගමු.:D
මල කෙළියයි....:D
Deleteපොඩ්ඩිද පිරිමින්ගේ සටන ලීඩ් කරන්න යන්නේ. නියමයිනේ.
(මට නම් විමුක්තියක් එපෝ.....:D)
@ටිකිරි,
ReplyDeleteඑයා මිරිස් හැන්දකට ආදරේ හැඳි තුනක් කලවම් කරනවලු. හී...හී...
@ඕනමැන්ටල්,
එච්චරම රසද ඔයාගේ සම්බෝලේ?:)
@හරී,
ඔයා ඔක කියලා දුන්නු එක හොඳයි. ආය නම් මුරුංගා අත්තේ තියන අයට රැවටෙයි අපි හහ්...:D:D:D