Tuesday, 28 August 2012

කන්‍යාවෝ....!!!



උදෑසනම සීත දිය පහරක දියකෙළින, සිඟිති දැරියන් රොත්තක්, ලහි, ලහියේ ඔවුන් පිසදා සූදානම් කරන මැදිවියේ ගැහැනුන් කීපදෙනෙක්, පසුබිමෙන් පෙනෙනා කිරි පැහැයෙන් දිලෙන ගොඩනැගිල්ලක්....පොඩ්ඩි මේ දර්ශනය දුටුවේ මොන සිනමා පටයකදීද  කියලා හරියටම මතකයක් නෑ. ඒත් තාමත්, වැඩිවියට පත්වී නැති, නිර්මල කන්‍යාවියන් ලෙස සැලකුනු මේ දැරියන් මෙසේ පිරිසිදු කරනු ලැබුවේ පසුබිමින් පෙනුණු, දෙවොලෙහි 'දේව කන්‍යාවන්' ලෙස පුද කිරීමටයි.

විවාහය' කියන හිතුවිල්ලත් එක්ක මේ දර්ශනය හිතේ ඇඳී, බොඳවී ගියේ ඇයි කියන්ට නම් පොඩ්ඩි දන්නේ නෑ. විවාහය එක්ක මතකයට එන වැදගත්ම දෙයක් තමයි 'මනාලයන්'. පහුගිය දවස්වල සුදු, හා කලු මනාල මහතුන් දෙපොලකගේම හැසිරීම පොඩ්ඩිට හොඳින් දැක ගත හැකි උනා.

සුදු කෙනා අඩි හයක් විතර උස්, සිහින්, අවජ්‍ය හිනාවක්, තියුණු දෑසක්, ප්‍රසන්න පෙනුමක් තියන උගත් කෙනෙක්. ඉතා විනීතයි. මෙය උපන් ගෙහි සිට පැමිණි දෙයක් වගේ තමා පෙනුනේ. කාන්තාවන්ට, වැඩිහිටියන්ට, දොරවල් විවර කරදීම, අවශ්‍ය තැන්වලදී අත දීම, කෑම මේසය අස්කිරීමට උදව් වීම, ප්‍රශ්නයකදී කලබල නොවීම, යමක් කියනවිට ඊට ඇහුම්කන් දීම, කිසිවක් විනිශ්චය නොකිරීම, තමන්හට අයිති නැති දේවලට අදහස් ඉදිරිපත් නොකිරීම, වගේ හොඳ දේවල් මොහු තුලින් පෙනුනා.

 

අනෙක් එක්කෙනා අඩි පහයි, අඟල් එකොලහක් විතර උස, හිත්ගන්නා හිනාවක් තියන, ප්‍රසන්න, උගත් කෙනෙක්. කරන කියනදේ පරිස්සමෙන් කරන, අනුන්ගේ කතාබස්වලට ලක්වීමට අකැමති, වැඩිහිටියන්ට ගරු කරන, ඒ අය ඉදිරියේ විනීතව හැසිරෙන, කෙටියෙන් කීවොත් එයාලට බය, අනුන් ඉදිරියේ ආදරය නොපෙන්නුවාට ආදරේට බොහොම කැමති කෙනෙක්.

මේ දෙන්නාගේ වෙනස ලෙස පොඩ්ඩි දැක්කේ, හැඟීම් පාලනයෙදි දෙන්නා හැසිරුනු ආකාරයයි. කලු කෙනා හැඟීම්වලට තමන් පාලනය කිරීමට දෙන බවකුත්, සුදු කෙනාගේ හැඟීම් පිටට නොපෙන්නන බවකුත් තමා පොඩ්ඩි නම් දුටුවේ.

 


මේ දෙන්නාගෙන් මවක් , තම බෑණා විදියට කවුරුන් තෝරාගනීද යන ප්‍රශ්නය පොඩ්ඩිගේ හිතට ආවා. බෑණා කෙනෙකු කෙසේ වෙතත්, ලාංකික මවක් නිතර හොයන්නේ තමන්ට පුතෙකු වීමට හැකි බෑණනුවෙක්. විදේශිකයෙකුට ඒ දේ කල හැකිද?

කන්‍යාව, විවාහය ලඟට හිතට එන අනෙක් දේ තමයි 'මංගල යහන'.


අපේ පිරිමින් මංගල යහනේදී හොයන්නේ නොඉඳුල්, නොකැළල් චරිතයක් ඇති තරුණියක්. යහනෙන් පිට මේ වගේ තරුණියන්ගේ නොඉඳුල් බව කෙලෙසීමට කෙතරම් තැත් කරන්නෙකු පවා මේ අවස්තාවේ සොයන්නේ ඒ වගේ තරුණියක්ව. මීට විරුද්ධ අදහස් ඇති තරුණයන් ඕනේ තරම් ඇති. එහෙත් තාමත් අපේ රටවල සමහරවිට මනාලයන්ට වඩා මේ දේවල් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ මව්වරුන්. මගුල්දාට පස්සේ මනාලියන්ගේ පිරිසිදුබව හොයා බලන නැන්දම්මලා ගැනත්, එයාලා තමන්ගේ පිරිසිදුබව රැකගෙන නොහිටියොත්, කෑම මේස පෙරලලා, තමන්ගේ ලේලිලාව ආපහු ඔවුන්ගේ නිවෙස්වලට යවපු කතා පවා පොඩ්ඩි අහලා තියනවා.  මේ ඉතින් ලංකාවේ. ඒත් ඉන්දියාවේ වගේ රටක නම් ලේලිව ගිණි තබන්ට උනත් සැරසෙන නැන්දම්මලා ඉන්ටත් පුලුවනි. සමහරවිට කාලයත් එක්ක මේ තත්වය වෙනස් වෙලා ඇති.


සුදු ජාතිකයන්ට නම් මෙහි වැදගත්කමක් නැත්තේ ඔවුන් තමන්ට ඇති නිදහස කාන්තාවන්ටත් ඇති බව පිලිගන්න නිසා වෙන්ට ඇති. අපේ තරුණයන්ට මෙන් තමාට එකක් කිරීමේ හා කාන්තාවන්ට එය නොකල හැකි යන අදහසේ ඔවුන් එල්බගෙන නැතුව ඇති.


මංගල යහනෙදි ගැහැනිය අපේක්ෂා කරන අයුරින් පිරිමියෙකු හැසිරෙනවාද කියන එකත් විවාහයකදී හරිම වැදගත්. ආදරය කරද්දි පිරිමින් අත්මාර්ථකාමීලු කියලා කතාවක් පොඩ්ඩි අහලා තියනවා. කොහේ හරි ගුවන් තොටුපලකදි හම්බ උණු,  ‘Japanese Lover’    කියන පොත ලඟදී කියවලා ඉවර කලා. ඔය ප්‍රශ්නය හිතට ආවේ එම පොතේ එන ප්‍රධාන චරිතය දැකීමෙන්.

එයින් කියැවෙන්නේ සැමියා මියගිය, සම්ප්‍රදායික ඉන්දියානු ගැහැනියක් හා දෙවෙනි ලෝක යුද්ධ කාලයේ ජපන් සොල්දාදුවෙකු අතර ඇතිවන අසම්මත ප්‍රේම සම්බඳයක් ගැන. මුලදී සෙබලාට බයේ , තමන්ගේ දියණිය රැක ගැනීම සඳහා ඔහු වෙත ගිය මුත්, ක්‍රමයෙන් ඈ ඔහු හා ආදරෙන් බැඳෙනවා. තමන්ගේ සැමියාගෙන් නොලද සතුටක් ඔහුගෙන් ලබනවා.
 
 
ඇගේ වචනයෙන් කීවොත්,
‘From the base of her they came, the unfamiliar delicious waves that spread and ended in her fingertips, and made her think she had lost control and was floating away into vortex of darkness, and that she must be dying…..
Did he know that the need for a woman to love is so extreme that she would give herself even to the most unfamiliar, the most fearful. Someone should have told him that once a man touches a woman the way he had her, she will start to see, hear, taste, smell and feel with her heart. And the heart is blind to even the most vicious humiliation. (page 197)
 
මේ කතාවෙන් පොඩ්ඩි තේරුම් ගත්තු දෙයක් තමයි හරියට ආදරේ කරන්ට බැරි පිරිමි කොටසකුත් ඉන්නබව. නැත්නම් මේ ගැහැනියකට ඔය වගේ කාලයක, මේ වගේ සිතිවිලි පහල වෙන්නේ කොහොමද?
හැබැයි ඉතින් කතාව පටන් ගන්නේ 1916 ගණන්වල. ඉවර වෙන්නේ 2000 ගණන්වල. මුල් කාලය තුල නම් බොහොමයක් පිලිවෙත් වෙනස්ව තියෙන්ට ඇති කියලා හිතෙනවා. අනෙක ඈ විවාහව සිටියේ ඇයට වඩා වයසින් වැඩි, ගතානුගතික අදහස් අගයන, ආදරය නොහඳුනන මිනිසෙකු සමගයි.
විවාහයෙන් පස්සේ ඉතින් කතාව තවත් වෙනස් වෙනවා.
මේ එකම එක උදාහරණයක්
 
අපේ තරුණයන් රොමැන්ටික් විදියට ගන්න දෙයක් තමයි හවස වැඩ ඇරිලා ගෙදර එනකොට, බිරිඳ සැමියා එනතුරු මග බලා සිටීම. ලස්සනට හැඩ වෙලා, ලස්සන විදියකට ඉඳගෙන ඉන්නවා නම් වැඩිය කැමති ඇති. එහෙම ආවාම උණු තේ කෝප්පයක් ලඟට ගෙනත්, ඔහු ලඟ දැවටි, දැවටී, හුරතල් වෙමින් ඉඳලා, හවස තිස්සේ පිලියෙල කරපු රෑ කෑම වේල මේසෙට ඇරලා, ඔහුට බත් කවනවානම් ඒත් කැමති ඇති. තමන්ගේ භාර්යාව අතින් කෑම ඉවීම එයාලා දකින්නේ ආදරේම කොටසක් විදියට.
අනෙක් අතට සුදු ජාතිකයෙක් නම්, ගෙදර කලින් ආවොත් කරන්නේ රෑ කෑම පිලියෙල කරන එක. හෝදලා අස්පස් කරන එක. එයාලා රොමැන්ටික් කියලා හිතන්නේ කවුරු හරි ඉව්ව කෑම වේල හරි මේසෙට ඇරලා, ඉටිපන්දම් පත්තු කරලා, ලයිට් නිමලා, මඳ අඳුරේ, වයින් වීදුරුවක් තොල ගාමින්, සංගීතයකට සවන් දෙමින් කෑමට ගන්න එක. 
බලාගෙන යනකොට විවාහය එක්ක ගොඩක් ප්‍රශ්න පැන නගිනවානේ.
 
බිල්ලට දෙන්ට යන පුංචි බැටලු පැටව් ටිකක් වගේ සිඟිති ගෑනු ලමයින්ගේ රූප රාමුවක් පොඩ්ඩිගේ හිතට ආපු එකත් එක අතකට පුදුමයක් නෙමේ නේද?
 
‘You are the bright one
You are the bright one
You are walking now
But soon you will dance’
Japanese Lover----------- Rani Manicka

 

237 comments:

  1. හරි දැන් මොකද්ද ඔයාගෙ පොයින්ට් එක??

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නෙ ඕක...

      Delete
    2. පොයින්ට් එක තම‍යි බඳින ගෑනු ලමයගේ කන්යා මෙවුවා එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තිබුනට සුද්දෙක් වගේ හිතලා ඒක ගනන් ගන්න එපා කියන එකනෙ බොලවු.

      Delete
    3. ඔන්න ප්‍රශ්නේ !!!
      මටත් ඔය ප්‍රශ්නයට පොඩ්ඩිගෙන් උත්තර ඕනා !

      Delete
    4. මටත් ඒක තමයි පුරස්නෙ.. එක පාරක් ඇවිත් කියවලා ගියා... තේරුනේ නෑ.. ඔන්න දෙවෙනි පාරටත් කියෙව්වා.. ම්හූඌ.. තේලෙන්නේ නෑනෙ..

      කෑලි කෑලි තේරුනාට සමස්තයෙන් කියන්නේ මොකක්?

      Delete
    5. @මුහුදු,

      පොයින්ට් එකක් නෙමේ කීපයක් තියනවා.

      විවාහය කියන එක බරපතල දෙයක් බවත්, අපේ අය ඔයිට වඩා ටිකක් කල්පනා කරන්ට ඕනි බවත්.

      පොඩ්ඩි නම් සුදු කොල්ලන්ට ආසාම නෑ. ඔන්න ඒකට නීතා. මට කියනවා මම ගිය ආත්මේ පව් කරලා තියන හන්දලු ඔය කලු පාට අය ලස්සනට පේන්නේ....:D:D:D

      Delete
    6. @සාතන්,

      විවාහය කියනකොට අර මුලින් තියන රූප රාමුව හිතට ආව බව මුලින්ම කියලා තියනවා. අවසන් කරලා තියෙන්නේ, අහන්ටත් දෙයක්ද මේ ප්‍රශ්න හන්දා ඒ චිත්ත රාමු හිතට ආපු එක කියලා. ඉතින්??? :))

      Delete
    7. @තරු අය්යා,

      කියලා තියෙන්නේ නම් ඔය වගේ දෙයක් ගැන නෙමේ.:)

      Delete
    8. @මධු,

      ඔන්න දීලා තියනවා...:)))

      Delete
    9. @හරී,

      සමස්තයෙන් කියන්නේ, විවාහය කියන එකේ බැරෑරුම්කමත්, ප්‍රශ්න ගොඩත්, ඒ තියෙද්දී පිරිමි හැසිරෙන හැටිත්. සුදු ජාතිකයන් හා සංසන්දනය කරලා බැලුවේ ඒක හන්දයි.:)

      Delete
    10. "කලු පාට අය ලස්සනට පේන්නේ" අහන්නත් සන්තෝසයි.. :)

      Delete
    11. එහෙනම් අපට චෑන්ස් එකක් තියේවි නෙහ්.... :)

      Delete
    12. ඔව් නෙහ්....:D

      Delete
  2. ඔන්න හොඳ මාතෘකාවක් එකපාරටම මේ පෝස්ට් එක දිහා බැලුවම ඒකේ නමට වඩා අන්තර්ගත වෙලා තියෙන අදහස වෙනස් , ඒ නිසා තව දුරටත් කියවලම තව කමෙන්ට් එකක් දාන්නම් ..... :)

    ReplyDelete
    Replies
    1. @නීතා,

      කට්ටිය ඔක්කොම පටලගෙන නේ...ඔයාගේ ඊමේල් එකේ අර පිරිමි What? කියන්නේ මෙන්න මේ වගේ තැන්වලදි.:D

      Delete
  3. අපේ තරුණයන් හා සුදු තරුණයන් අතර සිතුවිල්ලේ වෙනසක් තියෙන්නෙ සංස්කෘතීන් දෙකක් තුල හැඩුනු වැඩුනු අය නිසයි... පෙරදිග සංස්කෘතියෙදි විවාහය ඉතාමත් ශක්තිමත් අන්දමෙන් පවත්වාගෙන යා යුතුය කියන මතයෙ තමා බහුතරයක් ඉන්නෙ... විවාහ දවසෙදි කෙරෙන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ උනත් පෙරදිග රටවල් වල බොහෝ විශේෂයි...

    නැන්දම්මලා රෙදි බලන්න එන සිරිත නම් ඉතා නොදියුණු සමාජයක ලක්ෂණයක් කියලයි මට හිතෙන්නෙ... මම දැනුවත්ව මේ සිරිත දැන් සමාජයෙන් බොහෝ දුරට අතුගෑවිලා ගිහින් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. @සිරා,

      විවාහය ශක්තිමත් අන්දමට පවත්වාගෙන යායුතුය යන මතයේ ආසියාතික අය ඉන්න බව පිලිගන්නවා. මොන සංකෘතියක උනත්, ඒ දේට වැදගත් තැනක් දිය යුතුයි කියන තැන තමා මම ඉන්නේ.

      ඇත්තටම ඒවගේ නොදියුණු සිරිත් සමාජෙන් අතුගෑවිලා යුතුයි. දෙන්නාට දෙන්නා විශ්වාස නම්, පිලිගන්නවා නම් දෙමව්පියන්ට ඒකෙන් ප්‍රශ්නයක් තියෙන්ට බෑ. දෙමව්පියන් අත ගැසිය යුතු දේවල් වගේම අත නොගැසිය යුතු දේවලුත් තියනවා.

      Delete
  4. පොඩි කුමාරිහාමිටත් මංගල යෝජනාවක් ඇවිල්ලා වගෙයි :)D

    ReplyDelete
    Replies
    1. @ප්‍රසා,

      එහෙමද පේන්නේ? :D

      Delete
  5. ඔන්න පොඩි ඇඩ් එකක්. මේකට පොඩිත්තක් සම්බන්දයි.
    http://ananthayata.blogspot.com/2010/12/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. @අනුරාධ,

      ඇඩ් එක දැක්කා. ගිහින් බලලා කමෙන්ට් කරලත් ආවා. හොඳ හිතුවිල්ලක්. දැන් ඉතින් උඩු ගං බලා පීනන්ටද කල්පනාව? :D

      Delete
  6. ඇත්තෙන්ම පොකු වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ සිතුවිලිද සමාජයද ?

    ප.ලි.
    මම නම් ඇත්තටම කනයාභාවය කියන කාරණය විවාහයකදී බලන්නේ නැහැ මොකද මට එය හිත එකගව කරන්න බැරි දෙයක් නිසා, නමුත් මම වටේම ගිහින් ආපු කෙනෙක් බදින්නේත් නැහැ මොකද මම අනුන්ගේ ළමයිට උප්පැන්න දෙන්න කැමති නැති නිසා ...

    ReplyDelete
    Replies
    1. කන්‍යාභාවය බලන්නෑ කියලා , වටේ ගිය එවුන් එපා කීමයි පොඩ්ඩක් අඥ්ඥකොරොස් කතාවක් නේද ?

      Delete
    2. @රොබින්,

      මිනිස්සු හිතන විදිය වෙනස් උනු හැටියේ සමාජය වෙනස් වෙනවා. සමාජය හැදිලා තියෙන්නේ මිනිසුන්ගෙන්.

      Delete
    3. @ඇනෝ,

      රොබින් කියලා තියන කතාව තේරුම් ගන්ට අමාරුද? හැමකෙනා එක්කම යන ගැහැනියක හා කරදරයක් වැටුනු ගැහැනියක අතර වෙනසක් තියනවා.

      Delete
  7. මට නම් ඔය ප්‍රශ්න මොකුත් නෑ... අවසාන තීරණේ අරන් තියෙන්නෙ ෆන් එකේ ඉන්නව බඳින්නෙ නෑ කියල :)

    ReplyDelete
    Replies
    1. @සාතන්,

      අම්මලා බල කරන කල් ඔය ෆන් එකේ ඉඳී. ඊට පස්සේ බලමුකෝ...:D

      Delete
    2. හෙහ් හෙහ්... කවුද කියන්නෙ දැන් බලකරන්නෙ නෑ කියල... මේ දවස් වල ඔලුව කන්න හදනව... වෙලාවට එයාලට වඩා මගේ කට හොඳයි... :)

      Delete
    3. ඉතින් කොච්චර දෙයක්ද නිවාඩු දවසක කොහේ හරි ගිහින් නොමිලේ කෑම වේලක් කාලා ලස්සන ගෑනු ලමයෙක් එක්ක කතාබහ කරලා එන එක. ඔහොම යනකොට හදවතට තට්ටු කරන කෙනෙක් හම්බවෙයි. :D

      Delete
  8. මේක කියවල ඉවරවුනාට පස්සෙ මට ප්‍රශ්න ‍දෙකක් මතුවුනා..

    1. ඇයි මේ පෝස්ට් එකට කන්‍යාවො කියලා නම දැම්මෙ.!?
    2. මුහුදුවයි සාතනුයි අහනවා වගේ මොකද්ද දැං මේකේ පොයින්ට් එක.!?

    පලි: දෙවෙනි ප්‍රශ්නෙටනං උත්තරේ මට හම්බවුනා.. මේ අර හැමදාම දාන සිංදුවෙම රී-මික්ස් වර්ශන් එකක්.. :D

    ReplyDelete
    Replies
    1. "හැමදාම දාන සිංදුවෙම රී-මික්ස් වර්ශන් එක" කිව්වෙ අර දෝයි ගාලා පිරිමි සතාට පතබාන එකද? :)

      Delete
    2. @බූරා,

      දෙවෙනි ප්‍රශ්නෙට එහෙනම් උත්තර ඕනි නැහැනේ.

      මෙන්න පලවෙනි එකට උත්තර.
      විවාහය ගැන කල්පනා කරනකොට හිතට ආපු මුල්ම වචනය තමයි ඔය. හරියට අර තහනම් වචනය වගේ.:)

      Delete
    3. @ටොමී,

      ඔය අපූරුවට තේරිලා තියෙන්නේ...:D

      Delete
    4. සෑම ක්‍රියාවකටම සමාන වුද ප්‍රතිවිරුද්ද වූද ප්‍රතික්‍රියාවක් ඇත ....... තිත් දෙකයි ඩී

      Delete
  9. අක්කේ කවද්ද මගුල....

    ReplyDelete
    Replies
    1. @prasanna86k,

      ඔයාට නොවැරදිම කියන්නම්. :D

      Delete
  10. එක එක සිතිවිලි අතරේ අතරමන් වෙලා වගෙයි පොඩි කුමාරිහාමි.. පොත්වල තියෙන හැමදේම ඇත්ත නෙවෙයි දරුවෝ !! හැම කළු මනුස්සයම අර විදිහට වැඩ කරන්නෙත් නැහැ.. අර තේ එකේ කතාව ටිකක් හරි මටත්.. අපි ඉතින් කොයි වැඩත් ගෙදර ඉන්නකොට බෙදාගෙන කරන දෙන්නෙක්. ඔය වලන් පිඟන් හෝදන වැඩේ වැඩියම කරන්නේ මම. උයන්නත් මම බොහොම මනාපයි.. හැබැයි ගෙදර එනකොට හාමිනේ හදල දෙන තේ එක බොන්න මම බොහොම කෑදරයි.. ඒ මොකෝ එකේ ආදරේ තියන හින්දා. සමහරදාට මාත් එක්ක නෝක්කාඩුවට තේ එක හදල තියල යන්න යනවා. එත් ඉතින් අර තේ එක මං හදාගන්න එකට වඩා හිතටත් ගතටත් දැනෙනවා. මම ඔය තේ එක ගැන හිතන්නේ ඔෆිස් එකෙන් පිටත්වෙන කොටයි.. ඊට පස්සේ යන්නේ ඔය සිහියෙන් තමයි.. දන්නවද වැඩක් ඔයා වගේ දුවක්නේ මට ඉන්නේ..ඉන්නෙත් ඔය පැත්තේම තමයි.. එයා දවසක් අම්ම එක්ක කියල තියෙනවා මට කවදාහරි බඳින්න ඕන තාත්තී වගේ කෙනෙක් කියල.. මං නරකද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. @සරත්,

      ඔයා හරි හොඳයි. :)

      මමත් කැමති අප්පච්චි වගේ කෙනෙකුට. එයාට රහට තේ හදන්ට පුලුවනි. අම්මා කොච්චර ගෙදර වැඩ කලත්, උදේට එයාගේ තේ එක හදන්නේ අප්පච්චි. ගානට සීනි, කිරි, කහට සහ ආදරේ දාලා. ඉතින් පොඩ්ඩිත් කවදහරි බඳින්නේ ඒ වගේ කෙනෙක්.

      මාත් හරි හොඳයි නේද? :D

      Delete
  11. /* එයින් කියැවෙන්නේ සැමියා මියගිය, සම්ප්‍රදායික ඉන්දියානු ගැහැනියක් හා දෙවෙනි ලෝක යුද්ධ කාලයේ ජපන් සොල්දාදුවෙකු අතර ඇතිවන අසම්මත ප්‍රේම සම්බඳයක් ගැන. මුලදී සෙබලාට බයේ , තමන්ගේ දියණිය රැක ගැනීම සඳහා ඔහු වෙත ගිය මුත්, ක්‍රමයෙන් ඈ ඔහු හා ආදරෙන් බැඳෙනවා. තමන්ගේ සැමියාගෙන් නොලද සතුටක් ඔහුගෙන් ලබනවා.
    */

    හඳගමගේ මේ මගේ සඳයි මූවී එකේ තිබුනෙත් මේ හා සමාන කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. @කතන්දර,

      හඳගමගේ ඒ කතාව බලලා නැති හන්දා ඒ දෙකම එකක්ද කියන එක කියන්ට දන්නේ නෑ.

      Delete
    2. @ Podi Kumarihami

      Japanese Wife කියලා හින්දි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කළා තාම නම් බලන්න වුණේ නැහැ. පොඩි කුමාරිහාමි කියන කතාව තියෙන ෆිල්ම් එකද ඒක ?

      Delete
    3. නෑ... නෑ... ඔය කියන ෆිල්ම් එකේ ඉන්නේ ජපන් වයිෆ් කෙනෙක්. තැපැල් මාර්ගයෙන් ඉන්දියානු ජාතිකයෙකු හා විවාහ උනු කෙනෙක්. මම කියන කතාවේ ඉන්නේ ජපන් ආදරවන්තයෙක්. සැමියා මියගිය කාන්තාවක් හා ඇති උනු සම්බන්ඳයක් ගැන ඒකේ තියෙන්නේ. වෙනස්ම කතා දෙකක්.

      ඔය ෆිල්ම් එක හරිම ලස්සනයි. දැකපු හොඳම් ෆිල්ම් එකක්. ඒත් දුකයි.

      Delete
  12. පොත කියවා ඇත.පොයින්ට් එක පැහැදිලි නැත.

    ReplyDelete
    Replies
    1. පොත ලඟ තියනවානම් මම කියලා තියන පිටුව බලන්ට. ඒ ගැහැනිය එයාගේ සැමියා ගැන හිතන දේවල් ඒකේ තියනවා. පෝස්ට් එකේ දාන්ට සුදුසු නෑ කියලා හිතුනු හන්දා දැම්මේ නෑ. ඒකෙන් තේරෙන්නේ විවාහයකදි ඒ වගේ ප්‍රශ්නත් එන්ට පුලුවන් බවයි. විවාහය යන සංකල්පය යටතේ කතා කරලා තියන හන්දා ඒ දෙකේ සම්බන්ඳයක් දැක්කා...

      Delete
  13. මේ පෝස්ට් එකට නම් කමෙන්ට් එකක් දෙන්නම ඕනේ හිතුවා.

    මේකේ මොකක්ද පොයින්ට් එක කියලා මමත් දන්නේ නෑ. ඒත් මට ඔය දෙපිරිසම ගැන හොඳ අත්දැකීම් තියනවා.

    විදේශිකයෙක්ට දේශීය කෙනෙක් ගැලපෙන්නේ නෑ බොහෝවිට ඒ සිතුම් පැතුම් හින්දා. ඒක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. ඒ අය හිතන පතන විදිය වෙනස්. ගති පැවතුම් වෙනස්. ලංකාවේ කෙල්ලක් බලන ඇහින් බලද්දී ඔයාගේ සමහර කරුණු එක්ක එකඟ වෙන්න බෑ කියලා හිතෙන්නේ අපේ අම්මලා ගේ ඉඳලා අද වෙනකම් පරම්පරා වල කාන්තාවෝ වැඩි වෙනසක් නැති හින්දා.

    සමහර අය වෙනස් වෙනවා.. තමන්ගේ සහකාරයාට සහකාරියට ගැලපෙන විදියට. එහෙම නැතිනම් ඒ අයව තේරුම් අරගෙන කටයුතු කරනවා. එතැනදීත් ඔය කියන කතා වලංගු නෑ. බොහෝවිට මුල් කාලයේ මේ වගේ වෙනස් සංස්කෘතීන් දෙකක දෙන්නෙක් බැඳුනත් පසුව ගැටුම් හටගන්න හේතුවක් විදියට මම නම් මේ සංස්කෘතික වෙනස දකිනවා. එහෙම නොවෙන්නත් පුළුවනි.

    ඒ කොහොම වුනත් පිරිමි පිරිමි මයි. 90% පිරිමි මොන ලෝකේ මොන සංස්කෘතිය එක්ක හිටියත් සමානයි. ඒත් කාන්තාවෝ එහෙම නෑ බොහෝ වෙලාවට...

    ReplyDelete
    Replies

    1. කමෙන්ට් එකක් දෙන්ටම හිතපු එකට ගොඩක් ස්තූතියි.

      දෙගොල්ලන්ගේ වෙනස්කම කියනකොට ඉබේටම ඔය කියන පොයින්ට් එකට ඇවිත් ඉවරයි.

      ලංකාවේ කෙල්ලක් බලන ඇහින් බලද්දී....ඒක නම් වැදගත් කාරනාවක්. අනෙක අම්මලාගේ කාලේ ඉඳන් අද වෙනකල් කාන්තාවෝ වැඩි වෙනසක් වෙලා නෑ කියන එක නම් ටිකක් පිලිගන්ට අමාරුයි නේද? මම ලඟදි කියෙව්වා පහුගිය අවුරුදු ගානකදි පිරිමි වෙනස් උනාට වඩා වැඩි වේගයකින් කාන්තාවෝ වෙනස් වෙනබව. විශේෂයෙන් ආසියානු කාන්තාවෝ.

      ඒත් අපේ අයට අනෙක් කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙන්ට තියන හැකියාව බටහිර කාන්තාවෝ අතර නම් අඩුයි.

      කොහොම උනත් පිරිමි පිරිමිමයි කියන කතාවට මාත් එකඟයි. ඒක පිරිමියෙක්ම කියලා තියන හන්දා වැඩියෙන් පිලිගත්තෑකි. :D

      Delete
    2. ඒක ඇත්ත ....... රටවල් දෙකක විතරක් නෙවෙයි .. ආගම් දෙකක , ජාතීන් දෙකක දෙන්නෙකුටත් ඔය දේ පොදුයි , ආදරේට ඒ කිසිම දෙයක් බල පෑවේ නැතිවුනාට විවාහයට පැහැදිලිවම බලපානවා.........

      Delete
    3. එකඟ නෑ. ආගම් දෙකක දෙන්නෙක් එකතුවෙලා සාර්ථක විවාහ දිවි ගෙවනවා ඕනි තරම් දැකලා තියනවා. :D

      Delete
  14. අවස්ථානුකුලව ඔය හැම දේම වෙනස් වෙනවා. එතකොට ඒවා හරි විදිහට තේරුම් ගන්න පුලුවන් උනොත් දෙන්නම ගොඩ!

    ReplyDelete
    Replies

    1. යාලුවාට අද නම් වැඩිය මුකුත් කියන්ට නෑ වගේ. :)

      Delete
  15. මාත් කියෙව්‍වා... සමහරක් දේවල් වලට මාත් එකඟයි...

    ReplyDelete
    Replies
    1. එකඟ නැති ඒවා මොනවද? :D

      Delete
  16. හැමදෙයක්ම සාපේක්ෂයිනෙ...

    ReplyDelete
    Replies
    1. බලන විදිය අනුවද? ඇහැ අනුවද? :))

      Delete
  17. උඩ ඉඳන් පහලටම කියෙව්වා....
    ආයෙත් උඩ ඉඳන් පහලටම කියෙව්වා...
    මේ කියන දේවල හැටියට සුද්දෙකුට හිත ගිහින්වත්ද මන්දා......:D
    (මාතෘකාව හා කථාව ගලපා ගන්න තමා අමාරු)

    ReplyDelete
    Replies
    1. මටත් හිතනෙ ඒකමයි. සුද්දෙකුට හිත ගිහින් එයාගෙ හොඳ ලක්ෂණ ලාංකිකයෙකුගෙ නරක ලක්ෂණ එක්ක සංසන්දනය කරනවා වගෙයි.

      Delete
    2. @ප්‍රියන්ත,

      පව් වැඩේ. දෙපාරක්ම බලන්ට වෙලා.

      ගොඩක් සරල දෙයක් ඉදිරිපත් කලාම බුද්ධිමත් අයට තේරුම් ගන්ට අමාරුලු තමා. :D

      Delete
    3. @ඇනෝ,

      සුද්දෙකුට හිත ගියා නම් කලු එක්කෙනාගේ හොඳ පෙනිලා තියෙන්නේ මොකද? මේක කලු එක්කෙනාට සුදු එක්කෙනාගේ හොඳ ගතිගුණත් එකතු කරගන්ට කියලා කරන ආයාචනාවක් වෙන්ට බැරිද?

      Delete
  18. "උදෑසනම සීත දිය පහරක දියකෙළින, සිඟිති දැරියන් රොත්තක්, ලහි, ලහියේ ඔවුන් පිසදා සූදානම් කරන මැදිවියේ ගැහැනුන් කීපදෙනෙක්, පසුබිමෙන් පෙනෙනා කිරි පැහැයෙන් දිලෙන ගොඩනැගිල්ලක්...."

    මේ ටික කියෙව්වාම මතක් වුනේ "වෝටර්" ෆිල්ම් එක පටව් ගන්න හැටි. ඒකේ "චුයියා" ළමා චරිතය.

    මේ පෝස්ට එක නම් දකුණු ආසියාතික කාන්ාව,බටහිර ලෝකය සහ පුරුෂාධිපත්‍ය" පිළිබඳ හොඳ කතිකාවක්.

    මේ පිළිබඳව මගේ අදහස් දැක්වීම පසුවට.....

    ReplyDelete
    Replies
    1. ඒ දර්ශනය Water චිත්‍රපටියෙද?

      //දකුණු ආසියාතික කාන්ාව,බටහිර ලෝකය සහ පුරුෂාධිපත්‍ය//

      ඔයාට නම් කියලා තියන දේ පැහැදිලිවම තේරිලා.

      දයාගේ අදහස් කියවන්ට ආසාවෙන් බලාගෙන ඉන්නවා...:)

      Delete
    2. වෝටර් ෆිල්ම් එකේ මේවගේ දසුන් පෙලක් තිබුණා..

      Delete
  19. කරදරයක් කරච්චලයක් නැතුව එකට පවුලක් හැටියට ජීවිතේ ගැටගහගෙන යන්න පුළුවන් නම් කවුරු උනත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. කටේ ටොෆියක් දාන්ට වටිනා කියමනක්!!!

      Delete
  20. පරීක්ෂනය:-
    පොඩ්ඩිගේ අනාගත සහකරු විය යුත්තේ සුද්දෙක්ද? ලාංකික කොල්ලෙක්ද?

    *******************************************************
    නිරීක්ෂනය :-
    ලිපියේ ලියා ඇති දේවල් සහ කල කී දේ අනුව, සුදු කැන්ගරුවන්ගේ ලඟින් තැබීමට වත් සුදුසු ලාංකික තරුණයකු පොඩ්ඩිට මුණ නොගැසී ඇති බව වැටහේ (අනිච්චේ දුක්ඛේ...).
    එමෙන්ම ලිපියේ සඳහන් පරිදි ඇය සැමවිටම දකින්නේ ලාංකික තරුණයා යනු බිරිඳගේ ර්ර්‍රි මාංශය උරා බීමට පැමිනෙන රාක්සයකු පරිද්දෙනි ..( හෙහ් හෙහ්.. වලවු කාරයො කොහොමත් සැර‍යි නොවැ හාමිනේට ).

    **********************************************************
    නිගමනය :-
    පොඩ්ඩීට කුල ගවුරවය පැත්තකට දමා .. පලිපාන පරම්පරවට පයින් ගසා අත්තම්මාගේ මුණුබුරු බෑනා ලෙස ඔට්ටේලියන් කැන්ගරුවකු (සුද්දෙකූ ) සුදුසු බව හැඟේ.

    හැබැ‍යි බලාගෙන ඔයාගෙ අංගම්මන බාප්පොච්චි ඕවා ඔක්කොම බලගෙන ඉන්නෙ..හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. +++++++++++++++
      හෙහ්, හෙහ් ,ගොයියෝ, සෙල්ලං නෑ අංගම්මන බාප්පුච්චා එක්ක :)

      Delete
    2. අපි කෝකටත් වහං වෙලා ඉමු. අන්ගම්මන , පලිපාන තෝරු මෝරු හැප්පෙනෙකොට , උඹල අපිට වෙන්නෙ අර පෙතියට වෙච්ච දේ තම‍යි.

      Delete
    3. @ ටොමියා,

      අංගම්මන බාප්පුච්චා කියන්නේ කවුද?

      Delete
    4. @තරු,

      පරීක්ෂනය: හරියක් දාගන්ටකෝ.

      නිරීක්ෂනය: වැරදී...
      1. සුදු කැන්ගරුවන්ට දුවන්ට වෙන අන්දමේ කලු සිංහයන් මුන ගැහී ඇත. තරුණයෙකු නොවුනත්, එක්කෙනෙක් අප්පච්චිය.
      2. වලව්කාරයින් ඔය කියනා අන්දමට සැර නැත. උදාහරණ ආයමත් අප්පච්චිය. හැබැයි එයාට තරහා ගිය දාට (එයාට ලේසියෙන් තරහා යන්නේ නැත. ) කැන්ගරුවන් හා සිංහයන් හැම දෙනාම කැලේ කඩාගෙන දුවනු ඇත.

      නිගමනය: නැවතත් වැරදිය. පලිපානලාගේ මූනුවල දැලිගෑමේ චේතනාවක් පොඩ්ඩි තුල ඇත්තේම නැත.:D

      Delete
    5. @ටොමී,

      කෝ එයා පේන්ට ඉන්නවද? බාප්පොච්චි නෙමේ. කුඩප්පච්චි.:)

      Delete
    6. @තරු,

      තෝරු මෝරු හැප්පෙනකොට පෙතියන්ට පැනලා යන්ට ලේසී...:)

      Delete
    7. @හරී,

      නෑකම ගැන අහගන්ට වෙන්නේ ඔය උඩ ඉන්න දෙන්නගෙන්ම තමා හරි..:D

      Delete
    8. කුළ ගවුරවය, පරම්පරාව ගැන කියන ගමන් අර අසරණ ඇබොරිජින්ලව එලවල රට අත්පත් කරගත්ත සුද්දන්ගෙ ආචාරශීලී බව ගැන කියන එක‍යි ඉවසන් ඉන්න බැරි.

      තව දෙයක්, අර කලින් කියපු දෙන්නා ඔස්ට්‍රේලියානුවෙක් සහ ඉන්දියානුවෙක්ද?

      Delete
    9. එයාලා එලවලා නෑ. තාම මේ රටේ ඉන්නවා. බටහිරින් මෙහාට කට්ටිය ආවේ නැත්නම් මේ රට ඉන්දුනීසියන් කාරයෝ අල්ලගෙන ඉඳී. නොදියුණු මිනිස් කොටස් ඉන්න හැම රටකම සිදු උනු දෙයක් මේක...ඔස්ට්‍රේලියාවට සීමාවූ දෙයක් නෙමේ. ලංකාවේත් මේ දේ සිද්ද උනා.

      කියලා තියන දෙන්නා ලංකාවේ කෙනෙක් හා යුරෝපා ජාතිකයෙක්...:D


      Delete
    10. //නොදියුණු මිනිස් කොටස් ඉන්න හැම රටකම සිදු උනු දෙයක් මේක...ඔස්ට්‍රේලියාවට සීමාවූ දෙයක් නෙමේ. ලංකාවේත් මේ දේ සිද්ද උනා.
      //

      ඒ කියන්නෙ සුද්දො එන්න කලින් ලංකාවෙ හිටියෙ නොදියුනු ජන කොට්ටාශයක් කියලද කියන්නෙ?
      සුද්දා ආවෙ නැත්නම් අපි කොල අතුද අන්දින්නෙ?
      ඔන්න දැන්නම් ඇහැලේපොල ගතිය ටිකක් එනවා වගේ...හෙහ් හෙහ් හෙහ්

      අනික ඔස්ට්‍රේලියාවෙ ඇබොරිජින්ස් ලට අත් වෙලා තියන ඉරනම මුලු ලෝකෙම දන්නවා.(ඔයත් දන්නවා ඒත් දන්නෙ නැහැ වගේ කතා කරනවා)

      Delete
    11. //ඒ කියන්නෙ සුද්දො එන්න කලින් ලංකාවෙ හිටියෙ නොදියුනු ජන කොට්ටාශයක් කියලද කියන්නෙ?//

      හපොයි මම දැන් මේ වගේ දෙයක් කොහෙද කියලා තියෙන්නේ? සුද්දොන් ගැන සඳහන් කරලා නෑනේ. විජය ලංකාවට එනකොට හිටියේ ගෝත්‍ර කොටස් ලු. ඒ හන්දා තමා එයාලට මේ රටේ බලය අල්ලගන්ට පුලුවන් උනේ. මම කීවේ ඒ වගේ නොදියුණු කොටස් ගැන.

      //ඔන්න දැන්නම් ඇහැලේපොල ගතිය ටිකක් එනවා වගේ...හෙහ් හෙහ් හෙහ්//

      මොකද මේ කොහෙවත් නැති කෙනෙක්ව මෙතනට ඇදලා ගත්තේ?

      //අනික ඔස්ට්‍රේලියාවෙ ඇබොරිජින්ස් ලට අත් වෙලා තියන ඉරනම මුලු ලෝකෙම දන්නවා.(ඔයත් දන්නවා ඒත් දන්නෙ නැහැ වගේ කතා කරනවා)//

      මම නම් ඉතින් වෙන දේවල් දිහා හොඳ විමසිල්ලෙන් ඉන්නේ...:)

      ඔව් ඉතින් ලංකාවේ වෙන දේවල් ගැන වැඩියෙන් දන්නේ ලංකාවෙන් පිට අයනේ. ඒ වගේ වෙන්ට ඇති. තවත් එකක් කියන්ට ඕනි අපේ රටේ ඉන්න ආදී වාසීන් වෙනුවෙන් වචනයක් කතා නොකරන අය මොකද දන්නේ නෑ වෙන රටවල ආදිවාසීන් ගැන හොයන්නේ...අපේ රටේ අයට සහනයක් ලබා දෙන්ටකෝ කලින්.

      Delete
    12. හික් හික්, අපේ රටේ ආදි වාසීන්ට දැන් ක්‍රිකට් ටීම් එකකුත් තියනවා, කෝ ඔස්ටේලියාවෙ එහෙම ටීම් එකක් තියනවද? හෙහ් හෙහ් හෙහ්..
      තව ඔයා දන්නෙ නැතුවා ඇති ආදිවාසී කථිකාචාර්යවරු පවා දැන් ඉන්නවා මෙහෙ.

      අනිකා මම ඇබොරිජින්ස ලා ගැන කඳුලු හෙලුවෙ නැහැ.
      මම කීවේ එහෙම කරපු සුද්දොන්ව ඔයා සදාචාරය, සභයත්වය ගැන උදාහරන විදියට ගත්තු නිසා.

      ඔස්ටේලියාවෙ ඉතිහාසය ගැන ලස්සන කථාවක් අර්ජුන රණතුංග කීවා දවසක් ෂේන් වෝන්ගේ කට කැඩිච්ච කථාවකට උත්තර ලෙස.
      පුලුවන්නම් හොයලා බලන්නකො.

      Delete
    13. @හරී
      අංගම්මන බාප්පුච්චා ආවෙ "අත්තම්මා" පොස්ට් එකට. අපිත් ඔය පොඩ්ඩිගෙ බාප්පුච්චව දැක්කමයි. ඇස් වහක් කටවහක් නෑ, සිරියාවන්ත මනුස්සයා. ඔය ඇවිත් සත්තමකුත් දාල ගියේ :)

      http://podikumarihami.blogspot.ca/2012/08/blog-post.html
      ඔන්න ඕකෙ කමෙන්ට් වල මැද හරියෙ ඇති

      Delete
  21. පෝස්ටුවෙන් පොඩ්ඩිගේ සලකුණ අයින් කරලා කමෙන්ටුවක් දාන්න හිතුවෙ පොඩ්ඩි කැමති කොයි විදිහද කියලා තේරුනේ නැති නිසා..

    මම හිතන්නෙ මේක එක එක්කෙනා හිතන විදිහ අනුව වෙනස් වෙනවා..ආසියාතික ගෑනු ළමයි විවාහය වෙනකම් තමන්ගෙ කන්‍යා භාවය රැකගෙන ඉන්නෙ එයාගෙ අනාගත ස්වාමියා බලාපොරොත්තු වෙන හින්දම නෙවෙයි..තමන්ගෙ කැමැත්ත නිසා..

    ඒත් හැම වෙලේම සැමියා බිරිඳ දෙන්නම තමන්ට හිමිවෙන්න ඕන නිදහස පිළිගැනීම ගැන ගොඩක් හිතනවා..ඒ අවබෝධය තියන විවාහ සතුටින් දිවිගෙවනවා වගේම අනවබෝධය නිසා බැඳගත්ත බෙරේ ගහන්න පටන් ගන්නවා..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++ එළ.

      Delete
    2. @රූ,

      ආසියාතික ගෑනු ලමයි ගැන ඔයා කීව කතාව පිලිගන්නවා. තමන්ගේ සැමියාට වටිනා මංගල තෑග්ගක් පිරිනමන්ට පුලුවන්වීම කොච්චර වැදගත් දෙයක්ද? විවාහය කියන බැම්ම තහවුරු කරන්ට හොඳ පටන් ගැන්මක් කියලා තමා මම හිතන්නේ.

      අවබෝධය දෙන්නාම අතර තියෙන්ට ඔනේ. ආසියාතික රටවල මේ කාර්යය පැවරෙන්නේ බොහෝවිට කාන්තාවටනේ. අන්න ඒක තමා පිලිගන්ට බැරි.

      Delete
    3. @තරු,

      +++++++++++++++++++++++ එල දෙකයි.

      Delete
  22. මට හිතෙන්නේ මේ කියන විදියට පොඩ්ඩිට ගැලපෙන්නෙත් සුදු ජාතිකයෙක් .ඒ නිසා තවත් පමා නොවී සුද්දට බහ දෙන්න .

    ReplyDelete
    Replies
    1. උඩින් ප්‍රියන්තත් ඔය වගේම කතාවක් කියලා තියනවා. මොකද දන්නේ නෑ දෙන්නා පොඩ්ඩිව සුද්දෙකුට සෙට් කරන්ට හදන්නේ...:D

      Delete
  23. ම්ම්....කොහෙටද මේ නැව හැරවෙන්නේ...????

    ReplyDelete
    Replies
    1. නැව් නම් හැරෙන්නේ මූද පැත්තට. කෙල්ලෝ නම් හිතෙන හිතෙන පැත්තට.:D

      Delete
  24. ලංකාවේ කොල්ලොත් දැන් කන්‍යාභාවය පිළිබඳව එච්චර නොසොයනව නම් හොඳයි. ඒ මොකද තවමත් ලංකාවේ පමණක් නෙවෙයි , ආසියාතික රටවල තරුණයන්ට වඩා තරුණියන්ට තියෙන නිදහස අඩුයි. තරුණයන් පමනක් තමුන්ට ඕනෑ විදිහට ජීවත් වෙලා තරුණියන්ගේ පිරිසිඳු කම ගැන විතරක් හොයන එක වැරදියි.ඒත් තවමත් ලාංකික තරුණියන් තමුන්ගේ පිරිසිඳු බව ඔප්පු කරන්න කැමතියි කියල තමා මම නම් හිතන්නේ. තමුන්ට ආදරෙන් සලකන සැමියෙක් ලබන එක තමා හැම තරුණියක්ගෙම හීනය.....

    //මම නම් ඇත්තටම කනයාභාවය කියන කාරණය විවාහයකදී බලන්නේ නැහැ මොකද මට එය හිත එකගව කරන්න බැරි දෙයක් නිසා, නමුත් මම වටේම ගිහින් ආපු කෙනෙක් බදින්නේත් නැහැ මොකද මම අනුන්ගේ ළමයිට උප්පැන්න දෙන්න කැමති නැති නිසා ...//

    රොබින්ගේ අදහස නම් නිවැරදියි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. හුටා නීතාට මූණු 2ය් අත් 4ය් ද?

      Delete
    2. ඇයි හොඳ නැද්ද :D

      Delete
    3. හොන්ඩයි...හොන්ඩයි..... මාගේ බුර බුරා නැගෙන ප්‍රීතිය... :-)

      Delete
    4. hehe mona unath neetha nokiya kiyanne mokakda kiya therum gannath amaru netha :)

      Delete
    5. නමක් නැතිව ඇවිත් අමාරුවෙන් තේරුම් ගන්න හදන්න එපා අනේ, අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ එතන :D

      Delete
    6. @නීතා,

      //ආසියාතික රටවල තරුණයන්ට වඩා තරුණියන්ට තියෙන නිදහස අඩුයි. තරුණයන් පමනක් තමුන්ට ඕනෑ විදිහට ජීවත් වෙලා තරුණියන්ගේ පිරිසිඳු කම ගැන විතරක් හොයන එක වැරදියි.ඒත් තවමත් ලාංකික තරුණියන් තමුන්ගේ පිරිසිඳු බව ඔප්පු කරන්න කැමතියි කියල තමා මම නම් හිතන්නේ. තමුන්ට ආදරෙන් සලකන සැමියෙක් ලබන එක තමා හැම තරුණියක්ගෙම හීනය.....//

      අලුත් මෝබයිල් ෆෝන් එකක් වටින කියමනක් නීතා.:D

      කට්ටිය ඉතින් ඔය මූනු දෙකයි, අත් හතරයි ගැන විවාදය කරගෙන යන්ට.:)))

      Delete
    7. Hari itching bukthi vindinnako oya nidahasa. API eye kivvaye.

      Delete
  25. අංගම්මන බාප්පුච්චා:
    කෑවා, කෑවා පරම්පරාවෙ නම්බුව කෑවා
    අංගම්මන නැන්දා:
    ඈ දුවේ, ඔය ඕට්ටෙලියන් කැන්ගරු පැටියා මුරුංගා එහෙමත් කනවදෑ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ටොමී ඌ වැඩිපුර කන්නෙ පිපිංඤ්ඤ ලු.....:D:D

      Delete
    2. @ටොමී,

      නෑකම වැරදිනේ .... කුඩප්පච්චිලාගේ නෝනලා පුංචි අම්මලා. නැන්දම්මලාගේ මහත්තුරු මාමන්ඩිලා...:)

      Delete
    3. @කිරිල්ලී,

      මට ඔය වචනේ හරියට ලියාගන්ටත්, කියන්ටත් බෑ අප්පා...:D

      Delete
  26. බල්ලො,බළල්ලු ගානට දකින දකින එකා එක්ක බුදියන බටහිර සමාජයට වඩා,තාමත් යාන්තමට ඉතිරිවෙලා තියන ලංකාවෙ සදාචාරට මම නම් ගොඩක් කැමතී.

    ReplyDelete
    Replies
    1. මට එපාම වෙලා තියෙන්නෙ ඔන්න ඔය හේතුවත් නිසා තමා..බල්ලො බලල්ලු ඕක කරන්නෙ එක කාලෙකට...මුන්ට කාලයක් වෙලාවක් නැහැ......

      Delete
    2. kirilli oya kiyanne kakul hathare un gena, vayasa keeyada manda

      Delete
    3. @කස්ස,

      ඒකෙන් තේරෙන්නේ නෑ දකින, දකින කෙල්ලොත් එක්ක ගිහින් එයාලව අතරමං කරලා, බඳින්ට පිරිසිදු ගෑනු ලමයි හොයන එක හරී කියලා. දෙගොල්ලම වැරදී....

      Delete
    4. @කිරිල්ලී,

      ඒකත් ඇත්ත තමා. පස්සේ තේරෙයි මිනිස්සු හා සත්තු අතර වැඩි වෙනසක් නැති විත්තිය.:)

      Delete
    5. @ඇනෝ,

      එයා කියලා තියෙන්නෙත්, කකුල් හතරේ අය ගැන තමා...:)

      Delete
  27. අපිට දැන් මොකද්ද කරන්ඩ කියන්නේ ???
    ඔන්න කමෙන්ට් එකක් නම් දැම්මා... එනිතිං එල්ස් ???

    ReplyDelete
    Replies
    1. මුකුත් නෑ අනේ ... හොඳ ලමයි වගේ ඉන්ට කියලා තමයි කියන්ට තියෙන්නේ.

      දැනට මුකුත් නෑ. පස්සේ ඕනි උනොත් කියන්නම්කෝ.

      කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි.

      Delete
  28. කෝ..මේ පොඩි කුමාරිහාමි..ඇත්තටම කුමාරිහාමිල හොයන පිරිමි ගැන දැන ගන්න අපිත් කැමතියි.ලිපියේ නොකියපු දේවල් කමෙන්ට් වල ඇති කියලා කමෙන්ට් ඔක්කොම බැලුවා..කෝ.........?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ට. හොඳට හිතලා, බලලා කමෙන්ට් කරන්නම්. කුමාරිහාමිලා ගැන මම දන්නේ නෑ. මේ කුමාරිහාමි හොයන විදියේ කෙනෙක් ගැන ලියන්නම්කෝ. :D

      Delete
    2. පොඩ්ඩි හොයන්නේ මේ වගේ කෙනෙක්.

      1. ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ආදරේ ආදරේ කියලා බොරුවට කියන නෙමේ ආදරේ ක්‍රියාවෙන් පෙන්නන කෙනෙක්. ගෑනු ඉන්නේ උයන්ටයි, ලමයි හදන්ටයි කියලා යටි හිතෙන් හිතන කෙනෙක් එපා.

      2. වැඩ බෙදා හදා ගන්න කෙනෙක්. උයද්දි අඩු ගානේ කපලා, කොටලාවත් දෙන්ට ඕනි.

      3. හිතුවක්කාර කෙනෙක් එපා.

      4. ඊරිසියාකාරයෙකුත් එපා. ( අල්ලපු ගෙදර ඉන්න වයසක අංකල්ට උදේට හිනාවෙන එක නතර කරන්ට බෑ. )

      5. හිත රිදෙන දේවල් කියලා, කරලා පස්සේ සොරි කියන කෙනෙක් එපා. ඊට වඩා හොඳයි ඒ දේවල් නොකර ඉන්න කෙනෙක්.

      6. ගෙදරින් මොන ප්‍රශ්නයක් ආවත් පොඩ්ඩිව ආරක්ෂා කරන කෙනෙක්.

      7. පොඩි දේකටත් පොඩ්ඩිගේම වැරැද්ද පෙන්නන්නේ නැතුව තමන්ගේ වැරැද්දත් තේරුම් ගන්ට පුලුවන් කෙනෙක්.

      8.උගත් වෙන්ටත් ඕනි.

      9. රස්සාවක් තියෙන්ටත් ඕනි. නැත්නම් කොහොමද පොඩ්ඩි කන විදියට කන්නේ.

      10. කබල් හරි කාර් කට්ටක් තියෙන්ට ඕනි. නැත්නම් පොඩ්ඩිට බෑ උදේම නැගිටලා ඔය එක, එක්කෙනාව වැඩට බස්සන්ට.

      මේ වගේ අය ඉතින් ඉන්නවද දන්නේ නෑ.:)))

      Delete
    3. හා.... මගේ ලිස්ට් එකේම තවත් වර්ෂන් එකක්.... ජයවේවා පොඩ්ඩිටත්...... ඉන්නවා ඉන්න‌වා.... හැබැයි හොයාගන්න තමයි අමාරු...

      Delete
  29. ඔබ හරිම නිර්මාණශීලියි.මගේ සුබපැතුම්.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි. ඔය පැත්තේ ඇවිත් යන්ට එන්නම්.:)

      Delete
  30. 'කන්නෑ බාවය' ගැන ඔච්චර අඬන්න එපා හලෝ, ලස්ස දෙකහමාරයි 'සල්ලි කරුමය'. කොල්ලුපිටියේ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  31. ආ....මේක කන්නෑ බව ගැන ලියාපු එකක් නේද?...මම හිතුවේ මනාලයෝ ගැන ලියපු එකක් කියලා

    ReplyDelete
    Replies
    1. මනමාලයෝ ගැන කියනකොට ඉතින් ඔය ගැනත් කියවෙනවනේ. ලියලා තියෙන්නේ කරුණු කීපයක් ගැනම.

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. උඩසිට පහලට කියවූයෙමි. . "පොයින්ට් එක" සොයා ගැනීමට බැරි විය. ඉන්පසු පහල සිට උඩට කියවූ විට පොයින්ට් එකක් නොව කීපයක්ම අසු විය.

    පලවෙනි රූප රාමුව: දේවදාසී:
    බමුණෝ හොඳ නැත.

    දෙවනි රූප රාමුව - සුදු අප්පුහාමිලා:
    මෙයාල හයයි-හතරේ පොරවල්ය. හැඟීම් සාක්කුවේ දමාගෙන ඉන්න දස්ස, බොහෝ විනීත උදවියයි. බඳිනව නං ආන්න බුවා.

    බකුසු සටහන: සුදු අප්පුහාමිලා නරක නැත. ඒත් කොච්චර හොඳ වුනත් උන් ආසියාතික බස්සන්ට කැමති නැත. සුදු අප්පුහාමිලා සහ අංගම්මන බාප්පලා එකිනෙකාට කැමතිද වග දන්නේ නැත.


    තුන්වැනි රූපරාමුව - කලු අප්පුහාමිලා
    මෙතැන "කලු" කීවේ ඔරිජිනල් කලු මිස, පැණි පාට නොවේ. මෙයාලත් අර "සුදු" කස්ටියට වඩා "අඟලක්" කොට අයයි. මෙයාලත් බොහොම විනීතයි කියන්නෙ.

    බකුසු සටහන: කලු අප්පුහාමිලා සහජයෙන්ම වලියට බරය. කො‍ටු පැනිල්ලට ඔස්තාර්ලාය. එයාල "හැඟීම්" කොහේ දමාගෙන ඉන්නවාදැයි නොදනිමි. සාක්කුවේ දමාගෙන ඉන්නේ නං "කට පුංචෙක්" හෝ " මල් පැකට්" එකක් විය හැකි බව "දනෝ" පවසති. ඉඳහිට මේ ප්‍රතිරූපයෙන් බැහැර, උගත් කලු අප්පුහාමිලා සිටින නමුදු සහජ ගතිගුණ පසුව හෝ ඉස්මතු නොවේයැයි සහතික විය නොහැක.


    හතරවෙනි රූප රාමුව - කො‍ටු පැනපු ජප්පා

    ජප්පෝ කොහොමත් බමුණන්ට වඩා දක්සය. එත් මෙතනදී නං බස්සා අනාත විය. "ශ්‍රේෂ්ඨ බිරිඳක්" ලෙස ජපන් කාන්තාවක් අපේ "ගල් බමුණෙකුට" වුවද ගැලපෙන බව සිතා ගතැහැකි වුවත්, ගතානුගතික "පුරුශාධිපත්වය" කරපින්නා ගත් ජප්පා "රොමැන්ටික්" වුනේ කෙසේදැයි සිතා ගත නොහැක.

    ReplyDelete
    Replies
    1. නියම සටහනක් බස්සෝ....මේ තාමත් තේරුම් ගැනීමට උත්සාහ දරන ගමන්.
      බමුණොද?
      සුදුද?
      කලුද?
      ජප්පොද?
      පැණිපාට කෙනෙක්ද? :D

      Delete
  34. මට නම් මේ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ අප්පා..බටහිර කොල්ලො නම් මට එපෝ........

    ReplyDelete
    Replies
    1. kirilli kalin mokakda kiuwe manda ;)

      Delete
    2. @කිරිල්ලී,

      මටත් කලින් ඔහොම තමයි හිතිලා තිබුනේ. දැන් බලාගෙන යන්කොට කවුරුත් එක වගේ...:D

      Delete
    3. @ඇනෝ ,

      කලිනුත් ඕකම තමයි කියලා තිබුනේ මගේ හිතේ....:)

      Delete
  35. කිවුවත් වගේ මොකක්ද පොයින්ට් එක කුමාරිහාමි අක්කේ????

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලන්ට (සමහරුන්ට ) පොඩ්ඩක් වෙනස්වෙන්ට කියන එක තමා. :D

      Delete
  36. මම නම් හිතන්නේ කන්‍යාභාවය කියන සංකල්පය අපිට ඕනේ. කොල්ලෙක් කොන්ද කෙලින් තියාගෙන කියන්න ඕනේ මට ඕනේ පිරිසිදු කෙල්ලෙක් කියලා. වැදුව අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැතුව දකින දකින එකාට රෙද්ද උස්සන වේ*යෝ එක්ක පවුල් කන්නේ කොහොමද ? එහෙම ගෑණුත් එක්ක පවුල් කන්න ඇහැකිද ? හැබැයි කන්‍යාභාවය තීරණය කරන මස් වැදැල්ලෙන් මට නම් කිසිම පලක් නෑ. පොඩි කාලෙ අතවරයක් වෙලා හරි, උපතින්ම පිහිටලා නෑ වගේ හරි , අනතුරකදි හරි කෙල්ලගේ වැරැද්දක් නැතුව වෙලා තියෙන දේවල් අමතක කරන්න 100 % ක් ලැහැස්තියි මම.

    ReplyDelete
    Replies
    1. ඕක උනේ අහවල් එක හින්දයි කියල ඔප්පු කරන්නේ කොහොමද ඇනෝ ? පීනන්නත් ඕනේ හැබැයි වතුරට බහිනනත් බැහැ වගේ කතාවක් මේක..

      Delete
  37. හොඳයි මගේ අත්දැකීම් එක්ක කියන්නේ. කාන්තාවගේ කන්‍යාභාවය තියෙන්න ඕනේ හිතේ. මොකද ඇය බලහත්කාරකමක්ට ලක් වූ කෙනෙක් වෙන්න පුළුවන්. හොඳයි අපි හිතමු ඇය මුල් වරට අවංකව ආරදර කරලා රැවටුන කෙනෙක් කියල, හැබැයි මේ වරද දිගටම වෙන්න විදියක් නෑ. කව්රු හරි කියනවනම් මට හත් අට පාරක්ම තෝරාගන්න බැරි වුනා කියල, එතන මොකක් හරි වරදක් තියෙනවා. එහෙම කෙනෙකුට විවාහය තුලදී වුවත් වරදින්න පුළුවන්. තමන් යම් කෙනෙක් තම සැමියා විදියට තොර ගන්නවා නම් එක හිතින් තෝරා ගන්න ඕනේ. සැමියත් එහෙමයි තම බිරිඳ විදියට තෝරා ගන්න කෙනාව එක හිතින් තෝරා ගන්න ඔන්න. මානසික අබාධ හෝ අසහන තියෙනවනම් ඉතිං එතන ප්‍රශ්නයක්. ඒවා තෝර ගන්න ඕනෑ කොලේ අත්සන් කරන්න කලින්. පසුව හැසිරීම් වල සිදු වන වෙනස්කම් සාපේක්ෂයි. ඒවා දෙස උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕන. මගේ මිතුරෙක්ගේ පෙම්වතියට පිළිකාවක් තියෙනවා ඒ සම්බන්දෙ ඇත අරින්න කියල ඔහුට් වෛද්‍යවරයා කිව් විට ඔහු පවසා තිබුණා

    "මම බැඳලා හිටියනම් ඔබ තුමා මට මොනවද කියන්නේ ?" කියල

    පසුව ඔවුන් විවාහ වුනා. ආදරය කියන්නේ ආත්මීය බැඳීමක්. හැබැයි හැම විටම ඒ කෙනාව මුණ ගැහෙනවා කියල කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @ සුදීක

      walk to remember film එක මතක් වුණා..

      Delete
    3. @සුදීක,

      හිතින් බැඳෙන්ට ඕනි කියන එක සම්පූර්ණ ඇත්ත. පිලිගන්නවා ඒක නම්. වෙන මොන විදිහේ බැඳීම් තිබුනත් වැඩක් නෑ.

      ආදරය කරන්ට කලින් ඒවගේම විවාහ වෙන්ට කලින් හොඳට හොයලා බලන්ට ඔනි කතාවත් 100% ඇත්ත. මිනිස්සු දුක් විඳින්නේ විහින් අමාරුවේ වැටීමෙන්.

      අර ආදරවන්තයා වගේ අය මිනිසුන් අතර උපදින්නේ කලාතුරකින්...:)

      Delete
  38. පොඩ්ඩි කියල හැමෝම කිව්වට හැමදාම පොඩ්ඩි ලියන්නෙ හර්දය වස්තුවේ ගැඹුරුම තැනින්...

    පල්වෙනි දේ පොඩ්ඩිට මංගල යෝජනාවක් ඇවිල්ලා වගේ. ඒක ඉතින් වෙන්න ඕන දෙයක් නෙ.

    දෙවෙනි දේ ඉතින් අත්තටම වෙන්න ඕන වගේ පොඩ්ඩිත් සංස්කෘතීන් දෙකක අතරමං වෙලා. කන්ද උඩරට කුළ සිරිතට මෙල්බන් වගෙ තැනක කෙල්ලෙක් හැදෙන කොට ඒකත් ඉතින් වෙන්න ඕන දෙයක් නෙ.

    ඉතින් ඔය වෙන්න ඕන දෙක සම බර කරන්නෙ කොහොමද? ගොඩක් කට්ටිය ගොඩක් දේවල් ලියලා. ඒත්.... ඇත්තටම පොඩ්ඩි බලාපොරොත්තු වෙන්නෙ ඒ දෙක අතර කෙරෙන සංවාදයකටද? නැත්නම් කන්‍යාභාවය නම්වූ තවත් එක් සමාජ ඛේදාන්තය විවරණය කිරීමක්ද?

    …මම ඒ දෙක අතර අතරමං වෙලා...

    ReplyDelete
    Replies
    1. //ඉතින් ඔය වෙන්න ඕන දෙක සම බර කරන්නෙ කොහොමද? ගොඩක් කට්ටිය ගොඩක් දේවල් ලියලා. ඒත්.... ඇත්තටම පොඩ්ඩි බලාපොරොත්තු වෙන්නෙ ඒ දෙක අතර කෙරෙන සංවාදයකටද? නැත්නම් කන්‍යාභාවය නම්වූ තවත් එක් සමාජ ඛේදාන්තය විවරණය කිරීමක්ද?//

      ඔය දෙකටම වෙන්ට බැරිද?

      //…මම ඒ දෙක අතර අතරමං වෙලා...//

      පොඩ්ඩිත් එහෙම තමයි. :D:D:D

      //හැමදාම පොඩ්ඩි ලියන්නෙ හර්දය වස්තුවේ ගැඹුරුම තැනින්...//

      මේ කතාවට ගොඩක් ස්තූතියි අය්යේ.

      Delete
  39. මේක ලියන්න හිතුනෙ ඇනොගෙයි, කස්සගෙයි පිලිතුරු දැකලා. ටිකක් සංවේදී මාතෘකාවක්. ගල් පාරක් දෙකක් වදින්න ඉඩ තිබෙන නමුත්, ඔන්න ඔහේ කියලම දානව.:))

    මේ මට හිතෙන හැටි, හැබැයි මේවා "ගලේ ලියපු අකුරු නෙමෙයි", වැරදියි කියල තේරුනොත් හෙට වෙනස් වෙන්නත් පුළුවන්.
    "කන්‍යාභාවය කියන සංකල්පය අපිට ඕනේ" කියන එකට මාත් එකඟයි. මේකෙන් අදහස් කරන්නෙ නෑ, මඟුල් මේස පෙරලීම හරියි කියන එක. අද "ඩේට්" කලා හෙට කෙලින්ම ඇඳට යන් එක සමාජ සම්මතය වෙච්ච බටහිරත් , අපෙත් තියන වෙනස මෙතනයි.

    අපි මේ කියන සදාචාරය ඇත්තටම ලංකාවෙ අද තියනවද? නැතිවෙන්නත් පුළුවන්, ඒත් ඒ සංකල්පය තාමත් සමාජ සම්මතයක් විදිහට තියනවා, ඒ නිසාම යම් පමණක පාලනයකට, හික්මීමකට ඒක උදව් වෙනව ඇති., අඩුම ගනනේ සමාජ පීඩනය නිසාවත්.

    එතකොට ඇයි මේ වැට කඩුලු ගෑණු අපට විතරක් කියල අහනවනෙ. ඒකට හේතුවක් තියනවා. මෙහෙම දෙයක් වුනොත්, එක හුඟක්ම නරකට බලපාන්නෙ ගැහැණු ලමයින්ට. ශාරීරිකවත්, සමාජයෙන් එනබලපෑම් නිසා මානසිකවත්.මේ ක‍ටුක සත්‍යය දන්න අපේ අම්මලා කෙල්ලොන්ව ආරකෂා කරනව.

    කොල්ලොන්ට එක විදිහකුත්, කෙල්ලන්ට එක විදිහකුත් සාධාරනයි කියන එකක් මෙයින් අදහස් කරන්නෙ නෑ. අර උඩින් කෙනෙක් ලියල තියනව වගේ " මට එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නෑ, ඒ නිසා මං ඔව්ව හොයන්නෙ නෑ" කියල හිතනව නං බොහොම හොඳයි. ඒත් සීමාව ඉක්මවා සම්බන්ධකම් පැවැත්වු කෙල්ලක් බැන්දොත්, ඉන්නෙ ලංකාවෙ නං ඒක ඕය හිතෙන තරම් ලේසි වෙන එකක් නෑ. මේකට හේතුව සමාජ පීඩනය. සදාචාරය ‍රැක ගන්න, විවහා සංස්ථාව පවත්වා ගැනීමට " හොඳ" බලපෑමක් කරන සමාජයම, අනුන්ගේ වරදින් වුනත්, අමාරුවෙ වැ‍ටුනු කෙල්ලට අවමාන කරන්න " නරක" බලපෑමක් කරනව.
    අපේ සමාජ ආකල්ප අපි හිතන තරම් ඉක්මනට වෙනස් වෙන්නෙ නෑ. ඔය කුල-මල වගේ එව්වත් හෙමීට අඩු වෙලා යාවි. මේකට උත්තරය බටහිර ක්‍රමයද? අනේ මන්දා? ඒකෙ හොඳ වගේම නරකත් තියනවා. අර කූඩුවෙ ඉන්න මීයො එලියට එන්න හදනවා, එලියෙ ඉන්න එවුන් ඇතුලට යන්න හදනව වගේ වැඩක් මේක.

    ReplyDelete
    Replies
    1. //කොල්ලොන්ට එක විදිහකුත්, කෙල්ලන්ට එක විදිහකුත් සාධාරනයි කියන එකක් මෙයින් අදහස් කරන්නෙ නෑ.//

      මේක ඉතින් වෙන්ටම බැරි දෙයක්නේ. කොල්ලෙකුට හොඳ දේම කෙල්ලෙකුටත් හොඳ වෙන්ට ඕනි.

      //සදාචාරය ‍රැක ගන්න, විවහා සංස්ථාව පවත්වා ගැනීමට " හොඳ" බලපෑමක් කරන සමාජයම, අනුන්ගේ වරදින් වුනත්, අමාරුවෙ වැ‍ටුනු කෙල්ලට අවමාන කරන්න " නරක" බලපෑමක් කරනව.//

      සමාජය කියන්නේ අපිමනේ. අපි වෙනස් වෙනවා නම් සමාජය වෙනස් වෙයි. කාන්තාවන්ට වෙන අසාධාරණය වෙනස් කරන්ට පුලුවන් පිරිමින්ට පමණයි කියලා මම කලින් වතාවකත් කියලා ඇති. දෙගොල්ලන්ම සහායෙන් ක්‍රියා කරනවා නම්, මේ තත්වය වෙනස් කරගත්තු හැකි. නැත්නම් වෙන්නේ ගෑනු වෙනස් වෙලා පිරිමින්ට ඒක දරාගන්ට බැරි වෙන අවස්තාවක් උදා වෙන එකයි. :)

      Delete
  40. විවාහයට කළින් ප්‍රශ්න, විවාහයේ දී ප්‍රශ්න ... ඊ ළඟට විවාහය අවසන් වූ පසුත් ප්‍රශ්න ... විවාහ වුනේ නැත්නම් ඒ ගැනත් ප්‍රශ්න!!! ඒත් ප්‍රශ්න නැති ලෝකයක් කොයිතරම් boring වෙයි ද?!!!

    ReplyDelete
    Replies
    1. අරුණි අක්කා,

      "මම ඇසිපිය හෙලන ඇසිල්ලක් තරම් කාලයක්වත් භවය වර්ණණා නොකරමි." කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක ඒච්චරට භයානකයි. ප්‍රස්ණ ප්‍රස්ණ ප්‍රස්ණ....

      Delete
    2. @අරුණි ,

      කාලෙකින් මේ පැත්තේ ඇවිල්ලා...:)

      ප්‍රශ්න තියෙන එක හොඳයි. ඕනි නැති ප්‍රශ්න තියෙන එකනේ දුක. විවාහ වෙලා ප්‍රශ්නවලට මූන දෙන එක එක දෙයක්. අම්මෝ විවාහ නොවී හිටියොත් මූන දෙන්ට වෙන ප්‍රශ්න ...ඊට වඩා හොඳයි ඕනි ප්‍රශ්නයක් කියලා කසාදයක් බඳින එක.

      Delete
    3. @ඇනෝ,

      ඔයා කවුරු උණත් කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත. කොහොම උණත් හොඳට බණ දන්න කෙනෙක්. :D

      Delete
  41. හ්ම්ම් ඒක ආරක්ෂා කරගන්න එක ගෑනු ළමයි කරන්නේ කැමැත්තෙන් කියලයි මටත් හිතෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. ඕක පරික්ෂා කරන විදිහ කිසිම විදියකින් නිවැරදි නැහැ. ලොකු සම්භාවිතාවක් තියනවා කිසිම වැරද්දක් නොකරපු අහිංසක කෙනෙක් උනත් පරික්ෂනෙන් ෆේල් වෙන්න. ඒ හින්දා ඔය පරික්ශනේ කරන එක මෝඩ කමක්. අනිත් එකඟ වෙන්න බැරි කාරණේ තමයි කරන්න ඕන දේවල් ඔක්කොම කරගත්තු කොල්ලොත් තමන්ගේ වයිෆ්ට ඔය දේ කරන එක. හිතට එකඟව කොහොම කරනවද මන්දා එහෙම...

    ReplyDelete
    Replies
    1. මොන ගෑනු ලමයෙක්වත් කැමති නෑ තමන්ට තියන වටිනා දෙයක් නිකරුනේ නාස්ති කරගන්ට. ගොඩාක් වෙලාවට පෙම්වතුන් විදියට එන අයට රැවටුනාම තමා මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ...

      ඒක තමයි හිතාගන්ටත් බැරි. තමන්ට එකක් අනුන්ට තව එකක්. හැබෑට මෙහෙම පිරිමිත් මේ ලෝකේ ඉන්නවානේ :D

      Delete
  42. පොඩ්ඩි අක්කා කැන්ගරුවෙක්ව හොයා ගෙන වගේ.. :)

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ කැන්ගරුවෙක්? හරි හරි පොඩ්ඩිට කන්ගරුවෙක් කජ්ජක්ද?

      Delete
    2. @දිනේශ්,

      කැන්ගරුවෙක් හොයාගෙනද කියලා ලඟදිම දැනගන්ට ලැබෙයි.:)

      Delete
    3. @ඇනෝ,

      බුදු අම්මෝ, මෙයා පොඩ්ඩි ගැන දන්න තරම්...

      Delete
  43. පිරිමියකු විසින් ස්ත්‍රියකගේ කන්‍යා භාවය සෙවීම තුච්ඡ, අධම ක්‍රියාවක්. මේ ජඩ ක්‍රියාව අතීත ලංකාවේ තිබුණු දෙයක් නෙමෙයි. ඊනියා වික්ටෝරියානු සාරධර්ම අපේ කරගත්තු අමන කමේ ප්‍රතිඵලයක්. මිනිස්සු වඩා පුළුල් මනසකින් හිතන්න පුරුදු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. TURE ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @පොත් ගුල්ලා,

      //ඊනියා වික්ටෝරියානු සාරධර්ම අපේ කරගත්තු අමන කමේ ප්‍රතිඵලයක්. //

      ඒ කියන්නේ මෙය අපි පිටින් අරගත්තු දෙයක් කියලද? පොත් ගුල්ලෝ ඒ ගැන නම් අපි කවුරුත් දන්නවා කියලා මම හිතන්නේ නෑ. පුලුවන් නම් අපිව දැනුවත් කරන්ට. ඔයාට ගොඩක් ස්තූතියි.

      Delete
  44. චුට්ටක් කියන්න ඕනේ කියලා හිතුනා.... ඔය කොච්චර මොනවා කිව්වත් ( කමක් නෑ.. මම දන්නවා ඔයා අතින් වැරැද්දක් වෙලා නෑ කියලා... මං ඒක අමතක කරන්න ලෑස්තියි කියලා වගේ..) පසසේ කාලෙක ඕවා ඔක්කොම අල්ලගෙන නටන කොල්ලෝ මම දැකලා තියෙනවා..... නැන්දම්මලාගේ ප්‍රශ්නෙ ගැන නම් කියන්න තියෙන එකම දේ කොන්ද පණ තියෙන කිසිම කොල්ලෙක් ඒදේට ඉඩ දෙන්නේ නෑ කියන එක තමයි..... ( ගොඩක් නැන්දම්මලා ඒ ගැන හොයනවට වඩා නෑනලා හොයනවා කියලා මට හිතිලා තියෙනවා..) අනිත් එක කෙල්ලෙක් විතරක් නෙවෙයි කොල්ලෙක් උනත් තමන්ගේ කන්‍යාභාවය ආරකෂා කරගන්න උත්සහ කරනවා නම් හොදයි.... මොකද මම හිතන විදියට ඒක තියෙන්නේ හිතේ..... ඔයා මගේ පළවෙනි කෙනා වගේම මමත් ඔයාගේ පළවෙනි කෙනා කියලා වයිෆ්ට හිතට එකඟව කියන්න පුළුවන් කොල්ලෙක්ට ඒ වෙලාවෙදි කොච්චර සතුටත් දැනේවිද කියලා තේරෙන්න ඒදේ අත්විදින්නම ඕනෙ කියලා මම හිතන්නේ නෑ....

    ReplyDelete
    Replies

    1. +++++++++++++++++++++++++++++++++

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ගෙදරට ආපු කෙනෙකුට කතා කල හැටි හොඳ නෑ කියලා හිතෙන හන්දා ඇනෝ ඔයාගේ කමෙන්ට් එක මම මකනවා. මේක කාන්තා බ්ලොග් එකක් හොඳේ. අඩුගානේ ඒ වගේ තැනකදිවත් කාන්තාවන්ට අපහාස කරන්ට එපා ප්ලීස්...

      Delete
    4. රෙපෙයාර් කරලද කියලා අහන එක කුනුහරපයක්ද? රෙපෙයාර් කිරීමේ වැරද්දක නැහැනේ.

      Delete
    5. ඊට කලින් තිබුනු එක තමා වැරදි. අපි නොදන්න අනුන්ගේ පුද්ගලික දේවල් අහන එක, වැරදි කියලා මම හිතන්නේ. දැන දැන අනුන්ට රිදවිය යුතු නෑ.

      කමක් නෑ දැන් ඒක අමතක කරලා දාමු.:)

      Delete
    6. මගේ කමෙන්ට් එක හින්දා පොඩිඩිට කරදරයක් උනා කියලා ආරංචියක් ආව නිසා ආයිත් ඇවිත් බැලුවා... සමාවෙන්න ඕනෙ වැරැද්දක් කියවුනා නම්...

      Delete
    7. අපොයි ඔයාගෙන් කිසිම වැරැද්දක් උනේ නෑ හිරු. කාන්තාවන් මේ වගේ මාතෘකා යටතේ කතා කරනවා දකින කොට සතුටුයි. ඔයාට ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට. :D

      Delete
    8. හිරු,

      ඔයාගේ කමෙන්ට් එකේ මට වැඩියෙන් කැමති හිතුනේ කොල්ලාට කෙල්ලව ඒ තත්වයෙන් බේරගන්ට පුලුවන් කියලා තිබුනු ටිකට. ඒ එක්කම නැන්දම්මලාට වඩා නෑනලා මේ ගැන හොයන්ට එනබව සඳහන් කලාට. මේ දෙකම ඇත්තයි. කොල්ලා හරියට ඉන්නවා නම් මේ නෑනලාගේ ප්‍රශ්නයත් විසඳා ගත හැකිවෙයි.:)

      Delete
  45. සාපේක්ෂයි . කන්‍යා භාවය [ ගූගල් වල යංශය ටයිප් නොවෙන බව කරුණාවෙන් න් සලකන්න ] සොයන එක වැරදියි. හැබැයි ගැහැණු ළමයි පරිස්සන් වෙන එක නම් හොඳයි . ඔය කොච්චර බටර් ගෑවත් බැන්දට පස්සේ හිතේ ඉන්න ගල් බමුණා එලියට එන්න පුළුවන් ඕන පිරිමියෙක්ගේ . ලංකාවෙත් නැන්දම්මලා ඒ තරම් ඕක සොයන්නේ නැහැ අද කාලේ . [රහසින් බලාපොරොත්තු වුනත් තදම ගතානුගතික පවුලක ඇරෙන්න අනික් අය මන් හිතන්නේ නැහැ එළිපිට අහන්න තරම් ලජ්ජා නැති විදිහට හැසිරෙයි කියල ]. බටහිර සමහර දේවල් හොඳයි . සමහර දේවල් නරකයි . ඒ ඉතින් අපි බලන විදිහ අනුව . ගැහැණු ළමයින්ට ප්‍රජනන පද්ධතියේ පිළිකා ඇති වීම වලක්වන එන්නත ගැන මන් දන්නා දොස්තර නෝනා කෙනෙක් කිවේ ආසියාතික ගැහැණු ළමයි අඩුවයසින් ලිංගික ඇසුරට පෙළඹෙන්නේ නැති නිසා බටහිර තරම් කලින් එන්නත අවශ්‍ය නැති බවයි . ඇය යුරෝපිය කාන්තාවක් .

    දැන් පොඩ්ඩි ගේ මනාපය කාටද . ලේසි නැහැ නේද . ඔන්න ඔහේ වතුරට බැහැලාම බලන්න . නැතුව පීනන්න බහ නොවැ. පොඩිට සුදු හෝ දුඹුරු [ පැණි පාට ] පුළුල් උරතලයක් ඇති , තේ සැදීමට දන්නා ''හොඳ ''පිරිමියෙක් ලැබේවා කියල මන් පතනවා .

    ReplyDelete
    Replies
    1. ඔය යංශය හොඳට වදින්නේ...

      Delete
    2. @බින්දි,

      හී හී ...පසිඳු කියලා තියනවා වගේ යංශය ටයිප් වෙලානේ.

      ඔය කොච්චර බටර් ගෑවත්, බඳින්ටම ඕනි ඇතුලේ ඉන්න ගල් බමුණා එලියට එන්ට. හපොයි එයා හිටපු ගමන් එලියට එනවා අනේ බැඳලා නෑ කියලා හිටි හැටියේ අමතකවෙලා.

      //පොඩිට සුදු හෝ දුඹුරු [ පැණි පාට ] පුළුල් උරතලයක් ඇති , තේ සැදීමට දන්නා ''හොඳ ''පිරිමියෙක් ලැබේවා කියල මන් පතනවා .//

      පොඩ්ඩිත් ඕකම තමා ප්‍රාර්තනා කරන්නේ. ඔයාගේ ඒ සිතුවිල්ලට ගොඩක් ස්තූතියි බින්දි.:)

      Delete
    3. ඒක තමයි ටයිප් කරද්දී වැදුනේ නැහැ . කමෙන්ට් එක පබ්ලිෂ් කරද්දී මෙන්න යංශය යසට ඇවිත්

      Delete
  46. හපොයි. මේ කථා මට ලොකු වැඩි. පොඩි කුමාරි හාමි කියන්නේ කැම්පසුත් ගිහින් ඉවර කෙනෙක්ද කොහෙද? මම තවම පොඩි එකා. මේ කතා ලොකු වැඩී...

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුවන්ට කීවා අහකට. ලොකු අයගේ කතා අහගෙන ඉන්නේ නැතුව.:)))

      කැම්පස් එකේ කෙනෙක් නම් ඉතින් එච්චර පොඩි වෙන්ටත් බෑ.:)

      Delete
  47. ආහා තුම් හි හෝ බන්දු!

    जाहिरा तौर पर एक और कारण के लिए कुंवारी की तरह पुरुषों ... अब मुझे नहीं पूछ रहे हो क्या!!!

    ReplyDelete
    Replies


    1. ආහා තුම් හි හෝ බන්දු!

      Apparently men like virgin for another reason ... Do not ask me!

      Delete
    2. @අමා,

      तुम क्या कह रहे हैं?

      Delete
  48. මොනා උනත් කන්‍යා ද නැද්ද කියන එක තම තමන් ට ඕන විදිහට තීරණේ කරපුවාවේ. ඒක බඳින දෙන්න අතරේ තීන ගනුදෙනුවක්. ඒවා අස්සට නැන්දම්මල නෑනලා හොට දාන එක නම් අමන වැඩක්!

    ReplyDelete
  49. බය හිතෙන පෝස්ට් එකක් පොඩ්ඩි අක්කේ . මේ වාගේ දේවල් ගැන ඉගෙන ගෙන ඉවරවෙලාම තමා හිතන්න වෙන්නේ. එතකන් පරෙස්සමින් හිටියාම ඉවරයිනේ :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු පොඩි ලම‍යි මේ පැත්තෙ එනව එහෙම නෙවෙ‍යි...

      Delete
    2. @අංශු,

      පේනවා නේද තරු අය්යා කියලා තියනදේ. ලොකු අය කියන දේ අහලා පැත්තකට වෙලා ඉන්ට හොඳ ලමයා වගේ. :D:D:D

      Delete
  50. මම නම් හිතන්නේ බටහිර සංස්කෘතීන් සහ සමාජ ගති පැවතුම් එයාලට තිබුනාවේ අසියාතිකරේ අපේ එව්වා අපි තියාගම්මු ඔව්ව පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් නොවැ

    ReplyDelete
    Replies
    1. //අසියාතිකරේ අපේ එව්වා අපි තියාගම්මු//

      හපොයි රාජ්...:)))

      Delete
  51. කන්‍යා සීන් එක කෙසේ වෙතත්, තේ හදන්න විතරක් නෙවෙයි උයන්න පිහන්න උදව් වෙන මහත්තයෙක් හොයාගන්න නම් ....
    ඔයා බලන්න අහවලාගේ අම්ම තාත්ත ගෙදර වැඩ කරන්නේ කොහොමද කියල. එයාගේ තාත්ත ගෙදර වැඩට අම්මට උදව් වෙනව නම් එයාට ඒක මහා ලොකු අමුතු දෙයක් වෙන්නේ නෑ. ඉතින් ඔයාට තියෙන්නේ 'පියා බලා පුතු ගනු' කියන සරල ක්‍රම වේදය අනුගමනය කරන එක! :D :D

    disclaimer: හැබැයි ඕක ඉතින් 100% හැමෝන්ටම හරි යන්නේ නෑ හොඳේ.

    ReplyDelete
    Replies
    1. මට මෙහෙම ප්‍රශන්යක් ආවා. ඒ ඔක්කොම තියනවා කියමුකෝ. හදිසියේ ඔය මනාලයාගේ පියාගේ ලොකු බඩක් එහෙම තියනවානම් මොනවද වෙන්නේ. ඉස්සරහට මනාල මහත්තයටත් ඒ වගේම බඩක් එයි කියන එක නේද? මංගල්ලේ ලංවෙන්කොට ජිම් ගිහින් ඕක අඩු කරගත්තා කියමු. ඒත් ඉතින් පොඩ්ඩි වගේ සූප සාත්‍රේ දක්ෂ කෙනෙකුගේ ඉවිල්ලට පසු කාලයේ එයාටත් පියාගේ වගේම බඩක් එන්ට බැරිද? මේක නම් විසඳා ගත යුතු ප්‍රශ්නයක්. ගෑනු ලමයි කීදෙනෙක් අමාරුවේ වැටෙන්ට පුලුවන්ද හොයා නොබලා මේ වගේ දේවල් කලොත්....:D

      Delete
  52. රටින් රටට , භාෂාවෙන් භාෂාවට වෙනස් වන ...සංස්කෘතික දැක්මකිනුත් ..මේ දිහා බැලුවනම් හොඳයි කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
  53. ඔය කන්නිහැවේ ධාතු කරඩුව වගේ ඉහමුදුනෙ තියාගෙන යන එකටනම් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.ඒ වගේම කොටහළු මගුල් ගැනිල්ලටත්.....
    පිරිසිදු කම බලන පිරුවටේ තියෙන්නෙ, ලේලිගෙ ලේ බිංදුව විතරක් නෙවෙයිනෙ පුතන්ඩියාගේ "අරව" ත් තියෙනවනෙ....ඇත්තට ඔය අසික්කිත වැඩේට වඩා හොද නැද්ද වැඩේ කෙරෙන වෙලාවට ළගින් පුටුවකුත් තියාගෙන බලාගෙන ඉන්න එක.

    මටනම් ඔය විවාහය ගැන මහප්‍රාණ නෑ. මොනව කළත් පිරිමියෙකුටනම් අවසාන කාලය කොහොමත් ජීවත්වෙන්න වෙන්නෙ තනියම.

    ReplyDelete
    Replies
    1. //පිරිමියෙකුටනම් අවසාන කාලය කොහොමත් ජීවත්වෙන්න වෙන්නෙ තනියම//

      මේ කොටස නං තේරුණේ නැත. හුදී ජන හිත සුව පිණිස පැහැදිලි කල මැනව.

      Delete
    2. ඇයි අප්පේ සුමිත් ..අන්තිම කාලේ තනියම ඉන්නේ පිරිමි නෙමේ බොහෝ විට ගැහැණු .

      Delete
    3. @සුමිත්,

      හපොයි සුමිත්. මටත් අර ටොමී හා බින්දිට වගේ ඒ කතාව තේරුනේ නෑ. අන්තිමට පිරිමින් විතරක් තනි වෙන්නේ කොහොමද?

      Delete
  54. කවුරු හරි දන්නවද විවාහයට "මගුලක් " කියන්නේ ඇයි කියල ? එතකොට විවාහය පල්ලියේ ආගමාණුකුලව නැති නම් ආගමික කටයුත්තක් විදිහට කරන්නෙ ඇයි කියල ?

    ReplyDelete
    Replies
    1. මංගල කාරණයක් හින්දද? අංකල්ම කියලා දෙන්ට. මොකද මේ හිටපු හැටියේ නැතිවෙන්නේ? :)

      Delete
  55. බටහිර ලෝකයත් එක්ක සසඳන විට ආසියානු ආසියානු කාන්තාව සංස්කෘතියෙන් ආවරණයක් ලැබූ කෙනෙක්. ඒ නිසා ඇයට ආසියානු සංස්කෘතිය තුළ ඇති සමාජමය බැඳීම් වලට යටත් වෙන්න සිද්ධ වෙනව. ඒ නිසා මට හිතෙන හැටියට ඉන්දියානු සංස්කෘතිය මුල් අවධියේ පටන් අනුගමනය කිරීමට අපේ රටත් පුරුදුවෙලා තියෙන්නේඈත අතීතයේ පටන්. ඒ නිසා ඇයට ඒ සංස්කෘතියෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ.

    විවාහය සහ කන්‍යාව ලංකාවෙ සංස්කෘතියෙනුත් ඉවත්වී යන යුගයක දැන් අපි ඉන්නේ. පාරම්පරික සමාජ සිරිත් අනුගමනය කරන සීමිත පිරිසක් තවමත් ඒ අපුල සංස්කෘතිය පසුපස ලුහු බැඳිම ඇතැම්විට හාස්‍යයක්. නූතන සමාජය තරුනියකගෙන් අපේකෂා කරන්නේ සමාජය සහ ලෝකය පිළිබඳ දැනුම ආකල්ප වගේම වෘත්තීය කටයුතු තුළ සිටියදීම ගේදොර වැඩපළ කිරීම, ඉවුම් පිහුම්, දරුවන් රැකබලා ගැනීම සහ නිවස නිසි කළමනාකාරීත්වයක් පවත්වා ගැනිමට කණයාවක් නැතිනම් නව යොවුන් තරුණියකට හැකියාවක් ‍තිබේද යන්න පිළිබඳවයි. ඒ නිසා ලංකාව සහ ඉන්දියානු සංස්කෘතිය තුල කන්‍යාව කියල මා දකින්නෙ එයයි. ඒ ඇරුණු විට තුන්වන පාර්ශවයක් විසින් විවාහ වන තරුණියකගේ කන්‍යා භාවය පිලිබඳ පරීක්ෂා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ.

    එවැනි අවස්ථාවක් පිළිබඳ ගැටලුවක් ඇත්නම් විශේෂයෙන්ම ඒ බව විවාහවීමට අදහස් හුවාරු කරගැනිමක් තුළින් දෙදෙනා පූර්ව දැනුවත්ව සිටියේනම් එයට තෙවන පාර්ශවයට මැදිහත් වෙන්න බැහැ මොකද එතැනදී ආසියානු සමාජය තුළ පිරිමියා නිවැරදි අවබෝධයකින් යුතුව විවාහ ගිවිසුමට එළඹෙන නිසා.

    ඒ අතින් බටහිර ලෝකයේ විවාහය කියන කාරණයේදී පිරිමියා හා සාපේක්ෂව කන්තාව ඉදිරියෙන් ඉන්නවා. ඇයගේ භූමිකාව තුළ. විවාහය සහ පවුල් ජීවිතය සහඳහා අන්න ඒ බටහිර සංස්කෘතියේ අපට ගැලපෙන සහ යොදාගත හැකි අංග යොදාගැනීම තුළ අපේ ගතානුගතික සමාජ සිරිත්විරිත්වලින් මිදී ලෝකය ගැන අලුතෙන් හිතන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා ඇයට ඒ සංස්කෘතියෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ.//

      අපි තාමත් මෙහෙමද?

      //සමාජය සහ ලෝකය පිළිබඳ දැනුම ආකල්ප වගේම වෘත්තීය කටයුතු තුළ සිටියදීම ගේදොර වැඩපළ කිරීම, ඉවුම් පිහුම්, දරුවන් රැකබලා ගැනීම සහ නිවස නිසි කළමනාකාරීත්වයක් පවත්වා ගැනිමට කණයාවක් නැතිනම් නව යොවුන් තරුණියකට හැකියාවක් ‍තිබේද යන්න පිළිබඳවයි. ඒ නිසා ලංකාව සහ ඉන්දියානු සංස්කෘතිය තුල කන්‍යාව කියල මා දකින්නෙ එයයි.//

      මේ පාඨය දිහා බලනකොට අපේ සමාජය නැත්නම් සංස්කෘතිය නව යොවුන් යුවතියකගෙන් මොන තරම් දේවල් බලාපොරොත්තු වෙනවද කියලා පේනවා. ටිකක් අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?

      //දෙදෙනා පූර්ව දැනුවත්ව සිටියේනම් එයට තෙවන පාර්ශවයට මැදිහත් වෙන්න බැහැ මොකද එතැනදී ආසියානු සමාජය තුළ පිරිමියා නිවැරදි අවබෝධයකින් යුතුව විවාහ ගිවිසුමට එළඹෙන නිසා.//

      මෙය හැම පිරිමියෙකුටම ක්‍රියාවේ යොදන්වන්ට පුලුවන් නම් හොඳයි

      //බටහිර සංස්කෘතියේ අපට ගැලපෙන සහ යොදාගත හැකි අංග යොදාගැනීම තුළ අපේ ගතානුගතික සමාජ සිරිත්විරිත්වලින් මිදී ලෝකය ගැන අලුතෙන් හිතන්න පුළුවන්.//

      මාත් මේ ලිපියෙන් කියන්ට හදපු එක් කාරණයක් තමා මේ...

      Delete
  56. පොඩ්ඩි,
    ඔවු. ලෝකයේ පැවැත්මට දායක වීම ධරමයේ කොටසක්. දෙවියන් වහන්සේ (නැති නම් ස්වභාවධරමයේ කියල හිතාගන්ටකෝ) වෙනුවෙන් Creation එක කරගන යාමට දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන එක නිසා තමයි ඒකට ආගමික මුහුණුවරක් ඇවිල්ල තියෙන්නෙ. ඒ නිසා තමයි විවාහය මංගල කාරණයක් වෙන්නේ.
    හින්දුන් විවාහ වන මොහොතෙදි මනාලයා විෂ්ණු විධිහටත් මනාලිය ලක්ෂ්මී විධිහටත් සලකනවා. ලස්සන කතාවක් තිබුණ මතක නැහැ.
    ඉතින් දෙවියන් ඉදිරියේ අපි මොනව කරත්, ඉතාමත් පිරිසිදුව කරනවා නේද ? කවද හරි කවුරු හරි දෙවියන්ට ඉඳුල් කරපු කෑම නැතිනම් පළතුරු එහෙම දිල තියනවද ?

    ReplyDelete
    Replies
    1. //ඉතින් දෙවියන් ඉදිරියේ අපි මොනව කරත්, ඉතාමත් පිරිසිදුව කරනවා නේද ? කවද හරි කවුරු හරි දෙවියන්ට ඉඳුල් කරපු කෑම නැතිනම් පළතුරු එහෙම දිල තියනවද ? //

      හා හා ඒ කියන්නේ අංකල් සැමියා කියන දෙවියා ඉස්සරහා නොඉඳුල්වෙන්ට ඕනි කියන එකම නේද? එතකොට දේවාතාවියක් ඉදිරිපිටත් අපි එහෙම කරන්නේ නෑනේ. ඉතින් එයාලටත් ඒ වගේම පූජාවක් කල යුතු නේද? :D:D:D

      Delete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. මම එහෙම දෙයක් අදහස් කලේ නැහැ. පුජනීයත්වය තිබිය යුත්තෙ එක් පාර්ශ්වයක පමණක්ය කියල මම කියන්නෙ නැහැ. අනිත් එක පිරිසිදුකම තිබිය යුත්තෙ ගතේ පමණක් නොවේ. හිත වගේම හදවතත් පිරිසිදු වෙන්න ඕනෙ. සමහර විට ගත අපිරිසිදු උනත්, හදවර පිරිසිදු අය ඉන්න පුලුවන්. ඒ අය ගත පිරිසිදු හදවත අපිරිසිදු අයට වඩා හොඳ නැද්ද ?
    මම කලින් කියල තියනවානේ. ගණිකාවකට උනත් හොඳ පතිනියක් වෙන්න පුලුවන් කියල. මතකද ? ඒකත් දෙපැත්තටම හරියනවා නේද ?
    අද ලෝකෙ බොහොම සංකීරණයි. ඒ සංකීර්ණ ලෝකෙ ඇතුලෙත් තවමත් සරල මිනිසු ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. //ගණිකාවකට උනත් හොඳ පතිනියක් වෙන්න පුලුවන් කියල. මතකද ?//
      මතකයි අංකල්. මේක හරිම වැදගත් කියමනක්. තව මුකුත්ම අවශ්‍ය නැහැ.

      පොඩ්ඩි හිතන්ට කැමතී එයාත් ගොඩක් සරල කෙනෙක් කියලා. :)

      Delete
  59. හ්ම්ම්ම්... දැන් මේකෙ පොයින්ට් එකක් නෙවි ගොඩාක් තියනවා වගේ තමා මටත් පෙනී ගියේ.. මොනවා කියන්නද කියලත් එකපාරටම හිතාගන්න අමාරුයි... ඔව්, ඔය කිවාත් වගේ එක එක සංස්කෘතීන අනුව විවාහයෙන් බලාපොරොත්තු වෙන ඒවගේ වගේම කන්‍යාභාවය ගැන හිතන දේවල් වල වුනත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ මොනවා වුනත් අර හිරු දාපු කමෙන්ට් එකේ තියන "ඔයා මගේ පළවෙනි කෙනා වගේම මමත් ඔයාගේ පළවෙනි කෙනා කියලා එදාට හිතට එකඟව කියන්න පුළුවන්" හැකියාවක් යම් යුවළකට තියනවා නම් ඒ දෙදෙනාට කොච්ච්ර සතුටක් දැනේවිද ...

    ReplyDelete
  60. @සුමිත් නිරිඇල්ල
    ඒ වගේම කොටහළු මගුල් ගැනිල්ලටත්.....
    සුමිත්, අද ලෝකෙ දියුණු වෙලා නෙමෙයි තියෙන්නෙ. පිරිහිලා. කාර්මික වෙලා. සරල ජීවන රටාව වෙනුවට තරගකාරී ආරුඩ කරගත් ජීවන රටාවක් තියෙන්නෙ. අනිත් කාරණය, ලාංකික අපි මේ ලෝකෙ දියුණුවත් එක්ක ඉන්නෙ බොහොම පහල ස්ථානයක.
    සිරිත් විරිත් කියන්නෙ නිකම්ම ඇති උන දේවල් නෙමෙයි. පදනමක් ඇතුව හැදුන දේවල්. අද වෙනකොට ඒවගෙ "හරය" විනාශවෙලා "සිරිත " විතරක් ඉතුරුවෙලා තියෙන්නේ. ඉතින් හරය ඔයාලට නොතේරෙන නිසා බොහොම දේවල් ඔයාල අතින් ප්‍රතික්ෂේප වෙන එක සාධාරණයි.
    ගැණු ළමයෙක් මල්වර උනහම, ඒ ළමය සමාජ සම්මත ආකාරයට මවක් වෙනකම් කාම ආශාවන් පාලනය කරන ක්‍රමයක් තමයි ඔය සිරිතෙන් වෙන්නෙ. හැබැයි, අද ඒකෙ ඉතුරු වෙලා තියන්නෙ රොඩු ටිකක් විතරයි. ඒ නිසා ඔයාලට ඒක තේරුම් ගන්න අමාරු ඇති.
    මේ වතුර කළය සකසන අන්දමයි, ඒක භාවිත කරන අන්දමයි අද නිවැරදිව සිද්ධ වෙන්නෙ නැහැ. අනිත් එක, ඒ වතුර කළය නිවැරදි විධිහට හරි ගස්සලා පිරිමි අය උනත් පාවිච්කළොත් මාස 3 ක්, ඒ අයගෙ කාමය පිළිබඳ තියන ආශාව ගොඩක් අඩු වෙනවා. පාලනය වෙනවා.
    වර්තමානයේ ගොඩක් අය ජීවත් වෙන්නෙ ජීවීතය සතුටින් ගෙවන්න මිසක් මේ තාවකාලික නැවතුම්පොල ගැන අධ්‍යයනයක් කරන්න නෙමෙයිනෙ. ඒනිසා මේ කරුණු අද වෙන කොට වටිනාකමක් නැති තත්වයට පත් වෙලා තියනවා. නමුත් දිර්ඝකාලීන වශයෙන් සිදීවන මහා විනාශය ගැන අපි හිතන්නෙ නැහැ. අවම තරමින් විනාශයක් වෙනවද කියලවත් අපි දන්නෙත් නැහැ.
    http://www.gossiplankanews.com/2012/08/lecherous-school-girl-in-kandy.html

    ReplyDelete
  61. භාගයක් විතර කියෙව්ව, අනෙක් ටික නැවත ඇවිත් කියවන්නම්!
    සොරි පොඩි කුමාරි හාමිනේ දිහයිනේ..

    ReplyDelete