ඈ රූමත්. ඒ වගේම ඇයට තිබුනේ සරාගී
පෙනුමක්. රූමත් හැම ගැහැනියෙක්ම සරාගී වෙන්නෙත්, සරාගී හැම ගැහැනියෙක්ම රූමත් වෙන්නෙත් නෑ. ඇයට මේ දෙකම උරුමවී තිබුනා.
අහිංසක , පිවිතුරුබවක් පෙන්නුම් කල ඇගේ දෑසේ රහස් ගොඩක්
සැඟවිලා. දුක්මුසුව තද කරගත් දෙතොලෙන්
නිකුත් උනේ වෙනත් පණිවිඩයක්. තපසුන්ගේ සිල් බිඳෙන, කවියන්ගෙන්
ගී පද ලියැවෙන, සිත්තම්කරුවන්ගේ තෙලි තුඩු පන ගැන්වෙන
දේහයක් ඈ සතු උනා. ඈ මුලු නගරයක් කැළඹුවා. ඒත් ඇත්තෙන්ම ඈට පෙම් කලේ දෙදෙනෙක්
පමණයි.
කාලය දෙවන ලෝක යුද සමය. සැමියා යුදයට
යෑම නිසා තනිවූ ඇය, ඔහුගේ ප්‍රේමයේ
නාමයෙන්, ඔහු වෙනුවෙන්, තනිව,
ඇඳුම් මසන්නියක ලෙස ජීවත් වෙනවා.
'ඇයට කවුරුම හරි ඇති. නැත්නම් ඈ
වැනි තරුණ ගැහැනියකට ඔය විදියට ජීවත් විය නොහැකී' මේ
නගරයේ මිනිසුන්ගේ මතය.
ඇයට පෙම් කල අනෙක් තැනැත්තා අවුරුදු 12 ක කොලු ගැටයෙක්. ඈ පසුපස හඹා යන ඔහුගේ ප්‍රේමය, හිත අවදි කරවන්නක්. ඒ වගේම ප්‍රශ්න මතු කරන්නක්. මේ වයසේ අයෙකුට
මෙවැනි හැඟීම් පහල වෙනවද? මෙවන් වින්දනයක් ලැබිය හැකිද
කියන එක.
මේ අතරතුර ඇගේ සැමියා මියගිය පණිවිඩය
ලැබෙනවා. නගරයේ මිනිසුන් කැළඹෙන්නේ මීමැස්සන් රංචුවක් විලස. ඈ හමුදාවේ නිලධාරියෙක්
හා පෙමෙන් බැඳෙනවා. ඈට ආසා කල විවාහක පුරුෂයෙක්,
ඇගේ නිවස ඉදිරියේ රාත්‍රියේ සිටීමත්, හමුදා නිලධාරියා සමග
ගැටීමත් නිසා, විවාහක පුරුෂයාගේ බිරිඳ ඉදිරිපත් කල නඩුවට
ඈට පෙනී හිටීමට සිදුවෙනවා. පෙම්වතාගේ පලා යෑමත්, නඩුවට
කතා කල නීතිඥයා ඇගෙන් මුදල් වෙනුවට , ඈ හා බලෙන් හිඳීමත්
නිසා තත්වය වෙනස් වෙනවා. ඔහුගේ මව විවාහයට විරුද්ධ වෙනවා. ඈ නැවතත් තනිවෙනවා. කෑමට
යමක් නැති ඇයට කෑම ටික දෙන අය හා පවා යහන් ගත වීමට සිදුවෙනවා. ඇගේ පියා ඈ අත්
හරිනවා. නගරවාසීන් ඈ අමතන්නේ 'ගණිකාව' ලෙස.
අවසානයේ ඈ ගණිකාවක් බවට පත්වෙනවා. ඇගෙන්
සැනසෙන්නේ නගරවාසීන්, සොල්දාදුවන් පමණක්
නොවේ. සතුරු හමුදාවේ අය පවා ඇගේ පහස හොයා එනවා. මේ අතර ලොවට නිදහස ලැබෙනවා.
නගරයේ ගැහැනුන් ඇයට පහරදී,
වධදී, ඇයව නගරයෙන් පිට කරනවා. හේතුව
සතුරන් හා එක්වීම. ගැහැනුන්හට මෙතරම් දරුණු විය හැකිද? එමෙන්ම
ඈ සොයා ගිය සෑම මිනිසෙක්ම ඒ දෙස බලා හිඳින්නේ නිහඬව. ඒ මිනිසුන් ඈ සොයා ගියේ
ඔවුන්ගේ උවමනාවට බව එකදු ගැහැනියකට හෝ ඒ මොහෙතේ, කල්පනා
නොවන හැටි.
ඇගේ මිය ගියා යැයි පවසන සැමියා, අතකුත් අහිමිවී නිවසට එන්නේ ,
ඇය නගරය හැර ගිය පසුවයි. ඈට ආදරය කල කොලු ගැටයාගේ ලිපියකට අනුව ඈ
සොයා ගන්නා ඔහු රටක් දිනූ ලෙස ආඩම්බරයෙන්, ඈ නැවතත් ඒ
නගරයට කැඳවාගෙන එනවා. රට බේරාගත් ඔහු මගේ වීරයෙක් වෙන්නේ ඒ මොහොතේ සිට. පිරිමි
කීදෙනකුහට මේ වගේ දෙයක් කිරීමට ධෛර්යක් තිබෙනවාද?
අවසානයේ සමාජය විසින් ගණිකාවක් බවට
පත්කල ඇයව සමාජය විසින්ම හොඳ ගැහැනියක ලෙස පිලිගනු ලබනවා.
ඈ මලිනා. 'මලිනා' නමැති චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. නම
කීව විගසින් පිරිමින්ගේ සිත් කිලිපොලා යන Monica Bellucci තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. අධ්‍යක්ෂනය Giuseppe Tornatore. කතාව Luciano
vincenzoni ගෙන්.
මේ කතාව මා සිත සසල කලා කීවොත්
නිවැරදී...
පිරිමියෙක් හට ප්‍රේමයේ නාමයෙන් ගමන් කල
හැකි දුර මින් පෙන්නුම් කර තිබෙනවා. විශේෂයෙන් කුඩා කොලු ගැටයෙකුහට. ඔහුගේ හැඟීම්
පාලනය සඳහා ඔහුගේ පියා ඔහු ගණිකා මඩමකට ගෙන යෑම අපූරු සිද්ධියක්.
ඔහු අවසානයේ මෙහෙම පවසනවා.
‘Time has passed and I have loved many women. And
as they've held me close and asked if I will remember them I've said ‘yes I
will remember you’
But the only one I've never forgotten is the one
who never asked Malena’.
ඒ එක්කම රූමත්කම එකතරා අන්දමක ශාපයක් බව
මේ කතාව පෙන්වා දෙනවා. මලිනා අවලක්ෂන ගැහැනියක් වූවානම් ඈට මේ ඉරණමට මූනදීමට
සිදුවෙන්නේ නෑ. පව්කාරයන් හට ගල් ගැසීමට සැරසී සිටින මිනිස් ප්‍රමාණය මින් පේනවා.
ඒ එක්කම තේරුම් යන්නේ ඒ හැමදෙනෙක්ම මිනිසුන් යනබව.
මලිනා නමේ තේරුම හීබෲ භාෂාවෙන් කුලුන,
උසස්බව, උතුම්, විශිෂ්ට. ඉතා ශකිත්මත් ගැහැනියකට සුදුසු නමක්. ඒ වගේම තවත් තේරුමක්
තමයි 'මැග්ඩලින්' යන්න. බයිබලයේ
එන මේරි මැග්ඩලින් යනු මේ වගේම චරිතයක්. කතාව ගලායද්දී ඈ හිතට ආවේ නිරායාසයෙන්ම. ඈ
ජේසුතුමාගෙන් පව් සමා කරගන්නා ලද ගණිකාවක්. ඔහුගේ අවසාන කාලයේ ඔහු ලඟින්ම ඉන්නා
ගෝලයෙක්. ඔහු කුරුසියේ හිඳිද්දී, ජෝන් හැරුනු කොට සිටියේ
ඈ පමණක් බව සඳහන් වෙනවා. ඒ වගේම ඔහු නැවත පණ එන අවස්තාවේත් ඈ ලඟින් සිටි බව
පැවසෙනවා. ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාවට භාජනයවූ චරිතයක්. ජේසුතුමාගේ 'අවසාන භෝජන සංග්‍රහය' නමැති චිත්‍රයේ ඔහුගේ
දකුණු පසින් සිටින්නේ ඈ බවට මතයක් තිබෙනවා.
බුදු සසුනේ පැවිදිවූ අම්බපාලී රහතන්
මෙහෙණිය,
වැනි මෙවන් ජීවිතවලින් මිදුනු කාන්තාවන් එමටයි.
පව්කාරියකට ගල් ගසන අවස්තාවේ එය
වැලැක්වීම සඳහා 'පව් නොකල කෙනෙකුට
ගලක් ගන්නට ' යැයි කී කතාව කෙතරම් ඇත්තද? අද සමාජයේ තාමත් දකින්නට ඇති සිරිතක් මේ දෙය. විශේෂයෙන් ගෑනුන්හට. මේ
සඳහා සූදානම් පිරිස එමටයි. මෙසේ සිදුවූයේ ඇයිදැයි කිසිදු සොයා බැලීමක් නැතිවම.
ඇත්තෙන්ම කලයුත්තේ පව්කාරයින්හට ගල්
ගැසීමද?
ඔවුන් පවින් මුදා ගැනීමද? ඔවුන්හට සමාව
දීමද? ඔවුන්ට ආදරය කිරීමද?
‘Hate the sin but love the sinner…….’
Mahatma Gandhi.
ප/ලි: විශේෂ ස්තූතිය...චිත්‍රපට
පිස්සන්ට…


One of my fav movies & someone I loved too..
ReplyDeletePs: But do you remember who started to throw stones at her after the war.? Women in her town, her own kind..
But there was no one to tell them, "Let the person among you who is without sin be the first to throw a stone at her." :)
DeleteOne of my fav movies too…:)))
සම්පූර්ණ පින්තූරය දකින්න උත්හාස කරන්න ළමයා.. නගරයේ ගෑනු ටික කොහොමත් මුල ඉඳන්ම මලීනත් එක්ක තරහින් ඉන්නෙ එයා ලස්සන නිසා, සෙක්සි නිසා, එයා පාරෙ යන හැමවෙලාවෙම තමන්ගෙ මහත්තුරු ටික එයා දිහා කන්න වගේ බලන් ඉන්න නිසා.. ඒ හැමදේටත් වඩා මලීනා ඉන්නෙ එයාලගෙ සාම්ප්‍රදායික කවයෙන් පිට එයාලට ළඟාවෙන්න බැරි දුරකින් නිසා..
Deleteඒත් එයාලට ඒ තරහ පිට කරන්න බෑ මොකද මලීනා ඉන්නෙ එයාගෙ සැමියගෙ, තාත්තගෙ, අන්තිමේදි සතුරු සොල්දාදුවන්ගෙ ආරක්ෂාව යටතේ නිසා.. ඒකයි යුද්ධය අවසාන වුන වහාම එයාලගෙ අර පරණ තරහ මලීනා පිටින් යවන්නෙ.. ඇයි, යුද්ධය පැවති කාලයේ සතුරු සොල්දාදුවන්ට ඇඟ විකුණපු එකම ගැහැනිය මලීනා විතරද? අනිවාර්යයෙන්ම නැහැ.. නමුත් ඒ අනිත් ගෑනු එයාලගේ කවයේ සාමාජිකාවන්, මලීනා එයාලගේ පොදු සතුරා..
එයාලා චුට්ටක්වත් හිතුවනම්, මේත් අපි වගේම ජීවිතේ ගැටගහගන්න දඟලපු තවත් එක ගෑනියෙක් කියලා මලීනට ඔය ඉරණම අත්වෙන්නෙ නෑ.. ඒ සිතුවිල්ලත් එයාලා තුළ තියෙන්න ඇති, ඒකයි මලීනා අන්තිමේදි සැමියාත් එක්ක ආයෙමත් නගරෙට ආවම එයාලා මලීනව පිළිගන්නෙ (සමහරවිට එයාලට තමන් කරපු දේ ගැන ලැජ්ජාවක් තියෙන්නත් ඇති)..
නමුත් යුද්ධෙන් පස්සෙ වෙන්නෙ කාලයක් තිස්සෙ තදකරන් හිටිය පීඩනය, තරහ, දුක වේදනාව (සමහරවිට සතුරු සොල්දාදුවන් ගැන තිබුනු කෝපය පවා) ඔක්කොම අර පොදු සතුරා මතින් යැවීමක්..
මේ තියෙන්නේ නියම විචාරයක්.:)
Deleteඑක අඩුවක් තියනවා. පිරිමි එහෙම හැසිරුනේ ඇයි කියන එක සඳහන් වෙලා නෑනේ.
පිරිමි එහෙම නිහඬව හැසිරුනේ ඇයි නේද.?? ඒකට ඉතින් විවිධ හේතු තියෙන්න ඇති, බොහෝවිට මෙන්න මේ වගේ හේතු කීපයක්.. :)
Deleteමලීනා සමග යහන් ගතවූ පිරිමියෙක්:
මේ ගෑනිව නගරෙන් පන්නලා දාන එක අපි කාටත් හොඳයි.. බැරි වෙලාවත් යුද්ධ කාලෙ සිද්ධවෙච්චි දේ ගැන මේකි කට ඇරියොත් එහෙම මගෙ සායමත් ඉවරයි, මගේ පවුලත් ඉවරයි, මම මේ නගරෙ වසලත් ඉවරයි..
මලීනා සමග යහන්ගතවීමට ආසාවෙන් සිටි නමුත් ඊට අවස්ථාවක් නොලද පිරිමියෙක්:
හොඳ වැඩේ ඕකිට.. අර ජර්මන්කාරයන්ට අල්ල අල්ලා හිටියා මිසක් අපි දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.. පට්ට වේසි, ගහලා පන්නන්න ඕන.. මුන් වගේ එවුන් හින්දා තමා අපේ නගරෙ නම්බුවත් නැතිවෙන්නෙ..
ඔය දෙකොටසටම නැති පිරිමියෙක්:
අනේ පවු! අර ගෑනිට ඔහොම ගහන්න ඕනද.?? මේ මෝඩ ගෑනුන්ට තේරෙන්නෙ නැද්ද මේ ඉන්නෙත් යුද්ධෙන් බැට කාපු, තමන්ගෙ සැමියා, තාත්තා නැතිවුන තවත් එක ගෑනියෙක් කියලා.. ඒ ගෑනි අර ජර්මන් කාරයින් එක්ක ගියා තමා, ඒත් ඉතිං ඒ යුද්ධ කාලෙ වෙන මොනවා කරන්නද.? අනික ඒ ගෑනි විතරද එහෙම ගියේ.?? ඒත් ඉතිං මං දැන් මෙතන ඕවා කියලා මේක නවත්තන්න ගියොත් ඊගාවට අපේ ගෑනි ඇවිස්සෙයි.. බැරිවෙලාවත් උන්දෑ හිතුවොත් මාත් රහසින් මලීනත් එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා මං ගෙදර ගිහිනුත් හමාරයි.. ඔන්න ඔහේ නොදැක්කා වගේ ඉන්නවා, මං කියලා වෙන මොනා කරන්නද.??
මෙන්න මේ වගේ අය එතන නැති හිටපු නැති එකෙන් තේරෙන්නේ කමකට ඇති පිරිමියෙක් ඒ නගරේ නොහිටපු බවයි. :)
Deleteඅවුරුදු අසූවක මහල්ලෙක්:
'ඇයි මෝඩ කෙල්ලනේ උඹලාගේ මිනිස්සු හදාගන්ට බැරිඋනාට මේ අසරණී මොනවා කරන්ටද? මම මේ බස්තමෙන් දෙකක් අනින්ට කලින් නවත්තනවාද නැද්ද ඔය ගුටි ගැහිල්ල...':)
මැදි වියේ පූජකවරයෙක්:
'පව් කරලා නැති එකෙක් ඉන්නවානම් ඉස්සල්ලා ගල අතට අරන් ඔය ගෑනිට ගහපල්ලා':)
සුරංගනා කතා කියන්ට එපා ළමයා, ඔය යුටෝපීය හීනෙන් එළියට බහින්ට.. ඔය අවුරුදු අසූවෙ මහල්ලා තමා මලීනට ගහන්ට කියලා ගෑනුන්ට ගල් ඇහිඳලා දුන්නෙ.. ඔය පූජකයා තමා මුලින්ම මලීනට ගණිකාව කියලා පරිභව කලේ.. දන්නවනේ පොදු හේතුව මොකක්ද කියලා, ඊරිසියාව, තමන්ට මොකුත් කරගන්න නොලැබුනාට ඇති ඊරිසියාව.. :D
Deleteබලාගෙන යනකොට ගෑනුන්ට බැන්නට පිරිමි ඊට වඩා අන්තයි මේ කතාවෙදි...:D
Deleteගෑනු/පිරිමි කියලා වෙන්කරලා බැනලා වැඩක් නෑ ළමයෝ.. මිනිස්සු කවුරුත් ඔහොම තමා, කවුරුවත් කළු/සුදු කියලා වෙන්කරන්ට බෑ.. :P
Deleteමෙතෙක් ඔබේ බ්ලොග් අඩවියේ මා කියවූ, ඉතා ශාස්ත්‍රීය, ඉතා සංවේදී, සර්වකාලීන වටිනාකමක් ඇති ලිපිය ලෙස මා මේ ලිපිය නොබියව හඳුන්වනවා. සමහර විට මේ ලිපියට ප්‍රතිචාර එටරං නොලැබෙන්නට පුළුවන් ජනප්‍රිය මාතෘකාවකට ලැබෙන ප්‍රතිචාර සමග සසඳා බලද්දී. එහෙත් ඔබ එයින් කිසිසේත් පසුබට නොවිය යුතුයි. ඉල්ලනදේ දෙන කෙනෙක් වන්නට එපා. හරවත් යමක දෙන කෙනෙක් වන්න.
ReplyDeleteමොනතරම් නීති රීති තිබුනත්, මොන තරම් අර සංවිධාන මේ සංවිධාන තිබුනත්, ගැහැණිය තවමත් ඉන්නේ පීඩනය තුළ, වෙනකොට සැලකීම තුළ, අවමානය අවඥාව අයව ගිලගන්න බලා සිටින කුහක සමාජයක. මා හිතන්නේ නැහැ එය වෙනස්වනු දකින්නට මගේ ජීවිතකාලය ප්‍රමාණවත් වේයැයි කියා.
මේ හරවත් ලිපියට ඔබට ප්‍රශංසා කරනවා මුළු හදවතින්ම.
අසමි දකිමි සොයමි ලියන විචාරක
+++++++++++++++++++++++++++++++++++++++++
Delete
Deleteමෙන්න වැටක් හයි කොරලෝ.....
චිචාරක ට නොපෙනුනාට පොඩ්ඩි ලියන්නෙ එයාට ඕන, එයාට හරී කියලා හිතන දේ තමයි. බලන්නකො පරන කමෙන්ට්ස් එහෙම අපි දාපු. මරාගත්ත ඒවා ඇති ලොරි ගනන්.
Deleteඉල්ලන දේ දෙනවනම් එහෙම වෙන්නෙ නැහැනෙ :-)
හැබැයි මම ලීවා නම් බ්ලොගක් මම ලියන්නෙත් මට ඕන දේ..
@විචාරක,
Delete//ඉල්ලනදේ දෙන කෙනෙක් වන්නට එපා. හරවත් යමක දෙන කෙනෙක් වන්න.//
හුඟක් වෙලාවට මට හිතෙන දේවල් ලියන්ට තමා උත්සාහ කරන්නේ. බොහොම ස්තූතියි විචාරකගේ අදහසට. ඔබ, මා ගොඩක් ගරු කරන කෙනෙක්. ඉදිරියට ඒ විදියට ලිවීමට උත්සාහ කරන්නම්. හිටපු ගමන් ඒත් පීලි පනීද දන්නේ නෑ.:D
// ගැහැණිය තවමත් ඉන්නේ පීඩනය තුළ, වෙනකොට සැලකීම තුළ, අවමානය අවඥාව අයව ගිලගන්න බලා සිටින කුහක සමාජයක…//
මේ වගේ තේරුම් ගත හැකි කොටසක් ඉන්නවා නම් අනිවාර්යයෙන් දවක අපි දකින සමාජය වෙනස් වෙයි.
//මේ හරවත් ලිපියට ඔබට ප්‍රශංසා කරනවා මුළු හදවතින්ම.//
වචනයෙන් කියන්ට බැරි තරම් සතුටු හිතුනා මේක දැක්කාම. විචාරකට ගොඩාක් ස්තූතියි නැවතත්.
@සුදීක,
Deleteහැබෑට මොකෝ මේ වැටක් හයි කරලා...:)))
@රාජ්,
Deleteහී හී ....
@තරු,
Delete//මරාගත්ත ඒවා ඇති ලොරි ගනන්//
දැන් ඉතින් විචාරක මම ගැන මොනා හිතයිද දන්නේ නෑ. :)
පව්කාරියට ගල් ගැසීම.....
ReplyDeletehttp://wilakuwa.blogspot.com/2012/09/blog-post.html මේක බලන්නකෝ ...
ගණිකාවකගේ ඇත්තම ජීවිත කථාවක්
ස්තූතියි දිනෙල්ක. කියවලා බලන්නම්. :)
Deleteඉතාමත් වටිනා ලියැවිල්ලක්....මලීනා චිත්‍රපටිය මගේ නෙත ගැටුනෙ 2006 වසරෙදි.. ඔබ කියන ගතිගුණ මම එහිදී අත්වින්දා...සමාජ කඩතුරාවට මුවාවී වැරදි කරන බහුතරය සමාජය ඉදිරියේ ඉතා හොද පුද්ගලයන්... හරියට ලංකාවෙ අකලංක දේශපාලුවො වගේ... පවුකාරයට ගල් ගසනවාද, ඔහු එයින් මුදවා ගන්නවාද යන්න තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයින්ගෙ චින්තන ශක්ති ප්‍රමාණය අනුව... රටක දේශපාලන, සංස්කෘතික,ආර්ථික හැඩගැසීම් මේ වගේ කාරණයක් එක්ක සෘජුව ගැටෙන නිසා ඒ සියල්ල මත මේ කාරණය දෝලනය වන බව තමයි මගේ හැගීම.. එහෙත් මගේ පුද්ගලික මතය අනුව නූතන සමාජය පව්කාරයාට ගල් ගැසීමට ඉතාමත් ප්‍රියයි...
ReplyDeleteවිචාරක තුමා ඉහත කොමෙන්ටුවේ පවසා ඇති දේ සමග මමත් එකතු වෙනවා... හරසුන් දෑ ලියන බහුතරයක් අතරේ ඉල්ලුමට සැපයුම නොව හරවත් යමක උල්පත වන්න...
මගේ සුභ පැතුම් සහෝදරිය....ජය!
//විචාරක තුමා ඉහත කොමෙන්ටුවේ පවසා ඇති දේ සමග මමත් එකතු වෙනවා... හරසුන් දෑ ලියන බහුතරයක් අතරේ ඉල්ලුමට සැපයුම නොව හරවත් යමක උල්පත වන්න... //
Deleteසිරාටත් ස්තූතී...
//එහෙත් මගේ පුද්ගලික මතය අනුව නූතන සමාජය පව්කාරයාට ගල් ගැසීමට ඉතාමත් ප්‍රියයි...//
සම්පූර්ණයෙන් එකඟයි. විශේෂයෙන් පව්කාරියන්ට.:)
ඉස්කෝලේ යන දවස්වල යෙහෙලියන් සමග නරඹපු, හිතාගන්න බැරි වුණු වර්ගයේ චිත්‍රපටියක්. මොනිකාගේ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ. පිරිමි හැමෝම ගෑනු දිහා මෙහෙම බලනවද කියලා හිතට බයකුත් ආවත් එක්ක.
ReplyDeleteපොඩ්ඩි ලස්සනට චිත්‍රපටිය ගැන විස්තර කරලා. ආයෙම සැරයක් බලන්න හිතුනා.
පිරිමි ගෑනු දිහා බලන්නේ මෙහෙමද කියන අදහස මටත් ආවා. බය හිතෙනවා නේන්නම්.
Deleteආය පාරක් හොයාගෙන බලන්ට.:)
ඇන්ජලීනා ජොලී නෙමෙයිෙ න් ඉන්නෙ....එයා වගේ මතක..ඒත ්මරු ලස්සන කෑල්ලක් ඉන්නෙ...
ReplyDeleteඒ ලස්සන මරු කෑල්ල Monica Bellucci :)
Deleteදෙන්නගේම කට උල් කරන ගතියක් තියනවා ටිකක් එක වගේ.
මලීනා පට්ට ෆිල්ම් එක.. ඒ කාලේ බැලුවේ හොරෙන්. සෑමා පොඩි නිසා වෙන්න ඇති ;)
ReplyDeleteදැන් ඉතින් ලොකු ලමයෙක් හන්දා ආය පාරක් බලන්ට. වෙනස් විදියකට පෙනෙන්ට බැරි නෑ.:)
Deleteචිත්තරපටිය නම් බලන්න වෙනවා.. එතකම් ඒ ගැන කියන්න බෑ...
ReplyDeleteහැබැයි ඔය කියන කතාව ගැන නම් යමක් කියන්න ඕනේ....
කතා කරන ගොඩක් දේවල් තුළ කියවෙන්නේ නැති පැත්තක් මේක... මේ වගේ වැරදි සිද්ධවෙන්‌ෙන් මිනිස්සුන්ගේ වැරදි නිසා නෙවෙයි... සමාජමය වැරදි නිසා කියලයි මට හිතෙන්නේ...
සැමියා මැරැන, සැමියාගෙන් දික්කසාද උන හෝ සැමියා රට ගිය ගැහැණියක් දිහා, ඒ අයගේ දරුවන් දිහා අපේ සමාජය බලන විදිය මම දැකලා, අහලා තියෙනවා... කොතරම් නම්බුකාරව ජීවත් වෙන්න උත්සාහ කළත් සමාජය විසින්ම ඇයව ගණිකාවක් බවට පත් කරනවා... මොකද ඇයට ආරක්ෂකයෙක් නැති නිසා... ඒවා රහසේ තියෙනකම් හරිම සිම්පල් දේවල් විදියට සමාජගත වෙලා තිබිලා දැං සාමාන්‍යකරණය වෙලා.... හැබැයි කොතනක හරි මේවගේ දෙයක් හොර රහසේ තිබිලා එළිවුනාම ඒ සාමාන්‍යරකණය කරපු සමාජයම ඒ ගැහැණියව අපහාසයට ලක් කරනවා... මේවා ගම් වල අදටත් තියෙනවා.. මොකද යුද්ධයෙන් සැමියා මියගිය තරුණ වැන්දඹුවන් බොහෝ ප්‍රමාණයක් ඇත ගම්වල ඉන්න නිසා....
ඒ වගේම ඇගේ පහස සොයා එන කිසි කෙනෙක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඒ කිසි කෙනෙක් ඇගේ ආරක්ෂකයෙක් නොවෙන නිසා... ඇයට ආරක්ෂකයෙක් හිටියා නම් ඔය කිසි කෙනෙක් ඇය ළඟට එන්න ධෛර්‌යයමත් වෙන්නෙ නෑ නේද.....
අපේ සමාජයේ සැමියා කියන වචනය පවා ආරක්ෂක මන්ත්‍රයක් ගැහැණියකට.. ...
ඒත් ඒකෙන් කියවෙන්නේ යම් ගැහැණියකට තනිව ජීවත් වීමේ හැකියාවක් නෑ කියන එක නෙවෙයි... ඒ සඳහා ඇයට හිතේ ධෛර්‌යයක් සහ ආර්ථිකමය හැකියාවක් තිබිය යුතුයි...
ගමේ ගැටවු කරබාගෙන උන්නාට
Deleteවිසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙළා ගනින්යැයි කප්රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
@හිරු,
Delete// ඇයට ආරක්ෂකයෙක් හිටියා නම් ඔය කිසි කෙනෙක් ඇය ළඟට එන්න ධෛර්‌යයමත් වෙන්නෙ නෑ නේද.....
අපේ සමාජයේ සැමියා කියන වචනය පවා ආරක්ෂක මන්ත්‍රයක් ගැහැණියකට.. .//
යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ සමහර, තරුණ වැන්දඹු භාර්යවන්ට හිමි වෙලා තියෙන ඉරණමත් ඇත්තෙන්ම කණගාටුදායකයි. එයාලව විවේචනය කරන්ට සමහරු ඉදිරිපත් උනාට, ඊට පිලියම් යොදන්ට ඉදිරිපත් වෙන කෙනෙක් නෑ. කතාවට එකඟ වෙනවා. ඒකට හේතු හොයන්ට ගියොත් තමා හිත රිදෙන්නේ.
තනියම ජීවත්වීමට නම් ගැහැනියකට මුදල් වගේම හිතේ ලොකු ධඓරයකුත් තිබියු යුතුයි. අද කාලේ සමහර ගෑනු ලමයි තනියම නිදහස්ව ජීවත්වෙන්නේත්, මේ ආර්ථික නිදහස හා හිතේ හය්ය නිසා... කොහෙවත් යන කරදර ඇඟේ දාගන්නේ මොකටද කියලා හිතනව ඇති.:)
@බූරා,
Deleteමට නම් කවිය තේරුනේ නෑ :(
ඒ කවිය උඩ ක්ලික් කලාම You-Tube එකේ සිංදුවක් අහන්න පුළුවන් කියලා තේරුනෙත් නැද්ද..!? :)
Deleteඒක දැක්කේ දැන්. ලස්සන සිංදුව....:D:D:D
Deleteඅරුත්බර ගීයක් ..
Deleteහිමි මළ කතාක පතිවත සහ දිවි රැකුම අතර ගැටෙන ආකාරය කියවෙන මේ ගීය සර්වකාලීනයි. අවාසනාවකට අද මෙවැනි පදමාලා ලියවෙන්නෙත්, ගන්නෙත් ඉතා අඩුවෙන්.
Deleteගීය මතක් කර දුන්නාට Buratheno ට ස්තුතියි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ජීවිතේ හොඳම වයසකදි බලපු අමතක නොවෙන චිත්‍රපටියක්... මම ආසම දර්ශනය, පිරිමි ළමයා පැමිණ ඇයගේ බඩු මල්ලේ බිම වැටුනු දෑ ඇහිඳින්නට ඇයට උදව් කිරීම... මොකද්දෝ තේරුම් ගත නොහැකි මානුෂික හැඟීමක් ඒ දර්ශනයේ තියනවා කියල හිතෙනවා.
ReplyDeleteඒක නම් ඇත්තයි. අනෙක් දුක හිතෙන දේ තමා එතරම් ආදරේ කරපු කෙනෙකුට ඒ ලමයා කතා කරන මුල්ම, හා අන්තිම වතාව වීම. ෆිල්ම් එක ඉවර උනාට පස්සෙත් තිරය දිහා බලා ඉන්ට හිතෙන සිද්ධියක්.
Deleteඉතාමත් විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් සහ හොද විචාරයක් !!!! :)D
ReplyDeleteපොඩි කුමාරිහාමිට ජයෙන් ජය !!!! :)
චිත්‍රපටිය වගේම විචාරය හොඳ නම් මගේ උත්සාහය සාර්ථකයි. ප්‍රසාටත් ජය...:)
Deleteමම මලිනා චිත්‍රපටිය බැලුවේ අවු කීපෙකට කලින්.. මේක බලන සමහර අය ඒකෙ ඇතුලේ සැඟවිලා තියන සමාජ යථාර්ථය දිහා බලනවට වඩා බලන්නේ අර පොඩි කොල්ලට මලීනට හිත යන සීන් එකයි අනිකුත් ලිංගික දර්ශන දෙසයි. හරියට "ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ" කියලා අමරසිරි මහත්තයා ගයන ගීය වගේ. චිත්‍රපටියේ අවසානය තමා ඉතාම සංවේදී. ඇගේ මල්ල බිම වැටිලා ඒකෙ දේවල් විසිරුනාට පස්සේ ඒවා එකතු කරන්න උදව්වට එන්න හිටියේ අර පොඩි එකා විතරයි.
ReplyDeleteමේ වගේ ෆිල්ම් එකකදි, සිද්ධවෙනදේ ඇර, පෙනෙන දේ නෙමේ වැදගත් වෙන්නේ. ඒක තමා ෆිල්ම් එකේ විශේෂත්වය.
Deleteවිසිරිලා ගිය අල ගෙඩි ටික මල්ලට දාන, ඒ අවස්තාව හිතට තදින් කාවදින අවස්තාවක්. ඒ වගේම කතාව නිමා කිරීමට සුදුසුම දර්ශනයක්...
මේකත් පොඩ්ඩක් බලන්නකෝ http://www.youtube.com/watch?v=nScbdkNYw40
Deleteමම මුලින්ම නැරඹුවේ කවුරුන්හරි සින්ඩරෙල්ලා සින්දුව ඇතුළු කරලා කරලා හදපු මේ රූපරචනය තමා . ඊට පස්සේ ඒ දර්ශන තියන චිත්‍රපටිය මොක්ද කියලා හොයනකොට තමා මලීනා හම්බවුනේ.. අන්න එහෙමයි මම කාලෙකට කලින් මලීනා බැලුවේ
Deleteලින්ක් එකට ස්තූතියි තොටියෝ...
Deleteමට තාමත් මතක් වෙන්නේ අර සාලිය + අසෝකමාලා ගැන ඔයා දැම්ම සිංදුව. ලස්සනේ බෑ. මම ඒක දහ, පහලොස් වතාවක්ම බැලුවා.:)
මලීනල ලෝකෙ හැමතැනම ජීවත් වෙනව. හැමෝම යහන්ගතවෙනව. හැමෝම ගල් ගහනව. බොහෝ විට මැරෙනතුරුම නිවැරදිකාරියක් කරන්නෙ නෑ. ඒ අතින් කතාවෙ මලීනා වාසනාවන්තයි.
ReplyDeleteරාජ් බලලා තියන විදියත් හරි. ඇත්ත ජීවිත ගෙවන මලිනලා චිත්‍රපටියේ මලිනා තරම් වාසානාවන්ත නැතුව ඇති. එක් හේතුවක් ඔය තරම් ධෛර්යවන්ත පිරිමි අපි අතර නැතිවීම :)
Deleteහරිම සංවේදී ලියවිල්ලක් පොඩී...!
ReplyDeleteයම් කාරනයක් දිහා විචක්ශණ ශීලීව බලන්නට යොමුකිරීම හොඳදෙයක්..වගේම බ්ලොග් වල අඩුවෙන් කෙරෙන්නෙ.
අපිට නුහුරු සමාජ කතිකාවතක් උනත්...එහි යම් යම් කොටස් අපිටත් අදාලයි තමා..
හිතමු ඒ ගැන..!!! ආදරයේ වටිනාකම..!
ස්තූතියි වී....
Deleteආදරයේ වටිනාකම ගැන නම් හැම තත්පරයකදිම හිතනවා...:)
මේ චිත්‍රපටිය 18+ නෙ. ඒක නිසා මකර පැටියට හොඳ නෑ. පොඩ්ඩි අක්කටත් හොඳ නැද්ද මන්දා..
ReplyDeleteබත් කාල ලොකු වුනාම බලන්නම්කො
බත් කාලා ඉක්මනට ලොකු වෙන්ටකෝ. එතකොට මකර පැටියට ඒ ලස්සන ෆිල්ම් එකේ කතාව බලාගත්තෑකි.:)
Deleteකාලෙකට කලින් බැලුවා. ලස්සනයි, හොඳයි. මට අනුවනම් කතාව ගොඩක් දේශපාලනික යි. ඒ ගැන ලියනවා නම් ලිපියක්ම ලියන්න වේවි.
ReplyDeleteකවුරුත් එක්තරා ආකාරයකින් මොනමහරි පවක් කරලා තියෙන හින්දා, පව්කාරයන්ට ගල් ගහනවා නම් අපි අපිටම ගල් ගහගන්න තමයි වෙන්නේ.
හිරණ්‍යට එහෙම පෙනුනද? මට නම් පෙනුනේ කාන්තාවන්ට සමාජෙන් වෙන අසාධාරණය...විශේෂයෙන් ගැහැනුන්ට. ඊලඟට පෙනුණේ කොන්ද පණ නැති පිර්මින් සහ ඒ වගේම ධෛර්ය ඇති පිරිමි කොටසකුත් ඉන්නබව.
Deleteඅපි හැමෝම එක අතකට පව්කාරයෝ වගේම එක අතකට වාසනාවන්තයෝ කියලයි මට හිතෙන්නේ. කාසියක කොහොමත දෙපැත්තක් තියනවනේ.
චිත්‍රපටිය බලල නෑ. බලන්න අදහසකුත් නෑ. මොකටද නිකං හිත සවුත්තු කරගන්නෙ? මොනව කියන්නද මන්දා?
ReplyDeleteහරි, පටන් ගමුකො පව්කාරයාට ගල් ගැසීමෙන්ම. අර උඩ කමෙන්ට් එකේ තියෙන එක හරි, අපේ කස්ටිය "පව්කාරයාට ගල් ගැසීමට" හරිම මනාපයි. පව්කාරය වෙන්න ඕනෙම නෑ, අහල පහල ගහක ඉන්න වඳුරු තඩියෙක් අහුවුනත් උන්දලාට හොඳටෝම ඇති, දුන්නා සොට් එක. දැං බලාන්ට, අපේ සැදැහැවත් උපාසක අම්මලා සිල් සමාදන්වෙලා කරන්නෙත් ඕකම නෙව. අපරාදෙ කියන්න බෑ, දැං මේ ගල් සෙල්ලම කරන්නෙ "හයි ටෙක්" විදිහට. ඒ කිව්වෙ, මූණු පොතේ , බ්ලොග් අවකාසෙත් මේ ගල් ගැහිමේ සෙල්ලම ජයටම කෙරුනා නෙව.
ලිපිය නං බොහොම හොඳයි, කනගාටුයි, ඒ වුනාට ඔය කියන සාධාරණ සමාජය නං මේ කපේදි පහළවෙන්නෙ නෑ. දැං කෙනෙකුට කියන්න පුළුවනි, මේක අපේ සමාජ සම්මතයෙ/ ආකල්ප වල වැරැද්ද කියලා. මට හිතෙන්නෙ අපි කාටවත් එව්වා වෙනස් කරන්න ඕනෙ නෑ කියලයි.හරි දැං ගණිකා වෘතියම ගමුකො. ඔය ඉඳල හිටලා "වලටලනවා" නං තමයි - සමහරවිට ගතමන්ට් එක මිස් වෙලා වෙන්ටෑ. ඇයි අපි දන්නෙ නැද්ද , එහෙම එකක් අපේ සමාජෙ තියනවා කියලා? දන්නවා, හැබැයි නොදන්නවා වගේ ඉන්නවා, කතා කරන්නවත් කැමති නෑ, එව්වා තහනං වචන. ගණිකා වෘතිය, පතාලය, කුඩු වෙළදාම, දේශපාලනය ඔව්වා ඔක්කොම එකට බැඳිච්ච දේවල්. දැං බලාන්ට කාලයක් පාතාලෙ "සුද්ධ" කරන්න පටන් ගත්තා. ආනමාළු නව්පරුයි ,වම්බොට්ටයි ගියා. පාතාලෙ සුද්ධ වුනාද, පිංවත්නී? නෑ, ඔය යස අගේට තියෙන්නෙ?
කොටින්ම මෙව්වා අපේ සමාජයේම කොටස්. කොටින්ම අහස උසට තියන ඇති නැති පරතරය, කොළඹ සුපිරි පාසැල්, සීමිත කොටසකට පමණක් ඇති, හුදී ජනයාට අහිමි ඉංගිරිසිය, තාක්ෂණය , මෙව්වා ඔක්කොම එකතුවෙලා තමයි අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නෙ. දැං කියන්න එපා, මේවා ඔක්කොම,ආසියාවෙ ආස්චර්‍යය ආවාම හරියනවා කියලා. මොන? අර පේන්නැහ්ද අල්ලපු රට? ආර්ථිකය දියුණුවෙනවා , මුඩුක්කුයි, පාතාලෙයි, දුෂණයයි එහෙමමයි.
මේවා අපේ සමාජේම කොටස් තමා. මිනිහෙක් හදන්ටත්, නැති කරන්ටත් සමාජෙකට පුලුවනි. නරි මොටා කතා කරලා තියෙන්නේ ඒ විවිෂ, විෂම සමාජේ එන කොටස් ගැන.
Deleteමේ වගේ ෆිල්ම් එකක් බලලා හිත නරක් කරගන්නවට වඩා දේවල් තියනවා. අපිට ගොඩක් දේවල් දැනගත්තු හැකි.
අර වගේ නිර්භීත සෙබලුන් වගේ මිනිසුන් අපි අතර ඉන්නබව. අර වගේ පුංචි හිත්වල ඇතිවෙන ආදරය මහ මෙරක් තරම් ප්‍රබල බව. හොයාගෙන බලන්ට වටින ෆිල්ම් එකත්. අනෙක ඉතින් Monica Bellucci ඇහැට ප්‍රියමනාපනේ.:)
පොඩි උනත් කුමාරිහාමියක් නිසා කමෙන්ට් එකක් දැම්මෙ නෑ නිතර බැලුවට. ඕන කෙහෙල් ගෙඩියක් කියල අද දැම්මා.
ReplyDeleteහරිම වටිනව දරුවො ලිපිය. දිගටම ලින්න. මේ වගේ දෙවල් ලියන අය අඩුයි. මම ඔයාව රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගෙ කිට්ටුවෙන් තියනව.
ජය වේවා.
දය්යව ආදරෙන් පිලිගන්නවා වලව්වට.
Deleteඇයි අප්පේ මාව පේන්නේ අර 'අඹ යාලුවන්ගේ' කතාවේ ඉන්න මහ කුමාරිහාමි වගේද? අනේ නෑ මම හොඳම හොඳ පොඩ්ඩියෙක්. කුමාරිහාමි කෑල්ල පැත්තකට දාන්ටකෝ. :)
රන්බංඩා සෙනෙවිරත්න ගැන විපරම් කරලා බැලුවා. අනේ දය්යෝ මම නම් ඊට මූදු හතක් විතර මේ පැත්තේ ඉන්නේ.
ඔයාට ගොඩක් ස්තූතියි ආවටත්, මේ වගේ කමෙන්ටුවක් දැම්මටත්. මේ පැත්තේ ආවොත් ආයම කමෙන්ට් නොකර නම් යන්ට එපා හොඳේ.
මමත් බැලුවා ඕක... සුපිරි... :)
ReplyDeleteමට මිස් වෙනවද ඔය වගේ ඒවා
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක නේ..... මාද් යව යවා දහ වතාවක් විතර බැළුවා :)
Deletemonada ban 10 parak giye oka balanakota..
Deleteයව යව කිව්වේ.... ෆාස්ට් ෆෝවර් කර කර... :)
Delete@අඩවි රජා,
Deleteඇත්ත නේන්නම්. රජවරු ඉතින් ඔයවගේ දේවල් මිස් කරයිද?
ඔයාටත් සුබ වේවා. රාජ් සම්පත් ඉතින් කොහොමත් තියනවනේ.:)
@මධු,
Deleteඔය ටික කලින්ම කියන්ට තිබුනනේ...:D
කතාව බලලා නෑ. ඒත් මේ කතාව කියවාගෙන යනවිට ගැහැනුන් මෙන්ම සමහර පිරිමින් ගැනත් ඇතිවෙන්නේ කළකිරීමක්. ගම්වල මේ වගේ සිද්ධි ඕනෑ තරම් දැකිය හැකී. වයසට ගියත් තමන් තරුනයැයි සිතාගන්නා, මහලු තරුනයන්ගේ ආශාවන්ට කැපවුනු ගැමි ගැහැනුන් අපේ රටේ කෙතරම් ඉන්නවද? ඒ ගැහැනුන් මුලු ගම්මානයේම ඇනුම්, බැනුම්, පරිභව උහුලනවා පමණක් නොව, ඉතා පහත් නාමයකින් අමතනවා ඇසීමත් සුලභ දෙයක්. 'ගණිකාව' ඒ අතින් බැලුවාම ශිෂ්ටසම්පන්න වචනයක්.
ReplyDeleteමෙවැනි සමාජයක් වෙනස් කරන්න නම්, අපි හිතන හැටි වෙනස් කරන්න්ට ඕනෑ කියන මතයේ තමයි මම ඉන්නේ.
ටිකිරි දැකලා තියෙන්නේ තවත් පැත්තක් මගේ හිතේ. ඒත් ඒ වගේ කාන්තාවනුත් වැටෙන්නේ මලිනලා ගනයට. කරන්ට වෙන දෙයක් නැති හන්දා ඒ වගේ මිනිසුන්ට යටවෙලා අසරණව ඉන්න කාන්තාවන් ඕන තරම් ඇති. මෙහෙම අසාධාරණකම් නැති කරන්ට කට්ටිය එකමුතු විය යුතුයි. හිත හිත ඉඳලාමත් බෑ.:)
Deleteමලීනා ඔස්කාර් එවෝඩ්ස් කීපයක්ම ගත්ත ෆිල්ම් එකක්. චිත්‍රපටය පුරාම මලිනි බයිසිකලය පැදයාම ඇය පසුපසු වයස අවුරුදු 12 ක කොලු ගැටයෙක් ඇට ළංවෙන්න කරන උත්සාහ කිරීම සහ එක අවස්තාවක රාත්‍රි කාලයේ ඇයවෙසෙන මහල් නිවාසයේ ගසකට නැග ඇයගේ නිදන කාමරයට එබිකම් කිරිම,වගේම සොල්දාදුවන් ඇයව ගණිකාවක් බවට පතිකිරීම මේ චිත්‍රපටයේ දර්හන පෙල නැවත වතාවක් සිනමා වචන බවට හරවලා..
ReplyDeleteදෙවන ලෝක යුද සමය ඇසුරින් මේ ෆිල්ම් එක නිර්මාණය වුවත් මෙහි ඇති ඛේදාන්තය චිත්‍රපටයේ ඇති සෘංගරාත්මක බව නිසා හැංගෙනවා. මේ වගේම තමයි මීට වසර කීපයකට පෙර තිරගත වූ "ද රීඩර්" ෆිල්ම් එකේ කේට් ගේ රංගනයත්.
කැමරාවට ඔබ්බෙන් වූ මායා රූපය දැඩිව ග්‍රහනය කරගන්න හැකි වෙන්නෙ සරල පසුබිමෙන් එබ්බට ගිහින් කෘතිය රසවින්දොත් පමනයි.පොඩී අද ඒක ඔප්පු කලා.
මම හැමදාමත් ලියනව වගේ පොඩිට තියෙන්නේබොහොම සිනාමාත්මක භාසාවක් ඒ මෙවලම් නිසි ලෙස මේ අයුරින් පාවිච්චි කලොත් පොඩ්ඩි දක්ෂ චිත්‍රපට චිචාරකයෙක් වේවි. විය යුත්තේද එයයි.
මමත් මේක කියවාගෙන යනකොට අහලා පුරුදු ගතියක් දැනුනා. නමුත් ඔය මූවී එකේ නම හෙම නම් මතක තිබ්බෙ නෑ. පොඩ්ඩි සාධාරන විචාරයක් ලියලා කියලා මට හිතෙන්නෙ. මරු ලියවිල්ල!
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@දයා,
Deleteමම කැමතී චිත්‍රපටි බලන්ට. චිත්‍රපටි බලන ඕනේම කෙනෙක් නොදැන ඒකේ විචාරයක් කරනවා නේද? 'ඒ ෆිල්ම් එකේ ගහගන්නවා වැඩී...සිංදු වැඩී...කොල්ලට වයස වැඩී...කෙල්ලට හරියට කතා කරන්ට බෑ' වගේ...
අනෙක එක, එක පුද්ගලයා බලන්නේ වෙනත් ඇස්වලින්. මම බලන්නේ වෙනස් විදියකට වෙන්ට පුලුවනි. දයා ඉතින් මගේ ලියවිල්ල නිතරම අගේ කරන කෙනෙක්නේ. ඒකට ගොඩාක් ස්තූතියි. ඒ වගේම ඒක මට ලොකු ධෛර්යක්.
ඕනේම කතාවක පැති තුන හතරක් තියනවා. කවුරුත් තෝරාගන්නේ තමන් කැමති පැත්ත. එක්කෝ පේන්නේ තමන්ට ඕනි පැත්ත වෙන්ට පුලුවන්. මතුපිටින් පේන කතාවකට වඩා හැම තිස්සෙම වෙනත් කතාවක් යටින් ගලාගෙන යනවා. එතන තමා රසවත්ම කතාව තියෙන්නේ.:)
@ඩූඩ්,
Deleteඔයාටත් ස්තූතියි ඩූඩ්...අමතක වෙලා තිබුනු කතාවක් මතක් උන එකත් ලොකු දෙයක්නේ.:)
මලීනා ගැහැණුන් අතර සමාජයේ ගැහැට විඳි තවත් එක් ගැහැණියත්..සංවේදී හිත් ඇත්තන්ට නම් ඇගේ නිරුවත නොපෙනෙන තරම්..
ReplyDeleteඒත් අතේ ඇඟිලි පහවත් සමාන නොමැතිව අවට ජීවත් වෙන සැමගෙන් සමාන සැලකිලි කෙසේ පතනන්නද?
ඒකත් ඇත්ත තමා රූ....
Deleteනිරුවත ගැන ඔයා කියලා තියෙන කතාවත් ඇත්ත. ඔයා හරි සංවේදී කෙනෙක් හන්දා එහෙම හිතනවා ඇති. හැමෝටම ඔහොම හිතන්ට පුලුවන්කමක් නෑ.
''මලීනා'' යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් සිනමා නිර්මාණයක්..පොඩ්ඩි ඒ නිර්මානය තුලින් වටිනා කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා..පොඩ්ඩිගේ හැම තර්කයකටම එහෙමත් නැත්නම් හැම මතයකටම වගේ මම එකගයි..අවුරුදු 12 ප්‍රේමවන්තයා ගැන නම් මම පොඩ්ඩිට වඩා ටිකක් වෙනස් මතයක ඉන්නේ..මම හිතන්නේ ඔව් අවුරුදු 12 ළමයෙකුට වුනත් එවැනි හැගිම් ඇතිවෙන්න පුලුවන් ඒකට ඔහු හැදෙන වැඩෙන සමාජය ඔහුට ලැබෙන ආදරය වගේ දේවල් බලපානවා කියල මට හිතෙනවා.නමුත් ඔහුට ඒ වින්දනය කරා යා හැකිදැයි යන්න නම් ගැටලුවක්...කාන්තාවක් ගණිකාවක් බවට පත්වෙනවට වඩා සමාජය විසින් ගණිකාවක් බවට පත්කිරීමයි සුලභව සිදුවන්නේ..ඒත් ඒ සමාජයම ගණිකාව පිලිකුල් කරනවා..ඇත්තටම වැරදි කාන්තාවන් හො පිරිමින් නෙමෙයි..වැරදි සමාජ ක්‍රමයයි..ඒ බව මලිනා තුලින් පැහැදිලිව පේනවා..මෙහිදි එක කරුණක් පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් සමාජය විසින් මලිනා ගණිකාවක් කරන්නෙත් සමාජය විසින් මලිනා හොද ගැහැණියක් ලෙස පිලිගන්නෙත් සැබැ ආදරය නැතිවීම හා ඇතිවීම හා සමගාමීවයි..මට හැගෙන දේ නම් බොහෝ දේවල් උඩු යටිකුරු කලහැකි විස්මිත ආයුධයක් වන්නේ සැබැ ආදරයයි..ඒ ඔස්සේ ගැහැණිය ශක්තිමත් සමාජයට බැ ඇයව වරදට පොලබවන්න..එහෙත් ආදරය දුර්වල තැන සමාජය ශක්තිමත්..ඇත්තටම සිත්න්නට යමක් අපිට තියෙනවා කියලා මට හිතෙනවා..පොඩ්ඩිගේ අලුත් ප්‍රවේශය ගැන සතුටුයි..හරවත් දෙයක් ඔස්සේ වැදගත් අදහස් ගොඩාක් උඩින් දකින්න ලැබුනේ පොඩ්ඩිගේ උත්සාහය නිසයි..ජය පතමි!!!
ReplyDeleteගවේෂක තවත් අලුත් දෙයක් එකතු කරලා තියනවා. ඒ සැබෑ ආදරයට කල හැකිදේවලුයි. ආදරය ශක්තිමත් නම් සමාජයට ජය ගන්ට බෑ. ආදරය දුර්වල නම් සමාජය ජයගන්නවා. අන්තිමට මලිනාගේ සැමියාගේ ආදරය හමුවේ මුලු නගරයක්ම නිහඬ වෙන්නේ ඒ හන්දා. ඒ සමාජය මලිනාව යලි පිලිගන්නේත් ඒ හන්දා. හැමතැනම දිනන්නේ සැබෑ ආදරය නේද?
Deleteඅවුරුදු 12 ප්‍රේමවන්තයා ගැන ඔයා දරන වෙනස් මතය මොකක්ද කියන එක නම් පැහැදිලි නෑ.
ගවේෂකගෙන් හොඳ කමෙන්ට් එකක් . ස්තූතියි ඔයාට .
ඔව් ඇත්තටම මලීනා අමතක නොවෙන චිත්‍රපටියක්.
ReplyDeleteහරිම සංවේදී ලියවිල්ලක්! හොද විචාරයක්, පොඩ්ඩි :)
ෆාතිමාටත් ස්තූතියි. ඔයාවත් දැක්කේ සෑහෙන කාලෙකින්. :)
Deleteඑහෙම බලද්දී ගණිකාවෝ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයෙදි ක්ලාස් එකක් වෙනුවෙන් ලෙක්චරර් එක්ක සැතපෙන සිසුවියෝ, රැකියා ආයතනවල බොස්ගේ මන දොළ පිනවන සෙක්රටරීස්ලා, රැකියා බලාපොරොත්තුවෙන් දේශපාලකයෝ එක්ක නිදාගන්න දුප්පත් යුවතියෝ, රඟපාන්න අවස්තාවක් ලබාගන්න නළුවෝ අධ්‍යක්ශකවරු එක්ක නිදාගන්න නිලියෝ යනාදී මෙකී නොකී සේරම මේ ගොඩේ තමයි...
ReplyDeleteමම චිත්‍රපටිය බලලා නැති නිසා මේ ගැන කියන්න යමක් හිතමින් උන්නෙ.
Deleteඑතකොටයි බීටල්ගේ කමෙන්ට් එක දැක්කෙ. මේ කමෙන්ට් එක තරම් බරසාර විදිහට ඉලක්කෙට ගහන්න බැරි නිසා මමත් කියන්න හිටියේ ඕකමයි කියලා ලියලා වෙන දේ බලාගෙන ඉන්නවා. :)
// විශ්වවිද්‍යාලයෙදි ක්ලාස් එකක් වෙනුවෙන් ලෙක්චරර් එක්ක සැතපෙන සිසුවියෝ, //
Deleteජීවිතෙන් බාගයක් විතර විස්ස විජ්ජාලවල හිටියත් මෙහෙම අය ගැන අහලා තිබුනේ නෑ. මුලින්ම කියෙව්වේ බ්ලොග්වලින්.
@බීට්ල්,
Deleteකොහොමද එහෙම වෙන්නේ? යුද සමයක රටක තියන වාතාරණය අනුව, කෑමක් සොයා ගැනීම තියා පණ බේරා ගැනීමත් ලොකු සටනක්. ඔයා ඔය කියන අනෙක් අය එහෙම හැසිරෙනවා නම් ඒ වගේ අයට ගැලපෙන වචනය තමා 'ගණිකාව' . ඒත් මලීනලා වගේ ගැහැනුන්ට ඒ වචනය ගැලපෙන්නේවත්, එයාලා ඒ ගොඩට වැටෙන්නේවත් නෑ බීටල්.
සරසවි සිසුවියක් සරසවියට යන්නේ ඇගේ දක්ෂකම හින්දා. ඒ වගේ කෙනෙකුට සරසවි ඇදුරෙකු හා නිදන්ට අවශ්‍ය නෑ , තමන්ගේ දක්ෂතාවය ඔප්පු කරන්ට. අනෙක් අවස්තාවලුත් ඒ වගේ කියලා කීව හැකි. වෙනස තියෙන්නේ ඒ වගේ තැන්වලදි ඒ කාන්තාවන්ට තමන්ට උවමනා දෙයක් කිරීමේ අවස්තාව සහ නිදහස තිබීමයි. මේ ලෝකේ ඉන්න මලීනලාට ඒ choice එක එහෙම නැත්නම් ඒ option එක තියනවා කියලා මම නම් හිතන්නේ නෑ.
@බුද්ධි,
Deleteහොඳට හිතලා බැලුවා නම් බීට්ල් කියලා තියන දේ හරි කියලා හිතාගෙන නිකං ඉන්නේ නෑ. ඔයිට වඩා බරසාර යමක් කියන්ට උතසාහ කරනවා.:)
@කතන්දර,
Deleteමාත් මේ අහන්ට හැදුවා විතරයි. ඒවා රස්සාවල් පවා නැතිවෙන වැඩ බව එයා සමහර විට දන්නේ නැතුව ඇති.
ඔන්න ඔන්න කකා.. බබා....වෙන්න හදනවා.
Deleteබැච් එකේ ලස්සනම කෙල්ලො ලෙක්චර්ස් ලත් එක්ක යාලුවෙලා වැඩි ලකුණු ගන්නවා කියන එක කැම්පස් එකේ කැන්ටිමේ තේ හදන කොල්ලත් දන්න දෙයක්.
@ තරු,
Deleteබබෙක් වෙන්නට හෝ බොරු කියන්නට මට අවැසි නැත. මා වැස්සට හෝ ගිය යුනිවසිටි මේ සබැඳියේ ඇති රූපයේ තිබේ.
http://kathandara.blogspot.com.au/2012/08/nothing-else-to-do-today.html
මේ කිසිම තැනකදී මා මෙවැනි කතාවක් අසා නැත. බ්ලොග් බලන්නට පටන් නොගත්තානම් සමහර විට අදත් එලෙසම වන්ණට ඉඩ තිබුණි.
කකාට , ඕක ඒත්තු ගන්නන්න මට ඉතින් බැච් එකේ ලස්සනම කෙල්ලයි, එකිගේ ලෙක්චර්ස් ලයි මෙතනට ගේන්න වෙයි.
Deleteඔන්න මම ලියන්න හිතපු දේම බීටල් ලියලා. ගණිකාව නිර්වචනය කර ගන්න අමාරුයි. විවිධ තරාතිරම් වල, විවිධ ක්‍රම වලට මේ වෘත්තියේ යෙදෙන ඇය ඉන්නවා. ඒ අයගේ ප්‍රාර්ථනාව වෙනස්. හොඳයි තමන්ගේ ජීවිතය ගැන නොසිතා තමන්ගේ දරුවන් උස් මහත් කිරීමේ අරමුණින් එහි යෙදෙන අයෙකුයි ඉහල ජීවන තත්වයක් පවත්වාගෙන යන්නට මෙම වෘත්තියේ යෙදෙන අයයි අතර සැබෑ වෙනසක් තියෙනවා. මෙම චිත්‍රපටියට අදාළ කත සමාජය විසින් එතනට ඇද දමනවා. මෙම චිත්‍රපටිය බලන්න ඕනේ. බලල වෙනම කමෙන්ට් එකක් දාන්නම්. ලංකාවේ තිරගත් වුනු යසෝමා චිත්‍රපටියත් මේ වගේ.
ReplyDelete
Delete@සුදීක,
'ගණිකාව' නිර්වචනය කරන්ට අමාරුයි. ඒත් මේ ලෝකේ මලිනලා ඒ ගොඩට අයිති නෑ කියන්ටයි මම නම් හැදුවේ.
'යසෝමා' බලලා නෑ. හොයාගෙන බලන්ට වටින් ෆිල්ම් එකක් සුදීක. බලලා ආයෙම එන්ටකෝ.
ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයා හිතන්නේ කොහොමද කියලා දැනගන්ට කැමතී...:)
හොඳ ප්‍රශ්න ටිකක් අනගි සටහනක් අවසානයේ. Malèna ආයෙත් හොයාගෙන බලන්න හිතුන.
ReplyDeleteආයමත් හොයාගෙන බලන්ට අරුනි. :)
Deleteමේක ඒ සමාජ කුලකය තුල සිද්ධ වෙච්ච දෙයක්...ඔව් සමාජයේ බහුතරයක් මේ කියන කුහක පිරිසේ තමයි ඉන්නෙ. නමුත් අපේ සමාජයේ ගමක වත් ගණිකාවො කියලා ගල් ගහලා මරලා හරි එලවලා හරි තියෙන සිද්ධීන් මහා ගොඩාක් ආරංචි වෙලා තියෙනවද ? මන් හිතන්නෙ මේ එක සිද්ධියක් හෝ සිද්ධීන් කීපයක් නිසා පොදුකරනයට (generalization) ලක් වෙච්ච සංසිද්ධියක් තමයි. ඔව් කතාව සංවේදීයි..තමයි..
ReplyDeleteබීටල් අපි හැමෝගෙම ඇස් ඇරවලා තියෙන්නෙ තව පැත්තකට..
මචන් "කුලක" ගැන නම් මුකුත් ලියන්න එපා, පොඩ්ඩි ඒ වචනෙ දන්නෙ නැති නිසා පටස් ගාලා අවුට යනවා...
Delete
Delete@වෙනී,
ගල් ගහලා එලවන්ටවත්, මරන්ටවත් ඕනි නෑ වෙනී. ඔය විදියට සලකන කොට ඉබේටම ඒක වෙනවා අන්තිමේදී...:)
@තරු,
Deleteතාම ඉතින් 'කුලක' තේරුනේ නෑ. :)
හොද විචාරයක්. මමත් ඒක බලල නෑ. ඇත්තටම ඔයාගේ විචාරය නිසා ඒක බලන්න ආස හිතුනා. හොලිවුඩ් චිත්තරපට සමහර වේලාවට පිස්සු කෙලිනවනේ. ඔස්කාර් සම්මානත් ඔය වැඩක් නැති ඒවට යන්නේ. ඔය වගේ දේවල් දිගටම සපයන්න. අපේ අරුණි සහෝදරිය කරනවා වගේ. ජය
ReplyDeleteදේශකයට ආයම කතාව කියවන්ට ආසා හිතුනු එක ගැන සන්තෝසයි. අරුනි අක්කා ලියනවා වගේ මට නම් කොහොමටවත් ලියන්ට බෑ දේශකයෝ...:)
Deleteචිත්‍රපටය බලලා නෑ. ඒ නිසාම ඒ චිත්‍රපටය ගැන හොඳ විචාරයක්ද කියන්න තේරෙන්නේ නෑ.
ReplyDeleteඒත් පොඩ්ඩි ලස්සන කතාවක් ලියලා තියනවා කියා අවංකවම කියන්න පුළුවන්.
කමෙන්ට් දිහා බැලුවාම නම් කියන්න තියෙන්නේ හැම විටම ගැහැණිය වැරදි නෑ. ඒ වගේම හැමවිටම ඇය නිවැරදිත් නෑ. වැරදි කරන අය වගේම නොකරන අයත් ඉන්නවා. සමාජීය බලපෑම නිසා වරදට පෙළඹෙන අයත් ඉන්නවා. එක් එක් කෙනාගේ දරාගැනීමේ හැකියාවත් මේ සඳහා ගොඩක් බලපානවා.
බීට්ල් කියන දේ ගැනත් ඇත්ත කියා හිතෙනවා.
කවුරුත් සර්වසම්පූර්ණ අය නෑ ප්‍රියන්ත. ඇත්ත ඒකයි. මට කියන්ට ඕනි උනේ මලිනාලා ඔය කියන 'ගණිකාවන්ට ' ඇතුල් කල නොයුතු බවයි.
Deleteපුලුවන් නම් හොයාගෙන බලන්ට . හොඳ ෆිල්ම් එකක්.:)
පොඩ්ඩිගේ විචාරයත් ඉහතින් දාපු පින්තුරයත් , නොබලපු ඕනෙම කෙනෙකුට මේ චිත්‍රපටිය බලන්න හිතෙනවා . ඒ වගේම ලිපිය අවසානය කරල ඇති ආකාරයත් හරිම අපූරුයි .
ReplyDeleteඇත්තටම හිතන්න යමක් තියෙන ඉතාමත් හොඳ පෝස්ට් එකක් .
ජය !
වෙනදා වගේම හිතට සතුට දෙන කමෙන්ට් එකක් ගිම්.කාලෙකින් ඔයාව දැක්කේ...:)
Deleteචිත්‍රපටිය නම් බලල නැහැ. ඔයාගෙ මේ සටහන නිසා බලන්න හිතුනා. "තමන් නිර්දෝෂයි. අනිකා වැරදියි" ඒකට කියන්නෙ මිනිස්කම කියලද?
ReplyDeleteමැණික්
// "තමන් නිර්දෝෂයි. අනිකා වැරදියි" ඒකට කියන්නෙ මිනිස්කම කියලද?//
Deleteමේකට ගොඩක් නම් තියනවා මැණික්. හැබැයි ඒ මිනිස්කම නම් නෙමේ.
මම නම් Monica Bellucci ගේ සීන් ටික බලාගන්ඩම තමයි ඔය ෆිල්ම් එක බැලුවේ.මොනිකාගේ රංගනය නම් පට්ට ඈ..අර ඇඳුම් මහන තැන සීන් එක එතකොට අර පොඩි කොල්ලත් එක්ක ඉන්න සීන් එක එහෙම සෑහෙන තාත්වික විදිහට රගපෑමේ නිරත වෙලා තියෙනවා. :)
ReplyDeleteකතාවේ නම් ගන්ඩ හරයක් තියෙනවා. ඒත් මොනිකාව දැක්කහම මට ඕවා හිතුන් නෑ... :)
අපරාදේ කියන්ට බෑ ඇත්තම කියලා තියනවා.
Deleteගොඩක් වෙලාවට ලස්සන ගෑනු කෙනෙක් ඇත්තට දැක්කාමත් වෙන්නේ ඔයටිකම තමයි. හිතන්ටකෝ අර අහිංසක කොලු පැටියා. ....:)
වෙලාවකට හිතුනා මටත් ඒ කොලු පැටියා වෙන්ඩ ලැබුනා නම් කියලා.... හික්ස් :)
Deleteඅනේ හැබෑටම මෙහෙමත් කොල්ලෝ!!! :D
Deleteඒ කොළු පැටියා මාර ලක් කාරයෙක් නේද පොඩ්ඩි ? :)
Deleteමට හිතෙනවා චිත්‍රපටය පුරාම වැදගත් චරිතයක් කරන පොඩි පිරිමි ළමයාගේ චරිතටයට,ඔහුගේ චරිත පරිවර්තනයට පොද්දී තැනක දීලා නැ කියලා.මෙලෙනටත් වඩා කතාව ගෙන යන්නේ මේ පිරිමි ළමයා.ඔහුට ඇය ගැන තිය ලිංගික ආකර්ෂණය...
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. ඒත් මෙතන අසාධාරණයක් උනේ ගෑනු කෙනෙකුට. ඒ චරිතය උලුප්පලා පෙන්නන්ට උවමනා උනේ ඒ හන්දයි. ඒ අසාධාරණය හොඳින් පෙනුණේ ඒ අහිංසක කොලුවාගේ චරිතය හන්දා...:)
Deleteපොඩ්ඩි බලල තියනවද සුද්දිලාගේ කතාව ? එකත් මේ වගේ ඇතුල් පැත්ත හොඳට පෙන්නන කෘතියක්.. ස්වර්ණා මල්ලවාරච්චි අපුරු රංගනයක ඉන්නවා. මම නම් මලිනා බලල නැහැ.. දැන් ඉතින් හොයන්න වෙනවාමයි..
ReplyDeleteසුද්දිලාගේ කතාව බලලා නෑ. අහලා තියනවා. හොයාගෙන බලන්ට ඕනි. මලීනා නොවැරදිම බලන්ට. :)
Deleteළෝකය පවතින තුරා තියෙන ප්‍රශ්නයක්... කරුමේ කියන්නේ ඔවුන්ගේ පහස ලබන උන්මයි ඔවුනට ගරහන්නේ.. මිනිස්සු ඔක්කෝම එක වගේ නෑ. පොඩ්ඩි මේක ලිව්ව නිසා හැමෝම අනුකම්පාවෙන් බලනවා.. නමුත් ලංකාවේ ගෑණු කෙනෙක් ගැන ෆිල්ම් එකක් හැදුවා නම් මෙවන් චරිතයක් ගැන. චරිතය නෙමේ නිලියත් සදා කාළික ඒ කැටගරි එකට වැටෙනවා.. නිලිය පත්තිනි මෑණියෝ උනත්... ඔන්න ඔහොමයි අපේ අයගේ මානසිකත්වය..
ReplyDeleteදාන්ට පහක් මාතලන්.. දවසේ කතාව..
Deleteමම මාතලන්ගෙ අදහසට තව ටිකක් එකතු කරනවා මේ විදියට.
Deleteමීට වසර කීපයකට කලින්අශෝක හඳගම හැදුවා බොහොම අපූරු සිනමා කෘතියක්. "අක්ෂරය" අවාසනාවකට මේක. තහනම් සිනමා කෘතියක් කලේත් හඳගම අධිකරනය ඉදිරියට ගෙන ගියේත් ඒ පිරිසමයි. සිනමාව තුල හිටපු මේ රටේම කලාකරුවන් පිරිසක්.
මේ කතාව ලංකාවෙ ප්‍රදර්ශනය වුනානම් ලංකාවෙ සිනමාව ගැන අද ලෝක සිනමාවත් එක්කම කතාබහට ලක්වෙන්න තිබුණා. ලෝකයේ උසස් සිනමා කෘතියක තිබුණ හැම අත්‍යවශ්‍ය ලකුණක්ම මේ කෘතියේ තියෙනවා.
"අක්ෂරයේ ඉන්නෙත් වයස අවුරුදු 10 12 විතර ලමයෙක්. තමන්ගෙ අම්මත් එක්ක බාත්රූම් එකේ නිරුවතින් ටබ් එකක නාන දසුනක් කතාව ආරම්භයේම සටහන් වෙනවා. ලංකාවෙ සංස්කෘතියට නොගැලපුනත් සිනමාත්මක ඇහැතින් බලනව නම් නිහඬ සිනමා කාව්‍යයක්.
මේ කතාවේ කාන්තාවකගේ හැගීම්,ආදරය සෙනෙහස, වගේ කාරණා සමාජයේ මතුපිටින් පෙනෙන දේ අබිභවා ගිය තැනක ලාංකේය කාන්තාව ගැනත් මිට වඩා කතාබහට ලක්වෙන්න තිබුන ලාංකිකයන්ට අවස්තාවක් මගහැරුනා.
අක්ෂරය මමත් බැලුවා.. අක්ෂරය කියන්නේ ඇත්ත.. ඒ නිසා ඇත්ත සමාජයේ කතිකා වෙනවට බය උනා. විශේෂයෙන් තනිකර බොරුවෙන් ජීවත්වන සමාජයක ඒක පුදුම වෙන්න කාරනාවක් නෙමෙයි... චිත්‍රපටයේ පෙන්වන්නේ ඉහළම සමාජයේ කතාවක්.. නමුත් ගමෙත් ඔය් දේම වෙනවා.. කවුරුත් දන්නවා.. නමුත් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑ...
Delete@මාතලන්,
Delete//කරුමේ කියන්නේ ඔවුන්ගේ පහස ලබන උන්මයි ඔවුනට ගරහන්නේ.. //
ඒකම තමා මේ කතාවෙනුත් පෙන්නුම් කරන්නේ. මලිනාට ගෑනුන් වධ දෙන වෙලාවේ එක පිරිමියෙක් කටක් අරිනවද? තමන්ගේ වැරද්දක් තියන හන්දා තමා එයාලා ඒ වගේ කට වහගන ඉන්නේ. සමහර වෙලාවට ඒ වගේ ගෑනු ගැන කෑගහන අයත් වැරදි කරපු අයම වෙන්ටැති .
@බූරා,
Deleteදාන්ට දහයක්ම ....බූරෝ...:D
@දයා,
Deleteඔය කියන ෆිල්ම් එක මාත් බැලුවා. ඒත් ඒ දර්ශනය අපේ වගේ රටකට නොගැලපෙන ගතියක් තියනවා කියලා මට හිතුනා. මේ රටවල නම් අම්මා වැඩ ඉවර කරලා ගෙදර ගියාම , නිදන්ට කලින් ලමයිනුත් සමග එකට ටබ් එකට බහිනවා. ලංකාවේ නම් මම මේ වගේ දෙයක් අහලවත්, දැකලාවත් නෑ. අපේ රටවල ගැහැනු උදවියට ඒ දර්ශනය නොබලා ෆිල්ම් එක බලන එක අමාරු කාර්යක් වෙන්ට ඇති.
ෆිල්ම් එක හදන්ට ඇත්තේ ලංකාවේ ප්‍රදර්ශනයට පමනක් නෙමේ වෙන්ට ඇති.
@මාතලන්,
Deleteඇත්ත තිත්තයි කියන්නේ ඒ හන්දා වෙන්ට ඇති. :)
// ඇත්තෙන්ම කලයුත්තේ පව්කාරයින්හට ගල් ගැසීමද? ඔවුන් පවින් මුදා ගැනීමද? ඔවුන්හට සමාව දීමද? ඔවුන්ට ආදරය කිරීමද? //
ReplyDeleteඅත්මාර්ථකාමි අපි මේ කිසිවක් නොකරන්නේමු... නමුත් හැම විටම උඩගෙඩි දීමට සැදි පැහදි සිටින්නේමු
සම්පූර්ණ ඇත්ත රාජ්......:D
Deleteඉතාමත්ම සංවේදී ලිපියක්.
ReplyDeleteසත්‍ය වශයෙන්ම ගැහැණියක් ගණිකා වෘත්තියට වැටෙන්නෙ සුපිරි කාර් ගන්නවත්, තට්ටු 3-4 ගෙවල් හදන්නවත් නෙවේ.හුදෙක් ජීවත් වීම සඳහායි.
ලිපියේ සඳහන් මලීනා නමැති කාන්තාවට ගල් ගැසීමට කලින් ඇය වරදට පොලඹවාගත් පිරිමින්ට ගල් ගැසිය යුතුයි.
තමන්ගේ වැරදි වසා ගැනීමට නින්දිත ලෙස හැසිරෙන පිරිමින්ට දිය යුතු දඬුවම එයයි.
ජීවිතය පුරා අනේක පවු කර ඇති මා කිසි දිනක මෙවැනි කාන්තාවකට ගලක් නොගසමි.
අවසාන වශයෙන් අප තරයේ සිහියේ තබා ගත යුත්තේ ගැහැණියක් වරදේ බැඳෙන වාරයක් පාසාම තවත් නරුම පිරිමියෙකුද වරදේ බැඳෙන බවයි.
ඉතාමත් හොඳ කමෙන්ට් එකක් තරු අය්යේ. මේ වගේ හැම පිරිමියෙක්ම හිතෙනවා නම් මේ ලෝකයේ මලිනාලා කවදාවත් බිහිවෙන්නේ නෑ.
Deleteගැහැනියක් වරදේ බැඳෙන හැම වාරෙකටම ඊට පිරිමියෙක් සම්බන්ධවෙනවා කියන එක මොන පිරිමියෙකුටවත් කල්පනා වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට එයාලා කතා කරන්නේ ගැහැනු බලෙන් එයාලව පොලඹවා ගත්තු විදියටයි.
එක ගණිකාවක් සමඟ පිරිමි කී දෙනෙක් වරදේ බැඳෙනවද?
Deleteහරියට බැලුවොත් වරදේ බැඳෙන ගැහැණු සංඛ්‍යාව වගේ 10-15 ගුණයක් පිරිමි වරදේ බැඳෙනවා.
ඉතින් පිරිමි කොහොමද ගැහැණුන්ට *ඔය කාරණාව සම්බන්ධව* ඇඟිල්ල දිගු කරන්නෙ?
දාන්ට පහක් අය්යේ. මෙන්න ඉන්නවා නියම පිරිමි.:)
DeleteMonica Bellucci කවුද අනේ? පොඩ්ඩි අක්කගෙ ළඟින්වත් තිබ්බැකිද?
ReplyDeleteචිත්‍රපටය නොබැලුවත් බැලුවා හා සමානව කතාව වින්දා.. "ඔබේ ඇසේ ලී කොටය තිබෙද්දී සහෝදරයාගේ ඇසේ තිබෙන ලී කුඩ සොයන්නේ මන්ද?" කියමන මතක් වුනා..
මේක පොඩි විහිලු කතාවක්..
මරිය මග්දලේනාව අල්ලගෙන ආවනෙ ජේසුතුමා ඉදිරිපිටට ගල් ගහන්න... ජේසුතුමා කිව්වා "ඔබ අතරින් කිසිම පවක් නොකළ කෙනෙක් පළමු ගල ගහන්න" කියලා.. ඊටපස්සෙ ජේසුතුමා බිම ලියද්දි කට්ටිය යන්න ගියා.. ඔන්න ටිකකින් 'ටෝං ටෝං' ගාලා මරිය මග්දලේනාට ගල් වදිනවලු.. බලද්දි මරියතුමීලු...
'අවසාන භෝජන සංග්‍රහය' චිත්‍රයෙදි දකුණු පැත්තෙ ඉන්නෙ කවුද කියලා ඩාවින්සිම තමයි දන්නෙ.. මම ළඟදි සත්සමුදුරේ ලිපියකත් දැක්කා ඩාවින්සි හුඟක් පිරිමි රූප ඇඳලා තියෙන්නෙත් ගෑණු මූණු දාලා.. ඩාවින්සි සමලිංගිකයෙක් හින්දා එහෙම කළා කියලත් මතයක් තියෙනවා.. හොඳම උදාරහණය 'ස්නාවක ජොහාන්'චිත්‍රය.. සත්ව හමක් පොරවාගෙන ගස් ගල් යට කෑලෑ කැලෑ කාන්තාරවල හිටපු අව්වට පිච්චුණු කොණ්ඩෙ රැවුල වවපු ස්නාවක ජොහාන්ට තියෙන්නෙත් ලාමක ගෑණු මූණක්..
ඇත්තෙන්ම කලයුත්තේ පව්කාරයින්හට ගල් ගැසීමද? ඔවුන් පවින් මුදා ගැනීමද? ඔවුන්හට සමාව දීමද? ඔවුන්ට ආදරය කිරීමද?
හොඳ අදහසක්..
හැක් හැක්... අදමයි බන් ඔය කතාව ඇහුවෙ... ඕක ඔහොම නොවුනෙ ඉතින් මරිය තුමී කාටවත් ගල්ගහන්ඩ නොයන නිසා නේද ?
Delete@හරී,
Delete/Monica Bellucci කවුද අනේ? පොඩ්ඩි අක්කගෙ ළඟින්වත් තිබ්බැකිද? //
හී හී...හරීට විතරයි ඒක පෙනිලා තියෙන්නේ...
ඔයා ඔය ඩාවින්සි ගැන කීව කතාව මාත් අහලා තියෙනවා. ඒක ඇත්ත වෙන්ට ඇති.
මරියතුමී ගැන කියලා තියන විහිලු කතාවත් හරි අගෙයි.:)
@සෙන්නා,
Deleteමරිය මග්දලේනගේ කතාවද? මරියතුමීගේ කතාවද?:)
මම කිව්වෙ මරිය තුමී, මරිය මග්දලේනට ගල් ගහපු කතාව :-)
Deleteමේක ගොඩක් කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් නිසා මතක නෑ. පොඩ්ඩි බලල තියෙනවද Irreversible ? ඒකෙත් Monica Bellucci තමයි ඉන්නෙ. මේ වගේම හොඳ රංගනයක් දෙනව.
ReplyDeleteඔයාගෙ විචාරයනං නියමයි. හැබැයි මේක විචාරයයි, කමෙන්ට් දිහායි බැලුවහම මට මෙහෙම දෙයකුත් හිතුන. හැම කෙනෙක්ම මෙතන සමාජයට බනිනව. සමාජය තමයි එයාව ඒ තත්වයට පත් කලේ කියන එක. ඕක බොහොම ජනප්‍රිය සහ පහසු අර්ථකතනයක්. නමුත් හැම දෙයකටම සමාජයට බැනීමේ තේරුමක් තියෙනවද? පුද්ගලයන්ට තමන්ගේ ජීවිතය ගැන පෞද්ගලිකව වගකීමක් නැද්ද? මේ රටවලත් මම ගොඩක් වෙලාවට දකින දේ තමයි සමාජ විරෝධී චර්යාවන් සාධාරණීකරණය කරන්න සමාජයට බනින එක. නමුත් අපි හැමෝම ජිවත් වන්නේත් ඔය බනින සමාජය තුලමයි. එහෙම ගත්තම එකම ගනයේ අත්දැකීම් ලබන ගොඩක් දෙනෙක් ඉන්නව. නමුත් එක එක අය ඒ අත්දැකීම් වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්. සමහරු තමන්ට ජිවිතයේ ලැබෙන දුක් කම්කටොලු අභියෝග විදිහට සලකල එව්ව මැඩගෙන ඉදිරියට ගිහින් සාර්ථක, ව්‍යාපාරිකයන්, ගායකයන්, ක්‍රීඩකයන් වෙන අවස්ථා අපිට දකින්න ලැබෙනව. තවත් සමහරු ඒ ප්‍රශ්න සමාජය වෙත පටවල, සමාජ විරෝධී ක්‍රියා වලට පෙළඹිලා හොරුන් දාමරිකයන් බවට පත් වෙනව. ඒ අනුව බලපුවම තමන්ගෙ ජීවිතය හසුරවා ගැනීමේ වගකීම තියෙන්නෙ තමන්ගෙ අතේ. අනික අපිට ජිවිතයේ හම්බ වෙන ප්‍රශ්න වලට විකල්ප තියෙනව. උදාහරණයකට මේ චිත්‍රපටයෙ මලිනට තිබුණ එකම විකල්පය ඔය හැම ප්‍රශ්නයකටම මිනිසුන් සමග නිදි වැදීම විතරද? ඇයට ඊට කලින් වෙනත් නගරයකට ගිහින් රැකියාවක් හොයාගන්නට යාලු මිත්‍රයන් හිටියෙ නැද්ද? මම කියන්නෙ නෑ සමාජ අසාධාරණ මිනිසුන්ව අසරණ කරන්නේ නෑ කියල හෝ මේ සියල්ලන්ටම පුද්ගලයන් පවුද්ගලිකව වැරදියි කියල. සමාජයේ වැරදි නිසා ජීවිතය වරදින අය ඉන්නව. නමුත් ඕන වැරැද්දකට සමාජයට බනින එක වැරදි ප්‍රවනතාවක් විදිහටයි මම දකින්නෙ. මොකද මොලේ ඇති මිනිසුන් වශයෙන් මොලයෙන් තීරණ ගන්න අපිට පුළුවන් නිසා සහ ඒ වගකීම අපිට තියෙන නිසා.
ඔයාට ඉස්සරහට පෝස්ට් එකක් ලියන්න පුළුවන් ඒ පැත්ත ගැනත් කතා කරල. :)
කාන්තාවක් ඉපදුන මොහොතේ සිට මරණය දක්වාම අවදානමකින් ජීවත් වෙන්නේ. මම මේ ෆිල්ම් එක නම් දැකල නැහැ. ඒත් අපි මොකක් හරි ෆිල්ම් එකක් බලද්දි, නව කතාවක් කියවද්දි හිතනව.කරදරයට පත්වුන කෙනාට වෙන නගරෙකට යන්න හරි, වෙන රැකියාවකට යන්න හරි තිබුණ නේද කියල . ඒත් ඒ අදහස ප්‍රායෝගික නැහැ. තමන් ජීවත්වුන නගරයේ මෙහෙම දේවල්වුනානම් වෙන නගරෙකට ගිහින් මොනව වේවිද කියල මලීනාට හිතෙන්න පුලුවන්.
Deleteකොහොම වුනත් කවදාවත් පිරිමියෙකුට මේ වාගෙ සිදුවීම් වෙන්නෙ නැහැ, ගැහැණියකුට මිසක්.අතීතයේ, වර්තමානයේ පමණක් නෙවෙයි අනාගතයේදීත් මේ වාගේ දේවල් අනන්තවත් සිදුවේවි.
//කොහොම වුනත් කවදාවත් පිරිමියෙකුට මේ වාගෙ සිදුවීම් වෙන්නෙ නැහැ// හෙහ් හෙහ්. සෝන්යා කියවල තියෙනවද Michael Crichton ලියපු Disclosure ? නැත්තන් කියවල බලන්න. :)
DeleteDisclosure මමත් කැමතිම කතාවක්. ඒකෙ අග ලියල තියනව ඇත්ත කතාවක් කියලත්. ඒ චරිත වලට පස්සෙ මොකද වුනේ කියලත්.
Deleteපොදුවේ සමාජයේ වැඩි වශයෙන් අසාධාරණයට ලක් වන්නේ ස්ත්‍රීන් බව පිළිගන්නවා. ගෘහ සේවිකාව, බාලවයස්කාර දැරිය, ඇඟලුම් සේවිකාව, සැමියා හැර ගිය කාන්තාව කවුරුන් හෝ වේවා, ලිංගික සූරා කෑමට ලක්වෙන බහුතරය ගැහැනුන්. බොහෝ විට ඔවුන්ට ගැලවිය නොහැකි ලෙස පරිසර සකස්වෙලා / කොටු වෙලා තියනවා. පිරිමි දඩයමට කුරුමානං අල්ලන්නේ සතා කොටු වුනාමයි.
Deleteවැඩිහරියක් මේ සිදුවීම් වාර්තා වෙන්නෙ නෑ. එහෙම වෙලා තියෙන්නෙ සමාජ බලපෑම නිසයි. එහෙම එලියට ආවොත්, ඊට පස්සෙ වෙනදේ අපි කවුරුත් දන්නවානෙ. අන්න දැං එහෙම සිදුවීම් වාර්තා කරන්නෙ වෙනම තැනකුත් හදලා. ඇයි, එහෙම අසරණ වෙලා කාන්තාවන්, දැරියන් ආවාම "බොරදියේ මාළු බාන්ට" පොලොස් මාමලා සහ අනිකුත් සුපිංවතුන් සැට් වෙච්ච සිද්දි ගණනාවක් වාර්තා වෙච්චි නිසයි. හැමෝම සමාජයට බනින්නේ ඒ නිසයි. ගතාණුගතිකත්වය වඩාත්ම නැඹුරු තැන්වල මේ තත්ත්වය වඩාත් දරුණුයි. බටහිර වුනත් මේ සිත්තර පටියට අදාල වකවාණුව දෙවන ලෝක සංග්‍රාමය සමයේ දැඩි මතධාරී කතෝලික සමාජ පසුබිමක්. එවැනි අසරණියන් ගැන මං අවංකවම කනගාටු වෙනවා.
ඒත් ගැහැණු හැමෝම ඔය කියන තරම් තොත්ත බබාල නං නෙමෙයි.මතුපිටින් පේන මටසිලිටු , ලාමක , හුරතල් පෙනුමට යටින් ඉන්නෙ යකෙක්. ඔවුන්ට යමක් ඕනෙ වුනාම, එයාල යනදුර යන්න පිරිමි අපි හිතන්නෙවත් නෑ. ඒ වගේම හෘද ශාක්ෂිය ගැන කිසිම නැතිව, තමන් කරන වැරදි සාධාරණීකරනය කරන්නත් එයාලට පුළුවනි
@මුහුදු,
DeleteMonica Bellucci ගේ, රංගන කොහොමත් ඉතින් අගෙයි.:)
සමාජය හැදිලා තියෙන්නේ මිනිසුන්ගෙන් බව අමතක කරන්ට එපා මුහුදු.
මේ ලෝකේ ඉන්න මලීනලාට තියන එකම විකල්පය සමහරවිට ඔයා, ඔය කියනවා වගේ 'නිදි වැදීම' වෙන්ට පුලුවනි. අපි මෙතන කතා කරන්නේ වෙනස් කාලයක් ගැන. යුද්ධය කියන්නේ අනාගතයක් ගැන මිනිස්සු නොහිතන, කොයි මොහොතේ තමන්ගේ ජීවිතය විනාශවෙයිද කියලා නොදන්න කාලයක්. ඒ වගේ අවස්තාවක තමන් ඉන්න නිවහන , තමා දන්න පරිසරය අත් හැරලා යම් කෙනෙක් නැති රස්සාවල් හොයමින් ඊලඟ නගරයට යයි කියලා ඔයා හිතනවද?
සමාජයට බනිනවා කියන්නේ අසාධාරණයක් සාධාරණ කරන්ට උත්සාහ නොගන්නා මිනිස් සමූහයකට බනිනවා කියන එකම තමයි.
ඒත් ඉතින් ඔය වීසි කරන ගල උස්සන්ට පව් නොකරපු කෙනෙක් නැති එක තමා ප්‍රශ්නේ.:)
@සෝන්යා,
Deleteකතාවට එකඟයි. මාත් මුහුදුට දුන්නේ ඔය වගේ උත්තරයක්.:D
@මුහුදු,
Deleteඔව් ඉතින් ගෑනු දාහක් ගත්තොත් ඒ හා සමාන කතාවක් එක පිරිමියෙකුට සිදුවෙනවා ඇති.
@නරි මොටා,
Deleteඉතින් ඔලුව අතගාලා ටොක්කකුත් ඇනලා තියෙන්නේ. ඒ කතාවත් ඉතින් සාධාරණයි. හැම තැනම හැම විදියකම මිනිස්සු ඉන්නවා. ඒත් වැඩියෙන් අසාධාරණයක් සිදුවෙන්නේ ගෑනුට බව නම් පිලිගත යුතුමයි.
මාත් ඉතින් ඔය කියන පොත කියවලාම බලන්ට ඕනි.:)
@පොඩ්ඩි,
Deleteමම ඔය වෙනත් නගරයකට යෑම ගත්තෙ උදාහරණයට විතරයි. ප්‍රශ්නයකට එක උත්තරයකට වඩා තියෙනව කියල පෙන්නන්න. මේ කතාවෙ උනත් මලින ට ඔය දේ වෙන්නෙ ඇය මුලින්ම විවාහක පුරුෂයෙක් හා වරදේ බැඳෙන නිසා නේද? ඒක හරිද? ඒක කෙරුව නං ඇය ඊළඟට එකෙන් වෙන ප්‍රති විපාක විඳින්නත් සුදානම් විය යුතුයි. එහෙම නැතුව බොරුවට සමාජයට බැනල වැඩක් නෑ. මම කියන්න හදන්නෙ එකයි. ඕන කැත වැඩක් කරල 'අනේ මේ සමාජය තමා මේ තත්වයට මාව පත් කෙරුවෙ. මේ සමාජය තමා මේකට වග කියන්න ඕන' කියල අත පිහිද ගන්න එක මම දකින්නෙ වැරදි ප්‍රවනතාවක් විදිහට. තමන්ගෙ ක්‍රියා සම්බන්දයෙන් තමන්ට වගකීමක් තියෙනව. එව්වයෙ ප්‍රති විපාක වලට අකමැති නං නොකර ඉන්න එකයි කරන්න තියෙන්නෙ. ඒ දේවල් කරල වෙනත් අය වෙත වරද පැටවීම වැරදියි.
@නරිමොටා
ඕකෙ ෆිල්ම් එක බලල තියෙනවද? නිකන් Basic Instinct වගේ !
ෆිල්ම් එකත් බැලුව. නරකම නෑ. ඒත් පොත කලින් කියවපු නිසා පොතේ තරම් විස්තර නෑ කියල හිතුනා
Delete@මුහුදු,
Deleteකොහෙද අනේ මලිනා විවාහක කෙනෙක් එක්ක වැරදි විදියට හැසිරුනේ. විවාහක අය රෑ තිස්සේ එයාගේ දොර ලඟ හොල්මන් කලා විතරයි. එයාගේ සැමියා නැති උනාට පස්සේ එයා එක්ක බලෙන් රැයක් ගතකලේ නඩුවට කතා කල නීතිඥයා. එයා බැඳපු කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ බඳින අදහසින් ආශ්‍රය කලා. බැන්දේ නෑ අම්මා අකැමති උනු නිසා. යාලුවෙන්ට කලින් එයා අම්මගෙන් ඇහුවේ නැත්තේ ඇයිද කියන එක තමා ප්‍රශ්නේ. අම්මා 'මලිනා'ව 'ගණිකාවක්' ලෙස හදුන්වද්දි ඒ කොන්ද නැති පිරිමියාට සමාජෙට මූන් දෙන්ට බය හිතෙන්ට ඇති මලිනාව බැඳගෙන.
පිරිමිත් තමන්ගේ හැසිරීමට වග කියන්ට ඕනි. අනෙක මුහුදුට ෆිල්ම් එකේ කතාව හරියට මතක නෑ. ආපහු බලන්ට. ආයෙම මොනිකාවත් බලාගත්තෑකි.:D
@නරිමොටා,
Deleteගොඩක් වෙලාවට පොතකින් ෆිල්ම් එකක් හැදුවාම, පොතේ කතාව වැඩියෙන් ලස්සන කියලා තමයි මට නම් හිතෙන්නේ. කීවත් වගේ විස්තර ගොඩක් මග ඇරෙන හන්දා වෙන්ට ඇති.:)
මම මේ බය වෙලා දුවගෙන ආව පොඩ්ඩි ට කවුරු හරි ගලකින් ගහලද කියලා බලන්න...
ReplyDeleteබලද්දී එහෙම දෙයක් නෙමේනේ... :D
එහෙම දෙයක් උනා නම් ඉතින් මොනා කරන්ටද හිතාගෙන ආවේ? :D
Deleteගහපු එකාව උස්සලා පොලවේ ගහන්න හිතාගෙන...
Deleteඔයා වගේ අය මේ ලෝකේ ඉන්න එක කොච්චර දෙයක්ද? :)
Delete"My Hero" :D:D:D
genu lamaya "malena" kiyana charithaya sadaraniyakaranaya karala wedida manda kiyala hithenawa. Eya niweradikariyak nemei. Wasanawanthiyak witharai.
ReplyDeleteOya kiwwa deinma kiyanne. Film 1 balala ne.
Semiya miyagiya aranchiyen pasuwa eya prema sambandathawak athikaraganne wiwahakayek samaga. Semiya nethi kanthawak thawath pirimiyekge arakshawa, pihita, unusuma hoyana eka waradak nemei. Namuth thawath kaanthawakata asadaranayak kara wenne nethda aeya karapu de.
Samajaye inna ganikawo kiyana ayagen ahuwoth kiyana kathandara godak thiyanawa. Ewa godak samanai. Eth eyala thaman karana de sadarana bawa penwanna kiyana katha witharai. Thamange athe waradak nethuwa ganikawak una aya innawa nam e 1% katath aduwen.
Jeevithaya waraddagena thaman sadaranai kiyala kiyanawata wada wadinna nodi jeevithwena ekai watinne.
Film 1e aeya naduwa nisath aeya yahangatha wenawa. Aeya soyanne prashneta pahasuma pilithura witharai.
Godak prashna walata pilithuru godak thiyanawa. Samahara prashna walata thiyenne ekama pilithurak unath apita jeevithedi e pilithurama wenas kara kara liyanna puluwan. Me wage
5+5=10e
Eth mehemath hari neda?
5+5=5x2
Kanthawan apahasuthawayata path wenna pirimi weradikarayo nemei kiyala man kiyanawa nemei. Namuth kanthawak unath, pirimiyek unath sarala buddiyen hagem walata wahal nowe hithanawa nam waradinne ne.
Man kiyapuwa weradi nam mata kiyanna. Mage weradi hadaganna.
Me loke samawa denna beri weradi ne. Eth samawa denna puluwan weradeth ne.
Film eka balala adahasa wenas unoth ayemath comment karannam.
ෆිල්ම් එක බලන්ට.
Deleteඅද අපිට දකින්ට ලැබෙන ගණිකාවන්ගේ කතා සමාන බව ඇත්ත. එහෙම වෙන්ට මොනා හරි සමාන හේතුත් ඇති. හරියට දුප්පත්කම වගේ.
මලිනාගේ කතාව මෙතනදි වෙනස්වන්නේ එයා සමාජයට ඕනි විදියට ජීවත්වෙන්ට අන්තිමට තීරණය කලේ කරන්ට වෙනත් දෙයක් ඉතුරු වෙලා නොතිබුනු හන්දා. එයා කොයි වෙලාවකවත් තමන් සාධාරණයි කීවේ නෑ. ගොඩක් වෙලාවට වැරදි සිදුවෙන්නේ හිතලා නොවෙන්ටත් පුලුවන්. හැමෝටම වැරදි මග අරින්ට බැරි වෙන්ටත් පුලුවන්.
ඔයා කියලා තියන් දේ ඔයාගේ පැත්තෙන් බැලුවාම හරි. අපි බලන්නේ අපේ කෝණවලින්. එතකොට ඇත්ත කියන දේත් සාපේක්ෂයි නේද දේශ්?
මට මේ චිත්‍රපටය හම්බුණා. යාලුවෙක් ළඟ තිබුණ ෆිල්ම්ස් ගොඩක් එක්ක. එයා මේක ගැන විශේෂයෙන් කියලයි දුන්නෙ බලන්න කියල. ඒත් මට ඒක බලන්න බයක් වගේ එකක් හිතුනා තැනින් තැන බැලුවම.ගෙදර ඉන්න නිසා වෙන්න ඇති. ඒ නිසා බැලුවෙ නෑ. මේක කියෙව්වට පස්සෙ බලන්න හිතුන
ReplyDeleteලංකාවෙ සංස්කෘතිය තුළ මේවගේ උසස් සිනමා කෘතියක් නිදහසේ විදින්න අවස්ථාවක් නොලැබීමම කාලාව සහ රසවින්දනය අපට අහිමිවෙන්න එක හේතුවක්.
Deleteසිනමාව හැදෙන්නෙ සෘංගාරය, සරාගී දසුන් කලාත්මකව භාවිතා කිරීම නිසා ඒත් අපි පුරුදුවෙලා තියෙන්නේ යමක් දැක්ක ගමන් ඒක අසභ්‍ය දසුනක් කියන්න. ඉන් ඔබ්බට ගිහින් කාලාකෘතියක් විඳින්න රූපවාහිනී මාධයයෙන් හෝ ඉඩක් නෑ.
නිවසක තනියම හුදලාව මේවැනි සිනමා කෘතියක් බැලුවත් රසවින්දනය කෙසේ වෙතත් හිත දෙගිඩියාවෙන් තමයි බලන්න වෙන්නේ. එතකොට ආයෙමත් අර රසවින්දනය නියමාකාරයෙන් ලබන්න බෑ.
@සිඳු,
Deleteදැන් නම් ඔයා ඒ ෆිල්ම් එක බැලුවට ප්‍රශ්නයක් නැතිවෙයි කියලා හිතෙනවා...:)
@දයා,
Deleteකියලා තියන කතාව ඇත්ත. චිත්‍රපටියක සිප ගන්න දර්ශනයක් පවා සොබාවික සිදුවීමක් හැටියට දකින්ට අපි පුරුදු වෙලා නෑ. වැඩිහිටියෙක් ඉන්න තැනක ඒ වගේ දෙයක් බලන්ටත් ලැජ්ජයි. එක්කෝ බයයි. එය සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ සිදුවෙන දෙයක් බව පිලිගත්තා නම් , ඊට වඩා හොඳයි. අනෙක නිරුවත කියන්නේ අස්වාභවික දෙයක් වත්, වපර ඇහැන් බැලිය යුතු දෙයක්වත් නෙමෙයි. ඒ දිහා අසභ්‍ය විදියට නොබලා හිටියා නම් හරි.:)
ඔයා නම් කියයි ඈ... මම වැඩිහිටියො ඉන්න තැන ඔහොම එකක් බැලුවේ මගෙ මුල්ම කොම්පියුටරේ ගත්ත දවසේ පැයක් යන්නත් කලින් එතකොට මම දහය වසරේ....තව පොඩ්ඩෙන් අපෙ අම්මා අර ඒ කාලේ තිබ්බ පත මොනිටරෙන් ඔළුවට දෙසාබානවා...
Deletetaking lives තමා ඒ දෛවොපගත ෆිල්ම.එදා ඉඳන් අවුරුදු 3ක් යනකන් කොම සාලේ මැද්දේ ගෙම්බා ගැහුවා වගේ... දැන් කොච්චර බලෙන් මාව සාලෙන් එලවන්න හැදුවත් මම නෙමෙයි සැලෙන්නේ තාමත් සාලේ...
මම අසභ්‍ය විදියට බැලුවෙම නෑ අම්මටහුඩු කියලා කියවුනා විතරයි සද්දෙට...
//මම අසභ්‍ය විදියට බැලුවෙම නෑ අම්මටහුඩු කියලා කියවුනා විතරයි සද්දෙට...//
Deleteමම හිතුවේ මේ ටික තිබුනේ පහල කමෙන්ට් එකේ කියලනේ. :)
මමනම් ඔයි ෆිල්ම් එකෙන් ගත්තු ආදුරුසෙ තමයි...... "ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා" කියන එක.
ReplyDeleteමොකක් හරි ආදර්ශයක් ගත්තා නම් ලොකු දෙයක්!!! :D
Delete//නඩුවට කතා කල නීතිඥයා ඇගෙන් මුදල් වෙනුවට , ඈ හා බලෙන් හිඳීමත් නිසා තත්වය වෙනස් වෙනවා.//
ReplyDeleteමම කියවපු පොතක තිබුනා ප්‍රසිද්ධ අග විනිසුරුවරයෙක් දික්කසාද නඩුවක පැමිණිලි කාරියව තානයමකට එන්න කියල ඊට පස්සෙ තමා නඩු තීන්ඩුව දීල තියෙන්නෙ. ඒ කතාව කියවල මම පුදුමයට පත්වුනා. දැනට ඔහු විශ්‍රාමිකයි,පහු ගිය කාලයේ බොහොම කතාවට ලක්වුන , ජනප්‍රිය චරිතයක්.දැන් නම් ඔහු බොහොම සාන්තුවරයෙක් වගේ ඉන්නවා. ඔය කතාව නොදැක්කනම් මාත් හිතන්නෙ ඔහු ගැන ඒ විදිහටමයි.
හරිම ලස්සනට ලියල තියනවා. ඔබට " සුභ පැතුම් "
ජාන්වී.
එයා ගැන අහන්නකො වික්ටර් අයිවන්ගෙන්...මම හිතන්නෙ දවසක් ටීවී ප්‍රෝග්‍රෑම් එකක්ම ගියා ඔය ගැන..
Delete@ජාන්වී,
Deleteනඩුකාරයෙක්ම ඒ වගේ දෙයක් කල එක තමා ලස්සන. ඉතින් අනෙක් අය ගැන කුමන කතාද නේද?
ඔයාට ස්තූතියි ජාන්වී.
@සෙන්නා,
Deleteඑයා ඉන්නේ කොහෙද? :)
කොහෙද ඉන්නෙ කියලනම් මම දන්නෑ.. ඔය ඉඳලා හිටලා එලියට අවිත් දෙබරෙකට ගලක් ගහලා යනවා නේද උන්දෑ...
Deleteශා.... පොඩ්ඩි අක්කෙ නියම කතාව. ෆිල්ම් එක බලන්නත් ආසයි. ඒත් කවදා? කෙසේ ? කොහොම බලන්නද?
ReplyDeleteඇයි ඔයාට බබා ලැබෙන්නද ඉන්නේ
Delete@අංශූ,
Deleteමම ආපු වෙලාවක බලමු. :)
@ඇනෝ,
Deleteමොනාද අනේ මේ කියන්නේ?
මේවා පොඩි කුමාරිලාට ටිකක් ලොකු වැඩි මාතෘකා නේද?
ReplyDeleteඔව් කතන්දර. දැන් නම් මටත් එහෙම හිතෙනවා.:D
Deleteම්... බලලා තියෙනවා අක්කේ... ස්තූතියි මතක් කරාට මෙහෙම එකක් බලපු බව...
ReplyDeleteඔව් ඉතින් අපි වගේ අක්කලා ඉන්න කල් හොඳයි. :D
Deleteවැඩියෙන්ම ගල් ගහන්නෙ, වැඩියෙන්ම පවු කරණ අය තමා..
ReplyDeleteමේ චිත්‍රපටිය ගැන මම නම් අදමයි ඇහුවෙ.. හැබැයි අන්තිම රූපෙ මට මතකයි "ලඳුනේ" සිංදුවේ විශුවල් එකේ තිබුනා.. සමහර විට ඒ විශුවල් එක මේ චිත්‍ර පටියෙන් වෙන්ඩ ඕනා හදලා තියෙන්නෙ..
ලඳුනේ ගීතය එක්ක එන කතාවත් මීට සමානයි තමයි.
Deleteසෙන්නා ෆිල්ම් එක හොයාගෙන බලන්ට. හැබැයි ඉතින් ඒක බලලා තව බය හිතෙන කතා එහෙම කියනවා නෙමේ ඕං...:D
හෙහ් හෙ.. හොඳටම බය වෙලා... මම ෆිල්ම් බලන්ඩ හෙන කම්මැලියි පොඩ්ඩි..
Deleteමේක මමත් ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්.. අර පොඩි එකාගේ හින තමයි හීන.. ඒ පොඩි එකත් ෆිල්ම් එකේ ප්‍රභල චරිතයක් මට හිතෙන හැටියට..
ReplyDeleteහී හී ඇත්ත. ඒ හීන ෆිල්ම් කරන්ටම හොඳ ගානක් යන්ට ඇති.
Deleteමන් කමෙන්ට් එකක් දැම්මනේ . වැටිලා නැහැ . ඔන්න ආයෙත් කියන්නම් කියන්න ඕන දේ. කිතු දහමේ මන් දන්නා ටිකෙන් මන් කැමතිම දෙයක් තමයි පව්කාරියට ගල් ගසන සිද්ධිය . හරියට කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නයි බුදුන් වහන්සේ පටාචාරාවට කී ලෙසින් මෙයත් යමක් වටහා දීමට ඉතාම බුද්ධිමත්ව යෙදුනු ස්ථානයක්.
ReplyDeleteඅපේ රටෙත් මලිනලා කොච්චර බිහි වුනාද කාලයක් තිස්සේ යුද්ධයක් තිබුන නිසා . ඒ නැතත් ගැහැනියකට තනිවම ජිවත් වෙන්න හරිම අමාරු සමාජයක අපි ඉන්නේ . ගැහැණු ළමයින්ට අධ්‍යාපනය සෞඛ්‍යය සමව ලැබුනත් තරුණ වියේ ඉඳන් මැරෙනකම්ම පරිස්සමින් සීරුවෙන් ජිවත් වෙන්න [හරියටම කියනව නම් අතුරේ යනවා වගේ වැඩක් ] තමයි සිදු වෙලා තියෙන්නේ . පිවිතුරු බව රැක ගනින් දුවේ කියල අම්මල දුවලට කියනව මිසක් පුතාලට කියන්නේ නැහැ අනෙක් ගැහැනියකට ගරු කරන විදිහ . බොහෝ විට වෙන්නේ මිනිහෙක් වරදක් කලහම '' ගෙදර ගෑනිගේ අඩුපාඩුවක් වෙන්න ඇති '' ඔන්න අහක ඉන්න ගෑනියෙක්ට තමයි කොහොම හරි ගල් පාර .
මට ඉන්නවා පෝලන්ත මිතුරියක් . පුතාල තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් . පුදුමාකාර ලස්සන අදහස් තියෙන අම්ම කෙනෙක්. එයාගේ ලොකු පුතාට එයා කියා දෙනවලු කෙල්ලන්ගේ වටිනාකම . ඔවුන්ට ආදරය කරනවා කියන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමත් එක්ක කියල . මේ දේවල් එයා කිව්ව විදිහටම ලියන්න බැහැ ඉතින්.
ගල් ගැසීම විවිධයි . ඉස්සර ගමේ ලිඳ ගාව . දැන් ඕන එකකට මේ අන්තර්ජාලය තියෙන්නේ . ගොසිප් සයිට් වල වැඩි හරියක් තියෙන්නේ පව්කරියට ගල් ගැසීම් තමයි.
මෙතන කමෙන්ට් කරලා තියෙන පිරිමි හරිම හොඳයි. ලෝකේ හැමෝම එහෙම වෙනවා නම් නේද ...
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ . ලියමන ලස්සනයි. කවදත් මන් ඔයාගේ ලිපි වලට මනාපයිනේ . මලිනා බැලුවා ටිකක් කාලෙකට කලින් . ඉතාම හොඳ සිතුවම් පටයක්.
බින්දිට ස්තූතියි බින්දි. ඔයාගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලාද කියලා බැලුවා. තිබුනේ නම් නෑ. ඒක වෙන කොහේ හරි යන්ට ඇති. මමත් ඔයා ලියන ඒවත් ආසාවෙන් බලනවා. ඒ වගේම ඔයාගේ කමෙන්ට්සුත් අගේ කරනවා.
Deleteමෙතන ඉන්න හැමෝම හොඳ පිරිමි බව කමෙන්ට්ස්වලින් පේනවා නේන්නම්. හැමෝම මේ වගේ උනොත් ගැහැනු උදවියට කරදරයක් නෑනේ.:)
මමත් හිතාගෙන ඉන්නේ, කවදහරි, පුතාලට මෙන්න මෙහෙම කියලා දෙන්ට.
'උදේ නැගිට්ටාම ඔයාලගේ නෝනලාට ඇඳට උදේ තේ කෝප්පය ගිහින් දෙන්ට. එතකොට එයාලා ඔයාලට ආදරේ ඇතිවෙන්ට දෙයි. පුරුදු වෙන්ටත් එක්ක ගෙදර ඉන්න නංගිලාට , අම්මට එහෙම උදේ තේ එක හදලා දෙන්ට. අර දුප්පත් අප්පච්චි හැමදාම උදේට නැගිටින එකේ එයාටත් ටික වෙලාවක් නිදාගත්ත හැකිනේ '....:D
මමත් මලිනා බලලා තියනවා. ඕක අපේ කැම්පස් එකේ පෙන්නුවා. හැබැයි මමනම් බැලුවේ මගේ ලැපෙන් :)
ReplyDeleteකියන්න ඕන දේවල් ඔක්කොම ඔයා කියලා තියන නිසා මට නම් කියන්න දෙයක් නෑ...
මීට පස්සේ ඔක්කොම නොකියා පොඩ්ඩක් කියන්ට ඕනි.:D
Deleteමමත් බැලුවේ ලැපෙන් තමා. එතකොට ගෙදර අය නිදද්දි, අර භාවනාවකට සම වැදුනා වගේ ෆිල්ම්ස් බැලුව හැකි.
"ප/ලි: විශේෂ ස්තූතිය...චිත්‍රපට පිස්සන්ට"
ReplyDeleteපොඩී අපිට චිත්‍රපට පිස්සො කිව්ව නේද? .. වැඩේ කියන්නේ පොඩ්ඩිත් ඒ ගොඩටම වැටෙනවා.
අනික ඉතින් ඔස්කාර් සම්මාන උලෙල නියෝජනය කරන්න කළින් මේ ලංකවෙ අපි වගේ අය බලල ඉන්න එපායැ මුලින්ම.ඔස්කාර් විනිසුරුවන්ට කලින් අපිට කියන්න පුළුවන් ඒකට හම්බවෙන සම්මාන ගාන.ඒතරමටම ෂුවර් එකක් තියෙනවා.
ලංකාවෙ හදන සිංහල චිත්‍රපට නොබැලුවත් මේ වගේ හොඳ සිනමා කෘති මග හැරෙන්නේ කලාතුරකින්.
හී හී...චිත්‍රපටි පිස්සෝ කීවේ දයාට නෙමේ. එහෙමනම් පොඩ්ඩිට ඊට වඩා පිස්සු. මාත් හොඳයි කියලා කියැවෙන ෆිල්ම්ස් හොයාගෙන බලනවා. ඉස්සර නම් ගොඩක් වෙලා තිබුනා. බ්ලොග් කරන්ට පටන් ගත්තට පස්සේ ඒක් පොඩ්ඩක් අඩුවෙලා...
Deleteමෙන්න නියම චිත්‍රපටි පිස්සෝ...මේ ලින්ක් එකට ගිහින් බලන්ට. ඕක හරියට දාන හැටි දන්නේ නෑ. ඉන්ට මම ආයෙම ට්‍රයි කරලා බලන්නම්.
http://akurublog.blogspot.com/2012/10/68.html
මොනිකා බෙලූසි කිව්ව ගමන් මට මතක් වුනේ tears of the sun කියන ෆිල්ම් එක.අන්න ඒකෙනුයි රොබින් හුඩ් එකෙනුයි තමා මම එයාව අඳුනගත්තේ.ෆිල්ම් එක හොයාගෙන බලන්න හිතෙනවා කියෙව්වම නම්...
ReplyDeleteමුල් ටික කියෙව්වම මම හිතුවේ මේ කියන්න යන්නේ the reader කියන ෆිල්ම් එක ගැන කියලා.ම්ම්ම් දැන් බහිමු කතාවට....
ගණිකාවක් වෙන්නේ අසරණකමට කියන්න බෑ ගොඩක් වෙලාවට.50%ක් කියමු.බොහෝ වෙලාවට කාගෙ අතින් හෝ වෙච්චි වරදක් නිසා එතැනට වැටෙන අහිංසක කෙල්ලෝ ගොඩක් ඇති.අද පත්තරේ තිබුණා මංගල සේවයක් මුලාවෙන් ගණිකා වෘත්තියට වැටෙන කෙල්ලෝ ගැන එහෙමත්... එක වැරැද්දක් වෙච්චි පමනින් ජීවිතේ විනාසයි දැන් වෙන්න දෙයක් නෑ කියලා හිතාගෙන මේ වෘත්තියේ යෙදෙන කට්ටියයි වැඩි.ඒත් ජීවිතේ අළුතින් පටන් ගන්න හිතන්නැති එකයි මම වරදක් විදියට දකින්නේ....
අනික තමා ගණිකාවන්ගේ පාපොච්චාරණ.මට මතකයි කාලෙකට කලින් //පහන් කණුව යට// කියලා තීරු ලිපි ගියා පත්තරයක.ඒකෙ තිබුනේ මේ වෘත්තියේ යෙදෙන කට්ටියත් එක්ක කතා කරලා ලියපුවා.සමහරක තිබුනේ උපයන මුදල් ප්‍රමාණය මදි නිසා සති අන්තයට පමණක් ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියෝ ගැන.සමහරු මාසෙකට එක දවසක් විතරක් ඊට පුරුදු වෙලා ඉන්නවා....
මුදල් හදල් යහමින් ඇති පවුල්වල තරුණියො තමා මේ තත්වෙට වැඩියෙන් පෙළඹිලා හිටියේ.නටන්න කියලා හිතාගෙන නයිට් ක්ලබ් වලට යන තරුණියො අන්තිමට නැවතුණු තැන් හා හොඳ රැකියා තිබියදිත් පුරුද්ද නැතිකරගැනීමට ඇති නොහැකියාවත් තිබුණා.
අනිත් කාරනේ තමා ප්‍රසිද්ධ නිළියොන්ගේ ක්‍රියා කලාප.ඒත් අසරණකමද කියලා පැහැදිලි ගැටළුවක් එනවා එතකොට.
අක්කා බලලා තියේද the client list කියන ෆිල්ම් එක? ඒකෙ එක තැනක පෙන්නනවා ගණිකාවක් පස්සේ වැටුනු මිනිස්සුන්ගේ බිරින්දෑවරු ඒ ගණිකාවට පහර දෙන්න යනවා වගේ සිද්ධියක්.කතාව නම් ඊට සාපේක්ෂව වෙනස්.ඒත් ඔයා මේ කියන කතාවෙ හැටියට සමහර විට මේ කාන්තාව පිටමං කරන්න මූලිකත්වය ගත්තේ අර මිනිස්සුන්ගේ බිරින්දෑවරු වෙන්න පුළුවන්...
පුදුමයි කොල්ලෙක්ට හොඳයි කියලා තියෙන එක... හැබැයි ඔහොම චරිත ලංකාවෙත් ඉන්න බවත්.පුද්ගලිකවම මුණ ගැසී ඇති බවත් සන්තෝසෙන් කියන්න කැමතියි.ඊට අමතරව සැමා අයියගේ සිතු කුසු කතාවත් මතක් වෙනවා....
හම්මේ ඇති ඈ... එන්න ටිකාක් පරක්කු වුනා.ජොබ් එකක් කරන නිසා සෑහෙන්න කාර්යබහුලයි අප්පා... පමාවට සමාව දෙන්න හොඳේ....
මුලින්ම පමාවට සමාව දුන්නා...:)
Deleteදෙවෙනියට ජොබ් කරන එක ගැන සතුටුයි. දැන් ඉතින් අපිටත් චොක්ලට් කාරිය හම්බ වෙයි.:D
කියලා තියන ඔක්කොම හරි ගැමියෝ. සමහරු නම් වෙනස් වෙන්ට උවමනාවක් නැති හන්දා ඒ විදියට ඉන්නවා ඇති තමා. සමහරු මුදලටත් වෙන්ට ඇති. ඒත් මලිනා වගේ අයත් ඉන්න බවත්, ඒ වගේ කෙනෙක් මුන ගැහිලා තියන බවත් කීවාමත් සතුටුයි. එතකොට ඉතින් ඇත්ත තේරුම් ගන්ට පුලුවන් හන්දා.
කමෙන්ට් එකේ ලස්සනම කෑල්ල තමා අර ටීවී බලන කොට කීව කෑල්ල...හී හී...
ලස්සනත් වස්තුවක්.
ReplyDeleteවස්තුවට ආරක්ශාවක් ඕනෙ
පිරිමි වැඩේ කරගන්න ඕන උනාම
මගේ වස්තුව කියල කියන්නෙත්
ඒකනේ.
මේ ටික කියලා දුන්නු එක නම් ලොකු දෙයක්...:D
Deleteකවුරුත් මීට කලින් කියලා දීලා නෑ...
හ්ම්ම්ම් කතාව ඇත්ත හොයල බලන්න ඕනේ ඔය චිත්තරපටය
ReplyDeleteබලන්ට. බලන්ට. කෝරළේ මහත්තයා බොහෝම කැමතිවෙයි. :D
Deleteමොනිකා ඇත්තටම ලස්සන ඉතාලි නිළියක්.දැන් නම් අඩු ගානෙ වයස 50ක් වත් ඇති මේ චිත්‍රපටිය මා දැක තියෙනවා. තරුණ කොල්ලෙක් හිතන දේවල්.
ReplyDeleteඑයාට එච්චර වයසද? මම හිතුවේ තාම තරුණ නිළියක් කියලා පිරිමි ලමයි දඟලන දැඟලිල්ලට.:D
Delete48යි... :)
Deleteපස්සෙයි මතක් වුනේ.. ඔයා මරියා මග්දලේනා ගැන කිවුවා නේද? The Passion of the Christ ෆිල්ම් එකේ මරියා මග්දලේනාට රඟපෑවෙත් මොනිකා තමා..
අපරාදේ කියන්ට බෑ රූපෙට ගැලපෙන චරිත රඟපාන්ට ලැබිලා...:)
Deleteමලීනා චිත්‍රපටිය ආපහු බැලුවා මේ ලිපිය කියෙවුවට පස්සේ.. මලීනා වීදිය දිගේ ඇවිදගෙන යනකොට මිනිස්සු බලාගෙන ඉන්නේ ගොදුරකට ඉව අල්ලන මෘගයෝ වගේ. අනේ අම්මපා මොකෝ ඉතින් මේ ධර්මද්වීපයේ කියලා ඕක වෙනස්ද? ඔය තරම් ලස්සන වෙන්න ඕනෙනේ නෑ..නාඩි වැටෙනවනම් එච්චරයි. බලන්න එපෑයැ, ගෑණියෙක්ට කරදරක් වුණාම මිනිස්සුන්ගේන් ලැබෙන ආදර කරුණාව..මේ අතර සද්භාවයෙන් උදවු කරන අය නැතුව නෙවෙයි. ඒත් වැඩිපුර ඉන්නේ ඉණෙන් පල්ලෙහට ඉව අල්ලන අය!
ReplyDeleteහී හී ලස්සන කමෙන්ට් එක වජිරදේවී...
Deleteගොඩාක් ස්තූතියි. කියලා තියෙන්නේ ඉතින් සම්පූර්ණ ඇත්ත. :)
මේ කියන චිත්‍රපටියනම් බලලා නෑ. ඒත් ඉතින් පොඩ්ඩි අක්කගෙ ලිපිය කියෙව්වාම ඒක බැලුවා වගේ තමයි. :) මලීනාගේ සැමියා අන්තිමට කරපු දේනම් හුඟාක් වටිනවා. මේ ගැන මේ වගේ සංවේදී ලිපියකින් අපිට කියලා දුන්නාට ගොඩක් ස්තූතියි අක්කේ. එක වතාවක් කියෙව්වට ලිපිය හරියට හිතට දැනුනේ නෑ, ආයෙම වතාවක් නිවී හැනහිල්ලේ කියවලාම තමයි ඔන්න මේ කමෙන්ට් එක දැම්මේ.
ReplyDeleteඅනේ අර ඇනිමේෂන් එක දිහා කොච්චර බලන් හිටියත් මට ඇති වෙන් නෑනේ.
ස්තූතියි සිත්තමියේ....මටත් එහෙමයි.:)
Deleteඔය ෆිල්ම් එක බලලා අන්තිමට හිතට ආපු හැඟීම ඔය මම කියලා තියෙන වචන ටිකෙන් විස්තර කරන්ටත් බෑ. මට හිතුනේ එහෙමයි.
සැර වැඩීද මන්දා
ReplyDeleteපොඩ්ඩිද? :D:D:D
Deleteඒක නෙවෙන්නන්
Deleteඅනේ නෑ ... පොඩ්ඩි හරිම අහිංසක එක්කෙනෙක්...:D
Deleteමේ ෆිල්ම් එක නම් බලලා නෑ.ඒත් හිතට වැදෙන විදියට ලිපිය ලියලා තියනවා.කියවනකොට හිතේ රූප මැවෙනවා..... :)
ReplyDeleteමම අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ.... :)
සමනළීව ආදරෙන් පිලිගන්නවා. ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලාට. :D
Deleteඅද ජීවිත ගමනේ වැදගත් සන්ධිස්ථානයක් පසු කරනා කතන්දරට සියලු, සිතුම් පැතුම් ඉටුවෙන, වාසනාවන්ත, ප්‍රීතිමත්, හැමදා මතකයේ රැඳී තිබෙන සුබ උපන් දිනයක් වේවා කියලා වලව්වේ හැම දෙනාම සුබ පතනවා!!!
ReplyDeleteමෙන්න මල් මිටියක් ලොකු උම්මා එකකුත් එක්කම :D:D:D
Wishing you joy and love all year through!!!
මගෙ දැනුම අනුව නම් ක.කාගෙ උපන්දිනය ඔක්තෝබර් 27 නෙ, ඒ වගෙම බුද්ධී ,තව තව කීප දෙනෙක්ගෙම අද . හෙහ් හෙහ් හෙහ්
Delete