Wednesday, 5 September 2012

රජෙකුගේ ශාපය




කාලය: 1332 BC- 1323 BC
දේශය: ඊජීප්තුව


විලක්කුවලින් ආලෝකවී තිබූ, අඳුරු බරාඳය මැදින් ඇය යහන් ගැබට දිවගියේ අඳුරින් මතු උනු සෙවනැල්ලක් වගේ. ඇගේ සුදු, දිගු ගවොම දෙපසවූ උස් කවුලුවලින් හමා ආ සුලඟින්, බිත්ති මත තවත් සෙවණැලි මවා පෙන්වූවා...ඈ සිතූ අන්දමට යහන් ගැබේ දොර බාගෙට විවරව තිබුනා. ඈ එය විවර කලේ ගැහෙන හදවතින්.

ඇගේ දෑස් දිවගියේ යහන අසල බිම වැටී සිටි ඔහුගේ සිරුර වෙත. වේදනාවකින් පිරී තිබූ ඔහුගේ මුව මෙතරම් නිසල කුමක් නිසාද? ඔහුගෙන්  කිසිදු හඬක්, සිහින් කෙඳිරිල්ලක්වත්.....පිට නොවන්නේ මන්ද? ඔහුගේ හිස පිටුපසින් ගලා ආ සිහින් ලේ ධාරාව බිම අතුරා තිබූ පලස තෙත් කරමින් ගලා යනු ඈ දුටුවේ එවිටයි. ඈ නැගූ හඬට ඔහුගේ විශ්වාසවන්ත සේවකයින් දෙදෙනා වහා දුව ආවා.

ඇය ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුරෙහි හිස තම උකුල මත තබා ගන්නා අන්දම ඔවුන් බලා උන්නේ කම්පාවෙන්.

නියමිත කාලයට කලින් ඈ මෙලොවට බිහි කල, ඔවුන්ගේ උපන් ගෙහි මියගිය සිඟිති, දියණියන් දෙදෙනාගේ තරුණ පියා, ළදරු රජු ලෙස රටවැසියන් හඳුන් වනු ලැබු ඒ ප්‍රේමණීය කුමරා, ඇගේ දෑසින් ගලා ආ කඳුලු වැල්වලින්  ඔහුගේ ආදරණීය මුහුණ තෙත් වූවා.

'දියණිය' ඔවුන්ගේ පූජකවරයා ඈ අමතන තුරු ඇය ඔහු වෙතින් නෙත් ඉවතට ගත්තේ නෑ.

'ඔබ මෙහි ඉඳීම භයානකයි. සේවකයන් සමග වහාම උමගෙන් දේවාලය වෙත යන්න. එහි ඔබට අවශ්‍ය ආරක්ෂාව සැපයෙනු ඇති'

ඔවුන් ඈ වෙතින් ඒ සිරුරු ඔසවාගනු ඈ බලා හිටියා. අඳුරු උමග තුලින් එලියක්ද රහිතව ඈ කෙසේ ගමන් කලා දැයි ඇයට මතකයක් තිබුනේ නෑ. ඔහුගේ නිසල දේහය ඈ සමගම සේවකයින් ගෙන ගිය පමණයි ඇයට මතක.

'සතුරා කොයි වෙලාවක් හෝ එනවා දියණිය ... ඔබ ඔහුගෙන් ආරක්ෂා විය යුතුයි.' පූජකවරයාගේ කියන්නේ කුමක්දැයි ඇයහට හරිහැටි අවබෝධවූයේ නෑ.

හදිසියේ කැඳවනු ලැබූ රාජකීය වෛද්‍යවරයා, ඔහුගේ දේහය බෙහෙත් ඔරුවක් ගිල්වනු, ඈ මිදුනු හදකින් බලා හිටියා. එම සිරුරුම පටියෙන් එතෙනු, ඔහුගේ දේහය රන් දෙනක තැන්පත් වෙනුත් ඈ බලා හිටියා. අඳුර ගෙවී, එලිය වැටෙන බව ඇයට වැටහුනේ නෑ. ඔවුන් ඔහු තැන්පත් කලේ තාවකාලික සොහොන් ගැබක. එහිවූ තම දියණියන් බහා තිබූ දෙන දුටු ඇගේ හදවත යලි දියවීමට පටන් ගනු ඇයට දැනුනා.
 ඔහු ඉතා අහිංසක පුද්ගලයෙක්. රජෙකු වුවත් දුක් විඳි තැනැත්තෙක්. කුඩා කල සිට නිතර හටගත් උණකින් පෙලුනු අයෙක්. විකෘති පාදයකින් පීඩාවට පත් වූවෙක්.  කිසිවෙකුට කරදර නොකල ඔහුට මෙසේ කලේ ඇයි? එවන් අයෙකුට මෙවැන්නක් කල ඔවුන්හට ඈ ශාප කලා. ඔහුගේ සොහොන් ගැබට කිසිවකු අත තැබුවහොත් ඔවුන් මියා යායුතු බවට ඈ දෙවියන්ගෙන් ඉල්ලා හිටියා. ඔවුන්හට ශාප විය යුතු බව අයැද සිටියා.

'පාරාවන්ගේ නින්දට බාධා කරන්නවුන්හට මරණය පැමිනෙණු ඇත. '

ඔහුගේ සොහොන් ගැබෙහි දොරටුවෙහි මෙසේ දක්නට ලැබෙනවා.

හිරු නැගීමට පලමු, ඊලඟ හිමිදිරියේ හිස හා මුලු ගතම වසාගත් රජ දේවිය වියලි සුලඟ මැදින් මාලිගාවෙන් නික්මෙනු මහලු පූජකයා බලා උන්නේ වේදනාවෙන්. ඔහු යැවූ ලිපියට පිලිතුරු ලෙස මග එමින් සිටි කුමරා සතුරන් අතින් මියගියබවක්, ඔහුවත්, ඈවත් ඒ වෙලාවේ දැන හිටියේ නෑ.

ඈ පාරාවන් තිදෙනෙකුගේ අනුශාසක ලෙස කටයුතු කල, බලවත් පූජකයකුවූ, තුතන්කාමන්ගෙන් පසු, සිහසුනට පත්වෙන, 'අය්' නමැති තැනැත්තාගේ බිසවුන්ගෙන් එකියක වූ බව සඳහන් වෙනවා. එහෙත් අග බිසව හැටියට නෙමේ. තවත් කතාවක් ලෙස කියවෙන්නේ ඇගේ මව් පාර්ශවයේ මුත්තෙකුගේ බිරියවූ වගයි.

ඉන්පසු ඈ ගැන යමක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ.

ඇය: අන්කෙසෙනාමුන් (ඊජීප්තුවේ පාරවන්ගේ, දහ අටවෙනි  රජ පරපුරේ, රජෙකු වන අකෙනේතන් රජු හා රූපය සඳහා ප්‍රසිද්ධවූ, නෙෆෙර්ටිටි රැජනගේ දියණිය )


(අන්කෙසෙනාමුන්)



(නෙෆර්ටිටි ගේ චිත්‍රයක්)

ඔහු:  තුතන්කාමන් (ඇයගේ පියා, අකෙනේතන් රජු සහ ඔහුගේම, සොහොයුරියකගෙන් ලද  පුත්‍රයා)...ලෝක ප්‍රසිද්ධ 'ලදරු රජ'


(තූතන් කාමන්ගේ දේහයේවූ මුහුණු වැස්මේ ආධාරයෙන් සැකසුනු පිලිමයකි.

 ස්තානය: කාර්නවන් ආදිපාදවරයාගේ එංගලන්තයේ ගම්බද නිවෙස

දිනය: 1923 වසරේ අප්‍රේල් මාසේ 23 දින රාත්‍රි කාලය

ශීත සෘතුව ඉක්ම ගිය මුත්, මෙතරම ඇට මිදුලු හිරි වට්ටවන තරමේ  සීතලක් දැනෙන්නේ මක් නිසාද? කුණාටුවක් ලංවී වත්ද? වටපිටාව මෙතරම් නිශ්ශබ්ද ඇයි? නිවසේ පිටුපසින් සේවකයන්ගේ හඬක් නෑසෙන්නේ ඔවුන් නිදි නිසා වෙන්නට ඇති. උරිස් වටාවු, වුලන් සාලුව සකස් කරගත් කාර්නවන් ආර්යාව,  හවස් වරුවේ දල්වන ලද ගිණි උදුන අසලින් හිඳ ගත්තේ, නොසන්සුන් සිතකින්. ඇගේ සැමියා ඊජිප්තුවේ පටන් ගන්නා ලද ව්‍යපෘතියට ඇගේ කිසිදු කැමැත්තක් වූයේ නෑ. නොදන්නා මිනිසුන් සිටින, වෙනස්මවූ පරිසරයක් ඔවුන් මේ කරන්නට තන්නේ කුමක්ද? ඔහු යෑමට පෙර ඔහුව යෝගියෙකු කරා ගෙන ගිය අන්දම ඇය සිහිපත් කලා. යෝගියා කුමක්දෝ ලියු කොල කැබැල්ලක් සැමියා අතට දුන් අන්දමත්, ඔහුගේ මුහුන සුදුමැලිව ගිය අයුරුත් ඈ දුටුවා. ඒත් ඔහු කීවේ තමාට පොඩි වෙහෙසක් දැනුණු නිසා එසේ වූ බවයි.

'රජවරුන්ගේ මිටියාවත' විස්මිත කාර්යකටම ඔබින ගුප්ත නමක්....ඔවුන් සොයන්නට හදන්නේ ඈත අතීතයේ මියගිය අයගේ සදාකාලික නින්දට බාධා කිරීමට නේද?

තමා ඒ අවස්තාවේ ඒ ගැන මීට වඩා සොයා නොබැලුවේ මන්ද?

එක්වරම අඳුර මැදින් ඇසුණු ඇඟ කිලිපොලා යන ශබ්දයකින් ඈ තැතිගත්තා. ඒ ඇගේ සැමියාගේ සුරතල් සුනඛයා. ඒ හඬේ වූයේ දුක්මුසු, හද පසාරු කරගෙන යන, ස්වරයක්. ජේම්ස් පැමිණ සතා අස්වසන හඬ ඊලඟට ඇය අසා සිටියා.

ඈ සැමියාගේ කාර්යාල කාමරයට ඇදුනේ ඉවෙන් වගේ. අර කොල කැබැල්ල තාමත් ඔහු සතුව ඇතිද? ඈ ඔහුගේ මේස් ලාච්චු ඇද බැලුවා. දෙකට , තුනට නවා දමන ලද ඒ කරදාසිය එහි තබා තිබුනේ හරියට ඇගේ අතට අසුවෙන්නට වගේ. ඈ සැලෙන දෑතින් එය දිග හැරියා.

'සොහොන් ගැබට ඇතුල් නොවන්න. අණ නොපිලිපදින්නවුන් අනතුරේ. ඔවුන් රෝගවලින් පීඩා විඳිනවා වගේම ඔවුන්ට ඉන් ගැලවීමක්ද නෑ. ඊජීප්තුවේදී ඔවුන් මියයනවා ඇති.

ඇගේ කෙඳිරිලි හඬ නැවත පටන් ගත් සුනඛයාගේ හඬ හා මුසු උනා.


තූතන්කාමන්ගේ සොහොන විවර කොට 47දිනේදී , කාර්නවන් ආදිපාදවරයා, ඉතා වේදනාකාරී ලෙස මියගියා. ඔහුගේ කම්මුලකවූ, මදුරුවකු දෂ්ට කල ස්තානය රැවුල කැපීමේදී තුවාලවීම නිසා, රෝගීවීමෙන් මිය ගිය බව සඳහන් වෙනවා. ඔහුගේ සුරතලා එදා රෑ මුලුල්ලේ උඩු බුරලමින් සිට පාන්දර මියයනවා. දින දෙකකට පසු, තූතන්කාමන්ගේ දේහය පරීක්ෂා කිරීමේදී, දේහයේකාර්නවන් ආදිපාදවරයාගේ තුවාලය සිදුවූ වම් කම්මුලෙහිම, තුවාල කැලලක් සොයාගනු ලබනවා.

මින් ටික දිනකට පසු ගවේෂනයේ ප්‍රධාන පුරාවිද්‍යඥයකුවු ආතර් මේස් තමා හිඳි හෝටලයේදීම තමන්ට ඉතා මහන්සි බව පවසා සිහිමූර්ජාවී  මිය යනවා.

කාර්නවන් ආදිපාදවරයාගේ ලඟම හිතවතකුවු ජොර්ජ් ගෝල්ඩ් තුතන්කාමන් සොහොන නැරඹීමෙන් ඉක්බිතිව තද උණක් සෑදී පැය 12කින් මියයනවා.

තූතන්කාමන්ගේ දේහයේ එක්ස්‍රේ ජායාරූප  ගත්  රීඩ් තදබල මහන්සිය නිසා එංගලන්තය බලා යන්නේ , එහි ගිය වහාම මියයනවා.
 කාර්නවන් ආදිපාදවරයාගේ පුද්ගලික ලේකම් රිචඩ් නිදි ඇඳේදීම හෘදයාබාධයකින් මියයන්නේ මාස හතරකට පසුව.

බ්‍රිත්‍යාන ව්‍යපාරිකයකුවු ජෝල් වූල් මෙම සොහොන නැරඹීමෙන් මාස කිහිපයකට පසු තද උණක් සෑදී මියයනවා.

මේ කාලය තුල, කාර්නවන් ආදිපාදවරයාගේ ඥාති සොහොයුරා සිය දිවි නසාගන්නවා. මේ ආකාරයෙන් මේ ව්‍යපෘතියට සම්බන්ධවූ 12 දෙනෙක් හය වසරක් තුල මියගියේ තූතන්කාමන්ගේ නින්දට බාධා කිරීමෙන් ලැබු ශාපය නිසා බවට මත රැසක් තිබෙනවා. විද්‍යාවටවත්, වෛද්‍ය විද්‍යාවටවත් මීට හේතු සොයා ගත නොහැකිව තිබෙනවා.

ලොව අප නොදන්නා සියලු දෑ දෙසම වපර ඇසින් බැලීම කලයුතු දැයි සිතෙන්නේ මෙවැනි කතා තවමත් අප අතර පවතින නිසා.


“Love can be a terrible curse. It can make you overlook even the largest flaws in a person's behavior.” 

256 comments:

  1. ඔය සොහොන විවුර්ත කරන්න ගියපු 60 කට කිට්ටු කණ්ඩායමෙන් 8 දෙනෙක් තමයි ඔය විදිහට මිය යන්නෙ. අපි දැනටත් මල ගෙදරක ගිහින් ආවොත් මුලින්ම කරන්නෙ හොඳට නාන එක. ඉතින් සියවස් ගණනාවක් තිස්සෙ මල සිරුරු තැන්පත් කරල තිබ්බ සොහොනක් විවුර්ත කලාම ඒක ඇතුලෙ මොන මොන ජාතියෙ බැක්ටීරියා, වයිරස් නම් තියෙන්න පුලුවන්ද? ඒව ඔය අයගෙ මරණ වලට හේතු උනා කියල තමයි ඔය ගන විද්‍යාත්මක අර්ථ කතන දෙන අය කියන්නෙ. හැබැයි ඕකෙන් ඒක දෙයක් උනා. ජිවත් ව ඉන්න කාලෙ ප්‍රසිද්ධියක් නැති උන තුතන්කාමන්, අද ලෝකයේ ප්‍රසිද්දම පාරාවෝ රජු බවට පත් වෙලා ඉවරයි. ඊජිප්තු මමී සම්බන්ධ අද්භූත කතා බොහොමයි. මට මේක කියවද්දී තව කතාවක් මතක් උනා. වෙලාවක් ලැබුනොත් ලියන්නං.

    //ශීත සෘතුව ඉක්ම ගිය මුත්, මෙතරම ඇට මිදුලු හිරි වට්ටවන තරමේ සීතලක් දැනෙන්නේ මක් නිසාද? කුණාටුවක් ලංවී වත්ද?// අපෝ කුනාටු ඕන නෑ. සමර් එකෙත් ඔහොම තමයි.

    ප.ලි.

    මේකට මගේ ප්‍රියතම කතුවරයෙක් එකතු කලේ නැත්තන් හරි නෑ වගේ. ඔය සොහොන සොයා ගත්ත කාලෙ සර් ආතර් කොනන් ඩොයිලුත් ඇවිලෙන ගින්නට පිදුරු දාල තියෙනව, මේ මරණ ඇති උනේ තුතන්කමන්ගේ සොහොන ආරක්ෂා කරන්න හිටිය ආත්මයන්ගෙන් කියල. නැති රහස් පරික්ෂකයෙකුට අදටත් ලියුම් ලියන්න තරං හිතෙන කතා ගොතපු කෙනෙක් එහෙම කිව්වම මම හිතෙන්නෙ මේ කතා වලට අත්තටු ලැබෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ට. ඔයාටයි, බූරටයි හොඳට කල්පනා කරලා උත්තර ලියන්ට ඕනි.:)

      Delete
    2. පොඩ්ඩිටත් මාර ඒවා අහුවෙන්නේ....

      මුහුදු කොල්ලකාරයා කියලා තියෙන කතාවට මාත් එකඟයි.... ඩොයිල් වගේම තවත් ගොඩක් ඒ කාලයේ ජනප්‍රිය කතුවරුන් මේ කාතව යොදා ගත්තා ඔවුන් ගේ කතා වලට... හර්ජි එයින් එකකෙනෙක් මට මතක විදියට.. ටින් ටින් කාටූන් එකෙත් මේ කතාව තියෙනවා...

      තවත් මතයක් තියෙනවා... මේ සොහොන් ගැබ් තුල යුරේනියම් වගේ විකිරණශීලී ද්‍රව්‍ය තැම්පත් කලාය කියලා... ඇත්තටම පුරාණ ඊජිප්තු ජනප්‍රවාද වලට අනුව පාරාවන්ට තිබුණාය කියන යම් යම් බලයවල් ලබාගන්න මේ වගේ නවීන විද්‍යාවට ඒ කාලේ ආගන්තුක ( මැජික් වගේ ) දේවල් පාවිච්චි කළාය කියලා හිතන්න පුළුවන් ලු...

      කටහරි මතකද අර හොම්ස් කතා පෙලේ එන “අත්භූත සොහොන“ කතාව...(මට මතක විදියට නම ඒකයි..) අන්න ඒකේ හෝම්ස් මේක ගැන හොද පැහැදිලි කිරීමක් කරනවා... (හැබැයි මට හිතෙන්නේ මේ කතාව ඩොයිල් ලියපු එකක් නෙවෙයි... ඊට පස්සේ ඩොයිල්ගේ නමින් කතා ලිව්ව වෙන කෙනෙක් කියලා මට හිතෙනවා..)

      කොහොම උනත් මේක හරිම හිත් ඇදගන්නා සුළු කතාවක්.... මේ කතාව අනුසාරයෙන් චිත්‍රපටි, කතා කොච්චර හැදෙන්න ඇද්ද...? අදටත් විද්‍යාඥයෝ මේ අබිරහස විසදන්න හදනවා කියලා තමයි කියන්නේ......

      Delete
    3. ඊජිප්තු කතා වලින් මම නම් ආසම රයිඩර් හැගාර්ඩ් ගේ 'උදා තරුව' ට (Morning Star)...
      මේ අවසානය මට කවදාවත් අමතක වෙන්නේ නෑ :) :
      'So in the dim, forgotten years, their joy fell on Rames and on Tua, Morning-Star of Amen, which still with them remains in the new immortal kingdom that they have won long and long ago.'

      Delete
    4. ටිං ටිං ලයි ප්‍රොෆෙස කැල්කියුලස් ඇතුලු පිරිසයි ගියා නේද ඔය සොහොනට!

      Delete
    5. @මුහුදු,

      කානවන් ආදිපාදවරයාගේ ආරක්ෂක භටයෙක් විදියට සේවය කරපු රිචඩ් ඇඩම්සන්, මේ ශාපයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා පැය 24ක් යන්ට කලින් ඔහුගේ බිරිඳ මියයනවා. නැවත කතා කරපු අවස්තාවක ඔහුගේ පුතා ගුවන් යානා අනතුරකට පත්වෙනවා. ටෙලිවිෂනයේ මීට විරුද්ධව අදහස් ඉදිරිපත් කර නිවසට යද්දී, ටැක්සියෙන් එලියට විසිවී ආරෝග්‍යශාලා ගතවෙලා ප්‍රතිකාර ලබනවා.

      ඊලඟට ඔහු පවසන්නේ, 'මේ වෙනකල්ම මගේ පවුලට සිදුවූ දේවල් මේ ශාපය නිසා සිදුවූ බව මා විශ්වාස කලේ නෑ. ඒත් දැන් නම් මට ඒ ගැන සහතික නෑ.' කියායි.

      මේ සිදුවූ දේවල් පිලිබඳ මොනවද කියන්ට තියෙන්නේ?

      Bizarre???

      Delete
    6. @හිරු,

      අපේ අම්මා පොත් ගුල්ලියක්. එයා ලඟ තියන වික්ටෝරියා හෝල්ට්ගේ the curse of the king කියන පොත බලලා තමයි මම මේ කතාවලට පිස්සු වැටුනේ. ලඟදි ඒ පොත ආයෙම දැක්කායින් ඇති උනු මතකය හන්දයි ලියන්ට හිතුනේ. කෙතරම් අතීතයට එකතු උනත්, මේ කතාව නම් පරණ වෙන්නේ නෑ.

      මට මතකයි පොඩි දවස්වල වැඩිය නොතේරෙන කාලේ ඒ පොත පරිවර්තනය කරන්ට දරපු උත්සාහය. කතාවේ එන එක් අයකුගේ හිනාව මම සටහන් කලේ 'කැලෑ හිනාව' කියලයි. ඔහු හිනා වෙනවා වෙනුවට ගර්ජනා කලා කියලත් ලීවා වගේ මතකයි.

      අවාසනාවකට වගේ ඒ සටහන් කොහේදැයි හොයාගන්ට නෑ.:)

      Delete
    7. @අමා,

      මාත් කැමතිම කතාවක්!!!

      Delete
    8. මේ ශාපයෙන් (කතාවෙන්) මියගිය නැති එකම එක පුද්ගලයා ගැන දන්නවද? ඒ Howard Carter. ඔහු කානවන් සාමි ගේ කැණීම් භාරව කටයුතු කළා වගේම සොහොනට පිවිසුණු මුල්ම 12 දෙනාගෙන් කෙනෙක්. ඒත් ඔහු වයස 64 යනතෙක් යහතින් ජීවත් වී 1934 දී ලන්ඩනයේ කෙන්සින්ටන් වලදී මිය යනවා.

      Delete
    9. @පොඩ්ඩි

      ලෝකෙ සමහර සිද්ධි උනාට පස්සෙ ඒ වටා කතා ගොතන්න, ඒ සිද්ධියත් අවට සිද්ධ වෙන දේත් අතර සම්බන්ධකම් ඇති කරන්න පුළුවන්. අමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු වෙලාවෙ 9/11 කියන ඉලක්කම් අල්ලාගෙන කොච්චර සම්බන්ධකම් හැදුවද? ඔය පිරමිඩ අල්ලගෙනත් ඔය වගේ අද්භූත කතා කියන්න කට්ටිය ආසයි.අර පහල කමෙන්ට් එකක මම දැක්ක Ancient Aliens සීරිස් එක ගැන තියෙනව. ඕව්වයේ පෙන්නන සමහර පුරාවස්තු ඒ වැඩසටහන් වල ඉන්න 'විද්වත්තු' ම ගෙදර හදපු එව්ව කියල පස්සෙ එළිවෙලා තියෙනව. හැමදේම මාකට් වෙන සමාජයේ මේ දියුණු ශිෂ්ඨාචාරයන් පිටසක්වලින් ආවය හෝ එහෙමත් නැත්තන් ඒවයෙන් පැවතෙන අද්භූත බලයන් තාමත් පවතිනවය කියල කියන එක ඒ ගැන ලියවෙන් පොත් විකුණගන්න, Stargate වගේ TV සීරිස් විකුණගන්න හොඳ ක්‍රමයක්. මම ඔව්ව නෑ කියනව නෙමේ. නමුත් මේ දේවල් එහෙමය කියල පිළිගන්න තරං සාක්කි නෑ වගේම ඔය මත ඕනවට වඩා පුම්බල කියල මට හිතෙන්නෙ. උදාහරනෙකට ගන්නකෝ පිරමිඩ. ගොඩක් දෙනෙක් කියනව ඔව්ව පිටසක්වලින් ආපු ජීවින් ගේ උදව් ඇතුව නිර්මාණය කරපු බව. නමුත් එහෙම උනා නං අපි ඒ ශිෂ්ඨාචාරයේ තාක්ෂණික දියුණුවේ එක්වරම ඇතිවෙන නැගීමක් දකින්න ඕන. හරියට දුන්නයි ඊතලෙනුයි විදපු මිනිස්සු එක පාරට ඌශි sub machine guns වලින් වෙඩි තියන්න ගන්නව වගේ.

      තාක්ෂනය, ඒ ශිෂ්ඨාචාරය ඇතුලෙම දියුණු වෙච්ච දෙයක් නං අපි ඒකෙ ක්‍රමානු කූල නැගීමක් දකිනව. උදාහරනෙකට ඔය පිරමිඩ වල පාදම තියෙන්නෙ ලොකු වංකගිරියක්. පුරාණ මිසරේ අගනගරය තිබ්බ තැන අදත් බලන්න පුළුවන් නටබුන් තියෙනව ඔය වගේ පාදම් හදපු ඒවයෙ. එව්ව පිරමිඩ වලට වඩා පරණයි. ඊට ටිකක් එහායින් තියෙනව ඒ වගේම පාදම් හැබැයි මෙව්වයේ බිත්ති උසයි. ඒවා අර කලින් පාදම් වලට වඩා අලුත් නමුත් පිරමිඩ වලට වඩා පරණයි. ඊළඟට ඔය පිරමිඩ තුන කිට්ටුව තියෙනව bent pyramid කියල හදන්න ගිහින් වැරදිලා බාගෙට නැවතිච්ච පිරමිඩයක්. එව්වයෙන් තේරෙන්නෙ ඔවුන් පරම්පරා ගණනක් තිස්සෙ මේ පිරමිඩ තාක්ෂණය දියුණු කරමින් ආපු බව මිසක් එක පාරට එය පිටින් ආපු බව නෙවේ. ඉතින් ඒ වගේ, අපිට ඇත්ත කියල විස්වාස කරන්න ඕන දේ අද්භූත, ත්‍රාසජනක, ලොමු දැහැගැන්වෙන සුළු වෙන්න පුළුවන්. නමුත් ඒ අපි දකින්න කැමති දේ මිසක් සත්‍යම නොවෙන්න පුළුවන්. සත්‍ය ඊට වඩා බොහොම ඇල් මැරුණු, සරල කරුණු මත පදනම් වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්.

      මමත් මේ කතා වලට බොහොම ආසයි. මොකද පොඩි කාලෙ රෑ නිදි මරාගෙන කියවපු ත්‍රාසජනක, වීර කතා වල රසය මේව්වයෙත් තියෙන නිසා. වෙලාවක් ලැබුනොත් අර මට මතක් වෙච්ච කතාවත් කියල දාන්නං.

      Delete
    10. හරියට හරි මචං.. මේවත් අර බර්මියුඩා ත්‍රිකෝණය වගේ.. අද්භූත කතා අහන්නට මිනිසුන් තුළ තියෙන සහජ ආසාව දඩමීමා කරන් තව පත්තර කීපයක්, පොත් ටිකක්, TV සීරිස් එකක් විකුණගන්න ගහන දහංගැට.. :)

      Delete
    11. @බුරා

      ඒ විතරක් නෙවේ බන්. " අනේ මේ බලන්න ගෑනු දුක් විඳින තරම, පිරිමි මොනවද දන්නෙ ", වගේ දහන් ගැට ගහන්නත් සමහර බ්ලොග් වල ඔය කතා යොදා ගන්නවලු! :D :D :D

      Delete
    12. @මුහුදු,

      අපි දන්නේ නැති දේවල් ගැන ඕන තරම් කාරණා අපිට හදන්ට පුලුවනි. මෙතනදිත් එහෙමයි. ඔයා ඔයාට හිතෙන හැටියට කියනවා. මම මට හිතෙන හැටියට කියනවා. කවුරුත් වැරදි නෑ . ඔයා පිලිගන්න කරණු, මත ඔයා විශ්වාස කරනවා වගේම මම පිලිගන්න මත මම විශ්වාස කරනවා.

      ජීවිතේ හැමදේම තර්කානූකූලව විසඳන්ට බෑ වගේම ප්ලෑන් ගහලා කරන්ටත් බෑ. සමහර දේවල් සිදුවෙන්නේ අපි නොදැනී, අපි නොහිතපු වෙලාවල. ඔයාගේ ජීවිතේ ඒ වගේ දේවල් සිද්ධ වෙලා නැද්ද?

      නොදුටු පලියට නෑ කියලවත්, දුටු පලියට තියනවා කියන එකත් මෝඩ වැඩක්.

      ඔයාගේ දිග කමෙන්ට් එක හරිම අගෙයි.
      Thanks matey! :)

      Delete
    13. @බූරා,

      හා හා මෙයා නම් ඒවට ආසාවක් නැතුව ඇති නේද?:)

      Delete
  2. The problem is, Howard Carter, the main archeologist behind this expedition did not suffer any of these. He lived to an old age and died peacefully in his home. How come.!? :-)

    ReplyDelete
    Replies
    1. මුං කියන ඒවා විස්වාස කරන්නෙපා.. එහෙම කේස් එකක් තියෙනවා... හැබැයි දැන් ඔයා මේක ලිව්ව නිසා ඔයාටත් මේ සාපේ වදිනවා... උන් එන්නේ රෑට... කරදරයක් කරන්නේ නෑ... නිදාගන්නකල් ඉඳලා ඇඳ ගාවට වෙලා හිටගෙන බලන් ඉන්නවා... ඇස් අරිනකොටම අතුරුදහන් වෙනවා... ආයේ ඇස් වහගනිද්දි තමයි ආයේ පෙනී හිටින්නේ... ඒක හින්දා උන්ව පේන්නෑ... කරුවලේ නිදනවානං ළඟටම එනවා... ඔහොම මෙහෙම... නයිට් ලෑම්ප් එහෙම තියෙනවනං කාමරේ තියෙන අරවට මේවාට මුවා වෙලා ඉන්නේ... ඒත් පෙන්න එන්නේ ඇස් වහද්දි විතරයි...

      ආ අනිත් එක සොෆ්ට් ටොයිස් වලට එහෙම උන් ආවේස වෙනවා... අද රෑට නිදාගන්න යද්දි සොෆ්ට් ටෝයි එකක් අතට අරන් උගේ ඇස් දෙක දිහා බලන්නකෝ... හරියට පණ නෑ වගේ ඉන්නේ... හැබැයි පණ තියෙනවා... නින්ද යනකල් උන් පණ නෑ වගේ ඉන්නේ...

      Delete
    2. හපොයි බීට්ල් බය කරන්ට එපා අප්පා...අද මට මගේ ටෙඩියා තුරුල් කරන් නිදන්ට වෙන්නේ නෑ. :D

      Delete
    3. ෂික් වලහා තුරුලු කරන්ද නිදාගන්නෙ ?? එතකොට අර ගෙම්බා???

      Delete
    4. මේ මේ ඔයා දන්න හරිය තමයි ඉතින්.
      එතකොට කි-ඔස්ක් පාරාවන්ගේ සොහොන හොයාගත්තු ආචාර්ය සාකොෆගස් ට වෙච්චි දේ පැහැදිලි කරන්ට බලන්න එහෙනම්. හඃ

      Delete
    5. පොඩ්ඩී,
      ‍බීටල්ගේ කියමනට මමත් එකඟ වෙමි. ඒ ගැන අසා ඇත්තෙමි. අද්දැකීම් ලද්දන් ඒගැන කියු දෑ කියවා ඇත්තෙමි. ටුටන් කාමන් ගැන කියන්නට පෙලඹුනු සියල්ලන්ට ඒ අද්දැකීම අදටත් ලැබෙන බව ඔබද දන්නවා ඇතැයි සිතමි. ඒ අනුව ඔබට ද ඒ අද්දැකීමෙන් වැලකෙනු නොහැකි වනු ඇත. ඔබ විශ්වාස නොකරන්නේ නම් ඔබටම එය අත්හදා බැලිය හැකිය.

      ඒ මේ ආකාරයෙන්,

      රාත්‍රී දොලහේ කනිසමට අවදිවී ඔබ නිදාසිටින කොට්ටෙට දකුණු කණ තදකොට අසාගෙන සිටින්න. එවිට ටුටන් කාමන්ගේ නින්දට බාධා කොට ශාප ලද්දන් නිරයේ සිට සදාකාලික වේදනාවෙන් මොරදෙන ඒ බියකරු හඬ ඔබට ද ඇසෙනු ඇත. ඈතින් මෙන් ඇසෙන ඒ දෝංකාරයෙන් ඔබගේ හදවත මොහොතක් නවතනු ඇත.

      Delete
    6. @බූරා,

      එයා බේරුවේ දිගු කාලීනව හිතින් දුක් විඳින්ටලු. ඉක්මනින් මරලා නැත්තේ ඒ හන්දයි.....:)


      Marie Corelli, a popular novelist at the time, expressed her thoughts in a letter published in New York and London newspapers. In part, her letter read:

      "I cannot but think some risks are run by breaking into the last rest of a king in Egypt whose tomb is specially and solemnly guarded, and robbing him of his possessions. According to a rare book I possess . . . entitled The Egyptian History of the Pyramids [an ancient Arabic text], the most dire punishment follows any rash intruder into a sealed tomb....":)

      Delete
    7. @බුද්ධි,

      අද නිදන්නේ අත්තම්මා ලඟ. එයාට පුලුවන් ඕනි හොල්මනක් ආපහු එවපු එක්කෙනා ලඟට අරින්ට. ඔන්න අද රෑට අර බීටලේට පරිස්සම් වෙන්ට වෙයි. ඔයාත් මොන කණ වහගත්තත්, අර සද්ද ඔක්කොම අද රෑට ඇහෙයි...හී හී...හොඳ වැඩේ...

      Delete
    8. @තරු,

      ගෙම්බෝ වගේද මගේ සෙල්ලම් වලහා. එයා මා එක්ක කවදාවත් තරහාවෙන්නේ නෑ. රන්ඩු කරන්නේ නෑ. හැම තිස්සෙම මා දිහා විතරක් බලාගෙන ඉන්නවා. වෙන ගෑනු ලමයි දිහා බලන්නේ නෑ. මට තුරුල් වෙලා නිදනවා. හරි හොඳයි. හපොයි එයා නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද? :D

      Delete
    9. @අමා,

      දාන්ට දහයක් අමා....:D

      Delete
    10. දුක් විඳීම කෙසේ වෙතත් එයා බොහොම සනීපදායක සැපදායක දිවියක් ගෙවලා, බොහොම ස්වභාවික විදියටයි මියගියේ.. :P

      Howard Carter -Later work and death

      Delete
    11. මාත් ලෑස්ති වුණේ හෝවාර්ඩ් කාටර් ගැන කියන්න තමා. මම හිතන්නේ ඊජිතුවේ නුපුරුදු දේශගුණික තත්වයක් එක හේතුවක් වෙන්න ඇති යුරෝපීයන් එහෙම හදිසියේ මියයන්න.

      Delete
  3. පැරණි රජවරුන් ගැන කතා සමරවිට මිත්‍යාමත වලින් පිරිලා වෙන්න පුලුවන් ඒත් මම හරිම ආසයි ඒ ගුප්ත කතා වලට . ඒ උනාට ඔය මමී බලන්න නම් හරිම බයයි. ඊජීප්තුවත් ඇවිදින්න ආස හිතෙන රටක්.

    නීතාගේ සොහොයුරා තදබල ලෙස අසනීපයෙන් පසුවෙන නිසා වලව්වට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට මේ දිනවල පැමිණීමට නොහැකි බව කණගාටුවෙන් දන්වා ඇත.

    ReplyDelete
    Replies
    1. ආරංචිය ලැබුනා. ගොඩක් කණගාටුයි. නීතාගේ අය්යාට ඉකමනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අංශු...එයා මෙහේ එන්ට හිටියේ ...ඒකට මොනවා වෙයිද දන්නේ නෑ නේද? :(

      Delete
    2. ඔයා ඉන්න දිහා යන්න ඔක්කොම ලෑස්තියි කියලත් කිව්වා. ඒත් අයියට ටිකක් හොඳ වෙනතුරු එයා මොනාවත්ම කරන එකක් නැහැ පොඩ්ඩි අක්කා :(

      Delete
  4. මේ කතාව දැනගෙන උන්නත්. අන්තීමට නගපු ප්‍රශ්නය මටත් තියෙනවා. මොකෝ මටත් එවන් අත්දැකීම් දෙක තුනක් තියෙන නිසා. උත්තර නැති ප්‍රශ්ණ කොච්චර නම් තියෙනවද නේ... ඕකේ සාපය කෙසේ වෙතත් නිධන් වස්තු ගන්නා අයට මේ වගේ දේට මුහුණ පාන්න සිඳු වෙනවා කියන දේ මුළු ළොකේම තියෙන දෙයක්. ඒ උනාට අපේ රටේ නම් ඒ වගේ උන්ට රාජ සැප. නිධන් වල තියෙන ඒවා විතරක් නෙමෙයි. කටු ගේ තියෙන ඒවත් උස්සනවා. කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම් එකක්, දෙකක් කියන්ටකෝ මාතලන් අපිට කියවන්ටත් එක්ක. ඔව් ලංකාවේ ඔය නිදන් රකින නාගයෝ ඉන්නවා කියලා කියන්නේ. දැන් කාලේ නිදන් නැතුව ඇති ඒකයි කාටත් සාප වදින්නේ නැත්තේ...:)

      Delete
  5. Chathu Vishwajith5 September 2012 22:52

    පොඩ්ඩි ඔයා නම් මාරයි පොඩ්ඩි.මං ආසම තැනක් තමා ඊජිප්තුව.තුතන්කාමන් ගැන මං පොඩි කාලේදී කියෙව්වේ.ඔයා බලන කෝණයට මං කැමති.අපිත් එතන සිටියා වගේ තේරෙන්නේ.රයිඩර් හැගාඩ් ගේ අතීතයට ගිය ඇලන් (දයාවංශ ජයකොඩි) Ancient Alen English නම කියවලා තියෙනවද?
    මේ ගැන තව විස්තර ගොඩක් තියෙනවා
    අද කලේ අපිට කරන්න බැරි දේවල් අතීතයේ අය කරලා තියෙනවා නම් අද අපේ අය කියන්නේ එකට තාක්ෂණය ඒකාලේ කොහෙද පිටසක්වලින් තමා ඕව කරේ කියලා
    අනේ මන්ද පොඩ්ඩි.පුළුවන් වුණු දවසක මාත් ඊජිප්තුවට යනවා.

    ReplyDelete
    Replies
    1. චතූ ලස්සන කමෙන්ට් එකක් දාලා තියෙන්නේ.:) ගොඩක් ස්තූතියි.

      ඔය කතාව මම බලලා නෑ. මමත් ඇත්තටම තාම ගිය නැති තැනක් තමා ඊජිප්තුව. මගේ ලිස්ට් එකේ උඩින්ම තියන රටක්. හොඳ නිවාඩුවක් අල්ලලා ඔය කතා ඇත්තද කියලා හොයාගන්ටත් බලනවා...:)

      ඒ වගේම ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වෙන්ට කියලත් හිතනවා....

      Delete
    2. මේ කියන්නේ ඇලන් ක්වාටර්මේන් ගැන නේද.. :)

      Delete
    3. Chathu Vishwajith6 September 2012 08:24

      හුම්.. ඇලන් ක්වාටර්මේන් ගේ කතා ගොඩක් තියෙනවා හැගාඩ් ලියපු එයින් ඊජිප්තුව ගැන ලියවුනු පොතක්.සර් හෙන්රි රයිඩර් හැගාඩ් අප්‍රිකාවට වගේම ඊජිප්තුවට පෙම් බැදී කෙනෙක්.ඊජිප්තු ජාතිකයක් ඒකාලේ විස්වාස කරපු 'කා' කියන ආත්මයේ දෙබිඩි ස්වරුපය ගැනත් පොතක් ලියලා තියෙනවා.

      අගතා ක්‍රිස්ටිත් නයිල් නදියේ සංචාරයකට ඇවිත් තමා පයිරට්ගේ ප්‍රසිද්ද රහස් පරීක්ෂක පොතක් වුනු Death on Nile පොත ලිය වුනේ. චන්දන මෙන්ඩිස් ඊජිප්තුව ගැන එයා ලියපු පොතක සදහන් කරනවා.

      Delete
  6. හොඳ ලස්සන ලිපියක්... මේ ඔයා කොහෙ හරි මේ ඔක්කොම ටික බලාගෙන හිටියද කියන්න....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය සිද්ධි දෙකම බලා හිටියා ගිය ආත්මවල...හී හී....

      Delete
  7. ඊජිප්තු සොහොන් ගැන කියද්දී පොඩි ගුප්ත හැඟීමක් එනවා තමයි. අනේ මන්දා .මමී ලා නම් නිතරම ඔය ස්කුබිගෙයි shagi ගෙයි පස්සෙන් එලවන්නේ . චිත්‍රපටිත් කොපමණ නම් හැදුනද . අපි ඉතියෝපියාවේ වැඩට ගියා නම් නයිල් ගඟ දිගේ ඊජිප්තුවට යන්න තිබුන . මටත් ආසයි ඔය ඊජිප්තුව තුර්කිය වගේ රටවල ඇවිදලා එන්න . ලස්සන පොස්ට් එක පොඩි ..ආයේ එන්නම්කෝ හෙට ඔයා බය වුන හැටි අහන්න

    ReplyDelete
    Replies
    1. මට තියනවා සොහොන් ගැන පොඩි පිස්සුවක්. කොහේ හරි ගියාම ඔය පරණ සොහොන්වල තියන ඒවා කියවන්ට මම ආසයි.:)

      මාත් යනවා නයිල් ගඟ දිගේ කවද හරි අර ක්ලියෝපැට්‍රා ගියා වගේ...:D

      Delete
    2. පොඩිඩි මට සූර පප්පා මතක් කලා..

      විදර්ශන එකේ පොතක් තියෙනවා ගංතෙරේ දි හමු වූ අවතාරේ කියලා පොතක්.. දැං මං පෙරලං හෙව්වා පොත ඒකේ ඉංග්‍රීසි නම හොයන්න.. හම්බුනේ නෑ... ඕක ළමා කතාවක් කියලා තමා තියෙන්නේ.. පොඩි උන් දෙන්නෙක්ට සොහොන් කොතක තියලා අමුතු වැකියක් අහුවෙනවා... ඕක පස්සේ හොයාගෙන යන එකක් තාමා.. කතාව පොඩියි.. හැබැයි ලස්සනයි...

      පොඩිඩි සොහොන් කොත් කියවන්න ආසයි කිව්ව හින්දයි කිව්‌වේ....

      Delete
    3. ඔන්න අහුවුනා මට තියෙන පිස්සුවම තියෙන එක්කෙනෙක්.... මමත් හරිම ආසයි සොහොන් කොත්වල ලියලා තියෙන ඒවා කියවන්න.... කනත්තකට ගියාම පොඩ්ඩක් ඇවිදලා බලනවා.... බොහොම කලාතුරකින් තමයි නිදහසේ වැඩේ කරගෙන යන්න ලැබෙන්නෙ, කාගෙන් හරි බැණුම් අහන්නෙ නැතිව.....

      Delete
    4. ම්ම්ම් සොහොන් කතා වලට ආසද ඔයාල?
      'බස්තියන්ගේ සොහොන' හෙම කියවල නැද්ද?!!!

      Delete
    5. 8 වසරෙදි විතර කියෙව්වා..... හැබැයි දැන් නම් මතක නම විතරයි.... අර ස්කෝලෙ යන කොල්ලෝ ටිකක් ඉන්න කතාව නේද...?

      Delete
    6. Chathu Vishwajith6 September 2012 08:30

      බස්තියන්ගේ සොහොන ෆොන්සේකා මහත්තයාගේ පොතක්නෙ.ලස්සන පොඩි කතාවක්.රහස්පරීක්ෂක උණ තිබුන කාලේ කියුව්වා.එකේ මුල් කතාව තමා ගිම්හානයේ වික්‍රමයක්

      Delete
    7. හා හා පොඩ්ඩි ක්ලියෝ පැට්ට්‍රා ගිය පාරෙනම් යන්න එපා... :D

      Delete
    8. @හිරු,

      හොයාගෙන කියවන්ට ඕනි පොතක් වගේ...:)

      Delete
    9. @චතූ,

      ස්තූතියි චතූ.

      Delete
    10. @සුමිත්,

      ඒ පාරෙම තමා යන්ට කල්පනාව. මේ දවස්වල පලස් හොයන්වා හී හී....

      Delete
  8. කුහුල....ඔක මධ්‍යම ප්‍රමානයේ මාත්‍රාවකින් ගත යුතුයි නැතිනම් වෙන්නේ විපතකි. බලා සැනසෙන් නැතුවා ඔබා බලන්ට ගිහින් දිවි තොර කරගතවුන්ගේ කතා වස්තුව

    ReplyDelete
    Replies
    1. 'Curiosity killed the cat' කීවලුනේ...ඒත් මම නම් උත්පත්තියෙන්ම තද කුතුහලය කියන එක එක්ක ඉපදුනු කෙනෙක්. ඒක ඉතින් තදබල ලෙඩක් තමයි. මොනා කරන්ටද? :)

      Delete
  9. පරාවෝ වරු හා පිරමීඩ.
    පොඩි කාලේ සිටම මට මේ ගැන ඇසුවාම ඇතිවුනේ මහා උදාසීන හැඟීමක්. කොහොමත් ඊජිප්තු ඉතිහාසයට මං වැඩැ කැමැත්තක් දැක්වූයේ නෑ.
    ඇත්තද ඔය පිරමිඩ හදලා තියෙන්නේ පිටසක්වල තාක්‍ෂණයෙන් කියන්නේ. මට මේ ළඟදි පොඩි ළමයෙක් ඔය කතාව කීවේ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන අහපුවාම උදාසීන හැඟීමක් එන කෙනෙක් මේ ඇහුවමයි.:)

      ඔය කියන විදියේ කතාවකුත් තියනවා ප්‍රියන්ත. වැඩිය කියන්ට ගියේ නෑ මේ කතාවම සංකීර්ණ එකක් හන්දා...

      Delete
    2. දැන් ඉතිං පැන පැන දෙනවා කියලා හිතයි ද දන් නෑ.. හි හි.. කමක් නෑ.... ඔන්න කියනවා....

      මේක මම නං ආසම මාතෘකාවක්...
      පිරමීඩ හදලා තියෙන්නේ පිටසක්වල තාක්ෂණයෙන් කියන එක ඉස්සර ඉදලම තිබුණ මතයක්.. නැත්තමි කොහොමද ඔය අලි ගල් සෙට් තරන්නේ කියලා හිතෙන හින්දා වෙන්නැති...

      දැනට අවුරුදු 4කට විතර කලින් පටන් ගත්ත Ancient Aliens Theories කියන History නාලිකාවේ ගිය වැඩසටහනින් මේ ගැන වැඩි විස්තර කතා කරන්න පටන් ගත්තා.... ඔවුන්ට අනුව පිරමීඩ, ගීසා වල මහා පිරමීඩය බලශක්ති බලාගාරයක් විදියට නිර්මණය කරලා තියෙන්නේ කියලා නව මතයක් ඉදිරිපත් උනා.... ඒ වගේම අනුනාටන් හෝ අකනේටන් (මේ නම් වල වෙනස්කම් තියෙන්න පුළුවන්....) කියන පාරාවෝ රජතුමා කෙලින්ම පිටසක්වල ජීවියෙක් හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් බවට සාධක ඔවුන් ඉදිරිපත් කලා... ඒ රජුගේ මමියේ පරීක්ෂන වලින් සහ ඒ රජුගේ කාලයේ ශිෂ්ටාචාරයේ සිදුවුන වෙනස්කම් ඒ මතයට පාදක වෙලා තිබුනේ... කොහොම උනත් මේවා ඔක්කෝම තියරීස් විතරයි....

      ප්‍රියන්තට පුළුවන් නම් මේ සීරීස් එක හොයගෙන බලන්න.. සමහරවිට ඔයාගේ උදාසීන කම නැතිවෙලා කැමැත්තක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා... හි හි...

      Delete
    3. ප්‍රධාන පිරමිඩ තුන හදල තියෙන්නේ ඔරයන්ගේ බෙල්ට් එකේ තරු තුන අතර ආනතියට සමාන වලු.
      ඒ සමාන කෝණ තියෙනවලු අනුරාධපුරේ ප්‍රධාන චෛත්‍ය තුන අතරේ... (මොන ස්තුප ද කියල නම් මතක නැහැ)
      ඉන්දුනීසියවෙත් එහෙම මොකද්ද සීන් එකක් තියෙනවලු - බොරෝබුදුර් වලද කොහෙද...

      මේකේ අගමුල නම් බ්ලොග් ලෝකේ දන්නේ අපේ රවී අයිය විතරයි ඕන්...උන්දැ අර ලියන දඩයක්කාරයා ඇවිත් තීන්නෙත් ඔරායන් ඉඳල නෙව..!!

      Delete
    4. ප්‍රියන්තට බලන්න ඕන නම් මෙන්න තියෙනවා සීරීස් එක...

      1. Ancient Aliens 1
      2. Ancient Aliens 2
      3. Ancient Aliens 3
      4. Ancient Aliens 4

      Delete
    5. අම්මේ බුරාට පිංසිද්ධ වෙච්චාවේ... මං බැලුවේ 1 විතරයි තාම....

      මෙට්රෝ....
      රැවන්වැලිසෑය, ඡේතවනාරාමය සහ අභයගිරිය...

      Delete
    6. තෑන්ක්ස් බුරා...

      Delete
    7. මේ අමා, නිකන් පච හලන්නෙ නැතුව ගිහින් අර කතාව ලියනවද? අර දෙන්න තාම මූදෙ ද? ඉන්න දිහාවක් කිව්වොත් මම කුදලගෙන ගෙනත් ඇලෙක්සැන්ද්‍රියාවට අත අරින්නං! :D :D

      Delete
    8. @අමා,

      මෙච්චර කියන එකේ ඔය කතාව ඉක්මන්ට ලියලා දාන්ටකෝ. අර පහල රවියත් කියලා තියෙන්නේ.

      මතක ඇතුව'action-packed' එකක් දාන්ට.:D

      Delete
  10. මම ගොඩක්ම කැමති ක්ලියෝපැට්‍රා ගැන කතා කියවන්න . පුලුවන්නම් ඒ ගැනත් ලියන්න .

    ReplyDelete
    Replies
    1. ඔයා කියනවා නම් ඉතින් මම ලියන්නම්.:D

      Delete
    2. ඔයා හදන්නේ මං මේ බ්ලොග් එක කියවන එන නවත්වන්නද....:)

      Delete
    3. හී හී ඇයි ඔයා ක්ලියෝපැට්‍රාට කැමති නැද්ද? අනේ පව් අප්පා එයා....:D

      Delete
    4. ඊජිප්තු ඉතිහාසය කියවන්න මං ආස නෑ. පුදුම කම්මැලි කමක් දැනෙන්නේ ඒවා කියවද්දි.

      Delete
    5. හිම්හානී මොකද දැන් වැඩිය පෙනෙන්න නැත්තේ.

      Delete
    6. රැකියාවේ වෙනසක් ඇති උන නිසා වෙනදට වඩා කාර්ය බහුල උනා . ඒ නිසයි බ්ලොග් අතර වැඩිය පේන්න නැත්තෙ . බොහොම ස්තූතියි ඔබට .

      Delete
  11. 1. ඔහු: තුතන්කාමන් (ඇයගේ පියා, අකෙනේතන් රජු සහ ඔහුගේම, සොහොයුරියකගෙන් ලද පුත්‍රයා)...ලෝක ප්‍රසිද්ධ 'ලදරු රජ'

    2. ඔහු ඉතා අහිංසක පුද්ගලයෙක්. රජෙකු වුවත් දුක් විඳි තැනැත්තෙක්. කුඩා කල සිට නිතර හටගත් උණකින් පෙලුනු අයෙක්. විකෘති පාදයකින් පීඩාවට පත් වූවෙක්.

    QED - Quod Erat Demonstrandum

    ReplyDelete
    Replies
    1. what was required to be proved?

      ඒ දෙන්නා එකම පියාගේ ලමයින්බව. මේ නිස්ස් ඇති උනු ජාන ප්‍රශ්නයක් හන්දා ඔහු දුර්වල පුද්ගලයකු උනු බව.

      Delete
    2. Q.E.D. is an initialism of the Latin phrase quod erat demonstrandum, which translates as "which was to be demonstrated". The phrase is traditionally placed in its abbreviated form at the end of a mathematical proof or philosophical argument when what was specified in the enunciation — and in the setting-out — has been exactly restated as the conclusion of the demonstration.[1] The abbreviation thus signals the completion of the proof.

      http://en.wikipedia.org/wiki/Q.E.D.

      Quite Easily Done!

      Delete
  12. ආසාවෙන් කියෙව්වා. මගේ ආසම සබ්ජෙක්ට් එකක් ගැන තමයි ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරළේ මහත්තයා. අපේ තරු අය්යත් ලඟදි කෝරළේක වැඩ බලන්ට පටන් ගත්තා. මොන කෝරළේද නම් දන්නේ නෑ.:D

      Delete
    2. දෙන්නටම එක ලඟදි සුදු ඒජන්තගෙන් ඇපොයින්මන්ට් හම්බවුනේ ...හික් හික්z

      Delete
  13. හපොයි හරි භයානකයිනේ... පොඩ්ඩි එහෙම යනවා නෙමේ ඔන්න ඔය පැත්තේ එහෙම..හරිය .

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට නම් ඒ පැත්තේ යන්ටම ඕනි....:D

      Delete
  14. කථාව පටන් ගනිද්දිම හිතුනා තුතන්කාමන් රජතුමා මේක ඇතුලෙ ඇති කියලා... ඔය ශාපය පිළිබද මමත් කියවලා තියෙනවා... සොහොන් ගැඹ ඇතුලෙ තිබුන යම් වායුවක් ආශ්වාස උනාද කියලත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් තියනවා. අර ඉලඟ ආත්මෙට කියලා තිබ්බ කෑම බීම ජාති නරක්වීමෙන් නොයෙකුත් අහිතකර දේවල් වෙන්ට පුලුවන් කියලා හොයාගෙන තියෙනවා.

      Delete
  15. පොඩ්ඩි ඇත්තටම මේ ඇය කියල කිපවිටකම සඳහන් කරන්නේ එකම කෙනෙක්ද . පොඩ්ඩක් අවුල් වගේ මට .

    ReplyDelete
    Replies
    1. මුල කතාවේ ඇය කියන්නේ එක්කෙනෙක්. අන්කෙසෙනාමුන්...තුතන්කාමන්ගේ අග මෙහෙසිය.

      දෙවෙනි කතාවේ ඇය කියන්නෙත් එක්කෙනෙකුට.කාර්නවන් ආදිපාදවරයාගේ බිරිඳ... වර්තමානයේ ඉන්න කෙනෙක්.

      කතාව අන්තිමේ එයාලා හඳුන්නලා දුන්නාම රසවත් කියලා හිතුනා. පැටලිලිද? :D

      Delete
  16. හම්බෝ ..... මේකට කමෙන්ට් කරලා සාපයක් වදීද මන්දා??

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ...මම හිතුවේ කෝරළේ මහත්තුරු කියන්නේ නිර්භීත උදවිය කියලා...:)

      අලුත් ෆොටෝ එක හරි හැන්ඩි පාටයි.:D

      Delete
    2. ආයෙ පාරක් කියවන්න ඕන හෙහ් හෙහ් හෙහ්... මොන බයක්ද?
      කොහොමද සැවුල ... පෝර දාලා ඕක වවාගත්තෙ හෙහ් හෙහ් හෙහ්..

      Delete
    3. හී හී...රැවුල මාර ලස්සනයි තමයි. ටිකක් විතර බයත් හිතෙනවා ඉතින්.

      Delete
    4. තරුවා දැන් නිකං 'වොච්මන් වඩිවේල්' වගේ.. :)

      Delete
    5. බුරා ඒ කවුද බන් ඒ...???

      Delete
    6. තෝ වරෙන්කො ඊලඟ සැරේ ලංකාවට , ෆොටෝ එකක් ගහලම කවුද ජෝකර් වගේ කියල පෙන්නන්න..හෙහ් හෙහ් හෙහ්...

      Delete
    7. නොවැරදීම ඒක වලව්වේ පබ්ලිෂ් කරමු තරු අය්යේ...:D

      Delete
  17. ඊජිප්තුවේ මේ කාලය පදනම් උන නවකතාවක් කියෙවුවා විල්බර් ස්මිත්ගේ.. නම මතක නැහැනේ..

    ReplyDelete
    Replies
    1. River God වෙන්නැති..

      Delete
    2. මට දෙතුන් පාරක් නින්ද ගිය පොතක් ඕක ..
      ශිහ්...විලබ්ර් ස්මිත් මට දිරවන්නේ නෑ... එයාගේ ෆැන්ටසි වැඩි...එයාගේ පොත් එක දිගට කියවන්න බෑනේ අනේ. එතකොට පැනිරහ වැඩි කිරි ටොපි ගොඩාක් එක දිගට කෑව වගේ ෆීලින් එකක් එනවා මට :(

      Delete
    3. බොට ඉතිං පැණි වෑහෙන පෙම් කතා මිසක් වෙන මුකුත් අල්ලන්නෙ නෑ නෙවැ.. හැබැයි ඕකෙත් තියෙනවා රාජකීය පෙම් කතාවක්.. :P

      Delete
    4. තියෙනවා තමා...හැබැයි මට ඔකේ නැගලම ගියේ අර රජ බිසව එයා බැඳපු පාරාවෝ මැරුණට පස්සෙත් දෙතුන් දොහක්ම එයයිගේ (අනියම්) හබීගෙන් ළමයි හදන එක. කොහොමද ඒ පාරවෝගේ අවතාරෙන් ලැබුණු පිළිසිඳ ගැනීම් කියල අර මැටි ඇමති මණ්ඩලේට බෝලේ බස්සන හැටි! හිනා කාලා මැරුන්නති ටික විතරයි ඕන් ඒ ටික කියවද්දී!!

      Delete
    5. අඩෝ, මේ මැට්ටොපොලිස්...උඹ එන්න එපා දන්නවද විල්බර් ගොයියට අනම් මනම් කියාගෙන...ඒ වගෙ දක්ෂයින්ට කෝචොක් දාන වෙලාවෙ කෝ..ලියාපං උඹේ අර හේවරාලගෙ කතන්තරේ....:) :)

      මොකටද උඹට හිනා ගියේ?...හෙහ්, හෙහ්, ඒ කාලෙ විතරක් නෙවෙයි බොල දැනුත් වෙනව ඔය වගෙ එව්ව...අන්න ඒක දැනගං....:)

      Delete
    6. \\මට දෙතුන් පාරක් නින්ද ගිය\\

      නෑ කියන්නකො කොහොමද එහෙම උනේ කියලා?

      Delete
    7. විල්බර් ස්මිත් හපෝයි....නින්ද ගිය එක අහන්ටත් දෙයක්ද?
      හිනා ගියා .... මට නම් ඒත් නෑ.:)))

      Delete
  18. ඔය පිරමිඩ් වල අපි නොදන්න ලොකු ශක්තියක් ගැබ් වෙලා තියෙනවා.
    එක වතාවක් පිරමිඩ් තාක්ශණය ගැන මම් පොතකත් දැක්කා.ඒකේ තිබ්බ විදිහට ත්‍රිකෝන හතරක් කපලා පිරමීඩයක් හදන්ඩ ඕනා. ආධාරකයේ දිග 160 යි ලම්භකයේ දිග 161යි ! (ආධාරකයේ දිග හා ලම්බකයේ දිග එකම ඒකකයෙන් විය යුතු ය.)

    එහෙම හදපු පිරමීඩයේ විකර්ණයක් උතුරු දකුණු රේඛාවට සමාන්තරව තියන්ඩ ඕනා.
    මම පිරමීඩ් එක හදලා කාලයක් බලන් හිටියා මාලිමාවක් හම්බ වෙනකන් මාලිමාවක් හම්බ උන් නෑ නෙව. ! හම්බ උනා නම් මම් මෙලහකටත් රජෙක් ! (දැනුත් වැඩි වෙනසක් නෑ...)

    තේ බොන වෙලාවකට තේ කෝප්පය අර පිරමිඩ් එකෙන් වහලා ටික වෙලාවක් තියන්ඩ ඕන. ඊට පස්සේ තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන තේ එක බීවහම ප්‍රාර්ථනාව ඉස්ට වෙනවා ලු.

    ඔන්න මතක ඇතුව පිරමිඩ් එකේ විකර්ණයක් උතුරු දකුණු රේඛාව ඔස්සේ වෙන විදිහට තේ කෝප්පය පිරමිඩ් එකෙන් වහන්ඩ !!!

    තව දෙයක් තමයි ඔය මිනුම් වලට හදපු, උතුරු දකුණු රේඛාවක් ඔස්සේ විකර්ණයක් හිටින විදිහට හදපු පිරමිඩ් එකක් ඇතුලේ නිදියෑවොත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙනවලු. !!!!

    අ.ලි. - පිරමිඩ් තාක්ෂණය බොරුයි කියලා හෑල්ලුවට රිප්ලයි දාන්ඩ එපා... හෙන ගහයි යෑ.. !!!! ආයේ නොකිව්වයි කියන්ඩ එපා හරි !!!

    ප.ලි - අ.ලි. කියන්නේ අන්තිමට ලියමි කියන එක !

    ReplyDelete
    Replies
    1. කට්ටියම දැනුවත් කරලා මේ ගැන පෝස්ට් එකක් දාන්ඩ ඕනා.

      Delete
    2. මම තේ බොන්නේ නෑ නේ මෙයා. කෝපි එකකට ඕක කරන්ට බැරිය?

      Delete
    3. ඔයා අමා නේද ?
      ආ... කමක් නෑ.. හැබැයි වැඩිය කෝපි කුඩු දාන්නේපා.. !

      Delete
    4. @මධු,

      මගේ ඔලුව තාම කැරකෙනවා ඒ කතාව අහලා. පෝස්ට් එකක්ම දාන්ට . එතකොට මට තේරෙයි.:)

      මේ ඔරෙන්ජ් ජූස් බොන්ටත් පුලුවන්ද මෙයා?

      Delete
    5. @අමා,

      ඊජිප්තු කෝපි බොන්ටත් ඕනෙලු. :)

      Delete
  19. මේක මමත් හරි ආස මාතෘකාවක්... මමත් හිතන්නෙ අර වගේ සාපයක් වැදුනා නම් සොහොන විවෘත කළ අයට, කාටර් මහත්තයා කොහොමද සෑහෙන කාලයක් ජීවත් උනේ කියල.... එහෙම බැලුවම මුහුදු කියන එක හරියි කියල හිතෙනව.... ඒත් සොහොන විවෘත කරනකොට කාටර් මහත්තයත් ඒ එක්කම ගියා නේද...? විශේෂයෙන්ම අර මමියෙ කවර ටික අයින් කරනකොට එයා එතන හිටියා කියල කියවල තිබ්බ වගේ මතකයි... ඒත් එයාට සාපයේ බලපෑමක්වත්, වයිරස් බැක්ටීරියා බලපෑමක්වත් ඇති නොවුනු එක ගැන පුදුමයි....

    ඒ වගේම තව පොතක් කියෙව්වා ඔය පාරාවෝ කෙනෙකුගෙ සොහොනක් ගවේශනයට ගියපු කණ්ඩායමක්ම එයාලගෙ බඩුබාහිරාදිය කරදරයක් නැතිව තියෙද්දි හැමදෙනාම අතුරුදහන් වෙච්චි කතාවක් ගැන.... ඒක ඉන් එක්කෙනෙක් සටහන් තබපු දිනපොතක තිබූ විස්තරයක් අනුව තමයි ලියල තිබ්බෙ...

    අර යටම තියෙන තුතන්කාමන්ගෙ (කිං ටට්) පින්තූරෙ - ඇත්තටම කියනවා නම් ඒක පිළිමයක් - නිපදවපු හැටි ගැනයි, තුතන්කාමන්ගෙ ඉරණම ගැනයි ඩිස්කවරි එකේ ලොකු කතාවක් ගියා ටික කාලෙකට කලින්... බැලුවද පොඩ්ඩි...?

    ඔය කාන්තා චරිත ගැන නම් අහලා තිබුණට ඒ තරම් විස්තරයක් දැනගෙන හිටියෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මියුරු,

      කාටර් කියන්නෙ තමන්ගෙ ජීවිතේ වැඩි කාලයක් පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් වැයකරපු, ඊජිප්තුවෙ සෑහෙන කාලයක් ගතකරපු කෙනෙක්.. එයාගෙ සිරුර මේ වගේ කටුක තත්ත්වයන්ට මුහුණ දීලා පුරුදු නිසා ප්‍රතිශක්තිකරණ හැකියාව අතින් ඉහලයි.. අනෙක් අතට ලෝඩ් කානවන් හා අනෙකුත් අය එංගලන්තයේ ඉදන් මේ වෙනුවෙන්ම ඊජිප්තුවට ගිය උදවියයි.. එයාලා අර ව‍‍ගේ තත්ත්වයන්ට එක දිගට මුහුණ දුන්නු අය නෙවෙයි.. ඉතිං ‍සෞම්‍ය පරිසර තත්ත්වයක ඉදලා කටුක පරිසර තත්ත්වයකට එකපාර ගිය එකයි, පිරමීඩ විවෘත කරද්දී ඒ තුළ තිබුනු විශබීජවලට නිරානරනය වුන එකයි දෙකම ගත්තම ඒ අය අසනීප වෙන එක පුදුමයක් නෙවෙයි නේද.??

      Delete
    2. කෙහෙම්මල් වයිරස්.
      කාටර් කාරය ෂුවර් එකට ඔය සොහොනේ භූත ආත්ම වලට කොමිස් එකක් දීල.

      Delete
    3. වෙන්න පුළුවන් තමයි බූරා...

      Delete
    4. @මියුරු,

      ඔය ගවේෂණ වලදි වුනු ඇත්ත දේවල් දන්නේ හරියටම කීදෙනාද? හරි ආසයි ඒ ගැන ආයෙම හොයා බලන්ට. ඔයා කියන විදියට බූරාගේ කතාවේ ඇත්තක් තිබුනත්, ඒ කණ්ඩායමේ හිටපු හැමෝම ඒ දේශගුනේට පුරුදු අය නෙමේ කියන්ට බෑ නේද? අනෙක පුරාවිද්‍යඥයෝ කියන්නේ එච්චරම සුකුමාල අය වෙන්ටත් බෑ. කාර්නවන් ආදිපාදවරයා සුකුමාල කෙනක් කියමුකෝ. ආදිපාදවරයෙක්නේ. ඒත් ඒ කණ්ඩායමේ හිටපු හැමදෙනාම. ඒකේ ඊජිප්තුවේ අයත් හිටියා. එංගලන්තේ අය විතරක් නෙමේ.

      Delete
  20. බොහොම කැමති මාතෘකාවක්... පුළුවන් නම් තව විස්තර ටිකක් ලියන්න :)

    ReplyDelete
    Replies
    1. කම්මැලි නැතුව ඔයත් මොනවා හරි හොයලා කියන්ටකෝ...:)

      Delete
  21. ටුටන් කාමන්ට පිටුපසින් ඇවිත් හිසට පහර දීලා මරලා දාලා කියලා නිගමනේකට ආවේ එයාගේ ඔලුවේ ස්කෑන් කරලා බලපු පින්තුරේ හිසේ කොටසක් ඇතුලට කිදා බැහැලා තිබුනු විදිහක් දැක්වුනු නිසා(ලු).

    ඒත් සිරුර පරීක්ෂා කලාට පස්සේ ඒ නිගමනය වැරදි කියලා ඔප්පු වුනා(ලු). දැන් කියන්නෙ මැලේරියාවෙන් අධික ලෙස කෘෂ වෙලා සිටපු ටූටන් සිහි මුර්ජා වෙලා පිටුපසට ඇදගෙන වැටිලා නිසා හිසට හානි වෙලා මැ‍රුනයි කියලා(ලු).

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      තූතන්කාමන් අශ්වයාගේ පිටෙන් වැටිලා සිදුවුණු තුවාල නිසා මියගිය කතාවකුත් අහලා තියෙනවා

      Delete
    2. බුද්ධි,

      අපොයි ඔය බොරු කතා අනේ. ඒ කාලේ රජකම ඩැහැගන්ට උන්නු උදවිය, හා ඩැහැගත්තු උදවිය පතුරපු කතා(ලු ) ඔය...

      Delete
    3. @හසිත,

      මට නම් එයා ගැන දුකත් හිතෙනවා. බලන්ටකෝ එයාට වෙලා තියන දේවල්...:)

      Delete
    4. අනියම් බිරිඳ සමඟ පොඩි කතාවක් ඇතිවෙලා පොල් පලුවකින් ඔලුවට ගහල කියල මතයකුත් තියනව (ලු )... :-)

      Delete
    5. එහේ පොල් නෑ(ලු ) තරු අය්යා....:)

      Delete

  22. ඇතින් ඇසුන අස් රියේ හඬට රැජිනට ඇසුනෙන් රජු මාලිගයට සැපත්වී ඇති බැව් සිතූ ඇය මාලිගයේඇතුළු ගැබක සිට දිව ආයේ ඔහුව දැක ගැනීමේ ආශාවෙනි. යහන්ගැබේ මදක් විවරවූ දොරින් අතුලුවූ ඇය දුටුවේ ඔහු නුහුරු අන්දමින් බිම වැතිර සිටි අන්දමයි. සැමවිට ඇය දකින විට ආදරයෙන් පිරෙන ඔහුගේ දෑස් හිස් බැල්මින් ඉහලට යොමුවී තිබුණා. අන්තුරක සේයාවකින් බියට පත්වූ ඇය රජුවෙත නැඹුරුවෙත්ම ඔහුගේ පණ නළ සැඟව්ව ඇති බැව් වැටහුනා. සිහිසුන්වීමට ආසන්නවී සිටි ඇයට තුරුණුවියේදීම ඔවුනොවුන් ආදරය කිරීමට පටන් ගත් අන්දම මනසේ ඇඳීගියා.
    ඈත මිටියාවත දිගේ ඇදීආ සීතලගින් සුළඟ දුහුල් ගවොමකින් ගත සැරසූ සුරූපී අන්කෙසනාමුන්ගේගේ මුළු ගතම කිළිපොලා ගියා. උද්යාිනයේ සිටින ඇගේ රූමත් යෙහෙලියන් මැද උවද ඇගේ සුරූපී බව වඩාත් කැපීපෙනුනා.මරකතමිණිකැට දෙකක් වන් දිදුලන දෙනෙත , දුඹුරු පැයට වඩා රන්වන් පැහැයට බර දිගු කෙස් කළඹ ඇගේ ඇත්දළ පැහැගත් මුහුණ තවත් ආලෝකමත් කලා.රතු රෝස මල් පෙතිවන් දෙතොල් වඩාත් කැපී පෙනුනේ ඇගේ මුතුවන් දත් නිසාවෙන්.යෙහෙලියකගේ කවට වදනකට මද සිනහවක් පෑවද ඇගේ සිතුවිලි වඩා දුරකට ඇදී ගොස් තිබුණා.
    අබාධිතව සිටියද , නිතර රෝගීව සිටි නිසා මදක් දුබලව සිටියද තම සොහොයුරෙකුවන තූතන් කාමන්ගේ කඩවසම් මුහුනේ තමා දුටුවිට ඇඳෙන මද සිනහව වෙනදාට වඩා වෙනස් බව ඇයට හැඟී ගියා. තම අතෙහි තිබුණු සුවඳ හමන මල් කළඹද මීට ටික වේලාවකට පෙර ඔහු විසින් තමාට පිරි නැමුවේ රහසක් සඟවාගෙන සිටින අන්දමේ සිනාවක්ද සමගින්. මෙතෙක් කල් තමා විසින් ඔහුට සොහොයුරෙකුට දක්වන අන්දමේ සෙනෙහසකට වැඩි යමක් තමාගේ සිත් හිද ඇතිවී තිබෙනබව ඇයට දැණුනා.
    තූතන් කාමන්ගේ රහස් පණිවිඩය නිසා සඳ එළියේ ගංතෙරට පැමිණි ඇය දුටුවේ මල් ගොමුවක් ආසන්නයේ ඇති අසුනක වාඩිවී සිටි රජතුමාය. ඉතා ළාබාල වයසේ රජකම ලැබුණු නමුදු ඔහුද තවමත් හිරිමල්වියේ තරුණයකු බැවින් ආදරය කිරීමට පෙළඹීම පුදුමයට කරුනක් නොවේ.ඒ නිසා ඔහුගේ ආදර ඉත සිතින් පිලිගැනීමට ඇය තීරනය කලා. එක් පියෙකුගේ සහ මව් වරුන් දෙදෙනෙකුගේ දරුවන් වුවද ඔවුන්ගේ ආදරයට එය බාධාවක් නොවන බව දෙදෙනාම සිතුවා. එහෙත් දෙදෙනාට දෙදෙනා බෙහෙවින්ම ආදරය කලත් ඔවුන්ගේ ආදරය ශෝකාන්තයකින් කෙලවර වේවියැයි දෙදෙනාම නොදැන සිටියා.
    ඔවුන්ගේ විවාහය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර ඔවුන් දෙදෙනාම රට වැසියන්ගේ ආදරයට පාත්රගවුනා. විවාහය නිසා ඔවුන්ගේ බැඳීම ආදරය තව තවත් වැඩිවුඅයුරු ඇයට දැන් සිහිනයක් වී ඇත.
    සොබා දහමේ කුරිරු බව පසක්වන තමා ප්රැසූතකල රෝස මල්කැකුළු දෙකක්වන් දියණියන් දෙදෙනාගේ සිඟිති මළ සිරුරු දැක රජුගේ දෙනෙතින් වැටුණු කඳුලුබිඳු ඇයගේ සිතේ ශෝකය වැඩිකල අයුරුත් ඒ සිදුවීම් වලින් ඔවුන්ගේ ආදරය තවත් ශක්තිමත් වූ අයුරුත් ඇයගේ සිහියට නැගුනා.
    සීතල අතකින් හිස පිරිමැදෙනු දැනුන අන්කෙසනාමුන්ට ඇසුනේ ඇයගේ හිතවත්ම සේවිකාවගේ කටහඬයි.මෙතන සිටීම අන්තරාදායකයි රැජිනියයනි , අපිදැන් පිටත් වියයුතු වේලාවයි. සේවිකාවගේ වාරුවෙන් නැගිට සිටි ඇය ඉදිරියේදී තමාගේ ජීවිතය කිනම් අයුරකින් ගෙවීයාදැයි සිතනවිට ඇයටත් හොරාම ඇගේ මුවින් පිටවූ උණුසුම් සුසුම තූතන් කාමන් රජුගේ අවසන් හුස්ම පොද මුසුවූ වාගැබටම මුසුවුනා.


    ජාන්වී.




    ReplyDelete
    Replies
    1. අදමයි ඔයාව දැක්කේ...මම ඉස්සල්ලා හිතුවේ සිත්තමී කියලා පස්සේ තමා යටින් ජාන්වී කියලා ලියලා තියනවා දැක්කේ. වලව්වට ආදරෙන් පිලිගන්නවා.

      වලව්වට ගොඩ වැදුනා විතරයි ඔයාටත් ලියන පිස්සුව හැදුනද?:)

      Delete
    2. ලස්සනට ලියලා ජාන්වී. ස්තූතියි.:)

      Delete
    3. වලව්වට ගොඩවෙලා තියෙනවා , ඒත් කමෙන්ට් කරල නැහැ. ආස හිතෙන මාතෘකාවක් නිසා කමෙන්ට් කරන්න හිතුනා. ඒ කමෙන්ට් එක ලස්සනයි කියල කිව්වට බොහොම ස්තූතියි.ඊජිප්තුව කියන්නෙ මම බලන්න ආසාවෙන් ඉන්න රටක්.

      ජාන්වී.

      Delete
  23. පුරාණ ඊජිප්තුව කියන්නෙ පොඩි කාලෙ ඉඳලම මගෙ හිත තදින්ම ඇදගත්තු විෂයයක්....හයේ පන්තියෙ හෝ හතේ.....සමාජ අධ්‍යයනය විෂය නිර්දේශයෙ එක කොටසක් නයිල් නදී ශිෂ්ඨාචාරය...ඒ කොටස පංතියෙ උගන්නන්ටත් බොහොම කලින් මම කියවල ඉවර කලේ...

    හයරොග්ලිෆික්ස්, මමී හා සම්බන්ධ අවමංගල චාරිත්‍ර, පිරමීඩ...එතකොට අනුබිස්, හෝරස්, තොත්,අයිසිස්, හතෝර්,ඔසිරිස්, රා, සෙත්....මේ ඊජිප්තු දෙවිවරු සහ දෙවඟනන්...පෙල පොතේ තිබුණු ඔවුන්ගෙ රූප දිහා ඇසිපිය නොහෙලා මම බලා ඉන්ට ඇති පැය ගණන්...

    වැඩි දුර විස්තර හොයන්ට අද වගෙ පහසුකම් නොතිබුණු නිසා පාසල් කාලයෙන් පස්සෙ ඒ වැඩේ එහෙම්මම අතඇරිල ගියා...

    ඒත් පොත් සාප්පුවක ඊජිප්තුව ගැන ලියවිලා තිබ්බ පොතක් දැක්කොත් අරගන්න එක මගෙ සිරිතක්.එව්වයෙ අස්ප ගනන් තමයි පොඩි පරහකට හිටින්නෙ...ඒත් මම ඇරියෙ නෑ...හෙහ්, හෙහ්,

    ආයෙම ඊජිප්තු පිස්සුව මට වැහුනෙ අවුරුදු විස්සකට තරම කලින්.....මගෙ අතිජාත මිත්‍රයෙක් ඉන්නව විල්බර් ස්මිත් කියල... කියල...

    විල්බර් ලොක්ක ලිව්ව පාරාවෝ කාලෙ ගැන සීරිස් එකක්..පොත් හතරක්...River God,The Seventh Scroll, Warlock සහ The Quest ....පොඩ්ඩි කියවල තියනවද?...නැත්නම් කියවන්න..හෙහ්, හෙහ්,...හරිම අපූරු කතා පෙලක්.....

    ඔන්න ආයෙම මට වැහුණ ඊජිප්තු පිස්සුව....මයෙ ඉන්නව කාලෙන් කාලෙට එක එක වීරයො..සැබෑ ලෝකෙ වගේම ප්‍රබන්ධ ලෝකෙත්....

    ටයිටා ඔන්න මගේ වීරයා උනා..ඒ වගේම ලොස්ට්‍රිස්, ටනූස්, මෙම්නන්,....උදේ හවස හම්බ වෙන සතුටු සාමීචියෙ යෙදෙන යාළුවො වගේ...:) :)

    විල්බර් ගොයිය ඊජිප්තු පොත් පෙලේ ඊළඟ පොතකුත් ලියයි කියල මම බොහොම නොඉවසිල්ලෙන් මේ බලාගෙන ඉන්නෙ................

    හරි, ඊජිප්තුව සහ මම විස්තරේ ඇති.....දැන් king Tut ගැන...

    ඔය අභිරහස් ශාප අනම් මනම් ගැන නම් මගේ කිසිම අදහසක් නෑ...බොහෝ විට මනස්ගාත විතරක් වෙන්න පුළුවන්....

    ඒත් King Tut ගැන මම කැමතිම වීඩියෝවක් මේ...මගෙ ආසම නළුවෙක් රඟපාන්නෙත් ...Steve Martin

    ReplyDelete
    Replies
    1. රවී දීපු ලින්ක් එක දිගේ ගිහින් වීඩියෝ එක බලල හිනාවෙලා පණ ගියා.... මාත් කැමති නළුවෙක්.... මේ ළඟදිත් මිනිහ රඟපාපු ෆිල්ම් එකක් බලල හිනා උනා ඇතිවෙන්න... ස්තුතියි රවි.... :D

      Delete
    2. Chathu Vishwajith6 September 2012 09:52

      @රවී : විල්බර් ස්මිත්ගේ පොත් වල පරිවර්තන තියෙනවද?

      Delete
    3. මා දන්නා තරමින් නැත...

      Delete
    4. @රවි,

      වීඩියෝ එක බලලා නම් හිනා උනා. මාත් කැමතිම ඇක්ටර් කෙනෙක්. ඒත් මට ඔය විල්බර් ස්මිත් ගොය්යා නම් අල්ලන්නේ නෑ. මාර කම්මැලියි එයාගේ පොත් කියවනකොට.
      අභිරහස් ශාප ගැන විශ්වාසයක් නෑ. මම නම් විශ්වාස කරනවා. මේ ලෝකේ අපිට තේරුම් ගන්ට බැරි ගුප්ත බලවේග එමටයි රවි.

      Delete
  24. තූතන්කාමන් සොහොන් බිම සම්බන්ධ පුරාවිද්‍යා ගවේෂණ වල පසුපසින් සිටි යෝධ ශක්තියක් තමයි පුරා විද්‍යාඥ හොවාර්ඩ් කාටර් Howard Carter. ඔබ මේ ලිපියෙන් ලියා ඇති පුරාවෘත්තය සහ ගවේෂණ සටහන් පිළිබඳව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් පළවූ සෑම තොරතුරකම ඔහු ගැන සඳහන් වෙනවා. ඔහුට මෙමෙ ශාපය බලපෑවේ නැහැ. තුතන්කාමක් ගවේෂණයේ ඔහුගේ භූමිකාව කිසිසේත් අමතක කල නොහැකියි. වෙනත් වචන වලින් කියන්නේනම් කාටර් ගැන නොකියා තුතන්කාමන් ගවේෂණය ගැන කිසිවක් කිව නොහැකියි. විස්තර මෙතනින් බලන්න.
    http://en.wikipedia.org/wiki/Howard_Carter

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව සාදරෙන් වලව්වට පිලිගන්ට කැමතී. දෙවෙනියට කමෙන්ට් එකට ස්තූතියි. මම එයා මග ඇරලා ලීවේ එයාට ශාපය වැදුනේ නෑ කියන මතය හන්දයි. එයාට විතරක් එහෙම උනේ කොහොමද කියන එක ඇත්තෙන්ම ප්‍රශ්නයක් කාටවත් විසඳීමට බැරි උන.:)

      Delete
    2. ඔබේ බ්ලොග් අඩවියට මා පිළිගැනීම පිළිබඳව ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඔබේ ලිපි කියවීමේදී මට හිතෙන්නේ ඔබ මගේ වැඩිමල් දියණියගේ වයසේ විතර ඇති කියලා. ඒ වගේම මේ ප්‍රශ්නයට කැමතිනම් පමණක් උත්තරයක්‌ දෙන්න. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කල පලීපානලා ඔබේ ඥාතීන්ද?
      තුතන්කාමන් ගැන ලිපියක් ලිවීමට මගෙත් අදහසක් තිබුනා. දැන් ඔබ ලියා තිබෙන නිසා එය ලබන අවුරුද්දට විතර කල් දැමීමට තීරණය කළා.
      තුතන්කාමන්ගේ ශාපය ඇත්ත කියලා විශ්වාස කරන පිරිසක් වගේම බොරු කියලා කියන පිරිසකුත් ඉන්නවා.හඳට ගිය එකත් බොරුයි කියන මේ කාලයේ අවුරුදු 5000 කටත් එහා හිටිය අය ගැන විශ්වාස නොකිරීම පුදුමයක් නෙවෙයිනේ.
      තුතන්කාමන් ගැන විවාදාත්මක තොරතුරු ඇතුලත් සබැඳියාවන් රැසක් මෙතනින් බලන්න පුළුවන්. http://www.google.lk/#hl=en&rlz=1W1GGNI_enLK490&sclient=psy-ab&q=is+tutankhamun%27s+curse+real&rlz=1W1GGNI_enLK490&oq=is+tutan&gs_l=hp.1.1.0l3j0i30.0.0.1.1563.0.0.0.0.0.0.0.0..0.0...0.0...1c.HVZVEc_eLIM&pbx=1&bav=on.2,or.r_gc.r_pw.r_qf.&fp=55ab73d0c473a6e&biw=1536&bih=702

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. සබැඳිවලට ස්තූතියි විචාරක. නෑයන් වෙන පලිපානලා නම් හැම තැනම වගේ ඉන්නවා. යුද හමුදාවෙත් නෑයින් හිටිය බවත් දන්නවා. පලිපාන නමින්ම නෙමේ. මින් සමහරෙක් විදේශීය තානාපති කාර්යාලවල වැඩ කරන බවත් දන්නවා. ගොඩක් විස්තර දන්නේ නම් වැඩිහිටි උදවිය තමයි.:)

      විචාරකගේ ලිපි ලස්සනයි. හමුදාවේ සේවය කරපු පලපුරුදු කෙනෙක් හන්දා පොඩි බයක් වගේම ගෞරවයකුත් තියනවා...:D

      Delete
  25. හැමෝටම,

    මම දැන් නිදන්ට යනවා . ටිකක් විතර බයයි...හී හී...ඒත් අත්තම්මා ඉන්න හන්දා බයක් නෑ ඉතින්.

    උදේට ඉතිරි කමෙන්ට්ස්වලට උත්තර බඳින්නම්.

    කට්ටියටම තූතන්කාමන්ගේ හොයාගත් දේහය, ඊජිප්තු සොහොන්, ශාපයෙන් මියගිය මිනිසුන්ගේ සිහිනවලින් පිරුණු සුබ රාත්‍රියක්!!! :D:D:D

    ReplyDelete
  26. අඩෙ අප්පා...
    තව විස්තර හොයලා දාන්නකෝ ඔය ගැන..
    පට්ට සබ්ජෙක්ට් එකක්නේ..

    ReplyDelete
    Replies
    1. @තරියා,

      ඔයාලත් සම්බන්ධ වෙන්ටකෝ. ඔයාලා හොයලා කියන දේවලුත් වටිනවා...:)

      Delete
    2. @නරුමයා,

      ඔයාටත් එක්කමයි කීවේ...හී හී...

      Delete
  27. මටත් කාලයක් ඔය වගේ ගුප්ත කතා කියවීමේ පිස්සුවක් තිබුණා, ඒ කාලයේ මේකත් කියවලා තිබුණා වුනත් පොඩ්ඩි ලියලා තියෙන විදිය (ආක්‍ඛ්‍යානය) නිසා මින් අලුත් රසයක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත් මට නම් කොහෙත්ම එපා නොවෙන මාතෘකාවක්...:)

      Delete
  28. ආව් ආව් මෙන්න මම කැමතිම විදියේ එකක් දාලා. ඊජිප්තුව කියන්නේ මම කවදාහරි යන්න කැමතිම තැනක්. තාම අවස්තාවක් ආවේ නෑ. අර සොහොන විවෘත කරපු කණ්ඩායමේ මාත් හිටියනම් කියලා තිබුනා. කාට හරි ආපහු එහෙම අයිඩියා එකක් ආවොත් කියන්න. ඔය ගවේෂණ වැඩ වලට මමනම් එක පයින් :) හැබැයි ඉතින් ඒවා මේ කාලෙම කරලා ඉවරයක්‌ කරගන්න ඕන..ළමයි එහෙම ඉන්න කාලෙක ඒවා බෑ නේ..

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් සයුරි. යමුද කට්ටිය එකතු වෙලා. බය නැති ටීම් එකක් තෝරා ගම්මු. හරි ආසයිනේ...හොඳ පිස්සුවක් නටලා ආව හැකි.:)

      //ඔය ගවේෂණ වැඩ වලට මමනම් එක පයින් :)//
      මම නම් දෙකෙන්ම :D

      Delete
    2. Chathu Vishwajith7 September 2012 03:18

      මාත් ඔන්න එනවා.ඊළග නිවාඩුවට යමුද?

      පැපිරස් ටිකක් කියවලා සුදානම් වෙලා යමු.කයිරෝ කෞතුකාගාරය එක දවසින් බලලා ඉවර කරන්න බැ(ලු)නේ.

      නයිල් නදියේ බෝට්ටුවක යමු.

      Delete
    3. හා හා අගේ ඇති යෝජනාවක්...:D

      Delete
    4. http://www.blogger.com/post-edit.g?blogID=6562438199732655389&postID=7970782776817639163

      ටූටන් කාමොන්ගෙ සොහොන බැලීමට ගියමුත් පිංතූර ගැනීම තහනම් විය. කැමරා වාහනයේ තබා කට්ටිය ඔලු හැපෙන ගුහාවක රිංගා ආවෙමු.

      තවම මැරුනේ නැත!!!

      Delete
  29. හිස පිටුපසින් ලේ ආපු එක ගැන කිව්වොත් මට මතක් වුණේ කාලෙකට කලින් කියවපු පොතක තිබුණු කතාවක්. සිරිතක් විදිහට ෆාරාවෝ දරුණු ලෙඩකින් රෝගාතුර වෙලා මරණාසන්නව ඉද්දී අන්තිම ප්‍රතිකාරය විදිහට හිස් කබල විවෘත කරලා නැවත වරක් මහනවාලු. ඒකෙන් හරි ෆාරාවෝගේ රෝගී තත්වය සුව වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. හපොයි ඔයා හිතෙන්නේ මෙයාටත් එහෙම කරන්ට ඇති කියලද?

      Delete
    2. @ Podi Kumarihami

      ඔව් වෙන්න පුලුවන්. එයත් මරණාසන්න වෙලානේ හිටියේ

      Delete
  30. මගේ මාමා මිය ගියා ගිය සුමානෙ. චිතකය දල්වන්න බාර වුනේ මටත් කසින් මල්ලි කෙනෙකුටත්. දල්වන්න කලින් මුලු ඇඟම වැහෙන්න සුදු රෙදි ඇන්දෙව්වා. ඒ වගේම දැල්වීම සිදු කල යුත්තෙ පිටු පසින්. ඒ කියන්නෙ දැල්වෙන දෙනට මුහුණ නොහැරවිය යුතුයි. ඊ ලඟට දෙහි යුශ මිශ්‍ර වතුරෙන් මුහුණත් අත් දෙකත් සෝදා ගත යුතුයි.

    ඒ සියල්ලෙන්ම අදහස් කරන්නේ විෂබීජ වලින් ආරක්ෂාවීම නේද?

    කාර්නවන් ආදිපාදවරයාගේ මුනුණේ තුවාලයක් තිබුණු බව පැවසුනා. මට නම් හිතෙන්නේ විෂබීජයක් ඇතුල් වූ බවයි.

    අනික, පුරාතන ඊජිප්තුවේ තිබූ වයිරස් හෝ බැක්ටීරියා ගැන කවුරු හෝ පරීක්ෂණ කර තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Ankhesenamun

      Delete
    2. ඔව් ඒ ගැන පරීක්ෂන කරලා තියනවා. එයාලා ඒ ගැන නොයෙකුත් මත දරනවා. ඔයාගේ ලින්ක් එක මොකක්ද? පොඩ්ඩක් කියවලා බලලා ඉන්නම් කමෙන්ට් කරන්ට කලින්.

      Delete
  31. බය හිතෙන ඒවා !

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔයා බය නෑ කියලා...:)

      Delete
  32. ඔය කට්ටිය ගැන සීරීස් එකක් ගියා NatGeo එකේ. ඔය කියන ශාපයයි, එතකොට ඔය රජවරුන්ගෙ කතායි, තව ඔය මමී දිහා බලාගෙන අර පොඩ්ඩි දාලා තියෙන පින්තූරෙ වගෙ මොඩල් හදන ඒවයි, වැඩ ගොඩක්.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා ඒවට කැමති උනාද?:)

      Delete
    2. මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එකක් නම් නොවුනට කුතුහලය හන්දා ඔක්කොම බැලුවා, පොඩ්ඩි. අය ඔයා දලා තියෙන අන්තිම පින්තූරේ ඒකෙ එකක්. ඕක හදනවා පෙන්නුවා පියවරෙන් පියවරට. :)
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  33. ඔය කවුරු මොනව කිව්වත් ඊජිප්තුවෙ බූතයො ඉන්නව. මට කිව්වෙ අපිත් එක්ක වැඩකරන ඊජිප්තු කාරයෙක්. ඊජ්ප්තු බූතයො පන්නන්න හරිම අමාරුයිලු, දුම්මල ගැහැව්වත් යන්නෙ නෑලු. හොස්නි මුබ-හරක් කියන බලගතු බූතයව පැන්නුවෙ බොහොම අමාරුවෙන් කියල තමා එයානං කිව්වෙ

    ReplyDelete
    Replies
    1. හැබෑටම.!? එතකොට ඔය සමහර උදවිය 'වූඩූ' කරන්ට ඉගෙනගත්තෙ එහෙං ‍වෙන්ටැති නේද බං.?? :D

      Delete
    2. @ටොමී,

      මේ කතා ගැන ඒ ඊජිප්තුකාරයගෙන් අහලා බලන්ටකෝ.:)

      Delete
    3. @බූරා,

      නෑ. නෑ. සමහර උදවිය ඔය වූඩූ ඉගෙනගත්තේ ඇමරිකාවෙන්ලු. සමහර ඒවා නම් පරම්පරාවෙන් ලැබුනු ඒවලු.:D

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ! සාපේ කමෙන්ට් කරන බස්සන්ට වදින්නැලු!

      Delete
  35. ඔය අපි ඉන්න සාවියෙත් තියනව කෞතුකාගාරයක්. ඕකෙ ඔය ඊජිප්තු එව්වා මෙව්වා එහෙමත් තියනවා. එතන ඉන්න කෙනෙක් පිරමීඩ්, මමි ගැන අපූරු විස්තරයකුත් කරනවා. ම්ං ඕක බලන්න ගිය දවසක කියාපුවායින් බාගයක්වත් තේරුනේ නැති වුනත් මාත් "හූම්, හූම්" කිය, කිය හූමිටි නං තිබ්බා.

    සුපුරුදු පරිදි උදේ හීල ගිල දාපු මම, පලවෙනි නිඳි වඩියට හරිබරි ගැගෙන කොට තමා මේක උනේ. මෙන්න බොලේ එළුවෙක්ගෙ වගේ දිග යටි රුව්ලක් තියන, අමුතුම ඇඳුම් ඇඳ ගත්ත පොරක් , අත්තක් උඩ බුම්මගෙන ඉන්නවා.

    " ලොක්කා ඔහේ කව්ද? මේක මගේ ගහ, ඔහේ මොකද මෙතන කරන්නෙ"
    " මම කිං ටූට්"
    " කිං මොකා කිව්වා?"
    " කිං ටූට්, අර , අර ඊජිප්තුවෙ පිරමීඩෙ හිටියෙ. 'ලදරු රජතුමා'"
    " හුටා, පස්වාන් දහසකට බුදුවෙන්ට දේවයන් වහන්ස, අඳුරගන්ට බැරි වුනා නෙව"
    " අපි නං ඔය හිංගල, බොදු, ගොවි නෙමෙයි. බුදු නූනට නං කාරි නෑ. මට පාඩුවෙ බුදිය ගන්ට දුන්න නං හොඳටෝම ඇති"
    " අම්මපා සහතික ඇත්ත, දේවයන් වහන්ස. ආන්න බලන්ට ඔබතුමාට තේරුනා බුදිය ගන්න එකේ අගේ. මේ ඇහැව්වට තරහා අවසර. ඔබතුමාත් නයිට් ශිෆ්ට් එකද කලේ. ඔබතුමාටත් එක එකා Sඹ්S එවල නින්දට බාධා කලාද?"
    " උඹ මේ මොනව කියනවද කියලා මට තේරෙන්නෙ නෑ. මං කිව්වෙ , අර 'රජවරුන්ගෙ නිම්නයේ සදාකාලික නින්ඳ' ආන්න ඒක"
    " ආන්න එහෙම කියන්නකො. හරි, දැං ඔබතුමා ඇයි මේ ගහ උඩට රූට ගත්තෙ? රජකෙනකුට ඔබින තැනක්ද මේක?"
    " මුං මට බුදියන්ට දෙන්නෙ නෑ, බස්සො. මේ නිදන් හොරු මගේ සොහොන මංකොල්ල කෑවා මදිවට. මාව කුදලගෙන ඇවිල්ලා ප්‍රදර්ශන කරන එක තමා ඉවසන්නම බැරි වැඩේ. දැං බලාපං, මට හදන කයි කතන්දර? එකෙක් කියනවා මට කව්ද ඔලුවට පත බෑවලු. තව එකෙක් කියපි මට මැලේරියාවලු. එතකොට තව, පිරමීඩෙ බැක්ටීරියා, විශබීජ තිබ්බලු"

    "හා, හා එහෙම කියන්න එපා. එයාල නිදන් හොරු නෙමෙයි, එන්ගලාන්තෙ 'ලොඩ්'ලා, පුරා විද්දියාග්නයො. එත් සොහොන් හාරපු එකනං ඉන්තේරු වෙන්ම වැරදියි රජතුමනි. බලන්නකො මුං බලාහිටියා වගේ කියන ලස්සන. ඔය 'නවීන විද්දියාව' ද මොකකද එකක් නොවැ"
    "හුහ්'නවීන විද්දියාව, මයෙ අප්පගෙ ‍රැව්ල? උන්දල දන්න කෙං ගෙඩිය. හරි, කියපංකො එහෙනං අපි කොහොමද එම්බාම් කරපු විද්දියාවයි. අර තඩි ගල් පිටමීඩ් වලට උස්සපු විද්දියාවයි ගැනත්? ලොඩ් තියා මොකා උනත් නිදන් හාරපු එකා, අනුන්ගෙ දේ ගන්න එකා හොරාම තමයි"

    "ඔබතුමා මේ මඟුලක් කියනවා, ඔහොම බලාගෙන ගියාම අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ හොරුනෙ?. ඒක නෙමයි, මං මේ අහන්නමයි හිටියෙ. ඇත්තද ඔබතුමා තමන්ගෙම සහෝදරීව සහේට ගත්තයි කියන කතාව, ඒක නං පොඩ්ඩක් 'අවුල් ' වගේ නේද?"

    ඒ පුරස්නෙ ඇහුවා විතරයි රජතුමාගේ මුහුණ වෙනස් වෙනස් වුනා. ඊලඟ මොහොතේ අත්ත උඩසිට, ඔලුව පහලට පොලොවට සැපත්වන ගමන් මා සිතුවේ මට කට වැරදුනාවත්දෑ කියලාය. ඇහැරී බැලූ විට මා සිටියේ අත්ත උඩ නොවන බවත්, රජතුමා අත්ත උඩින් අන්තරස්දාන වී ඇති බවත් පෙනින.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඕක හීනයක් උනේ නැත්නම් බස්සා ගිහින් කොහේ නතරවෙයිද දන්නේ නෑ.
      ඇත්තට ඔය පැත්තේ එහෙම ඒවත් පෙන්නනවද? නැත්නම් ඒකත් ඒ හීනේම කොටසක්ද?:D

      Delete
    2. දැං ඉතිං රජතුමා කොරලා තියෙන්නෙත් වැරදි වඩේනේ අප්පා... ඉස්සගේ සීට් එක අල්ලගෙන නේ.. හි හි..

      ඇයි අහලා නැද්දා කිං ටුට් මැරුනේ දතක් නරක් වෙලා කියන කතාව...

      ඒ කාලේ කට්ටිය කාපු බීලු දේවල් වල හරියට වැලි කලවම් වෙලා තිබුනලු.. ඒවා හපලා කනකොට දත් ගෙවිලා ගිහින් ගොඩක් ඊජිප්තු වැසියෝ මැරුනේ දත්වල රෝගාබාධ වලින් කියලා මොකක් හරි එකක මං දැක්කා අප්පා....

      Delete
    3. ඉස්සා නෙවෙයි බස්සා.. මට වැරදුනා...

      Delete
    4. හපොයි මේ ටුටූ රජා පව් අප්පා...මැරිච්ච ක්‍රමේ හොයාගන්ට කාටවත් බැරිව ඇති. :D

      Delete
  36. පෝස්ට් එක දෙපාරක්ම කියෙවුවා.. මේ ගැන විස්තරයක් මම කියෙවුවා හරි වීඩියෝ එකක බැළුවා හරි මතකයි.. කෝම් උනත් මේ දේවල් ගැන මම නම් ගොඩක් උනන්දුයි..

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ ඉඳන් ඔයාට ලඟයි නේද දිනේශ්. දවසක යන්ටකෝ...:)

      Delete
  37. ඔය පිරමීඩ ඇතුලෙ භූතයො ඉන්නව කියල මාත් අහල තියනව..අපි එක වතාවක් පිරමීඩ බලන්න ගියා..භූතයින්ට වඩා ඒ පැත්තෙ මැස්සො ඉන්නව..හික්ස්.
    මාත් ආශයි ඔය වගේ හොල්මන් කතා වලට පොඩ්ඩි..ලියන්නකො කට්ටියව හොල්මන් වෙලා යන්න..!

    ReplyDelete
    Replies
    1. බූතයෝ කොහොමත් පේන්ට නෑනේ කිරිල්ලියේ. ඔයා ඒවා බලන්ට ගිහින් ආසා උනේ නැද්ද? මම නම් යන්ට ආසම තැනක්. කොහොම හරි ඉක්මනින් යනවා...:D

      Delete
    2. මම ඒ තරම් ආශ උනේ නෑ ඒවා බලන්න ගියාට..කොහෙත්ම තද ඉර අව්වෙ ඇවිදින එක ටිකක් හිරිහැරයක් වගේ උනා..ආආ..අපි ගෙනාව ඔයා ඔය මුලින්ම දාල තියන පොටෝ එක වගේම ස්ටැචූ එකක්..ඔයිට වඩා චුට්ටයි වෙනස්..ඔලුවෙ නයි පෙනේ නයාගෙ ඇස්දෙක රතු ගල් දෙකක් තියනව දිලිසෙන..කිලෝ 10 ක් විතර බරයි..අපේ ගෙදර අය ඒකට ආශ උනාට මට බය හිතෙනව.....:(:(

      Delete
  38. ඊයේ රෑ තූතන්කාමන්ගෙන් මගේ ෆෝන් එකට මෙසේජ් එකක් ආවා. එයාට ඕනෑම කෙනෙකුගේ ෆෝන් නොම්මර හොයාගන්ට පුලුවන් වගේම ඉංග්‍රීසිත් පුලුවන්ලු. :D

    ඒකේ තිබුනේ මෙන්න මෙහෙමයි.

    'Will come and haunt in ur dreams...!!!Be carefull...!!!'
    -Tutankhamen-

    අපි නම් ඉතින් බයවෙයි ඕවට...:D:D:D

    ReplyDelete
    Replies
    1. ඔය තුතන්කාමන් හරි වසයිලු.. බයවෙන්නෙ නෑ කිය කියා හිටියට හරියන්නෑ, පරෙස්සම් ‍වෙන්ට වෙයි.. :P

      Delete
    2. අපි දන්නවා ඔය භූතයෝ කියන්නේ සැර අයට බව. ඒත් අපි බය නෑ. වැඩියේ සද්ද දාන්ට ආවොත්, බෝතල්වල දාලා ගංගාවල පා කරලා අරින හැටි අපි දන්නවා ...:D:D:D

      Delete
    3. පොඩ්ඩි මේක අහලා තියෙනවද බලන්න....

      මේක මේ අවුරුදු 7 -8 කට කලින් මේල් එකෙන් ආපු කතාවක්...

      බො‌හොම ආදරයෙන් හිටපු දෙන්නෙක්ගෙන් පෙමිවතිය මෝටර් රථ අනතුරකට ලක් වෙලා එතනදිම මැරුනලු... පෙම්වතා ගොඩක් අමාරුවෙන් ජීවිතේ බේර ගත්තලු... ඉතිං පෙම්වතියව මිහිදන් කරද්දි දුක දරා ගන්න බැරි උන පෙම්වතා තමන් පෙම්වතියට තෑගි දුන්න ඇයගේ වටිනා ජංගම දුරකතනයත් මේ වලටම දැම්මලු....

      එදා රෑ මේ පෙම්වතාගේ දුරකනයට පෙම්වතියගේ නොම්මරයෙන් මැසේජ් එකක් එනවලු..

      මොකද්ද මැසේජ් එක....?
      පුළුවන් නම් කියන්න බලන්න...

      Delete
    4. බය කරන්ට එපා හිරු.:)

      'I love you' කියලද මෙසේජ් එක ආවේ? මම නම් මගේ මොබයිල් එක ගඟට විසික් කරනවා ඕං. ඒ දිහා බලන්ටත් බයයි. ඇත්තටම ඒ තූතන්කාමන් වත්ද? :)))

      Delete
    5. රිලෝඩ් එක්ක දාන්න කියල වෙන්ඩැති ෂුවර් එකට!

      නැත්තං චාජර් එතක් වලට දාන්න කිව්වද කියලත් හිතෙනවා. :D

      Delete
  39. මගේ පෞද්ගලික මතය නම් මළවුන්ට නිදහසේ නිදන්ට ඉඩ දිය යුතුයි.
    ඕවා එකවරම බැහැර කරන්නත් බැහැ 100%ක් පිලිගන්නත් බැහැ.

    ඊජිත්තුවෙ කෙසේ වෙතත් ලංකාවෙ මම දන්න කථාවක් කියන්නම්.

    හැමදේම දිහා විද්යාවෙන්ම බලපු එක්තරා මහත්මයෙක් ඉඩමක් අරන් ගෙයක් හදන්න අත්තිවාරම කපද්දි පරන සොහොනක් අහුවුනා. (ඉඩම ගොඩ කරලා තියෙන්නෙ ඒකට උඩින්).
    අත්තිවාරම කපන මිනිස්සු ඒ වැඩේ නවත්තලා ගියත් මේ මහත්මය සැලුනෙ නැහැ. එතන ගෙයක් හදල පෙන්නන්නම එයාට ඕන වුනා. අර කාලෝ ෆොන්සේකා වගේ විද්‍යාවෙන්ම තර්ක කර කර වැඩේ කරන් ගියා. මුලින්ම එයාගේ වයිෆ් අසනීප වුනා.. පියයුරු පිලිකාවක්, ඒක හොඳටම පැතිරිලා. මේ මහත්මයාගේ රැකියාව නැතිවුනා අභූත චෝදනාවකට.ඔහුගේ නිවැරදි බාවය ඔප්පු කරන්න බැරි වුනා. ඒ හේතුව නිසාම වයිෆ්ට හරියට බෙහෙතක් කර ගන්න බැරි වුනා. වයිෆ් මියගියා තරුණ වයසෙම. පස්සෙ ඒ හිතේ අමාරුවටද මන්දා ඒ මහත්මයත් ලෙඩ ගානෙ වැටුනා .
    පස්සෙ උමතු වෙලා පාරවල් ගානෙ ඇවිදින්න ගත්තා. වාහන ගෙවල් දොරවල විකිණුවා. ලමයි දෙන්නා ගෙ ඉගෙනීම කඩා කප්පල් වුනා.ආච්චි සීයා නැතිනම් පොඩි දෙන්නත් මැරිලා.
    ඒ ඉඩමෙ ගේ හැදුවෙ නැහැ.පස්සෙ ගාමන්ට් එකක් පටන් ගත්තා. පලමු අවුරුද්දෙම කෙල්ලො දෙන්නෙක් දිවි නසා ගත්තා, ස්ට්‍රයික් 2-3ක් වුනා ඊට පස්සෙ ගාමන්ට් එකත් වැහිලා ගියා.

    අර විද්‍යාත්මක මහත්මයා සියලු දුක් විඳලා දැන් වසර කීපයකට කලින් වාහනේකට හැප්පිලා මැරුනා.

    මේ වෙච්ච සිදුවීම් සියල්ල අර සොහොන නිසා වුන‍යි කියලත් හිතන්න බැහැ. ඒත් එහෙම නෙවෙ‍යි කියලා කාටද ඔප්පු කරන්න පුලුවන්.

    ඔය විද්‍යාවෙන් සියල්ල බලන එක මහත්මයෙක් හරි නෝනා කෙනෙක් හරි කැමතිද තමන්ගෙ අම්මා තාත්තගෙ සොහොනක් හාරලා බලන්න ? 99%ක්ම නැහැ..
    ඒත් විද්‍යාත්මකව බැලුවොත් එතන තියෙන්නෙ නිකම්ම මිනී ඇට සහිත පස් ගොඩක් පමණ‍යි.


    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට මම කැමතියි. විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ට බෑ. මම කලිනුත් කියලා ඇති අපිට නොපෙනෙන පලියට කිසිම දෙයක් නෑ කියන්ට අපිට බැරිබව. ඒ හන්දා මොනා හරි දේක ඇත්තක් තියනවද නැද්ද කියන එක අපිට එකපාරට කියන්ටවත්, පිලිගන්ටවත් බෑ.

      Delete
  40. ලෝකයේ හොඳම සහ දියුණුම ඉතිහාසය හමුවෙන්නෙ මිසරයෙන්. පාරාවෝ රජ පරපුර ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කල රජවරු පිරිසක්. මට හිතෙන හැටියට මේ පාරාවෝ රජ වරුන්ට විශ්වය පිළිබඳව මනා දැනුමක් තිබුණ පිරිසක් ඉන්න ඇති. ඒ වගේම ගණිත ශාස්ත්‍රය පිළිබඳවත් හොඳ දැනුමක්තිබුණ පිරිසක් බව පේන්නේ ඔවුන්ගේ විස්මිත නිර්මාණ නිසා.

    ඒ නිසා පොඩ්ඩි ලියල තියෙන මේ මිසර රජවරු ඔවුන්ගේ ඉතිහාසය ආරක්ෂා කරන්න යම් යම් ගණිතමය සහ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම භාවිතා කරන්න ඇති . ඒවා අද අපට සොයගෙත හැකිවන්නේ ඒ ශේෂ නටඹුන්වලින් සහ වැලලීගිය අතීතය යලි හාරා අවුස්සා බැලීමෙන්. සැබැ ලෝකයේ ඒවැනි පර්යේෂන සිදුවුවත් විශේෂයෙන්ම මිසර ඉතිහාසය පිළිබඳව ලියැවුණ පර්යේෂන සාහිත්‍යය තුල ඇති පොත් පත් වගේම මිසරය හා බැඳුණු සිනමාවත් යළි යළිත් ඒ ඓතිහාසික යුගය විවිධ කෝණ වලින් දැකීමට සිනමාකරුවන් පුරුවෙලා තියෙනවා.

    ඒ සිනමා කරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ නිර්මාණතමක අගයක් ඇති වඩාත් තාර්කිකක මට්ටමින් හිතන්න පුළුවන් සිනමාවක් ගොඩ නගන්න බව හිතෙන්නෙ ඒ සිනමා කෘති දුටුවාමයි.

    ඒ නිසා ශාපයක් වගේ දෙයක් මිනිස් මුවින් ගිලිහෙන වචනවල වූ ශක්තියක් සහ ඒ ශාපය කිරීමට යොදාගන්නා වචන බන්ධනයේ ශක්තිය නැති කරන්න පුළුවන් වෙන්නේ ඒ වචනයේ ශක්තිය මුදාහැරි පුද්ගලයාටමයි. මේ වගේ දේවල් ඉතිහාසයේ ලංකාවෙ දිත් යම් යම් මට්ටමින් සිදුවුණා. විශේෂයෙන්ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි හිමිවරුන් ෂඩ් භෂා පරමේස්වර යන විරුදාවලී ලැබුවෙත් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මනාව දැනගෙන හිටිය නිසා.

    ඒනිසා තුනන්කාමන්,සහ පාරාවෝ රජ පෙලත තුළ තිබුණ විශ්මිත හැකියාවන් මෑත ඉතිහාසයේ දේවල් එක්ක සංසන්දනය කළාම සත්‍ය යැයි හිතනවා.

    මොනව වුණත් ෙම් සටහන නැවත නැවතත් මිසර ඉතිහාසය කියවන්න ඒහා බැදුනු සිනමාව බලන්න හිත යොමුකළ සටහනක් වෙන්නෙ පොඩ්ඩි දෑසින් දැක්කවගේ ලියල තියෙන භාෂාව නිසා. ලෝකයේ කොහේ හිටියත් සිංහල භාෂාවේ අපූර්වත්වය විදහාලමින් එය නිසිලෙස හසුරවමින් පොඩ්ඩි කරන වාග් සංග්‍රාමය අගයකරනු හැර වෙන කුමක් ලියන්නද.


    ReplyDelete
    Replies
    1. // විශේෂයෙන්ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි හිමිවරුන් ෂඩ් භාෂා පරමේස්වර යන විරුදාවලී ලැබුවෙත් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මනාව දැනගෙන හිටිය නිසා. //

      රාහුල හිමියන් ෂඩ් භාෂා පරමේශ්වර යන විරුදාවලිය ලැබුවේ යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් දැන හිටිය නිසා නෙවෙයි.. සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, අපභ්‍රංශ, ෂෞරසෙනි හා පෛශාව කියන භාෂා හයක් දැනගෙන හිටිය නිසා..

      Delete
    2. @දයා,

      //ඒ නිසා ශාපයක් වගේ දෙයක් මිනිස් මුවින් ගිලිහෙන වචනවල වූ ශක්තියක් සහ ඒ ශාපය කිරීමට යොදාගන්නා වචන බන්ධනයේ ශක්තිය නැති කරන්න පුළුවන් වෙන්නේ ඒ වචනයේ ශක්තිය මුදාහැරි පුද්ගලයාටමයි. //

      වචනයක කිව නොහැකි ශක්තියක් තිබෙන බව මාත් විශ්වාස කරනවා. හින්දු භක්තිකයින්ගේ 'ඕම්' ස්වරය බලන්ට. ලෝකයේ හැම දේම නිර්මාණය කරන ලද්දේ ඒ ස්වරයෙන් බව පැවසෙනවා. කෙනෙකුගේ ශාපයක් අනෙකෙකුට වදින්ට පුලුවන් අවස්තා අපේ සමාජයේත් දැකගත හැකි වෙන්ට පුලුවනි. මෙය සමහරවිට වෙන නමකින් හඳුන්වනවා වෙන්ට පුලුවනි. එවැනි දේවල් නැහැයි කීමට බැහැ.

      // ලෝකයේ කොහේ හිටියත් සිංහල භාෂාවේ අපූර්වත්වය විදහාලමින් එය නිසිලෙස හසුරවමින් පොඩ්ඩි කරන වාග් සංග්‍රාමය අගයකරනු හැර වෙන කුමක් ලියන්නද.//

      මගේ ලිවීමේ හැකියාව කෙසේ වෙතත් සිංහල භාෂාව නම් අපූරු භාෂාවක්. මා එයට මෙතරම්ම ආදරේ කරන්නේ ඒ හන්දයි.:)

      Delete
    3. @බූරා,

      රාහුල හාමුදුරුවන් ඒ සඳහා ඒ භාෂාවන් ප්‍රගුණ කරන්ට ඇති කියලා හිතෙනවා. අදටත් ඔය යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් සඳහා පාවිච්චි කරන්නේ සිංහල භාෂාව නෙමේ නේද? කොහොමත් බුද්ධ ධර්මය උනත් ලියවිලා තිබුනේ පාලියෙන් නේද?

      Delete
    4. ළමයා ළමයා, ඔය කියන භාෂාවන් අපි මේ කතාකරන සිංහල, ඉංග්‍රීසි වගේ එදිනෙදා භාවිතාවුන, බොහොම දිග ඉතිහාසයක් තියෙන, ලිඛිත සාහිත්‍යයක් තියෙන භාෂාවන්.. මතකද මම කලින් දවසක කියපු 'කතා සරිත් සාගරය'? ඒක මුලින්ම ලියැවුනෙත් පෛශාච භාෂාවෙන්.. අනිත් අතට මාගධී කියන්නෙ පාලියෙ මූල භාෂාව.. ඉතිං රාහුල හාමුදුරුවො යන්ත්‍ර-මන්ත්‍ර කටයුතුවලට විතරක් නෙවෙයි ඊට වඩා වැදගත් තව ගොඩක් දේට ඒවා හදාරන්න ඇති..

      මට කියන්න ඕන වුනේ, රාහුල හිමියන්ට 'ෂඩ් භාෂා පරමේශ්වර' කියන විරුදාවලිය ලැබුනේ මොන හේතුවක් නිසාද කියන එකයි.. උන්නාන්සෙ ඒ භාෂාවන්ගෙන් මොන මොන වැඩ ගත්තද කියන්න දන්නෙ උන්නාන්සෙ විතරයි.. :)

      Delete
    5. අම්මෝ මේ භාෂා හය මොන ප්‍රදේශවල භාවිතා උනු ඒවද? මම හිතුවේ අපබ්‍රංශ කියන්නේ මිනිස්සු තේරෙන්නේ නෑ කියන එකට යොදාගත්තු වචනයක් කියලනේ. ඒ භාෂාව කතා කලේ මොන මිනිස්සුද?

      මම අහලා තියෙන්නේ සංස්කෘත හා මාගධි විතරයි.:(

      Delete
    6. ඒ බන් බුරා, එතකොට රාහුල හාමුදුරුවො සිංහල භාෂාව දැනගෙන හිටියෙ නැද්ද?

      Delete
    7. @ පොකු,

      මේ භාෂාවන් මධ්‍යකාලීන ඉන්දියාවේ භාවිත වුන ඒවා.. අද වෙනකොට මෙයින් අපට අහන්නටවත් ලැබෙන්නේ සංස්කෘත විතරයි.. ප්‍රාකෘත, මාගධි, අපභ්‍රංශ, ෂෞරසෙනි හා පෛශාව කියන පහම දැන් මළ භාෂාවන්.. නමුත් මධ්‍යකාලීන ඉන්දියාවේ (සහ ලංකාවේ) පිළිගැනීමක් තිබුනා ‍මේ භාෂාවන් උගතෙකු විසින් දැන සිටිය යුතුයි කියලා.. ඒකයි ඒ සියල්ලම දත් තැනැත්තාට විශේෂ ගෞරව නාමයක් පුද කලේ..

      පලි: ඔන්න ඔයාට වැඩිදුර මේ ගැන කියවන්න ඕනනම් මම ලින්ක් ටිකකුත් දැම්මා.. :)


      @ Skyman125,

      රාහුල හිමියන් සිංහල විතරක් නෙවෙයි දෙමළත් දැනං හිටියා කියලයි කියැ‍වෙන්නෙ.. නමුත් අර කියපු භාෂා හය දැනං හිටිය අයට තමා ඒ ගරුනාමය පුදලා ති‍යෙන්නෙ.. :)

      Delete
    8. Thanks Buro !!!

      හෙට උදේට හොඳට කියවලා බලන්නම්. සිංහල ඇවිල්ලා තියෙන්නෙත් අපබ්‍රංශ වලින්නේ බලාගෙන යනකොට. ඒක තමා මට මේ කියන දේවල් වැඩිය තේරෙන්නේ නැත්තේ.:)

      අද ටුටූගෙන් ඇවිත් තියෙන මෙසේජ් එක කොහොමද බලන්ට.:D

      Delete
    9. ටුට් කියලා තියෙන්නේ "If you let me in to your dreams..." කියලානේ.. ඉතිං පැත්ත පලාතේ එන්න දෙන්නෙ නැතිව පන්නන්ට.. එතකොට haunt කරන්ට බැහැ නෙවැ.. :D

      Delete
  41. කාලෙකට කලින් ඔය ගැන හදපු වාර්තා වැඩසටහනක් බැලුවා මතකයි, ඊට පස්සේ ඔය ගැන එහෙන් මෙහෙන් කියවන්නත් ලැබුණා. මතකය අලුත් කළාට ස්තුතියි. මමත් කැමති මාතෘකාවක්. :)

    ReplyDelete
    Replies
    1. හිරණ්‍ය කාලෙකින් එලියට ඇවිත්. මේ මාතෘකාවට කැමති නැති අය හරි අඩුයි හිරණ්‍ය. :)

      Delete
  42. තුතන් කාමන් කතාවෙත් රැජිනක් ගැන කියවෙනවා කියලා මම අහලා තිබුනේ නෑ..
    කොහොම වුනත් මේ සාපය තුතන් කාමන් හොයාගත්ත විද්‍යාඥයන්ට වදින එක හරිම අසාධාරණයි..මොකද එයාලා නිසානේ ඉතිහාසේ කවදාවත් ජනප්‍රිය නොවුනු රජකෙනෙක් ජනප්‍රිය වුනේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවේ ඇත්තකුත් තියනවා. ශාපය කරන්ට ඇත්තේ සොහොන බිඳින අයටනේ. එයා ජනප්‍රිය වෙයි කියලා ටුටූ හිතන්ට නැතුව ඇති. සමහරවිට අර හොවාර්ඩ් කාටර්ව බේරුවේ ඒ හන්දා වෙන්ටත් පුලුවන්.:D

      Delete
  43. මෙන්න පොඩ්ඩිගෙන් මම කැමති පෝස්ට් එකක්. (තාම කියෙව්වෙ නෑ හැබැයි) ඒත් ටූටන් කාමන් මගෙ කැමති මාතෘකාවක්. ඒ වගේම තමයි ඊජිප්තුව. මම යන්න ඉන්න රටවල් වල උඩින්ම තියෙන රටක්.

    ReplyDelete
    Replies
    1. අපි කට්ටියක් යන්ටයි ලෑස්තිවෙන්නේ . ඔයත් එන්ට. හැබැයි බයවෙන්ට එහෙම ඔට්ටු නෑ.:D

      Delete
  44. මෙන්න තවත් තුතන්කාමන්ගෙන් පණිවිඩයක්...දැන් නම් බයත් හිතෙනවා අප්පා. පුදුමේ කියන්නේ මෙයා එක, එක වෙලාවලට එක, එක රටවලනේ ඉන්නේ...:)

    'Don't you dare close your eyes, i would haunt till eternity & even beyond. If you let me in to your dreams my dear girl i would never ever leave- Tut...'

    ReplyDelete
  45. පිරමීඩ, ෆාරාවෝ රජවරු හා බැඳිච්චි ශාපය වගේ ඒවා ගැන කියවන්න මමත් ගොඩාක් ආසයි. ඒ ගැන ෆිල්ම්සුත් ගොඩාක් බලලා තියනවා.. මට හිතෙන්නේ තුතට්න්කාමන් ගැන තව නොවිසඳුනු බොහෝදේවල් වැලළිලා තියනවා කියලා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බොහෝ දේවල් ඇති. අපි ඒවා හොයන්ට යන්ටයි හදන්නේ......:D

      Delete
  46. මම දන්නා තරමට බොහෝ දේවල් සිදු වෙලා තියෙන්නේ එහි තිබුණු දිලීරයක් ආසාදනය වීමක්. නමුත් හදුනාගෙන ඇත්තේ පසුව. ඒ වගේම විද්‍යාත්මක හේතුවට ප්‍රචාරයක් දී මොමැති තරම්.

    ReplyDelete