Monday, 8 October 2012

සතියක සවාරියක්!!!




මේ අවුරුද්දේ තරම් පොඩ්ඩි විදේශ සංචාරය කරලා නැතුව ඇති ජීවිතේටම. ඒ වගේම මේ පාර තරම් අහස් යානාව කඩන් වැටෙයි කියලා, බයවෙලා නැතුවත් ඇති කවදාවත්. යනකල්, එනකල්  කුරුන්ද ලියන  සෙන්නාට  බැන, බැන තමයි පොඩ්ඩි ගියේ ඔන්න.


මීට කලින් වතාවක් ෆිලිපීනෙට යන්ට ලැබුනත්, ඒ ගියේ  ADB (Asian Development Bank ) එකේ වැඩකට හන්දා මුන ගැහුනේ විශේෂ පුද්ගලයන් හා ගියෙත් විශේෂ ස්ථානවලට විතරයි. මේ පාර එහෙම නෙමේ. ඒ හන්දා අර කලින් ඇඳිලා තිබුනු චිත්ත රූප ඔක්කොම වගේ වෙනස් වෙලා ගියා.

මැනිලාවේ තරු පහේ හෝටලයක හිටියත්, එහි සේවක, සේවිකාවන්ගේ කෘතිමබව, කඳුකර පෙදෙසක ගත කල එක් රැයක , ඔය කියන තරම් තරු නැතිහෝටලයක තිබුණු උණුසුම් පිළිගැනීම, එක්ක බලනකොට කෙතරම් වෙනස්ද කියන එක තදින්ම දැනුනා.

කරුමෙට වගේ නෙට් කනෙක්ෂන් හරියට වැඩ නොකල වෙලාවේ, ඒ හෝටලයේ හිටපු සේවකයන් පොඩ්ඩිගේ කාමරේට පිරුනේ, මහා විපතක් සිදුවෙලා වගේ. මහා විපතක් නෙමේද දවසටම මේල් නොබලා, ඔන්ලයින් නෑවිත් ඉන්නවා කියන එක.

අනෙක තමා, පොඩ්ඩිඋඩ ඉඳන් පහලට එද්දි, කට්ටිය බලන්නේ , ජීවිතයේ විශේෂතම දවසක් උදාවෙලා වගේ හිනා පිරුනු මුහුනින්. ඒ වෙලාවට හිතට එන සුබවාදී හැඟීම මැනගන්ට පුලුවන් වෙන්නේ කාටද? අර කවුදෝ කීවා වගේ, 'අද සුබ දවසක් ' කියලා හිතලා, උදේ පාන්දරම ඇඳෙන් බිමට පැනලා, බෙල්ල කඩාගන්ටත් ඔනේ නෑ ඔන්න.

ෆිලිපීන පිරිමින් හරිම රොමැන්ටික් ලු. කලින් වතාවල දැකපු නැති කඩවසම්කමක් මෙවර නම් තිබුනා තමා. විශේෂයෙන් ස්පාඤ්ඤ ජාතිකයන් සමග මිශ්‍ර උනු අයගේ. හොරෙන්වත් පින්තූරයක් ගන්ට බැරි උනා කැමරාවේ චාජර් එක ගෙනිච්චේ නැති හන්දා . ඒ වෙලාවේ නම් වෙනී  සහ එයාගේ කැමරාව මතක් උනා.

ඒ ඉතින් අපේ අය වගේ හැන්ඩියෝ කොහෙද? මේ බලන්ටකෝ මෙයා දිහා...


මේ වෙලාවට තමා හිතෙන්නේ රඟපෑවා නම් හොඳයි කියලා.

දැන් ඉතින් ඕක දැක්කාම කට්ටිය හිතයි, පොඩ්ඩි නම් පැණි මුට්ටියක් කියලා. මොනා කරන්ටද හැන්ඩියෙකුට හැන්ඩියා නොකියා නේ...




මට ගන්ට පුලුවන් උනේ මෙන්න මේ පින්තූරු දෙක විතරමයි.

මේ රටේ, උදේ කෑම වෙලේ දකින්ට ලැබුනේ හරිම සරල බවක්. බත් කෝප්පයක් සහ වේලපු මිරිදිය මාලු කූරියෙක්, (මට නම් තේරුනේ හොඳින් බැදලා තිබුනු ) පුංචි සලාදයක්, පලතුරු, පලතුරු යුෂ සහ තේ, කෝපි. (එයාලා කියන හැටියට ඇමරිකන් කෑම වේලකුත් ති බුනා. (මෙහෙම කියන්නේ, මම එහෙම නෙමේ. එයාලයි. සුපුරුදු බේකන්, එග්ස්, ටෝස්ට්, තේ , කෝපි එක්ක. )

එයාලගේ සරල කෑම වේල දකිද්දි පොඩ්ඩිට හිතුනෙම, බටහිර රටවල ඉන්න සිංහල මිනිස්සු කෑම කොච්චර නාස්ති කරනවද කියන එක. විශේෂයෙන්ම දානේ ගෙවල්වල.  සමහරු උදේ දානෙකට කිරිබත්, පිට්ටු, ආප්ප, ඉඳි ආප්ප, මුං ඇට, කඩල, කැඳ, ඔය හැම දෙයක්ම හදනවා. ඒ අපේ සිංහල චාරිත්‍රවල හැටිලු. හැබැයි හුඟාක් හාමුදුරුවරු වළඳන්නේ බොහොම ටිකයි. එයාලගෙන් අහලා, එයාලා කැමති ඒවා විතරක් දුන්නා නම් කියලා පොඩ්ඩිට හිතුනු වාර අනන්තයි. ඔය කෑම වැඩිපුර ඉවර කරන්නේ, හවසට කාපුවා දිරවාගන්ට ව්‍යායාම කරන කට්ටිය. අම්මා කියන්නේ එයාලට ඕනේදෙයක් කරපුවාවේ, කට අරින්ට එපා කියලයි. ඉතින් පොඩ්ඩි කට වහගෙන ඉන්නවා.

ෆිලිපීන කාන්තාවක් කීව හැටියට එයාලාගේ උදේ කෑමවේල, ඔය වගේ බත් කෝප්පයක්, අර වගේ මාලුවෙක් හෝ මස් විතරයි. එලවලුවක් හදන්ට උදේට වෙලාව මදිලු. එයා කීව හැටියට එයාලගේ ස්වාමි පුරුෂයන්, පවුල්වලට ලැදි බොහොම හොඳ අය. චූටි වැරැද්දකට තියෙන්නේ ගොඩක් බොන එකලු. ඒ වගේම දුප්පත්කම හන්දා බටහිර රටවලින් එන කෙනෙක් හා විවාහ වීමට, මෙහි තරුනියන් කැමතිලු. ඒ වගේම සෑහෙන ප්‍රමානයක්, නිවෙස්වල මෙහෙකාරකමට පිටරටවල යනවලු. ගෘහ සේවයට යන ෆිලිපීන ජාතික කාන්තාවන්, විශ්වාස කල හැකි අය බවට මතයක් තියනවා. ඉතින් ඔය ලස්සන අය ගෙවල් ඇතුලේ දාගෙන, එයාලව විශ්වාස කරන පිරිමි නම්, බහුල ඇති ඕනි තරම්.

කතාව දිගට ගෙනිච්ච ෆිලිපීන කාන්තාව කීවේ (මෙයා මහාචාර්යවරියක් නොබැඳපු ) වයසට යනකොට පිරිමින්ව තේරුම් ගන්ට ලේසී කියලා. ගෑනු වෙනස් උනාට පිරිමි එහෙමමලු. ගෑනුන්ගේ ආශාවල් නැතිවෙලා යද්දි වයසක පිරිමිත්, වෙනස්වෙන්නේ නැතිලු. අනේ අපොයි කියලා හිතුනා ඒවා ඇහුවම. ඒක වෙන්ට ඇති එයා කවදාවත් නොබැඳ ඉන්නේ? හැබෑට මේ ඇත්තද? එයා ඔය කීවේ ෆිලිපීන ජාතිකයන් ගැන වෙන්ට ඇති. අපේ අය නම් ඉතින් ඔහොම නෑ කියලා තමයි පොඩ්ඩි හිතුවේ.

 මේ එක්කම මතක් උනේ, ගියපාර මැනිලා ආපු වෙලාවල දැකපු සිද්ධි කිහිපයක්. අපි නැවතිලා හිටියේ විශාල මන්දිරයක. සේවකයන් කීපදෙනෙක්ම හිටපු. මගේ ඇඳුමක් මැදගන්ට ඔනේ වෙලා අයන් එකක් ඉල්ලුවාම ගෙහිමි කාන්තාව කීවේ, සේවකයකු ලවා එය කරගන්ට පුලුවන්බව.  නිවසේ පහල මාලයේ  ( basement  ) තමා අයන් කරන කාමරය තිබුනේ. පමාවෙන හන්දා,එහි ගියපසු මා දැක්කේ, ඇඳුම් තොගයක් මදිමින් හිටි සේවිකාවක්. ඒ ඇඳුම් තොගය මදින්ට පොඩ්ඩිට නම් සුමානයක්වත් යයි. ඒ වගේම මෙහි සේවක සේවිකාවන් නිතර හිටියේ වැඩ කරමින්. නිකං හිටියොත් ඔවුන් කම්මැලි වෙන හන්දා දින්පතාම ගෙවල්, මැදිලි, දූවිලි පිහදැමිලි වගේ වැඩ. ඒ වගේම කෑම ඔවුන්ගේ පඩියෙන් සාදා ගත යුතුයි වෙනම. ගෙදර උයන කිසිවක් ඔවුන්ට ලැබුනේ නෑ. ඒ වේලාවේ නම් පොඩ්ඩිට අත්තම්මා මතක් උනා. අත්තම්මා මැනිකාට සලකන්නේ ගෙදර කෙනෙකුට වගේ. විශේෂ කෑමක් තිබුනත් වෙන් කරනවා එයාලට.

අපි හිටපු කඳුකර පැත්ත නම් ලංකාවේ නුවර සිහිකලා. පරිසරය ලස්සනයි. දේශගුණයත් එහෙමයි. මේ ලස්සන කඳුකර පෙදෙසේ ඉඳන්, මැනිලා යනකොට පෙනුනු පාරවල් නම් එච්චර ලස්සන නෑ. ප්‍රධාන පාරවල් නෙමෙයි අනික්වා. පාර අයින්වල කුණු පිරිලා. මඩ ගොඩවල්. මේ රොඩු මැද්දේ මිනිස්සු ජීවත්වෙනවා. ලංකාවේ දුප්පත් මිනිස්සු උනත් කොච්චර පිරිසිදුද කියන හැඟීම ඒ වෙලාවේ හිතට ආවා. අනෙක පිරිසිදුවට ඉන්ට සල්ලි ඔනේ නෑ. ලංකාව අපි හිතන තරම් දුප්පත් නෑ, සුන්දර රටක් කියන හැඟීමත් ඒ වෙලාවේ හිතට ආවා.

නාන කාමරේ තිබුණු විදුලි එලියෙන් හරියට මේක්-අප් දාගන්ට බෑ කියලා ලත උනු, ඉන්ටනෙට් වැඩ කරන්නේ නෑ කියලා කම්පා උනු පොඩ්ඩිට ලජ්ජා හිතුනේ මේවායේ ඉන්න මිනිසුන්ගේ අසරණකම දැකලා.

කාම්බෝජයේ වගේම , (මේ ගැන කලින් ලියලා ඇති. ) මෙහෙත් තියනවා ලොකු වැව් අසල බිහිවී තියන ජනාවාස. ඒ අවට ඉන්න මිනිසුන් හන්දා පරිසරය විනාශ වෙන හැටිත්, මසුන් විනාශ වෙලා යන හැටිත් පෙනුනා. මිනිසුන් වතුරට එකතු කරන කැත කුණු හන්දා, ජලාශයේ වතුර අපිරිසිදු උනාම (මේ ජලාශ කැතවෙලා ගිහින්...) මාලුන්ගේ රස සම්පූර්ණයෙන් නැති වෙනවලු. ඒ වගේම සමහර ලෝහ ද්‍රව්‍ය ඒ මාලුන්ට එකතු වෙනවලු. ඒ මාලු කන එක ඇඟට අගුණලු. පොඩ්ඩිට මතක් උනේ, මේ දවස්වල ජපානෙන් එන මාලු කන්නේ නැති පොඩ්ඩිගේ යාලුවෙක්.

 ඒ වගේම මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ටත්, පාසැල්වලට යම්කිසි මුදලක් ගෙවිය යුතුව තිබුනා. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් දකින්ට ලැබුනේ නෑ. වෛද්‍ය පහසුකම් තිබුනත්, ඒවාටත් ගෙවිය යුතුව තිබුනා. කෙතරම් දුප්පත් වුනත්, නොමිලේ ලැබෙන ආරෝග්‍යශාලා පහසුකම් තිබුනේ නෑ.

ලෝකයේ ඉන්න පොහොසත්ම මිනිස්සුත් මේ අතරේම හිටියා. වෙනම සාදාගත්තු තැන්වල. විශේෂ ආරක්ෂා යටතේ. මුරකරුවන් එක්ක. එකම ලෝකයක් ඇතුලත ලෝක කීපයක් මේ ගමනෙදි දැක ගත හැකි උනා.

අපි අපිට  තියෙන දේවල්,  අපි අගය කරන්නේ නෑනේද? කියන හැඟීම මෙහිදි පොඩ්ඩිගේ හිතට ආවා. විශේෂයෙන් යමක් නැතිවෙන්ට ඕනි, ඒවායේ අගය තේරෙන්ට. ඒ වගේම නැතිවෙන්ට යනවා නම් යම් දෙයක් එය තබා ගැනීමේ වගකීමත් තියෙන්නේ, අපිටම කියන විත්තියත්, හොඳට තේරුම් ගිය අවස්තාවක් මේක.


In a country well governed, poverty is something to be ashamed of. In a country badly governed, wealth is something to be ashamed of……  

208 comments:

  1. පිලිපීනය කියන්නේ අපි වගේම දුප්පත් රටක්. විනෝදයට බර සරළ ජීවීත ගෙවන මිනිස්සු. පිලිපීන කොල්ලන්ට කියන්නේ පිලිපීනෝ කියලා කෙල්ලන්ට කියන්නේ පිලිපීනා කියලා. ඩාන්සින් වලට සිගින් වලට චැම්පියන්ලා. ඇමරිකන් ජීවන රටාවට බොහොම කැමති උදවිය. කොල්ලෝ හැන්ඩියෝ කිව්වා වගෙම කැත උනුත් ඉන්නවා කෙල්ලොත් එහෙමයි. ඔය කෙල්ලන්ගේ තව විශේෂත්වයක් ඒකයි විදේශිකයෝ නෙමෙයි අපිත් කැමති. ඒත් ඒක මෙතන ලියන්න බෑ. දන්නෝ දනිති...

    ReplyDelete
    Replies
    1. මාතලන් එයාලගෙ දණහිස් හරිම ශක්තිමත් , ඕන තරම් වෙලා දන ගහගෙන එක එක වැඩ කරන්න පුලුවන්..ඒක නේද විශේෂත්වය.. :-) හෙහ් හෙහ් හෙහ්..

      Delete
    2. බබාල හම්බවුනේ නෑ වගේලු...

      Delete
    3. බත් රස දන්නෝ කෙත හදුනන්නෝ

      Delete
    4. @මාතලන්,

      ඒක තමා මම කීවේ ස්පාඤ්ඤ ජාතිකයන්ට මිශ්‍ර උණු අය ලස්සනයි කියලා. අර මාතලනුත් කැමති, විශේෂ හේතුව නම් දන්නේ නෑ. එයාලා වැඩට දක්ෂබව ඇත්ත. :D

      Delete
    5. @තරු,

      තරු අය්යාගේ කතාවේ ඇත්තක් තියෙනවා. එයාලා හොඳ ගෘහ සේවිකාවන් වෙන්නේ ඔය විදියට බිම මැදිලි වගේ දේවල් කරන නිසා වෙන්ට ඕනි.

      Delete
    6. @නිමල්,

      මේ කතාව නම් මෙලෝ දෙයක් තේරුනේ නැත. බබාලා හම්බවෙන කතාවක් එන්නේ කොහොමද මෙතනට?

      Delete
    7. @අටම්පහුර,

      මේ තියෙන්නේ ඇත්ත කතාවක්. එයාලා හොඳ වී වර්ග දන්නවා. ඒ වගේම බත් තමා නිතර කන්නේ. ඉතින් බත් රසත් හොඳින් දන්නවා ඇති.

      Delete
    8. බබාල හම්බවෙන කතාව මාතලන් දන්නවා එයතරුත් දන්නවා...අප්පොච්චියේ තරුට ලැබුන පිලිතුරට හිනානොවී ඉන්නෙ කොහොමද?...

      Delete
    9. මං කියුවෙත් හාල් ගැන නෙමෙයි අනේ

      Delete
  2. යන්තං ඇවිල්ල තියෙන්නේ. අර වයසට යන කොට පිරිමින් ව තේරැම් ගන්න පුලුවන් කියන කාරණය ලංකාවට අදාළ නෑ මං හිත්න්නේ

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් එක පිරිමියෙක් හරි එහෙම කීවා. අනික් අය ඉන්නේ ඒ කතාව ඇහුනේ නෑ වගේනේ. :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කමෙන්ට් මකන්ට ඔට්ටු නෑ හරිද? :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. පිලිපීනයේ ගැහැනු උදවිය හරිම ලස්සනයි ..ඒක නිසාම මම මුණු පොතටත් පිලිපින් අයව ඇතුළු කරගෙන ඉන්නේ...
    පොඩ්ඩි හැම තහනම් ඇවිදිනවා නේද...තව පින්තූර ටිකක් දැම්මනම් තවත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙකුත් ඔය වැඩේ කරලා දැන් ස්කයිප් වලිනුත් ඒ ගැල්ලමයා කතා කරනවා. එයා අපේ එකත් එක්ක ඇමරිකාවට යන්නලු ඉන්නෙ.... ඇයි ඒ ළමයි රැවටෙන්නෙ.... පොඩ්ඩිට උත්තරයක් හොයාගන්න පුලුවන් උනාද ඒ ප්‍රස්නෙට....?

      Delete
    2. @චමි4යූ,

      මෙයත් කරන වැඩ. දැන් ඔය මූනු පොතට ඒ ගෑනු ලමයි එකතු කරගෙන ඉන්නේ ලස්සනයි කියන හින්දද? :)

      මම කීවනේ වෙච්ච වැඩේ. මටත් දුකයි පින්තූරු ගන්ට බැරි උනු එක ගැන.:(

      Delete
    3. @බුද්ධි,

      මට හිතෙන්නේ ඒ ගෑනු ලමයි කොල්ලෙක් අල්ලගත්තොත් ලේසියෙන් අත අරින්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වගේ. ඒ හන්දා වෙන්ට ඕනේ. :D:D:D

      Delete
  5. "චූටි වැරැද්දකට තියෙන්නේ ගොඩක් බොන එකලු" :)

    හොඳ විස්තරයක්.. වෙන චාරිකා සටහන් වල තියෙන ස්ථානීය විස්තරවලට වටා ජන ජීවිතය හා සමාජය ගැන බැලුම් හෙලලා වගේ..

    පින්තූර නම් මදි..

    ReplyDelete
    Replies
    1. @හරී,

      මට ඇත්තටම හරීවත් මතක් උනා. ඔයා ලියන කතා වැඩියෙන්ම....:D

      ලස්සන දේවස්ථාන තියනවා එහේ. නිරිත දිග ආසියාවේ රටවල් මැද්දේ, තියන එකම ක්‍රිස්තියානි රට ෆිලිපීනය.

      Delete
    2. පිලිපීනෙ කොල්ලො දැක්කමද මතක් වුනේ.. :D

      මතක් වුනා කියලා බෑ.. මොනාහරි ගෙනත් දෙන්නත් ඕනෙ..

      මම අන්තිමට කිව්වෙත් පිලීපීනයට සම්බන්ධ කතාවක්නෙ..

      Delete
    3. ඔව් ඔව් හැන්ඩි කොල්ලෝ දැක්කාම මෙයා නම් අරයා වගේ වෙන්ට ඇති කියලා හිතා ගත්තා...හී හී...

      ඊලඟ පාර ගියාම එහෙන ලස්සන ගෑනු ලමයෙක් ගෙනත් දෙන්නම්...:)

      Delete
  6. 01. ADB (Asian Development Bank) එක ගැන වචනයක් කියන්නකෝ.......? එකේ ඔයාගේ රාජකාරිය සහ එගොල්ල ආසියාව දියුණු කරන්න ගත්තු පියවරවල් හා දැනට සාර්ථක වුනු පියවරයන් මොනවද කියලා? සහ ඒ ගොල්ල ගෙන ඇති පියවර ඒ ඒ රටවල යථා ස්වරූපයට ගැලපෙනවා කියලා ඔයා හිතනවද? එහෙනම් ඒ මොන විදිහෙ හේතු කාරණා මුල් කරගෙනද කියලා?

    02. මෙහෙත් තියනවා ලොකු වැව් අසල බිහිවී තියන ජනාවාස.// මේක නම් සාමාන්‍ය දෙයක්නෙ. මිනිස්සු ජනාවාස හදාගත්තෙ ජලය ආශ්‍රිතව. ඔයාගේ ලොකු අයියා විජය කුමාරයා හා එයා‍ගෙ සෙට් එකත් ගංගා ආග්‍රීතව‍නේ ජනාවාස හදා ගන්නෙ. එතකොට ඉංදු නිම්න ශිෂ්ඨාචාරය, හොවැංහෝ, යුප්‍රටීස් ටයිග්‍රීස්, නයිල් ඔය ඔක්කොමත් එහෙමයි. වර්තමානේ බෙරේ වැව අසබඩත් එහෙමයි. ගම්මාන වල නං වැව් රක්ෂිතයෙත් එහෙමයි. ඉතින් පොඩ්ඩි කියන්න බලන්න මේ නිසා ජලයට සිදුවන හානී අවම කරගෙන අර මිනිස්සුන්ටත් යහපත් ජීවන තත්වයක් ලගා කර ගන්න ක්‍රමවේදයක්? :)

    03. ලිපිය ගැන ගත්තොත් ඒ ගැන විස්තර සපයලා තියෙන එක ගැන සතුටුයි. ඒත් අලුත් අද්දැකීමක් ලබා ගන්න කියවන අයට පින්තුර ටිකකුත් තිබුනනම් හොඳයි. උදා -මෙන්න මේ වගේ....:) http://www.cyberyaya.blogspot.com/2012/05/22.html

    ReplyDelete
    Replies
    1. උඹේ ඔය පෝස්ට් එකේ තියන පින්තූර දැක්කම නම් නොකා නොබීම තමයි ඉන්න හිතෙන්නෙ.

      Delete
    2. @බුද්ධි,

      1. මේක නිකම් සංචාරයෙන් පස්සේ දෙන්ට තියන රිපොර්ට් එකක් වගේ. පොඩි උත්තරයක් දෙන්ට බෑ. පෝස්ට් එකක් දානවා ඇර.:)

      2. ඔය ජලාශ්‍රිතව මිනිස්සු එකතු වෙන කතාව ඉතිහාසේ දකින්ට ලැබෙන බව දැනගෙන හිටියා. මේ වගේ ලොකු වැව් වටේ ගෙවල් හදාගෙන මිනිස්සු ඉන්න ක්‍රමයක්, මම ලංකාවේ දැකලා නෑ බුද්ධි. හරියට ජලාශය අයිනේම. නිවසින් බහින්නේ කෙලින්ම වතුරට. ඒ මදිවට බෝට්ටු නිවාස. මිනිස්සු නාන්නේ, අනික් හැමදේම කරන්නේ මේ වතුරේ. මේ වගේ ක්‍රමයක් විජය අත්තලාගේ කාලේ නම් තියෙන්ට ඇති සමහරවිට. :D

      //ඉතින් පොඩ්ඩි කියන්න බලන්න මේ නිසා ජලයට සිදුවන හානී අවම කරගෙන අර මිනිස්සුන්ටත් යහපත් ජීවන තත්වයක් ලගා කර ගන්න ක්‍රමවේදයක්? :)//
      මේ ගැන තමා දැනට පර්යේෂණ සිද්ධ කරගෙන යන්නේ...

      3. හී හී මේ කතාව නම් ඇත්ත. මම කීවනේ සිද්ධවෙච්ච දේ ඉතින්

      Delete
    3. @තරු,

      ඒ පින්තූර ටික කොච්චර ලස්සනද? බලන්ටකෝ අර දෙවෙනි පින්තූරේ දිහා...:)

      Delete
    4. 1. මේක නිකම් සංචාරයෙන් පස්සේ දෙන්ට තියන රිපොර්ට් එකක් වගේ. පොඩි උත්තරයක් දෙන්ට බෑ. පෝස්ට් එකක් දානවා ඇර.:)// මේ ගැටලු වලට නිසි පිළියම් ලැබෙනතුරු අපි අඛණ්ඩ උපවාසයේ.....!

      තරූ,
      කිව්වයි කියලා හිතාගන්ඩ. උඩයි යටයි ගෑල්ලමයි දෙන්නෙක් ඉන්න හින්දා කටවහගෙන හිටියෙ.

      Delete
    5. //අඛණ්ඩ උපවාසයේ.....!//

      හී හී ඛණ්ඩ උපවාසත් තියනවද? අර හොරෙන් මාරි බිස්කට් කකා, බීම ජාති බොනවා වගේ...

      Delete
  7. පොඩ්ඩි හොඳ චාරිකාවක්නෙ ගිහින් තියෙන්නෙ . පිලිපීන පිරිමි ගැන කියපු දේටනම් හිනා ගියා .
    …//චූටි වැරැද්දකට තියෙන්නේ ගොඩක් බොන එකලු.//

    ReplyDelete
    Replies
    1. බොන එක ලොකු වැරැද්දක් ද පොඩි වැරැද්දක් ද කියන එක බලන කෙනාගේ දැක්ම අනුවයි තීරණය වන්නෙ.... මැණිකෙගේ දැක්ම අනුව ඒක පොඩි වැරැද්දක්!

      Delete
    2. @ගිම්,

      මම හිතන්නේ ඒ චූටි කතාවෙන් ලොකු කතාවක් විස්තර උනා කියලා...:)

      Delete
    3. @ඇනෝ,

      ඔය කතාව එහේ ගෑනු කෙනෙක් කීව දෙයක් මිසක් මැණිකේ තේරුම් ගත්තු දෙයක් නෙමේ. මැණිකෙට ඉතින් චූට්ටක් කටේ තියලා අහු උනොත් එදා රෑට නිදන්ට වෙන්නේ ගරාජ් එකේ තමයි. හී හී...

      (මේ සියල්ලන්ගේම දැනගැනීම සඳහාය.)

      Delete
    4. අහුවෙන්ට මම මුකුත් කටේ තියන්නේද නැත. හැබැයි මොන හේතුවක් නිසාවත් ගරාජ් වල නිදා ගන්නේද නැත. ගිහින් නිදා ගන්නට ඕන තරම් යාලුවන්ගේ ගෙවල් ඇත.

      ( මේ කිව්වේද සියල්ලන්ගේම දැනගැනීම සඳහාය!)

      :D :D :D

      Delete
  8. පිලිපින් කට්ට්ය හෙනම අපිරිසිදුයි කියලා ඉස්සර තාත්තා කියන්නේ... පිලිපින් කෲ එකක් එක්ක නැවක් ආවොත් වරායත් ඟදයි ලු... හි හි

    මේ මං අහන්න හිටියේ.. ඇත්තටම මිශ්‍ර විවාහ වලින් (ඒ කිව්වේ වෙනස් රටවල් දෙකක් ) ඉපදෙන දරුවෝ ලස්සන වගේම නුවණත් වැඩිලු නේද.... මට සකායි මතක් උනේ....

    ReplyDelete
    Replies
    1. මගේ ළඟම යාළුවෙක් ඉන්නවා අම්මා ෆිලීපින්, තාත්තා බංග්ලාදේශ් (ෆිලිපින් කසින්ස්ලා සෙට් එකක් ඉන්නවා, කියන්න වදන් නෑ).. මේකි බැන්දේ අපේ සෙට් එකේම හිටපු පෝලිෂ් කොල්ලෙක්ව.. මාස කීපෙකට කලින් දුවෙක් ලැබුනා.. මම මේ කල්පනා කොරන්නෙ ඒ ළමයගෙ ජාතිය හරියටම මොකක්ද කියලා.. :D

      Delete
    2. ආන්න බලන්න ජාත්‍යන්තර සහයෝගී තාවයට හොඳ උදාහරණයක් ! ඔය ළමයා කවදා හරි හෙනට කැපිලා පේන, අති දක්ශ චරිතයක් වෙනවා..අනිවා..

      Delete
    3. මං මේ කල්පනා කලේ බුරා අපි තමයි ඔය ජාති ආගම් කුල මල බදා ගෙන කෙලවගන්නේ ජීවිතේම.. ඒ මිනිස්සු ඕවා හොයන්නේ නෑ නේ.... ඔය අගේට ජීවත් වෙන්නේ..... ඔය කියන දරුවා උනත් සංස්කෘති කීපයක් මැද්දේ හැදෙද්දි එයාට හොඳක් සිද්ධවෙයි කියලා හිතන්න බැරිද.... ජාති ආගම් කුල මල බේද නැති ඒ වගේ දරුවෙක්ට කොච්චර නිදහසක් ඇද්ද... ( ඕකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් මේ වගේ රටක නම්)

      මට ඔය සිද්ධිය මතක් උනේ අපේ බදු රාළ හින්දා ඇත්තටම.. දැං කට්ටිය විහිළුවට ගනියි මෙහෙම කිව්වම.. අපේ වලව්වේ හාමුව මාසෙකට සැරයක් වෙට් ගාවට අරන් යන්න ඕනේ.. පැටිකිරිය හොදයි තමයි... අම්මගේ තාත්තගේ නමුත් උප්පැන්නෙ තියෙනවා.... ඒත් මුන්දැගේ ප්‍රතිශක්තිය අඩුයි ලු... මැක්කෙක් ගෑවුනොත් ඇති... ඒත් පාරේ ඉන්න වල් බල්ලෝ.... උන්ට ඔය එක හෙණයක් වත් තියෙනවාද.... අපේ තාත්තා කියන්නේ අපේ ගෙදර ඉන්නේ වලව්වේ හාමු කෙනෙක් කියලා... වංශෙ, කුළ මලු, ජාති , ඔක්කොම පිරිසිදු විදියට හොයා ගත්ත නිසා හොස්ස ළඟින් මීයෙක් ගියත් නැගිටින්න කම්මැලියිලු වංශවත් බල්ලෙක් නිසා... හි හි...

      Delete
    4. මේක දැක්ක තමන් මට පොඩ්ඩිගේ මේ පෝස්ට් එක මතක උනා... ඒක නිසා ඔනන් කොපි කරලා දැම්මා... හි හි

      Beyoncé Knowles
      From Wikipedia, the free encyclopedia

      ///Knowles' father is African American. Her mother, a Louisiana Creole, has African, French, Native American, and Irish ancestry; ///

      http://en.wikipedia.org/wiki/Beyonc%C3%A9_Knowles

      Delete
    5. @හිරු,

      ඔය කියන කතාව නම් අහලා නෑ. හැබැයි නැව්වල වැඩ කරන අය ගැන දැනීමකුත් නෑ.

      ඒ මිශ්‍ර විවාහවලින් ලැබෙන ලමයි ලස්සන බවත්, හොඳට නුවණ තියන බවත් ඇත්ත. ලංකාවේ ඇතුලේම වුනත් මිනිස්සු මිශ්‍ර වෙනවානම් හොඳලු. ඔය වලව් අය පහත රට අය සමග වගේ හී හී.

      එකම ප්‍රශ්නේ හිතන්ටකෝ අප්‍රිකාවේ රටවල් දෙකක දෙන්නෙක් විවාහ උනා කියලා. ඒ ලමයි මොනවගේ ලස්සනට ඉඳීද කියලා මම මේ කල්පනා කලේ. :D

      Delete
    6. @බූරා,

      අනිවාර්යෙන්ම මනුස්ස ජාතියේ වෙන්ට ඕනි. :D:D:D

      Delete
    7. @සෙන්නා,

      //අන්තර්ජාතික සහයෝගතාවය// :D:D:D

      Delete
    8. @හිරු,

      //වංශෙ, කුළ මලු, ජාති , ඔක්කොම පිරිසිදු විදියට හොයා ගත්ත නිසා හොස්ස ළඟින් මීයෙක් ගියත් නැගිටින්න කම්මැලියිලු වංශවත් බල්ලෙක් නිසා... හි හි...//

      සමහරවිට එයාගේ වැඩ අනික් අය කරන හන්දා එයා එහෙම වෙලා ඇති ඔය අනෙක් වංශවත් අය වගේ. :)))

      // අපේ තාත්තා කියන්නේ අපේ ගෙදර ඉන්නේ වලව්වේ හාමු කෙනෙක් කියලා.../
      /
      ඔන්න මේ කතාව නම් වැරදී...ඔයාගේ අප්පච්චි හරි හාමු කෙනෙක් දැකලා නෑ. :D:D:D

      ලින්ක් එකට ගොඩක් ස්තූතියි හිරු.

      Delete
  9. පියවි මම කැමතිම ටෙලි නාට්‍යක්. :)
    කාලෙකින් පෙන්න නැතුව හිටියේ එක තමයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා...කාලෙකින් පේන්ට හිටියේ නැත්තේ ඒකයි.:)

      මට ලංකාවේ යාලුවෙක් තමා 'පියවි' ගැන කීවේ. ඉතින් මම ඒක tharunaya.com එකෙන් බලනවා. ඉවසිල්ලක් නෑ ඊලඟට මොනාද වෙන්නේ කියලා දැනගන්ට. ඒකේ රඟපාන අය ඇත්ත චරිතවල ජීවත්වෙනවා. රඟපානවා නෙමේ. මේ නලුවා කියලා වැඩක් නෑ. ලංකාවේ මේ වගේ අය පිරිලා ඇතිද පාරවල්වල.:D

      Delete
  10. පොඩ්ඩිගෙ හැන්ඩි කොල්ලා ඉන්නෙ හෝමාගමනේ.. ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම්. හැබැයි වලවුකාරයෙක් නම් නෙමේ...

    වනලා වනලා මේකෙත් ඉතින් එහෙන් මෙහෙන් ලංකාවෙ පිරිමින්ට පත බාලා තියනවා.

    පිලිපීන කෙල්ලො නම් ලස්සනයි තමයි..මම මාලදිවයිනේ ඉන්න කොට හිටියා හොඳ සෙට් එකක්.හම්බේ.....

    පින්තූර නම් අම්බානක අරගෙන , දැන් අපිට මරිසිය දානවා, ඔය දාපුවත් කපලා කොටලා දාලා තියෙන්නෙ... හන්ගන්න ඕන මූනුත් ඒවයෙ ඇති මයෙ හිතේ..

    @@@බත් කෝප්පයක් සහ වේලපු මිරිදිය මාලු කූරියෙක්, (මට නම් තේරුනේ හොඳින් බැදලා තිබුනු ) @@@
    ෂික් මොන මළ ජරාවක්ද? ඔය වගේ අපේ රටේ රසම රස කිරිබතකුය්, ලුනු මිරිසකුයි, මාලු ඇඹුල් තියලකයි තියෙන රහ..

    ReplyDelete
    Replies
    1. //පොඩ්ඩිගෙ හැන්ඩි කොල්ලා ඉන්නෙ හෝමාගමනේ.. ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම්. හැබැයි වලවුකාරයෙක් නම් නෙමේ...//

      එයාගේ ගම හෝමාගම නම් නෙමේ...හී හී...

      //පින්තූර නම් අම්බානක අරගෙන , දැන් අපිට මරිසිය දානවා, ඔය දාපුවත් කපලා කොටලා දාලා තියෙන්නෙ... හන්ගන්න ඕන මූනුත් ඒවයෙ ඇති මයෙ හිතේ..//
      මේ කතාව ඇත්ත ඉතින්. රාජකාරිවලදි ගත්තු පින්තූර ප්‍රස්ෂ කරන්ට බෑනේ...

      //ෂික් මොන මළ ජරාවක්ද? ඔය වගේ අපේ රටේ රසම රස කිරිබතකුය්, ලුනු මිරිසකුයි, මාලු ඇඹුල් තියලකයි තියෙන රහ..//

      නෑ ඒ කෑමවලත් අමුතු රසක් තිබුනා. ඔය කියන කිරිබත් නම් මම ආසම කෑමක්. අම්මෝ කියලා වැඩක් නෑ. පොඩ්ඩි ආසා කිරි බේරෙන කිරිබත්. කැට කපපුවා නෙමේ. මිරිස් මාලු සහ ලුණුමිරිස් එක්ක. අනේ මට බෑ... දැන් නම් කිරිබත් කන්ටම ඕනි. :D:D:D

      Delete
    2. හෑ ..:O මගේ ගම හෝමාගම නෙමේ තරු ඔයාට වැරදිලා...

      Delete
  11. පිලිපීන ජාතිකයින් හරිම සුහද ස්ශීලී විනෝදෙට බර ජාතියක් ... මට මුන ගැගෙන ජාති අතරින් මම වැඩිපුරම කැමති ජාතිය කිව්වොත් වැරදි නෑ.. ඕනම වෙලාවක දන්න නොදන්න ඕන කෙනෙකුට ගුඩ් මොර්නින් මයි ෆ්‍රෙන්ඩ් කියන්න ඒගොල්ලො දෙපාරක් හිතන්නේ නෑ... එකම අවුල පිල්ලො හුගක් වෙලාවට හිතන් ඉන්නේ පිලිපීනෙ කියන්නේ ඇමරිකාවෙ කෑල්ලක් කියල .. ඇමරිකානුවො විදියට තමයි ජීවත් වෙන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. //එකම අවුල පිල්ලො හුගක් වෙලාවට හිතන් ඉන්නේ පිලිපීනෙ කියන්නේ ඇමරිකාවෙ කෑල්ලක් කියල .. ඇමරිකානුවො විදියට තමයි ජීවත් වෙන්න හදන්නේ//

      ඔයා කියලා තියන හැමදේම වගේ මේ කතාවත් ඇත්ත. එයාලගේ බ්‍රෙක්ෆස්ට් එකක් තියනා 'ඇමරිකානු'. ඒක ඇමරිකන් කීවට මෙහේ උදවියත් උදේට කන්නේ ඒවාමයි. :D

      Delete
  12. ඔයාට එක එක රටවල ඇවිදින්න ලැබිල තියෙන එක ලොකු වාසනාවක් . කීයෙන් කීදෙනාටද එහෙම වාසනාවක් ලැබෙන්නෙ.පිලිපීන කාන්තාවො ගොඩක් ලස්සනයි කියල අහල තියෙනවා. විදේශික පිරිමියෙක් එක්ක එහෙම සම්බන්ධයක් ඇති කරගත්තොත් එයාව අත් හරින්නෙ නැතිලු නේද? මගෙ යාලුවෙක් සියදිවි හානි කරගත්ත ඒවගේ සිදුවීමකින් එයාගෙ හස්බන්ඩ් පිලිපීන කාන්තාවක් එක්ක සම්බන්ධ වුන නිසා. එයාට පුංචි දරුදෙන්නෙකුත් ඉන්නවා. කොහොම උනත් හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා.

    ජාන්වී.

    ReplyDelete
    Replies
    1. @ජාන්වී,

      ඔයත් නිකං කියලා තියෙන්නේ අර මාතලන් කීව කතාව වගේ දෙයක්. මොකක්ද ඒ විශේෂ හේතුව. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි නේද?

      ප්‍රොෆයිල් එකක් හදා ගන්ටකෝ ජාන්වී. ඇනෝ විදියට එන්නේ නැතුව...ස්තූතියි කමෙන්ට් එකට හොඳේ.:)

      Delete
  13. පිලිපීනෙ මම මේ රට ගැන දන්නේ මින්දනාවෝ දූපත නිසා. තව ඇමරිකන් බේස් එක ගැනත් අහලා තියනවා. තව ලෝකයේ වැඩිම වී දර්ශක එකතු කර ඇති සහල් ගැන බොහෝ පරීක්ෂණ කළ තැනක් ලෙසත් දන්නවා. හැබැයි පොඩ්ඩි වගේ අත්දැකීම් නම් නැහැ. යන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. මින්දනාවෝ බේස්එක දැන් අයින් කරලා නේද.

      අපේ පරණ වී ටික ඔක්කොම එකතූ කරපුවා තියනවා කියලා මම දැක්කා පත්තරයක ලිපියක්

      මටත් හම්බඋනා පච්ච පෙරුමාල් , රතු හීනටි , සුදු හීනටි , සුවදැල් හාල් වර්ග දෙකක් එහෙම,

      අපේ ගෙදර තියනවා සුවදැල් කෙසෙල් පදුරකුත්

      Delete
    2. @මහ වෙදනා,

      දන්න කතා ඇත්තයි. ඒත් දැන් නම් මහ වෙදනව එහෙ අරින්ට බයයි වගේ. කට්ටිය නිකං අමුතු අමුතු කතා කියනවා...:D:D:D

      Delete
    3. @අටම්පහුර,

      ඔය කියන වීවල බත් රස ඇති. හීනටි හාලේ බත් කාලා තියනවා. සුවදැල් කෙසෙල් රහයි නේද? ඒ මම ආසම කෝලිකුට්ටු.:)))

      Delete
  14. හ්ම්ම් හ්ම්ම්.....යන්නම වෙනවා පිලිපිනේ පැත්තේ මොකද්ද මේ ස්ටෝරි ටික කියල බලං කියන් එන්න...

    ReplyDelete
    Replies
    1. යන්ටකෝ නාඩියෝ...:)

      Delete
  15. ඔය පිල්ලන්ගේ නං එලොලු ජීවිත නෑ. මස්, මස්, මස්ම තමයි!

    ReplyDelete
    Replies

    1. ඒක නම් ඇත්ත කතන්දර. ගිය පාර ගිය වෙලාවේ ගෙදරකට ගියාම හදලා තිබුනේ මස් සමග එලවලු, මස් සමග බත්. හැම ජාතියකම මස්...මට කන්ට දෙයක් තිබුනේ නෑ. කෑවේ පලතුරු විතරයි. :(

      Delete
  16. ෆිලිපීනයට බෙහෙවින්ම ඇමරිකානු බලපෑම තියනවා. මම දන්නා තරමින් ඒ බලපෑම නිසා ඔවුන්ගේ මුල් සංස්කෘතික ලක්ෂණ බටහිර කරණයට ලක්වෙලා.

    අපේ මිනිස්සු දානයකට පන්සලට ගෙනෙන ආහාර ප්‍රමාණය මෙන්ම ගෙදරක දානයක් දෙනකොටත් අනවශ්‍ය විදිහට වැඩියි කියන ඒක මමත් පිලිගන්නවා. හැබැයි ඉතින් ඒවා අපතේ යන්නේ නම් බොහොම ටිකයි :D පොඩි දුවට අම්මා තහංචි දාන්න ඇත්තේ ඇත්ත තිත්ත නිසා නෑදෑයෝ යාළුවො තරහ වෙයි කියලා වෙන්න ඇති.

    අනාගතයේදී ඔය තත්වය වෙනස්වෙයි. වළඳන්න කැමති මොනවද කියලා හාමුදුරුවන්ගෙන් අහන ඒක නෙවෙයි කලයුත්තේ. හාමුදුරුවොම දායකයන්ට උපදෙස් දෙන්න ඕනේ සරල සහ අවශ්‍යතාවයට ප්‍රමාණවත් මට්ටමෙන් දානය සකස් කරන්න කියලා. ඒ තමයි භික්ෂුන් වහන්සේලා විසින් කලයුතු නිසි මග පෙන්වීම.

    ආයේ එහෙම මේ වගේ සංචාරයක ගිහින් හොඳ පින්තුර ගොඩක් නොදැම්මොත් බලාගෙනයි. :D :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එයාලා ඇමරිකන් වෙලා කියලා කතාවෙනුත් පේනවා. ඉංග්‍රීසි කතා කරන්නේ නියම ඇමරිකන් විදියට.

      තරහා උනත්, ඇත්ත පෙන්නලා දුන්නා නම් හොඳයි නේද?:)

      හාමුදුරුවරු මේ පිලිබඳ උපදෙස් ගිහියන්ට දුන්නා නම් හොඳයි තමා. ඒත් ඒක නම් ලඟකදි කෙරෙන පාටක් නෑ. සමහර හාමුදුරුවරු උදේ දානෙට පන්සලට ගේන්ට කියන්නේ ගොඩක් මිල වැඩි බටර් ජාති, ජෑම් ජාති, පාන් ජාති. පිටරටවල්ට ආවාම හාමුදුරුවරුත් වෙනස් වෙනවා ටිකක් විතර. පව් සිද්ධවෙයිද දන්නේ නෑ මෙහෙම කීවම. ඒත් ඒ මුදලින් දුප්පත් ලමයින්ට කෑම වේලක් දෙන එක පින් කියලා තමයි අප්පච්චි හැම වෙලාවෙම කියන්නේ. මාත් ඒ කතාව අනුමත කරනවා. ඒත් අම්මා නම් නෑ. එයා හැම තිස්සෙම පන්සලේ.:D

      ආයම නම් එහෙම කරන්නේ නෑමයි. පින්තූර ඇල්බම් එකක්ම උස්සගෙන එනවා...හී හී...

      Delete
  17. කෑම ගැන කියන්න තියෙන්නෙ ඉතින් කාල මරණං අකාල මරණං කියල ජාති දෙකක් තියෙනව.
    කාල මැරෙන එක වඩා හොඳයි! :D :D

    ReplyDelete
    Replies

    1. මේ කමෙන්ට් එක නම් කෑම ගැනම හිතන එක්කෙනෙක්ගෙන් ආපු එකක්.
      පිරිමි කොහොමත් කෑම ගැන හිතන අයලුනේ නේද?:)

      ‘Way to a man's heart is through his stomach’ ලු නේද? :D:D:D

      Delete
  18. අනිත් රටවල් වලට සාපේක්ෂව බලනකොට ලංකාවේ සම්පත් ගොඩක් තියෙනවා... ඒත් මිනිස්සු ඒවගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැති එක තමා වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තියන දේවල් අගය නොකරන ගතියකුත් තියනවා නේද? මේ ගමනෙදි මට එහෙම දැනුනා...:)

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයා හොයාගෙන යන්ට තියන පාර මේ විදියට වහලා දැම්මේ ඇයි? :(

      Delete
  20. ඔය බත් කෑම නම් නියමයි .මට අමාරු හොදි නැතුව කන්න වෙන එකට . බත් දෙන්නේ ටිකක් චූටි කෝප්පෙකනේ .එත්කොට තව ටොප් අප් දාන්න වෙනවා :)

    අහ් සැන්මිගෙල් ශොට් එකක් දාලා ඉන්න පුලුවනි ආතල් එකේ ඕනේ රෙස්ටුරන්ට් එකක

    ජිප්නි වල ගියේ නැද්ද පොඩ්ඩි ? මේ සැරෙත් අපි දෙන්න නූලේන් මිස් වී ඇත :(

    TG

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ හොදි නැතුව (ටිකක් හරි ) ඒ බත් එක කන්නේ කොහොමද කියලයි. ඒත් ඒකේ කිරි රහක් එනවා අපේ කිරිබත්වල වගේ. අනෙක ඇලෙනවා නේද අපේ වගේ ඇට නෑ.

      දෙවෙනි කෑල්ලට හී හී කියන්නම්.

      ජිප්නි අමතකම උනා. යන්ට හිටියත් වෙලා තිබුනේ නෑ.

      ඇයි අපි දෙන්නට මෙහෙම වෙන්නේ. ගියපාර බැංකොක් වලදි. මේ පාර මැනිලාවලදි. :(

      Delete
  21. ජීප්නි ගැන නොකිය පිලිපීනෙ ගැන කතා කරන එක හරියට පරිප්පු නැතිව හෝටලෙ ගැන කියනව වගේ.

    ඔය පිල්ලො ගැන මම එක දෙයක් කියන්න ( වැඩිය කියල නිකන් ඉල්ලං කන්නෙ මොකෑ )

    උන්ගෙ ප්‍රස්න තණකොළ වගේ තමයි. මේ කපනව මේ වැවෙනව ජාතියෙ. ඒ නිසා කොච්චර හම්බු කරත් මදි මදි ම තමයි.

    තව එකක්, මුස්ලිමුන්ට මක්කම යනව වගේ තමයි පිල්ලෙක්ට ඇමරිකා යන්න ලැබීම. ඒ උන් ඇමරිකා යටත් විජිතයක් හැටියට ඉන්න කාලෙ මොළ හේදිල්ල නිසා වෙන්න ඕන.

    මාළු සෝස් දාන, ගඳ පිළි කෑම කොහොම කෑවද මන්ද කුමාරිහාමි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහයෝ. මට ගිය පාරත් යන්ට බැරි උනා ජිප්නි එකක. මේ පාරත් බැරි උනා. :(

      එයාලට තියන ප්‍රශ්නේ තමයි සල්ලි. ඔය ඇමරිකාවේ යන කතාවත් හරි.

      පොඩ්ඩි කාපු කෑමවල නම් එහෙම පිළී ගඳක් ආවේ නෑ. ගොඩක් කාලෙකින් සිංහයාව දැක්කේ. සංතෝසයි මේ පැත්තේ ආවට....:D

      Delete
  22. අනේ මන්ද පොඩ්ඩි අක්කෙ එක එක්කෙනා එක එක විදිහෙ අදහස් පිලිපීනෙ ගැන කියල තියෙන්නෙ.මට තියෙන ප්‍රශ්නෙ අපි පිලිපීනෙ කියනව, ඔයා ෆිලිපීනෙ කියනව. දෙකෙන් කෝකද හරි :)

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් ෆිලිපීනේ. සිංහලෙන් පිලිපීනේ. දන්නේ නැතුව වගේ අහන හැටි හහ්...:)

      Delete
  23. ලස්සන පෝස්ට් එකක් :)
    ඒ වුනාට කෑම ගැනනම් ආස හිතෙන්නේ නෑ මට

    ReplyDelete
    Replies
    1. රහ කෑමත් තියෙනවා. තෝරගෙන කෑව හැකි. :)

      Delete
  24. කාලයක් මාත් එක්ක චැට් කළා ලස්සන පිලිපීන් කෙල්ලක්..... අන්න කෙල්ලෝ... :D

    ReplyDelete
    Replies
    1. හපොයි මෙහෙම කොල්ලෝ...:D

      Delete
  25. පිලිපීනෙ විතරක් නොවෙයි තායිලන්තේ රටමැදට වෙන්නත් මියන් මාර් වගේ පලාත්වල අයත් ඔයවගේ සරළ කෑම තමයි ආහාරයට ගන්නේ ගොඩක් ස්භාවික කෑම වලට එයාල විශාල ප්‍රියතාවයක් දක්වනවා ඒ වගේම අපි තරම් මිරිස් කන්නේත් නෑ ගුවන් යානා ගත්තම දෙදරුම් කන එකනම් සුලබව දක්නට ලැබෙනව ඔය පලාත්වල ගුවනින් යනකොට එක මං හිතන්නේ ප්‍රධාන ගුවන් ගමන් වලට කලින් පාවිච්චි කරපු ගුවන් යානා රට අභ්‍යන්තර ගුවන් ගමන් වලට යොදා ගන්නා නිසාද කොහේද

    ReplyDelete
    Replies
    1. එයාලා මිරිස් වැඩිය කන්නේ නෑ තමයි. ඒත් මාලු වර්ගයක් මිශ්‍ර මිරිස් පේස්ට් එකක් තියනවා. ඒක නම් සැරයි. ටිකක් අමුතු සුවඳක් එන. ඒක නම් රහම නෑ.

      ඒ දෙදරන ඒවාවල නම් යන්ට බයේ බෑ අප්පා...:)

      Delete
  26. හොඳ වැඩේ චාජර් එක අමතක කරලා ගියාට..කමක් නෑ ඉතින් කාලෙකට පස්සෙ ඕන් පොඩ්ඩි ආයි ඇවිත්.. මීට පස්සෙ කැමරාව අරන් යනකොට චාජර් එක, මෙමරි කාඩ් එක සහ අමතර බැටරි වගේ ඒවා වගේම පීසී කනෙක්ස් කරන කේබල් සේරම ගත්තද කියලා චෙක් කරන්ඩ මතක ඇතුව..
    එහෙම උපදෙස් දුන් මට මේ ළඟදි..ඒ සේරම චෙක් කරලා බෑග් එකට දමා ගත්තා.. ෆොටෝ ගන්න තැනට ගියහමයි දැක්කෙ..ලෙන්ස් එක මාරු කරන්න ගත්ත කැමරාව තාම ගෙදර මේසෙ උඩ කියලා..හොඳ වෙලාවට ඒක ඉවෙන්ට් එකක් නෙවෙයි..පස්සෙ දවසක ආයි ආව එතනට ෆොටෝ ගන්න !

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි අංකල් වයසට යද්දී... මුලින් මුලින් පොඩි පොඩි අමතක වීම්.... ගණන් ගන්න එපා..... :P

      Delete
    2. බොලා හරි ලාබාල කොල්ලනෙ සෝඩා ... මට වඩා අවුරුද්දක්ද කොහෙද බාල..! :-D

      Delete
    3. @වෙනී, අවුරුද්දක් නෙමේ බන් මාස 11 දවස් 29 යි :-)

      Delete
    4. @වෙනී,

      ඔන්න කමෙන්ට් එක සේව් කරගත්තා. මීට පස්සේ කොහේ හරි යන්කොට ඒක බලලා තමයි ගමන්ට ලෑස්තිවෙන්නේ ...:)

      Delete
    5. @Soda ගුනේ,

      සමහරුන්ට නම් අවුරුදු විසි ගනන්වලදිත් අමතක වෙනවලු.:)

      Delete
    6. @තරු,

      එච්චරම වයසේ වෙනසක් නෑ නේද? තාම දාසයේ අයද මේ?:D

      Delete
  27. Have worked in Philippines. A nice country, friendly people. But Manila is not Philippines. In Manila you can see the dark side of urbanization and the rat race. But if you move out of Manila, you can see the real culture. One good example is you can see lot of women drinking alcohol in bars of Manila, but in country side this is not the case. Prostitution is common in Manila, but outside Manila family bonds are much more healthier. One of my friend said it is hard to get a meal for one person in out side Manila. All meals are for families.
    I really can't understand why they not promoting tourism, because of the natural beauty (more than 7000 islands). Country is heavily dependent on foreign money remittance from overseas workers. But lovely natural scenery if you go out of Manila.
    Corruption and political influences are high. That may be one reason Manila was behind other Asian economies like Singapore, KL or Seoul.
    I also enjoyed food (Specially pork adobo) and according to them we eat a lot. They only eat small amount of rice with one curry. But when we go and ask for couple of curries with rice they got surprised. Very true about people, for example the cleaning lady we had in our office was working all the time but still very pleasant.

    ReplyDelete
    Replies
    1. There is another problem, terrorism.. Abu-Sayyaf is doing a major damage to the economy (mainly the tourism) via their bombing, kidnapping & other stuff, specially in the southern area..

      Delete
    2. බුරාට මතකද අර බස් එකක්ම හයිජැක් කල සිද්දිය . පිලිපිනෙත් ටිකක් ගොඩ යන පාටක් නැති රටක් .

      Delete
    3. @ඇනෝ,

      Thank you for the beautiful comment.

      සිංහලෙන් ලීවා නම් සංවාදයක් ගොඩ නගන්ට පුලුවන් විදියේ කමෙන්ට් එකක්... සිංහල බ්ලොගයක් හන්දා සිංහලෙන් උත්තර දෙන්නම් කියලා හිතුවා...:D

      මැනිලා ඉඳන් ඉවතට ගියාම දකින්ට ලැබෙන්නේ නියම ෆිලිපීනේ බව ඇත්ත. අනෙක් ආසියාතික රටවල වගේම දුප්පත්කම, සම්ප්‍රදායන් රැකීම ඔය හැමදේම දකින්නට ලැබෙනවා...

      ගොඩක් ආසියාතික රටවල් දුප්පත් වෙලා තියෙන්නේ දේශපාලනය නිසා...මෙහි ඒ තත්වය අනෙක් නිරිතදිග ආසියාතික රටවලට වඩා වෙනස්වී තියෙන්නේ ඒ හන්දා වෙන්ට ඇති. දකුණු ආසියාවේ එය වඩාත්ම දරුණුයි කියලා හිතෙනවා...

      මස් කෑමක් නැති හන්දා ඒ රස කෑම ගැන කියන්ට දන්නේ නෑ.:)

      Delete
    4. @බූරෝ,

      මේ ත්‍රස්තවාදය තාමත් තියනවද? ඒ ගැන නම් දැනුමක් නෑ...ජපානය හා චීනය අතර හිත හොඳ නැති බව නම් පැහැදිලිව ඇවිත් තිබුනු ජපන් අය අතරින් පෙනුනා.

      Delete

    5. @බින්දි,

      මොකක්ද ඒ හයිජැක් කතාව?

      Delete
  28. මේ ලෝකෙ කොයිරට වුනත්, ඒ රටවල් එකක් වත් ලංකාවට උඩින් තියන්න බෑ.පොඩ්ඩි හොඳ හොඳ සවාරි යන පාටයි.

    ReplyDelete
    Replies
    1. හ්ම් මටත් හිතෙන්නේ එහෙමයි.

      ඔව් ඔව් ...පොඩ්ඩි හොඳ , හොඳ සවාරි යනවලු. :D

      Delete
  29. මොනවා වුනත් ලංකාවේ වටිනාකම මේ ලිපියෙන් පැහැදිලි වෙනවා. අපේ රටේ මිනිසුන් කැමතියි ලස්සනට ඉන්න. බලන්න 6% අධ්‍යාපනය වෙනුවෙන් කියල අපි කෑ මොර දෙද්දී ඒ රටවල් වල අධ්‍යාපනයට, සෞඛ්‍යට සල්ලි ගෙවන්න ඕනා. අපේ රටේ තියෙන ප්‍රශ්නේ එකෙක් පරයා එකෙක් යන්න තියෙන පුදුමාකාර තරගය. සංසන්ධනාත්මකව හිතන එක. කොයිතරම බෞද්ධ රටක් වුනත් උපේක්ෂාවෙන් බලනවා කියන්නේ දකින්න නැති දෙයක්.

    ReplyDelete
    Replies

    1. // අපේ රටේ තියෙන ප්‍රශ්නේ එකෙක් පරයා එකෙක් යන්න තියෙන පුදුමාකාර තරගය. සංසන්ධනාත්මකව හිතන එක. කොයිතරම බෞද්ධ රටක් වුනත් උපේක්ෂාවෙන් බලනවා කියන්නේ දකින්න නැති දෙයක්.//

      හරිම වැදගත් කමෙන්ට් එකක් සුදීක. මටත් මේ විදියටම හිතුනා. ඒකම් තමා මම යටින් කියලා තියෙන්නේ අපිට තියන දේවල් අපි අගය කරන්නේ නෑ කියලා.

      සම්මානයට ගොඩක් සතුටුයි. සුබ පතනවා....:)

      Delete
  30. හරිම වටිනා ගමනක් නේ පොඩ්ඩි. මගේ යාළුවොත් ඉන්නවා පිලිපින් . අපේ ඉස්සරහ ගෙදර වැඩට ඉන්න කෙනා පිලිපීන . ගෙදර කෙනෙක් වගේමයි ඉන්නේ . මට රට ගැන ගොඩක් විස්තර කිව්වා . ලෝකේ පුරාම ගෙවල් වල වැඩට යනවා . මේගොල්ල ඉංග්‍රීසි කතා කරන නිසා මිල ටිකක් වැඩියි. විදේශිකයෝ බැඳපු ගොඩක් ගැහැණු අය මෙහෙ ඇවිත් ඉන්නවා . මිත්රශිලියි. අපේ බනිලගේ තාත්ත එහෙ ගියා කීපවතාවක් . අපිට නම් යන්න බැරි වුනා . එයා කිව්ව විදිහට නම් අලි බත් එකකුයි මස් කුට්ටියකුයි කන්න රුසියෝලු. ගම් පලාත්වල වෙනස් ඇති . නිතරම කුනාටු ගංවතුර වලින් කරදර ඇති රටක්. සැහෙන්න පිලිපීන ගුරුවරුත් අනෙක් රටවල ඉන්නවා . පිරිමි වෙනස් වෙන්නේ නැද්ද ,,අනේ මන්ද .

    ReplyDelete
    Replies
    1. නගර සහ ගම් පලාත් වෙනස් තමයි. කුණාටු , ගංවතුර, හපොයි කියලා වැඩක් නෑ. අපි ඉන්න දවස්වලත් වැස්ස. ඒ වගේම පාරවල් පුරා වතුර. වතුර ගලා බහින විදියට හැදිලා නෑ. හොඳ ඉංජිනේරුවෝ නැති රටක් කියලා හිතුනා. ඒ වගේම බ්ලොග් කරන ඉන්ජන් මතක් උනා.:D

      පොඩ්ඩි පොඩි කාලේ කියනවලු ලොකු උනාම බඳින්නේ ඉංජිනේරුවෙක් කියලා. ඒ කතාවත් මතක් උනා...එයාලා ගැන දැනගෙන එහෙම කීවා නම් වෙන්ට බෑ. :)))

      ඉංග්‍රීසි දැනුම නම් අනෙක් නිරිතදිග ආසියාතික රටවලට වඩා ඉහලයි.

      Delete
  31. පිලිපීන කොල්ලොන්ගේ හැංඩියක් නම් මං දැකලා නෑ! :) මිටි උන් නේද ගොඩක් ඉන්නෙ>

    ReplyDelete
    Replies
    1. @සබිත්,

      දැන් නම් උස අය ඉන්නවා. ලංකාවේ උනත් මෙහෙම නේද? අපේ ඩ්‍රයිවර් මහත්තයා, අඩි හයක් විතර උස කෙනෙක්. :)

      Delete
    2. @අටම්පහුර,

      මොකෝ මේ එකතු කිරීමේ ලකුණු ගොඩක් දාලා.....හී හී...

      Delete
  32. Poddi long trip ekak gihin ne,,, aneé hondai,,,, American base eke maath hitiya sathi kihipayak. Ethakota hamathanama awidda. Mata hithune gahanu lamai godak lassanai kiyala. Specially hina wenakota. Dutuwa dewal nam bohomai.

    Poddi Dan Kirillie ge blogg eka nadda.

    ReplyDelete
    Replies
    1. ඔයා හොඳට විස්තර දන්නවා ඇති කුමාරි. ඔයාවත් දැක්කේ ගොඩක් කාලෙකින්. එයාලගේ හිනාව ලස්සනයි තමයි.

      කිරිල්ලිගේ බ්ලොග් එක වහලා නෑ. මට හිතෙන්නේ කාලයකට උඩදි උනු සමහර සිද්ධිවලින් එයාට ලියන ආසාව නැතිවෙලා ගිහින් කියලා...

      Delete
  33. Amathaka una maath harima asai "Piyavi" drama ekakata. Kalekin balana lassanama drama eka. Ekanga ge acting godak hondai.

    ReplyDelete
    Replies
    1. එරංග නම් ඒ චරිතයමයි. එයා ඉන්දුට ආදරේ කරන හැති දැක්කාම පුදුම හිතෙනවා. ආදරේ ගැන විශ්වාසයක් ඇතිවෙනවා...ආදරේට ආදරේ හිතෙනවා...:D

      Delete
  34. පිලිපීනේ අය හරිම හොදයිලු ..... එයාලා නරක බීල ඉන්නකොට විතරලු අවුල කියන්නේ උන් හැම වෙලේම ඉන්නේ බීගත්ත ගමන්මලු ......... ඩී

    ReplyDelete
    Replies
    1. ********* මේක නම් පට්ට. මට කුලක පාඩම මතක් වුනා..

      Delete
    2. @දිනෙල්ක,

      හී හී...ඒක නම් හොඳ කතාව...

      Delete

    3. @තරු,

      මොකක්ද අනේ 'කුලක' පාඩම කියන්නේ?

      Delete
  35. අපි නම් පිල්ලොයි, පිල්ලියොයි එක්ක උදේ හවා ගණු දෙණු කරනවා. මේ රටේ, අල්ලපු රටෙන් ආපු වාහෙලාට පස්සෙ වැඩියෙන්ම ඉන්නෙ පිලිපීන ජාතිකයො වෙන්ඩ ඕනා.. බහුතරය එදිනෙදා ජීවත් වෙන්ඩ බලන සැහැල්ලු ජීවිත ගත කරන අය. එහෙම නැති අයත් ඉන්නවා. පිලිපීන කෙල්ලො දැක්කමනම් මට මතක් වෙන්නෙ බළලුන්ව.. මොකද දන්නවද ? පොඩ්ඩි දැකලා තියනවද බළල්ලු පොඩි කාලෙ හරි ලස්සනට ඉඳලා, නාකි වෙනකොට බලන්ඩ බැරි තරම් කැත අජූත වෙනවා.. මුනුත් එහෙම තමා.. වයසට යනකොට ඒ ලස්සන හොයා ගන්ඩත් බැරි තරමට අජූත වෙනවා.. අපේ කාන්තාවන්ගෙ වයසට ගියත් තරුණකාලෙ තිබුන ලස්සන ටිකක් ඉතුරු වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

    මේ විස්තරේ කිව්වට පොඩ්ඩිට සලාමාට්..!

    ReplyDelete
    Replies
    1. අල්ලපු රට කිව්වෙ අපේ ලොකු අයියට හොඳේ.. උන්ට එහෙම කියලා කියලම දැන් ඇත්ත නම කිය වෙන්නෙම නෑ..

      Delete
    2. @සෙන්නා,

      ඔය හේතුව හින්දමද දන්නේ නෑ මම බළලුන්ට ආසාම නෑ. එයාලා කෑම දෙන ඕනේම තැනකට යන්ට ලැස්තියි. ලෝයල් නෑ. බව්වෝ වගේ නෙමේ. (මට චූටි බව්වෙක් ඉන්න හන්දා එයාලට 'බලු' කියන වචනේ නම පාවිච්චි කරන්ට මම කැමති නෑ. ) අනෙක පූසියන්ගේ ඇස් බලන්ට හරිම කපටි පාටයි. සමහර ගෑනු පූසියන්ට සමාන කරන්නේ ඇයි කියලා එයාලා දිහා බලපුවාම හොඳටම තේරෙනවා....:)

      // අපේ කාන්තාවන්ගෙ වයසට ගියත් තරුණකාලෙ තිබුන ලස්සන ටිකක් ඉතුරු වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.//

      මේ ඉන්නේ අපේ කාන්තාවන්ගේ ලස්සන හොඳට අඳුනන පිරිමියෙක්...:D

      Salamat to you too :)

      Delete
  36. හොද පෝස්ට් එකක් ආසාවෙන් කියෙව්වා. සංචාරක සටහනක් නිසා ටිකක් වැඩිපුර විස්තර වුනානම් වඩාත් හොදයි.

    ReplyDelete
    Replies
    1. තව ෆොටෝ තිබුනා නම් හොඳයි කියලා හිතුනා. ඒ වගේම ගිය තැන්වල තව විස්තර තිබුනා නම් හොඳයි කියලත් හිතුනා. එතකොට පෝස්ට් එක දිග වැඩිවෙනවා. සමහරු දිග පෝස්ට් බලන්ට කම්මැලී...:)

      Delete
  37. හම්ම්ම්. නැවතත් වයසක පිබිදීම් ගැන ඉඟියක්. :D

    එහෙ තියෙනවා නේද පොඩ්ඩි ජීප් වගයක් මල් වැල් විත්‍ර වලින් සරසපු කැරොල් කරත්ත වගෙ?


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ ඉඟිය කවුරුත් ගනන් අරගෙන නෑ. :)
      ඔය කියන විදියේ ජීප් නම් දැක්කේ නෑ මම…

      Delete
  38. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ... පොඩ්ඩි ඉතින් ඇවිදින එකමනේ කරන්නේ.. ඔය කැමරාවල බැටරි බැස්ස කතාව බොරුවක්නේ.....

    ගත්තේ ඔක්කොම ඔය හැන්ඩි අයගේ පින්තුර නිසා ඒවා බෙදාගන්න ලොබ වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...බොරු නෙමේ ඇත්තමයි.

      නැත්නම් ඔය හැන්ඩියෝ ඔක්කොමගේම පින්තූර ඔයාලට බෙදනවත් එක්ක...හී හී..
      දේවකව දැක්කේ කාලෙකින් තමයි. :)

      Delete
  39. පින්තූරත් තිබ්බනම් උපරිමයි...

    ReplyDelete
  40. //නාන කාමරේ තිබුණු විදුලි එලියෙන් හරියට මේක්-අප් දාගන්ට බෑ කියලා ලත උනු//

    මේං මේක තමා මේ සැරේ පොටෝ අඩුවෙලා තියෙන්නේ.පොඩ්ඩි අක්කා කැමරාව මානද්දි කොල්ලෝ දුවන්න ඇති... ඒක නෙමේ මොකෝ අර පොටෝ තීරු තීරු වැදිලා තියෙන්නේ?? මොකක්ද අප්පේ ඒ කැමරාව??

    මගේ යාළුවෙක් ඉන්නවා පිලිපීනේ.ඉන්න තැන කිව්වොත් ඌ අතේ මාට්ටු.ඒ නිසා ඉන්න තැන ඕන්නැ.හැබැයි ඉතින් ඒකා එහේ කෙල්ලන්ගේ හැටි කිව්වම හයියෝ සංසාරේ කියලා හිතෙනවා.පොඩ්ඩි අක්කා කිව්වා වගේ පිටරටකින් ආපු වැද්දෙක් වුනත් කමක් නෑ කියන ගානටම එයාලගේ හිත් හැදිලලු තියෙන්නේ....

    අර දෙවෙනියට ඉන්න පොටෝවෙ කෙල්ල මාර ස්වීට් ඈ... හැබැයි තුන්වෙනි පොටෝවේ ඇඟ වටේ ඔතාගෙන හිටිය සාළුව මිසිංනේ....

    සෙන්නා අයියගේ ප්ලේන් කතාව කියෙව්වම මටත් නිකන් මගේ මොලේ පුපුරලා පෙනහළු කටින් එනවා වගේ එකක් දැනුනා.... දැන් ප්ලේන් එකත් හරි නැවකුත් හරි යන්න ඉතුරුවෙලා තියෙන්නේ සබ්මැරින් විතරයි.ඒකත් දැම්මට පස්සේ ඉතින් කවදහරි මැරෙන්නේ සෙන්නා අයියව මතක් කරගෙන හාට් ඇටෑක් එකකින් තමා...

    //ගෑනුන්ගේ ආශාවල් නැතිවෙලා යද්දි...//

    ම්හූ මේක ලොවෙත් වීමට බැරිය.පිරිමින්ගේ නම් ආසාවන් නැතිවනවා විය හැක කෙල්ලන් ඉපදී ඇත්තේ විවිධ දෙයට පෙම්බැඳීමටය යන්න මම තරයේ විශ්වාස කරමි.එක ආසාවක් නැතිවෙද්දි තව ආසාවන් 10ක් එකතුවන්නට හැකිය...

    දැන් බලන්ට පොඩ්ඩි අක්කා දිහා.බ්ලොග් එක මම කියවන්න අරන් අවුරුද්දක් වෙන්න එනවා ඒ කියන්නේ දැන් පොඩ්ඩි නැන්දා වෙන්න ලඟයි.ඒත් ඉතින් ඔය ට්‍රිප් එකක් ගියාම ලස්සන කොල්ලොන්ගේ පොටෝ ගහලා එව්වා හංගගෙන ටිකා....ක් විතරක් දාන එක අඩුවෙලා තියේද?? නෑනේ...

    :P :P ලෝකයේ වේගයෙන්ම වෙනස් වන දෙය ගැහැණියයි...

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර කොහොම පටන් ගෙන කොහොම ලියන්ටද කියලා තේරෙන්නේ නෑ.

      ලෝකයේ වේගයෙන්ම වෙනස්වෙන දෙය ගැහැනියයි. ඇත්ත. මෙහෙම වැඩිපුරම හිතන්නේ පිරිමි.

      පොඩ්ඩි ඉතින් අවුරුද්දකින් නැන්දා වෙන්ට යනවා නම් ඉතින් ගැමියත් දැන් මාමෙක් වගේ ඇති නේද හී හී...

      ගෑනුන්ගේ ආශාවල් වෙනස්වෙන්නේ නෑ කියන එක මාත් පිලිගන්නවා.

      ස්වීට් කෙල්ල... අනේ මේ අර ගෑනු ලමයෙකුත් ඉන්න කොල්ලෙක් කියන කතාවක්ද?:)

      පොඩ්ඩි කැමරාව අල්ලද්දි කොල්ලෝ දුවගෙන එනවා පොඩ්ඩි ලඟට . ඉතින් පින්තූරු ගන්න එක පැත්තක තියලා පොඩ්ඩි දුවනවා. ඔන්න ඔහොමලු උනේ අනේ...:D

      Delete
  41. හ්ම්ම්...පිලිපීනේ ගැනත් දැනගත්තා එහෙනම් ඔන්න. අපෝ මොකට කියනවද සෙන්නා ඒ කතාව කිව්වට පස්සේ කොහෙවත් නොයන්න මාත් හිතා ගත්තා :) ඇත්තට පිලිපීන පිරිමි හැන්ඩිද අප්පා? කොහොමද දන්නේ නෑ එහෙම උනේ..

    ReplyDelete
    Replies
    1. අයියයියෝ කට්ටිය හොඳටම බය වෙලා වගේ...:-) බය වෙන්ඩ එපා මැරෙන වෙලාව එනකම් ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ... මතකද අර පරමාණු බෝමබ දෙකටම අහුවෙලා බේරිච්ච උන්නැහේව..? :-)

      පිලිපීන පිරිම් හැන්ඩියො වුනාට කොට මොඩල්... මම දැකලා තියන හැන්ඩිම පිරිමි අරාබි කාරයො.. උන්ගෙ අංග ලක්ශණ සර්ව සම්පූර්ණයි. හැබැයි වයසට ගියාමනම් ඉතින් පිටි ගෝනි තමයි...

      Delete
    2. //මම දැකලා තියන හැන්ඩිම පිරිමි අරාබි කාරයො.//

      ඊයා....

      සෙන්නා කොහොමද එයාලගේ අංග ලක්ෂණ දැක්කේ?

      Delete
    3. සෙන්නා අයියේ පරමාණු බෝම්බ පිපුරුණේ බිමනේ... ප්ලේන් අහසේ යන්නේ අපිට පියාඹන්නත් බෑ... නැව් මූදෙ යන්නේ අපිට වතුර යටදි හුස්ම ගන්නත් බෑ

      Delete
    4. මම ඉතින් ඔටු පුරේනෙ ඉන්නෙ.. දවසට අරාබි කාරයො කීයක් නම් දකිනවද ! මොකද ඊයා කියන්නෙ ? ඔය නිකන් හිතේ ඇඳිලා තියන චිත්ත රූපයක් නිසානෙ ඔහොම කියන්නෙ.. හොඳට හොයලා බලන්න.. උන් හෙන හැන්ඩියො.. ඉරාන් උන්ලු ගොඩක්ම ලස්සන..

      ගැමියා, ඒත් මැරෙන්නෑලු මලේ වෙලාව එනකම්.. බය වෙන්ඩ එපා..

      Delete
    5. මේකෙත් ඇත්තක් තියෙනවා. අර සමහරු රැවුල් වවාගෙන ඉන්න නිසා ලස්සන පෙන්නේ නැහැ. ඉරාන ගැහැණු පිරිමි දෙගොල්ලම ලස්සනයි...මට මෙහෙ හම්බුවෙලා තියෙන ගොඩක් ඉරාන ගෑනු ළමයි ඔලුව වහන් එහෙම ඉන්න අයත් නෙවෙයි. ඉතින් ලස්සන හොඳට පේනවා.

      ඇස් හීනි කොල්ලෝ මට නම් ගෑනු පාටයි :D

      Delete
    6. සෙන්න හරි දැන් ඉරානේ කියන්නේ ඉස්සර පර්සියාව . ඔය පැත්තේ පිරිමි කඩවසම් . අනික ඉරාන් කාරයෝ අනික් අරාබිකාරයෝ වගේ ලෝගුව අඳින්නේ නැහැ නේද . මන් බැලුව නැෂනල් ජියෝග්‍රෆි වැඩසටහනක් ..දන්නවත් ඇති ''Dont tell my mother '' කියල . ඉරානේ ගැන එකක් ගියා . අපි හිතනවට වඩා සෑහෙන්න වෙනස් . දකුණු ආසියාව පැත්තට වෙන්න මිනිස්සු පාටින් තද වෙනවා . යුරෝපේ උන් සුදු වැඩියි . මැද පෙරදිග පැත්තේ තමා ලස්සනම පාට තියෙන්නේ . ගැහැණුත් එහෙමයි .[ හරි ඉතින් ලංකාවේ පැණි පාට නරකයි කිව්වේ නැහැ ඔන්න මම . ]

      Delete
    7. අපේ යුනියේ ඉන්න ඒක ඉරාන්, පකිස්ථාන් කෙල්ලෙක්වත් හිජාබ් අදින්නේ නෑ, හිජාබ් අදින්වනං අනිවාර්ය්‍යන්ම ලෝකල් (මැලේ)

      Delete
    8. @සයුරි,

      දැන් සෙන්නාට නඩු වැටයිද දන්නේ නෑ මිනිස්සු ගුවන් ගමන් අඩු කලා කියලා...:)

      මම කීවේ ස්පාඤ්ඤ මිශ්‍ර අය ලස්සනයි කියලා. ඔය උඩම තියන ෆොටෝ එක බලන්ටකෝ...:)

      Delete
    9. @සෙන්නා,

      ඒ කොට ඉස්සරලා පරම්පරාවේ අය. දැන් අය නම් උසයි. අර මිශ්‍ර ලමයි ගොඩම උසයි.
      ඔව් අරාබි රටවල අය ලස්සනයි තමා. විශේෂයෙන් ඉරානයේ.

      Delete
    10. @සයුරි,

      නෑ සයුරි. එයාලා හරියට අර උතුරු ඉන්දියානු අය වගේ ලස්සනයි තමා. විශේෂයෙන් පාට.

      Delete
    11. @ගැමියා,

      අපි පයින් යමු අනේ. බයවෙන්ට කිසිදෙයක් නෑ.:)

      Delete
    12. @නිරෝ,

      ඒ ගෑනු ලමයින්ගේ හමේ පාට ලස්සනයි නේද? හීනි ඇස් තියන පිරිමි ලමයි ටිකක් ගෑනු පාටයි තමා...ඒත් ඇහි පිහාටු දිග අය දැකලා තියනවද? :D:D:D

      Delete
    13. @බින්දි,

      කොහොම කියන්ටද ලංකාවේ පැණි පාට අය කඩවසම් නෑ කියලා. එක්කෙනෙක් බැඳගෙන ඉන්නකොට...:D

      Delete
    14. @මිස්ටර් හයිඩ්,

      ඔයා ඉන්නේ මොන යුනි එකේද? :D

      Delete
  42. පිලිපීනෙ ගැන කියන්න දන්නෙ නෑ, ගිහිල්ලා නැති නිසා. කස්ටිය එක්ක වැඩ කරල නං තියනවා. සාමාන්‍ය යාළුකම් තිබුනට ලඟින් ආස්සරේ කරන්න හිතිල නෑ, සමහර විට අපේ සංස්කෘතික වෙනස් කං හින්දා වෙන්ට ඇති. කොට මොඩල් කස්ටිය, පිල්ලියො නං පෝටබල් සයිස්. ටිකක් ලඟින් ආස්‍රය කරපු පිල්ලියෙක් හිටියා. වැඩ නීට්, ටිකක් බිස්නස් මයින්ඩඩ්.
    බ්‍රෑන්ඩඩ් බඩු වලට තමා කැමැත්ත.යාළුකමට එහා ගියොත් නං නට්ටං, නඩත්තුව අධිකයි. හැබැයි හොඳට ගැලපෙන විදිහට ‍තෝරා ගන්න, අඳින්න පළඳින්න දන්නවා.

    කියන්න දයක් ඉතුරු කල නෑනෙ, කස්ටිය . අර මාතලන් කිව්ව එක හරි, උන් ස්වර්ගෙ කියන්නෙ ඇමරිකාවට. පදිංචි වෙන්න කැමතිත් සුද්දො (යුදෙව්වො) ඉන්න හරියෙ. ආස්‍රයට හොඳ අල්ලපු රටේ උන්( හැමෝම නෙමෙයි) උනාට, පිල්ලොන්ගෙ කෑම නරකම නෑ, විශේෂයෙන්ම තුනපහ , තෙල් ඉතිරෙන ඉන්දියන් කෑමත් එක්ක බලන කොට. බුලාලො කියන මස් සුප් එකත්. ලෙචොං කියන රෝස් කල ඌරු මස් ඒ අතර විශේෂයි.

    ReplyDelete
    Replies
    1. බිරියා කාලෙකින් ඇවිත්. කොහෙද අනේ ගිහින් හිටියේ?

      ඔය දන්නේ නෑ කීවට දන්නේ ගොඩක් ජාති. ෆිලිපීන් ගෑනු ලමයි ලස්සනයි නේද බිරියෝ...වියදම් අධික කට්ටියක්ද? නඩත්තු කරන්ට අමාරුයි කීවේ හී හී...

      ඔය කියන රහා මස් ජාති ඉතින් කාලා බලන්ට විදියක් නෑනේ මස් කන්නේ නැති හන්දා...:)))

      Delete
  43. පොඩ්ඩි හිටපු හරියේ පින්තුර ටිකක් ආවනම් තමයි ලස්සන .

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් එක්කම නේද? :D:D:D

      Delete
  44. පොඩීගේ පිලිපීන චාරිකාව නම් හැබෑම සුන්දරත්වයෙන් පිරුණ එකක්.
    "චූටි වැරැද්දකට තියෙන්නේ ගොඩක් බොන එකලු."

    ඇත්තටම ලංකාවෙ වුණත් සමහර වෙලාවට ගොඩක් අයගෙන් කියවෙන කතාවක් තමයි "ටිකක් බිව්වට කමක් නෑ" ඒක නරක වැඩක් නෙවේ කියන කාරනය. ඉතිනි ඕනෙ වෙලාවක් කියන්න නිදහස තියෙනවා "මම බිව්වෙ ටිකයි. ඒකත් මේ කාලෙකට පස්සේ" කියලා. ඒ බිව්වත් කි
    යනවා අද විතරයි කියලා.

    ඒ බිම ගැන වුනාට මම මේ කියන්නේ ලංකාවෙ කෙනෙක්ට ලංකාවෙන් පිටට ගියාම තමයි හිතෙන්නේ අනේ අපේ රට කොයිතරම් වාසනාවන්තද කියලා. මිනිසුන් අතර තියෙන සහද ශිලි බව අනුන්ට ගරු කිරීම, පිරිසිදු බව, විශේෂයෙන්ම නිවසේ ඉන්න පිටස්තරයාට වුනත් තමන්ගේවගේ සැලකීම අර පොඩ්ඩි කිවිව වගේ "අත්තම්මා මැනිකට සලකන හැටි" ඇත්තටම අපේ රටේ එහෙම තමයි.ගෙදර අයට නැති සැලකිල්ල නිවසේ ඉන්න අමුත්තට තියෙනවා.

    ලංකාවෙ තියෙන සුන්දරත්වය සම කරන්න පුලුවන් වෙන්නෙ මේවගේ ලෝකෙවටේ ඇවිද්දාම විතරයි.

    ReplyDelete
    Replies
    1. මම නම් ඇත්තටම ලංකාවේ සුන්දරත්වය හැමදාම වගේ දැක්කා. අගය දැනුනේ මෙහෙම ඇවිදිනකොට කියලයි මට හිතෙන්නේ. අපි හැම වැරැද්දක්ම අල්ලගෙන කෑගහනවා. ඒත් හොඳක් ගැන කිසි දෙයක් කියන්නේ නෑ. මම කියන්නේ හැමදේම ගැනම.:D

      අපේ යාලුවෙක් ලංකාවෙදි ලෙඩවෙලා රෝහලකින් බෙහෙත් ගත්තු හැටි කියලා තාමත් ඒ ගැන ආසාවෙන් කතා කරනවා. එයාට සලකපු හැටි කියලා. සුද්දන්ට කොහොමත් අපේ රටේ ඉතින් සැලකිලි තියනවනේ. :)

      මෙහෙම ඇවිදින කොට තේරුනු තවත් දෙයක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ පදිංචිවෙන්ට, ලමයි හදන්ට , හොඳ සාමකාමී රටක් කියලා.:D

      Delete
  45. හරිම ලස්සනයි අද පෝස්ට් එක. හොඳ විස්තරයකුත් කියෙව්වා. කවදාවත් නොගිය පිලිපීනය ගැන පිලිපීන ජාතිකයින් ගැන ගොඩක් කරුණු දැනගත්තා. විදේශ රටවල ඉන්න නෑ හිතුවතුන් ගෙන් පිලිපීන ජාතිකයින් ගැන අසා ඇතත් ඒ රට ගැන විස්තරයක් අසා ගන්න ලැබුනා.
    පුංචි දෙයක් කියන්නම් පොඩ්ඩි. අපි හාමුදුරුවන්ට දානේ දෙන විට හාමුදුරුවන් කැමති දේ අසා ඒවා පිරිනමන සිරිතක් නෑ. අපි කැමති දේ පිළිගන්වන්නේ. හාමුදුරුවන් එය වළඳන්නේ නැතිනම් අතින් වසා එය ප්‍රතික්ෂේප කරනවා.

    ReplyDelete
    Replies
    1. //අපි හාමුදුරුවන්ට දානේ දෙන විට හාමුදුරුවන් කැමති දේ අසා ඒවා පිරිනමන සිරිතක් නෑ. අපි කැමති දේ පිළිගන්වන්නේ. හාමුදුරුවන් එය වළඳන්නේ නැතිනම් අතින් වසා එය ප්‍රතික්ෂේප කරනවා.//

      මටත් තේරෙන්නේ නැත්තේ මේ ටිකයි. කැමති නැති ඒවා අතින් වහනවානම් , කැමති ඒවා විතරක් හදලා බෙදුවා නම් ඉවරනේ. මට නම් හිතෙනවා එහෙම නොකියන වෙනත් හේතු ඇති කියලා. ඒ ගැන කියලා පව් පුරවගන්ට මම කැමති නෑ ඉතින්....:D

      Delete
  46. අද දින 49 වන උපන්දිනය සමරන අපේ වින්චැට් කිරිල්ලිට සුහ උපන් දිනයක් වේවා. හික්ස්

    ReplyDelete
    Replies
    1. අපි නම් කලින්ම සුබ පැතුවා...

      කිරිල්ලිට සුබම සුබ උපන් දිනයක්!!!

      ආපහු ඇවිත් පෝස්ට් එකක් දාන්ටෝ...අපිට කේක් එපා. පෝස්ට් ඕනි...:D

      Delete
    2. කලින් කීවෙ උපන්දිනේට මාසෙකට විතර කලින්ද ??? හෙහ් හෙහ්

      Delete
    3. අපෝ නෑ හරියටම උපන් දිනේ දවසේ...:D

      Delete
    4. ඉතින් හරිනෙ මමත් 9වෙනිද තමයි සුභ පැතුවෙ, කිරිල්ලිට මක්ක වෙලාද?

      Delete
  47. ඔන්න ඊලඟ පාර කොහේ හරි යනකොටනම් මාව එක්කන් යන්නම ඕනෙ. ඒක නෙවෙයි අර ෆොටෝ වල පළල අඩු මොකෝ?

    ReplyDelete
    Replies
    1. හා හා එක්කගෙනම යන්නම්. :D

      ඒ පළල අඩු විශේෂ කැමරාවකින් ෆොටෝ ගත්තු හන්දා.:)

      Delete
  48. පොඩ්ඩි ඉතින් පිලිපීනෙන් හැන්ඩියෙක් අරන්ද ආවේ ?
    අනේ අර පින්තුරේ එක්කෙනා නම් හරි අසරණ පාටයි අනේ. එයාව දැක්කම මගේ පපුව හෝස් ගාල ගියා...පව් අනේ..ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙන.. :-)
      ඔ‍යාටත් එයාගෙ ඇඩ්‍රස් ඕනද?

      Delete
    2. @අමා,

      අනේ දෙය්යනේ මේ අර පහුගියදා විවාහ ගිවිස ගත්තු, අර කොල පාට ඇස් තියන හේවායාගේ ගෑනු ලමයා නේද? ඔන්න අපි නම් ඇඬුවත් කමක් නෑ හී හී..

      Delete
    3. @තරු,

      අනේ ඔයා එයාගේ ඇඩ්‍රස් දන්නවද? :D

      Delete
    4. ඔවු මම කීවෙ ඒකනෙ , පොර ඉන්නෙ හෝමාගම,OPNA එකට එනවා ඒකෙ කෙල්ලෙක් එක්ක මල් කඩන්න...

      Delete
    5. මම හිතන්නේ ඔයා මේක දාලා තියෙන්නේ වැරදි තැන.:)

      පොඩ්ඩිගේ හැන්ඩියා ඇවිත් වෙන අය එක්ක මල් කඩනවද? හපොයි....මේ පිරිමින්ගේ හැටි ඔහොමමයි.:D

      Delete
  49. ආයෙමත් අපේ දැනුමට යමක් එකතු කරන පෝස්ට් එකක් අක්කේ. ගොඩක් ස්තූතියි. :) :) :)

    ReplyDelete
    Replies
    1. සිත්තමීටත් ගොඩක් ස්තූතියි සිත්තමී...:)

      Delete
  50. නියම රොමෑන්ටික් කඩවසම් කොල්ලො ඉන්නෙ ලංකාවෙ හරිද පොඩ්ඩි.

    ReplyDelete
    Replies
    1. හරි. හරි.:)

      ඔය උඩ ඉඳන් පහලට තියන ප්‍රොෆයිල් පින්තූරු දිහා බැලුවාමත් පේනවනේ...:D

      Delete
  51. ආ. මේ තියෙන්නේ පොඩ්ඩිගේ සවාරියේ වගතුග. මගෙත් පිළිපීන ජාතික ඊ මිතුරියක් ඉන්නවා..එයාගෙන් නම් පිළිපීනෙ ගැන සමහර ඒවා අහලා තිබුණා.
    කෙතරම් දුප්පත් වුනත්, නොමිලේ ලැබෙන ආරෝග්‍යශාලා පහසුකම් තිබුනේ නෑ// අපේ රටේ ඉන්න ගොඩාක් දෙනාටත් නොතේරෙන දෙයක් තමා නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කොතරම් මුදලක් වැයවෙනවාද කියන එක. ඒකෙ අගයක් නොතේරෙන අයත් ඉන්නවා..
    පොඩ්ඩිගේ සංචාරයේ දාලා තියෙන පිංතූර නම් හොදටම මදි... එහේ බලන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවාලු නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම උඩිනුත් කීවේ. තියනදේ අපි අගය කරන්ට ඕනි. රැකගන්ටත් ඕනි.

      ලස්සන තැන්වල ගියා. පින්තූරු ගන්ට බැරි උනු එක දුකයි.

      මාර හැන්ඩියෝ හිටියා. හොරෙන් ෆොටෝ කීයක් ගන්ට තිබුනද? මට දුකේ බෑ...:D:D:D

      Delete
  52. මම නම් පිලිපීන අයියලා එක්ක ඔරොප්පු.. ඒ මොකද උන් අපේ හොඳම මිත්‍රයා උන බල්ලාව මරන් කනවා. එමිරේට් ඉන්න කාලේ එහෙම හොරෙන් බක්ලන් අලලන් ඇවිත් එයාලගේ කාමරවල ගැටගහගෙන ඉඳිද්දී අපි ඇල්ලුවා.

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්ත කතාවක්ද? මම ඒ කතාව නම් අහලා නෑ.:)

      Delete
    2. හික් හික් එදා පොඩ්ඩි බීපු සුප් එක "සුනඛ මොලගතන්ති" සුප් එකක් වෙන්න ඇති.

      Delete
  53. ඔන්න ඉතින් චිත්ත රූප මවාගෙන මමත් පිලිපීනනෙ පැත්තෙ ගිහින් ආවා..
    හැමදාම වගේ අන්තිමට දාලා තියන කෑල්ල නම් ගොඩක් අපූරුයි පොඩ්ඩි..ලොකු තේරුමක් තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ...මම හැමදාම ඔය ගැන හිතනවා. විශේෂයෙන් මේ වගේ ඇවිදිනකොට.

      Delete
  54. අපෝ කොහොම කනවද මන්දා වේලපු මාළුයි බතුයි......

    පිළිපීන ජාතිකයො ගැන අහල තිබ්බට වඩා වෙනස් මතයක්.

    අර කොලුවා ගැන කියනව නම් උගේ රඟපෑම් නම් හොඳා.
    කාලෙකින් මන් බලන සිංහල ටෙලියක් ඒක.


    ///එයාලගේ සරල කෑම වේල දකිද්දි පොඩ්ඩිට හිතුනෙම, බටහිර රටවල ඉන්න සිංහල මිනිස්සු කෑම කොච්චර නාස්ති කරනවද කියන එක. විශේෂයෙන්ම දානේ ගෙවල්වල.///

    මෙහෙමයි අපේ සංස්කෘතියෙ එන්න කන්න කියනව මිසක්ක මොනවද කන්නෙ කියල අහන සිරිතක් නෑ. අනික මොන පදනමක ඉඳන්ද කියන්නෙ ඒක නාස්තියක් කියලා. එවුවා කවුරු හරි කනව නේ විසික් නොකර.

    ReplyDelete
    Replies
    1. එච්චරම ප්‍රශ්නයක් උනේ නෑ. පොඩි සලාදෙකුත් තිබුනා...ඒ හන්දා එච්චරම ගානක් උනේ නෑ.:)

      හම්මෝ මම නම් හැම සඳුදාම උදේම පරක්කුවෙලා කියලා බැනුම් අහ, අහා කරන්නේ ඒක බලන එක...:D

      පදනම තමයි නිශ් ලෝකේ කොච්චර මිනිස්සු බඩගින්නේ ඉන්නවද කියන එක උඩ. ඒවගේ අයෙකුට කෑම ටිකක් දෙන එක කොච්චර එකක්ද කියලා හිතෙන්නේ, කන්ට නැති අයයි, කන්ට තියන අය පුලුවන් තරම් කන විදියයි දැක්කාම.

      Delete
  55. ලස්සන විස්තරයක් පොඩ්ඩි... රට රටවල් වල සංචාරයට අවස්ථාවක් ලැබෙනවා කියන්නෙත් වාසනාවක්... ඒ අතින් ඔබ වාසනාවන්ත හැඩයි...

    මගේ පිලිපීන මිතුරිය අයිරින් පෙරෙස් කියන විදියට එහෙ කසාද නොබැද වයසට ගිය කාන්තා පාර්ශවය ඕනෙ තරම් ඉන්නවලු...ඇයත් එහෙමයි වයස 35 යි. දික්කසාදය නැති වීම තමයි එයට හේතුව... තමන්ගෙ හිතට 100 % ගැලපෙන කෙනෙක් හමුනොවුනොත් ඒ ගොල්ලො බදින්නෙ නෑ... බැන්දොත් බැන්දම තමා ගැලවිලි බෑ...

    දික්කසාදය ගන්නම ඕනෙ නම් සෑහෙන්න වියදම් වෙනවලු... එයා කියන විදියට සෑහෙන සල්ලියක් යනවලු ඒ වැඩේට...

    ReplyDelete
    Replies
    1. සමහර විට ක්‍රිස්තියානි ආගමේ දික්කසාදයට ඉඩ නැතිවීමත් එක හේතුවක් වෙන්ට ඇති. නොබැඳ ඉන්න කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩිවෙනවා තමයි. ගොඩක් වෙලාවට උගත් කෙනෙක් හොයන්නේ තමන්ට වඩා උගත් කෙනෙක්. ඒ වගේම ඉතින් හැම රටකම වගේ අනික් දේවලුත් බලනවා ඇති. සමහර කාන්තාවෝ කොච්චර නිදහස් විදියට ඉන්නවද කීවොත් කසාද බැඳගෙන ඒ නිදහස නැති කරගන්ට කැමති නෑලු. :D

      Delete
  56. මට හම්බෙලා තියෙන පිල්ලොනම් සේරම මාර කූල් පොරවල්... ඔෆිස් එකේ මොන කුණුගොඩ ගිහින් අතෑරියත් නෝ ප්‍රොබ්ලම් පරේ කියලා හිනාවෙලා බාරගන්නවා...

    පිල්ලියෝ ගැනනම් ඉතින් කියන්න තියෙන්නේ ඒකේ අනිත් පැත්ත තමයි... ප්ලීස් මයි ඩියර් කියලා ඇඟේ එතෙද්දී ඕනේ කුණුගොඩක් අපිට බාරගන්න හිතෙනවා... :)

    ReplyDelete
    Replies
    1. Nice comment Beetle…:)

      මට තියන ප්‍රශ්නය මේකයි. ඇත්තටම ප්‍රශ්න දෙකක්. ඔය කියන කූල් පොරවල්වලට දවසකට කීපාරක් ඔය වගේ කුණුගොඩවල් අත අරිනවද?

      ඒ වගේම අර වගේ ඇඟේ එතෙන කුණුගොඩවල් දවසකට කීපාරක් බාර ගන්නවද? හී හී...

      Delete
  57. පොඩී හරි වාසනාවන්තයි..!
    කලින් ඇවිල්ල කියවල ගියා..කමෙන්ට් කරන්න බැරි උනා
    මම ආසම මේ පෝස්ට් එකේ සංවාද ටිකට...!
    කට්ටිය කොල්ලො ගැනමයි කතාව...ඉරිසියාවෙ බෑ..!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇයි ඊරිසියා වෙන්නේ? ඔයත් කොල්ලෙක්නේ...

      ඒ සංවාදය ඔයා හින්දත් ලස්සනවෙනබව අමතක කරන්ට එපා...:)

      Delete
  58. අද බූරාගේ උපන්දිනේ....:D

    It’s the simplest things that make your life count, like a simple wish. Happy Birthday! Buro

    කෝ ඔය කේක් එක ගේන්ට.

    I think we’re going to need a bigger cake to fit all your candles. :D:D:D

    කට්ටිය ඉතින් කීවෙනි උපන් දිනේද කියලා මගෙන් අහන්ට එපා. එයාගෙන් අහන්ට ඕනි නම් ෆෝන් නම්බර් එක හොයලා දුන්න හැකි.

    හිනාවෙලා හරියන්නේ නෑ අපිට කේක් ඕනි හොඳේ.....:)

    ReplyDelete
    Replies
    1. සුභ උපන්දිනයක් බුරෝ....
      (වැඩි වැඩියෙන් ළකුණු ගන්න විකට් ගන්න ලැබේවා...!!!!)

      Delete
    2. බුරා මාමෙ, සුභ උපන්දිනයක් වේවා! අපිට පාටියක් දියං මාමෙ හොඳේ! :D

      Have a good one mate!

      Delete
    3. @ පොකු,

      Thank you very very much.!!

      හරි හරි ඉතිං, ඕක ඔච්චර හංගන්න ඕන නෑ නෙවැ.. මේ සමරන්නෙ මගේ 54වෙනි උපන්දිනේ.. :D

      කේක් එවන්ට මට ඇඩ්ඩැරස් එක එවුවනං, මං කිවුවෙ ගෙදර ඇඩ්ඩැරස් එක.. :)


      @ ප්‍රියා,

      බොහොම ස්තූතියි මචෝ.!! එසේම වේවා.!! :)


      @ මුහුදු කොළුවා,

      තැන්කූ කොළුවො.!! පාටියක් දෙඤ්ඤංකො බොලා කොළු-කුරුට්ටො සේරම ටික එකතුකොරලා.. ;)

      Delete
    4. 54 න් 20 ක අඩු කරා නම් හරි වගේ :-)

      Delete
  59. //It’s the simplest things that make your life count//

    Try cherries and berries:))))))
    සුභ උපන් දිනයක් බුරම්පියෝ. Wish you all the best my dear friend.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මචෝ.!!

      චෙරීස් බෙරීස් වැඩිපුර කෑවහම දිරවගන්ට බැරුව යනවා බං.. :D

      Delete
  60. හැපි බර්ත්ඩේ එකක් වේවා බූරෝ අයියේ!!! :D :D :D

    ReplyDelete
    Replies
    1. මෙනි තෑන්ක්ස් නගේ.!! :)

      Delete
  61. බුරා සුබ උපන්දිනයක්! උඔ ඇත්තටම ක්‍රිකට් ගහනවද නැද්ද මම දන්නැ... ඒත් උඔව දැක්ක වෙලේ මට මතක් වුනේ ජත්‍යන්තර මට්ටමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ව.....!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ගජ... ඒ කවුද බන්???

      Delete
    2. @ බී බුද්ධී,

      ස්තූති වේවා.!! එසේම වේවා.!!

      ප්‍රශ්න දෙකක් මතුවී තිබේ.

      1. උඹ කවදා කො‍හේදීද මාව දැක්කේ.!?
      2. කවුද බොලේ ඒ ක්‍රිකට් ක්‍රීවකයා.!?

      පලි: (රහසින්) මූ මාව කියලා වෙන මගෝඩියෙක්ව පටලන්ද දන්නෙ නෑ.. :D

      Delete
  62. කිරි අප්පට බල්ලො පැනපි කීවලු...
    උඹත් ඔක්තෝබර් විප්ලවයක්ද?

    ඔක්තෝබර් ඉතින් ඉන්නෙ ලෝකේ නම තියපු කොල්ලො තමයි. හෙහ් හෙහ් හෙහ්

    එහෙනම් සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
    මේ වසරේ වත් පිලිවෙලක් වෙන්න ලැබේවා. එතකොටවත් අර උන්දැ ගෙදරක ඉන්නෙ නැතැ.. මළ ගෙවල් දානෙ ගෙවල් වල ඩියුටි අත ඇරලා... හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.!! එසේම වේවා.!!

      ඇයි බොල බොට මතක නැද්ද උඹ ගිය අවුරුද්දෙ ඔක්තෝබර්වල මාව හම්බවෙලාම විශ් කලා උපන්දිනේට.?? :D

      Delete
    2. හෆොය්.. දැන්නෙ කම්පනා වුනේ, තාත්තා නැති වෙලා ඒ කියන්නෙ අවුරුද්දකුත් ගියා නේද? අර එදා නේද ඔට්ටේලියා පැත්තෙන් කෝල් එකකුත් ආවෙ උම්මා එකක් එක්ක. ලකී පැලෝස් ... අපිට නම් උම්මා තියා මිස් කෝල් එකක්වත් නැහැනෙ :-(

      Delete
  63. අදමයි ඉස්සල්ලාම ආවේ. ලස්සන පෝස්ට් එකක්.

    ReplyDelete
  64. කාගෙද මේ උපන්දිනේ මමත් සුභ උපන්දිනයක්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.!!

      Delete
    2. ෂික් සෝන්යා ඔයා එන්න තිබුනෙ 26-27 වගෙ දවස් වලනෙ :-(

      Delete
  65. ඇයි මේ කවුරුවත් කොමෙන්ටස් වල කියල නැත්තෙ ඔය හැන්ඩියො කියන පිලිපීන්ල අතර බල්ලොන්ගෙ මස් කන උදවියත් ඉන්නව කියන කතාව....
    මම අහල තියෙනව එහෙම කතාවක්....
    මම වැරදිද මන්ද...

    ReplyDelete