Tuesday, 14 August 2012

අත්තම්මා...!!!




දෙමව්පියන් වගේම දරුවන්ට තවත් වැදගත් වෙන කොටසක් තමා දෙමව්පියන්ගේ, දෙමව්පියෝ. පොඩ්ඩිගේ අත්තම්මාත් ඒ පරම්පරාවේ කෙනෙක්. පවුලේ ලොකුම සාමාජිකාව අත්තම්මා. අත්තම්මා හරියට මුලු පවුලම රැක බලාගන්න, සෙවන දෙන මහ නුග රුකක් වගේ. පොඩි කාලේ ඉඳන් අම්මයි, අප්පච්චියි එක්ක තරහා උනාම පොඩ්ඩි ගිහින් එයාගේ දුක කීවේ අත්තම්මා එක්කයි. පොඩ්ඩිව ඕනේම කරදරයකින් බේරාගන්ට පුලුවන් උනෙත් අත්තම්මට විතරයි. පොඩ්ඩිගේ හොඳම යාලුවාත් අත්තම්මා. අද ඔය නිල් නෙලුමේ පින්තූරය දාලා තියෙන්නේ, අත්තම්මා පොඩ්ඩිට කියන නමකට ඒක ගැලපෙන හන්දා. ඒ වගේම අත්තම්මත් සුවඳ හමන නෙලුමක් වගේ හන්දා.

පහුගිය දවස්වල පොඩ්ඩි පේන්ට හිටියේ නැත්තේ, අත්තම්මත්, ඥාති සහෝදර , සහෝදරියෝ කට්ටියකුත්, එයාලගේ ගෑනු, පිරිමි ලමයි ටිකත් මෙහාට ගොඩ වැදිලා තිබුනු හන්දා. අම්මෝ එහෙම දවස් ටිකක්. කනවා. කනවා. කතා කරනවා. ඇවිදිනවා. නිදනවා. හැමදාම වගේ ඇඳට යනකොට පාන්දර එකත් පහුවෙලා. බ්ලොග් බලනවා තියා පැත්තේ එන්ට ලැබුනේ එහෙමත් වෙලාවක තමයි.

ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ හිටපු අය ඉතින් ෆිල්ම්ස් වල කෑලි රඟපාලා පෙන්නුවා. පොඩ්ඩිට ඉතින් දුකේ බෑ. වැඩේ කියන්නේ අම්මයි, අප්ප්ච්චියි දෙන්නා තැන් තැන්වල ගියෙත් අත් අල්ලගෙනනේ. මාර දුකයි කවුරුත් නොහිටිය එක ගැන. අනික් අය එක, එක්කෙනාගේ ෆොටෝ ගන්නවා. හිනාවෙනවා. කොමල කරනවා. තව ෆොටෝ ගන්නවා. එක වැඩයි. පොඩ්ඩිගේ පින්තූර ඉතින් ගත්තත්, කවුරු කියලා ඉල්ලන්ටද? අර බීච් එකේ ෆොටෝ හිටන් තියනවනේ ලස්සන. ඊරිසියාවේ බෑ අප්පා. කොල්ලෙක් ලඟ නෑ කියන්නෙත් ඉතින් මහා දුකක් බලාගෙන යනකොට.

අත්තම්මාත් ඉතින් මේ ඔක්කොම දැනගෙන වගේ අර ලඟදි වෙඩිම තියන චුට්ටිට අවවාද දුන්නා ලඟ තියාගෙන. පොඩ්ඩිත් ඉතින් වචනයක් නෑර ඒවා හිතේ තියාගත්තා කවදාකම හරි ප්‍රයෝජනයට ගන්ට. අත්තම්මා දන්නෙත් තුවාල තියන අයගේ තුවාලවලට ගම්මිරිස් දාන්ට නේ. ඒත් ඉතින් දැන් අත්තම්මා වයසට ගිහින්. සැර කරන්ට හිතෙන්නේ නෑ අහිංසක හිනා මූන දැක්කාම. ලඟට  කරගෙන ඔලුව අතගාන කොට මොන සැපක්ද?  තුරුල් කරගෙන නිදාගන්න කොට ඊටත් සැපයි. අත්තම්මා ලඟ තියෙන්නේ කවදාවත් වෙනස් නොවෙන සුවඳක්. මට හිතෙන්නේ එයාගේ පෙට්ටගමේ තියන සැවැන්දරා මුල්වල සුවඳ වෙන්ටැති.

පොඩ්ඩි පොඩි කාලේ, මෙයා ගොඩක් උස මහත කෙනෙක් වගේ දැක්කට දැන් නම් අත්තම්මගෙන් පෙනෙන්නේ හරිම සුමුදු, කොයිවෙලාවේ කැඩී, බිඳී යාදෝ කියලා හිතෙන වගේ පෙනුමක්. අත්තම්මාත් ලෝකය දුවන කොට ඒ ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. තමන්ගේ දරු, මුණුබුරන් එක්ක එකට ඉන්ට ඒවාත් වැදගත් කියලා තමා අත්තම්මා හිතන්නේ. එයා ලෝකේ වටේ ඉන්න නෑයින්ට ස්ක්යිප් කරනවා. ඊමේල් අරිනවා. ලඟ මොබයිල් ෆෝන් එකක් තියනවා. මේවා කරලා දෙන්නේ එයාව බලාකියාගෙන ලඟින් ඉන්න එයාගේ උදව්කාරයා.  නැත්නම් තනියම මේ ලෝකේ දෙයක් කරගන්ට බෑ.

එයා හොඳ අවවාද ටිකක් දුන්නා. මම හිතුවේ, අර විද්වත් කරුණු මුකුත් නැති හන්දා ඔන්න ඔහේ ඒ ටික ලියලා දාන්ට.

නිහතමානීවීම හරිම වැදගත්. කවදාවත් කාටවත් ආඩම්බර පෙන්නන්ට එපා කියලා තමයි අත්තම්මා කීවේ. හුඟක් අය තමාට ධනය, බලය ලැබුනාම වෙනස් වෙනවලු. හරියට කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ. නිහතමානී මිනිස්සු වටේ තමයිලු හොඳ යාලුවෝ එකතු වෙන්නෙත්.

තමන්ගේ ගේ ගිනි පිටට දෙන්ට එපා වගේම අනුන්ගේ ඒවා ගේ ඇතුලට ගන්ට එපාලු. මේක ඉතින් විවාහක අයට අදාල දෙයක්. තමන්ගේ ගෙදර දේවල් පිටට නොකියන්ටත්, පිට ඒවාට අවවාද අනුශාසනා නොදී ඉන්ටත් කියලා තමා මේකෙන් කියැවෙන්නේ. මෙහෙම එක, එක්කෙනාගේ අවවාද අහන්ට ගිහින් කැඩුනු පවුල් තියනවලු.

පොඩ්ඩිගේ වැඩේ ඉතින් කරදරයක් වෙච්ච හැටියේ යාලුවන්ට කියන එක. යාලුවන්ට මොනවා හරි උනොත් අනික් යාලුවන්ට කියන එක. පොඩ්ඩිට යාලුවෝ නැතිව ඉන්ට බෑ කවුරු මොනවා කීවත්.

අත්තම්මා ගිහින් තියෙන්නේ ප්‍රසිද්ධ කන්‍යාරාමෙකට. එයාට ඉඳලා තියනවා එක, එක වර්ගයේ යාලුවෝ. එක යාලුවෙක් හිටියලු දෙමළ. එයා කියලා තියනවා එයාගේ අත්තම්මලා, පවුලේ ගෑනු ලමයි බඳිනකොට දෙන එක අවවාදයක් තමයි, ස්වාමියා ගෙදර එනකොට හැට්ටයක් නොඇඳ සාරිය විතරක් ඇඳලා ඉන්ට කියන එක. ඒකෙන් තේරෙන්නේ එයා පණිවිඩයක් දෙනවලු සැමියට.

සමහර ස්වාමි පුරුෂයෝ හවසට ගෙදර එනකොට මුරුංගා ගේනවලු. මේත් එකතරා විදියක පණිවිඩයක්ලු. ඒ පණිවිඩ මොනවද කියලා දැනගත්තාම සාලේ දෙක වෙන්ට හිනා හඬ ඇහුනා. ඔයාලට දැනගන්ට ඕනිම නම් අත්තම්මාගෙන් අහන්ට.

තව මුස්ලිම් යාලුවෙක් ඉඳලා තියනවා. එයාගේ අම්මා නිතර මෙහෙම කියනවලු.
'පිරිමියෙක් ගෙදර එනකොට නිතරම ඇඳුමේ පාටක් තැවරිලා තිබුනොත්, දිග කොන්ඩයක් රැඳිලා තිබුනොත් ඒක අල්ලගෙන රන්ඩු කරන්ට එපා. ඒවා ජීවිතයේ හරිම සරල දේවල්. ඒවා නොදැක්කා වගේ ඉන්ට කියලා. පිරිමි ගෑනු දිහා බලන්ට තියන ආසාව වලක්වන්ට එපා කීවලු. එහෙම කලොත් වෙන්නේ හොරෙන් බලන එකනේ. ඒකත් හොඳ අවවාදයක් තමයි.

අත්තම්මා අපිට හැමදාම කියලා දීලා තිබුනේ අපේ රට අමතක කරන්ට එපා ලෝකේ කොහේ හිටියත් කියලා. පොඩ්ඩි ලංකාවට හරිම ආදරෙයි. එහේ යන්ටත් හරි කැමතියි. ඒත් එයාගේ හිතේ අර ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ, නිහතමානී මිනිස්සු ඉන්න රටේ චිත්‍රය නම් මෑතකදී බොඳවෙලා ගියා. හැම දේම වෙනස් වෙනවා වගේ ඒ මිනිස්සුත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙනස් වෙලා තියන හැටිත්, දැක්කා. ඒකෙනුත් එක හොඳක් සිද්ධ උනා. ඒ තමා ඉන්න රට අගය කිරීමට ලැබීම. හරියට හැදු අම්මෙක්ගේ හොඳ ලමයෙක් දකින්වා වගේ.

ඒ වගේම පිටින් ඇවිත් හිටපු ලොක්කිත්, එයාගේ පිරිමි ලමයත් මේ රට දැකපු විදියෙනුත් ඒ රට ගැන ආදරේ වැඩි උනා.

ඔස්ට්‍රේලියාව කියන්නේ විශාල රටක්. අහස හරිම විශාලයි වගේ පේනවා. මුහුදත් ඒ වගේමයි. හඳ පායනකොට හඳත් විශාලයි. ඉර පායනකොට ඉර පේන්නේ විශාලව.  රෑවෙලා කරෙක එලවගෙන යන සමහර වෙලාවලට දැන්නේ අපි හඳ ලුහුබඳිනවා කියලයි. ඒ දර්ශනය හිතට ගෙන එන්නේ අමුතුම හැඟීමක්. හරියට වෙන ලෝකෙක සිද්ධවෙන දෙයක් වගේ.

යුරෝපීය ජාතිකයෝ මේ රට ගැන තියෙන්නේ වැරදි හැඟීමක්.   ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන්  (Aborigines)    මිනීමස් කන භයානක් මිනිස් කොටසක්, පාරවල් කැන්ගරුවන් දුව පැන ඇවිදින තැනක් වගේ දේවල්. (දුව පැන ඇවිදිනවා විතරක් නෙමේ පහරත් දෙනවලු ) ඒත් රටේ ස්වභාවය දැක්කාම තමා එයාලට වෙනස තේරුම් ගන්ට පුලුවන් වෙන්නේ.



මෙහේ මුහුද ගිම්හාන කාලෙට නිල්ම නිල්පාටයි. අව්ව බැහැගෙන යන වෙලාවට කොලපාටයි. ශීත කාලේ තද හුලඟත් එක්ක අඳුරු අලු පාටයි. මූදේ රැලිත් එහෙමයි. සමහර වෙලාවට හරිම සෙමින්. සමහර වෙලාවට හඬ නංවලා තදින් වෙරලේ හැපෙන්නේ.  හරියටම ගැහැනියක් වගේ.


ඊලඟට පාර දෙපැත්තේ කොල පාට තණ බිම්. ඒවායේ නිදැල්ලේ උලා කන හරක් පට්ටි. ලස්සන කුරුල්ලෝ. වැහි වෙලාවක, තෙමුනු වටපිටාව එක්ක පාලු පාටක් ගත්තු, තැනින් තැන දකින්ට ලැබුනු කුඩා ගම්මාන.





 
මේ දර්ශන කවදා කොහොම අමතක කරලා දාන්ටද?

මේ දර්ශනවලින් හිතට සාමකාමී හැඟීමක් දැනෙන්නේ. මේ වගේ සාමයක් අපේ රටෙත් ඇතිවෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඒ වෙලාවට හිතෙනවා. ඒ වගේ රටක් බිහි කරන්ට බැහැයි කියන මානසික මට්ටමක රටේ අය ඉන්න තාක් කල් රටේ වෙනසක් සිදුවෙන්නෙත් නෑ. ඒ අපේ රට කියලා හිතාගෙන අපි යමක් කීවොත් ඒ කියන්නේ ආදරයකින් මිස ද්වේෂයකින් නම් නෙමෙයි.

මෙන්න අවසාන වශයෙන් මේ පැත්තට එන්ට හිතාගෙන ඉන්න අයට හොඳ අවවාදයක්...

 
 
"It is as grandmothers that our mothers come into the fullness of their grace…."

206 comments:

  1. අත්තම්මා ගැන කිවුවාම මට මතක් උනේ ඔශින් ටෙලි නාට්‍ය මාලාවේ කායොගේ ආත්තම්මා. එයාත් මහා ගහක් වගේ පවුලම ආරක්ෂා කරනවා.
    ඊට එහා දෙයක් හිතුනේම නෑ මේ කතාව කියවද්දි.
    හොඳයි පොඩ්ඩි අද කතාව....:D

    ReplyDelete
    Replies
    1. හොඳම නිදර්ශනේ ප්‍රියන්තට මතක් වෙලා තියෙන්නේ...

      ගොඩාක් ස්තූතියි ඔයාගෙන් හැමදාම වගේ ලැබෙන මුල් කමෙන්ටුවට.:D

      Delete
    2. මෙහෙම ගියොත්, ඔයා ලෝක වාර්තාවක් පිහිටුවයිද දන්නේ නෑ. හී හී..

      Delete
  2. හය්යෝ.....එක වෙන්න හිතනකොටම ප්‍රියා අයියා ඉස්සර වෙලානේ.....

    ගොඩක් වෙලාවට අත්තම්මලා ( මන්නම් කියන්නේ ආච්චි අම්මා කියලා ) එහෙමයි නේද....? ඒත් හැමෝම නම් එහෙම නැ....මන් නම් ගොඩක් ආදරේ අපේ අම්මගේ අම්මට....එයත් පොඩ්ඩි අක්කගේ අත්තම්මා වගේ තමා....

    ReplyDelete
    Replies
    1. කමක් නෑ දෙක උනානේ.:)

      බලාගෙන යනකොට ගොඩාක් අත්තම්මලා ඔක්කොමලා එකවගේ නේද?

      Delete
  3. ආත්තම්මා කියන්නෙ දශක ගනනක අත්දැකීම් සමුදායක්... අපි තරම් පාසල් අධ්‍යාපනයක් ලබා නැති උනත් ජීවන ගමනේදී එක්කාසු කරගත්ත මහා දැනුම් සම්භාරයක් ඇය සතුයි... ජීවිතය සම්බන්ධ ප්‍රායෝගික ගැටලු වලදි එතුමියට ඒ අත්දැකීම් මගින් වඩා පහසුවෙන් උදව් කරන්න පුලුවන්... සිරාගෙ කිරි අම්මා හෙවත් ආත්තම්මා ගැන මමත් පෝස්ටුවක් ලිව්වා පුලුවන් නම් ඒකත් බලන්න... ගිය ඉරිදා ඇය හදිසියේ අපෙන් සමුගත්තා.... මට තාමත් ඒක හීනයක් වගේ... සැරෙන් සැරේට එන කදුලුත් එක්කයි බ්ලොග් එකක් කියවලා යන්න ආවෙ හිත හදාගන්න... කෙනෙක් නැති වුනාම අපි අතින් එයාට සිදුවුනු පොඩි වැරැද්දක් ගැන වුනත් අනන්තවත් දුක හිතෙනවා ඒ නිසා.. ඔ‍බේ ආත්තම්මාට හැම විටම ඉතා හොදින් සලකන්න... ඇයට දීර්ඝායුෂ ලැබේවා !

    ReplyDelete
    Replies
    1. //ගිය ඉරිදා ඇය හදිසියේ අපෙන් සමුගත්තා....//
      මගේ බලවත් කණගාටුව. ඇයට නිවන් සුව පතනවා. මම ඒ පෝස්ට් එක නොවැරදීම බලන්නම්.

      //සැරෙන් සැරේට එන කදුලුත් එක්කයි බ්ලොග් එකක් කියවලා යන්න ආවෙ හිත හදාගන්න...//මගේ අත්තම්මා දිහා බලපුවාම මට හිතා ගත්තෑකි. :(

      //ජීවන ගමනේදී එක්කාසු කරගත්ත මහා දැනුම් සම්භාරයක් ඇය සතුයි... ජීවිතය සම්බන්ධ ප්‍රායෝගික ගැටලු වලදි එතුමියට ඒ අත්දැකීම් මගින් වඩා පහසුවෙන් උදව් කරන්න පුලුවන් // මේ කතාව සම්පූර්ණ ඇත්ත.

      //ඔ‍බේ ආත්තම්මාට හැම විටම ඉතා හොදින් සලකන්න... ඇයට දීර්ඝායුෂ ලැබේවා !//
      ගොඩාක් ස්තූතියි සිරාට. පිලිතුරක් පමා උනාට සමාවෙන්ට.

      Delete
  4. "ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ හිටපු අය ඉතින් ෆිල්ම්ස් වල කෑලි රඟපාලා පෙන්නුවා. පොඩ්ඩිට ඉතින් දුකේ බෑ. "

    අනේ පවූ අප්පා..

    ReplyDelete
    Replies
    1. මට ඇඬෙන්ට එනවා හී හී...

      Delete
  5. අපේ ගෙදරත් හිටියා අත්තම්මා කෙනෙක්..එයා හරි මහතයි..අපේ පියාගේ අම්මා..එයා අපි කන්ඩායමෙන් වැඩියෙන්ම ආදරේ මට...
    ආත්තම්මා ආච්චි කියනවට එයා කැමති නෑ..අපි කිව්වෙ අනිත් අම්මා කියලා... අයියලා මාව කොනිත්තලා ඉස්සර දුවනවා..එතකොට අනිත් අම්මා පස්සෙං පන්නනවා...
    පල යන්න බොන්ඩිගෙ පුතාල මගේ කොල්ලට කොනිත්තන්න එනවා මෙතන..කියලා...

    මරු ඩයල් එක...ඕනි දෙයක් හැදුවොත් කන්න දුන්නොත් මට තියෙනවා..අත්තම්ම ලෙඩ වෙච්චි දවස්වල දීපු සුප්, කැඳ, මාමයිට් අනං මනං ඔක්කොම දේවලිං බාගයක්ම බිව්වෙ මම...

    අපරාදෙ උන්දැ නැති උනේ..නැත්තං සෝක් එකට ඉන්න තිබුනා..කකා බිබී...

    ReplyDelete
    Replies
    1. මේක මුග්ධ ප්‍රතිචාරයක් ලෙස සැලකෙන්න පුළුවන්. මොකද අමිල කියන්නේ තමන් ගේ අත්තම්මා ගැන නේ.

      Delete
    2. හම්බෝ මේ මුනුපුරෙක් කියන කතාද? අමිල අයියට හිතක්, පපුවක් නැද්ද?

      Delete
    3. බොන්ඩිගෙ පුතාල???

      Delete
    4. බොන්ඩිගෙ කොල්ල..නැත්නම් බොන්ඩිගෙ කෙල්ල...අපෙ අත්තම්මත් මමයි නංගිලයි හඳුන්වන්න නිතරම පාවිච්චි කරපු වචන දෙකක්...

      බොන්ඩි කියන වචනෙ හැදිල තියනවයි කියන්නෙ "Blonde " කියන ඉංග්‍රීසි වචනෙං...කෙස් සුදු ගැහැණුන්ට කියන්නෙ එහෙමනෙ....ඉතිං සුද්දො තමන්ගෙ භර්යාවන්ට හරි දුවලට හරි ආදරෙං '' Blondie " කියල කතා කරනව අහගෙන ඉඳපු අපෙ ගැමියො ඒක කටට හුරු විදිහට පෙරල ගත්තෙ බොංඩි කියල... :) :)

      Delete
    5. අනේ බොරු නොකියා හිටහං රවී. ඕක හැදුනෙ 007 ජේම්ස් බොන්ඩ්ගෑණු සතාගෙං. License to Kill
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    6. මන් හිතන් හිටියේ ඒක නරක වචනයක් කියලා....පැහැදිලි කිරීමට ස්තුතියි රවි අයියේ....

      Delete
    7. @අමිල,

      එච්චර හැඟීමක් නැති විදියට තමා ලියලා තියෙන්නේ. අර එක ගෑනු ලමයෙක් ඔයාට හිතක් , පපුවක් නැද්ද කියලත් අහනවා.

      Delete
    8. @රවි & ඩූඩ්,

      දෙන්නම බොරු කියන්ට දන්නේ නෑ නේද?:)
      Blondie???
      ජේම්ස් බොන්ඩ්ගෑණු සතාගෙං. License to Kill???
      මට ඉතින් කියන්ට තියෙන්නේ HUH :D:D:D

      Delete
    9. @සිතුවිලි නිහඬයි,

      මම හිතන්නේ ඕක නරක වචනයක්. අර තවත් එකක් තියෙන්නේ එච්චර භයානක නැති උනත් ටිකක් නරකයි.

      ඔය උඩ දෙන්නට රැවටෙන්ට එපා. ඒ දෙන්නා ලණුකාරයෝ...:)

      Delete
    10. එහෙමද අක්කේ...දන්නේ නැනේ....

      Delete
    11. @ පොඩ්ඩි,

      මේ හලෝ...යමක් දන්නෙ දන්නෙ නැත්තං දන්න කෙනෙක් කියල දුන්නම ඒක පිළිගනිං තේරුණාද?....නිකං කෝචොක් දාන්නෙ නැතුව...

      දන්න කෙහෙල්මලකුත් නෑ...කියල දුන්නම පිළිගන්නෙත් නෑ....:) :)

      අපිටත් හොඳ පාඩං මෙව්ව...මින් මනත මම නෙවෙයි මෙතන කිසිම දෙයක් කියන්නෙ...මොනවද ආය එහෙනං...

      Delete
    12. @ සිතුවිලි නිහඬයි,

      බොරුවට නෙවෙයි නංගි...මම ඇත්තටමයි කිව්වෙ....බොංඩි කියන වචනෙ හැදිල තියෙන්නෙ එහෙම තමයි...අනික ඒක හුරතලේට කියන එකක් විදිහට තමයි මුලින්ම භාවිතා වෙලා තියෙන්නෙ...

      පස්සෙ කාලෙක '' ඈ බොල බොංඩියෙ..තෝ හිතුවද මම දන්නෙ නෑ කියල තෝ නටන ජවුසං '' ඔන්න ඔහොම යෙදෙන කොටනම් ඒ වචනෙ අපහාසාත්මකව තමයි භාවිතා වෙලා තියෙන්නෙ...

      Delete
  6. අපේ පොඩ්ඩිට නම් අත්තම්ම තුරුල්ලේ ඉන්න ලැබුනා.. පොඩ්ඩා ඒ තත්වෙට එනකොට අත්තම්ම යන්න ගිහින්.. පොඩ්ඩී ඉන්නෙත් ඔය කැන්ගරු රටේ.. ඔහේ එලවිල්ල ගැන කියල තිබ්බ හින්දා අහන්නේ.. ඔය වාහනේ පැති කණ්ණාඩියට අමතරව බෙල්ලත් හරොල බලන පුරුද්ද ඔහේ තියෙන්නේ මොකටද ? මං එහෙම එලෙවුවේ නැහැ කියලා අවවාද ගොඩක් අහගත්තා එහෙ ගිය වෙලේ.

    ReplyDelete
    Replies
    1. අය්යේ ඒක වැදගත් වෙන්නේ lanes කීපයක් තියෙන පාරක lane එකක් මාරු කරද්දී. වාහනයේ side mirrors වලින් පෙන්නේ නැති කොටසක් තියෙනවා blind spot ඒක කියල.ඒ හරියේ වහනයක් තියෙනවද දැනගන්න එහෙම බලනවා.සමහර වාහන වල පැත්තෙන් කැමරා තියෙන්නෙත් ඒකටම තමා.lanes ගොඩක් තියෙන පාරක යද්දී කොය් රටෙත් ඉතින් ඒක කරන ඒක තමා ආරක්ෂාවට හොඳ. (මම පැනල දුන්න වත් ද?)

      Delete
    2. පැති කන්නාඩිය අංශක අනුවට හරවපුවාම ඒක වෙන්නේ නැහැ. අපේ මිනිස්සු බොහොමයක් තමුන්ගේ වාහනේ පස්ස පැත්ත බලන්න ආස හින්දා එකේ කාලක් පෙනෙන්න පැති කන්නාඩිය හදාගෙන ඉන්න නිසා බ්ලයින්ඩ් කොර්නර් එකක් එන්නේ !!

      Delete
    3. මෙහෙ නම් බ්ලයින්ඩ් ස්පොට් එකක් එනවා මේ අය වාහනේ පැති කන්නාඩි හදන්න කියන විදියට. ඒ අය කියන්නේ ලේන් එකක යද්දී දෙපැත්තේ ඉරි දෙක පේන විදියට වාහනේ පැති කන්නාඩි හදලා තියෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට අංශක 45කට ටිකක් එහා වගේ තමා කන්නාඩිය හිටින්නේ. මක්ක කරන්නද? ටෙස්ට් එකේ දී ඉඳං ඒක බලනවා.

      Delete
    4. @සරත්,

      ඔහොම බලන්ට රියැදුරු පාසැල්වලදිම උගන්නනවා අර blind corner කතාව හන්දා. අනෙක සයිකල්කාරයෝ නොපෙනෙන්ට ඉඩ තියනවා.

      Delete
    5. @අලුත් බුවා,

      ඔයා හරි. මේ වගේ දේවල්වල්දි ඉතින් පැනලා දුන්නට කිසිම වැරැද්දක් නෑ.:)

      Delete
    6. @Alexander Cage,

      ඔයත් හරි. ඔයා මොන රටේද අනේ? :)

      Delete
  7. මාර ලස්සන පෝස්ට් එකක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. @prasanna86k,

      තැන්කියු මල්ලියේ...:D

      Delete
  8. ආත්තම්මා වටිනා කියන අවවාද ටිකක් දීලා තියෙන හැඩයි. ඒක නෙමේ උඩින්ම දාලා තියෙන්නේ මානෙල් මලක රූපයක්නේ. ඒත් කතා කරලා තියෙන්නේ නෙලුම් මලක් ගැනනේ....

    මට ආච්චිටත් වඩා සමීප වුනේ සීයාව. මාව ආගම දහමට හුරු කෙරෙව්වේ සීයා. පන්සල් යන්න, පිරිත් කියන්න, සිල් ගන්න වගේ කටයුතුවලට මාව පුරුදු කෙරෙව්වේත් සීයා. මම සාමාන්‍ය පෙළ කරන කාලේ සීයාව නැතිවුණත් සීයා ඉන්න තැනක ඉදන් අපි දිහා බලාගෙන ඇති.

    ඒ වගේමයි සීයා ආදරයෙන් හදපු මේ මුණුපුරා ගැන සීයාට අද ඉන්න තැනක ඉදන් බලාගෙන ඉද්දී හුඟක් සතුටු වෙන්න පුලුවන් ඇතියි කියලාත් මම හිතනවා...

    ReplyDelete
    Replies
    1. @හසිත,

      ‘blue lotus’ කියලා හොයනකොට, කියනකොට ආවේ ඔය පින්තූරෙනේ...ඕක නෙලුම් මලක් නෙමෙයිද? මට ඒක දැක්කම මතක් වෙන්නේ අර 'නිල් නෙලුම් නිදා වැටේ...' කියන සිංදුව.

      ඔයාට හොඳ සීයා කෙනෙක් ඉඳලා තියෙන්නේ. ඔක්කොම වගේ හොඳ ගති පුරුදු කරලා තියෙන්නේ එයාද?

      එයාට ඔයා ගැන ආඩම්බරවෙන්ට පුලුවනි. 'මෙන්න මගේ මුණුබුරා' කියලා. ඔයා එච්චරටම හොඳයි. :D:D:D

      Delete
    2. @මහ ඇදුරු බිරිඳ,

      ඔය තියෙන්නේ නිල් නෙලුමක් නෙමේද? :)

      Delete
    3. @ Podi Kumarihami

      ස්තුතියි :)

      මේ අපේ ජාතික පුෂ්පය කියන නිල් මානෙල් මලේ පින්තූරයක්....

      Delete
    4. ඉතින් මොකද කරන්නේ? :(

      නෙලුම් මලකට මාරු කරන්ට වෙයිද?:)

      ඔය නිල්මානෙල් මලේ පාටට කියන වචනයක් හසිත දන්නවද?

      Delete
    5. @ Podi Kumarihami

      සුදු නෙළුම් සහ රතු නෙළුම් තමා තියෙන්නේ.....

      Delete
    6. නෑ...නෑ...නිල් නෙලුම් තියනවා. අර සිංදුවකත් තියෙන්නේ 'නිල් නෙලුම් නිදා වැටේ' කියලා. අහලා නැද්ද? පොඩි කාලේ පියැනෝ පාඩම්වලදී උගන්නන සිංදුවක් ඒක...අහමුද දයාගෙන්? :)

      අනෙක අර වචනේ ගැන මුකුත් කියලා නෑනේ.

      Delete
    7. නිල් අහස් තලේ අගේ
      නෑ වළාකුළු
      ලා..ස්සනයි පුරා හඳේ
      රෑ..ස් විහී..දිලා

      නිල් නෙළුම් නිදා වැටේ
      මානෙල් මා..ල් පිපී
      ලා..ස්සනයි පුරා හඳේ
      රෑ..ස් විහී..දිලා

      මං මුලින්ම ඉගෙනගත්තු සින්දු වලින් එකක්. :) ඒක ඉගැන්නුවෙත් මගේ ආච්චි.

      Delete
    8. @ පොඩ්ඩි සහ සිත්තමී,

      මේ උඹල දෙන්නටම බොහොම කරුණාවෙන් කියන්නෙ තේරුණාය...

      අපූරු පරණ සිංදු බොලාට ඕන ඕන විදිහට සංසෝදනේ කරන්ට කවුද අවසර දුන්නෙ හැබෑටම ඈ?

      '' නිල් නෙළුම් නිදා වැටේ'' නෙවෙයි බොලව් '' විල් නෙළුම් නිදා වැටේ''

      නිල් නෙළුම් කියල ජාතියක් නෑ කෙල්ලනේ...නිල් මහනෙල් විතරයි තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      මුව මුක්තාලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ එඩ්වඩ්ගෙ මම කැමතිම ගීතයක් අන්න ඒකෙත් කියන්නෙ විල් නෙළුමාසනෙන් කියල..

      මේ ගීතයෙන් කියන්නෙ මොකක් ගැන කියලද බොලා හිතන්නෙ?....හෙහ්, හෙහ්,

      Delete
    9. @ රවි,

      ඔය ගීත‍යෙන් කියැවෙන්නෙ මොකක්ද නේද.?? ඇයි බොලං පොකු ඔය ගැන පෝස්ට් එකකුත් ලිවුවෙ.. :)

      "ඔබෙ නළ‍ලේ කොකුම් තිලකේ..
      අද ඉහිරේද දෙතොලෙන් මගේ..." :D


      // නිල් අහස් තලේ අගේ-නෑ වළාකුළු
      ලා..ස්සනයි පුරා හඳේ-රෑ..ස් විහී..දිලා //

      ඔන්න මට තව පුරස්නයක් මතුවුන තැනක් චුට්ටි එකා කාලෙ ඉදන්ම.. මේ කියන්නෙ රෑ කාලෙ අහසක් ගැනනං, ඒ අහස ‍කොහොමද නිල් පාට වෙන්නෙ..?? පුලුවන්නං කියහං බලාන්ට..

      Delete
  9. අසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් ලජ්ජාවේ හැංගිලා...:D

      Delete
  10. අර නිල් මානෙල් මලක් දාලා තියෙන එකෙන් මම් හිතුවේ නෙළුම් පොකුණ ගැන ලියපු පෝස්ට් එකක් ය කියලා. දැන් නේ සීන් කෝන් එක දන්නේ.... හික්ස් :)
    නිල් මානෙල් මලක් වගේ කියලා කිව්වේ පොඩ්ඩි මේ දවස් ටිකේ නිල් වෙලා ද දන්නේ නෑ ඉන්නේ...
    අත්තම්මා ඔහේට කියනවා ඇත්තේ නිලුපුලී කියලා වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි නිල්වෙලා???

      නිලුපුලී ලස්සන නම. ඔය පරණ කෙල්ලෙක්ගේ නමක් වෙන්ට ඇති. බලාගෙන යනකොට ලස්සන නම් මතක තියෙන්නේ කොල්ලොන්ටනේ.:D

      Delete
  11. ඕස්ට්රෙCලියාව ඇත්තටම හරිම හොද රටක්... ජීවිතේ මුලින්ම ඕස්ටේ්රiලියාවට යන්න ලැබුණු එක වාසනාවක් කියලයි මට හිතෙන්නෙ... මොකක්ද පොඩ්ඩි අර හැම බස් හෝල්ට් එකකම, හැම පොදු තැනකම ගහල තියෙන කතාව... ඕස්ට්රේලියාවෙ ජීවත් වෙන ජාතීන් ගණන, ආගම් ගණන, රටවල් ගණන .... අන්තමට නමුත් එක රටක් කියල තියෙන්නෙ නේද? මම ඒ කියමනට හරිම ආස උණත් ලියා ගන්න බැරි උණා...

    2008 ලෝක ක්රි ස්තියානි තරුණ දිනයට ගිය වෙලාවෙ මෙල්බර්න් ඉදන් සිඩ්නි වෙනකල් කි.මී. 800 ගාණක් බස් එකේ යන්නත්, ආපහු එන්නත් ලැබුණා... පොඩ්ඩි කියල තිබුණ පරිසරය දෑසින්ම දැක ගන්න ලැබුණා... හරිම අහම්බෙන් කැන්ගරු පවුලකුත් දැක්කා.. කැලයක් මැදදි....

    සුන්දර මතකයක්.....

    අත්තම්මා ට අපි කියන්නෙ ලොකු අම්මා කියලයි... අපේ ලොකු අම්මල දෙන්නටම මමත් හරිම ආදරෙයි.. ඉස්සරලම දැක්ක දුව නිසා එයාලත් මට පුදුම ආදරයක් ති‍යෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ සුන්දර මතකය අවදි උනු එක ගැන සතුටුයි. පාර දෙපැත්තේ ඔය වගේ දර්ශන බල, බලා යනකොට පුදුම හිතුවිලි හිතේ පහල වෙන්නේ...ඒ තණගොල්ලේ දිගාවෙලා, අර විශාල අහස දිහා බලා ඉන්ට හිතෙනවා මුකුත් නොකර.

      ඔයා ආයෙම මෙහේ එනවද?:)

      Delete
  12. මුරුංගා???? මේ පළාතේ අද ඔර්ඩර් කරොත් ලබන සතියේ තමයි හම්බවෙන්නේ.

    අත්තම්මාගේ ඇඩ්වයිස් ටික පංකාදු පහයි!

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කොයි පලාතේද? හැබෑට මුරුංගා එච්චර ගණන්ද? මෙහේ තියනව කෑන් කරපු ඒවා නම් :)

      Delete
  13. //පොඩ්ඩිගේ පින්තූර ඉතින් ගත්තත්, කවුරු කියලා ඉල්ලන්ටද? අර බීච් එකේ ෆොටෝ හිටන් තියනවනේ ලස්සන. ඊරිසියාවේ බෑ අප්පා. කොල්ලෙක් ලඟ නෑ කියන්නෙත් ඉතින් මහා දුකක් බලාගෙන යනකොට.//

    ඇයි හත් දෙය්යනේ අර "අහවලා" කොයි "වල" ගිහින්ද හැබෑට?

    //පවුලේ ගෑනු ලමයි බඳිනකොට දෙන එක අවවාදයක් තමයි, ස්වාමියා ගෙදර එනකොට හැට්ටයක් නොඇඳ සාරිය විතරක් ඇඳලා ඉන්ට කියන එක. ඒකෙන් තේරෙන්නේ එයා පණිවිඩයක් දෙනවලු සැමියට. //

    මට මැවිලා පේනවා පොඩ්ඩො සාරිය විතරක් ඇඳන් ඉන්නවා , ස්වාමියා එනකන් පෙරමඟ බලන්.. :-)



    ReplyDelete
    Replies
    1. පොඩ්ඩො නෙමෙ‍ය් පොඩ්ඩි ඈ..... හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. හපොයි ඒ අහවලාගෙන් මට බැනුම් කෝටියයි තරු අය්යේ...:)

      මම එහෙම තමා කවද හරි එයා ගෙදර එනකොට බලන් ඉන්ට හදන්නේ ...මම කීවේ හැමදාම...:D

      Delete
  14. මට නං අපේ අම්මගේ අම්ම විතරයි දකින්න ලැබිල තියෙන්නේ... එයත් ඔය ආච්චි කෑල්ල කියනවට හරි විරුද්ධයි..!!
    ඕං පොඩ්ඩියේ මං ඔය මූදේ පිංතූර කෑල්ල ඉස්සුවා පොඩි වැඩකට.. කොපිරයිට් කේස් එහෙම දානව නෙවෙයි හො‍දේ... ;)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. තව ලස්සන මුහුදේ පින්තූර ඕනි නම් කියන්ට. දෙන්නම්.:)

      Delete
  15. //හඳ පායනකොට හඳත් විශාලයි. ඉර පායනකොට ඉර පේන්නේ විශාලව//

    අපරාදෙ අර ඇමරිකන්කාරය ෆ්ලොරිඩා වලින් සෑහෙන දුර ගෙවාගෙන මිනිස්සුන්ව හඳට යවන්නෙ. බලද්දි මේ ඕස්ට්‍රේලියාවෙ ඉඳන් හරි ලඟයි ලු නෙ! :D :D

    ReplyDelete
    Replies
    1. මුහුදු අයියාව ඒ රොකට් එකක දාලා ඇරියනානම් හරි නේද hikz

      Delete
    2. @මුහුදු,

      ඇමරිකන්කාරයෝ කියන්නේ කොහොමත් මෝඩ ජාතියක්නේ. ඔයා ඒක දන්නේ නැද්ද?:D:D

      Delete
    3. @සමනලී,

      ඔයාවත් ඒ එක්කම යැව්වා නම් හරි...:D:D:D

      Delete
    4. මේ කියන විදිහට නං හඳට ඔස්ට්‍රේලියාවෙ ඉඳන් රුපියල් 10යෙ දුර !!

      Delete
    5. හැබෑද? එහෙනම් ඉතින් රුපියල් 10 දීලා සවාරියක් ගහලා එන්ටකෝ....ඕනිම නම් සල්ලි සල්ලි බලන්නේ නැතුව මම ඔයාට රුපියල් පනහක්ම දෙන්නම්.:D:D:D

      ඔය සමනලීත් උඩ ඉඳන් මොනවදෝ කියනවා නේද?

      Delete
  16. දැංකාලෙ හැදෙන ගෑණු දැරිවියො අත්තම්මගෙ අවවාද පිලිපදියිද මංද.

    ReplyDelete
    Replies
    1. කවුරු නැතත් පොඩ්ඩි නම් පිලිපදිනවා...:D

      Delete
  17. හැට්ටයක් නැතුව සාරිය අඳින්න..? ඉන්න.. ට්‍රයි කරල බලන්න ඔනේ හස්බන්ඩ් එන්න කලින්..හික්ස්...මගේ ලෝකෙත් මගෙ ආත්තම්මා..මම අද මේ තරම් වත් ලියන්නෙ කියවන්නෙ එයා නිසා...

    ReplyDelete
    Replies
    1. ඔයා ඕවා ඇඳන් ගිහිල්ලා, පාරේ ඇක්සිඩන්ට් වැඩි කරන්නද හදන්නෙ.

      Delete
    2. @කිරිල්ලි,

      හපොයි බඳින්ට කලින් ට්‍රයි කරලා බැලුවට කමක් නෑ. හැබැයි ගෙදරදි හොඳේ.:)

      Delete
    3. @තරු,

      ඒ පැත්තේ අය නම් ඔයිට වඩා ඒවා දකිනවා ඇති.:D

      Delete
  18. මට ආත්තම්මගෙ ඊ මේල් ඇඩ්‍රස් එක දෙනවද අර පනිවිඩේ මොකක්ද කියලා අහගන්න:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ට . අහලා දෙන්නම්...:D

      Delete
  19. asawen kiyuwa yalu arthawath post ekak

    ReplyDelete

  20. දවසෙම අවිදල ඇවිදල දැන් තමා ගෙදර ආවේ, ඒත් ඉතින් වලව්වට නාවොත් හිතට දුකයිනේ:D

    // තමන්ගේ ගේ ගිනි පිටට දෙන්ට එපා වගේම අනුන්ගේ ඒවා ගේ ඇතුලට ගන්ට එපාලු. //

    මේක නම් හොඳ අවවාදයක් , බැන්දත් නොබැන්දත් තමුන්ගෙ කරදර කාටවත් කියන එක හොඳ දෙයක් නෙවෙයි. මම නම් හිතන්නේ තමුන්ගෙ ප්‍රශ්න තමුන්ම තමා විසඳගන්න ඕනේ කියල. අර අනිත් කතා ටිකේ තේරුම් අත්තම්මව හම්බවෙලාම දැනගන්න වේවි මා හිතේ...




    ReplyDelete
    Replies
    1. @නීතා,
      මේකෙ කියන්නෙ ඒ දේ නෙමේ, තමන්ගෙ හබියගෙ හරි , වය්පරේගෙ හරි වැරදි පිට අයට කියන්න එපා කියන එක.

      //දවසෙම අවිදල ඇවිදල දැන් තමා ගෙදර ආවේ//
      ඔච්චරම මළ ගෙවල් තියනවද ඔය පැත්තෙ.. ආහ් අමතක වුනා දානෙ ගෙවල් වෙන්ටැ... ඇයි ඔය යන මළ ගෙවල් වල හත් දවසේ දානෙ, තුන්මාසෙ දාන එහෙමත් තියනවනෙ....:-)

      Delete
    2. නැහැ අප්පා යාලුවෙක්ගෙ වෙඩිමක් :)

      Delete
    3. හැමදාම අනුන්ගෙ වෙඩින් වලටම ගිහින් හරියනවද? :-)

      Delete
    4. @නීතා,

      අත්තම්මා හම්බ උනාම අහන්ටකෝ. මාත් මේ අහන්ට හැදුවේ ඔයා ගෙදර නැත්තේ මොකෝ? අර කබල් ෆෝන් එක තාම හදලා නැද්ද? ඕක විසි කරන්ට මෙයා බැද්දට හී හී...ඒක නම් මගේ යාලුවෙක් මට කීව කතාවක්...

      Delete
    5. @තරු,

      අන්න එහෙම කතා කරන්ට තරු අය්යේ...:D

      Delete
  21. මමත් හිතන් ඉන්නේ කවදාහරි ඔස්ට්‍රේලියාවට එන්න තමා.
    මට හිතෙන්නේ අම්මලාට වඩා අපිට ආදරේ අත්තම්මලා කියලා

    ReplyDelete
    Replies
    1. මගෙත්! මම ආසම රටක් ඔස්ට්‍රේලියාව.:)

      Delete
    2. @ප්‍රමුදි,

      ඔයාගේ සිහිනය සැබෑවේවා!!!

      @ටිකිරි,

      ඔයාගෙත් ආසාව එලෙසම ඉටුවේවා...!!!

      Delete
  22. මං දන්න තරමින් ලංකාවේ ඉඳලා ඕට්ටේලියා එකට යන්න කෂ්ටිය බෝට්ටුවකට නැග්ග ගමන් පොලිස් නේවි කාරයෝ අල්ලා ගෙන හිරේ දානවා. පහුගිය දවස්වල බේරුවල දී පවා ඇල්ලුවා නේද?

    ReplyDelete
    Replies
    1. නිකං "කොහෙද යන්නේ මල්ලේ පොල්" වගේ ගතියක් තියන්වා නේද? සමහර විට විද්වතුන් කතා කරන්නේ මෙහෙම වෙන්ට ඇති.:D

      Delete
    2. ඇයි ඔය අත්තම්මලා ලංකාවේ ඉඳලා ආවාය කිව්වේ ඕට්ටේලියාව නොවෙයිද? එහෙම නැත්තං වෙන රට රාජ්ජයකටද?

      Delete
    3. මේ කට්ටිය ආවේ පියාඹලා. ඔයා මේ බෝට්ටු කතාවක් කියලා තියන හන්දයි මම එහෙම කීවේ...:)

      Delete
  23. මගේ ආත්තම්මව මතක් උනා..පෙට්ටගමේ තියෙන ඇඳුම් ඔක්කොම සැවැන්දරා දුවඳයි අපේ ආත්තම්මගෙත්.තාමත් ඒ සුවඳ ආවම මතක් වෙන්නේ ආත්තම්මව.ගොඩක්ම වයසට ගිය කාලේ අතේ හම ගොඩාක් ‍රැලි වෙලා තිබුනා. ඒවා අල්ලලා අත්තම්මා අනිත්‍ය මෙනෙහි කරා කියලා අම්මා පස්සේ කාලේ කිව්වා...පොඩි කාලේ මතකයන් එක්ක මුලින්ම ඉන්නේ ආත්තම්මා..ලස්සන ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අත්තම්මා ගැනත් ඔයා ලස්සනට ලියලා. හිතේ තියන ආදරය ඒකෙන්ම පේනවා.

      Delete
  24. මේක කියනවද, නැහ්ද කියලා හිත හිතා හිටියෙ? ඔන්න ඔහේ ඕන පාං ගෙඩියක් කියල , කියලම දානවා. මේක මං අත්දැකපු දෙයක් නං නෙමෙයි, අහපු කතාවක්. ඔහේ ඉන්න අයට පුළුවනි මේකෙ ඇත්ත නැත්ත කියන්න, ඔහේට එන්න බලාපොරොත්තුවෙන අය වෙනුවෙන්.

    අනිත් බටහිර රටවල් එක්ක සංසංදනය කරන විට, ඔට්ටෙලියන් සුද්දො ජාතිවාදියි කියල තමා කියවෙන්නෙ. මේකෙන් අදහස් කෙරෙන්නෙ නෑ, අනිත් රටවල අය එහෙම නෑ කියලා. සමහර විට බහුතරය සංක්‍රමණිකයන් වෙච්ච නගරවල, එයාලට එහෙම වෙන්න බැරි නිසා, සද්ද නොකර ඉන්නවද මන්දා? ඒත් මං පේන විදිහට නං වැඩිදෙනෙක් අනිත් වර්ගවල අයටත් ගරු කරනවා.

    පුදුමවෙන්න දේකුත් නැති අනිත් ආරංචිය නං අපේ "රටගිය ඇත්තෝ" ගැන. කොටියා කැලේ මාරු කලාට පුල්ලි වෙනස් කරන්නෙ නෑ කියල කතාවක් තියනව නෙව. අපේ කස්ටිය , රට ගියයි කියලා "අපේ කම" නැතිකරගෙන නෑ කියලයි කියන්නෙ. අනිත් එකාගෙ පැටිකිරිය එහෙම බොහොම උනන්දුවෙන් හොයලා, පුළුවන් නං අණ්ඩෙනුත් ඇදලා එයාල ඉන්න මට්ටමටම ගන්න උපරිම උත්සාහයක් ගන්නවාලු. මේක අනිත් රටවලටත් පොදු දෙයක් වුනාට, ඕට්ටෙලියාවෙ අපේ කස්ටිය අතර මෙය ජයටම කෙරෙනවා කියලයි කියවෙන්නෙ.

    මේ විස්තර මට කියවන්න ලැබුනෙ, ලංකාවෙන් එහෙට ගිය කෙනෙක් ලියපු ලිපියකින්. ලංකාවෙ ඉහල ‍රැකියාවක් කල ඒ ලියුම්කරුට, නන්නාඳුනන, නුපුරුදු දේශයක ජීවිතේ ආරම්භ කරන හැම කෙනෙකුටම වගේ, මුලදි සුළු ‍රැකියාවන් කිරීමටත්, සමාජ සුභ සාධන මත යැපීමත් සිදුවුනාලු. මෙය බටහිර සමාජයේදි ලැජ්ජාවට කාරණයක් නොවුවත්, ඒ නිසා "අපේ අයගේ" කෙනහිලිකම් වලට මුහුණපෑමට සිදුවුනා කියල තමයි , ලියල තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. මේකට මට තව ටිකක් එකතු කරන්න කැමතී. එහේ දුම් රිය සේව‍යේ වැඩ කරන යාලුවෙක් මේ ලඟදි කීවා, ටොය්ලට් එකේ කරන්න ඕන වැඩත් ඔය ඊනියා සුද්දො කෝච්චි පෙට්ටිවල කරන වලු. අපේ නම් පිස්සෙක් ඇරෙන්න එහෙම වැඩක් කරන්නෙ නැහැ කිසිම මනුස්සයෙක්. ඉතින් සුද්දගෙ මොන හැදියාවක්ද?

      Delete
    2. බලමු එහෙ ඉන්න අය මොනා කියයිද කියලා..

      Delete
    3. @ටොමී,

      මම නම් හිතන්නේ මේක හැම බටහිර රටකම පොදු ලක්ෂනයක් කියලයි. විශේෂයෙන්ම ලෝකය ගැන නොතේරෙන, වැඩිය මිනිසුන් ආශ්‍රය නොකරන මිනිසුන් කොටසක් හැසිරෙන හැටි කියලා කියන්ට පුලුවන්. ඕකත් ඉතින් එක මකුණෙක් කෑවාම ඔක්කොම මකුණෝ මරණවා වගේ වැඩක්නේ.

      ඒ විදියට බලනකොට අපිත් ජාතිවාදියෝ. අපේ රටේ මව්පියෝ අපිට වෙනත් ජාතියක කෙනෙක් විවාහ කරගන්ට දෙනවද? අඩු ගානේ රටේම කෙනෙක්වත්. හැම තැනකම ඔය ජාතිවාදය තියන්වා. ලංකාවේ මිනිස්සු මිනී මරාගන්නේ ඒ හන්දා. අඩු ගානේ මේ රටවල එහෙම වෙන්නේ නෑ .

      සිංහලයා කොහෙ ගියත් වඩා, මනුෂ්‍ය වර්ගය කොහේ ගියත් එකයි කීවා නම් හරි. ඒ අතින් බටහිර අය ඉන්නේ අපට වඩා ඉදිරියෙන්. ඒක ඔයාගේ අවසාන වාක්‍යවලින්ම පේනවනේ...:)

      Delete
    4. @තරු,

      මේක නම් සිහිය නැති කෙනෙක් කරපු දෙයක් වෙන්ට ඕනි. හැම රටකම බේබද්දෝ කියන අය ඉන්නවනේ. ප්ලේන් එකක් යනකොට පොඩ්ඩක් හොයලා බලන්ට ටොයිලට් පාවිච්චි කිරීමේදී කවුද වැඩිපුර හොඳින් එය පාවිච්චි කරන්නේ කියලා.:)

      Delete
    5. @හරී,

      ඔන්න කීවා. බලමු තව කවුරු හරි මොනා හරි කියයිද කියලා...:)

      Delete
    6. මේක නිතර වෙන දෙයක් කියල තම‍යි පොර කීවේ, ඌ කියපු විදියට ගෑනු අය තමයිලු ඒ වැඩේ වැඩිපුර කරන්නෙ.
      පහුවෙනිදා උදේට ආපහු .Trains. තිබිච්ච විදියට සුද්ද කරන්න ඕන නිසා සර්විස් එකට යවලා ඔක්කොම සුද්ද කරන්න ඕනලු.

      Delete
    7. @Tharu
      ඒක කවුරු හරි හැමදාම ඒ කෝච්චියේ යන මන්ද මානසික රෝගියෙක් නිසා වෙන වැඩක් වෙන්ටෑ තරු අයියේ.
      මාත් මේ කොච්චර නම් බස් වල කොච්චි වල යනවද?! ම්ම් ඇයි එතකොට ට්‍රෑම්! ඔය වාගේ දෙයක් වෙලා නෑනේ කවම කව දාවත්.
      //ඌ කියපු විදියට ගෑනු අය තමයිලු ඒ වැඩේ වැඩිපුර කරන්නෙ.//
      එයා ඒක දැනගත්තේ කොහොමද??!

      ඔව් පොඩ්ඩි. ඔස්ට්‍රේලියාව කියන්නේත් ලස්සන රටක්. එක එක විදිහේ පරිසර බලාගන්ට තියේ. අමුතු අමුතු සත්තු ත් ඉන්නවා නේ.

      ජාතිවාදී කතාව ගැන...ම්ම්ම් එහෙම අය මට මෙහෙදී මුලිච්චි වෙලා තීන්නේ සුළුවෙන් තමා. කොයි රටෙත් ඉන්නවා නෙව එහෙම ඈයෝ.
      //ඒ විදියට බලනකොට අපිත් ජාතිවාදියෝ.//
      පොඩ්ඩි ගේ කටේ ඩොලර් දෙකේ කාසියක් දාන්ට ඕනැ මේකට. අපේ සමහරු අනුන්ට බනිනවා ඒත් පෙනෙන්නේ නැහැ එයාලගේ ජාතිවාදී කම. අනේ අනිච්චන්. අපේ කට්ටිය කොච්චර නම් කියනවද සුද්දෝ අරමයි, සුද්දොන්ට හැදියාවක් නැහැ, ඉන්දියන් කාරයෝ මෙහෙමය්, උන් මහා අපිරිසිදුයි, චීන්නු ඔක්කොටම අන්තයි, දෙමලු මෙහෙමයි, අරුන් මෙහෙමයි අරකයි මේකයි...ඉතින් ඒ ජාතිවාදේ නෙවිද!!

      මම හිතන්නේ හැම රටක්ම වාගේ ජාතිවාදී තමා. ඒත් සමහර රටවල ඒක අනිත් අයට හිරිහැරයක් වෙන ගානට තීනවා. ඉතින් මේ රටේ දැන් නම් එහෙම නැහැ. එහෙම ගොඩක් කරදර තිබුනලු ඉස්සර.

      Delete
  25. //පිරිමියෙක් ගෙදර එනකොට නිතරම ඇඳුමේ පාටක් තැවරිලා තිබුනොත්, දිග කොන්ඩයක් රැඳිලා තිබුනොත් ඒක අල්ලගෙන රන්ඩු කරන්ට එපා
    අලේ හොද අත්තම්මා..

    ReplyDelete
    Replies
    1. හොඳට හිටියි. අත්තම්මාගේ ඒ කතාව නම් වැරදියි.

      Delete
    2. @තරියා අබේ,

      ඔය වගේ දේවල් කියනවා නම් ඉතින් කවුරුත් හොඳයිනේ. පොඩ්ඩි නම් බලන්ටකෝ කවදහරි ඔය ඇඳුම්වල මොනවද ගෑවිලා තියෙන්නේ කියලා බලන්නෙම නෑ. මොකද දන්නවද එයාගේ රෙදි හෝදගන්ට, අයන් කරගන්ට වෙන්නේ එයාටමයි.:)))

      Delete
    3. @ටිකිරි,

      ඒ ගොල්ලෝ මොනවා ගාගෙන ආවාම අපිට මොකද ටිකිරි...:)))

      Delete
  26. බොරු කියන්නෙ මොකටද? අපේ ලොකුඅම්මලා නම් අපිට ඒ හැටි සැළකුවෙ නෑ.. තමුන්ගෙ මුණුබුරෝ කියලා එච්චර හිතුවෙත් නෑ.. ඒක හින්දා අපේ හිත්වල නම් එයාලා ගැන එච්චර ලෙංගතුකමකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තද? අය්යෝ අපරාදේ...අර දිනේශ්ගේ අත්තම්මා ගැනත් එයා කතා නොකරන්නේ ඒ හන්දයි.

      Delete
  27. අත්තම්මත් දීල තියෙන්නෙ හොඳ උපදෙස් ටිකක් වගේ.... අනේ අර මුරුංගා සිග්නල් එක ගැනත් කියන්නකෝ...
    පොඩ්ඩිගෙ ලස්සන කතාවෙ මගේ හිතට ගොඩාක්ම වැදුනෙ මේ ටික....
    "අත්තම්මා ලඟ තියෙන්නේ කවදාවත් වෙනස් නොවෙන සුවඳක්. මට හිතෙන්නේ එයාගේ පෙට්ටගමේ තියන සැවැන්දරා මුල්වල සුවඳ වෙන්ටැති."
    මමත් ඔය සුවඳ අඩු නැතිව විඳලා තියෙනවා.... ඒක අත්තම්මගෙ ජීවන සුවඳ.... අත්තම්ම නැතිවෙලා සති දෙකක් විතර යනකොට අර සැවැන්න මුල් අල්මාරියෙ තිබ්බත් ඒ සුවිශේෂී සුවඳ නැතිවෙලාම ගියා.... මට මතකයි අත්තම්ම නැති උනු අළුත මං අත්තම්මගෙ අල්මාරිය ඇරගෙන නහය පුරා ඒ සුවඳ උරාගන්න උත්සාහ කළ හැටි....

    ReplyDelete
    Replies
    1. මේක හරි අපේ ආත්තම්මා ගාවත් මේ සුවඳ තිබුනා. ඒක මේ ක්‍රීම් පවුඩර් ගාලා ගත්ත සුවඳක නම් නෙමේ.
      අපේ අත්තම්මා තව කරන දෙයක් තම‍ය් උදේට බත් කන්න රස කිරිහොද්දක් හදනවා එකේ සුවඳ පලාතටම දැනෙනවා.
      අනේ උන්දෑ නැතිවුනත් හරි ඒ කිරි හොද්දත් එහෙමම නැති වෙලා ගියා.

      Delete
    2. @මියුරි,

      බලමු දන්න කෙනෙක් කියලා දෙයිද කියලා හී හී.

      ඔයාටත් ඒ වගේ අත්තම්මා කෙනෙක් හිටපු එක ගැන සතුටුයි මියුරි.

      Delete
    3. @තරු,

      එහෙම කියනකොටත් ඒ කිරි හොද්දේ සුවඳ දැනෙනවා වගේ. කිරි හොද්දක් කන්ටත් ආසා හිතෙනවා.

      අපේ අත්තම්මා නම් දැන් උයන්නේ නෑ. පව්...:(

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. හැමෝම මාර උවමනාවෙන් ඉන්නෙ මුරුංගා සිග්නල් එක දැනගන්ට. ඒව පරණ වටිනා රහස් වෙන්නැති. අත්තම්මා දීලා තියෙන්නෙ නම් වටිනා උපදෙස් ටිකක්. ඒත් ඉතින් ඔය හස්බන්ඩ් ගෙදර එන වෙලාවට හැට්ටෙ නොඇඳ සාරිය විතරක් ඇඳලා ඉන්න දැන් කාලෙ බිරින්ඳෑවරුන්ට කෝ වෙලාවක්. ඔෆීසියෙ ඔට්ටුවෙලා, පාරේ බස්වල හිර වෙලා තෙරපිලා ගෙදර එන්නෙ හස්බන් ආවටත් පස්සෙනෙ. ඒ එක්කම කුස්සියේ යුද්දේ පටන් ගත්තම හස්බන්ඩ්ට පණිවිඩ දිදී ඉන්න කෝ වෙලාවක්...

    නැද්ද මම අහන්නෙ ?

    ReplyDelete

    ReplyDelete
    Replies
    1. හී හී...ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් ගෙදර ඉන්න දවසක් වත් ඕක ඕනේනම් කරලා බලන්ට බැරියැ නේද?

      Delete
  30. හි හී මට නම් තේරුණා මුරුංගා සිග්නල් එක මොකද්ද කියලා......

    අත්තම්මලා ගොඩක් අය මෙහෙමයි. මම පුංචි කාලෙ අප්පච්චි හිටියෙ අපෙන් ගොඩක් දුර. අම්මයි මමයි එක්ක හිටියෙ කිරිඅම්මා. මට කවන්නෙ, පොවන්නෙ, මාව නාවන්නෙ නිදි කරන්නෙ, ඒ සේරම කළේ එයා. එයාගෙ න්‍යාය පත්‍රෙට ඇරෙන්න මට පිට පනින්න නම් හම්බුනේ නෑ. කවදාවත් තනියම මිදුල බහින්න දීලා නෑ. සෙරෙප්පු දෙකක් නැතුව මිදුලෙ ඉන්න දීලා නෑ. මම ටිකෙන් ටික ජීවිතේ ඉස්සරහට යද්දි ඒ දිහා බලලා වැඩියෙන්ම සතු‍ටු වුණේ එයා.

    අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල එනකම් වැඩියෙන්ම බලන් හිටියෙ ලෙඩ ඇඳේ හිටිය කිරි අම්මා. හැමදාම අහනවා අදවත් ප්‍රතිපල එයිද කියලා, මගෙනුයි, අම්මගෙනුයි, අප්පච්චිගෙනුයි. ඒත් මගෙ අවාසනාවට ප්‍රතිපල එන්න දවස් දෙකකට කලින් , මගෙ උපන් දිනේ දවසෙම කිරි අම්මා අපිව දාලා ගියා. එදා නම් අම්මටත් වඩා ඇඬුවෙ අප්පච්චි. බෑණා කෙනෙක්ට වඩා තමන්ගෙ පුතෙක්ටත් වඩා ආදරෙන් අප්පච්චිට සලකපු නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හපොයි මට මැවිලා පේනවා තොටියා ඔය ගැන අහන්ට ගිහින් දෙමළ නෝනා කෙනෙක්ගෙන් මුරුංගා කරල් මිටියකින් ගුටි කන හැටි. හී හී...

      අහන්ට ඕනිම නම් දෙමළ මහත්තයෙක්ගෙන් අහන්ට. නැත්නම් අර සහෝදර සෙබලෙක්ගෙන් අහලා බලන්ටකෝ. දැනගත්තාම අපිටත් කියන්ට. :D:D:D

      Delete
    3. @සිඳු,

      ඔයාගේ අත්තම්මා ගැන අහපුවාම දුකයි. තව ටිකක් කල් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා නේද?

      ඔයා කොහොමද මුරුංගා කතාව දන්නේ...මම හිතුවේ ඒක හරි පරණ කතාවක් කියලා.:)

      Delete
    4. @තොටියා,

      මම නම් හිතන්නේ ඔයාට ඒ හැම දේම කරන්ට ලැබීම වාසනාවක් කියලා. හරියට අම්මෙකුට පුතෙකුගෙන් ඉටු විය යුතු දෙයක් ඔයාගෙන් උනා වගේ.

      Delete
  31. ඇත්තටම මොකක්ද ඒ මුරුංගා සින් එක? ආ අද කාලේ ලොකූ හෝටලේක තියන වෙඩිමක් වගේ එකකට ගියා නම් අර හැට්ට නැතිව වාගේ සාරි ඇදන් ඉන්න උදවිය දකින්න පුළුවන්..
    අත්තම්ම පොඩ්ඩිට කියනවා කියන නමට උපකල්පන කීපයක් තියනවා... මලී, නෙලූ,නිලූ,මල්මි..
    කැන්ගරු රටේ රූප ටිකටත් ආස හිතුණා . වෙලාවක නිවාඩුවකට කැන්ගරු රටේ පොඩි සංචාරයක් දාන්න පවා හිතුණා

    ReplyDelete
    Replies
    1. නිවාඩුවකට මේ රටට එන්ට. බලන්ට ලස්ස්න තැන් එමටයි. මේ විදියට සංචාරක්යෝ රටට ඇදලා ගන්නවට ගානක් මෙහේ ආණ්ඩුවෙන් ඉල්ලගන්ට ඔනේ.

      ඔයාට හොඳට උපකල්පනය කරන්ට පුලුවන්නේ. ඒ නම ඔතන ඇති හී හී...

      Delete
  32. පොඩ්ඩිගේ අත්තම්මා හරිම වාසනාවන්තයි.ජීවිතයේ සැඳෑ සමයේදිත් ලෝකෙ කොහේ හිටියත් දරු දැරියන්ගෙ වගේම මුණුබුරු බමිනිබිරියන්ගෙත් මූණ පොඩ්ඩක් දැක බලා ගන්න ලැබෙන එක පෝයට සිල්ගත්ත වගේ සැනසිල්ලක් දැනනවා ඇති.

    ඒ වගේම පොඩ්ඩි වගේ මිනිබිරියකුත් ඉන්න එක තරම් සතුටක් අත්තම්මට තවත් නැතුව ඇති. මොකද අත්තම්මා පුටුවේ ඈඳිගෙන ඉන්න වෙලාවක පොඩ්ඩි වගේ මිනිබිරියක් පුටුව ළඟ බිම වාඩිකරගෙන ඔය වගේ ලෝකයම කියාදෙන සිරියාවන්ත අත්තම්මලා හරිම පිංවන්තයි. ඒ වගේමයි ඒවා ඇහුම්කන් දෙන මිනිබිරියක් හිටපු එකත් හරිම වාසනාවක්.

    නැත්නම් අද ඉන්න මුනු බුරු මිනි බිරියො කියන්නේ අත්තම්මේ ටක්ගාල කියන එකක් කෙටියෙන් කියන්න මට ඔන් ලයින් චැට් එකක් තියෙනවා දැන්. එහෙම බැරිනම් පස්සෙ කියන්න කියලා එතැනින් මාරු වෙනවා.ඕන් දැන් හැදෙන දරුවො.

    මගේ අත්තම්මත් මිට වසර ‍කිපයකට කලින් අවුරුදු 98 ක්ම ආයු වළඳලා නේන්නම යන්න ගියා.අනේ ඒ හිට කාලෙ ගෙදර යන දවසට හැමදාම කාසි කීපයක් දෙනවා පඬුරක් දාන්න. මොනවා අමතක වුණත් මම ඒක නම් මම ඉටු කළා.

    ඒවගේමයි "අත්තම්මා" සාහිත්‍යයේ, කවියේ ගිතයේ හරි අපූරුවට ලියැවෙන චරිතයක්. මට පොඩ්ඩිගේ අත්තම්මා ගැන කියවනකොට මේ ගීතය මතක් වුණා. මේ ගැයුවෙත් සංගීතයත් එඩිවඩ් ජයකොඩි.ලිව්වෙ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි. මේ ගීය ඇහනකොට ඒ අත්තම්මා මේ නොවේද කියලා හිතෙනවා

    සිල්ගත් දෝතට පියුම් පිපෙනවා
    පින්සිත පුර හඳ බුදුන් වඳිනවා
    මිත්තණියේ නුඹ සිල් රෙදි පොරවා‍
    පන්සල් යන හැටි හිතේ මැවෙනවා

    බෝසත් සිරිතේ කතා කියාදී
    බෝසත් ගතිගුණ පුරුදු කළා
    බෝසත් දරුවන් රටකට බිහිකළ
    මිත්තණියේ නුඹ නිවන් දකිනවා

    බාලේ සිට අප තුරුලට අරගෙන
    ආල වැඩූ අම්මා වාගේ
    පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
    මිත්තණියේ නුඹ නිවන් දකිනවා

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුවට ස්තූතියි දයා. ඒක දැකලා ඇහැට කඳුලකුත් ආවා.

      අපේ අත්තම්මා වාසනාවන්තයි කියලා මටත් හිතෙනවා. අපි හැමෝම එයාගේ ආදරේට පොරකනවා. එයාගේ ආදරේ අසීමිතයි. ඒකට සීමා නෑ. අපි කියන දේවල් එයා නොකර ඉන්නේ නෑ. ඒ වගේමයි එයා කියන දෙයක් නොකර ඉන්ට තරම් අපේ හිත්වලට හය්යක් නෑ.

      Delete
  33. //තමන්ගේ ගේ ගිනි පිටට දෙන්ට එපා වගේම අනුන්ගේ ඒවා ගේ ඇතුලට ගන්ට එපාලු. මේක ඉතින් විවාහක අයට අදාල දෙයක්. තමන්ගේ ගෙදර දේවල් පිටට නොකියන්ටත්, පිට ඒවාට අවවාද අනුශාසනා නොදී ඉන්ටත් කියලා තමා මේකෙන් කියැවෙන්නේ. //

    මම නම් හිතා හිටියෙ පොඩ්ඩි ගෙදර ප්‍රශ්න පිට ගිහින් කතාකරන්නත්, බාහිර ප්‍රශ්න තමන්ගෙ ගේ ඇතුලට අරන් එන්නත් එපා කියන එකයි මේ කියන්නෙ කියලා. අවවාද දීමක් නෙවෙයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ්...සමහරවිට ඔය අනුන්ගේ ප්‍රශ්නවලදි මැදිහත් වෙලා අවවාද දෙන්ට යෑමෙන් හානි වෙන්ටත් පුලුවනි නේද? ඒ ගැනයි කියන්ට හැදුවේ. ඒත් හරියට ලියවිලා නෑ.:)

      මම හිතුවේ ඒකත් අනුන්ගේ දේවල් ගෙට ගැනීමක් කියලයි.

      Delete
    2. පොඩිඩිගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා තමා...
      අපේ මහත්තයා මට කියන්නේ අනුන්ගෙ කුණු කන්දල් ඔයාගෙ ඔලුවට දාගෙන මාත් එක්ක එල්ලෙන්න එන්න එපා කියලා...... හි හි.....
      ඒත් සමහර දේවල් නම් ගෙවල් ඇතුලේ.. ඒ කියන්නේ හිත් ඇතුලේ තියාගෙන ඉන්න එකෙන් එක්කෝ මනසික රෝගියෝ වෙනවා නැත්තම් දික්කසාද වෙනවා වගේ සිද්ධි වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා.... ඩිවෝස් වෙන්න ගිහිල්ලා නිතිඥ මහත්තුරුන්ගේ, එහෙම නැත්තම් පවුලේ වැඩිහිටියන්ගේ උපදෙස් අනුව වැඩකරලා හොදින් ඉන්න අයත් ඉන්නවනේ....

      සිග්නල් කතාව මරු... ආවම අහන්න ඕනෑ දන්නවද කියලා....... නෑ කිව්වොත් තමයි වැඩේ.......

      Delete
    3. කාගෙන්ද අහන්ට හදන්නේ? මහත්තයාගෙන්ද? හපොයි මාව එහෙම ගාවනවා නෙමේ හොඳේ. අපි අත්තම්මා අල්ලලා දෙමු.:D

      Delete
  34. ඔන්න කෙල්ලේ මගේ අලුත් පෝස්ට් එකත් අත්තම්ම ගැනම තමයි. හැමදාම වගේ රහයි..

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවලා කමෙන්ට් එකකුත් දැම්මා. රහයි කීවේ අත්තම්මා ගැන ලීව ඒවද? :D

      Delete
    2. නෑ අනේ... ඔයාගේ ලිවිල්ල....

      Delete
  35. හොඳ උපදෙස් ටික.. තවමත් ඔහොම අත්තම්මලා දකින්න ලැබෙන එක වාසනාවක්... ඒ පරම්පරාවල් අවසන් වේගන යන්නෙ.

    වාහන එලවිල්ල ගැන කතා කළොත්, ඕස්ට්‍රේලියාවෙ විදිහ තමා හරි විදිහ කියලයි..මට හිතෙන්නෙ. දකුණෙන් වාහන එලවන එක විහිලුවක් වගේ තමා මටනම් පේන්නෙ.. ඔය දකුණෙන් වාහන එලවන පාරක මෝටසයිකල්, බයිසිකල් කාරයෙක්ට එහෙම යන්ඩ බෑ නේද.. ඒගොල්ලො ගිහින් නතර කරලා පාරට තමා බහින්ඩ ඕනා..

    ReplyDelete
    Replies
    1. //ඒ පරම්පරාවල් අවසන් වේගන යන්නෙ.//

      හිතනකොටත් දුකයි අප්පා...:(

      //ඔය දකුණෙන් වාහන එලවන පාරක මෝටසයිකල්, බයිසිකල් කාරයෙක්ට එහෙම යන්ඩ බෑ නේද..//

      මේ ගැන නම් අහන්ට ඕනි ඒ පැත්තේ එලවන කෙනෙකුගෙන්. වමේ එලවලා පුරුදු උනාට පස්සේ දකුණෙන් එලවන එක පොඩ්ඩක් පැටලිලි නම් තමයි...

      Delete
    2. දකුණෙන් එලවන්න ගිහින් මුලින් පොඩ්ඩක් පටල ගත්තත් දැන්නම් කිසි අවුලක් නෑ :)

      // ඔය දකුණෙන් වාහන එලවන පාරක මෝටසයිකල්, බයිසිකල් කාරයෙක්ට එහෙම යන්ඩ බෑ නේද..//

      මෙහෙම ප්‍රශ්නයක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ. අපේ රටේ වගේ පාරවල් අයිනේම බයිසිකල් නවත්තන සිරිතක් මෙහෙ නෑ නේ. ඒවත් නවත්තන්නේ වාහන පාර්ක්‌ වල නේ. අනේ මන්දා ඉතින් මම බයික් එළවලා නැති නිසා හරියට කියන්න දන්නේ නෑ. වැදගත්ම කාරනාව, ලංකාවේ එලවනවට වඩා මෙහෙ එලවන එක දහ ගුණයක් ලේසියි...

      Delete
    3. මට නම් දකුණෙන් එලවන එක මාර අවුල්. විශේෂයෙන්ම round-about එකකදී.
      ලංකාවේ නම් මම එලවන්නේම නෑ. එලවන්ට දෙන්නෙත් නෑ ගෙදරින්...

      //ලංකාවේ එලවනවට වඩා මෙහෙ එලවන එක දහ ගුණයක් ලේසියි...//

      කියලා වැඩක් නෑ.:)

      Delete
  36. පොස්ට් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා අක්කේ.. ඒත් ආත්තම්මලා ගැන මගේ ජිවිතේ නම් සතුටු වෙන්න පුළුවන් අත්දැකීම් නෑ... ඒක අක්කා දන්නවනේ ඉතින්.. ඒ නිසා අද මුකුත් නොකියම යන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්...ඒකෙත් හැටිනේ...ඔය කියනවා වගේ අත්තම්මලත් මේ ලෝකේ ඉන්නවද කියලා හිතාගන්ටත් බැරි තරම්.

      Delete
  37. අද නං මට කතාකරන්න අමාරුම මාතෘකාවක් තමා ඇදලා අරන් තියෙන්නෙ.. ඒ මොකද කියනවානං මට අත්තම්මා ගැන අංශුමාත්‍රයක්වත් මතක නෑ.. මගේ අම්මගෙ අම්මා නැතිවෙලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්ම, තාත්තගෙ අම්මා නැතිවුනේ මං චූටි කාලෙ.. ඉතිං අත්තම්මා ගැන මතකයක් මගේ හිතේ නෑ, ඔයාලා ඔය කියන විදියේ අත්තම්මගේ සුවඳක් මට කවදාවත් දැනිලා නෑ.. :(

    පලි: දාලා තියෙන අනිත් කරුනු කාරනා ගැන කතාකරන්ට මං පස්සෙ එන්නං.. දන්නවනේ මං මේ දවස්සල ටිකක් බිසී කියලා.. ;)

    ReplyDelete
    Replies
    1. //ඔයාලා ඔය කියන විදියේ අත්තම්මගේ සුවඳක් මට කවදාවත් දැනිලා නෑ.. :(//
      පව් අනේ අහිංසක පොඩි කොල්ලෙක් මැවිලා පේනවා.

      ඔව් ...ඔව් ...මේ දවසවල හරි බිසිලු කියලා ආරංචියක් ආවා තමයි.:)

      Delete
    2. ඔලිම්පිකුත් ඉවර වෙලා..දැන් සුද්ධ බුද්දත් කරල ඉවරයි නොවැ... උඹ මක්කටෙ‍යි බිසි වෙන්නෙ ???

      Delete
    3. ඇයි ඔලිම්පික් බලන්න ආව ලස්සන ගෑණු ළමයින් ගැන විපරම් කරන්නත් එපැයි :))))

      Delete
    4. ඇයි තරු බොලා දැක්කෙ නැද්ද උන්දැ අර මහත් වරුන්ගෙ ක්‍රීඩාව එක්ක බිසි නේ. ( මූ වගේ උන් ක්‍රීඩා කොරනව කියලා නොදැනද කොහෙද ඕකට මහත්වරුන්ගෙ ක්‍රීඩාව කියල කියන්නෙ:P)

      Delete
    5. හරි හරි නිශ්.. එහෙනම් ඒක‍ය් මේ බිසි...අන්න උසේන් බෝල්ට් ත් ක්‍රිකට් ගහන්න එනවලු... ආත්මෙකට ඕකව Run out නම් බැරිවෙ‍යි.
      හැබැයි ඕකත් එක්ක දුවන අනිත් පැත්තෙ එකාට නම් අබ සරණ‍යි.

      Link :- http://www.youtube.com/watch?v=SBV_Q0bV4NU&feature=player_embedded

      Delete
  38. කවදාකම හරි ප්‍රයෝජනයට ගන්ට..... හාකො එහෙනම්....

    ReplyDelete
    Replies
    1. කවදාකම හරි ප්‍රයෝජනයට ගන්නවාමයි අය්යේ...:)

      Delete
  39. පොඩ්ඩිගෙ ලිපිය මටත් මගෙ මිත්තණියන් මතක් කලා . ඇය දැන් ජීව්තුන් අතර නෑ . මම හිතන්නෙ මගේ මෑණියන්ටත් වඩා මාව හොදින් අදුර ගත්තෙ ඇයයි . ඇය මට දුන් ආවවාද අනුශාසනා මගේ ජීවිතේ ගෙනියාමට කොතරම් පිටුවහලක්ද කියල හිතෙනවා. අත්තම්ම ගුරුමෑණි කෙනෙක් . ඒ වගේම විශ්වකෝශයක් කියල මට හිතෙනවා .

    …පොඩ්ඩිගෙ අත්තම්මත් හොද උප්දෙස් ටිෆ්කක් දීල තියෙනව කාටත් වැදගත් . පොඩ්ඩිත් ඉතින් හැට්ට නැතුව සාරි අදින්නද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අනේ. චුට්ටිගේ වෙඩිම ලඟයි. කල්පනා කරන්නේ සාරියක් අඳිනවද? ඔසරියක් අඳිනවද කියලා. ගෙදරින් අණ ලැබිලා තියෙන්නේ ඔසරියක් අඳින්ට. ඒත් ඔය කියන විදියේ හැට්ටයක් ඇඳලා සාරියක් අඳින්ට ආසයි.:)

      Delete
  40. "අත්තම්මා" කියන්නේ මම කැමතිම ලස්සනම ලස්සන වචනයක්. අපේ පැත්තේ ගොඩක් අය අත්තම්මට කතා කරන්නේ "ආච්චි" කියලා. ඒත් අපිනම් කියන්නේ අත්තම්මා කියලා.

    හිහි පණිවිඩ දීපු හැටිනම් මරු.

    ReplyDelete
    Replies
    1. සයුරි දන්නවාද කොහෙද? හී හී...

      Delete
  41. මේ වගේ දේවල් ලිව්වට කමක් නැහැ තුට්ටු දෙකේ කුණුහරප අමු කුහරප බ්ලොග් වලට ගිහින් හරිම රහයි කියලා කමෙන්ට් දාලා පලීපානලගේ අන්ගම්මනලගේ නම්බුව කන්න එපා.

    ReplyDelete
    Replies
    1. හොඳමයි. මට පෙන්නනවද කොහෙද ඔය 'හරිම රහයි' කියන කමෙන්ටුව දාලා තියෙන්නේ කියලා.




      Delete
    2. හුටා....... පොඩ්ඩිගෙ බාප්පොච්චිත් බ්ලොග් බලනව කියල අදනෙ දැනගත්තෙ..

      Delete
    3. අහ්..අංගම්මන කතාව මොකක්ද බොලේ...

      අංගම්මන සුමන පොඩ්ඩිගෙ නෑදෑයො වත්ද?....හෙහ්, හෙහ්,

      Delete
    4. පලීපානලාගේ අන්ගම්මනලාගේ මුල් පරම්පර්රවේ ඉඳලා ලෝකයේ ඒ පරම්පරාවේ අය ඉන්න හැම රටකම විස්තරත් එක්ක දාන්නම් අවශ්‍ය වෙච්ච දවසට. ඒ නිසයි කියන්න නම්බුව කන්න එපා කියලා.

      Delete
  42. මට නං හොදටම මතක මගේ අත්තම්මලා දෙන්න නෙවෙයි... ආතා... අම්මගේ අම්මගේ තාත්තා.... ආතා අවුරුදු 106 ක් ඉදලා වෙසක් දවසේ පාන්දර නැති උනේ...
    මට හොදට මතකයි මං ඕලෙවල් ඉවර වෙලා ආතාගේ ගෙදර ගිය වෙලාවේ මට කිව්වේ කෙල්ලේ උඹ දැං දෙමළ පන්තියකට පලයන් කියලා... ඒ 2000 දි...
    පහ වසරට වෙනකම් මාව ඉස්කෝලේ ඇරිලා එක්කගෙන ආවෙත් ආතා තමයි...

    ReplyDelete
    Replies
    1. දැන් වයස 28යි කියන්න දාපු ට්‍රයි එක අම්මපාපාපාපාපාපාපා.

      Delete
    2. @හිරු,

      ඇයි දන්නේ නෑ ආතා ඔයාට දෙමළ පන්තියකට යන්ට කීවේ නේද? විහිලුවටද? :)

      Delete
    3. @තරු,

      හිරුයි. තරුයි. එක වෙලාවක් එක තැනක. වෙන්නේ නැති වැඩක්නේ.:)

      කොහොමද ඔයා ඒ ගාන හදාගත්තේ?

      Delete
    4. ඕ ලෙවල් කරේ 2000 දි, එතකොට 16ය්.
      දැන් 2012, එතකොට 28ය්..... :-)

      Delete
  43. පොඩ්ඩිගෙ බ්ලොග් එකේ පාඨකයෙන් වෙලා දැන් ගොඩක් කල් නිසා ඉඳලා හිටලා හරි තුවාල වලට ගම්මිරිස් දාන්න අත්තම්මා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා ..

    කොහොම වුනත් අන්තිම විස්තරේ දැක්කාම නම් ආසා හිතුනා ඔය පැත්තෙ ඇවිත් රවුමක් දාලා යන්න..වෙන මොනවා නැතත් හඳ පිටිපස්සෙ පන්නනවත්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? නැත්නම් පොඩ්ඩිව හදාගන්ට බෑ.:D:D:D

      හඳ පස්සෙන් පන්නන්ට හරි එන්ට. එතකොට මම කියන කතාව තේරෙයි. ඒ වෙලාවක් ගත්තු පින්තූරයක් මගේ ලඟ නෑනේ. බලමු හොයාගෙන දාන්ට පුලුවන්ද කියලා...:)

      Delete
  44. අපේ අත්තම්මත් හරි හොඳයි ( අප්පච්චිගෙ අම්මා ). ඒ උනාට ඉක්මනට කේන්ති යන එක තමා පොඩි අඩුපාඩුවකට තියෙන්නේ :) අපේ අම්මගෙ අම්මා නම් මම පුංචි කාලෙම නැතිවෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ආත්තම්ම ගැන මට මතකයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එයාලට ඉක්මනට කේන්ති ගන්ට අවසර තියනවා. ඒ වගේම පොඩ්ඩිටත්. :D

      Delete
  45. ඔයා වාසනාවන්තයි අංශුවෝ , එක ආත්තම්ම කෙනෙක් හරි දැක්කා. මගේ අම්මගෙ අම්ම මම ඉපදෙන්න දවස් දෙකකට විතර කලින් නැතිවෙලා තියෙන්නේ . තාත්තගෙ අම්ම නැතිවෙනකොට නම් මම ඉපදෙන්න හිතලවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ ඔයාට අපේ අත්තම්මා ඉන්නේ...:D

      Delete
  46. නිවාඩුව නිවාඩුව කරගන්න ඕන නිසා අන්තර්ජාලයෙන් ඈත් වෙලා හිටියේ . කොටින්ම මේද පාර ලැප් ටොප් එක දාලමයි ගියේ. හා හපුරා කියල ගොඩ වැදුනේ මෙහාටමයි ඔන්න . ආත්තම්මා ගැන කිව්ව දේවල් වගේම ඔස්ට්‍රේලියාව ගැන කි දේවලටත් මන් කැමතියි. .කොච්චර වාසනාවක්ද තවමත් ඇයගේ ආදරය ලබන්න හැකි එක . අපේ අත්තම්මලා සීයලා හතර දෙනාම මිය පරලොව ගිහින් . ඒ වුනත් ඒ අය ගැන ආදරණිය මතක නම් කොපමණද . පොඩ්ඩි ගේ අත්තම්මාට නිදුක් නිරෝගිව තව ගොඩක් කල් ජිවත් වෙන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා .

    මොකද මේ තනියම ඉන්න කතාව . ගෙඹි කුමාරයා පැනල ගියාද .මන් නම් දැක්කේ බටහිර ඔස්ට්‍රේලියාව විතරයිනේ . අර කිව්ව නිල්පාට ලස්සන ගිම්හාන මුහුද නම් මාත් දැක්ක . රස්නේ නිසා මුහුදු වෙරළේ ගතකරන්න බැරි වුනත් නිල් පාට සාගරය නම් මගේ සිත් ගත්ත . ඒත් ඔස්ට්‍රේලියාව කිව්වම මට නම් දැන් ඇති වෙන්නේ දුකක් මුසු සතුටක් . පොඩ්ඩි ලා ඉන්න පළාත වෙනස් ඇති නේද . අපි බලමුකෝ දවසක එන්න ලැබුනොත් .

    මිනිස්සු නම් කොහෙත් එකයි . කලුයි සුදුයි දුඹුරුයි අළුයි. ඒ කිව්වේ සමේ පාට නෙමේ හිතේ පාට .

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද ආව හැටියේ අපිව බලන්ට ආපු එක. කොහෙද අනේ ඔය ගෙඹි කුමාරයෝ හිටියට කිසිම වැඩක් නෑ.:)

      මගේ අත්තම්මා මගේ ආයුෂත් අරගෙන් හිටපුවාවේ කියලා හිතෙනවා බින්දී...
      වෙලාවක එන්ටකෝ. මාත් හිටියේ පර්ත් පැත්තේ රවුමක් ගහන්ට ඔබාවත් බලලා...දුකේ බෑ.:(

      මම කවදාවත් පර්ත් ගිහිනුත් නෑ.

      Delete
  47. / පවුලේ ගෑනු ලමයි බඳිනකොට දෙන එක අවවාදයක් තමයි, ස්වාමියා ගෙදර එනකොට හැට්ටයක් නොඇඳ සාරිය විතරක් ඇඳලා ඉන්ට කියන එක. ඒකෙන් තේරෙන්නේ එයා පණිවිඩයක් දෙනවලු සැමියට. /

    ඇයි බං සාරියත් නෑඳම හිටියනංනෙ පණිවිඩේ නිකං හොම්බට ඇන්න වගෙ දෙවෙන්නෙ...:)

    / සමහර ස්වාමි පුරුෂයෝ හවසට ගෙදර එනකොට මුරුංගා ගේනවලු. මේත් එකතරා විදියක පණිවිඩයක්ලු. /

    මේ හලෝ..ඔය අවවාද හොඳයි අත්තම්මගෙ කාලෙට...මේ කාලෙ අපිට පණිවිඩ දිදී ඉන්ට කොහෙද බොල වෙලාවක් තියෙන්නෙ?...රෑ දෙගොඩ හරියෙ ගෙදර එනව..පාන්දර ආයම පිටත් වෙනව රස්සාවට....පණිවිඩ පැත්තක තියල.......හෙහ්, හෙහ්,

    අනික දන්නවද දැං මුරුංග වල ගාන කීයද කියල?....ඔය විදිහට හැමදාම මුරුංග අරං යන්ට ගියොත් එක රස්සාවක් කොරල නං ජාම් බේරගන්ට අමාරුවෙයි පොඩ්ඩියේ...:) :)

    / 'පිරිමියෙක් ගෙදර එනකොට නිතරම ඇඳුමේ පාටක් තැවරිලා තිබුනොත්, දිග කොන්ඩයක් රැඳිලා තිබුනොත් ඒක අල්ලගෙන රන්ඩු කරන්ට එපා. ඒවා ජීවිතයේ හරිම සරල දේවල්. ඒවා නොදැක්කා වගේ ඉන්ට කියලා’./

    අන්න නියම අවවාදයක්...අත්තම්මයෙ කකුල් අල්ලල වඳින්ට ඕන ....එතුමී බුදුං දැක නිවං දකිත්වා...සාදු, සාදු, සාදු!!!

    හරි ඔහෙගෙ අත්තම්මගෙ අවවාද ගැන කතාව ඇති..

    මයෙ අත්තම්ම ( අම්මයෙ අම්ම ) තමයි මගෙ ජීවිතේට ලොකුම බලපෑමක් කල තැනැත්තිය කියන්න පුළුවන් බය නැතුව...මම ඉපදිලා සතියෙන් මාව බලල යන්න කියල ආපු පාර එහෙම්මම අපෙ ගෙදර නතර වෙලා මට වයස 28 උනාට පස්සෙ අපෙ ගෙදරදිම අභාවප්‍රාප්ත උනා...තවමත් අත්තම්මා ගැන සොඳුරු මතකය මගෙ හිතේ පිරිල තියනව......මම ඒ ගැන වියුණු සටහනක් ලියන්න කියල දැන් සෑහෙන කාලෙක ඉඳල හිතාගෙ ඉන්නෙ...:)

    ස්තූතියි පොඩ්ඩි...හෘදයාංගම සටහනකට....

    ReplyDelete
    Replies
    1. //ඇයි බං සාරියත් නෑඳම හිටියනංනෙ පණිවිඩේ නිකං හොම්බට ඇන්න වගෙ දෙවෙන්නෙ...:)
      //
      අම්මපා ඕක මට කම්පනා වුනෙ නැහැනෙ..හෙහ් හෙහ් හෙහ්..

      Delete
    2. මොකක්ද බං කම්පනා උනේ නැත්තෙ?...හවහට ගෙදර උන්දැට සාරියත් නැතුව ඉන්නෙයි කියල කියන්නද?....හෙහ්, හෙහ්,...ඉතිං අද කියාපං....

      Delete
    3. මම මේ උඹලා දෙන්නගෙන් අහන්නෙ තරු සහ රවී. සෝසේජස් ගෙනාවොත් මොකක්ද ඒකෙන් කියවෙන පණිවිඩේ?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. @රවි,

      අත්තම්මා නිකං නොකියා කියලා තියෙන්නේ අනික් කෙනා ගැන බලන්ට කියලනේ. හැබෑට දැන් මුරුංගා ඔය කියන තරම් ගණන්ද?

      ඒ වගේ හොඳ අත්තම්මෙකුගේ ආදරේ ලැබුනු එක ගැන නම් සන්තෝෂයි. එයා කියලා දුන්නු කතා එහෙම වෙන්ට ඇති ඔය දඩයක්කාරගේ කතාව විදියට එලි බහින්නේ...:)

      Delete
    5. @තරු ,

      තරු අය්යේ බලාගෙන ගෙදර හදිසියේ දුවන්ට යන්ට එපා. කාර් එක හප්ප ගත්තොත් එහෙම තව ලෙඩක් .... හී හී...

      Delete
    6. ඔවු අප්ප එක සැරේකුත් බයිසිකල් කාරයෙක් බොනට් එක උඩින් ගියා. ඕවා හිතේ තියාගෙන ගිහින් , ඊලඟ බයික් කාරයා වින්ඩ්ස්ක්‍රීන් එකත් කඩා ගෙන ඒවි.

      @රවි,

      ඔවු බන් ඒක තම‍යි කම්පනා නැති වුනේ, හැබැ‍යි අහල නැද්ද, නිරුවතට වඩා, අඩ නිරුවත ශෘංගාරාත්මක‍යි කියලා.

      Delete
  48. මම කියවලා තියෙනවා මිනිස්සු වමෙන් පදවන්නේ ඉස්සර අස්සයෝ පිටේ යද්දී මූණට හම්බුවෙන මිනිහා සතුරෙක් උනොත් පහර දෙන්න ලේසි වෙන්න කියලා... ගොඩක් අය දකුණත් නිසා කඩුව දකුණු පැත්තට එන්නලු වමෙන් පදවන්නේ...

    විශේෂ හේතුවක් නැතත් මට නම් පහසු දකුණෙන් පදවන එකයි...

    ReplyDelete
    Replies
    1. මේ පණිවිඩය Podi Kumarihami බ්ලොග් අඩවියේ සියළුම කාන්තා රියදුරන් වෙනුවෙන්...

      A crash course to shine

      Delete
    2. ඔය කතාව ඇහුවාමයි. ඒත් ඇත්ත වෙන්ට පුලුවනි නේද? එහෙමනම් ඉතින් වමෙන් එලවන එක හොඳයි වගේ.

      සියලුම කාන්තා රියදුරන්ට??? කෝ කෝ බලමු. බලමු.:D:D:D

      Delete
    3. එක එක රටවල්, වමෙන්/දකුණෙන් එලවන්න පුරුදු වෙච්ච හැටි ගැන විවිධ හේතු තියෙනව. වමෙන් එලවන්න පුරුදු වෙලා තියෙන්නෙ නං අර කිව්ව වගේ ගොඩක් දෙනෙක් දකුණත්කරුවන් නිසා, කඩුව හසුරවන්න පහසු වෙන්න දකුණු පැත්තෙ ඉඩ තියාගෙන වමට බර වෙලා යන්න පුරුදු වීම. ගොඩක් වමෙන් එලවන රටවල් පරණ බ්‍රිතාන්‍ය යටත් විජිත. බ්‍රිතාන්‍යන් ආපු ඒ පුරුද්ද එහෙම්ම දිගටම ඇවිත් තියෙනව. 1700 ගණන් වල ඇමරිකාවෙත්, ප්‍රන්ශයේත් භාණ්ඩ ප්‍රවාහනයට අශ්වයන් ගොඩ දෙනෙක් යොදපු වැගන් රථ යොදාගත්ත. මෙව්වයේ රියදුරුට අසුනක් තිබ්බෙ නෑ. ඔහු හිටියේ පිටිපස්සෙම පේලියෙ වම් කෙලවරේ ඉන්න අස්සයගේ පිට උඩ. එහෙම හිටියම දකුණතින් කසය අරගෙන අශ්වයන්ට තලන්න පුළුවන්. මෙහෙම යන වැගන් රථ මාර්ගයේ දකුණට කරගෙන වම් පැත්තෙන් ඉඩ තියාගෙන යන්න පුරුදු උනා. ඔහොම පටන් ගත්තු දකුණෙන් ධාවනය නැපෝලියන් තමන්ගෙ අධිරාජ්‍ය විහිදුවනවත් එක්ක ඒ ඒ රටවල් වලට ගියා. බ්‍රිතාන්යෙන් නිදහස ලබපු ඇමරිකන් කාරයො තමන් වෙනස් කියල පෙන්නන්න දකුණෙන් එලවන්න පුරුදු උනා. එහෙම බලද්දී එලවන්නෙ වමෙන්ද දකුණෙන්ද කියන එක යටත්විජිත පාලනයන් එක්ක ආපු දේවල්. එහෙම නැති රටවලුත් තියෙනව. උදා: ජපානය. දැන් ඉතින් යටත් විජිතයක් නොවුනත් තාමත් රැජිනිව රාජ්‍ය නායකය විදිහට තියාගෙන ඉන්න ඔස්ට්‍රේලියාව තාමත් වාහන එලවන්නෙ වමෙන්!

      Delete
    4. මුහුදු හොඳ විස්තරයක් කියලා දීලා තියෙන්නේ. දැන් ඉතින් වමෙනුයි, දකුණෙනුයි එලවන්නේ ඇයි කියලා දන්නවා. වමෙන් එලවන්නේ යටත් විජිතයක් හැටියට හිටපු අය. දකුණෙන් එලවන්නේ ඒකෙන් නිදහස් උනු අය. ඇයි දන්නේ නෑ තාමත් ලංකාවේ වමෙන් එලවන්නේ නේද? ඔස්ට්‍රේලියාව තාම ඉතින් නිදහස් නෑ කියමුකෝ...අපි ඉතින් කොහොමත් අත්තම්මලාට ආදරේ අයනේ. ඉතින් එලිසබෙත් අත්තම්මටත් තාම ආදරේ...:D

      Delete
    5. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා

      Delete
  49. අනේ මට මගේ ආච්චි ගැන ආදරණීය මතක ගොඩායි. ඒත් ඒවා අකුරු වලට ගලපගන්න මට හරි අමාරුයි. :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ සිත්තමී. ඒ ආදරේ මතකයේ තියන තුරා අත්තම්මා ඔයා එක්ක ඉන්නවා ඇති.:)

      Delete
  50. ඔයාගේ ආත්තම්මගේ අවවාද හොඳයි. හැබැයි අපි මොන සංස්කෘතියට අනුකුලද කියල හිතන්න අවශ්‍යයි. සිංහල විදියට ඉන්නවනම් එහෙමයි. දෙමළ අය වචන වලින් අදහස් හුවමාරු කරා ගන්නවා අඩුයි අනිත් එක ප්‍රසිද්ධියේ කතා කරනවත් අඩුයි. මම කියන්නේ හින්දු කාන්තාව. ඒ නිසා පණිවුඩ දෙන ක්‍රමය හොඳයි. අපේ අය මම හිතන්නේ විවෘත්තව ඒ දේවල් කතා කරනවා. ඉස්ලාම් දහම පදනම් වෙලා තියෙන්නේ තනිකරම ස්වාමියාට මුල් තැන දෙමින්. ඒ වගේම ලිංගිකත්වය උපරිමයට කලයුතු විදියට. ඒ වගේ දේවල් අපේ (සිංහල බෞද්ධ) අයට කොයි තරම් ගැලපෙනවද කියන එක හිතල බලන්න වෙනවා. ඒ සියළු දේ කලවම් නොකරගෙන ඉවසීමෙන් කටයුතු කරන එක හොදයි.

    අපේ ආච්චි නැති වුන දවස් වල බ්ලොග් තිබ්බෙත් නෑ මම බ්ලොග් ගැන දන්නෙත් නෑ. මම සී. ආර්. පෝතක ආච්චි ගැන සටහනක් තිබ්බ. එක හොයා ගන්න නෑ. නැත්නම් එකේ ලියපු ලිපි ටිකත් මගේ බ්ලොග් ඒකට දන්නා තිබුනා. ආච්චි කියන්නේ බොහොම දයාබරිත චරිතයක් බොහොමයක් අයට.

    ReplyDelete
    Replies
    1. අත්තම්මා ඒ කතා කියන්ට ඇත්තේ අපිට හිනස්සන්ට වෙන්ට පුලුවන්. එහෙම ඉන්ට කියලා කෙලින් කීවේ නෑ. නමුත් ස්වාමි පුරුෂයාගේ ඕනෑ එපාකම් ගැන හොයලා බලන්ට කීවා වෙන්ට පුලුවන්.:)

      අත්තම්මලා දයාබරිත චරිත තමා. එයාලාගේ අගේ සමහර ලමයින්ට වැටෙහෙන්නේ නැති එක ගැන නම් දුකයි. මොන තරම් දේවල් අපිට ඉගෙන්ගන්ට පුලුවන්ද එයාලගේ ජීවිතවලින්. පොඩ්ඩි නම් පොතක අත්තම්මා කියන දේවල් සටහන් කරනවාත් එක්ක. එයා විතරක් නෙමෙයි මුලු පවුල ගැනම. family tree එකකුත් හදලා තියනවා.

      Delete
  51. කොටින් ම කියතොත් අත්තම්මලාගේ පරපුර අපේ ශක්තිය. මට වඩාත් ළං වුනෙත්, අන්තිමට මගෙන් වෙන් වුනෙත් මගේ කතන්දර සීයා.

    උන්දැ කිව්වෙ "එදා" "උං" හඳට ගියේ නෑ මයි කියලා. අපි එදා "සීයා දන්න තරම තමා ඔය!" කියලා ඔලොක්කු කලාට මොකද සීයා මොන කරුනු කාරණා පදනම් කරගෙන එහෙම කිව්වත් අන්තිමේ සීයා අපෙන් වෙන් වෙලා වසර ගණනාවකින් ඒ ගැන කතිකාවතකුත් මතු උනා. එයින් එහාට ඒ ගොල්ලන්ගේ මහිමය දක්වන්න උදාහරණ ඕනැ කියලා මම හිතනවා.

    ඊට අමතරව අනිත් කාරණාවේ //ඒ වගේ රටක් බිහි කරන්ට බැහැයි කියන මානසික මට්ටමක රටේ අය ඉන්න තාක් කල් රටේ වෙනසක් සිදුවෙන්නෙත් නෑ.// කියන සීනි බෝලයක් වගේ ලස්සනට පාට තවරපු වාක්‍යත් මගේ හිත ගත්තා. එහෙම හිතෙන අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ට පුලුවනි, කිය කිය ඉන්නැතුව ඇවිල්ලා ඒක කරලා පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. කරලා පෙන්නන්නේ කොහොමද අනේ ඒ ගැන කතා කරන්ටවත් දෙන්නේ නැති කොට. හී හී...අපිව ගහලා එලවයිනේ සිංහල ටිකක් කතා කලාට ඔයාලා සිංහල නෙමේ කියලා. :)

      Delete
    2. කරලා පෙන්නන්නේ කොහොමද අනේ ඒ ගැන කතා කරන්ටවත් දෙන්නේ නැති කොට.//

      ඒ කියන්නෙ ඔයාටත් තියෙන්නෙ කරනවා තියා කතා කරන්නවත් අමාරුයි කියන "බැහැයි කියන මානසික මට්ටම"ක් නේද?

      Delete
    3. ඉන්න රටේ උදවිය නේද ඒ ගැන මුලින්ම හිතන්ට ඕනි. අපි ඉන්න රටේ ඔය වගේ තත්වයක් ඇති උනොත් ඉස්සල්ලාම නැගිටින්නේ අපි. ඇයි ඉතින් කවුරුත් එනකල් බලා ඉන්නේ අනේ. පොඩ්ඩිගේ නම් 'නෑ, බෑ' කියන කිසිවක් නෑ. ඕනේනම් ඇවිත් කරලා පෙන්නන්ටත් පුලුවන්. කට්ටිය සහාය දෙනවානම්...එලවන්නේ නැතුව. ආයෙමත් 'බැහැ' කියන මානසික මට්ටම ඇදලාගන්ට එපා. මම කීවේ අපිට යමක් කරනවා තියා, කතා කරන්ටවත් බැරි හන්දයි. :D

      Delete
    4. @ බුද්ධි: හරි පුදුමයි.. අපේ ආච්චිල සීයල සේරමල හිතල තියෙන්නෙ එකම විදියටද එහෙනං...
      අපේ අත්ත ඒ කිව්වෙ තාත්තගෙ තාත්ත දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ හමුදාවෙ රියදුරෙක්!!!
      කවමදාවත් පිලිගත්තෙ නෑ බුද්ධි මිනිස්සු හඳට ගියා කියන එක නං...
      මල්ලියි මමයි කොච්චර නං බෙරිහන් දුන්නද.... පින්තූර පෙන්නුවද
      ම්හ්!!! ඇහුවෙම නෑ...
      උන්දැ මොකද්ද දන්නවද කිව්වෙ..
      හුහ්... හඳට යන්ඩ...?? මිනිස්සු??
      අනේ නිකං හිටහල්ල බං....
      උං ඕන්නං හඳ තියෙන ලෝකෙට යන්ඩ ඇති...

      ඉතිං පැහැදිලි කොහොම ඒත්තු ගන්නන්ඩද මුන්දැට මිනිස්සු හඳට ගියා කියල

      Delete
    5. හංසකිංකිණි,
      අපේ අත්ත ඒ කිව්වෙ තාත්තගෙ තාත්ත දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ හමුදාවෙ රියදුරෙක්!!!//

      අපි සෙල්ලම් කරපු කෙහෙල්කොටුව අයිතිකාර චාලි මුදලාලිත්, ලෝක යුද්ධ කාලේ හිටපු හමුදා සෙබලෙක්. එයා පිටරටවලට ගිහිං යුද්ධ කරපු හැටි ඒ කාලේ තාත්තලාට විස්තර කරනවා මම අහගෙන ඉඳලා තියෙනවා. බාග වෙලාවට ඕගොල්ලන්ගේ සීයලාව අඳුරනවද දන්නෑ :)

      ඇත්තට අපේ කතන්දර සීයා මොන කාරණා පදනම් කරගෙන හඳට යන්න බෑ කිව්වද කියන එක මට මතක නෑ. හැබැයි කතා විලාශය නම් සේම්!

      හැබැයි අපේ අම්මලා නම් පුංචි හන්දා රොකට් එක පුංචි වෙලා පත්තු කරපු ගිනි කූරක් හඳ පැත්තට යනවා වගේ පේනකල් බලාගෙන උන්නලු ඒ දවස් වල.

      ඔන්න කාලේ වෙනස් වුනු හැටි. අපි දැන් අගහරුට යානාව යනවා බැලුවේ ලයිව් ඉන්ටර්නෙට් එකේ.

      Delete
    6. ඔය කතා අහලා දෙන්නත් එක්ක ඒවා ලියන්ටෝ...ලස්ස්නට තියෙයි.:D

      Delete
  52. //මම කීවේ අපිට යමක් කරනවා තියා, කතා කරන්ටවත් "බැරි" හන්දයි. :D //

    ආයෙමත් "බැහැ" කියන මානසික මට්ටම ඇදලාගන්ට එපා.:D

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අනේ මාත් කියන්නේ ... ඔය මානසික මට්ටම හදාගත්තු එකක් මිසක් ඔලුවේ තියන එකක් නෙමේ...:)

      මට බැරි නෑ. මට පුලුවන්.:D

      Delete
    2. මට බැරි නෑ. මට පුලුවන්.:D // ඉතින් මමත් කියන්නෙ පුලුවන් කිය කිය ඉන්නැතුව කරලා පෙන්වන්න කියලා.:D

      Delete
  53. හ්ම්!! අපේ ආච්චි අම්මයි කිරි අම්මයි දෙන්න ජීවතුන් අතර හිටිය නං කියල හිතුණ පොඩ්ඩි අක්කෙ...
    පාලුවක් හිතට ගෙනාව පෝස්ට් එකක් මට නං

    ReplyDelete
    Replies
    1. අනේ පව් ජනුවේ...ඕක ඉතින් අපි හැමෝටම මූනදෙන්ට වෙන දෙයක් නේද? හිතනකොටත් දුකයි.

      Delete
  54. අපේ ටල්අම්මා(අම්මගේ අම්මා) මතක් උනා
    උන්දෑ ඉස්සර අනිවා උයන දේවල් තමයි
    කොස් මාළුයි,තලපත් කරවල හොද්දයි
    මෙව්වා කාලා මාමලා වගේ ලොකූවෙයන් කියලා
    කකූල් දෙක අස්සේ මාව ගහගන ගිල්ලවනවා
    මම තවම ඔය දෙක කටේ තියන් නැ

    ReplyDelete
    Replies
    1. කොසුයි, කරවලයි හරිම රහයි නේද? අපරාදේ...ඔය පොඩි කාලේ දැනුනු රහට වෙඩා දැන් ඒවායේ රහ වෙනස් වෙලා ඇති. කාලා බලන්ට. හොඳ අත්තම්මා කෙනෙක්නේ. ඔයා දැන් ලොකුවෙලා ඉන්නේ ඒවා කාලා තමා...:D:D:D

      මේ... අටම්පහුර කියන්නේ මොකක්ද?

      Delete
  55. \\පොඩ්ඩි ලංකාවට හරිම ආදරෙයි. එහේ යන්ටත් හරි කැමතියි. ඒත් එයාගේ හිතේ අර ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ, නිහතමානී මිනිස්සු ඉන්න රටේ චිත්‍රය නම් මෑතකදී බොඳවෙලා ගියා. හැම දේම වෙනස් වෙනවා වගේ ඒ මිනිස්සුත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙනස් වෙලා තියන හැටිත්, දැක්කා. ඒකෙනුත් එක හොඳක් සිද්ධ උනා. ඒ තමා ඉන්න රට අගය කිරීමට ලැබීම. හරියට හැදු අම්මෙක්ගේ හොඳ ලමයෙක් දකින්වා වගේ.\\

    මේ ටික කියවනකොට නම් හිතට මොකක්ද දුකක් වගේ. පොඩ්ඩි නොකියා කියන්නෙ ලංකාවට වඩා ඕස්ට්‍රේලියාවට කැමතියි කියලනේ. මේකත් හරියට පෙම්වතා/පෙම්වතිය තමන් ආදරය කල කෙනා දාල යන මොහොතේ "මම ඔයාට ගොඩක් ආදරෙයි ඒත්" වගේ අදහසක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි දුක හිතුනේ මගේ රටට ආදරේ නෑ කියලා කියලා නෑ නේද? :)

      කොච්චර ආදරේ උනත්, අනෙක් කෙනා ආදරේ නොකලොත් මේ වගේ දෙයක් වෙන්ට පුලුවනි. ආදරේ හැටි එහෙම තමයි.:D

      Delete
  56. පොඩ්ඩිගෙ ඉදිරි ජීවිතය ගෙවෙන්නෙ ඕස්ට්‍රෙලියාවමනම් වැඩිය හිතන්න ඔන ඕස්ට්‍රෙලියාව ගැන තමයි.....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලංකාව ගැන හිතන එක නම් මැරෙන කල් අමතක කරන්ට බෑ.:)

      Delete
  57. poddi akki, if you kept in mind all the thing aththamma told me, may be you should write about that :P :D
    Love
    Chutti

    ReplyDelete
    Replies
    1. can u write a post Chutti...will publish it...:)))

      Love
      Poddi...:D

      Delete
  58. නියමෙට ලියල තියනවා සුමිත් මාම කිව්ව දේ හරි පොඩ්ඩි හිතන්න ඕන ඕස්ට්‍රේලියාව ගැන තමයි

    ReplyDelete