Sunday, 28 October 2012

පිට සක්වළින් මෙහි එන "ජාදු"ලා...!!!



රෑවෙනකොට පාරේ වැඩියෙන්ම දකින්ට තියෙන්නේ දුරපලාත්වලට යන බර වාහන. නගරයකට කිට්ටුවෙනකොට ඇරෙන්ට, වෙන කොහෙවත් පාර අයිනේ, දල්වපු වීදි ලාම්පු දකින්ටත් නෑ. අධිවේගී මාවත් තියෙන්නේ ජනශූන්‍ය මිටියාවත්, තැනිතලා මැද්දෙන්. රාත්‍රී රථ ධාවනය සිදු වෙන්නේ වෙන කොහේ හරි ලෝකයක , කියලා වැඩියෙන් දැනෙන්නේ ඒ හන්දා වෙන්ට ඇති. සමහර විට ඒ පහත් තැනිතලා, මීදුමෙන් වැහිලා. හඳ ඇති රැයක නම් , කිරි වතුරෙන් පරිසරය නෑවිලා. අලෝකමත් විදුලි පහනක්,  නිවසින් බැහැර දල්වලා වගේ. සීතල දවසක නම්, රියේ හීටරයෙන් එන උණුසුමට දෑස යාන්තමට පියවෙනවා වගේ. හිත මෝහනය කරන සංගීත නාදයෙන් සිද්ධවෙන්නේ ඒක වැඩිවෙන එක. රිය පැදවීම පොඩ්ඩිගේ නම් කලබල වුනු හිත සංසුන් කරන්නක්. භාවනාවකට සම වැදුනා වගේ.

සමහර වෙලාවට, අකුණු ගසමින් තද වැස්ස වහින්නේ, පාර වැහෙන්ට වැහි වතුර පුරවමින්. තවත් සමහරක් වෙලාවට,  පරිසරය ලා මීදුමකින් බොඳවෙලා යන්නේ, නිල් පාට එලියකින් අපේ ලෝකය අද්භූතව පෙන්වමින්……..හරියටම මෙන්න මේ වගේ වෙලාවක තමා හොලිවුඩ්, බොලිවුඩ් සිනමා සිතුවම්වල පිට සක්වල ජීවීන් ගොඩ බහින්නේ. 'කොයි මිල් ගයා ' චිත්‍රපටියේ රෝහිත්ගේ දෙමව්පියන් රිය පදවගෙන ගිහින්, පියාඹන පීරිසියක් දැකලා අනතුරකට භාජනය වෙලා, පියා මියයන්නේ. ඒ හන්දම තමයි රෝහිත්ගේ මොලේ වැඩෙන්නේ නැතුව පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ. ඊට පස්සේ එන පිටසක්වල අයෙක්ගෙන් (ජාදූ) අමුතු ශක්තියක් ලබන ඔහු දක්ෂ මිනිසෙක් වෙන්නෙත්. හැබෑට මේ වෙලාවේ පිටසක්වලින් කෙනෙක් ආවොත් මොනවා නම් සිදුවෙයිද? පොඩ්ඩි නම් ඉල්ලුවොත් එයාලගෙන් ඉල්ලන්නේ, රෝහිත්ට වගේ එක, එක්කෙනාට ගුටි අනින්ට කාය ශක්තිය නෙමේ. අනුන්ගේ  හිත් දැනගන්න ශක්තිය. එතකොට සමහර කමෙන්ට්ස් වරදවා තේරුම් ගන්න ඔය අය්යලා, මාමලාගේ එහෙම හිත් කියවලා එයාලා සැනසෙන කමෙන්ට් දාන්ට බැරියැ.

ඒ ගැන මේ ලෝකේ දෙයක් විශ්වාස නොකරන, ඒත් ඒ පිලිබඳ ලිපි ලියන කට්ටිය, මතක් වෙලා පොඩ්ඩිගේ කට කොනක හිනාවකුත් ඇඳුනා. සමහරු ඉපදිලා තියෙන්නේ කිසිවක් විශ්වාස නොකරන්ට. සමහරු ඉපදිලා තියෙන්නේ අනුන්හට ඒ විශ්වාසය තහවුරු කරදීමට.

ඔය කියන විදියේම පියාඹන පීරිසියක් දැකපු දෙන්නෙක් තමයි, බෙටී කෑශ් සහ විකී ලැන්ඩ්‍රම් කියන මැදිවියේ ඇමරිකානු කාන්තාවන් දෙන්නා. සිද්ධිය සිදුවෙලා තියෙන්නේ, ටෙක්සාස් ප්‍රාන්තයේ පාලු කතරක, රිය පදවමින් ඉන්න අවස්තාවකලු. එයාලා දැකලා තියෙන්නේ දියමන්තියක හැඩය ගත්තු දීප්තිමත් වස්තුවක්, අහසේ ඉතා පහලින් ඔවුන් දෙසට එන විදියයි. ඒ සිද්ධිය දුටු විකීගේ හත් හැවිරිදි මුණුබුරා කෑගහද්දි, බෙටී බැහැලා ඒ අසිරිමත් දර්ශනය නැරඹුවලු. එයා කියන විදියට , ඉන් නිකුත් වුනු තාප තරංග  ඉවසන්ට බැරි තරම් කියලා තමයි බෙටී පවසලා තිබුනේ. ප්‍රශ්නය වුනේ මේ තිදෙනාම පසුව රෝගීවූ නිසයි. ඔවුන්ගේ සමේ , හිස්කබලේ පවා, බුබුලු ඇවිත් ඒවා පුපුරලා තුවාලවෙලා තියනවා. බෙටී වමනය, පාචනය වගේ දේවලිනුත් පෙලුනා වගේම එයාගේ ඇස් ඉදිමිලා , අන්ධ භාවයට පත් වෙලා තියනවා. පසුව කෙස් පවා වැටෙන්ට පටන්ගෙන. අන්තිමට හොයා ගත නොහැකි රෝගී තත්වයකින් ඈ මියගිහින්.



පියාඹන පීරිසියක්?

කොහොමද ජාදු කෙනෙක් එලියට බැහැලා කාරෙකට ගොඩ උනානම් එහෙම.

පිටසක්වල ජීවීන් ආවොත් මුලින්ම එයාලගේ  මේ වාහනවලින් බේරෙන එක ගැන තමයි මුලින්ම හිතන්ට වෙන්නේ.

ප්‍රථමවරට පිටසක්වල ජීවීන් ඇහැට දැක්කායයි කියන සිද්ධියක් වාර්තා වෙන්නේ 1949 නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් කියන පෙදෙසේ. කතාව ඇරඹෙන්නේ, 1947 ජූලි මාසේ, එක් දිනක, දීසියක හැඩය ගත්තු, යම් වස්තුවක් ඇ.එ.ජනපදයේ නිරිත දිග පෙදෙසේ දකින්නට ලැබුනා කියපු කතාවත් එක්ක. ඊලඟ දවසේ ගොවියෙක් එයාගේ පුතත් එක්ක එයාගේ ගොවිපලට යනකොට අනතුරකට ලක්වුනු සුන්බුන් ගොඩක් දැකලා. ඒ මොකක්ද කියලා හිතාගන්ට බැරි උනු ගොවියා පොලිස් නිලධාරීන්ට කතා කිරීමත් සමග එතනත පැමිණ තිබෙන්නේ යුද හමුදා සෙබලුන් සමග වෙනත් කණ්ඩායමක්. ප්‍රචාරය උනේ අනතුරට ලක්වී තිබෙන්නේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිත් අලුත්ම, කාලගුන බැලූනයක් කියලලු. අහිංසක ගොවියා මොනා උනාද දන්නෙත් නෑ පොලිස් අත් අඩංගුවේ සුමානයක් ගත කරන්ටත් සිදුවෙලා.

ඊලඟටත් මේ වගේම සිද්ධියක් වෙනවා 1949දී. එහිදී නම් අනතුරින් මියගිය පිට සක්වල ජීවීන් හයදෙනෙකු මුණු ගැහුනු බවක් කියනවා. ඔන්න එයාලා නම් ජාදූ වගේමයි. (මතක ඇතිනේ අර නිල්පාටට හුරු සමක් තියන , හුරුබුහුටි සත්වයා. ගෝනියක දාලා, කරේ තියාගෙන එලියට අරන් ගියාම සිංදු කියන්නේ.) ඉතින් මේ සත්වයොත් එයා වගේම, අඩි හතරක් පමන උස ඇති, අලු පැහැති සුමට සමක් තියෙන, මිනිස් මුහුනුවරට සමානකම් ඇති, බළල් ඇස් තියෙන කොටසක්ලු. ඉතින් මේ සිද්දිය එලියට ආවේ එයාලට අවශ්‍ය මිනී පෙට්ටි ගන්ට සාප්පුවකට කතා කල වෙලාවේ ඒ අයිතිකාරයා එහි ගිය වෙලාවෙලු. යුද හමුදා ඒකකයකට ගිය ඔහුව, එතනින් එලවගෙන තියනවා...කඩියන් වගේ, කඩි කුල්ලප්පුවෙන් වැඩ කරපු කොටසක් තමයි ඔහු දැකලා තියෙන්නේ. එක හෙදියක් පැවසූ ආකාරයට, ඒ මියගිය ජීවීන්ගේ හදවත් ටී අකුරක හැඩයට කපලා ඉන් එක අවයවක් පමනක් එලියට ගත් බව මේ හෙදිය පවසලා තියෙනවා. මේ විස්තර එලියට දැමීමේ වරද නිසා, එයා වැඩ කරන තැනින් මාරු කලා මදිවට, ඈ ගමන් කල ගුවන් යානය අන්තුරකට භාජනය වෙලා ඈ මිය ගිහින් තියනවා.



රොස්වෙල් ප්‍රදේශයෙන් සොයාගත්බව කියැවෙන, මියගිය පිටසක්වල ජීවියෙකුගේ සිරුරක්...

මේ වගේ ජීවින් කවුරු හරි දැක්කොත් ඇමරිකන් කාරයින්ට නම් ඒ පිලිබඳ කිසිම දෙයක් නොකියන්ට වග බලා ගන්න එක වැදගත්.

මීට අමතරව මෙම පිටසක්වල ජීවීන් උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, දකුනු ඇමරිකාව වගේ රටවල සතුන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ අවයව ගත්තට පස්සේ , මලකුනු ආපහු දැමීමේ සිද්ධි වාර්ථා වෙනවා 1967 දී විතර. මේ සිද්ධි වාර්ථා කරන ගොවියන් පවසන්නේ, හිටපු ගමන් අතුරුදහන් වෙන හරක්, එලු, අශ්ව වගේ සතුන්ගේ හිස් සිරුරු ලේ බිඳුවකුදු නැතිව ආපසු පොලොව මතට දමා ගොස් තිබූ බවයි.

මේ ජාදුලා පෘථිවියට එන්නේ මොන හේතුවක් උඩද, මොන පරීක්ෂන පවත්වන්ටද කියලා මේකෙන්ම යන්තමට හිතා ගත්ත හැකි නේද?

කවදා හරි පිට සක්වලින් එන, සිංහලෙන් කීවොත්, පියාඹන පීරිසියක් දැකලා ඒ ගැන පර්යේෂණ කරපු, රොබට් ලසාර් නමැති විද්‍යඥයෙක්, තමන් දැකපු යානාව ගැන මෙන්න මෙහෙම කියලා තියනවා. ඇමරිකා එකසත් ජනපදයේ Area 51 නමින් හඳුන්වන, අධි රහස් පර්යේෂණ කරගෙන යන  ස්තානයේ, S4 කියන තැන  තමා මොහු වැඩ කරලා තියෙන්නේ. ඔහුට අනුව මේ ස්තානයේ ආරක්ෂාව හරිම තදයි. හුස්ම ගන්ටත් බැරි තරම්. කා එක්කවත් සාකච්ජා කිරීමේ නිදහසක්වත් තිබිලා නෑ.

ඔහුට අනුව මෙන්න පියාඹන පීරිසියක ලක්ෂණ...

"එය හරියට පීරිසි දෙකක් එකිනෙක මත මුනින් නවා තිබෙන ගතියක් පෙන්වනවා. උඩින් මොල්ලියක් වැනි දෙයක් නෙරලා තියනවා. ලෝහමය පෙනීමක් ඇති යානයේ පියාපත්, වරල් කිසිවක් නෑ. ඒකට ඇතුල් උනාම ආසන තුනක් පේනවා. මධ්‍යම ප්‍රති ක්‍රියාකාරකය හා ඉන් නික්මිලා සීලිම දක්වා විහිදෙන තරංග නියාමකය, ඒ වගේම ඒ වටාවූ, ගුරුත්ව වර්ධක තුන. (the central reactor and wave guide that goes up to the ceiling, the three gravity amplifiers surrounding it). මීට අමතරව, වෙන කිසිවක් දකින්ට ලැබෙන්නේ නැහැ. විදුලි යතුරු හෝ ඒවායින් විහිදෙන වයර් දකින්ටත් නෑ. අප දන්නා විදියේ පාලක පුවරුවකුත් නෑ. යානය ඇතුලේ ඇති ආසන හා අන් සියලු දේම හරියට ඉටියෙන් කැපුවාක් වැනිව සුමට ලෝහයෙන් නිමවූවක්.  කොතනකවත් තියුණු දාර හෝ මුලු දකින්ට නැහැ. මේ හැමදේම එකම ආකාරයට පිව්ටර් (pewter) ලෝහයේ අඳුරු අලු පැහැයට හුරුයි. මේ යානයට ඇතුලුවීම වැඩිහිටියකුට අසීරු දෙයක්. යානාව ඇතුලත ආසන පවා හරියට පෙනුනේ පොඩි ලමුන් වෙනුවන් හදපු ඒවා වගේ."

ඔහුට කිරීමට සිදුව තිබුනේ මෙහි ප්‍රචාලන පද්ධතිය (propulsion systems)  අධ්‍යයනය කරලා, ඒක හදන්ට යොදාගත්ත අමුද්‍රව්‍ය හා මුලධර්ම ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ කාර්ය දුෂ්කර උනේ ඒ සඳහා උපයෝගී කරගත් තාක්ෂණය පෘථිවිය මත නොපවතින, තවත් සෑහෙන කාලයකට අපිට ලඟාවෙන්ටවත් බැරි අන්දමේ තාක්ෂණයක්. එමෙන්ම උපයෝගී කරගත් මුලද්‍රව්‍ය, අපට තවමත් හොයාගත නොහැකිවූ, සුපිරි-බැර මුලද්‍රව්‍යයක් වීම.

මේ ගැන කියවන්ට ගිහින් හම්බ උනු ගොඩක් දේවලින් මතක තිබුනු ටිකක් තමා ඔය.

දැන් මතුවෙන ප්‍රශ්නවලින් කීපයක් මේ....

ඇමෙරිකාව ඇත්තටම මේ වගේ පිටසක්වලින් ආපු යානයක් හොයාගත්තද?

එයාලා මුලු ලෝකෙම අල්ලගන අදහසින් මෙවැනි යානාවක් නිපදන්වන්ට හදනවද?

දැනටමත් හදලද?

ඇත්තෙන්ම පිටසක්වලින් අපිට තර්ජන ඒමට පුලුවන්ද?

ඒ නිසා මිනිසුන් බිය නොකර මෙවැනි කාර්යක් ඔවුන් රහසිගතව කරගෙන යනවාද?

ඇත්තෙන්ම පිටසක්වල ජීවීන් මෙහි පැමිණියාද?

මෙතරම් මිනිසුන් රැසක් බොරු කීවාවත්ද?

කොහොම හරි මේ ගැන හිතමින් ගිය හන්දා, එදා පොඩ්ඩි ගෙදර යන්ට ගන්ට තිබුනු  exit එක මග හැරිලා ගොඩක් දුර ගිහින් ආපහු හරවගෙන තමා ආවේ. ඒ මදිවට අම්මගෙන් හොඳ බැනුමකුත් ඇහැව්වා. පිට සක්වල ජීවීන් ගැන හිත, හිත ආවා කියලා අම්මට කියන්ටයැ ඉතින්. බැනුම් අහලා නිකං හිටියා.


ප/ලි: ස්තූතිය වෙනදා වගේම 'ඔබට'

“Just as no one can be forced into belief, so no one can be forced into unbelief………….Sigmund Freud”





244 comments:

  1. ඇමරිකාව ලෝකයට හෙලිදරව් නොකරපු කරනු තියෙනවලු පිටසක්වලයින් ගැන.ඒ වගේම වෙන රටවල රහස් හොයන්නත් පිටසක්වලින් වගේ එයාලා අබිරහස් මෙහෙයුම් කරනවලු..

    දන්නෙ නැහැ.. එක එකා කියන කතා !

    ReplyDelete
    Replies
    1. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑලු කියලා කතාවක් තියනවනේ.
      ඉතින් ඔය කියන කතාව ටිකක් හරි ඇත්ත ඇති.

      අද සෑම් 'එක' වෙලා...:D

      Delete
    2. ඕවා හදලා තියෙන්නේ .... රාවනා රජතුමාය කියනවනේ .... හෙලයන්ගේ වැඩ

      Delete
  2. හෑ, මොකාද මේ "ඔබ" . මේ "ඔබා" ත් පිටසක්වල ජීවියෙක් වත්දෑ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඕකා පිටසක්වලයෙක් වෙන්ටැති.. ඇයි ඉතිං හැමදාම මේ ලෝකෙ ඉන්න පිරිමින්ට බැන බැන ඉන්න කොට පිටසක්වලින්වත් පිරිමියෙක් සීන්ස් එකට එන්ටර් වුනාද කියලා කියන්ට බෑ නොවැ.. :D

      අර ජාදූ ජාදූ කියන්නෙ "ජාදූ තේරී නසර් - කුෂ්බු තේරා නසර්" ද දන්නෑ නේද..??

      Delete
    2. @නරිමොටා,

      ඔව්... ඔව්... පිටසක්වල කෙනෙක් තමා...
      ලඟදිම දකින්ට හම්බ වෙයි. ඔහොම යමුකෝ...:D

      Delete
    3. @බූරා,

      හොඳ වෙලාවට පිට සක්වලවත් හොඳ 'ඔබ' කෙනෙක් හිටියේ.:D

      Jaadu means in Persian, Magic, Enchantment, Glamour
      In Hindi, Charm, Enchantment, Fascination.

      අන්තිමට බලනකොට දෙකම එකයිනේ. පිටසක්වලින් ආපු ජීවියෙක්ට වගේම, පොඩ්ඩිගේ 'ඔබටත්' ඒ නම හොඳට ගැලපෙනවා....:)

      Delete
  3. Molder මහත්තයාව මතක් උනා.... එක එක අය කියන කතා එක එක විදිහ උනත් ඇත්තටම වෙන්නේ මොනවද කියලා හරියටම හිතාගන්නත් බෑ.. මොනවා උනත් ඇමරිකාව නම් ඔය මොකක්දෝ නොදන්නා මෙහෙයුම් කරනවලුනේ....

    ඒ කාලේ මේවා ගැන තිබුණ පිස්සුව ආයේ මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. මට නම් මේ පිස්සුව හැදුනේ ලඟදි....:D

      Delete
  4. ඔය කියන්නෙ ඒරියා 51 ගැන තියෙන කතා වෙන්ටෑ? කතන්දර නං සෑහෙන්න තියනවා, ඒත් එව්වා වල ඇත්ත නැත්ත නං එච්චරම ස්ථිර කරන්න අමාරුයි. මේ තරම් තාරකා සංඛයාවක් තියෙන විශ්වයේ ජීවීන් ඉන්න එකම ලෝකෙ අපි විතරක් නොවියහැක කියන සම්භාව්‍යතාවය විතරයි, මේකට තියන ප්‍රබලම තර්කය.

    ReplyDelete
    Replies
    1. මටත් නරි මොටාටවගේම හිතුනා .විශ්වය ඇතුලේ අපේ ලෝකය වගේ ඒවා තව තියෙන්න පුළුවන් .

      Delete
    2. //මේ තරම් තාරකා සංඛයාවක් තියෙන විශ්වයේ ජීවීන් ඉන්න එකම ලෝකෙ අපි විතරක් නොවියහැක කියන සම්භාව්‍යතාවය විතරයි, මේකට තියන ප්‍රබලම තර්කය.//

      නරි මොටාගේ තර්කය ඉහලයි. ඒක තමා ඇත්ත.:D

      Delete
    3. බින්දිට දෙන්ට තියෙන්නෙත් ඒ උත්තරේමයි.:)

      Delete
  5. සමහර මිනිස්සු ජීවත් වෙන විදිහ දැක්කහම නම් පිටසක්වලින් ආවා කියලා හිතෙනවා. ඒ තරමටම අත්භූත විදිහට ජීවත් වෙන්නේ.. හික්ස් :)

    ප.ලි. - බ්ලොග් කළාවට මම අළුත්. පුලුවන් නම් මගේ මාළු ටැංකිය පැත්තට ඇවිල්ලා සහයෝගයක් දෙන්න.
    මෙන්න පාර
    http://malutankiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගේ මාලු ටැංකිය පැත්තේ ආවා.:)

      සමහරු හැසිරෙන්නේ පිටසක්වලින් ආව අය වගේ. හිනා ගියත්, ඒ කතාව කොච්චර ඇත්තද?

      Delete
  6. ජාදු කිව්ව ගමන් මට මතක් උනේ මම ආසම හින්දි ෆිල්ම් එක...

    ඇත්තටම පිට සක්වල ජීවින් ඉන්න පුළුවන්.. ගොඩාක් පරීක්ෂණ වලින් යම් තරමකට එය ඔප්පු වෙලා තියෙනවා දැන් ..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ෆිල්ම් එකට ගොඩක් ආසයි. එකම ප්‍රශ්නේ ඒක දැක්කට පස්සේ මට රිතික් රෝෂන් පේන්නේ, අර රෝහිත් පොඩි කාලේ හිටිය වගේ කෙනෙක් කියලමනේ.:)

      Delete
    2. ane matath ehemmmaiiii...
      mata hithennama Rithik Roshan Abnormal babek kiyala...

      Delete
  7. මං ආසම ෆිල්ම් එකක් තමා "කොයි මිල් ගයා"..... :)
    පිටසක්වල ජීවීන් ගැන ඉතිං එක එක රසවත් කතා තියනවනේ. ඕවයේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ. කොහොම උනත් ඒ කතා ගැන අහන්න නම් මම කැමතී.... :)

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි ඒ ගැන කියවන්ට. කියවගෙන යනකොට ඔලුව රිදෙන තරම් විස්තර තියෙනවා. ඒකයි තෝරලා එකක්, දෙකක් දැම්මේ...:)

      Delete
  8. හොද කතාවක් .....

    ReplyDelete
    Replies
    1. සසිතට ගොඩක් ස්තූතියි.

      හැමදාම එන්ට. ඒ වගේම අලුතෙන් බ්ලොග් එක පටන් ගත්තාම අපිටත් නොවැරදීම කියන්ට හොඳේ.:)

      Delete
  9. මම නම් බය නෑ පිටසක්වලයො මේ ලෝකෙ ආක්‍රමණය කරන්න ආවට.. ඇවෙන්ජර්ස්ල ඉන්නවනෙ... :)

    විස්තර ටික වටිනව... මටත් ඔය සබ්ජෙක්ට් එක ගැන පිස්සුවක් තිබුන කාලායක් :)

    ReplyDelete
    Replies
    1. දැන් පිස්සුව තියෙන්නේ වෙනත සබ්ජෙක්ට් එකක් ගැනද? :D

      බලාගෙන ඉන්ට. කවුරුත් අපිව බේරගන්න එකක් නෑ. අපිම බේරෙන ක්‍රමයක් හොයාගත්තොත් මිසක්...:)

      Delete
    2. මං ඉන්නකන් ඒ ගැන බය වෙන්න එපා:D:D:D

      Delete
    3. දැනගත්තු එක හොඳයිනේ. දැන් ඉතින් පොඩ්ඩක්වත් බය නෑ. :D

      Delete
  10. /පොඩ්ඩි නම් ඉල්ලුවොත් එයාලගෙන් ඉල්ලන්නේ, රෝහිත්ට වගේ එක, එක්කෙනාට ගුටි අනින්ට කාය ශක්තිය නෙමේ. අනුන්ගේ හිත් දැනගන්න ශක්තිය./
    අනුන්ගෙ සිත් දැන ගන්න පුළුවන්නම් එයා පිස්සු හැදිල තමා නතර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් එතකොට කොහොමත් ගුටි අනින්න හිතෙන නිසා කෝකටත් දෙකම ඉල්ලගන්න වෙයි

      Delete
    2. කොහොමද කට්ටිය 'මේකි මේ මොන ජරාවල් ලියනවාද මන්දා?' කියලා හිත හිත 'නියම පෝස්ට් එක' කියලා කමෙන්ට් දාලා තියෙන බව දැනගන්නකොට..

      Delete
    3. @සයිබර් ලංකා,

      මම නම් ඉතින් හැම එක්කෙනාගෙම හිත් කියවන්ට යන්නේ නෑ. ඕනිම කෙනාගේ විතරයි.:)

      Delete
    4. @බින්දි,

      ඒකත් හොඳ අදහස...:)

      Delete
    5. @හරී,

      දැනටමත් මට නම් ඕක තේරෙනවා හරී...හී හී...

      Delete
  11. මටත් ඉතින් පැහැදිලි අදහසක් නැහැ . අපි නොදන්නා දේවල් තියෙනවනේ . මේ සක්වලයෝ එන්නෙම දියුණු රටවලට වගේ .

    කොයි මිල් ගයා දෙක ක්‍රිෂ් බැලුවේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ක්‍රිශ් බැලුවා...ලස්සනයි.

      'Chori Chori Chupke Chupke', 'Koi Tumsa Nahin' කියන සිංදුවලට මම ආසම ආසයි.

      'secretly and silently' & 'There is no one like you'
      wow....:)))

      Delete
  12. The truth is out there but so are lies
    ~ Dana Scully

    :)

    ReplyDelete
    Replies
    1. //The truth is out there but so are lies//
      පෙරාපු ඇත්ත නෝනෙ. ඔය ඇන්ඩර්සන් නෝනටත් අපේ "ජාදු" කෙනෙක් , චක්‍රාවාටයක් පෙන්නුව නේද, මෙහෙදි? :)

      Delete
    2. @Niro:

      To see what is in front of one's nose requires a constant struggle. -- George Orwell :D

      Delete
    3. @බස්සා,

      මොකක්ද ඒ ඇන්ඩර්සන් නෝනාගේ කතාව?:)

      Delete
  13. පිටසක්වල ජීවීන්, රොස්වෙල්. ඒරියා 51 මේ දවස්වල බ්ලොග් ලෝකේ ජනප්‍රියම මාතෘකා වෙලා..

    ඇත්ත නැත්ත කෙසේ වෙතත් පොඩ්ඩි මාතෘකාවක් ඔස්සේ කතිකාවක් ගොඩනගන විදිය හරිම අපූරුයි.. සාමාන්‍ය සරල ජීවන රටාවෙන් පටන් අරන්.. සීරුවට අසාමන්‍ය, සංකීර්ණ, අත්භූත ( වචනෙ හරිද මන්දා ) තලයකට ගෙනැල්ල, එතන පොඩි රවුමක් දාලා, ආයෙමත් අපිටත් නොදැනෙන විදියට සාමාන්‍ය ජීවිතයට ගෙනැල්ල නවතිනවා..

    දෙවැනි කරුණ තමයි තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ දරනවට වඩා මාතෘකාව ඔස්සේ හිතන්න අවස්ථාව සලසල ථියනවා

    ******

    ReplyDelete
    Replies
    1. ඇත්තද? ඒ ගැන ගොඩක් ලියවිලා තියනවද?

      අපිට හැම දේම වෙන්නේ සාමාන්‍ය ජීවිතේදී...ඉතින් මගේ හිතේ මැවිච්ච විදියට ලීවා.:)

      මීගොඩයට ස්තූතියි.

      Delete
  14. පොඩි කුමාරිහාමියේ
    පොඩි කුමාරිහාමියේ
    එපාඉල්ලන්නට පරසිත් ඥානය
    පොඩි කුමාරිහාමියේ
    ඊට ඉස්සෙල්ලා ආයිත් පාරක්
    කියවන්නකො මගෙ මේ ලියවිල්ලත්
    පොඩි කුමාරිහාමියේ..
    http://lankapriyagesithivili.blogspot.com/2012/01/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුව. මූන පුරාම හිනාවක් ඇඳිලා ගියා ඒක දැක්කාම...:D

      ආයෙම ඇවිත් කියවලා බලන්නම්.

      Delete
  15. 1. කවුද මේ ඔබ?

    2. පොඩ්ඩි අක්කා දන්නවද මන්දා කාලෙකට කලින් භවත්‍රා කියලා ටෙලියක් ලංකාවෙ ගියා. ඒ ටෙලියෙ දෙවෙනි කොටස (සීසන් 2) පටන් ගත්තෙ ලංකාවෙ ගමකට පිටසක්වල ජීවීන් එනවා කියපු ආරංචියකට පස්සෙ.

    3. ඔය කියපු ගමට (මට නම මතක නැත) පිටසක්වල ජීවීන් පැමිණීම පිළිබඳ වාර්තා වැඩසටහනක් ගියා සිරස FM රේඩියෝ එකේ මීට වසර ගනනාවකට කලින්. ඒකෙදි ඒ ගමේ පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙකුත් ඔහුගේ පිරිවරත් කතා කළා. මට මතක විදිහට ලියන්නම්..

    "මමත් මගේ පිරිවරත් තමා එදා ගවේෂණයට ගියේ. දින කීපයක ඉඳන්ම රෑට රෑට ආකාසෙ අමුතු එළි විහිදෙන බවත් අමුතු අමුතු අඩි සලකුණු කුඹුරුවලින් දකින්නට ලැබුණු බවත් ගම්මුන්ගෙන් ආරංචි වුනා. ඊතින් මමත් පිරිවරත් ඒ කිව්ව පදේශය තමයි පිරික්සන්න ගියේ. ගම්මුන්ගෙ සහයත් ලැබුනා"

    "ඔහොම යනකොට අපි අමුතු අඩි සළකුණු දැක්කා. ඒවා ඇඟිලි තුනක් තියෙන සළැකුණු. ඒවා ගිය දිහාට අපි එනකොටම මඩ තිබුන තැනක මේ දැන් තිබ්බා වගේ අඩි සළකුණු දැක්කා. මේ දැන් මෙතන ඉඳලා වගේ. අපි වහාම අසල ළඳු කැලෑව පිරික්සුවා"

    "ලෝකයේ පළවෙනිපාරට තමයි ගවේෂක කණ්ඩායමකට පිටසක්වල ජීවියෙක් හමුවුනේ. (ශරීර ලක්ෂණ විස්තරයක්.) අපි ඒ ජීවියාට ලංවෙන්න හැදුවා. ඒත් එකපාරටම අපේ කෙනෙකුට මොකක්දෝ විදුලියක් වැනි දේකින් පහර දුන්නා. ඒත් එක්කම අපට හිතාගන්නවත් බැරි තරම් වේගයකින් කැලෑවට වැදුනා. ඒක මිනිසුන්ට තහනම් අධි රක්ෂිතයක් නිසා අපට ඉදිරියට යන්න වුනේ නෑ"

    ඔන්න ඔයවගේ කතා තමා කියවුනේ ඇත්ත බොරු මම නොදනී.

    4. අර වගා චක්‍ර ඇතිකරන්නේ නම් ගොවියමලු නේද? ඒවා මිනිසුන්ට පෙන්වලා වගාවෙන් ලැබෙනවාට වඩා ආදායමක් ගන්න පුලුවන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. 1. 'ඔබ' කියන්නේ 'ඔයා' නැත්නම් ‘you’ කියන එකනේ.:)

      2. ඔය කියන කතාව ගැන අහලවත් නෑ. බලන්ට ආසයි.

      3. අර ගවේෂණයේ තොරතුරු දැනගන්ට තිබුනානම් ආසයි. ඔයා ලස්සනට ඒ ටික ලියලා.

      4. එහෙම කියනවා ඉතින්. මොනදේකවත්, ඇත්ත බොරු දැනගන්ට විදියක් නෑනේ...අනෙක් අතට මොනාවත් නොදැන මෙහෙම ඉන්න එකත් හොඳද දන්නෙත් නෑ.:)

      Delete
  16. මං කැමතිම මාතෘකාවක්...!!! ඒත් ඉතිං ඔව්වා ගැන හොයද්දි කල්පනාවෙන් කරන්න ඕනේ... මතකනේ මෝල්ඩර්ට එහෙම වෙච්චි ඒවා...

    ReplyDelete
    Replies
    1. මතකයි. මතකයි. මේ හොඳ කල්පනාවෙන් විස්තර කියවලා ලියෙන්නෙත්. :)

      Delete
  17. ඔය ඒලියන්ස්ල ගැන ඕට්ටේලියාවෙ ඉන්න පොඩ්ඩිටබය වෙන්ට කිසිම දෙයක් නෑ. ඒලියන්ස්ලා එන්නෙ අමෙරිකාවට විතරයි, ඒ එන උනුත් කතා කරන්නෙ ඉංග්‍රීසි අමෙරිකන් ඇක්සෙන්ට් එකකින්. අනික ඔවුන් එන්නෙම විල් කියලා ඉවරවෙන ගම්මාන වලට ටවුන් වලට තමයි හුඟාක් වෙලාවට. උදාහරණ ස්මෝල්විල්, රෝස්විල් වගෙ, හැබැයි මේන් වල ඉන්න අයත් හුඟාක් පරෙස්සම් වෙන්න ඕනෙ ඒ හරියෙත් ඔය පැරානෝර්මල් ඇක්ටිවිටි එක අධිකයි. ඔය කෝන් ෆීල්ඩ්ස් (ඉරිඟු වගාවල්) ලඟ නම් ඉන්ටම එපා.

    එතකොට උන් ආවත් බය වෙන්ට කාරි නෑ. ඔය කොච්චර කෙලි කලත් උන් අපේ වතුර වීදුරුවකින් ගහලා, නැතිනම් මේ එක්දාසස් නමසිය අනූ ගනන්වල කොම්පියුටර් වයිරස් එකකින් පහර දීලා මරන්ට පුලුවන්.
    අනික ඔවුන් මැට්ටො. ඔච්චර තාක්ෂණය තියාගෙනත් ගෙදර යන්ට පාර හොයා ගන්නෙ කෝන් ෆීල්ඩ් එකේ සිතියං ඇඳලා. crop circles

    අනික උන්ට වෙඩි තියනකොට ඔය හතර අතේ වෙඩි තියලා බුලට් නාස්ති කරගන්ට නම් එපා. උංගෙ තියෙනවා වෙඩි තියන්ට පුලුවන් තැන්. උන් මුලින්ම ක්‍රිකට් ටීම් එකට පහර දීලා බෝල් ගාඩ් ඇඳගෙන නොහිටියොත්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හපොයි අපි ඉන්නේ ඉරිඟු යායවල් ගොඩක් මැද්දේ. මේ පැත්තටත් එයිද දන්නෙත් නෑ. :)

      කෝකටත් වතුර වීදුරුවක් ගහලා මරන්ට පුලුවන් නම් වතුර බැරල් එකක් එලියේ කොහේ හරි තැනක ලෑස්ති කරලා තියන්නම්.:D

      වෙඩි තියන තැන් ගැන සටහනක් ඩූඩ්ට කියලාම තමයි අන්දගන්ට වෙන්නේ. ඒක හැම තැනකටම වගේ බෙදලා දාමු.:D:D

      Delete
  18. While I have no doubt that aliens do exist, I doubt that all the so called 'UFO sightings' are real. I mean, lets imagine the aliens are actually coming. If so, the closest habitable planet to earth is 20 light years away. Then again, to visit us, mere life forms aren't enough. They have to be intelligent life forms. So they might be coming from even further. If they are coming from all those light years away, spending their time and money ( yes money! alien money. I mean surely they should have limited resources and unlimited necessities right?? so there must be some form of monetary system) and using technology that must have taken generations to perfect, why would they come here and hide from us? That's a bit too much to pay for a game of hide and seek don't you think?? :D

    And as professor Stephen Hawking says, if they have the capability to come here while we don't have the capability to visit them, we should be afraid. Because it will be like Columbus discovering America. We know what happened to the native Indians.

    Then there is Roswell. There are so many versions of this story now, I don't think even the people who first 'saw' these 'aliens' know which one is correct. This little town in New Mexico unknown before 1947, is now a huge tourist attraction and the whole town is themed on 'Aliens'. Whoever who came up with this marketing plot surely puts Philip Kotler to shame.

    Given the size of the universe and given the probability of inhabitable planets that can exist out there, I don't doubt for a second that there is life on other planets at various stages of the evolution process. However, they are already here on earth is something very hard to believe...

    ReplyDelete
    Replies
    1. It is not my intention here to play the scientific investigator and to prove that the events described really happened- or otherwise but i will leave it to others. :)

      Science doesn't have all the answers Muhudu and no sensible scientist would claim that it does.

      Thank you so much for the beautiful comment...:D

      Delete
    2. පොඩ්ඩි පටලගෙන නෙ. මම මෙතන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු උනේ නෑ. මම කිව්වෙ සාමාන්‍ය බුද්ධියට තේරෙන විදිහට. මමත් පොඩි කාලෙ ඉඳල පිටසක්වල ජීවින් ගැන සෑහෙන උනන්දුයි. SETI ව්‍යාපෘතිය, රොස්වෙල් අභිරහස, Area 51 ගැන සෑහෙන්න කියෙව්වා, හෙව්ව. නමුත් ඒ ගැන වැඩියෙන් අහන්න අහන්න මට තේරුණු දෙයක් තමයි මෙව්වයේ ගොඩක් දේවල් කිසිම පදනමක් නැතිව මැවිච්ච සුරංගනා කතා කියන එක. අනික විද්‍යාත්මකව බැලුවත්, විශ්වයේ අපිට කිට්ටුව බුද්ධිමත් ජීවින් ඉන්න ග්‍රහලෝක නෑ. ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන ඒ වගේ සෞරග්‍රහ මණ්ඩල හරි ග්‍රහ ලෝක හරි හොයන්න යන්න අපිට දැනට තියෙන අභ්‍යවකාශ යානා වලින් මිනිසුන්ගෙ සාමාන්‍ය ජිවිත කාලය ඇතුලතදී බෑ. එහෙම කරනවනම් දැනට තියෙන තාක්ෂණය නැතුව ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සඳහන් වෙන Wormhole වගේ සංකල්පයක් පාවිච්චි කරන්න වෙනව. අභ්‍යාවකාශ යානා වල ප්‍රචාලනයට දැනට තියෙන තාක්ෂණය වෙනුවට ප්‍රති ගුරුත්වය ඇති කරන විද්‍යුත් චුම්බහක ප්‍රචාලන පද්ධති වගේ එව්ව භාවිතා කරන්න සිද්ධ වෙනව. මේ විද්‍යාවන් තාමත් පෘතුවියේ පවතින්නෙ බොහොම ළදරු අවදියක. ඉතින් ඒ විද්‍යාවන් වල පර තෙරට ගිය ශිෂ්ඨාචාරයක් මේ පෘතුවියට ඇවිත් හැංගිමුත්තන් කරල යනව කියන එක මට නං අදහන්න බැරි දෙයක්.

      Delete
    3. ඕන්න ඔය පුරස්නෙ නං මටත් තියෙනවා මුහුදුවො.. මෙච්චර සිරා ටෙක්නොලොජි එකක් තියෙන ඒලියන්ස්ලා සෙට් එකක්, මේ එකාට එකා ඇන-කොටාගන්න, බොහොම ප්‍රාථමික ශිෂ්ටාචාරයක් හා තාක්ෂණයක් තියෙන අපේ ලෝකෙට රිංගන්නෙ අහවල් එකක් උස්සන් යන්ටද.??

      සමහරවිට ඔය අපි සත්තු බලන්ට safari යනවා වගේ උනුත් නිකං safari එනවද දන්නෑ නේද අපව බලලා යන්ට.?? :D

      Delete
    4. ඒලියන්ස්ලා පොළවට එනවා ඇත්තේ ලස්සන ගෑණු ළමයි එහෙම ඉන්නවද කියල බලන්න , ඒ උනාට දකින්නෙ වයසක ගෑනු උදවියයි, ළමයිනුයි, ගොවියොයි විතරනේ.

      Delete
    5. @මුහුදු,

      මට පටලැවුනේ නෑ. මම මුහුදුව පොඩ්ඩක් පැටලුවා.:D

      මට මෙන්න මේ වගේ අදහසක් ආවා. හිතන්ට අපි වෙන ලෝක හොයාගන යන්ට පුලුවන් දියුණු මිනිස්සු වර්ගයක් කියලා. අපි යනවා වෙනත් ලෝකෙකට. හොඳයි මුහුදු කියලා හිතමුකො පියාඹන පීරිසියේ නියමුවා. ඔයා ඉස්සල්ලාම කොහාටද ගිහින් යානාව බස්සන්නේ. කෙලින්ම නගරයක් මැද්දේ? එහෙම නැත්නම් ඔයා යානාව බස්සන්ට පහසු සෙනඟ නැති තැනක් තෝරගන්නවද? ඒ ලෝකේ ජීවීන් ගැන නොන්දන්න හන්දා පොඩ්ඩක් පරිස්සම් වෙන්නේ නැද්ද? කැලෑවල ඉන්න ගෝත්‍රික මිනිස්සු උනත්, සතුරෙක් දැක්කාම මරන්ට දුවගෙන එකේ , නොදන්නා මිනිස් ජාතියක් ගැන පරිස්සම් උනොත් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැතිවෙයිද?

      ඔයාටත් පොඩ්ඩක් හැංගිමුත්තන් සෙල්ලම් කරන්ට හිතෙන්නේ නැතිවෙයිද?:D:D

      Delete
    6. @බූරා,

      ඔව්...සමහරවිට අපේ ලෝකේ අයගේ ලස්සන දැක්කාම ඇවිත් හොරෙන් බලා ඉන්ට හිතෙනව ඇති...:)

      Delete
    7. @සෝන්යා,

      ලස්සන ගෑනු දැක්කා නම් එයාලා මේ ලෝකේ දාලා යන්නෙත් නැතිවෙයි නේද සෝන්යා...:D

      Delete
  19. මාත් කොයි මිල් ගයා බැලුවට පස්සේ ජාදු කෙනෙක් හම්බවුනොත් බෑග් එකකට දාලා ගෙදර ගෙන්න ගන්න ආසාවෙන් තමයි අප්පා හිටියේ....මට තියෙනවා එයාගෙන් වරයක් ඉල්ලන්න..පොඩ්ඩි අක්කෝ බැරි වෙයිද අනේ එයින් එක්කෙනෙක් එවන්න......

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් හම්බ උනොත් මම ඔයාට එක්කෙනෙක් එවන්නම්. හී හී...

      මාත් ආසයි ඒ වගේ කෙනෙක්ව බෑග් එකේ දාගෙන, ලඟ තියාගෙන ඉන්ට.:D

      Delete
  20. අගනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔය ඇනෝව පොඩ්ඩි දන්නවා වගේ...:)

      Delete
  21. //මීට අමතරව මෙම පිටසක්වල ජීවීන් උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, දකුනු ඇමරිකාව වගේ රටවල සතුන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ අවයව ගත්තට පස්සේ , මලකුනු ආපහු දැමීමේ සිද්ධි වාර්ථා වෙනවා 1967 දී විතර. මේ සිද්ධි වාර්ථා කරන ගොවියන් පවසන්නේ, හිටපු ගමන් අතුරුදහන් වෙන හරක්, එලු, අශ්ව වගේ සතුන්ගේ හිස් සිරුරු ලේ බිඳුවකුදු නැතිව ආපසු පොලොව මතට දමා ගොස් තිබූ බවයි.

    මේ ජාදුලා පෘථිවියට එන්නේ මොන හේතුවක් උඩද, මොන පරීක්ෂන පවත්වන්ටද කියලා මේකෙන්ම යන්තමට හිතා ගත්ත හැකි නේද?//

    නැතුව, නැතුව. මයෙ බකුසු මොලේට තේරිච්ච හැටියට නං උන්දලා මෙහෙ එන්නෙ ලේ ගන්ට. එහේ දරුණු ලේ හිඟයක් වෙන්ටෑ? මේ ජාදුලා වැම්පයර් කස්ටියක්ද කියලත් හිතෙනවා. හුටා, එහෙනං ගෑල්ලමයි යයි නෙව හපාකවෝ ගන්ට :)

    ReplyDelete
    Replies
    1. නැතුව. නැතුව. බකුසු මොලේට තේරිලා තියන විදිය හරියටම හරි.:)

      හිත්නට පොඩ්ඩක් වැම්පයර්ලට ආසා ගෑනු ලමයි, එයාලා පිටසක්වලිනුත් එනවා කියලා දැනගත්තොත්...අම්මෝ මේ ලෝකේ කොල්ලන්ට කෙල්ලෝ ගේන්ට වෙන්නෙත් පිටසක්වලින්ම තමා...:D

      Delete
  22. ඔයා හොයන ජාතියේ පිටසක්වල ජීවියෙක් හම්බ උනොත් කියන්ඩ ඈ...
    එතකොට මාත් ඉල්ලගන්නවා පරචිත්ත විඥාන ඥානය (හරි අමාරුවෙන් වචනේ කියෝගත්තේ. දිව දෙපාරක් තල්ලේ වැදුනා :) )

    අද ලිපිය ලස්සනයි. මම ආසම ජාතියේ ලිපියක්.
    ඔයා මගේ හිත කියෙව්වා නෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිලා එන්නේ පිටසක්වල ජීවීන්ගෙන් තමයිලු. එයාට අර දිව දෙපාරක් තල්ලේ වදින ඥානය තියනවලු.:)

      ඔයාගේ හිත මම දැක්ක හන්දමයි මේක ලීවේ.:))

      Delete
  23. මේ ලිපියේ මගේ හිත ගියේ පිට සක්වල ජීවින්ටවත් පියාඹන පීරිසිවලටවත් නොවෙයි...කුමාරිහාමි කතාවට අවතීර්ණ වුන විදිහට..
    පලවෙනි ජේදය තුලට ඇතුල්වුනාම දැනෙන්නෙ අමුතු හැඟීමක්...
    //සමහරු ඉපදිලා තියෙන්නේ කිසිවක් විශ්වාස නොකරන්ට. සමහරු ඉපදිලා තියෙන්නේ අනුන්හට ඒ විශ්වාසය තහවුරු කරදීමට.// මම කැමතිම ටික..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්ට හිතුනේ මේ මාතෘකාවේ තියන විස්තර වැඩි හන්දා...ඒ විදියටම විස්තර කරන්ට ගියානම් කියවන කෙනාටත්, ලියන කෙනාටත් දෙන්නම එපාවෙනවා.

      අනෙක පොඩ්ඩි කොහොමත් කාර් එක එලවන්නේ ඔහොම වෙන, වෙන දේවල් හිත, හිතාම තමයි.:D

      Delete
  24. කියන්න අමතක වුනා . පොඩ්ඩි අත්දැකීමෙන් ලිපිය පටන් අරන් ගලා යන විදහට ලියන්න හපනිනේ .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බින්දි හැමදාම කරන අගය කිරීමට.:)

      ඔයත් මම ගොඩක් ආසා කරන විදියට ලියන කෙනෙක්...

      Delete
  25. ඒරියා 51 දන්න අයත් නොදන්න තැන
    අනේ මන්දා ඉතින් ප්‍රභලයොනේ

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ ලොකයේ ලොකුම ලොක්කෝ ගැනද?

      Delete
  26. ඒයි පොඩ්ඩි අර ටොම් කෘස් නළුවා පිටසක්වල ජීවින් අදහන Scientology ආගම අදහන්නේ මේ දවස් වල මිනිහ කේටි ගෙන් දික්කසාද වෙලා පිටසක්වල ජීවින් ගැන දන්නා කැමති කෙල්ලෙක් හොයනවලු කසාද බඳින්න. උඹ කැමති නම් කපුකම කතා කරන්නම්
    http://www.huffingtonpost.com/2012/09/04/tom-cruise-wife-search_n_1854553.html

    ReplyDelete
    Replies
    1. උදිත දැන් මඟුල් කපුකමද කරන්නේ? :)

      ටොම්ට කෙල්ලක් ඕනි උනාට පොඩ්ඩිට නම් කීයටවත් හොලිවුඩ් නලුවෙක් ඕනේ නෑ. අනෙක මෙච්චර ලස්සන පැණිපාට ලංකාවේ කොල්ලෝ ඉන්දෙද්දී...:D

      ඇයි අනේ කෙල්ලන්ට ගෞරවාර්තෙන් කතා කරන්නේ. 'ඔයා' කීවා නම් ඒ හොඳටම ඇති.

      උදිතට ගොඩාක් ස්තූතියි යෝජනාවට.

      ආ... මට අමතක උනා...එක්කෙනෙක් ඔයාට කියන්ට කීවා එයා ටොම්ට වඩා ගොඩක් හැන්ඩි කියලා. ඔන්න මම පණිවිඩේ දුන්නා...:D:D:D

      Delete
    2. ආහ්... කවුදෝ පවුකාරයෙක් පොඩ්ඩිගෙ හිතට ගේම දීල වගේ... මයි හාට් ෆෙල්ට් කන්ග්‍රැජුලේෂන්ස්....

      Delete
    3. පවුකාරයෙක්????

      හී හී හී හී.....

      Delete
  27. ඔය කියන රොස්වෙල් සිදුවීම ගැන මම ගොඩාක් කාලයකට පෙර විස්තර රාශියක් කියවලා තිබුනා.. මේ සිදුවීම එදා සම්පූර්ණයෙන්ම රහසක් ලෙස තබා ගැනීමට ඇමරිකානු රජය ක්‍රියාකලත් මළ සිරුරු විච්ජේදනයට සහභාගි වූ අයෙකු සතු ඡායාරූප කීපයක් බාහිර සමාජයට ලබා දීම නිසා 70 දශකයේදී මෙම සිදුවීම බාහිර ලොවට අනාවරණය වී තිබුනා...

    එම සිදුවීමේදී සොයාගත් සුන්බුන් අතර තිබූ ලෝහ තහඩු ඉතාමත්ම තුනී ලු... නමුත් පුදුමාකාර විදියට ශක්තිමත්ලු... ඒවා තැනීමට යොදාගත් තාක්ෂණය වගේම ලෝහ වර්ගය කුමක්ද යන්නත් අභිරහසක්...

    අනිත් කාරණය තමයි මේ සිදුවීමෙන් අර්ධ හානි වී ජීවතුන් අතර සිටි පිටසක්වල ජීවීන් කීපදෙනෙකුට නැවතත් ඔවුන්ගේ යානය පිළිසකර කරගෙන ඔවුන්ගේ ලෝකයට යාමට ඇමරිකා බලධාරීන් උදව් කල බවට ඇති කට කථාව... වසර 250 ක පමණ කෙටි ඉතිහාසයකට හිමිකම් කියන ඇමරිකානුවන් මෙතරම් කෙටි කලකින් ලෝකයේ අංක 1 බලවතා බවට පත්වීමට අවැසි තාක්ෂණය එදා ඔවුන් කල උපකාරයට ප්‍ර‍තිඋපකාරයක් ලෙස පිටසක්වලින් ලැබුනා කියලා මතයක් තියෙනවා...කවුරුත් දන්න Area 51 හි සිදුකරන පර්යේෂණ හා පිටසක්වල ජීවීන් සම්බන්ධ බවටත්... පෘථිවි වැසියන් හා මුහු වූ පිටසක්වල ජීවී කොට්ඨාශයක් චීනය ආශ්‍රිතව ජීවත් වන බවටත් මා අසා තිබෙනවා... ඇත්ත නැත්ත කුමක්දැයි මම නොදනිමි.

    අන්තර් ජාලයේ පිටසක්වල යානාවන් බවට තිබෙන බොහෝ ඡායාරූප සත්‍යයෙන් තොර ඒවා බවයි කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔයා කියලා තියන කතා එකක්වත් මම අහපු ඒවා නෙමේ. කටකතා උනත්, හරිම සිත් ඇද ගන්නා සුලුයි.

      ඇමරිකන්කාරයන්ගේ උදව්වෙන්, පිටසක්වලින් පැමිණි ජීවින් ආපහු ගිය පුවත දැනගෙන හිටියේ නෑ.. රොස්වෙල් වලදී මිය නොගිය එක් ජීවියෙක් ගැන නම් සඳහන් වෙනවා. ඒ ජීවියාට මොනවා උනාද කියලා හරි විස්තරයක් නෑ. ඒවගේම එයාලගේ උදව්වෙන් ඇමරිකාව බලවත් උනු බවක් අහලා තිබුනෙත් නෑ. එහෙම නම් එයාලත් එක්ක පණිවිඩ හුවමාරු කරගන්නා ක්‍රමයක් තාමත් ඔවුන්ට තියෙන්ට පුලුවන්ද?

      චීනයේ කොයි පලාතෙද කියලා දන්නවා නම් ගිහින් බලන්ටත් පුලුවනි. හැබැයි ඔවුන්ගේ ඇස්වල නම් චීන ගතියක් තමා තියෙන්නේ...:D

      Delete
    2. නිකමට හිතන්න මෙච්චර කෙටි කලකින් ඇමරිකාව ඔච්චර බලවත් උනේ කොහොමද ? අපිට වසර 2500 කට ඈත ඉතිහාසයක්...ඔවුන්ට වසර 250

      Delete
  28. "සමහරු ඉපදිලා තියෙන්නේ කිසිවක් විශ්වාස නොකරන්ට. සමහරු ඉපදිලා තියෙන්නේ අනුන්හට ඒ විශ්වාසය තහවුරු කරදීමට." මටත් ඕක නම් නිතර හිතෙන දෙයක්.
    "එයාලා මුලු ලෝකෙම අල්ලගන අදහසින් මෙවැනි යානාවක් නිපදවන්ට හදනවද?"
    ඔව් එහෙම වෙන්න පුලුවන් කියල මටත් හිතෙනවා.
    මැණික්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් ඉපදිලා තියෙන්නේ ඔය මුලින් කීදේ කරන්ටයි. විශ්වාසයක් නැති අය තුල විශ්වාසයක් ඇති කරන්ට. :D

      Delete
  29. පිටසක්වල ජීවියෝ ඉන්නවා කියල තමා මාත් හිතන්නේ. හැබැයි එයාල තාම මෙහෙ ඇවිත්ද නැද්ද කියන එක නම් හරියට කියන්ට සාධක මදි. සමහර මත තියෙනවනේ අපිව නිර්මාණය කරෙත් පිටසක්වලයෝ කියල. එයාල හොඳ පිටසක්වලයෝද දුෂ්ට පිටසක්වලයෝද කියන එක ගැනත් එක එක මත!

    සමහර විට පිටසක්වලයෝ එළිපිට නෑවිත් හොරෙන් හොරෙන් ඇවිත් යන්නේ, උන්ට අපේ ලෝකේ වෙන එව්වා රියලිටි ටීවී වාගේ බල බල ආතල් ගන්ටද දන්නේ නැහැ. එහෙම නම් ෂුවර් එකට විනෝද සමය ට දාන්නේ වර්තමාන සිරි ලංකාවේ සීන් තමා! හිකිස් !!

    ReplyDelete
    Replies
    1. හැබෑට එහේ ටීවීවල මේ ලෝකේ ඒවා පෙන්නනවද දන්නෙත් නෑ. අර අපේ කට්ටිය රෑට, රෑට, ටෙලිඩ්‍රාමා බලනවා වගේ එයාලත්, එක වෙලාවකට සෙට් වෙලා ටීවී ලඟින් හෙල්ලෙන්නේවත් නැතුව ඉන්නවද දන්නෙත් නෑ. හී හී...

      සමහරවිට පිටසක්වලින් ලංකාවටත් ඇවිත් තිබුනා කියන්නේ ඒ හන්දා වෙන්ට ඇති.:)

      Delete
  30. කියන්න දේවල් ගොඩක් තියෙනවා වෙලාව තමයි අන්තිම නරක... මේ ජල ග්‍රහයාගෙන් එහා විශ්වයේ ජීවයක් තිබිය යුතු බව පිළිගන්නවා උනත් ඔය පීරිසි කෝප්ප වල නැගලා එනවයි කියන ඔළුව ලොකු සත්තු ගැන නම් මගේ අබමල් රේණුවකවත් විශ්වාසයක් නෑ... ඩුඩ් කිව්වා වගේ ආලෝක වර්ෂ ගනනක් ඈත ඉඳලා උන්ගේ බලශක්තියක් නාස්තිකරගෙන මෙච්චර දුරක් එන්නේ තිරිඟු ෆාම් එකක ඉරි ඇඳලා යන්න නම් උන් තරම් මන්ද මෝල් ඒලියන්ස්ලා තවත් නෑ...

    හැබැයි අර ෆොටෝ එකේ බාබකියු වෙලා ඉන්න ඒලියන් දැක්කම නම් දුක හිතෙනවා... පව් කාගෙ උනත් දරුවෙක්නේ...

    කොයි මිල්ගයා වලට වඩා මම ආසාවෙන් බලපු ඒ වගේ ෆිල්ම් එකක් තමයි Paul... බලපු නැති කෙනෙක් වෙනුවෙන් මේ ඔත්තුව...

    http://youtu.be/IyJo6ESSiMY

    ඔබා මාමත් නැතිවුන එකේ මේ ඔබ කියන්නේ ඒලියන් කෙනෙක්ටද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. // තිරිඟු ෆාම් එකක ඉරි ඇඳලා යන්න නම් උන් තරම් මන්ද මෝල් ඒලියන්ස්ලා තවත් නෑ...//

      මේ ලෝකේ ඉන්න ගොඩක් දියුණු කියන, සමහර රටවල් දිහා බලපුවාම මම නම් මේ ගැන පුදුම වෙන්නේ නෑ.

      //පව් කාගෙ උනත් දරුවෙක්නේ...//

      මේ ගොල්ලෝ ඕපපාතිකද කියලා කවුද දන්නේ...කාගෙවත් දරුවෙක් නෙමේ වෙන්ට පුලුවනි.

      ඔත්තුවට ස්තූතියි.:)

      //ඔබා මාමත් නැතිවුන එකේ මේ ඔබ කියන්නේ ඒලියන් කෙනෙක්ටද මන්දා... :)//

      ඒලියන් කෙනෙක් වගේ කෙනෙක් වෙන්ට පුලුවන්.:D:D

      මෙච්චර වැඩ ගොඩක් මැද්දේ ඇවිත් කමෙන්ටුවක් දාලා ගියාට බීට්ල්ට ගොඩාක් ස්තූතියි.

      Delete
  31. ඔය 1949දී රොස්වෙල් ප්‍රදේශයෙන් සොයාගත්බව කියැවෙන මියගිය පිටසක්වල ජීවියා ගැන මේ දවස්වල ආයෙමත් හරි හරියට කතාව කරලියට ඇවිත් නිසා මාත් හරිම උනන්දුවෙන් ඒ ගැන කියෙව්වා...

    ඇත්ත බොරුව කොහොම උනත් ඒ ගැන දැනගන්න මම නම් හරිම ආසයි..Ancient Aliens series ටික බැලුවාම නම් ඔය කතා බොරුවක් කියලා හිතෙන්නත් නෑ. පිරමිඩ වගේ දේවල් මට නම් තාම හිතා ගන්න බැරි පුදුම දේවල්. ඒවා ඔය ජාදුලා හැදුවා කියලා විශ්වාසකරන්න පුළුවන් නේද...

    ReplyDelete
    Replies
    1. ඒ මියගිය ජීවියා ගැන ආපහු කතා ඇවිත් කියලා දැන හිටියේ නෑ. ලියන්ට හේතුව උනේ බීට්ල්ගේ පෝස්ට් එකක් දැකලයි.

      ඔය කියන පිරමීඩ ජාදුලා නෙමේ හැදුවේ කියන එක තමයි ඒ පෝස්ට් එකේ තිබුනේ.:)

      Delete
  32. $-පිටසක්වල ජීවීන් දැක්ක කියන සිද්ධීන් 1ක් වත් පිලිගත හැකි තත්වයක නෑ. සමහර විට මානසික රෝගීන්ගෙ ප්‍රකාශ වෙන්නත් පුළුවන්‍. එක එක ප්‍රදේශ වල මේවගේ වෙනස් දේවල් පේනව. ලංකාවෙ නං බෝහෝවිට බුදුරැස් විහිදීම්! :)

    $-කවුරු හෝ ඉස්සෙල්ලම පියාඹන පීරිසිය ගැන කිව්වත් හරි එතනින් ඔබ්බට ඇවිල්ල වෙනස් විදියක 'යානා මොඩලයක්' ගොඩනඟන්නවත් මිනිස්සු අසමත් වෙලා තියනව.

    $-පිටසක්වල ජීවීන් කිව්වම ඔවුනුත් අපි විදියට කකුල් දෙකක් අත් දෙකක් ඔළුවක් කඳක් දීල තියෙන්නෙ අපේ උදවියම තමයි. ඇත්තටම එහෙම ජීවීන් ඉන්නව නම් අපිට හිතාගන්න බැරි තරම් වෙනස් ස්වරූපයක් වෙන්න පුළුවන්.

    $-පෘථිවියට එන්න තරම් දියුණුවක් තියනව නම් ඇවිල්ල තැනින් තැන මිනිස්සු මරණවට වැඩිය දියුණු ක්‍රම ඔවුන්ට තිබිය යුතුමයි!

    $-සීතල යුද්ධය තියන කාලෙ 'ඇමරිකාව පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධයි' කියන තර්කය බිඳින්න ඔවුන්ට අවශ්‍ය උනේ නෑ. මොකද මිත්‍යා විශ්වාස මඟින් හරි රුසියාව පරද්දන්න තියන උවමනාව නිසා.

    ReplyDelete
    Replies
    1. රාජ් ප්ලැනිට් 51 ඇනිමේෂන් චිත්‍ර පටිය බලලා තියෙනවද?

      Delete
    2. නෑ! මොකද්ද?

      Delete
    3. @රාජ්,

      රාජ්ගේ තර්ක එකක්වත්, බිඳ දාන්ට පුලුවන් ඒවා නෙමේ. ඔක්කොම ඇත්ත. :)
      ඒ හන්දා මුකුත් කියන්නේ නෑ.

      Delete
  33. අයියෝ පොඩ්ඩි....ආයිත් මගේ නැති වෙච්ච X-Files DVD ටික මතක් කරවලා මාව ඇඬෙව්වා... ඉහි ඉහි ඉහි... දැන්මම කෝල් කරලා බලන්න ඕනේ ඕක අරං ගිය එවුන් ගාව තාම තියෙනවද කියල.... ගෙනල්ලා ආයිත් බලන්න පටං ගන්න...

    මාත් I want to believe තමා....

    මගේ ආසම ජාතියක් තමා ඒලියන් ෆිල්ම්ස්... බොරු උනත් මොකෝ ඒවා ජොලි... හි හි... අනිත් එක Ancient Aliens documentry එක... දැං ඒක ඇත්ත බොරුද කියලා නෙවෙයි මම හිතන්නෙ... ඒ පැහැදිලි කිරීම්වලට පදනමක් තියෙනවා කියලා.... හම්ම්.....

    හැබැයි පොඩ්ඩි කිව්වත් වගේ එකක් ෂුවර්.... ලෝකේ කොහෙට ඒලියන්ස්ලා ආවාත් ඇමරිකාවට නම් ඒ ගැන කටක් හොල්ලන්න හොඳ නෑ.... උන් නං මල වදයක්......

    ReplyDelete
    Replies
    1. අපරාදේ මම හිරුව ඇඬෙව්වා නේ. මේ දවස්වල පරණ ලව් ගැන කතා කර, කර ඉන්න වෙලාවේ හී හී...

      ඔය දුන්නු දේවල් නම් ඉක්මනින් ඉල්ලගන්ට. නැත්නම් අමතක වෙලා යයි.

      පිටවක්වල අයටත් වඩා, අර කියන රටේ අයගෙන් නම් පරිස්සම් වෙන්ට ඕනි තමයි.:)

      Delete
  34. හප්පේ පොඩ්ඩි මං ගැනත් ලියලා නොවැ... හිකි හිකි හිකි.... මට නිකන් කිචි කිචි වගේ... හැමෝම වගේ කියන විදිහට පිටසක්වල ජීවීන් කියන කොට්ටාසයක් ඉන්නවද නැද්ද කියන එක සදාකාලික ප්‍රස්නයක්. ඇමෙරිකාව ඔවුන් සමග සම්බන්දයි කියන එකත් කාටවත් ඔප්පු කරන්න බෑ.

    ඒත් ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ. ඔය කතාවල සාරාංශයක් ගත්තොත් පොලව මතුපිට දී ඔවුන්ගෙ තාක්ෂණය පිලිබඳ යම්තාක් හරි කතා හැදිල තියෙන්නෙ Area 51 හි විතරයි. ලෝකයේ අනිකුත් තැන්වල යානා දැකීම් වාර්ථා වුවත් ඒ පිලිබඳව සොයා බැලීම කල බවක් කිසිම කට කතාවක නෑ.

    පෘතග්ජන මිනිස්සු විදිහට අපි කැමතියි අපේ පංචේන්ද්‍රියට දැනෙන දේවල් විශ්වාස කරන්න. නමුත් අපේ පංච ඉන්ද්‍රියන්ට දැනුනේ නැති පලියට යමක් බැහැර කිරීම විහිලුවක්.

    රොස්වෙල් ගැන මගේ අක්‍රිය බ්ලොග් අඩවියේ 2008 වසරේ දාපු සටහනක් තාම තියනවා. කාට හරි ඔනෙ මම් ගොහින් බලන්ට.

    http://skymansuniverse.blogspot.com/2008/08/rsweel-incidence-probably-best-ufo.html

    ReplyDelete
    Replies
    1. ස්කය්යා පිට සක්වලින් ආපු කෙනෙක් බව දැනගෙන හිටියේ නෑ.:D

      ඔයාගේ ලින්කුවට ගිහින් බලන්නම්.

      අපි හරි කැමතී තමා නොදුටු දේවල් ගැන කියවෙන් කතා හොයලා බලන්ට. ඒවා විශ්වාස කරන්ට. අපි නොදන්න, අපිට නොපෙනන දේවල් නෑ කියන්ට මගේ හිතත් ඉඩ දෙන්නේ නෑ.

      Delete
  35. මං කියවන්න හරිම කැමති මාතෘකාවක්. මේ ගැන මටත් වඩා මගේ සොයුරියගේ පුතා උනන්දුයි. ඇත්තටම එයා තමා මටත් බොහෝදේ කියා දෙන්නේ. පුංචි කාලේ සිටම මට මේ ගැන ලොකු කුතුහලයක් තිබුනා. එහෙත් මේ සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත හා ප්‍රබන්ධ වැඩි බවයි මට හිතෙන්නේ. රෑ සඳ එළියේ රියපදවන්නත් මම ආසයි. හැබැයි ඉතින් මට තියෙන්නේ මෝටර් සයිකලයක් නිසා සීත සුලං මූණට වදිනවා. ඒ නිසාම පොඩ්ඩි පත්වුන තත්වයට පත්වෙන්නේ නෑ. ඒත් හිත සංසුන් වෙන බව නම් ඇත්ත.
    හැබැයි එකම එක දෙයක්. මම නම් වෙන කිසිම කෙනෙකුගේ සිත් කියවන්න හැකියාව ලබන්න කැමති නෑ. මං සිතන දේ වෙනත් අයට දැනගන්න පුළුවන් නම් එයට මගේ අකමැත්තක් නෑ. ඒත් වෙනත් කිසිම කෙනෙකුගේ සිත තුල ඇති දේ දකින්න මම ආස නෑ. එහෙම ජීවියෙක් ලැබුනොත් මා ඉල්ලන්නේ ඇත්ත හා බොරුව තේරුම් ගැනීමට හැකියාව මට ලබා දෙන්න කියලා විතරයි.
    ගොඩක් ආසාවෙන් කියවූ හරිම රසවත් පෝස්ට් එකක්. මේ අවුරුද්ද පුරාම පොඩ්ඩි අතින් ලියවුනු පෝස්ට් අතරින් මම ගොඩක්ම ආසාවෙන් කියවූ පෝස්ට් එක මෙයයි....:)

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ පුංචි ලමයි හරි හොඳයිනේ. ඔයා වගේ මාමලා ඉන්න එක චූටි පුතාලට හොඳයි. ( ඒකේ අනික් පැත්තද දන්නෙත් නෑ. )හී හී...

      බයික් එකකටත් වහලක් වගේ එකක් තිබුනා නම් හොඳයි කියලා ප්‍රියන්තගේ කමෙන්ට් එක දැක්කාම මට හිතුනා.:)

      අනේ මටත් නම් එක හිතක් ගැන දැනගත්තාම හොඳටම ඇති.

      මම නම් හිතන්නේ පොඩ්ඩිගේ හොඳම පෝස්ට් එක තාම ලියවිලා නෑ කියලා.:D

      Delete
    2. මං කීවේ මේ අවුරුද්දට හොඳම පෝස්ට් එක මේක කියලා පොඩ්ඩි. ඒත් එය තව කෙනෙක් වෙනස් විධියට දකින්න පුළුළුන්. මම දකින විඨියට ඔයාගේ හොඳම පෝස්ට් එක අප්පච්චි ගැන ලියවුනු "පොඩ්ඩිගේ අහවලා" කියන පෝස්ට් එක. අනික් හොඳම එක රංබන්ඩා ගැන කීව "පොඩ්ඩි පොඩි කාලේ" කියන පෝස්ට් එක.

      Delete
    3. මමත් ඒ දෙකට කැමතියි. ඒත් හිත කියනවා හොඳම පෝස්ට් එක තාම ලියලා නෑ කියලා...:D

      Delete
  36. ඕගොල්ලන්ට කියන්ට, මම අද මේ පැත්තෙ එන්ට මෙච්චර පරක්කු වුනේ මොකද දන්නවද.?? මේක කාටවත් කියන්ට එහෙම එපා, විශේෂයෙන්ම ඔය අමෙරිකන් කාරයින්ට, මේක රහසක්.. ඒලියන්ස්ලා සෙට් එකක් මාව උස්සන් ගියානෙ පෘථිවියේ රහස් ලබාගන්ට මගේ මාර්ගෙන්.. හහ්! ඒ වුනාට මම නෙවෙයි වචනයක්වත් එයාලට කිවුවෙ.. ඒවා කොහෙද මගෙත් එක්ක.. මම උං සෙට් එක ටිකක් එහා මෙහා වෙනකං ඉඳලා යානයෙන් පැනගත්තා.. දැන් ඉතිං අල්ලයි මාව.. :D

    බොලං බීටලේ, උඹත් ටිකක් පරිස්සම් වෙලා හිටහං.. මට ඇහුනා උං උඹේ නමත් කියනවා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් චැක් කොරලා බලහන්, උඹේ අවයව මුකුත් අඩුද කියලා. මොකෝ උන් මේ ලෝකෙ අයගෙ අවයව ගලව ගන්නවලු උන්ගෙ Museum එකේ තියන්න.. හෙහ් හෙහ් හෙහෙ

      Delete
    2. මගේ අවයව ඕන නෑ කිවුවා, උඹව එහෙම්පිටින්ම උස්සං යනවා කිවුවා මියුසියම් එකේ දාලා තියන්ට.. :P

      Delete
    3. @බූරා,

      ඔය උස්සගෙන ගියා කියන ඒලියන්ස්ලා කොයි වගේද කියලා මට නම් හිතාගත්ත හැකි. නිකං අර මස් පුච්චලා කන, බෝතල්වල බීම බොන, අහගෙන බැරි විදියේ සිංදු කියන කොටසක් වෙන්ට ඇති නේද?:D

      යානයෙන් පැනගැනීම කෙසේ වෙතත්, ඔයාව එපාවෙලා යානයෙන් එලියට තල්ලු කරන්ට ඇති කියලා මට නම් හිතෙන්නේ... :D:D

      Delete
    4. මාව දෙතුන් පාරක් උස්සන්න ට්‍රයි කරා, ඒත් යානය ගුවත් ගත කිරීමෙදි පොඩි ප්‍රස්නයක් වෙලා මාව අත ඇරියා..
      යන ගමන් මෙහෙම කියන් ගියේ
      " අඩෝව් තරුවා අද උඹ බේරුනයි කියලා හිතා ගනින්. ඊලඟ පාර අපි එන්නෙ මීට වඩා ලොකු භාන්ඩෙක හරිය... "

      Delete
  37. මට මතක් උනේ භවත්‍රා ටෙලියෙ තිබුනෙ පිරිත් ගෙදරක් ශබ්දය ඇහිල ඒදිගෙ පිටසක්වල ජීවීන් එනව හොයාගෙන....!එහි ශබ්ද බලයක් තියෙනව කියල...!
    අනේ මන්ද ...මමනම් වැඩිය උනන්දු නැහැ මේ ගැන.

    ReplyDelete
    Replies
    1. පිරිත්වල කොහොමත් බලයක් තියනවා. හින්දු අය 'ඕම්' කියන වචනයේ ශබ්ද බලයක් තියනවා කියලා විශ්වාස කරනවා.

      විශ්වාස කරන්ට බැරිදේවලට ගොඩක් අය උනන්දු නෑ තමා.:)

      Delete
  38. වජිරදේවිගේ හිතට ආවා ප්‍රශ්න කීපයක්.. ප්‍රධානම එක තමයි-- ඇයි හත් දෙයියනේ ඇමෙරිකාවම? පිට සක්වලයොත් අපිව දෙකේ කොළේට දාලනේ!
    බුද්ධ ධර්මයේ එන විදියට නම් විශ්වයේ අනිවාර්යෙන්ම පෘතිවියේ හැරෙන්න වෙනත් ග්‍රහලෝක වල ජීවය පවතිනවා. ඒත් ලෝක විෂය අනන්තයි කියලා බුදු හාමුදුරොවෝ ඕවායේ සැරි සරන්න ගිය මුගලන් හාමුදුරුවන්ටද කොහෙද දේශනා කලා කියලා මතකයි!

    ReplyDelete
    Replies
    1. හී හී...ඇත්ත කතාව. එයාලත් ඉස්සල්ලාම අල්ලගන්ට හදන්නේ ලොකුම අයව. ඊට පස්සේ හිමින්, හිමින් අපේ පැතිවෙලටත් එයි.

      බුද්ධ ධර්මයේ එන ඒ කතාව මමත් විශ්වාස කරනවා.

      Delete
  39. පිටසක්වල.. නෑ අයියෝ. අපි සියල්ලෝම එකම පවුල් සක්වලක තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්. අපිත් පිට සක්වල ජීවීන් තමයි. අපි එතන ඉඳන් තමයි පිටසක්වල ගැන හොයන්නේ. :)

      Delete
  40. තරු අය්යේ,

    Sorry I forgot the most important day of the year... your Birthday!:(

    ඔයාගේ ** උපන් දිනය නොදැනීම පහුවුනු එක ගැන සමාව අයදිනවා මුලින්ම. පොඩ්ඩිත් මාර නංගියෙක් තමයි නේද? බලන්ට අක්කාවත් හොරෙන් කීවේ නෑ.. :(

    I wish you the double of the best of everything. You truly deserve it! Happy Birthday to the coolest and most loving brother around.:)

    ඔන්න උම්මා එකකුත්...උම්මා...!!! :D


    ReplyDelete
    Replies
    1. Thank you poddi,
      හැබැයි මේක වටින්නෙ එදාම(27th) දැම්මා නම් තමයි
      දැන් මම ඉපදිලා දවස් 3ක් නෙ.

      Delete
    2. හුටා! උඹ ඉපදිලා දවස් තුනක්ද.?? කෝ කවුරුවත් කිවුවෙ නෑ නෙවැ ඒකෙ වගක්කත්..

      එනිවේ, හැපි බර්ත්ඩේ මෙවුවා එකක් මෙවුවා වේවා.!!

      Delete
    3. Thanks Bura,
      KAKA, Buddhi,my self all 27th Boys

      Delete
    4. ආන්න අමතක වෙච්ච එකා බූරා. කකාවයි, තරුවයි, මාවයි මතක හිටියා. සික් කර්ට්නි වොල්ෂ් ව අමතක වුනානේ......! බුරටත් එසේම වේවා!!!

      Delete
    5. යකෝ බුරාගෙ 27 නෙමේ :-)

      Delete
    6. එහෙනං කව්ද යකෝ අනිකා. ගිය අවුරුද්දෙ 4 ක් හිටියා. දැං එකෙක්ව මතක නැති වෙලා ගිහිං....!

      Delete
    7. පහුගිය 27 වෙනිදා උපන් දිනේ සමරපු තරු අයියටයි, බුද්ධිටයි, කතන්දරටයි හැපි බිලේටඩ් බර්ත්ඩේ එකක් වේවා! :) :) :)

      Delete
    8. "තරු අයියා" හොහ් හොහ් හෝ..... ඔන්න දැක්කද තරු. වෙනස කාටත් පේනවා.

      ස්තුතියි සිතුවිලි!

      Delete
    9. තරු අයියට සුබ පැතුම්....:D

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. තරු අය්යා කියන එක කොච්චර හොඳද තරු අංකල් කියන්නෙ නැතුව.

      මට මේ ලඟදි බුකියෙ ගෑනු ලමයෙකුත් කීවා "තරු අංකල් ඔයා හරි ස්වීට් කියලා" :-(

      සිත්තමීටයි, නිශ් ටය් තැන්කූ...

      Delete
    12. මට හිතෙන්නෙ අනිකා, "වෙනියා" හරි "වැපා" හරි.

      Delete
    13. වෙනියා කියලා මමත් හිතාගෙන හිටියේ. එයාට සුබ පතලා යැව්වම කියලා එව්වා "මම මල්ලි අප්‍රියෙල් 11 " කියලා.

      Delete
    14. මේ මෝඩ තරුවගේ කන පලන්න හිතෙන්නේ ඉතිං ඔන්න ඔය වෙලාවට තමා....

      ඒක හින්දාම මේ පාර සුභ පැතුම් නෑ...

      හ්ම්... මට තරහා ගිහින් ඉන්නේ....

      Delete
    15. මේ මොකෝ මේ හිරු ඉලපත අරගෙන???

      Delete
    16. ගිය අවුරුද්දෙ ඔක්තෝබර් විප්ලවය පෝස්ට් එක බලහන් ඒකෙ කමෙන්ට් එකක් තිබුනා අනිකාගෙ නම දාලා.

      Delete
    17. තරු ටයි , කතන්දර ටයි , බුද්ධි ටයි හැපි බිලේටඩ් බර්ත් ඩේ එකක් වේවා !!!!!!

      Delete
    18. තන්කූ කම්මලේ.

      Delete
    19. තරුවා බයවෙලා.. හපෝ.. හි හි..

      Happy birthday tharuwo.......

      Delete
    20. තන්කූ හිරූ...

      Delete
  41. මම දැනුයි ගොඩබැස්සේ..... කැමතිම මාතෘකාවක්! අදහස් දක්වන්න එන්නම්!

    ReplyDelete
  42. @බුද්ධි,

    ඔයාගෙත් උපන් දිනෙත් මග ඇරිලා. :(

    ඔන්න ඔයාටත්, සියලු සිතුම්, පැතුම් ඉටුවෙන, කිරියෙන්, පැණියෙන් පිරුණු, සුබම සුබ උපන් දිනයක් වේවා...:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයාටත් එසේම වේවා මාර්තු පලවෙනිද‍ට!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තුතියි තරු!

      Delete
    4. බුද්ධි අයියටත් සුබ පැතුම්....:D

      Delete
    5. මල්ලි මල්ලි.... මොනවද මේ කියන්නෙ...!

      Delete
    6. බුද්ධිට නම් මම එදාම සුභ පැතුව නෙ.

      Delete
    7. Oh! Was it Bahu Buddi's b'day as well.!? Is that why you went to Kataragama.?? To offer a 'pooja watti'.?? :-)

      Anyway, belated b'day wishes Buddiya.!! Long live with your Sherwood clan.!!

      Delete
    8. අය්යෝ දැනගෙන උන්නේ නැහැනේ . බුද්ධියෝ මන් ඔයාට සුබ පැතුවද මුණු පොතේ . මට මතක නැහැනේ . ඔක්කොටම සුබ පැතුම්

      Delete
    9. ස්තුතියි බිංදුමතී අක්කා. මූණු පොතේ උපන්දිනේ පෙන්වන්නෙ නැති විදිහට හදලා තියෙන්නෙ. එතකොට බලාගත්තැකි ඕනකමින් සුබ පතන අය. හෙහ් හේ....

      ................
      බූරා,
      පමා වී ගෙනා සුබ පැතුමට නොවක් තුති! හැබැයි බූරා කතරගම තොරතුර නම් වැරදියි.

      Delete
    10. @ බුද්ධි,

      වරදින්ට විදියක් නෑ බංස්.. උඹ මහවැස්සෙ තෙමීගෙන පූජාවට්ටි පෝළිමේ ඉන්නවා දෑහින් දැකපු කෙනෙක් තමා මට කිවුවෙ.. :P

      Delete
  43. කලින් කියපු විදිහට මම කැමතිම මාතෘකාවක්. මුලින්ම ලිපිය කියවලා අවසාන වෙද්දි කමෙන්ට් 6 යි තිබුනේ.දැන් නං බර ගාණක් වැටිලා. ලිපිය නැවත කියෙව්වට කමෙන්ට්ස් කිවන්න ලැබුනේ නෑ. ඒ හින්දා ම‍ගේ අදහස් කලින් කියවිලාද දන්නෑ.

    කොහොමහරි මේ විෂය ගැන කැමැත්ත කොච්චරද කියන්නෙ මැරියන්ගේ අම්මා දවසක් ඇහැව්වා මගෙන් මෙහෙට එද්දි මට මොනවද ගේන්න ඕන කියලා. හරි පිලිවෙල නම් මුකුත් එපා කියලා නම්බු පිට ඉන්න එක. ඒත් මම ලැජ්ජාව පැත්තක තියලා කිව්වා "ඒලියන්ස්ලා ගැන ලියවුනු පොත් ටිකක් ගෙනත් දෙන්න" කියලා.

    සක්වල ජීවින් ගැන කියන්න දේවල් ගොඩක් තිබුනත් ඒවා ඔක්කොම කියන්න මේක වෙලාව නෙමේ. බොහෝ අය මේ ගැන උනන්දුවෙන් තොරතුරු හොයන නිසා, ගොඩක් කරුණු දැනට ම කියවිලත් ඇති.

    මම කියන්නෙ සක්වල ජීවීන් ගැන වෙනම පැතිකඩක්. ඒක මේ ලිපියට කොච්චර දුරට ගැලපෙයි ද කියන්න බෑ.

    මේ ඒ විස්තරය කෙටියෙන්.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ දසදහසක් සක්වලින් ජීවින් පැමිණියා පූජණීය වස්තුවක් විදිහට බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් රැගෙන යන්න. ඒ එක් සක්වලකට එක් කේෂ ධාතුව බැගින්. එතකොට ආපු ජීවින් දස දහසක් දෙනා තම තමන්ගේ චක්‍රාවාටයට එක කේෂ ධාතුව බැගින් රැගෙන ගියා. එයින් අදහස් වෙන්නෙ එක් චක්‍රාවාටයක සිටින සියලුම ජීවින්ට තිබෙන්නේ එක කේෂ ධාතුවයි.

    එතකොට එක් සක්වලක හෙවත් චක්‍රාවාටයක මන්දාකිනි කොච්චර ගණණක් තියෙනව? මන්දාකිනියක සෞර ග්‍රහ මණ්ඩල කොච්චර තියෙනවද? ඒවා අතර දුර ආලෝක වර්ශ වලින්. එතකොට එහි ජීවත් වෙන සත්වයෙක්ට ඒ සක්වලෙහි ම ඇති කේෂ ධාතු වන්දනාවට තිබෙන අවස්ථාව කොච්චර විරලද?

    චක්‍රාවාටයක් සමඟ ශ්‍රී ලංකාව සසදා බලන්න මිනුම් දණ්ඩක් වත් හිතා ගන්න බෑ. දැන් හිතලා බලන්නකෝ මේ පුංචි ඉඩක කෙතරම් ධාතුන් වහන්සේලා වැඩ හිඳිනවද කියලා?

    ReplyDelete
    Replies
    1. මේ අදහස තමයි මමත් පිලි ගන්නේ.

      Delete
    2. @බුද්ධි,

      හරි පිලිවෙල නම් තමන්ට කැමති දෙයක් තියනවානම් ඒක ඉල්ලන එක.:)

      ගැලපෙන්නේ නැද්ද දන්නේ නෑ කියන එක හොඳටම ගැලපෙනවා. විද්‍යාව විතරක් අදහන අය ඒක නොපිලිගනී. ඒත් මම නම් ඔන්න මුදුනෙන්ම පිලිගත්තා...

      අපි ඉන්න මේ මහ පොලොව කොච්චර කුඩා තැනක්ද කියන එක ඒකෙන්ම තේරෙනවා. ස්තූතියි බුද්ධිට මේ කතාව බෙදාගත්තට.

      Delete
  44. මම තාම මාධ්‍ය වලට කියන්න ගියේ නෑ. මොකද මන් අනවශ්‍ය ප්‍රසිද්ධියට ඒ තරම් අකමැති නිසා. මට හැමදාම වගේ මහා අමුතු ජීවියෙක්ව දකින්න හම්බ වෙනවා. බාග විට ඒ පිටසක්වල ජීවියෙක් වෙන්න පුලුවන්. මහා කැත, දැක්කම බය හිතෙන විදියෙ ජුගුප්සාජනක අප්‍රසන්න විකාර මූණක් තියෙන සතෙක්. මට දැන් ඒක පුරුදු වෙලා නිසා ඒ තරම් බය හිතෙන්නෙ නෑ. මුල් කාලෙදිනම් මාත් බය උනා සෑහෙන්න. මන් ඕනෙනම් ඌව මට හම්බෙන තැනත් කියන්නම්. හැමදාම උදේට නැගිට්ට ගමන් කණ්නාඩිය ඉස්සරහට ගිය ගමන් මෙන්න ඒ මල යකා ඉන්නවා මගෙ ඉස්සරහම ඇස් වල කබ කඩ කඩම.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++ :-)

      Delete
    2. ඉඳල හිටල හරි ඇත්ත කියන කෙනෙක් ඉන්නවා පොඩ්ඩි අක්කා :)

      කොයි මිල්ගයා ෆිල්ම් එක මතක් වෙනකොටත් ආසයි.

      Delete
    3. @අනුරාධ,

      හී හී...හොඳම කමෙන්ටුවට හිමිවන තෑග්ග මෙන්න.

      Delete
    4. @අංශූ,

      හපොයි මට මතකයි ඒක බලලා ක්‍රිශ් බලනකල් තිබුනු කරදරේ.:D

      Delete
  45. හොඳ ලිපියක්, කාටත් තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව කරුණු ඉදිරිපත් කරලා.


    ජාන්වී.

    ReplyDelete
    Replies
    1. ජාන්වීට ස්තූතියි. මූනක් දාගන්ටකෝ මෙයා...:D

      Delete
  46. පොඩ්ඩි මට වෙනස් කම් කරන්නෙ මොකෝ? උඩ තියෙන මගෙ ක්කමෙන්ට් එකට ඇර අනිත් ඔක්කොටම උත්තර දීලා. :(
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. උඔ කලුයිනෙ! ඒකයි. පොඩ්ඩි කැමති දැකුම්කලු අයියලාට ඉතරයි!

      Delete
    2. @ඩූඩ්,

      අනේ පව් මෙයා...ගොඩක් අයට තාම උත්තර දුන්නේ නෑ. දිග උත්තර පස්සේ ලියන්ට තියාගත්තා...

      ඒවායින් ඉස්සල්ලා එක ඔයාට හොඳේ බලා හිටියට.:)

      Delete
    3. @බුද්ධි,

      ඔය දෙන්නාම දැකුම්කලු , කලු අය...:D:D:D

      Delete
  47. කවුරුත් කතා කරන මාතෘකාවක්.. ලිපියෙන් වගේම කොමෙන්ට් වලිනුත් සෑහෙන්න දේවල් දැනගත්තා..
    ඒලියන්ස්ලා ගැන නම් කොච්චර කතා තියෙනවද??
    x files, sector seven, men in black වගේ ඒවා ඇත්ත සිද්ධි පාදක කරගෙන හදපු ඒවා කියලත් කතාවක් තියෙනවනේ..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඒලියන්ස්ලා ගැන කියවලා, බලලා ඉවර කරන්ට බැරි තරම් දේවල් තියනවා. ඒ වගේම කියවගෙන යනකොට ඉතින් කුතුහලය, අවිශ්වාසය, බිය, ආසාව , ඔය හැමදේම හිතට එනවා.

      ඔව් ... X files, men in black මම ආසාවෙන් බලපු ඒවා...:)

      Delete
  48. මාත් පිටසක්වලක රවුම් ගහලා ඔන්න ඊයෙ තමා ගොඩ බැස්සෙ .
    …මේ පිටසක්වල ජීවින් ගැනනම් කතා බොහොමයක් තියෙනවා .තාමත් හරියටම කියන්න දන්නේ නැතුව මේ ගැන කියන්න අමාරුයි. කෙසේ වෙතත් හරිම රසවත් ආකාරයට ලියල තියනවා .
    …(ඔන්න බොරුවට මරු ලිපිය කියල කියන්නේ නෑ මමනම් . හොඳ නැත්නම් කෙලින්ම කියනවා . පොඩ්ඩි දන්නවනේ ඒ ගැන )

    ReplyDelete
    Replies
    1. ගිම් පිටසක්වල ගිහින් හිටපු අර අමුතු හැඩයේ නවාතැනේ පින්තූරු ඔන්න අපිත් දැක්කා මූනු පොතෙන්.

      ඔයා එහෙම කරන්නේ නෑ කියලා මම හොඳටම දන්නවා ඒ ඇයි දන්නවද? මට ඔයාගේ හිත කියවන්ට පුලුවන් නිසා...:D

      Delete
  49. අපූරු ලිපියක්..

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      වකාටත් ජය...:)

      Delete
  50. මෑත කාලයේ හින්දි චිත්‍රපට වලින් මමත් කැමතිම එකක් තමයි 'කොයි මිල් ගයා'. තව මං කැමති ජාතියේ පිටසක්වල ජීවියෙක් තමයි සුපර් මෑන්. හැබැයි අර ස්මෝල් විල් එකේ හිටපු එක්කෙනා නෙවෙයි, ලොයිස් ඇන්ඩ් ක්ලාර්ක් එකේ හිටපු එක්කෙනා. තව 'මීගෝ' කියලා මිනිස් පෙනුමක් තියෙන පිටසක්වල ජීවියෙක් ඇවිල්ලා පොඩි ළමයි ඉන්න පවුලක් එක්ක ඉන්න ටීවී සීරීස් එකකුත් මං බලලා තියෙනවා. ඒකත් ලස්සනයි. තව එකක් බලලා තියෙනවා තක්කාලි කන ගෑණු ළමයෙක් ඉන්න ෆිල්ම් එකක්. අනිත් හැමෝ ළමයි එයාට පිටසක්වල ජීවියෙක් කියලා එයාව කොන් කරනවා. එයා එක්ක ඉන්නෙ එකම එක යාළුවයි. ඒත් අන්තිමේදී බලන කොට එයා ඇත්තටම පිටසක්වල ජීවියෙක්. ඒ ටික ඇරෙන්න මං බලලා තියෙන අනිත් පිටසක්වල ජීවීන්ගේ කතා වලටනං මං එච්චරම කැමති නෑ. ඒවා 'too scientific'.

    ඒත් මේ විශ්වයේ පෘථිවි වාසීන් ඇරුණහම තවත් ජීවීන් ඉන්න ග්‍රහලෝක තියෙන්න පුළුවන් කියලාත්, ඒගොල්ලන්ගෙන් සමහරක් අය බොහෝ විට පෘථිවි වාසීන්ට වඩා දියුණු තාක්ෂණික ඥානයක් තියෙන අය වෙන්න පුළුවන් කියලත්, අපි රටකින් රටකට වායුගෝලය හරහා ගුවනින් යනවා වාගේ ඒ දියුණු තාක්ෂණයක් තියෙන අය අභ්‍යවකාෂය හරහා ගමන් කරනවා වෙන්න පුළුවන් කියලත් මම පිළිගන්නවා.

    ඒ ගැන දැනට ලැබිලා තියෙන සාක්ෂිනම් ඇත්තද බොරුද කියලා කියන්න හරියටම දන්නෙ නෑ. ඒත් ඇමරිකාව මේ ගැන ලෝකෙන් හංගන මොනවාහරි තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. එහෙම දෙයක් තියෙනවනම් ඒ හැබැයි ලෝකේ අනිත් රටවල් ගැන මිනිස්සු ගැන අනුකම්පාවකින්නම් නෙවෙයි හැබැයි. ඒ නිසා පොඩ්ඩි අක්කා අර ඇමරිකාව ගැන කියලා තියෙන කතාවනම් සාධාරණයි. අතීතයේදී රටවල් ඇතුළේ අභ්‍යන්තර බලය අත්පත් කරගන්න විදේශාධාර පතපු පාවා දෙන්නෝ හිටියනේ. අන්න ඒ වගේ දෙයක් ඇමරිකාව කරනවා වෙන්න බැරි නෑ.

    ආයෙ වතාවක් අක්කගෙන් හොඳම ගණයේ ලිපියක්. මේ විෂය ගැන මගේ දැනුම අඩු නිසා මට කියන්න ඒ තරම් දේවල් නැති උනත් ගොඩක් වටින කරුණු ඉස්මතු වෙන, කතාබහට ලක් කෙරෙන ලිපියක්. ගලා යාම හරිම අපූරුයි.


    ReplyDelete
    Replies
    1. මගේ ලිවිල්ල වගේම හැමදාම සිත්තමීගේ කමෙන්ට්සුත් ලස්සනයිනේ.:)

      අර තක්කාලි කන ලමයාගේ ෆිල්ම් එක කියනකොට හිනාත් ගියා. ඒක බලලා නෑ සිත්තමියේ.

      ඕනෑම බලවත් රටක් ඉස්සල්ලාම හිතන්නේ තමන්ගේ බලය තියාගන්න හැටි. ඒක තහවුරු කරගන්න හැටි. ඒ හන්දා ඇමරිකාව ඔය වගේ දෙයක් කරන්ට ඇත්තටම බැරි නෑ. නැත්නම් ඒ වගේ දෙයක් තමන් කරන බව පෙන්නලා ලෝකෙට තමන්ගේ බලය පෙන්නනවා ඇති. ඒකනේ කට්ටිය එහාටම ගොඩ බහින්නේ.

      මේ මාතෘකාව යටතේ කෙරෙන කතාබහ කවදාවත් ඉවර වෙන එකක් නෑ.:)

      Delete
  51. මම කැමතිම විෂයක්,
    ඒත් මම බොහොම අඩුවෙන් දන්න විෂයක්.
    පොඩ්ඩි ලස්සනට ලියලා තියනවා.

    අනිවාර්යයෙන්ම අපි මේ විශ්වයේ ඉන්නෙ තනියම නෙමේ කියන එක මට 200%ක් විශ්වාසයි.
    x ෆයිල්ස්, "කොයි මිල් ගයා" වගේ ෆිල්ම් වල තියෙන දේවල් හැබෑ ලෝකෙ අනිවාර්යයෙන්ම වෙනවා ඇති.
    ඒත් අපේ පංචෙන්ද්‍රියයන්ට නොදැනෙන "මාන" වලින් ඒවා වෙනවා ඇති.
    මට නිතරම හිතෙන දෙයක් තමයි මේ ලෝකෙ වෙන දේවල් වල හැටියට කොයි මොහොතෙ හරි පිට සක්වලකින් ඇවිත් අපේ ලෝකෙ ආක්‍රමනය කරලා අපිව සිරභාරයට ගනී කියලා.

    මම මේ කම්පනා කරේ පොඩ්ඩි පිරිමි සතාට පත බබා ඉඳලා මොකෝ මේ එකපාරටම පිට සක්වලට පැන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉතින් පිට සක්වලට පනින්ට ඇත්තේ මේ ලෝකේ හොඳ පිරිමියෙක් හොයාගන්ට බැරි හන්දා වෙන්ට ඇති. කොච්චර කීවත් හදාගන්ට බැරි පිරිමි සමූහයක් තමා මේ පෘතුවියේ ඉන්නේ. පිට සක්වලින් කෙනෙක් හොයාගෙන ඒ පැත්තට ගියා නම් කිසිම කරදරයක් නෑ නේද කියලා දැන් නම් හිතිලා තියෙන්නේ තරු අය්යේ...:)

      Delete
    2. හෆොයි පිට සක්වල අහිංසක පිරිමින්ට අබ සරණයි ...හික්ස්..

      Delete
  52. මේ ගැන ඉතින් මමත් මාරම උනන්දුයි නේ.. ඒත් ඉතින් ගොඩක් දේවල් බොරු කතා විතරක්ම තමයි.. කෝම උනත් සමහර සිද්දි ඇත්තටම අභිරහසක්.. දන්නෝ දනිති තමයි ඉතින්..

    හොද විස්තරයක් පොඩ්ඩි අක්කේ..

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති තමයි ඉතින්...හී හී...හැමදේම එහෙම තමා දිනේෂ්...පිටසක්වල ජීවීන් විතරක් නෙමේ.

      Delete
  53. මේ දේවල් ගැන මමත් උනන්දුයි..:) මටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනවා.ඒත් ඒවට විසදුම්???? :/

    ReplyDelete
    Replies
    1. විසඳුම් හොයන්ට ඇමරිකාව පැත්තට යන්ට වෙයි. නිකං ගිහින් නම් ඒත් හොයාගන්ට බැරි වෙයි. :)

      Delete
  54. ඇමරිකන් කාරය මිහිපිට සිටින සුපිරි ජාතිය කියල, ලෝකෙම මිනිස්සුන්ගේ ඔලුවට දාන්න කරපු සහ කරන මානසික මෙහෙයුම් තමයි පිටසක්වල කතා. මොකෝ තාක්ෂනය ගැන දැනගන්නවත් එක ජප්පෙක්වත් අරන් යන්න හදල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ජපන්නු දැක්කාම එයාලත් තමන්ගේ ජාතියේ අය වගේ පේනවා ඇති. ඒකයි එයාලව අරගෙන නොයන්නේ...:D

      Delete
  55. මේ මාතෘකාව මතක් කර කර ගිහින් බස් එකත් මිස් උනා මගේ එක සැරයක් ...

    ReplyDelete
    Replies
    1. රොබිනුත් මම වගේමයි. :D

      Delete
  56. මං නං මොනවත් කියන්ඩ යන්නෙ නෑ...
    රහසෙං: කාටද පොඩ්ඩි අක්කෙ අර ස්තූති කරල තියෙන්නෙ ;-)

    ReplyDelete
  57. ඔන්න මමද මන්දා අද අන්තිමටම ආවේ..

    ඇත්තටම පොඩ්ඩි පිටසක්වල ජීවින් ගැන ලියන්න පටන් අරන් තියෙන්න සුපිරි ආරම්භයකින්. මේ වගේ ආරම්භයක් ගෙනාවාම ආයෙ යාන්තමට එහෙන් මෙහෙන් කියවලා කට්ටි පනින එකනම් බොරු. මොකද පාඨකයා සිත ඇද බැඳ තබා ගැනිමට නම් එහෙම තමයි වැඩක් පටන්ගන්න ඕනේ. ඒ නිසා ලිපියේ බස හැසිරවීමනම් අතිවිශිෂ්ඨයි.. ඔන්න ඒගැන නම් මගේ ප්‍රසාදය පළමුවෙන්ම පොඩ්ඩිට හිමිවෙනවා..

    ඊළඟට අඅද පිටසක්වල ජීවින් ගැන නේ.

    පිටසක්වල ජීවින්ගැන මම දැකපු හොඳම ෆිල්ම් එක Steven Spielberg ගේ 1982 හදපු ඊ.ටී. ෆිලිම් එක. කොයි මිල්ගයා හැදුවෙත් ඒ ෆිල්ම් එක කොපි කරලා. කොයි මිල් ගයා කොපි කරල හැදුවන් දකුණු ආසියාවේ අපිට දැනෙන විදියට ෆිල්ම් එක කරල තිබුණා.

    ඒ කොහොම වුණත් මම කියවපු බොහෝ ප්‍රවෘත්තිවල සඳහන් ඇමරිකාවේ එක්තරා රහස්ප්‍රදේශයක පිටසක්වල ජීවින් ගැන පර්යේෂණාගාරයක් තිබෙන බවයි.කිසිවකුටත් ඇතුළුවිය නොහැකි ඒ- 51 නම් අධිආරක්ෂක කලාපයක පිහිටි ඒ පර්යේෂනාගාරයේ මෙවන් රහස් ජීවින් ගැන පර්යේෂණ කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ නිසා පොඩ්ඩිගේ අදහස නිවැරදියි.

    ලෝකය එකම යායාක් වුණා වගේ කවදහරි දවසක විහ්වයම එකම යායාක් බවට පත්වෙයි.එතෙක් මේ පිටසක්වල ජීවින් සත්‍ය බවට විශ්වාශ කරමු.

    රිය පදවාගෙන යන වෙලාවක පාලු ඉසව්වකදි ඔය වගේ පිටසක්වල ජීවියෙක් දැක්කොත් හෙම ඔක කියන්න පොලීසි වලට ගියොත් පොඩ්ඩි කිව්වා වගේ සතියක් විතර ඇතුලට වෙලා ඉන්න වෙයි. ඔන්න ඇප දෙන්න ලඝපාත අයට මතක් කරලා තියන්න. සතියකින් පොඩ්ඩිගේ පෝස්ට් එකක් නැත්නම් මීට පස්සේ අපි හිතන්නේ පොඩ්ඩි පිටසක්වල ජිවියෙක් දකින්න ඇති කියලා...


    ReplyDelete
    Replies
    1. මේ මාසේ අග විතර වෙනකොට පොඩ්ඩිගෙන් පෝස්ට් නැති වෙයි. හිතාගන්ට පිටසක්වලින් ආපු කෙනෙක් පැහැරගෙන ගියා කියලා...:)

      දයා ලියන ලිපි වගේම කමෙන්ටුත් හරිම රසවත්. මොනවා ලීවත් ඒකට හරියන විදියේ කමෙන්ටුවක් දාන්ට ඔයා හරි දක්ෂයි. ලිවිල්ලත් ඒ වගේ තමා. අපිට කමෙන්ට් එකෙන් කියන්ට නැතිවෙන්ටම හැමදේම ලියලා ඉවර කරනවා.

      කවදාහරි මේ විශ්වයේ ජීවින් ඔක්කොම එකතු වෙන දවසක් ආවොත් කොහොම තියෙයිද?:D

      Delete
  58. මම මුලින්ම පිටසක්වල ජීවය ගැන දන ගත්තේ ජිප්සීස් ලගේ කුරුමිට්ටෝ කියන සින්දුවෙන්. ඊට පස්සේ ඊ.ටී. කියන ෆිල්ම් එකෙන්.

    මොනවා වුනත් බෞද්දයන් වන අපි හැමෝම පිට සක්වල ජීවය පවතින බව විශ්වාස කරන්න ඕනේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය මේවා තමයි ඒ ලෝක.

    සක්වල ගැන කියවෙන මුල්ම සඳහන තියෙන්නෙත් බෞද්ද දර්ශනයේ. මුගලන් තෙරුන්ට සක්වල තරණය එපා කියා බුදුන් අවවාද කරන්නේ, එසේ ගොස් නිම කරන්න බැරි තරම් සක්වල විශාල නිවා. දැන් විද්‍යාව මගින් ටික ටික මේවා සොයා ගන්නවා.

    පෘතුවියේ මුලින්ම මනුෂ්‍ය ජීවය හට ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කර තිබෙනවා. මෑතකදී කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙය විස්තර කරන බණක් ඇසුවා. ඇත්තටම එය ඇඟේ හිරිගඩු පිපෙන දේශනාවක්.

    ReplyDelete
    Replies
    1. //මොනවා වුනත් බෞද්දයන් වන අපි හැමෝම පිට සක්වල ජීවය පවතින බව විශ්වාස කරන්න ඕනේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය මේවා තමයි ඒ ලෝක.//

      ඒ කියන්නේ සුදීක විශ්වාස කරනවද මේ ලෝකෙට එන ඒ පිටසක්වල ජීවින් අතර මේ අයත් ඉන්ට පුලුවන් කියලා?


      කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවන්ගේ ඒ බණ අහන්ට පුලුවන් කමක් තියෙනවද ඔයා ඔය කියන. ඒ හාමුදුරුවන්ගේ පොතක් කියවලා තියෙනවා. කොලඹ, කුරුනෑගල පාරේ ඒ හාමුදුවන්ගේ අසපුවකට එක පාරක් ගිහින් තියනවා. ඒ දවස්වල හාමුදුරුවෝ ඉන්දියාවට වැඩම කරලා . හම්බ වෙන්ට බැරි උනා. මට ආසයි හාමුදුරුවන්ගෙන් මේ සම්බන්ඳ ප්‍රශ්න අහන්ට.:)

      Delete
  59. මම නම් එච්චර කැමති නැති සබ්ජෙක්ට් එකක්. මම කැමති මේ රටේ ජීවීන් ගැන තියෙන ඒවටයි. සුදු නෝනලා ඉන්න ඒවටයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔය රටේ සුදු නෝනලාද? නැත්නම් පිටරටවල ඉන්න සුදු නෝනලාද? :D:D

      Delete
  60. ඔය ගැන කාලයක් පිස්සු වැටිලා හිටියා. පොත්/සඟරා, වාර්තා වැඩසටහන් එහෙම සෑහෙන්න කියෙව්වා, බැලුවා. මම වගේම පිටසක්වලයෝ ගැන පිස්සු වැටුණු පිස්සෝ ටිකක් එකතුවෙලා සංගමයකුත් පිහිටුවාගෙන හිටියා, ඒ ඉස්කෝලේ යන කාලේ. කලින් තරම් පිස්සුවක් නැතත් කුතුහලයක් තාම ඉතිරිවෙලා තියනවා. :)

    ඔය රොස්වෙල් සිද්ධිය ඇසුරෙන් ලියපු කතාවකුත් ඒකෙන් හදපු ටීවී සීරීස් එකක් තියනවා, කුමාරිහාමි බලලත් ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ මේ ලිපිය ලියන්ට ගොඩක් දේවල් කියෙව්වා. බැලුවා. සෑහෙන කාලෙකට ඒ ඇති.

      මට ඔය කියන පිස්සුව තාම තියනවා හිරණ්‍ය...:)

      Delete
  61. one of my childhood dreams was to meet an alien face to face.
    good post poddi. love this

    ReplyDelete
    Replies
    1. I had my entire childhood dreams with aliens...he he...

      Thanks සිඳු...:)

      Delete
  62. ඔය ප්‍රශ්න සේරටම උත්තර හොයාගත්තහැකි ඉන්ග්ලිෂ් ෆිල්ම් වලින්

    ReplyDelete
    Replies
    1. සේරම ප්‍රශ්නවලට උත්තර??? :D

      Delete
  63. මගෙත් හිතගත් මාතෘකාවක් තමා ඔය. හැබැයි කවදාවත් කියවල ඉවරකරන්න බැරි තිරතුරු ගොඩක් තියනවනෙ මේ පිටසක්වල ඈයො ගැන. ඔහොම කියව්ගන කියවගන් යද්දි මට එලියට බහින්නත් බය හිතෙනව වෙලාවකට.. පිටසක්වල ජීවීන් පැහැරගෙන ගිහින් ගෙනත්දාපු අය ගැන එහෙමත් ඕනෙතරම් විස්තර තියනව. අනේ මන්ද ඇත්ත බොරුනම්.. මට තියෙන ප්‍රශ්ණෙ තමා මේ ඔක්කෝම සන්තෑසි වෙන්නෙ මේ ඇමරිකාවෙමනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ විස්තර කියවද්දි මට නම් ආසත් හිතෙනවා. හැබැයි ඉතින් ඇත්තටම හම්බ උනොත් දුවන්ට පාරවල් හොයාගන්ට බැරිවෙයිද දන්නෙත් නෑ.:)

      ඔය ඔක්කොම ඇමරිකාවේම වෙන්නේ එයාලා ඉන්නේ ඒ කිට්ටුව හන්දද දන්නේ නෑ නේද?

      Delete
  64. //පොඩ්ඩි නම් ඉල්ලුවොත් එයාලගෙන් ඉල්ලන්නේ, රෝහිත්ට වගේ එක, එක්කෙනාට ගුටි අනින්ට කාය ශක්තිය නෙමේ. අනුන්ගේ හිත් දැනගන්න ශක්තිය. එතකොට සමහර කමෙන්ට්ස් වරදවා තේරුම් ගන්න ඔය අය්යලා, මාමලාගේ එහෙම හිත් කියවලා එයාලා සැනසෙන කමෙන්ට් දාන්ට බැරියැ.//

    හික් හික්...අන්න ඒකනම් ෂෝක් වැඩක්..

    ඒරියා 51 පැත්තේ ලඟදි යන්නයි හිතාගෙන ඉන්නේ. ගියා කියලා ඉතින් ඒරියා 51 බලන්නනම් හම්බු වෙන්නේ නෑ.

    මොනවා උනත් මම හිතන්නේ පිටසක්වල ජීවින් කියලා ජාතියක් ඉන්න ඕන. මේ ක්ෂිරපතයෙන් එළියේ කොයි තරම් ග්‍රහලෝක, මන්දාකිණි තියනවද? ඉතින් ජීවින් ඉන්නේ පෘතුවියේ විතරයි කියලා කාටද කියන්න පුළුවන්. හැබැයි ඔය යානා වලින් එන්නේ උන්ද කියලනම් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. යානාවලින් කවුරු හරි එනවානම් ඒ වගේ දියුණු ග්‍රහ ලෝකවලින් එන කොටසක් වෙන්ටත් ඉඩ තියනවා නේද?

      ඒරියා 51 පැත්තේ ලඟදි යනවද? නියමයිනේ. ගිහින් ෆොටෝ අරන් ඇවිත් පෝස්ට් එකක් දාන්ට. හැබැයි බලාගෙන .... එතනින් පැනගත්තු පිටසක්වල ජීවියෙක් මුණ ගැහෙන්ට ඉඩ තියනවා. අනෙක් පැනලා යන එහෙම කෙනෙක් ගෙනියන්ට පිටසක්වල යානයක් ඇවිත් තියෙන්ටත් ඉඩ තියනවා.:D

      Delete
  65. X files series එකම බලපු මට නම් මේ පිටසක්වල ජීවියො එපා වෙලා අයියෝ ඉන්නෙ !

    ReplyDelete
  66. හැමදාම වගේ මම කැමති පොඩ්ඩි පෝස්ටුව ඉවර කරලා තියන විදිහට..
    පිටසක්වල ජීවියෝ ගැන ගොඩක් දේවල් දැනගත්තා..ඒත් ඒ ගැන කොමෙන්ටුවක් ලියන්න තරම් නම් ලොකු අදහසක් නෑ..

    ReplyDelete
  67. පිටසක්වල ජීවීන් සිටිය හැක.ඒ ගැන කිසිම සැකයක් නැත.මේ විශ්වයේ(Universe) චක්‍රාවාට(Galaxies) විශාල සංඛ්‍යාවක් ඇත, ඒවායේ සෞරග්‍රහ මන්ඩල(Solar Systems) විශාල සංඛ්‍යාවක් තිබිය හැක,එම නිසා අපට ඒවායේ පෘථිවියට(Earth) සමාන ජීවීන් සිටිය හැකි ග්‍රහලෝක තිබිය හැකිබව උපකල්පනය කල හැකිය... :)

    හොද ලිපියක් පොඩී!!! :)

    ඔබට ජයෙන් ජය !!! :)

    ReplyDelete