මේ, 1960 ගණන්වල, එංගලන්තයේ කාන්තා විදුහලක , 'ලිංගික අධ්‍යාපනය'
උදෙසා ලියැ උනු පාඩම් පොතකින් ගත්
කොටසක්. ඒ කාලයේ ලෝකය වඩා ප්‍රීතිමත් සහ සාමකාමී තැනක් වූයේ මේ හන්දද කියල ප්‍රශ්නයකුත්, මේ කොටස උපුටා දක්වන කෙනා අහනවත් එක්ක.
භාර්යාවක් කොහොමද නිදන කාමරේදී
සැමියෙක් එක්ක හැසිරෙන්ට ඔනේ හැටි තමා මේකෙන් කියවෙන්නේ...
“ඔබ නිදන කාමරයට යායුත්තේ හරියටම වෙලාවට. ඔබේ
පිරිසිදුකම වැදගත් උනත්, මහන්සිවී
සිටින ඔබේ සැමියාට,
කෝච්චිය බලා සිටින්නාක් මෙන් පෝලිමේ, නාන කාමරය වෙත යාම සඳහා බලා සිටිය නොහැකියි.
නිදන කාමරයට එද්දී,
ඔබව කදිමට පෙනෙන පරිදි සැරසී ආ යුතුයි.
ඒවගේම සෑම දෙයක්ම ආදරෙන් බාරගන්නා බවක් පෙන්වීමට ඔබ අමතක නොකල යුතුයි. මූනේ ක්‍රීම්
තලි ඇතිල්ලීම හෝ,
කොණ්ඩය කටු ගසා සැරසීම සැමියා නිදීමට
පලමු නොකල යුත්තේ ඉන් ඔහුට කම්පනයක් ඇතිවිය හැකි නිසාවෙනි. ඔහු තමාගේ අවශ්‍යතායන්
ඉටුකරගැනීමට සැරසෙද්දී, එය වැලැක්විය යුතු නොවන්නේ, ඔබ විවාහයේදී ඔහුට කීකරුවීමට පොරොන්දු වී සිටින
නිසයි. ඒ කාර්යය අවසානයේ ඔහුට නිදා ගැනීමට අවශ්‍ය නම්, ඊට ඉඩ දිය යුතුයි. ඔහුව අනවශ්‍ය විදියට
කුලප්පු කල යුතු නැත. හේතුව ඔහු තෘප්තියට පැමිනීම, ඔබේ තෘප්තියට වඩා වැදගත් වෙන බැවිනි. ඔහු
තෘප්තිය කරා ලඟාවෙනවිට, ඔහුව
උද්යෝගී කිරීම සඳහා සිහින් කෙඳිරියක් නැගුවාම ඇති.
එමෙන්ම, ඔහුට වෙනත් ඉරියව්වකින් හැසිරීමට උවමනා නම්, ඒ සියල්ල නිහඬව ඉවසා සිටිය යුතුයි. ඔහුට නින්ද
ගියපසු, තමාගේ ඇඳුම් සකසා, මුහුනේ ක්‍රීම් තැවරීම්, කොන්ඩා සැකසීම් වැනි දෑ කල හැකියි.
ඉන්පසු උදෑසන නැගිටීම සඳහා ඔර්ලෝසුවේ
වෙලාව තැබිය යුත්තේ, ඔහු නැගිටීමට මද වෙලාවකින් නැගිට, ඔහුගේ උදෑසන තේ කෝප්පය ඔබට පිලිවෙල කල හැකි
නිසාය.”
ඒ කියන්නේ ඒ කාලයේ භාර්යාවට සලකලා තියෙන්නේ මුදල් දී සේවයක් සපයන කෙනෙකුට වගේ.
ඒ කියන්නේ ඒ කාලයේ භාර්යාවට සලකලා තියෙන්නේ මුදල් දී සේවයක් සපයන කෙනෙකුට වගේ.
හැබැයි මුදල් දීලා සේවයක් ගත්තු අය ගැන, ඈත අතීතයේ තිබුනේ මීට වඩා වෙනස් අදහසක්. නගරයේ ලස්සනම කාන්තාවට සිද්ධ උනා 'නගරයේ භාර්යාව'
වෙන්ට.
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මේ අය
දකින්ට ලැබුනා. කවුරුත් ඔවුන්ට ගැරහුවේත්, ඔවුන් අවමානයට ලක් කලෙත් නෑ.
“Intoxicated
with my complexion, figure, beauty & fame
Haughty
with youth, I despised other women.
Adorning
this body embellished to delude foolish men,
I stood
at the door to the brothel
A
hunter with snare laid out…
…………………………………………..
…………………………………….........
I worked my manifold magic, laughing out loud
at the crowd ….”
මේ විමලා නමැති අභිසාරිකාව බුදු සසුනේ
පැවිදිවී, රහත් වූවාට පසු, කියන ලද තේරී ගාතා කිහිපයක්…
ඈ අභිසාරිකාවක් ලෙස ගත කල කාලය ගැන මින්
යමක් අපිට හිතා ගත්තෑකි.
සමහර විට මෙය අනිකුත් භාර්යාවන් ඉවසන්ට
ඇති. තමන්ගේ සැමියා නැවත ආපසු තමන් ලඟට එන බව දන්නා නිසා වගේම, තමන්ට සමහර රැයකටවත් සැනසීමෙන් රාත්‍රිය ගත කල හැකිබව ඔවුන් සිතන්නට
ඇති. 'අභිසාරිකාවන්' ලෙස හැඳුන් උනු, නගර ශෝභිනින්හට ඒ කාලේ තිබුනේ වැදගත් තැනක්. ඔවුන්හට අපහාස කල කෙනෙක්
හිටියේ නෑ වගේම, පිරිමින් ඇයට සැලකුවේ යම්කිසි ගරුත්වයකින්.
1890 ගනන්වල මේ සිරිත තාමත් ඉන්දියාවේ තිබුනත්, මේ 'අභිසාරිකාවන්'ට හිමි තැන පහල වැටෙමින් තිබුනේ. Umrao Jaan ඒ වගේ කාන්තාවක්. මිනිසුන් මුසපත් කරන
රුවක්, ඔවුන් බැඳ තබා ගන්නා ඉරියව්, ඔවුන් ආදරෙන් පොලඹවන වදන්, මේ සියල්ල ඇය සතු උනා. දේදුන්නක් පස්සේ
එලවනවා වගේ ආදරය පස්සේ ගිය ඇයට ආදරය අහිමි උනේ ඒ සමාජය ඇගේ රැකියාවෙන් ඇයට මිදෙන්ට
නොදුනු හන්දා වෙන්ට ඇති. මොවුන්ගේ ලමුන්හට ඒ රැකියාව කිරීමට සිදුවීමෙන් 'ගණිකා වෘතියක්'
ඇති උනා කීවොත් නිවැරදී....
'කර්තේලිස්...කර්තේලිස්...'
'මේ එනවා හාමිනේ'
'අර ඉදවපු කෙහෙල් කැන දැම්මද?'
'එහෙමයි'
'හාල් තුන පහ ...'
'එහෙමයි'
'රාලහාමිගේ අඩු වැඩිය'
එහෙමයි...'
'ඈ හාමිනේ' මෙසේ අසන්නේ බත් ගෙහි උයන කුස්සි අම්මා
මැගියාය.
'ඔව් මොකෑ බොල?'
'හාමිනේට ගානක් නැතෑ රාලහාමි එහේ යන එක ගැන' 'ඇයි මැගියෝ ටික දොහොකටවත්, මෙහෙම හරි නිදහසේ සැනසිලා ඉන්ට ලැබෙන එක කොයි
තරම් දෙයක්ද?
අනෙක ඒ ඇත්ති රාලහාමිව බලා ගන්නවනේ...'
යටත් විජිත සමයේ ලංකාවේ සමහර පැතිවලින්, විශේෂයෙන් මූදු කරෙන් ආරංචි වෙන්නේ භාර්යාවන්, තම සැමියන්ව අනියම් භාර්යාවන් වෙත කැමැත්තෙන් යැවු බවක්ලු. නිවසේ
ඉදවපු කෙහෙල් කැන්, හදාපු රසකැවිලි, පවා ඔවුන් වෙත යවා තිබුනේ, ටික දවසකට හෝ නිදහසේ සිටිය හැකි උනු නිසාලු. තවත් හේතුවක් තමයි මේ
හන්දා සැමියා යන තැන අනිවාර්යෙන් දැනගැනීම, ඔහු නැවත නිවසට එනබවටවූ විශ්වාසය මේ
මගින් තහවුරු වීම.
ඒ එදාය. මේ අද……
මෑතදී විවාහවූ තරුන බිරිඳ උදෑසන
අවදිවේ....සැමියා ඇඳෙන් බැස ගොසිනි.
ඇය සැමියාගේ ෆෝනයට ඇමතුමක් දෙයි. ඔහු
පහල මාලයේ උදෑසන පුවත් පත බලන්නේය.
‘Hey
slave…I need my morning coffee’
‘What’
‘I
need my coffee’
‘Why
don’t u come and get it your Majesty …’
‘need
it with sex on toast please’
පුවත් පතක් බිම වැටෙන හඬ ඇසේ.
‘coming
right up with some extra toast….’
ඊලඟට ඇසෙන්නේ කුලු මීමෙක් පඩි පෙල ඉහලට
දුව එන්නාක් බඳු හඬකි.
තරුන බිරිය මද සිනාවක් පා අනික් පස
හැරී, නිදන්නට පටන් ගනී.
1960 ගනන්වලට වඩා අද ලෝකය වෙනස්වී ඇති තරම...
A sweetheart is a bottle of wine, a wife
is a wine bottle……Baudelaire……


අඩේ! මමනම් තේ හදන්නේ නෑ! මේක හරි කෙළියක්නේ!
ReplyDeleteකවුරු හරි ඔයාට තේ හදන්ට කියලා කරදර කරනවද? :)
Deleteමම දාන්න කමෙන්ට් එකක් නැතුව හිරවෙන පොරක් නෙවෙයි සාමාන්‍යයෙන් නම්. එහෙම ඉඳහිට වෙනවා ඔය හරීගේ ආගමික පෝස්ට් වල, මාතලංගෙ දේශපාලන පෝස්ට් වල හෙම නම්.
ReplyDeleteමේ පෝස්ට් එකට නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි හන්දා, මේ කට්ටිය ඇවිත් කියන ඒවා අහගන්න හාංසි පුටුවේ ලැගලා ඉන්නෙ. පොඩ්ඩි, ඔය නෙස්කැෆේ එකක් වගේ ගෙනාවා නම්! ටෝස්ට් ඕනෙ නෑ. සැක්සපෝං ඕනෙත් නෑ.
හපොයි එච්චර හිරවෙන පෝස්ට් එකක්ද මේ...:)
Deleteඔන්න නෙස්කැෆේ එකක් ගෙනාවා. හිමිහිට බොන්ටකෝ...
ෆීමේල් ඩොමිනේෂන් නැත්තං ෆෙම්ඩොම් කියලා කියන්නේ නිකංද?
ReplyDeleteකුමාරිහාමිත් කසේ අරං වනන්ටද කල්පනාව... :D
කුමාරිහාමි මොනා කරයිද කියලා තාම දන්නේ නෑ තිසර. :)
Deleteඅර එදා එක්කෙනෙක් නමක් නැතිව ඇවිත් කීව කතාවට පස්සේ තමා මේක ලියන්ට හිතුනේ. සමහර පිරිමි (ඔයාලා වගේ අය නම නෙමේ හොඳේ ) එයාලගේ පුරුෂාධිපය්‍ය පෙන්වන එක ක්‍රමයක් තියනවා. පිට හැදුනු හන්දද දන්නේ නෑ ඒකට නම් මම හරිම අකමැතියි ඕං....
Deleteදැන් නම් ගැහැණියගේ තෘප්තිය ගැනත් හිතන පිරිමි ඉන්නවා නේද....? විශේෂයෙන් නොරට, මේ රටේ නම් නෙමේ. මෙහේ බොහෝ අය ලිංගික කලාව ගැන නොදැණුවත්. මට මතකයි දුකා කාලෙකට ඉස්සර සරත් විජේසූරිය මහත්තයගේ වීඩීයෝ වගයක් දාලා තිබුනා දෙපාර්ශවයටම වැදගත් වන..
ReplyDeleteඔය කියන්නේ අර ගෑනු අඳින මොකක් හරි ඇඳුමක් ගැන නම් මම ඒක බැලුවා. ඒක හරිම වැදගත්, ඒ වගේම හිනායන ලස්සන පෝස්ට් එකක්. මාතලියට ඒකේ ලින්ක් එකක් මෙතන දාන්ට තිබුනා.:)
DeleteThis comment has been removed by the author.
ReplyDelete// යටත් විජිත සමයේ ලංකාවේ සමහර පැතිවලින්, විශේෂයෙන් මූදු කරෙන් ආරංචි වෙන්නේ භාර්යාවන්, තම සැමියන්ව අනියම් භාර්යාවන් වෙත කැමැත්තෙන් යැවු බවක්ලු. //
ReplyDelete// ඒ එදාය. මේ අද //
ඒක නේන්නං බලාන්ට ඒ කාලෙ හොඳ පුරුදු අද වෙනකොට මේ ගෑණු ළමයින් ගාවින් නැති වෙලා ගොහින් තියෙන හැටි.. ;)
++++++++ :D
Deleteසිරාවට! :D
Delete@බූරා,
Deleteඒක නේන්නම් බලාන්ට. වැඩිහිටියෝ මේවා ලමයින්ට පුරුදු කරන්ට ඕනි සිරිත්නේ. අපි අපේ සම්ප්‍රදායයන් රැක ගන්ට එපැයි. හැබැයි ඉතිං ලංකාවේ අර තෙල් වෙද මහත්තුරුන්ගේ ආදායම ඉහල යයි. :D:D:D
@බුද්ධි,
Deleteඅපි දන්නවා මේ සත් ගුණවත් කට්ටියම පරණ පුරුදු රකින්ට බොහොම කැමතියි කියලා. :)))
@සබිත්,
Deleteසිරාවටම තමා. බොරුවට කියලා හිතුවද? :D
ජෝක් එකට කිව්වට මම නම් මේක පිලිගන්නෙ වැල්ලෙකරේ ඉන්න ආච්චිලාගෙන් අහලා තමා...... :D
Deleteමල හත්ඉලව්වයි සෙක්ස් ගැන කියලත් බෑ නොකියත් බෑ ..එක්කෝ නොකියම යන්නම් වැඩිය සෙක්ස් ගැන කියල මාවත් ගුගල් දෙය්යන්ට මාට්ටු වුණොත් .එහෙම ..
ReplyDeleteඇයි ගූගල් දෙය්යෝ ඒ මාතෘකාවට අකැමතිලුද? :)
Deleteමම ඉට්ටැයික් කොරනව 60ගනංවල තිබුන මේ පාඩම අද අපේ පෙල පොත් වලට ඇතුලත් කරන්න කියල.
ReplyDeleteමට මවා ගත්තු හැකි රාජ් පස්සේ ඉන්න පෝලිම හී හී...
Deleteමම මේ කල්පනා කරන්නෙ මම ඉන්නෙ මොන යුගයෙද කියලා :D
ReplyDeleteපුරාතන, මධ්‍යතන හෝ නූතන තමා අනිවා......... :D :P
Deleteඔයා කැමති මොන යුගයටද ගිම්හානී, මම කැමති එකටමද කියලා බලන්න. :p :p
Deleteතරු එයා කියන්නැත්තම් ඔයාම තීරණය කරන්න කකා මහාචාරිගේ මෙන්න මේ ලිපිය කියොලා
Deletehttp://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html
@ගිම්,
Deleteකලියුගයේ ගිම්...:)
@තරු,
Deleteඔයා ඉන්නේ මොන යුගයෙද? :)
@බුද්ධි,
Deleteමෙයා හරි හොඳයි . අවශ්‍ය දේවල ලින්ක් එක දෙන ඉක්මන බලන්ට. :D
මෙන්න බුද්ධි ගේ ලින්ක් එක!
Deletehttp://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html
කෝ මේ ගිමා
Deleteගිම් අක්කා ගල් යුගේ අතරමං වෙලා බුද්ධි ඒකයි ඇවිත් නැත්තේ
Deleteහෙහ් හෙහ් මම එක එක කාලෙට එක එක යුග වලපොඩ්ඩි .
Delete@බට්ටි,
Deleteපේනවනේ බටුවට හිටියට කියන කතා...:D:D:D
//මූනේ ක්‍රීම් තලි ඇතිල්ලීම හෝ, කොණ්ඩය කටු ගසා සැරසීම
ReplyDeleteමේකට ලිප්ස්ටික් ගෑමත් තහනං කරානං මරු....
ඒත් කරුමෙට මං ඉන්නේ අද ලෝකෙනේ...
සැහ්...
නෑ නෑ කොල්ලෝ බය වෙන්නෙපා
Deleteලිෆ්ටික්ස් කැවුනම මැරෙන්නේ නෑ. විසවෙන්නෙත් නෑ :)
@තරියා,
Deleteලිප්ස්ටික් ජාති තියනවා පාට ගාපුවම යන්නේ නැති. ඒ හන්දා බයවෙන්ට එපා තරියෝ...:)
@මධූ,
Deleteමෙයා දන්න ජාති. පොඩ්ඩක් කැවුනට මැරෙන්නේ නෑලු...හී හී..
This comment has been removed by the author.
ReplyDeleteඑදා හා අද අතර වෙනස මේකයි. එදා කාන්තාව සමසමයෙන් හැටියට නොගෙන සේවකයෙක් නැත්තම් වහලෙක් හැටියට සැලකුනේ සැමියාගේ නැත්තම් සමාජය එසේ බලාපොරොත්තු වීම නිසා මිසක් කාන්තාවගේ (බොහෝවිට) කැමැත්තෙන් නෙමෙයිනේ. අද කාන්තව dominatrix වෙන්නේ /role playing කරන්නේ වෙන්නේ දෙන්නගෙම කැමැත්ත ඇතිව ඒ ගැන දැනුවත්ව. ඒක එක පාර්ශවයක් මර්ධනය කරගෙන තවත් පාර්ශවයක් නැගිටීමක් හැටියට සලකන්න බැරි නිසා වරදක් දකින්නේ නෑ.
ReplyDelete
Delete// ඒක එක පාර්ශවයක් මර්ධනය කරගෙන තවත් පාර්ශවයක් නැගිටීමක් හැටියට සලකන්න බැරි නිසා වරදක් දකින්නේ නෑ.//
ඔව් ... ඒත් මේවා ගැන, කාන්තාවන් කතා කරන එක නම් , වැරදියි වගේලු නේද හිරණ්‍ය...:)
මුලින් කියලා තියෙන ක්‍රමය නැතිවෙලා තියෙන එක හොඳා(ඇත්තටම නැතිවෙලා තියෙනවනම්) මොකද කාන්තාවටත් ජීවිතයක් තියෙන්න එපැයි හැබැයි මම කියන්නේ කියන හැම එකකටම බැහ් ගාන එක ගැන නෙමෙයි දෙන්නා එක්ක කතා කරලා හදන ලමයි ගානේ ඉඳන් හැම දෙයක්ම කරගත්තනම් වැඩේ ගොඩ නැත්තම් මේක මිනිහට බයෙන් ජීවත්වෙන සමාජයක් විතරක් වෙනවා මිසක් ආදරේ මූලික කරගෙන ජීවිතය ගෙනයාමක් වෙන්නේ නෑනේ
ReplyDeleteදෙවෙනි එක නම් හරියට මිනිහා හොරෙන් කොහෙවත් නොයන බව තහවුරු කරගන්න කරගත්තු කපටි වැඩක්ද මන්දා අනික අකමැත්තෙන් ජීවත් වෙද්දි මිනිහගෙ කරදරෙන් බේරෙන්න කරලත් වගේ පේනවා.ඕක මේ කාලෙට අදාල කරගත්තොත් මෙහෙමයි
කොල්ලා - මම ඔයාට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දෙන්නද?
කෙල්ල - අනේ එපා මම ඕවට ආසා නෑ කැමතිනම් මට ඔයාගෙ එකෙන් යන්න දෙන්නකෝ එතකොට මට ෆේස්බුක් එකෙන් එනවයි කියන අවුල් වෙන්නෙත් නෑනේ නේද??
අන්තිම කරුණ තමා බොහෝමයක් කෙල්ලෝ ඉන්නවා ලිංගිකත්වය ඉස්සරහට දාලා කොල්ලන්ව කරත්තෙ ගැටගහන.ආයේ අහන්න දෙයක් නෑනේ ඊට පස්සේ කතා කරලා
//ඒ කාලයේ ලෝකය වඩා ප්‍රීතිමත් සහ සාමකාමී තැනක් වූයේ මේ හන්දද කියල ප්‍රශ්නයකුත්, //
මම නම් හිතන්නේ ඒ කාලෙත් මේ වගේ තියෙන්න ඇති හැබැයි ඒ කාලේ නිදහස් මාධ්‍යය කෙල පෙර පෙර වෙච්චි දූෂණ වාර්තා කරන්න නැතිව ඇති.දූෂණයට ලක්වෙච්චි කාන්තාවගෙ රෙදි මිනිස්සු බර ගානක් ඉස්සරහා උසාවි වල ආයේ ගලවන්නත් නැතිව ඇති
මම මේකෙන් අදහස් කරන්නෑ දූෂණ යට ගහන්න ඕන කියලා මම කියන්නේ දූෂණයක් වෙච්චි වෙලාවක ඒක කරපු හැටි නොකියා ඒ යක්කුන්ට දෙන දඬුවම රස කර කර දෙන්න ඕන කියලා
තමා තමාව පාලනය කරගැනීමයි වැදගත්
//කියන හැම එකකටම බැහ් ගාන එක//
Deleteහිහි...මේ මොකෝ ගැමියෝ?
මොනවා උනත් හොඳ කමෙන්ටුවක්...මම එකඟයි
@ ගැමියෝ,
Deleteකවුද අනේ ඔයාට බැහ්, බැහ් කීවේ?...:D
අර ෆේස් බුක් එකේ කතාව නම් නියමයි. හොඳ මොලයක් නේද? පොඩි ට්‍රයි එකක් දීලා බලන්ට හිතයි.
ඔයා කියලා තියන කරුණු ටික හරිම වැදගත්.
ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ තමන්ට තමාව පාලනය කිරීඑමේ හැකියාව තිබීම.
@ සයුරි,
Deleteකවුරුම හරි මොන දේකට හරි බැහ් ගාලා තියෙන බව මේකෙන් ඔප්පු වෙනවානේ සයුරි? :D:D
@ සයුරි අක්කේ,
Deleteඕං බලන්නකෝ අල්ලගත්ත තැන හපුයි... මං කියන්න අදහස් කලේ ඒ ඒ දෙගොල්ලෝ ඒවා ගැන කතා කරලා විසඳගන්න ඕන කියලා අප්පා
කාපල්ලකෝ ඉතින් මටත් මතක නෑ ඒ වෙලාවේ මොන සිහියකින් ඉඳලා මෙහෙම කෑල්ලක් දැම්මද කියලා
හම්මෝ මටත් උනේ අර හෙන්රිට වෙච්ච දේමයි.. කියාගන්න දෙයක් නැතුව කට ඇරන් බලං ඉන්නවා.
ReplyDeleteඉක්මනට කට වහගන්ට. නෝනා ආවොත් හරි වැඩේ හී හී...
Deleteඑදාද අදද හොද කියල කල්පනකරමින්
ReplyDeleteඅදට වඩා හෙට හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? :D
Deleteපොඩ්ඩි දත් ටික හලාගන්නයි හදන්නේ. :)
ReplyDeleteබලන්ඩකෝ දවසක් දෙකක් ඔහොම කියලා. තුන්වෙනි දවසේ 'අල්ලලේ වල්ලල්ලේ කල්ලල්ලෑ බොල්ලල්ලෑ' කිය කිය තමා ඉන්න වෙන්නේ.
//එමෙන්ම, ඔහුට වෙනත් ඉරියව්වකින් හැසිරීමට උවමනා නම්....
ඉරියවුව විතරද මාරු කරන්න දෙන්නේ. ශික්... මෙලෝ වැඩක් නෑ. :)
ඒක නෙමේ පොඩ්ඩි.
හැමදාම මේ වගේ කාන්තාවාදි බහුබූත ලියන්න එපා. අධික ස්ත්‍රී උන්මාදයෙන් ලිව්වා වගේ. ඒක මානසික ලෙඩක්. ඒ දවස්වල වජිරදේවිත් ලියන්නේ ඔය වගේ විකාර. ඒ නිසා ඒ දවස්වලම ඒ බ්ලොග් එකට නොයා ඉන්න ත්‍රීරණය කලා. (දැන් නම් කොහොම ලියනවද කියලා දන්නේ නෑ. කාලෙකින්ම ඒ බ්ලොග් එක කියවලාම නෑ.)
කොතන හරි වැරැද්දක් තියෙනවා නම් කතා බහ කරලා විසදගමු. මොකද වැරදි කරන්නේ නැති කෙනෙක් මේ මිහිපිට හොයාගන්න නැති නිසා.
අනික හැමදාම මේ විදිහේ පෝස්ට් ලියනකොට කියවන අයට එපා වෙනවා.
මොකද හැම පෝස්ට් එකකම මොකක් හරි තේ හදන සීන් එකක්, එක්කෝ පිරිමියා ලව්වා ගෙදර වැඩපොල සේරම කරගන්න බිරිඳකගේ කතාවක්. මේ දෙවල් පිරිමියෙක්ගෙ අතින් කෙරෙන්න ඕන. ඒක මං නැහැයි කියන්නේ නෑ. නමුත් ඒ දේවල් හාස්‍යයට අරගෙන අධික ස්ත්‍රීත්වය උලුප්පා පෙන්වන විදිහේ පෝස්ට් වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ. (කැමති අයත් ඇති.)
ස්ත්‍රීත්වයට කොතනක හරි අසාධාරණයක් උනා නම් ඒ ගැන ලියමු. අපි ඒ අසාධාරණයට විරුද්ධව කතා කරමු. අදහස් ප්‍රකාශ කරමු. ඒ ඇරෙන්න ස්ත්‍රීත්වය උලුප්පලා පෙන්න ගන්න ඕන පෝස්ට් නම් ලියන්ඩ එපා !!!
ප.ලි. - තව කියන්න දේවල් නම් තියෙනවා. සයිට් යන්න තියෙන හින්දා ඒ ටික පස්සේ ලියන්නම්.
මේක මට අදාළත් නැහැ, කොහොම වුණත් උත්තරයක් දෙන්න හිතුනා. ස්ත්‍රීවාදය (Feminism) කියන්නේ කාන්තාවන් උදෙසා සම දේශපාලනික, ආර්ථික හා සමාජයීය අයිතීන් හා අවස්ථාවන් වෙනුවෙන් සම්මුති ගැන්වූ අදහස් යොමුවක් හා පෙළක්. කාන්තාවාදය බහුබූතයක් හැටියට හැඳින්වීමෙන් කරන්නේ සමානාත්මතාවට නිගාවක්.
Deleteස්ත්‍රීත්වය උලුප්පා පෙන්වීමේ වැරැද්ද මොකද්ද? කාන්තාවක් තමන්ගේ අනන්‍යතාවය නැත්තම් ස්වාධීනත්වය ප්‍රකාශ කරන එකේ කිසි වැරද්දක් නැහැ. අනික මේකට අන්තර්ජාලයේ/බ්ලොග් අවකාශයේ සාම්ප්‍රදායික පිළිතුරක් තියනවානේ "අකමැති නම් නොබලා ඉන්න කියල".
කොහොම වුනත් එකම දේ නැවත නැවත කීම නීරස වීම ගැන නම් ඔබත් සමග එකඟයි.
ස්ත්‍රීත්වය කාන්තාවාදය කියන එක උලුප්පලා පෙන්නුවාට වරදක් නෑ මචං. ඒක උලුප්පන්න පිරිමින්ව පතුරු ගහන එක අනුමත කරන්න බෑ. මං කතා කරන්නේ ඒ ගැන. නැතුව මට ඔය කාන්තාවාදය ගැන කතා කලත් එකයි නැතත් එකයි.
Deleteඉතුරු ටික ගෙදර ගිහිං ලියන්නම්.
ඇත්තම කියනවා නම් ඔය මධුරංග ෂැන්ඩි නැතුවම කියල තියන ටික , මටත් අනන්තවත් හිතිලා තියනවා :) කොච්චර නැට්ට වනා ගෙන ආවත් , හැමදාම මෙහෙම පයින් පාරවල් කන එක බල්ලෙකුටවත් ඉවසන්න පුළුවන් දෙයක්ද?
Deleteඒත් දයානන්දත්, හිරණයත්, විචාරකත් කියපු දේවල් බලල ඩූඩ්, සරත්, හසිත " රක්ෂිතයේ ගාල් වුනේ" ඇයි කියලා කම්පනා කොර, කොර ඉන්න කොට මට හිතුන මෙහෙම දෙයක්:
අපි කොහොම හිතාගෙන හිටියත් අපේ රටේ තාමත් තියෙන්නෙ පුරුෂාධිපත්වය රජකරන සමාජ රටාවත්. විචාරක කීව වගේ සුරාකෑමට, අසාධාරණයට ලක් වෙන්නේ ගැහැණු. කොටින්ම සාධාරණ , ගුණවත් සිරි ලාංකික පිරිමි අප හැමෝම යටි හිතින්වත් සුචච, කීකරු භාර්යාවක් පතනවා. පොඩ්ඩි වනල, වනල දෝයි ගාලා පතබාන්නෙ අපේ මේ පැන්ටසියට. ඉතිං, දෙයියනේ අපට රිදෙන එක අහන්නත් දෙයක්ද? :)
ගෙදර බුදුන් අම්මා කියල කියන, " අම්මා බුදු වේවා" කියල බජාර් එකේ කකුල් පපුවේ පච්ච කොටන සමාජයක, අම්මට ඒ ගෞරවයම තාත්තගෙන ලැබෙන්නෙ නැත්තෙ ඇයි කියන එක කතාකරන්න ඕනෙ දෙයක් නෙමෙයිද? satire, sarcasm කියන්නෙ එකක් නෙමෙයි දෙකක්, ඒ නිසා පොඩ්ඩි ලියන රටාවට මං කැමතියි.
හැබැයි. පොඩ්ඩිලෑ ගෙදර සැකුරිටි ජොබ් එකකට වඩා, හංදියෙ බේකරියෙන් පාන් බාගයක් හොරා කාල, දඩාවතේ යන එක දාහෙන් සම්පතයි :)
@මධූ,
Delete//පොඩ්ඩි දත් ටික හලාගන්නයි හදන්නේ. :) //
මෙහෙම කරන පිරිමි ඉන්නවද මෙයා තාමත්?
//හැමදාම මේ වගේ කාන්තාවාදි බහුබූත ලියන්න එපා. අධික ස්ත්‍රී උන්මාදයෙන් ලිව්වා වගේ.//
කාන්තාවාදී බහුබූත? කොහෙද මෙයා බහුබූත ලියලා තියෙන්නේ? උඩම තියෙන්නේ සම්පූර්ණ ඇත්ත. ඊලඟටත් ඇත්ත.
... පහලටම ගියාම ඒත් ඇත්ත. කිසිම තරහකින් නෙමේ ලියලා තියෙන්නේ...
ඒ ටික මා එක්ක වැඩ කරන යාලුවෙක් 'මොනවද උදේට කෑවේ ' කියලා අහපුවාම මට දුන්නු උත්තරේ. ටිකක් වෙලා ගල් ගිල්ලා වගේ බලාගෙන ඉඳලා අපි ඔක්කොම හිනාවෙන්ට පටන් ගත්තා. ඉතින් මම හිතුවා ඔයාලටත් හිනා යයි කියලාසිකුරාදා දවසක පබ්ලිෂ් කලේ කට්ටියට පොඩි විනෝදයක් ලැබෙයි කියලා හිතාගෙන.
අනෙක මේ හැම එකම අහවලා බලනවත්නේ...:)
//ස්ත්‍රීත්වය උලුප්පලා පෙන්න ගන්න ඕන පෝස්ට් නම් ලියන්ඩ එපා !!!//
ඔයා මේකෙන් අදහස් කරලා තියෙන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඔයා කියන්ට හදන්නේ පුරුෂයින්ට තඩිබාන්ට එපා කියන එකද? දැන් නම් මට එයාලට තඩි බාන්ට හිතෙන්නෙම නෑ. අහවලා හින්දා හී හී...
@හිරණ්‍ය,
Deleteස්තූතියි මේ ගැන අදහස් දැක්වූවාට. :)
//කොහොම වුනත් එකම දේ නැවත නැවත කීම නීරස වීම ගැන නම් ඔබත් සමග එකඟයි.//
හැබැයි කාලෙකින් හිරණ්‍ය එලියට ඇවිත් නේ... :D:D:D
@ටොමි,
Delete//කොච්චර නැට්ට වනා ගෙන ආවත් , හැමදාම මෙහෙම පයින් පාරවල් කන එක බල්ලෙකුටවත් ඉවසන්න පුළුවන් දෙයක්ද? //
අනේ පව් දැන් අර මස් කටු දීලා ඔලුව අතගාන කෙනා නෑනේ නේද? :D:D
//හැබැයි. පොඩ්ඩිලෑ ගෙදර සැකුරිටි ජොබ් එකකට වඩා, හංදියෙ බේකරියෙන් පාන් බාගයක් හොරා කාල, දඩාවතේ යන එක දාහෙන් සම්පතයි :)//
ඔව් ඉතින් පොඩ්ඩක් හරි හොරෙන් නොකෑවොත් ටොමීට ඉතින් කෑවේ නෑ වගේනේ නේද? :)))
මේ වෙනස හොඳයි.. දෙන්නටම තමන්ට අවශ්‍ය දේ ඒ විදියට ලැබෙනවා නේ... හි හි
ReplyDeleteවෙනසක් නැති උනාම තමාලු ඔය හිත් එහේ මෙහේ දුවන්නේ. අපි නම් දන්නේ නෑ ඔය එක, එක්කෙනා කියන කතා තමා ඉතින්...:D
Deleteකට ඇරගෙන පලවෙනි ටික කියවල තිබුනෙ කියල දැනුනෙ අන්තිම ටික කියවද්දි දිව හැපුනම. තවත් එක් (කේ)දජනක අවසානයක් ඇති කතාවක්.
ReplyDeleteහපොයි මට මැවිලා පෙනුනා කම්මලේ දිව හැපෙන හැටි...:)
Deleteපොඩ්ඩිට සුවර්ද ඕක එංගලන්තයේ කාන්තා විදුහලක තිබුන එකක කියලා ? :)
ReplyDeleteමට මේ ඊයෙ පෙරේදා කියවන්න ලැබුනා ඔයිට හාත්පසින්ම වෙනස් කතන්දරයක්..
ඔව් සෙන්නා. වගකිවයුතු කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි පුවත ලැබුනේ. :)
Deleteඔයා දන්න කතන්දරය මොකක්ද?
අද දවසට හමුවුණු මෙවැනි දෙවැනි ලිපිය මේ. අනික දිනේෂ් මලයගේ .
ReplyDeleteමට නං හිතෙන්නේ තම වර්ගයා බෝ කරන්න සොබා දහමෙන් දුන් දේ අද විද්‍යාවක් බවට හරවගෙන.. එයිට අමතරව නීති රිති පද්ධතියකුත් හදාගෙන. ඉතින් මේ තහංචි මැද්දේ සිදුවන හැම දෙයක්ම එකිනෙකාට අනුව සාපේක්ෂ වෙනවා. මට හොදම ගැහැනිය තවකෙකුට හොද මදි වන්න හැකියි.. සියල්ල ඒ මොහොතේ මානවයන් තුළ ක්‍රියාකාරි වන හෝමෝන මත තීන්දු වෙනවා..
මේ දවස්වල දිනේශ් හිතන්නේ මම හිතන විදියටමයි. දෙන්නම ඔන්න මෙන්න බඳින්ට ලංවෙලා ඉන්න හන්දද දන්නේ නෑ.:)
Delete//ඉතින් මේ තහංචි මැද්දේ සිදුවන හැම දෙයක්ම එකිනෙකාට අනුව සාපේක්ෂ වෙනවා. මට හොදම ගැහැනිය තවකෙකුට හොද මදි වන්න හැකියි.. සියල්ල ඒ මොහොතේ මානවයන් තුළ ක්‍රියාකාරි වන හෝමෝන මත තීන්දු වෙනවා..//
මේ කතාව හරියට වටිනවා නලීන්.
මම කියෙව්වෙමි... මේ පොඩි එකාට කිසිත් නොවැටහුනි! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම දන්න රජාලට නම් ඕනි දෙයක් තේරෙනවා.:)
Deleteඔයාටත් සුබ වේවා... රාජ සම්පත් කොහොමත් ලැබෙනවනේ.
සැමියා හා බිරිඳ අතර සිදු වන ලිංගික ගණුදෙනුව, අනෙක් දේවල සමග පටලවා ගැනීම තමයි වරද. එතනදී Dominating partner බිරිඳ වෙන්නත් පුළුවන්, සැමියා වෙන්නත් පුළුවන්. ඒත් ගෙදර දවසේ කටයුතු වලදී සැමියා නිදහස් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ සැමියා පමණක් රැකියාව කරන තැනක. ඒත් අද දෙදෙනාම එක වගේ වැඩ කරනවා. ඒ වගේ වෙලාවකට අනෙක් වැඩ ටිකත් බෙදාගෙන කරානම් බැලන්ස් වෙනවා. ඒක එක් එක් නිවසට වෙනස් වෙනවා. අපිට වට්ටෝරුවක් හරි ගස්සලා මෙන්න මේක හරියි කියන්න බෑ. ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.
ReplyDeleteපොඩ්ඩිත් හිතන දේවල් ;)
+++++++++++
Deleteමගෙනුත් +++++++++++
Delete@සුදීක,
Delete// ඒක එක් එක් නිවසට වෙනස් වෙනවා. අපිට වට්ටෝරුවක් හරි ගස්සලා මෙන්න මේක හරියි කියන්න බෑ. ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.//
සුදීකට හිතෙන ජාති. මට නම් කෙහෙල් ගෙඩිත්, බනිසුත් දෙකම පෙන්නන්ට බෑ හී හී..
@වීයා & සයුරි,
Deleteවැටවල් දෙකම ලස්සනයි.:)))
පොකු විවාහ වී ඇති බව පෙනේ!
ReplyDeleteසුබ පැතුම්!
@ Kathandara Karaya
Deleteකසූත් ඒ පාරත් නිවේදන නිකුත් කරන්න පටන් ගත්තද :P
කකා ගිම්හානිගේ කමෙන්ටුව දැක්කද?
Deleteකකා කෙඳිරිය වැරදියට ගත්තාවත්ද? :-D
Delete@කකා,
Deleteමෙයා නම් නියම මාධ්‍ය වේදියෙක්. ඊලඟට පොකු කන්ඩලමේ නාපු හැටි කියලා වඳුරෙක් බලා හිටපු විදියට පෝස්ට් එකක් දායිද දන්නෙත් නෑ. :D:D:D
ආ... කොයි කාලෙත් ඔහොම ඔහොමලු වැඩ උනේ... මක් වෙනවද ඉතින් පිරිමින්ට අමතරව තව යන්න දෙතුන් පොලක් තිබ්බහම...ඕකට ඇසිඩ් ගහන්නයි , බෙලි කපන්නයි මරා ගෙන කන්නයි ඕනියැ ?
ReplyDeleteමොනවට කලබල වෙනවද? මම මේ දවස්වල ඔයා මූදු පලාතෙන්ම කට්ටිය හොයනවා. පොඩ්ඩක් කතා බහ කරලා හොයාගන්ට හදන්නේ හොඳ කෙනෙක්. දුර එවන එකනේ. පොඩ්ඩක් පරිස්සම් වෙන්ට එපායැ නේද? :D:D
Deleteරක්ෂිතයේ ගාල් වෙමි [ මේ මෑතකදී අහුල ගත්තු වචන කෑල්ලක් :D]
ReplyDeleteඒකේ තේරුම නම් කියලා දෙන්ට වෙයි. ගාල කියන්නේ නවත්තන තැනක් බව නම් දන්නවා... :D
Delete@ Podi Kumarihami
Deleteමගේ බ්ලොග් එකේ කමෙන්ට් කරපු ඇනෝ කෙනෙක් තමා මේක කිව්වේ. මට තේරුණු විදිහට නම් සංවාදය මොකද වෙන්නේ කියලා දැනගන්න කමෙන්ට් එකක් දාලා subscribe කරගන්නවා වගේ තේරුමක් තියෙන්නේ
මට නම් හිතෙන්නේ, රන්ඩුවලට පැටලෙන්නේ නැතුව පැත්තකට වෙලා බලා ඉන්න එක කියන එක වෙන්ට ඇති. ඒකනේ රක්ෂිතව ගාල් කරලා තියනවා කියන්නේ....පාර වදින්නේ නෑ. කොහාට හරි වෙලා පාර්ක් කරගෙන බලා ඉන්නවා...:D
Deleteඔව්වා කියන්ඩ අත්දැකීම් නෑනෙ බොලේ..
ReplyDeleteහැබෑට??? :D
Deleteමට අදත් කියන්න ලොකු දෙයක් නෑ.... හෙහ් හේ....
ReplyDeleteඒ වුනාට මේ දරු දැරියන්ට පොඩි උපදේශයක් දෙන්නම්.
තමන්ගේ ඇඳටත් තමන්ගේ ඇස් දෙක වගේම සැලකීමක් කරන්න. විශේෂයෙන් කිරි කිරි සද්ද නොඑන්න නිතර ඇණ තද කර ලෑලි එකට නොවදින සේ අතුරා මෙට්ටය දමන්න. මෙසේ කිරීමෙන් ඔබට "ඒ වෙලාවට" ලොකු සහනයක් දැනෙනු ඇත.
බුද්ධියාට අල්ලපු ගෙදර එකා දෙසලා වගේ මෙහෙම කියලා " මේ ඔයා එක්කො ඇඳ හදාගන්න , නැත්නම් ඔය වැඩේ තාවකාලිකව නවත්තන්න. මළ කරදරයක් නෙ අපිට රෑ තිස්සෙ නිදා ගන්න නෑනෙ"
Deleteනෑ නෑ යාලුවෙක් කිව්වෙ.... පොර කිලෝ 138 විතර බර පොරක් (අපේ කුරුලු පුල් එකේ හිටියේ) ඌ ඇදේ මැදට බ්ලොග් ගල් පවා තියලා සපෝට් දිලා තිබ්බෙ සද්දෙ නැති කරන්න! කොහෙද පොර ඇද දිහා බලද්දිත් ඔලුව ඇතුලේ සද්දෙ ඇහෙනවලු... ඒකයි මම කලින් ම කට්ටියට උපදෙස් දුන්නෙ.... නැත්තං කට්ටියට ම ඔක්කොටම කලින් හරිස්චන්ද්‍ර මහත්තයා හම්බුවෙන්න වෙයි! :D
Deleteඒ වෙලාවට බිමට බැස්සනම් ඉවරනෙ :)
Deleteපිස්සු පීකුදු, මම කොර වුනානෙ සයුරිගෙ රිප්ලයි එක දැකලා.
Deleteහරිනෙ මෙට්ටෙ බිම දාගනින්. :-D
@බුද්ධි,
Deleteඅවවාදයට ස්තූතියි. සයුරි දීලා තියන අවවාදය බලන්ටකෝ...:)
සයුරිගේ යෝජනාව මම යාලුවට කියලා බලන්නම්!
Deleteසෑහෙන්න හොඳ උපදේශ ටිකක් තැන්කු ඈ
Delete@සයුරී,
Deleteඅපරාදේ කියන්ට බෑ ... අත්දැකීම් බෙදා හදා ගන්නා කෙනෙක්.:D
@ගැමියා,
Deleteතැන්කූ කියලා බෑලු. අය කරනවා කියන්නේ :D
පොඩ්ඩි අද දෙබර කූඩුවට ගලක් ගහලා පැත්තකට වෙලා බලා ඉන්නවා. දෙබර කූඩුව ඇවිස්සෙන්නේ කොහොමද කියලා. අපිට වෙලා තියෙන්නේ ඒ ගල් පහර කාගෙන නොවැදුනා වගේ බලා ඉන්න. මොකද මේවා දැක්කාම කියන්න තියෙන දේවල් කියලත් බෑ නොකියත් බෑ.
ReplyDeleteකොහොම වුණත් අදත් ආන්දෝලනාත්මක මාතෘකාවක්. මොනව වුණත් අද වෙනකොට ලංකාවෙ දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉතාමත් සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙන්නේ 70% වැඩියෙන් මතුවන පොඩ්ඩිගේ සංවාදාත්මක අදහස නිසා. ඒක අද පොඩි ෆැන්ටසියක්.
ඔය කොලෝනියල් කාලෙ ලංකාවෙ තිබුණ සම්ප්‍රදායන් අදටත් තිබුනනම් හොදයි. ඒත් ඒකෙ කෙළවර මොකක්ද කියල මම කියන්න යන්නෙ නෑ. ඒත් පවුල් අවුල් නැතිවෙන්න හොඳ ක්‍රමයක්.
ලංකාවෙ සහ ආසියානු සංස්කෘතිය ඇතුළත පවුල් ජිවිතයේ ඕනෙම ගැටලුවක් සාකච්චඡා කරන්න පුළුවන් විවෘතව ඒ සැමියගේ බිරිඳගේත් නිදියහන් ගැබේ දොර ළඟට එනතෙක්. ඉන් එහා වෙන දේවල් මේ සංස්කෘතිය තුල සාකච්ඡා කළොත් ඒක අසභ්‍ය වෙනවා. ඒත් මේ සිදුවන දේවල් එක්ක මේවා ගැන සමාජය මීට වඩා දැනුවත්ව සිටිය යුතුයි. විශේෂයෙන්ම ස්වාමිපුරුෂයා සහ භාර්යාව.නැත්නම් ඉතින් ඒදේවල් වල ගැටලු නිරාකරනය කරගන්නත් පවුල් උපදේශන සේවා වලට යන්න වෙනවා.
ළග ළඟ එන ජාත්‍යන්තර කාන්තා දිනයේදි වයස 18 වැඩි සමස්ත කාන්තා ප්‍රජාව වෙත පොඩ්ඩිගේ පෝස්ට් එක අත්පත්‍රිකාවක් විදියට බෙදා දි ඔවුන් දැනුවත්කර මේ සඳහා සහාය පළකරන ලෙසත් ඒඒ සම්ප්‍රදායන් තවදුරටත් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.
//ළග ළඟ එන ජාත්‍යන්තර කාන්තා දිනයේදි වයස 18 වැඩි සමස්ත කාන්තා ප්‍රජාව වෙත පොඩ්ඩිගේ පෝස්ට් එක අත්පත්‍රිකාවක් විදියට බෙදා දි ඔවුන් දැනුවත්කර මේ සඳහා සහාය පළකරන ලෙසත් ඒඒ සම්ප්‍රදායන් තවදුරටත් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.//
Deleteහරියට හරි මේක නම් හොඳ අදහසක්.
සෙක්ස් ගැන හොයල ලෝකෙන් පලවෙනි තැනට ආවෙත් අපේ ලංකාවෙ අයගෙ නොදැනුවත්කම නිසානෙ.ඒ නිසා කොහොම හරිදැනුවත් වෙනවා නම් හොඳයි දෙපාර්ශවයම. එතකොට කාම අපරාධත් අඩුවෙන්න පුලුවන්. ඒ වගේම අර සුද්දන්ගෙ පොත්වල තිබුණවගේ ගෑනුන්ට අසාධාරනයක් වෙන එක නම් හොඳ නැහැ. බලාගෙන යනකොට ලංකාවෙ තත්වෙ මීට වඩා හොඳ ඇති කියල හිතෙනවා.
@දයා,
Delete// මොකද මේවා දැක්කාම කියන්න තියෙන දේවල් කියලත් බෑ නොකියත් බෑ.//
දයා මෙහෙම කියනවා. මේවා ලියන්ටද නැද්ද කියලා හිතාගන්ටත් බෑනේ. ගෑනු ලමයෙක් මේ වගේ මාතෘකාවක් ගැන කතා කල හැටියේ එයා ගැන එන්නේ වැරදි හැඟීමක්. ඒ ඉතින් අපේ සංස්කෘතියේ හැටි වෙන්ට ඇති. ඒත් පිරිමි පක්ෂය කාන්ටාවන්ගේ කමෙන්ට්ස් වලට පවා (සමහර අය විතරය හොඳේ ) ස්ත්‍රීත්වය පහල දාලා කතා කරන හැටි දැක්කාම ඉතින් මොනා හිතුවත් කමක් නෑ ලියන්ටම හිතෙනවා. ඇයි දන්නේ නෑ සමහරු කාන්තාවන් ඒ විදියට පහත් කරන්නේ?
//ඔය කොලෝනියල් කාලෙ ලංකාවෙ තිබුණ සම්ප්‍රදායන් අදටත් තිබුනනම් හොදයි. ඒත් ඒකෙ කෙළවර මොකක්ද කියල මම කියන්න යන්නෙ නෑ. ඒත් පවුල් අවුල් නැතිවෙන්න හොඳ ක්‍රමයක්.//
මෙන්න මෙන්න දයාටත් හිතෙන ඒවා...හී හී...
//ලංකාවෙ සහ ආසියානු සංස්කෘතිය ඇතුළත පවුල් ජිවිතයේ ඕනෙම ගැටලුවක් සාකච්චඡා කරන්න පුළුවන් විවෘතව ඒ සැමියගේ බිරිඳගේත් නිදියහන් ගැබේ දොර ළඟට එනතෙක්. ඉන් එහා වෙන දේවල් මේ සංස්කෘතිය තුල සාකච්ඡා කළොත් ඒක අසභ්‍ය වෙනවා.//
ලංකාවේ සමහර විවාහක පිරිමි තමාගේ භාර්යාවගේ අතින් අල්ලගෙන පාර පැනීමටවත් මැලි බවක් මම අහලා තියනවා. ඇත්තද දන්නේ නෑ ඉතින්. ඒ කියන්නේ ගොඩක් දේවල් නිදන කාමරේ බිත්ති හතරට හිර කරගෙන තාමත් සමහරු ඉන්නවා නේද?
//ළග ළඟ එන ජාත්‍යන්තර කාන්තා දිනයේදි වයස 18 වැඩි සමස්ත කාන්තා ප්‍රජාව වෙත පොඩ්ඩිගේ පෝස්ට් එක අත්පත්‍රිකාවක් විදියට බෙදා දි ඔවුන් දැනුවත්කර මේ සඳහා සහාය පළකරන ලෙසත් ඒඒ සම්ප්‍රදායන් තවදුරටත් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.//
කට්ටිය පොඩ්ඩි ගහන්ට මේ පැත්තට එයිද දන්නේ නෑ. :D:D:D
@සෝන්යා,
Deleteහපොයි සෝන්යා මේක හොඳ වෙන්නේ කොහොමද? හී හී....මට මැවිලා පේනවා අම්මලාගේ මූනුවල් ටික.
ලමයි දැනුවත් කිරීම අනිවාර්යයෙන් කල යුතුයි. හැබෑ තත්වය දැනගත්තාම ඔය වැලන්ටයින් දවස්වලට ගන්න කාමර ප්‍රමානය එහෙම අඩුවෙන්ටත් බැරි නෑ.:)
//ඔය කොලෝනියල් කාලෙ ලංකාවෙ තිබුණ සම්ප්‍රදායන් අදටත් තිබුනනම් හොදයි. ඒත් ඒකෙ කෙළවර මොකක්ද කියල මම කියන්න යන්නෙ නෑ. ඒත් පවුල් අවුල් නැතිවෙන්න හොඳ ක්‍රමයක්.//
Deleteපවුල් අවුල් නැතුව හිටියොත් ඇත්ද දයා..දික්කසාද වෙලා හරි සතුටින් ඉන්න පුළුවන් එකයි වැදගත්..
අපිත් රජකාලේ උපන්නනම්... :D
ReplyDeleteඒ කාලෙත් ඉන්ට ඇති. ඒ හන්දා තමා මේ ආත්මේ ඔය මාලුවෙක් වෙලා ඉපදිලා ඉන්නේ හී හී...
Deleteඅපි කොහොම කිව්වත් කලත් ලෝකය පුරාම බහුලව සිදුවන්නේ කාන්තාව සූරා කෑම තමයි.හැබැයි බටහිරයෝම තමයි ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පලා වැඩේ කුරුවල් කරලා තියෙන්නෙත්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
//ලෝකය පුරාම බහුලව සිදුවන්නේ කාන්තාව සූරා කෑම තමයි.//
Deleteඒ ඇයි කියලා කියල දෙන්ට පුලුවන්ද? :(
අපි කාන්තාවගේ සම තැන අර තැන මේ තැන කිය කිය කෑ ගැහුවට නොදෙන්නේ නිසි තැන. අම්මටවත් නිසි තැන නොදෙන එවුන් කොච්චර ඉන්නවද. බටහිරයෝ නම් කර දඬු උස් වෙනකොටම දෙමව්පියන්ව අත්හරිනවනේ. ඔය කොහොම කිව්වත් කුස්සියට ගිහින් ළූණු ගෙඩියක් සුද්ද කරලා තම බිරිඳට උදවු කරන සැමියෝ කීයෙන් කී දෙනාද ඉන්නේ. තම බිරිඳ රැකියාවේ කටයුතු නිමවී රෑ බෝවී නිවසට එනවිට තේ එකක් බොන්ඩ වතුර ටිකක් රත් කරලා තියන සැමියන් ඉන්නේ කීයෙන් කීදෙනාද. එතැනදී බටහිරයෝ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි එහෙම කරන්නේ එහෙම නොකලොත් ඒ බටහිර බිරිඳත් ඊට පස්සේ සැමියාට වතුර එකක්වත් නොදෙන නිසයි. කාන්තාවකගේ වටිනාකම මනසින් තේරුම් නොගෙන පාරේ යන හැම ගෑනීම 'බඩුවක්' ලෙස දකින අධම, ජඩ, වනචර, තුප්පහි, අසමජ්ජාති,හැසිරීම නීතියෙන් නොව හදියාවෙන්ම වෙනස් කරගත යුතුයි. රෑ වෙලා තනියම ගෙදර එන බිරිඳක් කවුරුහරි වල් බල්ලෙක් විසින් දූෂණය කලොත් අහන්නේ මොකටද රෑ වෙලා තනියම ගියේ. තමුසේ ඔනෙකමින්ම මෙහෙම එකක් කරවගන්නනේ ගිහිල්ල තියෙන්නේ කියලා.ආකල්ප වෙනකලයුත්තේ නීතියෙන් නොවෙයි. ආරම්භය ඇතිකලයුත්තේ නිවසින්. මගේ අම්මා සහ තාත්තා අතර තිබුන ආදරය මමත් මගේ බිරිඳත් අතර නැද්ද කියා මට සමහරවිට හිතෙන්නේ සමහර කරුණු වලදී අපි දෙන්නා අතර විවාද ඇතිවන විටයි. අපේ අම්මයි තාත්තයි කවදාවත් තනියම ගමන් ගියේ නැහැ. දෙන්නට දෙන්නා නැතුව බැහැ කොහේ ගියත්. අවුරුදු 70 පැනලත් දෙන්නා පාරේ ගියේ අද බැඳපු ජෝඩුවක් වගේ කතාකරකර. ගැහැණිය දකියයුට්ඨේ අම්මාගෙන්.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ගොඩක් ස්තූතියි විචාරක මේ කමෙන්ට් එකට. ඇහැට කඳුලකුත් එක් කලා...
Delete// යටත් විජිත සමයේ ලංකාවේ සමහර පැතිවලින්, විශේෂයෙන් මූදු කරෙන් ආරංචි වෙන්නේ භාර්යාවන්, තම සැමියන්ව අනියම් භාර්යාවන් වෙත කැමැත්තෙන් යැවු බවක්ලු. //
ReplyDeleteඅන්න ගෑනු.:-D
//ඔහුව අනවශ්‍ය විදියට කුලප්පු කල යුතු නැත. හේතුව ඔහු තෘප්තියට පැමිනීම, ඔබේ තෘප්තියට වඩා වැදගත් වෙන බැවිනි. ඔහු තෘප්තිය කරා ලඟාවෙනවිට, ඔහුව උද්යෝගී කිරීම සඳහා සිහින් කෙඳිරියක් නැගුවාම ඇති.//
මේක නම් පට්ට අසාධාරනයි අප්පා , පවු ඒ කාලෙ සුද්දියො, ඇහැට කඳුලකුත් ආවා. :p
හපොයි 'අන්න ගෑනු' නේ. හිතේ ඇති මේ කාලෙත් ඒ වගේ මෝඩ උදවිය හිටියා නම් කියලා.:)
Deleteසුද්දියෝ ගැන නම් මටත් දුක හිතුනා. ඒත් පොතේ එහෙම උනාට, ඕවා ඇත්ත ජීවිතේ පිලිපැද්දද කියන එක ගැන කවුරුත් හොයලා බලලා නෑනේ.:D
කෝ මේ සුචරිත වාදී සෙට් එක නැතෙයි................ හිටියනං බලා ගන්ඩ තිබ්බා සෙල්ලම....
ReplyDeleteහී හී...ඇනෝ කමෙන්ට්ස් බ්ලොක් කලා කට්ටිය එයි කියලා බයේ.
Deleteඅර පොතේ තියන හැටියටම සුද්දියෝ කරාද දන්නේ නෑ නේද? මම කියවලා තියනවා "කාම සූත්‍ර" කියලා පොතක් (ඒ වගේ තමා මතක). ඒක මීටත් ගොඩක් පරණ ඉන්දියානු පොතක්. ඒ පොතේ පවා තිබුනේ දෙන්නම තෘප්තිමත් වෙන විදියට කොහොමද ඕක කරන්නේ කියලා :) දැන් බලාගෙන යනකොට එංගලන්තේ එවුන් අන්තිම චාටර් නේ.
ReplyDeleteඅර සැමියාව කැමැත්තෙන්ම වෙන ගෙදරකට යවන එක ගැන මට පොඩි සැකයක් ආවා පොඩ්ඩි. ඒ මනුස්සයා ගියාම වෙන කෙනෙක් ගෙදරට ගෙන්නගන්නවද දන්නෙත් නෑ. හිහ්
පොත්වල ඔහොම තිබුනට මාත් හිතන්නේ නෑ ඇත්තටම ඔහොම උනා කියලා.
Deleteසයුරි හිතපු එක හරි. මටත් ඒ ගැන ඔය වගේම සැකයක් ආවා. එයාට හොඳ නම්, මටත් මොකද කියලා හිතුවද දන්නේ නෑ නේද? :D
පුරාතන යුගය ස්වාමි පුරුෂයින් තමන්ගෙ බිරිඳගෙන් රජ සැප විඳිලා තියනවා.:P මං හිතන්නෙ ඉඳියාවෙ සමහර පළාත්වල තාම තියනවා ඒ තත්වය. හැබැයි නූතන පරපුරය ඒ හැම දෙයක්ම වෙනස් කරලා. මේ වෙනස හොඳයි කියලා හිතෙනවා පොඩ්ඩි! මොකද එතැන දෙපාර්ශවම සමබරයි!:)
ReplyDeleteඒ උනාට ඒ වෙනසට සමහරු කැමති නෑලුනේ.:)
Deleteපොඩ්ඩි අක්කේ මම මේ පෝස්ට් එක දැක්කෙත් නැහැ , කියෙව්වෙත් නැහැ ඔන්න හොඳේ . ඒ නිසා කමෙන්ට්සුත් නැහැ :)
ReplyDeleteමාත් කමෙන්ට් එකක් දැක්කේ නම් නෑ නේන්නම්...:D
Deleteසුමානයක්ම බ්ලොග් කියවන්නේ නැතුව ඉඳල මන් නම් හොඳටෝම කම්මැලි වෙලා . මට මේකට මුකුත් කියන්න කම්මැලියි පොඩ්ඩි ...
ReplyDeleteසැමියා කැවිලි පෙවිලි එක්ක හොර අඹුවගේ ගෙදර පිටත් කරන්න ,....ඒ මිනිහගෙන් මොන කරදරයක් ඇත්ද මන් අහන්නේ .
තව ටිකක් කල්පනා කරලා ආයේ කමෙන්ට් එකක් දාන්නම්කො . ඔලුව නිකන් කරකවල අත අරින ලිපියක් නේ අද ..ඒ කියන්නේ නරක නෙමේ ...හිතන්න ගොඩක් දේ තියෙනව
මටත් කමෙන්ට්ස්වලට උත්තර බඳින්ට වැඩ හන්දා වෙලාවක් තිබුනේ නෑ. ඒක මග ඇරුනම ආයේ පැත්තට එන්ටත් බෑ හිතෙනවා තමා. මමත් කම්මැලියෙක්.
Delete//ඔලුව නිකන් කරකවල අත අරින ලිපියක් නේ අද //
ඒ හන්දා වෙන්ට ඇති සමහරුන්ට ලියන්ට දේවලුත් නෑලු.:)))
මම කීවේ ඩූඩ්, සරත් වගේ අය ගැන හොඳේ. උඩට ගිහින් බලන්ටකෝ. සමහරු කටවල් ඇරගෙනලු. සමහරුන්ගේ දිව හැපුනලු...හී හී...
Deleteපවතින යථාර්තය විවිරව කරලද මන්දා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එහෙම දෙයක් තමා වෙලා තියෙන්නේ :)
Deleteඒ කාර්යය අවසානයේ ඔහුට නිදා ගැනීමට අවශ්‍ය නම්, ඊට ඉඩ දිය යුතුයි. ඔහුව අනවශ්‍ය විදියට කුලප්පු කල යුතු නැත. හේතුව ඔහු තෘප්තියට පැමිනීම, ඔබේ තෘප්තියට වඩා වැදගත් වෙන බැවිනි. ඔහු තෘප්තිය කරා ලඟාවෙනවිට, ඔහුව උද්යෝගී කිරීම සඳහා සිහින් කෙඳිරියක් නැගුවාම ඇති.
ReplyDeleteහිනාත් යනවා.... :D
දැන්නම් මේ පාඩම හතරට කඩලා ඇති... ස්ට්‍රේට්, ලෙස්බියන්, ට්‍රාන්ස් ජෙන්ඩර්, බයි ..අරවා මේවා... :D
බීටල් මල්ලී, මොකද එදයින් පස්සෙ නොට්රිස්පොන්ඩින්......!
Deleteමට නම් හරි දුක හිතුනා බීටල්.
Deleteදැන් නම් ඔය පොත හතරට කැඩිල්ල කෙසේ වෙතත්, කුණු බක්කියට නම් ගිහින් ඇති.:D
@බුද්ධි,
Deleteමේ කතා කරන්නේ කවුරුන්, කාහට, කොතැනකදී හෝ කී දෙයක් ගැනද? :D
මේ දේ අද සමාජෙත් එදා සමජෙත් ඒ ඒ සමාජ පන්තියෙන් පන්තියට සාපේක්ෂයි කියලා මට හිතෙන්නේ.
ReplyDeleteඔය පොත ලියලා තියෙන්නේ පිරිමියෙක් කියලා තමා මට නම් හිතෙන්නේ :D:D
Deleteමං මේ මේකට මොකද කියන්නේ කියලා කල්පනා කලේ.. එක පාරක් රැඩියගේ මෙහෙම එකකට කෙමෙන්ට් කරලා අපි දෙන්නව කන්න හැදුවා ඒ පැත්තේ ආව කස්ටිය.. එදා සහ මෙදා දෙක එකට එකතු කරලා මෙවුවා කරලා ගත්තනම් මොනා වෙයිද දන්නේ නෑනේ??
ReplyDelete//එදා සහ මෙදා දෙක එකට එකතු කරලා මෙවුවා කරලා ගත්තනම්//
Deleteමොනවා වෙයිද නේද දිනේශ්? :D:D:D
ඒ කාලෙනේ ඉන්න තිබුනේ I don't know why :P
ReplyDeleteඇයි මේ කාලේ කියලා නරකද? :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමොනව කියන්නද මංදා පොඩ්ඩියේ..
ReplyDeleteඔය ටිකම ඇති නදිනි...:)
Deleteඅන්තිම එක කියෙව්‍වට පස්සේ කසාද බඳින අදහස අතඇරිය. කැම බීම හදාගෙන යනවට වඩා ලේසියි කියක් හරි දීල ඔය වැඩේ කරගන්න එක. කන්දොස් කිරියාවකුත් නැනේ.
ReplyDeleteකුස්සියට කෙනෙක් ගත්තා නම් ඒත් හරි නේද? :D
Delete//අන්තිම එක කියෙව්‍වට පස්සේ කසාද බඳින අදහස අතඇරිය//
මෙහෙම අධෛර්යවෙන්ට එපා අනේ...:)))
පොඩ්ඩිටත් අහවලාටත් ටෝස්ට් හා කෝපි පිරි සුභ වැලන්ටයින් දිනයක් වේවා..
ReplyDelete// ටෝස්ට් හා කෝපි පිරි // :D:D:D
Deleteලිංගික ටෝක්ස් දෙන්න ගිහින් එක්කෙන්නෙකුට රෙදිත් නැතුව යන්න වුනා මතකනේ ඉස්සර.කොහොම උනත් මේවගේ ටොපික් වලට බොහොම පරිස්සමින් තමයි උත්තර දෙන්න ඕනෙ.කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනව.ඉතින් මේක වෙනස් නොවී තියෙන්න විදියක් නෑ.හැබැයි ඔය කොයි කාලෙ උනත් කරන්නෙ එකම දේ නෙ.
ReplyDeleteඑහෙම වෙලා තියෙන්නෙ ලිංගිකත්වය ටැබූ සබ්ජෙක්ට් එකක් වෙලා තියන හන්දා. අන්තවාදී ආගමික ග්‍රගණයක් ඇති රටවල කෙසේ වෙතත්, එසේ නැති අපේ රටෙත්, බොහෝ ආසියාතික රටරවලත් තත්ත්වය ඕකම තමයි.
Deleteප්‍රශ්ණෙ වෙන්නෙ මෙහෙම කොලේ වහල වැඩේ ගෙනියන කොට වෙන අවැඩ , හොඳට වඩා වැඩි නිසයි. පාසැල් විශයක් වශයෙන් ලිංගික අධ්‍යාපනය සාර්ථක වුනේ නෑ, ගුරුවරු එය මඟ අරිනව.වැඩිහිටියන් වන අපටත් තාමත් මෙය, මෙහෙම අනාමිකවත් කතා කිරීමට බැරි ටැබූ සබ්ජෙක්ට් එකක් කොට, පාසැල් ගැන කුමන කතාද?
ඔබ කීදේ හරි, මේකට බොහොම පරිස්සමින් තමයි උත්තර දෙන්න ඕනෙ. ලමා අපචාර, දූෂණ සීඝ්‍රයෙන් ඉහල යන රටක, එව්වා ජාත්‍යාලයේ කඩතුරාවෙන් වසා තබන තාක් කල්, මේ ගැන කතාකරන්නන් දෙස පහත් මානසිකත්වයක් ඇති අපරාධකාරයන් ලෙස බලන තාක් කල් මේ තත්ත්වය වෙනස් වෙන එකක් නෑ.
ප්‍රතිඵලය " wham bam thank you ma'am " හැකියාවෙන් අගතැන්පත් සමාජයක්
@කස්ස,
Delete//ලිංගික ටෝක්ස් දෙන්න ගිහින් එක්කෙන්නෙකුට රෙදිත් නැතුව යන්න වුනා මතකනේ ඉස්සර//
මේ ටික නම් තේරුනේ නෑ. ඒ කියන්නේ මේ මාතෘකාව ගැන කතා කිරීම තහනම්ද?
@ටොමී,
Delete//ප්‍රතිඵලය " wham bam thank you ma'am " හැකියාවෙන් අගතැන්පත් සමාජයක්//
ඒ කීවේ පිරිමි ඔය වගේ හැසිරෙන සමාජයක් කියලද? :D
//ඔබ කීදේ හරි, මේකට බොහොම පරිස්සමින් තමයි උත්තර දෙන්න ඕනෙ. ලමා අපචාර, දූෂණ සීඝ්‍රයෙන් ඉහල යන රටක, එව්වා ජාත්‍යාලයේ කඩතුරාවෙන් වසා තබන තාක් කල්, මේ ගැන කතාකරන්නන් දෙස පහත් මානසිකත්වයක් ඇති අපරාධකාරයන් ලෙස බලන තාක් කල් මේ තත්ත්වය වෙනස් වෙන එකක් නෑ.//
සම්පූර්ණයෙන් එකඟයි ටොමියෝ...:)
කියන්නේ මොකක්ද කියා තාමත් හිතාගන්න බැරිව ඉන්නේ.......:DDD
ReplyDeleteඅර උඩ අයට තියෙන ලෙඩේ මෙයාටත් හැදිලා...:D:D:D
Delete60 දශකයෙ තොරතුරු හරිම අසාධාරණ පාටයි...කාන්තාවගේ පාර්ශවයෙන් එහි කිසිම තැකීමක් කර නැහැ.
ReplyDeleteනෑ නේන්නම්...සමහර පිරිමින්ට හරි ඒ අසාධාරණය පේනවනම් ඒ ඇති. :)
Deleteමේක කියවපු 60 දශකේ කාන්තාවෝ මේ කාලෙට එන්න හදනවා ඇති..මේ කාලේ පිරිමි 60 දශකෙට යන්න හදනවා ඇති. අයියෝ සල්ලි නේද පොඩ්ඩි අක්කි...
ReplyDeleteහී හී නරක නෑ බට්ටිටත් හිතෙන දේවල්...
Deleteහික්ස් පොඩ්ඩි... මටත් කට උත්තර නැති උනා.... :D :D :D
ReplyDeleteඅච්චර අර පන්තිවල දඟලපු මියුරුට කට උත්තර නැති උනා කීවම පුදුමයි. පිරිමින් නම් තව හිතා ගත්තෑකි. :D:D:D
Deleteහෆොයි.. අපි වගේ පොඩි වුනුත් නරක් කරන්න තමා පොඩ්ඩි හදන්නේ :P
ReplyDeleteඒක පාරමට වැලාස් ඩේ එක නිසා තැටිය මාරු වෙලා වගේ
හපොයි මේ පොඩි අය...පව්...:D
Deleteමටත් හිතෙන්නේ හේතුව ඒක තමයි.
අතීතයෙ දි බහුභාර්යා සේවනයටත්, බහුපුරුෂ සේවනයටත් (එකගෙයි කෑම) අපේ සංස්කෘතියේ සාධාරණ හේතු තිබුනා. (බිරිඳට දරුවන් නොලැබීම, සීමිත දේපල ප්‍රමාණය උරුම කරුවන් ලොකු පිරිසක් අතර බෙදීයාම වගෙ හේතු) වර්තමානයෙදි සිද්ද වෙන වල්කම්, කුපාඩිකම්, ඒවා එක්ක සංසන්දනය කරන්න බෑ.
ReplyDeleteකොහොම උනත් අපේ ගෙදර උන්දැලාට නම් මේවා තේරුම් බේරුම් කරලා දෙන්න බොහොම අමාරුයි.
අර 'මොනරවිල' පාලුවට ඇරලා මොකෝ පොඩි කුමාරිහාමියේ ...!
Deleteඒකේ ඉතින් මුකුත් දාන්ට වෙලා නෑ . මේ තියන එකත් ලියාගන්ට බැරුව ඉන්නේ. අනෙක ඕක තියෙන්නේ testing වලටලු. :)
Deleteඋඩින් කියලා තියෙන කතාව ඇත්ත තමයි.
ඕවා ගෙදර අයට නෙමේ අපිට කීවත් තේරුම් ගන්ට පුලුවන් දේවල් නම් නෙමේ. මම මේ කල්පනා කරන්නේ ඔයා මේ ඇවිත් තියෙන්නේ කොහාටද කියලා. පරණ පෝස්ට් එකකට ඇවිත් කියලා හදිසියෙන් දැක්කේ. අරහේ හැම තැනම ඔයාගේ කමෙන්ට් කෝ කියලා හෙව්වා. :D
ගාමිණි අයියා, පොඩි නෝනගේ මොනරවිල බ්ලොග් එක වගේ තවත් සාරගර්භ බ්ලොග් ගණනාවකින් අපේ සිංහල බ්ලොග් ලෝකය පෝෂණය වෙලා තියෙනවා. ඒ ගැන හරවත් ලිපියක් මෙතන ඇති
Deletehttp://www.cyberyaya.blogspot.com/2012/05/16.html
This is a sms I got recently.
ReplyDeleteA married couple agreed that whenever they wanted to have sex, they'll call it a "phone call" so that the kids won't decode.
One day, father sent his younger son to his mother telling that he wants to make a phone call. Mother sent back- tell him that the network is bad today.
Father sent back- If the network is bad, he'll go to the Public phone.
Mother sent back- If he dares going to the public phone, she'll open a Call center at home..
:-)