ඔහු මිය
ගොසිනි. නිකම්ම නෙමේ. එල්ලිලාය. බැල්කනියේ ගැට ගැසූ ලනුවකිනි. මිනිහෙකුට මැරෙන්නට
මීට වඩා සුදුදු ක්‍රමයක් ඇත්තෙම නැද්ද? නිදි බෙහෙත් පෙති ටිකක් බීවා නම් නරකද?
ඔහුගේ අප්‍රාණික
දෙකකුල් පහලට එල්ලෙනවා දුටු, අල්ලපු බිල්ඩිමේ ගෑනු ලමයෙකු පලාත දෙවනත් කිරීමට තරම් කෑගෑම නිසා, ඔහුගේ සිරුර ඉක්මනින් හොයාගත්තේලු. ඈ සිටියේ ඔහුගේ කාමරයට අල්ලපු
කාමරේයි. ඒත් ඇයට සද්දයක්වත් ඇහුනේ නැති හැටි. ඔහුගේ කාමරෙන් එන සද්ද බැලීමට
නොයාමට ඈ තීරණය කලේ ගිය සතියේ අග. මේ සතිය පටන් ගත්තා විතරයි, ඔහු හැමදේම හැරදා යන්නටත් ගිහින්.
යහලුවෙකු
හැටියට ඔහුගේ කාමරය සුද්ද කිරීමට සිදු වූයේ ඇයටයි. ඔහුගේ බඩුවලට කුමක් කරන්නටදැයි
ඇයට හැඟීමක් වූයේ නෑ. ඔහුගේ බිරිය ඔහුගෙන් වෙන්ව ඇතිබව ඈ දැන උන්නා. ඔහු කවදාවත්
ඔහුගේ මව්පියන් ගැන, ඈ හා කතා කර තිබුනේ නෑ. ඇගේ දෑස නතර වූයේ ඔහුගේ චූටි පුතාගේ ජායා
රුවෙහි. ඒ හිනාව හරියට ඔහුගේ වගේමයි. හිත පාරවන සුලුයි.
ඈ ඉන්
දෙනෙත් අහකට ගත්තේ ඔහුගේ සිනාව හිතෙන් මකා දමන්ටයි. කාමරය පුරා තිබුනු අප්‍රාණික
ලීබඩු පවා තාමත් ඔහු එනතුරු බලා ඉන්නවා වගේ.
ඔහු හමුවූ
මුල් දවස ඇගේ හිතේ නැගුනා. කාමරයේ දොරට කවුරු හරි තඩි බෑවේ ලොකු හදිසියකින් වගේ. ඈ
දුටු ඔහුගේ මුවගට නැගුනේ විස්මිත සිනාවක්..'ඕ'
ඈ ඉදිරිපිට
උන්නේ දඟකාර හිනාවකින් මුව සරසා ගත්, ක්‍රීඩකයකුගේ වැනි දේහයක් තිබූ, කඩවසම් තරුණයෙක්.
'ඔව්..'
ඈ පැවසුවේ නිදිමතේම. රෑ එලිවෙනතුරු ටියුට් එකක වැඩ කල ඇය නින්දට
ගියා විතරයි. නින්දෙන් අවුල්වු කෙහෙ වැටියෙන්, රෝස් පාටවු
කම්මුලින්, කෙටි පිජාමාවකින් සැරසුණු ඇය, එදා ඔහුගේ හිත ඇදගත් බව ඔහු පැවසුඒ පසු දිනෙක. ඔහුගේ කාමරයේ උදුන දල්වන
හැටි අහගන්ටයි ඔහුට එදා උවමනා උනේ.
ඉන්පසු
දේශනයක් ඉවර වෙලා කැන්ටිමට දුවන අතරෙදි ඇයට, ඔහු මුන ගැහුනා.
ඔවුන්
දෙන්නා කෑම එකට ගත්තේ කාලයක් තිස්සේ දැන අඳුන ගත්තු යාලුවන් වගේ.
තමාට උදෙන්ම
දේශන නොමැති වුවත්, ඔහු හා එකට උදෑසනින් යෑමට ඈ
පුරුදු උනා. ඒ කාලය කෙතරම් සුන්දරද? ඇගේ ජීවිතේ ගෙවුනු
රස්වත්ම කාලය. කොල හැලෙන ශරත් කාලයේ ඈ ඔහුගේ අත් අල්ලාගෙන කොල හැලුනු ඒ මාරගයේ
හිනාවෙමින් ගමන් කලා. ඔහු හැසිරුනේ පොඩි ලමයෙක් වගේ. ඔහුගේ මුනාව නිතර හිනාවෙන්
පිරිලා තිබුනා. ඔහුගේ චූටි පුතාගේ මූන දුටුවාම අඳුරු වලාවකින් වැහිලා යන ඒ මුහුන
ආපහු එලියෙන් පිරෙන්නට පටන් ගත්තා.
ඈ ඔහු
වෙනුවෙන් කෑම හැදුවා. ඔහු පැමින් තිබුනේ ගම් පලාතකින්. ඔහුගේ භාෂා උච්චරාණයට
සිනාසුනු මුත් ඈ එය අනුකරණය කිරීමට තැත් කලා.
එක් දිනක
මධු විත වැඩිවූ මොහොතක ඈ, ඔහුගේ කාමරයේ රෑ පහන් කලා. උදෑසන ඔහුගේ මූන බැලීමට ශක්තියක් නොතිබුනු
ඇය තමන්ගේ කාමරයට වැදුනේ හොරෙක් මෙන්. ඔහු ඒ සිද්ධිය මතක් කලේවත් නෑ. හැසිරුනේ
එවැන්නක් නොවූ ගානටයි. ඇගේ ජීවිතයේ වටිනාම දිනය, ඇගේ
ආදරයේ මල්පල ගැන්වූ දිනය ඔහු එලිවෙනවිට මකා දැමූ හැටි. එතැන් පටන් ඔහු හිටියේ
තරමක් නිශ්ශබ්දව.
ඔහු නැවතත් වෙනස්
උනේ, කුමිකෝ හන්දා. ඔහු, කුමිකෝ මුන ගැහුනු දවසේ හැසිරුනේ පොඩි එකෙක් වගේ.
'මට
ඔයා වගේම කෙනෙක් හම්බ උනා' ඔහු පැවසුවා. 'ඈ ජපන් ජාතික කෙල්ලක්. ඒත් ඇගේ හැම ඉරියව්වකිනම මට මතක් වෙන්නේ ඔයා'
ඔහු, තමාගේ හදවත පාගා, පොඩි පට්ටම් කරනබවක් ඈට දැනුනත් ඈ එය ඔහුට හැගෙව්වේ නෑ.
තමා බඳු නම්
තමාට ආදරය නොකර, ඔහු
කුමිකෝහට ආදරය කලේ මන්දැයි, ඇයට තේරුනේ නෑ. කුමිකෝගේ විශේෂ ලස්සනක් ඈ දුටුවේ නෑ. වෙනත් ජපන්
කාන්තාවන්ට වඩා ඈ උසයි. සිහින්. තද කලු කෙස් කළඹක් ඇයට තිබුනා. ඒ වගේම සිත් ගන්නා
ලජ්ජාශීලී හිනාවකුත් තිබුනා. ඈ හරිම විනීතයි. ඒ වගේම පිරිසිදුයි.
කුමිකෝ
ඔහුගේ කාමරයේ පදිංචියට ආවා. ඈට උදේ හවහා මූන දෙන්ට සිදු උනේ මේ නවතම ආදරවන්තයින්
දෙන්නාට. තමා පිස්සෙකු මෙන් කුමිකෝහට ආදරය කරනබව ඔහු පැවසුවා. කුමිකෝගේ බඳ වට දෑත්
යවාගත් ඔහු හීන් හිනාවකින් මුව සරසාගෙන ඈත අහස් තලය දිහා තණ ගොල්ලේ වැටී බලා
සිටිනු ඈ නිතර දුටුවා. කුමිකෝ ඔහුව බලාගත්තේ මවක් වගේ. කුමිකෝ කෑම හදා ඔහුට කවනු, ඈ බලා හිටියා. හදවත පැලෙන්නට ආවත්
එය වසා ගෙන සිනාසෙන්න්ට ඈ උත්සාහ කලා.
ඇය වෙනත්
ශාලාවක කාමරයක් ගෙන යෑමට හැදුවත් එය වැල්වූයේ ඔහු. 'ඔයා ගියාම අපි තනිවෙනවා' ඔහු
පොඩි එකෙකු මෙන් ඇගේ අත් අල්ලාගෙන පැවසුවා. 'කුමිකෝට කිසි
දෙයක් තේරෙන්නේ නෑ. ඔයා අපිව දාලා යන්ට එපා' තමා ඔවුන් හා
එහි රැඳී සිටීමට තරම් මෝඩ වූයේ ඔහු නොදැක සිටීමට තමාට නොහැකිවූ නිසා නොවේද?
ඔහු නැති
අතරේ ඉඳහිට කුමිකෝ ඇගේ කාමරයටත් ආවා. දෙන්නා කතා බහ කලා. දිනක් ඈ කුමිකෝ හා පැය
ගණනක් කතා කලා. කතාබහ පටන් ගත්තේ කෙසේදැයි ඈට මතකත් නෑ. තමාගේ හිතට ඊර්ශ්‍යාවක්
ආවේ කෙසේදැයි ඈම දන්නේ නෑ.
ඒ වසන්තය
ලැබුවා විතරයි. හදිසියේ එක් දිනෙක, කුමිකෝ ඔහුට නොකියා ජපානයට ගිහින් තිබුනා. ඈ හමුවීමට ආ
ඔහු ඇඬුවේ ඉකිබිඳිමින්.
'මම
ඇයට මගේ පනටත් වඩා ආදරෙයි' ඔහු පැවසුවා.
'එයා
නැතිව මම ජීවත් වෙන්නේ කොහොමද? ' ඔහු ඇගෙන් විමසුවා.
තාමත් අඬන ඔහුගේ උරිස් මත ඈ අත් තබන විට ඔහු නැගිට්ටේ ඒ අත් පසු පසට කරමින්. හරියට
ඇගේ ස්පර්ශයට ඔහු අකැමති වගේ. එය ඔහුට වේදනාවක් වූවා වගේ. එදා සිට ඔහු වෙත නොයෑමට
ඈ තීරණය කලා. ඈ ඔහු වෙත ගියා නම් සමහර විට මේ දේ නොවන්නට තිබුනා. ඇයට ඔහු බේරා
ගන්නට තිබුනා.
ඈ ඔහුගේ
පරිඝනකය දිහා බලා උන්නේ කල්පනාවක් නැතිව. ඔහුගේ සටහන්, රහස්, බලාපොරොත්තු
සියල්ල මෙහි සැඟවී තියෙනවාද? ඒවා සියල්ල මේ යන්ත්‍රයත්
සමග වැලලී යාවිද?
තමා කුමිකෝට
ඒ අනවශ්‍ය රහස එලි කලේ ඇයි? ඇගේ දෙනෙතින් ගලා ආ කඳුලු වැල් ඇගේ දෙකපුල තෙමමින් පහලට ඇදුනා.
'කුමිකෝට
අපි දෙන්නා එකට රාත්‍රියක් ගෙවු බව කීවේ මමයි. ඒ ඇයි කියලා මා දන්නේ නෑ, මට සමාවෙන්ට' ඈ දනින් වැටී ඉකිබින්දා....
ප/ලි: මේ
කතාව ලිවීමට හේතු වූයේ ලඟදී අසන්නට ලැබුනු සිය දිවි හානි කරගැනීමක් නිසා. ඒ
එක්කම කස්සගේ බ්ලොගයේ දුටු අලුත්ම පෝස්ටුව
නිසා.
බෞද්ධයින්හට
දිවි නසා ගැනීම පාපයක්ද කියන හැඟීම මෙතනදි පැන නැගුනා. අනෙකුත් ආගම්වල හැටියටත්
දිවි නසා ගැනීම පවක්. තමන්ගේ ජීවිතය වුවත්, එය ප්‍රාණයක් හැටියට ගැනෙන නිසා, එය විනාශ කර දැමීම ප්‍රාණයක් නැති කර දැමීම හා සමාන පවක් වෙනවා.
බුදුන් කල
සිටි ගෝධික නැමති දැඩි වීර්ය සහිත හාමුදුරු නමක් කිහිප විටක් ධ්‍යාන ලැබගන්නේ රහත්
විය නොහැකි නිසා, අවසානයේ ගෙල සිඳදාගෙන මියයනවා. මිය යැමට මොහොතකට කලින් සංසාරයේ
බියජනකබව වටහාගන්නේ ඔහු අර්හත් බාවයට පැමිණෙනවා.
Eckhart Tolle කියන කතුවරයාගේ ලෝක ප්‍රසිද්ධ, ඒ වගේම ධාර්මික
සමාජයේ මහත් විප්ලවයක් ඇති කල, ‘The
power of now’ කියන
පොතේ, ඔහු මෙහෙම
සඳහන් කරලා තියනවා.
හැමටම වඩා
ඔහුගේ පැවත්ම ගැන. මේ කාලකණ්ණි ජීවිතේ තව දුරටත් ගත කරන්නේ මොකටද? තවත් මේ සඳහා අරගල කරන්නේ මොකටද?
ඔහු තුල ඇතිවෙලා තියෙන්නේ ඒ ජීවිතේ විනාශ කරලා දමන්ට තද ආශාවක් .
ජීවත්වීමට වඩා , ජීවිතය නැතිකරගැනීමට තදබල ආශාවක්. මේ
වෙලාවෙදි තමා ඔහු සත්‍යය දුටුවා කියන්නේ.
ඒ කියන්නේ ජීවිතේ දුක
නියම විදියට තේරිලා , ජීවත් වීම වැඩක් නැහැ කියන අයට සත්‍යය පේන්ට පටන්ගන්නවා කියන එකද?
කොහොම උනත්
දිවිනසා ගන්නවා කියන්නේ හොඳ දෙයක් නම් නෙමෙයි. පොඩ්ඩිට කියන්ට තියෙන්නේ එච්චරයි.
‘The mind is a superb
instrument if used rightly. Used wrongly, however, it becomes very destructive.
To put it more accurately, it is not so much that you use your mind
wrongly---you usually don’t use it at all. It uses you. This is the disease.
You believe that you are your mind. This is the delusion. The instrument has taken
you over.’
The power of
now………….Ekhart Tolle


මම මේ කල්පනා කලේ, මේ කතාවෙ කතා නායිකාව පැත්තකට වෙලා බකන් නිලන් ඉන්නෙ නැතුව ගිහින් " මාත් එන්නද?" කියල ඇහුවනන් මේ කතාව වෙනස්ම විදිහකට ලියවෙන්න තිබ්බ! නැද්ද මං අහන්නෙ??
ReplyDeleteමේ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක්වත් තේරෙන්නේ නෑ. පොඩ්ඩක් තේරුම් කරලා දුන්නා නම්...:)
Deleteමෙහෙම අහන්නේ කවුරු කාගෙන්ද? කුමක් සඳහාද? තේරෙන්නේ නෑ මුහුදු අයියේ!
Deleteහැබෑටම මොකක්ද මේ කියන්නෙ කියල මටත් තේරෙන්නෙ නැහැ :)
Deleteමුහුදුට නම් මේකට උත්තරේ දෙන්නම වෙනවා. මාත් මේ කියන්න හැදුවේ මටත් තේරෙන්නේ නෑ.
Deleteමා අසා ඇති පරිදි බෞද්ධයෙක් ලෙස කළහැකි ලොකුම පාපය සියදිවි නසා ගැනීමයි. එමෙන්ම සිය දිවි නසා ගැනීම යනු කිසිම ගැටළුවකට පිළිතුර නොවේ.
ReplyDeleteකමාගේ ජීවිතයට ආදරයක් නැති කෙනා තවත් අයෙකුට ආදරේ කරයිද?
තමන්ගේ ජීවිතයට වඩා අනුන්ගේ ජීවිතයකට කෙනෙක් ආදරේ කරයි නම්? :)
Deleteබුදු දහමට අනුව බැලුවත් ඉතාමත් දුක් සේ ලබාගත්තු මිනිසත් බව නැති කරගන්න එක නම් පවක් තමා. ඒත් භික්ෂු විනයේ දක්වලා තියෙන විදිහට නම් සුව කළ නොහැකි රෝගයක් තියෙන භික්ෂුවක් තමන් නිසා අනෙක් අය වෙහෙසට පත් වෙන එක වලක්වන්න, රෝගී තත්වය දරාගෙන ඉන්න අපහසු නිසාම සියදිවි නසා ගත්තාට ඇවැත් නොවන බව දක්වලා තියෙනවා..
ReplyDeleteමේ තව කතාවක් මම කාලෙකට කලින් කියවපු බෝගොඩ ප්‍රේමරත්න මහත්මයාගේ ධර්මය සම්බන්ධ පොතක තිබුණා ලංකාවේ පැවිදිවෙලා හිටිය විදේශික භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍ය ගතවෙලා භාවනා කරලා අවසානයේදී සෝවාන් ඵලයට පත්වුනාලු. ඊට පස්සේ උන්වහන්සේ සිය දිවි නසා ගත්තාලු.
Deleteහසිතගේ පිළිතුරට තව කොටසක්......
Deleteසියපණ නසා ගැනීම දශඅකුසල කර්ම පථයට අයත් ප්‍රාණඝාත කර්මක් නොවේ. තමාගෙන් අන්ය සත්වයෙකු මැරීමම ප්‍රාණඝාත කර්මය වේ. විනයේ හැටියට භික්ෂුව මිනිසෙක් මැරුවොත් පාරාජිකාවට පැමිණේ. සියපණ හානීකර ගැනීමෙන් කුඩා ඇවතකට පැමිණේ. සිය පණ හානී කරගැනීමය, පරපණ නැසීමය යන දෙකේ මහත් වෙනසක් ඇති බව එයින් දත හැකිය.
කෙසේ වුවද, සියපණ නසා ගැනීම ද්වේශ සහගත සිතින් කලොත් පාපකර්මයකි. නමුත් යට සඳහන් ගෝධික ස්වාමින් වහන්සේ සියපණ නසාගත්තෙ සසර දුක කෙලවර කරගැනීමේ අරමුණිනි. නිතර ස්ථාවරව නොපවතින මාර්ගපල ලාභීන් මාර්ගපල වල පිහිටියා වු මොහේතේ දී සියදිවි හානිකර ගැනීම ගැන භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසු විට බුදුපියාණන් එය අනුමත කර තිබෙනවා.
මේ කරුණ වැරදියට තේරුම් ගැනීම නිසා වැරදි නිගමන වලට පැමිණිය හැකි බැවින් වැඩිදුර කරුණු සොයා බලා කරුණු අවබෝධ කරගැනීම ඉතා වැදගත්.
@හසිත,
Deleteහසිතගේ පලවෙනි කමෙන්ට් එකට.... මේ විදියට බැලුවොත් තමන්ගේ වැඩ තමන්ට කරගන්ට බැරුව රෝගී වෙලා ඉන්න අයට අද කාලේ නීතියෙන් තහනම් උනත්, තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට ඉඩක් තියනවා වගේ නේද?
අනෙක තමා, සෝවාන් පලයට ලඟා උනු කෙනෙකුටත් මෙහෙම දිවිනසා ගන්ට හිතෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් නේද? සෝවාන උනු කෙනෙක් ජීවිතය දකිනවා ඇත්තේ වෙනස් විදියකට.
@ඇනෝ,
Deleteහොඳට ධර්මය දන්න ඇනෝ කෙනෙක්.:)
මේ විදියට බැලුවොත් තමන්ගේ පණ, පර පණ වෙන්නේ නෑනේ. ඒ හන්දා එය ද්වේෂ සිතින් නොකලොත් පවක් සිද්ධවෙන්නේ නෑ කියන එක තමා මින් තේරුම් යන්නේ නම්.
පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බලන්ට ඕනි.
චේතනා හං භික්කවේ කම්මං වදාමි!
Deleteකස්සට එකඟයි.. අකුසල් වෙන්නේ ලෝභ ද්වේශ මෝහ මුල් කරගෙන කරන දේ ...
Deleteප්‍රශ්න වලට විසඳුම ඒකලුනේ...
ReplyDeleteහපොයි විහිලු කරන්ට එපා අනේ...:)
Deleteප්‍රශ්ණ නැති අය කවදත් හිතන ආකාරයට සහ ජනප්‍රිය මතයට ගරු කරලා තමයි හැමෝම කියන්නේ දිවි නසා ගැනීම වැරදි දෙයක් කියලා. නමුත් එ කේස් එකේ ගැඹුරටම ගියාම තේරෙනවා ඇයි ඔහු හෝ ඇය දිවි නසාගත්තේ කියලා. රාවයේ, ටිරන් කුමාර බංගගමආරච්චි ඉතා වැදගත් ළිපියක් ලියලා තිබුනා ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම ගැන. ඔහු සොයාගත් දේ සනාත කරලා තිබුනා කවුඩුල්ලේ ජයතිස්ස කියන ගොවි නායකයා. පොලිස් වාර්ථා අනුව ගිය වසරේ සිය දිවි නසාගත් ගනන 3770 ක්. එයින් 899 ක් ගොවියෝ. මේ ගොවියෝ සියදිවි නසාගෙන තියෙන්නේ ආතල් එකට නෙමෙයිනේ. එකක් වගා පාළුව. අනික ණය ගෙවා ගන්න බැරුව, හිරේ යන්න බයට, නමුත් ග්‍රාම සේවක වරුන්ට උපදෙස් දීලා තියෙන්නේ සිය දිවි නසා ගැනීමට හේතුව පවුල් ආරවුල් ලෙස දන්වන ලෙසයි. හරි අපි එහෙම හරි හිතමු. දුප්පත් කම ඉස්සරහ දොරින් එනකොට සතුට සාමය පස්ස දොරෙන් පැනලා යනවා. මේ මිනිස්සුන්ට තමන්ට කියලා ඉඩමක් කඩමක් නෑ. ඉන්නේ සෙල්ලම් ගෙවල් වගේ ගෙවල් වල. දරුවන්ට කන්න දෙන්න ඕන. හැම දේම කරන්නේ මේ ගොවිතැනෙන්. ඒකට ප්‍රශ්ණයක් ආවම මේ අයට කිසි පිලිසරණක් නෑ. ඉතින් වස බොනවා ඇර වෙන මොකක් කරන්නද. කාටත් කියන්න ලේසෙයි. නමුත් කල යුත්තේ ඔවුන් ගොගැනීමට මාර්ග සෙවීමයි. එතනදි අපි කාටත් වගකීමක් තියෙනව. නැතුව කියන්නන් වාලේ වහ බොන එකා කාළකන්නියා කියන එක පව්. වහ බොන එකාට ඉස්සෙල්ල. ඌට බනින එකා අපායේ යනවා.
ReplyDeleteමාතලන්ට මගෙන් රා පොල් කට්ටක්.
Delete@මාතලන්,
Deleteකියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත. මේ කියලා තියෙන්නේ එක විදියකට ජීවිතයට මූන දීමට නොහැකිවීම. මට මතක හැටියට මේ වගේ මාතෘකාවක් යටතේ ආමීර් ඛාන්ගේ වයිෆ්, ෆිල්ම් එකක් හදලා තිබුනා.
@ඇනෝ,
Deleteඊට වඩා හොඳ මුකුත් නැද්ද?:)
මේකට ආතල් උත්තරයක් දෙනවද, සමාජීයමය උත්තරයක් දෙනවද නැත්නම් ධාර්මික උත්තරයක් දෙනවද කියලා හිතාගන්න බෑ. කෝම උනත් පට්ට පෝස්ට් එක.
ReplyDeleteමටත් උත්තරයක් හිතාගන්න බැරිව ඉද්දි උඔ කෝම උත්තරයක් හිතාගන්න ද අනුරාධ....:P
Delete@අනූ,
Deleteකැමති විදියකට දුන්නෑකි.:)
@බුද්ධි,
Deleteබුද්ධිට උත්තරයක් නැති වෙන වෙලාවලුත් තියනවද?
අම්මෝ බය හිතෙනවා පොඩ්ඩි අක්කේ . මම නම් ඔය වාගෙ මැරුන කෙනෙක් දැක්කොත් සිහිය නැතිව යාවි. ඒත් ඉතින් මැරුන කෙනා ලොකු හිතේ වේදනාවකින් ඉන්න ඇති නේද. නැත්නම් ඉතින් සියදිවිහානි කර ගනීවිද :(
ReplyDeleteමෙයා මාර බය ගුල්ලියක්නේ...:)
Deleteකාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා. අපෝ මේක දැක්කාම ඇඟත් හිරි වැටුනා. මේ ඇත්ත කතාවක්ද පොඩ්ඩියේ?
ReplyDeleteඇත්ත කතාවක්ලු. කැම්පස් එකක් සිද්ධ වෙච්ච එකක්. කාලෙකින් හරි ආව එක හොඳයි. මම හිතුවේ මේ දවස්වල වැඩ නෑ කියලනේ.:)
Deleteහ්ම්.... මට හිතා ගන්න බැරි අර දර්ශනේ දැකලා අර ගෑනු කෙනා කොහොම ඉවසුවද කියලා.
ReplyDeleteඒක නම් ඇත්ත. මුලු ජීවිත කාලය පුරාම ඒ දර්ශනය හිතෙන් අමතක කරන්ට බැරි වෙයි...:(
Deleteහිතට ගොඩාක් වැදෙන විදියට ලියලා තියෙනවා.භාෂාව හසුරවා තියෙන විදියට මට මතක් වුනේ මලවුන්ගේ අවුරුදු දා කෘතිය.... මෙතන කාටද වැරැද්ද පටවන්නේ කියලා මට තීරණයක් ගන්න බෑ ඒත් වෙන ආදර්ශ ගොඩක් ගත්තෑකි මං හිතන්නේ...
ReplyDeleteසියදිවි නසාගැනීම වැලැක්වීමේ දිනයක් පහුගිය දාක යෙදී තිබ්බා මට මතකයි මම ඒ දවසේ වැදගත් ලිපියක් කියෙව්වා.ඒ ලිපියේ තිබ්බේ සියදිවි නසාගන්න තීරණය කරන ඕනෙම කෙනෙක්ගේ මනසින් තමන් කරන්න යන ක්‍රියාව තමා එකම ගැලවීමේ මාර්ගය කියලා ඔප්පු කිරීමක් වෙනවලු.සමහර පුද්ගලයින් කිසිම හේතුවක් නැතිව උදේ නැගිට්ට හැටියේ සියදිවි නසාගත් අවස්ථා වාර්තා වෙනවලු....
බෞද්ධ දර්ශනයට අනුව නම් මම දන්නේ සියදිවි නසාගැනීම තවත් කෙනෙක්ගේ පණක් නසනවටත් වඩා පවක් කියලා.
පුද්ගලයෝ මැරෙන හැටි මම දැකලා තියෙනවා.ඒ වෙලාවට හිතට දැනෙන දේ කාටවත් තාම කියාගන්න බෑ.කීප සැරයක්ම ආධාරක පද්ධතිවලින් හුස්ම ගත්තු මගේ ඥාතීන්ගේ ඒ පද්ධතිය ගලවලා තිව්වාම හයියෙන් හුස්ම අරගෙන එකපාරට මුළු ඇඟම හෙලවෙන්නේ නැතිව ගියාම ඒ අන්තිම මොහොතේ කොයිතරම් වේදනාවක් විඳින්න ඇත්ද කියලා හිතෙනකොට කවදාවත් සියදිවිනසාගැනීමක් ගැන නම් හිතන්නවත් බෑ....
ඒත් හැමෝම කොයි වෙලේ හරි මැරෙනවනේ.මම නම් ප්‍රාර්ථනා කරන්නේ ගොඩක් කාලයක් දුක් නොවිඳ මැරෙනවනම් හොඳයි කියලා.මොකද මම දැකපු ගොඩක් කට්ටිය මාස ගානක් විඳවලා මැරුණේ.... කවුරු හරි ඇවිත් මරලා දාලා යනවනම් කොයිතරම් ෂෝයිද නේද... මට මතක්වෙන්නේ අර පුණ්න තෙරණුවන්ගේ කතාව මගේ මතකය නිවැරදි නම් ඒ සංවාදේ මේ සියදිවි නසාගැනීම් සම්බන්ධව ලොකු උත්තරයක් දෙනවා.
ඔක්කොමත් හරි
//කුමිකෝට අපි දෙන්නා එකට රාත්‍රියක් ගෙවු බව කීවේ මමයි. ඒ ඇයි කියලා මා දන්නේ නෑ, මට සමාවෙන්ට' ඈ දනින් වැටී ඉකිබින්දා....//
මේක පැහැදිලි ඉරිසියාව...
//එක් දිනක මධු විත වැඩිවූ මොහොතක ඈ, ඔහුගේ කාමරයේ රෑ පහන් කලා. උදෑසන ඔහුගේ මූන බැලීමට ශක්තියක් නොතිබුනු ඇය තමන්ගේ කාමරයට වැදුනේ හොරෙක් මෙන්. ඔහු ඒ සිද්ධිය මතක් කලේවත් නෑ. හැසිරුනේ එවැන්නක් නොවූ ගානටයි. ඇගේ ජීවිතයේ වටිනාම දිනය, ඇගේ ආදරයේ මල්පල ගැන්වූ දිනය ඔහු එලිවෙනවිට මකා දැමූ හැටි. එතැන් පටන් ඔහු හිටියේ තරමක් නිශ්ශබ්දව.//
මෙතන කොල්ලා වැරදියි පැහැදිලිවම.හැබැයි කෙල්ලත් මත්පැන් බිව්ව එක වැරදියි ඒක නෑ කියලද කියන්නේ....
ආයේ පොඩ්ඩි අක්කා නියම ශෛලියට ඇවිත් තියෙනවා... එල එල ජය වේවා...
කිසිම කෙනෙක් මොනාද කරන්නේ කියලා කාටවත් තීරණය කරන්ට බෑ. තමන්ගේ ජීවිතයට මොනාද කරන්නේ කියලා වග කියන්ට ඕනි තමුන්. ඒ හන්දා ඒකේ වැරැද්දක් නෑ කියලා මාත් හිතනවා.
Deleteමැරෙන මොහොත හරිම වේදනාකාරී වෙන්ට ඇති. අවසන් මොහොතේ කවුරු හරි ඇවිත් මරලා යනවා නම් ? හපොයි...මට නම් ඒක හිතා ගන්ටත් බෑ.
කෙල්ලෝ ඉතින් කොහොමත් ඊරිසියාලුනේ. කොල්ලෝ තමා කියන්නේ. ඒ වගේම ඊරිසියාවන්ත කොල්ලොත් ඉන්නවා ඕං.
ඔයා කියලා තියන තැන නෙමේ ගොඩක් තැන්වල කොල්ලෝ තමා වැරදිකාරයෝ...හී හී...
මම තදින්ම හිතා ගත්තා කොල්ලන්ට මඩ පෝස්ට් එකක් දාන්ට. පිදුම අපේ ආදරණීය ගැමියා මල්ලිට.:D
සියදිවි නසාගැනීම පාපයක් කියලයි මගෙත් පිළිගැනීම...ඒ උනාට විදින්න බැරි තරම් වේදනාවක් විදිමින් ඉදිරියට අවිනිශ්චිත වසර ගණනාවක් ජීවත්වනවාට වඩා මරණය සැපයි කියලා මැරෙන අය හිතනවත් ඇති... ඒ සිතුවිල්ල ඒ අයගෙ පැත්තෙන් සාධාරණයිද මන්දා...
ReplyDeleteසුවකල නොහැකි දරුණු රෝගාබාධ වලින් පෙළෙන ඇතැම් රෝගීන් හට වෛද්‍ය නියමයෙන් ජීවිතය අවසන් කරන නීතිමය ක්‍රමවේදයක් පිළිබදව ඇතැම් රටවල් මේ වන විට අවධානය යොමු කරමින් සිටිනවා.... ඔබේ ලිවීමේ ශෛලිය අපූරුයි... ජය!
මගෙත් විශ්වාසයක් , පිලිගැනීමක් තියනවා සිය දිවි හානි කරගැනීම පවක් කියලා. සිරා කියන්නා වගේ අපේ මනසේ හැසිරීම අපිට හිතා ගන්ට බෑ. විශේෂයෙන් වේදනාවක් උහුලගන්ට බැරිකම, ක්ෂණික තරහා වගේ දේවල් හන්දා තමා විශේෂයෙන් සියදිවි හානි කරගන්නවා ඇත්තේ. මොනවා උනත්, හරිම කණගාටුදායක් දෙයක්. මිනිහෙක් වෙලා උපදින්ට මෙච්චර අමාරුනම් එය ලේසියෙන් විනාශ කරලා දාන එක පවක්ම වෙන්ට ඕනි.
Deleteසියදිවි නසාගැනීම කියන්නේ තවත් කෙනෙක් මරනවට වඩා බරපතල හැඟීමක්
ReplyDeleteඔව්. එය කරන්නේ අකැමැත්තෙන් නම්...
Deleteඔහුට උවමනා වූයේ "කුමිකෝ" බිරිඳ ලෙසත් "ඇය" ඔහුගේ දුක් අහගෙන ඉන්න අනියම් බිරිඳ ලෙසත් තබා ගැනීමයි. ඇය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් ඇරඹුවා නම් අනිවාර්යයෙන්ම ඔහු එයට විරුද්ධ වනවාට කිසිදු සැකයක් නැහැ.
ReplyDeleteමමත් ඒකට එකඟයි, "'ඇය' ඔහුගේ දුක් අහගෙන ඉන්න අනියම් බිරිඳ ලෙසත් තබා ගැනීමයි" කියන කෑල්ලට ඇර. පේන විදිහට "ඔහු" ට "ඇය" හොඳම මිතුරිය පමණයි. මොකක් නමුත් හේතුවක් නිසා "ඇය" කෙරෙහි ශෘංගාරාත්මක සිතිවිලි ඇතිකර ගන්න ඔහුට නොහැකි වී ඇතිබව පේනව. අර දෙකක් නමා ගත්ත වෙලාවෙ වුනේ පොඩි "අත්වැරද්දක්" බව " ඇටි කෙසෙල් කාපු උගුඩු" මූඩ් එකෙන්ම පැහැදිලි වෙනවා
Delete.මේ කතාව හුදෙක් නිර්මාණයක් පමණයි කියලා උපකල්පනය කලත්, මේ වගේ සිදුවීම් යථාර්ථයට වඩාත් සමීපයි.
බස්සෝ, මම එතන අනියම් බිරිඳ යන්නෙන් අදහස් කරේ මිතුරියකට එහා ගිය මිතුරු කමක් යන්න හඳුන්වන්නයි.
Deleteමෙන්න මේ ටිකෙන් කියවෙන්නෙ එහෙම සම්බන්ධයක් නේද?
"ඔහු හා එකට උදෑසනින් යෑමට ඈ පුරුදු උනා. ඒ කාලය කෙතරම් සුන්දරද? ඇගේ ජීවිතේ ගෙවුනු රස්වත්ම කාලය. කොල හැලෙන ශරත් කාලයේ ඈ ඔහුගේ අත් අල්ලාගෙන කොල හැලුනු ඒ මාරගයේ හිනාවෙමින් ගමන් කලා. ඔහු හැසිරුනේ පොඩි ලමයෙක් වගේ. ඔහුගේ මුනාව නිතර හිනාවෙන් පිරිලා තිබුනා."
හ්ම්... ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. අර "ඔහුගේ මුනාව නිතර හිනාවෙන් පිරිලා තිබුනා" කිව්වෙ මොකක්ද? "පනාව" දානව කියල එකක් නං අහල තියේ :)
Delete@තරු,
Deleteගැහැනුන්ගේ හිත්වලට වඩා අමාරුයි පිරිමි හිත් තේරුම් ගන්න එක. එයාලා කතා කරනවා අඩු හන්දා.
Delete@බස්සා,
මෙහෙම කීවොත් කොහොමද? ඔය විදියේ තත්වයක් ආවාම පිරිමි හැසිරෙන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ....:)
@තරු,
Deleteඅනිවාර්යෙන් එය මිතුරුකම ඉක්මවා ගිය මිතුරුකමක් වෙන්ට ඕනි. ඔය මධුවිත පානයක් කරලා සිහිය නෑ වගේ පෙන්නන එක නම් ලොකු බොරුවක්. උදේට සිහිය නෑ වෙන්ට ඇති. ඒත් යමක් කරන, කියන වෙලාවල නම් බීවත්, නොබීවත් මිනිසුන්ට හොඳත සිහිය තියන බව තමා මම නම් විශ්වාස කරන්නේ.
"ඔය මධුවිත පානයක් කරලා සිහිය නෑ වගේ පෙන්නන එක නම් ලොකු බොරුවක්."-
Deleteහික් හික්.... මුකුත් අත්දැකීමක් එහෙම තියනවද?
"ඔය විදියේ තත්වයක් ආවාම පිරිමි හැසිරෙන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ....:)"
Deleteමම උගුඩුවොත් දැකලා තියනවා, ඇටි කෙහෙලුත් දැකලා තියනවා. ඒත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො නම් දැකලා නෑ.. කන්නාඩිය ගාවට වත් ගිහින් බලන්නද?
හපොයි අපේ ඔෆිස් එකේ ඉන්න කොල්ලෝ මධුවිත ගාගත්තාම කරන විකාර සහ ඊලඟට කියන කතා ඇහුවාම පේනවා එයාලා හොඳ සිහියෙන් ඉන්නබව.:)
Deleteමම නම් උගුඩුවෝ දැකලත් නෑ. ඇටි කෙහෙල් දැකලත් නෑ. හැබෑට ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ කන්නාඩි ඇතුලේ ඉන්නවද? :D
ලස්සන කතාව පොඩ්ඩි...කුමිකෝට හූනු බිතතරයක් තරම් ඔළුවක් තිබුනනම් පොඩ්ඩක් හිතන්ඩ තිබුනා..
ReplyDelete// ඇය තමන්ගේ කාමරයට වැදුනේ හොරෙක් මෙන් // මෙතන "හෙරක්" වෙන්ඩ ඕනා නේද ?
සිය දිවි නසා ගැනීම ගැන ලේඛිකාව දරණ මතය හා මාත් එකඟයි..
සෙන්නට ස්තූතියි. අර වැරැද්ද හදන්නම්.
Deleteකුමිකෝට විතරක් නෙමේ අනික් දෙන්නටත් හූනු බිත්තරේක තරම් මොලයක් තිබිලා නෑ.:)
අපූරුවට ලියා තිබෙනවා..එකහුස්මට කියවාගෙන ගියා.මියගිය කෙනාටවඩා..කථානායිකාව හිත්වේදනාවෙන් හිටියා කියලයි..කතාවෙන් ගම්‍ය වෙන්නෙ.
ReplyDeleteඔබ හරි. මැරිලා ගිය අයට වඩා කොහොමත් විඳවන්නේ ජීවත් වෙලා ඉන්න අය. කුමිකෝත් ප්‍රශ්නෙන් පලා ගියා. ඉතුරු වෙන්නේ කතා නායිකාව පමණයි.
Deleteසිය දිවි නසා ගන්න ගිහින් මැරෙන්නෙ නැතිව බේරුන කාන්තාවක් ඉන්නව මාත් හදුනන . ඇය දැනටත් ලෙඩෙක් . සිය දිවි නසාගන්න තැත් කරල තියෙන්නෙ තමන්ගේ ස්වාමියාගෙ වෙනත් සම්බන්ධයක් අතට අසු වීම නිසා . මොනතරම් මානසික බිද වැටීමක් වෙන්න ඕනෙ ඇතිද තමන්ගේ ජීවිතය තමගේ අතින්ම නැති කරගන්න .
ReplyDeleteමේ ගැනනම් සෑහෙන්න හිතන්න වෙනව පොඩ්ඩි උත්තරයක් දෙන්න අපහසු ප්‍රශ්නයක් .
පිළිතුරු දෙන්ට අපහසු ප්‍රශ්නයක් තමා. ඒ කාන්තාවගේ ජීවිතයේ වැදගත්ම ඇගේ, සැමියා වෙන්ට ඇති. තමන්ගේ ලෝකය කැඩිලා බිඳිලා ගියාම ඉන් පැනලා යනවා මිසක් අල්ලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා ඈට හිතෙන්ට ඇති.
Deleteපොඩ්ඩි මේ අන්තිමට කියල තියන කතාව නිසා වෙනම පැත්තකට සංවාදය ඇදෙනව කියලයි මට හිතෙන්නෙ....
ReplyDeleteදිවි නසා ගැනීම පවක්ද නැද්ද?...පව් ගැන කතාකරන්ට ගියොත් ඊළඟට ඇදිල එන ප්‍රශ්නය තමයි පව් කියන්නෙ මොනවද කියන එක...මතභේදාත්මක කරුණු අත ඇරල මම මෙහෙම කියන්නම්...දිවි නසා ගැනීම වරදක්ද නැද්ද?
ඕකට උත්තරයක් හිතාගන්ට කලින් මෙහෙම හිතමු අපි....තමන්ගෙ ජීවිතය තමන්ගෙද නැද්ද?....ජීවිතය තමන්ගෙ නම් ඒකට කැමතිදෙයක් කරන්ට තමන්ට අයිතියක් නැහැයි කියන්නෙ මොන පදනමක ඉඳගෙනද?...මගෙ කාර් එක මට ඕන නම් විකුණල දාන්ට පුළුවනි..ඕනනම් කාට හරි නිකම් දෙන්නත් පුළුවනි..ඒ මොකවත් නැත්නම් ගිනි කූරක් ගහල ගිනි තියල දාන්නත් පුළුවනි. ඒ මගේ කැමැත්ත..මට ඒ හැකියාව එන්නෙ කාර් එක මගේ නිසා...මට අයිති නිසා...ඉතිං ජීවිතේ ගැන විතරක් මීට වෙනස් අර්ථ කථනයක් බලපවත්වන්නෙ කොහොමද කියල මට වටහා ගන්න අමාරුයි. ජීවිතේ මගේ නම් මට ඕන වෙලාවය ඒක නැතිකරගන්න අයිතියකුත් මට අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන...
දැන් මේ පොඩ්ඩි ලියල තියන කතාව ගැන...අපූරුවට ජීවිතේ අවිනිශ්චිත බව...කැළඹෙන සුළු බව ඒ වගේම මිනිස් හැඟීම් වල තියෙන ව්‍යාකූල බව සටහන් කරල තියෙනව.
ඇය..ඔහු සහ කුමිකෝ........
මේ තුන් දෙනාම බොහොම සාමාන්‍ය මිනිස්සු..සාමාන්‍ය හැඟීම් හිත්වල ඇතිවෙන සාමාන්‍ය මිනිස්සු ඒ හැඟීම් වලට ප්‍රතික්‍රියා දක්වන විදිහට ප්‍රතික්‍රියා දක්වන, ආදරය, සෙනෙහස, ඊර්ෂ්‍යාව , ඉච්ඡා භංගත්වය ඔය කියන සාමාන්‍ය මිනිස් ගතිලක්ෂණ වලින් අඩුවක් නැතුව සතුටු වෙන ඒ වගේම අඩුවක් නැතුව වේදනා විඳින සාමාන්‍ය මිනිස්සු...
මිනිස් හැඟීම් කියන එව්ව වෙනස් වෙන්ට අසුරු සැනක් ප්‍රමාණවත් කියන කතාව අහල තියනව නේද?..එ වගේම තමයි හරියට කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඉදිකටු මලකින් රිංගනවට වඩා අමාරුයි කියලත් තියනව...
ඇය, ඔහු සහ කුමිකෝ...... කාටවත් මම නම් වරදක් කියන්නෙ නෑ....ජීවිතේ කියන්නෙ අපිට බැමි බැඳල නවත්තන්න නැත්නම් වෙන අලුත්ම මාර්ගයකට යොමු කරන්න පුළුවන් ප්‍රවාහයක් නෙවෙයි...අපිට ඕන විදිහට අපි ජීවිතේ ගෙවනව කියල හිතුවට ඒ මතුපිටින් පේන්න තියෙන මායාවක් විතරයි...ජීවිතේ ගලායන්නෙ ජීවිතේට ඕන විදිහට....අපිට කරන්න පුළුවන් එකම දේ උපේක්ෂා සහගත වෙන එක විතරයි.
උපේක්ෂා සහගත වෙන අතරෙ තව දෙයක් කරන්ට පුලුවනි අපිට...තමන්ගෙ ජීවිතේට කිට්ටු අනෙකුත් පුද්ගලයො ගැන හෘදයාංගමව , සෙනෙහස පෙරදැරි කරගෙන හිතන එක.....
මේ කතාවෙ ඇය, ඔහු සහ කුමිකෝ තුන් දෙනාම අන්න ඒ විදිහට උපේක්ෂා සහගතව ඒ වගේම සදාදරණීය විදිහට අවශේෂ පුද්ගලයන් ගැන හිතුවනම් ජීවිතේ ගැන මීට වඩා උපේක්ෂා සහගත උනානම් කතාවෙ අවසානය මීට වඩා වෙනසක් වෙන්න තිබුණා. මිට වැඩිය ප්‍රීතිමත් අවසානයක්ම නෙවෙයි මම මේ කියන්නෙ...වෙනස් අවසානයක් ගැන...
ඒත් කවුද අප්පා දන්නෙ?....එහෙම නොවෙන්නත් හොඳටම ඉඩ කඩ තියෙනව ...නේද?
Human mind is the most wonderful and exquisite creation of all. Sheer absurdity and unpredictability of human emotions makes one want to commit suicide during life's crisises umpteenth times, But all the same isn't destroying such an ingenious creation is a diabolical crime against humanity itself? ( Author - ? )
ප.ලි. - පොඩ්ඩිගෙ වියුණු සටහන් වල මම දකින එක අපූරු ලක්ෂණයක් තමයි පින්තූර පාවිච්චි කරනව හරියටම ලියන දේට ටක්කෙටම ගැලපෙන්ට...දැන් ඔන්න අද බලන්ට ...මේ වගෙ කතාවක් ලියල අන්තිමට දාල තියෙන්නෙ අයිස් නංගිගෙ පොටෝ කෑල්ලක්...පහුගිය සතියෙ ඔය අම්මණ්ඩි දිවි නහගන්ට හැදුවයි කියල ලොකු හාහෝවක් ගියානෙව...ඒ නිසා මේ පෝටොස් එක තමයි මේ පෝස්ට් එකට හරියටම ගැලපෙන එක...දන්නවනෙ අපෙ පොඩ්ඩි ආයෙ වැඩක් කලොත් කාටවත් ඒකෙ ඇඟිල්ලක් ගහන්ට ඉඩක් තියන්නෙ නැතෙයි කියල..හෙහ්, හෙහ්,
මගෙ ජීවිතේ අයිති මට විතරමද.?? නැහැ රවී, අපේ ජීවිතෙන් පුංචි කොටසක් හෝ අපේ 'සමීපතමයින්ටත්' අයිතියි..
Deleteහා, ඔබ වහන්සේ සැපැත් වුනේ දැං වෙන්ටෑ? :)
Deleteමේං මගේ තුට්‍ටු දෙක :
උයා දෙන්නී
අස්පස් කරන්නී
මවක සේ
දුක සැප බලන්නී
බ්‍රේක් නැති කට
විස පෙවූ විට
වැළහින්නියක
සේ අඬන්නී
ඇයයි ගැහැණිය
නම් ලබන්නී
Delete@රවි
ජීවත් වීමේ අයිතිය හෝ එය නැති කරගැනීමේ අයිතිය තියෙන්නේ අපිට බව මාත් පිලිගන්නවා. නැති කරගැනීම පවක් කියලත් තරයේම විශ්වාස කරනවා. ඒත් ඉතින් හිත කියන එක කොයි මොහොතේ කොයි පැත්තට හැරෙයිද කියන එක හිතා ගන්ට බැරිබවත් දන්නවා.
ඒ කියන්නේ රවි කියලා තියන එකට එකඟයි කියන එකමද?:)
//දැන් මේ පොඩ්ඩි ලියල තියන කතාව ගැන...අපූරුවට ජීවිතේ අවිනිශ්චිත බව...කැළඹෙන සුළු බව ඒ වගේම මිනිස් හැඟීම් වල තියෙන ව්‍යාකූල බව සටහන් කරල තියෙනව.//
අපේ ජීවිතත් අවිනිශ්චිතයි. ව්‍යාකූලයි. කැළඹෙන සහිතයි. ඒක හන්දා වෙන්ට ඇති නිර්මාණය පහසු වෙලා තියෙන්නේ.
//මිනිස් හැඟීම් කියන එව්ව වෙනස් වෙන්ට අසුරු සැනක් ප්‍රමාණවත් කියන කතාව අහල තියනව නේද?..එ වගේම තමයි හරියට කෙනෙක්ව තේරුම් ගන්න එකත් ඉදිකටු මලකින් රිංගනවට වඩා අමාරුයි කියලත් තියනව...//
මේ තියෙන්නේ ඇත්තම ඇත්ත.
අර නොහඳුනන ලේඛකයා කියලා තියන කතාවත් ඇත්ත.
@බූරා,
Delete'අපේ සමීපතමයින්ට' චූටි කොටසක් හරි අයිතියි. හොඳ චූටි කොටස. පොඩ්ඩිට නම් අයිතියක් කියන්ට තරම් දෙයක් නෑ. ගෙදර සහ වටපිට ඉන්න අනෙක් උදවියට තමා එයාගේ ජීවිතය අයිති වෙලා තියෙන්නේ. :D
@බස්සා,
Deleteගෑනු මෙච්චරම හොඳද? :D
සිය දිවි නසා ගන්න අයෙක්ගෙ මානසික තත්වයට අපිත් වැටුනොත් අපි කරන්නෙත් ඕකම තමයි.මේ ලියන මටත් එවැනි හැඟීම් කොච්චර ඇවිත් තියනවද?
Deleteප්‍රථම ප්‍රේමය විරහවක් වුනාම, මේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා මට මුලින්ම හිතුනෙ වයස 17දී විතර. ඒත තව ටිකක් කම්පනා කරන් යනකොට හිතුනෙ බොලේ මම මැරුනාට පස්සෙ කිසි කරදරයක් නැතුව මේකි අර කොල්ලා එක්ක ඉඳී නේද කියල. එහෙම හිතුනට පස්සෙ වෙනදටත් වඩා සතුටෙන් ඉන්න පුලුවන් වුනා.
හැබැයි ඒ සතුට මට ආවේ මම වැරැද්දක් නොකරපු නිසා. ඒත් මට පිටුපාපු ඇයට ඒ ඉරණමම පස්සෙ අත් වුනාම සිය දහස් වරක් පසු තැවෙන්න ඇති.
දුක හිතෙන ලියවිල්ලක් . කෙටිකතාවක් වගේ .මේ කතානායිකාව සහ ඔහු වගේ සම්බන්ධතා මන් දැකල තියෙනව . යාලුවෝ වගේ යාළුවොත් නෙමේ . කීපදෙනෙක් අසතුටින් . සියදිවි නසාගැනීම ගැන නම් මට හිතෙන්නේ මනුස්සයෙක්ගේ දරාගැනීමේ හැකියාව මත තීරණය වෙන දෙයක් . අපිට පොඩි දෙයක් වගේ පේන දේ එයාට මහා මෙරක් වෙන්න පුළුවන් .අනේ මන්ද . දිවිනහගන්න වුනත් පුළුවන් ඉතින් බැඳීම් අඩු අයට. දරුවෝ ඉන්න අම්මල දෙපාරක් නෙමේ සියපාරක් හිතනවා මේ වගේ පියවරක් ගන්න කලින්. ඒ අතින් බැලුවම නම් අපට අපේ ජිවිත වල තනි අයිතියක් නැහැ .
ReplyDelete
Deleteඅම්මලාට නම් මේ වැඩේ අමාරු ඇති තමයි. දෙමව්පියන්ට ආදරේ ලමයින්ටත් මේක අමාරු දෙයක්. මොන දේ කීවත් බින්දි ඔයා කියලා තියනවා වගේ යම් කෙනෙක් මේ වගේ දැඩි තීරණයක් ගන්නේ ඒ අවස්තාවේ එය කෙතරම් තදින් පෙනෙනවද දැනෙනවද කියන එක උඩ තමයි. මොන විදියට සිද්ධ උනත්, එය තමාගේ සමීපම අයට පමණක් නෙමේ වටාපිටාවේ උදවියගේ ජීවිත පවා නොසන්සුන් කරන, ජීවිතය ගැන කළකිරෙන දෙයක්.
ඉරිසියාවයි කුහක කමයි නිසා එයා ඒක කිව්ව..ඒත් කුමිකො ඇත්තටම ආදරේ කලා නම් දාල යන්නෙ නෑ..කොල්ල මෝඩයෙක් නොවුන නම් එහෙම බෙල්ලෙ වැල දාගෙන පන නහ ගන්නෙත් නැහැ..
ReplyDeleteඇයි අප්පේ එහෙම කියන්නේ.... කුමිකෝත් ඉරිසියාවෙන් පිරී ඉතිරී පුපුරන්න ඇති එයත් ඉතින් ස්ත්‍රී පරාණයක්නේ... ඔය වගේ වෙලාවක මොලේ මොකක් හරි අස්ථාවරත්වයක් ඇතිවෙනවා ඇති සියදිවිනසාගන්න හිතෙනනේ...
Deleteකෙල්ලෝ දෙන්නම වැරදියි කිව්වොත් අක්කා මොකෝ කියන්නේ... ???
කුමිකෝට අනිවාර්යෙන් ඊරිසියා හිතෙන්ට ඇති. කවුද කැමති තමන්ගේ කෙනා ඔයවගේ දෙයක් කරනවාට. මම නම් අහවලා වෙන කෙල්ලක් දිහා බලනවටවත්, අඩු ගානේ කෙල්ලෙකුගේ නමක් කියනවටත් කැමති නෑ. හී හී...
Deleteඔතන කෙල්ලෝ දෙන්නාගේ නෙමේ වැරැද්ද තියෙන්නේ. දෙන්නම් එක්ක නටපු අර කොල්ලගේ හහ්....:D
ඔය සිදුවීම වුනේ කුමිකෝ හමු වෙන්න කලින් නිසා කුමිකොට තිබුන කලබල නොවී ඉන්න . ඔය පරණ හුටපට ඇද්දොත් ඉතින් ලෝකෙන් බාගයක් දිවි නහගෙන
Delete+++++++++++++++++ බින්දි:)
Deleteඉරිසියාවයි කුහක කමයි නිසා එයා ඒක කිව්ව..ඒත් කුමිකො ඇත්තටම ආදරේ කලා නම් දාල යන්නෙ නෑ..කොල්ල මෝඩයෙක් නොවුන නම් එහෙම බෙල්ලෙ වැල දාගෙන පන නහ ගන්නෙත් නැහැ..
ReplyDeleteකිරිල්ලි කියන විදියට කතා නායිකාව ඊරිසියාකාර, කුහක කෙනෙක්. තමන් ආදරේ කල, තමාගෙන් ප්‍රයෝජන ගත්තු කෙනෙක් වෙන කෙල්ලෙක් එක්ක ඒ විදියට හැසිරෙනකොට එහෙම නොහිතුනානම් එයා මනුස්සයෙක් වෙන්ට බෑ.
Deleteමම කුමිකෝ නම් මාත් කරන්නේ දාලා යන එක. මටත් ඒ වගේ කොල්ලෙක්ගෙන් වැඩක් නෑ.:)
කෙල්ලක් හන්දා මැරෙන කොල්ලා මෝඩයෙක් නේන්නම්. ඔක්කොම කොල්ලෝ වගේ එයත් මෝඩයි. මට ගහන්ට එහෙම ඔට්ටු නෑ.
ඔය මට හිතෙන හැටි.
අන්තිමට කියන්ට තියෙන්නේ මේ චරිත ඔක්කොම මිනිස් චරිත ...:D
පොඩ්ඩි ලියන මේ ශෛලියට මම හරි ආසයි. කතා වල ගලාගෙන යන ස්වරූපයෙන් ලියන්න පුලුවන් අය හරි අඩුයි. ඔයා ඒ අඩු අයගෙන් කෙනෙක්. නියමයි.
ReplyDeleteසියදිවි නසා ගැනීම මෝඩ කමක්. ඒත් මිනිස්සුන්ට සමහර වෙලාවට එහෙම හිතෙන එක සාධාරනයි කියලත් හිතෙනව.
මම ඒ අඩු අයගෙන් කෙනෙක් කියලා හිතන එකට සතුටුයි.:)
Deleteදිවි නසා ගන්න අය නම් එක් එක් හේතු හන්දා, තමන්ගේ ඉවසීමේ හැකියාව මත ඔය වගේ දේවල් කරනවා ඇති. මෝඩයි තමයි. ඒත් සාධාරණයි. ඒක නම් ඇත්ත.
හ්ම්ම්ම්..බොහොම සංකීර්ණ මාතෘකාවක්. මං හිතෙන්නෙ මේක වැටෙන්නෙ " වරප්‍රසාද සහිත මිතුරුකම" කියන වර්ගයට:
ReplyDeleteදන්න විදිහට මෙන්න නීති පද්ධතිය:
#1 Don’t fall in love
#2 Know your relationship has a shelf-life
#3 Keep it a secret
#4 Don't do pillow talk
ඔය නීති තිබුණට, ඔව්ව ක්‍රියාත්මක කිරිල්ල එච්චර ලේසි නෑ. අන්තිමට කියන්න තියෙන්නෙ " ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි" කියල තමා.
#5 No sleep overs
ඔය කියන නීති පද්ධතියට නම් එකඟවෙන්ට බෑ.
Deleteප්‍රේමයයි වෛරයයි අතර කෙස් ගහක වෙනසකට වඩා දෙක , එකම කාසියක දෙපැත්තක් විදියටයි මට නම් පේන්නේ. ප්‍රේම කරන ගමන් වෛර කරන්ටත් පුලුවනි.:)
බස්සා දන්නා පහක් . ඒවුනාට ඔව්ව කොරන්න ගිහින් අනාගැනීම තමයි බොහෝ විට වෙන්නේ . වැඩිපුරම ආසියානු සමාජයේ . හොලිවුඩ් ෆිල්ම් බැලුවම පේනවා ඔය ඉරිසියාව ආසියාව ට වඩා නෙමේ ඇමරිකන් මහද්විපෙටත් වඩා ලොකු බව
Deleteසංකීර්ණ මාතෘකාවක් පොඩ්ඩි..
ReplyDeleteසියදිවි නසා ගැනීම සාධාරණීකරනය කරන්න බැරි අපි එකිනෙකාගෙ සංවේදී මට්ටම් වෙනස් නිසා..ඒක නිසා කාගෙවත් තීරණයක හරි වැරදි බලන්න අපිට අයිතියක් නෑ කියලයි මට හිතෙන්නෙ..
හැමදාම වගේ රූ හරි. එහි හරි, වැරදි බලන්ට අපිට අයිතියක් නෑ. ඒවගේම හරි හෝ වැරදි උනත්, ඒ වගේ දෙයක් නවත්තන්ටත් අපිට අයිතියක් නෑ එහෙමද? :(
Deleteඕනෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක තමන්ගේ ජීවිතෙන් පලක් නෑ කියල හිතෙන්න පුළුවන්, ජීවත් වීම නවත්තල දාන්න කල්පනා කරන්නත් පුළුවන්. ඒත් හැමෝම ඒක ක්‍රියාවට නගන්නේ නෑ. මම නම් දකින්නේ සියදිවි නසා ගැනීම ප්‍රශ්න වලීන් පැනල යමක් මිසක් උත්තරයක් හැටියට නෙමෙයි. ඒ කොහොම වුණත් මැරෙන්න හරි ජීවත් වෙන්න හරි අයිතිය තියෙන්නේ තමන්ට මිසක් වෙන කාටවත් නෙමේ යි කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.
ReplyDeleteකුමාරිහාමිගේ ලීවීම ගැන කියනවා නම් තව ටිකක් කලබල නොවී, සිද්ධි විස්තර කරමින් ලිව්වනම්, මීටත් වඩා සාර්ථක වෙයි කියල හිතනවා. "Show, Don't tell" කියල කියමනක් අහල ඇතිනේ. :)
දැන් කොතනදිද පොඩ්ඩි කලබල වෙලා තියෙන්නේ කියන්ටකෝ. දිවිනහ ගැනුම ගැන කෙලින්ම මගේ අදහස ඉදිරිපත් කල හන්දද?
Deleteඊලඟ පාර ඉතින් ඔක්කොම නොකියා කට්ටියට හිතාගන්ටත් ඉඩක් තියන්නම්කෝ...:D
"නින්දෙන් අවුල්වු කෙහෙ වැටියෙන්, රෝස් පාටවු කම්මුලින්, කෙටි පිජාමාවකින් සැරසුණු ඇය"
ReplyDeleteපට්ටම සීන් එකක් නෙ... ඇත්තටම පොඩ්ඩියෙ ඕස්ට්‍රේලියාවෙ කෙල්ලො උඩට මොකුත් අඳින්නෙ නැද්ද රෑට?
කොතනද කියලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ කෙල්ලෝ රෑට උඩට අඳින්නේ නෑ කියලා. අමා, නිරෝ මෙන්න ඔස්ට්‍රේලියාවේ කෙල්ලන්ට බනිනවෝ මේ ස්කයි අය්යා....:D
Deleteපිජාම කිව්වම උඩ කෑල්ලකුත් තියෙනවා ළමයෝ
Delete"කෙටි පිජාමාවකින් සැරසුණු ඇය"
Deleteඔතන ඇරිලා තියෙන්නෙ උඩු කය නෙවේ බන් , යටි කය.
(හිතා ගන්න බැරිනම් තව විස්තර දෙන්නම්)
මොකෝ තරු නිකන් මරුමුස් පින්තුරයක් දාගෙන . කාවවත් බය කරන්න තියෙනවද
Deleteහා, හා, ඒ මරුමුස් නෙමෙයි, රාජ තේජස :)
Delete@බින්දි,
Deleteපිරිමි ඉතින් පිජාමේ එකේ යට කොටසින් විතරලු නිතරම සැරසෙන්නේ. ඉතින් ගෑනු උදවියත් එහෙම කියලා හිතනවා ඇති.:D
@බින්දි, ඒකෙ මරුමුස් පෙනුමක්ද තියෙන්නෙ?? මක්ක කොරන්නෙයි, ඔය තමයි මගේ ඇත්ත පෙනුම :-)
Deleteඅපොයි දිවි නහ ගන්න එවුන්ට මාර ආවේගයක් හිතට එන්නේ.අපේ ගෙවල් ගාව වයසක උන්දෑ කෙනෙක් මලා. උන්දෑ වහ බීලා මලේ.. වහ කුප්පියේ මූඩිය ගලවන්නෙත් නැතුව බෝතලේ අඩියෙන් හිල් කරලා බෝතල් කටුත් එක්ක බීල තියෙන්නේ....
ReplyDeleteමැරිලා වැටිලා හිටපු විදිහ මතක් වෙනකොටත් ඇඟේ මයිල් මෙවුවා වෙනවා....
එයාට නම් ලොකුම ලොකු උවමනාවක් තිබිලා තියනවා දිවි නහගන්ට. ඒකනේ මූඩිය අරින්ටත් කල්පනාව නැතුව යටින් හිල් කරලා බොන්ට ඇත්තේ. එහෙම නැතිනම් කලින් වහ බීලා පුරුදු නැති කෙනෙක් වෙන්ට ඕනි. අනෙක් අය බොන්නේ ඔහොම හිල් කරලා කියලා හිතන්ට ඇති.
Deleteඇයි ඉතින් ඔය වගේ දේවල් බලන්ට යන්නේ? පැත්තකට වෙලා ඉන්ටකෝ...:)
මූඩිය අරින්නෙ නැතුව අඩිය හිල් කොරන හැටි හොයල කියහන්කො ස්කය්යො.. මොකෝ මගේ යාලුවෙක් ගාවා ජොනී අය්යගෙ බෝතල් කලෙක්ශන් එකක් තියනවා. ඌ බොන්නෙත් නෑ බොන එකෙක්ට දෙන්නෙත් නෑ... :-)
Delete@තරූ :
Deleteඔන්න මටත් ජොනී කලෙක්ශන් එකෙන් ටිකක් බොන්ඩ තියේ නම් මම් ක්‍රමේ හොයන්නම්... :)
@තරු,
Deleteමේ ස්කය්යා නෙමේ අනේ. මධූ...පේන්නේ නැද්ද මධුවිත ඉල්ලන හැටි.:D
@පොඩ්ඩි,
Deleteහෆොය් මට දැනටම ජොනියා වැදිලා වගේ,
@මධූ,
දෙන්න බැරියැ බන් මට ගහන්න පුලුවන් භාගෙට පොඩ්ඩක් වැඩි වෙන්න විතරයි.
මම අහල තියනවා මරණයේ වේදනාව හරියට "අලියෙක් ඉදි කටු මලෙන් ඇතුල් වෙන්න හදනකොට දැනෙනවා වගේ වේදනාවක්" කියලා. එච්චර වේදනාවක් නොතකා සිය දිවි නසාගන්න එක නිර්භීත කමක්ද කියලා නම් මම දන්නේ නෑ...
ReplyDelete
Deleteඑච්චරම අමාරු දෙයක් නම් ඉතින් ඒ වගේ වේදනාවක් උහුලන එක නිර්භීතකමක් වෙන්ට ඕනි. ඒත් ඉතින් ඒ වගේ දේකට තේරුමක් නැතුව මුහුන දෙනවා නම් ඒක මෝඩකම.
විකල්පයක් පේන තෙක් මානෙක නැත්නම් සියදිවි නසා ගැනීම වරදක් නෑ.
ReplyDeleteමොකද වෙන්නේ කාලයට ඉඩ දීලා පොඩ්ඩක් පැත්තකට වෙලා උන්නා නම්...:)
Deleteකාලය බොහෝ ප්‍රශ්ණ වලට විසඳුම් සපයයි කියල විශ්වාස කරන කෙනෙක් නම් සියදිවි හානි කර ගන්නේ නෑ. අර හාමුදුරුවන්ගේ කතාව කියනවා නම් උන් වහන්සේගේ චේතනාව තමයි එතනට වැදගත්. තමන්ට නිසි පිළිගැනීමක් නෑ කියල හිතෙන අය තමයි සිය දිවි හානි කර ගන්නේ. ඒත් තමන්ට වීරිය තියෙනවනම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්.
ReplyDeleteපොඩ්ඩිගේ ලිවීමේ සාර්ථකත්වය මනින්න පුළුවන් මිම්මක් තමයි වැටෙන කමෙන්ට් ගණන. විවිධ අය විවිධ පැතිකඩ වලින් දැකලා උත්තර බඳිනවා.
ඉවසීම තියෙන කෙනෙක් කවදාවත් දිවි නහගන්නේ නෑ කියලයි මම නම් හිතන්නේ.
Deleteකමෙන්ට් ගනනින් කෙසේ වෙතත්, කමෙන්ට් කරන් විදියෙන් සාර්ථක බව දකින්ට පුලුවන් කියලයි මට හිතෙන්නේ. ඔයා කීවා වගේ එකම දේකට විවිධ පැතිවලින් බලලා උත්තර දෙන එක තමා මම ආසම දේ. ඒ වෙලාවට කමෙන්ට්ස් වලට උත්තර බඳින්ටත් ආසා හිතෙනවා.:)
කොතනින් පටන් අරන් කොතනින් කෙළවර කරන්නද කියලා හිතාගන්න බෑ. පොඩී අද ලියල තියෙන කාරනය ඉතාමත් සංකීර්ණ එකක්. මට හිතෙන හැටියට නම් අද කතා බහට ලක් වෙන්නෙ "ආදරය" පරාජය සහ පළායාම වගේ එකක්.
ReplyDelete"ඈ" ඔහුට ආදරය කළා වගේම ඔහු කුමිකෝට අදරය කරනවා. මේ දෙදෙනා අතර ගලා යන්නෙ දැඩිව එකිනෙකාට බැදුනු ආදරයක්. ඔහු කුමිකෝට දැඩිව ආදරය කරන්නේ විවෘතව යම් සේද එලෙසම "ඇය" ඔහුට ආදරය කරන්නේත් රහසින්. විවෘතව ආදරය කිරිමත් රහසින් ආදරය කිරිමත් අතර ඇති වෙනස තුළ රහසින් ආදරය කිරීම ඉතාමත් ගැඹුරු වගේම සංකීර්ණයි.
ඒ වගේ වෙලාවක යමෙක් තමා වඩාත්ම කැමත් දේ නොලැබුණාම අවස්ථාව ආ ගමන් ඒ ආදරය ප්‍රකාශ වෙන්නෙ නොහිතන පරිද්දෙන්. ඇය කුමිකෝට ඔහු සමග රැයක් ගෙවූ ප්‍රකාශකරන්නේ ඒ නිසා.
මේ දෙදනාම නියම අයුරින් වටහා ගන්නේ කුමිකෝ විතරයි කියල මට හිතෙනවා. ඒ නිසා ඇය පළා යනවා. ඔහුටත් ඇයටත්ට ඉඩදී. ඒවගේ වෙලාවක සිය දිවි හානි කරගන්න එක පිරිහුනු මනසකින් යුතුව සිදුකරන්නක්. ඒත් සිය දිවි හානි කරගැනීම කෙනෙක් මුහුණ දෙන ගැටලුවට විසඳුම නොවේ. කල යුත්තේ සැබෑ ලෙසින් ගැටලුව හඳුනාගෙන විසඳුමක් සොයාගැනිමට උත්සාහ කිරිමයි.
"ගොලු හදවත" නවකතාවේත් චිත්‍රපටයෙත් සුගත්ගේත් දම්මිගේත් නොහැඟවූ ආදරය නිසා මෙහෙම විපතක් සිදුවුණා. ඒ කතාවේ නම් සුගත් බීමට ඇබ්බැහි වුණා. මේ කතාවේ ඔහු සිය දිවි හානිකරගත්තා වුවත් කාන්තාවන් දෙදෙනාම විසඳුමක් නැති ගැටලුවක් ඉදිරියේ අසරන වෙනවා.ඒ රහස හෙළි කිරීමෙන් ඇතිවන සැකයත්, සැකය නිසා කුමිකෝට පලා යාමට ඉඩ සැලැස්විමත් යන කාරණා.
හැබැයි බෞද්ධ ඉගැන්වීම් අනුව නම් සිය දිවි හානි කර ගැනිම නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීමට නොහැකි ක්‍රියාවක් විදියට යි මම අහල තියෙන්නෙත්.
ඒ මොනව වුණත් ලංකාවේ ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහය අනුව සිය දිවි හානි කර ගැනිමට තැත් කිරිම බරපතල වරදක්. ඒත් ඉතින් ඒක වරදක් වෙන්නේ බේරුනොත් විතරයි.
Deleteදයා අදත් කතාව දිහා වෙනස් විදියකට බලලා. ගොඩක් රචකයෝ සංවේදී උදවිය. ඒක ඔයාගෙන් පැහැදිලි වෙනවා.:D
මෙන්න උදාහරණ……
//විවෘතව ආදරය කිරිමත් රහසින් ආදරය කිරිමත් අතර ඇති වෙනස තුළ රහසින් ආදරය කිරීම ඉතාමත් ගැඹුරු වගේම සංකීර්ණයි.//
//ඒ වගේ වෙලාවක යමෙක් තමා වඩාත්ම කැමත් දේ නොලැබුණාම අවස්ථාව ආ ගමන් ඒ ආදරය ප්‍රකාශ වෙන්නෙ නොහිතන පරිද්දෙන්. //
//මේ දෙදනාම නියම අයුරින් වටහා ගන්නේ කුමිකෝ විතරයි කියල මට හිතෙනවා. ඒ නිසා ඇය පළා යනවා. //
කුමිකෝ කරපු ක්‍රියාව නිවැරදි බවක් හිතුනේ ඔයාගේ කමෙන්ට් එක කියවද්දි.
ප්‍රේමය කියන එක ඉතින් අහිමි උනොත් , කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්ට අමාරුයි. ආදරේ සුන්දර වගේම හරිම නපුරුයි.
ඇත්තටම ඒක නොකියා හිටියනම් අදත් "කුමිකෝ" ඔහු ලගද ?
ReplyDeleteඇත්තටම ඔව්. දෙන්නා සාර්ථක විවාහ දිවියක් ගෙවන්ටත් ඉඩ තිබුනා.
Deleteකතාව නම් සුපිරියි.. ඒත් මට නොතේරෙන්නෙ සැකය කියන මාතෘකාව මේකට අදාළවෙන්නෙ කොහොමද කියන එක..
ReplyDeleteසියදිවිනසාගැනීම නම් මෝඩකමක් හැටියටයි මම දකින්නෙ.. ඒත් යම් ප්‍රශ්නයක් හමුවේ ගැළවීමක් නැතැයි සිතුනාම සියදිවි හානිකරගැනීම ලොකුම විකල්පය ලෙස හිතෙනවාද දන්නේ නෑනෙ.. සමාජයෙන් තමයි සියදිවිනසාගැනීමට බලපෑම ඇතිවෙන්නෙ.. උදාහරණයකට කිව්වොත් තමාගෙ දුක දරාගැනීමට වඩා සමාජයට මූණදීමේ ලජ්ජාව මත මේක සිදුවෙනවා කියලයි මම හිතෙන්නෙ.. මේ කතාවෙදි උනත් වෙනත් තැනැත්තියක්ව විවාහ කරගැනීමෙන් පස්සෙ ඇය හැරයෑමෙන් ඇතිවුන ලජ්ජාව නිසා මෙහෙම දෙයක් වෙන්න පුලුවන්..
"අනෙකුත් ආගම්වල හැටියටත් දිවි නසා ගැනීම පවක්" මෙහෙම කියපු නිසා මගේ ආගමේ මේක දකින හැටිත් ටිකක් කියන්නම්. දස පනතෙ තියෙන 'ජීවිත විනාශ නොකරන්න' කියන පනත කඩ කිරීමක් හැටියට තමයි සළකන්නෙ..සියදිවි නසාගැනීම මිනී මැරීම තරම්ම දරුණු පාපයක්.. අතීතයේදි සියදිවි නසා ගත්තවුන් කතෝලික සභාවෙන් ඉවත් කරලා තිබෙනවා.. ඔවුන්ට අවසන් ආගමික වතාවත් පවා ලැබිලා නෑලු.. ඒවගේම වලලලා තියෙන්නෙත් 'ජිංතීගුව' (බිම්තීරුව යන්නෙ වැරදි උච්චාරණය) කියන මිනී පිටියේම වෙනම් කොටසකලු.. ඒත් පසුව කාලෙක මේ නීති ලිහිල්වෙලා තියෙනවා.. අවස්ථාවේ හැටියට සියදිවි නසාගත්තත් මරණයට පෙර ඔවුන් ඒ පිළිබඳ පසුතැවිලි වූවාද නොවූවාද කියන එක නොදන්නා නිසා පව පින තීරණය කිරීම දෙවියන් වහන්සේටම පවරලා දැන් සාමාන්‍ය පරිදි වත් පිළිවෙත් වෙනවාලු..
සැකය තමා මේ ඔක්කොමටම් මුල් උනේ. ඊට වඩා හොඳ මාර්තෘකාවක් හිතාගන්ට බැරි උනා.
Deleteසමාජයට මූනදෙන්ට බැරිවීම මුල් හේතුවට එකතු වෙන තව හේතුවක් වෙන්ට පුලුවන්. කමෙන්ට්ස් කියවනකොට මගේ හිතට ආපු දෙයක් තමයි අපි නොහිතුවට අද කාලේ දික්කසාද උනු, බිරිය හෝ සැමියා මියගිය අය කොච්චර ඉවසීමේ හැකියාවක් තියන නිර්භීත අයද කියන එක. එයාලගේ මානසික මට්ටම අපි කාටවත් හිතාගන්ට බැරුව ඇති.
මමත් ඔය අනෙක් අය වලලන කොටසේ දිවිනසාගත් අයව වලලන්ට ඉඩ නොදෙන කතාව අහලා තිබුනා. ඒ නීති දැන් ලිහිල් වෙලා තියනවා නම් හොඳයි. ඇත්තටම අනුන් වෙනුවෙන් කිසිම දෙයක් තීරණය කිරීමේ හැකියාවක් මිනිසෙක් සතු නෑ. ඔබේ ආගමේ හැටියට නම් අනිවාර්යෙන් එය කල හැක්කේ දෙවියන් වහන්සේට පමණයි.
සිය දිවි නසා ගැනීම හොඳ දෙයක් නොවුනත් ඒ තත්වයට පත්වෙන පුද්ගලයාට ඒක සාධාරණීකරනය කරන්නත් ඕනෙ තරම් හේතු ඇති.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඕනෑම දෙයකට ඕනෑම කෙනෙකුට සාධාරණ හේතු දැක්විය හැකි. විඳවන අයට තමයි ඒ දේ සාධාරණද අසාධාරණද කියන එක දැනෙන්නේ... මේ ඉතින් මට හිතෙන හැටි.
Deleteකුමිකොට ඒ ගැන නොකියා ඉන්න තිබුනේ
ReplyDeleteඅපෝ ප්‍රශ්න වලට මැරෙනවා කියන්නේ මන් ගොන් වැඩක් කොන්ද පණනැති උන් කරන වැඩක්.ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් එකෙන් පැනලා යන එක නෙමේ වීරකම
මොනවා කරන්ටද? පොඩි වැරැද්දක් නිසා ජීවිත ගානක් මේ විදියට විනාශ කල හැකි. ජීවිතයට මූන දෙන එක තමා හපන්කම. ඒක ඇත්ත.
Deleteසියදිවි නසාගන්න තැත්කරපු කෙනෙකුගෙන් තමයි වැඩිවිස්තර අහන්න ඔනේ පොඩ්ඩක් ඉන්න මම දන්න කෙනෙක් ඉන්නවා අහලා කියන්නම්
ReplyDeleteඇත්තටම අහලා කියන්ට. දැනගන්ට දේවල් ගොඩක් ඇති.
Deleteඅනේ මන්දා ඉතිං අනිත් අය ගැනනං...
ReplyDeleteමටනං තාම සියදිවි නසාගන්න හිතිලා නෑ...
හපොයි කවදාවත් හිතෙන්ටත් එපා...:)
Deleteලස්සන කතාව පොඩ්ඩි අක්කේ.. සියදිවි නසාගන්න එක මෝඩ වැඩක්.. මම නම් හිතන්නේ.. ඒත් මෙහෙම තැන් වලදි මිනිස්සු ඒ දේට යොමු වෙනවා වැඩියි..
ReplyDeleteවිශේෂයෙන් මේ ආදරය වගේ තැන්වලදි නේද දිනේශ්....:)
Deleteපොඩ්ඩි,
ReplyDeleteEckhart Tolle, සත්‍ය තේරුම් ගත් කෙනෙක් නැති නම් අපේ භාෂාවෙන් රහත් කෙනෙක් කියල ඔබ දන්නවද ? ඒ වගේම ලෝකය පුරා ඒ වගේ දස දහස් හණනක් ඉන්නවා කියලත් දන්නවද ? හැම දෙනාටම මම ආරාධනා කරනවා Tolle ගෙ දේශණයන් අහන්න කියල. ඔබගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් වෙයි.
http://www.youtube.com/watch?v=LRMEr2lI3Gs
එයා රහත් කියලා ඔයා පිලිගන්නවද? හේතු මොනවද?
Deleteඅනික් ප්‍රශ්නේ...ඔයා හිටපු ගමන් නැතිවෙන්නේ කොහොමද? :D
1. ඔවු
Delete2. හේතු නේද ? ඒක තමයි කරන්න අමාරු ! අපි දන්න දේ සේරම ඉවත් කරල අලුතින් හිතන්න ගත්තොත් ඔයාම තේරුම් ගයි. දැනට අපි නොමග හිහිල්ල (යවල) තියෙන්නෙ.
3. අවශ්‍ය උනහම එනවනේ ..
මෙහෙම කියලා හරියන්නේ නෑ අංකල්. අපිට තේරෙන විදියට කියලා දෙන්ට ඕනි. :D
Deleteසියදිවි හානි කරගන්ඩ අයිතියක් තියෙනවා කැමති කෙනෙකුට.
ReplyDeleteඔව් කවුරු පිලි ගත්තත්, නැතත් ඒක තමා ඇත්ත.
Deleteමේ කියන The Power of Now පොත පොත් රාක්කෙක තිබ්බත් තාම කියවන්න බැරි උනා..කියවලා බලන්න ඕනි
ReplyDeleteවෙනි, සමහර දේවල් සිද්ධ වෙන්නෙ අපිට හිතාගන්නත් බැරි විධිහට.
Deleteඇත්ත වශයෙන්ම වෙන්නෙ ඒකට අපි සුදානම් වෙනතුරු එය වලකින එක.
@ඇනෝ අංකල්,
Deleteඑහෙමත් එකක්ද? ඒ කියන්නේ ජීවිතයේ වෙන්නේ අපිට වෙන්ට කියලා ප්ලෑන් කරලා තියෙන දේවල්ද?
@වෙනි,
Deleteපොත ලස්සනයි වෙනි කියවලා බලන්ට.
පොඩ්ඩි, හුගක් දුරට හැම දෙයක්ම ප්ලෑන් වෙලා තියෙන්නෙ. බොහෝම පොඩ්ඩක් free will කියන එක තියනවා. ඒකත් අවස්ථාව, පුද්ගලයා යන කරුණු අනුව වෙනස් වෙනවා. Karma and Free will කියල සර්ච් පාරක් දාන්නකෝ. මෙන්න එකක්.
Deletehttp://www.salrachele.com/webarticles/karmaandfreewill.htm
ඔය පොතේ සිංහල පරිවර්තනයකුත් තියනවා. මම හිතන්නෙ ඔය පොඩ්ඩි ඉන්න හරියෙම එක්කනෙක් තමයි ඒක පරිවර්තනය කරල තියෙන්නේ. නම "සැනසීමට මග"
Deleteආදරයක් හින්ද බෙල්ලෙ වැල දාගත්තු තරුණ ගුරුවරයෙක්ගේ මළ ගෙදරකට ටික කාලෙකට උඩදි මටත් යන්න උනා.. ඒ සිද්දියත් මීට ගොඩාක්ම සමානයි.. ඒත් වෙනසකට තිබ්බේ දුරකථනයට ආපු ඇමතුමක්..
ReplyDeleteසමාජීය ධාර්මික ආතල් වගේ කොයි විදිහට බැළුවත් ගැටළුවකදි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එක කොන්ද පණ නැති කම විදිහටයි මම නං දකින්නේ..
දුර කතනයකට ආපු ඇමතුමක් හන්දා පණ නහ ගන්න එක නම් හිතාගන්ටත් බෑ. ඔහු නම් හිත පොඩ්ඩක්වත් තද නැති කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ විවාහ ජීවිතය කෙබඳු වේදැයි හිතාගන්ටත් බෑ.
Deleteපරක්කු උනානේ එන්න..
ReplyDeleteඇත්තට මෙතන වැරැද්දක් කලානම් ඒ කවුද කියන ප්‍රශ්නේ මට ආවා.. පළමුවෙන් ආදරය කරපු දෙන්නද... ඒ ආදරය මැදට ආපු කුම්කෝද... ඒ ආදරය කඩලා දාපු ඔහුද...හදවතේ දරාගෙන හිටපු ආදරය කුම්කෝට හෙලි කරපු ඇයද..... කුම්කෝ ගියා කියලා මිය යන්න තීරණය කරන ඔහුද.....
මගේ අදහස මෙ ගැහැණු දෙන්නම හරි කියන එක..... දැං මාත් ගැහැණියක් නිසා මෙහෙම කියනවා කියලා හිතයි... නෑ.... මං එහෙම කියන්නේ සත්‍යයට මුහුණ දෙන්න ඔහුට ශක්තියක් නැති උන නිසා... ගැහැණු දෙන්නම නීර්භිතව ඇත්තට මුහුණ දුන්නා... ඇය තමන්ගේ ආදරය දාරගෙන ඉදලා ඇත්ත කිව්වාම කුම්කෝ තීරණය කරලා ඇපසු යන්න.. එක්කෝ තරහෙන්.. නැත්තම් ඔවුන් දෙදෙනාට ජීවිතය සාර්ථක කරගන්න ඉඩ දෙන්න... ඇත්ත කියපු එක ගැන පසුතැවුනා උනත් ඇය ඔහුව තමාට අයිත් කරගන්න උත්සාහ කරන්නේ නෑ... ඇයත් නිර්භිතව ඇත්තට මුහුණ දෙනවා.. ඔහුට විතරක් ඇත්තට මුහුණ දෙන්න බැරි වෙනවා... ඒ එක්කෝ ඔහු වැරැද්දක් කලා කියන හැඟීමෙන්.. නැත්තම් ඔහුගේ ආසාව පාලනය කරගන්න බැරිකමෙන්... ඔහු ඇත්තෙන් පැනලා යනවා....
මොනවා උනත් මට පේන්නේ ඔහු ආත්මාර්ථකාමී , බියගුළු පිරිමියෙක් විතරයි කියලා.....
නියම විග්‍රහයක් දීලා තියෙන්නේ. හිරුට පෙනෙනු හැටි හරි. ගැහැනු දෙන්නම් තමන් හරි කියලා පෙනුනු මාරග (කෙතරම් වේදනා සුලු වුවත් ) පිලි අරගෙන තියනවා. පිරිමියාට වේදනාවට මූන දීමේ ශක්තියක් තිබිලා නෑ.
Deleteබියගුලු පිරිමියෙක් නේන්නම්....
ආත්මාර්ථකාමී? පිරිමි ඉතින් කොහොමත් ආත්මාර්ථකාමී නේන්නම්...:D
// බියගුලු පිරිමියෙක් නේන්නම්....
Deleteආත්මාර්ථකාමී? පිරිමි ඉතින් කොහොමත් ආත්මාර්ථකාමී නේන්නම්...://
පටන් ගත්තද ආපහු පරණ ටේප් එක. පස්සෙ අඬන්න එපා මට කවුරුත් නෑ, අනිත් අයට නම් ඉන්නවා කියලා.
මම ළඟදී අහපු ආචාර්ය පුන්නජී හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකදී මට පලවෙනි වතාවට පානාතිපාතා සිල්පදයේ තේරුම දැනගත්තා. පානා කියන්න පරානයක් එකට තමා ඇතුළු සත්ව සන්තතියමත් විතරක් නොව ගහකොලත් අයිතියි ඒවාත් පන ඇති දේ නිසා. අපාතා කියන්නේ පහල හෙලනවාට . පරානයක් ඇති දෙයක් හෝ සත්වයෙක් පහල හෙලීම කිවුවාම මරණය විතරක් නෙවෙයි ශාරීරිකව වගේම මානසිකව වැට්ටීම යනාදී වශයෙන් හැම දේම අයිතියි.. කොටින්ම සියලුම සිල් පද එකේ අන්තර්ගතයි කියලා තේරුම් කළා.
ReplyDelete
Deleteඒ තේරුම හොඳට තේරුම් ගන්නවා නම් මිනිස්සු එකිනෙකා රිද්ද ගන්නෙත් නෑ. අද කාලේ අය අනෙකෙක් මානසිකව වට්ටන්ට මොන තරම් දේවල් කරනවද?:(
වැදගත් පණිවිඩයක් සරත් දීලා තියෙන්නේ. පුණ්ණජීව හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා. අමුතුම විදියකින් බණ කියන හාමුදුරු නමක්. විශේෂ වෙන්නේ කාලයක් වෛද්‍යවරයෙකු ලෙස වැඩ කල හන්දා වෙන්ට ඇති.
හ්ම්!!
ReplyDeleteවෙනද වගේ කියවගෙන ගියත් අවසානයේදි මෑතකදි කණ වැටුණු සමීපතමයෙක් හා සම්බන්ධ සිදුවීමක් හා සමපාත වෙන්ඩ ගත් නිසා මේ කතන්දරය ගැන කිසිවක් ලියාගත නොහැකි තත්වයකට පත්ව සිටිමි...
මේ කතාවට නං මං ඒ හැටි ආස නෑ... අර කලින් කිව්ව හේතුව නිසා... ඒත් පොඩ්ඩි අක්ක දැන් ආයෙමත් අර පරණ ලියවිල්ලට එන එකට මං ආසයි!!!
හිත රිදුනු එක ගැන කණගාටුයි ජනූවේ...ඔයා කියන කල් ඒ සිද්ධිය මට ගානක් ගියෙත් නෑ. මේ තවත් සිද්ධියක්...:(
Deleteඅපි හැමෝම අපේ ජීවිත වලට ආදරෙයි. ඒත් සමහර අවස්ථාවලදි අපේ හිතට එන හැඟීම් , දුක වේදනාව දරාගන්න බැරි වෙලාවනුත් ඇතිවෙනවනේ. ඒ වාගෙ වෙලාවකදි අපිට මේ ලෝකෙ කවුරුත්ම නැති බවත්, දුක වේදනාව දරාගන්න බැරි තත්වයක් ආවොත් ජීවිතය එපාවෙන එක ස්වභාවිකයි කියල මට හිතෙන්නෙ. සමහර වෙලාවට අපිට ගොඩක් සමීප අයටවත් අපිව තේරුම් ගන්න බැරි අවස්ථා එමටයි. හැම කෙනෙකුටම එක වාගෙ දරාගැනීමේ ශක්තිය නැහැ. කෙනෙක් තමන්ගෙ දුක , හිතට එන ආවේගයෙන් කෝපයක් බවට පත් කරල අනිත් අයට රිදවනවා, තවත් කෙනෙක් තමුන්ගෙ දුක කඳුලු බවට පත් කරනව, තවත් සමහරුතමුන්ගෙ වේදනාව හිනාවකින් ඉවසනව.තවත් කෙනෙක් වේදනාව උපෙක්ෂාවෙන් ඉවසනවා. ඒ තමා එක එක්කෙනාගෙ චරිත ස්වභාවය. ඔය මොන දේවත් හිතා ගන්න බැරි කෙනෙක් තමා සියදිවි නසා ගන්නෙ. තුවාලෙ තියෙන කෙනාට තමා ඒකෙ වේදනාව දැනෙන්නේ. ඒ නිසා අපිට බැහැ කවුරුහරි දිවිනහ ගත්තොත් ඒක හරිද ? වැරදිද ? කියල විනිශ්චය කරන්න.
ReplyDeleteජාන්වී.
//තුවාලෙ තියෙන කෙනාට තමා ඒකෙ වේදනාව දැනෙන්නේ//
Deleteඇත්ත. ඒත් වේදනාව දැනුනට ඒක හොඳ කර ගන්ට නම් වෙන කාගේ හරි සහය පතනවා නේද? නැත්නම් හැමදාම මගේ තුවාලේ වේදනාව මටය කියා අඬ අඬ හිටියොත් හරිද.. අධිකරණයේ නඩු වලදී විත්තියට දඬුවම දෙන්නේ පැමිණිලිකාරය නෙවි. එකට හේතුව තුවාලේ තියෙන්නේ පැමිණිලිකාරයට. They lose their sense of objectivity.
// ඒ නිසා අපිට බැහැ කවුරුහරි දිවිනහ ගත්තොත් ඒක හරිද ? වැරදිද ? කියල විනිශ්චය කරන්න.//
හැබැයි එහෙම හිතුවොත් කවුරු මොනවා කලත් විනිශ්චයක් නොදී නිකම් ඉන්නවද? :D
Delete//හැබැයි එහෙම හිතුවොත් කවුරු මොනවා කලත් විනිශ්චයක් නොදී නිකම් ඉන්නවද?//
හැමදේ ගැනම එහෙම හිතන්නෙ නැහැ , මේ කිව්වෙ මම දිවිනසාගැනීම ගැන විතරයි. කවුරුහරි දිවිනහගත්තට පස්සෙ අනිත් අය කොහොම විනිශ්චය කලත් වැඩක් නැහැනේ. ඒ පුද්ගලය කිසිම දෙයක් දන්නෙ නැහැ. කොහොම උනත් කෙනෙක් ආශාවට දිවිනහ ගනීවි කියල මම නම් හිතන්නෙ නැහැ :)
ජාන්වී.
@ජාන්වී,
Delete//හැම කෙනෙකුටම එක වාගෙ දරාගැනීමේ ශක්තිය නැහැ. කෙනෙක් තමන්ගෙ දුක , හිතට එන ආවේගයෙන් කෝපයක් බවට පත් කරල අනිත් අයට රිදවනවා, තවත් කෙනෙක් තමුන්ගෙ දුක කඳුලු බවට පත් කරනව, තවත් සමහරුතමුන්ගෙ වේදනාව හිනාවකින් ඉවසනව.තවත් කෙනෙක් වේදනාව උපෙක්ෂාවෙන් ඉවසනවා.//
ජාන්වීගේ මේ අදහසට එකඟයි...
// තුවාලෙ තියෙන කෙනාට තමා ඒකෙ වේදනාව දැනෙන්නේ. //
බෙහෙත් දැම්මත් මේ වේදනාව විඳ දරාගන්ට වෙන්නේ තුවාල තියන තැනැත්තාට. ඒ හන්දා මේ කතාවෙත් ඉතින් එක්තරා ඇත්තක් තියනවා.
@අමා,
Delete// ඒත් වේදනාව දැනුනට ඒක හොඳ කර ගන්ට නම් වෙන කාගේ හරි සහය පතනවා නේද? නැත්නම් හැමදාම මගේ තුවාලේ වේදනාව මටය කියා අඬ අඬ හිටියොත් හරිද.. //
ආදරයකින් පැරදුනු හදක් සුවපත් කරන්ට පුලුවන් තවත් ආදරයකට පමණයි. කාගේ හරි සහාය කියන කොට ඒ වගේ දෙයක් හරි නැත්නම් යාලුවෙකුගේ නැත්නම් පවුලේ කෙනෙක්ගේ වෙන්ට පුලුවන්. ඒත් සමහරු ඉන්නවා හරියට ගොලුබෙල්ලා කටුව ඇතුලට ඇදෙනවා වගේ තමන් ඇතුලට ගිහින් දොර වහගන්න. ඒ වගේ අය ගැන තමා මෙහිදී ජාන්වී සඳහන් කරනවා ඇත්තේ...
@ජාන්වී & පොඩ්ඩි
Delete//ඒත් සමහර අවස්ථාවලදි අපේ හිතට එන හැඟීම් , දුක වේදනාව දරාගන්න බැරි වෙලාවනුත් ඇතිවෙනවනේ. ඒ වාගෙ වෙලාවකදි අපිට මේ ලෝකෙ කවුරුත්ම නැති බවත්, දුක වේදනාව දරාගන්න බැරි තත්වයක් ආවොත් ජීවිතය එපාවෙන එක ස්වභාවිකයි කියල මට හිතෙන්නෙ. //
ඔව් ඔය දෙන්නාගේ අදහස එක්ක එකඟ වෙනවා.
මට කියන්ට උවමනා උනේ, දරාගන්ට බැරි දුකක්, කෝපයක් දැනුනාම අපි ගන්න තීරණ, කරන කියන දේ ගොඩක් වෙලාවට හරි දේ නෙවෙයි. හරියට තුවාලෙක වේදනාව දැනෙන කොට, ඒකට සර්ජිකල් ස්පිරිට් දාගන්ට හිතෙන්නේ නැහැ වගේ. එතකොට තුවාලේ සුව කරන්ට වෛද්‍යවරයෙක්ට පුළුවනි. නමුත් තුවාලකාරය මුලින් වෛද්‍යවරයා ලඟට යන්ට ඕනා. ඒ විතරක් මදි, ඔහු ට ප්‍රතිකාර කරන්ට ඉඩ දෙන්ට ත් ඕනා. ඔහු කියන දේ අහන්ටත් ඕනා.
ඒ වගේ සමහර වෙලාවට ඇත්තටම හොඳ නරක මොකද්ද කියල පෙනෙන්නේ පිටතින් බලන කෙනෙක්ට. අපේ ඒ ස්වභාවේ අපි දැන ගන්ට ඕනා. හැගීම් වලට වහල් වෙලා කරන හැම දෙයක්ම සාධාරණීකරණය කරන්ට බැහැ නේද?
ඇත්තටම පොඩ්ඩි තමන්ගේ හදවත සුවපත් කරගන්ට පුළුවන් තමන්ට විතරයි. ඒක ට වෙන අයගේ උදව් ගන්ට පුළුවනි. ඒත් මුලික පියවර ගන්ට ඕනා තමන්. මම හිතන්නේ පලවෙනි පියවර නම්, තමන්ගේ සැනසුමේ වගකීම තමන් අත බව අවබෝධ කර ගැනීම.
මේ ගොඩක් අද ලිව්වේ නිතරම ආත්ම අනුකම්පාවෙන් හඬමින් ඉන්න මගේ මිතුරියක් නිසයි. ඈට උදව් කරන්ට මා ඇතුළුව වටේ ඉන්න අය කොපමණ උත්සාහ කරත් ඈ නිතරම ඇගේ සතුටේ වගකීම දමන්නේ වෙන කවුරු හරි වෙත. තමන් තමන්ට ආදරය කරන්නේ නැති නම්, අනුන්ගෙන් ආදරයක් විඳින්ට බැහැ.
දැකල තියෙනවා ද දුක 'විඳින' අය? ඇයත් අන්න ඒ වගේ. පුළුවන් විදිහට ඇයට උදව් කරනවා. මනෝ වෛද්‍ය සහය ගන්ටත් මම හැදුවා. ඒත් නිතරම මුරණ්ඩු වෙනකොට මොනවා කරන්ට ද කියලා මටත් හිතාගන්ට බැහැ. ඈ වටේ යාලුවෝ ගොඩක් ඉන්නවා ඈට ආදරේ කරන. අපි හදන්නේ ඈව නැගිට්ටවන්න. ඒත් ඈට ඕනා ඈගේ ෆැන්ටසියේ ම ඇලී ගැලී ඉන්ට :(
//ඒ වගේ සමහර වෙලාවට ඇත්තටම හොඳ නරක මොකද්ද කියල පෙනෙන්නේ පිටතින් බලන කෙනෙක්ට.//
Deleteඇත්ත අමා. චෙස් ක්‍රීඩා කරන දෙන්නෙක් දිහා බලන් ඉඳලා තියනවාද? අමාරුවේ වැටෙන්ට යන කෙනා හොඳට අඳුනා ගන්ට පුලුවන් බලාන ඉන්න අයට. ඒත් වෙනත් අයගේ ක්‍රීඩාවක් හන්දා බලා ඉන්න අයට ඒකට බාධා කරන්ට බෑ. මෙතන හොඳ , නරක කියන එකට වඩා අමාරුවේ වැටෙන්ට යන කියන එක තමා කියන්ට පුලුවන් වෙන්නේ.
//හැගීම් වලට වහල් වෙලා කරන හැම දෙයක්ම සාධාරණීකරණය කරන්ට බැහැ නේද?//
අනිවාර්යයෙන්ම. හැඟීම්වලට වහල් වෙලා ඉන්න අවස්තාවක, මේ දේ ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරවන්ට බෑ. අනෙක තමා ගොඩක් වෙලාවට අපි ඒ අවස්තාවේ ඉන්න වෙලාවකට වඩා, වෙනත් කෙනෙක් ඒ වගේ අවස්තාවක ඉන්නකොට අපිට ඒ අවස්තාව දිහා හොඳ මානසික තත්වයකින් බලන්ට තියන හැකියාව.
//තමන්ගේ හදවත සුවපත් කරගන්ට පුළුවන් තමන්ට විතරයි.//
සම්පූර්ණයෙන් එකඟයි. ඒත් ගොඩක් ආදර සම්බන්ධතාවලින් බැට කෑ අය, වෙනත් කෙනෙකුගේ ආදරයක් හන්දා ගොඩ ආ අවස්තා මම අනන්ත දැකලා තියනවා.
මට හිතෙන විදියට ඕනේම දේකට කාලය අවශ්‍යයි. කාලයත් එක්ක ඔයාගේ මිතුරිය වෙනස් වෙයි. ඔයාලා හැමෝම එක අඩියක් පස්සට තිබ්බොත් , එයා ඒ අඩිය ඉස්සරහට තියලා, ඔයාලගේ පැත්ත්ට ඇදෙයිද?
ඔයාම කියලා තිබුනා 'තමන්ගේ හදවත සුවපත් කරගන්ට පුලුවන් තමන්ට විතරයි' කියලා. ඒ තැනට මිතුරිය තාම හිතෙන් ලඟා වෙලා නැතුව ඇති.
ඇය ඉක්මනින්, ඔය ඉන්න ෆැන්ටසියෙන් නැගිටීවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙතන සැකයක් ගැන කියවිලා නෑනේ. ඒක අල්ලා දාමුකෝ.
ReplyDeleteදැන් බලන්ඩ, අර ගැල්ලමය හොඳටම එදා නොබිව්වනං එයාගේ මෙව්වා එක එදා රැක ගන්න තිබුනා. එහෙම උනානම් එයා අදත් වොරන්ටි සීල් පිට ඉන්නවා. අනිත් අතට අර පිරිමියත් බොහොම කැත විදිහටනේ මේ දෙන්නවම රවට්ටලා තියෙන්නෙ. මේ කස්ටියට මේ ප්‍රස්ණ ඇති වෙලා තියෙන්නෙ කාම සංභෝගයේ ඉම නොදැනගෙන සිටීම නිසා කියලා මගේ කුඩා මොලේට තේරුම් ගියා.
ඉතින් මෙන්න මෙවැනි ප්‍රස්ණ වලට පහසුම, සරළම, එකම විසඳුම මේකයි කියලයි මට හිතෙන්නෙ.
හැබැයි ඒක කරන්න මූලික තැන ගන්න වෙන්නෙ ඔයාට.
ඔයා හැමදාම ඔය වගේ කස්ටිය හවස් අතේ එක්රැස් කරලා පන්සිල් සමාදන් කරවන්න.
ඉස්සෙල්ලාම නොටිස් බෝඩ් එකේ දාන්න "දිනපතා සවස 6 මල් පහන් සුවඳ දුම් රැගෙන මාගේ කුටිය අසලට රැස් වෙනු!" කියලා.(ඉංග්‍රිසියෙන් ලියන්ඩ හරිද!) ආගම් බේද, ජාති බේද ප්‍රස්ණයක් නෑ කියලාත් ලියන්න.
ඔයත් හැමදාම වැඩ ඉවරකරලා සුදු ඩෙනිමක් ගහලා, සුදු උඩ කෑල්ලක් දාගෙන ලෑස්ති පිට ඉන්න. (සුදු ෂෝට්, ස්කිනර් අකැපයි!) ඊට පස්සෙ කස්ටිය ආවම පන්සිල් සමාදන් කරවලා, ඒවායේ තේරුම කියලා දෙන්න, පස්සෙ කෙටි ධර්ම සාකඡ්චාවක් පවත්වන්න. අසාර බව ගැන වගේ. පංචස්කන්ධය පස්සෙ පන්නනන එක තේරුමක් ඇති දෙයක් නොවෙයි කියලා පහදන්න. ඊට පස්සෙ සැන්ඩ්විච් ටිකක් එක්කලා පොඩි තේ කෝප්පයක (කෝපි උනත් සුදුසුයි!)දානයක් දීලා කස්ටිය පිටත් කරන්න. හැමදාම හවසට ඕක කරන්න. ටිකක් කල් යද්දි දන්සැලක් දාගන්න තත්වෙට දියුණු වුනෑකි. කස්ටිය වැඩි වෙන තරමට ඒ ගැන තියෙන උනන්දුව වැඩි වෙයි.
එතකොට ඔය ප්‍රස්ණ අඩුවෙයි. මේ වගේ පෝස්ට් ලියන්න වෙන්නෙත් නෑ. කාටවත් එල්ලෙන්න වෙන්නෙත්, රට දාලා යන්න වෙන්නෙත් නෑ.
අදට උපදෙස් එපමණයි!
(මං කිව් දෙයක් වැරදිලා නැත.)
නියම අවවාද ටික බුද්ධි. දැන් කොයි නෝටිස් බෝඩ් එකේද මට ඔයා ඕක දාන්ට කියන්නේ? කට්ටිය හම්බ වෙන්නේ කොහේ කීවද? ඔය සුදු ඇඳුම් ටික නම් හොයාගත්තෑකි. අත්තම්මගේ රෙද්දක් හරි අර අලුත් විදියට පටලගෙන යන්ට බැරියෑ.:)
Deleteධර්ම දේශනාවට නම් බුද්දිටම එන්ට වෙයි. හොඳින් ධරමය් ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්ට එපායැ.
රට දාලා ගියත්, නොගියත්, එල්ලෙන්නේ නැත්නම් කොච්චර හොඳද?
බලමු මේක ක්‍රියාත්මක කල හැකිද කියලා...:D
ගොඩාආආආආආක් ස්තූතියි බුද්ධිට.
මට නම් හිතෙන්නෙ මේ කතාවෙ මොරාල් එක විදියට ගන්න ඕන.
Delete"කිසි දිනක ගැහැණු පරාණයක් සමඟ රහ මෙර පානය නොකරන්න" .
බලන්න අර කොල්ලා, කොල්ලො සෙට් එකක් එක්ක බීලා , සින්දුවක් කියලා, ඕනම නම් කබරයෙකුත් දාලා ගෙදර ගිහින් ඇන්ජලීනා ජොලීවත් මතක් කරලා නිදා ගත්ත නම් ඔය සන්තෑසිය වෙන්නෙ නැහැනෙ.
ඒ ගැහැනුන් දෙදෙනා අතරින් කුමිකෝ අතේ නම් කිසිත් වරදක් ඇති ය කියන්ට බැහැ. 'ඈ' අතින් නම් බරපතල වරදක් දකිනවා. ඒ වරද 'ඈ' කර ඇත්තේ 'ඔහු' ටවත් 'කුමිකෝ' ට වත් නෙවි. තමන්ටමයි. ඒ කාලයක් තමන්ව ස්පෙයාර් වීල් එකක් හැටියට පාවිච්චි කරන්ට ඉඩ දීම. ඔවුන් අතර කුමිකෝ විවාහයෙන් පසුව ශාරීරික සම්බන්ධයක් නොවුවත්, ඔහුට 'ඈ' emotional spare wheel එකක් වුනා කියල මට හිතෙන්නේ.
ReplyDeleteඔය කොල්ලා නම් මම දකින්නේ කෙලින් තීරණයක් ගන්ට බැරි කෙනෙක් හැටියට. සිය දිවි නසා ගත් හින්ද විතරක් නෙවි - ඔහු ප්‍රශ්නවලට මුහුණ දුන් හැටි නිසා.
මම හිතනවා කුමිකොගේ නික්ම යාම නිසා ඔහුට යතාර්තයට මුහුණ දෙන්න උනා. ඔහුට ඕනිනම් තිබුනා කුමිකෝ සොයාගෙන යන්න. ඒත් අනිවාර්යෙන් එතකොට කුමිකෝ 'ඈ' ගෙන් ඈත් වෙන්න කියල ඔහුට කියාවි. ඔහුට 'ඈ' ත් ඕනි. කුමිකෝ ත් ඕනි. ඒ නිසා කුමිකෝ අමතක කරලා 'ඈ' වෙත යන්නත් බැහැ. ඔය දෙක අතරේ දෝලනය වෙලා තීරණයක් ගන්ට බැරි වෙන්න ඇති.
කුමිකෝ ගියේ ඔහු හා ඈ ගත කල එක රැය නිසා නෙවි. ඒක ඔහු කුමිකෝ ගෙන් හැංගුව නිසා.
අමා සම්පූර්ණයෙන් වෙනත් කෝණයකින් කතාව දිහා බලලා තියනවා…
Deleteඔහු ගැනත්, ඈ ගැනත්, කුමිකෝ ගැනත් ඔයා හිතලා තියන හැටි අපූරුයි.
//ඒත් අනිවාර්යෙන් එතකොට කුමිකෝ 'ඈ' ගෙන් ඈත් වෙන්න කියල ඔහුට කියාවි. ඔහුට 'ඈ' ත් ඕනි. කුමිකෝ ත් ඕනි. ඒ නිසා කුමිකෝ අමතක කරලා 'ඈ' වෙත යන්නත් බැහැ. ඔය දෙක අතරේ දෝලනය වෙලා තීරණයක් ගන්ට බැරි වෙන්න ඇති.//
//ඈ' අතින් නම් බරපතල වරදක් දකිනවා. ඒ වරද 'ඈ' කර ඇත්තේ 'ඔහු' ටවත් 'කුමිකෝ' ට වත් නෙවි. තමන්ටමයි.//
//කුමිකෝ ගියේ ඔහු හා ඈ ගත කල එක රැය නිසා නෙවි. ඒක ඔහු කුමිකෝ ගෙන් හැංගුව නිසා.//
මිනිස් මනස ගැන හොඳ අවබෝධයක් තියන, කෙනෙක් කියලා හිතා ගත්ත හැකි.:)
සිය දිවි නසාගන්ට ඕන කෙනෙක්ට අයිතිය තියෙන්න ඕනෙ.
ReplyDeleteකෙනෙක් එවැනි තීරනයක් ගන්නෙ එයාට ජීවත් වීම දරාගන්න බැරි නිසානෙ.
ඔය කතාව උනත් බලන්න කොච්චර යාලුයි සමීපයි අරකය් මේකයි කිවුවත් ඒ මනුස්සයට ඇති උන ප්‍රශ්න වලදි කවුරුත් ඒ බර කරට අරන් නෑ නේ.
ඕක තමා වෙන්නෙ මැරුනයින් පස්සෙ අනේ අපිට කිවුව නම් අරම කරනව මෙහෙම කරනව කියන කිසි කෙනෙක් ජීවත් වෙල ඉද්දි නෑ.
ඇයි ඉතින් අර සියදිවි නසාගන්න කෙනාගෙ ශාන්තියට බාධා කරන්නෙ.
නිශ්,
Deleteශාන්තී....! ශාන්තී....!
@නිශ්,
Delete//ඕක තමා වෙන්නෙ මැරුනයින් පස්සෙ අනේ අපිට කිවුව නම් අරම කරනව මෙහෙම කරනව කියන කිසි කෙනෙක් ජීවත් වෙල ඉද්දි නෑ.//
සම්පූර්ණ ඇත්ත කතාවක්. මේ වගේ දේවල් මොන තරම් නම් අපිට අහන්ට ලැබෙනවද? අපිට කීවා නම් අරෙහෙම කරන්ට තිබුනා, මෙහෙම කරන්ට තිබුනා, කියලා.
//ඇයි ඉතින් අර සියදිවි නසාගන්න කෙනාගෙ ශාන්තියට බාධා කරන්නෙ.//
කවුරුත් එයාගේ ශාන්තියට බාධා කරන්නේ නෑ. මිනිස් ස්වභාවය තමයි ඕනෑම දෙයක් මේ විදියට එහාට, මෙහාට හරව, හරව බලන එක.
මුලින් කමෙන්ට් එකක් තිබුනා එකම දෙයක් දෙස, වෙනස් ඇස්වලින් බලන හැටි. ඒබව වැඩියෙන්ම පැහැදිලි වෙනවා ඔයාගෙත්, අමාගෙත්, බුද්ධිගෙත්, බීට්ල්ගෙත් කමෙන්ට්ස් දිහා බැලුවාම.
ස්තූතියි නිශ්.
කුමිකෝ ගියා කියමුකෝ... යන කෙනාට යන්න නොදී පණ නහගෙන හරියනවද? හැමදේම අස්ථීරයි...ආදරෙත් ඒ වගේ තමයි....නැද්ද????
ReplyDeleteආදරේ කියන එක නම් ලෝකේ තියන අස්ථිරම දේ වෙන්ට පුලුවනි. මේ තියනවා. මේ නෑ...:)
Deleteහ්ම්ම්..
ReplyDeleteමට නම් හිතිල තියෙන්නෙ සියදිවි නසා ගන්නව කියන්නෙ ලේසි දෙයක් නෙවි කියලයි
මේක ටිකක් කියල දෙන්න අමාරුයි ඒත් මරණ බය කියන එක කියනව තරම් දරාගන්න ලේසි හැගීමක් නෙවේයි....
මම ඒක අත්විඳල තියෙනව
මට නම් හිතෙන්නෙ කෙනෙක් තමන්ගෙම ජීවිතේ නැති කරගන්න පුලුවන් කියල කියන්නෙ ලේසි නෑ
මේ කතාවෙ උනත් මේ මරණයෙන් කාටවත් උන විශේශ අවැඩක් නෑනෙ
කුමිකො ගියා අෑට ඔහුව අවශ්ය උනා නම් මොන දේ උනත් අෑ යන්නෙ නෑ
ඔහුට ඕනෙ උනේ මැරෙන්න ඉතින් අපි හිතන තරම් ඔහුට ඒක අසුන්දර නැතුව අැති..
අැය කොහොමත් අැගේ ඉරනම ඔහුව අහිමිවීම...(මරණයෙන් හරි)
//මම ඒක අත්විඳල තියෙනව//
Deleteකමෙන්ට් එකේ මේ කොටස තද කුතුහලයක් ඇති කලා. මෙයින් ඔබ කියන්ට හදන්නේ මොකක්ද?
සියදිවි නසා ගන්නව කියන්නෙ ලේසි දෙයක් නෙවි ??
මරණ බය කියන එක කියනව තරම් දරාගන්න ලේසි හැගීමක් නෙවේයි....??
ජීවිතේ නැති කරගන්න පුලුවන් කියල කියන්නෙ ලේසි නෑ ???
මම මේ බලාගෙන හිටියෙ මේ සෙල්ලම. කතාව ලස්සනට ලිව්වා. ඉස්සෙල්ලාම 'ඇය" කොල්ලට පෙව්වා. කව්ද දන්නෙ ඊට පස්සෙ ඒ අහිංසකයව කාමරේට ඇදගෙන ගියාද කියලා?:) හරි කැමැත්තෙන් ගියාමයි කියමුකො. ඇයි සීවරං දෙයියනේ කරටි කැඩෙන්න ගහපුවාම ඌට ඔව්වා මතකද? නෑනෙ. ඔව්වා හැට හතර මායම්. ඔන්න දැං අහිංසක පෙම්වතිය එනවා සීන් එකට. දුන්නා එයාටත් සබ්බුව, රටෙත් නැතිව දුවන්න. එයත් කෙලියෙ කාටද? අර අහිංසක කොලුවට.
ReplyDeleteදැං මේ මැට්ටොපොලිස් ඇතුලු පාත්‍රවර්ගයා දාගෙන නෙලන්නෙ කාටද? අර මැරිච්ච කොලුවට නෙව. කොටින්ම කිව්වොත් මේ කතාවෙත් ගේම සැට් කරල තියෙන්නෙ කාට නෙලන්නද? විරුද්ධ පක්ෂයට මිස වෙන කාටද? හහ්, අපි නොදන්න මොණරතැන්න :)
එන්න ටොමී මෙන්න මස් කට්ටක්... :D :D :D :D :D
Deleteහහ්, අපි නං අහුවෙයි ඔය මස් කට්ටට. කව්දෑ දන්නෙ ඕකට ආසනික් දාලද කියලා? :D
Delete@ටොමී,
Deleteඇති යන්තම් සෙල්ලම නවත්තලා , සෙල්ලමක් දිහා බලන් හිටියා.:)
කොහේ යන අහිංසක කොල්ලෙක්ද? අනෙක කවදද ඉතින් කොල්ලෙක් අහිංසක උනේ...මම නම් ජීවිතේට දැකලා නෑ අහිංසක කොල්ලෙක්?
අනේ මන්ද අක්කේ.. ඔය ගැන කථා කරොත් කියන්න දේවල් ගොඩයි..
ReplyDeleteජය..
ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නේ ඔය මල්සරා හන්දනේ. ඒක දන්නේ නැද්ද? :D:D:D
Deleteදවසක් ඔෆීසියේ තිබුණ අභ්‍යන්තර වැඩමුළුවකදී ඔය දිවිනසාගැනීම ගැන කතාවකුත් ඇදිලා ආවා... දේශනේ දුන්න කෙනා කිව්වා ගැහැණු අයට වැඩිය හතර ගුණයක් වැඩියෙන් පිරිමි අය දිවි නසාගන්නවා කියලා සමීක්ෂණ වලදි ඔප්පුවෙලා තියෙනවාය, මොකද්ද ඒකට හේතුව හිතන්නේ කියලා ඇහුවා...
ReplyDeleteගෑල්ලමයෙක් ඇට්ටි හැලෙන උත්තරයක් දුන්නා... ගෑණු අයට දරාගැනීමේ හැකියාව වැඩිය, දෙවියෝ නිර්මාණය කරලා තියෙන්නේ කඳුළු වලට සේරම පිඩනය දියකරන්නය... ඒකයි එයාලාට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් බ්ලා, බ්ලා...
අරබුවා සේරම අහන් ඉඳලා කිව්වා නෑ මම හිතන්නේ ගෑණු අය දිවිනසාගන්නවා අඩු ඒ අයට ඒ වැඩේවත් හරියට කරගන්න බැරි නිසා වෙන්ඩැති කියලා... බුහාආ...
//අරබුවා සේරම අහන් ඉඳලා කිව්වා නෑ මම හිතන්නේ ගෑණු අය දිවිනසාගන්නවා අඩු ඒ අයට ඒ වැඩේවත් හරියට කරගන්න බැරි නිසා වෙන්ඩැති කියලා... බුහාආ...//
Deleteදැන් මේ බ්ලොග් කරන, කමෙන්ට් කරන අය දිහා බලපුවාම පේනවා, එයාලගේ අම්මලා එයාලව කොච්චර හොඳට හදලා, වඩලා, තියනවද කියලා...ඒකෙන්ම ඉතින් ගෑනුන්ට මොන වැඩක්වත් හරියට කරගන්ට බැරිබව ඔප්පුවෙනවා තමයි...
බුහාආ. :D:D:D
නියමයි පොඩ්ඩි..
Deleteසික් ඒ මූව් එක දැක්කෙම නෑනේ... :D
Deleteපොඩ්ඩි උඩ බලන් කෙළගහගෙන... බ්බුහාහාහාහා...
Deleteතරු අයියා වැරදියට කියවලා. බලන්ට බීට්ල්ගේ උත්තරේ.
Deleteබුහාආ. :D:D:D
//සික් ඒ මූව් එක දැක්කෙම නෑනේ... :D//
Deleteපිරිමි ඔහොමමයි....:D
මැරුණම හැම ප්‍රශ්ණයක්ම විසඳෙනව කියල හිතනව නම් ඒක තමා ලෝකෙ තියන ලොකුම මෝඩකම.ප්‍රශ්ණ පටන්ගන්නෙ මලාට පස්සෙ.
ReplyDeleteමට හිතෙන්නේ ප්‍රශ්න පටන් ගන්නේ නෙමේ. ආයෙත් ආරම්භ වෙන්නේ එතනින් කියලයි.
Deleteමරණින් මතු නැවත ඉපදීමක්, හෝ ජීවිතයක් හෝ පව් පින් ගැන විශ්වාස නොකරන කෙනෙක් ට නම් සිය දිවි නසා ගැනීම ලොකු වැරැද්දක් හරි මෝඩ කමක් හරි කියල හිතෙන එකක් නැහැ...
ReplyDeleteමට මේ සින්දුවක් මතක් උනා...අහල තියෙන හැටියට ඔය සින්දුව ලියල තියෙන්නේ ලව් අෆෙයාර් එකක් නිසා කෝච්චියට පැන්න මල්ලි කෙනෙක් මුල් කරගෙන. එයාගේ අයිය හාමුදුරු නමක් ලු. මල්ලි අයියට ලියුමක් යැව්වලු අයියේ මට තව ජීවත් වෙන්න බෑ මම මැරෙනවා කියල. ඒ හාමුදුරුවෝ මල්ලි බලන්න වහාම කෝච්චියෙන් ආවලු. ඒත් හම්බෙන්න කලින් මල්ලි ඒ කෝච්චියටම පැනල මැරිලා ලු... :(
'පෙරුම් පුරා ගෙන ආ සංසාරේ
පැතුමද සුණුවිසුණුව වැටුනේ
කාටද රිඳුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතරවුනේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ...
දොළක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොඉතරම් සතුටක් දෝ'
හරිම පව් හිතෙන කතාවක් නිරෝ...මේ වගේ දේවලින් දුක් විඳින්නේ ජීවත් වෙන අය...:(
Deleteසාකච්ඡා කරන්න හරිම අමාරු සංවේදී මාතෘකාවක් පොඩ්ඩි අක්කේ. සිය දිවි නසාගැනීම ගැන මට කිසිම අදහසක් කියන්න අමාරුයි. ඉස්කෝලෙක පොඩි එවුන් ටිකක් තාප්පෙ අයිනෙ ඉන්න වෙලාවක ත්‍රීවීල් එකකින් බැහැලා ඇවිත් ඉස්කෝලෙ අල්ලපු වත්තේ ගහක එල්ලිලා අර ළමයි එපා අයියේ කියලා කෑ ගහද්දිම බෙල්ලෙ වැල දාගත්තු තරුණයෙක්ගෙ කතාවක් මම මේ සුමාන දෙකකට උඩදි ඇහැව්වා. ඒ ගැන ඊට වඩා දෙයක් මම දන්නෙ නෑ. එ ළමයි ඒ දැකපු සිද්ධියේ බලපෑම තාම ඒගොල්ලන්ගෙ හිතට වද දෙනවා ඇති.
ReplyDeleteමම දන්න එකම දේ තමන්ගෙ ජීවිතයේ අයිතිය තියෙන්නේ තමන්ට විතරක් නෙවෙයි කියන එක. අපිව මේ ලෝකෙට බිහි කරපු, උස් මහත් කරපු අපේ අම්මා, තාත්තට අපිටත් වඩා අපේ ජීවිතයේ පැවැත්ම ගැන අයිතියක් තියෙනවා. ජීවත් වෙන හැටි තීරණය කරන්න වැඩිහිටි වියට පත් වුනාට පස්සෙ අපිට තනි අයිතිය ලැබුණට, ජීවතය පවත්වා ගැනීම හෝ නැති කර ගැනීම ගැන එහෙම තනි තීරණ ගන්න බෑ ඒ අය ගැන නොහිතා. ඒ එක්කම, අපේ ජීවිතේ එක්ක බැඳිලා ඉන්න අනිත් අය - සැමියා/බිරිඳ සහ දරුවෝ - ඒ හැමොටම අපේ ජීවිතේ අයිතියි.
තාත්තා කෙනෙක් විදියට මම මේ කියපු දේ 200% ක අනුමත කරනවා.
Delete@සිත්තමී,
Deleteසම්පූර්ණ ඇත්ත. අපේ ජීවිත අපිටම අයිති නෑ. පොඩ්ඩිට නම් ඉතින් ඕක හොඳටම තේරෙනවා.
ඒත් සමහරුන්ට තමන්ගේ හිත් පාලනය කරගන්ට අමාරු තත්වකට ආවාම මොනවා කරනවද කියලා තේරෙන්නේ නෑ. මේකට හේතුව ඉතින් එක්කෝ තදින් අල්ලා ගැනීම නැත්නම් තද වෛරය...අපේ පන්සලේ හාමුදුරුවෝ කියනවා වගේ ඇලීම නැත්නම් ගැටීම.
සමහර කොටසකගේ හිත් දුර්වලයි සිත්තමී...:(
ReplyDeletehttp://www.youtube.com/watch?v=oYKU2dX7e2E
මේ ලින්ක් එකේ තියෙන්නෙත් එක්තරා ආකාරයක දිවි නසා ගැනීමක්.
තිලින දුලාන් කියන මේ තරුණයා එක්තරා පාර්ටියකදී ඔහුගේ පෙම්වතිය තවත් පිරිමියකු හා සිටිනවා දැක තිබෙනවා.බලවත් සිත්තැවුලට පත් ඔහු එහිදී තදින්ම මත් පැන් පානය කර ගැයූ ගී තමයි මේ ලින්ක් එකේ තියන්නෙ.
පාර්ටි එක අවසානයේ අතරමගදී ඔහු පැමිණි යතුරු පැදිය වෑන් රථයක හැපී ඔහු එතැනම මිය ගියා.
අම්මෝ බැලුවා. පුදුම දුකක් දැනෙන්නේ. ඇහෙන්නෙම ඒ සිංදු ටික ....:(
Deleteඔවු ගොඩක් දුකයි.
Deleteආයි නදීකා යන්න එපා මා දා.....//
මන් තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ.....
ඔයා හැමදාම බොරු කීවේ රැවටෙන්නත් බෑ...
ඇයි ඔහොම දුක් දුන්නෙ උහුලන්නත් බෑ....
ආයි නදීකා යන්න එපා මා දා.....//
මේ වචන ටික ඔහු ගයන්නෙ බොහොම දුකෙන්, සමහරවිට තව පැය කීපයකින් ඔහු මේ ලෝකෙන් සමු ගන්නවා කියලා ඔහුට දැනෙන්නෙ ඇති :-(
අනේ...
ReplyDeleteඇයි අනේ? :)
Deleteකුතුහලයෙන් යුතුව කියෙව්වා. ලස්සන නිර්මාණයක්. හැබැයි ටිකක් දුකහිතුනා.
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයට. ජීවිතේ ගොඩක් දේවල් දුක හිතෙන ඒවා තමයි.:(
Deleteකතාව කියවලා හුගක් දවස් මොකද පිටුව අළුත් කරන්නේ නැත්ද මන්දා?
ReplyDeleteපොඩ්ඩි මේ දවස්වල චුට්ටක් බීසීලු, එහෙ-මෙහෙ යනවලු.. ඉතිං අලුත් පිටුවක් එනකං ඩිංගිත්තක් ඉවසා වදාරන සේක්වා.. :)
Deleteඑසේය එසේය හොද හොද දේ එන්ට වෙලාව යනවා නොවැ
Deleteගෙදර ආවා. ඒත් ලියන්ට හිතක් නෑ මේ මැච් හන්දා....:D
Delete@Bura,
DeleteThanks Buro....:)
ජීවත්වීමට හැම සත්වයාටම අයිතියක් තිබේ
ReplyDeleteශක්තිමත් ජීවීන් දුර්වල ජීවීන් මත යැපේ
ආහාර දාමයයි
ඒ නිසා තම අතින් තම ජීවිතය නසා ගන්න හදන එවුන්ට
මට කියන්න තියෙන්නෙ
තොපි උපදින්න වටින්නෙ නැති
තාත්තගෙ සරමෙ ගියානම්.....
හොඳයි කියලයි
අන්තිම මොහොත වෙනකම් ඉවසපං
හිත දුර්වල වෙලා ඉපදුනාම මොනා කරන්ටද දයාල්?
DeleteKohomada Poddi? Kalekin awe.
ReplyDeleteLipiya harima wadagath . Prashna walata moona amaru unama, dura diga balanne nathuwa " pana nathi karaganna" uthsaha karanawa. Eka hari pawu wadak.....
Kalpa kaalaantharayak perum purala laba gana minis aathmaya harima wadagath neda?
සම්පූර්ණ ඇත්ත කුමාරි. ඔයාව දැක්කේ ගොඩක් කාලෙකින් . ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට.
Deleteමම නම් ගොඩාක් පරක්කුවෙලානේ අද ඇවිල්ලා තියෙන්නේ... මම දන්නා තරමටත් සියදිවිනස ගැනීම මොනම ආගමකින්වත් අනුමත කරන දෙයක් නොවේ. ඒක ඇත්තෙන්ම ප්‍රශ්නයෙන් පැනලා යන්නට කරන උත්සාහයක්. සිය දිවි නසා ගන්නවාට වඩා ඒ ගැටලුව ගැන සුදුසු කෙනෙක් එක්ක කතා කරලා ඊට පිලියම් සොයා ගන්න උත්සාහ කරන එක හොදයි කියලයි මටනම් හිතෙන්නේ
ReplyDeleteඔව්...ඔව්...පරක්කුවෙලා තමා ඇවිත් තියෙන්නේ.:)
Deleteකා එක්ක හරි කතා කරලා ප්‍රශ්න විසඳගන්න එක තමා වැදගත්. ඒත් හරි කෙනෙක් එක්ක කතා කරන්ට ඕනි.
You commit suicide when all else fails.We are not there for them when they need us most.Whose fault is it then?
ReplyDelete//Whose fault is it then?//
DeleteWhat do u think Blue Lotus???
තමන්ගේ ජීවිතය තමන්ට අයිති දෙයක් නෙවේ. තමන්ට අයිති දෙයක් නම් තමන්ට පාලනය කළ හැකි විය යුතුයි. පොඩ්ඩි ඇඟිල්ලක් කපා ගන්න බලන්න. ඒ ඇඟිල්ල පොඩ්ඩි ගෙ නම් ලේ වහනය වෙන එක නවත්තන්න පුළුවන් වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නෑ. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වරදක් වෙන්නෙ ඒ නිසයි. ආත්මය විතරයි අපිට අයිති.
ReplyDeleteඔන්න ගොඩක් කාලෙකට පස්සෙ පොඩ්ඩි ලියපු එකක් කියෙව්ව.
ගොඩක් කාලෙකින් හරි මාව මතක් උනු එක ගැන සන්තෝසයි.
Delete'ආත්මය' කියන එක නම් වැටහුනේ නෑ නිහාල්...
පහුගියදා මල් පිරුනු ගස් කොළන් මැද්දේ, විවාහ ගිවිස ගත්, (ස්නේහයේ නගරය ලියන හා අන්දර මල්දමේ කොටස් කාරියක් වන ) අමාටත්, කොළ ඇස් ඇති ඇගේ හේවායාටත්, සුබ අනාගතයකට සුබ පැතුම් වලව්වේ හැමෝගෙන්ම.
ReplyDeleteඔන්න පරක්කු වෙලා හරි ලොකු උම්ම්මා එකක්!!! :)
ගොඩාක් ඉස්තුතියි හොඳේ...
Deleteගොඩාක් කාරියබහුල වෙලා හිටි නිසා බ්ලොග් කියවන්ට කමෙන්ට් කරන්ට වෙලා තිබුනේ නැහැ...ඉතින් අද ඉඳන් ඔන්න අමා ආයෙත් ඔන්ලයින් :)
වලව්වේ උයනගේ වැඩ කරමින් සිට, විවාහවූ මොහෙතේ වලව්වටත් නොකියා පලාගිය, වලව්වේ සිටි කටකාර කෙල්ල ජනූ,
ReplyDeleteසියලු සිහින මල් පල ගැන්වෙන සුබ උපන්දිනයක්!!!
උම්ම්ම්ම්ම්මා!!! :)